(ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.02.27) විදුලි ගාස්තු සංශෝධනය කිරීමේදී ආණ්ඩුව ජනතාවට එරෙහිව තවදුරටත් කටයුතු කිරීමට සූදානම් වූ අවස්ථාවේ ජාතික ජන බලවේගයේ අපි සහ තවත් සංවිධාන කිහිපයක් මහජන උපයෝගී කොමිසම ඉදිරියේ කරුණු දැක්වීමට අවස්ථාව සලසා ගත්තා. විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් මුලින් ප්‍රකාශ කළේ 3.34%කින් පමණක් බිල අඩු කළ හැකි බවයි. 2023 ඔක්තෝබර් මාසයේදී නීති […]
(ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.02.27)
විදුලි ගාස්තු සංශෝධනය කිරීමේදී ආණ්ඩුව ජනතාවට එරෙහිව තවදුරටත් කටයුතු කිරීමට සූදානම් වූ අවස්ථාවේ ජාතික ජන බලවේගයේ අපි සහ තවත් සංවිධාන කිහිපයක් මහජන උපයෝගී කොමිසම ඉදිරියේ කරුණු දැක්වීමට අවස්ථාව සලසා ගත්තා. විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් මුලින් ප්‍රකාශ කළේ 3.34%කින් පමණක් බිල අඩු කළ හැකි බවයි. 2023 ඔක්තෝබර් මාසයේදී නීති විරෝධීව 18%කින් විදුලි බිල වැඩිකළා. අවුරුද්දකට දෙවරක් සංශෝධනය කළ යුතු වුවත් අනාගතයටත් බලපාන ලෙස තුන්වරක් සංශෝධනය කළා. විදුලි බල ඇමති දැන් කියන්නේ ඔක්තෝබර් මාසයේ තිබුණු මිල ගණන්වලට නැවත ගෙන යන බවයි. ඔවුන් කියන කරුණු අනුව විදුලි බල මණ්ඩලයේ මුළු ආදායම රුපියල් බිලියන 710ක් වන විට මුළු වියදම බිලියන 688ක් බව කීවා. සියලු වියදම් පියවා ගත්තාම බිලියන 23ක අතිරික්තයක් තිබෙන බවත් ඒ අනුව 3.34%කින් මිල අඩු කළ හැකි බවත් කීවා. නමුත් අපි මහජන උපයෝගීතා කොමිසම හමුවේ කරුණු ඉදිරිපත් කරමින් විදුලි ධාරිතාවේ පිරිවැය බිලියන 50ක සිට බිලියන 133ට වැඩිකර තිබෙන බවත්, බෙදා හැරීමේ පිරිවැය 150%කින් පමණ ඉහළ දමා ඇති බවත් පෙන්වා දුන්නා. බැංකුවලින් ගෙන තිබෙන ණය පොලිය ලෙස රුපියල් බිලියන 53ක් ගෙවිය යුතු බව මණ්ඩලය කියා තිබෙනවා. නමුත් වර්තමාන පොලිය අනුව ගෙවීමට වෙන්නේ රුපියල් බිලියන 45ක් පමණයි.
පාරිභෝගිකයා සූරාකමින් ජාවාරම්කාරී ජඩ අරමුණු වෙනුවෙන් ඇමතිවරයා සහ නිලධාරීන් ක්‍රියාකරන බව අප මහජන උපයෝගීතා කොමිසමට පෙන්වා දුන්නා. 2023 විදුලි බල මණ්ඩලයේ ලාභය බිලියන 48ක් බව ඔවුන් කීවා. විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට අලුතින් ඉදිරිපත් කර තිබෙන දත්ත අනුව වියදම බිලියන 93කින් අඩු කළ හැකි බව කියා තිබෙනවා. ගිණුම්කරණ ප්‍රතිපත්ති අනුව විදුලි බල මණ්ඩලයේ මිල තීරණය කළ යුත්තේ ලාභ ලැබීමේ අරමුණෙන් නොව, වියදම් පියවා ගැනීමේ අරමුණෙන්. ආසියාවේ අනෙක් රටවල්වලට වඩා අපේ රටේ විදුලි බිල 50%කින් වැඩියි. මේ නිසා කර්මාන්ත කඩා වැටිලා තිබෙන්නේ. විදුලි බිල අඩුකිරීම සම්බන්ධයෙන් අපි කරුණු ඉදිරිපත් කරන්නේ රටේ සංවර්ධනයට ඍජුවම විදුලි බිල බලපාන නිසයි. දැන් බිලියන 93කින් වියදම අඩුකර ගත හැකි බව කියන ඇමතිවරයා සහ නිලධාරීන් මුල් අවස්ථාවේ ඒ බව සඟවා තැබුවේ ඇයි? 2023දී විදුලි බල මණ්ඩලයේ ලාභය බිලියන 62ක් බව මේ වන විට හෙළිවී තිබෙනවා. තවත් බිලියන 14කින් ලාභය වැඩිවී තිබෙනවා. පොලිය සඳහා වැඩියෙන් ඇතුළත් කර තිබුණු බිලියන 08කින් ලාභයට එකතු වී රුපියල් බිලියන 70ක අමතර ලාභයට විදුලිය ජනනය සහ බෙදාහැරීමේ වියදම් ලෙස වැඩිපුර එකතු කර තිබූ බිලියන 140ක් තිබෙනවා. මේ අනුව විදුලි බල මණ්ඩලයේ රුපියල් බිලියන 210කට වැඩි අමතර මුදලක් ගිණුම් අතරේ සඟවා තබා ඇති බව පැහැදිලියි. මුළු වියදම බිලියන 680ක් බව පෙර සඳහන් කර තිබුණත් ඒ වියදමින් බිලියන 210ක් අඩු වුණාම 470ක් දක්වා වියදම අඩු වෙනවා. ඒ අනුව විදුලි බිල 37%කින් අඩු කරන්න පුළුවන්.
මහජන උපයෝගීතා කොමිසම කංචන විජේසේකර ඇමතිගේ නොව මේ රටේ ජනතාවගේ කොමිසමක් බව අපි ඒ නිලධාරීන්ට ප්‍රකාශ කළා. ඇමතිගේ මනදොල සම්පූර්ණ කිරීම, ඉහළ නිලධාරීන්ගේ ජාවාරම් ආරක්ෂා කිරීම, කොමිසමේ කාර්යභාරය නොවෙන බව පැහැදිලි කර දුන්නා. මේ මිල අඩුනොකර තවදුරටත් ගේම් ගහන්න ලැහැස්ති වෙන්න එපා කියලා අපි ඇමතිවරයාට අවධාරණය කරනවා. අපි කරන ලද කරුණු දැක්වීමට ඇහුම්කන් දීම පිළිබඳව මහජන උපයෝගීතා කොමිසමට ස්තුතිවන්ත වෙනවා. මෙයට පෙර හැසුරුණු ආකාරයට හැසිරෙන්නේ නැතිව මහජනතාවගේ අදහස් ලබාගෙන, නැවත විදුලි බල මණ්ඩලයෙන් දත්ත ලබාගෙන කටයුතු කිරීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. නැවත මේ රැස්වී විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් ජනතාවගේ පැත්තෙන් සිට තීරණය ලබාදෙන ලෙස කොමිසමෙන් ඉල්ලා සිටිනවා. විදුලි බල මණ්ඩලයේ වියදම බිලියන 210කින් අඩු කළ හැකි බව අපි පෙන්වා දුන්නේ අවම වශයෙන් කළ හැකි මට්ටමයි. තවදුරටත් ජනතාව පීඩාවට පත්කරමින් සූරාකන ජාවාරමට උදව් නොකරන ලෙස මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ඇමතිවරයා සහ මණ්ඩලයේ ඉහළ නිලධාරීන් අත්තනෝමතික ලෙස සැඟවීමට උත්සාහ කළ වියදම් හෙළි වී තිබෙන බව අවධාරණය කරනවා. පසුගිය 15වැනිදා මහජන උපයෝගීතා කොමිසම ඉදිරියේ ඉතිහාසයේ පළමු වතාවට අපි කරුණු ඉදිරිපත් කළ පසුව ඒ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. නැවත ඇමති කාංචනගේ හස්තයට යටනොවී සත්‍ය ලෙස 37%කින් අඩු කළ හැකි විදුලි බිල සම්බන්ධයෙන් පියවර ගත හැකි අවස්ථාව මඟනොහරින ලෙස අවධාරණය කරනවා.
“ජනතාව හම්බ කරන්නේ ලයිට් බිල් ගෙවීමට පමණක් නොවන බව ආණ්ඩුව දැන ගත යුතුයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස-
මහජන උපයෝගීතා කොමිසම පිහිටුවා තිබෙන්නේ මේ රටේ පුරවැසියන් සහ පාරිභෝගිකයන් වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කරන්නයි. 2002 මහජන උපයෝගීතා කොමිෂන් සභා පනත සම්මත කරගෙන කොමිසම පිහිටුවා තිබෙන්නේ විදුලි ගාස්තු සංශෝධනයකදී මහජනතාවගෙන් අදහස්වලට ඇහුම්කන් දෙන්නයි. විදුලි බල මණ්ඩලයේ පාලන අධිකාරිය විසින් මේ කොමිසමට ඉදිරිපත් කර තිබූ 3.34%ක විදුලි බිල අඩු කිරීම ඒ ආකාරයෙන්ම පිළිගන්න කොමිසමට නොහැකි වී තිබෙන්නේ ජාතික ජන බලවේගයේ අපිත් තවත් පාර්ශ්වයනුත් ඉදිරිපත් කළ කරුණු අනුවයි. විදුලි බල පනතේ 30වෙනි වගන්තියේ තිබෙන්නේ විදුලි ජනනයේදී, බෙදාහැරීමේදී සාධාරණ වියදම් අයකර ගැනීමට මිස සියලු වියදම් අයකර ගැනීමට නොවේ.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රියදර්ශන ධර්මවර්ධන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙළිකළ තොරතුරු මම ඔබට ඉදිරිපත් කරන්නම්. කර්මාන්ත අංශයේ මධ්‍ය පරිමාණ ආයතන 1100ක් කුඩා පරිමාණ ආයතන 6900ක් සහ ක්ෂුද්‍ර පරිමාණ ආයතන 254,000ක් වැසී ගොස් තිබෙනවා. දේශීය වගේම විදේශීය වෙළඳපොළට භාණ්ඩ නිෂ්පාදනය කරන කර්මාන්ත ලක්ෂ ගණනක් වැසී ගොස් තිබෙනවා. තව පැත්තකින් පරාටේ නීතිය අනුව ඉහළම රෝහල් පවා බැංකුවලට සින්න වී තිබෙනවා. අනෙක් පැත්තෙන් සාමාන්‍ය පාරිභෝගිකයන් ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයකට විදුලි බිල ගෙවා ගත නොහැකිව විදුලිය විසන්ධි කර තිබෙනවා.
මෙවැනි තත්වයකදී විදුලි බල මණ්ඩලයේ පාලන අධිකාරියට සහ මහජන උපයෝගීතා කොමිසමට සාධාරණ වියදම් පිළිබඳව යළි සලකා බැලීමේ වගකීමක් තිබෙනවා. විදුලිය සපයන්නා සාධාරණව ක්‍රියා නොකරන්නේ නම්, කොමිසමේ කාර්යභාරය ජනතාවට සාධාරණය ක්‍රියාත්මක කරවීමයි. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 18%කින් විදුලි බිල වැඩිකිරීමට මහජන උපයෝගීතා කොමිසම ලබාදුන් සංඛ්‍යා ලේඛන දෝෂ සහිතයි. ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේදී විදුලි බල මණ්ඩලයේ පාඩුව රුපියල් බිලියන 51ක් බව ඔවුන් කීවා. මාස එක හමාරක් තුළ බිලියන 18 දක්වා පාඩුව අඩුකර ගත් බව ඔවුන් කීවා. විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කරන ලද තොරතුරු එලෙසින්ම පිළිගැනීම කිසිසේත්ම සාධාරණ නැහැ. මෙවරත් සිදුකර තිබෙන්නේ අපේක්ෂිත ලාභය බිලියන 23ක් බව මුලින් කීවත් වෘත්තීය සමිති දැනුම්දුන් පසුව බිලියන 94ක් දක්වා වෙනස් කර තිබෙනවා.
පසුගිය ඔක්තෝබර් මාසයේ විදුලි බිල වැඩිකිරීමේදී මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයට කොන්දේසි 13ක් ඉදිරිපත් කළා. 2023 දෙසැම්බර් සිට 2024 මාර්තු දක්වා කාලය තුළ මේ කොන්දේසි ඉටුකළ යුතු බව දක්වා තිබෙනවා. නමුත් විදුලි බිල වැඩිකිරීමට අදාළව ඉදිරිපත් කළ ඒ කොන්දේසි එකක් වත් මේ වන විට ඉටුකර නැහැ. ඇමතිවරයාගේ ප්‍රතිරූපය පුම්බන්න සහ ආණ්ඩුවේ අවශ්‍යතා අනුව මණ්ඩලය ක්‍රියාකරන බව හොඳින් පැහැදිලි වී තිබෙනවා. අපිට වාර්තා වෙන ආකාරයට අවම වශයෙන් 37%කින් විදුලි බිල අඩු කිරීමේ හැකියාව මේ වන විට තිබෙනවා. ජනතාව, කර්මාන්තකරුවන් හරි හම්බකරන්නේ ලයිට් බිල් ගෙවන්න විතරක් නොවන බව ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව දැනගන්න ඕනෑ. විදුලි බිල අඩුකිරීමෙන් ආර්ථිකයට විශාල ප්‍රතිලාභ අත්වෙනවා. අපි බලකර කියා සිටින්නේ අඩු කළ හැකි උපරිම මට්ටමින් විදුලි බිල අඩුකරන ලෙසයි.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු
ප්‍රශ්නය:- ඔබලාගේ පාලනයක් යටතේ ඔය කියන ආකාරයෙන්ම විදුලි බිල අඩුකර සහන ලබා දෙනවාද?
පිළිතුර:- කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අපේ ආර්ථික ප්‍රතිපත්තියේ ගාමක බලවේගය බවට පත්කර ගන්නවා. අනෙක් පැත්තෙන් භාණ්ඩ හා සේවාවල මිල හැකි ප්‍රමාණයකින් අඩුකර ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව වැඩි කරනවා. මේ සමස්ත ආර්ථික ක්‍රියාවලිය තුළ ජනතාවට සහන ලබාදිය හැකි ක්ෂේත්‍රවලින් සහන ලබාදීම රජයේ වගකීමක්. මේ දක්වා ගිය ආර්ථික ගමනේ අපට තවදුරටත් යන්න බැහැ. රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව ඒ වැරදි පාරේම තවදුරටත් වේගයෙන් ගමන් කරන්නයි උත්සාහ කරන්නේ. ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ කර්මාන්තකරුවන්ටත්, මහජනතාවටත් ආර්ථිකයේ කොටස්කරුවන් ලෙස ක්‍රියා කිරීමේ සියලුම ඉඩකඩ ලබාදෙනවා. විදුලි බල මණ්ඩලයම ඉදිරිපත් කළ ගිණුම්වල තිබෙන වංචනික සහ වැරදි ක්‍රියාකාරකම්වල දත්ත තමයි අපි කොමිසම හමුවේ ඉදිරිපත් කළේ. 37%කට ආසන්න ප්‍රමාණයකින් විදුලි බිල අඩුකර මණ්ඩලයට පාඩු නොවෙන ලෙස පවත්වාගෙන යා හැකි බව අපි පැහැදිලි කර දුන්නේ ඒ අනුවයි. පුනරින්වල සූර්ය බල විදුලි උත්පාදනයෙන් ඒකකයක් මිලදී ගන්න සූදානම් වෙන්නේ රුපියල් 52 බැගින්. නමුත් ගල් අඟුරුවලින් නිෂ්පාදනය කරන විදුලි ඒකකයකට වැය වන්නේ රුපියල් 22යි. මේ මණ්ඩලය තුළ ගෙනයන ක්‍රියාමාර්ගවලින් සහන ලබාදෙන්න ආණ්ඩුව සූදානම් නැති බව එයින්ම පැහැදිලි වෙනවා.
ප්‍රශ්නය:- දැන් ඉන්න නිලධාරීන්මයි ඔබලාගේ ආණ්ඩුවක් ආවත් ඉන්නේ. එක් වරක් ඇමතිවරයාටත් වැරදි තොරතුරු දී තිබුණා. ඒ සම්බන්ධ ගැටලුව විසඳා ගන්නේ කොහොමද?
පිළිතුර:- විදුලි බල ඇමතිට ලබාදුන් තොරතුරුවල ධාරිතා පිරිවැය වැඩිවීම පිළිබඳව ප්‍රශ්න කළ යුතු වන්නේ නැද්ද? බෙදා හැරීමේ වියදම් වැඩිවුණු ආකාරය ගැන ප්‍රශ්න කළ යුතු නැතිද? ණය පොලී අනුපාතික අඩුවී තිබියදීත් පොලී ගෙවීම වෙනුවෙන් විශාල මුදලක් වියදම් වන ආකාරය ප්‍රශ්න කරන්න ඕනෑ නැද්ද? දූෂිත නිලධාරීන් ඇමතිවරයා සමග එක්වී හොරකමේ ගියාම ඔබ කිවූ ප්‍රශ්නය මතුවෙනවා. ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ එසේ නොවන බව සියලු දෙනාම දන්නවා.
ප්‍රශ්නය :- කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සූදානම් වෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබලාගේ ස්ථාවරය මොකක් ද?
පිළිතුර :- කතානායකවරයාට විශ්වාසභංගය ගේන්නේ නිකම් නොවෙයි. පැහැදිලිවම ව්‍යවස්ථානුකූල කාරණයකට. ඔන්ලයින් සේෆ්ටි බිල් එකට නීතිපතිවරයා විසින්ම ඉදිරිපත් කරන ලද සංශෝධන පාර්ලිමේන්තුවේදී ඡන්දය විමසන අවස්ථාවේ ඇතුළත් නොකිරීම නිසයි. මේක ඉතාමත්ම වැරැදි පූර්වාදර්ශයක්. ඉදිරිපත් කරන පනතක් ගැන විවාදයක් පවත්වා අදාළ සංශෝධන වගන්තියෙන් වගන්තිය ඒ මොහොතේ දී පරීක්‍ෂා කර බලන්න කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන්නේ නැහැ. කතානායකවරයා තමන්ගේ කාර්ය මණ්ඩලයත් එක්ක එකතු වී ඒ වගන්ති ඇතුළත් කර ඇති බව විශ්වාස කරනවා. නමුත්, මෙතැන දී සිද්ධ වුණේ පාර්ලිමේන්තු සම්ප්‍රදායය, අධිකරණයේ උත්තරීතරභාවය සහ විශ්වාසය කඩ වන ආකාරයට කතානායකවරයා හැසිරී තිබීමයි. ඒ නිසා ජාතික ජන බලවේගය කතානායකට එරෙහිව ක්‍රියා කරනවා.
ප්‍රශ්නය :- නව පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ඔබලාගේ මතය මොකක් ද?
පිළිතුර :- පොලිස්පතිවරයා පත් කිරීම අතිශය ගැටලුසහගතයි. කරුණු කිහිපයක් මත ප්‍රශ්නසහගතයි. 2023.12.14 වැනිදා S.C.S.R./2011 කියන නඩුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක තීන්දුවක් විසින් පත් කරන ලද මේ පොලිස්පතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් කඩ කිරීම පිළිබඳ තීන්දුවක් ලබා දී තිබෙනවා. පුද්ගලයන්ට වධහිංසා කිරීම පිළිබඳව ජාත්‍යන්තර ප්‍රඥප්ති කඩ කරන ලද, රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කළා කියලා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබා දී තිබෙනවා. ඊට අමතරව මේ වන විටත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව පොලිස්පතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කිහිපයක් විභාග වෙමින් තිබෙනවා. පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම පිළිබඳව පාර්ශ්ව කිහිපයක් ඔහුට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පවරා තිබෙනවා.
ඒ වාගේම පොලිස්පතිවරයා පත් කිරීමේදී ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ගැනීම පිළිබඳව තවත් ප්‍රශ්නයක් තිබෙනවා. පොලිස්පති පත් කිරීමට ජනාධිපතිට බලය ලැබෙන්නේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියක් සහිතවයි. මෙවැනි පත් කිරීම්වලදී ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබාගත යුත්තේ කවරාකාරයෙන් ද කියලා 41E 7 කියන ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා. සෑම තීරණයක් සම්බන්ධයෙන්ම ව්‍යවස්ථාදායක සභාවේ ඒකමතික අනුමැතිය ලබා ගැනීමට ප්‍රමුඛතාව දී තිබෙනවා. නමුත් එවැනි ඒකමතියක් මෙතැන නැහැ. ඊළඟට ඒකමතියක් නොමැති අවස්ථාවලදී ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් පස් දෙනකුට නොඅඩු සංඛ්‍යාවක් විසින් අනුමත කළ යුතුයි. කතානායකවරයාත් එක්ක ව්‍යවස්ථාදායක සභාවේ නව දෙනෙක් ඉන්නවා. යම් ආකාරයකට 4/4 ලෙස බෙදුණු තීන්දුවක් ආවොත්, පමණයි කතානායකවරයාගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලැබෙන්නේ. 41E 5 වගන්තියෙන් ඒ බව දක්වා තිබෙනවා. අපට දැනගන්නට ලැබෙන තොරතුරුවල හැටියට පක්‍ෂව ඉඳලා තිබෙන්නේ හතර දෙනායි. දෙදෙනෙක් විරුද්ධ වෙලා දෙදෙනෙක් ඡන්දය පාවිච්චි කර නැහැ. ඒ අනුව මේ පොලිස්පතිවරයා පත් කර තිබෙන්නේ ව්‍යවස්ථාදායක සභාවේ බලතල උල්ලංඝනය කරමිනුයි. මේ ආදී සියලු කරුණු සලකා බැලීමේදී මේ පොලිස්පතිවරයා පත් කර තිබෙන්නේ ගැටලු ගණනාවක් ඉතිරි කරලා. දේශීයව සහ ජාත්‍යන්තරව අපේ රටේ ව්‍යවස්ථාව සහ නීතිය පිළිබඳ ගැටලු ගණනාවක් ඉතිරි කරලායි පත් කර තිබෙන්නේ.
(ජාතික ජන බලවේගය කාන්තා සමුළුව -ගම්පහ දිස්ත්‍රික්කය 25.02.2024) මෙතනට රැස්වී සිටින කාන්තාවන් ආර්ථික කඩා වැටීමේ විශාලම පීඩාවට පත්වූ පිරිසයි. රටේ අපරාධ ඉවසමින් තමන්ගේ දරුවන්ව ආරක්‍ෂා කරගන්න උත්සාහ කළා. තමන්ගේ කණකර උගස් කර දරුවන්ට උගන්වා අවසානයේ තමන්ව දාලා රට යන්න උත්සාහ කරනකොට කඳුළු සලමින් ඉවසුවා. දැන් ඉවසුවා ඇති. මේ නැගී සිටින්නේ කාන්තාවන් ගේ හුදු ඔළුගෙඩි ටිකක් […]
(ජාතික ජන බලවේගය කාන්තා සමුළුව -ගම්පහ දිස්ත්‍රික්කය 25.02.2024)
මෙතනට රැස්වී සිටින කාන්තාවන් ආර්ථික කඩා වැටීමේ විශාලම පීඩාවට පත්වූ පිරිසයි. රටේ අපරාධ ඉවසමින් තමන්ගේ දරුවන්ව ආරක්‍ෂා කරගන්න උත්සාහ කළා. තමන්ගේ කණකර උගස් කර දරුවන්ට උගන්වා අවසානයේ තමන්ව දාලා රට යන්න උත්සාහ කරනකොට කඳුළු සලමින් ඉවසුවා. දැන් ඉවසුවා ඇති. මේ නැගී සිටින්නේ කාන්තාවන් ගේ හුදු ඔළුගෙඩි ටිකක් නොවෙයි. ඉවසීමේ කෙළවරදී වෙනස් කරන්න ඕනෑ කියන අධිෂ්ඨානයෙන් දහස් සංඛ්‍යාත කාන්තාවන් නැගී සිටිනවා. මේ සහභාගි වී සිටින්නේ වේදනාවෙන් උපන් හැඟීමක්, අධිෂ්ඨානයක්, අරමුණක් සහ හීනයක් සංකලනයකින් යුතු කාන්තාවන්. ඔබගේ මේ නැගිටීම සහතික වශයෙන් අපේ රටට ජයග්‍රහණ ගෙන දෙන බව ස්ථිරයි. මාතරින් පටන් ගත් කාන්තාවන්ගේ එකතුව නැවත නැවතත් තහවුරු කර තිබෙන්නේ සහතික වශයෙන් ජයග්‍රහණය කළ හැකි බවයි. අපි ගොඩනගන්න ඕනෑ හෙල්ලෙන දත වගේ පාලනයක් නොවෙයි, ජනතාවගේ බැඳීමක් සහිත ශක්තිමත් පාලනයක්. මේ මාස 07 තුළ උපරිම කැපවී උපරිම ලෙස ක්‍රියා කිරීමෙන් ශක්තිමත් ජයග්‍රහණයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.
මෙතනට රැස්වී සිටින්නේ අත්තනගල්ල නායිකාවගේ සිට තවත් බොහෝ අයට සවන් දුන් විශාල පිරිසක්. අපට පළමුව සවන් දෙන ඒ විශාල පිරිස ඡන්දය ලබා දුන් නායක නායිකාවන් ජයග්‍රහණය කිරීමෙන් පසුව ඔවුන්ගේ තිබූ සුභ ප්‍රාර්ථනා ඔවුන්ගේම ඇස් ඉදිරිපිට බිඳ දැමුවා. මෑත කාලයේ වැඩිම සුභ ප්‍රාර්ථනාවන් සහිතව ගොඩනැගුවේ ගෝඨාභය රාජපක්‍ෂගේ පාලනයයි. ගෝඨාභය රාජපක්‍ෂ එක්ක මහින්ද රාජපක්‍ෂටවත් සෙල්ලම් කළ නොහැකි බවට විශ්වාස කළා. ඒ විශ්වාසය බිඳවැට්ටූ ක්ෂණිකව ජනතාව නැගී සිට ඔහුව පළවා හැරියා. දැන් ඉන්නේ පැරණි ජනතාව නොවන බව පාලකයන් තේරුම් ගන්න ඕනෑ. නුදුරේදී ඔවුන්ගේ සියලු කණ්ඩායම් එක වේදිකාවට එකතු වෙනවා. 94 ජනාධිපති වුණු චන්ද්‍රිකා, 2005 ජනාධිපති වුණු මහින්ද රාජපක්‍ෂ, 2015 ජනාධිපති වුණු මෛත්‍රීපාල සිරිසේන, 2019 ජනාධිපති වුණු ගෝඨාභය රාජපක්‍ෂ සහ 2022 ජනාධිපති වුණු රනිල් වික්‍රමසිංහ එක වේදිකාවකට නුදුරේදීම එනවා. ඉදිරි මැතිවරණයේදී ඔවුන්ගේ වේදිකාව ලංකාවේ විචිත්‍රවත්ම වේදිකාවක් වේවි. හොඳ පැත්තට නොවෙයි. අවුරුදු දවස්වල විකට ඇඳුම් තරගය වගේ ඔවුන් එන්නේ ගොඩනැගෙමින් තිබෙන ජනතා ජයග්‍රහණයට එරෙහිවයි. සජිත් සහ රනිල් අතරේ පුද්ගලික ප්‍රතිවිරෝධය නොවෙන්න ඒ දෙන්නත් එකම වේදිකාවට එනවා. නමුත් අපි එකක් දන්නවා. ඔවුන් දූෂිත ප්‍රභූ තන්ත්‍රයයි. ඔවුන්ට තිබුණේ දූෂිත ප්‍රභූ යාන්ත්‍රණය ආරක්‍ෂා කර ගන්න එක මිටට එකතු වීමයි. ජනතාවගේ මතය වෙනස් කිරීම සඳහා මාධ්‍ය බලය ඇතුළු විවිධ මෙවලම් ඔවුන්ට තිබෙනවා. ජාතික ජන බලවේගය සතුව තිබෙන්නේ මහජනයාගේ නැගී සිටීම පමණයි. ස්වාධීන මධ්‍යස්ථ නිරීක්‍ෂකයෝ වැනි කිසිවෙකුට පවතින්න බැහැ. එක්කෝ දූෂිත ප්‍රභූ තන්ත්‍රයේ ආරක්‍ෂකයෝ නැත්නම් මහජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් ක්‍රියා කරන අය.
වංචාවෙන් දූෂණයෙන් තොර දේශපාලනයක්, නීතිය සැමට ක්‍රියාත්මක වන දේශපාලනයක්, ජාතික සම්පත් විකිණීමට එරෙහි දේශපාලනයක් සහ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ක්‍රියා කරන දේශපාලනයක් පොදු ජනතාවගේ අවශ්‍යතාවය වුණා. මැයි 09 වැනිදා ගෝල්ෆේස් අරගලයට පහර දෙන විට වරායේ, ජාතික රෝහලේ, සහ වෙනත් තැන්වල ජනතාව එක එල්ලේ දුවගෙන ගෝල්ෆේස්වලට ගියා. තමන්ගේ දරුවන්ට අනාගතය නිර්මාණය කිරීම වෙනුවෙන් පෙළ ගැසුණා. ඒ නිසා පොදු ජනයාගේ වුවමනාවත්, දූෂිත ප්‍රභූ තන්ත්‍රයේ වුවමනාවත් පැහැදිලි බෙදුම් රේඛාවකින් වෙන් වෙන මොහොතක මධ්‍යස්ථ යනුවෙන් කිසිවෙකුටත් හිටින්න බැහැ. ගම්පහ දිස්ත්‍රික්කයේ දහස් සංඛ්‍යාත කාන්තාවන් එකතු වීමෙන් පෙන්වන්නේ ඒ බවයි. අවුරුදු 76ක් ගිනි පෙනෙල්ලෙන් බැට කෑ ජනතාව කණාමැදිරි එළියටත් බයෙන් ඉන්නේ. බැසිල් රාජපක්‍ෂ ඇමතිකමින් ඉවත් වූ වහාම පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී කීවේ ඔවුන්ට එරෙහි නඩු ටික ඉවත් කරගත් බවයි. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වූ වහාම ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පවත්වාගෙන යා නොහැකි නිසා ඉවත් කර ගත්තා. මේ වගේ ඇති තරම් ගිනි පෙනෙල්ලෙන් බැට කෑ ජනතාවක් ඉන්නවා. ඒ නිසා අපෙන් අහනවා, අපව විශ්වාස කරන්නේ කෙසේද කියලා. අපි එක සහතිකයක් ඔබට දෙනවා. ඔබ අප කෙරෙහි තබන විශ්වාසය අබ මල් රොණක තරමින්වත් හානි වෙන්න ඉඩ නොදෙන බවට අපි සහතික වෙනවා. ඉතිහාසයේ ඔවුන්ගේ වුවමනාවත් ජනතාවගේ වුවමනාවත් දෙකක් වුණා. ලංකාවේ පළමු වරට අපි එකතු වෙලා පාලනයේ වුවමනාව සහ ජනතාවගේ වුවමනාව එකට සමපාත වන ආණ්ඩුවක් ගොඩනගමු.
ආර්ථිකයේ බිඳවැටීම රටටත් ජනතාවටත් බලපානවා. ආණ්ඩුවට වියදම් කරන්න භාණ්ඩාගාරයේ සල්ලි නැතිවීම රටට බලපානවා. මේ වසරේ ඇස්තමේන්තු කළ ආණ්ඩුවේ ආදායම රු. බිලියන 4164යි. මේ සැරේ ණය වාරික ගෙවීම පොලී වාරික ගෙවීම සහ රජයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 11,277ක් වැය වෙනවා. ආර්ථිකයක් කඩා වැටුණහම දේශීය වගේම රටට ආනයනය කළ යුතු භාණ්ඩ වෙනුවෙන් ඩොලර් නැති වෙනවා. මේ වන විට පාසැල් උපකරණ ඇතුළු අධ්‍යාපනයටත් වැට් බදු ගහනවා. ඒ වගේම ඖෂධ නිෂ්පාදනයට ගන්න අමුද්‍රව්‍ය සහ වෛද්‍ය උපකරණවලටත් බදු ගැහුවා. විශාල බදු ජාලයක ජනතාව හිර කර විදුලිය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවල මිල විශාල ලෙස වැඩිකර තිබෙනවා. ලක්‍ෂ 10කගේ විදුලිය විසන්ධි කරලා. ආර්ථිකය කඩා වැටුණහම රැකියා උත්පාදනය වෙන්නේ නැහැ. අපි ගොඩනගන ආර්ථීකය තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල අඩුවෙන, නිෂ්පාදන වැඩිවෙන, දරුවන්ට රැකියා උත්පාදනය වන නව ආර්ථික සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. විදුලිය සඳහා යන වියදම අවුරුදු දෙකකින් පමණ 1/3කින් අඩුකළ හැකියි. ඒ වගේම නිවැරදි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය නොකිරීමෙන් රු. කෝටි 30,000ක් රජයට අහිමි වෙනවා. අනික් පැත්තෙන් ඔවුන්ගේ සමීපතමයන්ට බදු දැලෙන් රිංගා යන්න, බැංකුවලට පොලු තියන්න ඉඩ දී තිබෙනවා. එය නැවැත්වීමේ මහජනයා හට පටවා තිබෙන බර විශාල වශයෙන් අඩුකළ හැකියි.
අලුත් පරම්පරාව පැය අටේ රැකියා කරනවා වෙනුවට නිදහසේ රැකියා කිරීමට අපේක්‍ෂා කරනවා. ඒ වෙනුවෙන් අපේ ආර්ථික සැලසුම තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායක පැලැන්තියක් බිහි කරනවා. අප්‍රිකානු කලාපයේ වේගයෙන් ව්‍යාප්ත වන වෙළඳපොළට දැන් සිටම සැලසුම් සකස් කරන්න ඕනෑ. ජාත්‍යන්තර වශයෙන් නව වෙළඳපොළක් නිර්මාණය කර නොගෙන, ඒ වෙළඳපොළට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය නොකර ඉදිරියට යන්න බැහැ. ජාතික ජන බලවේගයෙන් ඒ සඳහා ආර්ථිකය ගොඩනැගීමේ ක්‍රියාවලියක් ආරම්භ කරනවා. ඒ වගේම අපරාධකරුවන් ආරක්‍ෂා වන තත්වය අවසන් කර නීතියේ විධානය ආධිපත්‍යය තහවුරු කරනවා. හොරෙක් හදපු රටක් ලෝකයේ කොහේවත් නැහැ. මහජනයාගෙන් සොරා ගත් ධනය නැවත අත්පත් කරගන්නා පාලනයක් ගොඩනගනවා. දැන් ක්‍රියාත්මක වෙන්නේ රේඛීය මාවතක ගමන් කරන අධ්‍යාපනයක්. පළවැනි වසරට ඇතුළත් වන සියලු දරුවන් දොස්තර මහත්වරුන් කිරීමේ රේඛීය මාර්ගයක් ගෙනයනවා වෙනුවට දරුවන්ගේ පැතිරුණු කුසලතා වර්ධනය කර ගැනීමේ පැතිරුණු මාවතක් ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. සමාජයක් පවතින්න සමාජ ගරුත්වයක් සහිත වෘත්තීයමය නිපුණතාවයකින් යුතු විවිධ වෘත්තීන් පැවතිය යුතුයි. අපේ අධ්‍යාපනය එවැනි නවීකරණය වූ තත්වයක් සමග ගලපනවා. ජපානයේ ආර්ථික වර්ධනය වුණත් පුරවැසියන් ඇණ මුරිච්චි බවට පත්වී තිබෙනවා. එවැනි තත්වයක් අපට ඵලදායක නැහැ. සහකම්පනයකින් යුතු සමාජයක් ගොඩනැගීම අවශ්‍යයි; කලාව, සාහිත්‍යය රස විඳින, නව ආකල්පමය පරිවර්තනයක් සිදු කරන පාලනයක් ගොඩනැගීම අවශ්‍යයි.
සියලුම දරුවන්ට ආරක්‍ෂාව දෙන්න පොලීසිය, හමුදාව යොදවන්න බැහැ. සමාජීය රැකවරණය අවශ්‍යයි. නව බලාපොරොත්තු සහිත සමාජයක් අපි නිර්මාණය කරනවා. ඒ වෙනුවෙන් සාතිශය බහුතරයක් ජනතාවගේ නැගිටීමක් අවශ්‍යයි. 1948 සුද්දගෙන් අපි නිදහස් වූ අවස්ථාවේ ජනතාව තුළ මහා ආශ්වාදයක් ඇති වෙන්න ඇති. අවුරුදු 450ක් විවිධ බටහිර ජාතීන්ට යටත් වී සිට අවුරුදු 133ක් සුද්දාට මුළුමනින්ම යටත් වීමෙන් නිදහස් වීමත් කෙතරම් ජාතික පිබිදීමක් වෙන්න ඕනෑද? මෙවර නිදහස සැමරුවේ චක්‍රලේඛවලින් රජයේ ආයතනවල ජාතික කොඩිය ඔසවලයි. නමුත් අපි හා සමානවම නිදහස ලැබූ ඉන්දියාව භාෂා බෙදීම්, ප්‍රාදේශීය බෙදීම්, ආගමික බෙදීම් සියල්ල පැත්තක දමා එක කොඩියක් යට ඒකරාශී වුණා. අවසානයේ අබ්දුල් කලාම් ජනාධිපති වුණා. මන්මෝහන් සිං අගමැති වුණා. කුලහීන යැයි සම්මත කාන්තාවක් ජනාධිපති වෙලා ඉන්නවා. ඒ වෙනුවෙන් කෙතරම් දියුණු දැක්මක් තියෙන්න ඕනෑද? ඒත් අපේ රටේ 1949දී කඳුකර ජනතාවගේ පුරවැසිභාවය අහෝසි කළා. එයට විරෝධය පාමින් යාපනයේ චෙල්වනායගම් දෙමළ රාජ්‍ය පක්‍ෂය ඇතිකළා. 1956 භාෂා ප්‍රශ්නයක්, 1958 දෙමළ සිංහල කෝලාහලයක්. 1965 වෙනකොට ඩඩ්ලිගේ බඩේ මසල වඩේ කියලා පෙළපාලි ගියා. 1976 වෙනකොට උතුරේ සන්නද්ධ ව්‍යාපාරයක් පැන නැංගා. 1981දී යාපනය පුස්තකාලය ගිනි තිබ්බා. 1983දී හෙට්ටිවීදිය ගිනි තිබ්බා. අවසානයේ 2009 යුද්ධය අවසන් කළත් 2015දී වඳ කොත්තු, 2017දී වඳ ඇඳුම් ඇවිත් 2019දී පාස්කු ප්‍රහාරය එල්ල කළා. අපිට අපේ රටේ ජාතිය ඒකාග්‍රතාවයකට ගෙන එන සැලසුම් තිබුණේ නැහැ.
ලෝකය පිමි පනිමින් ඉස්සරහට යන අතර පාලකයන් අතීතකාමිත්වයේ අපිව හිර කළා. ලෝකය වෙනස් වෙමින් තිබෙන නූතනත්වය උකහා ගන්න අපිට බැරි වුණා. ලෝකයේ වේගයෙන් යන දුම්රිය නිර්මාණය කරනකොට රෑ 10යෙන් පස්සේ ගමට යන්න බස් එකක් අපට නැහැ. සුද්දට නොදෙවෙනි රටක් අපට හදන්න දැක්මක් තිබුණේ නැහැ. දැන් 76 වසරක දූෂිත දේශපාලනය පරාජය කර ඒ වියගසින් මිදී රටේ ජනතාවගේ නව ජාතික හැඟීමකින් ඉදිරියට එමින් සිටිනවා. අවුරුදු 76ක දූෂිත පාලනයෙන් නිදහස් වීම සුද්දාගෙන් අපේ රට නිදහස ලබා ගත්තාට වඩා හැඟීමක් අපට දැනේවි. අපේ ජීවිත කාලයේ තබන විශාලතම සතුට මේ ජාතික පිබිදීම, නැගිටීම තුළින් අපේ රටට නව මාවතක් විවෘත කිරීමෙන් ලබාගන්න පුළුවන්. ඒ වෙනුවෙන් අපි හැම දෙනාම නැගිටිමු, අපි හැම දෙනාම ඒ වෙනුවෙන් පොර බදමු. ඒ වෙනුවෙන් සියලු දෙනාම එකතු වෙමු කියා ආරාධනා කරනවා.
(ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ කොළඹ දිස්ත්‍රික් සමුළුව-කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී – 2024.02.25) අපි ප්‍රධාන අභියෝග දෙකකට මුහුණ දී තිබෙනවා. එක බලය ලබා ගැනීම. දෙක බලය ලබා ගත්තාට පසුව රට ගොඩනැගීම. මේ අභියෝග දෙකක් වුවත් බලය ලබාගැනීමේ මාවතේම තමයි රට ගොඩනැගීමේ මාවත තිබෙන්නේත්. පසුගිය කාලවල අපේ රටේ බලය ලබා ගැනීම සඳහා එක මාවතකුත් […]
(ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ කොළඹ දිස්ත්‍රික් සමුළුව-කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී – 2024.02.25)
අපි ප්‍රධාන අභියෝග දෙකකට මුහුණ දී තිබෙනවා. එක බලය ලබා ගැනීම. දෙක බලය ලබා ගත්තාට පසුව රට ගොඩනැගීම. මේ අභියෝග දෙකක් වුවත් බලය ලබාගැනීමේ මාවතේම තමයි රට ගොඩනැගීමේ මාවත තිබෙන්නේත්. පසුගිය කාලවල අපේ රටේ බලය ලබා ගැනීම සඳහා එක මාවතකුත් රට ගොඩනැගීම සඳහා තව මාවතකුත් තෝරාගත්තා. සාමාන්‍යයෙන් අපේ රටේ ආණ්ඩු මාරුවුණේ අනෙකාට එරෙහිව. 2005 ආණ්ඩුව උතුරේ දෙමළ ජනතාවට එරෙහිව ගොඩනැඟුණා. 2010 යුද ජයග්‍රහණය, අනෙකාට එරෙහිවත්, 2019 මුස්ලිම් ජනතාවට එරෙහිව ගොඩනැගුණා. නමුත් එය සාර්ථක මාවතක් නොවේ. ජනතාව සියල්ලන්ම සමගිකර ගන්නා මාවතකින් මේ රට පරිවර්තනයට ලක්කරන්න ඕනෑ.
අපි ජනතාව සංවිධානය කරන විට අභියෝගයට මුහුණ දෙන තැන් දෙකක් තිබෙනවා. එකක් තමයි ග්‍රාමීය වශයෙන් පතුලේම ජීවත් වෙන ජනතාව. අනෙක් අයගේ රැස්වීම්වල එවැනි අයගේ නියෝජනය තරමක් වැඩි බව පේනවා. ඔවුන් අසරණභාවයට පත්කරලා, ආර්ථික වශයෙන් බිඳවැටීමකට ලක්කරලා, ඔවුන්ට දරුවාට පොත්, නැතිනම් සුපර් මාර්කට් එකෙන් බඩු මිලදී ගන්න කූපන් එකක් දෙන්න පොරොන්දු වෙමින් මේ කැඳවීම් කරනවා. මේ පතුලේම සිටින ජනතාව මේ කාර්යයට යොදවා ගන්නේ කෙසේද කියන අභියෝගය අපට තිබෙනවා. සමාජයේ යම් උඩ තලයක සිටින අය අපට සමීප නැහැ. ඔවුන්ට අපේ කතා දැනෙන්නේ නැහැ. ඒ නිසා අපි සිය වතාවකට වඩා පිළිතුරු දී ඇති ප්‍රශ්න තවත් ඔවුන්ගේ ප්‍රශ්න බවට පත්වී තිබෙනවා. අපට ගැටෙන්නේ නැති අවධානය නොලැබෙන කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම වෙත අපේ මතය ගෙන යන්නේ කොහොමද කියන එක අපේ අවධානය යොමු විය යුතු වෙනවා. එය අපේ දෙවැනි අභියෝගයයි. ඒ කණ්ඩායම වෙත මගේ අවධානය යොමු කිරීමට මම උත්සාහ ගන්නවා.
අපි ආර්ථික ක්ෂේත්‍රය, නීතියේ විධානයේ ආධිපත්‍යය, අකාර්යක්ෂම රාජ්‍ය පාලනය, අපරාධ වැඩිවීම ආදී රාජ්‍යයේ සියල්ලම පද්ධතියක් ලෙස කඩා වැටී තිබෙන රාජ්‍යයක්. අපට සමීප ක්ෂේත්‍ර අපට වැඩියෙන් දැනෙනවා. අපට සමස්ත පද්ධතියේම පරිවර්තනයක් අවශ්‍යයි. පසුගිය සියවස ලෝකයට විශාල ජයග්‍රහණ ගෙනත් දීපු සියවසක්. ලෝකයේ බොහෝ රටවල් වර්තමාන සංවර්ධන මට්ටම අත්පත් කර ගැනීම සඳහා අත්තිවාරම සකස් කළේ විසිවැනි සියවසේ. අපි විසිවැනි සියවස අත්හැරපු මිනිස්සු. අපි අවුරුදු 450කට ආසන්න කාලයක් කවර හෝ ආධිපත්‍යයකට යටත් වී සිටි ජාතියක්. අවුරුදු 133ක් මුළුමනින්ම සුදු අධිරාජ්‍යවාදීන්ට යටත් වී සිටි අපි 1948 නිදහස ලබනවා. විවිධ භාෂාවන්, කුල බෙදීම්, ග්‍රාමීය දුප්පත්භාවය විවිධාකාරයෙන් පැතිරී තිබුණු ඉන්දියාව 1947 නිදහස ලබන විට, නේරු, ගාන්ධි, පාතෙල්, සුභාෂ් චන්ද්‍රබෝස්ලට ඉන්දියානු ජාතික කොඩිය යටතට සියලුම ජනතාව කැඳවන්න හැකියාව ලැබුණා. නිදහස ලබා ගන්නා විට තිබූ දෘෂ්ටිවාදය අද හඳට යන ඉන්දියාවක් නිර්මාණය කර තිබෙනවා. ඒ දැක්ම තමයි අබ්දුල් කලාම් වැනි කෙනෙක් ජනාධිපති වීම, සික් ජාතිකයෙක් අග්‍රාමාත්‍යවරයෙක් වීම, කුල හීන යැයි සම්මත කාන්තාවක් ජනාධිපති ධුරයට පත්වන්නේ. ඒ දැක්ම තමයි අද දැවැන්ත සංවර්ධනයේ පිම්මක් පැන තිබෙන්නේ. වියට්නාමය, චීනය, දකුණු කොරියාව වැනි රටවල්වලට ඒ දැක්ම තිබුණා.
අවුරුදු 133ක් සුදු අධිරාජ්‍යවාදීන්ට යටත් වී සිටි අපට 1948 නිදහස ලබන විට ජාතිය නැගිටීමේ විශාල උද්දීපනයක් හදන්න තිබුණා. අද අපි නිදහස සමරන විට ජාතික කොඩිය ඔසවන්න සිදුවෙන්නේ චක්‍රලේඛනයක් නිකුත් කරලා. අපි ලබාගන්නා නිදහස ජනතාවගේ අධ්‍යාත්මය පුබුදුවන්න හෝ රටට, ජාතියට නව අවදිකිරීමක් දක්වා ගෙනයන ගමනක් බව කිසිවෙකුටත් ඒත්තු ගැන්වී නැහැ. අපි නිදහස ලබන විට අපේ රට ගෙනයා යුතු දිසාව පිළිබඳ ආර්ථික දැක්මක්, සැලැස්මක් තිබුණේ නැහැ. අපේ ප්‍රතිපත්තිය වුණේ අනෙකාට එරෙහිව කෙටවීම. ඉන්දියාවේ ගමන් මග එකතු කිරීමේ ඉතිහාසයක් ගොඩ නැගෙන විට අපි එකිනෙකා කුළල් කා ගත්තා.
අපේ රටේ දිසානතිය පිළිබඳ එළියේ වෙනම සාකච්ඡාවක් තිබුණා. එහි ප්‍රබලයෙක් ඉංජිනේරු විමල සුරේන්ද්‍ර මහත්මා. ඉංග්‍රීසි ඉංජිනේරුවන්ගේ ආධිපත්‍යයට එරෙහිව විමල සුරේන්ද්‍ර මහතා කියනවා “ලංකාව විද්‍යුත්කරණයට යා යුතුයි” කියා. ඔහු 1919 දී ලක්ෂපාන බලාගාරය යෝජනා කරනවා. ඔහු කියනවා “ලක්ෂපාන බලාගාරයෙන් නිපදවන විදුලි අතිරික්තයෙන් විදුලි කෝච්චි දුවන්න ඕනෑ.” කියලා. අද ඉන්දියාව ජාතික සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා, 2030 වෙන විට තමන්ගේ සියලුම දුම්රිය විදුලියෙන් දුවන දුම්රිය බවට පත්කරන්න. අපි මොකද කරන්නේ. ඉන්දියාවෙන් ඉවත් කරන කෝච්චි පෙට්ටි මෙහෙ ගේනවා. මහාචාර්ය සේනක බිබිලේ මහතා අපේ ඖෂධ ප්‍රතිපත්තිය කෙසේ විය යුතුද යන්න ප්‍රතිපත්තියක් ඉදිරිපත් කර තිබුණා. ඔස්ටේ්‍රලියානු විද්‍යාඥයෙක් ප්‍රකාශ කර තිබුණා “ලංකාව යනු තැනිතලාවක පිහිටා තිබෙන කඳු මුදුනක්ය. ඒ කඳු මුදුනේ දැල්වෙන පහන සේනක බිබිලේය” කියලා. බොහෝ රටවල්වල ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳ නිර්නායකයන්ට මඟ පෙන්නුවේ සේනක බිබිලේයි. අපේ රටේ ඖෂධ සංස්ථාව ගොඩනගා අවුරුදු තුනයි හිටියේ. ඔහුව ඇදලා එළියට දැම්මා. මාටින් වික්‍රමසිංහ, සරත්චන්ද්‍රලාගේ සාකච්ඡාවක් එළියේ තිබුණා. ඒ සියල්ලම යටපත් කරගත් දේශපාලන අධිකාරියක් ගොඩනැගුණා. දේශපාලන අධිකාරිය ලෝකයේ ඇතිවෙන නව වෙනස්කම් පිළිබඳ කල්පනා කළේ නැහැ. ඔවුන් අතීතයේ තිබූ ශ්‍රී විභූතිය නැවත නැවත පුනරුච්චාරණය කරමින් අපව ඒ තුළ හිරකරමින් ඒ මත ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘතිය එළනු ලැබුවා.
මේ පාලකයන් අපේ දෘෂ්ටිවාදය අතීතකාමිත්වය තුළ හිර කළා. අතීතයේ තිබූ තාක්ෂණය, ගෘහ නිර්මාණ ශිල්පය, සමාජ සංස්ථාවන් පිළිබඳ අපි අධ්‍යයනය කළ යුතුයි. ඉදිරි ගමනට ඒවා පාදක කර ගත යුතුයි. අතීත දෘෂ්ටිවාදය තුළ හිර වුණු අපේ දේශපාලකයන්ගේ ප්‍රධාන ඇඳුම බවට පත්වුණේ ‘කපටි සූට්’ එක. මෙය අතීත දෘෂ්ටිවාදය මත එළා තිබෙන ව්‍යාපෘතියේම එක් අවස්ථාවක්. මේ ව්‍යාපෘතිය තුළ අපේ රට හිරවුණා. මේ නිසාම ලෝකයේ සිදුවූ මහා පරිවර්තනයන් උකහා ගත හැකි ජාතියක්, රාජ්‍යයක් බවට අපේ ශ්‍රී ලංකාව පත්වුණේ නැහැ. ඉන්දියාව සංස්කෘතිය ශක්තිමක් කර ගන්නවා වගේම ලෝකයට මහා දැවැන්ත ආර්ථිකයක් නිර්මාණය කරමින් යනවා. ඒ නිසාම අයි.ටී. කර්මාන්තයේ ශක්තිමත්ම රාජ්‍යයක් බවට ඉන්දියාව පත්වී තිබෙනවා. මෝටර් රථ නිෂ්පාදනය, ඖෂධ නිෂ්පාදනය, බීජ නිෂ්පාදනය, කිරි නිෂ්පාදනය වැනි නිෂ්පාදනවලින් ඉදිරියෙන්ම සිටින රාජයක් බවට පත්වී තිබෙනවා. ඒ නිසාම හඳට යන ජාතියක් ලෙස ලෝකයට පිවිසී සිටිනවා. ගතානුගතික, වැඩවසම්වාදී, ගෝත්‍රිකවාදී කණ්ඩායමක් අත අපේ රට හිරවුණා.
මිනිස් අවශ්‍යතා යනු පංචේන්ද්‍රියයන් සන්තර්පනය කිරීමයි. මෙම අවශ්‍යතා සපුරා ගැනීමේ මාදිලිය අතීතයේ ආකාරයට වඩා වෙනස්. එම මාදිලිය තමයි අලුත් වෙළඳපොළ හදන්නේ. උදාහරණයක් ලෙස රූපලාවණ්‍යය ගනිමු. අතීතයේත් රූපලාවණ්‍යය සඳහා කහ, සුදු හඳුන්, රත් හඳුන් එදා මාර්කට් එක වුණා. අද රූපලාවන්‍යය මාර්කට් එක කොස්මැටික් කර්මාන්තය බවට පත්වෙලා. ඒ වෙළඳපොළට අවශ්‍ය වන භාණ්ඩ නිෂ්පාදනය කරන්න පාලකයා සමත් විය යුතුයි. අද ලෝකයේ කොස්මැටික් කර්මාන්තයේ උඩින්ම ඉන්නේ දකුණු කොරියාව. ස්මාර්ට් ෆෝන් නිෂ්පාදනයේත් උඩින්ම ඉන්නේ දකුණු කොරියාව.
අපි බලය ලබා ගැනීම සඳහා ජනතාව කැඳවන්නේ කුමකටද? මේ ගමන් කරමින් තිබෙන දිශාව වෙනුවට නව දිශාවකට හරයාත්මකව නව දෘෂ්ටිවාදයකට අපේ රට පරිවර්තනය කරන්න ඕනෑ. එයයි නූතන ලෝකයත් සමග අපේ සහ සම්බන්ධතාවය ගොඩනඟන්නේ. මෙය ජාතික ව්‍යාපාරයක්. මේ රට ගොඩනැගීම සඳහා ජාතික පිබිදවීමක් අවශ්‍යයි. එළඹෙන මැතිවරණයේදී වසර 76ක් පාලනය කළ පාලකයන් පළවා හැරීමම, ජනතාව තුළ විශාල උද්දීපනයක්, පිබිදීමක්, අපේක්ෂාවන් සහ බලාපොරොත්තු සහිතව නැගිටීමක් ඇති කරනු ඇතැයි අපි විශ්වාස කරනවා. අපේ විදෙස්ගත පර්යේෂකයන්, වත්කම් හිමි අය, අධ්‍යාපන හැකියාවන්, අත්දැකීම් තිබෙන ශ්‍රී ලාංකිකයන් නැවත එන්න සූදානම්. ඒ විශ්වාසය අප තුළ තිබෙනවා. මේ රට ගොඩනැගීමේ පාදම වන්නේ, ජනතාව අවදි කර ගැනීමයි. ආර්ථික පැත්තෙන් පමණක් නොවෙයි අපි, වගකීම් සහිත පුරවැසියන්ගෙන් යුත් සමාජයක් නිර්මාණය කර ගන්න ඕනෑ. දේශපාලකයා වගකීමට වග වෙන්න ඕනෑ. නව ශිෂ්ටාචාරයක් අපට අවශ්‍යයි. අපි යෝජනා කරන්නේ, දේශපාලනයේ, ආර්ථිකයේ, සමාජයේ පරිවර්තනයක්. පද්ධතියේම වෙනසක්. එහිදී දේශපාලකයාටත් කොටසක් තිබෙනවා. අපි දේශපාලකයාගේ කොටස ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වන බවට ඔබට සහතික වෙනවා.
ආයතන වර්ගීකරණය විය යුත්තේ ජනතාවට සේවා සපයන ආයතන හා සේවා සැපයීමේදී අඩු වුවමනාවක් තිබෙන ආයතන ලෙසයි. සමහර අවශ්‍යතා රජය විසින් අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතුයි. ආර්ථිකයේ ඉදිරි පිම්මක් ගත හැකි අයි.ටී. කර්මාන්තය සඳහා අපි සැලැස්මක් හදා තිබෙනවා. ටෙලිකොම් තමයි අයි.ටී. කර්මාන්තයට අවශ්‍ය යටිතල පහසුකම් ටික හදා දෙන්නේ. ටෙලිකොම් වර්ධනය කළේ නැතිනම් අයි.ටී. කර්මාන්තයට ඉදිරියට යන්න බැහැ. ටෙලිකොම් ආයතනය දෙස බැලිය යුත්තේ එය අපේ ඉදිරි සංවර්ධනයත් එක්ක සම්බන්ධ කරමිනුයි. ටෙලිකොම් ආයතනය රජය සතුව තිබිය යුතුයි. හම්බන්තොට වරාය මිලදී ගෙන වසර හතකට වඩා වැඩියි. ඩොලර් බිලියන 1.1ක් දී මිලදී ගත්තේ. නමුත් එක නැවක් එන්න ව්‍යාපෘතියක් හදා නැහැ. වරායත් එක්ක ගොඩනැගෙන ආර්ථිකයක් කෝ?
1977ට පෙර අපි කිරි අවශ්‍යතාවයෙන් 50%ක් නිෂ්පාදනය කළා. අද නිෂ්පාදනය කරන්නේ 35%යි. අපට වසරකට කිරිපිටි ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 225ක් වැය වෙනවා. අපට කිරිවලින් ස්වයංපෝෂිත වීම සඳහා අවශ්‍ය සියලු පාරිසරික තත්වයන් තිබෙනවා. ග්‍රාමීය දුප්පත්භාවය පිටුදැකීමත් එක්ක සම්බන්ධ වෙලා කිරිවලින් ස්වයංපෝෂිත විය හැකියි. අපේ සහල් මිල තීරණය කරන්නේ ප්‍රධාන මෝල් හිමියන් පස්දෙනෙක්. ඒ, ඒකාධිකාරිත්වය බිඳිය යුතුයි. ටයිල්වල ඒකාධිකාරිත්වයක් නිර්මාණය වෙනවා අපි දුටුවා. ටයිල් ආනයනය කරන විට අපේ රටේ තිබුණේ ටයිල් සමාගම් තුනයි. ටයිල් තහනම් කළා. ඒකාධිකාරිත්වයක් නිර්මාණය වුණා. රාජ්‍ය සහ පෞද්ගලික වෙළඳපොළ නියාමනය කරන්නේ කෙසේද යන්න පිළිබඳ පැහැදිලි දැක්මකින් කටයුතු කරනවා.
මේ ආර්ථිකයේ අර්බුදයේ තිබෙන්නේ භාණ්ඩාගාරයට රුපියල් නැතිවීම, රටට ඩොලර් නැතිවීම නිසයි. ජනතාවගේ අර්බුදය කරුණු තුනක් ලෙස දක්වන්න පුළුවන්. දරාගත නොහැකි බදුබර, තෙල් විදුලිය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්ගේ අධික මිල, අලුතින් ගොඩනැගෙන තරුණ පරම්පරාවට රැකියා නොමැති වීම. එසේ නම් අපේ ආර්ථික සැලසුම සකස් විය යුත්තේ කෙසේද? භාණ්ඩාගාරයේ ආදායම වැඩිකර ගන්නේ කොහොමද? ප්‍රධාන ආදායම් ප්‍රභවයන් හතරයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව. මේ ආයතන කළමනාකරණය කර ආදායම වැඩිකර ගත හැකිය යන විශ්වාසය අපට තිබෙනවා. ඩොලර් උපයා ගැනීම සඳහා විදෙස් ප්‍රේෂණ ලබා ගැනීම සඳහා වෙහෙසවීම හා සංචාරක කර්මාන්තය දියුණු කිරීම, දිගුකාලීනව ලෝක වෙළඳපොළේ පංගුවක් අත්පත් කර ගැනීම, ආනයනය කරන සමහර භාණ්ඩ අපේ රට තුළ නිෂ්පාදනය කර ගැනීම වැනි ක්ෂේත්‍රවලින් එවිට අපට ඩොලර් ඉතිරිකර ගත හැකිවෙනවා.
අපේ රටේ බදු පැනවීම විසින් අපේ ආර්ථිකය හිරකර තිබෙනවා. ඒ නිසා ආර්ථිකය ප්‍රසාරණය වෙන්නේ නැහැ. ලිහිල් බදුකරණයක් අපට අවශ්‍යයි. අපේ මහ බැංකු අධිපතිවරයා ආර්ථිකය සංකෝචනය කර තිබෙනවා. පොලී අනුපාතය ඉහළ දැමීම, විශාල ලෙස බදු පැනවීම, ආනයන සීමා කිරීම් වැනි දේ කළා. ඍණ අටකින් ආර්ථිකය හැකිළුවා. අපේ සැලසුම ආර්ථිකය ප්‍රසාරණය කිරීමයි. ආර්ථිකය වර්ධනය වෙන්න ඕනෑ. අපට තිබෙන්නේ කොළඹ කේන්ද්‍රකර ගත් ආර්ථිකයක්. අප එය ග්‍රාමීය ජනතාව වෙත ප්‍රසාරණය කළ යුතුයි. නව ආර්ථික ප්‍රභවයන් ගමට ගෙන යා යුතුයි. ඒ සඳහා බදු ප්‍රතිපත්තියක් අවශ්‍යයි. පුරවැසියන් මත පටවා තිබෙන උපයන විට ගෙවන බද්ද ආර්ථිකය හැකිළීමේ උපායමාර්ගයක්. භාණ්ඩ නිෂ්පාදනය වැඩිකොට උද්ධමනය අඩු කළ යුතුයි. නිෂ්පාදනය වැට්ටවීමත් නිෂ්පාදනය වට්ටවනවාට වඩා වැඩි වේගයකින් මිලදී ගැනීමේ හැකියාව වැට්ටවීමෙනුත් උද්ධමනය අඩු කළ හැකියි. භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව දුර්වල වූ විට භාණ්ඩ මිලදී ගැනීම සඳහා තෙරපුම අඩුවෙනවා. එවිට උද්ධමනය අඩු වෙනවා. මිනිසුන් ආර්ථික ක්‍රියාකාරකම්වල යොදවමින් තමයි ආර්ථිකය උඩට ගෙන ආ යුත්තේ. ආර්ථිකය කැරකැවිය යුතුයි. ඒ සඳහා ඇතිකර තිබෙන බදු ප්‍රතිපත්තියේ වෙනසක් ඇති කළ යුතුයි. විලංගු දමා තිබෙන ආර්ථිකය නිදහස් චලනයකට, ආර්ථිකය ගතිකත්වයකට ගෙන ආ යුතුයි.
“ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර ලෝකය සමග ඉදිරියට යාම අපේ සැලසුමයි”
-ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම-
රටේ ජනතාවගේ තැන්පත් එකතු කර, බැංකු පද්ධතිය තුළ රුපියල් ට්‍රිලියන 11ක පමණ වත්කම් ප්‍රමාණයක් පවතිනවා. බරපතළ ආර්ථික කඩා වැටීම නිසා බැංකු පද්ධතියේ අක්‍රීය ණය ට්‍රිලියන 1.1 දක්වා වැඩිවීමෙන් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් සපයන්න හැකි වෙන්නේ නැහැ. පසුගිය අවුරුදු කිහිපය තුළ ඔබ සියලු දෙනාම මෙය අත්දැක තිබෙනවා. ජාතික ජන බලවේගයෙන් මේ සඳහා තිබෙන විසඳුම කුමක්ද, සැලැස්ම මොකක්ද යන්න පැහැදිලි කිරීමට මා යොමු වෙනවා.
අපේ ආර්ථික සැලැස්ම තිබෙන්නේ රටේ පුරවැසියන් එකතුකර ගත් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමයි. ඒ තුළින් දරාගත හැකි මිලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ මෙන්ම අධ්‍යාපන පහසුකම් සහ පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම මූලිකම පදනමයි. දියුණුවේ යාන්ත්‍රණයේ පෙරගමන්කරුවා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවාය යන පදනමේ සිට හුදු ආර්ථිකය පමණක් හඹා යන සමාජයක් නොව මානව සබඳතා දියුණු කරන වැඩපිළිවෙළක්ද අපට තිබෙනවා. රටේ විසිරී තිබෙන සම්පත් ඒකරාශී කරගෙන උපරිම ප්‍රයෝජන ගැනීම වෙනුවෙන් ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර ලෝකය සමග ඉදිරියට යාම අපේ සැලසුමයි. ව්‍යවසායකයන්ගේ හැකියාව මත ව්‍යාපාර දිනාගෙන තාක්ෂණය සමග ඒකාබද්ධව අපනයන වැඩි දියුණු කරගැනීම වෙනුවෙන් ක්‍රියාකරනවා. ඒ තුළින් රාජ්‍ය ආදායම වර්ධනය කරගෙන තිරසාර සංවර්ධනයක් අත්කර ගැනීම අරමුණයි. ව්‍යාපාරිකයන් සහ ජනතාව තලාපෙළනවා වෙනුවට තමන්ගේ හැකියාවේ ධාරිතාවය වර්ධනය කරගෙන ඉදිරියට යාමේ පුළුල් ඉඩකඩ ලබාදෙනවා. මේ වන විට බදු ගෙවීම් පැහැර හැරීම නිසා රජයට අහිමි වූ විශාල ආදායමේ අඩුව පුරවා ගන්න ඔබ, මම, මත බදු පටවා තිබෙනවා. එමෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ වගේම විශාල පරිමාණ ව්‍යාවසායකයන්ටත් විශාල බදු බරක් පැටවා තිබෙනවා. නොගෙවා සිටින බදු අයකර ගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් අප සකස් කර තිබෙනවා. ඒ වගේම බදු පැහැර හැරීම වැළැක්වීමට සංකීර්ණ බදු ක්‍රමය වෙනුවට සරල සහ පහසු බදු ක්‍රමයක් තාක්ෂණය යොදාගෙන ක්‍රියාත්මක කරනවා.
වක්‍ර බදු මගින් ජනතාවට විශාල බරක් පටවනවා වෙනුවට ඍජු බදු මගින් තමන්ගේ හැකියාව සහ වත්කම් මත ආදායමට සරිලන ලෙස බදු අයකිරීමේ ක්‍රමයක් සකස් අප කරනවා. ඒ වගේම විෂය භාර ඇමතිවරයාට තම අත්තනෝමතික තීරණ මත ක්‍රියාකිරීමේ හැකියාව අවසන් කිරීමෙන් සීනි බදු වංචාව වැනි බදු වංචාවකට තිබෙන ඉඩකඩ අවසන් කරනවා. ඒ වගේම අවප්‍රමාණික තක්සේරු කිරීම් සහ මඟහැරීම් අවසන් කරමින් සෑම ආයතනයකම මුල් බැසගෙන තිබෙන දේශපාලන මැදිහත් කිරීම් අවසන් කර, ආයතනික ආචාරධර්ම පද්ධතියකින් නැවත නඟා සිටුවීමට කටයුතු කරනවා. රාජ්‍ය ආදායම නිවැරදිව කළමනාකරණය කිරීමේ මධ්‍යගත ආයතනයක් පිහිටුවනවා. රාජ්‍ය ව්‍යවසායන් ලාභ ලබන සහ පාඩු ලබන තත්වයට තල්ලු කළේ කොහොමද කියන එක නිවැරදිව සලකා බලා, ක්‍රමෝපායික වශයෙන් වැදගත් වන රාජ්‍ය ව්‍යාපාර හඳුනාගෙන කෙටිකාලීන, මැදි කාලීන සහ දිගු කාලීන සංවර්ධනයට අවශ්‍ය කාර්යභාරය පිළිබඳ වගකීම් හඳුනාගන්නවා. ටෙලිකොම් ආයතනය, ලංකා බැංකුව, මහජන බැංකුව වැනි ආයතන රටේ ඉතිරි අනාගතය වෙනුවෙන් ස්ථාවර කරමින් ලෝකය පිළිගත් ක්‍රමවේද අනුව ඉදිරියට ගෙන යනවා. විදේශ ආයෝජකයින් කැඳවා ගැනීමේදී විනිවිදභාවයකින් යුතුව ජාතික සැලැස්මට අනුගතව මෙහෙයවනවා. රටට අවශ්‍ය විදේශ සංචිත වැඩිකර ගැනීමට ආයෝජන විනිවිද පෙනෙන සුළු ආකාරයෙන් රඳවා ගන්නවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීම පිළිබඳව විශාල අවධානයක් යොමු වී තිබෙනවා. දැන් ක්‍රියාත්මක කර තිබෙන්නේ මුල්‍ය අරමුදල සමග යන ක්‍රියාමාර්ග. ආර්ථිකය ප්‍රතිසංස්කරණය කිරීමේදී ජනතාවට විශාල බරක් පටවමින් යන ක්‍රියාවලිය වෙනුවට පුරවැසියන්ට උපරිම ප්‍රතිලාභ ලැබෙන ආකාරයෙන් අපේ ස්ථාවරයන් ගොඩනඟා ගැනීමට මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරනවා. ආර්ථිකය ප්‍රසාරණය කර, පුරවැසියන්ගේ ආදායම ඉහළ නැංවීමත් රාජ්‍ය ආදායම ඉහළ නැංවීමත් මූලික කරගත් සාකච්ඡා ආරම්භ කර, ණය නැවත ගෙවීමේ කොන්දේසි නැවත සමාලෝචනය කරනවා. මේ තුළින් රටේ ණය ශ්‍රේණිගත කිරීම් නැවත ඉහළ මට්ටමකට ගෙන එන්න අලුත් ක්‍රමවේදයන් අනුගමනය කිරීමේ හැකියාව සොයා බලනවා. උදාහරණයක් හැටියට විදේශ ආයෝජනයන් සමග රට තුළ රුපියල්වලින් ගනුදෙනු කර ලාභය ඩොලර්වලින් ගෙන යන ආයෝජන දිරි ගන්වනවා වෙනුවට ඩොලර් උපයන විදේශ ආයෝජන වර්ධනය කරමින් ලාභ ගෙනයාමේ අවස්ථාව සලසා දෙනවා.
ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර සම්බන්ධයෙන් වෙනම සලකා බලන්න ඕනෑ. දළ ජාතික නිෂ්පාදිතයට සම්බන්ධ කර, පවත්වාගෙන යා යුතු අනුපාතයක් තීරණය කර, එම බැඳුම්කර යම් ප්‍රමාණයක් රුපියල්වලට පරිවර්තනය කරගෙන කටයුතු කිරීමේ උත්සාහයක් තිබෙනවා. බැංකු ක්ෂේත්‍රයේ ප්‍රතිප්‍රාග්ධනීකරණය වෙනුවෙන් ඒ ඩොලර් යෙදවීමේ හැකියාව සොයා බලනවා. රුපියල්වලට පරිවර්තනය කරන මුදල්වලට පවා ඒ වෙනුවෙන් යොදවා ගැනීමේ හැකියාව ප්‍රාථමික ගැනුම්කරුවන් මාර්ගයෙන් බැංකුවලට ලබාදීමේ හැකියාව සොයා බලනවා. ඒ තුළින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට අවශ්‍ය ප්‍රාග්ධනය ලබාදීමේ වැඩපිළිවෙළක් ගැන සලකා බලනවා. ජාතික ජන බලවේගයේ ආර්ථික සැලැස්ම තුළ තිබෙන්නේ මෙවැනි සංයුක්ත සමස්ත ආර්ථික වැඩපිළිවෙළක්. ආර්ථිකය සම්බන්ධ මහාචාර්යවරුන් විශාල පිරිසක් සම්බන්ධ කරගෙන ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ආකාරයෙන් සකස් කර තිබෙනවා. අප ඉදිරියේ තිබෙන්නේ ජාතික ජන බලවේගයද වෙනත් පක්ෂයක්ද යන ප්‍රශ්නයක් නොවෙයි. වංචාව, දූෂණය සමග තවදුරටත් විනාශය කරා යනවාද, එයින් රට මුදා ගෙන නිෂ්පාදන ආර්ථිකයක් තුළින් ඉදිරියට යනවාද යන්න තෝරා ගැනීමයි. බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරමින් මේ එකතු වී සිටින්නේ ශ්‍රී ලංකාව මේ අර්බුදයෙන් ගොඩයාම සඳහා කැපවීමෙන් වැඩකරන පිරිසක්. ඉදිරියේදී තවත් මේ පිළිබඳව සාකච්ඡා කරමින් ගැටලු නිරාකරණය කරගෙන රට ගොඩනැගීමේ කාර්යයට සියලු දෙනාටම අවස්ථාව ලැබෙන ඇතැයි ප්‍රාර්ථනා කරනවා.
(ජාතික ජන බලවේගයේ ත්‍රිවිධ හමුදා සාමූහික ‘අදිටන’ මහනුවර දිස්ත්‍රික් සමුළුව 2024.02.24) අප විවිධ වෘත්තිවල වැඩ කරනවා. පාසල් ගුරුවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු, ව්‍යාපාරික මහත්වරු, නීතිඥ මහත්වරු ආදී වශයෙන් කටයුතු කරන අතර, මෙතැන ඉන්නේ මහා යුද්ධයක් තිබියෙදී, ජීවිත පවා නොතකා සුවිශේෂී වෘත්තියක් තෝරා ගත් පිරිසක්. ඒ නිසා ඔබ විශේෂ මිනිස් සමුදායක්. ඔබ ඔබේ වෘත්තීය කාර්යභාරය නිසි ලෙස ඉටු […]
(ජාතික ජන බලවේගයේ ත්‍රිවිධ හමුදා සාමූහික ‘අදිටන’ මහනුවර දිස්ත්‍රික් සමුළුව 2024.02.24)
අප විවිධ වෘත්තිවල වැඩ කරනවා. පාසල් ගුරුවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු, ව්‍යාපාරික මහත්වරු, නීතිඥ මහත්වරු ආදී වශයෙන් කටයුතු කරන අතර, මෙතැන ඉන්නේ මහා යුද්ධයක් තිබියෙදී, ජීවිත පවා නොතකා සුවිශේෂී වෘත්තියක් තෝරා ගත් පිරිසක්. ඒ නිසා ඔබ විශේෂ මිනිස් සමුදායක්. ඔබ ඔබේ වෘත්තීය කාර්යභාරය නිසි ලෙස ඉටු කළත්, අද ඉතිරි වී තිබෙන්නේ සියල්ල කඩාවැටුණු රාජ්‍යයක්. ඒ නිසා අප ඉදිරිපිට තිබෙන්නේ කිරිඇල්ල වෙනුවට කිරිඇල්ලගේ දුව ගෙනෙනවා වාගේ වැඩක් නොවෙයි. රාජපක්‍ෂ වෙනුවට රාජපක්‍ෂ මලයෙක් හෝ පුතෙක් ගේනවා වාගේ වැඩක් නොවෙයි. මේ රට ගොඩනැඟීම සඳහා සත්භාවයෙන් මැදිහත් වන මිනිස් සමූහයකගේ ක්‍රියාකාරිත්වයක් අවශ්‍යව තිබෙනවා. රටක් ලෙස අපට බොහෝ තැන්වල වැරැදී තිබෙනවා. ඉන්දියාවට නිදහස ලබා ගන්නා විට රට ගොඩනැඟීම සඳහා ඒ ජාතික ව්‍යාපාරයට දියුණු දැක්මක් තිබුණා. ආගම් ලෙස ජාතීන් ලෙස භාෂා ලෙස බෙදුණු ජනතාවක් එක ඉන්දියානු කොඩියක් යටතට ගෙන එන විශාල දැක්මක් තිබුණා. ඒ දැක්ම අනුව ගොඩනැඟූ ඉන්දියානු රාජ්‍යය හඳ මත යානයක් ගොඩබස්වන විට අපේ රට තිබෙන්නේ කොතැනද? ඔවුන් විශාල සාහිත්‍යකලා, සංස්කෘතික පිබිදීමක් ගොඩනඟාගෙන තිබෙනවා. චීනය ගත්තත්, එහෙමයි. සෙල්ලම් බඩු නිර්මාණයේ සිට විශාල තාක්‍ෂණික උපකරණ නිපදවමින්, ලෝක වෙළෙඳපොළේ මහා බලයක් අත්පත් කර ගත්තා. ප්‍රංශයට යටත්ව තිබූ, ඇමෙරිකානු ආක්‍රමණයට ගොදුරු වූ වියට්නාමය මෑත කාලයේ ආසියාවේ වේගයෙන්ම දියුණු වන රාජ්‍යය බවට පත් වී තිබෙනවා. නමුත්, අපේ රට තිබෙන්නේ, ලෝකය ඉදිරියේ බංකොළොත්භාවයට පත්කළ ලැජ්ජාසහගත රාජ්‍යයක් ලෙසයි. විසිවැනි සියවසේ තාක්‍ෂණයෙන්, අධ්‍යාපනයෙන් මහා පෙරැළි ගෙනාවත්, අපේ රටට වී තිබෙන්නේ මොකක්ද?
ඉන්දියාව වාගේ ජාතිය එක කොඩියක් යටතට ගෙන එන සුද්දාගෙන් පසු නිදහස ලැබුණා යැයි විශාල හැඟීමක් ජනතාව තුළ තිබෙන්න ඇති. නමුත්, ඉන්දියාව ගෙන යන දිශාව පිළිබඳව නේරුලාටත්, චීනය ගෙන යන දිශාව පිළිබඳව මාඕ සේතුංලාටත්, වියට්නාමය ගෙන යන දිශාව පිළිබඳව හෝ-චිමිංලාටත්, එක්සත් ජනපදය ගෙන යන දිශාව පිළිබඳව ලින්කන්ලාටත් තිබුණු විශාල දැක්ම අපේ පාලකයන්ට තිබුණේ නැහැ. එක්දහස්නවසිය හතළිස්අටේ නිදහස ලැබුණු විගස වතුකරයේ දෙමළ ජනතාවට තිබුණු පුරවැසිභාවය අහෝසි කළා. උතුරේ චෙල්වනායගම් මැදිහත් වී දෙමළ රාජ්‍යය පක්‍ෂය පිහිටුවූයේ මේ පුරවැසි පනත ක්‍රියාත්මක කළ පසුවයි. අපේ නායකයන්ට ජනතාව බෙදීමේ දැක්ම මිස එක කොඩියක් යට ඒකරාශී කිරීමේ දැක්මක් තිබුණේ නැහැ. 1956දී භාෂා ප්‍රශ්නයක් අවුළුවා ගත්තා. 1958 දෙමළ-සිංහල කෝලාහලයක් අවුළුවා ගත්තා. 1965 වෙන කොට ‘ඩඩ්ලිගේ බඩේ මසල වඩේ’ කියලා පෙළපාළි යන්න පටන් ගත්තා. එක්දහස්නවසිය හැත්තෑහය වෙන කොට උතුරේ බෙදුම්වාදී ව්‍යාපාරයක් ගොඩනැඟෙන්න පටන් ගත්තා. 1981දී යාපනය පුස්තකාලය ගිනි තිබ්බා. 1983දී රට පුරා ජාතිවාදී ගැටුම් ආරම්භ කර මහා යුද්ධයක් දක්වා ගෙන ගියා. 2009දී ඒ යුද්ධය අවසන් කළා. නමුත්, 2015 වෙන කොට වඳ කොත්තු, වඳ ඇඳුම්වලින් පටන්ගෙන 2019දී පාස්කු ප්‍රහාරය එල්ල කෙරුණා. නමුත්, ඒ කාලය අතරතුරත් විවිධ ශක්තිමත් කණ්ඩායම් අපේ රට ගෙන යා යුතු දිශාව පිළිබඳව සාහිත්‍යය, කලාව, සංස්කෘතිය ගෙන යා යුතු දිශාව පිළිබඳව ගැඹුරු සංවාද කරමින් සිටියා. ලංකාවේ ඉදිරි ගමන රඳාපවතින රට විද්‍යුත් කිරීම පිළිබඳව 1919දී විමලසුරේන්ද්‍ර මහතා දැක්මක් සහිතව කරුණු ඉදිරිපත් කළා. 1918දී මාධ්‍යවේදියකු ලෙනින්ගෙන් අහනවා, සමාජවාදය සම්පූර්ණ කරන්නේ කවදාද කියලා. ලෙනින් උත්තර දුන්නේ, සෝවියට් දේශය විද්‍යුත්කරණය කර සම්පූර්ණ කරන දිනයේදී කියලයි. විමලසුරේන්ද්‍ර මහත්තයා 1919දී ලක්ෂපාන බලාගාරය ගැන ඉදිරිපත් කරන පත්‍රිකාවේ සඳහන් කර තිබෙන්නේ, ඒ අතිරික්ත විදුලිය විදුලි දුම්රිය දුවවන්න යොදාගත යුතු බවයි. අපේ අනාගතය ගත යුතු දිශානතිය ගැන එතුමාට අදහසක් තිබුණා. විමලසුරේන්ද්‍ර මහත්තයලාට, මාර්ටින් වික්‍රමසිංහ මහත්තයලාට, සරච්චන්ද්‍ර මහත්තයලාට, සේනක බිබිලේ මහත්තයලාට අපේ රට ගෙන යා යුතු දිශාව පිළිබඳව දැක්මක් තිබුණා. ඖෂධ සංස්ථාවේ සභාපති වූ සේනක බිබිලේ මහත්මාගේ දැක්ම අනුව ඕස්ටේ්‍රලියාව වාගේ රටවල් තමන්ගේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සකස් කර ගත්තා. නමුත්, අපේ රටේ දී සේනක බිබිලේ මහත්තයාව ඖෂධ සංස්ථාවෙන් එළියට දැම්මා. එළියේ නිර්මාණය වී තිබූ නව චින්තන දහරාව පැත්තකට දැමූ පාලකයන් අතීතකාමීත්වය දොඩවමින් සිටියා.
අපේ මුළු සමාජයත්, චින්තනයත් අතීතකාමීත්වයේ උගුලක හිර කළා. පාලකයන් රටේ සංවර්ධන නිර්ණායක අතීතය මත මනින්න පටන් ගත්තා. නමුත්, ලෝකය මහා පිමි පනිමින් ඉදිරියට ගියා. 2005දී රනිල් වික්‍රමසිංහ කීවේ, අපේ රට නැවත පරාක්‍රමබාහු යුගයකට ගෙන යන බවයි. ලෝකය සියවස් ගණනාවක් ඉදිරියට යන විට අපේ රටේ නායකයන් අතීත ශ්‍රී විභූතිය පුනරුච්චාරණය කරමින් හිටියා.
කොරියාව කොස්මෙටික් කර්මාන්තයෙන්, විනෝදාස්වාදය සැපයීමෙන් ලෝකයට විවෘත වී තිබෙනවා. බීට්ල්ස් සංගීත කණ්ඩායමේ සමහර සින්දු මිලියන එක්දහස්අටසියයක් නරඹා තිබෙනවා. රටේ ඉන්නේ මිලියන පණහක ජනගහනයක්. ඉස්සර අපේ පැල්කවි, කරත්ත කවි සීමාවෙන් ඉදිරියට ගොස් මහා වාණිජ සීමාවන් අත්පත් කර ගන්න සමත් වුණේ නැහැ. ඒ ගොල්ලෝ ලෝකයට සංගීතය හදන කොට අපි අතීතකාමීත්වයේ හිර කර 20වැනි සියවස මිස් කළ පාලකයන් රටම හිර කළා. ඒ නිසයි අපට නව පුනරුද යුගයක් අවශ්‍ය වන්නේ. ඒ නිසා කිරිඇල්ල වෙනුවට දුව, ප්‍රේමදාස වෙනුවට පුතා, රාජපක්‍ෂ වෙනුවට රාජපක්‍ෂ පුතෙක් හෝ මලයෙක් ගෙනැවිත් මේක වෙනස් කරන්න බැහැ. ඒ ගොල්ලෝ නඟින්නේ බරබාගයට. අප මේ රටත්, මේ රටේ ජනතාවත් විදුලි කෝච්චියට නංවන නව යුගයක් නිර්මාණය කරනවා. ජපානයේ ආර්ථිකය ඉලක්ක කර ගත් සංවර්ධනයේදී මිනිස් සබඳතා බිඳවට්ටා තිබෙනවා. විවාහ වීමේ ප්‍රතිශතය අඩු වෙමින්, සිය දිවි නසා ගැනීමේ ප්‍රතිශතය වැඩි වෙමින් තිබෙනවා. ආර්ථිකය පිමි පැන ගියත්, සමාජ සබඳතා බිඳවට්ටා වැඩක් නැහැ. අපට අවශ්‍ය වන්නේ පැරැණි වියගසෙන්, අසාර්ථක ආර්ථික ගමන්මඟෙන් මිදී නව දිශාවකට සමාජය පිවර්තනය කර ගැනීමටයි.
සමහර අය අපෙන් අහනවා, කැබිනට් මණ්ඩලයට පත් කරන්නේ කවුරුන්ද කියලා. පැරැණි යුගය තිබුණේ, පත් කරන ඇමැතිට සියල්ල ගැටගසමින් ගෙන යන්නයි. නමුත්, අපට අවශ්‍ය වන්නේ ඇමැතිවරයෙක් ව්‍යවස්ථාවට අනුව පත් කළත්, සාමුහිකව පර්යේෂණ සිදු කරන කෘෂිකර්මයට අදාළ සියලු ක්‍ෂේත්‍ර පිළිබඳව මණ්ඩලයකින් සමන්විත සාමුහික තීරණ ගැනීමේ ඒකක පිහිටුවීමටයි. ආරක්‍ෂාවත් ඒ වගෙයි. අප ජාතික ආරක්‍ෂාව පිළිබඳ එක්ස්පර්ට්ලා නොවෙයි. හැබැයි, ඒ සම්බන්ධයෙන් විශේෂඥයන් මේ වේදිකාවේ ඉන්නවා. ඔවුන් තමයි, ඒ පිළිබඳව තීරණ ගන්නේ. අනෙක් අතින් ජාතික ආරක්‍ෂාව කියන්නේ බයිනෙත්තුවක් අතින් ගත් සොල්දාදුවෙක් හන්දියක සිටුවා තැබීම නොවෙයි. ඒ වටා තිබෙන සමස්තය පුරවැසියගේ ජීවිතවලින් පිළිබිඹු කිරීමයි. ඒ නිසා පැරැණි ක්‍රමය මතකයේ තබාගෙන අපෙන් ප්‍රශ්න අහනවා වෙනුවට නව පරිවර්තනයක් පිළිබඳව චිත්‍රයක් සිතේ මවාගෙන ප්‍රශ්න අහන ලෙස මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා. අප යෝජනා කරන්නේ නූතන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ මධ්‍යස්ථානයක්. අප යෝජනා කරන්නේ හුදු ආර්ථික ගමනක් පමණක් නොවෙයි. මිනිස් චින්තනයේ නව පරිවර්තනයක් ද පිළිබඳවයි.
පවතින රාජ්‍ය සේවය සම්බන්ධයෙන් අප යෝජනා කරන්නේ චින්තනමය වශයෙන් පරිවර්තනය වූ රාජ්‍ය සේවයක් පිළිබඳවයි. පැරැණි තැන සිටි නායකයන් මොන තරම් බල්ටි ගැහුවාද? ඒ අසාර්ථක තැන වෙනුවට අප යෝජනා කරන්නේ නව පිබිදීමක්! ඒ අලුත් තැන කියන්නේ දේශපාලකයා ජනතාවට බයේ සැඟවී සිටින තැනක් නොවෙයි, දේශපාලකයා සහ ජනතාව අතර සමීප සම්බන්ධතාවක් තිබෙන තැනක්. මෙතෙක් සිටි පාලකයන් සිතා සිටියේ, ඒ අය මහා බ්‍රහ්මයාගේ නළලෙන් මැවූ බවත්, පුරවැසියන් යටිපතුලෙන් මැවූ බවත් කියලයි. අප යෝජනා කරන්නේ, පුරවැසියාගේ වේදනාව තමන්ගේ වේදනාවක් ලෙස දැනෙන නව දේශපාලනයක්. සාමුහිකත්වය, මානුෂික බැඳීම්, ආධ්‍යාත්මික බැඳීම්, අනෙකා කෙරෙහි සහකම්පනයකින් යුත් මිනිස් සමාජයක නව ආර්ථික මාවතක් අප යෝජනා කරනවා. අපේ දියණියන්ට, කාන්තාවන්ට රැකවරණයක් සහිත සමාජයක්. අපේ අමරකීර්ති සොහොයුරා කීවා, නිල ඇඳුමට බයයි කියලා. නමුත්, අපේ දියණියන්ට, සොහොයුරියන්ට බය හිතෙන්නේ නිල ඇඳුමට විතරද? නෑ. සමාජයටත් බයයි. මිත්‍රශීලී පොලිසියක් සහ ත්‍රිවිධ හමුදාවක් වාගේම සහකම්පනයක් සහිත සමාජයකුත් අවශ්‍යයි. සෞඛ්‍ය ඇමැති බෙහෙත්වලින් හොරකම් කරන, අගමැතිවරයා මහ බැංකුවට ගහන රටක් අපට ඕනෑද? මේ නස්පැත්තිය වෙනුවට නව පුනරුද යුගයක් අපට අවශ්‍යයි.
සුද්දා ගියාම එදා සිටි අපේ වැඩිහිටියන්ට මොන තරම් සතුටක් ඇති වෙන්න ඇතිද? මේ පාලක තන්ත්‍රය පෙරළා දැමුවාම ඒ හැඟීමම ජනතාවට විශාල පිබිදීමක් සහ බලාපොරොත්තුවක් ඇති කරවනවා. සුද්දා අවුරුදු 133යි. මේ පාලකයන් අවුරුදු 76යි. සුද්දාගේ පීඩනය අපට දැනුණේ නැහැ. මේ පාලකයන්ගේ පීඩනය අප අත්වින්දා. ඔක්තෝබර් මාසය වෙන කොට ඔවුන්ගෙන් නිදහස් වීමේ සතුටක් අප භූක්ති විඳිනවා. මේ පාලකයන් පලවාහැර පාලන තන්ත්‍රය පෙරළා දැමීමෙන්ම ජනතාව විශාල පිබිදීමකින් රට ගොඩනැඟීමට ඉදිරියට ඒවි. අපට අපෙ මහපොළොවෙන් ඉපැදුණු විද්‍යාඥයන්ගෙන්, පර්යේෂකයන්ගෙන් වැඩගත නොහැකි වුණාට ලෝකයට වැදගත් අපේ අය විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් නැවත පැමිණෙන්න සූදානමින් සිටිනවා. පිළිකා රෝගයට නව ඖෂධයක් සොයා ගැනීම පිළිබඳ පර්යේෂණ පවත්වන ආචාර්ය ගෝමික, ඇමෙරිකාවේ හුස්ටන් ප්‍රදේශයේ සිටින අපේ පක්‍ෂයේ සංවිධායකයායි. ඔහු එක්සත් ජනපදයේ පර්යේෂණ සඳහා තිබෙන ප්‍රධානම මණ්ඩලයේ සාමාජිකයෙක්. ඔවුන් ලෑස්තියි, පොරබදමින්, මේ රට ගොඩනඟන්න පැමිණෙන්න. දේශපාලකයන් හැටියට අපට තිබෙන මූලිකම වගකීම ඒ සියලු දෙනාගේ විශ්වාසයට අබමල් රෙණක තරම්වත් හානියක් සිදු නොවන ආකාරයට ක්‍රියා කිරීමයි. මැතිවරණයේදී අපව විශ්වාස නොකරන කණ්ඩායම්ද ඉන්පසුව අපව විශ්වාස කරන පරිවර්තනයක් අප සිදු කරනවා. මෙතැනට රැස් වි සිටින ඔබ අධිෂ්ඨානශීලීව ක්‍රියා කරමින්, අභියෝග ජය ගත්තා වාගේ මහනුවර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවීමේ කොඩිය අතට ගන්න. යුද්ධය අවසන් කරන්න අවුරුදු තිහකට වැඩි කාලයක් ගත වුණා. මේ යුද්ධය අවසන් කරන්න තව මාස හයයි තිබෙන්නේ. ඒ කාලය තුළ ජයග්‍රහණය ලැබීමේ ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව පෙරමුණටම පැමිණ කටයුතු කරන ලෙස ආරාධනා කරනවා.
“මනුෂ්‍ය ගෞරවය සහිත සමාජය බිහි කරන ගමන ආරම්භ කළ හැකියි”
-ජාතික විද්වත් සංවිධානයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති-
සාහිත්‍යකරුවෝ කියන්නේ මතුපිටට පෙනෙන දෙයින් පිටුපස තිබෙන දේවල් ගැන කල්පනා කරන අය. මම කල්පනා කළේ යුද්ධය පැවැති කාලයේ මේ ඇවිත් සිටින මහත්වරුන්ගේ බිරින්දෑවරුන්, දරුවන් සහ මාපියන්ගේ හිත්වල මොන තරම් ගින්දරක් තියෙන්න ඇතිද කියලා. එවැනි ගිනි ඇවිළෙන හදවත් තුළ මනුෂ්‍ය ශක්‍යතා පිබිදෙන්නේ නැහැ. ෆ්‍රෙඩ් සෙනෙවිරත්න මහතාගේ කතාව අහගෙන ඉන්න කොට මේ හදවත් තුළ ලංකාව පිළිබඳව කොතරම් සුන්දර සිතුවිලි තිබුණේද යන්න පැහැදිලියි. මහනුවර නගරයේ නිශ්චල වස්තු පවා මේ වේදිකාවේ කරන කතාවල හඬ දෙවරක් මතු කරමින්, ජාතික ජන බලවේගයේ ජය ප්‍රාර්ථනා කරන බවයි මට හිතෙන්නේ.
ත්‍රිවිධ හමුදාවල සහ පොලිසියේ නිල ඇඳුම්වලට මම මාර භයයි. මම ඉපැදුණ් එක්දහස්නවසිය හැටඅටේ. හැත්තෑඑකේ අරගලය මට මතක නැහැ. ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ නිල ඇඳුම්වලට මම මාර භය ඇයි කියන එක පැහැදිලි කරන්නම්. මම ඉගෙන ගත්තේ ග්‍රාමීය, දුප්පත් පාසලක. මාත් එක්ක ඒ පාසලේ පළමුවැනි පන්තියට ගිය බොහෝ දෙනෙක් අද ජීවතුන් අතර නැහැ. ඒ අයගේ ජීවිත නැති වුණේ, යුද්ධයේදී. විශේෂයෙන් හමුදා සොල්දාදුවන් විදියට. උසස් පෙළ සඳහා මම ගිය තරමක් ප්‍රකට මධ්‍ය විද්‍යාලයෙන් ඒ අවුරුද්දේ විශ්වවිද්‍යාලයට හතර දෙනෙක් තේරීපත් වුණා. එක් අයෙක් වෛද්‍ය පීඨයට. එක් අයෙක් කළමනාකරණ පීඨයට, දෙන්නෙක් කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයට. ශාස්ත්‍ර පීඨයට ගිය දෙන්නාගෙන් එක්කෙනෙක් පළමුවැනි වසරෙන් පස්සේ හමුදාවට බැඳී බි්‍රගේඩියර් කෙනකු හැටියට මෑත දී විශ්‍රාම ගියා. ඔහු මෑත දී කතා කරලා මට කීවා, “මමත් දැන් උඹලට වැඩ කරන්නේ… අපේ ජයසේකර සර්ත් ඉන්නවා. හොඳ මිනිහෙක්” කියලා ඒ බි්‍රගේඩියර්වරයා කීවා. ග්‍රාමීය වැඩ කරන පංතියේ හැදුණු වැඩුණු මම ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිල ඇඳුමට බය ඇයි ? ඇයි එහෙම වෙන්නේ?
පුනරුදයක් පිළිබඳව කතා කරන අපි මේ බය එන්නේ කොහෙන් ද කියලා හිතන්න අවශ්‍යයි. අපි හැදුණේ, වැඩුණේ ත්‍රිවිධ හමුදාව අපේ ආරක්‍ෂාව සඳහා ඉන්න පිරිසක් නොවෙයි කියලා හිතාගෙන. අපි වරදක් නොකර පවා ඒ නිල ඇඳුම ඉදිරියේ අපි වරදකාරයෝ හැටියට හිතෙන මානසිකත්වයකින් හැදුණේ, වැඩුණේ. මේ පුරවැසි බිය එන්නේ පුරවැසියන් තුළ ඇති කර තිබෙන ඓතිහාසික භීතියකින්. නිදහසෙන් පස්සේ රට භාර ගත් ඊනියා ප්‍රභූවරු පාලකයන් විදියට කල්පනා කළේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඔවුන්ගේ ආරක්‍ෂාව සඳහා තිබිය යුතු බවත්, සාමාන්‍ය පුරවැසියන් වැරැදිකාරයන් නොවුණත්, බය විය යුතු පිරිසක් ලෙසයි. මානව ශක්‍යතා විකසිත කරන සමාජයක් බිහි කිරීමේ දී ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ අභිමානය නැවත ගොඩනැඟිය යුතුයි. ඒ කුමක් සඳහා ද? ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය තිබිය යුත්තේ, පුරවැසියන්ගේ ආරක්‍ෂාව සඳහායි, මේ රාජ්‍යය තුළ අප සියලු දෙනාගේ ජීවිත සුරක්‍ෂිතයි, ඒ ජීවිත පොහොණි කළ යුතුයි කියන විශ්වාසය සඳහායි. පුනරුද කතිකාවේ පුරවැසියා පිළිබඳ ආරක්‍ෂාව මූලිකයි. එවැනි පුරවැසියන්ගේ ආරක්‍ෂාව සලසන හමුදාවේ සහ පොලිසියේ අභිමානය රැකෙනවා. නීතියේ ආධිපත්‍යය කියන්නේ මේකට. කාටවත් අතපෙවිය නොහැකි විනිවිද පෙනෙන තැනක නීතිය තිබෙනවා. එය නීතියේ පාලනයයි. තව පිරිසක් ඉන්නවා, නීතියෙන් පාලනය කරන. ඊනියා ප්‍රභූවරයෙක් නීතිය තමන්ගේ අතට අරගෙන. දැන් රනිල් කරනවා වාගේ පාලනය කිරීම නීතියෙන් පාලනය කිරීමයි. නමුත්, පුරවැසි ශක්‍යතා පිබිදෙන්නේ නීතියේ පාලනය සහිත සමාජ තුළයි. ජාතික ජන බලවේගයේ අපි ගොඩනඟන්නේ එවැනි සමාජයක්. ආරක්‍ෂාව පිළිබඳව අලුත් විදියට හිතන පිරිසක් ඉන්න කොට අනිවාර්යයෙන්ම එය කළ හැකියි.
ආරක්‍ෂාව ගැන ලියැවුණු පොත් කිහිපයක්ම මගේ පෞද්ගලික පුස්තකාලයේ තිබෙනවා. රොබට් ලීන් ලියූ ‘ආරක්‍ෂාව පිළිබඳ හැඳින්වීමක්’ කියන පොතෙන් එක කරුණක් ඔබ සමඟ බෙදා ගන්න කැමැතියි. ආරක්‍ෂාව කියන්නේ එක පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමකට අපේක්‍ෂා කරන ගමනාන්තය කරා යන්නට උපකාර කරන, අනාවැකි කිව හැකි ස්ථාවර පරිසරයක් ඇති කිරීමයි. එවැනි ආරක්‍ෂිත පරිසරයක ඉදිරිය ගැන අනාවැකි කිව හැකියි. ඊළඟ මොහොතේ මොකක් වෙයිද කියලා සැකයක් තිබෙන්න බැහැ. ඒ වාගේම තවත් කොටසක් තිබෙනවා. ඒ අපේක්‍ෂාවල ගමනාන්තය කරා යාමේදී අන් අයට බාධා නොකිරීමත් අවශ්‍යයි. ඒ අපේක්‍ෂා ලුහුබඳින අය බාධා කිරීම්වලට හෝ හිංසාවලට ලක් වෙන්නත් බැහැ. එවැනි ආරක්‍ෂිත සමාජයක් තුළ මනුෂ්‍ය ශක්‍යතා විකසිත වෙනවා.
අප වාගේ ග්‍රාමීය පාසල්වල ඉගෙන ගත් කොල්ලන්ට ලැබෙන්නේ සොල්දාදු තනතුර විතරක් නම්, කෙල්ලන්ට ලැබෙන්නේ නිදහස් වෙළෙඳ කලාපයේ කම්කරු තනතුර විතර නම්, ඒකත් නිදහස් සමාජයක් නොවෙයි. දුප්පත් පවුලක ඉපදුණු කොල්ලකුට ත්‍රිවිධ හමුදාවල ඉහළටම යන්න අවශ්‍ය ජීවිත පුබුදුවාලන අධ්‍යාපනයක් අවශ්‍යයි. ආරක්‍ෂාව සහ පුනරුදය පිළිබඳ රටක් නිර්මාණය කර ගැනීම සඳහා අපි පැනිය යුතු පිමි දෙකක් මේ අවුරුද්දේ එනවා. යටත්විජිතවාදීන්ගෙන් පසු පාලනය අයිති කර ගත් පවුල් කිහිපයක් අවුරුදු හැත්තෑහයකට පස්සේ තවදුරටත් හිතන්නේ රට පාලනය කිරීමේ ජානමය අයිතිය තිබෙන්නේ තමන්ට විතරයි කියලා. නමුත්, ජාතික ජන බලවේගය ඉදිරියට ඇවිත්, මේ රට භාර ගන්න සුජාත දූ-පුතුන් සූදානම් බව තහවුරු කර තිබෙනවා. ජීවිතය පුබුදුවාලන, ආරක්‍ෂාව සහිත මනුෂ්‍ය ගෞරවය සහිත සමාජය බිහි කරන ගමන ආරම්භ කළ හැකිව තිබෙනවා. මම ඉපැදුණු එක්දහස්නවසිය හැටඅටේ මාස කිහිපයකට පසු තඹුත්තේගම ඉපදී මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් බිහි වුණු කොල්ලෙක්, අනුර කුමාර දිසානායක සහෝදරයා, ඒ පුනරුද යුගයට නායකත්වය දෙන්න ඉදිරියට ඇවිත් ඉන්නවා. ඔහු නායකත්වය දෙන පළමුවැනි පියවර, ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින්, අභිමානයේ ගමනට, පුනරුදයේ ගමනට එක් වෙමු කියලා ආරාධනා කරනවා.
“නිල ඇඳුමේ අභිමානය ආරක්‍ෂා වන පරිදි සේවයේ යොදවන්න සැලසුම් කර අවසන්”
-විශ්‍රාමික රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න-
මෙතැනට රැස් වී සිටින්නේ විශ්‍රාම ජීවිතයක් ගත කරන අය. ඒ සඳහා ඔහුට හෝ ඇයට විශ්‍රාම වැටුපක් ලැබෙනවාට අමතරව බොහෝ දෙනෙක් යම් ව්‍යාපාර පවත්වාගෙන යනවා. ඒ තුළින් රටේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙනවා. සමහර විශ්‍රාමිකයන් ස්වේච්ඡා කටයුතුවල යෙදී සිටින අතර, තව සමහර අය රටතොට සංචාරය කරමින්, අලුතින් නිර්මාණ බිහි කරනවා. මෙවැනි තත්වයක් විශ්‍රාමිකයන්ට තිබෙන්නේ දියුණු රටවල. ඒ රටවල් පාලනය කරන්නේ ජනතා හිතවාදී, ජනතා සේවකයන් මිස ප්‍රභූන් නොවෙයි. නමුත්, අපේ රටේ මේ දක්වා සිටියේ අපේ ඡන්දයෙන් පත් වුණු ප්‍රභූවරුන්. ඔවුන්ගේ බල්ලන්ට කෑම දෙන්නෙත් ජනතාවගේ සල්ලිවලින්. ඔවුන්ගේ දේශපාලන සංස්කෘතිය හොරකමෙන්, වංචාවෙන්, දූෂණයෙන් සල්ලි හම්බ කිරීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස මේ රට බංකොලොත් කර විශ්‍රාමයක් ලබා සිටින ඔබටත්, මටත් ජීවත් වෙන්නත් බැරි අවස්ථාවක් සලසා තිබෙනවා. අපට දේශපාලන අල්ලසක් දීලා, අප ස්වාධීනව කල්පනා කිරීම නතර කර මේ දක්වා ඔවුන් බලය ලබා ගත්තා. දැන් ඒ තත්වය නතර කළ යුතුයි. රට නැවත ගොඩනැඟීම කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි.
යුද්ධය පවතින කාලයේ දේශපාලකයන් කීවේ, යුද්ධය නිසා රට ගොඩනැගීමට නොහැකි වී තිබෙන බවයි. එවැනි අවස්ථාවක අප විශාල කැප කිරීම් කර මේ රට බේරාගෙන, දියුණු කරන්න පාලකයන්ට භාර දුන්නා. ඔවුන් කළේ යුද්ධය සහභාගි වූ හමුදා අවභාවිත කිරීමයි. යුද යාන්ත්‍රණයේම එක කොටසක් භාවිත කරමින්, විරුද්ධවාදීන් මර්දනය කළා. තව පැත්තකින් හමුදාවේම අය භාවිත කරමින්, තමන්ගේ ප්‍රතිරූප පුම්බා ගත්තා. ‘රණවිරු රියල් ස්ටාර්’, සමහර ක්‍රීඩා තරග යොදා ගත්තේ එක පවුලකගේ ප්‍රතිරූප පුම්බා ගන්න. හමුදාවල සාමාජිකයන් නොකළ යුතු කාර්යයන්ටත් යොදා ගත්තා. බල්ලො නාවන්න, බිරින්දෑවරුන් සමඟ ෂොපින් යන්න, රෙදි හෝදවා ගන්න තරම් අවභාවිත කළා. නමුත්, ජාතික ජන බලවේගය යටතේ මේ වන විට ජාතික ආරක්‍ෂක ප්‍රතිපත්තිය කෙටුම්පත් කර අවසන්. මේ රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කෙරෙන ලෙසත්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ යුනිෆෝම් එකේ අභිමානය, ගෞරවය ආරක්‍ෂා වන පරිදි රාජකාරී කිරීමටත්, ත්‍රිවිධ හමුදා නවීකරණය කරන්නත් සැලැසුම් කර තිබෙනවා. විශ්‍රාමිකයන්ගේ හැකියා අනුව ජාතික නිෂ්පාදනයට දායක වෙන්නත්, විදේශවල සාමසාධක හමුදා ලෙස නිසි පරිදි යොදවන්නත් සැලසුම් කර අවසන්.
“අදිටන සාමුහිකය ජාතික ජන බලවේගය සමඟ ස්ථීර ලෙසම ජයග්‍රහණය කරා යනවා”
-විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා-
ජාතික ජන බලවේගයට ජයග්‍රාහී ගමනක් යන්න තල්ලුවක් දීමේ එකම අරමුණින් අප සියලු දෙනාම මේ අවස්ථාවට සහභාගි වී ඉන්නවා. ජාතික ජන බලවේගය දිනෙන් දින ලබා ගන්නා සාර්ථකත්වය හමුවේ අවලාද, මඩ ප්‍රහාර එල්ල කරමින් තිබෙන බව අප කවුරුත් දන්නවා. හොඳම උදාහරණය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසට ඉන්දියාවේ නිල සංචාරයක යෙදෙන්න ලැබුණු ආරාධනය. ඒ සංචාරය නිසා රටේ දේශපාලන වටාපිටාව ඉතාමත්ම උණුසුම් වුණා. අපේ නායකතුමා ඊට පෙර ඇමෙරිකා එක්සත් ජනපදයට, ඕස්ටේ්‍රලියාවට ගිය අවස්ථාවල ඒ වාගේ උණුසුමක් දැක්කේ නැහැ. නමුත්, ඉන්දියාවේ සංචාරයේ යෙදෙන විට ලොකු කැළඹීමක් ඇති වුණේ එය රාජ්‍ය මට්ටමේ සංචාරයක් වූ නිසයි. එය ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රිකභාවයෙන් යුක්ත සංචාරයක් වූ නිසයි. කලාපයේ ප්‍රධාන බලවතා වන ඉන්දියාව මේ ආරධනය කළ නිසා සත්‍යයෙන් තොර කරුණු ජනගත කරන්න විරුද්ධවාදීන් උත්සාහ කළා. විරුද්ධ පක්‍ෂයේ නායකත්වයක්වත් නොදරන පිරිසකට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඉතිහාසයේ කවදාවත් මෙවැනි ආරාධනයක් ලැබී නැහැ.
ඉන්දියාවේ ඉහළ පෙළේ නිලධාරීන් හමු වී රාජ්‍යතාන්ත්‍රිකභාවය මනාව සටහන් කරගෙන පැමිණි බවයි, අප සියලු දෙනා දැක්කේ. ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්වරිය මේ දූත පිරිස හමු වීම නිසා වෙනත් ව්‍යාජ කරුණු ප්‍රචාරය කර තිබුණා. මමත් පකිස්ථානයේ මහ කොමසාරිස් කාර්යාලයේ වැඩ කර තිබෙන නිසා අත්දැකීමෙන් දන්න දෙයක් තිබෙනවා. රටක විදේශ ඇමැතිවරයා හෝ ඇමැතිවරිය හමු වී සාකච්ඡා කිරීමට යම් රටක නියෝජිතයන් පැමිණෙන අවස්ථාවක ඒ ආගන්තුක රටේ තානාපතිවරයාත් එම අවස්ථාවට සහභාගි වීම අනිවාර්යයයි. අපේ දූත පිරිස නවෝත්පාදන කේන්ද්‍රස්ථානවල සංචාරය කරමින්, අවබෝධයක් ලබා ගත්තා. ඉන්දියාවත් මෙය සැලකුවේ ඉතාම වැදගත් උපායමාර්ගික ක්‍රියාවක් හැටියට. මෙයට පෙර එහි ගිය නායකයන් ආගමික ස්ථාන වැඳපුදා ගත්තා විතරයි. රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ජාතික ජන බලවේගයට මේ ආරාධනාව ලැබුණේ අපේ මාතෘභූමියේ ඉදිරි දේශපාලන නායකත්වය ලබා ගන්නා පිරිස ගැන කියවීමක් සහිතවයි. කලාපයේ දේශපාලන බලවතා මෙවැනි සංඥාවක් නිකුත් කරන කොට මඩ ප්‍රහාර, අවලාද, අභූත චෝදනා එල්ල වීම අරුමයක් නොවෙයි. ජනතා විමුක්ති පෙරමුණේ හෝ ජාතික ජන බලවේගයේ ඉන්දියානු විරෝධයක් ගැන මවාපාන්න හදනවා. එක්දහස්නවසිය අසූහතේ ඉන්දියානු හමුදාව අපේ ගුවන් සීමාව ආක්‍රමණය කළා. මම ගුවන් හමුදාවේ නියමුවෙක් හැටියට එය විවේචනය කළා. අපේ ප්‍රශ්නය විසඳන්න ඉන්දියානු හමුදාව ගොඩබැස්සාම මම ඒකත් විවේචනය කළා. ඒ විවේචනය ඉන්දියානු රජයට එල්ල වෙන්නේ අපේ රාජ්‍යතාන්ත්‍රිකත්වයේ තිබුණු දුර්වලකම නිසයි. මෙරට පාලකයන් අපේ රටට අහිතකර තීරණ ගත් නිසයි. ඒ විවේචනය අදත්, හෙටත් අපි එල්ල කරනවා. ඉන්දියාවට විතරක් නොවෙයි. ඕනෑම රටක් සම්බන්ධයෙන් ඒක අදාළයි. මට කෙටියෙන්ම කියන්න තිබෙන්නේ, රාජ්‍යතාන්ත්‍රිකභාවය කියන්නේ හැම දේකටම එකඟ වී එහෙයි කියන එක නොවෙයි; සාමාකාමීව අපේ ස්වෛරීභාවය ආරක්‍ෂා කරගෙන අනවශ්‍ය දේට එකඟ නොවීමටත් කටයුතු කිරීමයි. අදිටන සාමුහිකය ජාතික ජන බලවේගය සමඟ ගමන් කර ස්ථීර ලෙසම ජයග්‍රහණය කරා යනවා.
“අප දිවිහිමියෙන් බේරා දුන් රට අද බේරා ගත යුත්තේ කාගෙන්දැයි ඔබ දන්නවා”
-අදිටන ත්‍රිවිධ හමුදා සාමුහිකයේ ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර-
මේ අවුරුද්ද අවසන් වන විට ජාතික ජන බලවේගයේ පාලනයක් පිහිටුවනවා. අනුර කුමාර දිසානායක අපේ නායකත්වය වටා ගොඩනැඟී තිබෙන මහා පක්‍ෂයේ ප්‍රතිපත්ති මතයි, ඉදිරි ක්‍රියාමාර්ග දියත් කරන්නේ. ඒ වෙනුවෙන් ජාතික ආරක්‍ෂක ප්‍රතිපත්තිය වටා ක්‍රියාමාර්ග ගණනාවක් සැලැසුම් කර පුරවැසියාගේ ආරක්‍ෂාව ප්‍රමුඛතම කටයුත්ත ලෙස ගෙන තිබෙනවා. බලශක්තිය ජාතික ආරක්‍ෂාවේ ප්‍රමුඛතම අංගයක් ලෙස රැකගැනීමේ සුවිශේෂී අවධානය යොමු කර තිබෙනවා. ඒ වාගේම ආහාර සුරක්‍ෂිතතාවත් ඒ හා සමානවම ගෙන කටයුතු කරනවා. පුරවැසියාගේ ආරක්‍ෂාව, බලශක්ති සුරක්‍ෂිතතාව සහ ආහාර සුරක්‍ෂිතතාව යන ත්‍රිකෝණය මූලික කර ගත් අනෙකුත් කටයුතු ක්‍රියාමාර්ග ලෙස දියත් කරනවා. උදාහරණයක් ලෙස බස්වල පොල් පැටවූවා වාගේ යන මඟී ප්‍රවාහනයක් සහ දුම්රිය මඟී ප්‍රවාහනයක් අප කිසිවකුත් බලාපොරොත්තු වනවාද? පුරවැසියාගේ ආරක්‍ෂාව මේ තැන්වල දී පවා තහවුරු විය යුතුයි. ජාතික ජන බලවේගයෙන් මහජන පාලනයක් පිහිටුවන්නේ ඒ ක්‍රියමාර්ග දියත් කරන්නයි. වගකීම, වගවීම සහ අප සියලු දෙනා එක් වී මේ රට ගොඩනැඟීමයි සිදු කරන්නේ. මේ රටේ උත්තරීතරම වස්තුව පුරවැසියන්. අනෙක් සියල්ල භෞතික වස්තු.
සෞඛ්‍යය, කෘෂිකර්මාන්තය, 16%ක්වූ වනගහනය මේ හැම දෙයක්ම ආරක්‍ෂා කෙරෙන ක්‍රියාමාර්ග ජාතික ආරක්‍ෂාව යන්නට ඇතුළත්. මේ සියල්ල මෙහෙයවන්නේ නීතිය සාධාරණව ක්‍රියාත්මක කිරිමෙන්. පුරවැසියාට ගරුත්වයක් සහිතව ජීවත් වන්න ඉඩ සැලසෙන්නේ එහෙම සමාජයකයි. ගෞරවනීය, සුරක්‍ෂිත, ගරුකටයුතු රාජ්‍ය සේවයක් ඒකාන්ත වශයෙන්ම අපි ගොඩනඟනවා. දේශපාලඥයන් විසින් මුදලට යටකළ පහත් කොට සලකන රාජ්‍ය සේවය අද ඇදදමා තිබෙන පහත් තැනින් ඉහළට ඔසොවා තබන්න රාජ්‍ය සේවය දූෂණයෙන් මුදා ගන්නවා. අපට මිලිටරි සයන්ස් උගන්වනවා වගේ දේශපාලනයත් විද්‍යාවක්. අප හැම කෙනෙක්ම දේශපාලන විද්‍යාව අප තුළ ඇති කර ගත යුතුයි. අපේ කතිරයෙන් බලය ගත් පිරිස් මේ දක්වා අපට දේශපාලනය එපා කරවූවා. නමුත්, හොඳ පුරවැසියෙක් බිහි කරන්න දේශපාලනය මුල්වූ හොඳ පෞරුෂයක්, විනයක් තිබෙන පරිසරයට ආදරය කරන හොඳ පුරවැසියන් නිර්මාණය කිරීමට හොඳ මිනිසුන් සිටින එකම තැන ජාතික ජන බලවේගය පමණයි. ඉතාම හොඳ බුද්ධිමත්, විනයගරුක එකම තැන ජාතික ජන බලවේගය පමණයි.
පුරවැසියාට සේවය සඳහා පුරවැසියාව මෙහෙයවන එකම බලවේගය වටා අප සියලු දෙනාම එකතුවී සිටින්නේ ලෝකය ඉස්සරහ ලැජ්ජාවට පත් කර තිබෙන රට ගොඩනඟන්නයි. මේ රට හදා ගන්න මෙතුමන්ලාට තනියෙන් බැහැ. අප හැමෝම පෙරට එන්න ඕනෑ. දේශපාලනය කියලා මේ දක්වා හඳුන්වා තිබුණේ නරක මිනිස්සු ටිකක් තෝරලා, බිස්නස්කාරයෝ ටිකක් අරගෙන සමාජය කොටස්වලට කඩලා ඔවුන්ගේ මඩිය තර කර ගැනීමයි. නමුත්, දැන් අපි හරි තීරණය අරගෙන කටයුතු නොකළොත්, දේශපාලනය විසින් අපව විනාශ කරන බව ස්ථිරයි. අප දිවිහිමියෙන් බේරලා දුන් රට අද බේරා ගත යුත්තේ කාගෙන්දැයි ඔබ සැම දන්නවා. ජයග්‍රහණයෙන් පසුව අපට කරන්න විශාල වැඩකොටසක් තිබෙනවා. මාලිමාව තිබෙන්නේ අප සියලු දෙනා අතේ. අනාගතය ගොඩනඟන්න ත්‍රීවීලර් මහත්වරුන්ගෙන් පවා විශාල මෙහෙවරක් ගැනීමට තිබෙනවා. ඇඹිලිපිටිය, කොළොන්නෙන් ඔවුන්ව සංවිධානය කිරීමත් ජාතික ජන බලවේගයෙන් පටන් ගත්තා. මෙතැනට ඇවිත් සිටින කවුරුත් කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් පැමිණ නැහැ; හදවතින්ම ආවේ. අපි සියලුම දෙනා එක් වී රට ගොඩනඟමු.
-Colombo, February 21, 2024- ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙළ යටතේ යාපනයේදී පාසල් සිසුන් 30 දෙනෙකුට පොත් බෑග් සහ සපත්තු සඳහා වවුචර ලබා දෙන ලදී. මෙම උත්සවය අද (21) ජනතා විමුක්ති පෙරමුණේ යාපනය කාර්යාලයේ සිදු විය. අයර්ලන්තයේ වෙසෙන ජාතික ජන බලවේගයේ සංවිධායක රුවන් සහෝදරයාගේ සහයෝගය ඇතිව යාපනය දිස්ත්‍රික් සංවිධායක රාමලිංගම් චන්ද්‍රසේකර් සහෝදරයා විසින් මෙම ව්‍යාපෘතිය සිදු කරන […]
-Colombo, February 21, 2024-
ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙළ යටතේ යාපනයේදී පාසල් සිසුන් 30 දෙනෙකුට පොත් බෑග් සහ සපත්තු සඳහා වවුචර ලබා දෙන ලදී.
මෙම උත්සවය අද (21) ජනතා විමුක්ති පෙරමුණේ යාපනය කාර්යාලයේ සිදු විය.
අයර්ලන්තයේ වෙසෙන ජාතික ජන බලවේගයේ සංවිධායක රුවන් සහෝදරයාගේ සහයෝගය ඇතිව යාපනය දිස්ත්‍රික් සංවිධායක රාමලිංගම් චන්ද්‍රසේකර් සහෝදරයා විසින් මෙම ව්‍යාපෘතිය සිදු කරන ලදී.
-Colombo, February 19, 2024- වමේ ව්‍යාපාරය නියෝජනය කරන ප්‍රබල චරිතයක් මෙන්ම ලේඛකයෙක් වූ වයස අවුරුදු 91ක් සම්පූර්ණ කළ නීතිඥ එස්.ජී. පුංචිහේවා මහතා ඔහු විසින් රචිත පොත්පත් ඇතුළුව වසර 65ක් පමණ තිස්සේ තමන්ගේ පුස්තකාලය සඳහා එක්රැස් කළ පොත්පත් රැසක් ජාතික ජන බලවේගයට පරිත්‍යාග කිරීම අද(19) දින පස්වරුවේදී එතුමන්ගේ නිවසේදී සිදුවිය. මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන […]
-Colombo, February 19, 2024-
වමේ ව්‍යාපාරය නියෝජනය කරන ප්‍රබල චරිතයක් මෙන්ම ලේඛකයෙක් වූ වයස අවුරුදු 91ක් සම්පූර්ණ කළ නීතිඥ එස්.ජී. පුංචිහේවා මහතා ඔහු විසින් රචිත පොත්පත් ඇතුළුව වසර 65ක් පමණ තිස්සේ තමන්ගේ පුස්තකාලය සඳහා එක්රැස් කළ පොත්පත් රැසක් ජාතික ජන බලවේගයට පරිත්‍යාග කිරීම අද(19) දින පස්වරුවේදී එතුමන්ගේ නිවසේදී සිදුවිය.
මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, පා.ම. ආචාර්ය හරිනි අමරසූරිය, කේ.ඩි. ලාල්කාන්ත, නීතිඥ උපුල් කුමරප්පෙරුම ඇතුළු පිරිසක් සහභාගි විය.
“මා වසර 65ක් පමණ තිස්සේ එක්රැස් කළ විවිධ විෂයන්ට අදාල පොත්පත් රැසක් තිබෙනවා. එම පොත්පත් පොදුවේ පාවිච්චියට ගන්න පුළුවන් හොඳම කණ්ඩායම කවුද කියලා මම කල්පනා කළා. ඒ හොඳම කණ්ඩායම ජාතික ජන බලවේගය කියලා තමයි මට හිතුනේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් නිර්මාණය කරන්නට කල්පනා කළ ජාතික ජන බලවේගය කියන්නේ ඉතා විශිෂ්ඨ නිර්මාණයක්. ජාතික ජනබලවේගයේ ඉතා විශාල විද්වතුන් ප්‍රමාණයක් ඉන්නවා. ඒ අය නිකන්ම නිකන් විද්වතුන් නෙවෙයි. ඔවුන් මහජනතාව කෙරෙහි බැදුණු ආකල්පයක් තිබෙන අය. අන්න ඒ හේතුවත් පමනම් කර ගත්තා මම මේ පරිත්‍යාගය කරන්න.“ එස්.ජී. පුංචිහේවා මහතා මෙහිදී තමන්ගේ සතුට පළකරමින් මාධ්‍ය වෙත අදහස් දැක්වීය.