-Colombo, November 23, 2023- 2024 අයවැයට අදාළව අංක 1: 1: 3 වැය ශීර්ෂය යටතේ හිටපු ජනාධිපතිවරුන් සඳහා මිලියන 110ක් වෙන්කර තිබෙනවා. පසුගිය අයවැයේ දී මෙම මුදල මිලියන 84ක් විය. එය සම්මත කර ගන්නා අවස්ථාවේ දී ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මන්ත්‍රීවරයා එම වැය ශීර්ෂය පිළිබඳව ඡන්ද විමසීමක් ඉල්ලා සිටිමින් කියා සිටියේ රට තුළ ඇති […]
-Colombo, November 23, 2023-
2024 අයවැයට අදාළව අංක 1: 1: 3 වැය ශීර්ෂය යටතේ හිටපු ජනාධිපතිවරුන් සඳහා මිලියන 110ක් වෙන්කර තිබෙනවා. පසුගිය අයවැයේ දී මෙම මුදල මිලියන 84ක් විය. එය සම්මත කර ගන්නා අවස්ථාවේ දී ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මන්ත්‍රීවරයා එම වැය ශීර්ෂය පිළිබඳව ඡන්ද විමසීමක් ඉල්ලා සිටිමින් කියා සිටියේ රට තුළ ඇති කළ ආර්ථික අර්බුදය සඳහා අධිකරණයෙන් වැරදිකරුවන් කළ පිරිසට ඇතුලත් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නඩත්තු කිරීමට තමන් එකඟ නොවන බවයි.
“ගරු කතානායකතුමණි ඔබතුමා දන්නවා මේ පළමු වැනි වැය ශීර්ෂයේ 1 : 1 : 3 කියන වැය ශීර්ෂයේ හිටපු ජනාධිපතිවරුන් සඳහා ගිය අවුරුද්දේ මිලියන 84ක් වගේම මේ අවුරුද්දේ මිලියන 110ක් වෙන්කරලා තිබෙනවා. ඒ හිටපු ජනාධිපතිවරුන් අතර දැනට අධිකරණයෙන් ආර්ථිකය කඩා වැට්ටීමට හවුල් වුවේ යැයි කියලා චෝදනා ලබා තිබෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂත් නියෝජනය කරනවා. ඔවුන් ආර්ථිකය කඩාවැටීමට හවුල් වූවායයි කියා තීන්දුවක් කරලා තිබියදී මේ පාර්ලිමේන්තුවෙන් ඒ සඳහා මුදල් වෙන්නොකළ යුතුයි කියන එක තමයි අපේ ස්ථාවරය. ඒ නිසා ඒ සඳහා ඡන්දයක් අවශ්‍යයි” අනුර කුමාර දිසානායක සහෝදරයා පවසන ලදී.
ඒ අනුව පළමු වැනි වැය ශීර්ෂය වූ ජනාධිපති වැය ශීර්ෂය සඳහා ඡන්ද විමසීමක් සිදු කරනු ලැබුවා. එහිදී අදාළ වැය ශීර්ෂ අංක එක ගැන ඡන්ද විමසීමේ දී පක්ෂව ඡන්ද 62ක් ලබාදුන් අතර ඊට විරුද්ධව ලැබී තිබුණේ ඡන්ද තුනක් පමණයි. ඒ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන අනුර දිසානායක, විජිත හේරත් සහ ආචාර්ය හරිනි අමරසූරිය යි.
මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරුන් දෙදෙනා සහ සෙසු පිරිස පිළිබඳව විවිධ ආකාරයේ කරුණු පැවසූ විරුද්ධ පක්ෂයේ අන් කිසිවෙකුත් මෙම යෝජනාවට විරුද්ධව හෝ පක්ෂව චන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ
-Colombo, November 23, 2023- ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘෘ පැට්‍රික් (Andrew Patrick) මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් අද (22) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය. මේ අවස්ථාව සඳහා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන අංශයේ පළමු ලේකම් ටොම් සොපර් (Tom Soper) මහතා සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක […]
-Colombo, November 23, 2023-
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘෘ පැට්‍රික් (Andrew Patrick) මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් අද (22) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.
මේ අවස්ථාව සඳහා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන අංශයේ පළමු ලේකම් ටොම් සොපර් (Tom Soper) මහතා සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් සහෝදරයාද එක්ව සිටියහ.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික හා දේශපාලන තත්වය දීර්ඝ ලෙස දෙපාර්ශ්වයේ සාකච්ඡාවට බඳුන් විය. මැතිවරණ නොපැවැත්වීමේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවිරෝධී හැසිරීම ජාතික ජන බලවේගය විසින් මෙහිදී විශේෂ අවධානයට ලක්කරවන ලදී.
-2023 නොවැ. 18 දින පැවති ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානය සහ අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ඒකාබද්ධ මාධ්‍ය හමුව- ජාතික ජන බලවේගය පසුගිය කාලය පුරාම සැලකිය යුතු ජනතා ජයග්‍රහණයක් ලබමින් ඉදිරියට එමින් සිටිනවා. මේ ජරාජීර්ණ දේශපාලනයෙන් මිදී මේ දුර්දාන්ත පාලනය ක්‍රමය වෙනස් කිරීමේ විරෝධතා රැලියක් පසුගිය 18දා විරෝධතා පා ගමනකින් පසුව පැවැත්වූවා. ජන වරමක් නැති […]
-2023 නොවැ. 18 දින පැවති ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානය සහ අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ඒකාබද්ධ මාධ්‍ය හමුව-
ජාතික ජන බලවේගය පසුගිය කාලය පුරාම සැලකිය යුතු ජනතා ජයග්‍රහණයක් ලබමින් ඉදිරියට එමින් සිටිනවා. මේ ජරාජීර්ණ දේශපාලනයෙන් මිදී මේ දුර්දාන්ත පාලනය ක්‍රමය වෙනස් කිරීමේ විරෝධතා රැලියක් පසුගිය 18දා විරෝධතා පා ගමනකින් පසුව පැවැත්වූවා. ජන වරමක් නැති රනිල් රාජපක්ෂ ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ගමන අඩපණ කරන්න අදේශපාලනික ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. සමහර වෙලාවට ඒවා හරිම තුච්ඡ ක්‍රියාමාර්ග. ජාතික ජන බලවේගය කියන දේශපාලන ව්‍යාපාරය පෝෂණය කරන්න එක්වී සිටින අනෙකුත් සංවිධාන අතරින් විශාල කාර්යභාරයක් “ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය” ඉටුකරමින් සිටිනවා. ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානය කියන්නේ රට පුරාම ව්‍යාප්ත වුණු ව්‍යාපාරයක්. අපි ඒකාබද්ධ මාධ්‍ය හමුවක් මේ අවස්ථාවේ පවත්වන්නේ ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයට එරෙහිව ආණ්ඩුව ගෙන යන නිහීන ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කරන්න.
ආණ්ඩුව තම තමන්ට පක්ෂපාතී කොටස් උපයෝගී කර ගනිමින් යම් යම් බලපෑම් සිදුකරමින් සිටිනවා. මෙවැනි බලපෑම් කරන මහත්වරුන්ට අපි එක දෙයක් කියන්න කැමතියි. ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයට එල්ල කරන බලපෑම් පිළිබඳ ගැටලුව අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන ගියා. නමුත් අපේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකත්වයට කඳවුරුවලට ඇතුල්වීම, වාර්ෂික සුහද හමුවලට සහභාගී වීම වැළැක්වීම, වෛද්‍ය පහසුකම් ලබාගැනීමට බාධා කිරීම වැනි ක්‍රියාමාර්ග වාචිකව ගනිමින් සිටිනවා. මාධ්‍ය හමුවට සහභාගී වන සම්පත් තුයියකොන්තා මහත්මාට ගුවන් හමුදාව තුළ වාචික බ්ලැක් ලිස්ට්කර තිබුණා. මේ සම්බන්ධයෙන් අපි ශ්‍රේෂ්ඨාධිකරණයට SEFR 132/2023 කියන නඩුව ගොනුකළා. ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ ගම්පහ දිස්ත්‍රික්කයේ රැස්වීමක සම්පත් තුයියකොන්තා මහත්මා කළ කතාවක් පදනම් කරගෙන බ්ලැක් ලිස්ට් කර තිබුණා. මේ සම්පූර්ණ කතාව අපි ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විනිශ්චයකාර මණ්ඩලයට ඇහෙන්න සැලැස්වූවා. ගෝඨාභය රාජපක්ෂ, සරත් ෆොන්සේකා, සරත් වීරසේකර, කමල් ගුණරත්න වගේ විශ්‍රාමික හමුදා නිලධාරීන්ට දේශපාලනය කරන්න තිබෙන අයිතිය සම්පත් තුයියකොන්තා මහත්මාට නැත්තේ ඇයි කියන ප්‍රශ්නය අපි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළා. ගුවන් හමුදාව වෙනුවෙන් පෙනීසිටි නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරියට තම පාර්ශ්වය වරදක් කර ඇති බව පිළිගන්න සිදුවුණා. ඊළඟ නඩු දිනය 2024 ජනවාරි 10වැනි දින වන විට අදාළ තහනම් කිරීම් ඉවත් කර, ඒ බව ශ්‍රේෂ්ඨාධිකරණයට ලිඛිතව දැනුම් දෙන්න නියමිතයි. සම්පත් තුයියකොන්තා මහත්මාට ලිඛිතව දැනුම් දෙන්න නියමිතයි.
ඉන් නොනැවතී මේ සාමූහිකයට යම් යම් බලපෑම් සිදුකරමින් සිටිනවා. අපි ඔවුන්ට මතක් කර දෙන්න ඕනෑ, මේ රටේ ආර්ථික ඝාතනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, කැබිනට් මණ්ඩලය, මහා භාණ්ඩාගාරයේ ලේකම්, මහ බැංකුවේ අධිපති ඇතුළු නිලධාරීන් වගකිව යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දු කර තිබෙනවා. ඒ වගේම පාස්කු ප්‍රහාරයට අදාළ නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සිට පහළට වැරදිකරුවන් කර, වන්දි ගෙවීමටත් නියම කර තිබෙනවා. මේ වගේ පසුබිමක සම්පත් තුයියකොන්තා මහත්මාගේ මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බව වගඋත්තරකරුවන් පිළිගෙන තිබියදීත් තවදුරටත් බලපෑම් සිදුකරමින් පවතිනවා. අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්වයි දේශපාලනය කරන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 14 (1) යටතේ ලබාදි තිබෙන අයිතිය පදනම් කරගෙන ජාතික ජන බලවේගයේ අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය දේශපාලනය කරගෙන යනවා. ඒ අයිතියට නෛතිකය අභියෝග කරන්න කිසිවෙකුටත් බැහැ.
රනිල් වික්‍රමසිංහ අධිකරණයට ඇඟිල්ල දිගුකර පටන් ගත් ආකාරය අපට මතකයි. ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. නඩු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට බලපෑම් කරන්න අධිකරණයට බැරි බව රනිල් වික්‍රමසිංහ කීවා. ඊට පස්සේ කථානායකත් ඒ බව කීවා. කුළුණු තුනෙන් එකකට තර්ජනය කළ ඔවුන් ගෙන යන මේ ගමන ලබන අවුරුද්දේ අගෝස්තුවලින් කෙලවර වෙනවා. එයට බයවුණු මේ නිහීන ආණ්ඩුව තමන්ගේ පොලීසිය පාවිච්චි කර, නැගී එන විරෝධය මර්දනය කරන්න බලනවා. විශ්‍රාමික සාමූහිකයේ පවුල්වල අයට බලපෑම් කිරීමේ අදහසින් විවිධ බාධා සිදුකරනවා. ආණ්ඩුවේ මේ නිහීන ක්‍රියාමාර්ගවලට ජාතික ජන බලවේගය බය වෙන්නේ නැති බව අපි අවධාරණය කරනවා. මේ සාමූහිකයට සිදුකරන සියලු කෙනෙහිලිකම් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානය පෙනී සිටිනවා. ලංකාවේ කුමන ප්‍රදේශයක සිට මේ සාමූහිකයට කෙනෙහිලිකම් කළත් අපි ඒ ඕනෑම ස්ථානයක සිට පෙනී සිටිනවා. ඒ සාමාජිකයින්ගේ අයිතිවාසිකම් ආණ්ඩුවේ බියගුළු, නිහීන තුච්ඡ, වැඩවලින් මර්දනය කළ නොහැකි බවත් ආණ්ඩුවේ මේ ක්‍රියාමාර්ග වහාම නතර කරන ලෙසත් අවධාරණය කරනවා. අපි ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළත් නීතියේ රාමුව තුළත් සියලු කටයුතු කරන අතර, ඊට පිටින් කිසියම් කෙනෙක් සිදුකරන බලපෑම්වලට යටත් නොවන බවත් අවධාරණය කරනවා.
“මොන බලපෑම් ආවත් අපේ රට වෙනුවෙන් ඉදිරියටත් ක්‍රියාකරනවා”
-විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ප්‍රධාන සම්බන්ධීකාරක විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර-
ජාතික ජන බලවේගයේ අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය විශාල වෘක්ෂයක් බවට දැන් ගොඩනඟාගෙන තිබෙනවා. ‘අදිටන’ නමින් මේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය අපි පිහිටුවා ගත්තේ මේ වසරේ පෙබරවාරි 11දා මහරගම තරුණ සේවා සභා ශාලාවේදී. රටට සිදුකර තිබෙන වින්නැහිය හමුවේ විශ්‍රාමිකයන් හැටියට අහක බලාගෙන ඉන්න අපට බැහැ. රට වට්ටවා තිබෙන තත්වයෙන් ගොඩගැනීමට මේ රටේ දූ දරුවන් වෙනුවෙන් හොඳ හෙටක්, හොඳ රටක් නිර්මාණය කිරීමට අපි මේ සාමූහිකය පිහිටුවා ගත්තා. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ සිටින සියලුම සාමාජිකයින් යුද, ගුවන්, නාවික, ත්‍රිවිධ හමුදා ගරුත්වය ආරක්ෂා කරමින් ක්‍රියාකරනවා. වෘත්තීය මට්ටමින් ඉහළම දායකත්වයක් ජාතික ජන බලවේගයට ලබාදෙන්නයි අපි මේ සාමූහිකය පිහිටුවා ගත්තේ. නීත්‍යානුකූලව අපි කටයුතු කරගෙන යන අතර, මේ සාමූහිකයේ සාමාජිකයින්ට විවිධ වාචික බාධාවල් පමුණුවා තිබෙනවා. ඒ මොන බලපෑම් ආවත් අපේ අදිටන සාමූහිකයේ සියලු සාමාජිකයින් තව තවත් ඉදිරියට ඇවිත් කටයුතු කරන බව ස්ථිරවම කියනවා. ජාතික ජන බලවේගයට තිබෙන අදූෂිත, ස්වෙච්ඡාවෙන් කැපවෙන හැකියාව හඳුනාගෙනයි රට ගොඩනැගීම වෙනුවෙන් අපි මේ පක්ෂයට සම්බන්ධ වී ක්‍රියාකරන්නේ. අපට මොන බලපෑම් ආවත් අපේ රට වෙනුවෙන් ඉදිරියටත් ක්‍රියාකරන බව ස්ථිරවම ප්‍රකාශ කරනවා.
“‘අදිටන’ සාමාජිකයන් ජීවිතයෙන් හෝ හෘදය සාක්ෂියෙන් විශ්‍රාම ගියේ නැහැ”
-ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ හර්ෂණ නානායක්කාර-
ජාතික ජන බලවේගයේ පාලනයක් එන අවුරුද්දේ බිහිවීම මහ පොළොවේ යථාර්ථයක් වී තිබෙනවා. ඒ වෙනුවෙන් ඡන්දය කල්දැමූ ආණ්ඩුව ජාතික ජන බලවේගයේ කටයුතුවලට සියලුම අංශවලින් බාධා පමුණුවන්න විවිධ උත්සාහයන් දරනවා. ඒ කිසිවකට අපිව පරදවන්න බැහැ. වෘත්තිකයන් සංවිධානය කරමින්, ජනතාව සංවිධානය කරමින්, කොට්ඨාස සභා පිහිටුවමින් විශාල බලවේගයක් ලෙස ඉදිරියට යනවා. මේ අතරින් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය සෑම ගම් දනව්වක් පුරාම වේගයෙන් ව්‍යාප්ත වෙමින් අවුරුදු එකහමාරක් ඇතුළත විශාල සාමාජිකයින් පිරිසක් එකතු කර ගනිමින් ශක්තිමත් වී සිටිනවා. ‘අදිටන’ සංවිධානයට ආණ්ඩුව මෙතරම් බය ඇයි කියන එක අපට පැහැදිලියි. ඔවුන් විශ්‍රාම ගොස් සිටින්නේ රැකියාවෙන් විතරක් බව ආණ්ඩුව මතක තබාගන්න ඕනෑ. ජීවිතයෙන් හෝ හෘද සාක්ෂියෙන් ඔවුන් විශ්‍රාම ගියේ නැහැ. දේශපාලනිකව ඔවුන් විශ්‍රාම ගිහින් නැහැ. මේ සමාජය සංවිධානය කර, සුවපත් කරන්න විශාල කාර්යභාරයක් කිරීම වෙනුවෙන් අද ඔවුන් ඉදිරිපත් වී සිටිනවා. රට වෙනුවෙන් රාජකාරි කාලයේදී කැපවීමෙන් කටයුතු කළ පිරිසක් මේ විදිහට ජාතික ජන බලවේගය වටා එකතු වී සිටිනවා. ඔවුන්ට එරෙහිව අනීතිකව ගෙන එන කුමන බාධාවකට හෝ අපි කිසිවෙකුත් බය වෙන්නේ නැහැ. ආණ්ඩුවේ අවශ්‍යතාවයට අනුව ඇතැම් නිලධාරීන් වාචිකව ලබාදෙන නියෝග නොපිළිනොපදින ලෙස සියලු දෙනාටම මම මතක් කරනවා. මේ විදිහට බලපෑම් කරන නිලධාරීන්ටත් විශේෂ දෙයක් කියන්න මම කැමතියි. ඔබගේ ජ්‍යෙෂ්ඨත්වය, ඔබගේ නිලය, ඔබගේ නියෝග කඳවුරු තුළ බලවත් වුවත් අධිකරණය ඉදිරියේ අපි කවුරුත් එක හා සමාන පුරවැසියන් පමණයි. සමාන අයිතිවාසිකම් තිබෙන්නේ. ඔබලා පෙනී සිටිය යුත්තේ දේශපාලන බලයෙන් එන යන ආණ්ඩු වෙනුවෙන් නොවෙයි, රජය සහ ජනතාව වෙනුවෙන්.
ලබන ඔක්තෝබර් මාසයෙන් පස්සේ රනිල් වික්‍රමසිංහලා, රාජපක්ෂලා කවුරුත් බලයේ නැහැ. ඊළඟට පත්වෙන ආණ්ඩුව නීතියේ විධානයේ ආධිපත්‍යය, නිවැරදිව ක්‍රියාත්මක කරනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ඒ කටයුතු නිවැරදිව සිදුවන බව ඔය ඉහළ නිලධාරීන්ට කාරුණිකව සිහිපත් කර දෙනවා. අනීතික නියෝග පිළිපදිමින්, දේශපාලනඥයන්ට කඩේ ගිහින් මුළු වෘත්තිය ජීවිතයම අඳුරුකර ගන්න එපා කියලා ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. නීත්‍යානුකූලව ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනයේ යෙදීම සම්බන්ධයෙන් එල්ල කරන තර්ජන හෝ බොරු රැවටීම්වලට ත්‍රිවිධ හමුදා විශ්‍රාමිකයන් කිසිවෙකුත් හසුනොවන ලෙසත් ඉල්ලා සිටිනවා. ජාතික ජන බලවේගයෙන් ඉවත් වුවහොත් වරප්‍රසාද ලබාදෙන බවට ලිපි එවීමටත්, සමහර අය ක්‍රියාකරන බව හෙළි වී තිබෙනවා. අනීතිකව ක්‍රියාත්මක වෙන ඒ ඉහළ නිලධාරීන්ටයි මම මේ කාරුණික සිහිකැඳවීම කරන්නේ.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු:-
ප්‍රශ්නය:- ඡන්දය පවත්වයි කියලා විශ්වාසයක් තිබෙනවාද?
පිළිතුර:- ඔය අවිනිශ්චිතතාවය හදන්නේම, අපේ ක්‍රියාකාරිකයන් බිය ගන්වන්නයි. පළාත් පාලන ආයතන කල්දැමූ බව ඇත්ත. ඊට විරුද්ධව පෙත්සමක් විභාග වෙමින් පවතිනවා. පළාත් පාලන ආයතන කොමසාරිස්වරයෙකු යටතේත්, පළාත් සභා ආණ්ඩුකාරවරයෙකු යටතේත් පවත්වාගෙන යන්න පුළුවන්. නමුත් ජනාධිපතිට විධායක නියෝග ලබාදීම සඳහා ව්‍යවස්ථාවෙන් ලබාදී තිබෙන බලය කල්දමන්න කිසිවෙකුටත් බැහැ. කළගෙඩි, ලාම්පු සෙල්ලම ආවේත් පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන්. ජනාධිපතිවරණය කල්දමන්න රනිල් වික්‍රමසිංහට බැහැ.
ප්‍රශ්නය:- විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට බලපෑම් එල්ල කරන්නේ ජාතික ජන බලවේගය හැර අනෙකුත් පක්ෂවලට සම්බන්ධ කර ගැනීමේ චේතනාවෙන්ද?
පිළිතුර:- විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ජාතික ජන බලවේගයේ මතවාදයට ඇවිත් ඉවරයි. අද මේ සිදුකරන්නේ අවුරුදු 75ක් යන තුරු පවුල් පහකින් පාලනය කළ දූෂිත, ප්‍රභූ දේශපාලන සංස්කෘතිය අවසන් කර, මහජන පාලනයක් පිහිටුවා ගැනීමට අකුල් හෙළීමයි. ඉදිරි මැතිවරණයකදී තිබෙන්නේ ජාතික ජන බලවේගය සහ එයට එරෙහි පිල වශයෙන් පිල් දෙකයි. රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව ඒ මැතිවරණයේදී අනුගමනය කළ හැකි නිහීන ක්‍රියාමාර්ග පිළිබඳ අපට අවබෝධයක් තිබෙනවා. ඒ සියල්ල පරාජය කරන්න අපි සූදානම්.
-2023 නොවැ. 18 දින පැවති ජාතික ජන බලවේගයේ ජන බල විරෝධය රැලිය – නුගේගොඩ- මේ සමුළුවේ සාරාර්ථය නැතිනම්, ලබාදෙන කෙටිම පණිවිඩය වෙන්නේ ‘රනිල් ඉවරයි.’ එහෙත් ලංකාව ඉවර නැහැ කියන එක. ජාතික ජන බලවේගය අපි පටන් ගත්තා විතරයි. සියලු දෙනාවම නරා වලකට ඇදලා දමපු තිරශ්චීන ආර්ථික ඝාතකයන්ගේ ලැයිස්තුව රටේ උපරිම අධිකරණයකින් හෙළිකර තිබෙන්නේ. එසේ නම්, අපේ […]
-2023 නොවැ. 18 දින පැවති ජාතික ජන බලවේගයේ ජන බල විරෝධය රැලිය – නුගේගොඩ-
මේ සමුළුවේ සාරාර්ථය නැතිනම්, ලබාදෙන කෙටිම පණිවිඩය වෙන්නේ ‘රනිල් ඉවරයි.’ එහෙත් ලංකාව ඉවර නැහැ කියන එක. ජාතික ජන බලවේගය අපි පටන් ගත්තා විතරයි. සියලු දෙනාවම නරා වලකට ඇදලා දමපු තිරශ්චීන ආර්ථික ඝාතකයන්ගේ ලැයිස්තුව රටේ උපරිම අධිකරණයකින් හෙළිකර තිබෙන්නේ. එසේ නම්, අපේ ජීවිත මේ ව්‍යසනයට පත්කරපු එකේ වගකිවයුතු අය පිළිබඳ අපට කිසිදු සැකයක් තිබෙන්න බැහැ. පොඩි අඩුපාඩුවකට තිබෙන්නේ ලිස්ට් එක අසම්පූර්ණයි. රනිල් වික්‍රමසිංහලා, අර්ජුන් මහේන්ද්‍රන්ලාගේ නම් එකතු කරලා ඒ ලිස්ට් එක සම්පූර්ණ කිරීමට නිසැකවම ජාතික ජන බලවේගය සූදානම්.
මේ විනාශ කොට තිබෙන්නේ කෝටි දෙකහමාරක්, මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවගේ සිහින; ජීවිත. ඒ අයගේ මානව හිමිකම් උල්ලංඝනයවී තිබෙන බව අධිකරණය කිව්වා. හරිනම් මේ වෙලාවේ කෝටි දෙකහමාරක් ජනතාව පෙත්සම් ගොනුකරන්න ඕනෑ. අපි සෑම කෙනෙකුගේම ජීවිත මහත් විනාශයකට තල්ලුකොට ඉවරයි. අපි නිසැකවම, කෝටි දෙකහමාර ජන බලයක් ලෙස කළමනාකරණය කරනවා. ඒකට තමයි දුර දැක්මක් සහිත, ජාතික නායකත්වයක් සහිත, ජාතික ප්‍රතිපත්ති සම්භාරයක් සහිතව ජාතික ජන බලවේගය සූදානම්ව ඉන්නේ.
කලා, සංස්කෘතික, අධ්‍යාපන ක්ෂේත්‍රය ඇතුළු අපේ රටේ සියලුම ජන තීරුවල ඉන්න විද්වතුන්, මහාචාර්යවරුන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගුරුවරුන්, විශ්වවිද්‍යාල සිසුවන් ඇතුළු සියලුම දෙනා මේ මොහොත තේරුම් ගත යුතුව තිබෙනවා. ඔබට මිනිසුන් ලෙස ගත හැකි උදාර හා නිවැරදිම තීරණය ගන්න ඕන බැරෑරුම් දේශපාලන නිමේෂය මේ උදාවී තිබෙන්නේ. මෙතෙක් මේ රටේ දේශපාලන මහ පොළොව, මේ ජනතා පිරමීඩයේ මුදුන සහ පතුල මේ ආකාරයට සකස් වුණේ නැහැ. පීඩනය අපේ ජීවතවල එළිපත්තටම ඇවිල්ලා. මේ පීඩනය උදාකරපු දේශපාලන බල හවුල් දස අතේ විසිරිලා. ජාතික ජන බලවේගය ජනතාව සංවිධානය කරනවා. මීට වඩා හොඳ මොහොතක් උදාවෙන්නේ නැහැ. සිසේරියන් සැත්කමක් සඳහා රෝහලට තම බිරිඳ ඇතුළත් කළ සැමියාට, ඒ බිරිඳගේ සැත්කමට අවශ්‍ය නූල අරගෙන රෝහලට යාමට සිදුවී තිබෙනවා. අපේ විශ්වවිද්‍යාල බිඳ වැටිලා. මගේ විශ්වවිද්‍යාලයේ 650ක් සිටිය යුතු අනධ්‍යයන කාර්ය මණ්ඩලයට දැන් ඉන්නේ 300ක් පමණයි. රනිල් වික්‍රමසිංහ ටෙම්පරියක් ඇද්දාට, විශ්වවිද්‍යාල එහෙම දුවන්න බැහැ. අපේ ප්‍රභවයට එකතු නොවුණු විද්වතුන්, කලාකරුවන්ගෙන් ඕනෑකමින් ඉල්ලන්නේ මේ මොහොතේ අපත් සමග එකතු වෙන්න, සංවේදී වෙන්න කියා.
විදුලිය නැති ගමක ලාම්පු එළියෙන් උසස් පෙළ කළ කෙනෙක් මම. අද ලංකාවේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙක්. 2023 වසරේ මාස දහයක ලබපු මගේ වැටුපෙන් මාසයකට හැත්තෑදාහ ගානේ ටැක්ස්වලට විතරක් ලක්ෂ හතක් කප්පාදු කරගෙන තිබෙනවා. ඒ ලක්ෂ හත මට තිබුණා නම් මගේ කැමැත්තෙන් දරුවන්ට ශිෂ්‍යත්වයක් දෙන්න, අසරණ පිළිකා රෝගීන්ට උදව් කරන්න තිබුණා. නමුත් මම කැමති වෙන්නේ නැහැ එයින් එක රුපියලක්වත් මේ හොරු රැළක්, මංකොල්ල කාපු රටක්, ආර්ථික ඝාතකයන් අධිකරණයෙන් නම් කරපු රටක් පාලනය කරන ආණ්ඩුවකට දෙන්න.
ජාතික සමගිය වෙනුවෙන්, කාන්තාවන්, දරුවන් වෙනුවෙන් මුළු ජීවිතයම කැප කරපු මම දන්නා විශිෂ්ට කලාකාරිනියක්, ජනමාධ්‍යවෙදිනියක් අද පිළිකා රෝගය සමග සටන් වදිමින් ඉන්නවා. පසුගිය මාස දෙක තුනේ ඇයට අවශ්‍ය ඉන්ජෙක්ෂන් එක සොයා ගත්තේ මිය ගිය රෝගීන් ළඟ ඉතිරිවී තිබූ බෙහෙත් අතරින්. එක මාසයකට ඇයට විදින්න සිදුවුණේ කල්ඉකුත්වූ ඖෂධයක්. අවුරුදු 75ක් තිස්සේ හැදුව මේ රට, ඔබ කැමතිද මේ තත්වයට පත්වෙනවට. සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට මහාචාර්ය ඒකකයක් ඉල්ලන්න කොළඹ පැමිණි ජීව විද්‍යාව කරලා, ‘ඒ’ තුනක් ගත් දරුවන්ට, මේ ආණ්ඩුව පහර දුන්නා. ඔවුන් අත්අඩංගුවට ගත්තා. දරුවන් 35ක් විතර, පසුවදා ඇප අරගෙන, මට කතා කළා. ඒ අය යන්න ඕනෙ බෙලිහුල්ඔයට. ඒ අයගේ බෙලිහුල්ඔයට බස් ගාස්තුව රුපියල් 30000/-යි. මහාචාරය ඒකකයක් ඉල්ලන්න ආ, කිසිදු වරදක් නොකළ දරුවෝ. මේ ඉතිහාසය අපි වෙනස් කළ යුතුයි.
මෑත කාලයේ රනිල් වික්‍රමසිංහගේ කෝප් කාරක සභාව රාජපක්ෂලාගේ කාලයේ නඩු අහනවා ඔබ දකින්න ඇති. කෝප් කාරක සභාවේ සභාපතිලාගේ බොරු සිංහ හම් ගැලවෙලා කපටි නරියා හෙළිවෙලා ඉවරයි. මෑත කාලයේ කෝප් කාරක සභාවට කරන්න සිදුවුණේ සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා දීපු ආදර්ශය අනුගමනය කරන එක විතරයි. විශිෂ්ට දේශපාලන දැක්මක් සහිත මිනිහෙක් අනුන්ගේ ව්‍යුහයක් ඇතුලේ තාවකාලිකව හෝ වැඩක් කරන්න ලැබුණු අවස්ථාවක ඒ මුළු ව්‍යුහයටම බලපාන්න වටපිටාව වෙනස් කරනවා. ඇත්ත හඳුන්නෙත්ති කෙනෙක් හදන්න මේ ආණ්ඩුවලට කිසිම කලෙක බැහැ. එසේ කළ හැක්කේ මේ වගේ ව්‍යාපාරයකට පමණයි. දූෂිතයෝ කිසිම කලෙක දූෂිතයන්ට දඬුවම් දෙන්නේ නැහැ. රාජපක්ෂලාගේ නඩු රනිල් තාවකාලිකව අහපුවාවේ. ඔය දෙගොල්ලන්ගේම නඩු ජාතික ජන බලවේගයේ රජයක් යටතේ නුදුරු අනාගතයෙ අපි අහනවා. ඒ සුබ සිහිනය වෙනුවෙන් ශක්තිය, ප්‍රඥාව ඔබ සැමට ලැබේවා! විද්වතුනි, ජනතාවනි, ජාතික ජන බලවේගයේ විශිෂ්ට වැඩපිළිවෙළ සමග එකතු වෙන්න. මේ රටේ ඉතිහාසය අලුතින් ලියමු.
-2023 නොවැ. 18 දින පැවති ජාතික ජන බලවේගයේ ජන බල විරෝධය රැලිය – නුගේගොඩ- අද ඓතිහාසික දිනයක්. අපි ඉතාමත් ශක්තිමත් විදිහට, එඩිතරව, අධිෂ්ඨානශීලීව, අරමුණු සහගතව පණිවිඩයක් පාලකයන්ට දෙනවා. අපි මේ වේදිකාවේ සිට කෑගහලා කියනවා ඔබලාගේ යුගය ඉවරයි. ඔබේ යුගය වෙනස් කරන අපේ පරිච්ඡේදය ආරම්භ කරන අපේ පරපුර වගකීම් ගන්න, අලුත් ඉතිහාසයක් ලියන මේ මොහොත සනිටුහන් […]
-2023 නොවැ. 18 දින පැවති ජාතික ජන බලවේගයේ ජන බල විරෝධය රැලිය – නුගේගොඩ-
අද ඓතිහාසික දිනයක්. අපි ඉතාමත් ශක්තිමත් විදිහට, එඩිතරව, අධිෂ්ඨානශීලීව, අරමුණු සහගතව පණිවිඩයක් පාලකයන්ට දෙනවා. අපි මේ වේදිකාවේ සිට කෑගහලා කියනවා ඔබලාගේ යුගය ඉවරයි. ඔබේ යුගය වෙනස් කරන අපේ පරිච්ඡේදය ආරම්භ කරන අපේ පරපුර වගකීම් ගන්න, අලුත් ඉතිහාසයක් ලියන මේ මොහොත සනිටුහන් කරන්නේ මේ ඓතිහාසික දිනය තුළයි. වසර 75ක් තුළ මේ දුෂ්ට පාලනය අපට මොනවාද ඉතිරි කලේ කියලා හැමදෙනාම මතක් කර ගන්න ඕනෑ.
අද අපේ දරුවන් පාසල් යවන්න සිදුවී තිබෙන්නේ බයෙන්. පාසැල්වල ඉදිකිරීම් පවා අනාරක්ෂිතයි. අවුරුදු හයක දරුවෙක් උපන් දිනය දවසේ ඉදිකිරීමක් කඩා වැටිලා මිය යනවා. තවත් දරුවන් කිහිපදෙනෙක් රෝහලේ. මේව තමයි අපට අධ්‍යාපනයෙන් ඉතිරි කරලා තිබෙන්නේ. දරුවන්ව ඉස්කෝලෙට යවන්න බැරි තත්වයක් උදාවෙලා. අපේ දරුවන්ට ඉතාමත් අමාරාවෙන් ඉගෙනගෙන, සුදුසුකම් හදාගෙන, සමත් විය යුතු විභාග සියල්ල සමත්කරගෙන, රැකියාවක් ලබා ගන්න අට සමත් මැතිඇමතිවරු ළඟට යෑමට සිදුවෙලා තිබෙනවා. අසනීප වෙලා බෙහෙත් ගන්න ගියාම ඒ බෙහෙත් ගැන විශ්වාසයක් නැහැ. විශේෂඥ වෛද්‍යවරු රෝහල්වල නැහැ. හෙදියන් නැහැ. රට දාලා ගිහිල්ලා.
නිවාඩුවකට දින දෙකක චාරිකාවක් යන්න විදිහක් නැහැ. විවේකයට කියවන්න පොතක් ගන්න, චිත්‍රපටයක් බලන්න දහස්වරක් හිතන්න සිදුවෙලා. ඉඳ හිට හෝ හෝටලයකට ගිහින් කෑම වෙලක් ගන්න අවස්ථාව නැති කරලා. විවේකය නැති කරලා. මනුෂ්‍යත්වයට අර්ථයක් ගෙනදෙන සියල්ල අහිමි කරලා. අපට එසේ වුවත්, එයාලගේ ජීවිතවලට අවශ්‍ය පහසුකම් සියල්ල එයාලා විඳිනවා. වික්‍රමසිංහලා, රාජපක්ෂලා සියලුදෙනා එකතුවෙලා උපන න කේක් කපනවා. අවුරුදු හයේ දරුවා උපන්දිනය දවසේ මිය ගියා. දින දෙකක් වත් ගෙවිලා ගියේ නැහැ. රටේ දරුවන්ට එහෙම වෙද්දී දෙමව්පියන්ට මොනවාද හිතෙන්නේ.
මේ අර්බුදයට වගකිව යුත්තේ කවුරුන්ද කියලා උසාවියේ තීන්දුව දීල සතියක් ගියේ නැහැ. නම්කරන ලද අයට කිසිම ගානක් නැහැ. ‘හැපි බර්ත් ඬේ’ කියමින් එකිනෙකා කේක් කවා ගන්නවා. මොනතරම් කුරිරුකමක්ද? මොනතරම් අසංවේදීද? මෙතරම් අර්බුදයක් ඇතිවී තිබියදීත්, එයට වගකිවයුත්තන් නම්කර තිබියදීත්, ජනතාවගේ දුක, වේදනාව දැනෙන්නේ නැති, පාලකයන් එලවන්න උවමනා නැතිද?
ඒගොල්ලන්ගේ ජීවිත ගෙවෙන්නේ කොහොමද? ලෙඩ වුණාම බෙහෙත් ගන්න පිටරට යන්න පුළුවන්. පෙට්්‍රල් මිල වැඩිවෙන එක, ප්‍රවාහනය එයාලගේ ප්‍රශ්න නොවෙයි. ඒගොල්ලෝ ඒ සුඛෝපභෝගී ජීවිත ගත කරන්නේ අපිට බදු ගහලා, අපෙන් සූරාගෙන කාලා. මේකට අපි තව තවත් ඉඩ දිය යුතුද? ඒ නිසා තමයි අපි මේ එකතු වෙලා ඉන්නෙත් අධිෂ්ඨානයක් ඇතිකර ගන්නේත් මේ ජනතා විරෝධී පාලනය ඉවර කරන්න ඕනෑ. ඒගොල්ලන්ට ඕනෑ විදිහට අපිව පාගාගෙන, පීඩාවට පත්කරලා, අපේ මනුෂ්‍යත්වය, අපේ සිහින උදුරාගෙන, තවදුරටත් මේ ගමන යන්න ඉඩදෙන්න අපි සූදානම් නැහැ. රනිල් වික්‍රමසිංහ තම ගජමිතුරන් සමග කරගෙන යන ඩීල් දේශපාලන යුගය, මේ රටේ පුරවැසියෝ දැන් අවසන් කර තිබෙන්නේ. අපේ යුගය ආරම්භ කර තිබෙන්නේ.
-2023 නොවැ. 18 දින පැවති ජාතික ජන බලවේගයේ ජන බල විරෝධය රැලිය – නුගේගොඩ- අපි නුගේගොඩට එකතු වී සිටින්නේ, රනිල් වික්‍රමසිංහටත් මහින්ද රාජපක්ෂ කල්ලියටත් අවසන් නිවේදනය දෙන්නයි; ‘අපේ රට අපට ඉතුරු කරලා, බැහැලා යන්න’ කියන්නයි; මේ දුෂ්ට පාලනය නිමාකර, ජාතික ජන බලවේගයේ පාලනයකින් රට ගොඩනඟන බව තහවුරු කරන්නත් ඒ වෙනුවෙන් රටේම ජනතාව අත්වැල් බැඳගත් බවටත් […]
-2023 නොවැ. 18 දින පැවති ජාතික ජන බලවේගයේ ජන බල විරෝධය රැලිය – නුගේගොඩ-
අපි නුගේගොඩට එකතු වී සිටින්නේ, රනිල් වික්‍රමසිංහටත් මහින්ද රාජපක්ෂ කල්ලියටත් අවසන් නිවේදනය දෙන්නයි; ‘අපේ රට අපට ඉතුරු කරලා, බැහැලා යන්න’ කියන්නයි; මේ දුෂ්ට පාලනය නිමාකර, ජාතික ජන බලවේගයේ පාලනයකින් රට ගොඩනඟන බව තහවුරු කරන්නත් ඒ වෙනුවෙන් රටේම ජනතාව අත්වැල් බැඳගත් බවටත් පණිවිඩය දෙන්නයි. අපේ රටේ ආර්ථිකය, කෘෂිකර්මාන්තය, සෞඛ්‍යය වශයෙන් එකක් දෙකක් වට්ටලා තිබෙනවා නම්, ගොඩගන්න ලෙහෙසියි. නමුත් පසුගිය කාලය පුරාම රට ආර්ථික වශයෙන්, දේශපාලනික වශයෙන් සමාජීය වශයෙන් සහ සංස්කෘතික යන සියලුම අංශවලින් බිඳ වට්ටා තිබෙනවා. එවැනි රටක් ප්‍රතිපත්තිවලින් විතරක් ගොඩගන්න බැහැ. එය ගොඩගන්න අලුත් ගුණයන් ගොඩක් අවශ්‍යයි. ඒ සියල්ල තිබෙන්නේ ජාතික ජන බලවේගය තුළ පමණක් බව මේ විනයගරුක සටන්කාමී පෙළපාළියෙන් ඔප්පු කර තිබෙනවා. අපි එකම අරමුණකින් එකම සටන් පාඨ කියමින් විනය සහ සංයමය සහිතව පෞද්ගලික අරමුණු වෙනුවට පොදු අරමුණකින් පෙළපාළියෙන් මෙතනට ආවා. අපිට තිබෙන්නේ තනි තනි පුද්ගලික අරමුණු නොව, වට්ටපු රට ගොඩනඟන පොදු සහ එකම අරමුණක් බව තහවුරු කළා. වෙන පක්ෂවල පෙළපාළිවල එකිනෙකාගේ මුහුණු දමාගෙන එකිනෙකා දිනවන්න එන පිරිස් සිටින්නේ. අපි ඇවිත් තිබෙන්නේ එකිනෙකාගේ පස්සෙන් යන්න නොවෙයි. විනාශ කර තිබෙන අපේ මව්බිම ගොඩනැගීම වෙනුවෙන් සටන් කරන්න, කැපවෙන්න සූදානම් බව ඔප්පු කරන්නයි. ඊට අවශ්‍ය ගුණය, ජවය, ආධ්‍යාත්මය තිබෙන්නේ ජාතික ජන බලවේගයේ පමණයි.
රටට හෙණ ගැහුවත් අද ඉන්න පාලකයන්ට ප්‍රශ්නයක් නැහැ. රටේ ජනතාව ආහාර නැතිව, ඖෂධ නැතිව, ඉගෙන ගන්න පහසුකම් නැතිව සිටියදී පාලකයන් මහා පරිමාණයෙන් වංචා-දූෂණවල යෙදී සිටිනවා. මිනිසාට මිනිසුන් ආදරය කරන, තමන්ට පෞද්ගලිකව කිසිවක් අපේක්ෂා නොකර වසර 75ක් පුරා පීඩාවට පත්කර සිටින ජනතාවට ආදරේ බව අපි ඔප්පු කර තිබෙනවා. මේ රට ගොඩනඟන්න අවශ්‍ය සියලු කැපකිරීම් කරන්න, අපි සූදානම් බව නැවත නැවතත් තහවුරු කර තිබෙනවා. මෙතන තිබෙන්නේ නිකම් ඔළුගෙඩි ටිකක් විතරක් නොවෙයි; අපේ රටේ තිබෙන හොඳම ගුණයන් සහිත ධෛර්යය සම්පන්න මිනිසුන් දස දහස් ගණනක්. කලක් බොරුවට බෙදී සිට, රංගනයන් පවත්වා, දැන් එකට එකතු වී පැරණි ඉතිහාසයේ අවසන් ජවනිකාව ඔවුන් විසින් රඟ දක්වමින් සිටිනවා. අපේ රටේ ඉතිහාසය අලුතින් ලියන්න සමත් බලවේගය මෙතැනට එකතු වී සිටිනවා. අපි ආ, දුර ගමන වගේම සංයමයෙන්, ධෛර්යයෙන්, ඉදිරියට යාමේ වගකීමක් අපට තිබෙනවා.
අද සතුරා ජාතික ජන බලවේගයට බය වී සිටින්නේ මෙතැනට රැස්වී ඉන්නේ නිකම්ම නිකම් හුදකලා මිනිසුන් නොවෙන නිසයි; නිකම්ම ඡන්දදායකයන් නොවෙන නිසයි. මෙතනට රැස්වී ඉන්නේ තීන්දුවක් ගතහොත් ගල් පර්වත වුණත් අස්වද්දන්න හැකියාවක් තිබෙන මිනිසුන්. රනිල් වික්‍රමසිංහලා, මහින්ද රාජපක්ෂලා, ජනමතයට බයවී ඉන්නවා. මැතිවරණ මගින් ජන මතය ප්‍රකාශයට පත්වීම ගැන බය වූ රනිල් වික්‍රමසිංහලා, මහින්ද රාජපක්ෂලා, ඡන්ද කල්දමා තිබෙනවා. ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අපි පනවා තිබෙන නඩුවත් කල්දමමින් යනවා. ඒ අතර ආණ්ඩුව ඡන්දයට මෙපිට ජනමතය ප්‍රකාශ කරන, සමාජ මාධ්‍ය මර්දනය කරන්න පනත් ගෙනෙමින් සිටිනවා. ජන මතය ප්‍රකාශ කරන උද්ඝෝෂණවලට බයේ ත්‍රස්ත මර්දන පනතක් අලුතින ගේන්න සූදානම් වෙනවා. කවුරු සමග ඒ සෙල්ලම් කළත්, මහා දැවැන්ත ජනතා බලයක් සහිත, විනයක් සහ අධිෂ්ඨානයක් සහිත ජාතික ජන බලවේගය එක්ක ඔය සෙල්ලම් බැරි බව රනිල්ට සහ ගෝල බාලයන්ට කියනවා. රනිල් වික්‍රමසිංහට ඉතිරි වී තිබෙන්නේ උපරිම තව මාස දහයකින් කොට්ට, පැදුරු අකුළාගෙන යාමක් පමණක් බව අවධාරණය කරනවා. රාජපක්ෂලාටත් එහෙම තමයි. ආණ්ඩු මාරු කරමින්, මැච් එක ගහපු සතුරන්ගේ යුගය අවසානයි. දැන් උදාවී තිබෙන්නේ ජනතාවගේ යුගයයි. අපි මෙතනට රැස්වී සිටින්නේ මේ යුගය අපේ දෑතින් නිර්මාණය කරන බව කියන්නයි. එය නැවැත්විය හැකි කිසිදු බලවේගයක් නැහැ.
මාස ගණනකට කලින් ‘මහින්ද සමග නැගිටිමු’ කියලා දෙයක් දාලා බැලුවා. හරි ගියේ නැති පාර ‘නාමල් එක්ක නැගිටිමු’ කියලා දැම්මා. දැන් බැසිල් නැගිටින්න හදනවා, ඒත් බැහැ. ඔවුන්ගේ කාලය ගියා. දැන් ජනතාවගේ යුගය නිර්මාණය වෙලා තිබෙන්නේ. රට වට්ටලා ඉබාගාතයේ ඇවිදගෙන ගිය ජනතාවට, තමන්ට සිදුවුණේ මොකක්ද කියලා ආපසු හැරී බලන්න පාලකයන් විසින් බල කළා. ඒ බල කරන වෙලාවේ ජනතාවට ඇත්ත කියලා දීලා පාර පෙන්වන්න ජාතික ජන බලවේගය හිටියා. හොරාට හොරා කියලා රට හමුවේ හෙළි කළ එකම නායකයා අනුර කුමාර දිසානායක පමණයි. කාලයක් ඔවුන්ගේ අය “හොරකම් කළත් පාරවල් හැදුවනේ” වගේ මත පළකරමින් සිටියා. අද ජනතාවට ඒ පාරවල්වල යන්න වාහනවලට තෙල් ගහගන්නත් නැහැ. මේ නිසා නැවත හොරුන්ට අවස්ථාවක් නොදෙන්න ජනතාව අධිෂ්ඨානය කරගෙන ඉන්නවා. ජනතාව දිනාගැනීමේ සටනේ ලොකුම අවිය අදහස්. අපිට නිවැරදි අදහස් තිබෙනවා වගේම, අපි හැමෝටම එක මතයක් තිබෙනවා. අපි හැමෝම දරන ඒ නිවැරදි මතය අනිත් සෑම දෙයකටම වඩා බලවත්. ජාතික ජන බලවේගයේ අදහස් එක්ක සටන් කරන්න පුළුවන් කිසිම බලවේගයක් ලංකාවේ නැහැ. සංවිධාන පැත්තෙන් ගත්තත් පරාදයි. තනි නායකයෙක් පිටුපස්සේ යන පිරිසක් අපි හැදුවේ නැහැ. අනුර සහොදරයාගේ නායකත්වයෙන් අපි ඔක්කෝම එකතු වී ජය පරාජය දරාගෙන විශ්වාසයෙන් ගමන් කරන සාමූහික නායකත්වයක් හැදුවා. ඒ සාමූහිකත්වයට දිනන්න පුළුවන් බව දැන් ඔප්පු කර අවසන්.
ඔවුන්ට සාමූහිකව කළ හැකි එකම දේ හොරකම් කිරීම විතරයි. මතවාදයෙන් සහ සංවිධානමය පැත්තෙන් අපි ඔවුන්ව පරාජය කර අවසන්. ඔවුන්ට බලය තිබෙන්නේ, ව්‍යවස්ථාවේ, ජනාධිපති ධුරයේ සහ පාර්ලිමේන්තුවේ පමණයි. එයිනුත් ලබන අවුරුද්දේ ඔක්තෝබර්වල ජනාධිපතිවරණයෙන් අපේ රටේ ඉතිහාසයේ පළමුවරට පොදු ජන නායකයෙක් ජයග්‍රහණය කරවන්න සියලු දෙනාම සූදානම්. ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ වහාම මේ දුෂ්ට, දූෂිත පාර්ලිමේන්තුව විසුරුවා හැර ඒ බලය ලබාගෙන රට හැදීම ආරම්භ කරනවා. රට හදනවා වගේම හොරු අල්ලන්නත් තිබෙනවා. හොරුන්ට අධිකරණයෙන් දඬුවම් දෙන්නත් තිබෙනවා. අපි වටා විශ්වාසය තබමින් එකතු වෙන දැවැන්ත මහජන බලය අලුත් රටක් ගොඩනැගීම අනිවාර්යයෙන් කරනවා. වැඩකරන ජනතාව, ගොවි ජනතාව, ධීවර ජනතාව, කර්මාන්තකරුවන්, තරුණ පරපුර සහ යුක්තිය ඉල්ලා හඬන ගැහැනුන්ගේ බලවේග අප වටා එකතු වී සිටිනවා. මේ රට ගොඩනැගීමේ දැනුම සහ කැමැත්ත තිබෙන, ජාවාරම්කරුවන් නොවෙන සියලුම ව්‍යාපාරිකයන්ගේ එකතු වීමත් සිදුවෙනවා. පසුගිය කාලයේ අපිට අලුතින්ම එකතු වුණේ ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාම ගිය නිලධාරීන් ඇතුළු සියලුම දෙනයි. ඔවුන් මහා බලයක් ලෙස අධිෂ්ඨානයෙන් එකතු වී තිබෙනවා. මහින්ද රාජපක්ෂලා, රනිල් වික්‍රමසිංහලා එක්ක සිටින හොරු ටිකි හැර අලුත් සියලුම බලවේග ජාතික ජන බලවේගය වටා එකතු වී අවසන්. මේ වන විට ජනමත සමීක්ෂණ අනුව 50%ක් ඉක්මවූ ජයග්‍රහණයක් ජාතික ජන බලවේගයට ලැබෙන බව සනාථ වී තිබෙනවා. ආණ්ඩුවේ ප්‍රසාදය 9% දක්වා පහත වැටිලා තිබෙනවා. මේ වන විට කප්පාදු කර තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය ඇතුලේ ජයග්‍රහණ ලබන්න අපිට පුළුවන්. ඒ ගැන කිසිම සැකයක් නැහැ. ඒ නිසා තමන්ට කැමති පාලනයක් පත්කර ගන්න ජනතාවට තිබෙන අයිතියට අත තබන්න ලැහැස්ති වෙන්න එපා කියලා අපි රනිල්ට කියනවා. අත තිබ්බොත් එහෙම ගෝඨාභය ගිය පාරේම රනිල් වික්‍රමසිංහවත් යවන්න ජනතාව ක්‍රියා කරන බවට කිසිම සැකයක් නැහැ.
අපි කවුරුත් දැන් වගකීම් සහගතව දේශපාලනය කරන්න ඕනෑ. ගම්බිම්වලට නව නායකත්වයන් හඳුන්වා දෙමින් ජාතික ජන බලවේගය ශක්තිමත් කරන්න ඕනෑ. බෞද්ධ, කතෝලික, ඉස්ලාම්, හින්දු සියලු ආගම්වල ජනතාවන් ශ්‍රී ලාංකිකයන් හැටියට එකතු කරන්න ඕනෑ. සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැමෝම අපේ දෑතින් ශ්‍රී ලාංකීය ජාතික ගොඩනඟනවාය කියන අධිෂ්ඨානයෙන් අපි හැමෝම එක්වෙමු. කිසිවෙකුටත් පරාජය කළ නොහැකි රට හදන දැවැන්තම ජනතා බලය අපි ගොඩනඟමු. ඒ වෙනුවෙන් සාමූහිකත්වය, සහෝදරත්වය, පරාර්ථකාමිත්වය, වගේ හොඳම ගුණයන් එකට එකතු කරමු. ලැබෙන පළමු මොහොතේම රනිල් වික්‍රමසිංහලා, මහින්ද රාජපක්ෂලා පළවා හැර වට්ටපු රට ගොඩනැගීම වෙනුවෙන් බලය ගන්න අපි ලැහැස්තියි. රටේ සියලු ජනයා සතුටින් ජීවත් වන හෙටක් හදන්න අපට පුළුවන්. ඒ වෙනුවෙන් සටන් කරන්න, කැපකිරීම් කරන්න, මහන්සි වෙන්න අපි ලැහැස්තියි. අපේ දෑතින් අපේ රට ගොඩනඟනවා. අපේ පරම්පරාව අපේ රටේ ඉතිහාසය අලුතින් ලියනවා. මේ දුෂ්ට පාලනය තුළ ජීවත් වෙන අවසන් පරම්පරාව අපයි. රට හදමු. ජනතාවට ජයග්‍රහණ ගෙන එමු. සියලු දෙනාටම ජයවේවා!