ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා සහ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්.එච්. සෙයිඩ් මහතා අතර හමුවක් අද (18) දින පලස්තීන තානාපති කාර්යාලයේදී සිදුවිය. මෙම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් සහෝදරයාද සහභාගි විය. මෙහිදී පලස්තීනයේ ඇති වී තිබෙන යුදමය තත්වය හේතුවෙන් කාන්තාවන් දරුවන් ඇතුළු විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් විශාල […]
ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා සහ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්.එච්. සෙයිඩ් මහතා අතර හමුවක් අද (18) දින පලස්තීන තානාපති කාර්යාලයේදී සිදුවිය. මෙම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් සහෝදරයාද සහභාගි විය. මෙහිදී පලස්තීනයේ ඇති වී තිබෙන යුදමය තත්වය හේතුවෙන් කාන්තාවන් දරුවන් ඇතුළු විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසකට ජලය, විදුලිය, ආහාර, සෞඛ්යි පහසුකම් නොමැතිව පීඩාවට පත්ව සිටීම පිළිබඳව ජාතික ජන බලවේගයේ කනගාටුව පලස්තීන තානාපතිවරයා වෙත පළකරනු ලැබිණි.
මෙහිදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා, එක්සත් ජාතීන්ගේ සංවිධානය යුදමය ගැටලුවට ඉතා ඉක්මනින් සාධාරණ මැදිහත් වීමක් කළ යුතු බවත් එම සංවිධානයේ ස්ථාවරය වන ඊශ්‍රායලය හා පලස්තීනය රටවල් දෙකක් ලෙස පිළිගැනීම වහා ක්‍රියාත්මකවිය යුතු බවත් අවධාරණය කළේය. නිදහස් පලස්තීනයක් වෙනුවෙන් දීර්ඝ කාලයක් තමන් හඬ නඟා ඇති බව පෙන්වා දුන් අනුර දිසානායක සහෝදරයා පලස්තීනයේ ජනතාවට නිදහසේ ජීවත් වීම සඳහා අවස්ථාව හිමි විය යුතු බව ජාතික ජන බලවේගයේ ස්ථාවරය බව තානාපතිවරයාට ප්ර්කාශ කර සිටියේය.
රජය විසින් යෝජනා කර ඇති අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පතේ අහිතකර ප්‍රතිවිපාක පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම සඳහා NPP නීතිඥයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කර ඇත. ඔක්තෝබර් මස 17 වන දින NPP හි නීතීඥයින් විසින් කොටුව දුම්රිය ස්ථානය අවට අත් පත්‍රිකා බෙදා හරින ලද අතර, මහජනතාවගෙන් විශාල ප්‍රතිචාරයක් ලැබුණි. ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන හර්ෂණ නානායක්කාර, සුනිල් වටගල, […]
රජය විසින් යෝජනා කර ඇති අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පතේ අහිතකර ප්‍රතිවිපාක පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම සඳහා NPP නීතිඥයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කර ඇත. ඔක්තෝබර් මස 17 වන දින NPP හි නීතීඥයින් විසින් කොටුව දුම්රිය ස්ථානය අවට අත් පත්‍රිකා බෙදා හරින ලද අතර, මහජනතාවගෙන් විශාල ප්‍රතිචාරයක් ලැබුණි. ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන හර්ෂණ නානායක්කාර, සුනිල් වටගල, ජානක අදිකාරි ඇතුළු විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ. NPP හි නීතීඥයින් රට පුරා විරෝධතා ව්‍යාපාර මාලාවක් සංවිධානය කරනු ඇති අතර මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත සහ ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ සම්මත කිරීම පරාජය කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගනු ඇත.
III International Dilemmas of Humanity Conference – 2023 (මනුෂ්‍යත්වය පිළිබඳ III ජාත්‍යන්තර උභතෝකෝටික සමුළුව) ඔක්තෝබර් 14 සිට 18 දක්වා දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි දී පැවැත්වෙනවා. ලොව පුරා සිටින දේශපාලන නායකයින්, සමාජ ක්‍රියාකාරීන් සහ බුද්ධිමතුන් එක්වන මේ සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයන් වන වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ අරුන් හේමචන්ද්‍ර […]
III International Dilemmas of Humanity Conference – 2023 (මනුෂ්‍යත්වය පිළිබඳ III ජාත්‍යන්තර උභතෝකෝටික සමුළුව) ඔක්තෝබර් 14 සිට 18 දක්වා දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි දී පැවැත්වෙනවා. ලොව පුරා සිටින දේශපාලන නායකයින්, සමාජ ක්‍රියාකාරීන් සහ බුද්ධිමතුන් එක්වන මේ සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයන් වන වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ අරුන් හේමචන්ද්‍ර සහභාගී වී සිටී.
දකුණු අප්‍රිකාව, ජොහැන්නස්බර්ග්, හී දී රටවල් 70ක ට අධික සංඛ්‍යාවක සංවිධාන නියෝජනය කරමින් සාමාජිකයින් 500 ක්, මීට සහභාගී වේ. ධනේශ්වර ක්‍රමය විසින් ජනනය කරන ලද අර්බුදවලට මුහුණ දීම සඳහා ව්‍යාපාර, ආණ්ඩු සහ වැඩ කරන ජනතාව ගොඩනඟා ඇති, ගොඩනඟමින් සිටින සහ ගොඩනැගිය යුතු විසඳුම් පිළිබඳ විවාදයට සහ සාකච්ඡාවට ඉඩක් වීමට මෙම සම්මේලනය උත්සාහ කරයි.
පලස්තීන විප්ලවකාරිනී ලීලා කාලීඩ්, දකුණු අප්‍රිකානු පැල්පත්වාසීන්ගේ ව්‍යාපාරයේ S’bu Zikode, දකුණු අප්‍රිකාවේ Abahlali baseMjondolo, එක්සත් ජනපදයේ Socialism and Liberation පක්ෂයේ Claudia de la Cruz, ඝානාවේ සමාජවාදී ව්‍යාපාරයේ Kwesi Pratt Jnr. සහ බ්‍රසීලයේ ඉඩම් නොමැති ග්‍රාමීය කම්කරු ව්‍යාපාරයේ (MST) João Pedro Stedile මීට එක්ව සිටී.
දින පහක සමුළුව පැවැත්වෙන්නේ, විනී මැන්ඩෙලා, නෙල්සන් මැන්ඩෙලා, ජෝ ස්ලෝවෝ වැනි දකුණු අප්‍රිකාවේ වර්ණභේද විරෝධී සටන්කරුවන් සහ රට තුළ පැවති පිළිකුල් සහගත වර්ණභේදවාදී සමය තුළ අපරාධවලට ලක් වූ සහ හිංසාවට ලක් වූ තවත් දහස් ගණනක් සිරගත කළ බන්ධනාගාරයක් ව තිබූ Constitution Hill හි දී ය. 1996 දී එවකට ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා විසින් දකුණු අප්‍රිකානු අලුත් ව්‍යවස්ථාව අත්සන් කරනු ලැබුවෙ ද මෙම Constitution Hill දීය.
ජාත්‍යන්තර මහජන සභාව සහ සමුළුවේ සම්බන්ධීකරණ කණ්ඩායමේ Stephanie Weatherbee Brito සමුළුවේ ඓතිහාසික ස්වභාවය අවධාරණය කළේ, “අපි රටවල් 70කට වැඩි සංඛ්‍යාවක සංවිධාන 120ක සාමාජිකයින් එකතු කර මහජන ආණ්ඩු ගොඩ නැගීම, නීත්‍යානුකූල සහ එය කළ හැකි ආකාරය ගැන කතා කරන්නෙමු. මෙම සම්මන්ත්‍රණය කම්කරු පන්ති ව්‍යාපාර විසින් ගොඩනගන ලද ක්‍රියාවලියක එක් පියවරකි. එය විවාදය පමණක් නොව සැමට ගෞරවාන්විතව ජීවත් විය හැකි අනාගතයක් ගොඩනැගීම වටා ක්‍රියා කිරීමට උත්සාහ කරයි” යනුවෙනි.
මෙම සමුළුවේ ‘ජනතාව සඳහා සෞඛ්‍යය’ මාතෘකා කරමින් පසුගිය (15) පැවැත්වූ සාකච්ඡාමය සම්මන්ත්‍රණයේ සංවාද මණ්ඩපය සඳහා Janneke Ronse (බෙල්ජියම), Ricardo Emmanuel Alvarez (Argentina), Samkeliso Phiri (දකුණු අප්‍රිකාව), Joanita Najjuka (Uganda) සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස එක්ව තිබෙනවා.
2023.10.16 දින පැවති මාධ්‍ය හමුව. ආණ්ඩුව සමාජය තුළ මතයක් තහවුරු කරමින් යනවා, ලබන වසරේ ඡන්දයක් එන්නේ නැහැ කියලා. තව අවුරුදු දෙකකට ඡන්දයක් නොඑන බව කියනවා. එවැනි මතයක් හදන්න උත්සාහ කරමින් යන්නේම ඒගොල්ලන්ට ඡන්ද නොමැති නිසාත් මැතිවරණයක් පැවැත්වුවහොත් එයාලා පරාජය වෙන බව දන්නා නිසයි. ඡන්දයක් නොමැති බව ප්‍රකාශ කරන්නේම පරාජයෙන් ගැලවීම සඳහා බව තහවුරුයි. රනිල් වික්‍රමසිංහ […]
2023.10.16 දින පැවති මාධ්‍ය හමුව.
ආණ්ඩුව සමාජය තුළ මතයක් තහවුරු කරමින් යනවා, ලබන වසරේ ඡන්දයක් එන්නේ නැහැ කියලා. තව අවුරුදු දෙකකට ඡන්දයක් නොඑන බව කියනවා. එවැනි මතයක් හදන්න උත්සාහ කරමින් යන්නේම ඒගොල්ලන්ට ඡන්ද නොමැති නිසාත් මැතිවරණයක් පැවැත්වුවහොත් එයාලා පරාජය වෙන බව දන්නා නිසයි. ඡන්දයක් නොමැති බව ප්‍රකාශ කරන්නේම පරාජයෙන් ගැලවීම සඳහා බව තහවුරුයි. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ජනමතයට, ජනමතය ප්‍රකාශයට පත්වීමට බයවෙලා තිබෙනවා. ඒ නිසා ජනමතය ප්‍රකාශයට පත්වීමට තිබෙන සියලු ක්‍රම වළක්වන්න, නවත්වන්න උත්සාහ කරමින් ඉන්නවා.
පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ නැතිව යන්නේ ඇයි? පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් මේ මොහොතේ තිබෙන ජන මතය ප්‍රකාශයට පත්වෙනවා. ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ කැමැත්තේ ප්‍රමාණය දැනගන්න හැකි වෙනවා. ජාතික ජන බලවේගයට අනිවාර්යයෙන් විශිෂ්ට බලයක් හිමිවෙනවා. රනිල් වික්‍රමසිංහලා පරදිනවා. ඒ නිසා පළාත් පාලන ඡන්දය නොපවත්වමින් යනවා. එය මුළුමනින්ම ප්‍රජාතන්ත්‍ර විරෝධියි.
දැන් ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනතක්. ඔන්ලයින් සිකියුරිටි පනත. මේ පනත ගේන්නෙත් ජනමතය ප්‍රකාශයට පත්වීම වැළැක්වීමටයි. අපේ රට තුළ පමණක් නොවෙයි මුළු ලෝකයේම ජන මතය සම්ප්‍රදායික මාධ්‍යවලට සීමා නොවී සමාජ මාධ්‍ය මගින් සිදුවෙනවා. ඒක ආණ්ඩුවට පාලනය කර ගැනීමට අපහසුයි. ඒක තුළ ආණ්ඩුවට එරෙහි මත, ආණ්ඩුවේ ඇත්ත හෙළිදරව් කරන මත, විපක්ෂ මත පළවෙන්න පටන් ගෙන තිබෙනවා. පසුගිය කාලයේ ප්‍රධාන මාධ්‍ය ආණ්ඩුව වෙනුවෙන් හැකිතරම් බොරු කිවුවා. වඳ කතා, වඳ දොස්තර මාධ්‍ය තුළින් නිර්මාණය කළා. පසුව ඒවා බොරු බවත් හෙළිදරව් වුණා. ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වුවෙත් නැහැ. ජනතාව අතර වෛරය පැතිරෙව්වෙත් ප්‍රධාන මාධ්‍ය. සමාජ මාධ්‍ය මගින් මේවා ප්‍රශ්න කරනකොට, ආණ්ඩුවේ නිරුවත හෙළිදරව් වෙනකොට ඒක ආණ්ඩුවට අවාසි වෙනකොට, සමාජ මාධ්‍ය වළක්වන්න ආණ්ඩුව උත්සාහ ගන්නවා. මේ සමාජ මාධ්‍ය මගින් බොරු ප්‍රවෘත්ති පළ වෙනවා. වැරදි අදහස් සමාජගත වෙනවා තමයි. නමුත් ආණ්ඩුව කරන්න යන්නේ එය වළක්වන එක නොවෙයි. ඒක පිට දමා ආණ්ඩු විරෝධී මත වැළැක්වීමටයි උත්සාහ දරන්නේ.
පසුගිය කාලයේ වැටුප් ගෙවමින් ව්‍යාජ ගිණුම් විශාල ප්‍රමාණයක් හදලා, වැරදි මත සමාජගත කළේ ආණ්ඩුවේ කණ්ඩායම්. මහින්ද රාජපක්ෂලාගේ කණ්ඩායමක් මේ ව්‍යාජ ගිණුම් පාවිච්චි කර වැරදි මත සමාජ ගත කළා. දැනටත් කණ්ඩායමක් පඩි ලබමින් බොරු කියමින් යනවා. ඒගොල්ලෝ බයයි ඇත්ත මහජන මතය සමාජගත වෙනවා දකින්නට. ඒ නිසා ඔන්ලයින් සිකියුරිටි බිල් එක ගෙනැත් මහජන මත ප්‍රකාශ කරන එක වැළැක්වීමට උත්සාහ ගන්නවා.
ඒ වගේම අලුත් ත්‍රස්ත පනතක් ගේන්න හදමින් ඉන්නවා. එය ගේන්න උත්සාහ කරන්නෙත් ආණ්ඩු විරෝධය වළක්වන්නයි. මහජන මතය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මහපාරේ උද්ඝෝෂණ බලකිරීම් මගින් ප්‍රකාශයට පත්වෙන එක වළක්වන්න තමයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගේන්න උත්සාහ කරන්නේ. එම පනත ගෙනාවොත් ආණ්ඩුවට යමක් කරන්න හෝ නොකරන්න කියා බල කරන එක ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට පත්කරනවා. මේ ආණ්ඩුව ජනතාවට බය, මහජන මතයට බය ආණ්ඩුවක් බවට පත්වෙලා තිබෙනවා. මහජනතාව දිනාගන්න ඒ අයට නොහැකියි. වසර 75ක මේ විනාශකාරී ආණ්ඩුවේ අත්දැකීම් ඇති ජනතාව දැන් මේ රට පාලනය කළ දේශපාලන බලවේග පැත්තකට දමා විකල්ප දේශපාලන ව්‍යාපාර එක්ක එකතුවීමට පටන්ගෙන තිබෙනවා. මේ නිසාම තමයි ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පවත්වන්නේ නැති බවට ප්‍රචාරයක් යවමින් තිබෙන්නේ. එයාලා කියන එකක් තමයි ජනාධිපතිවරණය පැවැත්වීම වෙනුවට ව්‍යවස්ථාවකින් හෝ ව්‍යවස්ථා සංශෝධනයකින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කරන බව. එවිට එම විධායක බලය පැවරෙනවා මේ පාර්ලිමේන්තුවට. විධායක ක්‍රමය අහෝසි කළ විට ජනාධිපතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය වන්නේ නැහැ. බලතල පාර්ලිමේන්තුවට පැවරීම තුළින් ඒ බලතල 2025 දක්වා පවතිනවා. ඒ නිසා තව අවුරුදු දෙකකට ඡන්ද නැති බව ප්‍රකාශ කරමින් ඉන්නවා. ඒක එහෙම සිදුවෙන්නේ නැති බව අපි හිතනවා.
විධායක ක්‍රමය අහෝසි කිරීමේ අරගලය සමාජයේ තිබෙන්නේ විධායක ක්‍රමය ආරම්භයත් සමගමයි. අපි ජනතා විමුක්ති පෙරමුණ හැටියටත්, අපි හැමෝමත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපතියෙක් නිර්මාණය කරන විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව පෙනී සිටියා. අපේ රටේ පාලනය කළ දේශපාලන පක්ෂත් ජනතාව රැවැට්ටීම සඳහා විධායක ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් එකඟ වුණු අවස්ථා ඕනෑ තරම් තිබුණා. 1994දි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය 1995 ජුලි 15ට කලින් විධායක ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දු වුණා. නමුත් කළේ නැහැ. රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ පොරොන්දු වුණා. නමුත් කළේ නැහැ. මේ හැමෝම තමන් අතේ බලය නැති මොහොතේ විධායක ක්‍රමය අහෝසි කිරීමට පොරොන්දු වෙනවා. බලය ගත්තාට පස්සෙ අහෝසි කිරීම නොකර බලය වැඩිකර ගත්ත එක තමයි කළේ. 2001 පරිවාස ආණ්ඩුව කාලයේ අපි මැදිහත් වෙලා විධායක බලය අඩු කරන 17වැනි සංශෝධනය සම්මත කර ගත්තා. මහින්ද රාජපක්ෂ බලයට ආ ගමන් 18වැනි සංශෝධනය ගෙනත් නැවත විධායක ජනාධිපති බලය වැඩිකර ගත්තා. කලින් ව්‍යවස්ථාවේ ජනාධිපතිවරණයට එක් පුද්ගලයෙකුට දෙවරක් පමණක් තිබූ අවස්ථාව 18 ගෙනැවිත් ඕනෑම කාලයක් ඉල්ලන්න අවස්ථාව හදාගත්තා. නැවත අපි 19 සංශෝධනය ගෙනැවිත් ජනාධිපති බලය කිසියම් ප්‍රමාණයකින් අඩුකර ගත්තා. ගෝඨාභය රාජපක්ෂ ආවාට පසුව 20වැනි සංශෝධනය ගෙනත් ඒ බලතල ආපසු ගත්තා. මහින්ද රාජපක්ෂලා බලය ලැබුණු සෑම අවස්ථාවකම කටයුතු කර තිබෙන්නේ විධායක බලතල අහෝසි කිරීමට නොවෙයි, ඒ බලතල වැඩිකර ගැනීමටයි. එසේ කටයුතු කළ මහින්ද රාජපක්ෂලා මේ හදිසියේ මේ බලතල අහෝසි කිරීමට කටයුතු කරන්නේ ඇයි? ඊළඟ ජනාධිපතිවරණයේදී රාජපක්ෂලා ඇප නැතිව පරදිනවා. ඔවුන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට අපේක්ෂකයෙක් වත් නැහැ. ඒ නිසා ජනාධිපතිවරණයට මුහුණ නොදී මගහැර යාමට අවශ්‍යවෙලා තිබෙනවා. ව්‍යවස්ථාවට අනුව ඡන්දය කල්දමන්න බැහැ. ඒ නිසා විධායක බලතල අහෝසි කර, පාර්ලිමේන්තුවට බලය පවරාගෙන පාර්ලිමේන්තුව මගින් පාලනය කරන එක තෝරා ගන්නා බව කියනවා. විධායක බලතල අහෝසි කිරීම වෙනුවෙන් අනිවාර්යයෙන් ජනමත විචාරණයකට යාමට සිදුවෙනවා. ඒ ජනමත විචාරණයේදී අපි කාටත් සිදුවෙනවා ඒකට පක්ෂපාතී වෙන්න.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අපි එකඟයි. ව්‍යවස්ථා සංශෝධනයක් නොවෙයි අලුත් ව්‍යවස්ථාවක් හදන්න සිදුවෙනවා. විධායක ක්‍රමයත් සමග ගැටගැසුණු ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. අලුත් ව්‍යවස්ථාවක් ගෙන ආවත්, විධායක බලතල පැවරෙන්නේ මේ පාර්ලිමේන්තුවට, මේ ඇමති මණ්ඩලයට, මේ අගමැතිවරයාට නම්, එයට මේ රටේ ජනතාව එකඟ වෙන්නේ නැහැ. මේ ආණ්ඩුව බහුතර ජනතාව ප්‍රතික්ෂේප කළ ආණ්ඩුවක්. මේ ආණ්ඩුවට ජන වරමක් නැහැ. ජනතා විරෝධී ආණ්ඩුවක් මේ තිබෙන්නේ. එවන් පාර්ලිමේන්තුවකට විධායක ජනාධිපතිවරයාගේ බලතල පැවරීම කිසිසේත්ම සාධාරණ වෙන්නේ නැහැ. එය ජනතා කැමැත්තට විරුද්ධයි. අපි ආණ්ඩුවටත් ජනතාවටත් අවධාරණය කර කියනවා, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සංශෝධනයක් ගෙන ආවොත් ඒ සංශෝධනය සම්මත වෙනකොටම මේ පාර්ලිමේන්තුව විසිරවීමේ යෝජනාවක්ද තිබෙන්න ඕනෑ. ඒ එක්කම මහජන ඡන්දයෙන් අලුත් පාර්ලිමේන්තුවක් ගොඩනැගෙන්න ඕනෑ. මේ මහජන ඡන්දයෙන් තේරී පත්වුණු ජනවරමක් සහිත පාර්ලිමේන්තුවට තමයි විධායක බලතල පැවරෙන්න ඕනෑකම තිබෙන්නේ. මේ පාර්ලිමේන්තුව තේරී පත්වෙන්නේ විධායක ජනාධිපතිවරයෙක් ඉන්න අවස්ථාවක. මේ පාර්ලිමේන්තුවට ඡන්දය දී තිබෙන්නේ විධායක බලතල සහිත පාර්ලිමේන්තුවකට නොවෙයි. විධායක බලතල මේ පාර්ලිමේන්තුවට පැවරෙනවා නම්, මේ පාර්ලිමේන්තුව ඒ අවබෝධය සහිතව ජනතාව පත්කරන පාර්ලිමේන්තුවක් විය යුතුයි.
රනිල් රාජපක්ෂලා ව්‍යවස්ථා ගැටයක් ගහලා, ජනාධිපතිවරණය නොපවත්වා, මේ දූෂිත, ජනවරමක් නැති පාර්ලිමේන්තුවට බලතල පවරාගෙන තව අවුරුදු දෙකක් පවත්වාගෙන යාමට උත්සාහ කරනවා නම්, එය කිසිසේත් සිදු නොවන්නක්. මේ පාර්ලිමේන්තුව අහෝසි විය යුතුයි. එසේ සිදුනොවී ගෙන එන ජනමත විචාරණයකට අපි උදව් කරන්නේ නැහැ. එසේ වුවහොත් එය දිනන්නේ නැහැ. ආණ්ඩුවට සිදුවෙනවා ජනමත විචාරණය පැරදිලා ජනාධිපතිවරණයකට යන්න. නැතිනම් ආණ්ඩුවට සිදුවෙනවා මහ මැතිවරණයකට යාමට. ආණ්ඩුවට තෝරා ගැනීමට සිදුවෙන්නේ ක්‍රියාමාර්ග දෙකයි. එකක් ජනාධිපතිවරණය පැවැත්වීම, ජනාධිපතිවරණයක් නැත්නම් ලබන වසරේදී මහ මැතිවරණය පැවැත්විය යුතුයි. එසේ නොවී මේ ජනවරමක් නැති පාර්ලිමේන්තුවට බලතල පවරාගෙන යන ගමනකට අපි කිසිසේත් ඉඩ තියන්නේ නැහැ. අපි ජනතාවට කියනවා, ලබන වසරේ ඡන්දයක් නැහැ කියලා ආණ්ඩුවේ ලොක්කෝ කියාගෙන යන මතයට රැවටෙන්න එපා. ලබන වසරේ අනිවාර්යයෙන් ඡන්දයක් එනවා. නියමිත ලෙස ජනාධිපතිවරණය එනවා. යම්කිසි ලෙසකින් ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් ජනමත විචාරණයකින් ජයග්‍රහණය කළ යුතුයි. ජනමත විචාරණය ජයග්‍රහණය කළ යුත්තේ මහ මැතිවරණයක් පැවැත්වීමේ කොන්දේසිය සහිත ජනමත විචාරණයක් ජයග්‍රහණය කිරීමෙන්. මහ මැතිවරණයකට යාමෙන් මහජනතාවට හැකියාව ලැබෙනවා තමන් කැමති ආණ්ඩුවක් හදාගන්න. ඒ ආණ්ඩුවට විධායක බලතල පැවරුණු ආණ්ඩුවක් හදාගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ ආණ්ඩුවට පුළුවන් රට වෙනස් කරමින් ඉස්සරහට යන්න.
අපි පාලකයන්ට කියනවා ජනවරම සමග සෙල්ලම් කරන්න එපා. පළාත් පාලන ඡන්දය කල්දැම්මා, පළාත් සභා පවත්වන්නේ නැතිව ඉන්නවා. ඒ විදිහට මේ ඡන්දත් කල්දැමිය හැකියි කියා ජනතාවට හිතෙන්න පුළුවන්. නමුත් එහෙම කරන්න බැහැ. පළාත් පාලන ඡන්ද පවත්වන්නේ නැතිව ඒ ආයතන පවත්වාගෙන යාමේ හැකියාව සහිත ප්‍රතිපාදන ඒ ව්‍යවස්ථාවල තිබෙනවා. ඒ, විශේෂ කොමසාරිස්වරුන් පත්කර ගැනීමෙන්. පළාත් සභා ඡන්ද තියන්නේ නැතිව පළාත් සභා පවත්වාගෙන යාමේ ප්‍රතිපාදන ව්‍යවස්ථාවේ තිබෙනවා. හැබැයි පාර්ලිමේන්තුවට එහෙම එකක් නැහැ. ජනාධිපතිට එහෙම එකක් නැහැ. ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු ඡන්දය පවත්වන්නම ඕනෑ. ඒ අයට කළ හැකි එකම දේ තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා, ජනාධිපතිවරණයට මුහුණ දීමෙන් මගහැර යන එක. ඒක කළ හැක්කේ ජනතාවගේ කැමැත්ත සහිතව. ලබන වසරේ අනිවාර්යයෙන් ඡන්දය පවත්වන්න සිදුවෙනවා. මේ ආණ්ඩුවට ආයුෂ තිබෙන්නේ තව මාස දහයක කාලයක් පමණයි. ජනාධිපතිවරණයක් තිබ්බොත් අනිවාර්යයෙන් අපි ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරනවා. ඒ ජයග්‍රහණය තුළින් අපි මේ පාර්ලිමේන්තුව තියා ගන්නේ නැහැ. ඡන්දයක් තියනවා. දේශපාලන කුමන්ත්‍රණ මගින් අනීතික, ජනතා විරෝධී පාලන බලය රැකගන්න හැකියාවක් නැහැ. අපි ජනතාවට කියනවා පාලකයෝ පතුරන මතවලට කලබල වෙන්න එපා. ඔබ උනන්දුවෙන් වැඩකරගෙන යන්න. ඔබ සංවිධානය වෙන්න. මේ දුෂ්ට පාලනය අවසන් කරන වසර ලබන වසර වන බවට අපි ඔබට සහතික වෙනවා.
සිවිල් වැසියන්ගේ ඝාතන නතර කිරීම සඳහා ලෝක ප්‍රජාව දෙපාර්ශ්වයටම බලපෑම් කළ යුතුයි.
අමතර කරුණක් ලෙස ඊශ්‍රායලය හා පලස්තීනය අතර ගැටුමක් තිබෙනවා. මේ පිළිබඳව සමාජයේ විවිධ අදහස්, මත ඉදිරිපත් වෙමින් තිබෙනවා. මේ පිළිබඳව විවිධ පාර්ශ්ව විවිධ අදහස් ඉදිරිපත් කරනවා. අපි මෙහි දකින ප්‍රධානම දේ තමයි මේ ගැටුම නිසා දෙරටේම නිරායුධ, අහිංසක පුරවැසියන්, ළමුන්, කාන්තාවන් විශාල ප්‍රමාණයක් දුෂ්කරතාවයට පත්වී තිබෙනවා. මේ වන විටත් දෙපාර්ශ්වයේම සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් ඝාතනය වී තිබෙනවා. දෙමාපියන් අහිමිව ළමුන් අතරමං වී, අවතැන් වී සිටිනවා. කාන්තාවන්ට විශාල ලෙස ප්‍රශ්න මතුවී තිබෙනවා. ලක්ෂ ගණන් ජනතාවට උන්හිටිතැන් අහිමි වී තමන්ගේ ගම්බිම් අතහැර යාමට සිදුවී තිබෙනවා. මේක මානව ඛේදවාචකයක්. අපි ඉල්ලා සිටිනවා මේ දෙපැත්තෙන්ම කරන ඝාතන නතර කළ යුතුයි. දෙපැත්තේම නිරායුධ සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් කරන ඝාතන, වැළැක්විය යුතුයි. මේ ඝාතන නතර කිරීම සඳහා ලෝක ප්‍රජාව දෙපාර්ශ්වයටම බලපෑම් කළ යුතුව තිබෙනවා. මේ අවස්ථාවේ කවුද හරි හෝ වැරදි කියා තේරීම නොවෙයි කළ යුත්තේ. මෙහි මානව ඛේදවාචකයක් තිබෙනවා. ළමා පරපුරක් අසරණ වී තිබෙනවා. ඒ නිසා ගැටුම් නවත්වන්න. නිරායුධ සිවිල් පුරවැසියන් ඉලක්ක කර ගත් ප්‍රහාර නතර කළ යුතුයි කියා අපි විශ්වාස කරනවා.
මේ ගැටුමට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. 1947න් පසුව මේ ප්‍රශ්නය ආරම්භය සිදුවෙන්නේ. එහි විශාල ප්‍රමාණයේ ගැටලු තිබුණත් මේ අවස්ථාව එය කතා කිරීම නොවෙයි කළ යුත්තේ. මේ ගැටුම් ආරම්භ වූ අවධියේ එක්සත් ජාතීන් මැදිහත් වීමෙන් යෝජනාවක් සම්මත කොට සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. මේකට රාජ්‍ය සංකල්පය යනුවෙන් හඳුන්වනවා. “රටවල් දෙකම රටවල් දෙකක් සේ පිළිගන්න” යන සංකල්පය. එක්සත් ජාතීන්ගේ සැලැස්මට අනුව නිදහස් පලස්තීනයකුත් නිදහස් ඊශ්‍රායලයකුත් පිළිඅරගෙන තිබෙනවා. එම රටවල් දෙක ස්ථාවර බවට පත්කිරීම තමයි එක්සත් ජාතීන්ගේ අරමුණ බවට පත්වුණේ. මේතෙක් එක්සත් ජාතීන්ගේ එම සැලැස්මට අනුව වැඩ කෙරිලා නැහැ. එය බලාත්මක කිරීමට අසමත් වෙලා තිබෙනවා. මේ ගැටලුවේ ප්‍රධානම හේතුව ඒක. එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි සංවිධානයක් ගෙන ආ යෝජනාවක් බලාත්මක කර ගැනීමට නොහැකි වීමම, මේ ඛේදවාචකයට ප්‍රධාන හේතුවක් බවට පත්වෙලා තිබෙනවා. ඒක බලාත්මක කර ගැනීමට නොහැකි වී තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ මැදිහත් වීම නිසා. ඒ අය තමන්ගේ අධිරාජ්‍යවාදී අරමුණු වෙනුවෙන් මේ කලාපය තුළ බල තුලනය හදා ගැනීමට උත්සාහ කරමින් ඉන්නවා. ඒ නිසා දැනුත් මේ ගැටලුවට තිබෙන විසඳුම තමයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භයේදීම සම්මත කර ගත් ද්විරාජ්‍ය සංකල්පය ක්‍රියාවට නැගීම. ස්වාධීන නිදහස් ඊශ්‍රායලයකුත් ස්වාධීන නිදහස් පලස්තීනයකුත් පිළිගැනීමෙන් තමයි. එම ප්‍රතිපත්තිය මත කටයුතු කිරීමෙන් මේ ගැටුම් නිරාකරණය කරගනිමින් රටවල් දෙකටම පවතින්නට හැකියාව ඇතිවේවි. ලෝක බලවතුන්ගේ වගකීම වන්නේත් එක්සත් ජාතීන්ගේ යෝජනාව අනුව කටයුතු කිරීම. අපි නැවතත් ලෝක ප්‍රජාවගෙන් සහ සියල පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරනවා, සිවිල් පුරවැසියන් ඝාතනය වෙන, ළමුන්, කාන්තාවන් පීඩාවට පත්වෙන, ළමුන් අනාථයන් බවට පත්වෙන මේ ගැටුම් නතර කරන්න.
“වැඩිවන ආර්ථික පීඩනය හේතුවෙන් පවුල හා වැඩබිම තුළ සමාජ සම්බන්ධතා බිඳවැටෙමින් යනවා” -ජාතික ජන බලවේගයේ විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය-
අද පවතින සමාජ අර්බුදය ගැන කතාකරන විට බොහෝ දෙනෙකුගේ වැඩි අවධානය වෙන්නේ පවතින අර්බුදයත් එයට ගතයුතු ක්‍රියා මාර්ග පිළිබඳවයි. ඒ හා සමානම ඉතාම බලවත් ලෙස අපේ ආර්ථිකයට සම්බන්ධවම සමාජයේ කඩා වැටීමකුත්, සමාජය අනාරක්ෂිත වීමකුත් අපට දකින්න ලැබෙනවා. මේකේ විශේෂයෙන්ම අපි මතු කළ යුත්තේ කාන්තාවන්ට, දරුවන්ට එරෙහිව වර්ධනය වෙමින් තිබෙන ප්‍රචණ්ඩත්වයයි. එන්න එන්න වැඩිවන ආර්ථික පීඩනය නිසා පවුල තුළත්, වැඩකරන ස්ථාන තුළත් රැකගත යුතු සමාජ සම්බන්ධතා සියල්ලටම පීඩනය එල්ල වෙමින් තිබෙන බව අපි දකිනවා. මේ තුළ සමාජ සම්බන්ධතා කඩා වැටීමෙන් සම්ප්‍රදායිකව තිබිය යුතු බැඳීම් සියල්ලම දුර්වල වෙමින් යනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස සමාජය තුළ දුර්වල යැයි හැඳින්වෙන බලය අඩු කණ්ඩායම්වලට ප්‍රචණ්ඩත්වයට මුහුණ දීමට සිදුවෙලා තිබෙනවා. එය දිනෙන් දින වර්ධනය වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම කාන්තාවන්ට, දරුවන්ට සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටත් මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න සිදුවී තිබෙනවා.
ආර්ථික අර්බුදය සමාජයේ සියලුම අංශවලට බලපාන්න පටන්ගෙන තිබෙනවා. සියලුම කොටස් විනාශ කරමින් යන බවක් පේනවා. ඒ පිළිබඳ කිසියම් හෝ සංවේදී බවක්, අනුකම්පාවක් තැකීමක් මේ පවතින ආණ්ඩුවට නැහැ. ඒවා දරාගන්න සිදුවී තිබෙන්නේ පවුල් හැටියට, පුද්ගලයන් හැටියට පමණයි. අර්බුදයට පත්වුණු සමාජය විසින්ම මේවාට විසඳුම් සොයන්න බලකෙරෙනවා. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු ආයතන වන පොලීසිය, ළමා ආරක්ෂක අධිකාරිය, පරිවාස දෙපාර්තමේන්තුව, කාන්තා අමාත්‍යාංශය මේ කවර හෝ ආයතනයක් විය හැකියි. මේ ආයතනත් දැඩි පීඩනයකට ලක්වී තිබෙනවා. මෙවැනි ප්‍රශ්නවලට මැදිහත් වීමට අවශ්‍ය සම්පත්, තාක්ෂණික සම්පත්, මානව සම්පත් අහිමි වී මෙම ආයතන එන්න එන්න දුර්වල වී තිබෙනවා. මේවා හදිසියේ ඇති වූ ඒවා නොවෙයි. කාලයක් තිස්සේ සමාජ ආරක්ෂණ පද්ධතියත් විනාශ කළ පාලකයන්ගේ නොහැකියාව නිසා අද මේවා බරපතළ ප්‍රශ්න බවට පත්වී තිබෙනවා. පසුගිය සතියේ ජාතික ජන බලවේගය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ එකතුවක් හමුවුණා. ඔවුන් අපේ අවධානයට ප්‍රශ්න රාශියක් යොමු කළා. විශ්‍රාමික පිරිසක් එක්ක සාකච්ඡාවක් කළා. 1997 සිට ඔවුන්ගේ පවතින ප්‍රශ්න නිසා ඉතාමත් අසරණ වී සිටිනනවා. කිසිසේත්ම වැඩිනොවෙන විශ්‍රාම වැටුප සහ ලැබිය යුතු වැටුප නිසි කලට නොලැබීම නිසා මතුවූ ප්‍රශ්නවලින් ඔවුන් විශාල පීඩාවට පත්වෙලා තිබෙනවා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විශාල ලෙස සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙනවා. බෙහෙත් හිඟවීමත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩා වැටීමත් ඔවුන් මුහුණ දෙන ප්‍රශ්න බරපතළ වී තිබෙනවා.
ඔවුන් ගෙන තිබෙන ණයවල පොලී වැඩිවීමත් තවත් අර්බුදයක් ඇතිකොට තිබෙනවා. මේ අය දරුවන්ට බරක් නොවී ජීවත් විය හැකිව තිබෙන පිරිසක්. නමුත් අද මේ අයගේ බරත් දරුවන්ටම දරන්න සිදුවී තිබෙනවා. ඒ තුළිනුත් පවුල් තුළත් තව තවත් ප්‍රශ්න මතු වී තිබෙනවා. ආණ්ඩුව ඉදිරියේදී ඉදිරිපත් කරන අයවැය තුළිනුත් මේ ප්‍රශ්නවලට විසඳුම් ලැබේවි යැයි අපට විශ්වාස කළ නොහැකියි. අයවැය ඉදිරිපත් කරන මේ මොහොතේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මේ ප්‍රශ්නවලටත් පිළිතුරු සෙවිය යුතුය කියන එක අපි ආණ්ඩුවට මතක් කරනවා.
2023 ඔක්තෝම්බර් 15 හැටන් ප්‍රකාශනය එළි දැක්වීමේදී, ජාතික ජන බලවේගයේ නායක, අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ සම්පූර්ණ කතාව… අපි මේ එකතු වුණේ, මීට අවුරුදු 200කට පෙර වතු වගාවට, මාර්ග ඉදිකිරීම, ආදී කාර්යයන් සඳහා ගෙන එනු ලැබූ දමිළ ප්‍රජාවගේ ඉතිහාසය පිළිබඳ කතා කරන්න. එම ඉතිහාසයම ඛේදවාචකයක්. ඒ වගේම එය අප රටේ සිදුවී තිබෙන ඓතිහාසික වැරැද්දක්. ජාතික ජන […]
2023 ඔක්තෝම්බර් 15 හැටන් ප්‍රකාශනය එළි දැක්වීමේදී, ජාතික ජන බලවේගයේ නායක, අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ සම්පූර්ණ කතාව…
අපි මේ එකතු වුණේ, මීට අවුරුදු 200කට පෙර වතු වගාවට, මාර්ග ඉදිකිරීම, ආදී කාර්යයන් සඳහා ගෙන එනු ලැබූ දමිළ ප්‍රජාවගේ ඉතිහාසය පිළිබඳ කතා කරන්න. එම ඉතිහාසයම ඛේදවාචකයක්. ඒ වගේම එය අප රටේ සිදුවී තිබෙන ඓතිහාසික වැරැද්දක්. ජාතික ජන බලවේගයේ අපි ඒ ඓතිහාසික වැරැද්ද පිටුදකිනවා. එපමණක් නොවෙයි ජාතික ජන බලවේගයේ අපි ඔබට සපථ කරනවා එම ඓතිහාසික වැරැද්ද අපි නිවැරදි කරන බවට. අද මෙම හැටන් ප්‍රකාශයෙන් ඒ සඳහා අවශ්‍යවන මූලික මඟපෙන්වීම අපි කර තිබෙනවා.
මේ ප්‍රකාශය ඉදිරිපත් කිරීම සඳහා මේ හැටන් නගරය තෝරා ගත්තේ ඇයි? දමිළ ප්‍රජාව වැඩිපුරම ජීවත් වන කඳුකර ප්‍රදේශ නිසාද? නැහැ. 1964 සිරිමා- ශාස්ත්‍රී ගිවිසුමෙන් පසුව මේ ප්‍රදේශයේ ජීවත් වුණු දමිළ ජනතාව විශාල ප්‍රමාණයක් ආපසු ඉන්දියාවට පිටත් කර හරිනවා. ඒ දමිළ ජනතාව මේ හැටන් දුම්රිය ස්ථානයේ කෝච්චියට පටවලා තමයි තලෛයිමන්නාරමට පිටත් කර හැරියේ. ඒ දිනවල මේ හැටන් නගරයත්, දුම්රිය ස්ථානයත් කඳුළුවලින් තෙත් වුණා. වේදනාවෙන් අඳෝනා දුන්නා. ඒ පිළිබඳව දමිළ සාහිත්‍යවේදියෙකු වු තෙලිවත්තේ ජෝෂප්, ඔහුගේ ‘පාලායි’ පොතේ මෙහෙම කියනවා. “යළි මව්බිමට පැමිණීම’ යි ඇතැමුන් කරන ලද හැඳින්වීම ප්‍රතික්‍ෂේප කර මෙහි සිටින බහුතරයක් කියා සිටින්නාක් සේ ‘බලහත්කාරයෙන්’ කඳුකර ජනතාව පිටුවහල් කළේ යැයි මම පවසමි; ඉන්දියාවට යාම ප්‍රතික්‍ෂේප කරමින් තැන් තැන්වල සැඟවෙමින් සිටි ජනතාව පොලිසිය යොදවා අල්ලා, වාහනවල පටවා, මන්නාරමට රැගෙන විත් ඉන්දියාවට යැවූ අයුරු වෙනත් ලෙසකින් අර්ථ දැක්විය හැකිද?” ඔහු කියන පරිදි ඒ අන්කවරක්වත් නොවෙයි, බලහත්කාරයෙන් පටවා හැරීමක්. ඒ වෙනකොට අවුරුදු 150ක් විතර ගතවෙලා. පරම්පරා තුන හතරකින් අලුත් වෙලා. එහෙත් එම ජනතාවට නීතියෙන් කියනවා ‘ඔබ මෙහි පුරවැසියන් නොවේ. ඔබ යා යුතුයි ඉන්දියාවට’ කියලා. ඔවුන් ඉන්දියාවත් එක්ක නැහැ. මේ පරම්පාරව ඉන්දියාවේ ජීවත් වෙලා නැහැ. ආර්ථික වශයෙන් ඉන්දියාවට දායකත්වය සපයා නැහැ. ඉපදුනේ, මේ මහපොළොවේ. මියැදුණේ මේ මහපොළොවේ. වැළලුණේ, සාරවත් කළේ මේ මහපොළොව. මේ රටේ ආර්ථිකයට හවුල් වුණේ. හැබැයි නීතියෙන් කිවුවා, ඔබ යා යුතුයි ඉන්දියාවට කියලා. අන්න ඒ හැටන් නගරයේ සිටයි අපි අද කතාකරන්නේ.
ඉතිහාසය තුළ තිබුණු ඛේදවාචකය එපමණද? නැහැ. ඔබ දන්නවා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් අපිව වගේම ඉන්දියාවත් යටත්විජිතයක් කර ගත්තා. 1800-1900 යුගය කියන්නේ ඉන්දියාවේ ගොවීන්ගේ අස්වැන්න පැහැරගැනීම්, දැඩි නියඟ තත්වය හේතුකොට ගෙන විශාල සාගතයක් ඇති වූ යුගයක්. සමහර වාර්තාවල තිබෙනවා 1800-1900 යුගයේ සාගතය හේතුකොටගෙන දෙකෝටි දාහතර ලක්ෂයක් මිය ගිය බව. ඒ ඔබගේ මුතුන් මිත්තන්. එපමණක් නොවෙයි බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් ලංකාව තුළ වගේම අධික බදු පැනවීමකට ලක්කළා. එයින් ජනතාවට විශාල පීඩාවක් එල්ල වුණා. බදු නොගෙවීම හේතුකොටගෙන බරපතළ වදහිංසාවන්ට භාජනය වුණා. එම වදහිංසා සොයා බැලීමට මදුරාසි වදහිංසා කොමිසමක් පත්කිරීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට සිදුවුණා. එම වාර්තාවල මෙසේ සඳහන්වී තිබෙනවා. “ජුනි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා බදු මුදල් ගෙවන ලෙස ආදායම් පාලක නිලධාරියා දැඩි ලෙස අපට බල කළා- මෙම කාරණය මුල් කරගෙන ඔවුන් මාවත්, තවත් අපේ පිරිසකුත් අල්ලා ගෙන ගිනියම් අව්වේ සිටවා තැබුවා- අපට කොඳු නමා සිටින්නට සලස්වා ගිනියම් වූ ගල්ගෙඩි කොන්ද මත තබා ගැට ගසා, දවස පුරා ගිනියම් වූ වැලි මත සිටින්නට සැලැස්වූවා- නොකඩවා මාස තුනක් තිස්සේ මෙලෙස දස වද දුන්නා-..” ඒ ඉන්දියාවේ දුක්විඳි මුතුන්මිත්තන්.
ඒ පරිසරය බලකළා ඔවුන්ට මීට වඩා හොඳ තැනක් සොයාගන්න. අනෙක් අතට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් මේ අයගෙන් විශාල ප්‍රමාණයක් විවිධ රටවල්වලට ශ්‍රමිකයන් හැටියට ගෙනගියා. ඒ ආකාරයට ලංකාවේ මාර්ග ඉදිකිරීමටත්, කෝපි වගාව ආරම්භ කිරීමටත් විශාල ශ්‍රමිකයන් පිරිසක් ලංකාවට ගෙනාවා. දනුෂ්කොඩි වරායෙන් මේ අයව පටවලා, මන්නාරම් වරායෙන් බස්සවලා තිබුණා. සමහර වාර්තාවල සඳහන් වෙනවා, මුහුදෙදි කුණාටුවට හසුවී විශාල ප්‍රමාණයක් මුහුදෙහි මිය ගිය බව. එම මිය ගිය සිරුරු මුහුදටම විසි කළ බව. ඔවුන්ව පාගමනින් මන්නාරම, මැදවච්චිය, දඹුල්ල, මාතලේ දක්වා පයින් ගෙනාවා. අනතුරුව ගිරිදුර්ග නගිමින් මේ ප්‍රදේශයට ගෙනාවා. ඒ වන විට අඩි 3000ට වඩා කිසිදු තැනක් ලංකාවේ ජනාවාසකරණය වෙලා තිබුණේ නැහැ. මිනිස් වාසයක් තිබුණේ නැහැ. ඩයගම, හැටන්, තලවාකැලේ, රාගල මේ සියල්ලම අඩි 3000ට වඩා උඩින් පිහිටා තිබුණේ. පාරවල්, මංමාවත් තිබුණේ නැහැ. මේ ජනතාව පයින්, කැලෑ තුළින් මේ ප්‍රදේශයට ගෙනාවා. ගමන් කිරීමට බැරිවෙන තත්වයක් ඇති වෙනකොට, කුඩා කෑම ටිකයි, පොල් කටුවක වතුරයි තියලා මේ ජනතාව අරගෙන ආවා. තලෛයිමන්නාරම සිට මේ දක්වා කැලෑ තුළින් එන විට විවිධ ලෙඩ රෝග හේතුකොටගෙන එම ගමනේදී 15%ක් මිය ගිය බව. මේ මිනිසුන්ගේ සිරුරු වැතිරි තිබෙනනේ මේ කඳුකරයේ පමණක නොවෙයි; ඈත තලෛයිමන්නාරම, මැදවච්චිය, දඹුල්ල, මාතලේ දක්වා මේ මිනිසුන්ගේ සිරුරු මිහිදන් වෙලා තිබෙනවා. ඔවුන් වතු වගාවන් සඳහා යහපත් බලාපොරොත්තුවක් සහිතව ආවා. ඔවුන්ගේ ජන කවි තුළින් ඔවුන් මෙහෙම කියනවා.
“කොන්ද නමන් නැගපු කන්ද
කෝපි පැලත් සිටවු කන්ද
අයියල ඇද වැටුණු කන්ද
අන්න පේනවා”
මෙයින් කියන්නේ මොකක්ද? මේ කඳු සිසාරා මේ මිනිසුන් මියැදි තිබෙන බවයි. ඒ අසීරු වගාව තුළින් ඒ මිනිසුන් විඳි ජීවිතය කුමක්ද? ඒ ගැන ජන කවියක මෙහෙම කියනවා.
කුදු ගැහෙනා කඳු නැගලා
කෝපි ඵල නෙලනා අතරේ
එක ඵලයක් බිම වැටුණොත්
පයින් ගහයි සින්නදොරේ
ඒ වතු වගාව ඉතාමත් දුෂ්කර වුණා. ජීවිතය මොකක්ද කියලා දන්නේ නැති පිරිසක්, රස ආහාර වේලක් පිළිබඳ හැඟීමක් නැති පිරිසක්, නිවහනක් පිළිබඳ අත්දැකීමක් නැති පිරිසක්, ජීවිතයේ කිසිදු විනෝදයක් නොලබපු, සතුට, හැඟීම් සමුදායක් නැති පිරිසක් මේ කඳුකරයේ මිය ගියා. කෝපි වගාව බිඳ වැටුණාට පසුව ඔවුන් තේ වගාවට අනුවර්තනය වුණා. එතන ජීවිතය යහපත් වුණාද? එදා ජන කවියා මෙහෙම කියනවා.
“කූඩ කරේ එල්ලාගෙන අපට පුරුදු නෑ
දලු නෙළනා වැඩ කරලත් අපට පුරුදු නෑ
කංකානිට යටත් වෙලා කොහොමද ඉන්නේ අප
යවනු මැනවි අපේ බිමට සාමී සාමී”
මේ ජනතාව කිසි කෙනෙක් කැමැත්තෙන්, ආසාවෙන්, අපේක්ෂාවෙන් මේ මවුබිම තුළ ජීවත් වුණා නොවෙයි. හූල්ල හූල්ල දිනපතා වේදනාවේ ගැඹුරුම පතුල විඳිමින් ජීවත් වුණු පිරිසක්.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් යටතේ අවුරුදු 125ක්, වර්තමාන පාලකයන් යටතේ අවුරුදු 75ක් මේ අවුරුදු 200ක ජීවිතය පරම්පරා හතරකට වඩා අධික සමුදායකට අත්පත්කර දී ඇති ඉරණම කුමක්ද? 1948 බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් ගියාට පසුව දේශීය කණ්ඩායමක් පාලනය අතට ගන්නවා. 1949 පුරවැසි පනත ගේනවා. පුරවැසි පනතෙන් නියෝග දෙනවා පුරවැසිභාවය ලබා ගන්න නම්, 1949 නොවැම්බර් මාසයේ 15දාට කලින් ඉපදී තියෙන්න ඕනෑ. පරම්පරා දෙකක් මෙහි ජීවත් වුණු බවට ලිඛිත සාක්ෂි තිබෙන්න ඕනෑ. උප්පැන්නයක් නැති, ඇඩ්‍රස් එකක් නැති, ලේඛනයක නමක් නැති පුරවැසියන් පරම්පරා දෙකක් තමන් මෙහි ජීවත් වුණු බවට දෙන සහතිකය මොකක්ද? හත් ලක්ෂයකට පුරවැසිභාවයක් නැහැ. මෙ රටේ ජීවත් වෙනවා, ආර්ථිකයට හවුල් වෙනවා, මේ රටේ මියැදෙනවා, හැබැයි රටේ පුරවැසියන් නොවෙයි. ඉතා කුඩා ප්‍රමාණයකට පමණක් පුරවැසිභාවය දුන්නා. ව්‍යාපාරවලින් ධනය එක්රැස් කරගත්ත, වතුවලින් ධනය එක්රැස් කර ගත්ත, වගාබිම් විශාල ප්‍රමාණයක් අයිතිව තිබුණු ඉතා කුඩා කණ්ඩායමකට පුරවැසිභාවය ලැබුණත් ලක්ෂ හතකට අධික පහළ පංතියේ මිනිසුන්ට පුරවැසිභාවය ලැබුණේ නැහැ. පාලක කණ්ඩායම් නැවත නැවත ඔවුන් විසින්ම පුරවැසිභාවය අහෝසි කරලා, නැවත නැවත ඡන්දයේදී “අපි පුරවැසිභාවය දෙන්නම්” කියලා දේශපාලන පොරොන්දු ඡන්ද ලබාගැනීම සඳහා වෙන්දේසි කළා. ජනතාවක් ලෙස මේ ජනතාව 2003දි පුරවැසිභාවය සම්පූර්ණ කරනවා. 1949 සිට අවුරුදු 54ක් තුළ පරම්පරාවකට වැඩි පිරිසක් පුරවැසිභාවය අහිමි වෙලා මේ රටේ මිය ගියා. සම්පූර්ණ පුරවැසිභාවය ලැබී මේ වන විට වසර 20ක් ගතවී තිබෙනවා. ඔවුන්ට නිල කඩදාසිවලින් පුරවැසිභාවය ලැබුණත්, ලංකාවේ පුරවැසියාට සමානව අයිතිවාසිකම් ඔවුනට හිමිවෙලා නැහැ.
මේ කඳුකර දමිළ ජනතාවට අවශ්‍ය වෙන්නේ ගෞරවය සහිත මහා මිනිස් ප්‍රජාවක් බවට වර්ධනය වීමයි. ජාතික ජන බලවේගය ලෙස අපි ඔබ දෙස බලන්නේ අනුකම්පාවක් යදින ජනතාවක් ලෙස නොවෙයි. ඔබට අවශ්‍ය මේ රටේ ගෞරවණිය පුරුවැසියෙක් හැටියට මේ රට තුළ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමයි. ඒ සඳහා ඔබට යුක්තිසහගත අයිතියක් තිබෙනවා.
ලෝකය ක්‍රම ක්‍රමයෙන් එකට එකතු වෙමින් ආවා. තාක්ෂණය විසින්, වෙළඳපොළ විසින්, සන්නිවේදනය විසින්, ප්‍රවාහනය විසින් ලෝකයේ ඒකාබද්ධතාවයන් ගොඩනැගෙමින් ආවා. ලෝකයේ ඕනෑම රටක් රඳා පවතින්නේ, ඒ රට මොනතරම් ප්‍රමාණයකින් ලෝක වෙළඳපොළෙන් පංගුවක් අත්පත් කර ගන්න සමත්ද නැද්ද කියන සාධකය මත. පසුගිය වසරේ තෙල්, ගෑස්, විදුලිය, නැති වුණා. ජන ජීවිතයම අකර්මණ්‍ය වුණා. රටම කඩා වැටුණා. එයට ප්‍රධානම හේතුව කුමක්ද? අපට අවශ්‍ය විදෙස් මුදල් ඩොලර් ප්‍රමාණය ලංකාවේ සංචිතවල නොමැති විමයි. වර්තමාන ලෝකයේ සෑම රටකටම බල කරනවා ලෝක වෙළඳපොළේ සාධාරණ පංගුවක් අත්පත් කර ගත යුතු බව. දශක ගණනාවක් ලෝක වෙළඳපොළේ අපේ ලොකුම පංගුව මොකක්ද? සේවා දායකත්වය. අදත් වසරකට ඩොලර් කෝටි 130ක් උපයන්නේ සේවා සැපයීමෙන්. කොළඹ ගියවිට ලොකු ගොඩනැගිලි අපි දකිනවා. ඒවාට බොහෝ භාණ්ඩ ආනයනය කර තිබෙනවා. ඔබ මෙහෙන් එහෙට යවා උපයන ඩොලර්වලින් රට සංවර්ධනය කර තිබෙනවා. ඔබ මෙහේ තේ වවලා උපයන ඩොලර්වලින් පාලම් හදා තිබෙනවා, දුම්රිය පෙට්ටි ගෙනැවිත් තිබෙනවා. ඒ කියන්නේ දුම්රියේද, බස් රියේද, ලොකු ජීප් රථයේද, ලොකු ගොඩනැගිල්ලේද, මහා පාලම් ඇතුලේද ඔබගේ ශ්‍රමය සැඟවී තිබෙනවා. ඒ වෙනුවෙන් සාධාරණ වටිනාකමක් දිය යුතු නැද්ද?
අපේ රටේ පසුගිය දශක ගණනාවක් යම්කිසි ඉදිරියකට යාමට හේතු වුණා නම්, එහි ප්‍රධානම වන්නේ ඔබ වගුරන ශ්‍රමයයි. ආර්ථිකය වෙනස් වුණා. ලෝකය වෙනස් වුණා. දීර්ඝ කාලයක් ඔබ රටේ සංවර්ධනයට දායක වුණා. නමුත් ඔබට සිදුවී ඇත්තේ කුමක්ද? අවුරුදු 150ක් පරණ ලයින් කාමරයේ ඔබ අදත් තාමත් ජීවත් වෙනවා. මෙය යුක්තිසහගතද? අවුරුදු 150කට වඩා පැරණි ගෙයක් කියන්නේ කුමක්ද? ප්‍රදීප් සහෝදරයා ජීවත් වෙන ගමේ කහවත්තේ තමයි ලංකාවේ ලොකුම ලයින් පේලිය තිබෙන්නේ. ඒවා අවුරුදු 150ක පැරණි බව ඔහු කීවා. ඔබට මිනිස් ප්‍රජාවක් ලෙස සලකන, ඒ ගෞරවය ලැබෙන නව පාලනයක් අපට අවශ්‍ය නැද්ද? අපි අවුරුදු 200කට පසුව හෝ මෙම පරිවර්තනය කළ යුතුයි.
ඔබගේ දුක වේදනාව අතේ නැලවෙන දරුවාට, කුසේ දඟලන දරුවාට හිමි නොවෙන රටක් අපි නිර්මාණය කරමු. 1823 සිට මේ ගෙනෙන ලද ශ්‍රමිකයන්ගෙන් ලක්ෂ දෙකහමාරක් මැලේරියා වසංගතයෙන්, සර්පයන් දෂ්ට කිරීම, කොළරා වසංගතය, ඒ වගේම දරු ප්‍රසූතියේදි මියැදී තිබෙනවා. වේදනාවෙන් මිරිකී සිටින ජනතාවකට ආර්ථික වශයෙන් පමණක් නොවෙයි, සමාජ ගරුත්වයක් අහිමි ජනතාවකට, හොඳ ජීවිතයක් සහ ගරුත්වයක් සහිත ජීවිතයක් ලබාදිය යුතුයි. ජනතාවගෙන් 63%කට මෙ රටෙන් කිසිදු බිම් අඟලක් හිමි නැහැ. ඉන්න නිවහනක් නැහැ. වත්තත් සමග ගැටගහපු නිවසක් තිබෙනවා. රැකියාවෙන් ඉවත් වෙනවා නම්, වෙනත් රැකියාවක් තෝරා ගන්නේ නම්, ලයින් කාමරය දමා යා යුතුයි. ඔහු නිදහස් පුරවැසියෙක් නොවෙයි.
ඔබ, හොඳ නිවහනක් අපේක්ෂාවෙන් කොයිතරම් කාලයක් ආණ්ඩු හැදුවාද? මම රොසිටා ෆාම් එකේ එන්.එල්.ඩී.බී. වෙළඳසලට ගොඩවුණා. එතනදි දමිළ සහෝදරයෙක් “අපි ෆාම් එකේ වැඩකරනවා. වැඩ කරන කාලෙට අපිට පොඩි කාමරයක් දී තිබෙනවා. රස්සාව අහිමි වුණොත්, විශ්‍රාම යන්න වුණොත් කාමරෙන් දරුවොයි, බිරිඳයි එක්ක මම කොහාටද යන්නේ?” කියලා අහනවා. මේ නිවාසයක්, ඉඩමක්, නිවසක් නැති කඳුකර ජනතාවට අපි ඉතා පැහැදිලි පොරොන්දුවක් සහ සහතිකයක් දෙනවා. ඔබට ඉඩමක්, නිවහනක් තහවුරු කරන පාලනය ජාතික ජන බලවේගයේ පාලනයයි.
ඔබට ආදායම් මාර්ගයක් තිබෙනවාද? දිනකට රුපියල් 1000ක වැටුපක් ලබාගැනීමට දින කීයක් වැඩ වර්ජන කරන්න සිදුවුණාද? පාරට බහින්න, පෙළපාළි යන්න සිදුවුණාද?. රුපියල් 1000 සටන පටන් ගන්නකොට පාන් ගෙඩිය රුපියල් 40යි. රුපියල් 1000දීමට තීරණය කරන කොට පාන් ගෙඩිය රුපියල් 160යි. අද ප්‍රමාණවත්ද? පුරවැසියෙකුට තමන් යෙදෙන රැකියාවෙන් තමන්ගේ ආහර ටික සපයා ගැනීමට නොහැකි නම්, බෙහෙත් ටිකක් ගන්න බැරි නම්, දරුවන්ට උගන්වන්න බැරි නම්, ඇඳුමක් ගන්න බැරි නම්, ඒවා රැකියාද? ඒ නිසා වතු කොම්පැනිකරුවන්ගෙන් ‘ඇඟෙන් ඇටයක් ගන්නවා වගේ’ තමයි කම්කරුවාට රුපියල් 1000දෙන්න එකඟ වෙන්නේ. රුපියල් 1000ක් දෙන්න බැරි කර්මාන්තයක් කුමටද? කර්මාන්තයේ ප්‍රශ්නයක් නොවෙයි තිබෙන්නේ. ඔවුන් ඉල්ලන්නේ, මේ වත්තේ ජීවත් වෙන ජනතාව ලබාදෙන ආදායමෙන් එක්රැස්කරගෙන, මිරිකාගෙන ඉන්න ධනයෙන් අත් අතරින් බේරා වැටෙන බිංදුවක් පමණයි. ඔබට ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය සාධාරණ ආදායම් මාර්ගයක් සහිත ආර්ථිකයක් හදා දෙන බවට අපි සහතික වෙනවා.
අදත් වත්තේ වැඩ කරන ජනතාවට එළියට එන්න අවස්ථාවක් තිබෙන්නේ අධ්‍යාපනයෙන් පමණයි. පෝල්රාජ් සහෝදරිය පෙන්වා දුන්නා, නිදහස් අධ්‍යාපන පනතින් නිදහස් අධ්‍යාපනය ලැබුණාට, ඔබ මේ රටේ ජිවත් වුණාට පුරවැසියන් නොවීම හේතුකොට ගෙන, එහි සාධාරණ ප්‍රතිඵල නොලැබුණු බව. අදත් එහෙමයි. රත්නපුර දිස්ත්‍රික්කයේ විද්‍යා සහ ගණිත අංශයෙන් උසස් පෙළ දෙමළ භාෂාවෙන් හැදෑරීම සඳහා එක පාසලක් වත් නැහැ. මේ මධ්‍ය කඳුකරයේ යම් ප්‍රමාණයකට තිබුණත් පහළට යනකොට ඇත්තේම නැහැ. අධ්‍යාපනයෙන් පිටමං කරන ලද දරුපරම්පරාවක් මෙහි ඉන්නේ.
මේ කඳුකර ජනයාගේ ජීවන තත්වය වෙනස් කරනවා නම්, පොතක් කියවන, කවියක් රස විඳින, තමිල්නාඩු චිත්‍රපටයෙන් මිදිලා ලංකා සිනමාවක් ගැන කල්පනා කරන නව පරම්පරාවක් අපි හදන්න ඕනෙ කියා අපි විශ්වාස කරනවා. ඒ නව පරම්පරාව නිර්මාණය කර ගත හැකි වන්නේ කඳුකර ජනතාවගේ දුවා දරුවන්ට අධ්‍යාපනය සඳහා ප්‍රවිෂ්ට වීමට සාධාරණ අයිතිය තහවුරු කිරීමෙන් පමණයි. එය විසඳිය යුතු ප්‍රශ්නයක්. ඒ වගේම අපෙ රටේ පොදුවේ ගතහොත් කාන්තාව බරපතළ ලෙස පීඩාවට පත්වී තිබෙනවා. නමුත් එතනදී මේ කඳුකරයේ ජීවත් වන කාන්තාව අතිශයම පීඩාවට පත්වූ කාන්තාවන් බව අපට පේනවා. කෙසඟ සිරුරු, පැළුණු හිසකෙස් සහිත කොණ්ඩය, වියළුණු සමක් සහිත ගත, විශාල පීඩාවට සහ අසහනයට පත්වුණු දියණියන් මෙහි ජීවත් වෙනවා. ඇය ජීවිතය මොකක්ද යන්නවත් තේරුම් ගෙන නැහැ. වත්තේ ඉපදෙනවා. වත්තේ කඹුරනවා. වත්තෙම මියැදෙනවා. වත්තෙන් එහා ලෝකයක් ගැනවත්, සමාජයක් ගැනවත්, ජීවිතයක් ගැනවත් අත්දැකීමක් නැතිව මියැදෙනවා. ඇයට සාධාරණ සහ යුක්තිසහගත ජීවිතයක් ලබාදිය යුතුයි.
ඔබෙන් මම අහන්නේ, ඔබට තිබෙන්නේ ආර්ථික ප්‍රශ්නයක් විතරක්මද? ඔබට සමාජීය පිළිගැනීමක් තිබෙනවාද? එහෙම පිළිගැනීමක් නැහැ. කොළඹ නිවසක වැඩකරන්න කෙනෙක් නැති වුණොත්, හැටන්වලින්, තලවාකැලෙන් තරුණියක් හොයනවා. කොළඹ නගරය ඇතුළු විශාල නගරවල හෝටල්වල පිඟන් හෝදන්නේ වත්තෙන් යන තරුණ තරුණියෝ. ඒ අය දෙස බලන්නේ තමන් හා සමානයෙකු ලෙස නොවෙයි. ඊට පහළින් අඩු වරප්‍රසාද ජන ප්‍රජාවක් දෙස බලන ආකාරයෙන්. ගෙවල්වල උයන්න, අතුගාන්න, බබාගෙ කක්ක පිහදාන්න, හෝටලේ පිඟන් සෝදන්න, වැසිකිළි පද්ධති සෝදන්න, ඒවට තමයි යොදා ගන්නේ. ඒවා රැකියා තමයි. එහෙම නැති ලෝකයක් පවතින්නේ නැහැ. නමුත් ඒවා පහළ ගණයට පත්කොට, එහි උරුමකරුවා බවට කඳුකර ජනතාව පත්කර තිබීමයි මෙතන තිබෙන ප්‍රශ්නය. ඔබට හොඳ සාධාරණ ජීවිතයක් ලැබිය යුතුයි. ආර්ථික වශයෙන් පමණක් නොවෙයි, සමාජ ගරුත්වයක් සහිත, සමාජ පිළිගැනීමක් සහිත ජීවිතයක් තිබිය යුතුයි.
දීර්ඝ කාලයක් මේ පළාත්වල තිබෙන්නේ ඡන්ද නොවෙයි. ඡන්ද බැංකු. මහින්ද රාජපක්ෂට වතුකරයේ ඡන්ද නැහැ. නමුත් තොණ්ඩමන්ගේ ඡන්ද බැංකුවක් තිබෙනවා. ඇමතිකම් කීයද? ආණ්ඩුකාර ධුර දෙනවාද? ඡන්ද බැංකුව උගස් තියනවා. පුරවැසියාගේ තනි තනි ඡන්දයට තිබෙන බලය ඡන්ද බැංකුවක තැන්පත්කරගෙන ඒ සේප්පුවේ යතුර තොණ්ඩමන්ගේ, දිගම්බරම්ගේ අතේ තියාගෙන එහෙට, මෙහෙට සේප්පුව අරිනවා. මෙතෙක් ගොඩනැගුණු ආණ්ඩුවලට තනි තනි පුද්ගලයන් එක්ක කේවල් කිරීමේ වුවමනාවක් තිබුණේ නැහැ. තනි තනි ඡන්ද ලබාගැනීමට වෙහෙසක් දැරිය යුතු නැහැ. ඡන්ද සියල්ලම බැංකුවේ සේප්පුවේ තියෙනවා. සේප්පුවේ දොර ඇරලා තොණ්ඩමන්ලා ඒවා එහෙට මෙහෙට බෙදනවා. කේවල් කිරීමේ බලය තිබුණේ ඡන්ද හිමියාගේ අතේ නොවෙයි; ඡන්ද බැංගුව හිමිකාරයාගේ අතෙයි. ආණ්ඩුව ඩීල් කරන්නේ, කේවල් කරන්නේ, ආණ්ඩු ගනුදෙනු විසඳන්නේ, ප්‍රශ්න විසඳන්නේ සේප්පු අයිතිකාරයා එක්ක. සේප්පුව අයිතිකාරයාගේ ප්‍රශ්න විසඳලා තිබෙනවා. ඔබගේ දරුවාට වත්තේ පාසලක් නැතිවුණාට සේප්පුව අයිතිකාරයාගෙ දරුවා එංගලන්තයේ ඉඳන් ඇවිත් තමයි ආයෙත් සේප්පුවේ යතුර බාරගත්තේ. තාත්තා මියගියාට පසුව සේප්පුවේ යතුර පුතාට ලැබුණා. එක්කෙනෙක් මදි නිසා ඉන්දියාවේ සිටි කෙනෙකුත් යතුර බාරදෙන්න ගෙනාවා. එයා දැන් නැගෙනහිර ආණ්ඩුකාරයා. මේ පාලකයන් ප්‍රශ්න විසඳා තිබෙන්නේ කාගේද? වත්තේ වැඩ කරන පුරවැසියාගේ නොවෙයි. ඡන්දදායකයාගේ නොවෙයි. ඔවුන් ප්‍රශ්න විසඳා තිබෙන්නේ සේප්පු අයිතිකාරයාගේයි. ජාතික ජන බලවේගයේ අපි හදන්නේ ඔබගේ ඡන්ද එකතු කරපු ඡන්ද බැංකුවක් නොවෙයි. සෑම පුරවැසියාටම තමන්ගේ ඡන්දයේ අයිතිය ස්වාධීනව කටයුතු කළ හැකි මනෝභාවයක් සහිත නව මහජන කතිකාවතක් අපි ඇති කරනවා.
රටේ පාලකයන්ව දකුණේ ජනතාව පාරට බැහැලා පළවා හැරියා. දකුණේ පාලකයන් ජනතාවට බයයි. ජනතාව හමුවට එන්නේ නැහැ. ජනතාවගෙන් මඟ හරින්න උත්තර සොයනවා. පළාත් පාලන ඡන්ද කල්දමනවා. තවත් ඡන්ද කල්දාන්න සැලසුම් කරනවා. ඒගොල්ලෝ කතා කරනවා, කොළඹ, දකුණ, උතුරු මැද අප්සෙට් තමයි. එහෙත් නුවරඑළිය නම් තොණ්ඩමන් ඉන්නවානේ. දිගම්බරම් ඉන්නවානේ. වැඩේ බේරලා දෙයි. පාලකයන් ඔවුන්ගේ ජනතා විරෝධී පාලනය, විනාශකාරී පාලනය, ඉදිරියටම ගෙනියන්න මේ කඳුකර ජනතාවගේ සහාය ලැබෙයි කියා. ඒක සත්‍යයක් අතීතයට. ඒක වර්තමානයේ අසත්‍යයක් බවට පත්කළ යුතුයි. ඡන්ද සේප්පු අයිතිකාරයන්ගේ දේශපාලනයක් වෙනුවට පොදු ජනතාවගේ දේශපාලනයක් කඳුකර ජනතාව තුළ යළි ගොඩනැගිය යුතුව තිබෙනවා.
විශාල තරුණ ප්‍රජාවක් අද ජාතික ජන බලවේගය වටා එකතුවෙමින් තිබෙනවා. මේ නුවරඑළියේ ප්‍රධාන මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේදී කිවුවා “වත්තේ වැඩකරන අය නම් තාමත් තලෛයිවර්ට යටයි. වත්තෙන් එළියට ඇවිත් තිබෙන තරුණ ප්‍රජාව ඔගොල්ලන් එක්කයි, එන්.පී.පී. එක එක්කයි ඉන්නේ” කිවුවා. අපි විශ්වාස කරනවා වත්තේ වියගසෙන් මිදුණු පරවැසියා අද නිදහස්ව කල්පනා කරන්න පටන්ගෙන තිබෙනවා. ඒ නිසා කඳුකර ජනතාව තුළින් තව තරුණ නායකයින්, ඔවුන්ගේ අපේක්ෂාවන් වර්ධනය වෙමින් තිබෙනවා. පාරම්පරිකව පීඩාවට පත්කරන ලද පාලක කණ්ඩායම් වෙනුවට පොදු ජනතාවගේ වුවමනාවන් එක්ක ගැටගැහුණු නව තරුණ පරම්පරාවක් මේ කඳුකර ජනතාව තුළින් ඉදිරියට එමින් තිබෙනවා. තව තවත් ඉදිරියට ආ යුතුව තිබෙනවා. අවුරුදු 200ක් මුළුල්ලේ සිදුවී තිබෙන ඓතිහාසික වැරැද්ද වෙනස් කිරීමේ අභිලාෂයක් සහ අපේක්ෂාවක් අපට තිබෙනවා. ඒක අපේ සුන්දර සිහිනයක් විය යුතු නැහැ. ඒක කළ හැක්කේ ඉතිහාසයේ සිදුවුණු වැරැද්ද නිවැරදි කිරීමට කඳුකර ජනතාවත් තීන්දුවක් ගත්තොත් විතරයි. අපි හැමදෙනාටම එක්ව ඒ සුන්දර සිහිනය දකින්න හැකි නම්, මේ අන්ධකාර රාතිය කෙටි කළ හැකියි. අපි ඔබෙන් ඉල්ලනවා. මේ අන්ධකාර රාත්‍රිය කෙටි කරමු. ඒ වෙනුවෙන් සියලු දෙනාටම එකතු වෙන්න කියා ආරාධනා කරනවා.
කඳුකර දමිළ ජනතාව ලංකාවට පැමිණ වසර 200ක් පිරීම නිමිති කරගෙන එම ජනතාව මුහුණපා සිටින සමාජ, ආර්ථික හා දේශපාලන ගැටළුවලට විසඳුම් සපයන “හැටන් ප්‍රකාශනය” ට අත්සන් තැබීම පසුගිය ඔක්තෝබර් 15දා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාගේ මූලිකත්වයෙන් සිදුවිය. කඳුකර දමිළ ජනතාවගේ සහභාගීත්වයෙන් හැටන් නගරයේ ඩී. කේ. ඩබ්. සංස්කෘතික ශාලාවේ මෙම විශේෂ උත්සවය පැවැත්වුණි. එහි […]
කඳුකර දමිළ ජනතාව ලංකාවට පැමිණ වසර 200ක් පිරීම නිමිති කරගෙන එම ජනතාව මුහුණපා සිටින සමාජ, ආර්ථික හා දේශපාලන ගැටළුවලට විසඳුම් සපයන “හැටන් ප්‍රකාශනය” ට අත්සන් තැබීම පසුගිය ඔක්තෝබර් 15දා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාගේ මූලිකත්වයෙන් සිදුවිය. කඳුකර දමිළ ජනතාවගේ සහභාගීත්වයෙන් හැටන් නගරයේ ඩී. කේ. ඩබ්. සංස්කෘතික ශාලාවේ මෙම විශේෂ උත්සවය පැවැත්වුණි.
එහි පිළිගැනීමේ කථාව සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ උප ලේකම් ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි සිදුකල අතර ප්‍රධාන දේශනය පැවැත්වූයේද අනුර දිසානායක සහෝදරයාය. මහාචාර්ය විජය කුමාර්, ආචාර්ය ඡගඡ සිවප්‍රගාශම්, ජා.ජ.බ. විධායක කමිටු සාමාජිකා සරෝජා පෝල්රාජ් දේශන පවත්වන ලදී. මෙහිදී “ගින්නෙන් උපන් තේ දළු” වාර්තා වැඩසටහන ඉදිරිපත් කරන ලදී. ලේඛක සදීෂ් සෙල්වරාජ් රචිත “ශීත දේශයේ කම්බිලි” පොත පිළිගැන්වීමද මෙහිදී සිදුවූ අතර පිඩිතලරාදේ කණ්ඩායම විසින් සංස්කෘතිකාංග කිහිපයක්ද ඉදිරිපත් කරන ලදී.
මෙම සුවිශේෂී අවස්ථාවට සහභාගී වූ ජා.ජ.බ.යේ ජාතික විධායක කමිටු සාමාජික නීතිඥ ලාල් විජේනායක, ජා.ජ.බ.යේ ජාතික විධායක කමිටු සාමාජික මහාචාර්ය විජය කුමාර්, ආචාර්ය ඡගඡග ශිවප්‍රගාශම්, ජා.ජ.බ.යේ ජාතික විධායක කමිටු සාමාජික මහින්ද රත්නායක, ජා.ජ.බ.යේ ජාතික විධායක කමිටු සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාමලිංගම් චන්ද්‍රසේකර්, සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපති කිට්නන් සෙල්වරාජ්, ජා.ජ.බ.යේ ජාතික විධායක කමිටු සාමාජික නුවරඑළිය දිස්ත්‍රික් ජ.වි.පෙ. සංවිධායක මංජුල සුරවීර, ජා.ජ.බ.යේ නුවරඑළිය දිස්ත්‍රික් විධායක සභික නීතීඥ අනුෂ්කා දර්ශනී තිලකරත්න, ලංකා ගුරුසේවා සංගමයේ ජාතික සංවිධායක සුන්දරලිංගම් ප්‍රදීප්, කම්කරු සහයෝගිතා සංගමයේ සංවිධායක රාමයියා නඩරාජා වෛද්‍ය අරුල් කෝගිලන්, නාට්‍යවේදී මුනියාන්ඩි කාලිදාස්, නීතීඥ S. සෙල්වරාජ්, ජා.ජ.බ.යේ බදුල්ල දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික තුරෛරාජ් ශ්‍රීධරන්, ජා.ජ.බ.යේ හපුතලේ ආසන විධායක සභික සැමුවෙල් අම්බිගා, ජා.ජ.බ.යේ හපුතලේ ආසන විධායක සභික කේ. අශෝක් කුමාර්, ජා.ජ.බ.යේ රත්නපුර දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික මානික්කම් අශොක් කුමාර්, ලංකා ගුරුසේවා සංගමයේ ආගරපතන කොට්ඨාශ ලේකම් රිචඩ් රොහාන්, නුවරඑළිය දිස්ත්‍රික් විදුහල්පති සේවා සංගමයේ නල්ලමුත්තු විජයකුමාරන්, ජා.ජ.බ.යේ නුවරඑළිය-මස්කෙළිය ආසන සභික විදුහල්පති කරුපන්නන් රාමරාජ්, ජා.ජ.බ.යේ නුවරඑළිය දිස්ත්‍රික් විධායක සභික පොන්නයියා විශ්වනාදන්, ජාතික අධ්‍යාපන ආයතනයේ විශ්‍රාමික භාෂා පරිවර්තක පාඨශාලාචාර්ය අර්ශලා විවේකානන්දන් මහත්මිය, නුවරඑළිය දිස්ත්‍රික් සමාජවාදී තරුණ සංගමයේ කමිටු සාමාජික කන්දසාමි ප්‍රභූ, සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ මස්කෙළිය බ්‍රවුන්ස්වික් වතුයායේ නියෝජිත සෝමසුන්දරම් ආනන්දබාබු, වටවල ලොනැක් වතුයායේ විශ්‍රාමික කම්කරු සිලම්බරම් කනහම්මා මහත්මිය, ජා.ජ.බ.යේ නුවරඑළිය-මස්කෙළිය ආසන විධායක සභික අශෝක කරුණාරත්න, ජා.ජ.බ.යේ ගම්පොල ආසන විධායක සභික ශිවකුමාර් ප්‍රකාශ් යන අය වේදිකාවේ අසුන්ගෙන සිටියහ.