Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

“පෞද්ගලීකරණය ආර්ථික සංවර්ධනයේ හොඳම මාවත යැයි කීම රැවටීමක්“

‘විකුණන කතාවේ සඟවන ඇත්ත’ ජාතික ජන බලවේගය සම්මන්ත්‍රණයසැප්තැම්බර් 14 – කොළඹ පදනම් ආයතනය විකිණීම ප්‍රශ්නයට පිළිතුරක් වන්නේ නැහැ රටේ ආර්ථිකය ගැටගැසී තිබෙන්නේ මිනිස් ජීවිතත් එක්කයි. අපි මේ සාකච්ඡාව කරන්නේ ජීවත්වීම අභියෝගාත්මක තත්වයට පත්වී ඇති මොහොතකයි. ආණ්ඩුව විකිණීමේ අවස්ථාවට තල්ලු වී තිබෙන්නේ ඇයි? විකිණීමේ ඇත්ත සඟවන්න උත්සාහ කරන්නේ ඇයි? ඔවුන්ගේ බලය පවත්වාගෙන යාම සඳහා ඔවුන්ට විකල්පයක […]

‘විකුණන කතාවේ සඟවන ඇත්ත’ ජාතික ජන බලවේගය සම්මන්ත්‍රණය
සැප්තැම්බර් 14 – කොළඹ පදනම් ආයතනය



විකිණීම ප්‍රශ්නයට පිළිතුරක් වන්නේ නැහැ

ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සභාපති, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අනිල් ජයන්ත

රටේ ආර්ථිකය ගැටගැසී තිබෙන්නේ මිනිස් ජීවිතත් එක්කයි. අපි මේ සාකච්ඡාව කරන්නේ ජීවත්වීම අභියෝගාත්මක තත්වයට පත්වී ඇති මොහොතකයි. ආණ්ඩුව විකිණීමේ අවස්ථාවට තල්ලු වී තිබෙන්නේ ඇයි? විකිණීමේ ඇත්ත සඟවන්න උත්සාහ කරන්නේ ඇයි? ඔවුන්ගේ බලය පවත්වාගෙන යාම සඳහා ඔවුන්ට විකල්පයක අවශ්‍යතාවය පැන නැගී තිබෙනවා. කිසියම් තීරණාත්මක මොහොතක විකල්පයක් නැත්නම් ඕනෑම දෙයක් කළාට කමක් නැහැ කියා කියන්න පුළුවන්. මේ විකල්පය නැතිවී තිබෙන්නේ සමස්ත සමාජයට නොවෙයි. මේ ප්‍රශ්නයට විසඳුම් මාර්ග තිබෙනවා. අවස්ථාවාදීව, නීති විරෝධීව බලය හොබවන කණ්ඩායමක් විසින් විකිණීම විසඳුම ලෙස තෝරාගෙන තිබෙනවා. ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ මේ විකිණීම සිදුකරන්නේ ආර්ථිකය බේරා ගැනීමට බවයි. ජීවත් වීමේ ගැටලුව, ආදායම අහිමි වීම, බඩු මිල ඉහළ යාම, භාණ්ඩ හිඟ වීම වගේ අපට පෙනෙන ප්‍රශ්න ටිකක්ද මේ තුළ තිබෙනවා. ඒ නිසා ජනතාව මේ ප්‍රශ්නවලින් බේරාගැනීමට කුමන හෝ විසඳුමකට යාම හොඳයි කියා තීරණය කරන්නත් ඉඩ තිබෙනවා. නමුත් මේ විකිණීම මගින් සිදුවෙන්නේ මහජනතාවගේ ජීවන තත්වය තවදුරටත් පහතට වැටීමයි.

මේ විකිණීම සාධාරණය කිරීම සඳහා විශාල කණ්ඩායම්ද සැදී පැහැදී සිටිනවා. රාජ්‍ය දේපළ විකිණීම හරිද, වැරදිද යන ප්‍රශ්න දෙක අපෙන් විමසනවා. එයට අප අසුවිය යුතු නැහැ. අප ජීවත් වන අර්ථ ක්‍රමය, පුද්ගලික ජීවිතය, ධනය, බලය අසීමාන්තිකව උපරිම කරන්න අපව යොමු කරන සමාජයක තමයි අප ජීවත් වන්නේ. එවැනි ආර්ථිකයක් පවත්වාගෙන යන්න උදවු කරන ආණ්ඩුවක් තමයි තිබෙන්නේ. එවැනි තත්වයකදී මේ අයට විකිණීමත් ජනසතු කිරීමත් යන දෙකම වෙනුවෙන් රාජ්‍ය දේපළ පාවිච්චි කළ හැකියි. අපේ ඉතිහාසයේ මේ තත්වය තමයි සිදුවෙලා තිබෙන්නේ. මහජනතාවගේ සුබ සිද්ධිය සඳහා යැයි කියමින් විශාල ව්‍යාපාර පටන් ගැනීමත් ඒවා ජනසතු කිරීමත් කර තිබෙනවා. මේ දුෂ්ට ආණ්ඩු උපක්‍රම සිදුකර තිබෙනවා. විශේෂිත කාර්යයන් සඳහා ආයතනය ‘ස්පෙසිෆික් පර්පස් වෙහිකල්’ යනුවෙන් ආණ්ඩුව මෙය වෙනස් කර තිබෙනවා. මේ අර්බුදයෙන් ගොඩයන්න විකිණිය යුතුයි කියන මතය වේගවත් කරන්න විශේෂිත ආයතන ගණනාවක් ගොඩනඟා තිබෙනවා. සෙලෙන්දිවා එසේ සාදාගෙන ඇති ආයතනයක්. සැපයීම සඳහා ආර්ථික උපදේශක සභාවක් ගොඩනඟාගෙන තිබෙනවා. ඒ අය යෝජනා කර තිබෙනවා ඉක්මනින් මුදල් උපයා ගැනීම සඳහා මාර්ග. ආර්ථික ප්‍රශ්න විසඳා මිනිස් ජීවිත වෙනස් කරනවා වෙනුවට ඉක්මනින් ඩොලර් ටිකක් සොයා ගන්න තමයි යුහුසුළු වෙන්නේ. ඉතා කෙටි කාලයක් තුළ ඩොලර් බිලියන 08ක් සොයා ගැනීමට යෝජනා ගෙනවිත් තිබෙනවා.

ඔවුන් ඉක්මනින් විකුණාගත හැකි දේපොළ සොයනවා. ඒ, ලාභ ලබමින් තිබෙන හා ලාභ ලැබීමට හැකියාව තිබෙන ආර්ථිකයට යම් ප්‍රබල කාර්යයක් කළ හැකි ආයතනයි. ගුවන්තොටුපළවල්, බැංකු සම්බන්ධයෙන් ආර්ථික උපදේශක සභාවෙන් යෝජනා ගණනාවක් ඇවිත් තිබුණා. මත්තල, රත්මලාන, කටුනායක සියලුම ස්ථාන විකුණා ඩොලර් බිලියන 2.7ක් උපයා ගන්න යෝජනා තිබෙනවා. උතුරු කොළඹ වරාය ව්‍යාපෘතියෙන් මිලියන 600ක් උපයා ගන්න සැලසුම සකස් කර තිබෙනවා. කොළඹ පෝර්ට් සිටියේ ආණ්ඩුව සතුව ඉඩම් ප්‍රමාණයක් තිබෙනවා. එය කල්බදු ක්‍රමය යටතේ බිලියන 04කට විකිණීමට යෝජනා වී තිබෙනවා. ටෙලිකොම්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මේවා විකිණීමෙන් බිලියන 8ක් බලාපොරොත්තු වෙනවා. තවත් තිබෙනවා රාජ්‍ය සතු ව්‍යවසායන් ඍජුව හා වක්‍රව අයිතිය තිබෙන සමාගම් තිබෙනවා. ඒවා කොළඹ කොටස් වෙළඳපොළෙන් ලැයිස්තු ගත සමාගම් ලෙස තිබෙනවා. ඒවත් ලේසියෙන් විකුණා ගත හැකියි. නිවාස සංවර්ධන මූල්‍ය සමාගම, ලංකා හොස්පිට්ල්, එම්.බී.එස්.එල්., පීපල්ස් ලීසිං, පීපල්ස් ඉන්ෂුවරන්ස්, එච්.එන්.බී., සෙලාන් බෑන්ක් මෙම ලැයිස්තුවට ඇතුළත්. ඇතැම් ආයතන 51%කට වඩා ආණ්ඩුවට අයත් ඒවා නොවෙයි. නමුත් කොටස්කරුවන්ගේ ලැයිස්තුව විශ්ලේෂණය කර බැලුවාම ඍජුව හා වක්‍රව අයිතිය එකට එකතු කර ගත් විට සැලකිය යුතු පාලන බලයක් ආණ්ඩුවට එනවා. ඒ වගේම මහජනතාවගේ මුදල් රැඳෙන පොදු අරමුදල් තිබෙනවා. ඊ.පී.එෆ්, ඊ.ටී.එෆ්. හා ඉන්ෂුවරන්ස්. ඉහත සඳහන් කළ ආයතන ගණනාවකම ඊ.පී.එෆ්, ඊ.ටී.එෆ්. හා ඉන්ෂුවරන්ස් මුදල් තිබෙනවා. ඒ නිසා මෙම ආයතන ඉක්මනින් විකිණීම සඳහා පෙළඹීමට ඉඩ තිබෙනවා. මේවා ඉතාමත් අඩු මිලකට විකුණා දැමිය හැකි වීම මෙහි අනතුරයි. ඒ වාගේම එහි ප්‍රතිලාභ යන්නේ එක්කෙනෙක් හා දෙන්නෙක් අතට විය හැකියි.
ආණ්ඩුවක් මහජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. ජනතාව යම් අභියෝගයකට ලක්වෙනවා නම් ඒ සෑම විටම ආණ්ඩුව ඒ සඳහා මැදිහත් විය යුතුයි. ඒ සඳහා ලෝකයේ රටවල් විවිධ ආයතන පවත්වාගෙන යනවා. තායිලන්තය, සිංගප්පූරුව මහජනතාවගේ අයිතිවාසිකම් රැකෙන ආකාරයෙන් රාජ්‍ය ව්‍යවසායන් පවත්වාගෙන යනවා. ජාතික ජන බලවේගය බලයට පත්වුණාම කුමක් කරන්නේද යන ප්‍රශ්නයේදී රාජ්‍ය ව්‍යවසායක් මහජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් යම් ප්‍රතිසංස්කරණයකට හසු කරනවා නම්, එය තීරණය වෙන්නේ ආණ්ඩුවේ වුවමනාවත්, ආණ්ඩුවේ ආර්ථික සැලැස්මත් යටතේයි. ඒ අනුව යම් යම් දේවල් ප්‍රතිව්‍යුහගත කරන්න පුළුවන්. සමහර දේවල් අනිවාර්යයෙන්ම රාජ්‍යයේ බලය සහිතවම පවත්වාගෙන යාමට සිදුවෙනවා. බලශක්ති ක්ෂේත්‍රය, නාවුක ක්ෂේත්‍රය, භූ දේශපාලනික පිහිටීම සැලකිල්ලට භාජනය කළ විට රාජ්‍ය මැදිහත්වීම අවශ්‍ය වෙනවා. ජාතික ජන බලවේගයේ සැලසුම යටතේ පුද්ගලික අංශයට අපි සැලසුම් කරන ආර්ථික ඉලක්ක අනුව ව්‍යාපාර කිරීමේ පහසුව සලසන අතර, ඒ සඳහා පරිසරය සකස් කර දෙනවා.

අද රට තීරණාත්මක මොහොතකට පැමිණ තිබෙනවා. එහෙත් විකිණීම ප්‍රශ්නයට පිළිතුරක් වන්නේ නැහැ. මෙය අප තේරුම් ගත යුතුයි. අපි සවිඥානක විය යුතුයි. අපි එකතු විය යුතුයි. සැබෑ ලෙසම රටට ආදරය කරන මිනිසුන් සිටිනවා නම් ඔවුන්ට එකතු විය හැකි එකම වේදිකාවයි තිබෙන්නේ. මේ උත්සාහයන් ආපස්සට හරවන්න හැකිවන්නේ ජාතික ජන බලවේගයේ මෙම එකතුවීම මගින් නිර්මාණය කරන පුළුල් බලපෑමෙන් පමණයි. එසේ නොවුණහොත් ඉදිරියේදී විවිධ උප්පරවැට්ටි මගින් අපට ඉතිරිවී ඇති වටිනා සම්පත් ක්‍රමිකව විකුණා දැමෙනවා. ලංකාව කියන්නේ ඉතා කෙටි කාලයක් තුළ දියුණු කළ හැකි රටක්. සීමිත සම්පත් ප්‍රමාණය නිවැරදිව කළමනාකරණය කර, දියුණු රටක් බවට පත්කර ගනිමු. ඒ සඳහා එකට එක්ව වැඩ කරමු. මෙම විකිණීම පිටුපස තිබෙන ඔවුන්ගේ සැබෑ වුවමනාව ජනතාවට හෙළිදරව් කරමින් ජනතා හිතෛෂී ආණ්ඩුවක් පත්කර ගනිමු.


පවතින ආර්ථිකයත් දේශපාලනයත් තබාගනිමින් රටට ඉදිරි ගමනක් නැහැ

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක


රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කළ යුතුයි කියන මාතෘකාව අද අලුත් වටයකින් සාකච්ඡාවට ඇවිත් තිබෙනවා. මේ කතිකාව ජනප්‍රිය වෙමින් තිබෙනවා. තෙල් මිල, ගෑස් මිල ඉහළ යනකොට කෙනෙකුට දැනෙනවා මේ ආයතන තමයි අපිව විනාශ කරන්නේ කියලා. ඒ නිසා මේ ආයතන විකුණා දමන්න ඕනෑ යන අදහස යම් ප්‍රමාණයකට මතුවෙමින් තිබෙනවා. අපි පළමු බැලුවොත් මේ ආණ්ඩුවට ලැබුණු ජනවරම මොකක්ද? හම්බන්තොට වරාය විකුණන වෙලාවේදී මහින්ද රාජපක්ෂ පවසා සිටියා, “මෛත්‍රීපාල – රනිල් හවුල් ආණ්ඩුව විකුණන ඒවා ගන්නේ බලාගෙනයි. අපි ආවාම ඒවා ආපහු ගන්නවා. හම්බන්තොට වරාය නැවත පවරා ගන්නවා” කියලා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වී, පළමු සංචාරය ගියේ ඉන්දියාවට. එහිදී ප්‍රකාශ කර සිටියා, ‘හම්බන්තොට වරාය විකිණීම පිළිබඳ ගිවිසුම නැවත සමාලෝචනයට ලක්කරන බව’. රාජපක්ෂ ආණ්ඩුවේ ජනවරමේ සංයුතිය වුණේ රාජ්‍ය දේපළ ආරක්ෂා කිරීමයි. ඒ ජනවරමට ප්‍රතිපක්ෂව සිටියේ රනිල් වික්‍රමසිංහ. රනිල්ගේ ජනවරමට ලැබුණේ ජාතික ලැයිස්තුවෙන් එකම මන්ත්‍රී ධුරයක් පමණයි. ඔහු කොළඹ දිස්ත්‍රික්කයේ නායක ලෙස ඉදිරිපත් වූවත් ඔහුව තෝරා ගැනුණේ නැහැ. මේ වන විට ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද රනිල්ගේ න්‍යාය පත්‍රය රාජපක්ෂ කඳවුරේ න්‍යාය පත්‍රය බවට පත්කර ගෙන තිබෙනවා. මේ විකිණීමේ කතාව එක් පැත්තකින් 2019දී සහ 2020දී ලැබුණු ජනවරමට පටහැණියි.

මේ විකිණීම පිළිබඳ සාකච්ඡාව දීර්ඝ කාලයක් පුරා විවිධ පැතිවලින් එනවා. ගොඩක් ආයතන වික්කා. විජේපාල මෙන්ඩිස් ඇමතිව සිටි කාලයේ 1987 පමණ අපේ පේෂකර්මාන්ත ශාලා විකුණා දැමුණා. ඔහුගෙන් තමයි රාජ්‍ය දේපළ විකිණීම ආරම්භ කළේ. රට තුළ අවශ්‍ය වෙන රෙදිවලින් විශාල පංගුවක් අපි නියෝජනය කරමින් තිබුණා. තුල්හිරිය, මත්තේගොඩ, පූගොඩ, වේයන්ගොඩ රෙදි ජනපද තිබුණා. මේවා වසර 35ක අතීතයක ආරම්භයක් නිසා තාක්ෂණය පහළ මට්ටමකත් ගුණාත්මකභාවයෙහිත් අඩුවක් තිබුණා. මේ විකිණීම නිසා පරිහරණය සඳහා අවශ්‍ය රෙදි විශාල පංගුවක් ආනයනය කරන්න සිදුවුණා. මත්තේඩගාඩ වැහුණා, පූගොඩ පාළුවට ගියා. වේයන්ගොඩ පාළුවට ගියා. ඊළඟ විකිණීම සිදුවුණේ වතුවලයි. රාජ්‍ය වතු අත්හැරියා. අවසානයේ එහි ප්‍රතිඵලයක් ලෙස ඒවායේ වැඩ කරන සේවකයෙකුට රුපියල් 1000ක වැටුපක් දෙන්න බැහැ කියනවා. ඒ පෞද්ගලීකරණයෙන් අත්පත් කරගත් දියුණුව කුමක්ද? සේවකයෝ රුපියල් 1000ක වැටුපක් ඉල්ලීම නිසා හාම්පුතාලා නඩුවක් දැම්මා. එයින් ජනතාවට ලැබුණ ප්‍රතිලාභය කුමක්ද? අපේ කඩදාසි කර්මාන්ත ශාලාව දියුණුවෙමින් තිබුණා. වාලච්චේන, යුද්ධය හේතුකොටගෙන කඩා වැටුණත් ඇඹිලිපිටියේ කඩදාසි කම්හල පවත්වාගෙන යමින් තිබුණා. එය විකුණා දැමුණා. අද රට තුළ අභ්‍යාස පොත් නැති බවටත් ප්‍රශ්න පත්‍රයක්, පත්තරයක් මුද්‍රණය කර ගැනීම අසීරු බවටත් විශාල අඳෝනාවක් නැගෙමින් තිබෙනවා. වරක මෙය නැවත පවරා ගත්තත් නැවතත් විකුණුවා. සමහර ඉඩම් සහ මැෂින් බැංකුවට උකස් කොට ආයෝජකයින් පැනලා ගියා. එම විකිණීමෙන් ලැබූ ප්‍රතිඵලය කුමක්ද? කන්තලේ සහ හිඟුරාන සීනි කර්මාන්ත ශාලා විකුණුවා. කන්තලේ අක්කර 23,000ක් හා පැල තවාන අක්කර 3000කට ආසන්නව තිබුණා. ඒ සඳහා ගැලපෙන කර්මාන්ත පද්ධතියක් තිබුණා. විකිණීමේ ප්‍රතිඵලයක් ලෙස විශාල භූමි ප්‍රමාණයක් පාළුවට ගොස් තිබෙනවා. හිඟුරාන සීනි කම්හල මෑතකදී ආරම්භ කළා. වැලිසර කිරිපිටි කර්මාන්ත ශාලාව විකුණුවා. තුනී ලෑලි සංස්ථාවක් තිබුණා. අද එයත් අපට අහිමි වෙලා තිබෙනවා. දංකොටුවේ පොසිලේන්, පිළියන්දල පෝසිලේන් කර්මාන්ත ශාලා පාළුවට ගොස් තිබෙනවා.

පෞද්ගලීකරණය වෙනුවෙන් මාවතක් තිබෙන අය පළමුව කළ යුත්තේ පෞද්ගලීකරණය කරන ලද ආයතනවල ශේෂ පත්‍රයක් ඉදිරිපත් කිරීමයි. ඔවුන් ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීමේ යහපත් බව නිතර ප්‍රකාශ කරනවා. ටෙලිකොම් පෞද්ගලීකරණයයි, ටෙලිකොම් තාක්ෂණයයි එකට දියුණු වුණේ. මොබයිල් තාක්ෂණය පෞද්ගලීකරණය සමග ලෝකයේ එකට ගැටගැසී තිබෙනවා. 1990දී මාස දෙකක් පමණ ඇප්ලිකේෂේන් එකක් පුරවා පෝලිමේ ඉන්න ඕනෑ තමයි. ඒ අවදියේ තිබුණේ වයර්වලින් සන්නිවේදනය ලබාගන්නා තාක්ෂණයයි. වයර්ලස් තාක්ෂණය එනවිට අපි ඒ ආයතන විකුණලා. එය තාක්ෂණ දියුණුවේ ප්‍රතිඵලයක් මිසක් පෞද්ගලීකරණයේ ප්‍රතිඵලයක් නොමෙයි. රාජ්‍ය ආයතන පමණක් තිබුණා නම් හොඳයි කියා අපි ප්‍රකාශ කරන්නේ නැහැ. නමුත් මේ පෞද්ගලීකරණය තමයි ආර්ථිකය සංවර්ධනය කරන මාවතේ දීප්තිමත්ම මාවත ලෙස හුවා දක්වන්න උත්සාහ ගන්නවා. එය බොරුවක්.

ජනතාව පීඩාවට පත්වෙන කොට ඔවුන් තුළ මතයක් ගොඩනැගෙනවා මේවා විකුණුවත් කමක් නැහැ කියලා. ඒ වගේම මතයක් ගොඩනැගෙනවා රාජ්‍ය ආයතන අකාර්යක්ෂමයි, ඒ නිසා විකුණා දැමිය යුතුයි කියලා. අකාර්යක්ෂමභාවය අපත් පිළිගන්නවා. එහෙත් කළ යුත්තේ විකිණීමද? ඉඩම් නඩුවක් විසඳන්න වසර 20කට වඩා කාලයක් ගත වෙනවා. ඒ තර්කය අනුව අධිකරණ පද්ධතිය අකාර්යක්ෂමයි. පොලීසිය අකාර්යක්ෂමයි. රජයේ අනිකුත් ආයතනත් අකාර්යක්ෂමයි. අකාර්යක්ෂම සියලුම ආයතන අපි විකුණා දැමිය යුතුද? මේ අකාර්යක්ෂමතාවය තිබෙන්නේ ආයතන රජය සතුද, පෞද්ගලික අංශයේද යන්න මත නොමෙයි. මෙතන තිබෙන්නේ සමාජ ආර්ථික ගැටලුවක්. අප විසඳිය යුත්තේ එයයි.

රාජ්‍ය ආයතන විශාල පාඩුවක් ලබනවා, ඒවා භාණ්ඩාගාරයට විශාල බරක් බවට තවත් යෝජනාවක් එනවා. ඒ නිසා මේ ආයතන විකුණා දැමිය යුතුයි යන මතයක් ගොඩනඟනවා. මේ වන විට මහ බැංකුවත් පාඩුයි. කැබිනට් මණ්ඩලයත් පාඩුයි. පාඩු ලබන ආයතන විකුණා දැමිය යුතු නම් මේ ආයතනත් විකුණා දැමිය යුතුයි. නමුත් මේ විකුණා දමන්න සූදානම් වන්නේ පාඩු ලබන ආයතන පමණද? මේ වන විට ලාභ ලබමින් තිබෙන ටෙලිකොම් ආයතනයේ ආණ්ඩුව සතුව 51%ක් තිබෙනවා. දැන් මේ 51% විකුණන්න යෝජනා කරනවා. ඊට අමතරව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විකිණීමට යෝජනා වෙලා තිබෙනවා. 2003 සිට 2021 දක්වා සෑම වසරකම ආණ්ඩුවට බදු ගෙවා තිබෙනවා. ඒ වගේම කොටස් හිමියන්ට ලාභාංශ ගෙවා තිබෙනවා. 2021 වසරේ එය මිලියන 1700ක බදු ආණ්ඩුවට ගෙවා තිබෙනවා. ලාභාංශ ලෙස 1500ක් ගෙවා තිබෙනවා. මේ අනුව බදු හා ලාභාංශ ලෙස මිලියන 3200ක් භාණ්ඩාගාරයට ලැබී තිබෙනවා. එසේනම් මේ ලාභ ලබන ආයතන විකුණන්නේ ඇයි?



එයාර් ලංකා සමාගම සතුව එයාර් ලයින්, ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින්, කේටරින් සේවාව යනුවෙන් ආයතන තුනක් තිබෙනවා. නිමල් සිරිපාල පසුගිය දිනවල කියා සිටියේ කේටරින් සේවාව විකිණිය යුතු බවයි. 2011 සිට 2021 දක්වා වසර 11ක ගිණුම් වාර්තාවලට අනුව 2020 හා 2021 හැරුණු විට අනිකුත් සෑම වර්ෂයකම කේටරින් ලාභ ලබා තිබෙනවා. (2020-2021 වසරවලට කොවිඩ් තත්වය බලපා තිබෙනවා) එය 2021 – 2022 වර්ෂයේ මිලියන 2796ක් ලාභ ලබා තිබෙනවා. 2019 – 2020 වසරේ මිලියන 4760ක් ලාභ ලබා තිබෙනවා. පාඩු ආයතන විකුණන්නේ නම් ලාභ ලබන කේටරින් විකිණිය යුතු වන්නේ ඇයි? ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් 2021 වසරේ මිලියන 5009ක් ලාභයි. එසේ නම් ලාභ ලබන ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් විකුණන්නේ ඇයි? එයාර් ලයින් එක පාඩුයි. මේ පාඩුව සිදුවන්නේ කෙසේද? ජාත්‍යන්තර බැඳුම්කර ලෙස ඩොලර් මිලියන 175ක ණයක් අරගෙන තිබෙනවා. ලංකා බැංකුවෙන් ඩොලර් මිලියන 80ක ණයක් ලබාගෙන තිබෙනවා. මහජන බැංකුවෙන් ඩොලර් මිලියන 466ක ණයක් අරගෙන තිබෙනවා. ඛනිජ තෙල්, එයාර් පෝර්ට්  හා ගුවන් යානා හිඟ බදු මේ සියල්ලම සඳහා රුපියල් බිලියන 401ක ණයක් ගෙවන්න තිබෙනවා. මේ ගෙවීමට ණයක් ඇති එයාර් ලයින් එක කිසිවෙක් මිලදී ගන්නේ නැහැ. ආණ්ඩුව උත්සාහ ගන්නේ මෙම ණය භාණ්ඩාගාරය බාරගෙන ණය සීරෝ කර විකුණන්නයි.

එසේනම් මේ විකිණීම් කුමක් සඳහාද? එකක් ඔවුන් නියෝජනය කරන ආර්ථික උපායමාර්ගය ක්‍රියාවට නැංවීම සඳහායි. අනික් හේතුව ඩොලර් හිඟකමයි. 1980 සිට රටට අවශ්‍ය ඩොලර් ඉපයීමට අප අසමත් වී තිබෙනවා. අපට ආනයනය හා ණය ගෙවීම සඳහා ඩොලර් මිලියන 14,800ක් අවශ්‍යයි. මීට පෙර අපි මේ හිඟය පියවූයේ ණයක් ගැනීමෙන් සහ විකුණා මුදල් ලබාගැනීමෙන්. 2020 වන විට ණය ලබාගැනීමට නොහැකි වීම නිසා ප්‍රශ්නයක් ලෙස අර්බුදය පැනනැගී ආවා. මේ මොහොතේ ඇති වී තිබෙන විදෙස් සංචිත හිඟය පියවා ගැනීම සඳහා විකිණීම සඳහා සූදානම් වෙනවා. තුන්වන හේතුව තමයි මොවුන්ගේ විකිණීමට ඇති කැමැත්ත. විකිණීම බිස්නස් එකක්. හිඟුරාන සීනි කම්හල විකුණන කොට අක්කර 7000ක උක් වගාවක් තිබුණා. අක්කර 300ක පැල තවානක් තිබුණා. කර්මාන්ත ශාලා තිබුණා. ගබඩාවේ සීනි තිබුණා. කම්හල සතුව මිලියන 70ක ස්ථාවර තැන්පතුවක් බැංකුවේ තිබුණා.  ඒ මොහොතේ ගබඩාවේ තිබුණු සීනිවල වටිනාකමටත් වඩා අඩුවෙන් හිඟුරාන සීනි කම්හල විකුණුවා. මේ සෑම විකිණීමකටම ඔවුන්ට ලැබෙන කොමිස් මුදලත් හේතුවෙනවා. කුමන හේතු ඉදිරිපත් කළත් මේවා සම්පත් විකිණීමට සැඟවුණු හේතු ලෙස බලපා තිබෙනවා.

එසේනම් දැන් අප කළ යුත්තේ මොකක්ද? දොඩම් ගොඩ බදාගත්තා වගේ සියල්ල ආණ්ඩුව බදාගත යුතුද? ආණ්ඩුව සමාජය පිළිබඳ වගකීම බාරගත යුතුයි. එක භාණ්ඩ හා සේවා සාධාරණ මිලකටත්, ගුණාත්මකභාවයෙනුත්, සුලභවත්, ලබාදීමේ වගකීම තිබෙන්නේ ආණ්ඩුවටයි. පෞද්ගලික සමාගමක් සමාජ වගකීම දරන්නේ නැහැ. ජනතාව වෙත ඇතිවන පීඩනයන් වෙළඳපොළේ සමහර ක්ෂේත්‍ර නියාමනය මගින් අපට පාලනය කළ හැකියි. පාරිභෝගික අධිකාරිය, මහජන උපයෝගිතා කොමිසම නියාමන ආයතනයන්. තවත් සමහර ක්ෂේත්‍රවලට සමුපකාර ජාල මගින් ක්‍රියාත්මක විය හැකියි. ඉන්දියාවේ ගුජරාට්වල තිබෙන ‘අමුල්’ කිරි කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන්නේ සමුපකාර ක්‍රමය පදනම්ව. ‘ඇන්කර්’ හදන නිව්සීලන්තයේ ‘ෆොන්ටේරා’ කර්මාන්ත ශාලාව සමුපකාර ක්‍රමයක් මගින් ගොඩනැගුණු ආයතනයක්. සමුපකාර සංකල්පය වෙළඳපොළ හැසිරවීමේ ඉතා හොඳ පාලන ක්‍රමයක්. ලෝකයේ බොහෝ තැන්වල සමුපකාර ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. එය අප පිළිගත යුතුයි.

ප්‍රධාන සහල් සැපයුම්කරුවන් වෙළඳපොළ සඳහා අවශ්‍ය සහල්වලින් සපයන්නේ 23%යි. ලංකාවට දිනක පරිභෝජනය සඳහා අවශ්‍ය සහල් කිලෝ ග්‍රෑම් ලක්ෂ 65ක්. අරලිය සහල් දවසකට සපයන්නේ කිලෝ ලක්ෂ 04යි. 77%ක් තිබෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් අතේ. ප්‍රධාන සැපයුම්කරුවන් අඩු ප්‍රමාණයක් සැපයූවත්, ඔවුන්ට සහල් සහ වී වෙළඳපොළ හැසිරවීමට හැකියාව ලැබී තිබෙනවා. එයට හේතුව වී ඇත්තේ, නියමිත ප්‍රමාණයන් අඛණ්ඩව සැපයීමේ හැකියාව තිබීම, සන්නාමයක් තිබීම සහ ගුණාත්මකභාවයක් තිබීම නිසයි. ඒ නිසා සහල් සහ වී වෙළඳපොළේ අධිකාරිත්වයක් හිමිකර ගැනීමට හැකියාවක් ලැබී තිබෙනවා. අප කළ යුත්තේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා ප්‍රාග්ධනය, තාක්ෂණය ලබාදී, සමිති ජාලයක් මගින් සංවිධානය කර, එක බ්‍රෑන්ඩ් එකකින්, එක කොලිටියකින්, අඛණ්ඩව වෙළඳපොළට සහල් එවීමට කටයුතු සලසා දීමයි. එවිට මේ අධිකාරිය බිඳින්න පුළුවන්.

තුන්වෙනුව නිදහස් වෙළඳපොළ ඇති කිරීමෙන් හා සිව්වනුව ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් මැදිහත් විය හැකියි. අපේ ජාතික ආර්ථික උපායමාර්ගයට අනුරූපීව ආණ්ඩුව හසුරුවනවා. රටේ ආර්ථික මර්මස්ථාන රජය සතු විය යුතුයි. රජය දේශපාලන මැදිහත්වීම කිරීම නතර කළ යුතුයි. අපි එය කරනවා. කරලත් තිබෙනවා. මම කෘෂිකර්ම ඇමති අවදියේ ලක් පොහොර සභාපති ලෙස පත් කළේ දක්ෂ, පළපුරුද්ද සහිත ව්‍යාපාරික දැනුමක් ඇති දේශපාලනයෙන් තොර කෙනෙක්. කොමර්ෂල් පොහොර එකේ, මිල්කෝ ආයතනයේ, කෘෂි රක්ෂණ මණ්ඩලයේ, ජල සම්පත් මණ්ඩලයේ, එන්.එල්.ඩී. ආයතනයේ සභාපතිවරුන් ලෙස පත්කළේ දේශපාලනයෙන් තොර දක්ෂ පුද්ගලයන්. මිල්කෝ ආයතනය ලාභ ලැබුවා පමණක් නොවෙයි, කිරි ලබාදුන් ගොවීන්ට පළමු වරට ලාභාංශ පවා ගෙව්වා. සේවක පඩි වැඩි කළා. මේ සෑම ආයතනයක්ම තිබුණාට වඩා කාර්යක්ෂමව පවත්වාගෙන ගියා.

මේ ආයතනවල දේශපාලන මැදිහත්වීම්වලින් ඉවත් කරන්න පියවර ගන්න ඕනෙ. ඊළඟට මේවායේ සිදුවන වංචා-දූෂණ ඉවත් කළ යුතුයි. විෂයයන් පිළිබඳ අවබෝධයක් සහිත තම දැනුම උපයෝගී කරගෙන අලුත් දෙයක් කළ හැකි අය සේවය සඳහා යොදවා ගන්නේ නම්, සේවකයා ඊට අනුරූපී ලෙස වැඩ කරනවා. එවිට වංචා – දූෂණ නවත්වන්න හැකියාව ලැබෙනවා. දැන් මේ ආයතන සේවකයන්ගෙන් පුරවලා. විදුලි බල මණ්ඩලයේ 25,624ක් සේවකයන්. පෙට්ට්‍රොලියම් එකේ 2300ක විතර සේවක සංඛ්‍යාවක්. ෂධක්‍ එකේ 164යි. එක් එක් ආයතන අමාත්‍යවරු තම ආයතනවලට හිතුමතේ දේශපාලන පත්වීම් ලබාදීමෙන් මේ සේවක සංඛ්‍යා වැඩිවී තිබෙනවා. විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවක සංඛ්‍යාව වැඩි වී ඇති අතර, අධ්‍යයන කාර්ය මණ්ඩලය අඩු වී තිබෙනවා. රාජ්‍ය සේවයේ පහළ සේවක සංඛ්‍යාව වැඩි කර තිබෙනවා. රාජ්‍ය සේවය කඩා වැටෙන්නේ එතනින්. ආසියාවේ ඉතාමත් හොඳ රාජ්‍ය සේවයක් අප සතුව තිබුණා. එය සම්පූර්ණයෙන්ම විනාශ කළේ දේශපාලන මැදිහත්වීමෙනුයි.

විදුලි බල මණ්ඩලය විකිණීමේ සාකච්ඡාවක් ඇති වී තිබෙනවා. මෙහි ප්‍රධාන ආයතන තුනක් තිබෙනවා. එකක් ජනනය. දෙක සම්ප්‍රේෂණය, තුන බෙදාහැරීම. ජනනය ආකාර තුනක් තිබෙනවා. ජල විදුලි බලාගාර, නොරොච්චෝලේ වැනි විදුලි බල මණ්ඩලය සතු බලාගාර තිබෙනවා. යුගදනවි බලාගාරය සතුව භාණ්ඩාගාරය සතු කොටස් තිබෙනවා. විදුලි බල මණ්ඩලයේත් එල්.ටී.එල්. එකෙත් කොටස් තිබෙනවා. මේ අතර පෞද්ගලික බලාගාරත් තිබෙනවා. ඔවුන්ගේ ජනන ඒකක වෙනුවෙන් ස්ථාවර ගාස්තුවක් අප ගෙවනවා. ඊට අමතරව පාවිච්චි කළොත් වැඩියෙන් ගෙවනවා.

 
මහවැලි ජල විදුලි බලාගාරවල ඒකකයක් නිපදවන්න රුපියල් 2.54ක් වියදම් වෙනවා. ලක්ෂපාන බලාගාරයේ ඒකකයක් හදන්න වියදම් වන්නේ 1.58යි. සමනල බලාගාරයෙන් විදුලි ඒකකයක් හදන්න යන්නේ 3.13යි. ජල විදුලි ඒකකයක් නිපදවන්න යන සාමාන්‍ය වියදම රු. 2.35යි. ජනනය කිරීම පාඩු ලබන්නේ නැහැ. මේ ජනනය කිරීම විකිණීමටත්, මෙම ආයතන පෞද්ගලීකරණය කරන්නත් උත්සාහ ගැනෙමින් තිබෙනවා. මන්නාරමේ මෙගාවොට් 100ක විදුලි බලාගාරයක් අප සතුව තිබෙනවා. අපේ කොස්ට් එක ඩොලර් ශත 3.5යි. ටෙන්ඩර් කැඳවීමකින් තොරව මෙගාවොට් 500ක බලාගාරයක් අදානිට දීමට සූදානම් වෙනවා. අවුරුද්දකට ඩොලර් මිලියන 151ක්. මේ ගිවිසුම ගහන්නේ අවුරුදු 30කට. ඩොලර් බිලියන 4ක් අවුරුදු 30 ඇතුළත ඔහු ගෙනියනවා.
ආර්ථිකයටත්, ජනතාවටත් මේ විකිණීම බලපාන්නේ කෙසේද යන්න සොයා බැලීමටත් සේවක සංඛ්‍යාව කාර්යක්ෂම කරවීම සඳහාත්, සමහර ව්‍යාපෘති පමාවීම වැළැක්වීම සඳහාත් ජනතා ඉල්ලීම් අඩාලවීම වැළැක්වීම සඳහාත් අභ්‍යන්තර ප්‍රතිව්‍යුහගත කිරීමක් කළ යුතුයි.

තෙල් සංස්ථාව තෙල් ගෙන්වනවා. පෞද්ගලික සමාගමක් ගබඩා කරනවා සහ බෙදා හැරීම කරනවා. මෙතන පාඩුව සිදුවන්නේ කොතනද? රජය තෙල් සහනාධාරයක් දීමට තීරණය කිරීමත් එහි බර තෙල් සංස්ථාවට පැටවීමෙන් තෙල් සංස්ථාව පාඩු ලබනවා. ජනතාවට සහනාධාර දිය යුතුයි. එහි බර භාණ්ඩාගාරය දැරිය යුතුයි. රජයේ ආයතන තෙල් සංස්ථාවට ගෙවිය යුතු ණය නොගෙවා තිබීමත් පාඩුවක්ව තිබෙනවා. උදාහරණයක් ලෙස එයාර් ලංකා සමාගම තෙල් සංස්ථාවට බිලියන 25.6ක්, විදුලි බල මණ්ඩලය බිලියන 47ක්, පුද්ගලික විදුලි බලාගාර බිලියන 6.7ක්, ත්‍රිවිධ හමුදාව මිලියන 820ක් තෙල් සංස්ථාවට ණයයි. තෙල් සංස්ථාවට එම මුදල් බැංකුවෙන් ලබාගැනීමට සිදුවීමත් ඒ සඳහා පොලිය ගෙවීමට සිදුවීමත් නිසාත් පාඩුව වැඩිවී තිබෙනවා. දැන් රුපියල් ට්‍රිලියනයක් ණය වෙලා තිබෙනවා. තෙල් සංස්ථාවේ පාඩුවට රුපියල කඩා වැටීමත් බලපා තිබෙනවා. මේ ආයතන නිසි කලමණාකරණයක් නොවීමත්, සේවක සංඛ්‍යාව වැඩිවීමත් දේශපාලන අත පෙවීමත් මේ පාඩුවට හේතුවී තිබෙනවා. පිරිපහදුව ආරම්භ කළේ 1969දීයි. නිසි කළමනාකරණයක් නොමැති වීමෙන් එය පාඩු ලබන තත්වයක් ඇතිවී තිබෙනවා.

 
ආර්ථිකයේ මර්මස්ථාන නියාමනය කර පවත්වාගෙන යා නොහැකියි. බලශක්ති ක්ෂේත්‍රය රජය සතුව තබාගත යුතුයි. මූල්‍ය වෙළඳපොළ තරගකාරිත්වයකින් පවත්වගෙන යා යුතුයි. මූල්‍ය වෙළඳපොළ රජය පාලනය කළ යුතුයි. බහුජාතික සමාගම් කිහිපයකට රටේ ආර්ථික තීරණ ගැනීමේ බලයත්, මූල්‍ය තීරණය ගැනීමේ බලයත්, දේශපාලන තීරණ ගැනීමේ බලයත් ආණ්ඩුව හැසිරවීමේ බලයත් ලබාදීමේ සැලසුමක් සකස් වෙමින් තිබෙනවා.  අප එය පරාජය කළ යුතුයි. මූල්‍ය වෙළඳපොළ රජය පාලනය කළ යුතුයි. නියාමනය, තරගකාරිත්වය, වෙළඳපොළට මැදිහත්වීමෙන් රජයේ ආර්ථික පංගුව රජය ආරක්ෂා කරගත යුතුයි. වත්මන් ආර්ථික ප්‍රතිපත්ති තබාගෙන රටක් ගොඩනැංවිය නොහැකියි. පවතින ආර්ථික උපායමාර්ගත් මේ දේශපාලන ගමන්මඟත් තබාගෙන තවදුරටත් ඉදිරියට යා නොහැකියි. මේ ගමන් මඟ වෙනස් කළ යුතුයි.

Show More

විකුණන කතාවේ සඟවන ඇත්ත | සම්මන්ත්‍රණය

විකුණන කතාවේ සඟවන ඇත්ත | සම්මන්ත්‍රණය (වීඩියෝ)

විකුණන කතාවේ සඟවන ඇත්ත | සම්මන්ත්‍රණය (වීඩියෝ)

Show More

ආර්ථික අපරාධ මානව හිමිකම් උල්ලංඝනයක් ලෙස පිළිගැනීම වැදගත්

ආර්ථික අපරාධ මානව හිමිකම් උල්ලංඝනයක් හැටියට මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සිලය පිළිගැනීම විශේෂිත දෙයක් බවත් එය ලංකාවට ඉතා වැදගත් කරුණක් බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය “මව්බිම”ට පැවසුවාය. ඒ හරහා මේ මොහොතේ රජයට ජාත්‍යන්තරයෙන් පැහැදිලි පණිවුඩයක් ලබා දෙනු ඇති අතර ජනතාවගේ කැමැත්ත නැති ආණ්ඩුවක් බව හා ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය නැතිවීඹට හේතුව දූෂණය, වංචාව බව […]

ආර්ථික අපරාධ මානව හිමිකම් උල්ලංඝනයක් හැටියට මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සිලය පිළිගැනීම විශේෂිත දෙයක් බවත් එය ලංකාවට ඉතා වැදගත් කරුණක් බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය “මව්බිම”ට පැවසුවාය.

ඒ හරහා මේ මොහොතේ රජයට ජාත්‍යන්තරයෙන් පැහැදිලි පණිවුඩයක් ලබා දෙනු ඇති අතර ජනතාවගේ කැමැත්ත නැති ආණ්ඩුවක් බව හා ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය නැතිවීඹට හේතුව දූෂණය, වංචාව බව ජාත්ත්‍යන්තරයද පිළිගන්නා බවත් ඇය පැවසුවාය. රටේ ආර්ථික අපරාධ මානව උල්ලංඝනයක් හැටියට ජිනීවා මානව හිමිකම් කොමිසම පිළිගෙන ඇති අතර එය මෙවර සාකච්ඡාවට ලක්කිරීම අනිවාර්යයෙන් සිදුවන්නක් පව මන්ත්‍රීවරිය පෙන්වා දුන්නාය. ඒ අනුව ලංකාවේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැතිකම ජිනීවා මානව අයිතිවාසිකම් ගොඩට වැටීම ඉතා හොඳ බව ඇය ප්‍රකාශ කළාය.
මන්ත්‍රීවරිය වැඩිදුරටත් පැවසුවේ දූෂණය අර්බුදයේ ප්‍රධානතම කොටසක් බව පාලකයන් පිළිගත යුතු බවය.

Show More

මේ හොරු ටික එක්ක මොන රාජ්‍ය ව්‍යයසායකත්වද?

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික, දත්ත විද්‍යා උපදේශක චතුරංග අබේසිංහ සමඟින් සිදුකළ ඒෂියන් මිරර් මතවාද දේශපාලන වැඩසටහන

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික, දත්ත විද්‍යා උපදේශක චතුරංග අබේසිංහ සමඟින් සිදුකළ ඒෂියන් මිරර් මතවාද දේශපාලන වැඩසටහන

Show More

Selling is not the Answer

‘The truth behind the selling story’ National People’s Power (NPP) Conference 14th September – Foundation Institute, Colombo Professor Anil Jayantha, Chairperson of the Economic Policy Committee of National People’s Power The country’s economy is woven together with that of the people’s lives. We hold this discussion at a moment when living has become so challenging. […]

‘The truth behind the selling story’ National People’s Power (NPP) Conference

14th September – Foundation Institute, Colombo

Professor Anil Jayantha, Chairperson of the Economic Policy Committee of National People’s Power

The country’s economy is woven together with that of the people’s lives. We hold this discussion at a moment when living has become so challenging. Why has the government come to a situation of selling assets? Why does the government attempt to hide the truth behind selling assets? The need for an alternative has arisen for the government to continue and hold onto its powers. It is possible to say that it is fine to do anything if there is no alternative at any given critical moment. However, the society has not lost the alternative. This crisis has solutions. An opportunistic and illegal power-hungry group of people has chosen ‘selling’ as their solution. They state that this selling is made to save the economy. There are some problems that we can see in this, like the problem of living, loss of income, increase in the price of goods, and lack of goods. Therefore, it is possible to decide that it is better to go for any solution to save people from these problems. But by this sale, the standard of living of the people will further decline.

There are a large number of groups waiting to justify this solution of selling assets. We are asked the two questions of whether selling public property is right or wrong. We don’t have to get caught up in it. We live in a society that directs us to maximize the economic system, personal life, wealth, and power. The government too helps maintain such an economy. In such a scenario, they could use State assets for both selling and nationalizing. This is what has happened throughout our history. Large-scale businesses have been started and nationalized claiming that they all are for the betterment of the people. Several specialized institutes have been established to spread the word on the importance of selling to get out of this crisis. Selendiva is one such institute. An economic advisory council has been formed to provide. They have suggested ways to earn money quickly. Instead of solving economic problems and changing people’s lives, they are rushing to find a few dollars quickly. Proposals have been brought to find 08 billion dollars in a very short time.

They are in search of assets that could be sold immediately. Those are the institutions that are making a profit and can make a powerful impact on the economy. Several proposals had come from the Economic Advisory Council regarding airports and banks. There are proposals to sell all the places in Mattala, Ratmalana, and Katunayake and earn 2.7 billion dollars. It has been planned to gain 600 million from the North Colombo harbor project. The government owns some lands in Colombo Port City. It is proposed to be sold for 04 billion under the lease system. And an amount of 08 billion is expected by selling Telecom and Sri Lanka Insurance.  Some companies hold direct and indirect ownership of state-owned enterprises. Such institutions have been listed by the Colombo Stock Exchange. These can also be sold easily. This list comprises institutions such as Housing Development Finance Corporation, Lanka Hospital, M. B. S. L., People’s Leasing, People’s Insurance, H. N. B, and Seylan Bank. More than 51% of some institutions are not owned by the government. However, upon investigating the shareholders, significant control power comes under the government when direct and indirect rights are combined. And there are public funds such as E.P.F., E.T.F., and insurance that hold the public’s money. Many of the institutions mentioned above have money belonging to EPF, ETF, and insurance. Therefore, there is a possibility to persuade the immediate selling of these institutions. The danger here is that these can be sold at very low prices. Also, its benefits may go to one or two people.

A government should stand for the needs of the public. If people face any challenge, the government should always intervene in it. Other countries have several institutions for the said purpose. Countries like Thailand and Singapore have state enterprises that protect the rights of their citizens. The question of what will the NPP does once they gain power is that if the state-owned enterprise is reformed for the betterment of the public, such will be decided subject to the intention of the government and the economic policy of the government. Accordingly, some things can be restructured. Some things must be maintained with the power of the state. The intervention of the government is necessary when it comes to the energy sector, naval sector, and geopolitical location. Under the plan of the NPP, the private sector will be facilitated in doing business according to the economic goals we plan, and we also create the right environment for such.

Today the country has come to a critical moment. Hence, selling is not the solution for it. We should understand this. We should be conscious of this. We should get together. If there are people who truly love the country, there is only one platform where they can unite. These efforts can only be reversed by the broad influence created by this gathering of NNP. If not, the remaining valuable resources will be systematically sold in the future through various subterfuges. Sri Lanka is a country that can be developed within a very short period. Let us make this a developed country by managing rightly the limited resource we have. Let us work together to achieve this. Let us reveal to the people their true desire behind this sale and appoint a people-friendly government.

Show More

ජනතාවට කන් හැන්දෙන්වත් නොදී ඇමතිවරුන්ට බැකෝවලින් බෙදා ගන්නවා

රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව රාජ්‍ය අමාත්‍ය ධුර 37ක් පත්කර ඉතාමත් කෙටි කාලයක් ඇතුළත තවත් කැබිනට් අමාත්‍ය ධූරත් ලබාදීමට නියමිතයි. සාමාන්‍ය ජනතාවට තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන්න බැරි තරම් ආර්ථික අමාරුකම් තිබෙන අවස්ථාවක, පසුගිය මාස කිහිපය තුළ ඉන්ධන මිල හතර ගුණයකට වඩා වැඩි කර විදුලි ගාස්තු දෙගුණයකින් හෝ තුන් ගුණයකින් ඉහළ දමා තිබෙනවා. ජල ගාස්තුත් වැඩිකර අත්‍යවශ්‍ය ආහාරපාන […]

රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව රාජ්‍ය අමාත්‍ය ධුර 37ක් පත්කර ඉතාමත් කෙටි කාලයක් ඇතුළත තවත් කැබිනට් අමාත්‍ය ධූරත් ලබාදීමට නියමිතයි. සාමාන්‍ය ජනතාවට තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන්න බැරි තරම් ආර්ථික අමාරුකම් තිබෙන අවස්ථාවක, පසුගිය මාස කිහිපය තුළ ඉන්ධන මිල හතර ගුණයකට වඩා වැඩි කර විදුලි ගාස්තු දෙගුණයකින් හෝ තුන් ගුණයකින් ඉහළ දමා තිබෙනවා. ජල ගාස්තුත් වැඩිකර අත්‍යවශ්‍ය ආහාරපාන මිල ගණන් විශාල වශයෙන් ඉහළ යවා තිබෙනවා. ජනතාව එදිනෙදා ගැටලු රාශියකට මුහුණ දී සිටිනවා. ආණ්ඩු ප්‍රමුඛතාවය දිය යුත්තේ ජනතාවගේ මේ ගැටලු විසඳන්නයි. නමුත් වර්තමාන ආණ්ඩුව උත්සාහ කරමින් තිබෙන්නේ ආණ්ඩුවේ අයගේ අභ්‍යන්තර ගැටලු විසඳා ගන්නයි. රනිල් වික්‍රමසිංහ තමන් තෝරා පත්කර ගන්න ඡන්දය දුන් 134 දෙනාගේ ගැටලු විසඳීමේ යෙදී සිටිනවා. තමන්ගේ ආච්චි සහ සීයා ‘ණයක් ගත්තොත් ගෙවන්න’ යනුවෙන් උපදෙස් දී ඇති බව රනිල් වික්‍රමසිංහ පක්‍ෂ සමුළුවේදී ප්‍රකාශ කළා. රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති ධුරය බැසිල් රාජපක්‍ෂගෙන් ණයට ගත් එකක්. දැන් ඒ ණය පියවමින් පොහොට්ටුව නියෝජනය කරන මන්ත්‍රීවරු 29කට රාජ්‍ය අමාත්‍ය ධුර ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන 06ක් සහ සජබ නියෝජනය කරන දෙදෙනෙකුට රාජ්‍ය අමාත්‍ය ධුර ලබාදී බැසිල් රාජපක්‍ෂගේ ණය ගෙවමින් සිටිනවා. ඊට අමතරව තව කැබිනට් අමාත්‍ය ධුරත්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල සභාපති ධුරත්  ලබාදී තිබෙනවා.

 
රනිල් වික්‍රමසිංහ බැසිල්ගේ ණය ගෙවීමට පත්කරන රාජ්‍ය ඇමතිවරුන් වැටුප් ගන්නේ නැති බවට ප්‍රචාර ගෙනයනවා. ඔවුන්ට වැටුප අදාළම නැහැ. 2016 අප්‍රේල් මාසේ 19වැනිදා රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව නිකුත් කළ චක්‍රලේඛයට අනුව ඇමතිවරුන්ට ලබාදී ඇති ප්‍රතිපාදන එලෙසින්ම රාජ්‍ය අමාත්‍යවරුන් සඳහාද වලංගු කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍යවරයෙකුට අහිමි එකම දේ කැබිනට් මණ්ඩලයට සහභාගි නොවීම පමණයි. අදාළ අමාත්‍යවරයා මගින් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ යුතුයි. රාජ්‍ය අමාත්‍යවරුන්ට නිල වශයෙන් වාහන 03ක් ලැබෙනවා. බස්නාහිර පළාත තුළ නම් පෙට්‍රල් වාහන එකක් සඳහා ලීටර් 600ක් සහ බස්නාහිර පළාතෙන් පිට ලීටර් 750ක් මසකට ලැබෙනවා. ඩීසල් වාහනයක් නම් බස්නාහිර පළාත තුළ ලීටර් 500ක් සහ ඉන් පිට ලීටර් 600ක් ලැබෙනවා. මෙවැනි වාහන 03ක් සඳහා පෙට්‍රල් ලීටර් 2250ක් ලැබෙනවා. පවුලක් ජීවත් කරවන ත්‍රී වීල් එකකට දෙන්නේ ලීටර් 05යි. රාජ්‍ය ඇමතිවරුන්ට පෙට්‍රල් ලීටරයක් රු. 450 බැගින් රුපියල් 1,0125,00ක් මාසයකට තෙල් සඳහා ලැබෙනවා. ඩීසල් වාහනයක් නම් ලීටර් 1800ක් ලැබෙනවා. රු. 430 බැගින් රු. 778,000ක් ලැබෙනවා. එක් රාජ්‍ය අමාත්‍යවරයෙකුට තෙල් සඳහා විශාල වරප්‍රසාදයක් හිමි වෙනවා.
ඒ වගේම ඇමතිවරයෙකුට දුරකතන කාර්යාලයට දෙකක්, නිවාසයට දෙකක් සහ ජංගම දුරකතනයක් ලැබෙනවා. කාර්යාලයේ දුරකතන දෙක වෙනුවෙන් රු. 20,000ක් රාජකාරී නිවාස දුරකතනයය වෙනුවෙන් රු. 10,000ක් සහ ජංගම දුරකතතනයට රු. 10,000ක් වශයෙන් රු. 40,000ක් ලබාදෙනවා. මේ මුදල් ලබාදෙන්නේ මාසික ස්ථාවර ගාස්තුවලට සහ බදු මුදලට අමතරවයි. ඉන්ධන සඳහාත් මිල ඉහළ යන විට මාසික දීමනාවක් ලෙස ගණනය කරනවා. අදාළ මාසයේ පළමුවැනි දින දේශීය වෙළඳපොළේ පවතින මිල ගණන්වලට අනුවයි එම ගණනය කරන්නේ. ඉන්ධන මිල ඉහළ යාමට සමාන්තරව ඇමතිවරුන්ට ලැබෙන ගාණ වැඩිවෙනවා. ඒ මුදල් අතට ලැබෙනවා. ඊට අමතරව නිවාස සහ අනෙකුත් සියලුම පහසුකම්  මහජන මුදලින් ලබා දෙනවා. ඒ ගොල්ලෝ බුදිය ගන්නෙත්, කන්නෙ බොන්නෙත් මහජන මුදල්වලින්. ඒ නිවාසවලට අදාළ  හැඳි ගෑරුප්පු පවා මහජන මුදලින් ලබා දෙනවා. ගෙයක් ලබාගන්න බැරිවෙන ඇමතිවරුන්ට පැරණි චක්‍රලේඛ අනුව රු. ලක්‍ෂයක  දීමනාවක් ලබා දෙනවා.

 
ඇමති කාර්ය මණ්ඩලයට 15 දෙනෙක් ලබා දෙනවා. පෞද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම්වරු දෙදෙනෙක්, මාධ්‍ය ලේකම්වරයෙක්, මහජන සම්බන්ධතා නිලධාරීවරයෙක්, පෞද්ගලික සහකාර මහජන සම්බන්ධතා නිලධාරීන් පහක්, කාර්යාල සහායක දෙදෙනෙක්, රියදුරු දෙදෙනෙක්.. ආදී වශයෙන් 15ක් ලැබෙනවා. ඔවුන්ගෙන් පස් දෙනෙකුට මහජන මුදලින් බිල් ගෙවන දුරකතන ලැබෙනවා. රු. 5,000 සිට 6,000දක්වා බිල් ඔවුන් වෙනුවෙන් ගෙවනවා. ස්ථාවර ගාස්තු සහ රජයේ බදු ඉවත් කර ලබාදෙන මුදල මේක. ආරක්‍ෂාව වෙනුවෙන් ඇමතිවරයෙකු හට පොලිස් නිලධාරීන් 08ක් ලබා දෙනවා. මන්ත්‍රීවරුන්ට පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ලබා දෙනවා. අපිනම් ආරක්‍ෂාවට පොලිස් නිලධාරීන් ලබාගෙන නැහැ. ඉන්ධන සමග පසු ගමන් ආරක්‍ෂක රථයක් ඇමතිවරයෙකට ලබා දෙනවා. රාජ්‍ය අමාත්‍ය ධුර වෙනුවෙන් ලබාදෙන අමාත්‍යාංශ කාර්යාලවලට කුලිය ගෙවන්න ඕනෑ. අමාත්‍යාංශ ලේකම් ඇතුළු ඉහළ නිලධාරීන්ට වාහන ඉන්ධන දුරකතන ඇතුළු වරප්‍රසාද ලබා දෙනවා. අතිරේක ලේකම්වරුන්ටත් ඒ වගෙයි. රාජ්‍ය අමාත්‍ය ධුරයක් නඩත්තු කරන්න යන වියදම අපේ රටේ ජනපදයක් නඩත්තු කරන්න යන වියදමක් වගෙයි. අපේ රටේ පුරවැසියන් මෙවැනි බරක් දරන්න ඕනෑද? අනෙක් පැත්තෙන් ජනතාවට 15%ක වැට් බදු, 2.5% බැගින් වැල් පොලී එකතු වන තව බදුත් පටවනවා. ජනතාවගේ ධනයෙන් පරපුටු රැලක් නඩත්තු වෙනවා. මහජනතාවට කන් හැන්දෙන්වත් නොදී ඇමතිවරුන්ට බැකෝවලින් බෙදා ගන්නවා. මේ වැනි වැය බරක් ජනතාව තවදුරටත් දැරිය යුතුද?
අපේ රට ආර්ථික ප්‍රපාතයට හෙළුවේ මේ දේශපාලන සංස්කෘතියයි. මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ අතේ හැන්ද තියෙන්නේ. ඒ වගේම අටවා ගත් ජනාධිපති. අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු සිතු සේ පත් කරමින් භාණ්ඩාගාරයේ ධනය බැකෝවලින් බෙදා ගනිමින් ජනතාවට කන් හැන්දෙන්වත් ලබා දෙන්නේ නැහැ. මෙවැනි විශාල ආර්ථික අර්බුදයක් තිබෙන අවස්ථාවක නාස්තිකාර ඇමති ධුර ඕනෑද? ජනතාවගේ ප්‍රශ්නය ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු, නැතිකමද? ජනතාවට තියෙන්නේ ආහාර හිඟයත් මිල ඉහළ යාමත් පිළිබඳ ප්‍රශ්න. රටට තියෙන්නේ  ඩොලර් නැතිකමේ ප්‍රශ්නය. භාණ්ඩාගාරයට මුදල් නැතිකම. මේ හැම එකක්ම පැත්තක තියලා ඒ ගොල්ලන්ගේ ප්‍රශ්න විසඳා ගන්න අතර රනිල් වික්‍රමසිංහ වේදිකාවට ඇවිත් කියන්නේ රාජ්‍ය සේවය අඩු කරන්න, වියදම් අඩු කරන්න ඕනෑ කියලයි. ඒ අයට උපරිමයෙන් බෙදා ගන්න ගමන් ජනතාව අන්ත පීඩනයකට පත් කරනවා. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ. ඒ වෙනස් කිරීම සඳහා ජනතාව පෙළගැහෙන්න ඕනෑ. නාස්තිකාරී, විගඩම්කාරී සහ පිනට ලැබුණු වස්තුව වියදම් කරනවා වගේ යැපෙන දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුයි.

 
මේ සඳහා තවත් අත්දැකීම් අවශ්‍ය නැහැ. මේ පාලකයන් ඇති තරම් අපට අත්දැකීම් දීලා තියෙනවා. කරුණු දීලා තිබෙනවා. ඔවුන් මොන වගේ කණ්ඩායමක්ද කියලා ඔප්පු කර තිබෙනවා. ජනතාවගේ මුදල්වලින් යැපෙන මොන තරම් පරපුටු කණ්ඩායමක්ද කියලා ඔප්පු කර තිබෙනවා. ඒ නිසා මේ දේශපාාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා පෙළගැසෙන්න කියලා ජනතාවට අපි ආරාධනා කරනවා.

 
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.

 
අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉතාමත් පැහැදිලිව ඉදිරිපත් කර තිබෙන්නේ අමාත්‍යවරුන් සංඛ්‍යාව 25කට නොවැඩි වීමත් නියෝජ්‍ය අමාත්‍ය ධුර ඒ හා සමානව දීමත් පමණයි. රාජ්‍ය අමාත්‍ය ධුර වැනි එල්ලන ඒවා නොකළ යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වැනි සංශෝධනය සකස් කරන අවස්ථාවේ අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පමණක් සිටිය යුතු බවට අපේ යෝජනා බාර දුන්නා. ඇමතිවරයාට සහාය වීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ඉන්නවා. රාජ්‍ය අමාත්‍ය ධුර කියන්නේ කැබිනට් අමාත්‍යවරුන්ට ලැබෙන සියලු වරප්‍රසාද ලබාගන්නා අතිවිශාල මහජන මුදල් නාස්තියක්. මෙතනදී කරන්නේ ව්‍යවස්ථාවේ සඳහන් කර තිබෙන ඇමතිවරුන් 30කට වඩා පත්නොකළ යුතු බවට තිබෙන වගන්තියෙන් රිංගා යාමට යොදන උපක්‍රමයක්. ඒ වගේම ඉතාම විද්‍යාත්මක පදනමකින් විෂයයන් බෙදා ඒ ඒ විෂයයයන් වෙනුවෙන් නිපුණතාවයන් හැකියාව සහ දැනුම තිබෙන ඇමතිවරුන් පත්කළ යුතුයි. විශේෂයෙන් අමාත්‍යවරුන්ගේ වරප්‍රසාද ඉවත් කළ යුතුයි. ඇමතිවරුන්ට ලබාදෙන නිල නිවාස ඉවත්කරන්න ඕනෑ. ඇමතිවරුන් බොහොමයකට ලබාදී තිබෙන ඉංග්‍රීසීන් හැදූ පෞරාණික නිවාස අපි නම් සංචාරක නිකේතන බවට පත් කරනවා. ලෝකයේ සිටින ධනවත් සංචාරකයින් වෙනුවෙන් වෙන් කරනවා. ඇමතිවරුන්ට අඩු වියදම් වාහනයක් ලබා දෙනවා. විශාල වශයෙන් ඉන්ධන වියදම් වන වාහන ඉවත් කළ යුතුයි. භාණ්ඩාගාරයේ පතුළට සිඳී තිබෙන රටක් ගොඩගන්න පුළුවන් ඒ ආකාරයෙන්. මහ බැංකු අධිපති නන්දලාල් කියා තිබෙන්නේ විදෙස් සංචිත බින්දුවටම හිඳී ඇති බවයි.

Show More