-Colombo, October 31, 2023- පලස්තීනය තුළ සාමාන්‍ය ජනතාව ඝාතනය කිරීම වහාම නවත්වා ස්වාධීන පලස්තීනයක් සහ ස්වාධීන ඊශ්‍රායලයක් යන දෙරට සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගෙන තිබෙන ප්‍රතිපත්තිය ක්‍රියාවට නැගිය යුතුයි කියන ස්ථාවරයේ ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේ සිටම ඉන්නවා. 1948දී නිදහස් ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්වීමෙන් පිහිටුවූවත් නිදහස් පලස්තීනය මේ දක්වා පිහිටුවා නැහැ. දකුණු අප්‍රිකාවේ කළු ජාතිකයන් […]
-Colombo, October 31, 2023-
පලස්තීනය තුළ සාමාන්‍ය ජනතාව ඝාතනය කිරීම වහාම නවත්වා ස්වාධීන පලස්තීනයක් සහ ස්වාධීන ඊශ්‍රායලයක් යන දෙරට සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගෙන තිබෙන ප්‍රතිපත්තිය ක්‍රියාවට නැගිය යුතුයි කියන ස්ථාවරයේ ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේ සිටම ඉන්නවා. 1948දී නිදහස් ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්වීමෙන් පිහිටුවූවත් නිදහස් පලස්තීනය මේ දක්වා පිහිටුවා නැහැ. දකුණු අප්‍රිකාවේ කළු ජාතිකයන් යටත් විජිකරණයට ලක්කර පීඩාවට පත් කළා සේ පලස්තීන ජනතාව ජීවත් වෙනවා. ඒ තුළ ඇති වුණු ගැටුමෙන් පසුගිය වසර 75 කාලය පුරාම පලස්තීන ජනතාවත් ඊශ්‍රායල ජනතාවත් පීඩා විඳිනවා. විශේෂයෙන්ම පලස්තීනයේ කොටසක් වන ගාසා තීරය තුළ 21වෙනි ශත වර්ෂයේ විශාලතම ඛේදජනක යුද්ධය ඊශ්‍රායල ආණ්ඩුව සහ ඇමෙරිකානු ආණ්ඩුව මගින් දියත් කර තිබෙනවා. දස දහස් ගණන් ජනතාව අවතැන්වී දරුවන් ඇතුළු දහස් ගණනක් මියගොස් තිබෙනවා. මේ නිසා අපේ ස්ථාවරය පැහැදිලි කිරීම වැදගත් කියලා අපි හිතුවා.
මේ යුද්ධය නිසා ලෝක ආර්ථිකය 5%කින් පමණ බිඳ වැටෙයි කියා, පුරෝකථනය කර තිබෙනවා. ඒ වගේම මැදපෙරදිග කලාපයේ ඇති වන ඕනෑම ගැටලුවක් තෙල් මිල සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට බලපානවා. තව පැත්තකින් එම කලාපයේ ලක්ෂ 20කට ආසන්න ශ්‍රී ලාංකිකයන් පිරිසක් සේවය කිරීම නිසා බලපෑමක් ඇති වෙනවා. ලෝකයේ තිබෙන ඉතාම වැදගත් ගැටලු වෙනුවෙන් ස්වෛරී රාජ්‍යයක් හැටියට ශ්‍රී ලංකාවත්, ප්‍රගතිශීලී වමේ පක්ෂයක් හැටියට ජනතා විමුක්ති පෙරමුණටත් තිබෙන ස්ථාවරය පැහැදිලි කළ යුතුයි. ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල ජනතාවට එල්ල කළ ප්‍රහාරය සමග බටහිර යුධවාදී මාධ්‍යය ප්‍රචාරය කරමින් සිටින්නේ මේ ගැටලුව ඔක්තෝබර් 07 වැනිදා පටන් ගත්තා කියලයි. නමුත් 1948 සිට ඊශ්‍රායලය ස්වාධීන රාජ්‍යයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පිළිගත් වහාම අති විශාල පලස්තීන ජනතාවක් ඔවුන්ගේ ගම්වලින් පළවා හැරියා. එදා සිට මේ දක්වා ලෝකයේ විශාලතම අවතැන් ජනතාව හැටියට පලස්තීන ජනතාව සිටිනවා. මිලියන 14යි. එයින් මිලියන 6.9ක් පලස්තීනය තුළ සිටින අතර, බහුතරයක් වූ මිලියන 7.1ක් වෙනත් රටවල් තුළ සරණාගතයන් වී සිටිනවා. එම සරණාගතයින්ගෙන් බහුතරයක් ජෝර්දානය ඇතුළු පලස්තීනය අවට රටවල සිටිනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක බලවතුන් විසින් ඊශ්‍රායලය බිහිකර, පලස්තීන රාජ්‍ය බිහි නොකිරීමෙන් මේ ප්‍රශ්නය වසර 75ක් පුරා ඇදී එනවා.
ඇමෙරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත 2021 මැයි 28 වැනිදා ඡායාරූප සහිතව ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරවලින් මිය ගිය දරුවන් හැට ගණනක් පිළිබඳව වාර්තා කර තිබුණා. ඔක්තෝබර් 07වැනිදා පලස්තීන සටන්කාමී සංවිධානයකින් ප්‍රහාර එල්ල කිරීම නිසා මේ ප්‍රශ්නය ඇති නොවූ බව අපි අවධාරණය කරනවා. 2007 සිට ඔක්තෝබර් 07දා දක්වා හයදහසකට අධික පලස්තීනුවන් සංඛ්‍යාවක් ද සිය ගණනක් ඊශ්‍රායල් ජාතිකයන්ද ඝාතනය වී තිබෙනවා. ඒ කාලය තුළ පලස්තීනුවන්ට අයිති ගම්මාන 170ක් පමණ ඊශ්‍රායලයට ඈඳාගෙන තිබෙනවා. ඒ ගම්වල සිටි පලස්තීන ජනතාව පළවා හැරියා. ගාසා තීරය ඩෝසර් කරමින් 8500කට අධික දරුවන් ඇතුළු ජනතාව මිය යාම ගැන ඇමෙරිකන් ජනාධිපති, ඊශ්‍රායල් අගමැති ඇතුළු යුධවාදීන් මිය යන සියලු දෙනා ත්‍රස්තවාදීන් ලෙස නම්කර තිබෙනවා. නමුත් බටහිර රටවලින් නිර්මාණය කළ Save the children කියන ස්වේච්ඡා සංවිධානයෙන් හෙළිකර තිබෙන්නේ සති තුනක් තුළ ගාසා තීරයේ මිය ගිය දරුවන් ප්‍රමාණය වසර පහක් තුළ ලෝකයේ යුධ ගැටුම්වලින් මිය ගිය දරුවන් සංඛ්‍යාවට වඩා වැඩි බවයි. මේ මිය යන්නේ සටන්කාමීන් නොව දරුවන් බව මේ සංවිධානයෙන් අවධාරණ කර තිබෙනවා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම්වරයා සහ එම සංවිධානය විසින්ම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඔක්තෝබර් 29 වැනිදා එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ධජය අඩකුඹු කර ශෝක දිනයක් ප්‍රකාශයට පත්කර තිබුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගාසා තීරයේ ක්‍රියාත්මක වැඩසටහන්වල සේවය කළ 59දෙනෙකු ඊශ්‍රායල් සහ ඇමෙරිකානු බෝම්බ ප්‍රහාරවලින් ඝාතනය වී තිබෙනවා.
යුධවාදීන් මේ ප්‍රශ්නය ඉස්ලාම්, ක්‍රිස්තියානි, යුදෙව් ගැටුමක් ලෙස අර්ථකථනය කරන්න උත්සාහ කරනවා. නමුත් අවුරුදු සියයකට වඩා පැරණි ක්‍රිස්තියානි දේවස්ථාන පවා ඊශ්‍රායල් ප්‍රහාරයෙන් විනාශ කර තිබෙනවා. ඊශ්‍රායලයේ තිබෙන ආණ්ඩුව සියෝන්වාදී ජාතිවාදී කණ්ඩායමක් බව ලොව පුරා සිටින යුදෙව් ජනතාව හඬගා කියමින් යුදෙව්වන්ගේ නාමයෙන් ගෙන යන මේ ප්‍රහාර නතර කරන ලෙස බලපෑම් කරමින් සිටිනවා. යුදෙව්වන් විසින්ම සියෝන්වාදී ජාතිවාදී කණ්ඩායමට එරෙහිව පෙන්වන මානවවාදී ගුණය සම්බන්ධයෙන් අපි අගය කරනවා. නිදහස් පලස්තීනයක් ඇති කළ යුතුයි කියන ස්ථාවරයේ වතිකානුවන් සිටිනවා. මෙතැන ඉස්ලාම් ක්‍රිස්තියානි ගැටුමක් නැති බවත් ඇමෙරිකාව ප්‍රමුඛ යුදවාදීන්ගේ මැදිහත්වීමක් තිබෙන බවත් ප්‍රකාශ කර තිබෙනවා. ඊශ්‍රායලය විසින් අද ක්‍රියාත්මක කරන්නේ දකුණු අප්‍රිකාව තුළ තිබුණු වර්ණ භේදවාදයටත් වඩා ම්ලේච්ඡ සංහාරයක් බව පිළිගන්නා ලෝකයේ රටවල් අතරට වතිකානුවත් ඇතුළත් වෙනවා. ආගමික ප්‍රශ්නයක් මත යුද්ධයක් සිදුනොවන බව ලොව පුරා ප්‍රගතිශීලීන් පිළිගෙන තිබෙනවා. පාප් වහන්සේ සහ වතිකානුවත් ඒ ස්ථාවරය දරනවා.
ජනතා විමුක්ති පෙරමුණ මේ සම්බන්ධයෙන් දරන ස්ථාවරය සම්බන්ධයෙන් සමහර අය විවිධ ප්‍රශ්න මතුකර තිබෙනවා. ශ්‍රී ලංකාව මේ ප්‍රශ්නය වෙද්දී ප්‍රහාරයන්ට විරුද්ධව සාධාරණත්වය වෙනුවෙන් ක්‍රියාකිරීමෙන් ලෝකයෙන් හුදකලා නොවෙන බව පැහැදිලියි. අවස්ථාවාදී දෘෂ්ටි කෝණයෙන් නොව මානවවාදී දෘෂ්ටි කෝණයෙන් බලා ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය ගොඩනඟාගෙන තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කළ යෝජනාවකින් ආරක්ෂක මණ්ඩලයේ රටවල් 15න් 11ක් සටන් විරාමයකට යන යෝජනාවක් අනුමත කළා. නමුත් එක්සත් ජනපදයේ නිශේධ බලය පාවිච්චි කර සටන් විරාම යෝජනාව පරාජයට පත් කළා. ඉන්පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ මහා මණ්ඩලයේදී සටන් විරාම යෝජනාවක් සම්මත කළා. එයට රටවල් 120ක් පක්ෂ වී රටවල් 14ක් විරුද්ධ වී රටවල් හතළිස් ගණනක් ඡන්දය දීමෙන් වැළකී සිටියා. ලෝකයේ අති බහුතරයක් රටවල් යුධවාදයට විරුද්ධව මෙය නතර කළ යුතුයි කියන ස්ථාවරයේ සිටිනවා. සටන් විරාමයට පක්ෂව ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයත් ඡන්දය පාවිච්චි කිරීම ගැනත් අපි අගය කරනවා. ඊශ්‍රායල් ආණ්ඩුවේ සහ අමෙරිකාවේ ගොඩට වැටුණොත් ලෝකයෙන් හුදකලා වෙනවා මිස ලෝකයේ රටවල් 138කට අධික ප්‍රමාණයක් නිදහස් පලස්තීනයක් පිළිගැනීම පදනම් කරගෙන අපි අපේ ස්ථාවරය සකස් කරගෙන තිබෙනවා. ඇමෙරිකාවේ රටවල් කිහිපයක් හැරුනහම අති බහුතරයක් රාජ්‍යයන් නිදහස් පලස්තීනයක් ඇති කළ යුතුයි කියන ස්ථාවරයේ අවුරුදු 50කට වැඩි කාලයක් සිටිනවා.
එක්සත් ජනපදය පවා මේ ප්‍රතිපත්තිය පිළි ගත්තත් ඔවුන් එය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදී තමන්ට විරුද්ධව තමන්ම ක්‍රියාකිරීමේ තැනකට එක්සත් ජනපදය තල්ලු වී සිටිනවා. නිදහස් පලස්තීනයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු අන්තර් ජාතික සංවිධානය 150කට වැඩි සංඛ්‍යාවක් පිළිගෙන තිබෙනවා. අද ලෝකයේ ඉන්න යුධවාදී කල්ලිය දකුණු අප්‍රිකාවේ වර්ණ භේදවාදී පාලනය සමග එක්වී එරට ජනතාවට විරුද්ධව ක්‍රියා කළා. නෙල්සල් මැන්ඩෙලා ත්‍රස්තවාදියෙක් ලෙස හැඳින්වූවා. නමුත් නෙල්සන් මැන්ඩෙලා සහ මුළු මහත් ලෝකයම එක්වී දකුණු අප්‍රිකාව නිදහස් කර ගත්තාට පසු ඒ පාලනය පිළිගන්න යුධවාදීන්ට සිදුවුණා.
මේ යුද්ධය නිසා ශ්‍රී ලංකාවෙන් ඊශ්‍රායලයේ සේවයට ගොස් සිටියදී මියගිය අනුලා රත්නායක සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් වශයෙන් වගේම පක්ෂයක් වශයෙනුත් කණගාටුවට පත්වෙනවා. ඊශ්‍රායලය තුළ රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ලංකා ආණ්ඩුව ක්‍රියාකළ යුතුයි. ගාසා තීරයේ සිට බටහිර ඉවුරේ සරණාගත කඳවුරුවලට පවා බෝම්බ හෙළමින් තිබෙන වටපිටාවක සේවය කරන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි. මේ අනාරක්ෂිත තත්වය යටතේ ඊශ්‍රායලය තුළ රැකියා ලබාදෙන්න ඇතැම් ව්‍යාපාරික ආයතන කටයුතු කරනවා. ව්‍යාපාරික උවමනාවන් වෙනුවෙන් අනාරක්ෂිත ප්‍රදේශවලට ශ්‍රී ලාංකිකයන් යැවීම වැළැක්වීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි. මේ ගැටලුවට විසඳුම් සෙවීම සම්බන්ධයෙන් අපේ ස්ථාවරය වී තිබෙන්නේ පලස්තීනය සහ ඊශ්‍රායලය යනු දෙරටේම ජනතාව පිළිගන්නා විසඳුමක් සෙවිය යුතු බවයි. මේ ප්‍රශ්නය නිර්මාණය කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයට මෙය නිරාකරණය කිරීමේ මූලික වගකීමක් තිබෙන බවත් අවධාරණය කළ යුතුයි. අද තිබෙන නිදහස් ඊශ්‍රායලය රාජ්‍යය වගේම නිදහස් පලස්තීන රාජ්‍යයක් පැවතිය යුතුයි කියන ස්ථාවරය අපි අවධාරණය කරනවා. ආරක්ෂක මණ්ඩලයේ සභාපතිත්වය දරන බ්‍රසීලය මැදිහත් වී ප්‍රායෝගිකව සටන් විරාමයක් ඇති කිරීමට ක්‍රියා කළ යුතුයි කියන ස්ථාවරය අපි ප්‍රකාශ කරනවා. දෙපාර්ශ්වයම රඳවාගෙන තිබෙන සිරකරුවන් හුවමාරු කර ගත යුතුයි. ශ්‍රී ලංකාව කුඩා රාජ්‍යයක් වුණත්, අපේ හඬ ප්‍රබල නොවුණත්, එක උදාහරණයක් දක්වන්න කැමතියි. සූවස් ඇළ ජනසතු කිරීමේදී අද ගාසාවලට බෝම්බ හෙළනවා වගේ එදා ඊජිප්තුවටත් බලවතුන් බෝම්බ හෙළුවා. එදා 1950 දශකයේදී ශ්‍රී ලංකා රජය සූවස් ඇළ ජනසතු කිරීමට තිබෙන අයිතිය වෙනුවෙන් පෙනී සිටියා. ඒ වෙනුවෙන් පිහිටවූ රාජ්‍ය තාන්ත්‍රික කමිටුවල ශ්‍රී ලංකාව ක්‍රියා කළා. ඒ පිළිබඳව අදටත් ඇගයීමක් තිබෙනවා. එවැනි වාසියක් ශ්‍රී ලංකාවට ලබා ගැනීම වෙනුවෙන් සාධාරණ සහ යුක්තිගරුක ස්ථාවරයක සිට ක්‍රියාකිරීම අත්‍යවශ්‍ය වෙනවා.
“ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට ලෝක පරිමාණයෙන් සිදුවන මැදිහත්වීමේ කොටස්කරුවන් බවට අපිත් එකතු වෙනවා…” ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික – වෛද්‍ය නලින්ද ජයතිස්ස
යුද්ධයක් කියන්නේම ඛේදවාචකයක්. යුද්ධය සම්බන්ධයෙන් තීන්දු ගැනීමට දායක නොවුණු ජනතාව හැමදාමත් පීඩාවට පත්වුණා. මේ වෙනවිට 8,000කට අධික පිරිසකගේ ජීවිත අහිමි වී ජීවත්ව සිටින්නන්ගේ ආහාර, ජලය ඇතුළු මූලික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වී සිටිනවා. ගෝලීය බලවතුන්ගේ යුද අවශ්‍යතා හේතුවෙන් පීඩාවට පත්වුණු ජනතාව පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ ස්ථාවරයන් සකස් කරගෙන තිබෙන්නේ, මනුෂ්‍යත්වය පදනම් කරගෙනයි. ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ලෝක පරිමාණයෙන් සිදුවන මැදිහත්වීමේ කොටස්කරුවන් බවට අපිත් එකතු වෙනවා. ලංකාව රටක් හැටියට සාධාරණත්වය වෙනුවෙන් ලෝකය ඉදිරියේ ගත් ක්‍රියාමාර්ග නිසා අද බංකොලොත් රටක් වී තිබුණත් ඒ ගෞරවය අදත් හිමි වී තිබෙනවා. දෙවන ලෝක යුද්ධයෙන් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය ගොඩනැඟුවේම මෙවැනි තීරණාත්මක ගැටුම්වලදී මැදිහත් වී ලෝකයේ ජනතාවට සාධාරණත්වය ඉෂ්ට කරන්නයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒ වෙනුවෙන් මෙම ගැටුමේදී පවා නිකුත් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් අපේ ඇගයීමක් තිබෙනවා. අවසන් වශයෙන් ගැටුමට මුල පිරුවේ කවුද? යන්න සොයනවාට වඩා කාලයක් පුරා පවතින මේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම්වරයා කර තිබෙන ප්‍රකාශය ජනතා විමුක්ති පෙරමුණේ විශේෂ ඇගයීමට ලක්වෙනවා. ලෝකයේ මෙවැනි රටවල මනුෂ්‍යත්වය පිළිබඳව කල්පනා කරන ජනතාව මේ ගැටුම නිරාකරණය කිරීමට හඬ නැගීම ගැන ඇගයීමට ලක්කරන අතර එහි කොටස්කරුවන් වෙන්නත් අපි ක්‍රියාකරනවා. යුද්ධයට එරෙහිව යුදෙව් ජනතාව ගෙන තිබෙන ස්ථාවරයත් අපි අගය කරනවා. නිදහස් ඊශ්‍රායලය සහ නිදහස් පලස්තීනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ස්ථාවරය අනුව ක්‍රියාකරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්මත කරගත් සටන් විරාමයට ඉක්මනින්ම යා යුතුයි.
-Colombo, October 31, 2023- ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයාගේ ඇමරිකානු සංචාරයේ දෙවන ජන හමුව පෙරේදා (ඔක්. 29) පැවැත්විණි. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ Houston නගරයේ Hilton University of Houston හිදීය. එම හමුව සඳහා Houston නගරයේ මෙන්ම ඒ අවට වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව විශාල සංඛ්යාවක් ඒකරාශී විය.
-Colombo, October 31, 2023-
ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයාගේ ඇමරිකානු සංචාරයේ දෙවන ජන හමුව පෙරේදා (ඔක්. 29) පැවැත්විණි. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ Houston නගරයේ Hilton University of Houston හිදීය. එම හමුව සඳහා Houston නගරයේ මෙන්ම ඒ අවට වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව විශාල සංඛ්යාවක් ඒකරාශී විය.
-Colombo, October 30, 2023- මෙතන ඉන්න කිසිවෙකු ඇමරිකාවට ආවේ නැහැ දේශපාලනය කරන්න. බොහෝ අය රැකියාවක් සොයාගෙන, දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් හෝ ලංකාවට වඩා සුරක්ෂිත රටක් හොයාගෙන ඇවිත් තියෙන්නේ. ඔබ, ලංකාවෙන් බොහෝ දුරස්වූ රටක යම් සුරක්ෂිත ජීවිතයක් ගත කරද්දී ලංකාව පිළිබඳ නිරන්තරයෙන් අවධානයෙන් ඉන්න, ලංකාවේ සිදුවීම් පිළිබඳ කම්පනයක් තිබෙන කණ්ඩායමක් ලෙස තමයි අද මෙතනට සහභාගිවී සිටින්නේ. ඒ […]
-Colombo, October 30, 2023-
මෙතන ඉන්න කිසිවෙකු ඇමරිකාවට ආවේ නැහැ දේශපාලනය කරන්න. බොහෝ අය රැකියාවක් සොයාගෙන, දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් හෝ ලංකාවට වඩා සුරක්ෂිත රටක් හොයාගෙන ඇවිත් තියෙන්නේ. ඔබ, ලංකාවෙන් බොහෝ දුරස්වූ රටක යම් සුරක්ෂිත ජීවිතයක් ගත කරද්දී ලංකාව පිළිබඳ නිරන්තරයෙන් අවධානයෙන් ඉන්න, ලංකාවේ සිදුවීම් පිළිබඳ කම්පනයක් තිබෙන කණ්ඩායමක් ලෙස තමයි අද මෙතනට සහභාගිවී සිටින්නේ. ඒ පිළිබඳව ඔබට ස්තූතිවන්ත වෙනවා. මෙතන සිටින බොහෝ දෙනෙක් මීට පෙර අපිව හමුවී නැහැ. බොහෝ පිරිසක් අපිව හමුවෙන්න ආ පළමු අවස්ථාව මෙය වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ සියලු දෙනා මීට පෙර කවර හෝ දේශපාලන ව්‍යාපාරයකට උදව් කරලා ඇති. දායකත්වය සපයලා ඇති. ඒ ඔබගේ යහපත් අපේක්ෂාවන්, බලාපොරොත්තු වෙනුවෙන්. බොහෝ පිරිසක් නායකයන් බලයට ගේන්න, ආණ්ඩු බලයට ගේන්න උදව් කළේ පුද්ගලික අපේක්ෂාවන් වෙනුවෙන් නෙවෙයි. නමුත් ඒ නායකයින් සහ ආණ්ඩු ඔබේ අපේක්ෂාවන් තුට්ටුවකට මායිම් නොකර බිඳවට්ටලා දැම්මා. ඒ දේශපාලන පක්ෂ ගැන නායකයින් ගැන කළකිරීමක්, කෝපයක් තියෙනවා ඇති. ඒක තමයි පහුගිය කාලේ ගෝල්ෆේස් පිටියෙන් ප්‍රකාශයට පත්වුනේ. එයට ඔබේ සුභපැතුම දායකත්වය තිබුණා. ඒ ඇයි? ඔබ විසින් ගෙනා පාලකයින් ඔබේ අපේක්ෂාව බිඳවට්ටලා දැමීම. මා ඔබට එක බලාපොරොත්තුවක් දෙන්නම්. ඔබ අප කෙරෙහි තබන විශ්වාසය, අපේක්ෂාව බලාපොරොත්තුව බිඳුවකින් හෝ බිඳවැටීමට ඉඩ නොතබන බවට සහතික වෙනවා. ඔබට අපේ රට ගැන තිබෙන අපේක්ෂාවම, බලාපොරොත්තුවම, සමහර විට ඊටත් වඩා අපේක්ෂාවක් බලාපොරොත්තුවක් අපිටත් තිබෙනවා. මොකද මේ විදියට අපේ මාතෘභූමියට අඟලක්වත් ඉදිරියට යන්න බැහැ. තවදුරටත් අපේ ජනතාවට මේ විදියට දුක්කදෝමන්ස්සයන්වලට මුහුණදෙමින් ජීවත් වෙන්න බැහැ. මේක අනිවාර්ය ලෙස වෙනස් කළ යුතුයි. ඔබ හිතනවාද මේ රට තවදුරටත් මේ විදියට යා යුතුයි කියලා. ඔබ හිතනවද අපේ රටේ ජනතාව මේ විදියට ජීවත් විය යුතුයි කියලා. ඒ නිසා මේ රට වෙනස් කිරීමේ ස්ථිර අධිෂ්ඨානයක් නොවෙනස්වෙන අරමුණක් අපිට තිබෙනවා. අපි ශ්‍රී ලංකාව සහතික විශයෙන්ම සුභදායි දිශාවට වෙනස් කරනවා.
ඔබ දන්නවා වුනත් අද අපේ රටේ ඛේදවාචකය මොනතරම්ද කියලා තේරුම් ගන්න කරුණු කිහිපයක් කියන්නම්. ඇස්වල කුඩා අසනීපයකට ප්‍රතිකාර ලබාගන්න රෝහලකට ගියවිට ජීවිතාන්තය දක්වා අන්ධ වෙනවා. සිඟිති දරුවෙකුගේ අසනීපයකට ඉන්ජෙක්ෂන් එකක් ලබා ගැනීමෙන් පස්සේ දරුවා මිය යනවා. අපේ ඇස් ඉදිරිපිට අධිකරණයෙන් අපරාධකරුවන් ලෙස දඬුවන් ලබන අය, අධිකරණයෙන් මරණ දඬුවම් හිමිවු අය, බරපතළ අපරාධ කළ අය, අපරාධවලට හවුල් වූ අය, රටක් පාලනය කරනවා. නීතියේ විධානයේ ආධිපත්‍යය නැති රටක් බවට අපේ රට පත්වී තිබෙනවා. අපරාධ ගහන රාජ්‍යයක් බවට පත්වී තිබෙනවා. එහෙම රටක් අපිට ඕනැද? මේක වෙනස් කරන්න උවමනා නැද්ද? පසුගියදා මහ බැංකු වාර්තාවේ කිව්වා ජනගහනයෙන් 68%ක් තුන්වේල කන්නේ නැහැ. කන ප්‍රමාණය අඩුකරලා. එහෙම නැත්නම් රුචි නොවන ආහාර ලබාගන්නවා. ජනතාවට නිසි ආහාර වේලක් නැහැ. ඒ වගේම රට මහා ණය කන්දක හිර කරලා.
පසුගිය දෙසැම්බර් 31ට අපේ රටේ ණය ප්‍රමාණය ට්‍රිලියන 30යි. (කෝටි ලක්ෂ 30යි) ජනගහනය කෝටි 2.2යි. තරුණයන්ට රැකියා අවස්ථාවන් නැති රටක්. සෑම තරුණ තරුණියක්ම යම් ආදායම් සහිත රැකියාවක් සොයා ගැනීමට ලංකාවෙන් පිටතට යාමට පොළඹවා තිබෙනවා. අද අපේ රට මෙවන් අර්බුදකාරී තත්වයන්ට මුහුණදී තිබෙනවා. තවදුරටත් මේ ආකාරයෙන් ඉදිරියට යන්න බැහැ. මේ ගමන් මාවත අපි වෙනස් කළ යුතුමයි. පළමුවෙන්ම අපි බලය ගත යුතුයි. දෙවනුව රට හැදිය යුතුයි. අපේ රටේ වසර 75ක් පමණ ප්‍රධාන ධාරවන් දෙකක පක්ෂ දෙකක් මත පාලනය කේන්ද්‍රගත වී තිබුණා. අද වන විට ඒ පක්ෂ දෙක දෙකක් නොවන බව ඔප්පු කොට තිබෙනවා. ලංකාවේ පළමු වතාවට මේ දේශපාලන කඳවුරු දෙක එකට එකතුවී තිබෙනවා. වංචා, දූෂණයේදි මේ අය එකම කඳවුරක ඉන්නේ. වංචාවේ යෙදෙනවා. වංචනිකයන් ආරක්ෂා කරනවා. ණය ගැනීම සහ විකිණීමේදී ආර්ථික ප්‍රතිපත්තිය එකක්.
මීට පෙර සිටියේ පාලකයාට බයේ, ඇකිළුණු ජනතාවක්. ඇමතිවරයා එනකොට කාණුවට බහිනවා. ගමේ දේශපාලන අධිකාරිය විසින් බලය ගත්ත චණ්ඩි ටිකක් හිටියා. ගම්මු බිය වැද්දුවා. අද පළමු වතාවට ඇමතිවරයා ජනතාවට බිය වී තිබෙනවා. ලංකාවේ ජනතාව දේශපාලන වශයෙන් මුවහත්වී, සක්‍රීයවී තිබෙනවා. එය කොතරම්ද කියනවා නම්, ලක්ෂ 69ක ඡන්ද ලබා බලයට පත්වූ ජනාධිපතිවරයා පළවා හැරීමට ජනතාව සමත්වී තිබෙනවා. අද ඉන්නේ වෙනස්ව සිතිය හැකි ජනතාවක්. එය අපට හොඳ අවස්ථාවක් උදාකර තිබෙනවා. ඉස්සර යූ.එන්.පී. හෝ ශ්‍රී ලංකා පාලනයක් ගොඩනඟා ගත් ජනතාව ඒ අවස්ථාවල අපි දිහා බැලුවේ, වොචර් ජොබ් එකට අපෙනුත් කිහිප දෙනෙක් යවන්න ඕන කියලා. පාර්ලිමේන්තුවේ කෑ ගහන්න හතර පස්දෙනෙක් යවන්න ඕන කියන චේතනාවෙන් තමයි අපිව තෝරා ගත්තේ. අපේ ආණ්ඩුවක් හදන්න, ප්‍රධාන විපක්ෂය කිරීමට එදා ජනතාවට උවමනාව තිබුණේ නැහැ. අද ලංකාවේ දේශපාලනය වෙනස් වෙලා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ගොඩනැගීමේ අපේක්ෂාවක්, බලාපොරොත්තුවක් ඇතිවී තිබෙනවා.
මේ සියල්ල දෙස බැලීමේදී අපට පෙනී යන්නේ, බලය ලබාගැනීමේ හැකියාවක් සහිත අවස්ථාව උදාවෙලා, නිර්මාණය වෙලා තිබෙන බව. අපට බලය සඳහා අවශ්‍යතාවයන් තිබුණත් ඒ සඳහා අවශ්‍ය තත්වයන් නිර්මාණය වෙන්නේ නැතිව බලය ලබා ගත නොහැකියි. අන් කවරදාකටත් වඩා වෙනසක අවශ්‍යතාවය සඳහා කාලය උදාවී තිබෙනවා. දැන් තිබෙන්නේ බලය අත්පත් කර ගැනීම සඳහා අපි සමත්ද? අසමත්ද? යන කරුණයි. බලය ලබාගැනීම සඳහා සියලු සම්පත් ඒකරාශී කර, හොඳින් කළමනාකරණය කර, මෙහෙයවීම තමයි ජාතික ජන බලවේගයේ වගකීම.
සහෝදරවරුන්ගෙන් ඉදිරිපත් වෙන ප්‍රශ්නය තමයි, බලය ලබාගැනීම සඳහා අවස්ථාව උදාවෙලා තිබුණත්, ඡන්ද පවත්වන්නේ නැතිව කොහොමද, බලය ලබාගන්නේ? කියන ප්‍රශ්නය. ජනාධිපතිවරණය නොපවත්වා යන්න බැහැ. ලබන වසරේ ඔක්තෝබර් 17ට පෙර අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. අගෝස්තු මාසයේ නාම යොජනා කැඳවිය යුතුයි. ලබන වසරේ ඔක්තෝබර් මේ කාලය වන විට ලංකාවේ අලුත් ආණ්ඩුවක්, අලුත් පාලනකයක්. ඒ ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බවට පත්කර ගත යුතුයි. ඒ සඳහා මතවාදී අරගලයක් කළ යුතුව තිබෙනවා. අද ප්‍රධාන මාධ්‍ය වෙනුවට සමාජ මාධ්‍ය ජනතාව අතරට ගිහින් තිබෙනවා. අද අප සහ විදෙස්ගත ඔබ සමීප කරන්න ප්‍රධාන ලෙස ඉවහල් වුණේ සමාජ මාධ්‍ය. අද ඔබට සමාජ මාධ්‍ය හරහා ශ්‍රී ලාංකික ජනතාවට ප්‍රබල බලපෑමක් කළ හැකියි. ලෝකය දැකපු, ලෝකයේ සමාජ ආරක්ෂණය අත් විඳපු, සෞඛ්‍ය රැකවරණය, අධ්‍යාපන රැකවරණය, රැකියාවන් පිළිබඳ අත්දැකීම් ලද ප්‍රජාවක් ලෙස ඔබට අපේ රටේ සහෝදර ජනතාව දැනුවත් කළ හැකියි. ඒගොල්ලන් අපිට වඩා ධනය තිබෙනවා. එයාලට රාජ්‍ය බලය තිබෙනවා. සාම්ප්‍රදායික මාධ්‍ය තුළ අපිට වඩා උඩින් ඉන්නවා. ඡන්දයකදි ඒ අය සාධක ගණනාවකින් අපට වඩා උඩින් ඉන්නවා. ඒ ඔක්කෝටම වඩා ප්‍රබලයි මහජනයාගේ බලය. ඒ නිසා මහජනයා සංවිධානය කොට ඒ බලයන්ට එරෙහිව පෙළ ගැස්වීම තමයි ජාතික ජන බලවේගයේ කාර්යභාරය.
මේ බල හුවමාරුවේදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වන ඔබට ඒ සඳහා විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණයේදී විශාල කාර්යභාරයක් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් ඉටුකළා. එය කරන්න නම් අපි අතර යම් එකඟතාවයන්, අපහැදිලි තැන් නිරාකරණය කර ගත යුතුව තිබෙනවා. ඔබලා කියන දේ හරි, අපි ඔබලාව විශ්වාස කරන්නේ කොහොමද? කියන ප්‍රශ්නය පැන නගිනවා. ප්‍රශ්නය සාධාරණයි. අවස්ථා ගණනාවකදී, විවිධාකාර නායකයන්, විවිධාකාර පොරොන්දු දුන් ආණ්ඩු, පරම්පරා ගණනාවක් ඇති තරම් ඔබව රවට්ටා තිබෙනවා. අපිව අධ්‍යයනය කරන්න, සමීපව ඇසුරු කරන්න. අපි කියන්නේ කුමක්ද කියා තේරුම් ගන්න. එක වෙලාවකදි, මෙතරම් ප්‍රමාද වුණේ අපරාදේ කියලා ඔබට සිතේවි.
දෙවනුව ඔබ අසයි, ඔව්, ඔබලාට බලය ගන්න පුළුවන්. නමුත් බලය ගත්තාට පසුව ආණ්ඩුව හසුරුවන්න කණ්ඩායමක් ඉන්නවාද කියලා. මුදල් ඇමති, ආරක්ෂක ඇමති, විදෙස් ඇමති, කවුද? ආර්ථිකය බාරගන්නේ කවුද? ඒ ප්‍රශ්න සාධාරණයි. අනෙක් පක්ෂ දෙකෙන් ඔය ප්‍රශ්නය අහන්නේ නැහැ. ඒගොල්ලෝ ආණ්ඩු කරලා තිබෙනවා, කරපු හැටිත් දන්නවා. බැසිල් රාජපක්ෂ, රවි කරුණානායක, මුදල් ඇමති ධුරය ගන්න විට සිතුනේ මොකක්ද? ඒගොල්ලන් කළ දේ දන්නවා. නමුත් අපි බලය ඉල්ලන කොට අපෙන් අහනවා, ‘ඕගොල්ලන්ට කළ හැකිද? කරන්න ටීම් එකක් ඉන්නවාද?’ කියලා. අපි පිළිබඳ පොඩි සැකයක් තිබෙනවා.
ඔව්, අපිට කණ්ඩායමක් අවශ්‍යයි. කෙහොම කණ්ඩායමක්ද? පුද්ගලිකව කිසිවක් අපේක්ෂා නොකොට, තමන්ගේ දැනුම, තමන්ගේ කාලය, තමන්ගේ ශ්‍රමය රටත් පොදු ජනතාවත් වෙනුවෙන් වැය කළ හැකි අවංක මිනිස්සු. ඒ අවංකභාවය අපේ කණ්ඩායමට තිබෙනවා. මම පුද්ගලයෙක් ලෙස උසස් පෙළ හදාරන අවස්ථාවේ තමයි දේශපාලනයට සම්බන්ධ වෙන්නේ. මේ දේශපාලනයට සම්බන්ධ වෙලා අවුරුදු 34ක් 35ක් වෙනවා. මම හෝ අපේ ව්‍යාපාරයේ කිසිවෙක් තමන්ට ලැබුණු අමාත්‍ය ධුර, මන්ත්‍රී ධුර, තමන්ට ලැබී තිබෙන දේශපාලන බලය, කිසිවක් අපි මහජනතාවගේ මුදල් නාස්ති කරන්න හෝ හොරකම් කරන්න හෝ යොදවා නැහැ. අපේ රටත් අපේ ජනතාවත් මේ ඛේදවාචකයෙන් මුදා ගැනීමේ අවංක සද් උවමනාවක් අපට තිබෙනවා. අන්න ඒ ටීම් එක අපි ළඟ ඉන්නවා. තමන් සතුව තිබෙන ශක්‍යතාවය, තමන් සතුව තිබෙන දැනුම සැබවින්ම සමාජ ප්‍රගමනය වෙනුවෙන් වැය කිරීමට හැකි පිරිසක් අවශ්‍යයි. දැනුම තිබුණාට වැඩක් නැහැ. තක්කඩි උවමනාවන් වෙනුවට සමාජ අවශ්‍යතාවන් වෙනුවෙන් අපේ දැනුම, ශක්‍යතාවය යොදවනවා නම්.
ආර්ථිකය පිළිබඳ, විදේශ කටයුතු පිළිබඳ, අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය පිළිබඳ, නිපුනතාවයන් තිබෙන හැකියාවන් තිබෙන කණ්ඩායමක් අප සතුව ඉන්නවා. ආර්ථික විද්‍යාව පිළිබඳ දැනුම් ඇති, මහාචාර්ය අනිල් ජයන්ත, මහාචාර්ය ජනක් කුමාරසිංහ, මහාචාර්ය සීතා බණ්ඩාර අපේ ආර්ථික කමිටුවේ ඉන්නවා. එක්සත් ජනපදයේ බොහෝ පර්යේෂණ ආයතනවල ලංකාවේ අය වැඩ කරනවා. ඒ දැනුම උකහාගෙන රට දියුණු කරන්න අපේ රටේ ආණ්ඩුවක් තිබුණේ නැහැ. නායකයෙක් හිටියේ නැහැ. අන්න ඒ පාලකයා තමයි ජාතික ජන බලවේගයේ පාලකයා. ජාතික ජන බලවේගයේ ඇමතිවරයා. ඒ ඒ විෂයයන් කවුරු කවුරුද බාරගන්නේ කියා, අපි ළඟ දළ චිත්‍රයක් තිබෙනවා. ඇමතිවරයා සමඟ වැඩ කරන කණ්ඩායම කවුද කියලා අපිට සැලසුමක් තිබෙනවා. මොකද තනි පුද්ගලයෙකුට හාස්කම් කරන්න බැහැ. ඒ නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ හැදෙන්නේ සාම්ප්‍රදායික ඇමති මණ්ඩලයක් නොවෙයි. හැදෙන්නේ ඉන් ඔබ්බට යන සමාජයේ සෑම කෙනෙකුගේම සක්‍රීය දායකත්වය ලබා ගන්න ලෑස්ති ආණ්ඩුවක්. ඒක අපේ රටේ සිදුවෙන අලුත් වෙනසක්. ඒ වගේම ආණ්ඩු කරන ක්‍රමයත් වෙනස්.
ඊළඟ කරුණ ලෙස, අපේ රටට ශක්තිමත්ම රාජ්‍ය පාලනයක් අවශ්‍යයි. අපේ රටේ රාජ්‍ය පාලන යාන්ත්‍රණය අතිශය අකාර්යක්ෂමයි. මුළු රාජ්‍ය යාන්ත්‍රණයත් රාජ්‍ය ක්‍රියාවලියත් දේශපාලනයෙන් නිදහස් කර, සියලු දෙනාටම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස රජයේ රැකියාවට අවතීර්ණ වීමට අවස්ථාවත්, රජයත් සමග ව්‍යාපාර කිරීමටත් අවස්ථාව අපි සලසා දෙනවා. ඒ වගේම අමාත්‍යවරයා සහ ඔහු වටා සිටින වළල්ලක් අතේ තමයි සමස්ත ආර්ථික දේහයම ඒකරාශී වී තිබෙන්නේ. මේක වෙනස් කරන්න ඕනෑ. අපි ආර්ථික ප්‍රජාතනත්‍රවාදය ඇති කරනවා. ඒක අතිශය වැදගත්. ඔබට තිබෙන හැකියාව, දක්ෂතාවය, ඔබට තිබෙන ව්‍යාපෘති සැලැස්ම මත ඔබට ආර්ථිකයට ප්‍රවිශ්ට වෙන්න අවස්ථාව උදාකර දෙනවා. කල්ලියක් අතේ, තුන් හතර දෙනෙක් අතේ ආර්ථිකයෙන් රටක් ගොඩනගන්න බැහැ. සෑම කෙනාටම ප්‍රජාතන්ත්‍රවාදී අවස්ථාවන් නිර්මාණය කිරීමෙන් විතරයි රටක ආර්ථිකය ඉස්සරහට ගේන්න හැකියාව තිබෙන්නේ. අපි ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරනවා.
ලෝකයේ කිසිදු රටකට හුදකලා වෙලා ජීවත් වෙන්න බැහැ. ආර්ථිකයෙන්, සන්නිවේදනයෙන්, තාක්ෂණයෙන්, ලෝකය එකට ගැට ගැසී තිබෙනවා. බලවත් රාජ්‍යයන් අතර යුද්ධ ලෙස ප්‍රකාශ නොවුණත් බල ගැටුම් තිබෙනවා, එක්සත් ජනපදය සහ චීනය අතර, ආර්ථික ගැටුමක් තිබෙනවා. ඒ සඳහා වෙළෙඳපොළ අත්පත් කර ගැනීමේ ගැටුමක් තිබෙනවා. ඉන්දියාව සහ චීනය අතර ගැටුමක් තිබෙනවා. රුසියාව එක පැත්තකිනුත්, යුරෝපය තව පැත්තකිනුත් එනවා. ලෝකයේ විවිධ බල කේන්ද්‍ර තිබෙනවා. ශ්‍රී ලංකාවට බල කේන්ද්‍රයක් වීමේ ශක්‍යතාවය මේ මොහොතේ නැහැ. හැබැයි අර බලකේන්ද්‍රවල තිබෙන ගැටුම වළක්වාලීමට නොහැකි ලෙස පාර්ශ්වකරුවන් හෝ එයින් අගතියට පත්වෙන කොටස්කරුවන් බවට පත්වී තිබෙනවා. බල ගැටුම තිබෙන්නේ අපව අත්හැර නොවෙයි. ලෝක සිතියමෙන් අපව මකා නොවෙයි. බල කේන්ද්‍රයක් නොවුනාට, අපිත් ලෝක සිතියමේ ඉන්නවා. එහෙම නම් පළමුවෙනි විදෙස් ප්‍රතිපත්තිය බවට පත්වෙන්නේ ඒ කිසිදු බල කඳවුරකට ඍජුව හෝ වක්‍රව දායකත්වය නොසපයන, නොබැඳි විදෙස් ප්‍රතිපත්තියක්.
අසූව දශකයේ අපි පටන් ගත්තා, විකිණීම සහ ණයට ගැනීම. අදත් ආර්ථික ප්‍රතිපත්තිය විකිණීම සහ ණයට ගැනීමයි. රනිල් වික්‍රමසිංහ අදත් අපේක්ෂා කරන්නේ කුමක්ද? කොහොම හරි ණයක් ගන්න එක. තිබෙන ටිකත් විකුණා ගන්න එක. ඒක අලුත් ගමනක් ද? ඒක පැරණි අසාර්ථක ගමනමයි. අපි එයින් තීරණාත්මක ලෙස වෙනස් විය යුතුයි. ලෝක වෙළඳපොළේ ආර්ථිකයෙන් කොටසක් අත්පත් කර ගැනීම සඳහා වූ සැලැස්මක් අපිට තිබෙනවා.
අපි සමත් වෙන්න ඕනෑ ලෝකයේ නව අවශ්‍යතාවලට අවශ්‍ය දැනුම, ලෝකයේ නව අවශ්‍යතාවලට අවශ්‍ය භාණ්ඩ සඳහා ලෝක වෙළඳපොළේ පංගුවක් අත්පත් කර ගැනීම සඳහා අපි සමත් විය යුතුයි. ලෝකයේ කොයිතරම් වෙනස්කම් වුණාද? නමුත් අපි රටක් ලෙස එතනමයි. මේ පාලකයෝ ලැජ්ජා විය යුතු නැද්ද? සුද්දා යනකොටත් අපේ ප්‍රධාන ආර්ථිකය තේ, රබර්, පොල්. අදත් ඒ ආර්ථිකයමයි. අපි ලෝකයේ සිදුවෙන නව වෙනසකට ගැලපෙන භාණ්ඩ සහ දැනුමේ වෙළඳපොළ අත්පත් කර ගැනීමට අසමත්වීමේ ප්‍රතිවිපාක අද භුක්තිවිඳිමින් ඉන්නවා.
නව ලෝකයට අවශ්‍ය දැනුම උකහා ගන්නා ලංකාවක් අපි හදන්න ඕනෑ. ලෝකයේ වර්ධනයට අවශ්‍ය වන භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලා අපි පටන් ගන්න ඕනෑ. අන්න එවැනි භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ ඉදිරි ලංකාවක් අපි ගොඩනඟනවා. ණය ගැනීමෙන් විකිණීමෙන් මේ රට ගොඩදාන්න බැහැ. පලස්තීන – ඊශ්‍රායල ගැටුමට ඉරානය අවිආයුධ සහිතව මැදිහත් වුණොත් ලෝකයේ නැවත විශාල ගැටුමක් ඇති වෙනවා. රනිල් වික්‍රමසිංහ කියනවා පලස්තීන-ඊශ්‍රායන් යුද්ධය හේතු කොටගෙන අනාගතයේ තෙල් මිල ඉහළ යා හැකියි කියලා. අපට ලෝකයේ වසංගත වළක්වන්න බැහැ. යුද්ධ වළක්වන්න බැහැ. මහා මූල්‍ය කඩා වැටීම් වළක්වන්න බැහැ. ලෝකයේ වසංගත, යුද්ධ, මූල්‍ය කඩාවැටීම් ඇති වෙනකොට එයට ඔරොත්තු දෙන ආර්ථිකයක් අපි හදන්න ඕනෑ. අපේ රටේ සම්පත්, අපට අත්පත් කර ගත හැකි වෙළෙඳපොළ, අපේ තිබෙන කළමනාකරණය, තාක්ෂණය ඒකාබද්ධ කර ගත් නව වෙළෙඳපොළක් සොයාගෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොමු විය යුතුයි. මේක තමයි අපේ ආර්ථිකය. නොසැලෙන ආර්ථිකයක්. ඔරොත්තු දෙන ආර්ථිකයක්. “එක්සත් ජනපදයට කිවිසුමක් ගියොත් අපට හෙම්බිරිස්සාව හැදෙනවා. එහෙට හෙම්බිරිස්සාව හැදුණොත් අපට නියුමෝනියාව හැදෙනවා.” ඒක චීනෙට, දකුණු කොරියාවට, මැලේසියාවට, වියට්නාමයට වෙන්නේ නැහැ. ඒ රටවල් ලෝක වෙළෙඳපොළේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයෙන් කොටසක් අත්පත් කරගෙන තිබෙනවා. වර්ධනයක් අත්පත් කරගෙන තිබෙනවා. අපි ක්‍රමිකව හරිම තැන් ටික තෝරාගෙන වේගවත්ව, පසුවිපරම් කරමින් නිරන්තරයෙන් මෙහෙය විය යුතුයි.
අපි හඳුනාගෙන තිබෙනවා, අපි වෙනස් විය යුතු තැන් ටික කොතැනද කියලා. අන්න ඒක වේගවත්ව, පසුවිපරම් සහිතව අපි මෙහෙයවනවා. අපට බලය ලබා ගන්නත්, බලය ලබා ගත්තාට පසුව මේ රට ගොඩනඟනනත් අවශ්‍ය කණ්ඩායමත්, දැක්මත්, විශේෂ උවමනාවත් තිබෙනවා. අපි ඒ වැඩේ කරනවා. මෙය අපට පමණක් කළ හැකි දෙයක් නොවෙයි. ඔබ ලංකාවෙන් බැහැරව ජීවත් වුවත්, අදත් ලංකාව යම් ජයග්‍රහණයක් අත්පත් කර ගත් විට ඔබ සතුටු වෙනවා. ඔබ එක්සත් ජනපදයේ ජීවත් වුණත් ඔබ වැඩිපුර බලන්නේ ලංකාවේ තොරතුරු. අහන්නේ ලංකාවේ සිංදු. ඒ කියන්නේ අපි ශරීරයෙන් දුරස් වුණත් අපේ බැඳීම තිබෙන්නේ අපේ මහපොළොවත් සමග. අප හැමදෙනාගේම හිතේ සුබ සිහිනයක් තිබෙනවා. අපේ මාතෘ භූමිය දියුණු රටක් එහි වෙසෙන ජනතාව සුන්දර ජීවිතයක් ගත කරන රටක් අපේක්ෂා කරන සිහිනයක් තිබෙනවා. ඒක මටත් තිබෙනවා. ඔබටත් තිබෙනවා. ඒ නිසා අපි සියලු දෙනාම එකතුවී ඒ සිහිනය සැබෑ කරමු. ඒ වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කරන්න ඕනෑ. මේක දේශපාලන ව්‍යාපාරයක් නොවෙයි. මේක මහජන ව්‍යාපාරයක්. හැම දෙනාටම එකතු වෙලා මේ රට ගොඩනැගීම වෙනුවෙන් බලය අත්පත් කර ගමු.
විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන ගැටලු කිහිපයක් සම්බන්ධව ජනතාව හා මාධ්‍ය දැනුවත් කිරීමට අපි අදහස් කළා. අද ජාත්‍යන්තරව මතුවි තිබෙන ප්‍රධාන කරුණක් තමයි ඊශ්‍රායල් හා පලස්තීන යුද ගැටුම. ඊශ්‍රායලයේ සේවය කරන 8000ක් පමණ වූ ශ්‍රී ලාංකික ප්‍රජාව මුහුණ දෙන ගැටලු ගණනාවක් තිබෙනවා. දැනට දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා. අනුලා සහෝදරිය, ගැටවර බණ්ඩාර සහෝදරයා. පියංකර […]
විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන ගැටලු කිහිපයක් සම්බන්ධව ජනතාව හා මාධ්‍ය දැනුවත් කිරීමට අපි අදහස් කළා. අද ජාත්‍යන්තරව මතුවි තිබෙන ප්‍රධාන කරුණක් තමයි ඊශ්‍රායල් හා පලස්තීන යුද ගැටුම. ඊශ්‍රායලයේ සේවය කරන 8000ක් පමණ වූ ශ්‍රී ලාංකික ප්‍රජාව මුහුණ දෙන ගැටලු ගණනාවක් තිබෙනවා. දැනට දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා. අනුලා සහෝදරිය, ගැටවර බණ්ඩාර සහෝදරයා. පියංකර දැඩිලෙස තුවාල ලබලා පීඩාවට පත්වී සිටිනවා. මේ අයගේ පවුල්වල අයට අපි අපේ ශෝකය පළකර සිටිනවා. ශ්‍රී ලාංකිකයින් ලෙස දැඩි කම්පාවට පත්වෙනවා. මේ අපේ සහෝදරවරු යුද්ධයේ කොටස්කරුවන් නොවෙයි. ඔවුන් ශ්‍රී ලාංකිකයින් හැටියට මේ රටේ රැකියාවක් කරගෙන ජීවත් වීමේ අපහසුව නිසා ඔවුන්ගේ දරු පවුල් නඩත්තු කරන්න පෞද්ගලිකව ජීවිතේ ගැටගහගන්න විදෙස් ගත වුණු අය. විදෙස්ගතවීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතැම් රටවල යුද්ධය පවතින ප්‍රදේශවල රැකියාව කරන්න ඔවුන්ට සිදුවුනා. ඔවුන් නිරායුධ අය. ඊශ්‍රායලය හෝ පලස්තීනයේ කොටස්කරුවන් නොවෙයි. අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා ඊශ්‍රායලයේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න කියලා.
අදටත් මේ දෙරට අතර යුද ගැටුම් සිදුවෙනවා. යුද්ධය පිළිබඳ ස්ථාවරයන් මොනවා වුණත් අපි ආණ්ඩුවෙන් හා විදෙස් කටයුතු අමාත්‍යවරයාගෙන්, අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මැදිහත් වෙන්න කියා. හේතුව ඊශ්‍රායලයේ රැකියා සඳහා තවත් දහසක් යැවීමට ආණ්ඩුව කටයුතු කරන බවට මාධ්‍යවල වාර්තා කර තිබුණා. මේ අවස්ථාවේ පළමුවෙන්ම කළ යුත්තේ ඊශ්‍රායලයේ රැකියා කරන අයගේ ආරක්ෂාව තහවුරු කිරීමයි. වර්තමාන තත්වය යටතේ ශ්‍රී ලාංකිකයන් යවනවා නම්, ඔවුන් රැකියා කරන ප්‍රදේශ ආරක්ෂිත කලාප ද යන්න පිළිබඳව සෙයා බලා ආරක්ෂාව සම්බන්ධයෙන් වගවීමක්, සහතිකයක් තිබිය යුතුයි. ඊශ්‍රායලයේ සිටින අපේ තානාපතිතුමා ඇතුළු කාර්යමණ්ඩලය දැඩි කැපකිරීමෙන් ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරමින් ඉන්නවා. ආරක්ෂාව සම්බන්ධයෙන් වගවීමක් නැතිව, රැකියා ලබාදීමේ අරමුණෙන් පමණක් අපේ ශ්‍රී ලාංකිකයන් ඊශ්‍රායලයට යැවීම පිළිබඳව ගැටලුවක් තිබෙනවා. රැකියාව ගැන පමණක් සිතා මෙවැනි තීරණයක් ගැනීම සුදුසුද යන්න යළිත් සලකා බැලිය යුතුව තිබෙනවා. මේ ඊශ්‍රායල් පලස්තීන යුද්ධයට ශ්‍රී ලාංකිකයන් මැදිහත් වී තිබෙන්නේ ඔවුන්ගේ කැමැත්තෙන් නොවෙයි. ඔවුන්ට ජීවත් වීම සඳහා ඊශ්‍රායලයේ රැකියා කරන්න සිදුවුණු නිසා.
ලංකාවේ තිබෙන ආර්ථික පීඩනය නිසා අපේ ජනතාව ඊශ්‍රායලයට නොවෙයි අපායට හෝ ගොස් රැකියා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා කුමන හෝ රැකියා අවස්ථාවක් යොදා ගත යුත්තේ, පළමුවෙන්ම ශ්‍රී ලංකා ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමකින් මිස අනාරක්ෂිත තත්වය යටතේ නොවෙයි කියන එක අපි අවධාරණය කරනවා. ඊශ්‍රයලයේ රැකියා සඳහා යන අය සමහරු සංචාරක වීසා හැටියටත්, සමහරු කෘෂිකාර්මික කටයුතු සඳහාත්, සමහරු ඉගෙන ගැනීම් කටයුතු සඳහාත්, ජෝර්දානය හරහා ඊශ්‍රායලයට ගිය අය සිටිනවා. වීසා නැති විශාල පිරිසකුත් ඉන්නවා. මේ යුද තත්වය නිසා ඒ අයට පහසුකම් සැලසීමේ කටයුතු දුෂ්කරතා මධ්‍යයේ පවතින්නේ. අනාරක්ෂිත තත්වයන් මේ අයුරින් වාර්තාවී තිබියදීත් රැකියා සඳහා යාමට දිරි ගැන්වීම සිදුවෙනවා නම්, ඒ දිරිගන්වන පාර්ශ්වයන්ම ඒ අයගේ ආරක්ෂාව පිළිබඳව ඒ ආකාරයෙන්ම තහවුරුවක් ලබාදිය යුතුයි.
ඊශ්‍රායලයේ සිටින තානාපතිතුමා සහ කාර්ය මණ්ඩලය මහත් වෙහෙසක් දරමින්, ශ්‍රී ලාංකිකයන්ගේ තොරතුරු එකතු කර ගැනීම, වීසා නොමැති අය ලියාපදිංචි කරවා ගැනීමේ කටයුතුවලට මැදිහත් වී තිබෙනවා. ඔවුන්ගේ කාර්යභාරය ගැන අපේ ඇගයීමක් තිබෙනවා. ආණ්ඩුව පැත්තෙන් ඔවුන්ගේ සුභසාධනය සහ ආරක්ෂාව ගැන මීට වඩා සොයා බැලීමක් කළ යුතුව තිබෙනවා. සෞදි අරාබියේ රැකියාව කරන පහළොස් දෙනෙකු පමණ පිරිසක් විදේශ රැකියා නියෝජිත ආයතනය තුළ සිරකරගෙන සිටින බවත් වාර්තාවී තිබෙනවා. අපි මේ පිළිබඳව සෞදියේ සිටින නියෝජිතයින් මගින් කරුණු සොයා බැලුවා. ඔවුන් අපේ තානාපති කාර්යාලයටවත් ගෙනැවිත් නැහැ. ඔවුන් රැකියා නියෝජිත ආයතනයේම වෙනම කාමරයක රඳවා සිටින බවත්, ප්‍රමාණවත් ආහාරත්, ප්‍රමාණවත් පහසුකම් නොමැතිවත්, සිටින බවත් දැනගන්නට ලැබී තිබෙනවා. ටික දෙනෙක් නැවත ලංකාවට යවන ලෙස ඉල්ලීම් කළත්, එය නොසලකා වෙනත් ස්ථානවල රැකියාවලට යොමුකරන්න උත්සාහ ගනිමින් සිටින බවටත් තොරතුරු ලැබෙනවා. සෞදි අරාබියට යවන ලද අයට ප්‍රමාණවත් පුහුණු කිරීම් ලබානොදී, පුහුණුවක් ලබාදුන්නාය කියන සහතික කිරීම පමණක් කරලා, ප්‍රතිලාභ ලෙස ලැබෙන මුදල් ආයතනය ලබාගෙන සිදුකරන ලද ගනුදෙනුවකුත් මේ තුළ තිබෙනවා. රට රැකියාවලට යන අයට නවීන උපකරණ සමග ඒ රටවල වැඩ කිරීමට සිදුවෙනවා. පුහුණුවක් නොමැතිකම, ඒ උපකරණ පිළිබඳ දැනුමක් නොමැතිකම නිසා ඔවුන්ට හාම්පුතුන්ගේ තාඩන පීඩනවලට බරපතළ ලෙස මුහුණ දීමට සිදුවෙනවා.
අපි විදේශ කටයුතු අමාත්‍යාංශයේ සභාපතිවරයාටත්, අදාළ විෂය භාර අමාත්‍යවරයාටත් බලකරනවා කරනවා, මේ සෞදියේ සිරකර සිටින පිරිස සම්බන්ධව විශේෂ මැදිහත්වීමක් කරන ලෙස. ඔවුන්ගේ ඥාතීන් එතෙර අපි සංවිධානයටත් මේ සම්බන්ධව දැනුවත් කරමින් ඔවුන් මෙරටට ගෙන්වා දෙන ලෙස ඉල්ලීමක් කළා.
මේ අතර කොරියාවට යන ලාංකිකයින්ගේ මුදල් අයථා ලෙස අයකරගන්නා අවස්ථාත් අපිට වාර්තා වෙලා තිබෙනවා. ඊ නයින් වීසා යටතේ කොරියාවට යවන ශ්‍රී ලාංකිකයින් එකම ගුවන් යානයක යැවීමේ අවශ්‍යතාවය පෙන්වා සාමාන්‍ය ගුවන් ටිකට්පත්වල මිලට වඩා රුපියල් තිස් හතළිස් දාහක් වැඩිපුර අයකළ අවස්ථා තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවෙන් විදේශ රැකියාවලට යන අයට විවිධ ගාස්තු අයකිරීම් සිදුවෙනවා. අමාත්‍යාංශයේ සිට එයාර් පෝර්ට් එකට යන්න බස් ගාස්තුව ලෙස රු. 2000/-ක් අය කරනවා. මෙම ක්‍රියාවන් සිදුවිය යුත්තේ විධිමත්ව කියන එක අපි විශ්වාස කරනවා.
‘ඊ 73’ කියන කැටගරිය යටතේ වෙල්ඩර්ස්, පෑස්සුම්කරුවන් වෙනුවෙන් ලැබුණු කෝටා එක මේ වන තෙක් සම්පූර්ණ කර නැහැ. සුදුසුකම් නැති, දේශපාලන හිතවත්කම් මත යවපු පිරිස් නිසා, එම කැටගරිය යටතේ අපට ලැබෙන අවස්ථාව නොලැබී යාමේ තත්වයක් ඇතිවී තිබෙනවා. දැනටමත් අපට වාර්තා වන ආකාරයට කොරියාවෙ ලොජී කියන ප්‍රාන්තයේ නැව් සමාගම්වල අපේ රැකියා අවස්ථාව අහිමි වෙලා. රැකියා ඇබෑර්තු තිබියදී පවා කැඳවීම් නවත්වා තිබෙනවා. 5000ක පමණ කෝටා එකක් තිබියදීත් අපට යැවිය හැකිව තිබෙන්නේ 600ක් පමණ පිරිසක් පමණයි. එසේ සිදුවී තිබෙන්නේ සුදුසුකම් තිබෙන අයව යවන්න කටයුතු නොකිරීමේ හේතුව නිසා.
ඒ වගේම කොරියාවේ තානාපති කාර්යාලයේ සුබසාධන නිලධාරීන් දොළොස් දෙනෙකු සිටිය යුතු වුවත් දැනට සේවය කරන්නේ 04ක් පමණයි. ඒ හතර දෙනාගෙනුත් දෙදෙනෙක් කොරියන් ජාතිකයන්. ශ්‍රී ලාංකිකයන් ඉන්නේ දෙදෙනයි. ඒ වගේම කොරියාවේ සිටින 35000කට 40000කට වැඩි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන් සිදුකළ යුතු ජංගම සුබසාධන සියල්ලම වගේ නතර වෙලා. ඔවුන්ගේ අවශ්‍යතාවයන්, පහසුකම් ගැන සොයා බැලීමක් නැහැ. විශේෂයෙන් ධීවර කර්මාන්තයේ නියැලී සිටින ශ්‍රමිකයන් බරපතළ ගැටලු ගණනාවකට මුහුණදී තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය පහසුකම් නොලැබීම නිසා වසරකට දෙතුන්දෙනෙක් පමණ මිය යන තත්වයක් උදාවී තිබෙනවා. පළපුරුද්ද නැතිකම, අධික සීතල, ඔවුන්ගේ මිය යාමට හේතුවී තිබෙනවා. ශ්‍රී ලාංකිකයන් හැටියට රැකියාවලට ගිහිල්ලා ඒ රටවල අසරණ වෙලා, කොරියාවේදි මිය යන තත්වයක් ඇති වී තිබෙනවා. එවැනි අයගේ මෘත දේහය පවා ලංකාවට ගේන්න බැරි තත්වයක් තිබෙනවා.
ශ්‍රී ලාංකිකයින්ගෙන් එල්ලවෙන තවත් එක් ප්‍රධාන චෝදනාවක් තමයි තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ නිවාඩු සම්බන්ධ කාරණය. විශේෂයෙන් සුබසාධන නිලධාරීන් කොරියාවේ නිවාඩු දවසටත් නිවාඩුයි, ලංකාවේ නිවාඩු දවසටත් නිවාඩුයි. කොරියාවේ නිවාඩු දිනයක් කියන්නේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කර තිබෙනවා නම්, තමන්ගේ ලියකියවිලි කටයුතු පාස්පෝට් කටයුතු කර ගැනීමට පහසු වෙනවා. මේ නිසා එහි සිටින ශ්‍රී ලාංකිකයින්ට ගැටලු ගණනාවකට මුහුණ පෑමට සිදුවී තිබෙනවා. ඒ ඒ රටවල නිවාඩු දිනවලදීත්, ලංකාවේ නිවාඩු දිනවලදීත් නිවාඩු ගැනීම කොරියාවේ පමණක් නොවෙයි තවත් බොහෝ රටවල සිදුවෙනවා. විදේශවල සිටින අයට පහසුකම් ලබාගැනීමට තිබෙන එකම ස්ථානය තානාපති කාර්යාලය. නමුත් ඒ පහසුකම් ලබාගැනීමට අපහසු වී තිබෙනවා.
අපේ රටේ විදේශ නියුක්ති කාර්යාංශය, අමාත්‍යාංශය විශාල එකක්. නමුත් එයින් විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන පහසුකම ගතහොත් සම්බන්ධීකරණයක් නැහැ. විදේශගත වී සිටින ශ්‍රී ලාංකිකයන් කොන්දේසි විරහිතව ලංකාවට මුදල් එවන්නේ ඔවුන්ගේ පවුල්වල කටයුතු වෙනුවෙන්, හා සුබසාධනය වෙනුවෙන්. නමුත් ඒ කටයුතුවලට අවශ්‍ය කරන තහවුරුවක්, විශ්වාසයක්, රැකියා සුරක්ෂිතභාවයක්, රැකියාවේ පහසුකම් ලබාදීමක් කිරීමට ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැතිනම්, ඔවුන්ගේ අසරණභාවය වෙනුවෙන් කතා කරන්න කිසිවෙක් නැහැ. මේ කරුණු මාධ්‍යයට ඉදිරිපත් කිරීමට කලින් අවස්ථා ගණනාවකදීම කතා කර තිබෙනවා. ලිඛිතව ඉල්ලීම් කර තිබෙනවා. සාකච්ඡා සඳහා ඉල්ලීම් කර තිබෙනවා. ඒවා ඉටුනොවන අවස්ථාවලදි අපට මේ වගේ ජනමාධ්‍ය හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට සිදුවෙනවා. විදේශගත ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන අපහසුතා දැන්වුවද ඇමති මට්ටමින් හෝ නිලධාරී මට්ටමින් පසුවිපරම් ක්‍රියාවලියක් සිදුවන්නේ නැහැ.
“ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සහනසේවා සඳහා වෙන් කර තිබෙන්නේ සොච්චම් මුදලක්”
-එතෙර අපි සංවිධානයේ ලේකම් නීතිඥ ජානක අධිකාරී-
අටදාහක් පමණ ශ්‍රී ලාංකිකයෝ ඊශ්‍රායලයේ ඉන්නවා. ඒ අයට යම් තර්ජනයක් වුණොත් ඒ අයට සහන සේවා වෙනුවෙන් වෙන්කර තිබෙන්නේ ඇමෙරිකන් ඩොලර් තිස්දාහයි. එක්කෙනෙක් වෙනුවෙන් ඩොලර් පහක් වගේ ප්‍රමාණයක්. හැමදෙනාම තර්ජනයට ලක්වෙනවා කියලා අපි කියන්නේ නැහැ. නමුත් මෙවැනි වෙලාවක ලාංකිකයන් මුහුණ දිය හැකි විශාල අවදානමක් තිබියෙදී වෙන්කර තිබෙන්නේ ඉතාම සොච්චම් මුදලක්. මෙය ඉතාම කණගාටුදායක තත්වයක්. ඊයේ පෙරේදා ජනාධිපතිවරයා චීනයේ ඇතුළු රටවල් ගණනාවක ගියා. අනවශ්‍ය පුද්ගලයෝ විශාල පිරිසක් රැගෙන ගියා. තමන්ගේ කාර්යාලයේ ලංකාවේ ප්‍රධානියත් යන යන තැන එක්කරගෙන යනවා. ඒ ගමන්වලට ඩොලර් කීයක් වෙන්කරනවාද? එක ටිකට් එකකට කොයිතරම් වෙන් කරනවාද? පසුගිය කොරෝනා කාලයේ ලාංකිකයෝ පාරවල්වල දුක්වින්දා. විදේශ රටවල සිටි ලාංකිකයෝ විශාල ලෙස අපහසුතාවයට පත්වුණා. මේ පාලකයෝ ඒවා දිහා බැලුවේ නැහැ. රට විරුවෝ කියල කිව්වට ඔවුන්ට සලකන්නේ එහෙම. මේ නොසැලකිල්ලට අපි විරෝධය පළ කරනවා.
ඒ වගේම මේ දිනවල ලාංකිකයෝ විසිට් වීසාවලින් රට යනවා. අපි ඔවුන්ට කියනවා විසිට් වීසාවලින් රැකියා සොයා යාමෙන් පරිස්සම් වෙන්න කියලා. එහෙම ගෙනයාමේ ජවාරමක් සිදුවෙනවා. යුරෝපයට ගියත් හොඳින් කරුණු සොයලා යන්න. අපිට වාර්තා වෙන විදියට අවම වශයෙන් වැටුප ස්විස් ක්රෝන 27360ක් නැත්නම් ඒ රටේ විදේශිකයෙකුට ඉන්න දෙන්නේ නැහැ. එවැනි වැටුපක් ලැබෙන්නේ නැති නිසා දැනට ඒ රටේ ඉන්න ශ්‍රී ලාංකිකයින්ට ගැටලු මතුවෙලා තිබෙනවා. ඒ නිසා තමන් දුක්මහන්සියෙන් උපයාගත් මුදල් ජාවාරම්කාරයින්ට දෙන්න කලින් හොදින් හොයා බලන්න කියලා අපි ඉල්ලනවා.
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු:-
අපි හැකි සෑම විදෙස් රටකම ජාතික ජන බලවේගය ලෙසටත්, එතෙර අපි සංවිධානය ලෙසටත් අපේ සංවිධාන ජාලයක් පවත්වාගෙන යනවා. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ව සංවිධානය කිරීම අපේ එක් ප්‍රධාන කාර්යක්. ඔවුන් ලංකාවෙන් අයින් වුණු අය නෙවෙයි. අපට විදේශ විනිමය ගේන්නේ විදෙස්ගත ලාංකිකයෝ. වාර්ෂිකව බිලියන හතක, අටක මුදලක් ලංකාවට එවනවා. ඔවුන්ගේ සුරක්ෂිතතාවය, ඔවුන් ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට එකතු කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව නිරන්තර සංවාදයක අපි ඉන්නවා. ශ්‍රී ලංකාව වැටී තිබෙන අභාග්‍යසම්පන්න තත්තවයෙන් ගොඩගන්න ලක්ෂ තිස්පහක, හතළිහක පමණ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් අපි සංවිධානය කරනවා. රැකියාවලට ගිය, ඉගෙන ගන්න ගිය, පදිංචියට ගිය අය ඉන්නවා. ලංකාව සංවර්ධන ක්‍රියාවලියේදී ඔවුන්ව දායක කරගැනීමට ඉදිරියේදී අපි කටයුතු කරනවා. ඒ අය දැනුවත් කිරීමට තමයි සංවිධාන කටයුතු කරන්නේ. ඒ වෙනුවෙන් තමයි ජාතික ජන බලවේගයේ අනුර දිසානායක සහෝදරයා ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලාංකික හමු කිහිපයක් ආමන්ත්‍රණය කරන්න ගියේ.
මේ කැබිනට් සංශෝධනයක් නොවෙයි. ඇමතිවරු එහෙට මෙහෙට මාරු කිරීමක්. මේක පය බරවායට පිටිකර බෙහෙත් බඳිනවා වගේ වැඩක්. ඒක රටේ ප්‍රශ්න විසඳන එකක් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. රටේ තිබෙන ප්‍රශ්න නිසා බොහෝ අය රට හැර යන තැනට පත්වී තිබෙනවා. වෛද්‍යවරයෙකුට, ඉංජිනේරුවෙකුට, පරිගණක තාක්ෂණය හදාරපු කෙනෙකුට පිටරටක ඉල්ලුමක් තිබෙනවා. ඔවුන්ට වීසා හදාගැනීමට පහසුකමක් තිබෙනවා. මේ රටේ ජීවත්වීමේ අපහසුවෙන් ඉන්න කම්කරුවන්ට, ධීවර ජනතාවට, ගොවි ජනතාවට එහෙම යාමේ අවස්ථාවක් නැහැ. දැන් කළ යුත්තේ වෘත්තිකයෝ රට දමා යන එක නොවෙයි. සෞඛ්‍ය සේවය අභාග්‍ය තත්වයට ඇද දමපු, රට අසරණ කළ මේ ඇමති මණ්ඩලය රට පටවලා, රට යන මිනිස්සු ලංකාවට එන්න ඕනෑ. මේ යන වෘත්තිකයෙක්ව නැවත හදන්න කොයිතරම් මහන්සි විය යුතුද? මේ දේශපාලන සංස්කෘතිය වෙනස් නොකර මේ රට හදන්න බැහැ කියන එක තමයි ඇමති මණ්ඩලය එහෙට මෙහෙට යවලා ඔප්පු කරන්නේ. ඔය කාඩ් කුට්ටම කොහෙට ඇනුවත් ප්‍රතිඵලය මොකක්ද? ජනතාවට ලයිට් බිල ගෙවා ගන්න බැරිව, බඩු මිල වැඩිවෙලා පීඩනයට පත්වෙන එක විතරයි. ඔය අය මොන ඇමති ධුරය දැරුවත් බදු බර දරන්නේ රටේ ජනතාව. පිටරටවල වැඩ කරන අපේ ශ්‍රමිකයන්ට. විදෙස් ගත ලාංකිකයන් කියන්නේ අපි රට වෙනුවෙන් සෑම දෙයක්ම කරන්න කැමතියි; නමුත් මේ රටේ පාලනය වෙනස් නොකර මොනවත් කරන්න බැහැ කියලා.
ආචාර්යවරුන්ගේ හිඟය, අනධ්‍යයන කාර්ය මණ්ඩල පුරප්පාඩු ඇතුළු විවිධ හේතු නිසා අර්බුදයට ලක්ව ඇති ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය සම්බන්ධයෙන් සියලු විශ්වවිද්‍යාල නියෝජනය කරන අනධ්‍යයන හා පරිපාලන ක්ෂේත්‍රයට අයත් වෘත්තීය සමිති 23ක නියෝජිතයෝ ඊයේ(25) ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජනබලවේගයේ නායකයින් සමග සාකච්ඡාවක නිරත වූහ. මෙම සාකච්ඡාව සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එහි ජාතික විධායක සභිකයින් වන ආචාර්ය […]
ආචාර්යවරුන්ගේ හිඟය, අනධ්‍යයන කාර්ය මණ්ඩල පුරප්පාඩු ඇතුළු විවිධ හේතු නිසා අර්බුදයට ලක්ව ඇති ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය සම්බන්ධයෙන් සියලු විශ්වවිද්‍යාල නියෝජනය කරන අනධ්‍යයන හා පරිපාලන ක්ෂේත්‍රයට අයත් වෘත්තීය සමිති 23ක නියෝජිතයෝ ඊයේ(25) ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජනබලවේගයේ නායකයින් සමග සාකච්ඡාවක නිරත වූහ.
මෙම සාකච්ඡාව සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එහි ජාතික විධායක සභිකයින් වන ආචාර්ය හරිනි අමරසූරිය, වසන්ත සමරසිංහ සහ අනුර කරුණාතිලක සහභාගි වී සිටි අතර ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය අර්බුදකාරී තත්වයෙන් මුදා ගැනීම සඳහා විශ්වවිද්‍යාල වෘත්තීය සමිති විසින් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ගයන්ට ජාතික ජන බලවේගයේ සහය ලබා දෙන බව මෙහිදී ප්‍රකාශ විය.
-Colombo, October 26, 2023- ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පොල් ස්ටෙපෙන්ස් (Paul Stephens) සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් වන විජිත හේරත් හා ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ඊයේ(25) පෙරවරුවේ කොළඹ හෝර්ටන් පෙදෙසේ පිහිටි මහ කොමසාරිස් නිල නිවසේදී සිදු විය. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික සහ දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් විය. […]
-Colombo, October 26, 2023-
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පොල් ස්ටෙපෙන්ස් (Paul Stephens) සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් වන විජිත හේරත් හා ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ඊයේ(25) පෙරවරුවේ කොළඹ හෝර්ටන් පෙදෙසේ පිහිටි මහ කොමසාරිස් නිල නිවසේදී සිදු විය.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික සහ දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් විය. විශේෂයෙන් පීඩාවට පත් ජනතාවගේ විරෝධය යටපත් කිරීම සඳහා ආණ්ඩුව විසින් ගෙන ඒමට සූදානම් වන ත්‍රස්ත විරෝධී සහ සමාජ මාධ්‍ය මර්දන පනත් පිළිබඳව ජාතික ජන බලවේගය විසින් තානාපතිවරයාගේ අවධානයට ලක් කරවන ලදී. ශ්‍රී ලංකාවේ මැතිවරණ නොපැවැත්වීම, කල්දැමීම සහ මගහැරීමේ උත්සාහයන් පිළිබඳවද මෙහිදී ජාතික ජන බලවේගයේ නියෝජිතයින් විසින් අවධානයට ලක් කර ඇත.