Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

ජනාධිපතිවරයාගේ සිට ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයා දක්වා යහපත් දේශපාලන ප්‍රමිතීන් සකස් කරනවා. බලයේ ඉන්නකොටත් මහජනයාගෙන්ම යැපිලා, විශ්‍රාම ගිය පසුත් මහජන මුදලින් යැපෙන දේශපාලන සංස්කෘතිය අවසන් කරනවාජනාධිපති අනුර කුමාර දිසානායක

(-රට හදන අපි එකට මාලිමාවට බදුල්ල දිස්ත්‍රික් විජයග්‍රාහී ජනතා රැලිය 2024.11.03-) ජනාධිපතිවරණයේදී අප ඉතාමත්ම අසීරු කඩයිම පැන්නා. දීර්ඝ කාලයක් තිස්සේ මැතිවරණ තිබුණා. ඒ හැම මැතිවරණයක්ම ජයග්‍රහණය කළේ ඒ අයයි. ඒ අය බෙදිලා ඡන්ද කරලා පස්සේ එකට එකතුවෙලා ආණ්ඩුව හැදුවා. දීර්ඝ කාලයක් එහෙට මෙහෙට දේශපාලන බලය මාරුණා. නමුත් පහුගිය ජනාධිපතිවරණයේදී බලය ජනතාව වෙත මාරු වුණා. පසුගිය […]

(-රට හදන අපි එකට මාලිමාවට බදුල්ල දිස්ත්‍රික් විජයග්‍රාහී ජනතා රැලිය 2024.11.03-)

President Anura Kumara Dissanayake Addressing The Crowd At The Victory Rally Of Badulla

ජනාධිපතිවරණයේදී අප ඉතාමත්ම අසීරු කඩයිම පැන්නා. දීර්ඝ කාලයක් තිස්සේ මැතිවරණ තිබුණා. ඒ හැම මැතිවරණයක්ම ජයග්‍රහණය කළේ ඒ අයයි. ඒ අය බෙදිලා ඡන්ද කරලා පස්සේ එකට එකතුවෙලා ආණ්ඩුව හැදුවා. දීර්ඝ කාලයක් එහෙට මෙහෙට දේශපාලන බලය මාරුණා. නමුත් පහුගිය ජනාධිපතිවරණයේදී බලය ජනතාව වෙත මාරු වුණා. පසුගිය ජනාධිපතිවරණයේදී බදුල්ලට කොළඹින් නායකයෝ ආවා. ජනාධිපති ආවා. හිටපු ජනාධිපතිලා ආවා. දැන් එනවද? මැයි දිනයට ඇවිත් කිව්වා වතු ජනතාවට රුපියල් 1700ක් දෙනවා කියලා. රජයේ සේවකයින්ට වැටුප් වැ ඩිකරනවා කිව්වා. කළාද? ඒ වගේම ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළොත් වෙන දේවල් පිළිබඳ විශාල අවලාද ප්‍රමාණයක් කිව්වා. ඔවුන් තමන්ගේ අතින් බලය ගිලිහී යාම වැළැක්වීම සඳහා සෑම ශතයක්ම වියදම් කළා. ඒවට මාධ්‍ය භාවිතා කළා. ඔවුන්ගේ අතේ බලය තියාගන්න උපරිම වෙර වීරිය දැම්මා. ඔවුන්ගේ උපරිම බලය පරාජය කරලා මහජන බලය ඉස්මතු කිරීමට සැප්තැම්බර් 21 වන සමත් වුණා. දීර්ඝ කාලයක් ඔවුන් අතේ තිබුණු බලය මේ රටේ ජනතාවගේ මැදිහත්වීම මත පරාජයට පත් කළා.

සමහර අය කියනවා ඡන්දෙ ටිකක් කම්මැලයි වගේ කියලා. දැන් හාල් බෙදන්න එනවද? බස් බෙදන්න එනවද? නැහැ. ඒ අය ස්වේච්ඡාවෙන්ම පරාජය බාරගෙන ඉවරයි. ඉස්සර කොළඹින් බදුල්ලට ආපු නායකයෝ දැන් කොළඹ ඉඳන් තමන්ගේ ඡන්දය කරනවා. සමහර නායකයෝ 1977 පාර්ලිමේන්තුවට ඇවිල්ල තියෙන්නේ. මන්ත්‍රීකම, ඇමතිකම, කතානායකකම, විපක්ෂනායකකම, අගමැතිකම, ජනාධිපති ධුරය ඒ සියල්ල දැරුවා. නමුත් ඡන්ද පැරදුනා. අවුරුදු 47ක් පාර්ලිමේන්තු ඉදලා විශාල මන්ත්‍රීකම්, ඇමතිකම්, විපක්ෂයනායකකම් අරගෙන නැවත නැවත ආයි එන්න හදනවා. ඒ අයට පරාජය දරාගන්න බෑ. මීට කලින් පැරදුනාට අවුලක් නෑ. මොකද පැරදුනේ ඒගොල්ලන්ගේම පැලැන්තියේ අයටයි. එයාලා හැමදාම හිතුවේ එයාලගේ පන්තිය අතේ බලය තියාගන්න පුළුවන් කියලයි. මේ වසර 76ම ඒගොල්ලන්ගේ පන්තිය අතේ බලය තිබුණේ. පවුලෙන් පවුලට බලය මාරු වුණා මිස ජනතාව අතට බලය මාරු වෙලා නැහැ. වෙනදා පරාජයන් දරාගන්න පුළුවන්. පරදින්නේ තමන්ගේ කෙනෙක්ටමයි. දිනන්නේ තමන්ගේ කෙනෙක්මයි නිසා. නමුත් මේ පරාජය ඔවුන්ට දරාගන්න බැහැ. ඔවුන් හිතනවා ඔවුන් ඉපදිලා ඉන්නෙම මේ රට පාලනය කරන්න කියලා. පොදු ජනතාව ඉන්නේ එයාලව නඩත්තු කරන්න කියලා. ඒ අය වේදිකා ගානේ ඇවිල්ල කියන්නේ දුක. ජාතික ජන බලවේගය ආණ්ඩුව මේ රට හදලා මිසක් නැවත හැරෙන්නේ නැහැ.

The Victory Rally Of Badulla Crowd

ඇතැම් ආණ්ඩු ඉතිහාසයේ අතරමග වැටිලා තියෙනවා. 2002 හදපු ආණ්ඩුව 2004 වැටුනා. මතක තියාගන්න ඒ වැටුන නෙමෙයි අපි එකතුවෙලා වැට්ටුවා. 2020 හදපු ආණ්ඩුව 2022 ජනතාව පලවා හැරියා. අතරමඟ ආණ්ඩු වට්ටල තියෙන්නේ ජනතාවයි. ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් තිබුණා. කැබිනට් මණ්ඩලයේ ඥාතීන් අටදෙනෙක් හිටියා. ලක්ෂ හැට නමයක් ඡන්දය දුන්නා. නමුත් 2022 වෙනකොට ජනතාව ආණ්ඩුව වැට්ටුවා. ඡන්දෙ දීල දවසෙන් දෙකෙන් ඒ ආණ්ඩුවෙන් ජනතාව ඉවත් වුණා. ජාතික ජන බලවේගය ආණ්ඩුව පසුගිය සැප්තැම්බර් 21වෙනිදා ඡන්දය ලබාදුන් ජනතාවට වඩා දැන් මාලිමාව වටා ජනතාව එකතු වෙමින් තිබෙනවා. ජනාධිපතිවරණයේදී ඡන්දය නොදුන් ජනතාවත් අප සමග එකතුවෙමින් තිබෙනවා. අප ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් ඉදිරියට යන ආණ්ඩුවක්. එය කිසිසේත් වට්ටන්න බැහැ. ඒගොල්ලෝ කවුරුත් ඇවිල්ලා ආණ්ඩුව ඉල්ලනවද? දැන් ඉල්ලන්නේ විපක්ෂය. එයාලම පිළිඅරගෙන තිබෙනවා නියත පරාජය. ඔවුන්ට ආණ්ඩුවක් හදන්න හිතන්නවත් බැහැ.

ජනාධිපතිවර්ණයේදී ඒ අය අපට නැගූ අවලාද නිසාම දැන් වෙනකොට වේදිකාවක දේශපාලන ව්‍යාපාරයක් කරන්න බැරි තැනට ඔවුන් පත්වෙලා. මොකද වේදිකාවට නැගල ඒගොල්ලෝ ඡන්ද ව්‍යාපාරය කරද්දී ජනතාව ඔවුන්ගෙන් අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න විදිහක් නැහැ.
ශක්තිමත් දේශපාලන නායකත්වයක් ජනතාවට දෙන්න ඕනේ.

Samantha Vidyarathna Kitnan Selvaraj And President Anura Kumara Dissanayake On Stage At The Victory Rally Of Badulla

පාර්ලිමේන්තුව, පළාත් සභාව, ප්‍රාදේශීය සභා හරහා තමයි එම දේශපාලන බලය ගොඩනැගෙන්නේ. ගමේ ප්‍රශ්න විසඳන්න, රටට විනයක් හදන්න, රාජ්‍ය සේවය ශක්තිමත් කරන්න සමීප දේශපාලන නායකත්වය අවශ්‍ය වෙනවා. දේශපාලන නායකත්වයක් තිබෙන තැන්වලින් අපිට තවම බහුතර බලයක් නැහැ. අපට දැනට තියෙන්නේ ජනාධිපති පුටුව පමණයි. පාර්ලිමේන්තු බලය තවම නැහැ. ඒනිසා මේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ජාතික ජන බලවේගයේ විශාල පිරිසක් පාර්ලිමේන්තුවට එවිය යුතුයි. ඒකට විපක්ෂයෙන් ගිහිල්ලා හරියන්නෙ නැහැ. ඒකට යන්න ඕනේ ආණ්ඩු පක්ෂයෙන්. මේ සැරේ බලවත් ආණ්ඩුවක් හැදිය යුතුයි. අපගේ සැලසුම් ප්‍රාදේශීය වශයෙන් ඉදිරියට ගෙන යෑමට එවැනි බලවත් ආණ්ඩුවක් අවශ්‍යයි. අපේ රටට යහපත් දේශපාලන විනයක් අවශ්‍යයි. අප හැමදෙනාම නාස්තිය අවම කරමින්, දූෂණය අවම කරමින් රටේ ජනතාව බලා ගනිමින් කටයුතු කරනවා.
ඇමතිවරුන්ට ලබාදී තිබෙන වරප්‍රසාද අපි ඉවත් කරනවා. ඉන්න ජනාධිපතිවරණයාට පමණක් නෙවෙයි හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාදත් අවම කිරීමට අප කටයුතු කරනවා. මහජන ධනය නිරපරාදේ වියදම් කිරීමට අප ඉඩ තියන්නේ නෑ. ඒ සඳහා නිසි ප්‍රතිපත්තියක් සකස් කරනවා. අපි කිසි කෙනෙකුගෙන් පළිගන්නවා නොවෙයි. යහපත් දේශපාලන ප්‍රමිතියක් සකස් කරනවා. එහෙම ප්‍රමිතියක් ඕන නැද්ද? තමන්ට රිසිසේ රට පාලනය කරන යුගය අපි අවසන් කරනවා. ජනාධිපතිවරයාගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දක්වා යහපත් දේශපාලන ප්‍රමිතීන් සකස් කරනවා. දැනට තිබෙන අයාලේ යන දේශපාලනය ප්‍රමිතිගත කරනවා. දැනට තිබෙන පාර්ලිමේන්තු ප්‍රමිතියෙන් තොර පාර්ලිමේන්තුවක්. මුදලට විකිණෙන මන්ත්‍රීවරු ඉන්න, අපරාධකරුවන් ඉන්න පාර්ලිමේන්තුවක්. මෙවැනි පාර්ලිමේන්තුවක් ප්‍රමිතිගත කරන්න ඕන නැද්ද?

මහජනයාගෙන්ම යැපිලා, මහජන ධනයෙන් ගත්ත වාහන පැරදිලා යනකොටත් අරගෙන යනවා. මේ පරපුටු දේශපාලන නවත්තන්න ඕන. ඒ සඳහා පාර්ලිමේන්තු බලය ඇති කිරීමට බදුල්ල දිස්ත්‍රීක්කයෙන් වැඩි මන්ත්‍රී ධුර ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ පිරවිය යුතුයි.

Crowd At The Victory Rally Of Badulla

ගැඹුරුතම ආර්ථික අර්බුදයට ලක්වී තිබෙන රටක් අපට දුන්නේ. ඒ නිසා මේ ආර්ථික තත්වය යටතේ ජනතාවගේ අවශ්‍යතාවන් ලබාදෙමින් පවත්වාගෙන යාම තමයි අපි මේ කාලයේ සිදු කළේ. මේ දින ගණනට ආයෝජකයන්ගේ විශ්වාසය, ගොවි ජනතාවගේ විශ්වාසය, ධීවර ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට අප සමත් වුණා. ඩොලරය තුන්සියට අඩුවෙන් පවත්වාගෙන යාමට අප සැලසුම් හැදුවා. ගෑස් හිගයකින් තොරව ලබාදීමට අපි සැලසුම් හැදුවා. ආර්ථිකය කඩා නොවැටි ඉදිරියට යාමට අප මැදිහත් වී තිබෙනවා. පාර්ලිමේන්තු බලයත් සමග ආර්ථිකයේ හැරුම් ලක්ෂයක් ඇති කිරීමට අපි සැලසුම් සකස් කර තිබෙනවා. කෘෂිකර්මාන්තය දියුණු කිරීමට, රාජ්‍ය සේවාව කාර්යක්ෂම කිරීමට, රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීමට, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට අප සැලසුම් සකස් කර තිබෙනවා. 2025 වසර ලංකාවට වැඩිම සංචාරකයින් පැමිණි වසර බවට අප පත් කරනවා. ආර්ථිකයට පණ පොවන්න අප සැලසුම් හදනවා. ග්‍රාමීය ජනතාව දුප්පත් භාවයෙන් මුදා ගැනීම සඳහා සැලැස්ම අප සකස් කර තිබෙනවා. අධ්‍යාපනය විශාල ප්‍රතිසංස්කරණයක් ඇතිකිරීමට අපේක්ෂා කරනවා. සෑම දරුවෙක්ම හැකියාව නිපුණතාවය සහිත දරුවෙක් ලෙස පාසලෙන් එලියට ඒම සඳහා අප වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ කැළි කසළ නැති දකුණු ආසියාවේ හොඳම රට බවට පත් කරනවා. විනයක් ඇති ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා. විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රය දියුණු කිරීමට කටයුතු කරනවා. කර්මාන්ත ක්ෂේත්‍රයේ නවෝදයක් ඇති කිරීමට අප කටයුතු කරනවා. කඩා වැටුණු රට, ලෝකය ඉස්සරහ අසරණභාවයට පත්වී තිබුණු රට, යළි පුනරුදය කරා කැඳවීම අප ආරම්භ කර තිබෙනවා. ඩිජිටල්කරණ ව්‍යාපෘතිය සඳහා මේ රටේ එම ක්ෂේත්‍රයේ ඉහළම දැනුමක් තියෙන පුද්ගලයා අප සමග වැටුප් රහිතව ස්වේච්ඡාවෙන් එකතුවී සිටිනවා. එහෙමයි අප වැඩ කරන්නේ. මේ රටේ ජනතාව සමග පොර බඳිමින් මේ රට ගොඩනැගීම සිදු කරන එකම ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවයි. මේ ආණ්ඩුව රට හදන ගමන් ජනතාව බලාගන්න ආණ්ඩුවක් බවට පත්වී තිබෙනවා. එහෙම ආණ්ඩුවක් කවදාවත් පත් වුණේ නැහැ. අනාගත පරම්පරාව දුක් විඳින්නේ නැති රටක් අපි නිර්මාණය කරමු. ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනාට එක්වෙන ලෙස ආරාධනා කරනවා.

Sudath Balagalla Addressing The Crowd At The Victory Rally Of Badulla

“1994 සිට අපි ඉල් විරුවන්ගේ කොඩිය මේ ජයග්‍රහණය දක්වා විවිධ මර්දන සහ අපහාස, අවලාද තුළින් අරගෙන ආවා.”
-ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් විධායක සභික සහ බදුල්ල දිස්ත්‍රික් අපේක්‍ෂක, සුදත් බලගල්ල-

පසුගිය කාලයේ අපට මඩ, අවලාද ගසන අය විශේෂයෙන් වැඩිහිටි අම්මා, තාත්තලා බය කළා. ඒ වුනාට එයාලගේ පාලනය නිසා මේ වැසි සමයේ අවුරුදු හැත්තෑව, අසූව වුණු අපේ ආදරණීය අම්මලා, තාත්තලාට සහ ආච්චිලා, සීයලාටත් කැත්ත උදැල්ල අරගෙන හේනට යන්නට සිදු වී තිබෙනවා. නමුත්, අපේ පාලනයක් තුළ ඒ වැඩිහිටි අම්මා, තාත්තලාට සුවපහසු ජීවිතයක් ගත කරන්න අවශ්‍ය වටාපිටාව, පහසුකම් සලසා දෙනවා. දේශපාලන ඉතිහාසයේ නොවැම්බර් මාසය කියන්නේ අපේ පක්ෂය සුවිශාලම මර්දනයකට ලක් කරපු කාලයක්. අපේ පක්ෂයේ හැටදහසකට වැඩි පිරිසක් ඝාතනය කළා. ඒ විරුවන් සමරන ඉල් මාසයයි මේ. අපට වඩා හොඳ ජීවිතයක් ගොඩනඟා දෙන්න බිහි වුණු ආදරණීය සගයන් වධවේදනාවලට ලක් කර ඝාතනය කළා. ඉන් පසුව 1994 සිට අපි ඒ සගයන්ගේ කොඩිය මේ ජයග්‍රහණය දක්වා විවිධ මර්දන සහ අපහාස, අවලාද මැද අරගෙන ආවා.

ඌව වෙල්ලස්සට කුඩාපොළ හාමුදුරුවෝ, ගොංගාලේ ගොඩ බණ්ඩලා, දොරේසාමිලා, මඩුගල්ලේලා, වීර කැප්පෙට්ටිපොළලා වාගේ ජීවිත පරිත්‍යාග කළ වීරයන්ගේ පසුබිමකුත් තිබෙනවා. ඔවුන්ගෙන් පැවත එන අපි දොළොස් දෙනකු මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන්න මහා මැතිවරණයට ඉදිරිපත් වී සිටිනවා. මේ වේදිකාවේ ඉන්න අපි කවුරුත් වාගේම වේදිකාව ඉදිරිපිට වැස්සේ නොසෙල් වී සිටින ඔබ කවුරුත් සැප්තැම්බර් 21 ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් රොද බැඳුණ අයයි. ඒ ජයග්‍රහණය නොවැම්බර් 14 වැනිදා තවත් ශක්තිමත්ව පාර්ලිමේන්තු බලයක් බවට ගෙන යාමේදී බදුල්ල දිස්ත්‍රික්කයේ අප හැමෝටම සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන්නට තිබෙනවා. 14 වැනිදා ඓතිහාසික ජයග්‍රහණයකට බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම දෙනාට දායක වන ලෙස ඉල්ලා සිටිනවා.

Ambiga Samuwel Addressing The Crowd At The Victory Rally Of Badulla

“සැප්තැම්බර් 21 වැනිදා ලැබූ ජය නොවැ. 14 තවත් ශක්තිමත් වන බව මේ ජනතාවගේ උද්යෝගයෙන් සහතික වෙනවා”
-ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් විධායක සභික, බදුල්ල දිස්ත්‍රික් අපේක්‍ෂිකා, අම්බිකා සැමුවෙල්-

‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ගොඩනැඟීම අරමුණු කරගෙන සැප්තැම්බර් 21 වැනිදා ලැබූ ජයග්‍රහණය නොවැම්බර් 14 වැනිදා තවත් ශක්තිමත් කරන බව මේ ජනතාව දකින විට සහතික වෙනවා. මාගේ දෙමාපියනි, සහෝදර, සහෝදරියනි, සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතිකත්වයන් සහ සියලු ආගම්වල අප සියලු දෙනා එකම පරමාර්ථයකින් එකමුතු වී රට ගොඩනැඟීමේ ශ්‍රමදානයට එකතු වෙමු කියන පණිවුඩය ඔබ සියලු දෙනාටම මා ලබා දෙනවා. අවුරුදු හැත්තෑහයක් පුරා ජාතිවාදය, ආගම්වාදය පතුරුවමින්, අප බේදකරලා ඔවුන් පාලනය ගෙන ගියා. ඒ තත්වය පරාජය කරමින්, ජාතික ජන බලවේගයේ සෙවණට අප හැමෝ ම එකතුවී එකමුතුභාවයේ බලය පෙන්වමින්, නොවැම්බර් 14 වැනිදා ජයග්‍රහණය කරනවා. ඊට පසුව මේ දේශපාලනය, සමාජය, සංස්කෘතිය, ආගමික යන සියලු ආකාරයෙන් නව පුනරුද යුගයකට පා තබන්න අප සියලු දෙනා එකමුතු විය යුතුයි. ඒ වාගේම ජාතික ආර්ථිකය ගොඩනඟන්න ඉතා ඉක්මනින්ම අත්වැල් බැඳගෙන කැප වෙමු කියන පණිවුඩය මම ඔබ සියලු දෙනා හමුවේ තබනවා.

Dinadasa Rathnayake Addressing The Crowd At The Victory Rally Of Badulla

“එදා අපිට ඔරවපු ගොරවපු අයත් අද අපේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා…”
-ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් විධායක සභික, මහා මැතිවරණ අපේක්‍ෂක, දිනදාස රත්නායක-

මේ වේදිකාවේ දී පුංචි කතාවක් කියන්න කල්පනා කළා. දහවල් දොළහෙන් පස්සේ ගමකට හිරු එළිය වැටෙන එක බාධාවක්වී තිබුණු කන්දක් ඉවත් කරන්න ගමේ කිහිප දෙනෙක් විතරක් මුලින් එකතු වුණා. කන්ද කපලා, හිරු එළිය වැටෙන්න සලස්වන්න ඕනෑ බව මුලින්ම කිව්ව පුද්ගලයා කෙරෙහි මුළු ගමේම පිරිස අවඥාවෙන් බැලුවා. නමුත්, ඔහු අවලාද, අවඥා මැද්දේ ඒ කන්ද කපන්න ක්‍රියා කළා. ඒ අතරේ ටික කාලයකට පසුව තවත් පිරිසක් එකතු වී දැවැන්ත ශ්‍රමදානයකට මුලපිරුවා. අන්න ඒ වාගේ තමයි අපේ දේශපාලනයත්. ඉදිරියේ තියෙන දැවැන්ත ශ්‍රමදානයකට සූදානමින් අප වටා එක් වූ මහා සෙනඟක් මෙතැනට රැස් වී සිටිනවා. එළැඹෙන 14 වැනිදා මේ ගමට, මේ රටට, අපේ රටේ සමස්ත ජනතාවට හිරු උදා කිරීමේ දැවැන්ත ශ්‍රමදානයට අපි සූදානමින් සිටිනවා. 1994 බණ්ඩාරවෙල නගරයේ කැට හොල්ලමින්, ආධාර එකතු කළ අපිට ඔරවපු, ගොරවපු පිරිසක් හිටියා. එදාත් අපි මේ කැප කිරීම් කළේ මේ සමස්ත රට පොහොසත් රටක් කරමින්, සියලුම ජනතාවට ලස්සන ජීවිතයක් උදාකර දීම වෙනුවෙන් ඇප-කැප වීමෙන් බව මතක් කර දෙනවා. ඒ වෙනුවෙන් එළැඹෙන 14 වැනි දින සියලුම දෙනා පෙළගැසී ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

Upeksha Wijethunga Addressing The Crowd At The Victory Rally Of Badulla

“පාට, පක්‍ෂ විදියට අප බෙදා සිටි යුගය නොවැම්බර් 14 වැනිදා සදහටම අවසන් කරමු.”
-ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් විධායක සභිකා, ‘එන්.පී.පී. කාන්තාවෝ’ සංවිධානයේ විධායක සභිකා, මැතිවරණ අපේක්‍ෂිකා, නීතිඥ උපේක්‍ෂා විජේතුංග-

අප සියලු දෙනාම මේ අවස්ථාවේ දී එකම ඉනිමඟක කොටස් හැටියට රට ගොඩනැඟීම වෙනුවෙන් ඒකරාශී වී සිටිනවා. විශේෂයෙන් ම ආදරණීය කාන්තාවාන්ගෙන් මා ඉල්ලා සිටින්නේ 1931 සර්වජන ඡන්ද බලය ලැබුණු දා ඉඳලා දේශපාලන අයිතිය ලැබුණත්, තවමත් දේශපාලනයේ දී දෙවැනි පුරවැසියෙක් ලෙස සැලැකීම අවසන් කරන්න එක් වන ලෙසයි. ඒ දෙවැනි පෙළ සිටින කාර්යභාරයක් ඉටු කළ අවසන් කර රට ගොඩනැඟීමේ කාර්යභාරයට ප්‍රමුඛම නායකත්වයක් ලබා දෙන්න පෙරට එන ලෙස ඉල්ලා සිටිනවා. ප්‍රබලතම ජනාධිපතිවරයෙක් පත් කර ගන්න සැප්තැම්බර් 21 වැනිදා ලබා දුන් දායකත්වය තවත් කිහිප ගුණයකින් වර්ධනය කර ගනිමින්, නොවැම්බර් 14 වැනිදා ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවන්න දායක වෙමු. පාට, පක්‍ෂ විදියට අප බෙදා සිටි යුගය නොවැම්බර් 14 වැනිදා සදහටම අවසන් කරමු. ජාතික ජන බලවේගය අප සියලු දෙනාම එකම කඳවුරකට ගෙන ආවා. ඒ අප තුළ ඇති ශක්තිය අවදි කරමින්, රට ගොඩනඟමු. ඒ වෙනුවෙන් හොඳම තැන ජාතික ජන බලවේගය බවත්, සාධාරණ සමාජයක නිදහස් කාන්තාවන් ලෙස ජීවත් වීම වෙනුවෙන් අපි හැමෝ ම එකතු වෙමු. ලොව ශක්තිමත්ම පාර්ලිමේන්තුව ගොඩනැඟීමට අප සියලුම දෙනා එකතු වෙමු.

Bandra Vissundara At The Victory Rally Of Badulla

“බදුල්ල දිස්ත්‍රික්කයෙන් ලබා දිය යුතු ලොකුම ශක්තිය අපි ලබා දෙනවා.”
-ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් විධායක සභික, ‘අදිටන’ විශ්‍රාමික සාමුහිකයේ බදුල්ල දිස්ත්‍රික් විධායක සභික, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්‍ෂක, විශ්‍රාමික නාවික හමුදා කමාන්ඩර්, බණ්ඩාර විස්සුන්දර-

අහිංසක ජනතාවගේ ඡන්දයෙන් මෙතෙක් බලය ලබා ගත් අය මේ රටේත්, බදුල්ල දිස්ත්‍රික්කයේත් පොදු ජනතාවගේ ප්‍රශ්න විසඳුවේ නැහැ. නමුත්, ජාතික ජන බලවේගයේ අපි මේ වන විටත් බදුල්ල දිස්ත්‍රික්කය සංවර්ධනය කරමින්, ජනතාවගේ ජීවන තත්වයන් උසස් කිරීමට සැලැසුම් සකස් කර අවසන්. එම සැලැසුම් සහ ප්‍රතිපත්ති වටා පසුගිය ජනාධිපතිවරණයේ දීත් ඒකරාශී වූ අය තවත් දෙතුන් ගුණයකින් වර්ධනය කරමින්, බදුල්ල දිස්ත්‍රික්කය ජය ගන්නා බව විශ්වාසයි. අප මෙම මැතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ අබමල් රොණක තරමින්වත් පෞද්ගලික ලාභ, ප්‍රයෝජන අපේක්‍ෂාවෙන් නොවෙයි. මේ ප්‍රදේශයට, රටට ඉටු කළයුතු වගකීමක් ඉටු කිරීමටයි අප ඉදිරිපත් වී සිටින්නේ. අඹ ඇටයක් සිටවූ සීයා වගේ යුතුකම පමණක් ඉටු කරනවා. අප සියලු දෙනාම ඒ වගේ යුතුකම ඉටු කිරීමට කැපවී සිටිනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ මෙතෙක් සිටි දූෂිතයන්ගේ දේශපාලනය මෙම 14 වැනිදා සදාකාලිකව අවසන් කරනවා. රටේ ප්‍රගතිය වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයෙන් ලබාදිය යුතු ලොකුම ශක්තිය ලබා දෙනවා. ඒ වෙනුවෙන් මන්ත්‍රී ආසන වැඩිම ප්‍රමාණයක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් ලබාදීමට පෙළගැසෙන ලෙස සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

Ruwan Ranasinghe Addressing The Crowd At The Victory Rally Of Badulla

“ගුරුවරු දණගස්වන නූගත් දේශපාලකයන් වෙනුවට අපි වැදගත් කණ්ඩායමක් අපි ඉදිරිපත් කළා”
-ජාතික ලැයිස්තු අපේක්‍ෂක, මහාචාර්ය රුවන් රණසිංහ-

මෙතෙක් කාලයක් සංවර්ධනයේ නාමයෙන් ජනතාව රවටා දූෂිත දේශපාලන සංස්කෘතියක් පවත්වාගෙන ගිය තත්වය අවසන් කරන්න පසුගිය 21 වැනිදා අපේ අම්මලා, තාත්තලා ඇතුළු සියලුම දෙනා නිර්භීත තීරණයක් ගත්තා. ඌව පළාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ දුක් විඳින ආදරණීය අම්මා, තාත්තලාට හොඳ ආර්ථිකයක් ගොඩනඟා දෙන්න, දූ දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දෙන්න, ජනතාවට හොඳ සෞඛ්‍ය සේවයක් ලබාදෙන්න අවස්ථාවක් මේ 14වැනිදා මහ මැතිවරණයෙන් උදා වෙනවා. බදුල්ල කියන්නේ ලස්සන දිස්ත්‍රික්කයක්. නමුත්, මේ දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවිත මෙතෙක් සිටි පාලකයන් අවලස්සන කර තිබෙනවා. ගුරුවරු දණගස්වන නූගත් දේශපාලකයන් වෙනුවට ජාතික ජන බලවේගයෙන් අදූෂිත, රට ගැන ජනතාව ගැන ආදරයක් තිබෙන, උගත්, වැදගත් කණ්ඩායමක් ඉදිරිපත් කර තිබෙනවා. මේ කණ්ඩායම ඉදිරිපත් වී සිටින්නේ මුළු රටේම සිදු කළ යුතු සමාජ-ආර්ථික පරිවර්තනයේ බදුල්ල දිස්ත්‍රික්කයට අදාළ වැඩ කොටස සිදු කිරීමටයි.

ජනතාව පීඩාවට පත් කරමින්, පාලකයන් සුර සැප විඳි කාලය අවසන් කිරීමේ කාර්යභාරයත් 14වැනිදා ගොඩනඟන පාර්ලිමේන්තුවට පැවරී තිබෙනවා. ඒ නිසා බදුල්ල දිස්ත්‍රික්කයෙන් වැඩිම පිරිසක් ජාතික ජන බලවේගය තුළින් පාර්ලිමේන්තුවට යවමු. සංවර්ධනයේ අරුණලු මේ රටට ගෙනා හැක්කේ මාලිමාවේ අපේක්‍ෂකයන්ට පමණයි. තාත්තා කියපු පණිවුඩය අහිංසක ජනතාවට නොකියා මේ රටේ ජනතාවගෙන් තුන්සීයකට ආසන්න පිරිසක් බෝම්බ ප්‍රහාරවලට ගොදුරු වීමට ඉඩහැරපු අය දැන් මනාප හොයන්න දිස්ත්‍රික්කය පුරා යනවා. ඒ අය වෙනුවට ජනතාව වෙනුවෙන් උපරිම කැප වීමෙන් ක්‍රියා කරන ජාතික ජන බලවේගයේ වැඩිම පිරිසක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් තෝරා යවමු. මෙතෙක් පාලන බලයේ සිටියේ ඔවුන් ඉදිරියේ දණින් වැටෙන ජනතාවක් හැමදාමත් නඩත්තු කරගෙන යාම වෙනුවෙන් ක්‍රියා කළ පිරිසක්. එම තත්වය වෙනස් කිරීම වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයෙන් වැඩි ම පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා පත් කර යවමු.

Samantha Vidyarathna Addressing The Crowd At The Victory Rally Of Badulla

“අවුරුදු හැත්තෑහයක විනාශය මාසයක කෙටි කාලයකින් නිවැරැදි කරන්න බැහැ”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, බදුල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක, සමන්ත විද්‍යාරත්න-

අද වෙන කොට මේ රටේ නිල්, කොළ දේශපාලනය බිම ඇදවැටී හමාරයි. දූෂිත දේශපාලකයන්ගේ කාලය හමාර කර ජනතාවාදී පාලනයක ආරම්භක පරිච්ඡේදය ලියන්න සැප්තැම්බර් 21වැනිදා පටන් ගත්තා. සාම්ප්‍රදායික දූෂිත දේශපාලනයට මේ මාතෘභූමියේ ඉඩක් නැති බව ස්ථිර කරන දවස නොවැම්බර් 14 වැනිදාට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් බදුල්ල පුරවරය සූදානම් කිරීමේ මහා රැලියක් වෙනුවෙන් වැසි නොතකා මේ ජන ගඟ එකතු වී සිටිනවා. මේ වේදිකාවේ සිටින අපේක්‍ෂකයන් දොළොස් දෙනා අතුරින් වැඩිම පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවට පත් කරන බව ස්ථිරයි. ඒ වාගේම ජාතික ලැයිස්තුවේ අපේක්‍ෂක, මහාචාර්ය රුවන් රණසිංහත් මේ වේදිකාවේ ඉන්නවා.

අපට හැමදාම දුප්පත්කම උරුම කළ උන්ගේ යුගය අවසන්. දළ ජාතික නිෂ්පාදිතයට අඩුම දායකත්වය ලබා දෙන්නේ ඌව පළාතෙන් බව මුදල් අමාත්‍යාංශයේ පසුගිය වාර්තාවෙන් පෙන්වාදී තිබෙනවා. ඒ ප්‍රමාණය සියයට හතරයි. බදුල්ල දිස්ත්‍රික්කයේ මුළු පවුල් සංඛ්‍යාවෙන් සියයට 72ක් සහනාධාර මතයි ජීවත් වෙන්නේ. පවුල් 115,689ක් ‘අස්වැසුම’ ලබනවා. නිමල් සිරිපාලලා, හරීන් ප්‍රනාන්දුලා මේ දිස්ත්‍රික්කයේ මොනවද කළේ කියලා අපි අහනවා. අපේ මිනිස්සු හැමදාමත් දුප්පත්කමේ තියලා හාල්, කොපි පොත්, ත්‍රිවීල් ටයර්, අරක්කු, සල්ලි බෙදලා ඡන්ද කාලයේ දී දුප්පත් මිනිසුන්ව රැවැට්ටුවා. ඒ රැවටූ යුගය මෙවර සදහටම අවසන් බව මෙතෙක් සිටි පාලකයන්ට මතක් කරනවා. අප අපේ දෑත්වලින් මේ දිස්ත්‍රික්කය, මේ පළාත, මේ රට ගොඩනඟන්න ඕනෑ. අප දුප්පත් වී සිටින්නේ උන්ගේ වරදින් මිස ජනතාවගේ වරදින් නොවෙයි. උමා ඔය නිම්නය, බදුලු ඔය නිම්නය, ලොක්ගල් ඔය නිම්නය, මැණික් ගංගා නිම්නය මේ දිස්ත්‍රික්කය කිරිවලින් ස්වයංපෝෂිත කරන්න පුළුවන් ස්වාභාවික සම්පත් ආකරයක්. දැනට අපේ කිරි අවශ්‍යතාවෙන් සියයට 65ක් ආනයනය කරනවා. අපේ පාලනයේ මුල් වසර පහ අවසන් වන විට ලංකාවට අවශ්‍ය කිරි සම්පූර්ණයෙන් ම මේ රටේ නිෂ්පාදනය කරන්න අපි සූදානම්. ඒ වෙනුවෙන් බදුලු නිම්නය කිරි නිම්නයක් කරන්න අප ක්‍රියා කරනවා. එළවළු ගොවීන්ට සාධාරණ මිලක් ලබා දෙන්න අවුරුදු හැත්තෑහයක් පුරා සිටි පාලකයන්ට බැරි වුණා. ජනාධිපති සහෝදරයා දිවුරුම් දීලා අදට දවස් හතළිස්දෙකයි. අවුරුදු හැත්තෑහයක විනාශය කෙටි කාලයකින් නිවැරැදි කරන්න බැහැ.

The Crowd At The Victory Rally Of Badulla

අද බදුල්ලේ මේ ක්‍රීඩාංගණය අතුරුසිදුරු නැතිව පිරී යන කොට මෙතෙක් සිටි පාලකයන්ට මැතිවරණ ව්‍යාපාරයක්වත් කරන්න බැරිව සිටිනවා. මේ දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින වී ගොවීන්, එළවළු ගොවීන් ඇතුළු සමස්ත ගොවි ජනතාව ගොඩ ගන්න ජාතික ජන බලවේගයට හැකියි. නිමල් සිරිපාලලා කොමිස් මුදල් බලාගෙන චාමර දසනායකලත් එක්ක වැඩ කළ හැටි බොහෝ දෙනෙක් දන්නවා. ඔවුන්ට මේක ධන උල්පතක් කරගෙන ජනතාව හැමදාමත් දුප්පත් බවේ ගිල්වාගෙන සිටියා. නමුණුකුල කඳුවැටියේ සිට නාරංගල කඳු දක්වා මනරම් පරිසරය වාගේම ඇදහැලෙන දියඇලි මුල්කරගෙන සංචාරක කර්මාන්තයට යෝග්‍ය ප්‍රදේශයක් බවට මේ බදුල්ල පත් කරනවා. ඒ වෙනුවෙන් සියලු සැලැසුම් සකස් කර අවසන්. විදේශ සංචාරකයන් හට මේ අවුරුදු හැත්තෑහයක පාලකයන් ඉදි කළ කිසිවක් නරඹන්න නැහැ. ඔවුන් බංකොළොත් රටක් විතරයි ඉතිරි කළේ. මේ රට පෙරළා දාපු බංකොළොත් රියැදුරන්ට නැවත ජනතා වරමක් ලැබෙන්නේ නැහැ.

ජනතාවාදී පාලනයක් පිහිටුවා රට ගොඩනැඟිය හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි. ජනතාවාදී මහජන ආණ්ඩුවක් මෙම 14වැනිදා පිහිටුවාගෙන මේ කපේට නොවැටෙනා පාලනයක් ස්ථාපනය කරනවා. ඒ පාලනය වැටෙන්නේ නැත්තේ ජනතාවට දීපු සියලු පොරොන්දු ඉෂ්ට කරන නිසයි. අපට ඡන්දය නොදුන් කෙනාත් ඊ ළඟ වතාවේ අපට ඡන්දය ලබාදෙන තත්වයට රට ගොඩනඟනවා. සිංහල, දමිළ, මුස්ලිම් සියලු ජනතාව වෙනුවෙන් පොහොසත් රටක් ගොඩනඟන්න අප සූදානම්. ඒ වාගේම මහා සංඝරත්නය ප්‍රමුඛ පූජ්‍ය පක්‍ෂයේ සියලු දෙනාත්, වෙනත් සකලවිධ බලවේග සියල්ලත් ජාතික ජන බලවේගය වටා එකමිටට එකතු වී සිටිනවා. ඒ නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් වට්ටන්න කිසිවකුට බැහැ. අපේ සංවිධාන බලය ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව තවත් තර කරනවා. කොට්ඨාස සභා දැවැන්ත බලයක් සහිත සංවිධාන බවට පත් කරනවා. අපට විරුද්ධව ගෙන ගිය සියලු බොරු ප්‍රචාර ජනතාව හෙඳින්ම තේරුම්ගෙන සිටිනවා. අලුතින් මොන ප්‍රචාර ගෙන ගියත්, සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව කිසි දිනක නැවත රැවටෙන්නේ නැහැ. වසර හැත්තෑහයක් දස අතේ පටළවපු නූල් බෝලය එකින් එක හෙමිහිට ලිහන්න ඕනෑ. මහා භාණ්ඩාගාරය හිස් කරලා තියෙන්නේ. ඒ තත්ත්වය තුළ සල්ලි අච්චු ගහන බවත්, ණය ගන්නා බවත් කියමින්, කෑගහගෙන යනවා. ලංකාවට ඕනෑ වෙලාවට සල්ලි අච්චු ගහන්නත් ඕනෑ. ණය ගන්න අවශ්‍ය වෙලාවට ණය ගන්නත් ඕනෑ. ජාතික ජන බලවේගයේ රජයක් යටතේ කිසිම ගසාකෑමකින් තොරව ඒ ආර්ථික ක්‍රියාකාරකම් නිසි පරිදි සිදු කරනවා. ඒ වෙනුවෙන් ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනඟන්න බදුල්ල දිස්ත්‍රික්කයෙන් උපරිම දායකත්වයක් ලබන 14 වැනිදා ලබාදෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

Show More

“රට ගොඩ නැගීමට දේශපාලකයා, රාජ්‍ය නිලධාරියා, පොදු ජනයා එකතු කරගත් මහජන පෙරමුණක් ඇති කරනවා. සහල් මිල හෝ වී මිල පිළිබඳ නැවත අර්බුදයක් ඇතිවීමට ඉඩ තබන්නේ නැහැ.” -ජනාධිපති අනුර කුමාර දිසානායක-

(-මොණරාගල ජයග්‍රාහී ජනතා රැලිය 2024.11.04-) මොණරාගලට වර්ෂාව තිබ්බට වැල්ලවායට තමයි ජනගඟ ගලලා තිබෙන්නේ. දහස් සංඛ්‍යාත ජනතාව මෙතැනට සහභාගී වෙලා කියන්නේ අන් කවරක්වත් නොවෙයි, ජනාධිපතිවරණය සඳහා තැබූ පියවර නොවැම්බර් 14 වැනිදා ශක්තිමත්ව ඉදිරියට ගෙනයන බවයි. ලංකා ඉතිහාසයේ පීඩාවට පත්වුණු ජනතාව දීර්ඝ කාලයක් පීඩාවට එරෙහිව සටන් කළා. කන්ද උඩරට ගිවිසුම අත්සන් කරලා අපේ රට මුළුමනින්ම විදේශිකයින්ට පාවා […]

(-මොණරාගල ජයග්‍රාහී ජනතා රැලිය 2024.11.04-)

President Anura Kumara Dissanayake Addressing The Victory Rally Of Monaragala

මොණරාගලට වර්ෂාව තිබ්බට වැල්ලවායට තමයි ජනගඟ ගලලා තිබෙන්නේ. දහස් සංඛ්‍යාත ජනතාව මෙතැනට සහභාගී වෙලා කියන්නේ අන් කවරක්වත් නොවෙයි, ජනාධිපතිවරණය සඳහා තැබූ පියවර නොවැම්බර් 14 වැනිදා ශක්තිමත්ව ඉදිරියට ගෙනයන බවයි. ලංකා ඉතිහාසයේ පීඩාවට පත්වුණු ජනතාව දීර්ඝ කාලයක් පීඩාවට එරෙහිව සටන් කළා. කන්ද උඩරට ගිවිසුම අත්සන් කරලා අපේ රට මුළුමනින්ම විදේශිකයින්ට පාවා දුන්නාට පසුව 1818 කැරැල්ලක් ඇතිවුණා. ඒ වෙල්ලස්සේ කැරැල්ලයි. මේ මුතුන් මිත්තන් තමන්ගේ අයිතිය වෙනුවෙන් එදා සටන් කළා. එය ජයග්‍රහණයෙන් කෙළවර කරගන්න බැරිවුණා. කැරැල්ලට නායකත්වය දුන්නු ජාතික වීරවරයන් කිහිප දෙනෙක් සුදු අධිරාජ්‍යවාදීන් විසින් ඝාතනය කළා.

1848දී මාතලේ දිසාවෙන් නැවත කැරැල්ලක් පටන් ගත්තා. එම කැරැල්ලත් සුදු අධිරාජ්‍යවාදීන් විනාශ කර දැමුවා. 1948 පසුවත් තරුණයෙන් තම අයිතීන් වෙනුවෙන් කැරළි ආරම්භ කළා. සියවස් දෙක තුනක් තිස්සේ අපේ රටේ පුරවැසියන් මේ පීඩනයන්ට එරෙහිව සටන් කළා. අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළා. අපේ රටේ පීඩාවට පත් කරන ලද, අපේ රටේ මහජන ධනය කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන ලද, අපේ රටේ පාලනය පවුල් කිහිපයක් අතේ තිබුණු යුගය පහුගිය ජනාධිපතිවරණයේදී පරාජය කිරීමට ජනතාව සමත් වුණා. දීර්ඝ කාලයක් අයිතිවාසිකම් අහිමි වූ ජනතාව කරන ලද අරගලය පහුගිය සැප්තැම්බර් මාසයේදී ජයග්‍රහණයෙන් කෙළවර කළා. මේ ජයග්‍රහණය අපි ලේසියෙන් අත්හරිනවද? නැහැ. නොවැම්බර් මාසේ 14 වැනිදා අපට සහතික වශයෙන් කියන්න පුළුවන් තවත් ශක්තිමත් ජයග්‍රහණයක් අප වෙත ලැබෙන බව. ජනාධිපතිවරණයේදී ලැබූ ජයග්‍රහණයට වඩා මහා ඡන්දේදි ලැබෙන ජයග්‍රහණය ලොකුද පොඩිද? ලොකුයි. ජනාධිපතිවරණයේදී අපට ඡන්දය නොදුන් ජනතාවත් අපට මෙවර ඡන්දය ලබාදෙනවා. ජනාධිපතිවරණයේදී ඉතා නිර්භීත පියවරක් ජනතාව තැබුවා.

The Crowd At The Victory Rally Of Monaragala

ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට විවිධ අවලාද නැගුවා. එවැනි අවලාද ගොඩනගද්දීත් ජනතාව ඒවා මායිම් නොකර ජාතික ජන බලවේගය විශ්වාස කළා. මේ රටේ ජනතාව නිර්භීත තීන්දුවක් ගත්තා. ඒක වැදගත් තීන්දුවක්. මීට කලින් ආණ්ඩු මාරු උනේ එයාලගේ අතින් එයාලගේ අතකටමයි. එයාලගේ පවුලකින් එයාලගේ පවුලකටමයි. ඔවුන් හැමදාම කළේ බෙදිල ඡන්දය කරලා එකට ආණ්ඩු කිරීමයි. දැන් ඒ පක්ෂ කොහෙද? මේ වැල්ලවායේ කෙනත් එහෙම තමයි. බෙදිලා ඡන්ද කරනවා එකට ආණ්ඩු කරනවා. පහුගිය ජනාධිපතිවරණයේදි කිව්වා අගමැතිකම මොණරාගලට කියලා. මතකද? එයාලා අතර ඇත්ත විරසකයක් තිබුණෙ නෑ. එයාලා අතර ප්‍රතිපත්ති වෙනසක් තිබුණේ නෑ. එයාලා කවදාවත් පරාජයට පත්වුණාට සැකයක් තිබුණේ නෑ. මොකද බලය මාරු උනේ තමන්ගේ පිලෙන් තමන්ගේ පිලටමයි. නමුත් පහුගිය සැප්තැම්බර් මාසයේදී දූෂිත නාස්තිකාරී ප්‍රභූ පාලනයෙන් පොදු ජනතාව අතට බලය මාරුවී තිබෙනවා. දැන් ඒ අයට ගොඩක් රිදෙනවා. එයාලා හැමදාම හිතාගෙන හිටියේ රට පාලනේට උපන් පවුල් කියලා. මේ රට පාලනය කරන්න ඒගොල්ලන්ගේ පරම්පරාවෙන් එන බූදලේ කියලා හිතාගෙන හිටියේ. ඒ දූෂිත ප්‍රභූ පාලනයෙන් පොදු ජනතාව අතට බලය අමාරු වුණා. රිදෙනනේ නැද්ද? දැන් නැවත උත්සාහ කරනවා ආණ්ඩුව වට්ටන්න. මොකද කියන්නේ? පරාජයට පත් කරන්න දෙනවද? වට්ටන්න දෙනවද? මේ ආණ්ඩුව වට්ටන්න බැහැ.

ජාතික ජන බලවේගය ජයග්‍රහණය නොකළා නම් අර ඡන්ද ඉල්ලන්නේ නැති හැට දෙකම නැවත ඡන්දේ ඉල්ලනවා. ඒ තරමට ඒගොල්ලෝ අද වෙනකොට වේදනාවට පත්වෙලා තිබෙනවා. එයාලා හැමදාම හිටියේ ජනතාව රවට්ටලා, ජනතාව බියවද්දලා ඡන්ද කරන්නයි. චණ්ඩින්ගේ පාලනය අප අවසන් කරලා තිබෙනවා.

සාමාන්‍යයෙන් ගම්වල අම්මලා තාත්තලා බයගන්වල තමයි මේ අය රට පාලනය කළේ. වීරප්පන් පාලනය කළා වගේ තමයි අපේ අප්පන්ලා රට පාලනය කළේ. අපට ඡන්දය දෙන්න පුළුවන්, අපට ඡන්දයක් නොදෙන්න පුළුවන්. නමුත් ඒ හැම පුරවැසියාගේම නිදහස සුරකින්න අපි බැඳී සිටිනවා. අද සෑම දේශපාලන ව්‍යාපාරයකටම දේශපාලනය කිරීමේ අයිතිය තහවුරු කර තිබෙනවා. එහෙම අයිතියක් තිබුණට අද විපක්ෂය කාර්යාල නෑ. ඒක අපේ වැරැද්දක් නෙවෙයි. අපි හැම කෙනාටම නිදහසේ දේශපාලනය කරන්න අවස්ථාව ලබාදී තිබෙනවා. රටක් ඉදිරියට යන්නේ රටක් බය කරලා වීරප්පන්ලා වගේ නායකයන් නිසා නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමෙන් පමණයි රටක් ඉදිරියට යන්නේ. දේශපාලකයන් නීතියට යටත් වෙන්න ඕනෑ. දේශපාලන ප්‍රතිපත්ති ප්‍රමිතීන් රාමුවක් ඇතුලේ තියෙන්න ඕනෑ. දේශපාලනඥයෝ හිතනවා නම් නීතිය තියෙන්නේ පොදු මිනිස්සුන්ට, අපිට නෙවෙයි කියලා ඒක දේශපාලන සංස්කෘතියේ වරදක්. නීතිය සියලුදෙනාටම පොදුයි. අපි ඒ සංකල්පයට පණ පොවනවා.

President AKD Addressing The Victory Rally Of Monaragala

ජනාධිපති ලේකම් කාර්යාලය පමණක් වාහන තියෙනවා 863ක්. මොණරාගල ඩිපෝවේ බස් කීයක් ඇතිද? ඇති තරම් වාහන පාවිච්චි කරන්න පුළුවන් ඒ අයට. කෝ නීතියක්. කෝ ප්‍රමිතියක්.
මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුයි. එයාල හිතෙනවා ජනතාවගේ මුදල් එයාලට රිසිසේ පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒක නිසා දේශපාලනය ප්‍රමිතිකරණයකට ලක් කරන්න ඕන නැද්ද? එයට හිටපු සහ ඉන්න සියලූ ජනාධිපතිවරු ඇතුළත්.

හිටපු ජනාධිපතිවරු ඉන්නේ නගරයක. හූවක දුර නැහැ රජයේ රෝහලට. හූවක දුර නැහැ පෞද්ගලික රෝහලට. නමුත් පැය 24ම ගිලන් රථයක් මිදුලේ තියාගෙන ඉන්නවා. නමුත් ගම්වල රෝහල්වලට ගිලන් රථ නෑ. ඒවා ගන්න ඕනේ නැද්ද? කොළඹ ගෙවල් තියෙනවා නමුත් ආණ්ඩුවේ නිවාසවල ඉන්නවා. ඒවා ගන්න ඕන නැද්ද? මොනවද මේ වටිනාකම්. අපි යහපත් දේශපාලන සංස්කෘතියක් මේ රටේ නිර්මාණය කරනවා.

මේ රටේ ඕනෑම පුරවැසියෙකුට ආණ්ඩුවෙන් කාර්යක් කරගන්න ගියොත් කප්පං ගෙවන්න වෙනවා. ජාතික ජන බලවේගය මේ සියලූම දේ නතර කරනවා. හෝටලයක් දාන කෙනෙකුට සුදුසුකම් තිබෙනවා නම් අපි ඉඩමක් දෙනවා. හැබැයි කප්පම් ගන්නේ නැහැ. අපේ රටේ පුනර්ජනනීය බල ශක්තියට විශාල විභවයක් තියෙනවා. ඒ සඳහා එන ආයෝජකයෙකුට අවස්ථාව දෙන්න පගා දෙන්න ඕනේ නෑ. වැඩක් කරගන්න පගා දෙන්න ඕනෑ වෙන දේශපාලන සංස්කෘතිය ජාතික ජන බලවේගය අවසන් කළා.

Monaragala Team With The President Anura Kumara Dissanayake At The Victory Rally Of Monaragala

රාජ්‍ය නිලධාරීන්ගෙනුත් අපි ඉල්ලන පළමු දේ තමයි කොමිස් පගා ගැනීම නතර කරන්න. පුරවැසියන්ට අපි කියන්නේ ආණ්ඩුවෙන් වැඩක් කරන්න පගාවක් දෙන්න එපා. එහෙම ඉල්ලූවොත් අපිට කියන්න, ඉල්ලන කෙනා ගෙදර යවනවා, සාමාන්‍ය ජනතාවගේ වැඩේ ඉක්මනට කරලා දෙනවා.
ගොවි ජනතාවට ඉඩම් දෙනකොට පසුගිය ආණ්ඩු කාලේ ඇමතිට පගා දෙන්න වුණා. මේ රට දූෂිත කොළණියක් බවට පත්වෙලා තිබුණා. රට යහපත් දිශාවට ගැනීමේ ප්‍රතිඵල අපි ජනතාවට ලබා දෙනවා. නමුත් රට පාලනය කරන ජනාධිපතිවරයෙකුට පමණක් බැහැ. ඒ සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. මොණරාගල ඔබ ඉදිරිපත් කරන නියෝජිතයා සමග ප්‍රශ්න එවන්න. අපි විසඳලා දෙන්නම්. ඒ ඒ පළාත්වල ශක්තිමත් ජනතා නියෝජිතයෝ ඉන්න ඕනෑ. ඒවා පාර්ලිමේන්තුවට අරගෙන එන්න ඕනෑ. ඒ ඒ පළාත්වල තිබෙන සම්පත් මොනවාද? ඒවයින් කරන්න පුළුවන් මොනවද කියලා ඒ නියෝජිතයා පාර්ලිමේන්තුවට යෝජනා අරගෙන එන්න ඕනෑ. ඒ සඳහා ඔබේ පළාතේ නියෝජිතයන් මාළිමාවෙන් පාර්ලිමේන්තුවට එවන්න.

නොවැම්බර් 14 වැනිදා මොණරාගලින් පාර්ලිමේන්තුව මාලිමාවෙන් වැඩි මන්ත්‍රීවරුන් පිරිසකගෙන් පුරවන්න. මෙතන ඉන්න අය පාර්ලිමේන්තුවට අලුත් වුණාට දේශපාලනයට අලුත් නැහැ. අපි පසුගිය මාස එකහමාර ඇතුළත ඉන්ධන, ගෑස්, පොහොර, හිඟයකින් තොරව ජනතාවට ලබාදීමට කටයුතු කළා. ප්‍රහාරයක් ගැන කතාවක් කරළියට ආවා. ඒ සම්බන්ධයෙනුත් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට අපි කටයුතු කළා. අනතුරක් පිළිබඳ තොරතුරක් එනවනම් ඒ අනතුරෙන් ජනතාව මුදාගැනීමට ආණ්ඩුවට වගකීමක් තිබෙනවා. අපි ඒ වගකීම ඉටුකළා. 2019 පළපුරුදු ආණ්ඩුව මොකද කළේ. පුපුරන බව දැනfරැන හිටියා මෙච්චර පුපුරයි කියල දන්නේ නැහැ කියලා කිව්වා. ඒවා ආණ්ඩුද?

Crowd At The Victory Rally Of Monaragala

ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කිරීමට අප කටයුතු කළා. රාජතාන්ත්‍රික නිලධාරීන් මුණ ගැසෙමින් විදේශ ප්‍රතිපත්තිය ශක්තිමත් කළා. අපි දැන් මෙතනින් එහාට යා යුතුයි. නොවැම්බර් මාසේ 14 වෙනිදා ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කර රට ඉදිරියට ගෙන යා යුතුයි.

ජාතික ජන බලවේගයේ ඇමතිකම් හදන්නේ විද්‍යාත්මක ක්‍රමයටයි. ඒ සඳහා විශේෂඥ දැනුමක් සහිත පිරිසක් අපි අමාත්‍යවරුන් ලෙස පත් කරනවා. ඥාතිකම්වලට සහ මිත්‍රකම්වලට ඇමතිකම් ලබාදීමේ සංස්කෘතිය අපි නිමා කරනවා. අපේ ඇමතිවරුන්ට තියෙන්නේ වගකීමක් පමණයි. මේ රට ගොඩනගන මහජන පෙරමුණක් අප නිර්මාණය කරනවා. දේශපාලකයා, රාජ්‍ය නිලධාරියා, පොදු ජනයා එකතු කරගත් මහජන ව්‍යාපාරයක් ඇති කිරීමට ජාතික ජන බලවේගය නායකත්වය ලබාදෙනවා.

ජනවාරි පෙබරවාරි වෙනකොට අලුත් වී අස්වැන්න නෙළනවා. නමුත් අලුත් අස්වැන්න නෙළන හැම කාලෙදිම වුණේ සහල් මිල ඉහළ ගිය එකයි. එය පාලනය කරගන්න රජයේ ගබඩාවල වී තියෙන්න ඕනේ. නමුත් පසුගිය කාලේ පාලකයෙන් වී මිලදීගෙන නැහැ. වී ගබඩා හිස්. සහල් මිල සම්බන්ධ නැවත මෙලෙස අර්බුදයක් ඇතිවීමට අප ඉඩ දෙන්නෙ නෑ. සියලු ගබඩා මේ වන විට අපි ප්‍රතිසංස්කරණය කරමින් තිබෙනවා. එළඹෙන මහ කන්නේ වැඩිම වී ප්‍රමාණයක් ආණ්ඩුව මිලදී ගන්නවා. එතකොට ආණ්ඩුවේ වී තොගයක් තිබෙනවා. මෝල් හිමියන් ගාවත් වී තොගයක් තිබෙනවා. එතකොට අපට පුළුවන් තරගයක් දෙන්න. එතකොට සහල් මිල සඳහා ඒකාධිකාරයක් හදන්න බැහැ. අපි සහල් මිලේ ප්‍රශ්නයත් වී මිලේ ප්‍රශ්නයත් විසඳීමට කටයුතු කරනවා. මම ජනාධිපති ඔබ පුරවැසියා නෙවේ. අපි සියලුදෙනා මහන්සි වෙලා අපේ දරුවන්ගේ පරම්පරාවට හොඳ රටක් නිර්මාණය කරමු. මේ රට ගොඩනැගීමකින් තොරව නැවත හරවන්න දෙන්නේ නැහැ. නොවැම්බර් 14 වැනිදා විශාල ජයග්‍රගහණයක් මොණරාගලින් ලබාදෙන්න කියා ඔබට ආරාධනා කරනවා.

Abdul Nizam Addressing The Vitory Rally Of Monaragala

“වෙන වෙන පක්ෂවලට බෙදිලා හිටපු අය පවා දැන් එක මිටට මාලිමාවට එකතු වෙනවා”
-ව්‍යාපාරික, මොහොමඩ් අබ්දුල් නිසාම්-

පසුගිය ජනාධිපතිවරණය වෙනුවෙන් වැල්ලවායේ පැවැති රැලියේදී අනුර කුමාර දිසානායක සහෝදරයා කිව්වේ ජනාධිපතිවරණයෙන් පසුව අනෙකුත් පක්‍ෂවලට ඡන්දය දුන් අය පවා අප වටා එක්කර ගන්නා ලෙසයි. මේ රටේ ජනතාව ගැන අනුර සහෝදරයාට තිබෙන ආදරය එයින් පැහැදිලි වූවා. අසල්වාසීන් සමඟ දේශපාලනයේ විරසකකම් ඇතිකර නොගන්නා ලෙස පැහැදිළිව කියා තිබෙනවා. බදුල්ලේ, දුන්හිඳදී අනතුරට ලක් වූ බස්රථයේ සිටි දැනට බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන ඒ සිසු පිරිස බලන්න අපේ ජනාධිපති සහෝදරයා ගිය බව අපට දැනගන්නට ලැබුණා. බලය රැකගන්න මොණරාගල දිස්ත්‍රික්කය තුළත් ජාතිවාදය, ආගම්වාදය පැතිරූ අය අපි පසුගිය ජනාධිපතිවරණයේ දීත් දැක්කා. අද අපට එහෙම ප්‍රශ්නයක් නැහැ. එකම සහෝදර කැළක් මෙන් එකමිටට ඒකරාශී වී සිටිනවා. කාලයක් නොයෙක් පක්‍ෂවලට බෙදිලා හිටිය මේ රටේ හැම පුරවැසියෙක්ම මහා මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ශක්තිමත් බහුතර බලයක් ලබා දෙන්න ඒකරාශී වන ලෙස ඉල්ලා සිටිනවා.

Chathuri Gangaani Addresing The Vitory Rally Of Monaragala

“ගැහැනු අපි එකමිටට එකතු වෙලා යහපත් රටක් නිර්මාණය කරන්න සහය වෙනවා”
-ජාතික ජන බලවේගයේ මොනරාගල දිස්ත්‍රික් විධායක සභික, මොණරාගල දිස්ත්‍රික් අපේක්‍ෂිකා, චතුරි ගංගානි-

ලෝක දේශපාලනය තුළ අපේ රටේ ඉතිහාසය රන් අකුරින් ලියන ජයග්‍රහණයක් පසුගිය ජනාධිපතිවරණයේදී අත්කර ගත්තා. මේ රටේ ජනතාවගේ හදවත ගැහෙන රාවය දැනෙන නායකයෙක් අපි ජනාධිපති ධුරයට පත් කර ගත්තා. ඒ ජයග්‍රහණය තුළ මේ දිස්ත්‍රික්කයේ ජීවත් වෙන, මේ රටේ ජීවත් වෙන ආදරණීය කාන්තාවන් තමන්ගේ යුතුකම නිවැරැදිව ඉටුකර තිබෙනවා. ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් වගේම මහ මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙනුත් කාන්තාවන් පෙරට ඇවිත් ඉන්නවා. දකුණු ආසියාවේම කාන්තාවන් දේශපාලනිකව සංවිධානය කළ හැකි වූයේ ජාතික ජන බලවේගයට පමණයි. අපේ දියණියට, නැඟණියට, අම්මාට රට ඇතුළේ මේ දක්වා සැකක් බියක් රහිතව ජීවත්වීමට නොහැකි තත්වයක් පැවතුනා. ළමා අපයෝජන වැඩිම දිස්ත්‍රික්කය මේ මොණරාගල දිස්ත්‍රික්කයයි. ස්ත්‍රී අපයෝජන සහ ස්ත්‍රී දූෂණ විශාල ප්‍රමාණයක් සිදුකර තිබෙනවා. අපට ගෞරවනීයව ජීවත් විය හැකි ආරක්‍ෂිත රටක් මේ දක්වා බිහි කර නැහැ. ඒ නිසා ගැහැනු අපි එකමිටට එකතු වෙලා වඩාත් යහපත් රටක් නිර්මාණය කර ගැනීමේ වගකීම අපට තිබෙනවා. කර්මාන්ත ශාලාවල, ගාමන්ට්වල, වෙනත් ඕනෑම රැකියා කරන ස්ථානයක වාගේම ගොවි බිමේත් අපි අපේ දරුවන් වෙනුවෙන් ජීවිත හොයන්න අප්‍රමාණව වෙහෙස මහන්සි වෙනවා. සෙවණගල, පැල්වත්ත, ඇතිමලේ උක් කර්මාන්ත ශාලාවල ගැහැනිය කොතරම් දුක් විඳිනවාද?

“පොළොන් විෂ දළ උලුප්පා ගත් – උක් යායෙ පවා ගැටෙනවා
කටුක කටු හැර පතුල් තළමින් – රුහිරු බිඳු වැටෙනවා – ඒත් අපි උක් කපනවා”

උක් වතුවල ඉන්න පොළොඟුන් වැනි විෂඝෝර සත්වයන් මැද්දේ අපි අපේ පැටවුන්ට ජීවිතය හොයන්න විඳින වේදනා ගැන මේ කවියෙන් කියැවෙනවා. අපි අපේ පැටව් වෙනුවෙන් රටක් හදන්න, හෙටක් හදන්න යුතුකමක් සහ වගකීමක් තිබෙනවා. ඒ යුතුකම සහ වගකීම ඉටුකරන කාන්තාවන්ගේ ජීවිත කොතරම් ඛේදනීයයිද? මේ තත්ත්වය වෙනස් කරන්න අපි එක් ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා. ඒ ජයග්‍රහණය තහවුරු කරන්න නොවැම්බර් 14 වැනිදා අපි අපේ පැටවුන්ට ශක්තිමත් අනාගතයක් ගොඩනඟන්න ක්‍රියා කරමු කියා ඉල්ලා සිටිනවා.

Sarath Kumara Addressing The Vitory Rally Of Monaragala

“ඉතිහාසයක් පුරා අප දැකපු හීනය සැබෑ කරන මිනිසුන් ඉන්නේ මාලිමාවේ පමණයි”
-ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් විධායක සභික, ජාතික විද්වත් සංවිධානයේ මොනරාගල දිස්ත්‍රික් සභාපති, ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ සරත් කුමාර-

ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ අප ඉදිරියේ තවත් අභියෝග කිහිපයක් තිබෙනවා. අපේ මාතෘභූමිය බංකොළොත් කළ චෞර දේශපාලන කඳවුර මෙරට ජනතාවගේ මහජන ධනය කොල්ලකා තිබෙනවා. ඒ මහා ධනය නැවත මේ ජනතාව වෙනුවෙන් අත්පත් කර ගන්න ඕනෑ. ඒ වෙනුවෙන් අලුත් නීති සම්පාදනය කරමින්, නීති ක්‍රියාත්මක කිරීමේ අයාතන අලුතින් පිහිටුවන්න ඕනෑ. ඊට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ගෙන එන්න ඕනෑ. ආර්ථික වශයෙන් බිඳදමා තිබෙන අපේ රට ආර්ථික වශයෙන් සමෘද්ධිමත් කරන්න සැලැසුම්, ප්‍රතිපත්ති මාලාවක් අප සකස් කර තිබෙනවා. ඒ සැලැසුම් ක්‍රියාත්මක කරන්න ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනඟන්න ඕනෑ.

අප ඉදිරියේ තිබෙන අභියෝග සියල්ල ජයගත හැක්කේ ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැඟීමෙන් පමණයි. ඒ වෙනුවෙන් අපි ඔක්කොම එකතු වෙලා සාමුහිකව ජයග්‍රහණය කරමු. ලෝක වාර්තාවක් තබමින්, තුන්දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලය ජනතාවට අත්‍යවශ්‍ය සහන ලබා දෙමින්, ඉදිරියට ගෙන යමින් පවතිනවා. අපගේ සැලැසුම්වල කෙටිකාලීන ක්‍රියාමාර්ග 2025 වසරේ ආරම්භ කරනවා. අපි හැමෝගෙම දරුවන්ගේ ජයග්‍රහණ ගෙන ඒම ඒ මඟින් අප ආරම්භ කරනවා. මොණරාගල දිස්ත්‍රික්කයේ ආර්ථික වශයෙන් දුබල කර සිටින ජනතාව සවිබල ගැන්වීම අප හැමෝගෙම වගකීමක්. ඒ වගකීම ඉටු කිරීම වෙනුවෙන් ඉතිහාසයක් පුරා අප දැකපු හීනය හැබෑ කිරීමේ හැකියාව තිබෙන මිනිසුන් සිටින මාලිමාවේ අපේක්‍ෂකයන්ගෙන් පාර්ලිමේන්තුව පුරවමු කියන ඉල්ලීම කරනවා.

Thissa Ariyarathna Addressing The Vitory Rally Of Monaragala

“අපේ ආණ්ඩුවේ අවුරුදු පහ ඇතුළත ලංකාව ආසියාවේ සතුටින්ම ඉන්න මිනිසුන්ගේ රට බවට පත් කරනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ආසියානු සංවර්ධන බැංකුවේ දකුණ හා මධ්‍යම කලාපීය උපදේශක, මහා මැතිවරණ අපේක්‍ෂක තිස්ස ආරියරත්න-

මේ ධාරාණිපාත වැසි සමයේ මෙතැනට රොක් වී සිටින මහ පොළොවත් එක්ක පොරබදන අපේ අම්මලා, තාත්තලා ඔබ සැමදෙනාට අපි අපේ ගෞරවය පිරිනමනවා. අපි බාර ගත්තේ බංකොළොත් රටක් බව අප හැම දෙනාම දන්නවා. ඒ රට කෙටි කාලයක් තුළ ගොඩනැඟිය නොහැකි බව අපි හැමදෙනාම දන්නවා. නමුත්, ජනාධිපති, අනුර සහෝදරයා සමඟ අපි හැම දෙනාම එකාවන්ව පොරබදලා රට ගොඩනැඟීමට කැප වෙනවා. ඒ වගේම ලංකාවේ දුප්පත්කමින් දෙවැනි දිස්ත්‍රික්කය හැටියට තිබෙන මොණරාගල එම තත්වයෙන් මුදාගන්නත් පොරබදනවා. අපේ ආණ්ඩුවේ අවුරුදු පහ ඇතුළත ලංකාව ආසියාවේ සතුටින්ම ඉන්න මිනිසුන්ගේ රට බවට පත් කරනවා. ඒ වෙනුවෙන් පොරබදන්න, කැප කිරීම් කළ හැකි උගත්, බුද්ධිමත් කණ්ඩායම් ඔබේ අපේක්‍ෂකයන් හැටියට ඉදිරිපත් වී සිටිනවා.
අපේ අපේක්‍ෂකයන් කිසිම කෙනකුට විරුද්ධව පොලිස් පොතක එක පැමිණිල්ලක්වත් ලියැවිලා නැහැ. අපේ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කර සිටින නවදෙනාම උපාධිධාරීන්, විද්වතුන් වාගේම අත්දැකීම් බහුල කණ්ඩායමක්. රට ගොඩ ගන්නවා වාගේම මේ දිස්ත්‍රික්කයත් ගොඩ ගැනීමේ හැකියාව අප සියලු දෙනාටම තිබෙනවා. මේ දවස්වල අපි දිස්ත්‍රික්කය පුරාම ගෙන් ගෙට ඡන්ද ප්‍රචාරයේ යෙදෙනවා. ඒ ගමන්වල දී කරගැට පිරුණු දෑත්වලින් අපව බදාගෙන, දහදිය සුවඳින් පිරුණු සිරුරුවලින් අප ඉදිරියට ඇවිත්, පොදුවේ එකම කතාවක් කියන්නේ. අපේ දරුවන් වෙනුවෙන් හොඳ අනාගතයක් ගොඩනඟලා දෙන්න කියන ඉල්ලීම විතරයි ඔවුන් කරන්නේ. අපි ඒ ඉල්ලීම නිසැක වශයෙන්ම ඉටු කරන බව තහවුරු කරනවා.

R M Jayawardena Addressing The Vitory Rally Of Monaragala

“තනි තනි ව්‍යාපාරිකයා කරගෙන යන පලතුරු අපනයනය වෙනුවට අපනයන ගම්මාන පිහිටුවීමේ හැකියාව ගැන අපි සැලැස්මක් සකස් කරමින් සිටිනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, මොනරාගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක, ආර්. එම්. ජයවර්ධන-

ඌව වෙල්ලස්ස ගොඩනඟන බව කියමින් බලයට පැමිණි නායකයෝ හිටියා. විශේෂයෙන්ම මොණරාගල දිස්ත්‍රික්කය පොහොසත් දිස්ත්‍රික්කයක් බවට පත් කරන බවත් කිව්වා. නමුත්, පසුගිය කාලය පුරාම මොනරාගල දිස්ත්‍රික්කයේ ස්වාභාවික සම්පත් ඇතුළු සාරය උරාගන්න ඔවුන් වැව් තාවුලු පවා හෙළිපෙහෙළි කළා. ඔවුන් ආවේ අපේ ශක්තිය, අපේ ජවය සූරාගනිමින්, ඔවුන්ගේ ජීවිත ගොඩනඟා ගැනීමට බව තේරුම් ගත් ජනතාව පසුගිය සැප්තැම්බර් 21 වැනිදා ජයග්‍රාහී දිනයක් ලෙස තෝරා ගත්තා. පක්‍ෂ, පාට පැත්තක තබා, සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ජාතිකත්වයන් පැත්තක තිබ්බා. ඒ වාගේම සියලුම ආගමික නායකයන් එකට එකතු වුණා.

කාන්තාවන් එකමිටට එකතු වුණා. ගොවියෝ එකතු වුණා. වෙනත් වෘත්තිකයන් එකතු වුණා. මේ සියලුම දෙනා එකමිටට එකතු වෙලා මේ රට බංකොළොත් කළ පාලකයන් සියලු දෙනාවම නැවත පැමිණිය නොහැකි ලෙස පලවාහරින්න සමත් වුණා. ඒ ගැසූ කතිරයේ බලයෙන් මේ මැතිවරණයට ඉදිරිපත් වන්නට සිටි මේ දිස්ත්‍රික්කයේ අපේක්‍ෂකයන් හයදෙනකුට ගෙදර නවතින්න සිදුවුණා. ඒ අතර ශෂීන්ද්‍ර රාජපක්‍ෂ, සොයිසා ඇතුළු කට්ටිය මන්ත්‍රීකමක් ගන්න පොඩි චාන්ස් එකක් හරි තියෙනවද බලන්න මනාප ඉල්ලනවා. නමුත්, ගෙවල් දහයකට විතර ඇවිදලා, ආපහු හැරී යන තත්වයට ඔවුන් ඇදදැමීමට සමත් වූයේ ඔබ සියලු දෙනායි. ඒ අතර මේ වේදිකාවේ සිටින අපේක්‍ෂකයන් නවදෙනා අතුරින් අවම වශයෙන් පස්දෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා යවන බව ස්ථිරයි. අවුරුදු හැත්තෑහයක් තිස්සේ අපේක්‍ෂා කළ ජීවිතයක් ගොඩනඟා ගැනීම වෙනුවෙන් ඒ අපේ සහෝදරවරු කැප වීමෙන් ක්‍රියා කරනවා. අපි හැමදාම සිත් රිදවා ගනිමින්, දුක් විඳපු මිනිසුන්. ඒ යුගය නිමා කිරීමේ කාර්යභාරයට අප සියලුදෙනා එකාවන්ව පෙළගැසී සිටිනවා.

රට බංකොළොත් බව 2022 අප්‍රේල් 12වැනි දින ප්‍රකාශයට පත් කළ පාලකයන් පලවාහැරීමට මේ රටේ ජනතාව සමත් වුණා. ඒ ජනතාව වෙනුවෙන් අපි මේ රට හදනවා, ගොඩනඟනවා. අපි මේ රට ගොඩනඟන්නේ මෙතෙක් සිටි පාලකයන් හිතන මතන විදියට නොවෙයි. අපි මේ රට ගොඩනඟන්නේ දුක් විඳින අහිංසක ජනතාවගේ සහභාගීත්වය සහිතව ඒ ජනතාවත් එක්ක එකට අත්වැල් බැඳ ගැනීමෙන්. අපි ඒ කාර්යභාරය ඉටු කරන කොට ඔවුන්ගේ සිත් රිදෙනවා; වේදනාවට පත් වෙනවා. ඔවුන්ට ඒ සිත් රිදවීම්, වේදනාවන් දැනෙන්න ඕනෑ. පසුගිය ජනාධිපතිවරණයේ දී අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ලෝකය පුරාම විසිරී සිටින ශ්‍රී ලාංකිකයන් වාගේම රට ඇතුළේ සියලුම ජනතාවත් එකට එක් වී සිටියා. ඒ ජනතාව මහා මැතිවරණයේ දී තවත් ශක්තිමත් බලයක් ලබා දී රට ගොඩනැඟීමට කැප වන බව ස්ථිරයි. ජනාධිපතිවරණයේ දී ජනතාව අපට ජයග්‍රහණය ලබා දුන්නේ බැංකු ගිණුම් තහනම් කරන බව, වාහන, ගෙවල් රජයට අත්පත් කර ගන්නා බව වාගේම බුද්ධාගම සම්බන්ධයෙන් තහනම් ක්‍රියාමාර්ග ගන්නා බවටත් බොරු ප්‍රචාර යැවූ පසුබිමකයි. නමුත්, අපට විරුද්ධව ඡන්දය දුන් කිසිම කෙනකුගේ සිතවත් නොරිද්දා එක රැයකින් ඓතිහාසික ආදර්ශයක් ලබා දුන්නා.

“ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද කියලා අපි තහවුරු කළා. ඒ සියල්ල කළේ අපි මේ රටේ සමස්ත ජනතාවටම ආදරය කරන නිසයි.”

මොණරාගල දිස්ත්‍රික්කයේ නිෂ්පාදනය ඉලක්ක කරගත් ආයතන කිහිපයක් තිබෙනවා. සෙවණගල ෆැක්ටරිය, පැල්වත්ත සීනි සමාගම වාගේම පෞද්ගලික අංශයට අයිති ඇතිමලේ සීනි සමාගම මේ දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙනවා. ලංකාවේ තිබෙන ප්‍රධාන සීනි නිෂ්පාදන කර්මාන්ත ශාලා අතුරින් තුනක්ම පිහිටා තිබෙන්නේ මේ දිස්ත්‍රික්කයේ. ඒ වාගේම වැව් දියෙන් වගා කරන ගොවීන් වී, එළවළු, පළතුරු වගා කරමින්, මේ රටේ ආර්ථිකයට දායක වන මිනිසුන් ඉන්නේ. තණමල්විල පැත්තේ මිරිස්, රතු ළුෑණු, රටකජු ඇතුළු ප්‍රමුඛ භෝග වගා කරනවා. බිබිල, බඩල්කුඹුර, මැදගම ප්‍රදේශවලට යන කොට රබර්, ගම්මිරිස් පවා හිටවනවා. අවුරුදු හැත්තෑ ගණනක් පුරා අපේ ආදරණීය අම්මා, තාත්තලා මේ ආකාරයෙන් කවර හෝ නිෂ්පාදන ආර්ථිකයක යෙදී සිටියාට යහපත් ජීවිතයක් ගැන දශමයකවත් දෙයක් දැනිලා නැහැ.

දකුණු වෙරළ තීරයේ සිට ඇල්ල, බණ්ඩාරවෙල දක්වා යන සංචාරකයන් වෙනුවෙන් හුවමාරු මධ්‍යස්ථානයක් බවට වැල්ලවාය වර්ධනය කිරීමේ සැලැස්මක් අපට තිබෙනවා. ඒ වාගේම මැදගම ප්‍රදේශයේ ඉතාමත් සරුසාර රඹුටන් පළදාවක් ලැබෙන බව අප කවුරුත් දන්නවා. අනෙක් පළාත්වල රඹුටන් අවාරය එන කොට මෙහේ රඹුටන් අස්වැන්න රුපියල් දහයකට, දොළහකට එක ගෙඩියක් අලෙවි කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වාගේම සිංගප්පූරුව වැනි රටවලට අපනයනය කරන්නත් සමත් වූ පිරිසක් ඉන්නවා. තනි තනි ව්‍යාපාරිකයා කරගෙන යන මෙම අපනයනය, පළතුරු අපනයන ගම්මානයක් බවට පත් කිරීමට අපි සැලැස්මක් සකස් කරමින් සිටිනවා. මැදගම ප්‍රදේශයේ මැංගුස්, දූරියන් වැනි පළතුරු වර්ග සශ්‍රීකව හැදෙනවා. ඩෝල් ලංකා සමාගම කෙසෙල් අපනයනය කරන කොට අපේ ගොවියාගේ කෙසෙල් ලෝකයට අපනයනය කළ හැකි තත්ත්වයක් මෙතෙක් සිටි පාලකයන් සකස් කර දුන්නේ නැහැ. මේ ආකාරයට රට ගොඩනැඟීමේ සමස්ත වැඩපිළිවෙළක් ජාතික ජන බලවේගය සකස් කර තිබෙනවා. එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර රට ජයග්‍රහණය කරා ගෙන යාමට, ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ගොඩනැඟීමට එළැඹෙන 14වැනිදා මහා මැතිවරණයෙන් ශක්තිමත් බහුතර පාර්ලිමේන්තු බලයක් අපට ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.

Show More

ශක්තිමත් ආණ්ඩුවක් වෙනුවෙන් වැඩි මන්ත්‍රීවරු සංඛ්‍යාවක් මාලිමාවෙන් පාර්ලිමේන්තු එවන්නජනාධිපති අනුර කුමාර දිසානායක

(-‘රට හදන අපි එකට මාලිමාවට’ ජයග්‍රාහී මහනුවර දිස්ත්‍රික් ජනතා රැලිය – 2024.11.02 – මහයියාව වේවැල්පිටිය ක්‍රීඩාංගණය-) පසුගිය ජනාධිපති ඡන්දය අපේ රටේ බලවත් දේශපාලන පරිවර්තනයක් ඇති කළ ඡන්දයක්. නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයෙන් සිදුකර ගැනීමට බලාපොරොත්තු වෙන්නේ දූෂිත ප්‍රභූ දේශපාලනයෙන් පොදු ජනතාව අතට ලබාගත් බලය තවදුරටත් ශක්තිමත් කර ගැනීමයි. හිටපු පාලක කණ්ඩායම් කරන ප්‍රකාශයන්ගෙන් ඔවුන් කෙතරම් […]

(-‘රට හදන අපි එකට මාලිමාවට’ ජයග්‍රාහී මහනුවර දිස්ත්‍රික් ජනතා රැලිය – 2024.11.02 – මහයියාව වේවැල්පිටිය ක්‍රීඩාංගණය-)

President AKD Addressing The Crowd At The Vicotry Rally Of Kandy

පසුගිය ජනාධිපති ඡන්දය අපේ රටේ බලවත් දේශපාලන පරිවර්තනයක් ඇති කළ ඡන්දයක්. නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයෙන් සිදුකර ගැනීමට බලාපොරොත්තු වෙන්නේ දූෂිත ප්‍රභූ දේශපාලනයෙන් පොදු ජනතාව අතට ලබාගත් බලය තවදුරටත් ශක්තිමත් කර ගැනීමයි. හිටපු පාලක කණ්ඩායම් කරන ප්‍රකාශයන්ගෙන් ඔවුන් කෙතරම් වික්ෂිප්ත වී තිබෙනවාද කියන එක පෙනෙනවා. ඔවුන් දරාගත නොහැකි මානසික වියවුලකින් පෙළෙමින් සිටිනවා.

මේ රට වැටී තිබෙන තත්වයෙන් ගොඩගැනීම සඳහා ජනතාවට නායකත්වය දී සමීපව මෙහෙයවීම් කරමින් විසඳුම් සෙවීම අවශ්‍ය වෙනවා. ඒ සඳහා අපේ තුන්දෙනෙකුගෙන් සමන්විත ආණ්ඩුව ශක්තිමත් නැහැ. අපිට අපේ ආණ්ඩුව ශක්තිමත්ව ගොඩනගා ගැනීමට වුවමනාව තිබෙනවා. ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් සහ ශක්තිමත් පාර්ලිමේන්තුවත් ගොඩනගා ගැනීම දක්වා සංක්‍රමණීය කාල පරිච්ඡේදයක් අපි ගත කරමින් ඉන්නවා. බලය ගත් මොහොතේ අපි අභියෝගයන් කිහිපයකට මුහුණ දී සිටියා. ආයෝජකයන්ට, කර්මාන්තකරුවන්ට, ආර්ථිකයට දායකත්වයක් සපයන කණ්ඩායම්වලට ආර්ථිකය පිළිබඳව විශ්වාසයක් හදන්න ඕනෑ. ආර්ථිකයේ ප්‍රධාන මෙහෙයුම්කරුවන්ට ජාතික ජන බලවේගය ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තහවුරු කරන්න අපි සමත් වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඩොලරය 300ට පහළින් තිබෙනවා. ඒ වගේම ජනතාවගේ අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව ලබාදීමේ අභියෝගය අපට තිබුණා. ඒ අභියෝගය අපි ජයග්‍රහණය කොට තිබෙනවා. විරුද්ධ පාර්ශ්වයන් කිවුවා අපි බලයට ආවොත් ලෝකයේ හුදකලා රාජ්‍යයක් බවට පත්වෙයි කියා. නමුත් අද ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට හැකියාව තිබෙන ප්‍රබල තම ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බවට පරිවර්තනය කොට තිබෙනවා. ඒ වගේම ලංකා දේශපාලන ඉතිහාසයේ මැතිවරණයකින් පසුව රට තුළ සාමකාමිත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළා. ඉතිහාසයේ මෙතෙක් තිබුණේ මැතිවරණයකට පසුව විරුද්ධ පාර්ශ්වයන්ට පහරදීම්, ගිනි තැබීම්, වද හිංසා පැමිණවීම් අපි සම්පූර්ණයෙන්ම නතර කොට තිබෙනවා.

Crowd At The Vicotry Rally Of Kandy

අද මහ මැතිවරණයකට සූදානම් වෙන අවස්ථාවක්. ලංකාවේ ඡන්ද පැවැත්වීමේ ඉතිහාසය ඉතාම ඛේදනීයයි. මැතිවරණවලදී උඩතලවින්නේ මිනිස් ඝාතන සිදුවුණා. නාවලපිටිය, ගම්පොළ ප්‍රදේශවල කාර්යාලවලට පහර දෙන, ජනතාව බියවද්දන සංස්කෘතියක් තිබුණා. පසුගිය මැතිවරණයේදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය නොකර වෙනත් පාර්ශ්වයක් ජයග්‍රහණය කළා නම්, මේ මැතිවරණය මොන වගේ වේවිද? සෑම දේශපාලන ව්‍යාපාරයකට සාධාරණ ලෙස මැතිවරණවල යෙදෙන්න තිබෙන අයිතිය අද අපි තහවුරු කොට තිබෙනවා. ඒ වගේම යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩනගමින් තිබෙනවා.

ඒ ගොල්ලන්ට බලය තිබෙන කොට, ගම්වලට ගොස් විදුලි බල මණ්ඩලයට දාගන්න, වෙනත් ආයතනවලට රස්සා දෙන්න ඇප්ලිකේෂන් පුරවන්න දෙනවා. හාල් බෙදනවා. බඩු බෙදනවා. තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් රාජ්‍ය බලය කැත විදිහට යොදා ගත්තා. මහජනයාගේ ධනය, රාජ්‍ය නිලධාරීන් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් යොදා ගත්තා. ජාතික ජන බලවේගයේ අපි කිසිදු ලෙසකින්වත් ආණ්ඩු බලය ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් යොදාගෙන නැහැ. ඡන්ද කරන්නේ පක්ෂයෙන්. රට පාලනය කරන්නේ ආණ්ඩුවෙන්. මේ යහපත් දේශපාලන වෙනස්කම්, යහපත් පරිවර්තනයන් යළිත් වෙනස් කරන්න මේ රටේ ජනතාව ඉඩ දිය යුතුද? මේ ඇති කරන ලද වැදගත් දේශපාලන සංස්කෘතිය අපි රැක ගන්න ඕනෑ. 1977 සිට ඇමති හැටියට, විපක්ෂ නායක හැටියට, අගමැති හැටියට, ජනාධිපති හැටියට මහජන දේපළ තමන්ගේ ජීවිත වෙනුවෙන් පාවිච්චි කළා. පැරදුණාමත් මහජනතාවගේ දේපළ තමන් වෙනුවෙන් පාවිච්චි කරනවා. මේ කැත සංස්කෘතිය ජාතික ජන බලවේගය නතර කරනවා. මේ වන විටත් අපි චිත්‍රසිරි මහත්මාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබෙනවා, මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ, ජනාධිපතිවරුන්ගේ, හිටපු මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ, ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කිරීම සඳහා වන ක්‍රියාමාර්ග ගැනීමට. එහෙම යහපත් සංස්කෘතියක් රටට අවශ්‍යයි. මේ පාර්ලිමේන්තුව කෙරෙහි ජනතාවගේ විශ්වාසයක් නැහැ. ජනතාවට පාර්ලිමේන්තු කෙරෙහි තිබෙන්නේ කෝපයක්, විරසකයක්. මේ විරසකය තිබෙන්නේ පාර්ලිමේන්තුව තුළ ඉන්න අයට එරෙහිව. නමුත් ඒ අය පාර්ලිමේන්තුවට බලෙන් ගියේ නැහැ, යැව්වේ ඔබලාමයි. මේ පාර්ලිමේන්තුව පිරිසිදු කරන්න, නොවැම්බර් 14 ජාතික ජන බලවේගයේ අයගෙන් මේ පාර්ලිමේන්තුව පුරවන්න ඕනෑ.

President Anura Kumara Dissanayake Addressing The Crowd At The Vicotry Rally Of Kandy

දැන් තැන් තැන්වලින් හමුවෙනවා ලියාපදිංචි නොකරන ලද වාහන. රේගුවෙන් නිසි පරිදි ලංකාවට නොගෙනෙන ලද වාහන. සමහර වාහන ආර්.එම්.වී. එකේ රෙජිස්ටර් කරලත් නැහැ. සාමාන්‍ය පුරවැසියා අංක තහඩුවක් නැති වාහන පාරට දාන්න බයයි. රේගුවෙන් පන්නපු, කෑලි ගෙනත් බට් කරපු වාහන පාරෙ දුවනවා. ඒ ගොල්ලන් බය නැහැ. නීතියට උඩින් ඉඳල ඒගොල්ලන්ට පුරුදුයි. අපේ කණ්ඩායම පාර්ලිමේන්තුවට අලුත් වුණාට දේශපාලනයට අලුත් අය නොවෙයි. දීර්ඝ කාලයක් රට වෙනුවෙන් දේශපාලනය කළ, අවංක අය. නොවැම්බර් 14දා පාර්ලිමේන්තුව සුද්ද කරනවා නම් මාලිමාව නියෝජනය කරන අය පාර්ලිමේන්තුවට යවන්න ඕනැ. අපි විධිමත් කැබිනට් මණ්ඩලයක් හදනවා.

විශේෂයෙන්ම අපි ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කරන්න සැලසුම් හදා තිබෙනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව ජනතාවගේ ජීවිත ගොඩගන්නේ කොහොමද, අපට දිය හැකි සම්පත් මොනවාද, රාජ්‍ය මැදිහත්වීම් කරන්නේ කෙසේද යනුවෙන් සොයා බලා ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කරනවා. අපේ වැදගත් ක්‍රියාමාර්ගයක් ඩිජිටල් ආර්ථිකයකට පියවර තැබීම. ලෝකයේ ඉහළම ආයතනයක සේවය කරන ඒ ක්ෂේත්‍රයේ උසස්ම වෘත්තියවේදියා, සතයක් නොගෙන සේවය කිරීමට ලංකාවට පැමිණ සිටිනවා. නිවසේ සිට තමන්ගේ සේවාවන් ඉටුකර ගැනීමේ පහසුව සලසන, ආර්ථිකය ඉහළ තැනකට ඔසවන, ජනතාව වෙනුවෙන් සේවා සැපයීමේ කාර්යක්ෂම ඩිජිටල් ඉකොනොමි එකක් ජාතික ජන බලවේගය ශ්‍රී ලංකාවේ ගොඩනඟනවා. ඒ වගේම අපේ වැදගත් සැලැස්මක් “ක්ලීන් ශ්‍රී ලංකා” නමින් දියත් කිරීමට බලාපොරොත්තු වෙනවා. පරිසරය පිරිසිදුව තබා ගැනීම වගේම දූෂණය, වංචාවෙන් පිරිසිදු රටක් අපි හදන්න ඕනෑ. දූෂිතයන්ට දඬුවම් දීම නීතිය ඉදිරියේ තිබෙන වගකීමක්. ඊට අදාළ දක්ෂ නිලධාරීන් අපි පත් කළා. ඔවුන් පරණ ෆයිල් සියල්ලම විමර්ශනය කරමින් සිටිනවා. දේශපාලන බලපෑමකින් තොරව එම පරීක්ෂණ කරගෙන යාමට අපි සහාය දෙනවා. ගම දක්වා විහිදුණු සෑම අතකින්ම පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම අපේ අපේක්ෂාවයි. ආසියානු කලාපයේ පිරිසිදුම රට ශ්‍රී ලංකාව බවට පත්කරන සැලැස්ම අපි දියත් කරනවා. ඒ වගේම 2025 වසර ලංකාවට මෙතෙක් සංචාරකයන් පැමිණි වැඩිම වසර බවට අපි පත්කරනවා. කෘෂි කර්මාන්තය, වැවිලි කර්මාන්තය, ස්වභාවික සම්පත් මත පදනම් වූ කර්මාන්ත සියල්ල අපි දියත් කරනවා. අපි පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ යම් වැටුප් වැඩිකිරීමක් සඳහා පෞද්ගලික අංශයත් සමග සාකච්ඡා කරමින් ඉන්නවා.

President Anura Kumara Dissanayake And Lal Kantha On Stage At The Victory Rally Of Kandy

ගම දක්වා විහිදුණු ශක්තිමත් බලයක් අපට අවශ්‍යයි. ලබන වසර ඇතුළත පළාත් සභා මැතිවරණය තබන්න අපි සැලසුම් කරනවා. ඒ මගින් ගම දක්වා විහිදුණු දේශපාලන යාන්ත්‍රණයක් ගොඩනැගෙනවා. එම යාන්ත්‍රණයට සමීපව ගමේ ප්‍රශ්න වගේම නගරයේ ප්‍රශ්න, ජාතික ප්‍රශ්න විසඳීමේ සැලසුම් අපි සකස් කරනවා. ජාතික වශයෙන් කළ යුතු වැඩ අපි කරමින් තිබෙනවා. එයට නායකත්වය දෙන්න පුළුවන් ප්‍රාදේශීය පාලනය හදන්න ඕනෑ. ජනතාව සමග සමීප සම්බන්ධතාවය පවත්වා ගත හැකි හොඳ මහජන නියෝජිතයන් දිස්ත්‍රික්කෙන් එවන්න ඕනෑ. මේ මහනුවර විශාල වාහන තදබදයක් තිබෙනවා. මේ ආසන්නයේ විශාල බස් නැවතුම්පළක් හා ඊට අනුබද්ධ පර්යන්ත ගොඩනැගිලි ඉදිකිරීමට පේරාදෙනිය, කටුගස්තොට, තැන්නේකුඹුර සැලසුම් කර තිබුණා. එම සැලසුම් සියල්ලම නතර වෙලා. ඒ සඳහා අවශ්‍ය මුදල් ඉතා ඉක්මනින් ලබාදී මහනුවර වාහන තදබදය ඉතා ඉක්මනින් නතර කිරීමට අවශ්‍ය පියවරයන් ගන්නවා. අධිවේගී මාර්ගයේ නතර වුණු ස්ථාන දෙකක් තිබෙනවා. ඒ ගැන ජපන් තානාපති කාර්යාලය සමග කතා කළා. ඒ වගේ ජාතික වශයෙන් කළ යුතු වැඩ අපි කරමින් තිබෙනවා. ගමේ ප්‍රශ්න බලන්න ඒවාට නායකත්වය දෙන්න, මෙහෙය වන්න හැකි ආකාරයේ ප්‍රාදේශීය නායකත්වය අපි හදන්න ඕනෑ. දිස්ත්‍රික්කයෙන් හොඳ මන්තීවරු එවන්න ඕනෑ. අපි ශක්තිමත් ආණ්ඩුවක් හදමු. ඒ වෙනුවෙන් වැඩි මන්ත්‍රීවරු සංඛ්‍යාවක් ජාතික ජන බලවේගයට ලබාදෙන්න.

Pujya Bambaragahakande Gnanasiri Himi Addressing The Crowd At The Vicotry Rally Of Kandy

“ගඳගහන මිනිසුන් වෙනුවට මාලිමාවේ ආදරණීය මිනිසුන්ගෙන් පාර්ලිමේන්තුව පුරවමු”
-පිරිවෙන් ගුරු සේවා සංගමයේ සංවිධායක ලේකම් පූජ්‍ය බඹරගහකන්දේ ඥානසිරි හිමි-

පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මෙවර මහ මැතිවරණයේදීත් මාලිමාව ජයග්‍රහණය කරවීම සඳහා ජාතික භික්ෂු පෙරමුණේ අපි ඉමහත් කැපකිරීමකින් කටයුතු කරනවා. ඉතිහාසයේ සිටම ලාංකේය භික්ෂුවට දේශපාලනයේදී සුවිශේෂී කාර්යභාරයක් හිමි වුණා. ජාතික භික්ෂු පෙරමුණ කටයුතු කරන්නේ “චරත භික්ඛවේ චාරිකං. බහුජන හිතාය, බහුජන සුඛාය” යන බුදු වදනට අනුවයි. මේ රට ආක්‍රමණය කළ බි්‍රතාන්‍යයන් ජනතාව සූරාකමින්, තලාපෙලා පාලනය කරගෙන යන විට ඊට එරෙහිව පෙරමුණ ගෙන සටන් වැදුණේ මේ රටේ භික්ෂූන් වහන්සේලායි. කුඩාපොල හාමුදුරුවෝ වැනි එඩිතර භික්ෂූන් අපේ රට තුළ සිටිය බව මතක තබා ගන්න. අදටත් එවැනි භික්ෂූන් සිටින වගත් මතක තබා ගන්න. අතීත අපේ වීරෝදාර භික්ෂූන් ගිය මඟේ යන අද ලංකාවේ එකම භික්ෂු සංවිධානය ජාතික භික්ෂු පෙරමුණයි. අපි මේ රට වෙනුවෙන් මේ මෙහෙවර කරන්නේ කිසිදු වරප්‍රසාදයක් වරදානයක් අපේක්ෂාවෙන් නොවෙයි.

රට තුළ සාධාරණ සමාජයක් ගොඩනැගීම අපේ එකම අරමුණයි. බෞද්ධ ශාසනය මුල්කරගෙන හතුරා විසින් මාලිමාවට එල්ල කළ අභූත චෝදනා, මඩ, අවලාද පරාජය කරන්නට පසුගිය ජනාධිපතිවරණයේදී භික්ෂූන් වහන්සේලා හැටියට අපිට පුළුවන් වුණා. අතීතයේ අපේ රටේ කාන්තාවකට පේදුරු තුඩුවේ සිට දෙවුන්ද තුඩුව දක්වා ස්වර්ණාභරණයෙන් සැරසී නිරුපද්‍රිතව පයින් ගමන් කරන්න හැකි වාතාවරණයක් තිබුණා කියලා අපි අසා තිබෙනවා. අද කෝ ඒ රට? වසර 76ක් පුරා මේ රට පාලනය කළ පාලකයන් අද අපිට උරුම කරලා තිබෙන්නේ. සෑම අතින්ම නරක පැත්තට ඇද වැටුණු රටක්. අද ඔබ මාලිමාව වටා පෙළ ගැසී සිටින්නේ රට හොඳ පැත්තට හැරවීමේ බලාපොරොත්තුවෙන්.

මේ රට මේ අගාධයට ඇදලා දම්මෙ මේ රට පාලනය කළ චෞර පාලකයන්. ඔවුන් වටා පෙළ ගැසී සිටින දූෂිත වළල්ල සහ රටේ දූෂිත නිලධාරී තන්ත්‍රයන් විසින්. අපි පන්සලට වෙලා බණ කියූ පමණින් මේ රට සුචරිතවත් රටක් බවට පත් කරන්න අපිට බැහැ. මේ රට හදන්න නම් මහා සංඝරත්නය හැටියට අපි මේ රටට ගැලපෙන පාලනයක් සහ පාලකයන් පත්කර ගැනීමට අපි පෙරමුණ ගත යුතුයි. ඒ සඳහා අපි සූදානම්. මේ මහා මැතිවරණයේදී අපි සූදානම් අර ගඳගහන මිනිසුන් වෙනුවට මාලිමාවේ සුවඳ හමන ආදරණීය මිනිසුන්ගෙන් අපේ රටේ පාර්ලිමේන්තුව පුරවන්න. ඒ සඳහා ජාතික භික්ෂු පෙරමුණ හැටියට අපි මේ මහනුවර දිස්ත්‍රික්කය පුරා ගෙයක් ගානේ යමින් ජනතාවට කරුණු පැහැදිලි කරමින් කටයුතු කරමින් ඉන්නවා. මෙවර මැතිවරණයේදී මාලිමාවේ නියෝජිතයන් වැඩිම පිරිසක් මහනුවරින්, පාර්ලිමේන්තුවට යැවිය යුතුයි. ඒ සඳහා අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි මහනුවර ජනතාවට ආරාධනා කරනවා.

Erik Weerawardena Addressing The Crowd At The Vicotry Rally Of Kandy

“අපට ඡන්දෙ නුදුන්න අය මාලිමාවට කතිරෙ ගහන්න බැරිවීම ගැන අද කම්පා වෙනවා”
-ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් විධායක සභික එරික් වීරවර්ධන-

2023 පාර්ලිමේන්තු මැතිවරණයේදී මහනුවරින් ඡන්ද 23,000ක් හිමිකරගත් මාලිමාව, පසුගිය සැප්තැම්බර් 21 වන විට ලක්ෂ හතරකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබාදී ජනාධිපතිවරණයේදී ඓතිහාසික ජයග්‍රහණයක් ලබාදීමට සමත් වුණා. මේ ජයග්‍රහණය අත්පත් කර ගන්න අපට හයිය ලබාදුන්නේ අපේ නායකත්වය. අපි මේ මැතිවරණය පටන් ගත්තේ 2022 දෙසැම්බර් මාසයේ. එදා සිට අපි එතැන් සිට කොට්ඨාස සභා, ගුරු සමුළු, හෙද සමුළු, වෛද්‍ය සමුළු පවත්වමින් අපේ සංවිධාන ශක්තිය තර කළා. අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා. අපිට ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. ඉදිරි මහ මැතිවරණයේදී අපේ ඡන්ද ලක්ෂ හතර, ලක්ෂ හයක් කර ගනිමු. මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට දහ දෙනෙක් යවමු. ඒ ගැම්මෙන් ඊළඟ සති දෙක වැඩ කරන්න ඕනෑ.

අපට ඡන්දෙ නුදුන්න අය මාලිමාවට කතිරෙ ගහන්න බැරිවීම ගැන අද කම්පා වෙනවා. ඒ සියලු දෙනාම අද අපට ඡන්දෙ දෙන්න සූදානම් වෙලා මාලිමාව වටා එකතු වෙලා ඉන්නවා. දමිළ සහෝදරවරුන්ගේ ඡන්ද අපට විශාල ලෙස ලැබුණේ නැහැ. හැබැයි අද දමිළ ජනතාව ගම් පිටින් එකතු වෙමින් ඉන්නවා. ඉතිහාසයේ පළමුවැනි වතාවට තොණ්ඩමන්ලා, දිගම්බරම්ලා, හකීම්ලා,රිෂාඩ් බදූර්දීන්ලා ඊළඟ කැබිනට් එකේ නැහැ. කෙහෙලියලා, ලක්ෂ්මන්ලා නැහැ. ඉන්නේ අපේ ලාල්කාන්ත සහෝදරයා ඇතුළු මාලිමාවේ අය. මාලිමාවේ නියෝජිතයන්ගෙන් දහයක් පාර්ලිමේන්තුවට යවන්න කටයුතු කිරීම වෙනුවෙන් කැපවෙමු.

Lal Kantha Addressing The Crowd At The Vicotry Rally Of Kandy

“අපට විරුද්ධව පච කිවුව අය දැන් පච වෙලා”
-ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක කේ.ඩී. ලාල්කාන්ත-

අපි මහනුවර දිස්ත්‍රික්කයේ දේශපාලන වැඩ කරන්න එනකොට සමහරු අපිට කිවුවේ දිස්ත්‍රික්කයේ ඡන්ද පදනම වෙනස් කරන්න බැහැ කියලා. දේශපාලනය වෙනස් කරන්න බැහැ කියලා. හරිම ගතානුගතිකයි කිවුවා. නමුත් ඔබ සියලු දෙනා පුනරුදයක් වෙනුවෙන් කැපවෙලා මාලිමාව ජයග්‍රහණය කරනවා කියලා රටට පෙන්නුවා. ඒ කැපකිරීමට අපි ගොඩක් ආදරය කරනවා. අපේ දේශපාලනයට විරුද්ධව හිටපු අයත් යථාර්ථය තේරුම් අරන් වෙනස් වෙනවා නම් අපි ඒ අයත් ආදරයෙන් පිළිගන්නවා.

අපි මන්ත්‍රීකම් 10ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් ගන්නවා. ඒක ස්ථිරයි. දැන් ඔක්කෝම හරි. අපි දිනලා අපේ ජනාධිපති කෙනෙක් ඉන්නෙ කියලා කවුරුත් උද්ධච්ඡ වෙන්න එපා. අපි බුදු දහමෙන් ඉගෙන ගන්නවා නම් වැරදි කළ අය නිවැරදි වීමට පියවර ගන්නවා නම් අපි ඒ අය පිළිගත යුතුයි. අහක දැමිය යුතු නැහැ. මුළු සමාජයක් කුණු වුණාම සමහර දේශපාලකයොත් කුණු වෙනවා. එතනැදී අපි එක් එක් පුද්ගලයාට පෞද්ගලිකව වෛර කරලා වැඩක් නැහැ. සමාජය වෙනස් කිරීමට උත්සාහ ගත යුතුයි. චෝදනා තිබෙන අයට නීතියෙන් උත්තර දෙයි. මහනුවර දිස්ත්‍රික්කයේ අපේ පක්ෂයෙන් නාම යෝජනා ගන්න විවිධ තරාතිරමේ උදවිය 543ක් ඉදිරිපත් වුණා. නමුත් අපිට නාම යෝජනා දෙන්න පුළුවන් 15 දෙනෙකුට පමණයි. අපිට නාම යෝජනා දෙන්න 15 දෙනෙක් හොයා ගන්න බැරි වුණු කාලයක් තිබුණා. නමුත් අද 543 දෙනෙක් ඉදිරිපත් වීමෙන් පේන්නේ මොකක්ද? අපේ දේශපාලන ව්‍යාපාරය ජයග්‍රහණය කරනවා කියන එක නේද?

The Crowd At The Vicotry Rally Of Kandy

දකුණු අප්‍රිකාවේ තමයි ලෝකයේ පිළිකුල් සහගතම වර්ණභේදවාදය ක්‍රියාත්මක වුණේ. සුදු ජාතිකයෝ කළු ජාතිකයින්ව විනාශ කළා. සුදු පාලකයන් යටතේ නෙල්සන් මැන්ඩෙලාලා ඒකෙන් බැට කෑවා. කළු ජාතීන් දුක් වින්දා. එක හෝටලයක තේ බොන්නේ නැහැ. එක මේසයක වාඩිවෙන්නේ නැහැ. එක බස් එකේ යන්නේ නැහැ. නමුත් නෙල්සන් මැන්ඩෙලාලා අන්තිමට ජයග්‍රහණය කළා. හැබැයි සුද්දාගෙන් පළිගන්න ගියේ නැහැ. තමන්ගේ ජනතාව විනාශ කරපු සුදු ජාතිකයන් සමග මැන්ඩෙලා සම්මුතියකට ගියා. ඉන් පස්සේ තමයි ඒ රට සාමකාමී වුණේ. ඒක ලෝක දේශපාලනයේ විශේෂයක්. අවංක පාපොච්චාරණයක් කරලා අපි එතන ඉඳන් එකට යමු කියලා මැන්ඩෙලා සුද්දන්ට කිවුවා. ඉන් පස්සේ රට ස්ථාවර වුණා. එතන සිද්ධ වුණේ එහෙමයි.

දේශපාලනයේදී හරි පුද්ගලික ජීවිතයේදී හරි වැරැද්දක් නොකළ කෙනෙක් මෙතන ඉන්නවා නම් අත උස්සලා පෙන්වන්න. එහෙම අය නැහැ. හැබැයි වැරදි තියෙනවා නම් ඒවා නීතියෙන් බලා ගනියි. අපි ඇඟිලි ගහන්න යන්නේ නැහැ. අපිට විරුද්ධව මඩ ගැහුවා. අවලාද කිවුවා. චෝදනා කළා. අපට විරුද්ධව පච කිවුව අය දැන් පච වෙලා. ඒ නිසාම දැන් සජිත් ප්‍රේමදාසලා තරගයක නැහැ. ආණ්ඩු බලය ඉල්ලන්නේ නැහැ. අනේ අපිව විපක්ෂයට යවන්න බැරිද කියලා අඬනවා. ලංකාවේ ප්‍රථම වතාවට ආණ්ඩුවක් සඳහා තරගයක් නැති මැතිවරණය බවට මෙවර මහ මැතිවරණය පත්ව තිබෙනවා. අපි දැන් තරග කරන්නේ ශක්තිමත් පාර්ලිමේන්තුවත් සඳහායි. සියයට තුනේ හිටපු කෙනෙක්ව ජනාධිපති කරන්න අපිට පුළුවන් කියන කොට, සමහරු කිවුවා අපිට අධිතක්සේරු පිස්සුවක් තිබෙනවා කියලා. නමුත් ඒක පිස්සුවක් නොවෙයි, යථාර්ථයක් වුණා. මේ මහ මැතිවරණයේදීත් අපි මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසන 10ක්ම දිනා ගැනීම තමයි අපේ අපේක්ෂාව. අධිතක්සේරුව පිස්සුවක්. හැබැයි ඒකත් යථාර්ථයක් වෙන බව අපි සහතික කරලා කියනවා. මහනුවර ජනතාව ඒක ඔප්පු කරන බව විශ්වාසයි.

Stage Of The Vicotry Rally Of Kandy
Religious Leaders On Stage At The Victory Rally Of Kandy
Show More

ජනාධිපති ලේකම් හා මාලදිවයින මහ කොමසාරිස්වරයා අතර හමුවක්

(-Colombo, November 1, 2024-) ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood Imad) යන මහත්වරුන් අතර සුහද හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (30) පස්වරුවේ පැවැත්විණි. මාලදිවයින ජනාධිපතිවරයා නුදුරේදීම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට බලාපොරොත්තු වන බවත් මාලදිවයින මහ කොමසාරිස්වරයා ජනාධිපති ලේකම්වරයා හමුවේ සඳහන් කළේය. දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් […]

(-Colombo, November 1, 2024-)

  • දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood Imad) යන මහත්වරුන් අතර සුහද හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (30) පස්වරුවේ පැවැත්විණි.

මාලදිවයින ජනාධිපතිවරයා නුදුරේදීම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට බලාපොරොත්තු වන බවත් මාලදිවයින

මහ කොමසාරිස්වරයා ජනාධිපති ලේකම්වරයා හමුවේ සඳහන් කළේය.

දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

එසේම මාලදිවයින සහ ශ්‍රී ලංකාවේ සංචාරක, සෞඛ්‍ය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රයන් දියුණු කර ගැනීම පිළිබඳව ද සාකච්ඡා විය.

මාලදිවයින නියෝජ්‍ය මහ කොමසාරිස් ෆාතිමත් ගීනා (fathimath Ghina) මහත්මියද මෙම අවස්ථාවට එක්වූවාය.

Show More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන උපදේශකවරයෙකු පත් කරයි

(-Colombo, November 1, 2024-) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශකවරයා ලෙස ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පත් කර තිබේ. ආර්ථික වර්ධනය වේගවත් කිරීම, ජාතික තරගකාරිත්වය සහ සියලු පුරවැසියන්ට සැලකිය යුතු ප්‍රතිලාභ සැලසීම අපේක්ෂා කරමින්, කලාපයේ වඩාත්ම දියුණු රටවල් හා සමගාමීව ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඉහළ නැංවීමේ සිය දැක්ම සහ කැපවීම පිළිඹිබු […]

(-Colombo, November 1, 2024-)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශකවරයා ලෙස ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පත් කර තිබේ.

ආර්ථික වර්ධනය වේගවත් කිරීම, ජාතික තරගකාරිත්වය සහ සියලු පුරවැසියන්ට සැලකිය යුතු ප්‍රතිලාභ සැලසීම අපේක්ෂා කරමින්, කලාපයේ වඩාත්ම දියුණු රටවල් හා සමගාමීව ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඉහළ නැංවීමේ සිය දැක්ම සහ කැපවීම පිළිඹිබු කරමින් ජනාධිපතිවරයා මෙම පත් කිරීම සිදු කර ඇත.

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය සහ ඩිජිටල් යටිතල පහසුකම් යන අංශවලින් ගෝලීය ප්‍රමිතියට ළඟා වීම රජයේ අපේක්ෂාවයි. පුරවැසියන් සවිබල ගැන්වීම උදෙසා ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) ස්ථාපිත කිරීම මඟින් බහු-ආංශික ඩිජිටල් පරිවර්තනයක් සඳහා රජය දැඩිව කැප වී සිටියි.

ඒ අනුව, වේගවත් ඩිජිටල් ආර්ථිකයකට සහ සියලු පුරවැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට තුඩු දෙන ආර්ථික හා සමාජ සංවර්ධනයට අදාළ සාම්ප්‍රදායික සංවර්ධන අවස්ථා ග්‍රහණය කර ගැනීමට හැකි වන පරිදි නවීන තාක්‍ෂණය භාවිත කිරීමට රජය සැලසුම් කර තිබේ. ආචාර්ය හාන්ස් විජයසූරිය මහතාගේ පත්වීම ඉහත දැක්ම සාක්ෂාත් කරගැනීම සඳහා වන ප්‍රධාන පියවරකි.

ජාත්‍යන්තර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ කීර්තිමත් පුද්ගලයෙකු වන ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා දැනට ආසිආටා සමාගමේ (Axiata Group Bhd) විදුලි සංදේශ ව්‍යාපාර ප්‍රධාන විධායක නිලධාරී සහ සමූහ විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන අතර, ඔහු නියමිත කාලයකින් පසු එම තනතුරෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී ඇත.

මෙම කාල පරිච්ඡේදය තුළ, ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා විධායක නොවන සභාපතිවරයා ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙහි (ICTA) අධ්‍යක්ෂ මණ්ඩලයට නායකත්වය ලබා දෙනු ඇත. ඒ හරහා රජය අපේක්ෂා කරන ඩිජිටල් පරිවර්තනය සඳහා අදාළ වැඩසටහන් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සිදු කරනු ඇත.

අදාළ පත් කිරීමෙන් පසු ඩිජිටල් ආර්ථිකයට අදාළ ආයතනික රාමුව තුළ විධායක නායකත්ව භූමිකා කිහිපයක් ඔහු ඉටු කිරීමට නියමිතය. මීට අමතරව, ජනාධිපතිවරයාගේ ඍජු විෂය පථය යටතේ අලුතින් පිහිට වූ අමාත්‍යංශයක් වන ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ඩිජිටල් ආර්ථික ත්වරණය අධීක්ෂණය කිරීම සඳහා කටයුතු කරන ඉහළම ආයතනයක් වන ඩිජිටල් ආර්ථික අධිකාරියේ සභාපතිවරයා යන තනතුරු ද්විත්වයම ඒ මහතා විසින් දරනු ඇත.

Show More

සමාජ සුභසාධන ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන් ඩිජිටල්කරණය කිරීමට අවධානය

(-Colombo, November 1, 2024-) මෙරට ක්‍රියාත්මක සමාජ සුභසාධන ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන් ඩිජිටල්කරණය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (01) පස්වරුවේ පැවැත්විණි. සහල් මිල ස්ථාවර කිරීම, සහල් හිඟයට දීර්ඝ කාලීනව විසඳුම් සෙවීමේ ප්‍රවේශය සඳහා වී ගබඩා පද්ධතිය පිළිබඳ තොරතුරු ඩිජිටල්කරණය කිරීමේ වැදගත්කම හා අස්වැසුම හා අඩු ආදායම් ලාභී පවුල් […]

(-Colombo, November 1, 2024-)

  • වී ගබඩා පද්ධතියේ තොරතුරු පිළිබඳ නිසි ක්‍රමවේදයක් ඔස්සේ ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ඩිජිටල්කරණයට
  • සහල් මිල ස්ථාවරකරණය හා සහල් හිඟයට දීර්ඝ කාලීනව විසඳුම් සෙවීමට පියවර

මෙරට ක්‍රියාත්මක සමාජ සුභසාධන ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන් ඩිජිටල්කරණය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (01) පස්වරුවේ පැවැත්විණි.

සහල් මිල ස්ථාවර කිරීම, සහල් හිඟයට දීර්ඝ කාලීනව විසඳුම් සෙවීමේ ප්‍රවේශය සඳහා වී ගබඩා පද්ධතිය පිළිබඳ තොරතුරු ඩිජිටල්කරණය කිරීමේ වැදගත්කම හා අස්වැසුම හා අඩු ආදායම් ලාභී පවුල් වෙනුවෙන් ලබාදෙන සමාජ සුබසාධන වැඩසටහන් ඇතුළු සේවාවන් ඩිජිටල්කරණය කිරීම පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක්විය.

ඉදිරි නව පාසල් වාරයේදී අඩු ආදායම්ලාභි පවුල්වල දරුවන් වෙනුවෙන් ලබාදීමට නියමිත සහන බෙදාදීමේ වැඩසටහන සහ පොහොර සහනාධාර ලබාදීමේ වැඩසටහන ඩිජිටල්කරණය කිරීමටද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ඩයලොග් ආසිආටා පුද්ගලික සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ, මිලේනියම් IT සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිලධාරී මහේෂ් විජේනායක මහත්වරු ඇතුළු ක්ෂේත්‍රෙය් ප්‍රවිණයන් පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Show More