Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

Online පනත් කෙටුම්පතට එරෙහිව ජාතික ජන බලවේගයෙන් තවත් පෙත්සමක්

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද යෝජිත පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක් අද (11) පෙරවරු 11.30ට ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට බාරදෙන ලදි. වත්මන් ආණ්ඩුව විසින් ගැසට් කර ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ යෝජිත පනත් කෙටුම්පතට එරෙහිව පසුගිය 05 වෙනිදාද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමාජවාදී තරුණ සංගමයේ ජාතික […]

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද යෝජිත පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක් අද (11) පෙරවරු 11.30ට ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට බාරදෙන ලදි.

වත්මන් ආණ්ඩුව විසින් ගැසට් කර ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ යෝජිත පනත් කෙටුම්පතට එරෙහිව පසුගිය 05 වෙනිදාද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරන ලදී.

Show More

මාර්ග ගත අදහස් ප‍්‍රකාශ කිරීම අහුරාලන මේ දුර්දාන්ත පනත ඉල්ලා අස්කර ගන්න කියලා ආණ්ඩුවට බල කරනවා -ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ උප සභාපති, නීතිඥ සුනිල් වටගල-

”මාර්ග ගත අදහස් ප‍්‍රකාශ කිරීම අහුරාලන පනත මේ දුර්දාන්ත පනත ඉල්ලා අස්කර ගන්න කියලා ආණ්ඩුවට බල කරනවා” යයි ජාතික ජන බලවේගයේ සංවිධානයේ නීතිඥ – සුනිල් වටගල ප‍්‍රකාශ කළේය. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ පසුගිය ඔක්තෝබර් 08දා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. එහිදී ඔහු ඇතුළු නීතිීඥවරු සහ නීතිඥවරිය මෙසේ අදහස් දැක්වූහ.”ඔන්ලයින් ඇප් එක ගැන ජාතික ජන […]

”මාර්ග ගත අදහස් ප‍්‍රකාශ කිරීම අහුරාලන පනත මේ දුර්දාන්ත පනත ඉල්ලා අස්කර ගන්න කියලා ආණ්ඩුවට බල කරනවා” යයි ජාතික ජන බලවේගයේ සංවිධානයේ නීතිඥ – සුනිල් වටගල ප‍්‍රකාශ කළේය. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ පසුගිය ඔක්තෝබර් 08දා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. එහිදී ඔහු ඇතුළු නීතිීඥවරු සහ නීතිඥවරිය මෙසේ අදහස් දැක්වූහ.
”ඔන්ලයින් ඇප් එක ගැන ජාතික ජන බලවේගයේ නීතිඥයෝ ලෙස නෛතික විග‍්‍රහයක් කරන පති‍්‍රකාවක් මුළු රටටම ඉදිරිපත් කරනවා. ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන පනතේ හරයාත්මක කරුණු මෙම ලියවිල්ලට ඇතුළත් කර තිබෙනවා. අද අපි එය මාධ්‍යයට නිරාවරණය කරන්න සූදානම්. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සහ පවතින නෛතික සිද්ධාන්තයන්ට පටහැනි මේ පනත ගැන මුලින්ම නීතිඥ ප‍්‍රජාව දැනුවත් කර, සාමාන්‍ය ජනතාවත් දැනුවත් කිරීමට අදාළව මේ දැනුවත් කිරීමේ පති‍්‍රකාව සකස් කර තිබෙනවා. අපි දැනටමත් මේ පනත් කෙටුම්පතට විරුද්ධව අලූත්කඬේ උසාවි සංකීර්ණයේ සහ ගම්පහ අධිකරණය ඉදිරිපිට නීතිඥවරුන්ගේ විරෝධතාවයක් පවත්වා තිබෙනවා. සඳුදා (09 දින, උදේ 09.30ට උතුර, නැගෙනහිර පළාත්වල සියලූ නීතිඥ මහත්ම මහත්මීන් පැමිණීමෙන් මුලතිව් මහේස්ත‍්‍රාත්වරයා ඉල්ලා අස්වීමට බලපෑ හේතු සම්බන්ධයෙන් විරෝධතාවක් පැවතෙන අවස්ථාවට ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සම්පූර්ණ සහයෝගය ලබාදෙනවා. ඒ වගේම මේ පනත සම්බන්ධයෙන් දිවයිනේ සියලූම දිස්ති‍්‍රක්කවල නීතිඥවරුන්ගේ විරෝධතාවන් පවත්වනවා. විෂය භාර ඇමතිට අපි අවධාරණය කරන්නේ මේ දුර්දාන්ත පනත ඉල්ලා අස්කර ගන්න කියලා. මෙය රටේ නීතිය හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොවෙයි.

සාපරාධී අපහාස නීතිය අහෝසි කළ බව රනිල් වික‍්‍රමසිංහ කියනවා. නමුත් ඒ ඉවත් කළා කියන සාපරාධී නීතිය දැන් ඉදිරිපත් කර තිබෙන ඔන්ලයින් කෙටුම්පතේ 22 වන වගන්තියෙන් යළි හඳුන්වා දී තිබෙනවා. මිස්ටර් ක්ලීන්ගේ තරම එයින් පැහැදිලියි. ජනාධිපති විසින් පස්දෙනෙකු පත්කර නීතියේ අපගමනයක් සිදුකරන්න රනිල් වික‍්‍රමසිංහ කි‍්‍රයාකරන ආකාරය පැහැදිලියි. මෙය හරියටම 22 වන ව්‍යවස්ථා සංශෝධනයක් වගේ පැහැදිලියි. මේ උත්සාහ කරන්නේ ව්‍යවස්ථානුකූල ඒකාධිපතිත්වයක් ගොඩනඟා ගන්න. ඡුන්දය නොපවත්වා තවදුරටත් යා හැකි ක‍්‍රමයක් මේ මගින් ජනාධිපතිවරයා සොයා ගන්න උත්සාහ කරනවා. නමුත් නීතිඥ ප‍්‍රජාව සහ ජනතාව ව්‍යවස්ථානුකූලව පෙළ ගස්වා මේ අනපනත් හකුලා ගැනීමට අදාළ පීඩනයත් ආණ්ඩුවට එල්ල කරනවා.”


සාධරණත්වය, යුක්තිසහගත බව සහ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් රටේ ජනතාව පෙළ ගැසිය යුතුයි. -ජාතික ජන බලවේගයේ සංවිධානයේ – නීතිඥ හේමක සේනානායක-


”මාර්ග ගත අදහස් ප‍්‍රකාශ කිරීම අහුරාලන පනත සහ ප‍්‍රතිත‍්‍රස්ත පනත පිළිබඳවත් මේ ආණ්ඩුව යටතේ නැවත පැන නැගී තිබෙන අධිකරණ බලපෑම සම්බන්ධයෙනුත් අපගේ විශේෂ අවධානය යොමුකර තිබෙනවා. මිනිසුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ, ශිෂ්ටත්වයේ, සාධාරණත්වයේ කොඳු නාරටිය අධිකරණයයි. නමුත් දීර්ඝ කාලයක් තිස්සේ අධිකරණයට සිදුකරන බලපෑම් නිසා රටේ යුක්තිය ඉෂ්ට කිරීමේ කි‍්‍රයාවලියට විශාල බලපෑම් එල්ල වී තිබෙනවා. 1983 ජූලි මස 08 වැනිදා පැවැත් වූ විරෝධතාවයකදී විවියන් ගුණවර්ධනගේ යටි බඩට ගනේශනාධන් කියන පොලිස් නිලධාරියා පහරක් එල්ල කළා. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනුකළ මූලික අයිතිවාසිකම් නඩුව පර්සි කොලෙන්තෝනි, ජේ.එම්.ඒ. සෝසා සහ බාන්ස් රත්වත්තේ යන ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගත්තා. මේ නඩුවේදී ගනේෂ් නම් පොලිස් නිලධාරියා වැරදිකරු බවත් ඔහුගේ ඔහුගේ පෞද්ගලික ධනයෙන් රුපියල් 2500ක වන්දියක් විවියන් ගුණවර්ධනට නියම කළා. නමුත් එම දඩය රජයේ මුදලින් ගෙවා පොලිස් නිලධාරියාට උසස්වීමක් ලබා දුන්නා. මේ නඩු තීන්දුව දීමෙන් පසු කළු ලකී කියන මැරයාව යවලා විනිසුරුතුමන්ලාගේ නිවෙස්වලට ගල් ගැහුවා. කළු ලකී එම වගකීම භාරගත්තා. නමුත් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ ලක්ෂමන් ප‍්‍රනාන්දු හෙවත් කළු ලකීව අත්අඩංගුවට ගැනීමට සොයා ගත නොහැකි බවයි. මේ අතර ‘සන් පුවත්පත’ කළුලකීගේ මඟුල් ගෙදර ඡුායාරූප ප‍්‍රසිද්ධියට පත් කළා. එවකට අධිකරණ ඇමතිව සිටි නිශ්ශංක විජේරත්න, එවකට තරුණ කටයුතු ඇමති, අද ජනාධිපති රනිල් වික‍්‍රමසිංහත් ඒ ඡුායාරූපවල සිටියා. අධිකරණයට සිදුකළ මේ කුප‍්‍රකට බලපෑම් එතනින් අවසන් වුණේ නැහැ. මේ සිදුවීම් කාලයත් සමග යටපත් වුණත් අධිකරණයට සිදුකළ බලපෑම අවසන් වුණේ නැහැ. රිෂාඞ් බදුර්දීන් සිදුකළ බලපෑම අරගලය කාලයේ අත්අඩංගුවට ගත් තරුණ තරුණියන්හට කඩුවෙල මහේස්ත‍්‍රාත්තුමිය ඇප ලබාදීම වැනි අවස්ථා දක්වා මෑත කාලය වනතුරු පවතිනවා. කඩුවෙල මහේස්ත‍්‍රාත්තුමියගේ ආරක්ෂාව රැය පහන් වන විටම ඉවත් කර තිබුණා. මුලතිව් අධිකරණයේ සිටි සරවන රාජා විනිසුරුතුමා සඳහන් කරන්නේත් ඔහුගේ ආරක්ෂාව ඉවත් කළා කියලා. බලපෑම් හමුවේ කඩුවෙල මහේස්ත‍්‍රාත්තුමිය ඉවත් වුණේ නැහැ. තව පැත්තකින් පළාත් පාලන මැතිවරණයට වහාම වෙන්කළ මුදල් ලබාදෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුතුමන්ලා කළ නියෝගය සම්බන්ධයෙන් විමර්ශනය කරන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවත් පත්කරන ලෙස පේ‍්‍රමනාත් දොලවත්ත කියන මන්තී‍්‍රවරයාත්, ෂෙහාන් සේමසිංහ රාජ්‍ය ඇමතිවරයාත් යෝජනා කර තිබුණා. පේ‍්‍රමනාත් දොලවත්ත කියන්නේ නීතිඥවරයෙක් නිසා ඔහු කළ ප‍්‍රකාශය නොදැන කළ එකක් නොවෙයි. මේ යෝජනා පිටුපස රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ අදිසි හස්තය ඒ පිටුපස තිබුණා. නමුත් ඔවුන්ගේ ඒ යෝජනාවට සිදුවුණු දෙයක් අද වෙනකොට නැති වුණත් එවැනි ප‍්‍රකාශ මගින් ගරු විනිසුරුතුමන්ලාව බිය ගැන්වීමක් කරන්නේ. මුලතිව් දිසා විනිසුරුවරයා ඇසූ නඩුවල අන්තර්ගතය පිළිබඳව අපි ප‍්‍රශ්න කරන්නේ නැහැ. ස්වාධීනව නඩුවක් විමසන්න බැරි නම්, රටේ යුක්තිය සාධාරණත්වයට මොකක්ද වෙන්නේ? අධිකරණ කොමිෂන් සභාව සහ ඉහළ ආයතනවලින් අපි දැඩිව ඉල්ලා සිටින්නේ සරවණ රාජා විනිසුරුතුමාගේ දුක්ගැනවිල්ල පිළිබඳව සාධාරණ විමර්ශනයක් කරන ලෙසයි. ගරු විනිසුරුතුමන්ලාට ස්වාධීනව නිදහසේ තමන්ගේ තීන්දු තීරණ නීතියට අනුව ලබාදීමේ පසුබිම රජයක් විසින් ස්ථාපිත කළ යුතුයි. පාර්ලිමේනතුවේ මුස්ලිම් කොන්ග‍්‍රසයේ පක්ෂ මාරු කිරීමත් සමග මන්තී‍්‍ර ධුරය අහෝසි වන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. මේ තීන්දුව පිළිබඳව ආණ්ඩුව සන්තෝෂ වන්නේ නැහැ. මම මෙයට පෙර කියූ කරුණු ඒ ආකාරයෙන්ම සිදුවුව හොත් නසීර් මොහොමඞ් නඩු තීන්දුවට විරුද්ධවත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන්න ඉඩ තිබෙනවා. ගරු විනිසුරුතුමන්ලාගේ නිවෙස්වලට ගල් ගහලා විරෝධය පළ කිරීමේ තර්ජනයක් තිබෙනවා මේ යන්නේ ගෝති‍්‍රකවාදී සමාජයකට. නීතියේ උත්තරීතර බව, සාධාරණත්වය, යුක්තිසහගත බව තිබෙන සමාජයකට නොවෙයි.”

අධිකරණය ඉදිරියේ වගේම ඉන් පිටතදීත් යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් කොන්දේසි විරහිතව අපි පෙනී සිටිනවා. ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ - නීතිඥ චමිලා ගුණසේකර

පසුගිය කාල වකවානුව තුළ විකාශන අධිකාරී පනත, ත‍්‍රස්තවිරෝධී පනත සහ මාර්ග ගත ක‍්‍රමවල සුරක්ෂිතතාව ආදී වශයෙන් මර්දනීය පනත් ගෙනත් තිබෙනවා. මෙතන පනත් තුනක් වගේ පෙනුනාට එකම අරමුණකින් ගෙන ආ එකම පනතක් තිබෙන්නේ. රජයට විරුද්ධව නැගෙන ජනතාවගේ හඩ යටපත් කිරීම එකම අරමුණයි. මාර්ගගත ක‍්‍රමවල සුරක්ෂිතතාව තහවුරු කිරීමට කොමිෂන් සභාවක් පත්කරන්න සූදානම් වෙනවා. මෑත යුගයේ පත්කළ කොමිෂන් සභාවල කි‍්‍රයාකාරිත්වය වගේම ඉතිහාසයේ පත්කර තිබූ බොහෝ කොමිෂන් සභාවල කිසිම විශ්වසනීයත්වයක් නැහැ. හඳුන්වා දී තිබෙන ඔන්ලයින් පනතේ වෛරී ප‍්‍රකාශන, අසත්‍ය ප‍්‍රකාශන, රජයට විරුද්ධව කැරලි ගැසීම, නිවැරදි පුද්ගලයන් ලෙස වංචනික පුද්ගලයන් පෙනී සිටීම වැනි කරුණු රැසක් සම්බන්ධයෙන් විමර්ශනය කරන්න ජනාධිපතිවරයා විසින් කොමිෂන් සභාවක් පිහිටුවන්න යෝජනා කර තිබෙනවා. කොමිෂන් සභාව ලබාදෙන කිසිදු තීරණයක් සම්බන්ධයෙන් කිසිම අධිකරණයක් ඉදිරියට යන්න ඉඩ දෙන්නේ නැහැ. නමුත් මේ කොමිෂන් සභාවට පත්කරන්නේ මේ ඊනියා ආණ්ඩුවේ නිලධාරීන්ම බව අපි දන්නවා. ජනතාව වැරදි කරනවාද කියලා සොයා බලන්න පත්කරන කොමිෂන් සභාවේ සාමාජිකයන් වන්නේ ආණ්ඩුවේ ගැත්තන්. ඔවුන්ගෙන් සාධාරණ සහ යුක්තිසහගත තීරණයක් ජනතාව වෙනුවෙන් ලැබේ යැයි බලාපොරොත්තු වෙන්න බැහැ. හැම පැත්තෙන්ම පීඩාවට පත්වී සිටින ජනතාවට විරුද්ධව මේ ගෙන එන පීඩාකාරී පනත්වලින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මළගම සිදුවෙනවා.”


රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයා පොහොට්ටුවේ ඉන්න මන්තී‍්‍රවරුන්ගේ ආශීර්වාදයෙන් පත්වී මහජනතාවට තොණ්ඩුව දාන්න ලැහැස්ති වෙනවා.
ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ – නීතිඥ – ලාල් කුමාරපේලි

”රනිල් රාජපක්ෂ ආණ්ඩුව මේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරයෙන් දෑත්, දෙපා සහ කට, බැඳ දමන ත‍්‍රස්ත විරෝධී පනත සහ මාර්ගගතවල සුරක්ෂිත තාවය පිළිබඳව පනත් කෙටුම්පත් නමින් ගැසට් කර තිබෙනවා. මේ කෙටුම්පත්වල අරමුණ මහජනතාවගේ අභිවෘද්ධිය පිණිස පවතින නීති සංශෝධනය කර ගැනීම නොවෙයි. පාලකයාට ජනතාවගෙන් එල්ල වන විරෝධය වළක්වා ගැනීම සඳහා ඇතිකර ගන්නා නීති කෙටුම්පත් කර තිබෙනවා. මේ තත්වය සරල භාෂාවකින් මහජනතාවට පැහැදිලි කර දෙන්න අත්පත්‍රිකාවක් සූදානම් කර තිබෙනවා. බලයේ උල්පත ජනතාවයි. පරමාධිපත්‍ය බලය පාර්ලිමේන්තුවට යන්නේ මහජනතාවගෙන්. පිනට පත්වූ රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයා පොහොට්ටුවේ ඉන්න මන්තී‍්‍රවරුන්ගේ ආශීර්වාදයෙන් පත්වී මහජනතාවට තොණ්ඩුව දාන්න ලැහැස්ති වෙනවා.
රනිල් වග කියන්නේ ඔහුව පත්කර ගත් මන්තී‍්‍රවරුන්ට. ජනතාවට මර්දන පනත් ගෙනත් බියගන්වා තබාගන්න උත්සාහ කරන අතර, සේවක අර්ථසාධක අරමුදල කොල්ල කන්න කි‍්‍රයාකරනවා. එයට එරෙහිව හඩ නඟන අය ත‍්‍රස්තවාදීන් ලෙස හඳුන්වන්නයි මේ පනත් ගෙන එන්නේ. අයිතිවාසිකම ඉල්ලන ගොවියන්, අධ්‍යාපනය රැකගැනීමට හඩ නඟන සිසුන් ඇතුළු පිරිස් මර්දනය කරන්න ගෙන එන මේ පනත් වගේම මේ පාලකයනුත් පරාජය කිරීමට ජනතාව එකාවන්ව කි‍්‍රයාකළ යුතුයි.”


මේ පනත් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි කි‍්‍රයාමාර්ග මොනවාදැයි මාධ්‍යවේදීන් විමසූ අතර ඊට නීතිඥ හර්ෂණ නානායක්කාරගෙන් මෙසේ පිළිතුරු ලැබුණි..


”මහජනතාව දැනුවත් කිරීමේ පති‍්‍රකා බෙදීම එක පියවරක්. විජිත හේරත් මන්තී‍්‍රවරයා ප‍්‍රතිත‍්‍රස්ත පනතට විරුද්ධව අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එරංග ගුණසේකර ඔන්ලයින් පනත සම්බන්ධයෙන් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ලබන සතියේ හරිනි අමරසූරිය මන්තී‍්‍රවරිය විසින් ඔන්ලයින් පනත කාන්තාවන්ට බලපාන ආකාරය ගැන පෙත්සමක් ඉදිරිපත් කරනවා. අධිකරණය හරහා ගන්නා කි‍්‍රයාමාර්ග විතරක් මදි. මහජනතාව විසින් ප‍්‍රතිචාර දැක්වීමත් අවශ්‍යයි.”

Show More

අපට අවශ්‍ය දැනුවත්ව, සැලසුම් සහගතව සමාජය පරිවර්තනය කරන තරුණ පරම්පරාවක් – ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-

අපට අවශ්‍ය ඉතාමත් දැනුවත්ව, සැලසුම් සහගතව මේ සමාජය පරිවර්තනය කිරීම සඳහා වෙහෙස වෙන නව තරුණ පරම්පරාවක් බවත්, රැඩිකල්භාවය යනු තිබෙන තැනින් නවීනත්වය කරා සමාජය ඉදිරියට ගෙනයාම බවත් අපට අවශ්‍ය වන්නේ ආකල්පමය වශයෙන් පරිවර්තනයක් පමණක් නොවෙයි; සාධාරණ, යුක්තිසහගත මිනිස් ක්‍රියාකාරිත්වයක් බවත්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ප්‍රකාශ කලේය. ඔහු මේ අදහස් පළ කළේ පසුගිය […]

අපට අවශ්‍ය ඉතාමත් දැනුවත්ව, සැලසුම් සහගතව මේ සමාජය පරිවර්තනය කිරීම සඳහා වෙහෙස වෙන නව තරුණ පරම්පරාවක් බවත්, රැඩිකල්භාවය යනු තිබෙන තැනින් නවීනත්වය කරා සමාජය ඉදිරියට ගෙනයාම බවත් අපට අවශ්‍ය වන්නේ ආකල්පමය වශයෙන් පරිවර්තනයක් පමණක් නොවෙයි; සාධාරණ, යුක්තිසහගත මිනිස් ක්‍රියාකාරිත්වයක් බවත්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ප්‍රකාශ කලේය. ඔහු මේ අදහස් පළ කළේ පසුගිය ඔක්තෝබර් 08 දා කොළඹ විහාර මහා දේවි එළිමහන් රංග පීඨයේ පැවති චේ සමරු වැඩසටහනේදීය.

ජාත්‍යන්තරවාදියෙක් මෙන්ම විප්ලවවාදියෙකු වූ අර්නස්ට් චේ ගුවෙරා ඇමරිකානු CIA සංවිධානයේ මෙහෙයවීම මගින් 1967 ඔක්තෝබර් 08 වෙනි දින බොලීවියාවේදී ඝාතනය කරන ලදී. චේ ගේ 56 වෙනි සමරුව ඔක්තෝබර් 08 දිනට යෙදී තිබුණි. චේ සමරුව සඳහා සමාජවාදී තරුණ සංගමය (07) දින උදෑසන යහල කැලේ චේ උද්‍යානයේදී චේ දින සැමරුමකුත් (08) දින කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ දී සමරු උළෙල සහ සංස්කෘතික වැඩසටහනකුත් පවත්වන ලදි.

යහලකැලේ චේ උද්‍යානයේ පැවති චේ සමරුව සඳහා ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ඇන්ඩ්‍රෙස් මර්චෙලෝ, ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික නලින්ද ජයතිස්ස, අන්තර් සමාගම් සේවක සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය, සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජිකයින් වන අංජන සම්පත් අමරසිංහ, මහේෂ් අඹේපිටිය යන සහෝදරවරු ඇතුලු තරුණ පිරිසක් එක්ව සිටියහ.

ඔක්තෝබර් 08 දා විහාරමහාදේවි උද්‍යානයේදී පැවති සමරු උළෙල සඳහා ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශ ආවරණය කරමින් තරුණ තරුණියන් අති විශාල පිරිසක් සහභාගී වූහ. එහි ප්‍රධාන සමරු දේශනය අනුර කුමාර දිසානායක සහෝදරයා විසින් පවත්වන ලදි. එසේම අර්නස්ට් චේ ගුවෙරාගේ විප්ලවවාදී ජීවිතයේ විවිධ අවස්ථා නිරූපනය කරමින් ප්‍රදර්ශනයක්ද මෙම උළෙලේදී සංවිධානය කර තිබූණි. තවද එම අවස්ථාවේදී ඇමරිකානු සම්බාධක විසින් කියුබානු ජනතාව මත ඇති කරන පීඩනයට එරෙහිව කියුබානු ජනතාවට සහය පල කරන “කියුබානු ප්‍රකාශනය”, ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ඇන්ඩ්‍රෙස් මර්චෙලෝ වෙත පිලිගන්වන ලදි.

CHE DAY - 2023
Anura Kumara Dissanayaka – 23.10.08
CHE Day - 2023
Che day at Viharamahadevi Park
CHE Day - 2023
Che day at Yahalakale park
ජනතාවගේ වේදනාව තමන්ගේ වේදනාව ලෙස දැනෙන ආණ්ඩුවක් ඕනෑ | Anura Dissanayake
Show More

කඳුකර දමිළ ජනතාව තවදුරටත් මේ පීඩනය දැරිය යුතු නැහැ

ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2023.10.04‘මවුබිමට ජවයක්, ගෞරවණීය පුරවැසියෙක් – මලෛයිගම් 200’ අපේ රටට කඳුකර දමිළ ජනතාව ඇවිත් අවුරුදු 200ක් පිරෙනවා. ඉන්දියාවේ සිට ලංකාවට ඔවුන් ගෙන ඒම 1820දී ආරම්භ වුණා. වැඩකරන ප්‍රජාවක් ලෙස මුල්වරට ගෙන එනු ලැබුවේ ආවේ 1823දීයි. මේ වෙනකොට ගෙවුණු වසර 200 තුළ ලංකාවේ පුරවැසියන් හැටියට කඳුකර දමිළ ප්‍රජාව වැඩිම පීඩාවකට ලක්වී […]

ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2023.10.04
‘මවුබිමට ජවයක්, ගෞරවණීය පුරවැසියෙක් – මලෛයිගම් 200’

අපේ රටට කඳුකර දමිළ ජනතාව ඇවිත් අවුරුදු 200ක් පිරෙනවා. ඉන්දියාවේ සිට ලංකාවට ඔවුන් ගෙන ඒම 1820දී ආරම්භ වුණා. වැඩකරන ප්‍රජාවක් ලෙස මුල්වරට ගෙන එනු ලැබුවේ ආවේ 1823දීයි. මේ වෙනකොට ගෙවුණු වසර 200 තුළ ලංකාවේ පුරවැසියන් හැටියට කඳුකර දමිළ ප්‍රජාව වැඩිම පීඩාවකට ලක්වී සිටිනවා. මෙම ප්‍රජාවගෙන් 67%ක් තවමත් ජීවත් වන්නේ පුංචි ලැයිම් කාමරවලයි. ඔවුන්ගේ දරු මුනුබුරන්ගේ තත්වයද ඒකයි. තමන්ගේ කියා ඉඩමක්, දරුවන්ට නිසි අධ්‍යාපනයක් නැතිවා වගේම ලංකාවේ වැඩිම සෞඛ්‍ය ප්‍රශ්නවලින් බැටකන ජනතාවක් ලෙස අදටත් ඔවුන් සිටිනවා. මේ වන විට ලංකාවේ විවිධ ප්‍රදේශවලට විසිරී සිටියත් දරිද්‍රතාවයෙන් වැඩිම පීඩා විඳින්නේ මේ ජනතාවයි.

පාලකයන් විවිධ අවස්ථාවලදී මේ ජනතාවගේ ඡන්ද අයිතියත් පුරවැසි අයිතියත් උදුරා ගත්තා. 1948දී ඡන්ද අයිතිය උදුරා ගැනීමත් සමග අවුරුදු 35ක් පුරා ඡන්ද අයිතියක් නැතිව ඔවුන් මේ රටේ හිටියා. ඔවුන් ශ්‍රී ලාංකික පුරවැසියන් හැටියට මේ ආණ්ඩු සලකන්නේ නැහැ. රටක් නැති, ඉඩමක් නැති, ගෙයක් දොරක් නැති, නිසි අධ්‍යාපනයක් නැති, නිසි සෞඛ්‍ය පහසුකමක් නැති පිටස්තරයන් හැටියටයි ඔවුන් තවමත් ජීවත් වන්නේ. නමුත් කඳුකර දමිළ ජනතාව කියන්නෙත් ශ්‍රී ලාංකික පුරවැසියන්. ශ්‍රී ලාංකිකයන් හැටියට ලැබිය යුතු මූලික අයිතිවාසිකම් සියල්ල ඔවුන්ටත් ලැබිය යුතුයි. නමුත් මේ වන විට වසර 200ක් ගතවී තිබුණත් ඒ මූලික පිළිගැනීමවත් ඔවුන්ට ලබාදී නැහැ. ජාතික ජන බලවේගය මේ ජන ප්‍රජාව ශ්‍රී ලාංකික පුරවැසියන් විදිහටම සලකනවා. එපමණක් නොවෙයි, “මව්බිමට ජවයක්, ගෞරවණීය පුරවැසියෙක්” බිහිකිරීමේ අරමුණෙන් ජාතික ජන බලවේගය මේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් මැදිහත් වෙනවා. ඔවුන් සම්බන්ධයෙන් වසර 200ක් සැමරීම නොවෙයි අපේ අරමුණ. ජාතික ජන බලවේගයේ අපි ප්‍රතිපත්තියක් විදිහට, වැඩපිළිවෙළක් විදිහට, කඳුකර දමිළ ජනතාව ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙසම සලකලා අනෙකුත් ලාංකික පුරවැසියන් වෙත ලැබෙන සියලු අයිතිවාසිකම් මේ අයටත් හිමිකර දීමේ සටන අපි ඉදිරියට ගෙන යනවා.

ඒ අර්ථයෙන් ලංකාවේ විවිධ ප්‍රදේශවල සිටින කඳුකර දමිළ ජනතාව දැනුවත් කරමින් ඔවුන්ව සංවිධානය කරමින් ඉන්න අතර, ඔක්තෝබර් 01 සිට 15 දක්වා කාලය තුළ “මලෛයිගම් 200” යනුවෙන් ඒ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් විශේෂයෙන් ක්‍රියාකරන කාලයක් ලෙස නම්කර, වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ඒ වගේම ඔක්තෝබර් 15දා හැටන් නගරයේදී ඓතිහාසික හැටන් ප්‍රකාශය එළිදක්වන්න සූදානම් කරගෙන යනවා. ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා ඇතුළු විවිධ නායකත්වයන්ගෙන් යුක්තව කඳුකර දමිළ ජනතාවගේ සහභාගිත්වයෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමේ සටන ශක්තිමත් කර, තවදුරටත් ඉදිරියට ගෙනයනවා. මෙම ජනතාව තවදුරටත් මේ පීඩනය නොදැරිය යුතුයි කියන අධිෂ්ඨානයෙන් මේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් තවදුරටත් කැපවෙන අතර, අනෙක් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මැදිහත් වීමත් අපි බලාපොරොත්තු වෙනවා. මේ සටනට මැදිහත් වී ජයග්‍රහණය දක්වා අත්වැල් බැඳගෙන යන්න සියලු දෙනාගේ මැදිහත්වීම අපි අපේක්ෂා කරනවා. වසර 200ක් පිරෙන කඳුකර ජනතාවගේ අයිතිවාසිකම් දිනාගන්න හැමදෙනාටම එක්වෙන ලෙස ආරාධනා කරනවා.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය විජය කුමාර්, ආචාර්ය පෙරුමාල් සිවප්‍රකාශම්, සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපති කිට්නන් සෙල්වරාජ්, සමස්ත ලංකා වතුකම්කරු සම්මේනයේ ලේකම් ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි යන අයද අදහස් දැක්වූහ.

Vitha Herath Press_10/04
Press_Maleiyagam_10/04
Show More

එක්ස්ප්‍රස් පර්ල් නැවට සිංගප්පූරුවේ නඩු දැමීම සැක සහිතයි

ගිනි ගත් නැව සම්බන්ධයෙන් නීතිපති ලංකාවේ නඩු නොදා සිංගප්පූරුවේ නඩු දැමීම බලවත් සැකයක් බව ජාතික  ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ ධනුෂ්කි ලියනපටබැඳි අවධාරණය කළාය. අයි.එම්.එෆ්. ණය මුදල ගැන උනන්දු වෙන, ප්‍රතිත්‍රස්ත පනත ගැන උනන්දු වන මහජනතාව මේ කරුණු සම්බන්ධයෙනුත් විශාල අවධානයක් යොමු කළ යුතු බවද ඇය සඳහන් කළාය. ජවිපෙ මූලස්ථානයේ  පැවැති  මාධ්‍ය  හමුවේදී  ඇය මේ […]

ගිනි ගත් නැව සම්බන්ධයෙන් නීතිපති ලංකාවේ නඩු නොදා සිංගප්පූරුවේ නඩු දැමීම බලවත් සැකයක් බව ජාතික  ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ ධනුෂ්කි ලියනපටබැඳි අවධාරණය කළාය. අයි.එම්.එෆ්. ණය මුදල ගැන උනන්දු වෙන, ප්‍රතිත්‍රස්ත පනත ගැන උනන්දු වන මහජනතාව මේ කරුණු සම්බන්ධයෙනුත් විශාල අවධානයක් යොමු කළ යුතු බවද ඇය සඳහන් කළාය. ජවිපෙ මූලස්ථානයේ  පැවැති  මාධ්‍ය  හමුවේදී  ඇය මේ බව පැවැසුවාය. ඇය වැඩිදුරටත් මෙසේද කීය.

“එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීම සම්බන්ධයෙන් වන්දි නඩුව සිංගප්පූරුවේ පැනවූයේ ඇයි? කියලා අපි දන්නේ නැහැ. නීතිපතිතුමා ගන්නා ලද  තීරණය රට පැත්තෙන් විවාදාත්මක තත්ත්වයක් තිබෙන්නේ. මේ නැව ගිනි ගත්තේ 2021 මැයි 20දා ලංකාවේ මුහුදු සීමාව ඇතුළේ. මේක ලෝකයේ විශාලම සාගර අනතුරක්. සිංගප්පූරුවට අයත් මාස තුනක් පමණ වන අලුත්ම නැවක්. ගින්න ආරම්භවී දවස් 13ක් පමණ පැවතුණා. මුහුදු ජීවීන්ට, ධීවර කර්මාන්තයට, සංචාරක කර්මාන්තයට සහ වායුගෝලයට පමණක් නොවෙයි ලංකාවාසීන්ගේම සෞඛ්‍යයට මුදලින් ගණනය කළ නොහැකි තරම් තර්ජනයක් ඇති වුණා. අපි කතා කරන මේ මොහොතේ පවා මුහුදට එකතු වුණු රසායන ද්‍රව්‍ය මෙටි්‍රක් ටොන් 80,000ක රසායනික ක්‍රියාවලිය තව දශක ගණනාවක් ඉදිරියට බලපෑම් කරන බව විශේෂඥයන් මත පළ කර තිබෙනවා. ප්ලාස්ටික් පෙබල්ස් බිලියන 50ක්, අවදානම්කාරී නයිට්්‍රක් ඇසිඩ් ටොන් 25ක් වගේම විදෙස් ශ්‍රමිකයන්ගේ භාණ්ඩ මේ නැවේ තිබිල තියෙනවා.

ලෝකයේ මේ දක්වා සිදුවුණු ප්ලාස්ටික් පෙබල්ස් සම්බන්ධ විශාලම නෞකා අනතුර හැටියට මෙය වාර්තාවී තිබෙනවා. අනාගත පරපුර මේ ව්‍යසනය පිළිබඳ පාලකයන් සහ අපි හැමදෙනාගෙන්මත් ප්‍රශ්න කරන්න ඉඩ තිබෙනවා. අපි මේ ඉටු කරන්නේ දේශපාලන වගේම පුරවැසි වගකීමක්. නීතිපතිතුමා මේ සම්බන්ධ වන්දි නඩුව සිංගප්පූරුවේ පනවා තිබෙන බව වාර්තා වෙනවා. පරිසරයට, සෞඛ්‍යයට, වායුගෝලයට මේ සා විශාල හානියක් සිදුවීම ගැන වන්දි ලැබීමෙන් නැවත යථා තත්ත්වයට පත්කරන්න බැහැ. නමුත් සිදුවූ හානිය සම්බන්ධයෙන් ලංකාවේ බලපැවැත්වෙන පරිසර පනත් 20ක කොන්දේසි උල්ලංඝනය වී තිබෙනවා. තල්මසුන් හතරදෙනෙක්, ඩොල්ෆින් මාළුවන් 20ක් ඇතුළු සතුන්ගේ මිය යෑම සම්බන්ධයෙන් ලංකාවේ අධිකරණ 28ක නඩු පවරා තිබෙනවා. ධීවර පවුල් 25,000ක් පමණ මෙයින් බලපෑමට ලක්වුණා. වෙරළ පිරිසුදු කිරීමේ කටයුතු සඳහා පමණක් වෙරළ සංරක්ෂණ අධිකාරියට ඩොලර් මිලියන 10ක් ලැබුණු බව කියනවා. වන්දි සම්බන්ධයෙන් ප්‍රශ්නය ඇතිවී තිබෙන්නේ සමස්ත හානිය පිළිබඳවයි.

මෙයට පෙර සුනාමි ව්‍යසනය, ගංවතුර, නාය යෑම් වැනි ප්‍රශ්නවලට විස¾දුම් ලැබුණේ නැහැ වගේම මේ හානියටත් විස¾දුම් නොලැබේදැයි බරපතළ සැකයක් තිබෙනවා. ලංකාවේ පාරිසරික සහ මානව ජීවිතයට අදාළ ජාතික වැදගත්කමකින් යුත් නඩුවක් හැටියට දිනපතාම විභාග කරන්න ලංකාවේ කිසිම බාධාවක් නැහැ.

නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර

අපි හැමෝම ජනමාධ්‍ය ඔස්සේ නැව ගිනිගත් හැටි දැක්කා. ඊට පස්සේ ගැඹුරු මුහුදට නැව ඇදගෙන ගිය බවට ප්‍රවෘත්ති පළ වුණා. මේ ගින්න නිසා මනුෂ්‍යයා ඇතුළු සියලුම ජීවීන්ට සිදුවන විනාශය පිළිබඳ කරුණු වාර්තා කර තිබුණා. සාගර නීති සම්මුතියකින් ලෝකයේ සෑම රාජ්‍යයක්ම බැඳී සිටිනවා. ඒ නිසා සාගර දූෂණයට එරෙහිව තම තමන්ගේ අධිකරණ බලසීමාවන් තුළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ විශාල හැකියාවක් තිබෙනවා. නමුත් අපිට අහන්න ලැබී තිබෙන්නේ සිංගප්පූරුවේ රාජ්‍ය අධිකරණ බලප්‍රදේශය තුළ ශ්‍රී ලංකා රාජ්‍යය වෙනුවෙන් වන්දි නඩුවක් පවරා තිබෙන බවයි. පසුගිය අවුරුදු කිහිපයක් ඇතුළත කැබිනට් ඇමැතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රිවරු, හිටපු ජනාධිපතිවරු වගේ අය “එදා මට වැරදුණා, සමාවෙන්න” යනුවෙන් කියා තිබෙනවා. අපිට එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වන්දි ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද එවැනි තත්ත්වයක් මතුවේ‍ෙදා්යි බරපතළ සැකයක් තිබෙනවා. ජාතික ජන බලවේගයේ නීතිඥයෝ හැටියට අපි ලෝකයේ කොයි අධිකරණයකින් හෝ ලැබෙන සාධාරණ නඩු තීන්දුවක් සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙනවා.

මේ රටේ ප්‍රධානම රජයට උපදෙස් දෙන නීති නිලධාරියා හැටියට නීතිපතිවරයා සෑහෙන කරුණු සලකා බලා සිංගප්පූරුවේ නඩු පවරන්න තීන්දු කළා වෙන්න පුළුවන්. නමුත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඕනෑම අධිකරණයක නඩු පැවැරිය හැකි බවත් අවධාරණය කරන්න ඕනෑ.

මෙහි පවතින සිවිල් ප්‍රශ්නයක් සහ ජාත්‍යන්තර නීති ප්‍රශ්නයක් නිසා ශ්‍රී ලංකා රජය, අමාත්‍යවරයා හෝ පාර්ලිමේන්තුව දැනුවත් වීමෙන් සිංගප්පූරුවේ නඩු පවරා නැති බවයි වාර්තා වෙන්නේ. ලංකාව තුළ නඩුව පැවැරීම සහ සිංගප්පූරුවේ නඩු පැවැරීම යන විකල්ප දෙකෙන් සිංගප්පූරුව සම්බන්ධයෙන් විශේෂඥයන් තීරණයක් ගත්තා නම් සුදුසුම විකල්පය තෝරා ගත් බව මහජනතාවට දැනගැනීමේ අයිතියක් තිබෙනවා. ඒ සුදුසුම විකල්පය සම්බන්ධයෙන් තහවුරු කරන්න අදාළ කරුණු ඉතා ඉක්මනින්ම නිල වශයෙන් ජනතාවට පැහැදිලි කරන්න ඕනෑ. මම මේ කියන්නේ නඩුවේ අපිට අදාළ වාසි අවාසි කරුණු හෙළි කරන්න කියලා නොවෙයි. සිංගප්පූරුව තෝරා ගැනීම සඳහා බලපෑ තාර්කික බුද්ධිමය හේතු ඉදිරිපත් කළ යුතු බවයි මම කියන්නේ.

ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සභාපති හේමක සේනානායක

නැව ගිනි ගැනීමෙන් මුහුදු ජීවීන්ට සහ මුහුදු පත්ලට සිදුවුණු අලාභය වසර 500කටත් වඩා පවතීවි යැයි පරිසර විශේෂඥයන් මතුකර තිබෙනවා. තල්මසුන් සහ ඩොල්ෆින්ලාට අමතරව කැස්බෑවුන් 176 දෙනකුට අධික සංඛ්‍යාවක් මිය ගියා. ගණනය කළ නොහැකි තරම් මුහුදු විශේෂ 400කට පමණ අයත් ජීවී විශේෂයන් විනාශවී තිබෙනවා. මිනිසුන්ට අමතරව මේ වැනි විනාශයක් සිදුවී තිබියදී මේ රටේ අධිකරණ ඇමැතිවරයා විසින් ඉතා බරපතළ ප්‍රකාශයක් කර තිබෙනවා. මේ වන්දි ලබාගැනීමට බාධා කිරීම සඳහා ඩොලර් මිලියන 250ක අල්ලස් මුදලක් යම් පුද්ගලයකු ලබාගෙන ඇති බව ජනාධිපති නීතිඥ අධිකරණ ඇමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. මෙවැනි මුදලක් හුවමාරුවීම සම්බන්ධයෙන් ගරු අධිකරණ ඇමැතිවරයා චාමර ගුණසේකර නැමැත්තකුගේ ගිණුමට මේ මුදල් ගිය බවත් හෙළි කරනවා. අධිකරණ ඇමැතිවරයා ප්‍රකාශ කරන මුදල එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් ලබාදීමෙන් සහ ලබාගැනීමෙන් සිදුවන්නේ කුමක්ද? 2020 සැප්තැම්බර් 03දා එම්.ඩී. නිව් ඩයමන් බොරතෙල් රැගත් නැවක් ලංකා මුහුදු සීමාවේදී ගිනිගත්තා. අද වන තුරුත් මෙයින් සිදුවූ අලාභයට සම්බන්ධ වන්දි ගැනීම සිදුකර නැහැ.

මේ රටේ පුරවැසියන් හැටියටත් ජාතික ජන බලවේගයේ නියෝජිතයෝ හැටියට සහ සාමාජිකයන් හැටියටත් විජයදාස රාජපක්ෂ අධිකරණ ඇමැතිවරයා කරන ලද ප්‍රකාශය පිළිබඳ බරපතළ අවධානය යොමුකර තිබෙනවා. මේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදාළ ප්‍රමුඛතාව ලබාදෙමින් පොලිසිය පරීක්ෂණ පැවැත්විය යුතුයි. මේක රටක්, රටක මිනිස්සු සහ රටක අනාගතය සම්බන්ධයෙන් පවතින ප්‍රශ්නයක් බව අපි අවධාරණය කරනවා.

අනුරාධා හේරත් (මව්බිම()

Show More

Luminar Neo v1 Torrent Download

DOWNLOAD torrent Trusted uploader

Luminar Neo (10871) (k64) + Fik

Creative image editor with AI. A creative image editor to bring your ideas to life. Have you ever wanted to do more with your pictures? Luminar Neo is an innovative image editor powered by future-ready AI technologies that simplify complex editing routines and enable creators to bring their wildest ideas to life. And enjoy it.

Features:-

Control light in 3D space with RelightAI

Relight photos or dark backlit images with one click with RelightAI. Luminar Neo calculates the depth of the photo and creates a 3D map, allowing light to flow naturally in 3D space over the 2D image. You can also light the background and foreground separately, which means you can also darken parts of the image. This opens up the opportunity for creative relighting to bring your artistic vision to life.

Eliminate messy electrical wiring with artificial intelligence

Automatically remove clutter from your cityscapes, cityscapes, or travel photos. Get clear skies without cluttered telephones or power lines.

Unleash your creativity with AI layers and masks

Use both MaskAI and layers for unlimited creativity. MaskAI automates the masking process by identifying objects in the image and creating accurate masks. You can still manually refine these masks with a brush if you want. Layers open up a whole new level of creative expression, with endless possibilities for adding objects, textures, watermarks and any other graphics to your images.

Replace the sky with one click

State-of-the-art sky replacement technology with water reflections, sky positioning and human sensitive relighting to match the new sky.

Lightning creative editing with a brand new image processing engine.

Designed as a modular system, its parts can now be separatedoptimized for optimal performance.

What is Luminar Neo?

Have you ever wanted to do more with your pictures? Luminar Neo is an innovative image editor powered by future-ready AI technologies that simplify complex editing routines and enable creators to bring their wildest ideas to life. And enjoy it.

– Enjoy editing speed and flexibility with our new core engine and layering workflow.

– The new engine we created for Luminar Neo is based on the combined best solutions from our experience and evolved for maximum performance and creativity and is built to achieve complex creative results.

– Adjust the light in the photo for creative control over the lighting of the scene. You can control the exposure of the image based on the distance from the lens to adjust the background and foreground exposure independently.

– Automatically remove smudges from your images caused by dust and dirt on your lens and sensor.

– Clear unwanted power lines from the sky in your urban landscapes.

– Experiment with endless creative possibilities by effortlessly combining two or more images into a single shot.

…And much more.

New technologies and Luminar Neo’s innovative user experience make creative image editing easy and fun.

Instructions and solution are given in the files.

Viruses Total number of links –

crack –

hybrid –

crack –

c445d

DOWNLOAD torrent Trusted uploader

Luminar Neo (10871) (k64) + Fik

Creative image editor with AI. A creative image editor to bring your ideas to life. Have you ever wanted to do more with your pictures? Luminar Neo is an innovative image editor powered by future-ready AI technologies that simplify complex editing routines and enable creators to bring their wildest ideas to life. And enjoy it.

Features:-

Control light in 3D space with RelightAI

Relight photos or dark backlit images with one click with RelightAI. Luminar Neo calculates the depth of the photo and creates a 3D map, allowing light to flow naturally in 3D space over the 2D image. You can also light the background and foreground separately, which means you can also darken parts of the image. This opens up the opportunity for creative relighting to bring your artistic vision to life.

Eliminate messy electrical wiring with artificial intelligence

Automatically remove clutter from your cityscapes, cityscapes, or travel photos. Get clear skies without cluttered telephones or power lines.

Unleash your creativity with AI layers and masks

Use both MaskAI and layers for unlimited creativity. MaskAI automates the masking process by identifying objects in the image and creating accurate masks. You can still manually refine these masks with a brush if you want. Layers open up a whole new level of creative expression, with endless possibilities for adding objects, textures, watermarks and any other graphics to your images.

Replace the sky with one click

State-of-the-art sky replacement technology with water reflections, sky positioning and human sensitive relighting to match the new sky.

Lightning creative editing with a brand new image processing engine.

Designed as a modular system, its parts can now be separatedoptimized for optimal performance.

What is Luminar Neo?

Have you ever wanted to do more with your pictures? Luminar Neo is an innovative image editor powered by future-ready AI technologies that simplify complex editing routines and enable creators to bring their wildest ideas to life. And enjoy it.

– Enjoy editing speed and flexibility with our new core engine and layering workflow.

– The new engine we created for Luminar Neo is based on the combined best solutions from our experience and evolved for maximum performance and creativity and is built to achieve complex creative results.

– Adjust the light in the photo for creative control over the lighting of the scene. You can control the exposure of the image based on the distance from the lens to adjust the background and foreground exposure independently.

– Automatically remove smudges from your images caused by dust and dirt on your lens and sensor.

– Clear unwanted power lines from the sky in your urban landscapes.

– Experiment with endless creative possibilities by effortlessly combining two or more images into a single shot.

…And much more.

New technologies and Luminar Neo’s innovative user experience make creative image editing easy and fun.

Instructions and solution are given in the files.

Viruses Total number of links –

crack –

hybrid –

crack –

Show More