නීතිඥ සුනිල් වටගල වර්තමාන ලංකාවේ අරාජික තත්වයක් උදාවෙලා තිබෙනවා. මේ අරාජිකත්වය නිර්මාණය කර තිබෙන්නේ රටේ ජනතාව නොවෙයි. මේ තත්වය ඇති කර තිබෙන්නේ මූලිකවම ජනාධිපතිවරයාත් ඊට පසුව අගමැති ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහත්. මේ දෙපාර්ශ්වයේ ක්‍රියාකලාපය විසින් අද මේ රට අරාජික තත්වයක් බවට පත්කර තිබෙනවා. ගැස් පෝලිම්වල, තෙල් පෝලිම්වල මිනිස්සු දුක්විඳිමින් සිටියදී තමන්ගේ පෞද්ගලික දේශපාලනික වුවමනාවන් […]
වර්තමාන ලංකාවේ අරාජික තත්වයක් උදාවෙලා තිබෙනවා. මේ අරාජිකත්වය නිර්මාණය කර තිබෙන්නේ රටේ ජනතාව නොවෙයි. මේ තත්වය ඇති කර තිබෙන්නේ මූලිකවම ජනාධිපතිවරයාත් ඊට පසුව අගමැති ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහත්. මේ දෙපාර්ශ්වයේ ක්‍රියාකලාපය විසින් අද මේ රට අරාජික තත්වයක් බවට පත්කර තිබෙනවා. ගැස් පෝලිම්වල, තෙල් පෝලිම්වල මිනිස්සු දුක්විඳිමින් සිටියදී තමන්ගේ පෞද්ගලික දේශපාලනික වුවමනාවන් වෙනුවෙන් මුළු රටක් බංකොලොත් කර තිබෙනවා. විශේෂයෙන්ම මේ ගැටලුව උද්ගත වෙන්නේ අද දවසට විශේෂ වන කරුණක් තිබෙනවා. ඒ කථානායකවරයා නිවේදනයක් නිකුත් කළා ඊයේ (13 දා) මධ්‍යම රාත්‍රියේ 12.00ට පෙර ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදෙන බව. නමුත් ප්‍රවෘත්ති විකාශනයන්ගෙන් අහන්න ලැබුණේ මේ දක්වා ඔහුට ඉල්ලා අස්වීමේ ලිපියක් ලැබී නොමැති බව. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහගේ පැත්තෙන් කියනවා ඔහු ඉල්ලා අස්වුණොත් මේ රට අරාජික වෙන බව. අපි ප්‍රකාශ කරනවා මේ දෙපාර්ශ්වයම නැති වීමෙන් මේ රට අරාජික වෙන්නේ නැහැ. මේ රට අරාජික වෙන්නේ දෙපාර්ශ්වයම හිටියොත්. ජනාධිපතිවරයා මේ රටේ ජනතාව විසින් පලවා හැර තිබෙනවා. රනිල් වික්‍රමසිංහව මේ රටේ ජනතාව පිළිගන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහගේ පැත්තෙන් කියනවා නම්, ඔහු ධුරයේ නොසිටීමෙන් මේ රට අරාජික වෙනවා නම්, ඔහුට ගත හැකි පියවරයන් දෙකක් තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති පරිදි, ජනාධිපති ධුරයේ සිටීමට කථානායකවරයාට ඉඩ සලස්වමින් ඔහුට එම ධුරයෙන් ඉල්ලා අස්වෙන්න. එහෙම නැතිනම් ඔහුට පුළුවන් කථානායකවරයා අග්‍රාමාත්‍යවරයා බවට පත්කරමින් යන ක්‍රියාවලියකට එළඹෙන්න.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අංක: 42 වගන්තිය ප්‍රකාරව අපට පිළිගන්න සිද්ධ වෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන්න ජනාධිපතිවරයා බැඳිලා ඉන්නවා, මේ රටට වගකියන්න. ව්‍යවස්ථාවේ 42 යටතේ “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේද මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් තත් කාලයේ බලපාන නීතිය ඇතුළු වෙනත් යම් ලිඛිත නීතියක් යටතේද ස්වකීය බලතල කාර්ය සහ කර්තව්‍ය යථාපරිදි ක්‍රියාත්මක කිරීම සහ යථාපරිදි ඉටුකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තවට වගකිව යුත්තේය.” ජනාධිපතිවරයා ස්වකීය කර්තව්‍යය එනම් පාර්ලිමේන්තුවට වගකියල නැහැ. පාර්ලිමේන්තුවට වගකියා නැත්නම් කළ යුත්තේ, එළඹෙන 15දාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැස්වී අලුත් ජනාධිපතිවරයෙක් පත්කර ගැනීමට කටයුතු කරන එක.
ඒ වගේම ඔහු විසින් රනිල් වික්‍රමසිංහ පත්කිරීම කිසිසේත් පිළිගැනීමට නොහැකියි. මීට පෙර ජනාධිපතිවරු කළ පත්කිරීම් විධිමත්භාවයක් තිබුණා. ඒ වගේම ජනාධිපතිවරයා සිටින තැනක් දැනගැනීමට නොහැකිව තිබෙනවා. මේ නිසා අපට සැලකිල්ලට ගන්න සිදුවන්නේ ඔහු පලවා හරින ලද ජනාධිපතිවරයෙක් ලෙසයි. ඔහු තමාගේ කර්තව්‍යයන් ඉටුකර නැහැ. රාජ්‍ය සේවකයෙක් නම්, ආයතන ප්‍රධානියෙකුට නොදන්නවා පැය 24කට වඩා රාජකාරියට වාර්තා නොකළ හොත් රාජ්‍ය සේවයෙන් ඉවත් කරනවා. ඒ වගේම දින තුනක් යන තුරු ඉවත් නොකළ හොත් ආයතන ප්‍රධානියාට දඬුවම හිමිවෙනවා. ඒ නිසා සේවය අතහැර ගිය ජනාධිපතිවරයාගේ කටයුතු අත්හිටුවා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්ව අලුත් ජනාධිපතිවරයෙක් පත්කර ගන්න කියා ජාතික ජන බලවේගය විදිහට අපි ඉල්ලා සිටිනවා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශයේ පූර්විකාවේ සඳහන් කර තිබෙනවා, ජනතාවගේ මූලික අවශ්‍යතා (ජලය, විදුලිය, ගෑස්, තෙල්) ජනතාවට දෙන්න පවත්නා ආණ්ඩුව අසමත් නම්, ඒ පිළිබඳ අවසාන විකල්පයක් ලෙස රජයට එරෙහිව විප්ලවීය ලෙස නැගී සිටීමට ජනතාවට පුළුවන් බව. එසේ නම් මේ අරගලය නීති විරෝධී වැඩක් නොවෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මූලධර්මවලට පටහැණි වැඩක් නොවෙයි. මේ විප්ලව සාමකාමී හෝ සන්නද්ධ විය හැකියි. ලංකාවේ පවතින්නේ සාමකාමී විප්ලවීය අරගලයක්. එවැනි අවස්ථාවක එම අරගලය සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේලා, නීතිඥ සංගම්, වෙනත් ක්‍රියාකාරී සිවිල් සංවිධාන විසින් ප්‍රකාශ කර සිටියේ ව්‍යවස්ථානුකූල විසඳුමකට පැමිණෙන ලෙස. අරගලය නිසා අර්බුදයක් නිර්මාණය වුණා කියන එක බැහැර කරන්න සිදුවෙනවා. මේ රටේ නිල ජනාධිපතිවරණයකින් පත් වූ ජනාධිපතිවරයෙක් සිටියා. ඔහු සහ ඔහු බලයට පත්කළ පක්ෂයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව විශාල ජනතා අප්‍රසාදයක් ඇති වුණා. වසර දෙක හමාරක් තිස්සේ ව්‍යවස්ථාව අමු අමුවේම උල්ලංඝනය කරමින්, මිනීමරුවන්ට සමාව දීම, එලෙස සමාව දුන් පුද්ගලයන් රජයේ ප්‍රධාන තනතුරුවලට පත්කිරීම වැනි විශාල ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි ක්‍රියාකාරකම් සිදුවුණා. මේ නිසා ජනතාව එම පාලකයන් ඉල්ලා අස්වෙලා ගෙදර යන්න, එසේත් නැත්නම් ජනතා අභිලාෂයන් ඉටුවන සාධාරණ පාලනයක් පිහිටුවන්න කියන ඉල්ලීම කළා. මෙම ප්‍රශ්න විසඳීමට ජනාධිපතිවරයා අසමත් වුණා.
ජූලි මස 09 වැනිදායින් පසුව ජනාධිපතිවරයා සිටියේ කොහේද යන්න කිසිවෙක් දැනගෙන සිටියේ නැහැ. අසනීපයෙන් සිටියාද? නිල කාර්යයන් ඉෂ්ට කළාද යන්න කිසිවෙක් දන්නේ නැහැ. එවැනි දවස් තුනක් ඉක්ම ගියා. ජූලි මස 12 වැනිදා ප්‍රචාරය වුණා හදිසි නීතිය පනවා ඇති බව. ඒ මොහොත වන තෙක් රටේ කිසිවෙක් දැනගෙන හිටියේ නැහැ වැඩබලන ජනාධිපතිවරයෙක් සිටින බවට. අද වන තුරුත් දන්නේ නැහැ එවැනි පත්කිරීමක් කර තිබේද කියා. මෙය එක පුද්ගලයෙකු සතු බලතලවලින් කොටසක් තවත් කෙනෙකුට පවරන දෙයක් නොවෙයි මේ. එහෙම දෙයක් නම් ගැසට් මගින් කරන්න පුළුවන්. මේ රටේ සියලුම කාර්යයන් සඳහා ජනාධිපතිවරයෙක්. ප්‍රධානම විධායක නිලධාරියා ඒ තනතුරට පත්වුණා නම් ඔහු ව්‍යවස්ථාව රකින බවට දිවුරුම් දුන්නේද? ඒ ලියුම දුන්නේ කවදාද? කවුරුන් ඉදිරියේද දුන්නේ? කුමන මොහොතකද දුන්නේ? යන්න අද වෙනවිටත් රටම දන්නේ නැහැ. ඒ වගේම එවැනි පත්කිරීමක ලේඛනයක් දැක්කේ නැහැ. හදිසි නීතය පනවා සවස් භාගයේ ගැසට් පත්‍රයක් නිකුත් කරනවා පමණයි දැකිය හැකි වුණේ. එය නීත්‍යානුකූ ක්‍රමයද යන ප්‍රශ්නය සෑම කෙනෙක් තුළ පවතිනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තවත් ප්‍රශ්නයක් තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ධුරයේ වැඩ බලනවා නම්, අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ බලන්නේ කවුද? මෙය රහසක්. රාජ්‍ය පාලනය රහසිගතව සිද්ධ වෙනවා නම්, ඒක තමයි ත්‍රස්තවාදය. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ශිෂ්ට සම්පන්න රාජ්‍යයක රහසේ මේවා කරන්න බැහැ. මේවා පාරදෘෂ්‍ය ආකාරයෙන් සිදුවිය යුතුයි. මේ සාමකාමී අරගලකරුවන්ට වඩා ත්‍රස්තවාදීන් ලෙස කටයුතු කරන්නේ රාජ්‍ය පාලනයේ බලය දරන ප්‍රධාන බලධාරීන් රහසිගතව වැඩ කිරීමේ තත්වයක් උදාවෙලා තිබෙනවා. එවැනි තත්වයක් මේ රටේ පවතින වෙලාවක, මේ ව්‍යාකූල තත්වය හමුවේ අපි කියන්නේ, නීතිඥ සංගම් කියා සිටින්නේ ව්‍යවස්ථානුකූලව කටයුතු කරන්න. ප්‍රචණ්ඩ වෙන්න එපා. ව්‍යවස්ථානුකූලව වැඩ නොකරන්නේ කවුද?
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට ඉල්ලා අස්වෙන්නයි ජනතාව කියා සිටියේ. ජනතා හඬක් තියෙනවා. එවන් සැකයකට භාජනය වී ඇති කෙනෙක් වැඩ බලන ජනාධිපති ධුරය බාරගත්තා නම්, ප්‍රශ්න ඇති නොවන ලෙස පාරදෘෂ්‍යභාවයෙන් යුතුව ප්‍රසිද්ධියේ භාරගත යුතුව තිබුණා. එයයි සම්ප්‍රදාය. නීතියේ සාරය එයයි. එය පිළිපැද නැහැ.
අපේ රටේ පළවෙනි පුරවැසියා මේ වන විට රටෙන් බැහැර වී තිබෙනවා. දෙවෙනි පුරවැසියා හැටියට ඉන්නේ අග්‍රාමාත්‍යතුමා. තුන්වෙනි පුරවැසියා හැටියට ඉන්නේ කථානායකවරයා. මේ එක, දෙක, තුන කියන පුරවැසියන් එක එක අවස්ථාවලදී එක එක කතා ප්‍රකාශ කිරීමේ ඉතාමත් ඛේදනීය තත්වයක් උදාවෙලා තිබෙනවා. උදේ එකක් කියනවා. හවස එකක් කියනවා. ජනාධිපතිතුමා 13වැනිදා කියනවා මම ඉල්ලා අස්වෙන්න සූදානම් කියලා. ඉල්ලා අස්වෙන ලිපිය 13වැනිදා මම ලබාදෙනවා. නමුත් තවමත් එම ලිපිය නැහැ. රටේ පළවෙනි පුරවැසියාට නොහැකි වෙලා තිබෙනවා වචනය රකින්නට. කථානායකතුමා එක් අවස්ථාවක බී.බී.සී. එකට ප්‍රකාශයක් දෙනවා, ජනාධිපතිතුමා ලංකාවෙන් පිට සිටින බව. තවත් පැය 24ක් යන්නට ප්‍රථම කියනවා මට වැරදුණා. මේ ආකාරයට වචන වෙනස් කිරීමක් කරනවා. මේවායින් සිදුවන්නේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි පුරවැසියන් විසින් එකිනෙකට පරස්පර ප්‍රකාශ කිරීම තුළින් ඇති වෙන්නේ රටේ, රජයේ, ආණ්ඩුවේ රාජ්‍යතාන්ත්‍රිකභාවය පිළිබඳ ප්‍රශ්නයක්. මේක සෙල්ලමක් නොවෙයි. මේකෙන් බලපෑමක් සිදුවන්නේ රටේ ජනතාවට. ආණ්ඩුව පිළිබඳව, රජය පිළිබඳව විදේශීය රටවල්වලට තිබෙන විශ්වසනීයත්වය පළුදු වෙනවා.
කථානායකවරයා ප්‍රකාශ කරනවා නම් ඔහු ජනාධිපති ධුරය අතහැර ගියා කියා, ඒ ජනාධිපති ධුරය හැර ගියේ කවදා සිටද? ප්‍රධාන පුරවැසියන් විසින් මේවා ව්‍යවස්ථා අර්බුදවලට මේ ලංකාව යොමු කරනවා. මේවායින් පහර වදින්නේත්, බැට කන්නේත්, දුක්විඳින්නේත් රටේ ජනතාව. අරගල කරන්නේත් රටේ ජනතාව. ලේ හලන්නේ රටේ ජනතාව. මේ අය නිරායුධ පුරවැසියන්. මාස 08කට වඩා වැඩි කාලයක් ඔවුන් ආදරය, කරුණාව හරහා තමයි මේ අරගල කළේ.
ඒ එක්කම මේ රටේ අපි ඡන්දය දුන්නා හෝ නොදුන්නා රටෙන් පැනලා ගිහින් තිබෙන්නේ මේ රටේ පළවෙනි පුරවැසියා. හැටනව ලක්ෂයක් ජනාධිපතිවරයාට ඡන්දය දුන්නා. ඒ අනුව ඒ හැටනව ලක්ෂය වෙනුවෙන් කරන්න යුතුකම් තිබෙනවා. රටේ ජනතාව වෙනුවෙන් ජනාධිපතිවරයාට කරන්න වගකීම් තිබෙනවා. මේ යුතුකම් සහ වගකීම්වලට වඩා ඉහළින් රටේ ජනාධිපතිවරයාට ජනතාව වෙනුවෙන් වගවීමක් තිබෙනවා. නමුත් අද වන විට ජනාධිපතිවරයා සොයා ගන්න බැරි තරමට මගහැරලා හැංගිලා ගිහින් අවසන්. රටේ පුරවැසියාගේ වගවීම කෝ? ජනතාව කෙරෙහි තිබෙන වගවීම කෝ? මේවා ආණ්ඩුවක් හැටියට ගත් විට, රජයක් හැටියට ගත් විට, ව්‍යවස්ථාදායකයක් හැටියට ගත් විට මේවා ඉතා දැඩි ප්‍රශ්න. ලෝකයක් ඉදිරියේ අපි විහිළුකරුවන් වෙනවා පමණයි. මොවුන් පළවෙනි, දෙවෙනි, තුන්වෙනි පුරවැසියන් අපව ජාත්‍යන්තරය ඉදිරියේ අසරණ තත්වයට පත්කර තිබෙනවා. ජනාධිපතිවරයා, මහනායක තෙරුන් වහන්සේලා, රටේ ජනතාවගේ ඉල්ලීම, ඒ අනුව කටයුතු කිරීම, පොදු ආණ්ඩුවක් පිහිටුවීම සියල්ල ප්‍රතික්ෂේප කර, පැන ගිය එක තමයි අපට ඇති ප්‍රශ්නය.
ආරෝපණය කර ගන්නා බලයට වඩා ජනතාවගේ බලය බලවත් කියලා ඔප්පු වෙලා ඉවරයි. තවත් තක්කඩිකම් නොකර පුටු දාලා යන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ගෝඨාභයට හා රනිල්ට බලකර සිටියි. “මේ පාර්ලිමේන්තු සංයුතිය එලෙසම තිබියදී මොනම පරිවර්තනයක්වත් කරන්න බැහැ” යැයිද ලේකම්වරයා අවධාරණය කළේය. හෙතෙම මේ අදහස් පළකළේ ජවිපෙ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදි ලේඛම්වරයා මෙසේද […]
ආරෝපණය කර ගන්නා බලයට වඩා ජනතාවගේ බලය බලවත් කියලා ඔප්පු වෙලා ඉවරයි. තවත් තක්කඩිකම් නොකර පුටු දාලා යන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ගෝඨාභයට හා රනිල්ට බලකර සිටියි. “මේ පාර්ලිමේන්තු සංයුතිය එලෙසම තිබියදී මොනම පරිවර්තනයක්වත් කරන්න බැහැ” යැයිද ලේකම්වරයා අවධාරණය කළේය.
හෙතෙම මේ අදහස් පළකළේ ජවිපෙ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදි ලේඛම්වරයා මෙසේද කීය.
“මාස කිහිපයක් තිස්සේ රට පුරා ගෙන ගිය අරගලයේ ජනතා හඬ ගෝඨාභය රාජපක්ෂ තේරුම් ගත්තේ නැහැ. ඔහුගේ හමුදා බලයට වඩා ජනතා බලය ඉතාමත් ප්‍රබලයි, වැදගත් කියලා ඔප්පුවී තිබෙනවා. බලහත්කාරයෙන් බලයේ ඉන්න උත්සාහ කළ ගෝඨාභය රාජපක්ෂට බලය අත්හැර යන්න සිද්ධ වුණා. ගෞරවාන්විත ලෙස නෙවෙයි, පස්ස ෙදාරෙන් පැනලා හැංගිලා යන්න වුණා. ඉන්නේ කොහේද කියලා කවුරුත් දන්නේ නැහැ. කල් ඇතිව ගෞරවාන්විතව ඉවත්වී ගියා නම් සමාජයේ යම් ප්‍රමාණයක නමක් තියාගන්න තිබුණා. මේ සටන පටන් ගන්න කොට මේ පාලකයන් යයිද කියන සැකයක් බොහෝ දෙනාට තිබුණා.
මහින්ද රාජපක්ෂට අගමැතිකම දාලා යන්න සිද්ධ වුණා. ඇමැතිකම් දාලා යන්න සිද්ධ වුණා. බැසිල් රාජපක්ෂට ඇමැතිකමත් මන්ත්‍රිකමත් දාලා යන්න සිද්ධ වුණා. අවසානයේ ජනාධිපතිට මන්දිරය දාලා යන්න සිද්ධ වුණා. 13 වැනිදා වනවිට නිල වශයෙන් ඉල්ලා අස්වන බව ඔහු දැනුම්දී තිබෙනවා. යුද ජයග්‍රහණ පාවිච්චි කරලා රාජපක්ෂ පවුල ගොඩනඟාගෙන තිබුණු අධිපතිවාදීත්වය මෙයින් නිමා වෙනවා. ආරෝපණය කර ගන්නා බලයට වඩා ජනතාවගේ බලය බලවත් බව ඔප්පු වී තිබෙනවා.
අපේ රට මුහුණදී තිබෙන බරපතළ සමාජ, ආර්ථික අර්බුදවලින් ගොඩගන්න ගෝඨාභය රාජපක්ෂ ඉවත්වූ පමණින් හැකිවෙන්නේ නැහැ. රට ගොඩගන්න නම්, ජනවරමකින් අලුත් පාලනයක් පිහිටුවා ගන්න ඕනෑ. සමහරු ගෝඨාභය රාජපක්ෂ ඉවත්වීමෙන් පසුව ඇතිවන තත්ත්වය පාවිච්චි කරලා තමන් අතට බලය ගන්න හීන දකිනවා. අගමැති වෙන්න ජනාධිපති වෙන්න ඇමැති වෙන්න මේ වංචාකාරී පාලනයේම කොටස්කරුවන් උත්සාහ කරමින් ඉන්නවා. මේ සටනේ ගෝඨාභය රාජපක්ෂ ඉවත් කිරීමේ සටන් පාඨය තිබුණත් ඒ තුළ වසර 74ක් පවත්වාගෙන ආ වැරදි ආර්ථික ක්‍රමය, මජර දේශපාලනය තුරන් කිරීමේ පුළුල් පරිවර්තනයක අභිලාෂය තිබෙනවා. ජනතාව හිටියේ ඒ සටනේ. සටන අවසන් ජයග්‍රහණයක් බවට පරිවර්තනය කරගත හැක්කේ මැතිවරණයකින් බලය ගන්නා අලුත් පාලනයකින් බව කවුරුත් දැන් පිළිගන්නවා.
මේ පාර්ලමේන්තුවේ බහුතර බලයක් තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට. රාජපක්ෂවරුන්ගේ කණ්ඩායමට. ඔවුන් ප්‍රගතිශිලි පියවරකට ඉඩනොදී බාධාකිරීම් සිදුවෙනවා. මේ ජයග්‍රහණයෙන් ලබාගත් ප්‍රතිඵල මේ පාර්ලිමේන්තුව තබාගෙන ජනතාවට භුක්තිවිඳින්න බැහැ. මේ පාර්ලිමේන්තුවේ ජනවරම අහෝසි වෙලා, ජනතාව වෙනුවෙන් කිසිදු තීන්දු තීරණයක් ගැනීමේ හැකියාවක් නැහැ. ජනතාව කැමැති පිරිසකට අලුත් ජනවරමක් ලබාගන්න ඕනෑ. මේ පාලකයන් නැවත නැවත ජනතාව මුළාකරමින් ඉදිරියට යනවා. ඒ නිසා ඉතා කෙටි කාලයකට තාවකාලික ආණ්ඩුවක් නිර්මාණය කරගන්න අවශ්‍ය වෙනවා.
පිහිටුවා ගන්නා තාවකාලික ආණ්ඩුව ඉතා ඉක්මනින්ම මැතිවරණයකට යා යුතුයි. අපි ඒ වෙනුවෙන් මැදිහත් වෙනවා. මේ වෙනුවෙන් දිගු කාලයක් පුරා සටන් කළ සියලුදෙනාට ජාතික ජන බලවේගයේ ස්තුතිය පිරිනමනවා. මේ ලැබුවේ දැවැන්ත පාඩමක්, විශාල ආදර්ශයක් බව අපි ජනතාවට කියනවා. ඉදිරියේදී ඕනෑම දුෂ්ට පාලකයෙක් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පලවා හැරිය හැකි බව අපි ඔප්පු කර තිබෙනවා. රට හදන්න පුළුවන් ජනවරමක් අවශ්‍යයි. ඔවුන්ගේ ධෛර්යය, දැනුම එක්කර ගත්ත ගමනක් අපි යා යුතු වෙනවා. ඒ ගමන වෙනුවෙන් ජනතාව එකතු කර ගනිමින් නායකත්වය දෙන්න ජාතික ජන බලවේගය සූදානම්. ජනතාවගේ සම්පූර්ණ ජයග්‍රහණයක් බවට පත්කර ගන්න සටන අත්නොහැර අවදියෙන් ඉමු.
තාවකාලික පාලනයකින් අත්‍යවශ්‍යම තෙල් ටික හෝ ලබාගැනීමට අපේ දායකත්වය මොන වගේද කියලා කල්පනා කරමින් ඉන්නේ. ගොඩනැඟෙන ආණ්ඩුවේ ස්වභාවය දිහා බලලා අපේ කාර්යභාරය මොනවගේද කියලා තීරණය කරනවා.
කිසියම් පිරිසක් රනිල් වික්‍රමසිංහගේ ගෙට ගිනි තබා තිබෙනවා. අපි ඒක සම්පූර්ණයෙන් හෙළාදකිනවා. එයින් සිදුවුණේ සාමකාමී ලෙස ලබාගත් දැවැන්ත ජනතා ජයග්‍රහණය හෑල්ලු කිරීමයි. එහි ජීව ගුණය අවලස්සන බවට පත්කිරීමයි. අරගල කළ ජනතාව ජනාධිපති මන්දිරයට හා අරලියගහ මන්දිරයට ඇතුළු වුණා. කිසිම හානියක් කළේ නැහැ. එසේ තිබියදී සිදුකළ ගිනිතැබීම සමස්ත අරගලයේම අරමුණුවලට විරුද්ධව සිදුකළ එකක්.
එය අපි කවුරුත් රටක් හැටියට හෙළාදකින්න ඕනෑ. අරගලයක හොඳම ජයග්‍රහණ ගන්න නම් විනයක් තිබෙන්න ඕනෑ. කිසියම් හෝ කුඩා පිරිසක් එය සංයමයට, විනයට පරිබාහිරව ක්‍රියා කළාම සමස්ත අරගලයටම හානි සිදුවෙනවා. මීට සම්බන්ධ අය සොයලා දඬුවම් කළ යුතු බව අපි අවධාරණය කරනවා. මෙවැනි දේවල් නැවත සිදුවීම වැළැක්වීමට සමස්ත ජනතාවත්, අරගලයේ නියුතු කණ්ඩායම් විමසිල්ලෙන් සිටිය යුතු වෙනවා. පිටින් ආ කණ්ඩායම්වල කුමන්ත්‍රණකාරී කණ්ඩායම් හෝ ඒ මොහොතේ හැඟීම් බරවූ කණ්ඩායම් සිදුකරන මෙවැනි දේ සෑම විටම අරගලයට හානි සිදුකරනවා.
– අනුරාධා හේරත් (මව්බිම)
🔴 #IRA || ඉර || 2022-07-11 || Anura Kumara Dissanayaka || අනුර කුමාර දිසානායක
🔴 #IRA || ඉර || 2022-07-11 || Anura Kumara Dissanayaka || අනුර කුමාර දිසානායක
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (09) අපේ රටේ සිදුවුණු අරගලය ලෝක ඉතිහාසයට එකතු වෙනවා. බලසම්පන්න ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් අතිශයින්ම සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදය ගරුකළ ජනතා අරගලයක් තුළින් දණගැස්වීම ලෝක ඉතිහාසයට එකතු වෙනවා. මෙතන ජයග්‍රහණ කිහිපයක්ම තිබෙනවා. ජනතාවගේ හැඟීම්, ඔවුන්ගේ වේදනාවන් ගැන නොතැකූ පාලකයන්ට විරුද්ධව මේ අරගලය විශාල බාධක මැද්දේ සිදුකර ජයග්‍රහණය ලැබුවා. ජනතාවට […]
ඊයේ (09) අපේ රටේ සිදුවුණු අරගලය ලෝක ඉතිහාසයට එකතු වෙනවා. බලසම්පන්න ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් අතිශයින්ම සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදය ගරුකළ ජනතා අරගලයක් තුළින් දණගැස්වීම ලෝක ඉතිහාසයට එකතු වෙනවා. මෙතන ජයග්‍රහණ කිහිපයක්ම තිබෙනවා. ජනතාවගේ හැඟීම්, ඔවුන්ගේ වේදනාවන් ගැන නොතැකූ පාලකයන්ට විරුද්ධව මේ අරගලය විශාල බාධක මැද්දේ සිදුකර ජයග්‍රහණය ලැබුවා. ජනතාවට මුහුණ නොදී බංකරයක සිටි ජනාධිපති සහ හොර පාරෙන් පත්වුණු අගමැති ගෙදර යවන තැනකට පොදු ජනතාවගේ ශක්තිය තුළින් අරගලය ගෙනාවා. ලෝක ඉතිහාසයේ මෙවැනි බලගතු ආණ්ඩු පෙරළන එක ප්‍රචණ්ඩත්වයකින් තොරව සිදුකිරීම ලෝක ඉතිහාසයට එකතු වෙනවා. වෙනත් රටවල විශාල ලේ වැගිරීම් තුළින් මෙවැනි අරගල ජයගත්තේ. මෙහිදී ආණ්ඩුව පැත්තෙන් මිස අරගලකරුවන්ගේ පැත්තෙන් කිසිදු ප්‍රචණ්ඩත්වයක් සිදු කළේ නැහැ. අවසානයේ ලේ වැගිරීම් කිහිපයක් සිදු වුණත් ඒ ආණ්ඩුව ක්‍රියාකළ ආකාරය නිසයි.
පොලිසිය සහ හමුදාව අරගලකරුවන් හා එක්ව සිතින් බැඳී ගිය බවත් රාජකාරිය කිරීම සඳහා යම් කටයුතු කළ බවත් පැහැදිලි වුණා. මේ සියල්ල අතරේ අරගලය අවසන් කියලා අපි හිතන්නේ නැහැ. තව කළ යුතු බොහෝ දේ තිබෙනවා. ඊයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී ගත් තීරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳ අපි අවධානයෙන් ඉන්නවා. ජනාධිපති සහ අගමැති වහාම අස්වී, සියලුම පක්ෂ සහභාගීවන නිශ්චිත වැඩපිළිවෙළක් සඳහා ඉතාමත් කෙටි කාලයකට අන්තර්කාලීන පාලනයක් පිහිටුවා ගත යුතුයි. ඉන්පසු මැතිවරණයක් හරහා ජනතාවගේ පාලනයක් පිහිටුවා ගැනීමට ඉඩදිය යුතුයි. අරගලයෙන් පිළිබිඹු වුණු හරය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ජනතාවාදී පාලනයකින් ඉටුකර ගත යුතුයි. අරගලයෙන් ප්‍රකාශ වුණු දේශපාලන පරිවර්තනය, දේශපාලන සංස්කෘතියේ පරිවර්තනය, ඒ ආණ්ඩුව තුළින් සිදුකළ යුතුයි. තෙල්, ගෑස් ලබාගැනීමට විතරක් අරගලය ලඝු කරනවා නම්, එය ඉතාම අහිතකර දෙයක්. අරගලය ඊට වඩා පුළුල් සහ ශ්‍රේෂ්ඨ අරමුණු සහිත අත්‍යවශ්‍ය වෙනස්කම් සිදුකිරීමට ගෙනගිය එකක්. ජනතාව ගැන සිතන ආකාරය, දේශපාලන සංස්කෘතිය, පාලකයා සහ පුරවැසියා අතර සම්බන්ධතාවය, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, ජාතික ගැටලුව කෙසේ විසඳිය යුතුයිද ආදී පුළුල් අරමුණු මේ තුළ තිබෙනවා. ඉතිහාසයේ සිදුකළ වැරදි නිවැරදි කර ගන්නේ කොහොමද කියලා මේ සාකච්ඡා තුළ විමසා බලනවා.
මෙම ඉල්ලීම් ඉදිරි මැතිවරණයකින් පත්වන ආණ්ඩුවට ඉටුකිරීමේ වගකීමක් තිබෙනවා. අරගලයේ ජයග්‍රහණ ආරක්ෂා කරගනිමින්, පුරවැසියන් බලගතුවීම ආරක්ෂා කරගනිමින් කටයුතු කිරීම පත්වෙන ඕනෑම ආණ්ඩුවක වගකීමක්. ගෙවීයන මේ දවස් කිහිපය තීරණාත්මකයි. ප්‍රකාශ විතරක් මදි, ක්‍රියාමාර්ගවලින් වචන තහවුරු කළ යුතුයි. ඊළඟට සිදු කරන ක්‍රියාමාර්ග ගැන පැහැදිලි එකඟතාවයකට එන්න ඕනෑ. අන්තර් කාලයකට පත්වන පාලනයෙන් මූලික ගැටලු විසඳා මැතිවරණයක් පවත්වන තෙක් අරගලයේ මූලික හරය පවත්වාගෙන යාමත් අවශ්‍යයි. ජයග්‍රහණය භුක්ති විඳිනවා වගේම අවසාන අරමුණු ඉටුවන තෙක් මේ තුළ පුරවැසියන් රැඳී සිටීම අත්‍යවශ්‍ය බවත් අවධාරණය කරනවා. ඇත්ත වශයෙන්ම මේ ජනතා විප්ලවයෙන් දිනාගත් දේවල් රැක ගැනීමටත් විශාල වගකීමක් තිබෙනවා.
දුර්දාන්ත පාලනයට එරෙහිව කාලයක් තිස්සේ ගොඩනැගුණු ජන අරගලය ඊයේ දවසේදී උපරිම තලයකට ඇවිත් පාලකයන් බලයෙන් ඉවත් කිරීමට හැකි වුණා. මෙය මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, සහ පුද්ගල නිදහස අගයන සියලු ශ්‍රී ලාංකිකයින්ගේ ඓතිහාසික ජයග්‍රහණයක්. මේ ජයග්‍රහණයට විවිධ පිරිස් දායකත්වය දුන්නා. විශේෂයෙන් තරුණ පිරිස ඒ අතරින් ප්‍රමුඛයි. විවිධ ප්‍රදේශවල ඉඳලා ලක්ෂ සංඛ්‍යාත ජනකායක් මේ අරගලය ශක්තිමත් කළා. මෙරට ඓතිහාසිකව සටහන් වන මේ දිනයේ සටන් පාඨය පුද්ගලිකව ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට එරෙහිව නැඟුණු සටන් පාඨයක් පමණක් නොවෙයි. දශක හතක් පුරා මෙරට ක්‍රියාත්මක වුණු දේශපාලනය සහ ආර්ථිකය සම්බන්ධයෙන් වැරදි ක්‍රියාමාර්ගවලට එරෙහිව පැන නැඟුණු අරගලයක්. ඒ වගේම ප්‍රභූ දේශපාලනයට එරෙහිව වූ අර්ථයකුත් ගැබ්වී තිබෙනවා. මේ අරගලයෙන් පස්සේ ජනතාවාදී ආර්ථිකයක්, නිර්ප්‍රභූ දේශපාලන සංස්කෘතියක් ඉල්ලා සිටීම මේ සටන් පාඨය තුළ තිබෙනවා.
ආර්ථිකයේ සංවර්ධනයක් අත්කර ගනිමින් ඒ ප්‍රතිලාභ සාධාරණ ලෙස ජනතාව අතර බෙදා හැරෙන ක්‍රමයක් ගොඩනැඟෙන්න ඕනෑ කියන හරය අරගලයේ තිබෙනවා. ඒ වගේම සමාජයේ විවිධ විෂමතා අවසන් කර, මානවවාදී සමාජයක්, නීතියට ගරු කරන, පුද්ගලිකත්වය තහවුරු වන, එකිනෙකාගේ පැවැත්මට ගරු කරන, ශිෂ්ට සම්පන්න සමාජයක් බිහිකර ගැනීමේ අරමුණ ඒ සටන් පාඨ තුළ තිබෙනවා. අගමැතිවරයා, ජනාධිපතිවරයා ඇතුළු දුර්දාන්ත පාලනය ඉවත්ව යන බව ප්‍රකාශ කර තිබුණත්, අරගලයේ සැබෑ අරමුණු ඉෂ්ට කර ගැනීමට තව බොහෝ දුර යා යුතුව තිබෙනවා. අරගලයට දායකත්වය දුන් සියලු කණ්ඩායම්වල වගකීම අවසන් ජයග්‍රහණ දක්වා ඉදිරියට ගෙන යාමයි. පසුගිය දිනවල ගැසට් රිවස් වුණා වගේ දැනට දී තිබෙන පොරොන්දුත් රිවස් නොකර, ජනතාවගේ හැඟීම් තේරුම් ගෙන අලුත් ආරම්භයකට ජනාධිපතිත් අගමැතිත් අවස්ථාව ලබාදේ යැයි බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් ඇපකැපවී කටයුතු කරන්න සෑම දෙනාම අධිෂ්ඨාන කර ගනීවි කියලා ජාතික ජන බලවේගය බලාපොරොත්තු වෙනවා. ඒ අවසන් ජයග්‍රහණය වෙනුවෙන් සියලු දෙනාම එකාවන්ව අධිෂ්ඨානයෙන් අත්වැල් අල්ලා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.
මාස කිහිපයක් තිස්සේ ගෙන ගිය අරගලයේ ජනතා හඬ ගෝඨාභය රාජපක්ෂ තේරුම් ගත්තේ නැහැ. ඔහුගේ හමුදා බලයට වඩා ජනතා බලය ඉතාමත් ප්‍රබලයි, වැදගත් කියලා ඔප්පුවී තිබෙනවා. බලහත්කාරයෙන් බලයේ ඉන්න උත්සාහ කළ ගෝඨාභය රාජපක්ෂට බලය අත්හැර යන්න සිද්ධ වුණා. ගෞරවාන්විත ලෙස නෙවෙයි, පස්ස දොරෙන් පැනලා හැංගිලා යන්න වුණා. ඉන්නේ කොහේද කියලා කවුරුත් දන්නේ නැහැ. පාලකයන්ට එහෙම වෙන්න ඕන නැහැ. කල් ඇතිව ගෞරවාන්විතව ඉවත්වී ගියා නම් සමාජයේ යම් ප්‍රමාණයක නමක් තියාගන්න තිබුණා. මේ සටන පටන් ගන්න කොට මේ පාලකයන් යයිද කියන සැකයක් බොහෝ දෙනාට තිබුණා. මහින්ද රාජපක්ෂට අගමැතිකම දාලා යන්න සිද්ධ වුණා. ඇමතිකම් දාලා යන්න සිද්ධ වුණා. බැසිල් රාජපක්ෂට ඇමතිකමත් මන්ත්‍රීකමත් දාලා යන්න සිද්ධ වුණා. අවසානයේ ජනාධිපතිට මන්දිරය දාලා යන්න සිද්ධ වුණා. 13වැනිදා වනවිට නිල වශයෙන් ඉල්ලා අස්වෙන බව ඔහු දැනුම්දී තිබෙනවා. යුද ජයග්‍රහණ පාවිච්චි කර, රාජපක්ෂ පවුල ගොඩනඟාගෙන තිබුණු අධිපතිවාදිත්වය මෙයින් නිමා වෙනවා. ආරෝපණය කර ගන්නා බලයට වඩා ජනතාවගේ බලය බලවත් බව ඔප්පුවී තිබෙනවා.
ඒත් රට ඉදිරියේ බරපතළ අභියෝග ගණනාවක් තිබෙනවා. තෙල් ප්‍රශ්නය, ගෑස් ප්‍රශ්නය, භාණ්ඩ හිඟය, රැකියා අහිමි වීම යන ප්‍රශ්න තවමත් තිබෙනවා. අපේ රට මුහුණදී තිබෙන බරපතළ සමාජ, ආර්ථික අර්බුදවලින් ගොඩගන්න ගෝඨාභය රාජපක්ෂ ඉවත්වූ පමණින් හැකිවෙන්නේ නැහැ. රට ගොඩගන්න නම්, ජනවරමකින් අලුත් පාලනයක් පිහිටුවා ගන්න ඕනෑ. සමහරු ගෝඨාභය රාජපක්ෂ ඉවත්වීමෙන් පසුව ඇතිවන තත්වය පාවිච්චි කර, පරණ කණ්ඩායම් නැවත තහවුරු වෙන්න, තමන් අතට බලය ගන්න හීන දකිනවා. අගමැති හීනය, ජනාධිපති හීනය, ඇමතිකම් දරන්න මේ වංචාකාරී පාලනයේම කොටස්කරුවන් උත්සාහ කරමින් ඉන්නවා. මේ සටනේ ගෝඨාභය රාජපක්ෂ ඉවත් කිරීමේ සටන් පාඨය තිබුණත් ඒ තුළ වසර 74ක් පවත්වාගෙන ආ වැරදි ආර්ථික ක්‍රමය, මජර දේශපාලනය තුරන් කිරීමේ පුළුල් පරිවර්තනයක අභිලාෂය තිබෙනවා. ජනතාව හිටියේ ඒ සටනේ. සටන අවසන් ජයග්‍රහණයක් බවට පරිවර්තනය කරගත හැක්කේ මැතිවරණයකින් බලය ගන්නා අලුත් පාලනයකින් බව කවුරුත් දැන් පිළිගන්නවා. මේ පාර්ලිමේන්තු සංයුතිය එලෙසම තිබියදී මොනම පරිවර්තනයක්වත් කරන්න බැහැ.
මේ පාර්ලමේන්තුවේ බහුතර බලයක් තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට. රාජපක්ෂවරුන්ගේ කණ්ඩායමට. ඔවුන් අත බලය තිබියදී, කිසිම දෙයක් කරගෙන යාමට ඉඩනොදී බාධාකිරීම් සිදුවෙනවා. මේ ජයග්‍රහණයෙන් ලබාගත් ප්‍රතිඵල මේ පාර්ලිමේන්තුව තබාගෙන ජනතාවට භුක්තිවිඳින්න බැහැ. ගෝඨාභය ඉවත්කිරීමේ ජයග්‍රහණය ජනතාවගේ ජීවිත තුළට දැනෙන්න නම් අලුත් ජනවරමකින් රට ගොඩනඟාගැනීමේ ක්‍රියාවලිය ඉදිරියට ගන්න වෙනවා. ගෝඨාභය රාජපක්ෂට රට පාලනය කරන්න ජනවරමක් නැති බව ඊයේ ඔහු අවසන් වශයෙන් තේරුම් ගත්තා. ඔහුට ජනවරමක් නැත්නම් එයින් කියැවෙන්නේ ඔහු ජනාධිපති ලෙස සිටියදී පාර්ලිමේන්තුව ලබාගත් ජනවරමක් දැන් අවසන්වී ඇති බවයි. මේ පාර්ලිමේන්තුවේ ජනවරම අහෝසි වෙලා, ජනතාව වෙනුවෙන් කිසිදු තීන්දු තීරණයක් ගැනීමේ හැකියාවක් නැහැ. ජනතාව කැමති පිරිසකට අලුත් ජනවරමක් ලබාගන්න ඕනෑ. අපි දැන් දකින්නේ මැතිවරණයකට වැඩි කලක් ගත වුණොත් මේ අර්බුදයේම තවදුරටත් ගිලාබහින බවයි. මේ පාලකයන් නැවත නැවත ජනතාව මුලාකරමින් ඉදිරියට යනවා. ඒ නිසා ඉතා කෙටි කාලයකට තාවකාලික පාලනයක් නිර්මාණය කරගන්න අවශ්‍ය වෙනවා.
දේශපාලන සදාචාරය, ප්‍රජාතන්ත්‍රවාදය අනුව ජනතාව ප්‍රතික්ෂේප කළ ජනාධිපති සහ පාර්ලිමේන්තු කණ්ඩායම ඉවත් කිරීම වෙනුවෙන් අපි මැදිහත් වෙන්න ඕනෑ. අලුත් ආණ්ඩුවක් නිර්මාණය කිරීම දක්වාම මේ සටන ඉදිරියට ගෙන යා යුතු වෙනවා. පිහිටුවා ගන්නා කිසියම් හෝ තාවකාලික ආණ්ඩුව ඉතා ඉක්මනින්ම මැතිවරණයක් පවත්වන පාලනයක් විය යුතුයි. අපි ඒ වෙනුවෙන් මැදිහත් වෙනවා. පසුගිය කාලයේ දියත් කළ අරගලයේදී ජනතාව විශාල කැපකිරීම් කරමින් සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී අරගල තුළින් පාලනයන් වෙනස් කළ හැකියි කියන තහවුරුව ලබාදී තිබෙනවා. මේ වෙනුවෙන් දිගු කාලයක් සටන් කළ, ඊයේත් සටන් කළ සියලු දෙනාට ජාතික ජන බලවේගයේ ස්තුතිය පිරිනමනවා. මේ ලැබුවේ දැවැන්ත අත්දැකීමක්, දැවැන්ත පාඩමක්, විශාල ආදර්ශයක් බව අපි ජනතාවට කියනවා. ඉදිරියේදී ඕනෑම දුෂ්ට පාලකයෙක් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පළවා හැරිය හැකි බව අපි ඔප්පු කර තිබෙනවා. ජනතාවගේ ධෛර්යය, කැපකිරීම් යන සියල්ලේම ප්‍රතිඵල ජනතාවට ලැබෙන්න නම් රට හදන්න, රට වෙනස් කරන්න යොදා ගත යුතු වෙනවා. රට හදන්න පුළුවන් ජනවරමක් අවශ්‍යයි. ඔවුන්ගේ ධෛර්යය, දැනුම එක්කර ගත්ත ගමනක් අපි යා යුතු වෙනවා. ඒ ගමන වෙනුවෙන් ජනතාව එකතු කර ගනිමින් නායකත්වය දෙන්න ජාතික ජන බලවේගය සූදානම්. ජනතාවගේ සම්පූර්ණ ජයග්‍රහණයක් බවට පත්කර ගන්න සටන අත්නොහැර අවදියෙන් ඉමු. ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ නිල වශයෙන් ඉල්ලා අස්වෙන තුරුත්, ජන වරමකින් අලුත් ආණ්ඩුවක් පිහිටුවා ගන්නා තුරුත් ධෛර්යයෙන් ඉදිරියට යමු කියන අවධාරණය අපි කරනවා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු
ප්‍රශ්නය:- ඉදිරියේදී නිවැරදි පාලනයක් කරගෙන යාම සඳහා කැපකිරීම් කළ යුතු බව අපට පැහැදිලියි. නමුත් රට සම්පූර්ණයෙන් අකර්මන්‍යවී මිය යන්න ආසන්නයේ තිබෙන්නේ. අන්තර් කාලීන පාලනයක් ඇතිකර ගැනීමට ජාතික ජන බලවේගය සකස් කර තිබෙන ක්‍රියාවලිය මොනවගේද?
පිළිතුරු:- මේ අභියෝගය භාරගන්න සූදානම් බව මෙයට පෙරත් අපි පැහැදිලි කර තිබෙනවා. නමුත් පාර්ලිමේන්තුවේ තිබෙන්නේ වෙන සංයුතියක් නිසා අපේ කැමැත්තටම සෑමදේම වෙන්නේ නැහැ. තාවකාලික පාලනයකින් අත්‍යවශ්‍යම තෙල් ටික හෝ ලබාගැනීමට අපේ දායකත්වය මොනවගේද කියලා කල්පනා කරමින් ඉන්නේ. ගොඩනැගෙන ආණ්ඩුවේ ස්වභාවය දිහා බලලා අපේ කාර්යභාරය මොනවගේද කියලා තීරණය කරනවා.
ප්‍රශ්නය:- ජනාධිපතිවරයා 13දා ඉල්ලා අස්වෙන බව ප්‍රකාශ කර තිබෙනවා. එය විශ්වාස කරන්න පුළුවන්ද?
පිළිතුරු:- ව්‍යුක්තව ගත්තොත් අපි කවුරුත් අවසන් වශයෙන් විශ්වාස කරන්නේ නැහැ. ඉල්ලා අස්වීම නොකර ඉන්න පුළුවන්. කතානායකවරයාට දන්වා තිබෙන බව කියන්නේ 13දා ඉල්ලා අස්වෙනවා යන්නයි. අපේ සටන 13දා ඉවත්වන තුරුත් එයින් පසුවත් වෙනත් ආකාරයකින් අපට සටනක් තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ හෝ රනිල් වික්‍රමසිංහ කී දේ ක්‍රියාවෙන් ඔප්පු කරනතුරුත් විශ්වාස කරන්නේ නැහැ. එය ඉටු නොකළ හොත් සිදුවන දේ අපි කල්පනා කරන්න ඕනෑ.
ප්‍රශ්නය:- ඊයේ දවස තුළ අරගලය සාමකාමීව සිදුකළා. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ගේ ගිනි තැබීම ප්‍රචණ්ඩත්වය නොවෙයිද?
පිළිතුරු:- අරගලය ඉතාමත්ම සාමකාමී ලෙස පැවැත්වූ බව ඔබ කවුරුත් දන්නවා. ඒ අරගලයේ ජයග්‍රහණ දහවල් එක දෙක පමණ වන විට ලබාගෙන තිබුණා. ඊට පස්සේ රාත්‍රියේ කිසියම් පිරිසක් රනිල් වික්‍රමසිංහගේ ගෙට ගිනි තැබුවා. අපි ඒක සම්පූර්ණයෙන් හෙළාදකිනවා. එයින් සිදුවුණේ සාමකාමී ලෙස ලබාගත් දැවැන්ත ජනතා ජයග්‍රහණය හෑල්ලු කිරීමයි. එහි ජීව ගුණය අවලස්සන බවට පත්කිරීමයි. අරගල කළ ජනතාව ජනාධිපති මන්දිරයට ඇතුල් වුණා. කිසිම හානියක් කළේ නැහැ. එසේ තිබියදී රාත්‍රි කාලයේ සිදුකළ ගිනිතැබීම සමස්ත අරගලයේම අරමුණුවලට විරුද්ධව සිදුකළ එකක්. එය අපි කවුරුත් රටක් හැටියට හෙළාදකින්න ඕනෑ. පොදුවේ ගතහොත් ගෙදර කාගේද කියන ප්‍රශ්නයක් නැතිව හෙළාදකින්න ඕනෑ. අරගලයක හොඳම ජයග්‍රහණ ගන්න නම් විනයක් තිබෙන්න ඕනෑ. කිසියම් හෝ කුඩා පිරිසක් එය සංයමයට, විනයට පරිභාහිරව ක්‍රියා කළාම සමස්ත අරගලයටම හානි සිදුවෙනවා. මීට සම්බන්ධ අය සොයලා දඬුවම් කළ යුතු බව අපි අවධාරණය කරනවා. මෙවැනි දේවල් නැවත සිදුවීම වැළැක්වීමට සමස්ත ජනතාවත්, අරගලයේ නියුතු කණ්ඩායම් විමසිල්ලෙන් සිටිය යුතු වෙනවා. පිටින් ආ කණ්ඩායම්, කුමන්ත්‍රණකාරී කණ්ඩායම් හෝ ඒ මොහොතේ හැඟීම් බරවූ කණ්ඩායම් සිදුකරන මෙවැනි දේ සෑමවිටම අරගලයට හානි සිදුකරනවා. ජාතික ජන බලවේගය මෙය සම්පූර්ණයෙන්ම හෙළාදකිනවා.
As I write this column, all over the country, preparations are underway for what has been described as a ‘final’ push to oust the current Government. What began as a demand for the President to resign has now broadened to a demand that both the President and the Prime Minister should resign. Constitutionally, if the […]
As I write this column, all over the country, preparations are underway for what has been described as a ‘final’ push to oust the current Government. What began as a demand for the President to resign has now broadened to a demand that both the President and the Prime Minister should resign. Constitutionally, if the President resigns, there is a clear path as to what should happen for the duration of his term: There is no election, but a current member of Parliament must be elected by Parliament to serve out the term. Till that happens, the Prime Minister, Speaker or the Chief Justice must function as acting President. If the Prime Minister steps down, the President has the power to appoint a new Prime Minister.
Whatever the constitutional details, what is clear at this moment is that there is a deep discontent, almost hatred for the current Government among the public. That feeling is not going to go away by replacing one person with another – but in our view, can only be assuaged by giving the people of this country an opportunity to exercise their mandate and elect a fresh Government. This requires Parliament to be dissolved. Constitutionally, Parliament can vote on a resolution to dissolve itself, but the power to dissolve still lies with the President.
Although there are many calls for a Multi-party Government (some call it an Interim Government), the limitations of such an administration needs to be clearly understood. Whatever the composition of that interim/multi party, it must be found from within the members of the current Parliament. The current Parliament still has a hefty majority from the ruling party, the SLPP and its allies. Although there are breakaway groups from the ruling alliance, as yet, their voting behaviour suggests that they have not completely distanced themselves from the government. More importantly, apart from a very few in the current Parliament, most (in Government and Opposition ranks) have allegations of corruption and abuse of power. No Government that is appointed from the current Parliament will be able to bridge the growing distance between what the public are demanding and the capacities and values of their representatives.
If we consider this moment, as a real opportunity for meaningful transformation – transformation that goes beyond the superficial moving around of persons, then we also need to pay attention to the change in the political culture that is being demanded right now. Today, there are serious discussions around the nature of the State, the relationship between citizens and rulers, and social justice as a policy goal. Yes, we need to address the immediate crisis and bring relief to the suffering that people are undergoing at this moment, but there is a growing realisation that the fundamental causes of the crisis must also be addressed. And, that the fundamental cause is a real crisis in our political culture – one that has institutionalised corruption, abuse of power, nepotism and patronage. While there is no doubt that the Rajapaksa family personified this political culture, laced with a hefty dose of Sinhala Buddhist nationalism, other ruling regimes have been no better. As Ranil Wickremesinghe, who best personifies the Establishment and the status quo, has demonstrated in his latest avatar, beneath his veneer of liberalism and democracy lies a strong contempt for the voices of the people and a huge level of arrogance about his privileged position in the world – these too are traits that have proved to be toxic in our political culture.
The transformations in our political culture and social institutions and also our economy, are not possible unless people elect representatives who can bring them about – and certainly, that type of representative is at a premium, currently. There needs to be at least a minimum level of trust between the rulers and the ruled, between citizens and their representatives for us to come out of this crisis.And currently, that trust is practically non-existent. Initially, in the heat of the aftermath of the incidents of the 9 May, both the President and the Prime Minister promised a return to the 19th Amendment or even 19A plus! Yet, the 22nd Amendment that has been presented by Minister of Justice, Wijeyadasa Rajapakshe is a far cry from what was promised. As he himself has admitted, what is presented is what is possible – and what is possible in the current Parliament is set by a very low bar indeed. This shows the limitations of what this current Parliament can deliver at this point.
So what will happen post 9 July? Making political predictions in Sri Lanka is a risky business; but it is also important that we make an assessment on what is happening on the ground and that we prepare ourselves. Those in power realise that even though they no longer have public acceptance, they are constitutionally on strong ground. They have the power to serve out the remaining term of office.That this will be a disaster for the country does not concern them. Appealing to their better nature, their sense of shame, accountability is of absolutely no point, since that ignores why they want to remain in power: it is their only chance of self-preservation – and that particularly for the Rajapaksa family is of paramount importance. So, the Aragalaya will have to continue post 9 July as well.
As such, current regime and their allies – and this includes all those who represent the status quo and the establishment –those who benefit from the current system and see and experience this crisis as simply a blimp in their path to a life of privilege and power, will do all within their power to neutralise the transformational potential of the Aragalaya and indeed this present moment. They will bring forth various arguments –the impracticality of alternative models of governance and economy; the need for stability, that nobody can address this crisis etc. But the strongest weapon in their arsenal is fear – this they are propagating with all their might.Transformation can be scary, because it requires a certain amount of faith – faith in the possibility and also the potential of what is to come. What the Establishment is doing now is to evoke fear about that possibility and potential and particularly about those who represent that transformation. We as the NPP and one of our partners in the alliance, the JVP have been chosen targets of this fear campaign in recent times. The propaganda machine has been hard at work spreading lies, fake news and selective versions of history. Fighting this ideological assault is as important as all the other fights that we have on our hands today. In the era of fake news and misinformation, where analysis has been replaced by opinions, where noise is more important than nuance, it takes a lot of energy to sieve through all that we are constantly bombarded with to arrive at some kind of measured truth or truths. But each of us has a responsibility to do that – this moment is too critical for any one of us to absolve ourselves from this responsibility.
Finally, as excitement builds over what we can expect on this 9 July, let us also remind ourselves of the enormity of what we are undertaking: Essentially, rebuilding a broken and shattered nation. Let us be aware of the forces against us, including the extent of what they stand to lose if we are successful. Let us remember the spirit of the Aragalaya – we can be forceful, and not-violent at the same time; we have chosen solidarity and collective action each time over individual agendas and egos. It is paramount that we recognise that rejecting violence is not a sign of weakness – especially because we know that violence will play into the hands of those in power. Let us not allow those in power to unleash what they know best – instead let us bring out what is best in all of us who are hoping for a better, more just world for all.
By Harini Amarasuriya
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිය ගොඩක් රටවල් තව තවත් අර්බුදවලට වැටුණා මිස ගොඩ ආවෙ නැතැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පසුගියදා යාපනය දිස්ත්‍රික් සමුළුව අමතමින් පවසයි. මෙම අවස්ථාවට ධර්මලිංගම් සිද්ධාර්ථන්, සිවඥානම් ශ්‍රීතරන්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, මාවෙයි සේනාධීරාජා ඇතුළු දෙමළ දේශපාලන පක්ෂ නායකයන් කිහිපදෙනෙක් පැමිණ සිටීමද විශේෂත්වයකි. එහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය. […]
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිය ගොඩක් රටවල් තව තවත් අර්බුදවලට වැටුණා මිස ගොඩ ආවෙ නැතැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පසුගියදා යාපනය දිස්ත්‍රික් සමුළුව අමතමින් පවසයි.
මෙම අවස්ථාවට ධර්මලිංගම් සිද්ධාර්ථන්, සිවඥානම් ශ්‍රීතරන්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, මාවෙයි සේනාධීරාජා ඇතුළු දෙමළ දේශපාලන පක්ෂ නායකයන් කිහිපදෙනෙක් පැමිණ සිටීමද විශේෂත්වයකි. එහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය.
“අද ඔබ මේ රැස් වී තිබෙන්නේ බරපතළ ප්‍රශ්නවලට මුහුණදී තිබෙන මොහොතක. ඒ ගැන අපි ස්තුතිවන්ත වෙනවා. කාලාන්තරයක් දෙමළ ජනතාවට නායකත්වය දුන් දෙමළ මහජන නියෝජිතයන් අද අපේ සමුළුවට සහභාගි වී සිටිනවා. ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මාවෙයි සේනාධිරාජා, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, ෆ්ලොට් සංවිධානයේ ධර්මලිංගම් සිද්ධාර්ථන්, උතුරු පළාත් සභාවේ සභාපති සිවඥානම් ඇතුළු නායකයන් කිහිප දෙනෙක් අද අප සමඟ සහභාගි වී සිටිනවා.
මේ මාතෘභූමියේ අපි සියලු දෙනාම අද සිටින්නේ අඩියේ. වේදනාව විඳිමින්. අපේ රටටත් ආර්ථිකයටත් මේ විනාශය සිදු කර තිබෙන්නේ මේ දේශපාලනඥයන් විසින්. වංචාව, දූෂණය, නාස්තිය ඇති කරන ලද දේශපාලන සංස්කෘතිය විසින් ඔවුන් අපේ රට අගාධයකට තල්ලු කර තිබෙනවා. මේවා ස්වාභාවික ව්‍යසනයක් නිසා ඇති වූවක් නෙමෙයි.
අත්‍යවශ්‍ය ආහාර ආනයනය කර ගන්න බැහැ අද. එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තියෙනවා අපට තව මාස කිහිපයකින් අත්‍යවශ්‍ය ඔෟෂධ විශාල ප්‍රමාණයක් හිඟ වෙනවා කියලා. බෙහෙත් නැතිව ජනතාවට මියැදෙන්න සිදුවෙලා. අපේ ඇස් පනාපිට අපේ දරුවන් කුසගින්නේ මියැදෙන තත්ත්වයකට පත්වෙලා තිබෙනවා.
ලංකාවේ තෙල් ආනයනය මුළුමනින්ම නැති වෙලා. සියල්ලම අඩපණ වෙලා. පසුගියදා (23දා) තෙල් නැව එන බව තෙල් ඇමැති කිව්වා. නමුත් තවම ඒ නැව ඇවිත් නැහැ. ඒ නැව ලංකාවේ සීමාව පසු කොට ක්‍රිෂ්ණා පට්ටම් කියන ප්‍රදේශයට ගිහින්. ඒ නැව නිසි ටෙන්ඩර් පටිපාටියට මිලදී ගත් එකක් නොවෙයි. හදිසි ගැනුම්කරුවන් සමඟ කතා කර ගෙන්වා ගන්න හදලා තියෙන්නේ. මුළු රටම අද නැති භංගස්ථාන වෙලා. අපි ඉදිරියේ ලොකු අනතුරක් තිබෙනවා.
ඇමරිකාවේ බැංකුවක් ශ්‍රී ලංකාවට එරෙහිව නඩු දාලා තිබෙනවා ඇමරිකාවෙන් ගත් ස්වෛරී බැඳුම්කර ගෙවන්නෙ නැහැ කියලා. මේවා මිලදී ගෙන ජූලි වෙනවිට කල්පිරෙනවා. ඔවුන් ලංකාවට එරෙහිව නඩු දාලා තිබෙනවා. ඒ වගේම ඒ බැංකුව නඩුවේදී සඳහන් කරනවා රාජපක්ෂ පවුල මහජන ධනය විශාල ප්‍රමාණයක් හොරාකාලා ෂීෂෙල්ස් වැනි රාජ්‍යයන්හි සඟවා තිබෙන බවත්. මෙම නඩුව ගැන සමහර ආර්ථික විශ්ලේෂකයන් කියන්නේ ජපානයේ හිරෝෂිමා නාගසාකිවලට පරමාණු බෝම්බයක් එල්ල කළා වගේ කියලා.
මුළු රටම කඩාවට්ටලා. තරුණයන්ගේ අනාගතය සම්පූර්ණයෙන්ම නැතිවෙලා තිබෙනවා. ගොවියාට කෘෂිකර්මයේ නිරත වෙන්න බැරි වෙලා. ධීවරයා අනාථ වෙලා. පාසල් වරින්වර වහනවා. රාජ්‍ය ආයතන බොහෝ ප්‍රමාණයක් වසා දාලා. මොකක්ද මේ රට? මේ පාලකයන් මේවාට වන්දි ගෙවිය යුතු නැද්ද? මේක ස්වාභාවික ව්‍යසනයක් නිසා ඇති වූවක් නොවෙයි.
අපේ රටේ පාලක කණ්ඩායම හැම ජාතියකම හැමෝම මේ විදිහට පීඩාවට ලක් කරලා තියෙනවා. උතුර, දකුණ, නැඟෙනහිර, බටහිර සියලුදෙනා භේදයකින් තොරව එක්ව සටන් කළ යුතුව තිබෙනවා. ඒ අපේ අනාගතය වෙනුවෙන්. අපි දන්නවා අපේ පක්ෂයේ ක්‍රියාකාරකම් ගැන ඔබ අප කෙරෙහි යම් යම් සැකයන්වල ඉන්න පුළුවන්. යුද්ධයේදී ව්‍යසනයට පත් සාමාන්‍ය ජනතාව ගැන මීට වඩා අවධානය යොමු කළ යුතුව තිබුණා.
සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ඔබට මතක ඇති එදා යුද සමයේ කොළඹ හිටපු ජනතාව ගෝඨාභය රාජපක්ෂ බස්වල පටවලා මෙහෙට එව්වා. අපි ඒකට විරුද්ධව පාර්ලිමේන්තුවේදීත් මැදිහත් වුණා. හැබැයි එය ප්‍රමාණවත් වුණේ නැහැ. බෝම්බ පුපුරලා දරුවන් අහිමි වුණා. තාත්තලා, අම්මලා සාමාන්‍ය මිනිස්සු මේ රටේ මිය යනවා නම් දේශපාලනඥයන් හා මානවවාදී මිනිසුන් ලෙස මේවා ගැන අපිට කම්පනයක් තිබෙනවා. අපි එක්වීමකින් තොරව මේ ව්‍යසනය අපේ රටෙන් අතු ගා දාන්න බැහැ. දරුවන් වෙනුවෙන් අපි අනාගතය වෙනුවෙන් මේ රට බේරගන්න ඕනේ.
විශේෂයෙන්ම අවුරුදු තිහක යුද්ධයක් තිබුණා. දකුණේත් යුද්ධයේ ත්‍රාසය තිබුණා. හමුදාව විසින් දියත් කළ යුද්ධය හා ඉන්දීය හමුදාව විසින් දියත් කළ යුද්ධය, දෙමළ සන්නද්ධ කණ්ඩායම් විසින් ඇති කළ යුද්ධය නිසා අන්තිමට මොනවද අපට ඉතුරු වුණේ? මේ උතුරේ මහ පොළොවේ දෙමළ පුරවැසියන්ගේ ලේවලින් තෙත් වුණා. කඳුළු ගංගා පිරෙන තරම් ගලා ගියා. අපි ආපහු හැරිලා බලමු ඒ ගැන.
අපේ ව්‍යාපාරය ඉතිහාසයේ අවස්ථා දෙකක සන්නද්ධ මැදිහත්වීම්වලට මුහුණ දුන්නා. ඒකෙන් තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් අහිමි වුණා. අපිට මොනවද අද ඉතිරි වුණේ? හමුදාවේ සොල්දාදුවන් මියගියා. ආබාධ වුණා. අපිට තිබෙන්නේ ජාතීන් ජාතීන් අතර අරගලයක්ද? බෙදුම්වාදී අරගලයක්ද? අපි ජාතීන් කවුරුත් එක්ව රටේ දරුවන් ගැන සිතිය යුතුයි. ජාතිවාදී කල්ලියට එරෙහිව අරගලයක් අපිට තිබෙනවා. සතුරා කැමැති අපි බෙදෙනවට. දශක ගණනක්ම පාලක කණ්ඩායම අපිව බෙදුවා.
සැකයෙන් හා අවිශ්වාසයෙන් බලන තැනට අපිව පත් කළා. අපිට ඕනෑ බෙදීමද, වෙන්වීමද, අෑත්වීමද? නෑ අපට ඕනෑ එක්වීමයි. තමන්ගේ අහිමි වූ දරුවන්ගේ ඡායාරූප තියාගෙන අම්මලා දරුවා ගෙදර එයි කියලා බලන් ඉන්නවා. සමහර අම්මලා ඡායාරූප අතේ තියාගෙනම මියැදෙනවා. යුද්ධය ඉවර වෙලා අවුරුදු දහතුනක්.
තවම දරුවා එනකම් ඡායාරූප අතේ තියන් ඉන්න එකම ඛේදවාචකයක් නෙවේද? ඒ අම්මට, තාත්තාට සාධාරණයක් ඉෂ්ට විය යුතු නැද්ද? මගේ සොහොයුරාත් යුද්ධයේදී අතුරුදන් වුණා. අපේ අම්මා දරුවා එයි කියලා බලන් හිටියා. මොනතරම් බලා සිටියද? සාස්තරකරුවන් පස්සේ ගියා. අපි ඕනෑම කෙනෙක් මිය යනවා. හැබැයි හැම කෙනාම මියගිය පසු ආගම, සංස්කෘතිය අනුව ඒ හා සමානව කටයුතු සිදු කරනවා. හිත සමනය කර ගන්නවා. සිංහල නම් පින් දෙනවා. මාස තුනෙන් මාස හතෙන් අවුරුද්දෙන් දානේ දෙනවා.
දෙමළ නම් දින 8න් තිස් දෙකෙන් පිරෙන දාන දෙනවා. හිත හදා ගන්නවා. හැබැයි අතුරුදන් වූ දරුවෝ එනකම් අම්මලා, තාත්තලා බලන් ඉන්නවා. ඔවුන් පිළිගන්නේ නෑ තමන්ගේ දරුවා නැතිවුණා කියලා. අපි මේ වෙනුවෙන් සත්‍ය සෙවීමේ කොමිෂන් සභාවක් පිහිටුවිය යුතුයි කියලා යුද්ධය අවසන් වූ සැණින් යෝජනා දාහතරක් ඉදිරිපත් කළා. නමුත් ජාතිවාදී දේශපාලනඥයන් ඒවා පිළිගත්තෙ නෑ. ජාතිවාදය ඇවිළුවා මිසක.
ඒ වගේම ඉඩම් ගැනත් අපිට ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. බටහිර රටවල නම් ඉඩම් කියන්නේ දේපළක් පමණයි. හැබැයි අපිට ඉඩම කියන්නේ ලේ නෑකමක්. බැඳීමක්. අපි අපේ අසීරු අවස්ථාවක අපේ බෙල්ලෙ තියෙන චේන් පොට උකස් කරනවා. හැබැයි අපි ඉඩම් විකුණන්නේ නැහැ ලේසියෙන්. පුරවැසියන්ගේ ඉඩම් ඒ පුරවැසියන්ට ලබාදිය යුතුයි. එය සාධාරණ ඉල්ලීමක්. මුහුදු රස්සාවෙ ඉන්න ධීවරයා ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා නිසා විශාල ප්‍රශ්න ගණනාවකට මුහුණ දීලා තිබෙනවා. අපිට ඉන්දියාව අමතක කරගෙන ඉදිරියට යන්න බැහැ. ඒ අපේ අසල්වැසි රාජ්‍ය. නමුත් අපේ ධීවර පුරවැසියන්ගේ අයිතිවාසිකම් ස්ථාපිත කළ යුතුයි.
මේ දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතුයි. මහජන දේපළ කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන දේශපාලන සංස්කෘතියක් අද තිබෙන්නේ. පාරක් හැදුවොත් අවුරුදු විස්සක්වත් ගැරන්ට් එක තියෙන්න ඕනෑ. හැබැයි අවුරුදු අටක්වත් පාරක් ආරක්ෂා වෙන්නේ නැහැ. ඒකෙන් කොමිස් කුට්ටි පිටින් ගහනවා. බාල විදිහට පාර කොන්ත්‍රාත්කරුවන්ට හදන්න දෙනවා.
ඔක්කොම කොමිස් යන්නේ දේශපාලනඥයන්ගේ සාක්කුවලට. අනවශ්‍ය ව්‍යාපෘති නිසා කෝටි ප්‍රකෝටි ගණන් රටට මුදල් නාස්ති කර රට ණය කරලා මේ කොමිස් කුට්ටි වෙනුවෙන්. හැබැයි අපි සහතික කරනවා නාස්තියෙන්, හොරකමෙන් තොර මහජන දේපළ කොල්ලකන්නේ නැති යහපත් ප්‍රගතිශීලී ආණ්ඩුවක් පිහිටුවන බව. මම මහජන දේපළ සතයක්වත් හොරාකාපු කෙනෙක් නෙමෙයි. මේ මහජන දේපළ හෝ සොරාගත් හොරුන්ගෙන් ඒ ධනය නැවත අත්පත් කරගත යුතුයි. එය කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි. ජනාධිපතිටත් නඩු තියෙනවා. දැන් ඉන්න අගමැතිටත් මහ බැංකු හොරකම චෝදනා තිබෙනවා.
තෙල් ඇමැති තෙල්වලින් ගහනවා. ගෑස් ඇමැති ගෑස්වලින් ගහනවා. ඒ වගේම අපේ රටේ ආර්ථිකයේ නව මාවතක් අවශ්‍යයි. ඉන්දියාව, ජපානය, චීනය, රුසියාව ඇවිත් අපිව බේරගනියි කියලා හිතනවා. දැන් හිතනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපි බේරා ගනී කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිය ගොඩක් රටවල් තවත් අර්බුදවලට වැටුණා. ගොඩ ආවෙ නෑ. අපි ජාත්‍යන්තරයේ සහාය ගත යුතුයි. හැබැයි අපිට නව ආර්ථික සැලැස්මක් ඕනෑ. අපි බේරගන්න වෙන කවුරුත් ඉදිරිපත් වෙන්නෙ නැහැ. සමහරු රනිල් රට බේරගනියි කියලා හිතනවා.
අර්බුදය ඇති කළේ රනිල්. දැන් ධම්මික පෙරේරා ගැන බලාපොරොත්තු තියන් ඉන්නවා. මේ රට කවුරුත් ගොඩ ගන්නේ නැහැ. ඒ සඳහා අපේ හැකියාවන්, මානව සම්පත, දක්ෂතාවන් සිංහල, දෙමළ ඩයස්පෝරා සහාය මේ සියල්ල එක්කොටගෙන තමයි අපිට රට බේරගන්න පුළුවන් වෙන්නේ. තනි තනිව ගොඩ එන්න බැහැ. දිව්‍යලෝකයට අලියාගේ වලිගේ එල්ලිලා ගියා වගේ මැජික් කරන්න කාටවත් බැහැ තනි තනිවම. ඒ වගේම ආණ්ඩුව අසාර්ථකයි.
අපිට අගමැතිකම දෙනවා නම්, අපිට කැබිනට් මණ්ඩලය අපිට කැමැති පරිදි ගොඩනඟා ගන්න දෙනවා නම් මාස හයක් හතක් තුළ රට යම් ස්ථාවරයකට ඇවිත් මැතිවරණයක් තියලා මේ අර්බුදයෙන් රට ගොඩ ගන්න අපට පුළුවන්. ඒ වගේම මෙතන ඉන්නවා ධර්මලිංගම් සිද්ධාර්ථන් මන්ත්‍රිවරයා. අපි අහලා තියෙන විදිහට ඔහුට හොඳට ඉඩම් තිබුණු පුද්ගලයෙක්. හැබැයි ඔහු ඒ ඉඩම් ජනතාවට බෙදා දුන් කෙනෙක්. අපේ දේශපාලනඥයන් නම් බලන්නෙ බලෙන් අත්පත් කර ගන්නයි. ඉතින් මේ ධර්මලිංගම් වැනි කට්ටිය ආණ්ඩුවකට සිටිය යුතුයි. එවැනි පරිත්‍යාගශීලී දේශපාලනඥයන් තමයි මේ රටට අවශ්‍ය. ඒ වගේම අපිට හොඳ සමඟියක් ඕනේ.
ජාතිවාදීන්ගෙන් තොර දේශපාලනඥයන් අවශ්‍යයි. ඒ වගේම අපි කවුරුත් දෙවැනි පුරවැසියන් ලෙස සලකන මතයක් සමාජයේ හැදිය යුතු නැහැ. හැම කෙනෙක්ම රටේ සාධාරණව සමානාත්මතාවයෙන් අයිතිවාසිකම් දිනාගෙන ජීවත් විය යුතුයි. අපි ඒ පිළිගැනීම කාටත් ලබා දිය යුතුයි. පහුගිය දිනවල දකුණේ විශාල ජාතිවාදයක් ඇති වුණා.
මුස්ලිම් ජනතාවට විරුද්ධව විශාල රැල්ලක් ආවා. අපි ඊට එරෙහිව පෙළ ගැහුණා. රට ජාතිය බේරගන්න කියලා රාජපක්ෂලා බලයට ගෙන ආ යුතුයි කියලා මතයක් හැදුවා. අපි දකුණේ දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඔබලා හඳුන්වනවා නම් ඔබලා දකුණෙන් තෝරාගත යුත්තේ ජාතික ජන බලවේගයයි. දකුණේ දේශපාලනය යනු ජාතිවාදය නොවෙයි. අපි සියලුම දෙනා ජාතිවාදය ප්‍රතික්ෂේප කරනවා.