(-‘රට හදන අපි එකට මාලිමාවට’ ජයග්‍රාහී වන්නි දිස්ත්‍රික් ජනතා රැලිය – 2024.11.10 – වව්නියාව නගර සභා පිටිය-) අපි කවුරුත් දන්නවා නොවැම්බර් 14 වෙනිදා පාර්ලිමේන්තුව සඳහා අලුතින් මන්ත්‍රීවරු පත් කර ගැනිමේ මැතිවරණය පැවැත්වෙනවා. අපි ඔබ හමුවීමට පැමිණියේ එම මැතිවරණයේ දී මෙම වන්නි දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවලා මන්ත්‍රීවරු ගණනාවක් පාර්ලිමේන්තුවට එවන්න කියලා ඉල්ලන්නයි. පසුගිය සැප්තැම්බර් […]
(-‘රට හදන අපි එකට මාලිමාවට’ ජයග්‍රාහී වන්නි දිස්ත්‍රික් ජනතා රැලිය – 2024.11.10 – වව්නියාව නගර සභා පිටිය-)
අපි කවුරුත් දන්නවා නොවැම්බර් 14 වෙනිදා පාර්ලිමේන්තුව සඳහා අලුතින් මන්ත්‍රීවරු පත් කර ගැනිමේ මැතිවරණය පැවැත්වෙනවා. අපි ඔබ හමුවීමට පැමිණියේ එම මැතිවරණයේ දී මෙම වන්නි දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවලා මන්ත්‍රීවරු ගණනාවක් පාර්ලිමේන්තුවට එවන්න කියලා ඉල්ලන්නයි.
පසුගිය සැප්තැම්බර් 21 වනදා අපේ රටේ දේශපාලනයේ විශාල තරගයක් ඇති වී තිබුණා. එම ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපතිතුමා මේ වව්නියාවට ආවා. වන්නියේ ජනතාවත් යම් ප්‍රමාණයකට ඡන්දය දුන්නා. නමුත් මෙවර ඔබ ඡන්දය ලබා දෙනවද? ඒ විතරක් නොවෙයි පසුගිය ජනාධිපතිවරණයේ දී විපක්ෂනායකතුමත් මේ වව්නියාවට ආවා. දැන් මේ ඡන්දයට එනවද? නැහැ. ඇයි ඒ, ඒ අය දිනන්න විතරයි ඡන්ද කරන්නේ. පසුගිය ජනාධිපතිවරණයේදී මේ වන්නි දිස්ත්‍රික්කයේ ජනතාව අපට 21,000ක් ඡන්දය ලබා දුන්නා. ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයට එය විශාල පිටිවහලක් වුණා. හැබැයි අපි එදා වන්නි දිස්ත්‍රික්කයේ පරාජය වුණා.
මේ වන්නි දිස්ත්‍රික්කයේ විවිධ ජන කණ්ඩායම් අනුව දේශපාලනය බෙදී තිබෙනවා. මුස්ලිම් ජනතාව ඉලක්ක කරගත් මුස්ලිම් පක්ෂ තිබෙනවා. ඒ අය පසුගිය ජනාධිපතිවරණයේ දී විපක්ෂනායකතුමාට සහාය දුන්නා. දෙමළ ජනතාව ඉලක්ක කරගත් දෙමළ පක්ෂ තිබෙනවා. ඔවුන්ත් විපක්ෂනායතුමාගේ වේදිකාවට නැග්ගා. ඒ වගේම දෙමළ ජනතාව කේන්ද්‍ර කරගත් තවත් පක්ෂ තිබුණා. ඔවුන් හිටපු ජනාධිපතිතුමාගේ වේදිකාවට නැග්ගා. හැබැයි දෙමළ, මුස්ලිම් කිසිදු භේදයකින් තොරව එක තනි පක්ෂයක් මේ වන්නියට තරග වැදුණා. ඒ තමයි ජාතික ජන බලවේගය. ඔබ ජාතික ජන බලවේගයට ඡන්ද 21,000ක් ලබා දුන්නා. එය ජාතික ජන බලවේගය ලබාගත් විශාල ජයග්‍රහණයක්.
අපේ රට හැම අතින්ම බෙදිලා තිබෙන රටක්. සිංහල, දෙමළ, මුස්ලිම් යනුවෙන් බෙදිලා. හින්දු, ඉස්ලාම්, කතෝලික, බෞද්ධ කියලා බෙදිලා ඉන්නවා. විවිධ කුල බේදීම්ද තිබෙනවා. මේ විදියට බෙදලා අපේ රටට ඉදිරියට යන්න බැහැ. ජාතික ජන බලවේගය අපේ ආණ්ඩුවේ ප්‍රධාන අපේක්ෂාව මේ සියලු බෙදීම් අවසන් කිරීමයි. කථා කරන භාෂාව අනුව, අදහන ආගම අනුව තමන්ගේ සංස්කෘතිය අනුව ජනතාව බෙදුණු යුගය අපි අවසන් කළ යුතුයි. එහි ආරම්භක පියවර තමයි දේශපාලන මතවාදයක් ලෙස, දේශපාලන ව්‍යපාරයක් ලෙස සියලු ජනතාව එක කොඩියක් යටතට එන්න ඕනෑ. ජාතින් හැටියට බෙදිලා දේශපාලනය කරලා එකතු වෙන්න බැහැ.
එකතු කරන්න නම් සියලු ජාතින් සිටින සහ ඔවුන්ගේ නායකයින් සිටින එක ව්‍යාපාරයක් හදන්න ඕනෑ. එම ව්‍යාපාරය ජාතික ජන බලවේගයයි. ඔබ මේ වන්නි දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරු කිහිප දෙනෙක් අපට එවනවා නම් සහතික වශයෙන් එම තුන්දෙනා සිංහල, දෙමළ, මුස්ලිම් වශයෙන් නියෝජනයන කරන බව අපට විශ්වාසයි. අප ජයග්‍රහණය කළ යුත්තේ එලෙසයි. සිංහල අය සිංහල පක්ෂ තෝරන, මුස්ලිම් අය මුස්ලිම් පක්ෂ තෝරන යුගය අපි අවසන් කළ යුතුයි. අපි සිංහල, මුස්ලිම්, දෙමළ ජනතාව එක කොඩියක් යටතේ සමගි කරවිය යුතුයි. එය කළ හැකි බවට විශාල විශ්වාසයක් අපට තිබෙනවා.
පසුගිය ජනාධිපතිවරණයේ දී මේ වන්නි දිස්ත්‍රික්කයේ ජීවත්වන ජනතාවට අපි ජයග්‍රහණය කරනවා කියලා විශ්වාසයක් තිබුණේ නැහැ. අපේ කැමැත්ත නොවුණට අපේ ව්‍යාපාරය විශාල වශයෙන් දකුණේ සිංහල ජනතාව කේන්ද්‍ර කරගෙන පැවතියා. දෙමළ භාෂාව කථා කරන ජනතාව වෙත අපේ පණිවිඩය ලැබුණේ නැහැ. දෙමළ, මුස්ලිම් ජනතාව ජීවත්වන ගම්වල අපේ දේශපාලන ක්‍රියාකාරිත්වය ප්‍රබලව තිබුණේ නැහැ. දෙමළ භාෂාව කතා කරන ජනතාව බලන රූපවාහිනි නාලිකා, පුවත්පත් තුළ අපි ඒ තරම් හිටියේ නැහැ. ඒ නිසා ජනාධිපතිවරණදී අපි ජයග්‍රහණය කරන ව්‍යාපාරය බවට එම ජනතාවට හැඟීමක් තිබුණේ නැහැ. ඒ නිසා එම ජනතාව තුළ අලුත් අපේක්ෂාවක්, අලුත් බලාපොරොත්තු සහිත ව්‍යාපාරයක් බවට අප පත්ව තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන් පැරණි ඒවා තෝරා ගත්තා.
නමුත් සැප්තැම්බර් 21 වනදා ජාතික ජන බලවේගය ජයග්‍රහණය කර දිනන පක්ෂය, ආණ්ඩු හදන පක්ෂය ජාතික ජන බලවේගය කියලා ජනතාව තුළ විශ්වාසයක් ඇති කළා . මා හිතනවා එම ජයග්‍රහණයෙන් වැඩිම උද්දාමයට පත් වුණේ, වැඩිම අවධානයක් යොමු වුණේ උතුරේ ජනතාවගේයි. ඔවුන් අවදිවීමට පටන් ගත්තා. මේ රට ගොඩනැගීම සඳහා සමත්වන ව්‍යාපාරයක් තිබෙන බවට විශ්වාසය දැන් ඔවුන් තුළ ගොඩනැගී තිබෙනවා. ඒක කොච්චරද කියනවා නම් දැන් අනිත් පක්ෂවලටත් කියන්න වෙලා තිබෙනවා දිනුවට පස්සේ මාලිමාවේ ආණ්ඩුවට යනවා කියලා. අද ජාතික ජන බලවේගය ජනතාවගේ විශ්වාසය දිනාගත් ව්‍යාපාරය බවට පත්වෙලා තිබෙනවා. වෙනම ආණ්ඩු හදනවා, වෙනම අමාත්‍ය ධුර ගන්නවා, හිටපු ජනාධිපතිතුමාට සහාය දෙනවා, විපක්ෂ නායකතුමාට සහාය දෙනවා කියලා දැන් ඔවුන්ට කියන්න බැහැ.
අපිට එක දෙයයි කියන්න තියෙන්නේ. දැන් බස් එක මිස් වුණා පරක්කුයි. ඒ නිසා දැන් අපට තිබෙන්නේ උතුර, දකුණ, නැගෙනහිර සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ජනතාව සියලුදෙනා සමගි කරන සියලුදෙනා එක තැනකට ගේන දේශපාලන ව්‍යාපාරය ජයග්‍රහණය කරවීමයි. ඒ තමයි මාලිමාවේ ජයග්‍රහණය. මාලිමාවේ ජයග්‍රහණය යනු පෞද්ගලිකව මගේ ජයග්‍රහණයක් නොවෙයි. මේ වේදිකාවේ සිටින අපේ ජයග්‍රහණයක් නොවෙයි. මේ රටේ සියලු ජනතාවගේ ජයග්‍රහණයක්. මේ රටේ ජයග්‍රහණයක්. ඒ නිසා රටේ ජයග්‍රහණය වෙනුවෙන් උතුරේ ජනතාව, මේ වන්නි දිස්ත්‍රික්කයේ ජනතාව ගත යුතු තීන්දුව වන්නේ ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරවීමයි.
අපට කරන්න වැඩ ගොඩක් තිබෙනවා. අපි දන්නවා අපේ රට ගොඩනගන්න නම් ජාතික සමගිය ගොඩනැගිය යුතුයි. මම හිතනවා උතුරේ ජනතාවගේද, දකුණේ ජනතාවගේද, නැගෙනහිර ජනතාවගේද විශ්වාසය දිනාගත් පක්ෂයක් ජයග්‍රහණය කරනවා කියන්නේ ජාතික ප්‍රශ්නයෙන් භාගයක් විසඳීමයි. වෙනදා වුණේ දෙමළ ජනතාව දෙමළ පක්ෂයක් තෝරා ගන්නවා, මුස්ලිම් ජනතාව මුස්ලිම් පක්ෂයක් හා සිංහල ජනතාව සිංහල පක්ෂයක් තෝර ගන්නවා. මේ විදිහට බෙදිලා දේශපාලන කළා. බෙදිලා දේශපාලනය කරලා එකතුවෙලා රටක් හදන්න බැහැ. ජාතික ජන බලවේගය සිංහල, මුස්ලිම්, දෙමළ සියලුදෙනාගේ විශ්වාසය දිනාගත් ව්‍යාපාරයයි. ලංකා ඉතිහාසයේ පළමු වතාවට සියලු ජනතාව එක කොඩියක් යටතට ඇවිත් තිබෙනවා. සමගියේ මාවත එයයි. එවන් ආණ්ඩුවක් ගොඩනගාගත් විට අනෙක් ප්‍රශ්න විසඳීමට පහසුයි.
එහෙම නැත්නම් උතුරේ ජනතාවට ඉඩම් දෙන විට දකුණේ ජනතාව කෑ ගහනවා. දකුණේ ජනතාවට ඉඩම් දෙන විට උතුරේ ජනතාව කෑ ගහනවා. මේ සියලුදෙනාගේ නායකත්වය ගත හැකි ව්‍යාපාරයක් තිබෙනවා නම් මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. විවිධ ආරක්ෂක හේතුන් මත පවරාගෙන තිබෙන උතුරේ ජනතාවට හිමි ඉඩම් අපි යළි එම ජනතාවට ලබා දෙනවා. දකුණේ ජනතාවගේ විරෝධයක් එයිද? නැහැ. ඔවුන් අපිව විශ්වාස කරනවා. මේ රට ගොඩනැගෙන්නේ එවිටයි.
ඒ විතරක් නෙවෙයි අපි දන්නවා. උතුරේ යුද්ධයක් තිබුණා. විශාල විනාශයක් සිදු වුණා. හැබැයි දේශපාලන සිරකරුවන් ඉන්නවා. නීතිපතිතුමාගේ උපදෙස් මත ඔවුන් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට සූදානම්. දකුණ විරුද්ධ වෙයිද? නැහැ. සමඟි සම්පන්න දකුණක්. එදා එහෙම නෙවෙයි. උතුරේ එහෙම එකක් වෙනකොට දකුණ විරුද්ධ වෙනවා. ඇයි බෙදිලා තියෙන්නේ. බෙදිලා දේශපාලනය කරලා තියෙන්නේ. වෙන් වෙලා දේශපාලනය කරලා තියෙන්නේ. එතකොට ප්‍රශ්න දිහා බලන්නේ වෙන වෙනම.
දැන් අපි එකතුවෙලා ඉන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා මන්නාරමේ එහා කෙළවරේ පේසාලේ පැත්තේ විශාලම රැකියාව තමයි ධීවර රැකියාව. හැබැයි මොකක්ද සිදු වී තිබෙන්නේ? විශාල ප්‍රමාණයකින් ඒ මත්ස්‍ය සම්පත ඩැහැ ගන්නවා. විනාශකාරී ආම්පන්න ක්‍රම භාවිත කරනවා. අපේ මත්ස්‍ය සම්පත බිහි වීමේ පරිසරය මුළුමණින්ම විනාශ කරනවා. අපි ආණ්ඩුවක් ලෙස පෙනී සිටින්නේ අපේ ධීවර ජනතාවගේ අයිතිය වෙනුවෙන්. උතුරේ ධීවර ජනතාවගේ අයිතිය ආරක්ෂා කර ගැනීම සඳහා ගත හැකි සෑම පියවරක්ම අපි ගන්නවා. එය ඉටු කිරීමට අප සමත් වෙන්නේ නැත්නම් ඔවුන් හිතනවා දකුණේ ආණ්ඩු ඔවුන් ගැන හිතන්නේ නැහැ කියලා. ඒ නිසා ඒ ආරක්ෂාව අපි තහවුරු කළ යුතුයි.
ඒ වගේම අපි දන්නවා විවිධ සමාගම් සමඟ ඉතා අහිතකර ගිවිසුම් අත්සන් කර තිබෙනවා. සූර්යාලෝකය ඉස්සර වාණිජ සම්පතක් නොවුණත් මේ වන විට වාණිජ සම්පතක් බවට පත් වෙමින් තිබෙනවා. සූර්යාලෝකය යනු සියලු නිමැවුම්වල ආරම්භකයායි. අද ප්‍රධාන දේ පුනර්ජනනීය බලශක්තිය. සෝලා පවර්. මේ ඉර පායන්නේ අපේ භූමිය උඩින්. මේ සූර්යාලෝකය අපේ බලය. එය තුට්ටු දෙකට විකිණීමට අපි ඉඩ දෙන්නේ නැහැ ඒ ගිවිසුම් යළි සමාලෝචනය කරනවා. මේ සම්පත් මේ රටේ සංවර්ධනයට, අපේ රටේ ජනතාවගේ අභිවෘද්ධියට අපි උපයෝගී කර ගත යුතුයි. ඒ වෙනුවෙන් කටයුතු කරන්න අපි සූදානම්.
ඒ වගේම අපි දන්නවා මේ වන්නි දිස්ත්‍රික්කය විශාල කෘෂිකාර්මික දිස්ත්‍රික්කයක්. නමුත් වතුර ප්‍රශ්නයක් තිබෙනවා. යම් දේශපාලන ප්‍රශ්නත් තිබෙනවා. ආරම්භයක් ලෙස උතුරු මැද මහ ඇල ව්‍යාපෘතිය අපි නැවත ආරම්භ කර තිබෙනවා. එම ව්‍යාපෘතිය උතුරටත් වතුර දිය හැකි ව්‍යාපෘතියක්. ඉරණමඩු ජලාශයත් වතුරෙන් පුරවන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නයක් තිබෙනවා. ඉරණමඩුවට වතුර එපා කියලා එහේ දේශපාලකයෝ කියනවා. ඉරණමඩුවට වතුර දෙන්න එපා කියලා දකුණෙනුත් කියනවා. සාධාරණ නැහැ. මේ බිම් අපේ බිම්. මේ අපේ ගොවි ජනතාව. ඒ නිසා ඔවුන්ගේ වතුර ප්‍රශ්නය විසඳීමට අපි කටයුතු කරනවා.
මේ වන විටත් අපි ගොවි ජනතාවට පොහොර සහනාධාරය රුපියල් පහළොස් දහසේ සිට විසිපන්දහස දක්වා වැඩි කළා. විශ්‍රාමිකයන්ගේ දීමනාව රුපියල් තුන් දහසකින් වැඩි කළා. අපි ඉදිරිපත් කරන පළමු අයවැය ලේඛනයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරනවා. මුහුදු යන ධීවර ජනතාවට අපි ඉන්ධන සහනාධාරයක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි. අසාධාරණයට ලක් වෙලා අස්වැසුම නොලැබෙන කණ්ඩායමක් ඉන්නවා. නැවත සමාලෝචනයට ලක් කර ඔවුන්ට ඒ ආධාර ලබා දෙනවා. අපි දන්නවා ආදායම් මාර්ග නැති , දරුවන්ට උගන්වන්න තරම් වත්කමක් නැති ජනතාව දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ විශාල වේදනාවකින් ඉන්නවා. ඊළඟ වසරේ පළමු වාරය පටන් ගන්නේ ජනවාරි 27 වැනිදායි. එදිනට පෙර ඒ පාසල් දරුවන්ට පාසල් පොත්, උපකරණ මිල දී ගැනීම සඳහා දීමනාවක් ලබා දෙනවා.
හැබැයි මේ සහනාධාරවලින් හැමදාම ජනතාව ජීවත් විය යුතු නැහැ. ඔවුන්ට ආර්ථික හැකියාවක් හදන්න ඕනෑ. ඒ නිසා අපේ ආණ්ඩුවේ ප්‍රධානම ව්‍යාපෘතිය ග්‍රාමීය ජනතාව දුප්පත්භාවයෙන් මුදවා ගැනීමයි. ඒ සඳහා විශාල වැඩසටහනක් සකස් කර තිබෙනවා.පෞද්ගලිකව මම ගත්තත් දුප්පත්භාවයේ වේදනාව දන්නවා. හරිහමන් ආහාර වේලක් නැත්නම් , බෙහෙත් හේත් ගන්න විදියක් නැත්නම්, දරුවන්ට උගන්වන්න විදියක් නැත්නම්, මානසික නිදහසක් නැත්නම්, මූණේ හිනාවක් නැත්නම් ඒ ජීවිතවලින් ඇති ඵලය මොකක්ද? ඒ නිසා මේ දුප්පත්භාවය අපේ රටෙන් තුරන් කළ යුතුයි.
හැබැයි ඔවුන්ට කවදාවත් ඒ ඕනෑකම තිබුණේ නැහැ. ඒ පාලකයාගේ පැවැත්ම වුණේ දුප්පත්භාවයයි. ජනතාව දුප්පත්. ඡන්දයකදී හාල් කිලෝ දෙකක්, වැසිකිළි පෝච්චියක්, තහඩු දෙන්නම් ඡන්දය දෙන්න කියා කියනවා. ඔවුන්ගේ බලයේ රහස දුප්පත්භාවයයි. ජනතාව දුප්පත් නම් ඔවුන්ට ඡන්ද ගන්න ලේසියි. ඒ නිසා අපේ රටේ දුප්පත්භාවය කවදාවත් ඔවුන් තුරන් කළේ නැහැ. ජාතික ජනබලවේගයේ අපේ ආණ්ඩුව දුප්පත්භාවය තුරන් කරනවා. ඒක අපි කරන්නේ නැත්නම් කවුද කරන්නේ? අපි දුප්පත්භාවය දන්න, එහි වේදනාව දැකපු මිනිස්සු. මේක වෙනස් කළ යුතුයි. ඒ නිසා අපේ ආණ්ඩුවේ ප්‍රධානම ව්‍යාපෘතිය ග්‍රාමීය දුප්පත්භාවයෙන් ජනතාව මුදා ගැනීමයි.
ග්‍රාමීය දුප්පත්භාවයත්, අධ්‍යාපන පසුගාමීත්වයත් නිසා අපේ ජනතාව විවිධ අපචාරයන්ට ගොදුරු වෙනවා. නීති විරෝධී මත්ද්‍රව්‍ය, මත්පැන් ගම් විනාශ කරමින් පැතිරෙනවා. එවැනි දේට ඇබ්බැහි වූ දරුවෙක් ගෙදරක හිටියොත් ඒ පවුලම ඉවරයි. ඒ ගමම ඉවරයි. ඒ නිසා අපි ඔවුන් මෙයින් මුදා ගත යුතුයි. අපි සහතික වශයෙන් මත්ද්‍රව්‍යවලින් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා. අපේ දරුවන්ගේ අනාගතය අපි බලා ගන්නවා. අපේ රටේ මත්ද්‍රව්‍ය හදන්නේ නැහැ. මේ එන්නේ පිටින්. මේ සියල්ල වළක්වනවා. දරුවන්ගේ අනාගතය පිළිබඳ වගකීමක් සහිත රටක් හදන්න ඕනෑ. දෙමාපියන්ට දරුවන් පිළිබඳ සැකයක් නැති රටක් අපි හදන්න ඕනෑ. ඒ රට අපි හදනවා.
ඒ වගේම දුප්පත්භාවයත් සමඟ දරුවන්ගේ අධ්‍යාපනය ගැට ගැසී තිබෙනවා. දෙමව්පියෝ දුප්පත් නම් දරුවන්ට අධ්‍යාපනයක් නෑ. ඒ අනුව ගම්වල දුප්පත්භාවයෙන් මුදවා ගන්න නම් හොඳ අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. අධ්‍යාපනය තිබුණොත් ගමේ දුප්පත්භාවයෙන් ඒ දරුවාගේ පවුලට උඩට එන්න පුළුවන්. දුප්පත්භාවය තුරන් කිරීමට අධ්‍යාපනය ප්‍රධානම මෙවලමක්. අපි අධ්‍යාපනයේ විශාල ප්‍රතිසංස්කරණයක් ඇති කරනවා. දරුවන්ගේ අධ්‍යාපනය දෙමව්පියන්ගේ බරෙන් අපි නිදහස් කර ගන්නවා. දුප්පත්භාවය තුරන් කිරීමේ අභියෝගය අපි ජයග්‍රහණය කරනවා.
අපි එකක් දන්නවා. පැරදුන අය කවදාවත් හිතුවේ නැහැ පරදියි කියලා. අපේ රටේ පාලන බලය සීමිත පවුල් කිහිපයක් අතරයි තිබුණේ. හැබැයි සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ඒ දූෂිත , විනාශකාරී පවුල් සංස්ථාවෙන් පොදු ජනතාව අතට බලය මාරු වුණා. ඔවුන් එය කවදාවත් සිතුවේ නැහැ. ඒ නිසා ඔවුන්ට එය දරා ගන්න බැහැ. වේදනාවෙන් කෑ මොර දෙනවා. සති තුනෙන්, මාස තුනෙන්, අවුරුද්දකින් වට්ටනවලු. නමුත් මේ ආණ්ඩුව මේ රට හදලා මිස ආපසු හැරෙන්නේ නැති බව මතක තියා ගන්න. මේ දේශපාලන ව්‍යාපාර සියල්ල දිය වෙන්න පටන් ගන්නවා. ජනාධිපතිවරණයේදී ගත්තාට වඩා එක ඡන්දයක් වැඩියෙන් අරන් පෙන්නන්න කියලා මම ඔය වට්ටනවා කියන අයට කියනවා. මොන වැට්ටිලිද? ජනාධිපතිවරණයටත් වඩා බිමට එයාලා වැටෙනවා.
හැබැයි ජාතික ජනබලවේගය ජනාධිපතිවරණයේ දී ගත්තාට වඩා වැඩියෙන් ඡන්දය ගන්නවා. වන්නි දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයේදී තිබුණේ ඡන්ද 21,000යි. මහ ඡන්දේ කොහොමද? ඉතිං වට්ටන්න පුළුවන්ද? ජනතාවගේ විශ්වාසය වැඩියෙන් දිනා ගන්නා පක්ෂය. ඡන්දය නොදුන් ජනතාවත් විශ්වාස කරන පක්ෂය. ඒ නිසා වට්ටන කතා ඔවුන් හිත හදා ගන්න කියන කතා. ජනතාවගේ ගැටලු විසඳමින්, දේශපාලනය පිරිසිදු කරමින්, ජාතික ජනබලවේගය මේ රටේ ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් මේ කටයුත්ත කරනවා.
නොවැම්බර් මාසයේ 14 වෙනිදා තිබෙන්නේ පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ මහා ශ්‍රමදානයයි. අවංක, අදූෂිත, ජනතාවගේ දුෂ්කරතා අසළ සිටි මිනිස්සු නොවැම්බර් මාසේ 14වැනිදාට පාර්ලිමේන්තුවට යවන්න. අපි අලුත් රටක් හදමු. අපි අලුත් දිශාවකට මේ රට පරිවර්තනය කරමු. ඒ වෙනුවෙන් සියලු දෙනා එකතු වෙන්න. ඒ වෙනුවෙන් සියලු දෙනා එක්ව පොර බදමු. මේ සැරේ දිනන්න ඕන දිනිල්ලක් අනිත් අයගේ ඇහැට කඳුළු එන්න. ඇඬෙන්න දිනන්න ඕනෑ.
(-‘රට හදන අපි එකට මාලිමාවට’ ජයග්‍රාහී අනුරාධපුර දිස්ත්‍රික් ජනතා රැලිය – 2024.11.09 – අනුරාධපුර මහජන ක්‍රීඩාංගණය-) අපි ඔබ හමුවීමට පැමිණියේ නොවැම්බර් 14 වැනිදා තිබෙන මැතිවරණයේදී ශක්තිමත් ජයග්‍රහණයක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අරන් දෙන්න කියලා ඉල්ලන්නයි. අද මේ දහස් සංඛ්‍යාත ජනතාවක් අද මේ තැනට ඇවිත් කියාපාන්නේ ජනතාව තීන්දු අරන් ඉවරයි. අපේ රටේ දේශපාලන තීරණාත්මක හැරවුමක් සැප්තැම්බර් 21 වැනිදා […]
(-‘රට හදන අපි එකට මාලිමාවට’ ජයග්‍රාහී අනුරාධපුර දිස්ත්‍රික් ජනතා රැලිය – 2024.11.09 – අනුරාධපුර මහජන ක්‍රීඩාංගණය-)
අපි ඔබ හමුවීමට පැමිණියේ නොවැම්බර් 14 වැනිදා තිබෙන මැතිවරණයේදී ශක්තිමත් ජයග්‍රහණයක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අරන් දෙන්න කියලා ඉල්ලන්නයි. අද මේ දහස් සංඛ්‍යාත ජනතාවක් අද මේ තැනට ඇවිත් කියාපාන්නේ ජනතාව තීන්දු අරන් ඉවරයි. අපේ රටේ දේශපාලන තීරණාත්මක හැරවුමක් සැප්තැම්බර් 21 වැනිදා ලබා ගත්තා. එය සාමාන්‍ය හැරවුමක් නොවෙයි. ලංකාවේ පැරණි දේශපාලන කඳවුරටම විශාල රිදුමක් ගෙන එන දේශපාලන හැරවුමක් වුණා.
අපේ රටේ දූෂිත පවුල් දේශපාලනය පවුලෙන් පවුලට තිබුණේ. පසුගිය වර ජනාධිපතිවරණයට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් ඉදිරිපත් වූ සියලු දෙනාම දේශපාලන ඥාතීන්. මේ අනුරාධපුර දිස්ත්‍රික්කයත් පවුල් දේශපාලනයේ කේන්ද්‍රස්ථානයක් වෙලා තියෙනවා. තාත්තා දේශපාලනේ හිටියා, දියණියත් පාර්ලිමේන්තුව ඉන්නවා. සීයා පාර්ලිමේන්තුවේ හිටියා, තාත්තත් පාර්ලිමේන්තුවේ හිටියා, මුණබුරත් පාර්ලිමේන්තුවෙ ඉන්නවා. තාත්තා පාර්ලිමේන්තුව හිටියා, පුතත් පාර්ලිමේන්තුවෙ හිටියා. හොයලා බලන්න.
සැප්තැම්බර් 21 වෙනිදා මෙවැනි දීර්ඝ කාලයක් දූෂිත ප්‍රභූ පවුල් අතේ කේන්ද්‍ර ගතවී තිබුණු බලය පළමු වතාවට පොදු ජනතාවට මාරු වුණා. මෙය සාමාන්‍ය දෙයක් නෙමෙයි. මහා ධනය එක් රැස් කරගෙන මැතිවරණවලට ධනය පොම්ප කළා. රාජ්‍ය බලය මැතිවරණය සඳහා උපයෝගී කරගත්තා. පොලිස් නිලධාරීන් එකතු කරලා ඡන්ද රැස්වීම් තිබ්බා. තමන් අතේ බලය පවත්වාගෙන යාමට උපරිම රාජ්‍ය බලය භාවිතා කළා. තමන්ගේ වුවමනාවන් හා සමපාත වන මාධ්‍ය කිහිපයක්ම එකතු කරගෙන හිටියා. ඒ නිසාම ජාතික ජන බලවේගයට අවලාද අසත්‍ය බොරු ප්‍රචාර කළා. නමුත් පොදු ජනතාව අප අතර විශ්වාසය ගොඩනගා ජනතාව අතට බලය ලබා ගැනීමට කටයුතු කළා.
පසුගිය දූෂිත ප්‍රභූ පවුල් හැමදාම හිතුවේ ඔවුන්ගේ පවුල්වල බලය රැඳී තිබෙයි කියලා. සේනානායකලා, බණ්ඩාරනායකලා, ජයවර්ධනලා, රාජපක්ෂලා අතේ හැමදාම බලය තියෙයි කියලා හිතුවා. අනුරාධපුරේ පසුගිය පාලකයෙන් ඡන්ද කළ විදිහ මතකද? දහයියාගම හන්දියේ අපේ සහෝදරයන් දෙදෙනෙක් වෙඩි තියලා ඝාතනය කළා. මෙහෙම තමයි දේශපාලන බලය පාවිච්චි කළේ. නැවත ලංකා දේශපාලන භූමියේ මැරයන්ට චණ්ඩින්ට දේශපාලනය කරන්න ඉඩ දෙන්නේ නැහැ. පොදු ජනයා විසින් ගනු ලැබූ තීන්දුව අප ආරක්ෂා කරනවා. අපිට මේ අවස්ථාව ඉතාම අපහසුවෙන් ලැබුණේ. එක් අවස්ථාවක සියයට තුනට වැටුණා. නමුත් අපි කොඩිය අතාරින්නේ නැතුව ඉදිරියටම අරගෙන ආවා.
අපේ රට ඔහේ ගලාගෙන යනවා නම් දේශපාලන නායකත්වයට කරන්න දෙයක් නැහැ. නමුත් අර්බුදයෙන් අර්බුදයට තල්ලු කරමින් තිබෙන රට හොඳ දිසාවට හරවන්න ඕනෑ. අන්න ඒ හොඳ දිසාවට හරවන්න නම් සමීප දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. ඒකට සමීප දේශපාලන නායකයන් අවශ්‍යයි. දැනට අපට තිබෙන්න විධායක ජනාධිපතිකම පමණයි. එය ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා නොවැම්බර් මාස 14වැනිදා ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් අත්පත් කර ගත යුතුයි. ප්‍රබල දැඩි හා සමහර අයට රිදෙන තීන්දු ගන්න වෙනවා. ඒ සඳහා ශක්තිමත් දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. තව බලයක් කේන්ද්‍ර වී තිබෙනවා පළාත් සභාවේ, තව බලයක් කේන්ද්‍ර වී තිබෙනවා ප්‍රාදේශීය සභාවේ. දැනට අප සතුව තිබෙන්නෙ විධායකයේ බලය පමණයි. එය ශක්තිමත් කිරීමට ව්‍යවස්ථාදායකයේ බලය ජාතික ජන බලවේගය අත්පත් කර ගත යුතුමයි. එම නිසා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මාලිමාවෙන් වැඩි කණ්ඩායමක් පාර්ලිමේන්තුව එවිය යුතුයි. එතකොට විපක්ෂය කියනවා අපිව හරි පාරෙ යවන්න ඔවුනුත් යවන්නලු. එයාලා හැමදාම රට ගෙනිච්චෙ වැරදි පාරේ.
හිටපු ජනාධිපතිතුමා හැම තැනම ගිහින් කියනවා පුරුදු අය එවන්න කියලා. අපි එතුමට කියනවා, ඔය පුරුදු අයගේ නම් දහයක් කියන්න කියලා. අපි කියන්නම් ඒ දහදෙනාගෙන් එක් එක්කෙනාගේ වෙනම මොනවටද පුරුදු තියෙන්නේ කියලා. හෙට උදේ නම් දහය කිවුවොත් එයාලගේ පුරුදු මොනවද කියලා අපි හවස කියනවා. ඉඳහිට හරි විපක්ෂයෙන් එක්කෙනෙක් දෙනෙක් හරි පාර්ලිමේන්තුවේ වෙනවනම් ඒගොල්ලොත් එවන්න අලුත් අය. විනාසකාරී අත්දැකීම් සහිත අපරාධකරුවන් එවන්න එපා. අපේ ජාතික ජන බලවේගය කණ්ඩායම පාර්ලිමේන්තුවට අලුත් වුණාට දේශපාලනයට අලුත් නැහැ. අනුරාධපුර මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක පොර බැදිලා මේ මිනිස්සුන්ගේ ගුණ සුවඳ හඳුනන කණ්ඩායමේ ඉන්න ජාතික ජන බලවේගයටයි. ඒ නිසා මේ පාර දිනනවා දිනිල්ලක් ඇඩෙන්නම.
ජනාධිපතිවරණ ඡන්දෙදි පැරදිලා විපක්ෂයේ තියෙන්නෙ හීන් කෙඳිරියක්. නොවැම්බර් 14වැනිදා හරියටම ඇඬෙනවා. විපක්ෂය දන්නවා ඒ අයට මුහුණ දෙන්න තියෙන දේශපාලන අභියෝගයේ ගැඹුර. ඒ නිසා අපේ බලය තහවුරු වෙන්න පෙර කොහොමද කකුල් වෙට්ටුවක් දාන්නේ කියලා බලාගෙන ඉන්නේ. එයාලට මෙවැනි පොදු ජනතාව අතට බලය මාරුවීම සාමාන්‍ය තත්වයක් නොවෙයි. නොවැම්බර් 14 වැනිදා ජයග්‍රහණයෙන් පසුව ඔවුන්ට බයක් තියෙනවා. අපරාධකරුවන් බය වෙන්න ඕනෑ. එනිසා කියනවා මාස තුනෙන් වැටෙයි, මාස හයෙන් වැටෙයි කියලා. නමුත් මතක තියාගන්න අපි මේ රට හදලා මිසක් ආණ්ඩුව වැටෙන්න දෙන්නේ නැහැ කියලා. අපේ බලයේ රහස ජනතාව අප කෙරෙහි තබන විශ්වාසයයි.
දැන් පොල් ටිකක් ගණන් තමයි. ඒ සඳහා අපට ටික කාලයක් දෙන්න. පොල් කියන්නේ දිගුකාලීන බෝගයක්. එක් ගසකින් පොල් ගෙඩි 55 ක් වගේ තමයි එක මුරයකට ලැබෙන්නේ. ඉන්දියාවේ පොල් ගහකින් නම් ගෙඩි එකසිය පනහක් විතර ලබාගන්නවා. අපි වගේ තුන්ගුණයක පොල් ඵලදාවක් ඉන්දියාව ගන්නවා. අපේ වගාව සඳහා නිසි ජල පහසුකම් ලබාදීමට අසමත් වී තිබෙනවා. අවශ්‍ය පොහොර ලබාදීමට අසමත් වී තිබෙනවා. වන සතුන්ගෙන් වෙන හානිය අවම කිරීමට අසමත් වී තිබෙනවා. අද ගමක පොල් ගහක් තිබුණත් ඒ පොල් ගහට මයිටාවන් බෝවෙලා. නැත්නම් කනාටු වෙලා. අපට ආහාරය සඳහා පොල් ප්‍රමාණය හිඟයක් තියෙනවා. ඒ නිසා පොල් ආශ්‍රිත කර්මාන්තකරුවන් සමඟ අපි සාකච්ඡා කරලා ඔවුන්ගේ උපරිම නිෂ්පාදනය නොකර පාරිභෝජනය සඳහා අවශ්‍ය පොල් ටිකක් ලබා ගන්න කටයුතු කළා. එය කෙටි කාලීන විසඳුමක්. පොල් ත්‍රිකෝණයේ පොල් වතු තියෙනවා කිසි නඩත්තුවක් නැතුව. අපි ඒ පොල් වතු හිමිකරුවන් සමඟ සාකච්ඡා කර පොල් වත්ත සංවර්ධනය කරලා අවශ්‍ය ඵලදාව ලබාදෙන්න කටයුතු කරනවා. එහෙමයි ප්‍රශ්න විසඳන්නේ. අවුරුදු හැත්තෑහයක් රට පාලනය කරලා, පොල් වත්ත නාටු වෙනකන් ඉඳලා, පොල් වතු විනාශ කරලා, නොවැම්බර් මාසේ ඇවිත් කියනවා පොල් ගණන් නේද කියලා. නොවැම්බර් 14 වැනිදායින් පස්සේ විපක්ෂයේ කුමන්ත්‍රණ අළුයම ලූ කෙලපිඩක් සේ ඉවත් වෙනවා.
අප දේශපාලනයට ප්‍රමිතියක් ලබා දෙනවා. පසුගිය පාලකයින් තමන්ට රිසි රිසිසේ රට පාලනය කළා. තමන්ට කන්න අවශ්‍ය නම් වෙනම වගා කරලා කෑවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 863ක් තිබෙනවා. මේ අනුරාධපුර ඩිපෝවේවත් ඒ තරම් බස් නැහැ. ජනාධිපතිවරයාට වුවමනා විදිහට උපදේශකවරුන් පත් කරන්න පුළුවන්. පැරදුණාට පස්සෙත් ඔවුන් හිතනවා රිසි රිසිසේ මෙය කරන්න පුළුවන් කියලා. ආරක්ෂකයින් දෙසීයක් අරන් ගිහිල්ලා. වාහනත් අරන් ගිහිල්ලා. ඒ අස්සේ කෝකියෝත් ඉල්ලනවා. කෝකියෝ ඉල්ලපු ගාන බැලුවම මං හිතුවා රෙස්ටුරන්ට් එකක් දාන්න කියලා. හිටපු ජනාධිපතිවරුන්ගේ අපි දැනට කැඳෙව්වේ අනීතිකව තියෙන ඒවායි. පැය 24ම ගිලන් රථයක් මිදුලෙ තියෙන්න ඕනෑ කියලා කිසිම පනතක නැහැ. එහෙම අනීතික දේවල් ගන්නකොට කියනවා මොනවා හරි වුණොත් වගකියන්න ඕනෑ කියලා. අපි මොකටද වගකියන්නේ. අන්න එහෙමයි ඒ අය ජනාධිපතිකම අතහැරලා ගියත් හිතන්නේ.
ජාතික ජන බලවේගය ආණ්ඩුව දේශපාලනය ප්‍රමිතිගතකරණය කරනවා. අපේ රට ශිෂ්ටසම්පන්න රාජ්‍යයක් බවට පත් කරනවා. තාජුඩින්ව ඝාතනය කරලා, ලසන්තව ඝාතනය කරලා, එක්නැලිගොඩලව අතුරුදහන් කරලා දැන් සිල් ගත්ත වගේ ඉන්නවා. කාලයේ වැලිතලා වෙන් යට වී ගිය අපරාධවලට දඩුවම් ලබාදෙනවා. ඒ සඳහා නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කරන්න පුළුවන් නිලධාරීන් අපි පත් කරලා තිබෙනවා. අපරාධකරුවන්ට දඬුවම් ලැබෙන රාජ්‍යයක් බවට රට පත් කරනවා.
ජනතාවගේ ජීවිත ගොඩ ගැනීම සඳහා අප වැඩකටයුතු කරනවා. අස්වැසුම නිසියාකාරයෙන් ලැබුණේ නැහැ කියලා පසුගිය කාලේ කිවුවා. ඒ සඳහා කමිටුවක් පත් කරලා නැවත අස්වැසුම නොලැබුණු පුද්ගලයින් පිළිබඳව සොයා බලමින් ඉන්නවා. එළඹෙන අයවැය ලේඛනයෙන් රාජ්‍ය සේවකයන්ට සාධාරණ වැටුප් වැඩි වීමක් ලබාදෙනවා. හැබැයි වැඩ කරන්නත් ඕනෑ. ආර්ථික අහේනිය නිසා දරුවන්ගේ අධ්‍යාපනයට බාධා කර තිබෙනවා. ඒ නිසා පාසල් දරුවන්ගේ උපකරණ ලබා ගැනීම සඳහා ආදායම් අහිමි පවුල්වල දරුවන්ට පාසල් පොත් ලබා ගැනීම සඳහා දීමනාවක් ලබා දෙන්න අප තීරණය කළා. අපි පළමුවෙන්ම ජනතාව බලාගන්නවා. ග්‍රාමීය දුප්පත්භාවය අපේ රටෙන් තුරන් කරනවා. ග්‍රාමීය ජනතාවට නිසි ආහාර වේලක් නැහැ. ඖෂධයක් ගන්න විදිහක් නැහැ. දුප්පත්භාවයේ ඛේදවාචකය දැකපු මිනිස්සු හැටියට අපි එය තුරන් කරන්නේ නැත්තම් තුරන් කරන්නේ කවුද?
අපේ ආණ්ඩුවේ ප්‍රමුඛතම ව්‍යාපෘතිය දුප්පත්භාවය අහෝසි කිරීමේ ව්‍යාපෘතියයි. විපක්ෂයට දුප්පත්භාවය ඕනැ වුණා. වැසිකිලි පෝච්චියක්, රුපියල් දාහක්, සාරියක් දීලා, ඡන්දය ගන්න දුප්පත්භාවය ඕනැ වුණා. ජාතික ජන බලවේගය පාලන කාලය තුළ අපේ රටේ දුප්පත්භාවය අහෝසි කිරීම සඳහා වන වැඩපිළිවෙළ අපි දියත් කරනවා. අපේ රටේ පොස්පේටි නිධිය පිළිබඳ විද්වතුන් සමඟ අපි සාකච්ඡා කර තිබෙනවා. ආයෝජකයන් සමඟ සාකච්ඡා කර තිබෙනවා. මේ පොස්පේට් කන්දේ පොහොර ව්‍යාපෘති අපි කඩිනමින් ආරම්භ කරනවා. උතුරුමැද මහ ඇල ඉක්මනින් අවසන් කිරීමටත් මහකනදරා වැවට ජලය ප්‍රමාණවත්ව සැපයීමටත් අප උපදෙස් ලබා දී තිබෙනවා. ජලය හිඟ පළාත්වලට අප ජලය ලබා දෙනවා. ආර්ථික වශයෙන් පමණක් නෙවෙයි, අධ්‍යාපන වශයෙනුත් දුප්පත්භාවයෙන් එළියට එන්න පුළුවන්. එම නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරනවා. අධ්‍යාපනය සුවිශේෂී පරිවර්තනයකට ලක් කරනවා.
අපේ රටේ ඩිජිටල්කරණය කිරීම අපි ආරම්භ කර තිබෙන්නේ. රජයෙන් ඕනෑම දෙයක් ලබා ගැනීමේදී ගෙදර සිට ඒ අයදුම්පත යොමු කළ හැකි පරිසරයක් නිර්මාණය කරනවා. ‘පිරිසිදු ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ පරිසරය පමණක් නොවේ මුළු ලංකාවම පිරිසුදු කිරීමට කටයුතු කරනවා. විනයක් සහිත සමාජයක් ස්ථාපිත කරනවා. අපේ රටේ නවතා දමා තිබූ ආයෝජන නැවත පටන් අරගෙන තිබෙනවා. ජපන් රජය ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ සංවර්ධනය සඳහා ඉදිරිපත් වී තිබෙනවා. ඉන්දියාව සමහර ණය ව්‍යාපෘති, ආධාර ව්‍යාපෘති ලෙස කටයුතු කිරීමට එකඟවී තිබෙනවා. රට ජාත්‍යන්තර වශයෙන් විශ්වාසය දිනාගෙන තිබෙනවා. නමුත් රට ක්ලීන් කරන්න කලින් නොවැම්බර් මාසෙ 14වැනිදා පාර්ලිමේන්තුව ක්ලීන් කරලා දෙන්න කියල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
“අපට ලැබී තිබෙන රට නමැති කෙත නිවැරදිව අස්වද්දන්න ඕනෑ”
-ශ්‍රී ලංකා භික්ෂු විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය පූජ්‍ය පානමුරේ චන්දිම හිමි-
අනුරාධපුර නගරයෙන් අවුරුදු 1007කට පසුව මේ රටට පාලකයෙක් බිහිවෙලා තිබෙන අවස්ථාවක්. ඒ පාලකයාගේ සහායට අවශ්‍ය පිරිවර, හදා දෙන මේ අවස්ථාවේ ආමන්ත්‍රණය කරන්නට ලැබීම භාග්‍යයක්. අවුරුදු 74ක තරම් කාලයක් මේ රට පාලනය කළ පාලකයන් මේ රට ඇද දමා තිබෙන තැන අපි දන්නවා. රටේ පාලකයා අධාර්මික වෙනවිට, රටේ පුරවැසියන් අධාර්මික වෙනවා. මෙතෙක් රට පාලනය කළ බහුතරයන් අධාර්මිකයන්. ඒ නිසා අපට පුනරුද යුගයේදී අපේ උරමත විශාල කාර්ය කොටසක් පැවරී තිබෙනවා. ඒ කාර්යයන් මොනවාද යන්න අපි තේරුම් ගන්න ඕනෑ. අපේ දරුවන්ට හොඳ රටක් හදන්න, රට ගොඩනඟන්නට අපි පෙරමුණ ගන්නට ඕනෑ.
අපි හාමුදුරුවරුන් හැටියට අපව පෝෂණය කරන්නේ ඇප උපස්ථාන කරන්නේ ඔබතුමන්ලා. ඒ සියලු ආකාරයෙන් උදව් කරන ඔබට ලෙඩ වුණාම බෙහෙත් ටිකක් ගන්න නැතිනම්, අධ්‍යාපනයක් ලබන්න තැනක් නැතිනම්, ජීවත් වෙන්න සුදුසු පරිසරයක් නැතිනම්, ඇස්කන් පියාගෙන තවදුරටත් සිටින්නට අපට පුළුවන්කමක් නැහැ. එනිසා අපෙන් සිදුවිය යුතු වගකීමක් ලෙස හඳුනාගෙන එම යුතුකම ඉටුකිරීමට අපි ඉදිරිපත් වී සිටිනවා. බුදුරජාණන් වහන්සේ “බහුජන හිතාය, බහුජන සුඛාය” කියා දේශනා කොට තිබෙනවා. ඒ අනුව බොහෝ දෙනාට හිතසුව පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස අපේ චර්යාව හදාගන්න ලෙස අපට උපදෙස් ලැබී තිබෙනවා. ඒ නිසා තමයි ඔබ හමුවී මේ ඉල්ලීම කරන්නේ. අපට ලැබී තිබෙන රට නමැති කෙත නිවැරදිව අස්වද්දන්න ඕනෑ. ඔබ කෙත් අස්වද්දන මිනිස්සු. කෙත නමැති රට ස්වයංපෝෂිත කරලා මේ රට දියුණු රටක් බවට පත්කරමු. රටේ අනාගත දරුවන්ට යහපත් රටක් උදාකරන්නට අපි වෙහෙස වෙමු. රජරට මිනිසුන් හැටියට අපට වගකීමක් තිබෙනවා. රජරට පුරවරයෙන් බිහිවුණු නායකයාට වැඩ කරගන්න සුදුසුම පුද්ගලයන් මාලිමාවේ ඉන්නවා. ඒ සුදුසු අය පාර්ලිමේන්තුවට යවමු. තව දින තුන හතරකින් එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජන බලවේගයට විශිෂ්ට ජයක් ලැබේවා.
“සකස් කළ බිමේ බීජ සිටුවීමට සුදුසු කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි”
-රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පී.ඩී.එම්.කේ. පලිහේන-
අද අනුරාධපුර සල්ගාදු පිටිය එකම හිස්ගොඩක්. අනාගතය ගැන සිතමින් මෙතනට පැමිණ සිටින ඔබ දරුවාගේ අනාගතය ගැන සිතමින්, හෙට දවස ගැන යහපත් සිතිවිල්ලෙන් අපත් සමග එක්වී සිටිනවා. වැඩ කරන, වෙහෙසෙන ජනතාව ඒ අපේක්ෂාව තුළ මේ භූමිය ඵල දරවන්න සූදානම් වෙමින් ඒ සුදුසු කණ්ඩායම නොවැම්බර් 14 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයේදී විශාල ප්‍රතිශතයකින් පාර්ලිමේන්තුවට තෝරා යවන බව විශ්වාසයි. ඔබේත් අපේත් දායකත්වයෙන් ජාතික ජන බලවේගයේ නියෝජිතයන් නව දෙනෙක් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි. ඒ බීජය හිටවලා සාත්තු කොට පවත්වාගෙන යන්න, මේ අවුරුදු පහ තුළ ඒ සම්බන්ධයෙන් වෙහෙසන්න, අවශ්‍ය ජවය ශක්තිය සහිත කණ්ඩායම අනුරාධපුරයෙන් තෝරා ගත යුතුයි. හැකි තරම් මේ දින කිහිපයත් වෙහෙසෙමින් මේ අවුරුදු පහක කාල පරිච්ඡේදය තුළ මේ ගොවිබිම අස්වද්දලා හොඳ ඵලයක් මේ රටට ලබාදෙන බවට මේ පැමිණ සිටින ජනතාව සහතික වෙනවා.
ඒ වගේම මහජන නියෝජිතයන් වශයෙන් පාර්ලිමේන්තුව තුළ, ඔබ වෙනුවෙන් ගත යුතු හොඳම තීරණ අරගෙන, මේ රටට යහපත් හෙට දවසක් සාර්ථකව ගෙවන්න පුළුවන් සමාජ ක්‍රමයක්, මේ රට තුළ බිහිකරන බවට අපි පොරොන්දු වෙනවා. ඒ සුන්දර වුවමනාව වෙනුවෙන් මෙතෙක් අප සමග අත්වැල් බැඳගත්, මෙතෙක් අපේ දේශපාලන ව්‍යාපාරය සමග සම්බන්ධ නොවුණු ආදරණීය ජනතාවගෙන් මේ රටේ අභිවෘද්ධියට අපි සියලු දෙනාම එකතු වෙමුයි ඉල්ලනවා. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය පතනවා.
“ජාතික ජන බලවේගය පිළිබඳව මවා තිබුණු වැරදි කතා සියල්ල දිය වී ගොස් තිබෙනවා”
-ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් විධායක සභික නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත්-
අනුර දිසානායක සහෝදරයා වරෙක කිවුවා ජනාධිපතිවරණය කෙසේ හෝ ගොඩදා ගත්තොත් ඊළඟට වැඩේ සිදුවෙන්නේ කලා වැවේ සොරොව්ව ඇරියා වගේ කියලා. තව දවස් තුනකින් හතරකින් මේ මහ වැස්ස පිරිලා කලාවැව, රාජාංගනේ, පදවිය, නාච්චාදූව වැව් සියල්ලම වාන් දමනවා වගේ මේ සියලු දෙනා එකතු වෙලා අනුරාධපුරය ජයග්‍රහණය කරන බවට විශ්වාසය අප තුළ තිබෙනවා.
මැතිවරණයට පෙර ජාතික ජන බලවේගය පිළිබඳව මවා තිබුණු නරක, වැරදි කතා සියල්ල දියවෙලා ගොස් තිබෙනවා. අද ජනතාව තුළ ජාතික ජන බලවේගය මොන වගේ ව්‍යාපාරයක්ද කියන එක මේ රටේ ස්ථාපනය වෙලා ඉවරයි. අපව විශ්වාස නොකළ, පිළිනොගත්ත බොහෝ සහෝදර සහෝදරියන්, අපේ ආදරණීය මිනිස්සු ජාතික ජන බලවේගය වටා එකතු වී තිබෙන නිසා තමයි මේ ග්‍රවුන්ඩ් එක අතුරු සිදුරු නැතිව පිරී තිබෙන්නේ. මේ එකතු වී තිබෙන්නේ අනෙකාට විරුද්ධව නොවෙයි.
මෙතන ඉන්නේ බහුතරයක් ගොවියන්. ඒ අය හමුවුණාම අපට කිවුවා “කන්නෙ පටන් ගන්නෙම ප්‍රශ්නයකින්” කියලා. පසුගිය කාලයේ පටන් ගත්තේ බීජ ප්‍රශ්නයකින්. මේක කෙළවර වෙන්නේ ග්‍රාමීය දුප්පත්භාවයෙන්. මගේ වෘත්තිය කටයුතුවලදී මේ ආදරණීය මිනිසුන් මුණගැසී තිබෙනවා. ඔහුන්ගේ ප්‍රශ්න යටම තිබෙන්නේ දරිද්‍රතාවය. මෙතෙක් පාලකයන් දරිද්‍රතාවයට පැලැස්තර විසඳුම් සෙව්වා. අපරාධ වැඩිවෙන විට පොලීසියක්, අධිකරණයක් දැම්මා. ඒ යටම තිබෙන ප්‍රශ්නය, දරිද්‍රතාවය ගැන සෙව්වේ නැහැ. දරුවන්ගේ අධ්‍යාපනය අහිමි වීම තුළ, විරැකියාව වැඩිවෙන කොට, සමාජ ජීවිත සම්බන්ධ ප්‍රශ්න මතුවෙන කොට එය කෙළවර වෙන්නේ දරිද්‍රතාවයෙන් බව ඔවුන් දැනගෙන සිටියේ නැහැ. එය කෙළවර වෙන්නේ ගෙදරක ආර්ථිකය කඩා වැටීමෙන් පමණක් නොවන බව ඔවුන් දන්නේ නැහැ. එය සමාජ කඩා වැටීමකට බලපානවා. මගේ වෘත්තිය කටයුතුවලදී මේ අනුරාධපුර ජනතාවගේ ප්‍රශ්න යටම තිබෙන්නේ දරිද්‍රතාවය බව මම දකිනවා.
මේ කඩා වැටුණු රට ගොඩනගන්න අපිට තිබෙනවා. ඒ නිසා අපිත් එක්ක එකතු වෙන්න. ගමක් ගමක් ගානේ ගොස් අපිත් සමග එකතු නොවුණු අපේම පංතියේ, සහෝදරවරු එක්ක කතා කරමු. ජාතික ජන බලවේගය වටා එකතු කර ගැනීමට මහන්සි වෙමු. ඉන්පසුව කඩා වැටුණු මේ රට ගොඩනැගීම ආරම්භ කරමු.
“අධ්‍යාපනයෙන්, සෞඛ්‍යයෙන් ඉහළම තැනට යන්න මාලිමාවට කතිරය ගහන්න”
-ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් විධායක සභික, මැදවච්චිය මුස්ලිම් විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති මුබාරක් මවුලවි-
එදා සිට පත්වුණු ජනාධිපතිවරු අපට කිවුවේ සිංප්පූරුව වගේ රටක් හදනවා කියලා. එහෙම හදන්නේ කොහොමද? ඔවුන් පටන් ගන්නේ ජාතිය භේද කිරීමෙන්. ජාතිභේද වපුරලා ඡන්දෙ අරගෙන දිනනවා. සිංගප්පූරුව ගොඩනැගුණේ ජාති භේද, ආගම් භේද නැතිව සියලු දෙනා එකතු වෙලා. අද ලෝකයේ සිංගප්පූරුව දියුණු රටක් ලෙස පිළිගෙන ඉවරයි. අපේ රටේ සිංගප්පූරුවක් හදන්න ආපු අය, අපේ රට ඇමරිකානු කොලනියක් කළා. ඊටත් පහළට තල්ලු කළා. අපිට දැන් කාලය උදාවෙලා තිබෙනවා. අපි ඔක්කොම එකතු වෙමු. සිංහල, දෙමළ, මුස්ලිම් භේදයක් නැතිව ලාංකිකයන් ලෙස ඔක්කෝම එකතු වෙමු. එළඹෙන නොවැම්බර් 14 දායින් පස්සේ “අපි ශ්‍රී ලාංකිකයන්” කියා ආඩම්බරයෙන් කියමු.
ලෝකයේ වෙනත් රටවල දේශපාලන භේද නැහැ. දිනුව ජනාධිපතිට පරාජය වුණු දේශපාලන නායකයන් උදව් කරනවා. අපේ රටේ එහෙම නැහැ. මම එදා කිවුවා මාලිමාවේ බස් එකට නැග්ගොත් හරි පාරේ ගොස් පෙන්නවා කියලා. සජබෙ බස් එකේ ගිය අයව වට්ටවා තිබෙනවා. තුවාල වුණු අයට දැන් අවස්ථාවක් උදා වී තිබෙනවා. එන්න අපේ බස් එකට. ආරක්ෂා ඇතිව අපේ බස් එක නැවතත් පිටත් වෙනවා. අපේ බස් එකේ නියමුවා, හොඳ හයියක්, හොඳ මොළයක් තිබෙන ශක්තිමත් නායකයෙක්. බය නැතිව අපේ බස් එකට ගොඩවෙන්න. ඔබලා නොවැම්බර් 14දා මාලිමාවේ ලකුණට කතිර ගසමින්, පත් කරන්නේ රජෙක් නොව, ඔබලාගේ සේවකයන්. ඔබ සියලු දෙනා සුරක්ෂිතව, අධ්‍යාපනයෙන්, සෞඛ්‍යයෙන් ඉහළම තැනට ගෙනයන්න මාලිමාවට කතිරය ගසමින් දිනවන්න.
“ශක්තිමත් පාලනයක් තුළින් රට ගොඩගැනීමේ වැඩපිළිවෙළට දායක වෙමු”
-ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් විධායක සභික විශ්‍රාමික ලුතිනන් සංජීවනී විජේවන්ත-
අපි දේශපාලන වෙනසක් ඇති කිරීමට එක මෙහෙයුමක් අවසන් කරලා, දෙවෙනි මෙහෙයුම සඳහා සූදානම් වෙමින් ඉන්නවා. මේක අපේ රටේ සැබෑ පුනරුදයක්, නව දේශපාලන සංස්කෘතියක් ඇති කරමින් සතුටින් ජීවත් වෙන්නට රටක් හදන්නට මුල පුරමින් තිබෙන අවස්ථාවක්. ජාතික ජන බලවේගය කාන්තා අපි වෙනුවෙන් කතා කරන්නට, බිමේ සිටින ඔබ වෙනුවෙන් පෙනී සිටින්නට, අපේක්ෂිකාවක් විදිහට ඔබ සියලු දෙනා නියෝජනය කරන්නට අනුරාධපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් මා හට වගකීම පවරා තිබෙනවා. මේ රජරට ඉන්න කාන්තාව තම ස්වාමියා සමග එකතු වී මහපොළොවත් එක්ක පොරබදමින්, තම ජීවිතය සාර්ථක කර ගන්න උත්සාහ ගන්නවා. ඒ වගේම විවිධ කම්කටොලුවලින්, ගැටලුවලින් පීඩා විඳිනවා. මෙතෙක් දේශපාලනයේ නියැලුණු මහජන නියෝජිතවරියන් අපේ ගැටලු වෙනුවෙන් පෙනී සිටියේ නැහැ. ඒ කාන්තාවන් පිය උරුමය නිසා හෝ පවුල් උරුමය නිසා දේශපාලනය කළ අයයි. අපි වගේ අය සාමාන්‍ය පවුල්වලින් ඇවිත් මේ දේශපාලන වේදිකාවේ ඔබ වෙනුවෙන් හඬක් නඟන්නට ඉඩහසර ලබාදීම පිළිබඳව ජාතික ජන බලවේගයට කෘතවේදිත්වය පිරිනමනවා. ඉදිරියේ පවත්වන මහ මැතිවරණයෙන් ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කරන්නට, රට මුහුණ දෙන ගැටලුකාරී අවස්ථාවල පෙරමුණ ගන්නවා වගේම කාන්තා අපි සියලු දෙනාම එකතු වෙලා ශක්තිමත් පාලනයක් හදලා මේ රට ගොඩගැනීමට රට ගෙනයන වැඩපිළිවෙළට දායක වෙමු කියන ඉල්ලීම කරනවා.
ලෝකයේ බොහෝ රටවල්වල දරුවෙක් ඉපදෙනකොට දීමනාවක් දෙනවා. අපේ රටේ දරුවෙක් ඉපදෙනකොට ලක්ෂ ගණන් ණය වෙලා ඉපදෙනවා. අපේ දරුවන්ගේ අධ්‍යාපන බර නිදහස් කරලා, ඔවුන්ට සංස්කෘතික මිනිසෙකු ලෙස ගොඩනැගෙන්නට අවශ්‍ය කරන වටපිටාව හදන්න ජාතික ජන බලවේගයේ පාලනයක් ක්‍රියා කරන බවට ඔබ ඉදිරියේ සපථ කරනවා. මම නියෝජනය කරන අදිටන සාමූහිකය සමන්විත වන්නේ තිස් අවුරුදු යුද්ධය අවසන් කළ ඒ වීරෝදාර රණවිරුවන්ගෙනුයි. ඔවුන් තමන්ගේ ජීවිතයේ තරුණ වියෙන් වැඩි කොටසක් කැප කරලා, කොටසක් ආබාධිතයන් බවට පත්වෙලා, දහස් ගණනක් තරුණ ජීවිත පූජා කරලා, මේ රට බේරා දුන්නා. මේ රට මුදා ගන්න බැහැ කියා ලෝකයා කියද්දී, එකා පිට එකා වැටෙමින් මිය යද්දී තම ගමන එකට ගිහින් ජයග්‍රහණය ලබාදුන් මේ රට, දේශපාලකයන් විනාශ කරන්න හදන නිසා තමයි ජාතික ජන බලවේගය වැනි පිරිසිදු දේශපාලනයක් එක්ක එකතු වෙලා මේ ගමන යන්න තීරණය කළේ. නොවැම්බර් 14 දින පවත්වන මහා මැතිවරණයෙන් මේ රටේ ශක්තිමත් ආණ්ඩුවක් හදන්නට අවශ්‍ය පිරිස අපි රජරට පුරවරයෙන් තෝරා පත්කර හරිමු. 58%ක් වූ සහෝදර සහෝදරියන් සියලු දෙනාටම අපිත් එක්ක එකතු වෙන්න කියා ආරාධනා කරනවා. අපි සියලු දෙනාටම තියෙන්නේ එකම අරමුණයි. ඒ සඳහා පෙළගැසෙමු.
“මාලිමාව ඉදිරියේ කතිරයක් ගසා ඔබේ මිනිස්කම නැවත ප්‍රකාශ කරන්න”
-රජරට විශ්විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සේන නානායක්කාර-
මේසා විශාල ආදරණීය මිනිසුන්ගෙන් පිරි මේ රැලිය දකින විට මට ඇතිවෙන්නේ දරා ගන්න බැරි තරම් සතුටක්. ඔබ සියලු දෙනාම අපේ මව්බිමට ආදරය කරන ගැහැනු සහ මිනිස්සු. ජාතික ජන බලවේගය වටා ඔබ සියලු දෙනා රොක්වී සිටින්නේ ඒ නිසාම තමයි.
මේ රට වේගයෙන් ඛේදජනක ඉරණමකට ඇදී යමින් තිබියෙදී එය වළක්වාගෙන අපේම පංතියේ මිනිහෙක් ජනාධිපති කළේ ඔබේ කතිරෙනුයි. ආදරය, මනුෂ්‍යත්මය නැති සමාජය දියුණු සමාජයක් වෙන්නේ නැහැ. බඩගෝස්තරවාදයට වැටුණු සමාජයක් තුළ කිසිදු යහපත් දේශපාලනයක් අපිට දකින්න බැහැ. ජාතික ජන බලවේගය මේ රටේ ආදරය වගා කරන පක්ෂයයි. මනුෂ්‍යත්මය වගාකරන පක්ෂයයි. ඔබේ කතිරය මේ රටට මොන තරම් බලපෑම් කළ හැකි දෙයක්ද කියලා ඔබට දැන් තේරෙනවා ඇති.
පසුගිය 21වැනිදා ජනාධිපතිවරණයට පෙර මාලිමාවට මොනතරම් මඩ ප්‍රචාරවලින් දමා ගැසුවද? ඒත් මේ රටේ ජනතාව ඒවා පිළිගන්නේ නැහැ. මොනතරම් අවලාද ආවත් අභියෝග ආවත් ඉදිරියට තැබූ පය ආපස්සට නොතබන එකම දේශපාලන ව්‍යාපාරය තමයි මාලිමාව කියන්නේ. මාලිමාව කියන්නේ මේ සමාජය සුවඳවත් කරන දේශපාලන ව්‍යාපාරයක්. ලබන 14 වැනිදා උදෙන්ම ඡන්දපොළට ගොස් ඔබ ජනාධිපතිවරණයේදී පෙන්වූ මිනිස්කම, ආදරය මාලිමාව ඉදිරියේ කතිරයක් ගසා නැවත ප්‍රකාශ කරන මෙන් මා ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. අපේ ජනාධිපති අනුර සහෝදරයාට තවතවත් ශක්තිය ලබාදීම සඳහා මේ මහා මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් දිනවා පාර්ලිමේන්තුව පුරවන්න ඔබ තීන්දු කර අවසන් බව අපට සහතිකයි.
(-‘රට හදන අපි එකට මාලිමාවට’ ජයග්‍රාහී කුරුණෑගල දිස්ත්‍රික් ජනතා රැලිය – 2024.11.08 – සත්‍යවාදී පිටිය-) අධික වර්ෂාව වෙලාවේදී අද කුරුණෑගලට ගලලා තියෙන්නේ මහා ජන ගඟක්. මේ ජනතාව විශ්වාසයෙන් සහ අපේක්ෂාවෙන් යුතුව මෙතනට පැමිණ තිබෙන්නේ අප කෙරෙහි තිබෙන ලෙන්ගතුභාවය නිසාමයි. එම ලෙන්ගතු භාවය කිසිදු ලෙසක පළුඳු කිරීමට අප කටයුතු කරන්නේ නැහැ. ඒ පිළිබඳ අප සහතිකයක් දෙනවා. […]
(-‘රට හදන අපි එකට මාලිමාවට’ ජයග්‍රාහී කුරුණෑගල දිස්ත්‍රික් ජනතා රැලිය – 2024.11.08 – සත්‍යවාදී පිටිය-)
අධික වර්ෂාව වෙලාවේදී අද කුරුණෑගලට ගලලා තියෙන්නේ මහා ජන ගඟක්. මේ ජනතාව විශ්වාසයෙන් සහ අපේක්ෂාවෙන් යුතුව මෙතනට පැමිණ තිබෙන්නේ අප කෙරෙහි තිබෙන ලෙන්ගතුභාවය නිසාමයි. එම ලෙන්ගතු භාවය කිසිදු ලෙසක පළුඳු කිරීමට අප කටයුතු කරන්නේ නැහැ. ඒ පිළිබඳ අප සහතිකයක් දෙනවා. තව තවත් ඔබ අප කෙරෙහි තිබෙන විශ්වාසය වැඩි කිරීමට අප කටයුතු කරනවා.
පහුගිය ජනාධිපතිවරණයේදී තීරණාත්මක බල හැරවුමක් සිදුවුණා. මැතිවරණ ඉතිහාසයේදී හැමදාම ජාතික වශයෙන් පවුල් කිහිපයක් අතේ, දිස්ත්‍රික්ක වශයෙන් තවත් පවුල් කීපයක් අතේ බලය ඒකරාශි වී තිබුණා. රට පාලනය කරන සුක්කානම හැසිරෙව්වේ පවුල් කීපයක් පමණයි . එක වෙලාවකට රට පාලනය කරනවා තාත්තා, තව වෙලාවක අම්මා, තව වෙලාවක දියණිය. තව කාලෙක මාමා බලය හසුරනවා, ඊට පස්සේ බෑනා බලය හසුරවනවා. තව කාලෙක අයියා බලය හසුරනවා, මල්ලි බලය හසුරනවා, පුතා ජනාධිපති කරවන්න උත්සාහ කරනවා . විපක්ෂයේ සිට තරග වැදුණු කෙනා තාත්තගෙන් පුතාට බලය ගන්න උත්සාහ කළා. විපක්ෂ නායකවරයා තාත්තගෙන් තමාට බලය හුවමාරු කරගන්නා බැලුවා.
සැප්තැම්බර් 21 වැනිදා දූෂිත පවුල් පරදා පොදු ජනතාව අතට බලය පත් කරගත්තා. එම දූෂිත ප්‍රභූ පවුල් සංස්ථාව තමන්ගේ ජීවිත කාලය ඇතුළත මෙවැනි ඉරණමක් අත්වෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ. ඔවුන් පාලන බල සිතියම ඇඳලා තිබුණේ තාත්තාගෙන් පුතාට, පුතාගෙන් මුණුබුරාට යන විදිහටයි. නමුත් පොදු ජනතාව පෙළගැහිලා දූෂිත ප්‍රභූ පාලනය ඉවත් කර පොදු ජනතාව අතට පාලන බලය ලබා ගත්තා. දැන් ඒ කණ්ඩායමට ගොඩක් රිදිලා තියෙනවා. ඒක නිසා දැන් ඔවුන් වේදිකාවට ඇවිත් මාස තුනෙන් ආණ්ඩුව වැටෙයි මාස හයෙන් ආණ්ඩුව වැටෙයි කියලා කියනවා. මතක තියාගන්න මේ රටේ බලය නැවත ඒ අය අතට පත්වෙන්නේ නැහැ.
ඒ නිසාම ඒ අය දැන් නැවත වරක් ජාතික ජන බලවේගයට අවලාද කියන්න පටන් අරන් තිබෙනවා. ඒ අය හිතන සිහිනයට ළඟා වෙන්න මේ රටේ පොදු ජනතාව කිසිසේත් ඉඩ තබන්නේ නැහැ. මේ වර්ෂාවෙ තෙමෙමින්, විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් ඔබ කියා පාන්නේ මේ ආණ්ඩුව කෙරෙහි තිබෙන ඔබේ විශ්වාසයයි. මේ ආණ්ඩුව කෙරෙහි තියෙන බලාපොරොත්තුවයි.
පහුගිය සැප්තැම්බර් මාසේ 21 වෙනිදා අපට ජනාධිපතිවරණයේදී ඡන්ද නොදුන් පිරිසක් හිටියා. සමහර අයට අපි ගැන පොඩි සැකයක් අවිශ්වාසයක්, දෙගිඩියාවක් තිබුණා. ඒක සාධාරණයි. සමහරු වේදිකාවල නැගලා ජාතික ජන බලවේගයට විවිධ අවලාද ගැසුවා. නමුත් එහෙම අවලාද කියද්දිත් අපට පාලන බලය ලබා දෙන්න ධෛර්වන්ත මිනිස්සුත් මේ රටේ හිටියා. එදා දෙගිඩියාවෙන් සිටි ජනතාවට අද අපි ගැන විශ්වාසයක් ඇතිවෙලා. ජාතික ජන බලවේගයේ වැඩිම රැස්වීම් සංවිධානය කරන්නේ ඒ අයයි.
ප්‍රචණ්ඩකාරී මැතිවරණවලට කුරුණෑගල කප් ගහපු ඉතිහාසයක් තියෙනවා. 1998 පළාත් සභා මැතිවරණයේදී මේ පළාතේ ඉන්න අය ප්‍රචණ්ඩකාරී මැතිවරණයක් පැවැත්වුවා. කාර්යාල ගිනි තියෙන, වෙඩි තියන කැත පන්නයේ ඡන්ද ඉතිහාසයක් තිබුණා. නමුත් ජාතික ජන බලවේගයේ ඡන්ද ව්‍යාපාරය ඉතාම සාමකාමීයි. අපි හැමදෙනාටම ඡන්ද රැස්වීම් තැබීමේ අයිතිය තහවුරු කර තිබෙනවා. එදා ලේ වැගිරීම් ඇතිවෙනවා කිව්වට ජාතික ජන බලවේගය මැතිවරණ ඉතිහාසයේ සාමකාමීව ජයග්‍රහණය සැමරුවා. මැතිවරණ ව්‍යාපාර නැවත චණ්ඩින්ට ලබා දෙන්න ජනතාව සූදානම් නැහැ. මේ සාමකාමී බව නිසාම නොවැම්බර් මාසයේදී වාර්තාගත සංචාරකයින් ප්‍රමාණයක් එන බවට පුරෝකථනය කර තිබෙනවා. නොවැම්බර් 14 වැනිදා ලබන ජයග්‍රහණය සමඟ ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අපට හැකියාව තිබෙනවා. මේක ජනතාවගේ විශ්වාසය තව තවත් දිනා ගන්න පුළුවන් ආණ්ඩුවක්. එහෙම ආණ්ඩුවක් වට්ටවන්න ලැබෙන්නෙ නැහැ.
රටක් වෙනස් කරන්න දේශපාලන අධිකාරියේ මෙහෙයවීමක් අවශ්‍යයි. අපේ රටේ විනය හදන්න, නීති සම්පාදනය කරන්න සමීප දේශපාලනයක් අවශ්‍යයි. ආර්ථික වශයෙන් දේශපාලන තීන්දු ගන්න සමීප දේශපාලනයක් අවශ්‍යයි. මේ රට ගොඩනැගීම සඳහා ශක්තිමත් දේශපාලන බලයක් අවශ්‍යයි. දැන් බලය තිබෙන්නේ ජනාධිපති ගාව පමණයි. දේශපාලන බල කේන්ද්‍රයක් වුණු පාර්ලිමේන්තුවේ බලය අත්පත් කර ගැනීම මේ නොවැම්බර් මාසයේ 14 වැනිදා සිදුවෙනවා.
ගල්ගමුව, ගිරිබාව, මීගලාව පැත්තේ මහා වන අලි කරදරයක් තිබෙනවා. ඒවා විසඳීමට ඒ පැත්තේ මාලිමාවේ කට්ටිය පාර්ලිමේන්තුවට එවිය යුතුයි. හක්වටුනා ව්‍යාපාරයේ, දැදුරුඔය ව්‍යාපාරයේ, තිබෙන ගැටලු විසඳන්න දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. කුරුණෑගල නගරය සංවර්ධනය කිරීමට අපි නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමීප දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. කුරුණෑගල සිසාරා පාර්ලිමේන්තුවට මාලිමා නියෝජිතයන් එවිය යුතුයි. සමහරු කියනවා විපක්ෂයටත් එවන්න ඕනලු ආණ්ඩුව හරි මඟ යවන්න. කවුද දැන් අපිව හරි මඟ යවන්න ඉන්නෙ. එයාලට අපිට කියලා දෙන්න තියෙන්නේ එතනෝල් බිස්නස් කරන්නේ කොහොමද? ආණ්ඩු බලය උපයෝගී කරගෙන සතොසෙන් හොරකම් කරන්නේ කොහොමද? පොලිසිය යටත් කරගෙන පාලනය කරන්නේ කොහොමද? ජාතික ජන බලවේගයට පෙන්නන්න ඒ අයට හරි මඟක් නැහැ.
මේ සැරේ විපක්ෂ ගැන කතා වැඩක් නැහැ.මේ රට ව්‍යසනයෙන් ගොඩ ගන්න, සංවර්ධන සැලැස්ම විධිමත්ව ග්‍රාමීය මට්ටමේ සිට ගොඩනගන්න ඒ සඳහා මන්ත්‍රීවරු එවන්න. ඒ සඳහා පාර්ලිමේන්තුව මාලිමා මන්ත්‍රීවරුන්ගෙන් පිරවිය යුතුයි. විපක්ෂයට ඔය එන කට්ටියට කරන්න පුළුවන් දේ තමයි ආණ්ඩුව ගෙනයන හොඳ වැඩපිළිවෙළට කකුල් මාට්ටු දාන එක. අපේ රටේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් කළ යුතුයි. මේ අය කළේ සිතු සිතු සේ මහජන ධනය නාස්තිකරපු එකයි. ඒ නිසා දේශපාලන ප්‍රමිතියක් අවශ්‍යයි. රාජ්‍ය සේවකයෙකුට ප්‍රමිතියක් තියෙනවා. ජනාධිපති පැරදිලා ගෙදර යනකොට වාහන 15-30 අරගෙන යනවා . ප්‍රමිතියක් නැහැ. පැරදුනාම ඉල්ලන කෝකියො බැලුවම හිතෙන්නේ රෙස්ටුරන්ට් එකක් දාන්නද කියලා. හිටපු ජනාධිපතිවරුන්ට ව්‍යවස්ථාවෙන් ලබා දුන්නු දේවල් ටිකක් තිබෙනවා. ඒවා අපි වෙනස් කළේ නැහැ. දැනට වෙනස් කලේ නීති විරෝධීව ළඟ තබා ගන්නා දේවල් පමණයි. ඉදිරියේදී ව්‍යවස්ථාවෙන් සහ පනත්වලින් තිබෙන ඒවා වෙනස් කිරීමට කටයුතු කරනවා. හිටපු ජනාධිපතිවරුන් අනීතිකව ලබාගෙන තිබෙන සියලු දේවල් මේ වනවිට ආපහු ගත්තා.
ඕනම කෙනෙකුට ආණ්ඩුවෙන් මොනවා හරි දෙනවනම් ඒ සඳහා අයදුම් පතක් ලබා දි යුතුයි . ජනාධිපති අරමුදලෙන් මොනවාහරිි ඕනේ නම් අයදුම්පත්‍රයක් ඉදිරිපත් කළ යුතුයි. ඒ නිසා ජනාධිපතිවරුන්ට නිවසක් ඕනේ නම් එය ඉල්ලුම් කළ යුතුයි. එතකොට ඒ අයදුම්පතේ අසා තිබෙන දේවල්වලට පිළිතුරු දෙන්න ඕනෑ. ඒ අයත් අස්වැසුම ලබාගන්න මට්ටමේද ඉන්නේ කියලා බලලා තාවකාලිකව ගෙයක් දෙනවා. මිරිහානේ ගෙවල් තියාගෙන බෞද්ධාලෝක මාවතේ ගෙවල් දෙන්නේ නැහැ. ඒවා කිසිසේත්ම පළිගැනීම නෙවෙයි. ඒවා කිසිසේත්ම වෛරයට කරන වැඩ නෙවෙයි. දේශපාලනයට ප්‍රමිතියක් ගේනවා. කවුරුත් එය ප්‍රමිතියට යටත්. අපේ ඇමතිවරු අපේ මන්ත්‍රීවරු ඒ ප්‍රමිතියට යටත්. අපේ රටේ දේශපාලනය ප්‍රමිති ගත කරනවා.
පාර්ලිමේන්තු මැතිවරණයේදී ලොකු ජයග්‍රහණයක් ඕනෑ. එයින් පසුව මේ රට ක්‍රමානුකූලව පියවරෙන් පියවර ගොඩනගන්න පටන් ගන්නවා. රට යම්කිසි තැනකට එනතුරු ජනතාව බලාගැනීම අපි සිදු කරනවා. සමහර භාණ්ඩ කිහිපයක අපි වැට් බද්ද ඉවත් කරනවා. පාසල් දරුවන්ගේ පාසල් උපකරණ සහ පොත් මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දෙනවා. සියලුම දරුවන්ට නොමිලේ රෙදි ලබාදීමට චීන රජය එකඟ වී තිබෙනවා.
පහුගිය අවුරුද්දේ රජය වී අරගෙන තියෙන්නේ මෙට්‍රික් ටොන් 119යි. දවසක සහල් පාරිභෝජනය මෙට්‍රික් ටොන් 6500යි. මෙහෙම තත්වයක් තමයි සහල් ක්ෂේත්‍රයට සිදු කර තිබෙන්නේ. එමනිසා සහල් පාලන මිලකට ලබාදීමට ස්ථිරසාර වැඩපිළිවෙළක් අප ආරම්භ කර තිබෙනවා. ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමට ස්ථිරසාර වැඩපිළිවෙළක් අපි සකස් කර තිබෙනවා. පහුගිය පාලකයන්ගේ බලයේ රහස ජනතාව දුප්පත් වී සිටීමයි. ජනතාව දුප්පත් උනාම සාරි බෙදලා, වැසිකිලි පෝච්චි බෙදලා ඡන්දේ ගන්න පුළුවන්. එහෙම නිසා ඒ ආණ්ඩු ලංකාවේ දුප්පත්භාවය නැති කරන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ ප්‍රමුඛතම ව්‍යාපෘතිය ග්‍රාමීය දුප්පත්භාවය තුරන්කිරීමයි. දුප්පත් භාවය තුරන් කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයත් ඉතාම වැදගත් වෙනවා. තාත්තා දුප්පත් උනාට උගත් බුද්ධිමත් තාරුණ්‍යය තුළින් දුප්පත්කම තුරන් කළ හැකියි. එය සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. අපේ රට තුළ පිරිසිදු වැසිකිලි පද්ධතියක් අවශ්‍යයි. ‘පිරිසිදු ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ විනයගරුක සමාජයක් ඇතිකරනවා. ආසියාවේ පිරිසිදුම රට බවට ශ්‍රී ලංකාව පත් කරනවා.
නව සංචාරක කලාප සඳහා නව විභවතාවන් සොයා බලමින් තිබෙනවා. යාපහුව සහ උතුරු පළාතේ සංචාරක විභවතාවයන් මේ වන විට අපි හඳුනාගෙන තිබෙනවා. සංචාරක ව්‍යාපාරයට නව මුහුණුවරක් ලබාදෙමින් ලබන වසරේදී ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකින් පැමිණෙන වසර බවට පත් කරනවා.
ශ්‍රී ලංකාව නූතන ලෝකයට සම්බන්ධ කිරීමට ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා. පුරවැසියෙකුට ගෙදර සිට ඩිජිටල්කරණය ඔස්සේ තමන්ගේ පහසුකම් ලබා ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කරනවා. එය සඳහා දැනුමැති වෘත්තියවේදීන් ආණ්ඩුව සමඟ එකතු වී තිබෙනවා. එම ඉදිරි මඟ සකස් කිරීමට ලබන නොවැම්බර් මස 14 වැනිදා මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවන්න කියා ආරාධනා කරනවා.
“රට අස්වද්දන්න වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට යවමු” -ජාතික භික්ෂු පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් අනුශාසක පූජ්‍ය තිස්සව සුමනන්ද හිමි-
පිං කරනවා කියන්නේ තමන්ගේත් අනුන්ගේත් යහපතට කරන කටයුත්තක්. බෞද්ධයන් හැටියට අපි විවිධ පිංකම් කරනවා. මේ දවස්වල අපි විශේෂයෙන් කඨින පිංකම් කරනවා. ජනාධිපතිවරණයට කලින් සමහරු කීවේ මාලිමාව යටතේත් කඨින පිංකම් කරන්න වෙන්නේ නැහැ කියලා. අපි මේ අවස්ථාවට සහභාගි වෙන්නේ කඨින පිංකම් අවසන් කරලා. ඒ විවිධ පිංකම් අතරේ අපි හැමෝම එක්වී සැප්තැම්බර් 21 වැනිදා විශාල පිංකමක් කළා. මේ රට යහපත් දිසාවකට ගමන් කරවිය හැකි ජනතාවාදී නායකයෙක් පත්කර ගැනීම ඒ මහඟු පිංකමයි. එහි ප්‍රතිඵලයක් හැටියට මේ මාස් කන්නයේ කුඹුරු අස්වද්දන අතර, මුළු රටම අස්වද්දන්නත් ඕනෑ. දුසිරිත නැතිකරලා හොරකම, දූෂණය, වංචාව නැති කරලා හැමදෙනාටම සමාන වූ අයිතිවාසිකම් හා යහපත් වූ සමාජයක් හදන්න රට නමැති කුඹුර අස්වද්දන්නත් ඕනෑ.
ඒ වෙනුවෙන් අපව නියෝජනය කරන අපේ මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යවන්න ඕනෑ. නොවැම්බර් 14 වැනිදා වෙන්වී තිබෙන්නේ ඇත්ත, හොඳ මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්නයි. ජාතික ජන බලවේගය නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තුවේ 18 දෙනාගෙන් සුදුසු කෙනෙකුට මනාපය ලබාදී පාර්ලිමේන්තු යවන ලෙස ඉල්ලා සිටිනවා. මේ රට අස්වද්දන්න මාලිමාවේ වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට යවන අතරේ, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වැඩිම පිරිසක් යැවීමට සියලු දෙනාටම යෝධ බලය, යෝධ ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
“යුක්තිය වෙනුවෙන් සිදු වන දැවැන්ත පරිවර්තනය සමග එක්වීම මුස්ලිම් ජනතාවගේ වගකීමක්”
-නීතිඥ අස්ෂේඩ් මොහොමඩ් මවුලවිතුමා-
ජාතික ජන බලවේගයට මුස්ලිම් සමාජයේ සහයෝගය ලබාදිය යුත්තේ ඇයි කියන ප්‍රශ්නයට ප්‍රධාන උත්තර දෙකක් තිබෙනවා. මුස්ලිම් සමාජයේ සියලුම අය සියලුම අවස්ථාවලදී යුක්තිය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි කියන දේ අල් කුරානයේ පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. ආගමෙන් එවැනි නියෝගයක් ලැබුණු සමාජයක් කිසිදු විටෙක අයුක්තිය හෝ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාවක් නැහැ. ඒ නිසා යුක්තිය වෙනුවෙන් ලංකා ඉතිහාසයේ දැවැන්ත පරිවර්තනයක් සිදුවන අවස්ථාවේ ඒ සමග එක්වීම මුස්ලිම් අපගේ දැවැන්ත වගකීමක් වී තිබෙනවා. ඒ නිසා මෙරට මුස්ලිම් සමාජය අනිවාර්යයෙන්ම ජාතික ජන බලවේගය සමග එක්විය යුතු බව මම ඔබ හමුවේ කියා සිටිනවා.
ජාතික ජන බලවේගය සමග මුස්ලිම් සමාජය එක්විය යුතු දෙවැනි කරුණ, වී තිබෙන්නේ රට ඉදිරියට ගෙනයන ගමනේදී කිසිදු කොන්දේසියක් නොමැතිව අපගේ සහයෝගය ලබාදිය යුතු නිසයි. එම නිසා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එළඹෙන මහා මැතිවරණයේදී තරග වදින ජාතික ජන බලවේගයේ වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා පත්කර යැවීම සඳහා අවශ්‍ය ශක්තිය සියලු දෙනාට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
“අපේ දරුවන්ට පැහැබර අනාගතයක් ලබාදීම වෙනුවෙන් ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ඕනෑ”
-අදිටන සාමූහිකයේ ජාතික මෙහෙයුම් කමිටු සාමාජික විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඩී. සූරියබණ්ඩාර-
අයහපත් කාලගුණ තත්වය මධ්‍යයේ මේ අවස්ථාවට සහභාගී වී සිටින ඔබ සියලු දෙනා අපට ශක්තියක්. එළඹෙන මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බවට මේ එකතු වී සිටින ජනතාව දැක්කාම ස්ථිර වෙනවා. අපේ රටේ දුවා දරුවන්ට නව පැහැබර අනාගත කාල පරිච්ඡේදයක් ලබාදීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් පිහිටුවන්න ඕනෑ.
දේශපාලන භූමියේදී අනෙකුත් කණ්ඩායම් ජනතාව රවටමින් අසත්‍ය ප්‍රචාර ගෙනයන අතර, ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට ඔවුන් ශක්තිමත් විපක්ෂයක් වෙනුවෙන් පෙනී සිටින තරමට අසරණ වී සිටිනවා. ඔවුන් ශක්තිමත් විපක්ෂයක් ඉල්ලන්නේ දූෂිත ප්‍රභූවාදී දේශපාලන සංස්කෘතියේ කාලය අවසන් බව දන්නා නිසයි. නමුත් ගිලිහී යන වරප්‍රසාද රැකගන්න ශක්තිමත් විපක්ෂයකින් හැකි යැයි ඔවුන් විශ්වාස කරනවා. නමුත් මෙවර මහා මැතිවරණයේදී ජනතාව ඔවුන්ට ප්‍රබල පාඩමක් උගන්වනවා. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් පොළොවේ පය ගසා සිටින හොඳම කණ්ඩායමක් ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කිරීම නිසා ඔවුන් තවදුරටත් බංකොලොත් වී සිටිනවා. ජනතාවගේ බදු මුදල්වලින් අනිසි සුඛවිහරණයන් ලබාගත් දේශපාලනය අවසන් කර පොහොසත් රටක් ලස්සන ජීවිතයක් පිළිබඳව සිහිනය යථාර්ථයක් කර ගන්න අපි සියලු දෙනාම ඒකරාශී වෙමු. කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශාල තරුණයන් පිරිසක් ජාතික ආරක්ෂාව වෙනුවෙන් කළ සටනේදී මිය ගියා. අපගේ දෙවන මෙහෙයුමේදී එම කැපකිරීම රට ගොඩනැගීමට යොදවමු කියලා ඉල්ලා සිටිනවා.
“අසාධාරණයට යටකර තිබූ සමාජය සාධාරණ සමාජයක් බවට පත්කිරීම ඇරඹෙනවා”
-ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් නීතිඥ සංගමයේ විධායක සභික නීතීඥ ගීතා හේරත්-
නිදහස ලබා ගත් පසු 76 වසරක් රට පාලනය කළ පිරිස් කඩා වැට්ටූ රට ගොඩ ගත හැකි බවට විශ්වාසය සියලුම ලාංකිකයන් තුළ දැන් තහවුරු වී තිබෙනවා. දූෂිත ප්‍රභූ දේශපාලනය අපට උරුමකර දී තිබෙන්නේ සියලු ක්ෂේත්‍රවලින් කඩා වැට්ටූ රටක්. එය ගොඩනැගිය හැකි බව විශ්වාස කරන ජාතික ජන බලවේගය ඒ වෙනුවෙන් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබෙනවා. තව දින කිහිපයකින් පාර්ලිමේන්තුව ශුද්ධ කිරීම වෙනුවෙන් ශක්තිමත් බලයක් ගොඩනැගිය යුතු වෙනවා. නීතියේ ආධිපත්‍යය තහවුරු කර, මෙතෙක් කාලයේ වැලිතලාවට යටකර තිබූ දේශපාලන අපරාධ විමර්ෂණය කළ යුතු වෙනවා. අසාධාරණයට යටකර තිබූ සමාජය සාධාරණ සමාජයක් බවට පත්කිරීම එයින් ආරම්භ කරනවා. අපි දුප්පත් වී ඉපදුනත් ඒ ලෙසම ජීවත් වී මිය යා යුතු නැහැ. ජාතික ජන බලවේගය පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සංකල්පය ඉටුකර ගන්න ක්‍රියා කරන්නේ ඒ නිසයි. ඔබ සියලු දෙනාට පොහොසත් රටක ලස්සන ජීවිතයක් ගත කරන්න හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා.
“සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සාධනීය පියවර ගත හැක්කේ ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් තුළින් පමණයි”
-ජාතික විද්වත් සංවිධානයේ වෛද්‍ය සාමූහිකයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක වෛද්‍ය ජගත් ගුණවර්ධන-
අද වන විට රෝහල් තුළ වෛද්‍ය සහ බරපතළ ඖෂධ හිඟයක් පවතිනවා. ඒ වගේම රසායනාගාර පහසුකම්, සහ පරීක්ෂණවල බරපතළ අඩාල වීම් දිනපතාම වාර්තා වෙනවා. මේ තත්වය මඟහරවා ගන්න දළ ජාතික නිෂ්පාදිතයෙන් අවම වශයෙන් 3%ක් වත් සෞඛ්‍යයට යොදවන්න ඕනෑ. අපේ ඉදිරි ක්‍රියාමාර්ග තුළින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය සාධනීය පියවර ගණනාවකින් ඔසවා තැබීමේ සැලසුම් සකස් කර අවසන්. ඒ වගේම ජනතාවට පහසුවෙන් ඖෂධ ලබා ගන්න රාජ්‍ය ඔසුසල් සෑම දිස්ත්‍රික්කයකම ස්ථාපිත කරන්නත් ක්‍රියා කරනවා. ඒ වගේම පවුලේ වෛද්‍යවරයෙක් හඳුන්වාදීමේ ක්‍රියාමාර්ගයත් ඊට අදාළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් පිහිටුවා ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණයට මුල්තැන දෙනවා. මෙවැනි සාධනීය කරුණු බාධාවකින් තොරව ක්‍රියාත්මක කළ හැකි වන්නේ ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ලබාදීමෙන් පමණයි.
ජනාධිපතිවරණයේදී අපිට ලැබුණු බහුතර බලය මහ මැතිවරණයෙන් 60% ඉක්මවා ගොස් මේ වෙනුවෙන් විශාල ශක්තියක් ලබා දිය හැකියි. ජනාධිපතිවරණයේදී අපට ඡන්දය නොදුන් අය ඒකරාශී කර ගනිමින් විශාල ගමනක් යන්න තිබෙනවා. දුප්පත්කමේ පතුලේ ඉන්න ජනතාව මේ රටේ අභිමානවත් පුරවැසියන් හැටියට දෙපයින් නැගී සිටින දවස වැඩි ඈතක නොවෙයි.
”අනාගත පරපුරට යහපත් රටක් ගොඩනගාදීමේ වගකීම් ඉටුකරන්න අපි සියලු දෙනා බැඳී සිටිනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආනන්ද විජේපාල-
දීර්ඝ කාලයක් අපේ රටේ ගොවියා, ධීවරයා, කම්කරුවා, වෘත්තිකයා ආදී වශයෙන් මෙන්ම තරුණ සහ කාන්තාවන් වශයෙන් නොසැලෙන වීර්යයෙන් යුතු මේ දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් කැපවීම් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ගොවි පවුලක පුතෙකු අපේ ජනාධිපති ලෙස පත්කර ගන්න හැකි වුණා. මේ රටේ දැවැන්ත දේශපාලන සමාජ ආර්ථික පරිවර්තනයක් වෙනුවෙන් දැන් මුල පුරා තිබෙනවා. අපි ඔබට ලබාදෙන්නේ පොරොන්දු නොවෙයි. අපි පවරා ගත් වගකීම් පිළිබඳව ප්‍රතිපත්ති පමණයි. මැතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ ඒ වගකීම් දැරීම වෙනුවෙන් නියෝජිතයන් තෝරා ගැනීමේ ක්‍රමයක් හැටියටයි. අපේ අනාගත පරපුරට යහපත් රටක් ගොඩනගාදීමේ ක්‍රියාමාර්ග වෙනුවෙන් වගකීම් ඉටකරන්න මේ සියලු දෙනා බැඳී සිටිනවා. දුප්පත්කමේ පතුලේ ඉන්න ජනතාව මේ රටේ අභිමානවත් පුරවැසියන් හැටියට දෙපයින් නැගී සිටින දවස වැඩි ඈතක නොවෙයි.
ලබන ජනවාරි මාසයෙන් පසුව පාසලට ඇතුල්වෙන කිසිදු දරුවෙකුට අධ්‍යාපනයෙන් පිටමං නොවන වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක මූලික වගකීම ලෙස සෑම දරුවෙකුගේම අධ්‍යාපන අයිතිය තහවුරු කරනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමස්ත ජනතාවගෙන් 80%ක් දෙනා නියැලී සිටින කෘෂිකර්මාන්තය ලාභදායී තත්වයකට ගෙනැවිත් රටේ ජනතාව වෙත ගුණාත්මක ආහාර ලබාදීම සහතික කරනවා. දූෂිතයන් සහ මූල්‍ය අපාරධකරුවන් පැහැරගත් ජනතාවගේ සෑම රුපියලක්ම ආපසු අයකර ගැනීම වෙනුවෙන් දැනටමත් ක්‍රියාමාර්ග ආරම්භ කර තිබෙනවා. අවසාන වශයෙන් සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ජනතාව නියෝජනය කරන ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීම අපේ පාලනය තුළ යථාර්ථයක් බවට පත්කරනවා ඒ වෙනුවෙන් රටට ජයග්‍රහණ ගෙන එන පාර්ලිමේන්තු බහුතර බලයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.
“අවුරුදු 76ක් රට කාපු අයගේ ගිනි විජ්ජුම්බරවලට අද ජනතාව රැවටෙන්නේ නැහැ”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක නාමල් කරුණාරත්න-
ඇදහැලෙන මහා ධාරානිපාත වර්ෂාව හමුවේත් නොසැලී සිටින ජනතාව මහා මැතිවරණයේ ජයග්‍රහණය පිළිබඳව දැනටමත් තහවුරු කර අවසන්. අපේ විරුද්ධවාදීන් මේ වන විට සහල් මිල ඉහළ යාම ගැන කතා කළත් අපේ ජනාධිපති සහෝදරයා වැඩ බාර ගන්නකොට රජයේ වී ගබඩාවල වී ඇටයක්වත් තිබුණේ නැහැ. මහා පරිමාණ මෝල් හිමියන් ටික දෙනෙක් පොහොට්ටුවෙන් සහ සජබෙන් ඡන්දය ඉල්ලන අතර, ඔවුන් ළඟ වී තොග රැස්කරගෙන තිබෙනවා. එන මහ කන්නයේ අස්වනු නෙලීමේ සිට රජයේ වී ගබඩා පුරවා ගොවියාට සාධාරණ මිලක් ලබාදී පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් ලබාදෙන ස්ථාවර ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. කුඩා සහ මධ්‍ය පරිමාණ මෝල් හිමියන් මෙන්ම මහා පරිමාණ මෝල් හිමියන් සියලු දෙනාත් සහල් ව්‍යාපාරය තුළ සිටිය යුතුයි. නමුත් කිසි කෙනෙකුට ජනතාව පීඩාවට පත්කිරීමේ බඩ පිනුම්, හිටි පිනුම් ගහන්න දෙන්නේ නැහැ. ඊට අදාළ සැලසුම් අපි සකස් කර තිබෙනවා. වී නිෂ්පාදන වියදම අඩුකර සහල් නිෂ්පාදන පිරිවැයත් අඩු කරනවා. ඊට පසුව සහල් වෙනුවෙන් පාලන මිලක් නියම කරනවා. ඒ ආකාරයටම එළවළු ගොවියාත්, ළුෑණු ගොවියා වගේම පශු සම්පත් ගොවියා වෙනුවෙනුත් නිසි විද්‍යාත්මක සැලසුම් ක්‍රියාත්මක කරනවා. අපි ඒ වැඩපිළිවෙළ සකස් කරගෙන යන අතරේ සතුරු බලවේග ජනතාව නොමඟ යැවීමේ ප්‍රචාර දියත් කර තිබෙනවා. අපි මේ පටන් ගත්තා විතරයි. අවුරුදු 76ක් රට කාපු අය අපට ඇඟිල්ල දික්කරන්න පටන්ගෙන තිබෙනවා. ඒ ගිනි විජ්ජුම්බරවලට අද ජනතාව රැවටෙන්නේ නැහැ.
කාබාසිනියා කර තිබූ මිල්කෝ ආයතනයට නව සභාපතිවරයෙක් පත්කර ලාභ ලබන්න පටන් ගත්තා පමණක් නොවෙයි, කිරි නිෂ්පාදක ගොවි මහත්වරුන්ට නිසි වෙලාවට මුදල් ගෙවන්නත් කටයුතු කර තිබෙනවා. බංකොලොත් කර විකුණන්න දමා තිබු මිල්කෝ ආයතනය 2004 අනුර සහෝදරයා කෘෂිකර්ම ඇමතිවරයා ලෙසට සිටි කාලයේ ලාභ ලබන්න පටන් ගත්තා. ඒ ලාභවලින් කොටසක් කිරි ගොවියන්ටත් ලබාදුන්නා අන්න ඒ ආකාරයටම වර්තමානයේදී මිල්කෝ ආයතනය ඉන්දියාවේ ‘අමුල්’ සමාගමට විකුණන්න සැලසුම් කර තිබීම පරාජය කර, ලාභ ලබන තත්ත්වයට ගෙනත් තිබෙනවා. ඒ ආකාරයට කෘෂිකාර්මික ක්ෂේත්‍රය සහ පශු සම්පත් ක්ෂේත්‍රයේ විශාල ජයග්‍රහණ ලබා ගන්න දැනටමත් මුල පුරා තිබෙනවා. මේ ආකාරයට රාජ්‍ය සම්පත් කුණු කොල්ලයට විකුණන්න තිබුණු සියලු සැලසුම් නවත්වා ජනතාවගේ ජයග්‍රහණය වෙනුවෙන් යොදවා ගන්න ක්‍රියාකරනවා. ඒ වෙනුවෙන් සුවිශේෂී අපේක්ෂක කණ්ඩායමක් කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් මහ මැතිවරණයට මාලිමාව යටතේ ඉදිරිපත් කර සිටිනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මේ කවුරු යැව්වත් ජනතාව වෙනුවෙන් කැපවී ක්‍රියා කරනවා. මහ මැතිවරණයෙන් මාලිමාවේ වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න එක්වන ලෙස සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
(-Colombo, November 8, 2024-) මාතර නිල්වලා ගඟේ ඉදි කර තිබෙන ලවණ බාධකය, ඒ අවට ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය ඉහළ යාමට හේතු වී ඇති බවට මෙන්ම කරදිය කුඹුරු කරා පැමිණීම හේතුවෙන් වගා හානි වන බවට ප්‍රදේශවාසීන් මෙන්ම ගොවි ජනතාව වෙතින් කරුණු ඉදිරිපත් වී ඇත. ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලා, කඩිනමින් විසඳුම් ලබා දීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය […]
(-Colombo, November 8, 2024-)
මාතර නිල්වලා ගඟේ ඉදි කර තිබෙන ලවණ බාධකය, ඒ අවට ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය ඉහළ යාමට හේතු වී ඇති බවට මෙන්ම කරදිය කුඹුරු කරා පැමිණීම හේතුවෙන් වගා හානි වන බවට ප්‍රදේශවාසීන් මෙන්ම ගොවි ජනතාව වෙතින් කරුණු ඉදිරිපත් වී ඇත.
ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලා, කඩිනමින් විසඳුම් ලබා දීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ අදාළ අමාත්‍යාංශ නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (08) වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී, ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් ගං වතුර තත්වයක් මෙන්ම ගොවිබිම්වලට ලවණ ජලය පැමිණීම සිදුවන්නේද යන්න සොයා බලා ඒ සඳහා ස්ථීර විසඳුම් ලබා දීම විධිමත් අධ්‍යයනයකින් අනතුරුව සිදු කළ යුතු බව එම ආයතන නියෝජනය කරමින් පැමිණි ඉංජිනේරුවන් පැවසූහ. ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර විසඳුම් හා යෝජනා ඉදිරිපත් කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අංශයේ සහාය ලබා ගැනීමට කරන ලද යෝජනාවට ජනාධිපති ලේකම්වරයා මෙහිදී සිය එකඟතාව පළ කළේය.
එසේම මේ සඳහා යෝජනාවලියක් සකස් කරන ලෙස උපදෙස් දුන් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා, පේරාදෙණිය විශ්විවද්‍යාලයීය ඉංජිනේරු අංශය සිදු කරන අධ්‍යයනයේ වාර්තාව පදනම් කරගෙන මේ සඳහා විසඳුම් ලබා දෙන ලෙසත්, එම කාර්යය ව්‍යාපෘතියේ දෙවැනි අදියර ලෙස ක්‍රියාත්මක කරන ලෙසත්, ඊට අවශ්‍ය ප්‍රතිපාදන ඉල්ලීම ඉදිරිපත් කරන ලෙසත් උපදෙස් ලබා දුන්නේය.
ලවණ බාධකය හේතුවෙන් නිල්වලා ගඟ දෙපස ජනතාවට සිය ගොවිබිම් අහිමි වීම ඇතුළු ජීවනෝපාය කෙරෙහි අහිතකර බලපෑම් සිදුවන බවට පැමිණිලි ලැබී ඇති බව සඳහන් කළ ලේකම්වරයා, එම තත්වය කඩිනමින් යථා තත්වයට පත් කිරීම රජයේ හා නිලධාරීන්ගේ වගකීම බව අවධාරණය කළේය.
මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය කිරීම සඳහාද විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත්, එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට වාරිමාර්ග හා ජල සම්පාදන මණ්ඩලය ඒකාබද්ධව කටයුතු කළ යුතු බවත් අවධාරණය කළ ජනාධිපති ලේකම්වරයා එම ගැටලුව විසඳීමට නිසි පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
(-අම්පාර ජයග්‍රාහී ජනතා රැලිය 2024.11.04-) පසුගිය ජනාධිපතිවරණයේ දී මේ රටේ ජනතාව ඉතාමත් නිර්භීත ධෛර්වන්ත තීන්දුවක් ගත්තා. දීර්ඝ කාලයක් මේ රට පාලනය කළේ දුෂිත ප්‍රභූ කණ්ඩායමක්. ඔවුන් අපේ රටේ සම්පත් බහු ජාතික සමාගම් වෙත විකුණා දැමුවා. ඔවුන් භාණ්ඩාගාරයේ ධනය හිතු හිතු සේ පාවිච්චි කළා. මහජනයාගේ දේපළ පරිහරණය කළා. මම දැක්කා ළගදී පුවත්පතක පළවී තිබෙනවා මේ අම්පාර […]
(-අම්පාර ජයග්‍රාහී ජනතා රැලිය 2024.11.04-)
පසුගිය ජනාධිපතිවරණයේ දී මේ රටේ ජනතාව ඉතාමත් නිර්භීත ධෛර්වන්ත තීන්දුවක් ගත්තා. දීර්ඝ කාලයක් මේ රට පාලනය කළේ දුෂිත ප්‍රභූ කණ්ඩායමක්. ඔවුන් අපේ රටේ සම්පත් බහු ජාතික සමාගම් වෙත විකුණා දැමුවා. ඔවුන් භාණ්ඩාගාරයේ ධනය හිතු හිතු සේ පාවිච්චි කළා. මහජනයාගේ දේපළ පරිහරණය කළා. මම දැක්කා ළගදී පුවත්පතක පළවී තිබෙනවා මේ අම්පාර දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රීවරයෙක් අවුරුදු 36කට පසු නිවස බාරදුන්නා කියලා. ඒ අය මෙහෙත් එහෙමයි, කොළඹත් එහෙමයි. ඔවුන් රජයේ නිවාසවලින් ඉවත් කරන්න නඩු දාන්න අප තීන්දු කර තිබෙනවා. ඔවුන් මුළු ජීවිත කාලයම ආණ්ඩුවෙන් යැපුණු අය. මහජනයාගේ දේපොළ රිසි සේ තමන්ගේ පෞද්ගලික දේපළක් සේ පාවිච්චි කළ අය. මේ රට මහා ණය උගුලක හිර කරපු ඔවුන්, ඔවුන්ගේ පවුල්වල උදවියට හා වටේ සිටින කණ්ඩායම්වලට පමණක් සේවයක් කළ අයයි.
පසුගිය වසර 76 පුරා ආණ්ඩු මාරුවුණාට බලය මාරුවුණේ ඔවුන්ගේ පවුල් අතරයි. හැබැයි පසුගිය ජනාධිපතිවරණයේ දී මේ රටේ ජනතාව නිර්භීත තීන්දුවක් ගත්තා. පැරණි, සම්ප්‍රදායික අසාර්ථක පාලනය පලවා හැර පොදුජනතාවගේ පාලනයක් පසුගිය ජනාධිපතිවරණයේ දී මේ රටේ ජනතාව ගොඩනගා ගත්තා. එය ඉතා වැදගත් තීන්දුවක්. එය මෙරට දේශපාලනයේ ප්‍රබල හැරවුමක්. එම ජනාධිපතිවරණයේ දී ඇතැම් ස්වාමින්වහන්සේලා පවා වේදිකාවට නැගලා පන්සලේ දානේ නැති වෙයි, පෙරහැර නැති වෙයි, ආයේ පෝයට සිල්ගන්න බැරිවෙයි කිව්වා.
මුස්ලිම් ජනතාවට කිව්වා වදින්න දෙන්නේ නැහැ, රැවුල වවන්න දෙන්නේ නැහැ, ඔවුන්ගේ සංස්කෘතීන් අනුව කටයුතු කරන්න දෙන්නේ නැහැ කියලා. එපමණක් නොවයි ජාතින් අතර සැකය අවිශ්වාසය ගොඩනැගීමට මත වැපිරුවා. අපි ආවාම ගැස් පුපුරනවා, තෙල් පෝලිම් ඇති වෙනවා, කිරි පිටි පෝලිම් එනවා, ඩොලරය 400ට නගිනවා කිව්වා. ආර්ථිකය කඩා වැටෙනවා කිව්වා. ඒ විතරක් නෙවෙයි අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළොත් මේ රට මහා ලේ විලක් බවට පත් වෙනවා කිව්වා. අනිත් පාක්ෂිකයන්ට ගහනවා, හිංසා කරනවා කියලා කිව්වා. රට ජාත්‍යයන්තර වශයෙන් හුදකලා වෙනවා කිව්වා. විදෙස් සංවිධාන අපත් සමග කටයුතු කිරීම නතර කරයි කිව්වා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ආ විට මේ රට මහා ව්‍යසනයකට පත් වෙයි කිව්වා. නමුත් අපි ඒ සියල්ලට මුහුණ දෙමින් ඒ සියල්ල බොරු අවලාද බව තහවුරු කර තිබෙනවා.
ජාතික ජන බලවේගය ආණ්ඩුවක් හදන්න මේ රටේ ජනතාවට විශ්වාසයක් තිබුණා අපි ඒ පිළිබඳ ඔබට පළමුකොටම ස්තූතිවන්ත වෙනවා. විවිධ අවලාද නැගු වෙලාවක, රටට අනතුරක් වෙයි කියලා කිව්ව වෙලාවක පසුගිය ජනාධිපතිවරණයේ දී රටේ ජනතාව ජාතික ජන බලවේගය කෙරෙහි විශ්වාසය තැබුවා.
දැන් මහ මැතිවරණය පැමිණ තිබෙනවා. එදා එහෙම කියපු අය අද අම්පාරට එනවද, පසුගිය ජනාධිපතිවරණයේ දී ඒ දෙන්න වැඩිපුර හිටියේ නැගෙනහිර හා උතුරු පළාතේ. මේ ඡන්දෙදි එන්නේ නැත්තෙ ඇයි, ඔවුන්ට ඇවිල්ලා කියන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. අද ඔවුන් අසාර්ථක භාවයේ පතුලටම ගිලිලා තිබෙන්නේ. රැස්වීමක් පවත්වන්න බැහැ, ගෙයින් ගෙට යන්න බැහැ, සාකච්ඡාවක් පවත්වන්න බැහැ. ඔවුන්ට තවදුරටත් ජනතාවට මුහණ දෙන්න බැහැ. ඒ තරමටම ජනතාවට බොරු කිව්වා. අවලාද නැගුවා. බැරි වෙලාවත් අද ඔවුන් රැස්වීමකට ආවොත් අහන්න පෝය ඉවරද, දානේ නැද්ද, ලේ විලක් වුනාද, ඩොලරය 400 වුණාද කියලා.
දැන් රැස්වීම නැති වුණාට මාධ්‍ය සාකච්ඡා පවත්වනවා. පුටුවයි, මේසයයි, පිටි පස්සේ බැනර් එකයි, මයික් කිහිපයක් සහ කැමරා දෙකයි. මාධ්‍ය හමු පවත්වමින් නැවත අසත්‍ය, අවලාද කීමට පටන් ගෙන තිබෙනවා. ගමට එන්න බැහැ, ජනතාව ඔවුන්ට ඇහුම්කන් දෙන්නේ නැහැ, ජනතාව ඔවුන්ට ඇහුම්කන් දෙන්න එකතු වෙන්නේ නැහැ. හැබැයි මාධ්‍ය බලය උපයෝගි කරගෙන අසත්‍ය කරුණු කියන්න පටන් ගෙන තිබෙනවා. හැබැයි ඒ සියල්ලට මෙම නොවැම්බර් 14 වෙනිදා මේ රටේ ජනතාව නිසි පිළිතුරු ලබාදෙන බව අපට විශ්වාසයි.
ආණ්ඩුව තියෙන්නේ මාස 03යි කියනවා, දැන් වෙන පක්ෂවල ක්‍රියාකාරිත්වයක් තිබෙනවද, අපේ ආණ්ඩුව තියෙන්නේ මාස 03යි නම්, ගන්නේ කවුද, ගන්න කෙනෙකුත් නැහැ. ඒ නිසා ජාතික ජන බලවේගය ආණ්ඩුව මේ රට හදලා මිසක් ආපසු හරවන්න බැරි බව මේ සියලූදෙනා තේරුම් ගත යුතුයි. මේ කතා ඔවුන් දුකට කියන කතා. ඔවුන් කවදාවත් හිතුවේ නැහැ ඔවුන් අතින් මේ විදියට බලය ගිලිහෙයි කියලා. ඔවුන් හැමදාම හිතුවේ ඔවුන්ගේ කණ්ඩායම් අතරේ බලය තියාගන්න පුළුවන් කියලා. ඔවුන් කවදාවත් නොසිතු දෙයක් සිදු වුණා.
අද ජනතාවගේ විශ්වාසය එන්න එන්න ජාතික ජන බලවේගය ආණ්ඩුවට වැඩි වෙනවා. ආණ්ඩුවක් තියෙනවද, නැද්ද කියලා තිරණය කරන්නේ රටේ ජනතාව. ඔබ දන්නවා පසුගිය 2019 ජනාධිපතිවරණයේ දී ලක්ෂ 69ක් ඡන්ද ලැබුණා. ජනතාව හිටියා. විධායක බලය තිබුණා. 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී 2/3ක් ලැබුණා. විශාල ජනවරමක් තිබුණා. විධායක බලය තිබුණා, පාර්ලිමේන්තුවේ 2/3 තිබුණා. හැබැයි ආණ්ඩුව දිව්වේ අවුරුදු දෙක හමාරයි. විධායක බලය සහ පාර්ලිමේන්තු බලය තිබුණට ආණ්ඩුව දුවන්නේ නැහැ. ආණ්ඩුව දුවන්න නම් ජනතා විශ්වාසය තිබිය යුතුයි.
පසුගිය ජනාධිපතිවරණයේ දී අපට ඡන්දය නොදුන් අය ඉන්නවා. බයට, අවබෝධයක් නොමැතිකම හෝ අනෙක් පක්ෂ සමග තිබෙන බැදීම නිසා හෝ එම පක්ෂ විසින් අප පිළිබඳ කරන අසත්‍ය චෝදනාවලට හසු වී හෝ කුමන හේතුවක් නිසා හෝ අපට ඡන්දය නොදුන් ජනතාවක් සිටියා. නමුත් ජනාධිපතිවරණයේ දී අපට ඡන්දය නොදුන් ජනතාවත් මෙම නොවැම්බර් 14 වෙනිදා මැතිවණයේ දී අපට ඡන්දය ලබාදෙනවා. ඒ කියන්නේ එන්න එන්නම ජනතාවගේ විශ්වාසය දිනා ගන්නවා. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව අපි ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් හදලා මේ රට ගොඩනැගීම සඳහා වන වැඩපිළිවෙළ ක්‍රමානුකූලව දියත් කරනවා. එය දකින, එය පේන, ඇහෙන ජනතාවට තව තවත් ජාතික ජන බලවේගය කෙරෙහි විශ්වාසය වැඩි වෙනවා.
පසුගිය ජනාධිපතිවරණයේදී මුස්ලිම් ජනතාව අපිට අඩුවෙන්නම් ඡන්දය දුන්නේ, මේ මහ මැතිවරණයේදි වැඩියෙන්ම ඡන්දය දෙන්නේ ජාතික ජන බලවේගයටයි. ඒ වගේම දෙමළ ජනතාව එදා හිතුවා අපිට දිනන්න බැරි වෙයි කියලා. ඒ වගේම අපේ පණිවිඩය ඔවුන්ට නිවැරදිව ගියේ නැතුව ඇති. ඒ නිසා ඔවුන් වෙන පක්ෂවලට ඡන්දය දුන්නා. හැබැයි මේ මහා ඡන්දෙදි ඔවුනුත් ජාතික ජන බලවේගයට ඡන්දය දෙනවා. මේ අයුරින් සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවගේ විශ්වාසය දිනා ගන්නා ලද ආණ්ඩුව බවට අද ජාතික ජන බලවේගය ආණ්ඩුව පත්ව තිබෙනවා.
මේ අම්පාර දිස්ත්‍රික්කය දෙමළ, සිංහල, මුසිලිම් ප්‍රධාන ජන කණ්ඩායම් තුනම ජීවත්වන දිස්ත්‍රික්කයක්. මේ දිස්ත්‍රික්කයේ දේශපාලන ව්‍යාපාරය ගොඩනැගී තිබුණේ මුස්ලිම් අයට වෙනම පක්ෂ, සිංහල අයට වෙනම පක්ෂ ලෙසයි. මුස්ලිම් ජනතාව මුස්ලිම් පක්ෂවල නායකයෝ, සිංහල ජනතාව සිංහල පක්ෂවල නායකයෝ තෝරා ගන්නවා. ඒ නිසා ආගම්වලින්, සංස්කෘතීන්වලින්, භාෂාවෙන් විතරක් නෙවෙයි වෙනස්කම් තිබුණේ. පක්ෂවලිනුත් වෙනස්කම් තිබුණා. ඒ කියන්නේ අපි හැම අතින්ම බෙදුණු ජාතියක් බවට පත් වුණා. අපි ඒ බෙදීමේ ප්‍රතිවිපාකවලට මුහුණ දුන් ජාතියක්.
අවුරුදු 30ක යුද්ධයකට අපි මුහුණ දුන්නා. පාස්කු ප්‍රහාරය සිදුවුණා. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර සැකය, ක්‍රෝධය හා වෛරය වර්ධනය වුණා. අපි බෙදුණු ජාතියක් වුණා. එකිනෙකා බෙදිලා අපිට ජාතියක් විදියට ඉදිරියට යන්න බැහැ. මේ රටේ අනාගතය සහ දරුවන්ගේ අනාගතය රදා පවතින්නේ ආර්ථික වශයෙන් අත්පත් කරගන්නා සංවර්ධනයෙන් පමණක් නොවයි. අපි මොනතරම් ප්‍රමාණයකට ජාතික සමගිය ගොඩනැගීමට සමත්ද, ඒ තරම් ප්‍රමාණයකින් මේ රට දියුණු කළ හැකියි. අපි බෙදුණු යුගය අවසන් කළ යුතුයි. අපි එකම ලාංකීය ජාතියක් බවට පත්විය යුතුයි.
අද ලංකාවේ උතුරට, නැගෙනහිරට, කඳුකරයට හා බටහිරට එකම සෙවණක් යටතේ නායකත්වය ලබාදෙන දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය විතරයි. අද දකුණේ පක්ෂ තිබෙනවා, නැගෙනහිර පක්ෂ සමග එකතුවී ඡන්දවලට එනවා. දකුණේ පක්ෂ තිබෙනවා උතුරේ පක්ෂ සමග එක්වී ඡන්දවලට එනවා. නමුත් ජාතික ජන බලවේගය එක් පළාතකට සිමාවූ දේශපාලන බලවේගයක් නෙවෙයි. එම දේශපාලන ව්‍යාපාරය උතුර, දකුණ, නැගෙනහිර සියලුදෙනා නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරයයි.
පසුගිය ජනාධිපතිවරණයේදී අනිත් හැමදෙනාම නැගෙනහිර මුස්ලිම් ජනතාව ළගට ගියේ මුස්ලිම් පක්ෂ අල්ලගෙන. උතුරට ගියේ උතුරේ පක්ෂ අල්ලගෙන, නමුත් උතුරට, දකුණට නැගෙනහිරට එකම දේශපාලන පක්ෂයක් ලෙස ගියේ ජාතික ජන බලවේගය විතරයි. අපට මුස්ලිම් ජනතාවගෙන් සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලැබුණා. දෙමළ ජනතාවගෙන් විශාල ඡන්ද ප්‍රමාණයක් ලැබුණා. එහෙත් එය ප්‍රමාණවත් නැහැ. ඇයි එම ජනතාව තුළ විශ්වාසයක් තිබුණේ නැහැ අපි ජයග්‍රහණය කරයි කියලා. එම ජනතාව අතර අලුත් නායකයන් ගොඩනැගීමට අප අසමත් වී තිබුණා. ඒ නිසා ඔවුන් පැරණි නායකත්වයන්ටම හිර වුණා. නමුත් ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව වැඩිම පිබිදීම ඇති වුණේ උතුරේ දෙමළ ජනතාව තුළයි. මට මෑතකදී උතුරේ දෙමළ පක්ෂයක නායකයෙක් හමු වුණා. ඔහු කියනවා මහ ඡන්දයෙන් පස්සේ අපත් සමග එකට වැඩ කරන්න ලෑස්තියි කියලා.
සිංහල, දෙමළ මුස්ලිම් සියළු ජනයාගේ විශ්වාසය දිනාගත් ව්‍යාපාරයක් ලෙස ලංකාවේ පළමු වතාවට දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගී තිබෙනවා. අපේ ආණ්ඩුව ඒ සියළුදෙනාගේ සංස්කෘතිය අනුව කටයුතු කිරීමේ අයිතිය, තමන්ගේ භාෂාවෙන් කටයුතු කිරීමට ඇති අයිතිය ආරක්ෂා කරනවා. කිසිඳු පුරවැසියෙක් තමන් අදහන ආගම, කතා කරන භාෂාව, සංස්කෘතිය අනුව කොන්වෙන්න බැහැ. වෙනස් කොට තකන්න බැහැ. එකම ලාංකික ජාතියක් ලෙස මේ ශ්‍රී ලංකාව ගොඩ නැගීමේ වගකීම ජාතික ජනබලවේගයේ ආණ්ඩුව අපි ඉටු කරනවා.
ගහගන්න රටක්ද, තරහ මරහ වෙන, අවිශ්වාසය, සැකය තියෙන රටක්ද අවශ්‍ය වෙන්නේ? අපිට අවශ්‍ය වෙන්නේ සමගි රටක්. එකට ජීවත් වෙන රටක්. ඒ රට අපි ගොඩ නඟනවා.
එපමණක් නොවෙයි අපි සැලසුම් ගණනාවක් සකස්කර තිබෙනවා. පළමුව ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කළ යුතුයි. දශක ගණනාවක් අපේ රටේ ආණ්ඩු හැදුනා. ඒ ආණ්ඩුවල බලය පවත්වා ගෙන යාමේ උපක්‍රමය වුණේ ගම් දුප්පත්භාවයට පත් කිරීමයි. ගම දුප්පත් වුනාම ඡන්ද දිනන්න ලේසියි. වැසිකිළි පෝච්චි දෙනවා කියලා හාල් කිලෝ දහයක් දෙනවා කියලා, තහඩු දෙකක් දෙන්නම් කියලා ඡන්දය ලබා ගන්නවා. රුපියල් දෙදාහට, කෑම පාර්සලයට රැස්වීම් සූදානම් කරන්න ගම දුප්පත් විය යුතුයි. ඔවුන්ගේ දේශපාලනය හැමදාම පැවතුණේ ගම දුප්පත් වුනොත් විතරයි. ගම දුප්පත්භාවයෙන් මුදවා ගැනීමට සැලැස්මක් ඔවුන්ට කවදාවත් තිබුණේ නෑ. අපේ ආණ්ඩුවේ ප්‍රධානම කාර්ය වෙන්නේ ගම දුප්පත්භාවයෙන් මුදවා ගැනීමයි. ජාතික ජන බලවේගය ආණ්ඩුව ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කළ ආණ්ඩුව බවට පත්වෙනවා.
ගමේ ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගය කෘෂි කර්මාන්තයයි. අපි ඒ සඳහා මූලික සැලැස්මක් සකස් කර තිබෙනවා. මේ වන විටත් අපි පොහොර සහනාධාරය පහළොස් දහසේ සිට විසිපන්දහස දක්වා වැඩිකර තිබෙනවා. අපේ වී ගොවියාත් පාරිභෝගිකයාත් විශාල හිරවීමක ඉන්නවා. වී ටික සාධාරණ මිලකට විකුණන්න බැහැ. පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් ගන්නත් බැහැ. අපි මේ තත්වය වෙනස් කරනවා. පහුගිය කන්නවල ආණ්ඩුව එක වී ඇටයක් අරගෙන නැහැ. අද ගොවීන් ළඟ වී නැහැ. වී තිබෙන්නේ ව්‍යාපාරිකයන් අතේයි. ඒ නිසා ඔවුන් මිල පාලනය කරන තත්වයකට පැමිණ තිබෙනවා. අපි මේ තත්වය වෙනස් කරනවා.
වී අළෙවි මණ්ඩලයත්, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවත් සතුව තිබෙන සියළු ගබඩා ප්‍රතිසංස්කරණය කිරීමට අප උපදෙස් ලබාදුන්නා. එළඹෙන මහා කන්නයේ සහතික මිලකට වැඩිම වී ප්‍රමාණය මිලදී ගැනීමට මේ ආණ්ඩුව සැළසුම් සකස් කර තිබෙනවා. මින්පසු සහල් සඳහා වෙළෙඳපොලේ විකෘතියක් හදන්න බැහැ. අපි කුඩා මෝල් හිමියන් සංවිධානය කරනවා. ලක් සතොස සමූපකාර ජාලය හරහා සහල් විකුණනවා. ආණ්ඩුවේ ගබඩාවේ වී තිබෙනවා. අඹරන්න පොඩි මෝල් හිමියෝ ඉන්නවා. විකුණන්න සමූපකාර ජාලය තිබෙනවා. එවිට ගොවියාටත් සාධාරණ මිලක් ලැබෙනවා. පාරිභෝගිකයාටත් සාධාරණ මිලකට සහල් මිලදී ගත හැකියි. එවිට ගොවි ජනතාවගේ අතට වැඩියෙන් මුදල් ගලා එනවා.
ඊළඟට ග්‍රාමීය ජනතාව දුප්පත්භාවයෙන් මුදවා ගැනීමට නම් ප්‍රධාන දේ අධ්‍යාපනයයි. ගමේ දරුවා ඉගෙන ගත හොත් දුප්පත්භාවයෙන් එළියට පැමිණිය හැකියි. ඒ නිසා මේ රටේ අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා කටයුතු කරනවා. එක දරුවෙක් අධ්‍යාපනයෙන් එළියට වැටෙන්න දෙන්නේ නැහැ.
ඒ විතරක් නෙවෙයි මේ පළාත්වල කිරි නිෂ්පාදනය ප්‍රධාන කර්මාන්තයක් බවට පත්කළ හැකියි. ඒ සඳහා තෘණබිම් ලබාදීම, කිරි මිලදී ගැනීමේ මධ්‍යස්ථාන ශක්තිමත් කිරීම ආදි වැඩපිළිවෙලක් මගින් කිරි කර්මාන්තය හරහා ගැමියා දියුණු කරනවා. ඒ වගේම ඇතැම් ප්‍රදේශ සංචාරක ව්‍යාපාරයට ඉතාමත් යෝග්‍ය තෝතැන්නක්. සංචාරක ව්‍යාපාරය පිළිබඳ විශාල සැලැස්මක් අපි සකස් කර තිබෙනවා. අපි 2025 වසර ලංකාවට සංචාරකයින් වැඩියෙන්ම පැමිණෙන වසර බවට පත් කරනවා.
ඒ විතරක් නෙවෙයි රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව අපි ඇති කරනවා. ඒ වගේම අපගේ ස්වභාවික සම්පත් වන නව කර්මාන්ත පද්ධතියකට අපි පියවර තබනවා. මේ සියල්ල ඉතා හොඳින් සැලසුම් කර අපි දියත් කළොත් මේ රට ලෝකයේ දියුණුම රටක් බවට පත් කළ හැකියි.
පහුගිය කාලේ පාලකයෝ අපේ රට දුප්පත්භාවයේ රටක්, ණය ගෙවා ගන්න බැරි රටක්, ලෝකයේ අපකීර්තියට ලක්වුණු රටක් බවට පත් කළා. ජාතික ජන බලවේගය අපි මේ රට පොහොසත් රටක්, ලෝකය පිළිගන්නා දියුණු රටක් බවට පත් කරනවා. මේ සිහිනය අපි කාලයක් තිස්සේ දැක්කා. අපේ ජීවිත කාලයේ වැඩි කාලයක් මේ වෙනුවෙන් පොර බැදුවා. දැන් එය සාර්ථක කර ගැනීමේ අවස්ථාව අපට ලැබී තිබෙනවා.
ඒ නිසා අපි ඔබට එක සහතිකයක් දෙනවා. ඔබ අප කෙරෙහි විශ්වාසය තබා ඡන්දය දුන්නා. අපි ඔබේ විශ්වාසය ආරක්ෂා කරමින් මේ රට ගොඩ නගනවා. මේ රට ගොඩ නැගීම සඳහා දේශපාලන නායකත්වය සමීපව ලබා දිය යුතුයි. ජනාධිපති දේශපාලන බලයේ එක තැනක්. පාර්ලිමේන්තුව දේශපාලන බලයේ තව තැනක්. පළාත් සභාව දේශපාලන බලයේ තව තැනක්. ප්‍රාදේශීය සභාව, නගර සභාව දේශපාලන බලයේ තව තැනක්. ඒ නිසා මේ දේශපාලන බලය පෙළ ගැසී තිබෙන්නේ ජනාධිපති, පාර්ලිමේන්තුව, පළාත් සභාව, නගර සභා හා ප්‍රාදේශීය සභා ලෙසයි. සමීපව මේ රට මෙහෙයවීම සඳහා මේ දේශපාලන බලය අවශ්‍යයයි. දැනට අපට දේශපාලන බලය තිබෙන්නේ ජනාධිපතිධුරයේ පමණයි. මේ රට ගොඩ නැගීමට එය පමණක් ප්‍රමාණවත් නැහැ.
අපට අවශ්‍ය මේ ප්‍රදේශයේ ප්‍රශ්න පාර්ලිමේන්තුවට ගෙන යාමට, ආණ්ඩුවට අවධානය යොමු කිරීමට, ජාතික සංවර්ධන සැලසුම් මේ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට මේ දිස්ත්‍රික්කයෙනුත් මහජන නියෝජිතයෝ අවශ්‍යයයි. ඒ නිසා අපි ඉතා ඉක්මණින්ම නොවැම්බර් මාසයේ 14වෙනිදා ඊළඟ දේශපාලන බලය තිබෙන පාර්ලිමේන්තුවේ බලය අත්පත් කරගත යුතුයි. එවිට ජනාධිපතිධුරය තිබෙනවා. පාර්ලිමේන්තුව තිබෙනවා. ඉතා ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් හදන්න අවශ්‍යයි. පළාත් සභාත් ලබන වසරේ පැවැත්වීමට අප සැලසුම් කර තිබෙනවා. පළාත් පාලන ඡන්දත් අපි පවත්වනවා. එවිට දේශපාලන ව්‍යූහය හරියටම තිබෙනවා. දැන් සැලසුම් සකස් කරනවා. බිම්මට්ටම දක්වා ක්‍රියාත්මක කිරීමට එහා යාන්ත්‍රණය තිබෙනවා.
දැන් ඉන්නේ ඇමතිවරු තුනයි. ජනාධිපති, අගමැති, ඇමති, තුනයි. අපි ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් හදන්න ඕන. විසිපහට අඩුයි. මෙතෙක් කල් අපේ රටේ කැබිනට් මණ්ඩල හැදුණේ ඥාතීන්ට, මිතුරන්ට ඇමතිධුර ලබාදෙන්න. ජාතික ජන බලවේගය පලමු වතාවට විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් හදනවා. හැම විෂයක් පිළිබඳවම අවබෝධය තිබෙන, ගැලපෙන විෂයයන් ඒකාබද්ධ කර ඇති, අත්දැකීම් සහිත, අදූෂිත, අවංක, බාරදෙන කටයුතු නිම කිරීමට ධෛර්ය තිබෙන මිනිසුන්ගෙන් කැබිනට් මණ්ඩලය හදනවා.
පළමු කොට මේ රට ගොඩ නැගීමට දේශපාලන ප්‍රමිතීන් තිබිය යුතුයි. අපේ රටේ දේශපාලනකයාට, දේශපාලනයට ප්‍රමිතීන් නෑ. හිතෙන ඕනම දෙයක් දේශපාලකයාට කළ හැකියි. ඔබ දන්නවා මේ දිනවල ලියාපදිංචි නොකළ වාහන සොයා ගන්නවා. රේගුවෙන් පන්නපු වාහන, පාවිච්චි කර තිබෙන්නේ ඇමතිවරු. ඔබ අංක තහඩුවක් නැති වාහනයක් පාරට දාන්නනේ නෑ. නමුත් ඇමති ලියාපදිංචි නොකළ වාහන දුවනවා. ඒ කියන්නේ ඇමති නීතියට යටත් නෑ. ඔවුන්ට රේගුවෙන් වාහන ගේන්න අවශ්යක නෑ. ඔවුන්ට පන්නලා වාහන ගේන්න පුලුවන්. ඔවුන්ගේ වාහනවලට අංක තහඩු අවශ්යක නෑ. මේ තමයි අපේ රටේ දේශපාලනය. අපි මේ දේශපාලනයට ප්‍රමිතියක් ගේනවා.
ජනාධිපතිවරයා තමන්ගේ කාර්යන් සඳහා මහජන මුදල් උපයෝග කර ගත යුත්තේ කොපමණද? ජනාධිපතිවරයා යැපිය යුත්තේ මහජන මුදල්වලින් කොපමණ ප්‍රමාණයකින්ද? ඒ සඳහා ප්‍රමිතියක් සකස් කළ යුතුයි. ජනාධිපතිත් ප්‍රමිතිගතයි. ඇමති මණ්ඩලයටත් ප්‍රමිතියක් තිබෙනවා. මන්ත්‍රීවරුන්ටත් එහෙමයි. හිටපු ජනාධිපතිවුරන්ටත් එහෙමයි.
කෝකියෝ අවශ්‍යද හිටපු ජනාධිපතිලගෙ ගෙවල්වලට? ඉල්ලා තිබෙන කෝකියෝ ප්‍රමාණය දැක්කම මම හිතුවා පැරදුනාට පස්සේ රෙස්ටෝරන්ට් එකක් දාන්න යන්නේ කියලා. නැත්නම් එච්චර කෝකියෝ මොකටද? දේශපාලනයට ප්‍රමිතියක් නෑ. ජනාධිපතිවරුන්ට විශාල ගෙවල් හදලා තිබෙනවා. හිටපු ජනාධිපතිවරුන්ට සීමාවක් නෑ. වාහනවල සීමාවක් නෑ. ආරක්ෂකයන් දෙනවා සීමාවක් නෑ. මේවා සීමා කරන්න අවශ්යි නැද්ද? ඒක පළි ගැනීමක්ද? අපේ රටේ දේශපාලනය ප්‍රමිතිගත කළ යුතුයි. ඒ කාර්යය ජාතික ජන බලවේගය ආණ්ඩුව කරනවා. දේශපාලකයා නීතියට යටත් විය යුතුයි. දේශපාලකයා නීතියට වඩා උඩින් ඉන්න බෑ. එහෙම රටක් අපි හදනවා.
(-Colombo, November 5, 2024-) ජනාධිපතිවරණයේදී ජනතාව ගත්ත නිවැරදි තීරණය සම්බන්ධයෙන් අපි ස්තුතිවන්ත වෙනවා. අපි රටට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරන්න ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් අවශ්‍ය වෙනවා. ඒ ශක්තිමත් ස්ථාවර බලය පාර්ලිමේන්තුවෙන් ලබාදෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලනවා. ජනාධිපතිවරණයේදී ජනතාව විසින් පරාජයට පත්කළ පැරණි දේශපාලනයේ සිටි අයට ඒ පරාජය දරා ගන්න අමාරුයි. ඒ නිසා ඔවුන් මාලිමාවට විරුද්ධව නැවත […]
(-Colombo, November 5, 2024-)
ජනාධිපතිවරණයේදී ජනතාව ගත්ත නිවැරදි තීරණය සම්බන්ධයෙන් අපි ස්තුතිවන්ත වෙනවා. අපි රටට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරන්න ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් අවශ්‍ය වෙනවා. ඒ ශක්තිමත් ස්ථාවර බලය පාර්ලිමේන්තුවෙන් ලබාදෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලනවා. ජනාධිපතිවරණයේදී ජනතාව විසින් පරාජයට පත්කළ පැරණි දේශපාලනයේ සිටි අයට ඒ පරාජය දරා ගන්න අමාරුයි. ඒ නිසා ඔවුන් මාලිමාවට විරුද්ධව නැවත නැවතත් විවිධ අවලාද අපහාස සහ බොරු ප්‍රචාර ගෙනයන්න පටන්ගෙන තිබෙනවා. ඔවුන් ජනතාව නොමග යවන්න දරන උත්සාහය පරාජය කළ යුතුයි. ජනාධිපතිවරණයට පෙර සමාජයට බොරු කීම පිළිබඳව තවමත් ඔවුන් සමාව ගත්තේ නැහැ. ඒ පරාජිත කණ්ඩායම් ජාතිවාදය සහ ආගම්වාදය ඇවිස්සීමේ කැත අවලස්සන ප්‍රචාර ගෙනගියා. දේශපාලන විවේචන ඉදිරිපත් කිරීම ප්‍රශ්නයක් නොවෙයි. නමුත් එවැනි ආගම් සහ ජාති පටලවා ගත් බොරු ප්‍රචාර ගෙනයාම සමගි ජන බලවේගයේ සහ රනිල් වික්‍රමසිංහගේ වේදිකාවල දිගින් දි්‍රටම ගෙන ගියා. අනුර දිසානායක සහෝදරයා ජයග්‍රහණය කළොත් රට ලේ විලක් වීම පිළිබඳව විශාල ප්‍රචාරයක් ගෙන ගියා. නිවාස ඇතුළු දේපළ ගිනි තබන බවටත් ප්‍රචාරය කළා.
ජනාධිපතිවරණය අවසන් වී සති හයක් ගතවී තිබුණත් අපේ රටේ ඉතිහාසයේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් සිදු නොවුණු මැතිවරණයක් ලෙස වාර්තාවක් අපි තබා තිබෙනවා. අපේ ප්‍රතිපත්තිය අනෙකා රිදවීම නොව, අනෙකාව දිනාගැනීමයි. ඔවුන් ජනාධිපතිවරණයට පෙරත් බොරු ප්‍රචාර කළ බව අමතක කර, දැන් තව තව බොරු කියමින් යනවා. ජනතාවට බොරු කියා නොමග යැවීම සමාජ අපරාධයක්. විශේෂයෙන් සමගි ජන බලවේගයේ වේදිකාවලට ගොඩවුණු භික්ෂූන් වහන්සේලා පවා කීවේ අපේ ජයග්‍රහණයක් තුළ පන්සල් විනාශ කර, පෙරහැර කරන්න ඉඩ නොදී කාම්බෝජයේ වගේ තත්වයක් ඇතිකරන බව කීවා. භික්ෂූන් ඝාතනය කරාවි යැයි කීවා. අවසන් පෝය බවත් කීවා. එවැනි භීතියක් හැදුවත් අනුර සහෝදරයා ජනාධිපති වූ පසු සියලුම නිකායන්වල මහා නායක හාමුදුරුවන් වහන්සේලා හමුවීමට ගියා. ඒ වගේම දළදා මාලිගාවට, ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගන්නත් ගියා. අපේ අගමැති හරිනි සහෝදරිත් ගියා. ඒ සියලු අවස්ථාවලදී මහා නායක හාමුදුරුවන් වහන්සේලා ඇතුළු භික්ෂූන් වහන්සේලා ආශිර්වාද කළා. එහෙම තිබියදී අර බොරු ප්‍රචාර ගෙන ගිය අය නැවත වරක් 14දා ඡන්දය ඉවර වුණු වහාම ඇඳිරි නීතිය දමා පෝයට සිල් ගන්න අවස්ථාව අහිමි කරන බව කියනවා. ආගම් පටලවා ගෙන මෙතරම්ම බොරු කියන අය අතිශය විනාශකාරියි. එවැනි බොරුකාරයන් දේශපාලනිකව පරාජයට පත්කරන්න ඕනෑ. ඒ සමාජ විරෝධී ප්‍රචාර පරාජය කරන්න ඕනෑ.
මැතිවරණ කොමිෂන් සභාව සමග සාකච්ඡා කිරීමේදී ඡන්දයට නොවැම්බර් 14දා හැර වෙන දිනයක් යොදාගැනීමේ ගැටලුව ඔවුන් පැහැදිලි කළා. උසස් පෙළ විභාගය යෙදී ඇති බැවින් 14න් පසුව මැතිවරණය පැවැත්වීමට දිනයක් ගත නොහැකි බව කීවා. 14වැනිදා ඡන්දය පැවැත්වූවාම 15 වැනිදා සිල් ගන්න අයට කිසිම බාධාවක් වෙන්නේ නැහැ. පෙරහැර පවත්වන්නත් පුළුවන්. ජනාධිපතිවරණයට කලින් කීව බොරුව අතේ පත්තු වී තිබියදී දැන් ආපසු ඒ වර්ගයේම බොරුවක් විලිලැජ්ජා නැති ආකාරයෙන් සමගි ජන බලවේගය ප්‍රචාරය කරනවා. ආගම සම්බන්ධයෙන් මේ කියන බොරුවලට ආගමික නායකයින් විරෝධය පළකළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. බෞද්ධාගමට අමතරව ඉස්ලාම් ආගම සම්බන්ධයෙනුත් මෙවැනිම බොරු ප්‍රචාරය කරනවා. ආගම අදහන්න නිදහස නැතිවෙයි, මුස්ලිම් අයගේ රැවුල කපයි වගේ ඉතාම අසත්‍ය කුමන්ත්‍රණකාරී ප්‍රචාර ගෙන ගියා. අපේ සමහර සහෝදරවරු කළ ප්‍රකාශ කෑලි කපලා සංස්කරණය කරමින් විකෘති අදහස් නැවත නැවතත් සමාජගත කරමින් සිටිනවා. ඔවුන් දන්න එකම දේ බොරු කියන එක විතරයි. ආගමික විශ්වාසයන් මත පදනම්ව ජාතිවාදය මත විපක්ෂය විසින් ජනතාව මත පටවන බොරු අවලාද විශ්වාස කරන්න එපා කියලා සියලුම ජනතාවගෙන් ඉල්ලනවා. ජාති හෝ ආගම් භේද නැති ශ්‍රී ලාංකික ජාතිය නිර්මාණය කිරීමේ අරමුණ වෙනුවෙන් ජාතික ජන බලවේගය ක්‍රියා කරනවා.
මේ ප්‍රචාරයන් උතුරේ ජනතාව අතරටත් ගෙන යනවා. විකෘති කරන ලද වීඩියෝ පට යොදා ගනිමින් ගෙනයන බොරු ප්‍රචාර සම්බන්ධයෙන් කරුණු රැසක් හෙළිවී තිබෙනවා. මිනිසුන්ට බොරු කියන මෙවැනි කණ්ඩායම් පරාජය කර, ජාතික සමගිය ගොඩනැගිය හැකි, රට ගොඩනැගිය හැකි ජාතික ජන බලවේගයේ කණ්ඩායම ජයග්‍රහණය කරවන ලෙස ඉල්ලා සිටිනවා.
පරාජයට පත්වූ රනිල් වික්‍රමසිංහ නැවත වටයකින් බොරු කියමින් විහිළු සපයමින් ජනතාව නොමග යැවීමට උත්සාහ කරනවා. රනිල් වික්‍රමසිංහගෙන් ව්‍යවස්ථාව ගැන ඉගෙන ගන්න කියලා ඔහු කියලා තිබුණා. ව්‍යාවස්ථාව සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න එයාට කිසිම අයිතියක් නැහැ. ව්‍යවස්ථානුකූලව තිබුණු ඡන්ද කඩාකප්පල් කරපු, ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරපු, අධිකරණය නියෝග පවා නොතකා හරිමින් වැඩ කරපු රනිල් වික්‍රමසිංහගෙන් ඉගෙන ගන්න තියෙන්නේ ඒකාධිපතිවාදය ගැන මිස ප්‍රජාතන්ත්‍රවාදය සහ ව්‍යවස්ථාව ගැන නොවෙයි. පැරදුනාට පස්සෙත් ආණ්ඩුවෙන් කෝකියෝ 16 දෙනෙකු ඉල්ලා සිටියා නම්, ඒ කාලයේ කොහොම පාවිච්චි කරන්න ඇත්ද? රනිල් වික්‍රමසිංහ 1977 සිට ජීවත් වුණේ මහජන මුදල්වලින්. දේශපාලනයෙන් පරාජය කළ පසුවත් මහජන මුදල්වලින් ජීවත් වෙන්න ඉල්ලනවා. ජනතාව රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් තීරණය අරගෙන තිබෙනවා, දැන් පරාජය පිළිගෙන පාඩුවේ ජීවත් වෙන්න කියලා අපි මතක් කරනවා.
අපි ගැන විරුද්ධවාදීන් කියපු කතා සියල්ලම ගෙවී ගිය මාස එකහමාර තුළ බොරුවී තිබෙනවා. මහ මැතිවරණයට රාජ්‍ය බලය පාවිච්චි නොකර, මහජනතාවගේ සම්පත් භාවිතා නොකර, ජනතාවට බියෙන් සැකයෙන් තොරව ඡන්දය පාවිච්චි කළ හැකි පසුබිමක් සකස් කර තිබෙනවා.
ජනාධිපති ඇතුළු තුන්දෙනෙක් ගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් දැන් රට පාලනය කරනවා. මැතිවරණයෙන් පසුව ආණ්ඩුවක් පිහිටුවා බොහෝ කටයුතු සිදුකරන්න තිබෙනවා. ඒ අතර ජනතාවට දිය හැකි සහන ලබාදී අලුත් මාර්ගයක රට ගමන් කරනවා කියන යථාර්ථවාදී හැඟීම අපි තහවුරු කර තිබෙනවා. ඒ නිසාම පසුගිය ජනාධිපතිවරණයේදී අපට ඡන්දය නොදුන් බොහෝ පිරිසක් මේ වර අපට ඡන්දය ලබාදෙන්න පෙළ ගැසී සිටිනවා. බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කිතුනු සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි බොරු ප්‍රචාර ගෙන යන අයට තවදුරටත් ඉඩනොදී ඔවුන් පරාජය කිරීමට එක්වන ලෙසයි. ඉදිරි දවස් කිහිපය තුළත් තවදුරටත් බොරු කියාවි. ඒ බොරු අවලාද ප්‍රතික්ෂේප කරමින් ජාතික ජන බලවේගයට ශක්තිමත් පාර්ලිමේන්තු බහුතර බලයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු
ප්‍රශ්නය: උදය ගම්මන්පිල ඇතුළු අය කියන්නේ ඔබලා බොරු කියමින් බලයට පත්වුණු බවයි. ඒ ගැන මොකද කියන්නේ?
පිළිතුර: උදය ගම්මන්පිල කියන්නේ බොරුවෙන්ම ජීවත්වෙන කෙනෙක්නේ. අපි කිව්වා කියලා කියන්නෙත් බොරු. ඒගොල්ලොම බොරු කියලා ඒ බොරු අපි කිව්වා කියන එකයි, ඒගොල්ලන්ගේ දේශපාලනය. උදය ගම්මන්පිය මහත්තයාට තිබෙන කුලප්පුව, අසනීපය අපට තේරෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ නිසි පරිදි පැවැත්වූයේ රවී සෙනෙවිරත්න, ශානි අබේසේකර මහත්වරු ඇතුළු කණ්ඩායමක්. ගෝඨාභය බලයට ආ ගමන් ඔවුන්ව ඒ පරීක්ෂණවලින් ඉවත්කර, හිරේත් දැම්මා. ඒ පරීක්ෂණ සම්බන්ධයෙන් හොඳම තොරතුරු දන්නා දෙන්නාට නැවත එම වගකීම් පැවරුවාම උදය ගම්මන්පිලව ඉත්තෙකුට දැම්ම පිටිපස්සේ ඉන්න අය ගැන අපි දන්නවා. උදය ගම්මන්පිල කියන ඔය වාර්තාව පරීක්ෂණ වාර්තාවකුත් නොවෙයි. අධිකරණ වාර්තාවකුත් නොවෙයි. වෙනත් පිළිගත් කොමිසමක වාර්තාවකුත් නොවෙයි. රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකරගෙන් පළිගන්න පත් කළ කමිටුවක වාර්තාවක් ඒක රහස් වාර්තාවකුත් නොවෙයි, එක කවුරුත් පිළිගන්නේ නැහැ. හැමදාම ප්‍රෙස් තිය තියා උදය ගම්මන්පිල ඔය ගැන කියවනවා.
ප්‍රශ්නය: එල් බෝර්ඩ් කට්ටිය පාර්ලිමේන්තුවට යවලා රට ගොඩගන්න බැහැ කියනවා.
පිළිතුර: එල් බෝර්ඩ් නැති කට්ටිය යවලා තමයි මහජන මුදල් හොරකම් කරලා රට විනාශ කළේ. අපේ එන්නේ එල්බෝර්ඩ් අය නොවෙයි. ඒ අය පාර්ලිමේන්තුවේ හිටපු නැති අය වුවත් මහජනතාව එක්ව දීර්ඝ කාලයක් දේශපාලනය කළ අයයි. සමහර අය පළාත් සභාවේ, ප්‍රාදේශීය සභාවල සිටි අයයි. තව පිරිසක් බිම් මට්ටමෙන් ජනතාව එක්ක වැඩ කළ අය. ඒ ගොල්ලෝ පළපුරුද්ද කියන්නේ මහජන මුදල් නාස්ති කිරීම, හොරකම් කිරීම වගේ දේවල්වලට විතරයි. ඒ වගේම ඒ කියන හැමෝම පාර්ලිමේන්තුවට එනකොට නවකයන් තමයි. ඉගෙන ගන්නේ ඊට පස්සේ. කලින් තිබුණු අමාත්‍යාංශ 28ක් 15කට අකුළලා අපේ තුන්දෙනෙක් පවත්වාගෙන යනවා. ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, සහ රාජ්‍ය ඇමතිවරු 60දෙනෙක් විතර කරගෙන ගිය කටයුතු අපේ තුන්දෙනා කරගෙන යනවා. මාලිමාවට කියන්න දෙයක් නැති වුණාම කියන කතා තමයි ඔය. නමුත් ජනතාව ඔය කතාව ප්‍රතික්ෂේප කරනවා. ශක්තිමත් බහුතර පාර්ලිමේන්තු බලයක් අපට ලබාදෙන්න පෙළ ගැසී සිටිනවා.
ප්‍රශ්නය: සහල් මිල සම්බන්ධයෙන් ඇති වී තිබෙන ප්‍රශ්නයට දෙන පිළිතුර මොකක්ද?
පිළිතුර : මේ වන විටත් මහා පරිමණ මෝල් හිමියන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් සමග සාකච්ඡා පවත්වා තිබෙනවා. සැලැස්මක් නැතිව පවත්වාගෙන ගිය ක්ෂේත්‍රයක කාලාන්තරයක් තිබුණු ප්‍රශ්නයක් මේක. ආණ්ඩුව මිලදී ගැනීම නතර කිරීම නිසා සහල් මෝල් හිමියන් කිහිපදෙනෙකු ගොවියාගෙන් අඩු මිලට වී මිලදී ගත්තා. ඒ අර්බුදය විසඳන්න විද්‍යාත්මක නිවැරදි සැලසුම් සකස් කර ක්‍රියාත්මක කරන්න අපි පියවර ගෙන තිබෙනවා. විශේෂයෙන්ම පොහොර ප්‍රශ්නය ඇති කළ පසු වී වගේම පොල් අස්වැන්න අඩුවී හිඟයක් ඇති වී මිල ඉහළ යාමේ ප්‍රශ්නයක් තිබෙනවා. 1977 ඉඳලා සිදුකළේ අපේ රටේ තිබුණු සශ්‍රීක පොල් ඉඩම් කට්ටිකර විකිණීමයි. ඊළඟට පොල් පොහොර මිල විශාල වශයෙන් වැඩි කළා. පොහොර යෙදිය නොහැකි නිසා, පොල් අස්වැන්න අඩු වුණා. ඒ වගේම ප්‍රමාණවත් තරම් අලුතින් පොල් වගා කළේ නැහැ. ඒ වගේම දැන් රිලව් ඇතුළු සතුන්ගෙන් තිබෙන ප්‍රශ්නයත් ලොකුම ප්‍රශ්නයක් මේ වැනි ගැටලුවලට විද්‍යාත්මක දිගු කාලීන විසඳුම් අවශ්‍යයි. අපි ආණ්ඩුවක් ගොඩනංවලා මේ ප්‍රශ්න වෙනුවෙන් ඵලදායී ස්ථිර විසඳුම් ලබා දෙනවා.