(රත්නපුර දිස්ත්‍රික් කාන්තා සමුළුව – 2024.03.03) අපට දැන් ප්‍රධාන වැඩකොටස් දෙකක් තිබෙනවා. එක බලය ලබා ගැනීම. දෙක මේ රට හැදීම. දීර්ඝ කාලයක් මේ රටේ පාලකයන්, දේශපාලන අධිකාරිය විසින් අපේ රටට උරුමකර දී තිබෙන්නේ විනාශකාරී තත්වයක්. ඔවුන් බලයේ හිටියොත් අපට ඉතිරි කරන්නේ විනාශකාරී අනාගතයක්. එය තවදුරටත් අත්හදා බලන්න වුවමනා නැහැ. අපි හැමෝම පොරබදන්න ඕනෑ සුබදායී අනාගතයක් […]
(රත්නපුර දිස්ත්‍රික් කාන්තා සමුළුව – 2024.03.03)
අපට දැන් ප්‍රධාන වැඩකොටස් දෙකක් තිබෙනවා. එක බලය ලබා ගැනීම. දෙක මේ රට හැදීම. දීර්ඝ කාලයක් මේ රටේ පාලකයන්, දේශපාලන අධිකාරිය විසින් අපේ රටට උරුමකර දී තිබෙන්නේ විනාශකාරී තත්වයක්. ඔවුන් බලයේ හිටියොත් අපට ඉතිරි කරන්නේ විනාශකාරී අනාගතයක්. එය තවදුරටත් අත්හදා බලන්න වුවමනා නැහැ. අපි හැමෝම පොරබදන්න ඕනෑ සුබදායී අනාගතයක් වෙනුවෙන්. ඒ සඳහා මෙතක් ගමන් කළ දේශපාලන මාවත වෙනුවට නව දේශපාලන ගමන් මාවතකට අවතීර්ණ කළ යුතුමයි. අපි බලය ලබාගත යුතුමයි. මේ අවුරුද්දේ ඔක්තෝබර් අවසන් වෙන විට ලංකාවේ තිබෙන්නේ අලුත් ආණ්ඩුවක්. දැන් ඡන්දේ පැවැත්වීම ගැන අවිනිශ්චිතව සිතන්නේ ඇයි? පළමුවෙනි වතාවට රටේ ‘බලය’ උඩ ඉන්න දූෂිත ප්‍රභූ තන්ත්‍රයෙන් පොදු ජනතාව අතට මාරුවීමට නියමිතව තිබෙන නිසා. ඒගොල්ලෝ මෙතෙක් ඡන්දේ කල්දැම්මේ බලය එයාලට අහිමිවෙයි කියන බයට. මේ එකතුවෙලා ඉන්න ගැහැනු දකින කොට දැන් ඡන්දේ කල්දාන්න කොහොමත් බයයි.
ජාතික ජන බලවේගයත් එක්ක එකතු වෙන ජනතාවගේ සැඩපහර විශාලයි. ඒ නිසා නයි මුගටි එකට එකතු වෙමින් ඉන්නවා. හැමෝම එකතු වෙලා අවලාද අසත්‍ය චෝදනා එල්ල කරනවා. රනිල් වික්‍රමසිංහ එයාගේ ප්‍රචාරක සැලැස්ම සැලසුම් කර තිබෙනවා. ඒ සැලසුමට ලංකාවේ තිබෙන ප්‍රචාරක ආයතන තුනක් තෝරාගෙන තිබෙනවා. ඒ ප්‍රචාරක සැලැස්මේ තිබෙන්නේ අපි ගැන කියන්න. අපි ගැන කියන කෑල්ල හදන්න දීලා තිබෙන්නේ අපේ කෙනෙකුට. රනිල් වික්‍රමසිංහ හදන ප්‍රචාරක දැන්වීම්වල කරුණු තුනක් තිබෙනවා. එකක් 88-89 හා මැයි මාසයේ 09 සිදුවීමෙන් ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ ප්‍රචණ්ඩකාරී ඉතිහාසය අත්හැර නොමැති බවට ප්‍රචාරයක් හදන එක. මැයි මාසයේ 09දා ගිනිතැබීම්වලට සම්බන්ධ වූවන්ගේ නාම ලේඛනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිබෙනවා. ඒ නාම ලේඛනයේ තිබෙනවා ඒ හවුල් වූ අයගේ දේශපාලන සබඳතාවය. වැඩිම සම්බන්ධතා තිබෙන්නේ පොහොට්ටුවේ අයට. මේ හදන්නේ නැවත අතීතයක් අවුස්සලා ජවිපෙ ගැන බියජනක චිත්‍රයක් හදන්න.
ඒ වගේම මේය අය ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. දැනට ජීවතුන් අතර සිටින හිටපු ජනාධිපතිවරු පස්දෙනාම ප්‍රජාතන්ත්‍රවාදයට, නීතියට විරුද්ධව වැඩ කරපු අය. පස්දෙනාම අධිකරණයෙන් වැරදිකරුවන් වී තිබෙනවා. පාර්ලිමේන්තුව අසල තිබෙන ඉඩම් නාගරික සංවර්ධන අධිකාරියට පවරාගෙන තමන්ගේ මිතුරෙකුට දීම සම්බන්ධව අධිකරණයෙන් වැරදිකරු වී චන්ද්‍රිකාට දඩයකුත් ගැහුවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආර්ථිකය බංකොලොත් කර කඩා වැට්ටවීමේ වරදට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දු කළා “ආර්ථික ඝාතකයෝ” කියලා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ව්‍යවස්ථාවෙන් එයාට බලයක් නොමැතිව පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් හත්දෙනෙක් තීන්දු කළා එය ව්‍යවස්ථාවට පටහැණි බවට. ඊළඟට පාස්කු ප්‍රහාරයේදී ජනාධිපතිවරයා ලෙස තමන්ට පැවරී තිබෙන වගකීම ඉටුකිරීමට අසමත් වූ නිසා, එම වරදට දශලක්ෂ සියයක (කෝටි 10ක) වන්දියක් නියම කළා. මෛත්‍රීපාල සිරිසේන තමන් කැබිනට් මණ්ඩලයේ ඉන්න අතරෙ තමන් විශ්‍රාම යනකොට තමන්ට වුවමනා ගේ කැබිනට් මණ්ඩලයේ තමන්ම ඉඳගෙන අනුමත කරගත්තා. ඒවට රනිල් වික්‍රමසිංහ අත ඉස්සුවා. සජිත් අත ඉස්සුවා. මෛත්‍රීපාල සිරිසේනට විශ්‍රාම ගොස් ඉන්න කොළඹ වටිනාම විශාල ගෙයක් දුන්නා. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නා ඒ ගේ එයාට අයිති නැහැ කියලා. නිවසෙන් එළියට ඇදල දැම්මා. ලැජ්ජා නෑ මේ අයට. ඊයේ පෙරේදා රනිල් වික්‍රමසිංහ පොලිස්පතිවරයා පත් කළා. එම පත්කිරීම ව්‍යවස්ථා විරෝධියි. ව්‍යවස්ථා සභාවේ පස්දෙනෙක් අනුමත කරන්න ඕනෑ. ව්‍යවස්ථා සභාවේ හතර දෙනෙක් අනුමත කළා. දෙන්නෙක් විරුද්ධ වුණා. දෙන්නෙක් නිහඬව හිටියා. ඡන්ද ප්‍රමාණය සමාන වුණොත් කථානායකවරයාට තීරක ඡන්දයක් තිබෙනවා පාවිච්චි කිරීමට. මෙතන ඡන්ද සම නැහැ. නමුත් කළේ කථානායකවරයා පක්ෂ බවට ඡන්දයක් දී පොලිස්පති පත් කළා. මේ පත්කිරීම ව්‍යවස්ථාවට පටහැණියි. මහ දවල් අමු අමුවේ ඒ විදියට නීති කඩන, ව්‍යවස්ථාවට පටහැණිව කටයුතු කරන අය ප්‍රකාශ කරනවා, “ජාතික ජන බලවේගය ආවොත් ප්‍රජාතන්ත්‍රවාදය නැතිවෙයි” කියලා. ප්‍රජාතන්ත්‍රවාදය කඩන්නේ, මහා පරිමාණ අපරාධකාරයෝ, දූෂිතයෝ ආරක්ෂා කරන්නේ ඒගොල්ලෝ. රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක සැලැස්ම තුළ තිබෙනවා, ජාතික ජන බලවේගය පිළිබඳ ජනතාව බියවැද්දීම.
එයාගේ සැලැස්මේ දෙවැන්න ලෙස තිබෙන්නේ ජනතාව රැවැට්ටීමට ගන්න උත්සාහයක්. “මේ රට කඩා වැටී තිබෙන වෙලාවක්. මේ වෙලාව අලුත් අය ගෙනැවිත් අත්හදා බලන්න හොඳ වෙලාවක් නොවෙයි. අමාරු වෙලාවක්.” ඒ කියන්නේ පුරුදු අය වුණු රනිල්ලාටම දෙන්න කියන එකට මතයක් ගොඩනැගීම. ඒ ගොල්ලෝ කවුද? මේ ආර්ථිකය වට්ටපු අය. අපේ රටේ ඩොලර් හිඟයක් ඇතිකරපු, නිෂ්පාදනය කඩා වට්ටපු අය. ඇඹිලිපිටියේ දශක ගණනාවක් පැරණි කඩදාසි කම්හලට ඉතා හොඳ මාර්කට් එකක් හදා තිබුණා නම් අද ලෝකයේ දියුණුතම ෆැක්ටරියක් වෙන්න තිබුණා. රනිල් වික්‍රමසිංහගේ බියගම ආසනයේ පොහොර ෆැක්ටරිය තිබුණා. 1982 යුරියා මෙට්්‍රක් ටොන් 50,000ක් පාකිස්ථානයට විකුණුවා. අද වගාවන්ට මේ පොහොර ප්‍රශ්නය කොතරම් බලපානවාද? ඒ ෆැක්ටරි විනාශ කළා මේ රනිල් වික්‍රමසිංහලා. හිඟුරාන, කන්තලේ සීනි ෆැක්ටරි තිබුණා. තුල්හිරිය, මත්තේගොඩ, පූගොඩ රෙදිකම්හල් තිබුණා. ඒව විකුණලා වහලා දැම්මා. මේ ආර්ථිකය හදපු අය නොවෙයි. ආර්ථිකය කාබාසිනියා කරපු අය. ලෝකේ කොහේවත් රටක් වට්ටපු අය රටක් ගොඩ අරගෙන නැහැ. රටවල් ගොඩනගලා තියෙන්නේ රට වට්ටපු අය පලවා හැරලා අලුත් කණ්ඩායමක් බලය අරගෙන.
රනිල්ගේ කැම්පේන් එකේ අනෙක් තර්කය තමයි, 3% කොහොමද 51% වෙන්නේ කියන ගණිතය. ගණිතය අනුව නම් හිතන්නවත් බැහැ තමයි. එහෙත් දේශපාලනය කියන්නේ ගණිතය නෙවෙයි. ගණිතය අනුව නම් 69 ලක්ෂයක් ගත්ත ගෝඨාභය තවත් ජනාධිපති වෙලා ඉන්න ඕනෑ. තුනෙන් දෙකක් ගත් මහින්ද රාජපක්ෂ තවත් අගමැති වෙලා ඉන්න ඕනෑ. දේශපාලනය කියන්නේ සමාජ විද්‍යාව. මිනිස්සු කොහොමද නැගිටින්නේ? ප්‍රශ්න ඇති වෙන්නේ කොහොමද? ප්‍රශ්න දරාගන්නේ කොහොමද? ඒ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? අද රට පුරා තිබෙන හඬ “මේ රට විනාශ කළ පාලකයන් පළවා හරින්න ඕනෑ” කියන හඬ; ඒක ගණිතය නොවෙයි. සමාජ විද්‍යාව. මිනිස්සු සිතන මතන ආකරය වෙනස් වෙලා තිබෙනවා. එළඹෙන මැතිවරණයේදී ගණිත විද්‍යාවෙන් විතරක් නොවෙයි, සමාජ විද්‍යාවෙනුත් ජයග්‍රහණය කරන්නේ ජාතික ජන බලවේගය බව පැහැදිලියි.
ඒගොල්ලෝ අපට විරුද්ධව එකතු වෙනවා. ඒගොල්ලන්ගේ සල්ලි යොදවලා, රූපවාහිනීවල, පත්තරවල දැන්වීම් දාලා මේ කිවුව වර්ගයේ ප්‍රචාරක සැලසුමක් හදා තිබෙනවා. ඒ වගේම විවිධ පන්නයේ අවලාද ගහනවා. එවැනි කිසිදු අවලාදයකට පිළිතුරු දෙන්න අපි අපේ කාලය මිඩංගු කරන්නේ නැහැ. අවලාද, මඩ ගහලා ජාතික ජන බලවේගය දුර්වල කරන්න තිබූ කාලය පැනලා ඉවරයි. අපට එරෙහිව සියල්ල සැලසුම් කර තිබෙනවා. නමුත් අසාර්ථකයි. අපි, බලය අත්පත් කර ගැනීම සඳහා අපේ ගමන අපි යමු. ඒකේ ප්‍රධානම කොටසක්, අපේ රටේ දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් තමයි කාන්තාවන්ගේ අවදිවීම. දෙසැම්බර් 30වැනිදා එතෙක් ලංකා ඉතිහාසයේ පළමු වතාවට දැවැන්තම කාන්තා නැගිටීම මාතරදී පෙන්නුවා. එගොල්ලන් වැඩියෙන් කලබල වුණේ ඒකට. ඒගොල්ලන් හිතුවා දේශපාලනය පිරිමින්ගේ වැඩක් කියලා. ඔවුන් සිතුවේ කාන්තාවන් සක්‍රීයව දේශපාලනයට එන්නේ නැහැ, දේශපාලනය තමන්ගේ භූමිකාවක් ලෙස තේරුම් ගන්නේ නැහැ කියලා. කාන්තාව හැම වෙලාවෙම පිරිමි පාර්ශ්වය දේශපාලනයේ තියලා කාන්තාව නිහඬව සිටියා. ඒ ගොල්ලන් හැමදාම හිතුවා අපේ ගැහැනුන් පීඩාවට පත්කරලා, අසරණභාවයට පත්කරලා, ඒ අසරණභාවයෙන් මිදෙන්න මොනවා හෝ දීලා හරවා ගන්න පුළුවන් වෙයි කියා.
රනිල් වික්‍රමසිංහගේ අලුත් වැඩපිළිවෙළ තමයි අස්වැසුම, හාල් කිලේ 20ක්, ඉඩම්වලට ඔප්පු දීලා ජනතාව රැවැට්ටීම. මේ ගණන් හදන්නේ පැරණි ජනතාව ගැන හිතලා. අද ඉන්නේ අලුත් ජනතාවක්. ලෝක ඉතිහාසයේ මෑත කාලයේ ජනතාව පාරට ඇවිත් මාස හත අටකට වැඩි කාලයක් අඛණ්ඩව උද්ඝෝෂණය කරලා, රත්නපුර, මාතර, අනුරාධපුර, ගෝල්ෆේස් පිටියේ රටපුරාම ජනතාව එළියට බැහැලා පාලකයා පළවා හැරියා. දැන් ඉන්නේ ලෝක ඉතිහාසයේ වාර්තාවක් තැබූ ජනතාවක්. රනිල් වික්‍රමසිංහලා තේරුම් ගන්න ඕනෑ එදා හිටපු ජනතාව නොවෙයි අද ඉන්නේ කියලා.
ඔබ කොතරම් ඉවසුවාද? තවදුරටත් අපේ රටේ ගැහැනිය මේ අසාධාරණය, අයුක්තිසහගත තත්වය ඉවසිය යුතු නැහැ. නැතිබැරිකම ඉවසිය යුතු නැහැ. දැන් ඉවසීමේ සීමාව පැනලා තිබෙන්නේ. ජාතික ජන බලවේගය සැලසුම් කර තිබෙනවා මේ පීඩාවට පත්වූ කාන්තාවන් එකට ඒකාබද්ධ කරලා, අපේ රට අලුත් දිසාවකට ගෙනයාමේ මාවත නිර්මාණය කරන්න. මෙහි ප්‍රධානම පංගුකරුවන් වන්නේ ඔබ. ලංකාවේ ගැහැනිය සක්‍රීයවම දේශපාලනයට ඇවිත් තිබෙනවා. ඒ ඇවිත් තිබෙන්නේ ජාතික ජන බලවේගය සමග.
තව මාස හතයි තිබෙන්නේ. හමුවෙන හැමෝටම කතා කරන්න. දැනුවත් කරන්න. ඔබ මොනතරම් ප්‍රමාණයකට ගමේ සක්‍රීය වෙනවාද? ඔබ තව කෙනෙක් දිනාගන්න උත්සාහ කරනවාද? ඒ ප්‍රමාණයටයි අපි ජයග්‍රහණයට කිට්ටු කරන්නේ. ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයේ වැඩිම පංගුව රඳා පවතින්නේ ඔබගේ මැදිහත්වීම සහ ඔබගේ සක්‍රීය දායකත්වය මත. සාඩම්බර කොටස්කරුවෙක්, ධෛර්යවන්ත ගැහැනියක්, අත්නොහරින කෙනෙක් බවට පත්වෙන්න. අපට මේ ජයග්‍රහණය අත්පත් කර ගත හැකියි. ඔබ මැදිහත් වන ප්‍රමාණයට ඔක්තෝබර් මස තිබෙන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්.
ඊට පස්සේ මේ රට හදන්න ඕනෑ. පළමුවෙන්ම පුරවැසියන්ගේ ආහාර ප්‍රශ්නය විසඳන්න ඕනෑ. ජනතාවගේ ආහාර අවශ්‍යතාවයට විසඳුම් දෙන්න ඕනෑ. එතකොට සහනාධාර ගැන අහනවා. මතයක් හදනවා සහනාධාර නරක දෙයක් කියලා. ලෝකයේ සෑම රටකම සහනාධාර දෙනවා. ප්‍රංශයේ, එංගලන්තයේ අපට වඩා සහනාධාර දෙනවා. ලෝකයේ සෑම රටකම ආර්ථිකයක් එක්ක ගැට නොගැසුණු දිළිඳු ප්‍රජාවක් ඉන්නවා. ඒ අයට සහනාධාර දෙන්න ඕනෑ. හැබැයි සහනාධාරවල හිර කරන්න නොවෙයි.
අපි ආණ්ඩුව ගත් විගසම දරුවාගේ අධ්‍යාපනය සහතික කරනවා. අධ්‍යාපනයය ලබාදීම ආරම්භයේ සිටම ගුරුවරු, පාසල් උපකරණ, අභ්‍යාස පොත්, දුප්පත් පාසල්වලට දිවා ආහාර වේලක් ලබාදීම අපි සැලසුම් කරනවා. රනිල් කියන විදියට 2015 ඉපදුන දරුවට පළමු වසරට ඇතුළත් වෙන්න 2048 වෙනකල් ඉන්න කියනවද? ඒ වගේම සෞඛ්‍ය පහසුකම් සපයන්න අවශ්‍යයි. ඔපරේෂන් එකක් කරන්න බලන් ඉන්න රෝගියාට 2024 වෙනකල් ඉන්න කියන්න පුළුවන්ද. රනිල් වික්‍රමසිංහ කල්පනා කරන්නේ එහෙම. ආහාර පාන, අධ්‍යාපනය, සෞඛ්‍යය අපේ පාලනයකදී කඩිනම් සහන ලෙස ලබාදෙන බවට තහවුරු කරනවා. මේ අවශ්‍යතා තහවුරු නොකර රටක් ගොඩගත නොහැකියි. රනිල් ආර්ථිකය හැදුවා කියනවා. කන්න බොන්න නැතුව බෙහෙත් ටික නැතුව දරුවට අධ්‍යාපනය නැතුව ගොඩදාපු ආර්ථිකය මොකක්ද? මේවාට මුදල් හොයාගන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් ඇති. මුදල් හොයාගන්න විදිය අපි කියන්නම්. අපි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ඊට අදාළ කණ්ඩායම් සමග සාකච්ඡා කළා. එහි නීතිවල, කාර්ය මණ්ඩලයේ, තාක්ෂණයේ වෙනස්කම් කරන්න තිබෙනවා. මේ වෙනස්කම් කළහොත් දැන් ලබන ආදායම දෙගුණයකින් වැඩි කළ හැකිව තිබෙනවා. කස්ටම් එකේ, සුරාබදු එකේ ආදායම් වැඩි කළ හැකියි. ජොන්ස්ටන්, දයා ගමගේ, ඇලෝසියස් මහ බැංකුවට පොලු තියපු අය. මේ ධනය එකතු කරගත හැකියි. මේ ආදායම් හරහා පුරවැසියන්ගේ ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍යය අපි තහවුරු කරනවා.
ආහාර පාන අධ්‍යාපනය සෞඛ්‍ය විතරක් නෙවෙයි සමාජ සුරක්ෂිතතාවය, මානසික සුවය, රස වින්දනය ජනතාවට අවශ්‍යයි. ගෙදර අය එකට ඉඳගෙන දවසකට එක කෑම වේලක් හරි රසවිඳින්න ඕන නැද්ද? එහෙම ජීවිතයක් අපිට අවශ්‍ය නැද්ද? එවැනි සතුටින් ඉන්න ජනතාවක්, රටක් ගොඩනගන්න නව ආර්ථික සැලැස්මක් අපට ඕනෑ. ඇඹිලිපිටිය ප්‍රදේශයේ සාරවත් මහ පොළොවක් තිබෙනවා. කෘෂිකර්මාන්තයෙන් පෝෂණය කළ හැකි ප්‍රදේශයක්. අපි ගොවියාගේ ජීවිතය උසස් කිරීම සඳහා වූ අටවැදෑරුම් කෘෂිකර්ම ප්‍රතිපත්තියක් හදා තිබෙනවා. රත්නපුරයේ සම්පතක් වන මැණික් අගය එකතු කළ වටිනා සම්පතක් බවට පත් කිරීමට අපි සැලසුම් හදා තිබෙනවා. විශාල වශයෙන් ඇති තේ වගාව, ඒ සමග ජීවත්වන ජන ප්‍රජාව ගොඩනැගීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. සංචාරක ව්‍යාපාරය, නාවික කර්මාන්තය, නාවික කර්මාන්තයත් එක්ක ගොඩනැගෙන මැරයන් සර්විස් එක දියණු කරන්න අපි සැලසුම් සකස්කොට තිබෙනවා.
මේ සමාජයත් ආර්ථිකයත් නව පරිවර්තනයකට ලක් කිරීම සඳහා නව ආර්ථික වැඩ පිළිවෙළකට අපි අවතීර්ණ වෙන්න ඕනෑ. අපිට ඒ සඳහා පියවරයන් දෙකක් තිබෙනවා. පළමුව බලය ලබාගැනීම. බලය ලබාගත්තාට පසුව අපි සියල්ලන්ම එකතු වෙලා මේ රට ගොඩනැගීම. ගම්වල සිංහල, මුස්ලිම්, දෙමළ බෙදීම් තියා ගන්න එපා. කොළ පාට, නිල් පාට, රතු පාට බෙදීම් තියා ගන්න එපා. සමස්ත සමාජයම එකතු කර නව පරිවර්තනයට උර දෙමු. ඒ සඳහා ඔබ මැදිහත්වෙන්න.
“දේශපාලනයට මැදිහත් නොවීමේ දඬුවම තක්කඩියන්ගෙන් පාලනය වීමට සිදුවීමයි”
-ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් විධායක සභික නීතිඥ නිලන්ති කොට්ටහච්චි-
පැමිණ සිටින ඔබ සියලු දෙනාම රැගෙන විත් තිබෙන්නේ එකම එක බලාපොරොත්තුවක්, ප්‍රාර්ථනාවක් විතරයි. ඔබේ අසමසම ශක්තිය, කැපවීම, දරුවන්ගේ අනාගතය ගැන දකින සිහින සියල්ලම එක්කයි. දරුවන්ට නිදහසේ හුස්ම ගන්න පුළුවන් රටක් තැනීමයි. එය රට හදන වැඩ බිමයි. ‘ගැහැනු අපි එක මිටට’ ජාතික ජන බලවේගයේ කාන්තා එකතුවයි. දශක හතහමාරක් අපි මේ ගත කරමින් ඉන්නේ, දේශපාලන නියෝජිතයන් මේ රට දේශපාලනිකව දූෂණය කරලා, අර්බුද නිර්මාණය කරලා, ඒ අර්බුද නිර්මාණය කළ දෑතින්ම අර්බුදයට විසඳුම් සොයන බවට ඡන්ද පොරොන්දු ඔබේ දෙපාමුලට ගෙනැවිත් තිබෙන කාලයක. ගැහැනු අපි ඉතාමත් පරෙස්සම් විය යුතු කාලයක්. අපේ අතීතය මතක නම් ගැහැනුන් අපි කොන්දේසි විරහිතව දේශපාලන නායකයන්ගේ මැතිවරණ පොරොන්දුවලට පහසුවෙන්ම රැවටුණා. ඔවුන්ගේ උගුල්වල ගොදුරු බවට පත්වුණා. කතිරයක් වෙනුවෙන් මේ රටේ කාන්තාව පාවිච්චි වුණු ඒ මුස්පේන්තු අඳුරු යුගය නිමා කළ යුතු බව අප හදවතේම කිඳා බැස තිබුණත්, අපට හඬක් නඟන්න හයියක් තිබුණේ නැහැ. ඒ මොකද, අපේ රටේ කිසිම දේශපාලන ව්‍යාපාරයක් ඒ වෙනුවෙන් වැඩබිම හැදුවේ නැහැ. නමුත් ඉතිහාසයේ පළමුවෙනි වතාවට මේ රටේ ජනතාවාදී ජාතික ව්‍යාපාරයක් මේ රටේ ගැහැනුන්ට දේශපාලනිකව නැගී සිටින්න හයිය ලබාදී තිබෙනවා. ඒ ජාතික ජන බලවේගය පමණයි. මේ වැඩ බිමට එකතු වුණු අත්වැල් බැඳගත් සියලු ගැහැනුන් මේ රටේ ඉතිහාස කතාව වෙනස් කරනවා කියන එක ඉර හඳ සේම විශ්වාසයි.
කමලා හැරිස් ඉන්දියාවෙන් අමෙරිකාවට ගිහිල්ලා අමරිකාවේ උප ජනාධිපතිනිය බවට පත්වෙනවා. ඉතාලියේ සෝනියා රජිව්ගේ පෙම්වතිය වී ඉන්දියාවට පැමිණ ඉන්දියාවේ කොන්ග්‍රස් පක්ෂයේ නායිකාව බවට පත්වෙනවා. ඒ කාන්තාවන් අපි වගේ සාමාන්‍ය පවුල්වල කාන්තාවන්. නමුත් ලංකාවේ තත්වය මොකක්ද? ලෝකයේ පළමුවැනි අගමැතිනිය ලංකාවෙන් බිහිවුණා. ඒ අගමැතිනියගේ දියණිය ලංකාවේ පළමුවැනි විධායක ජනාධිපතිවරිය බවට පත්වුණා. නමුත් ඒ හැරුණාම අනෙක් සියලුම ගැහැනුන්ගේ අතපය හතර දේශපාලනිකව බැඳලා දැම්මා. මහපොළොවේ සියලුම ගැහැනුන්ගේ තටු ටික කපලා දැම්මා. අපට දේශපාලනිකව නැගී සිටින්න අවස්ථාවක් උදාවුණේ නැහැ. ඔවුන්ට පමණක් දේශපාලනික හයිය ලැබුණේ පිය උරුමයෙන් සහ සැමියාගෙන් ලැබුණු හයියක් නිසා.
මේ රටේ දරු සෙනෙහසින් පිරුණු අම්මලා ලක්ෂ සංඛ්‍යාවක් කිලෝ මීටර් දහස් ගණන් ඈත රටවල්වලට ගිහිල්ලා සමහරු නැවත එන්නේ මළ සිරුරු ලෙසට නම්, ඒකද අපි දේශපාලනය හරහා කාන්තාවන් විදිහට කතිරයක් ගහලා අවුරුදු 75ක් බලාපොරොත්තු වුණේ? මේ ප්‍රශ්නයට අපි විසඳුම් සෙවිය යුතුමයි. ඒ වෙනුවෙන් ඔබ දේශපාලනිකව ශක්තිමත් විය යුතුමයි. ඔබ දේශපාලනයට මැදිහත් නොවෙන්නේ නම් ඔබට ලැබෙන දඬුවම තක්කඩියන්ගෙන් පාලනය වීමට සිදුවීමයි. ගැහැනුන් විදිහට දේශපාලනයට අපි මැදිහත් නොවුණු නිසා මේ දක්වා තක්කඩියන්ගෙන් පාලනය වෙනවා. ඒ තක්කඩියන්ට ගෙදර යන්න කාලය ඉක්මනින් ළඟා වෙන බව ඔවුන් සිතිය යුතුයි. මැණික්වලට ප්‍රසිද්ධ රත්නපුරයේ මැණික් ගරන වට්ටියට හිමිකරුවා ළං වෙද්දී වාසනාව අවාසනාව මත මැණික් ලැබෙන නොලැබෙන බව කියනවා. නමුත් අත දරුවන්ගේ අනාගතය වාසනාව අවාසනාව මත තීරණය වන නොදියුණු ප්‍රාථමික මට්ටමක නොවෙයි අප ජීවත් වෙන්නේ. නිසි කලට අවශ්‍ය දැනුම දරුවන්ට ලැබෙන්නේ නැහැ. අපි අපේ ඡන්දය දීලා දරුවන්ට බලාපොරොත්තු වුණු අනාගතය ඒකද?
ජනාධිපති වෙනස් වුණා, අගමැති වෙනස් වුණා, ඇමතිවරු වෙනස් වුණා වගේම ජාතික අධ්‍යාපන ආයතනය ආණ්ඩු මාරුවෙන ආකාරයට අධ්‍යාපනය වෙනස් කිරීමෙන් ගුණාත්මක අධ්‍යාපනයක් අපේ දරුවන්ට ලැබෙන්නේ නැහැ. ස්මාර්ට් ක්ලාස්රූම්, කෘත්‍රිම බුද්ධිය ගැන ඔවුන් කතා කළත් නිසි කලට පෙළපොත් ටිකවත් අපේ දරුවන්ට ලබාදෙන්න ඔවුන් අසමත් වී සිටිනවා. හොඳම දේ දරුවන්ටයි කියලා වී.අයි. ලෙනින් ප්‍රකාශ කළත් මේ රටේ හොඳම දේ ලැබෙන්නේ පාලකයන්ගේ දරුවන්ට පමණයි. අපිත් අපේ රටේ දරුවන් වෙනුවෙන් මේ තත්වය වෙනස් කර, හොඳම දේ ලබාදෙන පාලනයක් පිහිටු විය යුතුයි. රටේ හැම පාසලකටම ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදෙන සමාන පහසුකම් ලබාදීමට අපි ප්‍රමුඛත්වය දී තිබෙනවා. ළඟම පාසල හොඳම පාසල බවට පත්කිරීම සිහිනයක් නොවී යථාර්ථයක් කිරීම තව මාස අටකින් ආරම්භ කරනවා. ගැහැනු අපේ ප්‍රශ්න විසඳන්න පටන් ගන්නේ එතනින්. ජාතික ජන බලවේගයේ ගැහැනු 2023 දෙසැම්බර් 30 දා සිට මාතරින් පටන්ගෙන ලක්ෂ ගණනින් එක මිටට එකතු වී මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට වඩ වඩාත් පෙළගැසී සිටිනවා. අනෙක් දේශපාලන ව්‍යාපාරවල ප්‍රථම රාජකාරිය බවට පත්කර ගෙන තිබෙන්නේ අපට අවලාද නැගීම සහ මඩ ගැසීමයි. අපිට එවැනි වෛරී චේතනා නැහැ. අපේ පැය 24 ගෙවෙන්නේ මේ රටේ දරුවන්ට හොඳම දේ, ගුණාත්මකම දේ ලබාදෙන පාලනයක් පිහිටුවීමට.
සිහින සැදුවෝ අපියි දිනනා හෙටට
බලව් නැග එන ගැහැනු අපි එක මිටට
සියලුම ගැහැනුන්ට යෝධ බලය, යෝධ සවිය ලැබේවා! මව්බිමට ජයවේවා!!
“පාලකයින්ගේ සුරසැප විඳින දේශපාලනය රකින්න ජනතාව සූදානම් නැහැ”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සරෝජා සාවිත්‍රි පෝල්රාජ්-
ජාතික සමගිය ගොඩනැගිය හැකි, සිංහල, දෙමළ, මුස්ලිම් හැමටම සාධාරණ සමාජයක් පිහිටුවිය හැකි එකම වේදිකාව ජාතික ජන බලවේගයේ වේදිකාවයි. අපේ රට ආර්ථික, දේශපාලනික, සමාජීය සහ සංස්කෘතික වශයෙන් විශාල පරිහානියකට පත්කර අපේ ජීවිත සුනුවිසුණු කර දමන්නට ගෙවුණු වසර 76 රට පාලනය කළ අය ක්‍රියාකර තිබෙනවා. සුනුවිසුණු වී, බලාපොරොත්තු විරහිත අපේ ජීවිත තවදුරටත් ඒ ලෙස යාමට දිය නොහැකි බව අධිෂ්ඨානය කරගත් අපි ගමින් ගමට ගොස් ගෙයින් ගෙයට ගොස් කාන්තා සභා පිහිටුවා නව පුනරුදයක් සඳහා කාන්තාවන් පෙළගැස්වූවා. ඔවුන් මේ එකතු වී සිටින්නේ වෙනත් දේශපාලන පක්ෂවල මෙන් බලය වෙනුවෙන්, තනතුරු වෙනුවෙන්, වරප්‍රසාද හෝ එදා වේලට හමුවෙන මුදලක් වෙනුවෙන් නොවෙයි. අපේ දරුවන්ට සතුටින්, හොඳින් ජීවත් විය හැකි රටක් පිහිටුවීම සඳහා එකතු වුණු බලවේගයක් මේ ඉන්නේ. අපි හැමදෙනාටම එකාවන්ව සිනාසිය හැකි රටක් ගොඩනඟා, ජයග්‍රාහී හෙටක් ලබාදෙන බවට විශ්වාසය ගොඩනඟා අවසන්. මෙතෙක් රට පාලනය කළ කඳවුර සලිත වෙන ආකාරයේ පෙළගැස්මක් අප වටා තිබෙනවා. අපට අවලාද නගන්නේ, අපවාද නගන්නේ මේ ජන බලය දැකලයි.
අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අවසන් කර, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඬුවම් ලැබූ පුද්ගලයෙක් පොලිස්පති ලෙස පත්කිරීමට ක්‍රියාකර තිබෙනවා. එවැනි පොලිස්පතිවරයෙකු යටතේ නිීතිය හා සාමය ක්‍රියාත්මක වෙද්දී අපේ රටේ දරුවන්ට, ජනතාවට යුක්තිය නිර්මාණය වෙන්නේ නැහැ. නීතිගරුක දේශයක් නිර්මාණය කළ හැකි වන්නේ ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ පමණක් බව පැහැදිලි වී තිබෙනවා.මේ රටේ ජනතාව සබුද්ධික දේශපාලනයකට යොමු කරන්නේ ජාතික ජන බලවේගය පමණයි. සමාජයේ වගේම දේශපාලන පක්ෂයකත් නායකයාගේ පටන් පහළ දක්වා සමාජ සංස්කෘතික විනයක් තිබෙන්නේ ඕනෑ. ආචාරධාර්මික ශ්‍රී ලංකාවක් ගොඩනැගිය හැකි එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය පමණයි. වතුකරය ගත්තත් උතුරු – නැගෙනහිර ගත්තත් කොළඹ, තිහාරිය, හම්බන්තොට ගත්තත් ඕනෑම ප්‍රදේශයක ජීවත් වෙන මිනිසුන්ට සතුටින් නිදහසේ ජීවත් වීමේ අයිතිය තිබෙන්න ඕනෑ. ඒ වෙනුවෙන් නිවහල් ශ්‍රී ලංකාවක් ගොඩනැගිය හැකි එකම ව්‍යාපාරය ජාතික ජන බලවේගය පමණයි.
අලුතින් හිරු පායන රටක් එළඹෙන ජනාධිපතිවරයෙන් පසුව අපි සාමූහිකව එක්වී ගොඩනඟන බව සහතික කරනවා. පසුගිය වසරට වඩා මේ වසරේ දරිද්‍රතාවය 27%කින් ඉහළ නංවා තිබෙනවා. ලංකාවේ සෑම පවුල්වලින්ම 2/3ක් පසුගිය වසරට වඩා මේ වසරේ ආදායම් බිඳවැටී තිබෙනවා. මේ ප්‍රශ්නවලට උත්තරයක් දෙන්න පාලකයන්ට බැහැ. ලක්ෂ 16ක් වූ සමෘද්ධි ප්‍රතිලාභීන් අස්වැසුම තුළදී ලක්ෂ 24ක් වී තිබෙන්නේ ඒ නොහැකිකම ඔප්පු කරමිනුයි. සහනාධාර ලැබිය යුතු මට්ටමට ජනතාවගේ ආදායම් පහත දමා, බදුබර පැටවූ පාලකයින්ගේ සුරසැප විඳින දේශපාලන කඳවුර රකින්න සූදානම් නැති බව ජනතාව ඔප්පුකර තිබෙනවා. අපි සියලු දෙනාටම සිංහල, දෙමළ, මුස්ලිම් භේදයක් නැතිව එකාවන්ව ජීවත් විය හැකි ශ්‍රී ලංකාවක් ගොඩනඟන්න එකාවන්ව එකතු වෙමු.
“මම ජාතික ජන බලවේගයේ වේදිකාවට ගොඩවුනේ ඇයි?” -හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරිනී පෙරියසාමි දයාබරී මහත්මියගේ කතාවේ සිංහල පරිවර්තනය-
සියලු දෙනාටම ආයුබෝවන් ! සහෝදර සහෝදරියනි,
අපි මේ සමුළුවට සහභාගී වෙන්නේ ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 52%ක් වන කාන්තාවන් ලෙසයි. එයිනුත් ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන්ගෙන් 56%ක් වන්නේ කාන්තාවන්. ඒ නිසා ඔබට හිතා ගන්න පුළුවන් පාලනය තීරණය කිරීමේදී 56%ක් වූ කාන්තාවන්ට සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළ හැකිව තිබෙනවා කියලා. එමෙන්ම යහපාලනයක් බිහිකිරීමේ කොටස්කරුවන් හැටියට කාන්තාවන්ගේ භූමිකාව ඉතාම වැදගත් වෙනවා. ඒ අනුව අපි මෙම සමුළුවේදී එකතු වී අපේ අනාගතය සමෘද්ධිමත් කිරීමට අධිටන් කර ගන්නට ඕනෑ. ඒ වෙනුවෙන් අපි හැමෝම එකාමෙන් සටන් වදිමු කියලා මම යෝජනා කරනවා.
ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ ජාති, ආගම්, කුල මල භේදවලින් තොරව එකා මෙන් අපට ජීවත් වෙන්නට පුළුවන් කියලා මට විශ්වාසයක් තියෙනවා. කාන්තාවන් ගෙදර වැඩකරනවා, පිටරට වැඩ කරනවා, කාර්යාලවල වැඩ කරනවා, හැමතැනම කාන්තාවන් වැඩ කරනවා. එමෙන්ම මේ රටට විශාල ආදායමක් උපයාදීමට 52%ක් වූ කාන්තාවන් වෙහෙස දරනවා. එසේ දායකත්වයක් ලබාදෙන කාන්තාවන් හැටියට අපි මොනතරම් දුක් පීඩා විඳිනවාද? අපි හැමෝම දන්නවා පසුගිය කාලයේදිත් දැනුත් අපි බොහෝ පිරිසකට එක් වේලක් හෝ නොකා ජීවත්වීමට සිදුවී තිබෙනවා. දරුවන්ට තුන්වේලම කෑම දෙන්නට තමන්ගේ කෑම වේලක් කැපකරන කාන්තාවන් බොහෝ පිරිසක් අපේ රටේ ඉන්නවා. ඔවුන් විඳින දුක් වේදනා පිටතට අනාවරණය කර ගැනීමට නොහැකිව ඔවුන් ලත වෙනවා. තමන්ගේ දරුවට කෑම වේලක් දෙන්න බැරිවෙන කාන්තාවගේ හිතේ පීඩාව ගැන ඔබට හිතාගන්න පුළුවන්. එනිසා කාන්තාවන් වන අපි හැමෝම එකතු වෙන්නට ඕනෑ. එලෙස එකතු වෙන කාන්තාවන්ට අතහිත දිය හැකි එකම පක්ෂය ජාතික ජන බලවේගය කියා පැහැදිලිවම මට සඳහන් කළ හැකියි.
ඊළඟට, මේ රටේ ආර්ථිකය ඉතාම අර්බුදකාරී තත්වයකයි පවතින්නේ. ආර්ථික අර්බුදය වක්‍රව කියාපාන්නේ ආහාර හිඟය පිළිබඳවයි. හොඳ ආහාර වේලක් යනු කළල අවස්ථාවේ සිටම දරුවාගේ වැඩීමට අත්‍යවශ්‍ය සාධකයක්. දරුවන් හොඳට වැඩී අධ්‍යාපනය ලබා වැඩිවියට පත්වී හොඳ රැකියාවක් සොයාගෙන යහපත් ජීවන මට්ටමක් පවත්වාගෙන යන්න ආහාර ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙනවා. දරුවාට ආහාර හිඟයක් ඇති වුවහොත් මානසික වර්ධනය සහ කායික වර්ධනය එයින් අඩාල වෙනවා. එමෙන්ම වැඩෙන දරුවන්ට මන්දපෝෂණය ඇති වුවහොත් එයින් ඔවුන්ගේ අනාගතයට බලපෑම් ඇති වෙනවා. ටිකක් හිතලා බලන්න එවැනි තත්වයක් දිගින් දිගටම පැවතිය හොත් අනාගතයේ අපට ඉතිරිවන සමාජය කෙබඳු වේවිද? මේවාට අපිට ඉඩ දෙන්න බැහැ. මේ තත්වය අපි වෙනස් කළ යුතුමයි. එම තත්වය උදාකරන්නට අපට ආධාර අනුබල දෙන එකම පක්ෂය ජාතික ජන බලවේගය කියා විශ්වාස කරමින් අපි හැමෝම එය වටා පොදිබැඳ ඉන්නවා. ඒ වෙනුවෙන් තමයි අපි මේ වේදිකාවට ගොඩවුණේ.
ඊළඟට මම සඳහන් කරන්න ඕනෑ, අල්ලස, දූෂණය පිළිබඳව. ඒවා නැති එකම පක්ෂය ජාතික ජන බලවේගය නිසා තමයි අපි මේ පක්ෂයට එකතු වුණේ. අල්ලස, දූෂණ, හොරකම නැති එකම පක්ෂය හැටියට අපි පිළිගන්නේ ජාතික ජන බලවේගයයි. එමනිසා අපි හැමෝම එකතු වෙලා මේ පක්ෂය ගොඩනගාගෙන අපේ ඉදිරි අනාගතය ශක්තිමත් කර ගිනිමුයි කියා මම යෝජනා කරනවා.
ඊළඟට අධ්‍යාපනය ගැන සඳහන් කරනවා නම්, අධ්‍යාපනයේ සමාන අවස්ථාව හැමෝටම ලැබිය යුතුයි. සමහර තැන්වල අධ්‍යාපනය සඳහා සියලුම පහසුකම් ලබාදෙනවා. නමුත් බොහෝ ප්‍රදේශවල පවතින්නේ දුෂ්කර තත්වයක්. අධ්‍යාපනයේ අසමානකම් පවතින අවස්ථාවේදී මුළු දිවයිනේම දරුවන් එකම ප්‍රශ්න පත්‍රයටයි පිළිතුරු ලබාදිය යුත්තේ. එසේනම් එහි අසාධාරණයක් පවතිනවා. අප පක්ෂයේ පාලනයක් තුළ මෙම අසමානකම් දුරුවන බවට විශ්වාසය පවතිනවා.
අපි වතුකරයේ පිරිස සහ රත්නපුර දිස්ත්‍රික්කයේ අය හැටියට පීඩාවට පත්වූ දමිළ ජන කොටසක්. වෛද්‍යවරියක් ලෙස 1979 මට මුලින්ම රත්නපුර දිස්ත්‍රික්කයට පත්වීම ලැබුණා. 1983 ජාතිවාදී අරගල හේතුවෙන් අපේ අධ්‍යාපනය මුළුමනින්ම කඩා වැටුණා. මෙතන දමිළ ගුරුවරුන් රැස්වී ඉන්නවා ඇති. මම සඳහන් කරන 1983 ජාතිවාදී අරගල සමයෙන් පසුව දමිළ අධ්‍යාපනයේ සීඝ්‍ර කඩා වැටීමක් ඇති වුණා. දමිළ සමාජය ඒ ජාතිවාදී අරගලය හේතුවෙන් බොහෝ සේ පීඩාවට පත්වුණා. අප පක්ෂයේ පාලනයක් තුළ අපි හැමෝම මෙවැනි තත්වයක් ඇති වීමට ඉඩ නොදී එක මවකගේ දරුවන් මෙන් ජීවත් වීමට අවකාශය ඇතිකර ගනිමු. ඒ වෙනුවෙන් දමිළ ජනතාවගේ සහයෝගය මෙම පක්ෂය වෙනුවෙන් ලබාදෙන ලෙස මම මේ අවස්ථාවේදී කාරුණිකව ඉල්ලා සිටිනවා.
පසුගිය වසර 75 තුළම මාරුවෙන් මාරුවට පත්වුණේ එකම ප්‍රතිපත්තිය අනුගමනය කළ ආණ්ඩුයි. විකල්ප ප්‍රතිපත්තියක් ඇති රජයක් පත්වුණේ නැහැ. අපි මේ අවස්ථාවේදී විකල්ප ප්‍රතිපත්තියක් සොයා ගන්නට ඕනෑ. එවැනි ප්‍රතිපත්තියක් තිබෙන එකම පක්ෂය මාලිමාව පමණක් නිසා අපි සම්පූර්ණ සහයෝගය ලබාදෙන්න ඕනෑ.
මම අධිකරණ වෛද්‍ය නිලධාරිනියක් හැටියට අවුරුදු 25ක කාලයක් රාජකාරි ඉටුකර තිබෙනවා. බොහෝ අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර තිබෙනවා. අපි හැමෝගෙම සිරුරු එකම පාටයි. සිරුරේ ජාතීන් අනුව වෙනසක් මම දුටුවේ නැහැ. රුධිරය ගැන කතා කරනවා නම්, දමිළ අයගේ රුධිරය සිංහල උදවියටත් සිංහල අයගේ රුධිරය මුස්ලිම්වරුන්ටත් ලබාදෙන්නට පුළුවන්. ඒ නිසා අපි හැමෝම එකම වර්ගයක්. ඒ ශ්‍රී ලාංකික වර්ගයයි. එම නිසා එකම ප්‍රතිපත්තියක් යටතේ අපි එකාමෙන් කටයුතු කරමුයි කියා ඉල්ලා සිටිනවා. එමෙන්ම අපේ රටේ බොහෝ අය රට අතහැර විදේශ රටවල්වලට යනවා. අපි පිටරට ගියාට කවදා හරි නැවත එන්නට අපිට රටක් ඉතිරිවෙලා තිබෙන්නට ඕනෑ. දැන් අපි විදෙස් රටකට ගිහින් “අපි පැමිණියේ ශ්‍රී ලංකාවේ සිටයි” කියා කිව්වොත්, ඔවුන් අප දෙස බලන්නේ අවඥා සහගතවයි. මෙම තත්වය වෙනස් වෙන්නට ඕනෑ. අපි හැමෝම එකාමෙන් මේ රට තුළ ජීවත් වෙන්නට ඕනෑ. ඒ වෙනුවෙන් අපි හැමෝම කටයුතු කරමුයි කියා ඉල්ලා සිටිනවා. අපේ රට දිනේවා! සියලුම ජාතීන් දිනේවා! අපේ පක්ෂය දිනේවා!
(ජාතික භික්ෂු පෙරමුණේ මහනුවර මහ සඟ සමුළුව – 2024.03.02) කන්ද උඩරට මහ සඟ සමුළුව පවත්වන්නේ ඓතිහාසික දිනයකයි. එය වේදනාවෙන් පිරි දිනයක් වගේම අභිමානයෙන් හා අධිෂ්ඨානයෙන් නැගීසිටින දිනයක්. 1815 මාර්තු 02දා කන්ද උඩරට ගිවිසුම ගසා, අපේ රට ලියවිල්ලකින්ම ලියාදී පරාධීන කළා. අපේ නිදහස, අභිමානය සියල්ලම පාවා දුන්නා. විනාශ කළා. එනිසා අපි වහල්භාවයට පත්වුණා. බොහෝ විනාශයන්ට අපි […]
(ජාතික භික්ෂු පෙරමුණේ මහනුවර මහ සඟ සමුළුව – 2024.03.02)
කන්ද උඩරට මහ සඟ සමුළුව පවත්වන්නේ ඓතිහාසික දිනයකයි. එය වේදනාවෙන් පිරි දිනයක් වගේම අභිමානයෙන් හා අධිෂ්ඨානයෙන් නැගීසිටින දිනයක්. 1815 මාර්තු 02දා කන්ද උඩරට ගිවිසුම ගසා, අපේ රට ලියවිල්ලකින්ම ලියාදී පරාධීන කළා. අපේ නිදහස, අභිමානය සියල්ලම පාවා දුන්නා. විනාශ කළා. එනිසා අපි වහල්භාවයට පත්වුණා. බොහෝ විනාශයන්ට අපි ගොදුරු වුණා. එය අපට වේදනාවක්. ඇසට කඳුලක් ගෙනාවා. ඒ පරාධීනත්වය ළඟම වාරියපොළ සුමංගල හාමුදුරුවන්ගේ අධිෂ්ඨානය, නිදහස උදෙසා වන නැගී සිටීම, අභිමානවත් ලෙස සටහන් වී තිබෙනවා, අපි දළදා මාළිගාව ඉදිරිපස මහ මළුවේ වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන්ගේ ප්‍රතිමාවට පුෂ්පෝපහාර දක්වමින් තමයි සඟ සමුළුව සඳහා පා ගමනින් වැඩම කළේ. ඒ පාවාදීමෙන් අවුරුදු 209ක් ගතවෙන තැන උන්වහන්සේගේ නැගීසිටීමේ හයිය එදාටත් වඩා වැඩියෙන් ඕන වුණු වෙලාවක තමයි මේ මහ මඟ සමුළුව පවත්වන්නේ.
අපි දේශපාලන, ආර්ථික, සමාජමය, සංස්කෘතික වශයෙන් අපේ රට වනසලා. ඒ වැනසීමේ වේදනාව ශ්‍රී ලංකාව පුරාම ජාති, ආගම්, කුල භේදයකින් තොරව අපට සෑම තැනින්ම ඇහෙනවා. හාමුදුරුවරු කියනවා අපේ අට පිරිකරටත් බදු ගහලා. පාත්තරේටත් වැට් ගහලා. පොඩි ස්වාමීන් වහන්සේලාට අධ්‍යාපනය ලබාදෙන්න අමාරුයි කියනවා. අනුන්ගේ දානයෙන් යැපෙන අපටත් ජීවත් වීම අමාරුවෙලා තිබෙනවා. විදුලි බිල, ජල බිල, ගෙවන්න, බෙහෙත් ටික ගන්න, ඉස්ලාම්, කතෝලික, හින්දු ඔවුන්ගේ ආගමික මධ්‍යස්ථාන පල්ලි, කෝවිල් පවත්වාගෙන යන්න අමාරුයි. ඒ වගේම තමයි රටේ සියලුම දෙනාම වසර 133ක සුද්දාගේ පාලනයත්, වසර 76ක කළු සුද්දාගේ පාලනය යටතේත් කරන ලද විනාශය තමයි අපට හැම තැනින්ම ඇහෙන්න තිබෙන්නේ.
කාටද අපි බණ කියලා තිබෙන්නේ. කරඬුව ඔලුවෙ තියලා ගෙනාව පාලකයෝ රට හැදුවාද? මෙවැනි විනාශකාරී තත්වයකට ඇද දමා තිබෙන රට ගොඩනැගීමට වාරියපොල හිමියන්ගේ ශක්තිය, ධෛර්යය, අධිෂ්ඨානය, කැපකිරීම අපට නැගීසිටීමට උකහා ගැනීමට අපි මේ කන්ද උඩරට මහ සඟ සමුළුව පවත්වනවා. එදාට වඩා අද දහස් ගුණයකින් වැදගත්. “ජාතික පුනරුදයට මග කියන කන්ද උඩරට මහ සඟ සමුළුව” මේක තමයි අපේ තේමා පාඨය. මේ සැමට නායකත්වය දීම සඳහා මඟ පෙන්වීම සඳහා මේ සැම දෙනා පෙළගස්වා ගන්න මේ තේරී පත්වුණු සියලු දෙනා සුවිශාල මෙහෙයක් ඉටුකරාවි. දැල්වූ බලාපොරොත්තුවෙන් අපේක්ෂා සහගත චේතනාවෙන් මේ ඓතිහාසික දිනය නූතන තත්වයට යටතේ නැවත වතාවක් ඓතිහාසික දිනයක් බවට පත්කළා. ඒ වෙනුවෙන් අපි ශීර්ෂ ප්‍රණාමය ඔබ වහන්සේලාට පුද කරනවා. මේ සමුළුව සංවිධානය කරන්න අපි විශාල සාකච්ඡා ප්‍රමාණයක් මැතිවරණ ආසනවල කළා. පන්සලෙන් පන්සලට ගියා. 1100ක් වුණු පන්සල්වලින් 800කට ආසන්න පන්සල් ප්‍රමාණයකට ආරාධනා පත්‍ර අගෙන වැඩම කළා. ආරාම 60කින් මෙහෙණින්නාන්සේලා 219ක් මෙතන වැඩ සිටිනවා. මෙහෙණින් වහන්සේලාගේ ආරාමවලට ගොස් මුහුණට මුහුණ සාකච්ඡා කළා. සංවාදයක යෙදුණා. මල්වතු මහා විහාරයේ මහානායක හිමියන් බැහැ දකින්න පෙබරවාරි 14දා වැඩම කළා. අස්ගිරි මහා විහාරයේ මහානායක හාමුදුරුවන්, අනුනායක හාමුදුරුවන්, ලේඛකාධිකාරී හාමුදුරුවන් වහන්සේ සහ නියෝජ්‍ය ලේඛකාධිකාරී හාමුදුරුවන් වහන්සේ හතර නමම, කාරක සංඝ සභාව වෙනුවෙන් අපට අවස්ථාව ලබා දුන්නා. අපි මුණ ගැසී සාකච්ඡා කළා. අපි කරන්න සූදානම් වෙන්නේ මොකක්ද? අපේ සංඝ මූලස්ථාන ඇතුළු කොට ඇති “ජාතික පුනරුදයට පෙරමග කියන මහා සංඝ රත්නය කළ යුත්තේ කුමක්ද?” කියන එක ගැන අදහස් හුවමාරු කර ගත්තා. උන්වහන්සේලා ඉතාමත් ආශීර්වාදාත්මක සතුටු සහගත සිතින් සුබ පැතුවා. “ඔබ වහන්සේලා තමයි මේ වෙලාවේ මේ රට ජාතික පුනරුදයක් කරා ගෙන යන කාර්යයට නිසි නායකත්වය, අනුශාසකත්වය, මග පෙන්වීම කරන්න ඕනෙ” යනුවෙන් ආශීර්වාද කළා.
එකම ක්‍රියාත්මක භික්ෂු සංවිධානයයි රටේ තිබෙන්නේ. ඒ ‘ජාතික භික්ෂු පෙරමුණ’. අද එය මුළු භික්ෂූන් වහන්සේම බල ගන්වමින් රට පුරා යනවා. අපි පවත්වන පස්වෙනි සමුළුව. එළඹෙන 09වැනිදා බදුලු දිසා සමුළුව, 10දා කළුතර දිසා සමුළුව, මාර්තු 29 පොළොන්නරු දිසා සමුළුව, 30දා ගම්පහ දිසා සමුළුව 31 හම්බන්තොට දිස්ත්‍රික් සමුළුව, අප්‍රේල් මාසේ අනුරාධපුර සමුළුව, මැයි අම්පාර සමුළුව පවත්වනවා. මුළු රටේම ජාතික භික්ෂු පෙරමුණ යටතේ භික්ෂුන් වහන්සේලා එක පෙරමුණකට එක බලවේගයක් ලෙස බල ගන්වමින් යනවා. ඒ “ජාතික පුනරුදයකට පෙරමග කියන්න”. අද ගොවි ජනතාව, කම්කරු ජනතාව, කාන්තා බලවේගය, ව්‍යාපාරිකයන්, බැංකු ක්ෂේත්‍රයේ අය, බලවේගයන් ලෙස ගොඩනැගෙනවා. වාරියපොල සුමංගල හිමි ආරම්භ කළ නිදහස් අරගලය නිමා වුණේ නැහැ. මෙදා යුගයේ එය අපේ අතින් නිමා කරන්න සිදුවී තිබෙනවා.
නව පන්නයේ ජාතික නිදහස් අරගලයට අපි පෙරමග කියන්නේ ජාතික ජන බලවේගයටයි. මේ නිදහස් අරගලය ජයග්‍රහණය කළ හැක්කේ අනුර දිසානායක නායකත්වය දෙන ජාතික ජන බලවේගයට පමණයි. අපි හැමෝටම තිබෙන්නේ එකම අරමුණක්. 76 වසරක් හප කරපු මේ දේශය නව ජාතික නිදහස් අරගලයක් තුළින් ජයග්‍රහණය කොට සකලාකාරයෙන් විනාශ කළ දේශය පුනරුදයකට ගෙන යාම අපි හැමෝගෙම වගකීමක්. අපි අනාගතයේදී සියලුම ආගමික නායකයන්ගෙන් සමන්විත ආගමික සමුළු පවත්වමු. සියලු ඥානයන්ගෙන් පෝෂණය වෙලා තමයි ජාතික පුනරුදයට යන්න ඕනවෙලා තිබෙන්නේ. ජාතික ජන බලවේගය වටා ඒකරාශී වෙලා තිබෙන සියලු බලවේගත්, අපි, ඔබ වහන්සේලාත් ඒකරාශී වෙලා මේ නිදහස් අරගලය අපේ අතින් අවසන් කරනවා කියන අධිෂ්ඨානය අපේ හදවතේ ගැඹුරින් සටහන් කරගනිමු. මේ සමාජයක් විළිරුදාවෙන් පෙළෙන්නේ. නව උපතකට තමයි මේ විළි ලාන්නේ. අපි කැමතියි ඒකට “භවතු සබ්බ මංගලම් ” කියා ආශීර්වාද කරන්න; ඒකට ශක්තියක් වෙන්න; පෙරමග කියන්න අපි සූදානම්.
“බිඳ වැටුණු සමාජය ගොඩනැගීමට මහා සංඝරත්නයෙන් මඟපෙන්වීමක් අපේක්ෂා කරනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල් කාන්ත-
වර්තමානය වන විට අපේ රට දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික යන කරුනු හතරාකාරයෙන්ම බිඳ වැටිලා. 1815 දේශපාලනය බිඳ වැටුණා. එතැන් සිට ආර්ථික, සමාජීය, සංස්කෘතික වශයෙනුත් බිඳ වැටුණා. අපට පුනරුද යුගයක් බිහි කිරීමට සිදුවෙන්නේත් මේ කරුණු හතර මූලික කරගෙන. ජාතික ජන බලවේගයේ දැක්ම තමයි බිඳ වැටුණු දේශපාලනය නැවත ගොඩ නැගීම. 1815 බිඳ වැටුණු සමාජය ආරම්භක කළ හැකි වන්නේ දේශපාලන පුනරුදය ආරම්භ කිරීමෙන්. අපි තවමත් නිදහස ලබා නැහැ. අපට සැප්තැම්බර් 17 ඔක්තෝබර් 17 අතර කාලය තුළ ජනාධිපතිවරණයක් ලැබෙනවා. ඒ ජනාධිපතිවරණයේදී අපි බලාපොරොත්තු වන්නේ දේශපාලන පුනරුදයේ ආරම්භක ජයග්‍රහණය ගැනීමටයි. අද රටේ බහුතරයක් විවිධ සමාජ ස්ථරයන් ඔස්සේ පෙළගස්වමින් සිටිනවා. ජයග්‍රහණයෙන් පසුව ආර්ථිකය, සමාජය, සංස්කෘතිය ගොඩනැගීමට තිබෙනවා. ඒ සඳහා අනුශාසනය කරන ලෙසට මේ මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටිනවා. ඒ සඳහා මඟ පෙන්වන්න. එය මහා සංඝරත්නයෙන් ලැබෙන විශාල ශක්තියක් හා ධෛර්යයක්. අපේ භික්ෂූන් වහන්සේලාගේ, මව්ලවිතුමන්ලාගේ, අනෙකුත් ආගමික පූජකතුමන්ලාගේ මග පෙන්වීම, අනුශාසනය ලබන්න සූදානම්. ඔබ වහන්සේලාගේ මේ සමුළුවේ අරමුණු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා.
“පුනරුදයේ දේශපාලන ගමන මේ වසරේ ආරම්භ කළ හැකියි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මහාචාර්ය ලියනගේ අමරකීර්ති-
මේ සූදානම් වෙන්නේ, අපි ගමින් ගම බොහෝ පන්සල්වලට යමින් භික්ෂූන් වහන්සේලා ඇසුරෙන්, ගිහි බෞද්ධයන් ඇසුරෙන්, ලංකාවේ නොවන භික්ෂූන් වහන්සේලා සමගත් කළ ප්‍රගතිශීලි සංවාද ඇසුරෙන් මා දැනගත්, ජාතික විද්වත් සංවිධානයට, ජාතික ජන බලවේගයට වැදගත් යැයි මම සිතන දේ ඔබට ඉදිරිපත් කිරීමටයි
දේශපාලන, ආර්ථික, සමාජයීය, සංස්කෘතික වශයෙන් බිඳ වැටුණු සමාජයක බොහෝ ගැමි පන්සල්වල තරුණ, මහලු භික්ෂුන් වහන්සේ අපට කියා සිටියේ මේ මේ කරුණු නිසා අපේ ගම් විනාශයි කියලා. ඒ සියලු කරුණුවල විනාශයට හේතුව උන්වහන්සේලා හඳුනාගනිමින් සිටින්නේ, 1815 අධිරාජ්‍යවාදීන්ට මේ රට භාරවීමත් ඉන් වසර සියයකට වැඩි කාලයකට පසුව තවත් පිරිසකට වසර 76ක් මේ රටේ පාලනය බාරවීමත් ඇතුළු ඒ දීර්ඝ කාලය තුළ සිදුවුණු හා සිදුවෙමින් ඇති දේශපාලනමය, සමාජමය, සංස්කෘතිකමය, ආර්ථිකමය ඛාදනය බවයි.
අපේ ගමනෙදි මුණ ගැසුණු භික්ෂූන් වහන්සේගේ ලක්ෂණ කිහිපයක් ඔබට පෙන්වා දෙන්නම්. එවැනි භික්ෂූන් වහන්සේලා පිරිසක් තමයි මෙහි වැඩ සිටින්නේ. ප්‍රගතිශීලී භික්ෂුන් වහන්සේ, ආගමික අනන්‍යතාවය සම්බන්ධයෙන්, ලංකාව ගොඩනැගීම සම්බන්ධයෙන්, අනෙකුත් ආගමික කණ්ඩායම් සමග වැඩ කිරීම සම්බන්ධයෙන් මධ්‍යස්ථයි. ජාතික විද්වත් සංවිධානය, ජාතික ජන බලවේගය අන්තර් වාර්ගික, අන්තර් ආගමික සංවාද සමුළු ගණනාවක් පවත්වා තිබෙනවා. පුනරුදයක් කරා යන ලංකාවකට භික්ෂූන් වහන්සේ වෙතින් දකින්නට තිබෙන ඉතා වැදගත් සුඛනම්‍ය මධ්‍යස්ථ ගුණයක්. උන්වහන්සේලා ජාතිවාද, කුලවාද, ඉස්කෝලවාද, ප්‍රාදේශීයවාදවලට විරුද්ධයි. ඒවා හැකි තරම් සමනය කරන්නට ජය ගන්නට ගම් මට්ටමෙන්, නගර මට්ටමෙන් සංවිධාන මට්ටමෙන් කටයුතු කරන අයයි. ඒ වගේම නූතන යුගයේ අප මුහුණ දී සිටින ගැටලුවලට සියලු විසඳුම් තමන් ළඟම තමන්ගේ ආගමේම තිබෙනවා යැයි විශ්වාස කරන අය නොවෙයි. බුදු දහමට, ලංකාවේ පුනරුදයට දායක වෙන්නට විශේෂ හැකියාවක් තිබෙන බව උන්වහන්සේලා විශ්වාස කරනවා. ඒත් උන්වහන්සේලා සමාජ විද්‍යාවෙන්, විද්‍යාවෙන්, නූතන ඥානයෙන් කෘෂිකර්මය පිළිබඳ අලුත් කෘෂි විද්‍යාවෙන් ඉගෙන ගන්නට අවශ්‍ය බවත් විශ්වාස කරනවා. මේ ක්‍රියාවන් සුඛනම්‍ය, මධ්‍යස්ථ ගුණයේ වැදගත් ලක්ෂණයක්. මනුෂ්‍යයා වැදගත් ඥානයක් ලෝකයේ කොහේ හෝ නිපදවා තිබේද? එය ලංකාව ගොඩනැගීම සඳහා උකහාගත යුතුයි. එය අප සතුකර ගත යුතුයි. එය අපේ දැනුමක් බවට පත්කර ගත හැකියි, යුතුයි කියන භික්ෂූන් වහන්සේලා තමයි අපට මුණගැසී තිබෙන්නේ. අනෙක් සංස්කෘතික, ඥාන පද්ධති තුළින්, ප්‍රඥා මූලාශ්‍රවලින් ඉගෙන ගන්නට ස්වාමීන් වහන්සේලා කැමතියි.
අපේ ගල්කන්දේ හාමුදුරුවෝ එක අවස්ථාවක කිවුවා “ඔබේ ගෙදර පුස්තකාල රාක්කයේ තිබෙන්නේ ජාතක පොත, ධම්ම පදය විතරක් නම් මදි. ඒවා විශිෂ්ට බව ඇත්ත. නමුත් ඔබේ පොත් රාක්කයේ ටොල්ස්ටෝයිගේ, දොස්තොව්ස්කිගේ ඇන්ටන් චෙකොෆ්ගේ පොතුත් තියෙනවා නම් තමයි ඔබේ සංස්කෘතික ජීවිතය වඩා පොහොසත් වෙන්නේ” කියා උන්වහස්සේ ප්‍රසිද්ධියේ කිවුවා. එවැනි භික්ෂුන් වහන්සේලා තමයි අපට හමුවෙන්නේ. උන්වහන්සේලා අතීතකාමී නැහැ. අතීතයෙන් ඉගෙන ගත හැකි වැදගත් පාඩම්, අපේ ඉතිහාසයෙන් ඉගෙන ගත හැකි වැදගත් පාඩම්, තිබෙන බව උන්වහන්සේලා දන්නවා. නූතන යුගයේ විතරක් ගත්තත් මාටින් වික්‍රමසිංහ මහතාගේ “අපේ උරුමය හා භික්ෂූන් වහන්සේ” කියන පොතෙහි සියලු පරිච්ඡේදවල විස්තර කරන අපේ නායක හිමිවරුන් සාහිත්‍යයට සංස්කෘතියට විසිවැනි සියවසට ආසන්නයේත් විසිවන සියවස තුළත් මේ කරන ලද දායකත්වය නොවුණා නම්, අපේ සංස්කෘතික හා සමාජ ජීවිතය සාහිත්‍ය ලෝකය කොතරම් නම් දුප්පත් වෙන්නට තිබුණාද? ජාතික ජන බලවේගය සමග කටයුතු කරන තරුණ භික්ෂූන් වහන්සේලා අතර එවැනි ගමනේදි ප්‍රඥා සම්පන්න භික්ෂූන්, විද්වත් භික්ෂුන් බවට පත්විය හැකි බොහෝ දෙනෙක් ඉන්නවා.
සොරකම් කිරීම වැරදි බව පන්සිල්වල එනවා. ඒක වැරදි බව කවුරුත් පිළිගන්නවා. සොරකම් නොකිරීම ඉතා වැදගත් ආචාර ධර්මයක්. අප සමග වැඩකරන ගිහි පැවිදි ප්‍රබුද්ධයන් විශ්වාස කරනවා සොරකමට තුඩු දෙන, සමාජ ව්‍යුහයන්, ප්‍රතිසංස්කරණය කිරීම අවශ්‍යයි. සොරකමට තුඩු දෙන, දිරිදෙන රාජ්‍ය පාලනය වගේම රාජ්‍ය සේවයත් වැරදියි. හුදෙක් ශික්ෂා පදවලින් පමණක් සොරකම වැළැක්විය නොහැකියි. සොරකමට දිරි දෙන බලවත් සොරුන් ඇති කරන, පවත්වාගෙන යන අසාධාරන, අයුක්ති සහගත ව්‍යුහමය සමාජ පරිවර්තනයක් පුනරුදයේ එක කොටසක් බව ගිහි පැවිිදි බෞද්ධයෝ විශ්වාස කරනවා. මුසාවාදය වැරදියි. එයින් වළකින්න ඕනි කියලා පන්සිල්වල සඳහන් වෙනවා. එය විතරක් මදි. අපි සත්‍ය වෙනුවෙන් පෙනීසිටින්නත් අවශ්‍යයි. අසාධාරණ, ව්‍යාජ, බොරුකාර දේශපාලනයේ බලකේන්ද්‍රවලට මුහුණට මුහුණ දී ඇත්ත කතා කිරීමත් වැදගත්. ඒක තමයි අපට වාරියපොල ස්වාමීන් වහන්සේගෙන් ඉගෙන ගන්න තිබෙන්නේ. ඒ විනාඩි ගණනට පවා බලය ඉදිරියේ ඇත්ත කතා කිරීම. මත්ද්‍රව්‍ය පවත්වාගෙන යන අන්තර්ජාතික ජාතික ව්‍යුහ තිබෙනවා. ඒ පිටුපස ඉතා විශාල ධනවත් ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය, ලතින් ඇමෙරිකාවේ දුප්පත් රටවල ගොවියේ ඉරිඟු වෙනුවට අබිං, පොපිමල් වවන්නේ ඇයි? ඉරිඟු වවලා ජීවත් වෙන්න බැරි ඇයි කියන බරපතළ ආර්ථික ප්‍රශ්නය ආමන්ත්‍රණය නොකර මත්ද්‍රව්‍ය පැතිරීමෙන් වළක්වන්නට බැහැ.
අපේ බෞද්ධ ආචාර ධර්මවලට දේශපාලන සමාජමය ස්වරූපයක් දීමේ අවශ්‍යතාව දැන් පැමිණ තිබෙනවා. 2024 වර්ෂය මේ රටේ බෞද්ධයන් වන අපට බෞද්ධ නොවන ප්‍රජාවන් සමග එකතු වී අනෙකුත් ආගම්වලින් ලැබෙන ආචාර ධර්මවල ආලෝකයත් උකහා ගෙන ඉතා දීර්ඝ කාලයක් මේ රටේ ශිෂ්ටාචාරමය කොඳු නාරටිය සපයපු, ශක්තිය සපයපු බුදුහමේ සියලු ආචාර ධර්මවල හරය උකහාගෙන මේ පුනරුදයට නායකත්වය දෙන්නට අවශ්‍යයි. ඒ සඳහා පුනරුදමය දේශපාලන ගමන ආරම්භ කරන්නට පුළුවන් මේ අවුරුද්දේ. අද ඓතිහාසික දිනයක්. අපේ මේ ස්වාමීන් වහන්සේලා, ගිහි සමාජ ක්‍රියාධරයන් වන අපට දෙන පණිවිඩය තමයි මේ පුනරුදය ඇති කරන්නට මේ සමාජ ප්‍රගමනය ආරම්භ කරන්නට ඔබ වහන්සේලා සූදානම් කියන පණිවිඩය. එය අපට පුදුමාකාර ආශීර්වාදයක්. සුබ ප්‍රාර්ථනයක්. අපි මේ වෙනස කරමු.
(මාතර දිස්ත්‍රික් නීතිඥ සමුළුව – 2024.03.01)
(මාතර දිස්ත්‍රික් නීතිඥ සමුළුව – 2024.03.01)
(මාතර දිස්ත්‍රික් ධීවර සමුළුව – 2024.02.25) දැන් පාලකයෝ කියනවා, මේ රට දැවැන්ත අර්බුද ගණනාවකට ගොදුරු වුණාලු ඒ අර්බුදයෙන් ගොඩගත්තේ රනිල් රාජපක්ෂලු. පෝලිම් නැහැලු. තෙල් ඕනෑ තරම් තිබෙනවාලු. 2019 ආණ්ඩුව පිහිටුවන කොට ඩීසල් ලීටරය තිබුණේ රු:104/-ට. දැන් ඩීසල් ලීටරය රු:363/-යි. පෙට්්‍රල් ලීටරය රු:136/-යි. දැන් පෙට්්‍රල් ලීටරය රු:371/-යි. හැබැයි ඒ කාලෙත්, දැනුත් බලයා කිලෝ එකකින් ධීවරයට ලැබෙන […]
(මාතර දිස්ත්‍රික් ධීවර සමුළුව – 2024.02.25)
දැන් පාලකයෝ කියනවා, මේ රට දැවැන්ත අර්බුද ගණනාවකට ගොදුරු වුණාලු ඒ අර්බුදයෙන් ගොඩගත්තේ රනිල් රාජපක්ෂලු. පෝලිම් නැහැලු. තෙල් ඕනෑ තරම් තිබෙනවාලු. 2019 ආණ්ඩුව පිහිටුවන කොට ඩීසල් ලීටරය තිබුණේ රු:104/-ට. දැන් ඩීසල් ලීටරය රු:363/-යි. පෙට්්‍රල් ලීටරය රු:136/-යි. දැන් පෙට්්‍රල් ලීටරය රු:371/-යි. හැබැයි ඒ කාලෙත්, දැනුත් බලයා කිලෝ එකකින් ධීවරයට ලැබෙන මිල එකම මට්ටමක තිබෙන්නේ. ඒකේ වෙනසක් වෙලා නැහැ. ඒ කාලේ තිබුණු හාල්, සීනි මිල දැන් වැඩි වෙලා. ප්‍රශ්නේ විසඳුවා නම් ඉස්පිරිතාලේ බෙහෙත් තියෙන්න ඕනෑ. ඉංජිනේරුවන්, වෛද්‍යවරුන් රට අතහැර නොයා ඉන්න ඕනෑ. ව්‍යාපාර, කර්මාන්ත වැහෙන්නේ නැතුව තියෙන්න ඕනෑ. නිවාස දසලක්ෂ හැටනව දහස් පන්සිය හැටතුනකගේ නිවාසවල විදුලිය, විදුලි බල මණ්ඩලය විසින් කපා දමා තිබෙනවා. පාලකයෝ කියන විදිහට ප්‍රශ්නෙ විසඳලාද? ආර්ථික අර්බුදය ඉහළටම නැගලා ඉන් එහාට ගිහින් සමාජ අර්බුදයන් ඇති වෙලා.
ඒ අර්බුදවලට පිළිතුරු සොයන්න එක් එක් ඒකක හදාගෙන තිබෙනවා. ‘යුක්තියේ මෙහෙයුම’ නමින් කුඩු අල්ලන මෙහෙයුමක් දියත් කර තිබෙනවා. දවස් හතළිහක් තුළ 59000ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවට පම්පෝරි ගහනවා. මේ පාලකයෝ අවුරුදු 76ක් තුළ හදපු රට තිබෙන තැන. තව ඒකකයක් හැදුවා බස්වල, කෝච්චිවල යන කාන්තාවන්ට අතවර කරන අය අල්ලන්න. මේ ඒකක හදන්න වෙලා තියෙන්නේ ආර්ථික අර්බුදයෙන් එහාට ගිය සමාජ, සංස්කෘතික අර්බුදයන් බවට පත්වුනාම. දරුවන්ට ඉගෙන ගන්න බැරිවෙන, තුන්වේල කන්න නැති, සෞඛ්‍ය වශයෙන් පිරිහෙන තත්වයකට පත්වෙලා. අර්බුද ඉවර නැහැ. අර්බුදය වචන අස්සේ හංගන්න හදනවා. මේ පාලකයෝ ඉන්නකම් අර්බුද ඉවර වෙන්නේ නැහැ.
මේ රටේ තුන්ලක්ෂ පහළොස්දහසක් ධීවර ජනතාව කරදිය, මිරිදිය රස්සාවේ යෙදෙනවා. මේ ජොබ් ආණ්ඩුවෙන් දුන්න ඒවා නොවෙයි. මුහුදෙන් දීපු ජොබ්. මුහුදෙන් දීපු රස්සාවලට ආණ්ඩුව නිසා ප්‍රශ්න ඇතිවී තිබෙනවා. ධීවර රැකියාවට අනුබද්ධව අයිස් හැදීම, මාළු විකුණන අය, වාහන ගෙනියන අය, දැල් සපයන අය වශයෙන් විසිඑක්ලක්ෂ පනස් දහසක් පමණ ජනතාවක් ධීවර ක්ෂේත්‍රයේ නඩත්තු වෙනවා. ධීවර ක්ෂේත්‍රය සුවිශේෂී ක්ෂේත්‍රයක්. මේ ක්ෂේත්‍රයේ ප්‍රශ්න නිරාකරණය කිරීමට පාලකයෝ කටයුතු කරන්න උවමනා නැත්ද? ලංකාවේ ප්‍රධාන ප්‍රෝටීන් සැපයුම්කරුවා ධීවරයා. මේ රටේ දරුවාට, අපට අවශ්‍ය ප්‍රෝටීන් ටික දෙන්නේ ඔබ. අවුරුදු දහස් ගණනක සිට ආ කර්මාන්තයක් මේක. දියුණු රටවල අලුත් තාක්ෂණයත් එක්ක බද්ධ කරලා ස්මාර්ට් කර දියුණු කර්මාන්තයක් බවට පත්කර තිබෙනවා. හැබැයි අපේ ධීවර කර්මාන්තයට තාක්ෂණයෙන්, බුද්ධියෙන් පළක් ප්‍රයෝජනයක් ගන්නෙත් නැහැ. නෝර්වේ, ජපානය, මැලේසියා, චීනය දියුණු කර්මාන්තයක් බවට පත්කර තිබෙනවා.
සිංහල, දෙමළ, මුස්ලිම් ඔබට ආර්ථික නිදහස, අධ්‍යාපන නිදහස ඇතුළු සැබෑ නිදහස ලැබිලා නැහැ. ඔබට සැබෑ නිදහස ලැබෙන්නේ මාලිමාව පෙරමුණු කරගත් ජාතික ජන බලවේගයේ ජාතික ආණ්ඩුවක් බිහිවුණු දාට පමණමයි. එදාට ලංකාව සැබෑ නිදහස දිනා ගන්නවා. එය අපි ලබාගත යුතු නිදහසක්. ඒ වෙනුවෙන් අපි ජාතික ව්‍යාපාරයක් හදන්න ඕනේ. ජාතික ව්‍යාපාරය බලය ගත්තාට පස්සේ, මහා ජාතික පුනරුදයකට රට තල්ලු කරන්න ඕනේ.
මේ රටේ බලය ගන්න පංච මහා බලවේග එකතු කළා ඔබට මතක ඇති. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු, ඒ බලවේග පහ දැන් ඉන්නවාද? දැන් එයාලා ළඟ ඉන්න බලවේගය දන්නවාද? පාතාල බලවේගය, කුඩු බලවේගය, හොරු ඇතුළු දූෂිත බලවේග, ජාතිවාදී-ආගම්වාදී බලවේගය. හැට නව ලක්ෂයක් ඡන්දය ගත්තේ පාස්කු ප්‍රහාරයක් ඇති කරලා බව හැමෝම දන්නවා. මේ නිල්, කොළ පාලකයන් තුරුලේ පාතාලය හුරතල් වෙන නිසා පාතාලය විනාශ කරන්න බැහැ. මත්ද්‍රව්‍ය ගේන ලොක්කෝ ඉන්නේ පාර්ලිමේන්තුවේ. උන් අල්ලන්නේ නැහැ.
පංච මහා බලවේගයට තවත් බලවේග එකතු කරලා, ලෝකයේ අභිමානවත් රටක් හැදීම උදෙසා සකල විධ බලවේග එක මිටකට ගෙන ආ බලවේගය තමයි ජාතික ජන බලවේගය. රටට ආදරය කරන මහා සංඝ රත්නය අපිත් එක්ක එකතු වෙලා තිබෙනවා. වෛද්‍යවරුන්ගේ සමුළු අපි ආරම්භ කළා. ගුරු සංගම් රට පුරා පවත්වමින් ජාතික ජන බලවේගය වටා එකතු කොට තිබෙනවා. සමස්ත ලංකා ගොවිජන සම්මේලනය රටපුරාම ගොවියන් එක කඳවුරකට ගෙනැත් තිබෙනවා. රාජ්‍ය හා පෞද්ගලික සේවයේ විවිධ ක්ෂේත්‍රවල සිටින සියලුම කම්කරුවන් එකතු කොට දැවැන්තම වෘත්තිය සමිති ගොඩනගා ජාතික ජන බලවේගයට එකතු කොට තිබෙනවා. පංච මහා බලවේගය ඉක්මවා, තවත් දැවැන්ත බලවේගයක් ලෙස සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයත් අපි එකතු කොට තිබෙනවා. මෙතෙක් මේ රට ගොඩනගන්න පාවිච්චි නොකරපු බලවේගයක් ලෙස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා බලවේගයක් ලෙස අපි වටා එකතු වී සිටිනවා. 56%ක් වූ ඡන්ද බලයක් හිමි දේශපාලනයෙන් අයින්කොට දමා සිටි කාන්තාවන් අපි බලවේගයක් ලෙස එකතුකොට තිබනවා. රට ගොඩනැගීමට රටට ආදරය කරන ඉංජිනේරු සංසද, මූල්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් එකතු කරමින් ඉන්නවා. දාහතර හැටලක්ෂයක් වන ත්‍රී විලර් රියදුරන් බලවේගයක්. ලංකාවේ පළමුවෙනි ත්‍රී විලර් සමුළුව ඇඹිලිපිටියේදී තිබ්බා. නීතිඥ සංගම් අපි හැදුවා. ඒ සෑම බලවේගයක්ම අපි ජාතික ජන බලවේගය වටා එකතු කරනවා.
ලංකාවේ සමුපකාර 29කට ඡන්දෙට මාලිමාවෙන් ඉල්ලුවා. 29ක්ම දිනුවා. අපිට එකක බලය ගන්න බැරිවුණා. සජිත්ලාගේ කට්ටියයි රාජපක්ෂලාගේ කට්ටියයි එකතුවෙලා බලය පහිටුවා ගත්තා. අනික් සියල්ලගේම බලය පිහිටෙව්වේ මාලිමාව. මේවා එයාලට දැනෙනවා. පෙනෙනවා. පසුගිය දිනවල ඉන්දියාව රාජ තාන්ත්‍රික ආරාධනාවක් කළා. ඉන්දියාවේ බුද්ධි අංශයේ වාර්තා අනුව ලංකාවේ ඉදිරි නායකත්වය හඳුනාගෙන තිබෙනවා. පාස්කු ප්‍රහාරය ගැන දින සහ වේලාවන් කල් ඇතිව දැන්වුවේ ඉන්දියාවේ රෝ ඔත්තු සේවය. එවැනි සූක්ෂම ඔත්තු සේවයක වාර්තා අනුව ලංකාවේ මැතිවරණය ගැන කියන්න බැරිද? ඒ අනුව තමයි ආරාධනා ලැබෙන්නේ. ආඩම්බරයෙන් හා අභිමානයෙන් කියන්නේ මේ රටේ ඊළඟ බලය ජාතික ජල බලවේගයේ බලයක් බවට පරිවර්තනය වෙනවා නියතයි.
පසුගිය නොවැම්බර් මාසයේ ලංකා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ නඩු තීන්දුවක් දුන්නා. මේ රට බංකොලොත් වීමට, ආර්ථික අර්බුදයට වැටීමට, හේතුවූ වගඋත්තරකරුවන් නම් කළා, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මහ බැංකු හිටපු අධිපතිවරු, අජිත් නිවාඞ් කබ්රාල්, ඩබ්.ඩී. ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරු, ටී.බී. ජයසුන්දර, ආටිගල ඇතුළු කට්ටිය වරදකරුවන් කියා තීන්දුවක් දුන්නා. ශ්‍රේෂ්ඨාධිකරණය දෙන තීන්දුවවත් පිළි නොගන්නා අය.
පෝලිම්වල මැරුණා, ත්‍රී විලර් එකේ මැරුණා, ගොවිතැන් විනාශ කළා, ධීවර රස්සාව විනාශ කළා, දරුවාගේ අධ්‍යාපනය නැති බංගස්ථාන කළා, බාල බෙහෙත් ගෙනත් මිනිස්සු මැරුවා, උන්ට දඬුවම් දෙන්න ඕනෑ. මේ ඔබ විඳින්නේ අනවශ්‍ය දුකක්. මහ බැංකු වංචාව නොකෙරුණා නම්, රටට බෙහෙත් ටික අවුරුදු හතරකට ගේන සල්ලි, මිලියන දාහත් දහසක සීනි බදු වංචාව නොවුණා නම්, කන්න තුනහතරකට පොහොර ගෙනත් දෙන්න තිබුණා.
ගුත්තිලයේ අන්තිම කවියක තිබෙනවා “මූසිල මෙපුර තට – නුවරක් නොවේ ඉඳිනට – ඉන් තෝ මෙහි නොසිට – යවයි නෙරපූයෙ යම පුරයට” කියලා. අපට මෙහෙම කියන්න වෙනවා “මහ බැංකු මහ වංචාවට – රනිලෝ රාජපක්ෂ මෙපර තට – නිවරක් නොවෙයි ඉඳිනට – ඉන් තෝ මෙහි නොසිට – යවයි නෙරපූයේ අඟුණුකොළපැලැස්සට”.
පසුගිය 2021 අවුරුද්දේ උම්බලකඩ ගෙනැත් තිබෙනවා මෙට්්‍රක් ටොන් 2188ක්. වැය වෙලා තිබෙනවා රුපියල් මිලියන 1453ක්. මේ ටික මෙහේ හදන්න බැරිද? කරවල ගෙනත් තිබෙනවා මෙට්්‍රක් ටොන් 32585ක්. වියදම් කර තිබෙනවා රුපියල් මිලියන 13990ක්. ටින් මාළු ගෙනත් තිබෙනවා මෙට්්‍රක් ටොන් 8758ක්. වැය කර තිබෙනවා රුපියල් මිලියන 4891ක්. ඒවට ගියේ ඩොලර්. මේ රටේ ධීවරයෝ ගොඩගන්නේ කොහොමද? ධීවරයාට වැට් ගහනවා. උන්ගේ හිතවත්තු, කූඨ ව්‍යාපාරික පෙළැන්තිය පිටරටින් සැමන් ටික, කරවල ටික, උම්බලකඩ ටික ගේනවා. අපි සපථකර කියනවා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක අවුරුදු පහකදී, රටේ ධීවර කර්මාන්තය ප්‍රධාන කර්මාන්තයක් බවට ඔසවා ගන්නවා. ධීවරයා අල්ලන මාළු අගය එකතුකරමින් එහි වටිනාකමක් උත්පාදනය කරනවා. ධීවරයාට අවශ්‍ය ආම්පන්න මෙහේ හදන්න පුළුවන්. කෘෂිකර්මාන්තයට අවශ්‍ය බීජ ටික ලංකාවේ හදනවා. ගොවියාට අවශ්‍ය කර්මාන්ත ටික ඇති කරන්න පුළුවන්. ව්‍යාපාරිකයාට, කාන්තාවන්ට අලුත් කර්මාන්ත, අලුත් අවස්ථා නිර්මාණය වෙනවා. මුහුදෙන් මාළු අස්වැන්න පමණක් නොවෙයි, ගත හැකි උපරිම ප්‍රයෝජන ගන්නවා. මුහුදු ශාක පැළෑටි අද ලෝකයේ ජනප්‍රියයි. ඒවාට අපි අත ගහලා නැහැ. මහ පොළොවයි, මුහුදු බිමයි එකට අරගෙන නිෂ්පාදන ආර්ථිකයක් හදලා මේ රටේ ජනතාවගේ ආර්ථිකය සරු කරන්න, වැඩ පිළිවෙළක්, ප්‍රතිපත්තියක් තිබෙන පක්ෂයක් තිබෙනවා නම් එය ජාතික ජන බලවේගය පමණයි.
2004 සුනාමි අවස්ථාවේ ලෝකයෙන්ම ආධාර ගලාගෙන ආවා. ඒ වෙලාවේ පාලකයන්ට කියන්න තිබුණා, “මේ මහා විපතේදී අපි සමගි වෙමු. ලෝකයෙන් ගලාගෙන ආ ආධාර පාවිච්චි කරලා රට හදමු.” කියලා. නමුත් පාලකයෝ මළකඳන් මතින් ආපු සුනාමි සහනාධාර ගිණුම්වලට පොම්ප කළා. සිරිලිය ගිණුමට ගියා. එහෙම කළ දුෂ්ට පාලකයන් ඉන්න රටක්. තිස් අවුරුදු යුද්ධය මළකඳන් මතින් අවසන් කළා. රටේම ජනතාව එකතු කරළා රට හදන්න තිබුණා. නමුත් යුද්ධය අවසන් කරලා සුද්දය පටන් ගත්තා. පවුලට බලය ගන්න පටන් ගත්තා. රට ගොඩනගන්න කෙල්ලෝ කොල්ලෝ පුරන් කුඹුරු කොටන්න පටන් ගත්තා. තාප්පවල චිත්‍ර අඳින්න පටන් ගත්තා. ජාතික පුනරුදයකට යන්න ජනතාව පාරට ආවා. පාලකයෝ ජනතාවට වද දෙන්න පටන් ගත්තා. අවස්ථා ගණනාවක් මග හැරියා. රට බංකොලොත් කළා. ලාංකීය භූමියට අවසාන අවස්ථාවක් එනවා. ඒ අවස්ථාව පැහැර හරින්න එපා. “මෙතරම් විපතක් වෙලත් අවස්ථාව මග හැරියේ ඇයි? අපේ රට නැති කළේ ඇයි?” කියා දරුවන් දවසක අසාවි. සකලවිධ බලවේග එකතු කර, පුනරුද යුගයක් ගොඩනගන්න සූදානම් වෙන අනගි අවස්ථාව, මාලිමාව ජයග්‍රහණය කරවන්න කටයුතු කරන්න ශක්තිය, ධෛර්යයෙන් කටයුතු කරන්න. ජනතාව “හෙළනා සුසුම් සැඩ සුළඟක් වී ඒවා – හෙළනා කඳුළු ගං වතුරක් වී ඒවා – කුසයේ ගින්න මහ ගින්නක් වී ඒවා – රට කෑ එවුන් තොලොංචිම වී යාවා.”
(ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.02.29) මේ අවුරුද්දේ සැප්තැම්බර් අග හෝ ඔක්තෝබර් මුල ජනාධිපතිවරණය පවත්වන්න මැතිවරණ කොමිසම ක්‍රියාකළ යුතු වෙනවා. මැතිවරණයක් එනකොට අපේ රටේ ජනතාව මේ දුෂ්ට පාලනය වෙනස් කර ගැනීම සඳහා විශාල බලාපොරොත්තුවකින් සිටිනවා. බඩු මිල ඉහළ යාම, තුන්වේලට ආහාර ලබාගත නොහැකි වීම, මන්දපෝෂණය ඉහළ යාම වගේම ආණ්ඩුව පසුගිය කාලයේ ක්‍රියාත්මක් කළ බදු […]
(ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.02.29)
මේ අවුරුද්දේ සැප්තැම්බර් අග හෝ ඔක්තෝබර් මුල ජනාධිපතිවරණය පවත්වන්න මැතිවරණ කොමිසම ක්‍රියාකළ යුතු වෙනවා. මැතිවරණයක් එනකොට අපේ රටේ ජනතාව මේ දුෂ්ට පාලනය වෙනස් කර ගැනීම සඳහා විශාල බලාපොරොත්තුවකින් සිටිනවා. බඩු මිල ඉහළ යාම, තුන්වේලට ආහාර ලබාගත නොහැකි වීම, මන්දපෝෂණය ඉහළ යාම වගේම ආණ්ඩුව පසුගිය කාලයේ ක්‍රියාත්මක් කළ බදු ප්‍රතිපත්තීන් හා සුළු මධ්‍ය පරිමාණ ව්‍යාපාර විශාල ප්‍රමාණයක් කඩාගෙන වැටිලා. මේ සියල්ල නිසා ජනතාවගෙන් විශාල පිරිසක් අතිශය පීඩාවට පත්වී සිටිනවා. බෙහෙත් නැතිකම, බාල බෙහෙත් ප්‍රශ්න වගේම අධ්‍යාපන ප්‍රශ්න, දැවැන්ත බදු බර වගේ තත්වයන් වෙනස් කර, ජනතාවට ජීවත් විය හැකි රටක් ගොඩනඟාගන්න හැමකෙනාම බලාගෙන ඉන්නවා. තව පිරිසක් මේ පීඩාව නිසා රට අත්හැර යනවා.
ජනතාව හිතන්නෙත් සරල වෙනස්කම් සඳහා ආණ්ඩුවක් හැදීමට නොවෙයි. පසුගිය 76 වසර පුරාම සරල සටන්පාඨවලට ආණ්ඩු හදලා තිබෙනවා. රු:3.50ට පාන්, ඇට රාත්තල් අට, හඳෙන් හාල් ගෙනත් දීම වගේ තත්වයක් නොවෙයි දැන් තිබෙන්නේ. ආර්ථිකය බිංදුවට වට්ටා, දරාගත නොහැකි ණය බරක් පටවා රට බංකොලොත් බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. අනෙක් පැත්තෙන් සමාජයේ බිඳ වැටීම, නීතියේ ආධිපත්‍යයක් නොමැතිකම, ආණ්ඩුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම වගේ තත්වයන් තුළ පවතින්නේ අතිශය බරපතළ සමාජ, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික ප්‍රශ්න. මේ ප්‍රශ්නවලට විසඳුම් සොයා ගන්න රට තුළ ගැඹුරු පරිවර්තනයක් අවශ්‍යයි. ජනතාවත් දූෂිත පාලනය වෙනස් කිරීම වෙනුවෙන් පෙළගැසී සිටිනවා. ආර්ථික සංවර්ධනය තිබෙන, සාධාරණත්වය තිබෙන, සමාජයක් ගැන ජනතාව බලාපොරොත්තු තබාගෙන ඉන්නවා. තමන්ට ලැබෙන කුඩා වාසි පැත්තකින් තබා සමාජයේ ගැඹුරු වෙනස්කම් වෙනුවෙන් මාලිමාව සමග අත්වැල් බැඳගෙන ජනතාව පෙරට එමින් සිටිනවා.
මේ තුළ පරාජය පිළිබඳව දැනුණු බලය අත්හැරීම පිළිබඳව හිතන්නවත් බැරි දූෂිත පාලක කණ්ඩායම් විවිධ උපක්‍රම යොදමින් බොරු ප්‍රචාර දියත් කරමින් මේ තත්වය මගහැර ගන්න උත්සාහ කරනවා. විකාරරූපී දේශපාලන රංගනයන්ගෙන් සමන්විත සන්ධාන ගොඩනඟමින් තිබෙනවා. අලුත් පෙනුමක් පෙන්වා පරණ මිනිසුන්ව ජනතාව නැවත වතාවක් රවටන්න උත්සාහ කරනවා. රට බංකොලොත් කළ අයම සුන්දර රටක් හැදීම පිළිබඳව ජනතාවට පොරොන්දු දෙමින් ඉන්නවා. පසුගිය කාලයක් තිස්සේ එකට ආණ්ඩුවේ සිටි අයත් වැඩපිළිවෙළවල් ඉදිරිපත් කරමින් වෙනත් සාකච්ඡා ඇති කර, ජනතාව නොමඟ යවන්න උත්සාහ කරනවා. ජනතාව ඒ දිහා බලන්නේ නැහැ. ඒ නිසාම ඡන්ද මඟහැර යන්න විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වගේ කතා කියමින් ඉන්නවා. ජනතාවගෙන් විශාල විරෝධයක් ආණ්ඩුවට ආව වෙලාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඒ අයට මතක් වුණේ නැහැ. ඊළඟ ජනාධිපතිවරණයෙන් ඒ ගොල්ලන්ට දිනන්න බැරි බව පැහැදිලි වුණාම කඩිමුඩියේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න මතක් වෙනවා. අපි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න දිගටම අරගල කරමින් බොහෝ දේවල් කැප කළ අය. ඔවුන් දිගටම බොරු පොරොන්දු දෙමින් විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන ආ අය. විධායක ජනාධිපති ධුරය අහෝසි කර, ජනතා පරමාධිපත්‍යය බලය තහවුරු කළ හැක්කේ ජාතික ජන බලවේගයේ පාලනයකට පමණයි. ජනාධිපතිවරණය ජයග්‍රහණය කර, මහ මැතිවරණයෙන් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වා දෙමින් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න පියවර ගන්නවා.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තිබෙන බිය නිසා, හදිසි මහා මැතිවරණයක් පිළිබඳ කතාකරමින් යනවා. මහ මැතිවරණයක් ආවත් දූෂිත හොර නඩය ඉවත් කර, අලුත් පාලනයක් ගොඩනඟන්න මහජනතාව තීන්දු කර අවසන්, මැතිවරණ කාලයක් කිට්ටුවෙනකොට සෑමදාම කරනවා වගේ බඩු බෙදන්න පටන්ගෙන තිබෙනවා. හොරා කෑ මහජන මුදල්, බදු බර පටවා මහජනතාවගෙන් කොල්ලකාගත් මුදල්, අමාත්‍යාංශවලට වෙන් කර ගත් මුදල් පාවිච්චි කරමින් ඡන්ද ව්‍යාපාර වෙනුවෙන් බඩු බෙදන්න පටන්ගෙන තිබෙනවා. සින්නක්කර ඔප්පු දෙන බව කියමින් අපේ රටේ මහජනතාව ජනාධිපතිවරයා විසින් දඹුල්ලට එකතු කළා. ඔප්පු දෙන්න ඕනෑ ජනාධිපති විසින් නොවෙයි; ඒ අදාළ රාජ්‍ය නිලධාරීන් විසිනුයි. රට වටේ ජනතාව විවිධ දේවල් දෙන බව කියමින් එකතැනකට එකතු කර, ඡන්ද කැම්පෙන් කරනවා. ඒ වගේම හාල් කිලෝ 20ක් බෙදන්නත් පටන්ගෙන තිබෙනවා. අතීතයේත් ගිනිපෙට්ටියේ සිට බොහෝ දේවල් බෙදුවා, බෙදුවේ නැත්තේ මිනී පෙට්ටි විතරයි. ඒ ඡන්දය අරගෙනයි, රනිල්ලා රට හොරා කෑවේ. රට ණය කළේ. ජනතාවට ජීවත් වෙන්නට බැරි තැනට වැට්ටුවේ. ඒ සෙල්ලමට ආයෙත් ඉඩ දෙන්න එපා කියලා අපි ජනතාවට අවධාරණය කරනවා. බෙදන දේවල් අරගෙන රටේ අනාගතය පාවා නොදීමේ තීන්දුව ගත යුතුව තිබෙනවා.
තමන්ගේ එකම ප්‍රතිවාදියා ජාතික ජන බලවේගය නිසා, අලුත් වටයකින් අවලාද නගන්නත් පටන්ගෙන තිබෙනවා. පොහොට්ටුව, එක්සත් ජාතික පක්ෂය, එයින් කැඩී ගිය සමගි ජන බලවේගය සහ වෙනත් කල්ලි කණ්ඩායම්වල වේදිකා මතදී වචන සීයක් කතා කළොත් අනූවක්ම තිබෙන්නේ ‘මාලිමාව, ජාතික ජන බලවේගය, අනුර දිසානායක’ කියන වචනයි. තමන්ගේ ප්‍රතිපත්ති කියන්නේ නැහැ. මේ හැමදෙනාටම අභියෝගය වී තිබෙන්නේ ජාතික ජන බලවේගය බව එයින් යළි යළිත් තහවුරු වෙනවා. ඒ නිසා අපට සතුටක් දැනෙනනවා. අලුත් සන්ධාන හැදුවත්, අලුත් නම් දැම්මත්, ඉන්නේ පරණ මිනිස්සුමයි. ඔවුන් අලුතින් කියාගෙන යන්නේ “මේක අලුත් අත්හදා බැලීම් කරන්න කාලයක් නොවෙයි” කියලා. එකෙන් කියන්නේ පරණ කට්ටියම තියාගන්න කියලා. මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස ඇති වෙන්නම අත්හදා බලලයි තිබෙන්නේ. ඒගොල්ලෝ ෆේල්, රට විනාශ කළ අය බව කවුරුත් දන්නවා. අලුතින් අත්හදා බලන්න දෙයක් නැහැ. විදුලි ගාස්තු අඩු කළ හැකි බව හොඳටම දැනගෙනත් රනිල් වික්‍රමසිංහලා ගෙනයන උපක්‍රම පිළිබඳව නලින්ද ජයතිස්ස සහෝදරයාත්, වසන්ත සමරසිංහ සහෝදරයාත් මහජන උපයෝගීතා කොමිසමේදී පෙන්වා දුන්නා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවෙලා ගෙවී ගිය මාස 19 තුළ 19 වතාවක් රට ගියේ බදු බර පටවලා ජනතාව පීඩාවට පත්කරමින් ලබාගත් රජයේ ආදායම්වලින්. විදේශ ඇමති යා යුතු උත්සවවලට රනිල් වික්‍රමසිංහ තමන්ට දිනාගත යුතු නඩ පිරිවරාගෙන යනවා. ඔවුන් තවදුරටත් රට විනාශ කරමින් පරණ පාරේම යනවා මිස, අලුත් පාරක යන්න සූදානම් නැති බව දැනුත් තහවුරු කරමින් සිටිනවා.
පසුගිය දෙසැම්බර් 15දා පොහොට්ටු පක්ෂයේ සමුළුවක් පවත්වා 16දාම ඇමෙරිකාවට ගිය බැසිල් රාජපක්ෂ ලබන මාසේ 05දා ලංකාවට එන බව අපට ආරංචි වී තිබෙනවා. එයාලාගේ ඇත්ත ගෙදරට ගිහිල්ලා කොන්ත්‍රාත් කරන්න මෙහෙට එනවා. පොදු අපේක්ෂකයෝ වෙන්න, හීන මවන හැමෝම ආණ්ඩුවල ඉඳලා රට බංකොලොත් කළ විනාශයට වගකිවයුතු අයයි. මේ හැමෝම පරණ පාරේ යන අය. ඒ අයට රට ගොඩනඟන්න බැහැ. රටට අවශ්‍ය ගැඹුරු වෙනස්කම් කරමින් රට ගොඩනැගීමට ඉන්නේ, අලුත් දේශපාලන සංස්කෘතියක් තිබෙන, කැපකිරීම් කළ හැකි දැක්මක් තිබෙන මාලිමාව පමණයි. මෑත කාලයේ පැවැත්වූ සියලුම ජනමත සමීක්ෂණවලින් ඔප්පු වී සමීක්ෂණවලින් කලබල වෙලා. අපි කරන දේවල් කොපි කරන්න උත්සාහ කරනවා. සජිත් ප්‍රේමදාසගේ පක්ෂය මෑත කාලයේ ආණ්ඩුව ගැන විවේචන එල්ල කරනවා වෙනුවට ජාතික ජන බලවේගයට ප්‍රහාර එල්ල කරනවා. අනෙක් කුඩා කල්ලි කණ්ඩායම් පවා එහෙමයි. ප්‍රභූ පෙළැන්තියට තිබූ බලය පොදු ජනතාව අතට මාරු වන බව ඒ සියලු දෙනාට පැහැදිලි වී තිබෙනවා. මේ නිසා රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථාව කඩමින් විවිධ අවස්ථාවල ක්‍රියාකර තිබෙනවා. පොලිස්පතිවරයා පත්කර ගැනීමේදී කථානායක ක්‍රියාකළ ආකාරය ව්‍යවස්ථාවට පටහැණි බව හෙළි වී තිබෙනවා. ඡන්දය කිට්ටු වෙන කොට තවත් කුමන්ත්‍රණ, විවිධ උපක්‍රම පාවිච්චි කරනවා වගේම හොරා කෑ සල්ලි පාවිච්චි කර, විවිධ අවලාද අපට විරුද්ධව ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙනවා. ඒ කිසිවකට යටත් නොවී, ලෝකය ඉදිරියේ අපේ රට ගෞරවණීය තත්වයට ඔසවා තබන්න, ආර්ථිකය ගොඩගෙන නව ජාතික පිබිදීමක් රට තුළ ඇති කරන්න ක්‍රියාකරමු කියා ජනතාවගෙන් ඉල්ලනවා.
“ඉදිරි ඕනෑම මැතිවරණයකදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවීමට පෙළගැසෙන්න”
-ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ-
එකම දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින අය විවිධ බෙදීම්වලින් ජනතාව ඉදිරියේ පෙනී සිටියා. මෙතෙක් රට විනාශය කරා ගෙන ගිය ඒ සියලු දෙනාගෙන් මිදී රට ගොඩනැගිය හැකි ජාතික ජන බලවේගයට බලය ලබාදීමේ සුවිශේෂී අවස්ථාවක් ජනතාවට ලැබී තිබෙනවා. මේ රටේ ප්‍රගතිශීලී, වාමාංශික දේශපාලනයක අවුරුදු 50කට වැඩි කාලයක් කැපවීමෙන් කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජන බලවේගය තුළ ක්‍රියාකරන අතර ජාතික විද්වත් සංවිධානය වැනි බහුජන සංවිධාන, විකල්ප කොමියුනිස්ට් පක්ෂ කණ්ඩායම්, එක්සත් වාමාංශික බලවේගය, වැනි පක්ෂවල අදූෂිත, නායකයන් ජාතික ජන බලවේගය වටා එකතු වී සිටිනවා. ප්‍රභූ පංතියේ නොවෙන තමන්ගේම වූ දේශපාලන ව්‍යාපාරයක් තෝරා ගැනීමේ අවස්ථාව මෙවර ජනාධිපතිවරණය සහ අනෙකුත් මැතිවරණවලදී ජනතාවට ලැබී තිබෙනවා. රට තුළ වංචා, දූෂණ සහ නාස්තිය, පවුල්වාදය, දුර්වල කළමනාකරණය පවත්වාගෙන ගිය පසුබිම වෙනස් කරන්න පවතින්නේ ජාතික ජන බලවේගය පමණයි.
ජනතාව ඉතාමත් පීඩාවට පත්වී සිටියත්, උද්ධමනය අඩුවී ඇති බව පෙන්වන්නේ මේ වන විටත් ඉහළටම පැමිණ තිබෙන බඩු මිල ඒ ආකාරයෙන්ම පවතින අතරතුරයි. සියලු ජනතාවට පීඩනය දරාගත නොහැකි තත්වයක් ඇතිකර තිබෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍යය ක්ෂේත්‍රය බරපතළ කඩාවැටීම් ගණනාවකට ලක්කර තිබෙනවා. ඖෂධ හිඟය, ඖෂධ මිල ඉහළ යාම, ප්‍රමිතියෙන් තොර ඖෂධ, පරීක්ෂණ ගාස්තු ඉහළ යාම, පෞද්ගලික සේවයේ විවිධ ගාස්තු අයකිරීම වගේ ගැටලු ගණනාවක් තිබෙනවා. වෛද්‍යවරුන්ගේ සිට සියලු සෞඛ්‍ය සේවකයන් රට හැර යමින් සිටිනවා. මේ නිසාම මන්දපෝෂණය, බෝනොවෙන රෝග ඉහළ යාම, බෝවන රෝග පැතිරීම, වැනි සියල්ල සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් විඳදරා ගනිමින් ජනතාව ඉන්නේ. ඒ වගේම දරුවන් 3%ක් පමණ පාසල් යාම අත්හැර තිබෙනවා. පාසල් අධ්‍යාපනය කඩා වැටී තිබෙනවා වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනය විශාල වශයෙන් කඩාවැටෙමින් තිබෙනවා. මේ නිසා අනාගතයේ රටේ ශ්‍රමදායකත්වයට පිවිසෙන තරුණ පරම්පරාවට දැනුම ඇතුළු ගැටලු ගණනාවකට මුහුණ දීමට සිදුවෙනවා. පවුල් තුළ මානසික ආතතිය ඉහළ යමින් තිබෙනවා. මේ සියල්ල තුළින් ආර්ථිකය තිබෙන්නේ නැවත නැවතත් කඩා වට්ටන චක්‍රයකයි. මේ නිසාම ඉදිරියේ එන ඕනෑම මැතිවරණයකදී බුද්ධිමත් තීරණයක් ගෙන ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවීමට පෙළගැසෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්
ප්‍රශ්නය: පොලිස්පතිවරයා පත්කිරීමේදී ක්‍රියාකළ ආකාරය රිවස් කිරීමේ හැකියාවක් තිබෙනවාද?
පිළිතුර: ඔහු තෝරාගෙන තිබෙන්නේ ව්‍යවස්ථාවට අනුකූල නොවන ලෙස බව ඉතා පැහැදිලිව හෙළිවී තිබෙනවා. කථානායකගේ තීරණය දී තිබෙන්නේ ව්‍යවස්ථා සභා රැස්වීම අවස්ථාවේ නොවෙයි. ඒ වගේම කථානායකගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව තිබෙන්නේ පක්ෂව සහ විපක්ෂව සමානව ඡන්දය ලැබුණු අවස්ථාවක. මෙතන එවැන්නක් සිදුවී නැහැ. කථානායකගේ ඡන්දය ලබාදී තිබෙන්නේ ජනාධිපතිවරයා ප්‍රතිඵල විමසූ අවස්ථාවේදීයි. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණය මෙය නිවැරදි කරාවි යැයි අපි හිතනවා.
ප්‍රශ්නය: සියලුම පක්ෂ එකතු වී ආණ්ඩුව පළවා හැරිය යුතු බව ඩිලාන් පෙරේරා මාධ්‍ය හමුවකදී කීවා. ඔබලාත් එවැනි සංවිධානයකට එකතු වෙනවාද?
පිළිතුර: ඔය වගේ සන්ධානවලට ලොකු ඉතිහාසයක් තිබෙනවා. දේශපාලනිකව අවතැන් වුණු අය ඔය වගේ සන්ධාන හදාගන්නවා. ජාතික ජන බලවේගය මේ රටේ ජනතාවත් එක්ක ලොකුම සන්ධානය හදා තිබෙන්නේ. වාමාංශික, ප්‍රගතිශීලී, දේශප්‍රේමී සියලුම බලවේග එකතු කරමින් සන්ධානයක් හදලා තිබෙන්නේ. තවත් එකතු කරමින් ජනතාවත් එක්ක සන්ධාන ගත වෙනවා. මෙයට අවුරුදු දෙකකට කලින් පැරණි දේශපාලනය ජනතාව ප්‍රතික්ෂේප කළා. ජනතාව ප්‍රතික්ෂේප කළ අය එකතු කරගෙන අපි ජනතාවත් එක්ක ගොඩනඟාගෙන තිබෙන සන්ධානය කැතකර ගන්න අපට ඕනෑ කමක් නැහැ.
ප්‍රශ්නය: ඔබ හිතන්නේ ආණ්ඩුව රේස් එකට එන්නෙ නැහැ කියලාද?
පිළිතුර: ඇත්තටම ආණ්ඩුව විදිහට රේස් එකේ නැහැ. රනිල් වික්‍රමසිංහත් ජනාධිපතිවරණයට ලැහැස්තියි වගේ අපට පෙනෙනවා. සමගි ජන බලවේගයත් ලැහැස්තියි වගේ පේනවා. නමුත් ජාතික ජන බලවේගයට රනිල් වික්‍රමසිංහ හරි සමගි ජන බලවේගය හරි අභියෝගයක් නොවෙයි. අපේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර දිසානායක සහෝදරයා ඉහළින්ම ජයග්‍රහණය කරනවා, මැතිවරණ සමීක්ෂණවලින් පවා ඒ බව හෙළිවී තිබෙනවා. ඒ නිසා අපිට ඔය කිසි කෙනෙක් අභියෝගයක් නොවෙයි.
(මලෛයිගම් 200 – මාතර දෙනියාය කඳුකර ජනතා සභාව) දෙනියායේ වතුකර ජනතාවක් ඉන්න බව සමාජයටත් ලෝකයටත් කියන අවස්ථාවක් මේක. තේ කර්මාන්තයේ ශ්‍රමය වගුරන කඳුකරයේ ජනතාව ලංකාවට අධිරාජ්‍යවාදීන් විසින් ගෙනත් අවුරුදු 200ක් වෙනවා. හැටන්, තලවාකැලේ, ආගරපතන, වැනි උඩරට වතුකරයේ ප්‍රදේශවලට අවුරුදු 200කට පසුවත් ඔවුන් සීමාවී තිබෙනවා. නමුත් දෙනියාය ප්‍රදේශයේ වතු කිහිපයක කම්කරු ජනතාව පහත රට තේ කර්මාන්තයේ […]
(මලෛයිගම් 200 – මාතර දෙනියාය කඳුකර ජනතා සභාව)
දෙනියායේ වතුකර ජනතාවක් ඉන්න බව සමාජයටත් ලෝකයටත් කියන අවස්ථාවක් මේක. තේ කර්මාන්තයේ ශ්‍රමය වගුරන කඳුකරයේ ජනතාව ලංකාවට අධිරාජ්‍යවාදීන් විසින් ගෙනත් අවුරුදු 200ක් වෙනවා. හැටන්, තලවාකැලේ, ආගරපතන, වැනි උඩරට වතුකරයේ ප්‍රදේශවලට අවුරුදු 200කට පසුවත් ඔවුන් සීමාවී තිබෙනවා. නමුත් දෙනියාය ප්‍රදේශයේ වතු කිහිපයක කම්කරු ජනතාව පහත රට තේ කර්මාන්තයේ වැඩිම පංගුවකට දායකත්වය සපයමින් ඔවුන් කටයුතු කරනවා. ඔවුන් හෙලන ශ්‍රමයට ඉදිරි ජනතාවාදී රජයකදී, ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ කඳුකර ජනතාවට හිමිවිය යුතු අයිතිවාසිකම් සහ ඔවුන් වෙනුවෙන් කළ යුතු යුතුකම් පිළිබඳව මහජන සංදේශයක්, ප්‍රඥ්ප්තියක් ක්‍රියාත්මක කරනවා. එය යෝජනා කිරීමට කඳුකරයේ දමිළ ජනතා ප්‍රජාවත් රට පුරා විසිරී සිටින වතුවගාවට සම්බන්ධ කෑගල්ල, කළුතර, ගාල්ල වැනි ප්‍රදේශවල සිටින ජනතාවත් ඒකාබද්ධ කර ගන්නවා.
කඳුකරයේ ජනතාව වගේම මේ සියලු දෙනා අන්ත අසරණ ජීවිතයක් ගත කරන්නේ. ඉඩම්වල අයිතිය, දරුවන්ගේ අධ්‍යාපනය සහ සෞඛ්‍යය සම්බන්ධයෙන් අපමණ පීඩනයකට සහ අසාධාරණයකට මේ අම්මලා, තාත්තලා ගොදුරුවී සිටිනවා. කොටපොල ප්‍රාදේශීය සභාවකට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත්වූ කන්නන් සහෝදරයාට තමන් සිටින ප්‍රදේශයේ වතු යාය තුළ රැස්වීමක් පැවැත්වීමේ අයිතියක් සටන් කිරීමෙන් ලබාගන්න සිදුවුණා. අසාධාරණයට ලක්වුණු වතු ජනතාව සියලුම දෙනා වෙනුවෙන් කන්නන් සහෝදරයා ඒ අරගලය කළා. මුළු ජීවිත කාලය තුළම ශ්‍රමය වැගිරූවත් මූලික අයිතිවාසිකම් පවා ලබා නොදෙන පාලකයන් ඉන්නේ. මේ අම්මා, තාත්තාගේ දරුවන් කිසිකෙනෙක් වතු තුළ රඳවන්න කැමති නැහැ. ඒ වෙනුවට විදේශගත කරන්න උත්සාහ කරන්නේ. වතු පාසල්වලට පත්වීම් ලැබී පැමිණෙන ගුරුවරුන් ඉක්මනින්ම ස්ථාන මාරුවීම් ලබාගෙන යන්න උත්සාහ කරනවා. මඩකලපුව වැනි ප්‍රදේශවලින් පත්කර එවවන ගුරුවරුන්ට මේ ප්‍රදේශවල පදිංචි වෙන්න ඉඩම් ලබාදෙන්න කියලා වැඩපිළිවෙළක් හදන ලෙස අපි අවස්ථා ගණනාවකදී පාලකයන්ට යෝජනා කළා. කඳුකර සභාව නිර්මාණය වෙන්නේ වෘත්තීය සමිතිවලට එහා ගිය නිදහස් ජීවිතයක් සම්බන්ධයෙන් ජයග්‍රහණ ලබාදෙන්නයි. මීට අවුරුදු 200කට කලින් සුද්දා යටතේ සිටි ජනතාවක් ලෙස තවදුරටත් ඔබ ජීවත් විය යුතු නැහැ. මනුෂ්‍යයෙක් හැටියට ජීවත් වෙන්න නිවාසයක්, දරුවන්ට හොඳ අධ්‍යාපනයක්, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සහ ජීවිතයක් අනිත් අයට වගේම ඔබටත් අයිතියි.
මේ මහ පොළොව දහදියෙන් තෙත් කර, තේ දල්ලට වටිනාකමක් ඔබලා ලබාදෙන්නේ නැතිනම් ලංකාවට විදේශ විනිමය ලැබෙන්නේ නැහැ. පහත රට තේ කර්මාන්තයට දෙනියායෙන් වැඩිම දායකත්වයක් සපයන්නේ විසි දහසක් පමණ වූ පිරිස නියෝජනය කරන ඔබ සියලු දෙනායි. ඔබේ දහදිය ඩොලර්වලට හැරි විදේශ විනිමය හැටියට රටට ලබාදෙනවා. ඔබ වැඩකිරීම නතර කළොත් ඒ ආදායම රටට ලැබෙන්නේ නැහැ. නමුත් ඒ ආදායමෙන් සාධාරණ පංගුවක් ඔබට ලැබෙන්නේ නැහැ. මහ බැංකුවේ ලොක්කෝ ලක්ෂ හතකින් ඔවුන්ගේ පඩිය වැඩිකර ගන්නවා. උද්ධමනය ගණන් බලන නිසා. සල්ලි අච්චු ගහන නිසා, ඔවුන්ගේ පඩිය 70%කින් වැඩිකර ගත් බව කියනවා. මුදල් රාජ්‍ය ඇමති කියන්නේ ඔවුන්ගේ පඩි වැඩි නොකළොත් රට හැර අත්හැර යා හැකි බවයි. නමුත් තේ පැළ සිටුවා රැකබලාගෙන තේ දළු නෙළා ෆැක්ටේරියට ගෙනැවිත් දළු අඹරා තේ නිෂ්පාදනය කර, ඩොලර් උපයන ඔබ සියලු දෙනාට තවමත් නිසි ආකාරයෙන් රුපියල් දහසේ වැටුප දෙන්නේ නැහැ. රුපියල් 700/- සිට 1000/- දක්වා පඩි වැඩිකර ගන්න කොපමණ කාලයක් සටන් කළාද? මහ බැංකුවේ අය ලක්ෂ 7කින් පඩි වැඩිකර ගන්නවා. පාර්ලිමේන්තුවේ කතා කරන අයට ලයිට් බිල් වැඩිකර ගන්න ඉන්ධන වියදම් වැඩිකර ගන්න හැකිවී තිබෙනවා. රටට ඩොලර් උපයන ඔබ සියලු දෙනා වැඩිවෙන බඩුමිල දරාගෙන විශාල පීඩාවකින් ඉන්නවා. මහ බැංකු අධිපති හාල් කිලෝ එක, පරිප්පු ටික, සීනි ටික ගන්න මිලටම රුපියල් දහසක දෛනික පඩි ලබන ඔබ සියලු දෙනාටත් ගන්න සිදුවෙනවා. මහ බැංකු අධිපති නිකම්ම පඩි වැඩිකර ගත්තත් ඔබ සියලු දෙනාට සටන් කරළවත් රුපියල් 1000/-ක් දවසකට ගන්න බැහැ. ඒක සාධාරණයි ද?
මේ පාසල්වල ආහාර නැතිව කලන්තයෙන් වැටෙන ළමයින්ට විදුහල්පතිතුමා සහ ගුරුවරුන් තමන්ගේ වියදමින් යම් ආහාර ප්‍රමාණයක් ලබාදෙනවා. රටට විදේශ විනිමය ගේන මනුස්සයාගේ දරුවාට එක වේලක් කෑවොත් ඊළඟ වේල කන්න නැතිවුණත් සල්ලි අච්චු ගහන මහ බැංකුවේ අයට වෙනම විදිහට සැලකිලි ලබාදෙනවා. මේ අසාධාරණ, දූෂිත ක්‍රමය වෙනස් කරන්න, මේ පාදඩ පාලන ක්‍රමය වෙනස් කර, ජනතාවට සාධාරණ ක්‍රමයක් ඇති කරන්න වෘත්තිය සමිති භේදයකින් තොරව ඔබ සියලු දෙනා එකතු වී සිටිනවා. පක්ෂ පාට භේදයකින් තොරව එක මිටට, මේ රටේ සියලුම ජනතාව අපි එකතු කරනවා. උඩරට වතුකරයේ ජනතාව, පහත රට වතුකරයේ ජනතාව ආදී වශයෙන් බෙදෙමින් ඔවුන්ට ඡන්දය ගන්න විතරක් මේ දුක්විඳින ජනතාව යොදවා ගත්තා. දුප්පත්කම වර්ධනය කරමින් සුද්දාගේ නීතිය වතුවල තවමත් පවත්වාගෙන යනවා. තමන්ගේ ඡන්දයෙන් තෝරාගත් මහජන නියෝජිතයාටවත් මේ ක්‍රමය යටතේ සාධාරණය ඉෂ්ට වෙලා නැහැ. මේ තත්වය වෙනස් කිරීමට දෙනියායේ කඳුකර ජනතා සභාව පිහිටුවනු ලැබුවා. ඔබේ පරම්පරාවට ජයග්‍රහණය, යුක්තිය ඉෂ්ටකර ගන්නත් අවුරුදු 200ක් පුරා ඉටුනොවුණු සාධාරණත්වය ඉටුකර ගන්නත් අනාගත පරම්පරාවේ ජයග්‍රහණ තහවුරුකර ගන්නත් හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.