Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය හා ගුරු විදුහල්පති විශ්‍රාමික එකමුතුව ජාතික ජන බලවේගය හමුවෙයි…

1997 සිට 2021 දක්වා විශ්‍රාම ලැබූ ගුරු විදුහල්පති සේවයේ නියිතුවූවන්ට නියමිත වැටුප් තලයන්ට අදාලව හිමි විය යුතු විශ්‍රාම වැටුප නොලැබීම, 2016 සිට 2020 දක්වා විශ්‍රාම ලැබූ රාජ්‍ය සේවයේ සියලුම සේවකයින්ට 2016 වැටුප් වැඩිවීමට අදාල විශ්‍රාම වැටුප් නොලැබීම ඇතුළු ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය හා ගුරු විදුහල්පති විශ්‍රාමික එකමුතුව ජාතික ජන […]

1997 සිට 2021 දක්වා විශ්‍රාම ලැබූ ගුරු විදුහල්පති සේවයේ නියිතුවූවන්ට නියමිත වැටුප් තලයන්ට අදාලව හිමි විය යුතු විශ්‍රාම වැටුප නොලැබීම, 2016 සිට 2020 දක්වා විශ්‍රාම ලැබූ රාජ්‍ය සේවයේ සියලුම සේවකයින්ට 2016 වැටුප් වැඩිවීමට අදාල විශ්‍රාම වැටුප් නොලැබීම ඇතුළු ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය හා ගුරු විදුහල්පති විශ්‍රාමික එකමුතුව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

මෙහිදී එම සංවිධාන පෙන්වා දුන්නේ අදාල ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විෂය භාර ඇමතිවරයාගේ අවධානය යොමු කරවන ලෙසත් ඔවුන්ගේ හිමිකම් ලබාගැනීම සඳහා ජාතික ජන බලවේගයේ සහාය ලබාදෙන ලෙසත්ය.

එම අවස්ථාවට ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ ජාතික සංවිධායක චන්දන සූරියආරච්චි, එම සංවිධානයේ ප්‍රධාන ලේකම් සරත්ලාල් පෙරේරා ඇතුළු පිරිසක් සහභිගි විය.

Show More

මැණික් ව්‍යාපාරිකයින් AKD හමුවෙයි

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා සහ මැණික් ව්‍යාපාරිකයින් පිරිසක් අතර හමුවක් අද(12) පස්වරුවේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය. මැණික් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු කිහිපයක් පිළිබඳවත් එම ව්‍යාපාරය සංවර්ධනය කිරීමට ඇති යෝජනා අදහස් පිළිබඳවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් විය.

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා සහ මැණික් ව්‍යාපාරිකයින් පිරිසක් අතර හමුවක් අද(12) පස්වරුවේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය. මැණික් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු කිහිපයක් පිළිබඳවත් එම ව්‍යාපාරය සංවර්ධනය කිරීමට ඇති යෝජනා අදහස් පිළිබඳවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් විය.

Show More

“ජලය ලීටරයකට ශතය බැගින් ගෙව්වත් කුඹුරු අක්කරයකට රු.4000ක් ගෙවන්න වෙනවා” -ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ඇන්ටන් ජයකොඩි-

2023.10.11 ජාතික ජන බලවේගය මාධ්‍ය හමුවේදී… අපේ රටට වාර්ෂිකව වැස්සෙන් ලැබෙන ජලය සොබාවිකව නිර්මාණය වූ ගංගා 103කින් සහ කුඩා ගංගා 94කින් අපේ භූමියේ පිහිටීම අනුව සොභාවිකව කළමනාකරණය වෙනවා. ඒ වගේම මිනිසාගේ මැදිහත් වීමෙන් භූමියේ පිහිටීම උපයෝගී කරගෙන එල්ලංගා වැව් පද්ධතිය, නිර්මාණය කිරීම නිසා, මහඟු ජෛව විවිධත්වයක් උරුම වී තිබෙනවා. මේ රටට ලැබෙන ඝන මීටර් බිලියන […]

2023.10.11 ජාතික ජන බලවේගය මාධ්‍ය හමුවේදී...

අපේ රටට වාර්ෂිකව වැස්සෙන් ලැබෙන ජලය සොබාවිකව නිර්මාණය වූ ගංගා 103කින් සහ කුඩා ගංගා 94කින් අපේ භූමියේ පිහිටීම අනුව සොභාවිකව කළමනාකරණය වෙනවා. ඒ වගේම මිනිසාගේ මැදිහත් වීමෙන් භූමියේ පිහිටීම උපයෝගී කරගෙන එල්ලංගා වැව් පද්ධතිය, නිර්මාණය කිරීම නිසා, මහඟු ජෛව විවිධත්වයක් උරුම වී තිබෙනවා. මේ රටට ලැබෙන ඝන මීටර් බිලියන 130ක වැසි ජල ප්‍රමාණය වෙළඳපොළ අගයකට ගලපන්න රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සූදානම් වෙනවා. මේ වතුර ලීටරයක මිල ශතයක් විදිහට ගත්තොත් රුපියල් මිලියන එකොළොස් ලක්ෂ ගණනක් උපයන්න මේ නරුම චින්තනය අනුව ගණනය කිරීම් කර තිබෙනවා. මේ අනුව පරාක්‍රමබාහු සමූද්‍රයේ ජල ධාරිතාවය වන ඝන මීටර් මිලියන 134ක ප්‍රමාණය මිල කළොත් රුපියල් මිලියන 1340කට තකසේරු කරන්න පුළුවන්. ජලය ලීටරයක් ශතය බැගින් මිල කළොත් මේ අගය ලැබෙනවා. ස්වභාවිකව ලැබෙන වතුර විකුණන්න යෝජනා කර තිබෙන්නේ කොතරම් අතිවිශාල ලාභයක් ලබන්න දැයි අපි කාටත් පැහැදිලියි. කුඹුරු අක්කර ලක්ෂ 16කට වී වගාවටත් ජලයෙන් 88%ක් භාවිතා කරන සමස්ත කෘෂිකර්මාන්තයට. කුඹුරු අක්කරයකට වී වගාව සඳහා එක කන්නයකදී ජලය ලීටරයක් ශතය බැගින් ගන්න සිදුවුණත් 4000ක මිලක් ගෙවන්න සිදුවෙනවා. ජලය විකිණීමේ තිබෙන බරපතළකම මෙයින් තේරුම් ගන්න හැකිවේවි.

ලෝකයේ පරිසරවේදීන් ගණනය කර තිබෙන ආකාරයට ධාන්‍ය කිලෝ එකක් නිෂ්පාදනය කරන්න ජලය ලීටර් 3500කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය බව සොයාගෙන තිබෙනවා. රනිල් – රාජපක්ෂලා වතුරට මිලක් නියම කළොත් අපේ රටේ සහල් කිලෝ එකක් නිෂ්පාදනය කරන්න රුපියල් 35ක් වැය වෙනවා. එක් බිත්තරයක් නිෂ්පාදනය කරන්න ජලය ලීටර් 360ක් පමණ වැය වෙන බව ගණනය කර තිබෙනවා. එහෙම නම් එක බිත්තරයක් වෙනුවෙන් රුපියල් 4කට ආසන්න අමතර පිරිවැයක් දරන්න සිදුවෙනවා. එක් කිරි ලීටරයක් ලබාගන්න එළදෙනුන් වෙනුවෙන් ජලය ලීටර් 1000කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය වෙන බව සොයාගෙන තිබෙනවා. වී, එළවළු, පලතුරු විතරක් නොවෙයි පශු සම්පත් නිෂ්පාදනයේදීත් අතිවිශාල පිරිවැයක් දරන්න සිදුවෙනවා. ජලය පරිභෝජනය කරන ඕනෑම ක්ෂේත්‍රයකට ජලයට ගෙවීමටත් ඒ අනුව බදු පැනවීමත් ඒ නිසා මිල වැඩිවීම වැළැක්විය නොහැකි වෙනවා. මේ පනත වහාම හකුළා ගන්න අපි හැමෝම එක හඬින් බල කරන්න ඕනෑ.

Show More

“ජලය සමග තිබෙන අධ්‍යාත්මික බැඳීම කඩා වාණිජ වටිනාකමක් දෙන්න හදනවා” -ආචාර්ය අශෝක රන්වල-

ඔහු මේ බව අවධාරණය කළේ ජලය පෞද්ගලීකරණය සඳහා යළි ගෙන ඒමට සූදානම් වන නව පනත සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ඊයේ (11) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. අපේ රටේ ජනතාවට ජලයත් සමග විශාල ආධ්‍යාත්මික බැඳීමක් තිබෙනවා. සංස්කෘතික වශයෙන් ආගමික වශයෙන් පරිහරණය කෙරෙන්නේ ආහාර සහ පානීය ජලයට අමතරවයි. විශේෂ […]

ඔහු මේ බව අවධාරණය කළේ ජලය පෞද්ගලීකරණය සඳහා යළි ගෙන ඒමට සූදානම් වන නව පනත සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ඊයේ (11) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අපේ රටේ ජනතාවට ජලයත් සමග විශාල ආධ්‍යාත්මික බැඳීමක් තිබෙනවා. සංස්කෘතික වශයෙන් ආගමික වශයෙන් පරිහරණය කෙරෙන්නේ ආහාර සහ පානීය ජලයට අමතරවයි. විශේෂ අවස්ථාවලදී පැමිණෙන අමුත්තන්ට ආරාධනා කරන්නේ ජලය වීදුරුවක් පිළිගැන්වීමෙන්. කෑම කන්න කඩයකට ගියවිට මුලින්ම ලොකු වතුර වීදුරුවක් ලබාදෙනවා. යුරෝපයේ ජලය සම්බන්ධයෙන් අභ්‍යන්තර තෙරපුම මත මිම්මක් සොයා ගන්නා විට අපේ රටේ ජනතාව ගුණාත්මකභාවය අනුව ජලයට වටිනාකමක් දුන්නා. අපේ රටේ වාෂ්පීකරණ නිසා ජලාශවල ලවණතාවය වැඩිවෙනවා. ඉහළ ස්ථානයක සිට පහළට ජලය සපයන අවස්ථාවල පහළින් ජලය ගන්නා අයට ලවණතාවය වැඩිවෙනවා. ඒ නිසාම ඉහළ සිට විල්ලුවලට ජලය මුදාහරිමින් ස්වභාවික පාරිසරික ක්‍රමය මගින් ජලය කළමනාකරණය කිරීමට කටයුතු සූදානම් කර තිබුණා. ඉහළ ගමක සිට පහළ ගමකට වතුර ලබාදුන්නේ මේ ආකාරයෙන්. ඒ වෙනුවෙන් වැව් ලේකම්වරයෙක් පත්කර සිටියා. ප්‍රමාණාත්මකව පමණක් නොවෙයි, ගුණාත්මකවත් අපේ රටේ ජලය කළමනාකරණය කළේ මේ ආකාරයට.

එවැනි ඉතිහාසයක් තිබුණු අපිට ජලය කළමනාකරණය කරන හැටි උගන්වන්න අද සෝල්හයිම් වැනි පුද්ගලයන් මෙන්ම ජාත්‍යන්තර සංවිධානත් නිර්මාණය වී තිබෙනවා. දැවැන්ත බහුජාතික සමාගම්වල මූල්‍යමය ප්‍රාග්ධනයෙන් ඒ ජාත්‍යන්තර ආයතනවලට සල්ලි පොම්ප කරනවා. ඊසාන දිග, නිරිත දිග, මෝසම් වැසි වගේම අන්තර් මෝසම් වැස්සෙන් ජලය ලැබෙන අතර, ඊට අමතරව සුළි කුණාටු නිසාද ලැබෙන ජලය මධ්‍ය කඳුකරයේ සිට පහළට ගමන් කරනවා. අපේ රට මේ ගුරුත්ව පිහිටීමත් එක්ක මතුපිට ජලය අතින් ඉතාම පොහොසත්. මතුපිට ජලයට අමතරව පොළොව අභ්‍යන්තරයේ ජල තටාකයක් තිබෙනවා. අපේ රටේ ඉතිහාසය පුරාම ජල තාක්ෂණය උපයෝගී කරගෙන නිර්මාණය වුණු ජල සංස්කෘතියක අයිතියක් තිබෙනවා.

ජනතාව සමග ජලයට තිබෙන අධ්‍යාත්මික බැඳීම කඩා වාණිජ වටිනාකමක් දෙන්න විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. නගර ආශ්‍රිත ඇළ මාර්ග සහ ගංඟා කුණු කාණු බවට පත්කර තිබෙන්නේ මේ ආධ්‍යාත්මික බැඳීම කඩා දැමීමේ මුල් පියවරක් හැටියටයි. කැලණි ගඟ අපවිත්‍ර කර තිබෙන්නේ කොතරම් විනාශකාරී ලෙස දැයි මේ වන විට හෙළිවී තිබෙනවා. ජලයට වාණිජ වටිනාකමක් දී මේ කරන්න යන දෙයින් ජනතාව තවත් ප්‍රපාතයකට ඇදදමා තිබෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍යය, ඛනිජ තෙල් වගේම අද වෙනකොට ජලයත් වාණිජ වටිනාකමක් සහිත දෙයක් බවට පත්කිරීමේ ‘රිගේනින් ශ්‍රී ලංකා’ ක්‍රියාමාර්ග නැවත දියත් කර තිබෙනවා. අපි පාසල් යන අවධියේදී තිබූ “ජලය ධනය මෙන් රකිමු” කියන උදෘත පාඨය තුළින් අපේ ජනතාව ජීවිතය මෙන් ආරක්ෂා කළ ජලය වාණිජත්වයකට ලඝු කර තිබෙනවා. ජලය බේරා ගැනීමේ සටනට ජාතික ජන බලවේගයත් සමග එක්වෙන ලෙස අපි සියලු දෙනාටම ආරාධනා කරනවා.

Show More

“ජාතියට මළගම කැඳවන ජල පනතට ඉඩදෙන්න එපා”-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න-

2023.10.11 දින ජාතික ජන බලවේගය මාධ්‍ය හමුවේදී… රනිල් රාජපක්ෂ ආණ්ඩුව මේ රටේ ජාතික සම්පත් විකිණීමට දිගින් දිගටම ගෙන යන ක්‍රියාමාර්ගවල නවතම පියවර මේ රටේ ජලය විකිණීමට අදාළව නව පනතක් සම්පාදනය කරමින් පැවතීමයි. ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම පමණක් නොවෙයි මේ රටට ආදරය කරන පරිසර සංවිධාන, දේශපාලන පක්ෂ ඇතුළු සිවිල් සංවිධාන පුරවැසියන් එකතු කරගෙන මෙය පරාජයට […]

2023.10.11 දින ජාතික ජන බලවේගය මාධ්‍ය හමුවේදී…

රනිල් රාජපක්ෂ ආණ්ඩුව මේ රටේ ජාතික සම්පත් විකිණීමට දිගින් දිගටම ගෙන යන ක්‍රියාමාර්ගවල නවතම පියවර මේ රටේ ජලය විකිණීමට අදාළව නව පනතක් සම්පාදනය කරමින් පැවතීමයි. ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම පමණක් නොවෙයි මේ රටට ආදරය කරන පරිසර සංවිධාන, දේශපාලන පක්ෂ ඇතුළු සිවිල් සංවිධාන පුරවැසියන් එකතු කරගෙන මෙය පරාජයට පත්කරන්න ක්‍රියාකළ යුතුයි. අපේ රටේ වසර 3000කට ආසන්න අතීතයේ ජලය මූලික කරගත් ශිෂ්ටාචාරය ලෝකයේ අනෙක් රටවලට වඩා වෙනස් ආකාරයකට ගොඩනැගී තිබෙනවා. ලෝකයේ අනෙක් රටවල ගංඟා නිම්න පදනම් කර ගත් ශිෂ්ටාචාරයක් ගොඩනැඟුණා. නමුත් අපේ රටේ තිබෙන්නේ මිනිස් ශ්‍රමයෙන් නිර්මාණය කර ගත් වාරි ශිෂ්ටාචාරයක්. ඒ කියන්නේ මිනිසා විසින් ගොඩනඟා ගත් වාරි කර්මාන්තවලින් ශිෂ්ටාචාර ඉදිකරගත් රටවල් අතළොස්ස අතරින් එකක් අපි. ඉහළම ජල කළමනාකරිත්වයක් සහිතව අපේ ශිෂ්ටාචාරය ගොඩනැගී තිබෙනවා.

එවැනි ඉතිහාසයක් සහිත ජල ශිෂ්ටාචාරයක් තිබියෙදී වර්තමාන පාලකයන් හුදෙක් වෙළඳ භාණ්ඩයක් හැටියට පමණක් ජලය හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ජල සම්පත විකුණා දමන්න ආණ්ඩුව ක්‍රියාමාර්ග ගෙනයමින් තිබෙනවා. නමුත් අනාගතය වෙනුවෙන් ජල සම්පත ආරක්ෂා කිරීම අප කාටත් පැවරී තිබෙන වගකීමක්. වර්තමාන ආණ්ඩුව පමණක් නොවෙයි විශේෂයෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරියගේ කාලයේ සිට මේ උත්සාහය දරනු ලබනවා. එදා වාරිමාර්ග ඇමතිව සිටි සරත් අමුණුගම මේ සඳහා පනත් ඉදිරිපත් කළා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහගේ 2001 සිට පාලනය තුළ ‘රීගේනින්’ ශ්‍රී ලංකා වැඩසටහන යටතේත් ජලය විකුණන්න කටයුතු කළා. දැන් නවතම උත්සාහයක් දියත් කර තිබෙනවා. 2020 ඔක්තෝබර් 12දා එවකට සිටි අගමැති මහින්ද රාජපක්ෂගේ අත්සනින් ජලය විකිණීම නැවත හඳුන්වා දීමට ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඊට ජලසම්පාදන ඇමති වාසුදේව නානායක්කාර සහ වාරිමාර්ග ඇමති චමල් රාජපක්ෂ ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ලෙස අත්සන් කර තිබුණා. වක්කඩෙන් අතසෝදාගෙන නාම යෝජනා පත්‍රය අත්සන් කර පැමිණි බව කියන අය ජාතියේ මළගම කැඳවන්න ජලය විකිණීමේ පනත ගෙන ආවේ මේ විදිහට. ජලය පෞද්ගලීකරණය කිරීමට අදාළ මූලික ව්‍යුහය ‘පොදු දියබෙත්ම’ කළමනාකරණය කිරීමේ කමිටුව නමින් ගෙන එන්න උත්සාහ කළා.

මහින්ද රාජපක්ෂගේ අත්සනින් දෙවෙනි කැබිනට් පත්‍රිකාවකුත් ඉදිරිපත් කර ජලය විකිණීමට අදාළ කමිටුව නම්කර තිබෙනවා. මහාචාර්ය සී.එම්. මද්දුම බණ්ඩාර සභාපතිවරයා යටතේ කමිටුවට සාමාජිකයින් දස දෙනෙකු පත් කළා. 2003 දී රනිල්ගේ ආණ්ඩුව ජලය විකිණීමේ පනත හැදුවෙත් මේ මහාචාර්යවරයා. අවුරුදු 20කට පසුවත් තාමත් ඒ අනතුර එන්නේ මේ ආකාරයෙන්. එදා සමාජවාදී ගොවි සංගමය හැටියට ජලය විකිණීමට විරුද්ධව අපි නායකත්වය දුන්නා. ලෝක ජල දිනය ලෙස නම්කර තිබෙන මාර්තු 22දා ලංකාවේ ප්‍රධාන වැව් 18ක ඉස්මත්තේ සිට දස දහස් පමණ ගොවි ජනතාව පිරිවරාගෙන මේ රට ගොඩනැගූ ජල සම්පත විකිණීමට ඉඩ නොදෙන බවට දිවුරා සපථ කළා. නමුත් අවුරුදු විසි ගණනකට පසුවත් ඒ කොඩිවිනය කපන්න අපට සිදුවී තිබෙනවා.

වර්තමාන අගමැති දිනේෂ් ගුණවර්ධන 2023 ජූනි 28 අලුත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. “ශ්‍රී ලංකාවේ ජාතික ජල ප්‍රතිපත්ති කෙටුම්පත” ඒ මගින් හඳුන්වා දුන්නා. කෙටුම්පතෙන් නතර නොවී ඊට අදාළ අනෙකුත් අමාත්‍යාංශත් එකතු කරගෙන පනත හදන්න දැන් මුලපුරලා තිබෙන්නේ. දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කළ කෙටුම්පතේ 2003 ඉදිරිපත් කළ කාර්යයන් ඒ විදිහටම තිබෙනවා. ජලය විකිණීම සඳහා වූ ආයතනික සැකැස්ම ගැන 08වැනි වගන්තියේ දක්වා තිබෙනවා. ජතික ජන බලවේගය හැටියට අපි අවධාරණය කරන්නේ ඉතිහාසයේ තිබුණා වැනි විශිෂ්ට ජලය කළමනාකරණයක් තිබිය යුතු බවයි. නමුත් කළමනාකරණයේ නාමයෙන් එන ජලය විකිණීමේ ක්‍රියාවලිය නිවැරදිව හඳුනාගෙන පරාජය කළ යුතුයි. රටකට සියලු සම්පත් ලැබීමට නම් නිසි කලට වැසි ලැබිය යුතු බව බෞද්ධ ධර්මයේත් සඳහන් වෙනවා. ලෝකයේ විශිෂ්ට ජල තේමා පාඨය ඉදිරිපත් කළේ මීට වසර 900කට පමණ පෙර පරාක්‍රමබාහු රජතුමායි. “අහසින් වැටෙන එක දිය බිඳුවකුදු මානව වර්ගයාගේ ප්‍රයෝජනයට ගෙන මිස මුහුදට යාමට ඉඩ නොතබමි” යනුවෙන් හඳුන්වා දුන්නා. ඊට අනුව යමින් එදා සිටි මෙරට පුරවැසියෝ දහස් ගණන් වැව් අමුණු බැන්දා. වැව් තිස්දහසකට වැඩි ප්‍රමාණයක් රට පුරා ඉදිකළේ ඒ අනුවයි.

අපි අවධාරණය කරන්නේ ජාතික ජන බලවේගය ලෙස අපි ජල කළමනාකරණයට පක්ෂයි. නමුත් ඒ දවටනයේ ඔතා ගෙන එන විකිණීමේ ක්‍රියාවලියට අපි ඉඩ දෙන්නේ නැහැ. දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කළ යෝජනාවට අනුව ‘ජාතික ජල සම්පත් සභාව’ යනුවෙන් හඳුන්වන ආයතනයක් පිහිටුවනවා. ඒ වගේම ‘ජාතික ජල සම්පත් ලේකම් කාර්යාලය’ සහ ‘ජල සම්පත් අභියාචන මණ්ඩලය’ යනුවෙන් ආයතන තුනක් පිහිටුවනවා. මේ වගේ ආයතන තුනක් පිහිටුවා නිලධාරීන් පත්කිරීමේ බලය ජනාධිපතිවරයාට දී තිබෙනවා. ජාතික පාරිසරික කාලගුණ තත්ව පිළිබඳ විද්වතෙක් සභාපති හැටියට පත්කරන බව සඳහන් කර තිබුණත් මේ වන විටත් ඔහු පත්කර අවසන්. දේශගුණ විපර්යාස අධ්‍යයනය සඳහා රනිල් රාජපක්ෂ මේ වන විටත් පත්කර තිබෙන එම පුදගලයා අපි කවුරුත් දන්න එරික් සෝල්හයිමි. ඔහුට පඩි දෙන්නේ ඩොලර්වලින්. ඔහු මේ ආයතන ටිකටත් පත්කරාවි යැයි අපි විශ්වාස කරනවා. මාලදිවයිනේ මොහොමඩ් නසීම් තවත් උපදේශකයෙක් විදිහට පත්කරගෙන ඩොලර්වලින් පඩි ගෙවනවා. 2003 වසරේ ක්‍රියාවලිය පිටුපස සිටි කුමන්ත්‍රණකාරී එරික් සෝල්හයිම් පත්කර ගෙන සිටින්නේ දිගුකාලීන අරමුණු ඇතිවයි. කෘෂිකාර්මික විද්වතෙක්, ජල සම්පත් කළමනාකරණ විද්වතුන් දෙදෙනෙක් වශයෙන් ජනාධිපති විසින් මේ සභාවට නිලධාරීන් පත්කරනවා. ඒ අනුව බලනකොට ජනාධිපතිවරයාගේ හිතවත් කණ්ඩායමක් ජලය විකිණීමට අදාළ ක්‍රියාවලිය වෙනුවෙන් පත්කරන බව පැහැදිලියි. මේ ව්‍යාපෘතිවලට ආයෝජන වශයෙන් ගෙනෙන ඩොලර්වලින් කොමිස් ගහන පාලකයන් මෙතෙක් ගෙන ආ ක්‍රියාමාර්ගවලට වඩා මෙය භයානක බව අපි ජනතාවට අනතුරු හඟවනවා.

මීට අදාළව පසුගිය අගෝස්තු 29 ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් ලිපියක අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්.ඩී.ජේ. ප්‍රනාන්දුගේ අත්සනින් ජනාධිපති, අගමැති, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, කෘෂිකර්ම සහ වැවිලි අමාත්‍යාංශවල ලේකම්වරුන් ගණනාවකට ජල පනතක් හදන්න උපදෙස් දී තිබෙනවා. ඒ පනත හැදීමේදී ඇතුළත් කළ යුතු තීන්දු කිහිපයක්ම දක්වා තිබෙනවා. කළමනාකරණය සම්බන්ධයෙන් දැනට කටයුතු කරන වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ ජල සම්පත් මණ්ඩලය යන ආයතනවල කාර්යභාරය සමාලෝචනය කර වර්තමානයට ගැලපෙන ලෙස ඒ ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් පසුව මේ ආයතන තුන ඒකාබද්ධ කළ තනි ආයතනයක් ජල කළමනාකරණය වෙනුවෙන් පිහිටුවිය යුතු බව අවධාරණය කර තිබෙනවා. ගෘහ අවශ්‍යතා, කෘෂිකර්මය, වගේම කර්මාන්ත බලශක්ති සහ සේවා යන කටයුතු වෙනුවෙන් අපේ රටේ ජලය පාවිච්චි කරනවා. ඒ අතරින් ප්‍රධාන වෙන්නේ කෘෂිකර්මාන්තය. අගමැති දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ මෙරට ජල සම්පත ගණනය කර, සංඛ්‍යා දත්ත මතුපිට ජලය ඝන මීටර් බිලියන 52ක්, භූගත ජලය ඝන මීටර් බිලියන 07ක් සහ කලපු ආශ්‍රිතව ඝන මීටර් බිලියන 07ක් තිබෙන බව සඳහන් වෙනවා. මේ අනුව අපේ රටේ ජලය බිලියන 66ක් තිබෙනවා.

ඒ අතර වර්ෂාපතනයෙන් වසරකට ඝන මීටර් බිලියන 130ක් ලැබෙනවා. ලෝකයේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලි ලීටර් 750යි. නමුත් අපේ රටේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලි ලීටර් 900යි. අපි ශුෂ්ක බව නැත්නම් දුෂ්කර බව කියන ප්‍රදේශවල පවා ලෝකයේ සාමාන්‍ය තත්වයට වඩා ඉහළින් අපි ඉන්නවා. ලංකාවේ සාමාන්‍ය වර්ෂාපතනය අවුරුද්දකට මිලි ලීටර් 2080ක වෙනවා.

අනාගතයේ අභිමානවත් රටක් ගොඩනඟන්න උපකාරී වන මේ ජල සම්පතේ අයිතිය ලබාගන්න බහුජාතික සමාගම් අවුරුදු තිස් ගණනක් විතර උත්සාහ කරනවා. චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලයේ ජල සම්පත මිලදී ගන්න බහුජාතික සමාගම් තුනක් මේ රටට ආවා. සති ගණනක් රැඳී සිටියා. නමුත් අපේ දැවැන්ත විරෝධතා හමුවේ ඔවුන් පලවා හැරියා. දැන් විකුණන්න හදන්නේ එසේ රැකගත් ජල සම්පතයි. ලංකාවේ ජල පරිභෝජනයෙන් 88%ක් ගන්නේ කෘෂිකර්මාන්තයට. පානීය සහ ගෘහ අවශ්‍යතාවලට 6%කුත් බලශක්ති සහ කර්මාන්තවලට 6%කුත් ගන්නවා. කෘෂිකර්මාන්තයට 88%කට ජල ප්‍රමාණයක් ලබාදෙන වාර්මාර්ග දෙපාර්තමේන්තුව අහෝසි කර වෙනම ආයතනයක් හදනවා. ඒ ආයතනයෙන් ක්‍රියාත්මක කරන්න ජල කලමනාකරණ පනත නමින් පනතක් ගේනවා. ජලය විකිණීමේ වගන්ති තිබෙන්නේ ඒ පනතේ. ඒ වගේම ‘වී වගාව සහ අනෙකුත් වගාවන් සඳහා අත්‍යාවශ්‍ය ජලය පමණක් භාවිතා කරනු බවට වගබලා ගත යුතුයි’ කියලත් සඳහන් වෙනවා. ඒ වෙනුවෙන් වී වගාව ඇතුළු අනෙකුත් වගාවන්ට ජලය පාවිච්චි කිරීමේ නිර්ණායක හඳුන්වා දෙන බව කැබිනට් පත්‍රිකාවේ සඳහන්.

මේ වතුර අයිති පාලකයන්ටද? සොබාදහමින් මහජනතාවට සහ සතාසීපාවුන්ට දුන් ජලය විකුණන්න මේ පාලකයන්ට අයිතියක් තිබෙනවාද? විකිණීම ගැන කැබිනට් පත්‍රිකාවේ සඳහන් කර තිබෙන්නේ “ජල වෙළඳපොළ සංකල්පය ක්‍රියාත්මක කිරීමේ හැකියාව පුළුල් ලෙස අධ්‍යයන කිරීම” යනුවෙන් ඉතා පැහැදිලිව සඳහන් කර තිබෙනවා. මේ කැබිනට් පත්‍රිකාවල ඇත්ත අරමුණ එළියට පනින්නේ මෙතනින්. ජල වෙළඳපොළ කියන්නේ මොකක්ද? වෙළඳපොළෙන් ජලය ගන්න ඉන්නේ කවුද? මේ රටේ ජලය 88%ක ප්‍රමාණයක් කෘෂිකර්මාන්තයට භාවිතා කරන බව කැබිනට් පත්‍රිකාවට අත්සන් කළ අය සඳහන් කර තිබෙනවා. කෘෂිකර්මාන්තයට පාවිචචි කරන ජලයෙන් අය කරන්න සූදානම් වෙනවා. ජල වෙළඳපොළ තිබෙන්නේ මෙතනනේ. ගෘහස්ථ අවශ්‍යතාවලට ගන්න 6%ක ජලයට දැනටමත් බිලක් ගෙවනවා. බලශක්ති සහ කාර්මික අවශ්‍යතා සඳහාත් දැනටමත් ගෙවනවා. කෘෂිකර්මාන්තයට ගන්නා 88%ක ප්‍රමාණයට මිලක් අය කරන්නයි මේ ලැහැස්තිය. මේ උත්සාහය ලප්තැනම ලොප් කරන්න ඕනෑ. ජාතියට මළගම කැඳවන මේ ජල පනතට ඉඩදෙන්න එපා කියලා අපි මේ රටේ මහජනතාවට කියනවා.

මේ කැබිනට් පත්‍රිකා විතරක් නොවෙයි, ජලය අලෙවි කරන්න පෞද්ගලික සමාගම්වලට දීලා ඛේදවාචකයන් බවට පත්වුණු ලෝකයේ රටවල් ගැන අපි දන්නවා. කොලොම්බියාව, බොලීවියාව වගේ රටවල්වලට වුණු දේ අපි දන්නවා. දැන් තුන්වේල කන්න බැරිව ඉන්න ජනතාවගේ ළිඳේ වතුරවලටත් ගාණක් ගෙවන්න, වක්කඩේට මීටර් හයිකරන්න ආවාට පස්සේ කෑ ගහලා බැහැ. දැන්ම තේරුම් අරගෙන අනතුර වළක්වන්න අපි කවුරුත් ක්‍රියාකරන්න ඕනෑ. ඒ වෙනුවෙන් නායකත්වය දෙන්න අපි සූදානම්. මේ වෙනුවෙන් ශ්‍රී ලංකා දේශගුණික අරමුදල පෞද්ගලික අංශයෙන් යොදවන අතර, ජාත්‍යන්තර කළමනාකරණ ආයතනයද එකතුර කර ගන්න නියමිතයි. 70 දශකයේදී ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, මූල්‍ය අරමුදල, එකතු වී ජලය විකිණීමට ලෝක මට්ටමින් ආයතනයක් පිහිටුවන් සූදානම් වුණා. ඒ වෙනුවෙන් ලතින් අමෙරිකාවට, අප්‍රිකාවට, වගේම ආසියාවේ තැන් තැන්වලටත් ගිහින් ඒ ආයතනය පිහිටුවා ගන්න ඉඩම් සොයා ගන්න බැරිවුණා. නමුත් ඒ ආයතනය දාන්න ලංකාවේ ආණ්ඩුව ඉඩ දුන්නා. ජලය පෞද්ගලික කිරීමේ ආයතනය බත්තරමුල්ල පැලවත්තේ පිහිටුවා තිබෙනවා. ‘ඉමි’ කියන්නේ ඒ ආයතනය. සෝල්හයිම්ලත් දාගෙන ලෝක බැංකුවේ උපදෙස්වලට අනුව කරන්න යන මේ විනාශය ගැන තොරතුරු අධ්‍යයනය කරලා මේ පළමු මාධ්‍ය හමුවේදී අපි රටට තොරතුරු හෙළිකරනවා. 2001 රිගේනින් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ ගෙන ආ රනිල්ගේ ආණ්ඩුවේ ආයුෂ කෙටි වී ගෙදර යන්න වුණා. ඒ රනිල් අද රාජපක්ෂලාගේ අතිනත් ගෙන ජල සම්පත විකුණන්න කරන උත්සාහය පරාජය කරන්න ඕනෑ. මේ පනත වහ වහා පරාජය කරන්න සමස්ත ජනතාවට අප හා එක්වන ලෙස ඉල්ලා සිටිනවා.

Show More

FUTA සහ NPP අතර හමුවක්

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය(FUTA) අද(11) දින ජාතික ජන බලවේගය හමුවිය. එහිදී රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ඇතිව ඇති බරපතල අර්බුදය පිළිබඳ සාකච්ඡාවට බඳුන්විය. දැනට විශ්වවිද්‍යාල සඳහා බඳවාගෙන ඇති සිසුන් ප්‍රමාණය සඳහා ආචාර්යවරු 12900ක් පමණ අවශ්‍ය වුවත් සිටියේ 6000කට ආසන්න ප්‍රමාණයකි. එයින්ද මේවන විට පනවා ඇති අධික බදු නිසා ආචාර්යවරු දහසක් පමණ රට අතහැර ගොස් තිබේ. විශ්ව විද්‍යාල […]

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය(FUTA) අද(11) දින ජාතික ජන බලවේගය හමුවිය. එහිදී රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ඇතිව ඇති බරපතල අර්බුදය පිළිබඳ සාකච්ඡාවට බඳුන්විය.

දැනට විශ්වවිද්‍යාල සඳහා බඳවාගෙන ඇති සිසුන් ප්‍රමාණය සඳහා ආචාර්යවරු 12900ක් පමණ අවශ්‍ය වුවත් සිටියේ 6000කට ආසන්න ප්‍රමාණයකි. එයින්ද මේවන විට පනවා ඇති අධික බදු නිසා ආචාර්යවරු දහසක් පමණ රට අතහැර ගොස් තිබේ. විශ්ව විද්‍යාල තුළ අධ්‍යයන සහ පර්යේෂණ කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය අවම යටිතල පහසුකම් ද නොමැත.

සිසුන්ට ලැබෙන මහපොළ හා ශිෂ්‍යාධාර දීමනාද අඛණ්ඩව නොලැබීම නිසා බොහෝමයක් විශ්වවිද්‍යාල සිසුන්ගේ පෝෂණ ඌනතා පවතින බවත්, එය ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා වී ඇති බවත් ආචාර්යවරු පෙන්වා දුන්හ.
උසස් අධ්‍යාපනයේ මතුව ඇති ගැඹුරු අර්බුදයට විසඳුම් ලබා ගැනීම සඳහා ආණ්ඩුවට බල කෙරෙන ක්‍රියාමාර්ග පක්ෂයක් ලෙසත් ඒකාබද්ධවත් ගැනීමට ජාතික ජන බලවේගය කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ නායකයින් මෙහිදී පැවසීය. රට ගොඩනැගීමේ දී ජාතික ජන බලවේගය විශ්වාසය තබා ඇත්තේ මානව සම්පත සංවර්ධනය කිරීමට බවත් ඒ සඳහා උසස් අධ්‍යාපනයට ප්‍රමුඛතාවය ලබා දෙන බවත් ජාතික ජන බලවේග නියෝජිතයන් වැඩිදුරටත් ප්‍රකාශ කලහ.

මේ අවස්ථාවට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය බරණ ජයවර්ධන ඇතුළු එහි විධායක සභිකයින් එක්ව සිටියා. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එහි ජාතික විධායක සභිකයින් වන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස එක්ව සිටියා.

Show More