(-Colombo, April 26, 2024-) ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අද (27) අලුයම ස්වීඩනයේ ස්ටෝක්හෝම් ගුවන් තොටුපල වෙත ළඟාවී තිබෙනවා. ඒ අද දහවල් ස්වීඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අමතන ජන හමුවකට එක්වීමට යි. ස්ටෝක්හෝම් ගුවන් තොටුපල වෙත පැමිණි අනුර කුමාර දිසානායක සහෝදරයා ජාතික ජන බලවේගයේ ස්වීඩන් කමිටුව සහ එරට සිටින ශ්‍රී ලාංකිකයන් විසින් උණුසුම්ව […]
(-Colombo, April 26, 2024-)
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අද (27) අලුයම ස්වීඩනයේ ස්ටෝක්හෝම් ගුවන් තොටුපල වෙත ළඟාවී තිබෙනවා. ඒ අද දහවල් ස්වීඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අමතන ජන හමුවකට එක්වීමට යි.
ස්ටෝක්හෝම් ගුවන් තොටුපල වෙත පැමිණි අනුර කුමාර දිසානායක සහෝදරයා ජාතික ජන බලවේගයේ ස්වීඩන් කමිටුව සහ එරට සිටින ශ්‍රී ලාංකිකයන් විසින් උණුසුම්ව පිළිගත් බවයි වාර්තා වන්නේ.
ස්වීඩනයට ගිය අනුර කුමාර දිසානායක සහෝදරයා එරට ජාතික ජන බලවේගය කමිටුව විසින් සංවිධානය කරන ශ්‍රී ලාංකිකයන් ඇමතීම නියමිතව ඇත්තේ ස්වීඩනයේ ස්ටොක්හෝම් හී Nacka නගරයේ Griffelvägen හී Nacka Aula සම්මන්ත්‍රණ ශාලාවේ දී යි. එරට සංවිධායක මණ්ඩලය සඳහන් කරන්නේ ස්වීඩන් වේලාවෙන් ප.ව. 1.30ට එරට සිටින ශ්‍රී ලාංකිකයන් ඇමතීමට සියල්ල සුදානම් බවයි.
(-Colombo, April 25, 2024-) ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද(25) රාත්‍රීයේදී ස්වීඩනය බලා පිටත්වීමට නියමිතය. ඔහු එරටදී පැවැත්වෙන ජනහමුවක් සහ සුහද හමු කිහිපයක් සඳහා සහභාගි වීමට නියමිතය. අප්‍රේල් 27 සෙනසුරාදා දින ස්වීඩනයේ NACKA AULA හිදී එරට වේලාවෙන් පස්වරු 1.30ට STOCKHOLM ජනහමුව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. ජාතික ජන බලවේගයේ ස්වීඩන විදෙස් කමිටුව විසින් […]
(-Colombo, April 25, 2024-)
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද(25) රාත්‍රීයේදී ස්වීඩනය බලා පිටත්වීමට නියමිතය. ඔහු එරටදී පැවැත්වෙන ජනහමුවක් සහ සුහද හමු කිහිපයක් සඳහා සහභාගි වීමට නියමිතය. අප්‍රේල් 27 සෙනසුරාදා දින ස්වීඩනයේ NACKA AULA හිදී එරට වේලාවෙන් පස්වරු 1.30ට STOCKHOLM ජනහමුව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. ජාතික ජන බලවේගයේ ස්වීඩන විදෙස් කමිටුව විසින් මෙම කටයුතු සංවිධානය කෙරේ.
(ජාතික ජන බලවේගයේ විගණකවරුන්ගේ සහ ගණකාධිකාරිවරුන්ගේ මාධ්‍ය හමුව – 2024.04.25) ජාතික විගණක කාර්යාලය විසින් සියලුම මැතිවරණ සම්බන්ධයෙන් විගණනය කර, අවසන් වාර්තා නිකුත් කරනවා. 2023 වසරේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අපගේ ගණකාධිකාරීවරුන් සහ විගණකවරුන් මේ වන විට සොයාගෙන තිබෙන කරුණු එළිදැක්විය හැකිව තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගණනාවක් මේ වන විට පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම සම්බන්ධයෙන් විභාගවෙමින් පවතින […]
(ජාතික ජන බලවේගයේ විගණකවරුන්ගේ සහ ගණකාධිකාරිවරුන්ගේ මාධ්‍ය හමුව – 2024.04.25)
ජාතික විගණක කාර්යාලය විසින් සියලුම මැතිවරණ සම්බන්ධයෙන් විගණනය කර, අවසන් වාර්තා නිකුත් කරනවා. 2023 වසරේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අපගේ ගණකාධිකාරීවරුන් සහ විගණකවරුන් මේ වන විට සොයාගෙන තිබෙන කරුණු එළිදැක්විය හැකිව තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගණනාවක් මේ වන විට පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම සම්බන්ධයෙන් විභාගවෙමින් පවතින බැවින් අධිකරණය ඉදිරියේ තිබෙන කරුණු කතා නොකර අප විසින් සූක්ෂම ලෙස සොයා ගත් කරුණුවලට අදාළ තොරතුරු පනත යටතේ ශක්තිමත් කර ගත්තා. අපි ඉදිරිපත් කරන්නේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මෙතෙක් කිසිම මාධ්‍යයක හෙළි නොකළ කරුණුයි. රජයේ නිල මුද්‍රණකරු ලෙස මුද්‍රණාලය, ආරක්ෂාව සපයන පොලීසිය, තැපැල් දෙපාර්තමේන්තුව සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මුල්කරගෙන තේරීම්භාර නිලධාරීන්ගේ රාජකාරි අවරණය කරමින් සාමූහිකව කටයුතු කරනවා. නමුත් මැතිවරණ දෙපාර්තමේන්තුවට තම රාජකාරිය ඉටුකළ නොහැකි ලෙස අක්‍රීය කරනු ලැබ තිබුණා. මැතිවරණය කඩාකප්පල් කිරීම සඳහා නිලධාරීන්ව මෙහෙයවා ඔවුනට ආරක්ෂාව ලබාදෙන ලෙස චක්‍රලේඛ සහ කැබිනට් පත්‍රිකා නිකුත් කර ඇති බව තහවුරු වී තිබෙනවා.
රජයේ මුද්‍රණාලයේ වාර්ෂික කාර්යභාරයේ දෙවන වගකීම ලෙස වාණිජ මුද්‍රණ කටයුතු පවරා තිබෙනවා. රජයට අවශ්‍ය සියලුම මුද්‍රණ කටයුතු සිදුකරන්නේ මේ යටතේයි. මුද්‍රණය සඳහා ලැබෙන ඇණවුම්වලට අවශ්‍ය අමුද්‍රව්‍ය වෙනුවෙන් වෙනමම, මුදල් වෙන්කෙරෙනවා. පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අවශ්‍ය පත්‍රිකා මුද්‍රණයට රුපියල් මිලියන 4000ක් වෙන්කර තිබුණා. භාණ්ඩ මිලදී ගැනීම, විදුලි බිල් ගෙවීම සහ සේවකයන්ගේ ගෙවීම් ඇතුළු සියලු වියදම් වෙනුවෙන් මේ මිලියන 4000 වෙන්කර තිබෙනවා. මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් ලැබෙන ඇනවුම් පරිදි අවශ්‍ය මුද්‍රණ කටයුතු ඉටුකර දීමෙන් මාස හයකට පමණ පසුව මුදල් ලබා ගැනීම සාමාන්‍යයෙන් මේ දක්වා සිදුකළා. ඇනවුම සම්පූර්ණ කිරීමට එකවරම මුදල් අය කිරීමේ නීතියක් මේ දක්වා ක්‍රියාත්මක වී නැහැ. 2020 අගෝස්තු 05වැනි දින පවත්වන ලද මහා මැතිවරණයේ මුද්‍රණ වියදම් රුපියල් මිලියන 413ක් ගෙවා තිබෙන්නේ මාස ගණනකට පසුවයි. 2020 ජූලි මාසයේ හත්වැනි දින මිලියන 100ක්, අගෝස්තු 23 වැනි දින රුපියල් මිලියන 200ක් සහ ඔක්තෝබර් 16 වැනි දින ඉතිරි මුදලත් වශයෙන් ගෙවා තිබෙනවා. 2023 ජනවාරි මාසයේ 15වැනි දින රජයේ මුද්‍රණාලයාධිපති මැතිවරණ කොමිසමට ලිපියක් යවමින් අමුද්‍රව්‍ය සැපයුම්කරුවන් හට ගෙවීම සඳහා එකවර හෝ කොටස් වශයෙන් මුදල් ලබාදෙන ලෙස ඉල්ලා තිබෙනවා. රජයේ මුද්‍රණාලයාධිපතිට අවශ්‍ය අමුද්‍රව්‍ය වෙනුවෙන් මුදල් ලබාගත යුත්තේ මහා භාණ්ඩාගාරයෙන්. මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් අදාළ මුදල් ලබාදෙන්නේ සැපයුම් ද්‍රව්‍ය ලබාදුන් පසුවයි. නමුත් මහා භාණ්ඩාගාරයෙන් මේ මුදල් නිදහස් කරන්නේ නැහැ.
මේ අතරේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ අපි මුද්‍රණාලයාධිපතිගෙන් ලබාගත් දත්ත විස්තර අනුව රුපියල් මිලියන 900කට වැඩි මුද්‍රණ අමුද්‍රව්‍ය එහි ගබඩාවේ තිබිලා තියෙනවා. මේ අනුව පැහැදිලි වන්නේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකර සිටීමට අදාළව කිසිම සාධාරණ හේතුවක් මුද්‍රණාලයාධිපතිට තිබී නැති බවයි. 2022 ජනවාරි 31 වන විට චන්ද්‍ර පත්‍රිකා මුද්‍රණය කිරීමේ ආරක්ෂිත (ක්‍රීම්වෝව්) කඩදාසි මෙට්්‍රක් ටොන් 50ක් මිලදී ගෙන ඒ වෙනුවෙන් ඩොලර් එක්ලක්ෂ දහදාස් අටසිය විස්සක් ගෙවා තිබුණා.
නමුත් චක්‍රලේඛවල සීමාවන් ඉක්මවා කටයුතු කළ නොහැකි බව මුද්‍රණාලයාධිපතිනිය තමන්ගේ ගැලවීම සඳහා ප්‍රකාශ කර තිබෙනවා. ජාතික අයවැය චක්‍රලේඛ අංක 03/2022 යනුවෙන් රාජ්‍ය වියදම් පාලනයට එක් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනගේ අත්සනින් නිකුත් කර තිබෙන මෙම චක්‍රලේඛයෙන් රජයේ මුද්‍රණාලයාධිපතිගේ රාජකාරියට බාධාවන කිසිදු සඳහනක් නැහැ. අයවැය චක්‍රලේඛ අංක 9/2022, යන චක්‍රලේඛය 2022 දෙසැම්බර් 27වැනි දින නිකුත් කරමින් ඒ වර්ෂයට අදාළව උපදෙස් ලබාදී තිබෙනවා. එය 2023 රජයේ මුද්‍රණාලයාධිපතිනියගේ කටයුතුවලට කිසිදු බලපෑමක් ඇති කරන්නේ නැහැ. 2023 ජනවාරි 24 වැනි දින නිකුත් කළ අයවැය චක්‍රලේඛ අංක 1/2023 යටතේ පුනරාවර්තන වියදම් 6%කුත් අඩුකරන ලෙස දන්වා, පවත්නා සම්පත්වලින් අවම වියදම් දරමින් කටයුතු කරන ලෙස දන්වා තිබෙනවා. මේ වගේ චක්‍රලේඛ හතරක් නිකුත් කර තිබුණත් රජයේ මුද්‍රණාලයාධිපතිනියට එයින් බලපෑමක් ඇති වෙන්නේ නැහැ.
2023 ජනවාරි 23 වැනි දින ලබාගත් අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව මුලින් සඳහන් කළ චක්‍රලේඛ හතර ගැන සඳහන් කරමින් ප්‍රමුඛතා ලැයිස්තු සකස් කර තිබෙනවා. එසේ වුවත් සැපයුම්කරුවන්ට මුදල් ගෙවීම සඳහා අත්තිකාරම් ලබාදෙන්නැයි මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමේ කිසිදු අවශ්‍යතාවයක් මුද්‍රණාලයාධිපතිට නැහැ. මෙයින් පැහැදිලි වන්නේ මුදල් වියදම් කිරීමේ සීමා පනවා නිකුත් කර තිබුණු චක්‍රලේඛ කිසිවක් රජයේ මුද්‍රණාලයාධිපතිගේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් කෙටිකාලීනව බල නොපෑ බවයි. මෙසේ තිබියදී මුද්‍රණාලයාධිපතිනිය ක්‍රියාකර තිබෙන්නේ මැතිවරණය කඩාකප්පල් කිරීමේ අරමුණින්ම බව පැහැදිලියි. මේ චක්‍රලේඛවලට මුවාවෙලා මැතිවරණය කඩාකප්පල් කිරීමේ වරදින් මුද්‍රණායාධිපතිට ගැලවෙන්න බැහැ. දේශපාලන අවශ්‍යතාවය මත මැතිවරණය කඩාකප්පල් කිරීමට මුද්‍රණාලයාධිපතිනිය ක්‍රියාකර, මහ භාණ්ඩාගාරය නිකුත් කළ චක්‍රලේඛවලට මුවාවීමේ උත්සාහයක් දරා ඇති බව පෙනී යනවා.
මුද්‍රණාලයාධිපතිනිය කර තිබෙන්නේ චක්‍රලේඛවලින් ප්‍රතිපාදන සලසා ඇති ආකාරයට මහ භාණ්ඩාගාරයෙන් මුදල් ලබා නොගෙන මැතිවරණ කොමිසමට ලිපි යැවීමයි. ඒ අනුව හිතාමතාම චක්‍රලේඛවලට පටහැණිව කටයුතු කර තිබෙනවා. අපි හෙළිකරන කරුණු පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගැනීමේ වගකීමක් මැතිවරණ කොමිසම් සභාවටත් තිබෙනවා. ඒ වගේම පොදුවේ මහ ජනතාව, මැතිවරණ කටයුතුවල යෙදෙන සිවිල් සංවිධාන, මාධ්‍ය ආයතන, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඇතුළු සියලුදෙනාගෙන් ඉල්ලා සිටින්නේ මේ හෙළිකරන කරුණු පිළිබඳව සොයා බලන ලෙසයි. ඡන්ද අයිතිය කියන්නේ කිහිපදෙනෙකුගේ අයිතියක් නොවෙයි. පළාත් පාලනය ආයතනවල ඡන්ද විමසීමට අදාළව 2023 ජනවාරි 25වැනි දින යොමු කළ ඇස්තමේන්තුව අනුව ද්‍රව්‍යවලට රුපියල් මිලියන 290ක්, ශ්‍රමය සහ පොදු කාර්ය ඇස්තමේන්තුව රුපියල් මිලියන 232ක් වශයෙන් රුපියල් මිලියන 401ක් දක්වා තිබනවා. මේ එකතුව පවා වැරදියි. මුද්‍රණාලයාධිපතිනිය කොතරම් නොසැලකිල්ලෙන් කටයුතු කර තිබේද යන්න මේ ඇස්තමේන්තුවල ගණිතමය නිවැරදිතාවය හෝ තහවුරු කරගෙන නොමැති වීමෙන් පැහැදිලියි.
මේ සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලයාධිපතිනියට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වන ලෙස අපි කැබිනට් කාර්යාලයෙන් ඉල්ලා සිටිනවා. අප මේ පිළිබඳව පැමිණිලි කර, එහි පිටපතක් රජයේ මුද්‍රණාලයාධිපතිනියට යොමු කළා. ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, චෝදනාවලට ලක්වී සිටින නිලධාරිනියගෙන්ම කරුණු විමසීමක් කර තිබෙනවා. ඒ අනුව මුද්‍රණාලයාධිපතිනියගේ නිරීක්ෂණ පිළිබඳව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, අනුෂ පැල්පිට අමාත්‍ය මණ්ඩල කාර්යාලයට වාර්තාවක් ඉදිරිපත් කරමින් මුද්‍රණාලයාධිපතිනිය සාවද්‍ය කරුණු ඇතුළත් කර නැති බවට දක්වා තිබෙනවා. “හොරාගේ අම්මාගෙන් පේන අහනවා” කියන්නේ මේකට. ජනමාධ්‍ය ලේකම්වරයාගේ ලිපිය අනුව කැබිනට් ලේකම් කිසිදු පියවරක් ගන්නේ නැහැ. රජයේ මුද්‍රණාලයාධිපතිනිය කැබිනට් එකෙනුත් ආරක්ෂා කෙරෙනවා. මේ චක්‍රලේඛවලට මුවාවී මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ට සහ මුද්‍රණාලයාධිපතිනියට මැතිවරණයට අදාළ චක්‍රලේඛවලින් ආවරණයක් ලැබෙන්නේ නැහැ. මුද්‍රණාලයාධිපතිනිය සම්පූර්ණයෙන්ම ක්‍රියාකර තිබෙන්නේ ජනතාවගේ ඡන්ද අයිතිය කඩාකප්පල් කිරීමටයි. මෙවැනි තත්වයන් නැවත ඇතිවීම වළක්වා ගැනීම සඳහා ක්‍රියාකරන ලෙස ජාතික ජන බලවේගයේ ගණකාධිකාරීවරුන් සහ විගණකවරුන් දැඩි ලෙස ඉල්ලා සිටිනවා. මේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව බරපතළ ලෙස සලකා බැලිය යුතුයි.
මේ මාධ්‍ය හමුවට ප්‍රධාන ගණකාධිකාරී වසන්ත පෙරේරා, හිටපු සහකාර විගණකාධිපති කේ.ඩබ්. ගමගේ, ශ්‍රී ලංකා විගණක සේවා සංගමයේ හිටපු සභාපති සුරවීර සහ විගණක සේවා සංගමයේ කමිටු සාමාජික රම්‍යා ලාලනී යන මහත්ම මහත්මීහු එක්වී සිටියහ.
(ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.04.24) ජාතික ජන බලවේගය ලෙස මැයි දිනයට සහභාගිවීම පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණෙන් අපි මේ මාධ්‍ය හමුව පැවැත්වීමට තීරණය කළා. මැයි පළමුවැනිදා ජාත්‍යන්තර කම්කරු දිනයයි. ලෝකය පුරා සිටින ප්‍රගතිශීලී කම්කරු ජනතාව මැයි දිනයේදී තමන්ගේ අරමුණු, ඉලක්ක ජයග්‍රහණය කරගැනීම සඳහා සහ තමන්ගේ සමගිය, ශක්තිය පෙන්වීම අරමුණු කර ගෙන මැයි දිනය සමරනවා. […]
(ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.04.24)
ජාතික ජන බලවේගය ලෙස මැයි දිනයට සහභාගිවීම පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණෙන් අපි මේ මාධ්‍ය හමුව පැවැත්වීමට තීරණය කළා. මැයි පළමුවැනිදා ජාත්‍යන්තර කම්කරු දිනයයි. ලෝකය පුරා සිටින ප්‍රගතිශීලී කම්කරු ජනතාව මැයි දිනයේදී තමන්ගේ අරමුණු, ඉලක්ක ජයග්‍රහණය කරගැනීම සඳහා සහ තමන්ගේ සමගිය, ශක්තිය පෙන්වීම අරමුණු කර ගෙන මැයි දිනය සමරනවා. මේ මැයි දිනය උදාවෙන මොහොතේ ලෝකය පුරාම සිටින වැඩකරන ජනතාව විශාල අර්බුදයන්ට මුහුණ පා සිටිනවා. වර්තමානයේ ලෝකයේ අධිරාජ්‍යවාදය බිඳවැටීම නිසා ලොව පුරා ජනතාව මත විශාල බරක් පැටවී තිබෙනවා. ඒ වගේම වැඩකරන ජනතාව දිනාගත් අයිතිවාසිකම් කප්පාදු කෙරෙමින් තිබෙනවා. ජනතාව ජීවත්වෙන්න බැරි තත්වයකට මුහුණ දී තිබෙනවා. ලොව පුරා අපරාධ වැඩිවී තිබෙනවා. ඒ වගේම යුද ගිනිදැල් ඇවිලී තිබෙනවා.
අද වන විට ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත් කරපු රටක්. ගෙවා ගත නොහැකි ණය බරක් පාලකයන් විසින් ගොඩගසා තිබෙනවා. ගෙවා ගත නොහැකි බදු බරක් ජනතාව මත පටවා තිබෙනවා. වංචා දූෂණ, මහජන මුදල් නාස්තිය, දේශපාලකයන් විසින් ජනතාව රැවටීම දිගටම සිදුවෙමින් තිබෙනවා. ඉතිහාසය පුරා ජනතාව දිනාගත් අයිතිවාසිකම් කප්පාදු කරමින් තිබෙනවා. ලෝකය පුරාම වගේම අපේ රටේ ජනතාවත් බරපතළ ප්‍රශ්න රැසකට මුහුණ දෙමින් තිබෙනවා. 1886 අමෙරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නුවර වැඩකරන ජනතාව පැය 12- 15ක් පමණ වූ සේවා කාලය වෙනුවට පැය අටක වැඩ දිනයක් ඉල්ලා උද්ඝෝෂණය කළා. එවකට පාලකයන් විසින් එම උද්ඝෝෂණය මර්දනය කළා. කම්කරු නායකයන් කිහිපදෙනෙකුට දිවි පුදන්න සිදුවුණා. එසේ වුවත් එම අරගලය ජයග්‍රහණය කළා. එම අරගලය සිහිපත් කිරීම සඳහා මැයි පළමුවැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස නම් කර, සමරනු ලැබෙමින් තිබෙනවා. 1886 අරගලය කළේ පැය අටක වැඩ දිනයක් දිනාගැනීම සඳහායි. එහෙත් අද නව ලිබරල්වාදයේ ක්‍රියාමාර්ග හමුවේ දිනාගත් පැය අටේ වැඩ දිනය ජනතාවගෙන් උදුරා ගනු ලැබ තිබෙනවා. කාන්තාවන්ට පවා පැය අටකට වැඩියෙන් වැඩ කිරීමට බල කෙරී තිබෙනවා. එසේ වැඩ කිරීමෙන් පවා ජීවත්වීමට ප්‍රමාණවත් වැටුපක් නොලැබෙන තත්වයක් උදාවී තිබෙනවා.
මේ වකවානුව ජනතාවට අයිතිවාසිකම් දිනාගැනීමට හැකි වකවානුවක් නොවෙයි. වැඩකරන ජනතාවට අපි කියන්නේ මේ පාලකයන්ගෙන් අයිතීන් ඉල්ලීම තේරුමක් නැහැ. ඔවුන් අයිතිවාසිකම් දෙන්න සූදානම් නැහැ. ඇතිවී තිබෙන අර්බුදය තුළ අයිතීන් දෙන්න බැහැ. අපේ රටේ ප්‍රගතිශීලී ජනතාවට, වාමාංශික ජනතාවට තිබෙන එකම විකල්පය තමයි මේ දුෂ්ට පාලනය පරදවා, සැමදෙනාටම සාධාරණය ඉටුකිරීමට හැකි යුක්තිගරුක සමාජයක් නිර්මාණය කරන එක. ජාතික ජන බලවේගය ලෙස අපි තීරණය කළා, “රට හදන විසඳුමට – ජන බලය එක පෙළට” යන තේමාව සහිතව මැයි දිනය පැවැත්විය යුතුයි කියලා. ජාතික ජන බලවේගය ගොඩනැගුවාට පසුව පවත්වන පළමුවැනි මැයි දිනය මෙයයි. මේ මැයි දිනය පවත්වන්නේ ඉදිරියේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට තිබෙන අවස්ථාවකයි. මේ මැයි දිනය ජනාධිපතිවරණයට ශක්තියක් වෙන යෝධ පියවරක් තබාවි යැයි අපි විශ්වාස කරනවා. රට හදන විසඳුම වෙනුවෙන් ජන බලය මාලිමාව වටා ඒකාරාශී කිරීම තමයි අපේ අරමුණ. ඒ සඳහා දැවැන්ත ජනතාවක් සම්බන්ධ කර ගනිමින් මැයි දිනය පවත්වන්න අප තීරණය කර තිබෙනවා. මේ වසර තුළ නිර්මාණය කරන දැවැන්ත බලය උපයෝගී කරගෙන, මේ රට බංකොලොත් කළ දුෂ්ට පාලනය පරාජයට පත්කර, රට ගොඩනඟන්න පුළුවන් ජනතාවාදී පාලනයක් නිර්මාණය කිරීම අපේ අරමුණයි. ඒ සඳහා බලය පෙළ ගැස්වීම තමයි අපේ අරමුණ.
විශාල ජනතාවක් කොළඹට එක්රැස් කිරීමට අපහසු නිසා වැඩි ජනතාවක් සම්බන්ධ කර ගැනීමේ අරමුණ සහිතව අප ස්ථාන හතරක මැයි දින සැමරුම් පවත්වනවා. යාපනය, අනුරාධපුරය, කොළඹ, මාතර යන ප්‍රධාන නගර හතරක මැයි සැමරුම් හතරක් පවත්වන්න තීරණය කර තිබෙනවා. යාපනයේදී මැයි රැලිය පළමුවැනිදා උදේ කාලයේත් අනෙක් මැයි දින සැමරුම් සවස් වරුවේත් පවත්වන්න අදහස් කොට තිබෙනවා.
අපේ තේමාව වෙන්නේ මේ පවතින දුෂ්ට පාලනය නිමා කිරීම වෙනුවෙන් ජනතාව පෙළගැස්වීමයි. මේ වන විට අපේ රටේ සෑම ජන කණ්ඩායමක්ම මේ පාලනයෙන් බැට කා තිබෙනවා. ජීවත්වීම ඉතා අමාරුවෙලා තිබෙනවා. වැඩකරන ජනතාවට වැටුප් වැඩිවීමක් නැතිවා වගේම බදු බර වැඩිවීමත්, බඩු මිල වැඩිවීමත් වෙලා තිබෙනවා. අධ්‍යාපනය අර්බුදයට ලක්වෙලා තිබෙනවා වගේම දරුවන්ට ඉගෙන ගැනීමේ අවස්ථා අහිමි වෙලා තිබෙනවා. පෞද්ගලික අධ්‍යාපනයේ මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. දරුවන්ට අධ්‍යාපනය ලබාදීම දෙමාපියන්ට බරක් වෙලා තිබෙනවා. අනෙක් පැත්තෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටීමෙන් රෝගීන් අපහසුතාවයට පත්වී තිබෙනවා. පොදුවේ සමාජ ව්‍යුහයන් බිඳ වැටී අරාජිකත්වයට පත්වී, සමාජය තුළ ආරක්ෂාව නැතිවෙලා තිබෙනවා. ළමුන්ට වගේම කාන්තාවන්ට ආරක්ෂාව අහිමිවෙලා. මේ සමාජය මිනිස්සුන්ට මිනිස්සු ලෙස ජීවත්වීමට බැරි තත්වයක් උදාවෙලා. මෙවන් තත්වයක් දරාගෙන, මෙවන් සමාජයක් පවතින්න ඉඩහැරීමට යුක්තිගරුක ජනතාවකට අයිතියක් නැහැ.
අපේ රටේ වැඩකරන ජනතාව, වෘත්තියවේදීන්, ප්‍රගතිශීලී බලවේග, මේ සියලු දෙනාටම තෝරා ගැනීමට තිබෙන්නේ එකම විකල්පයයි. අපට ලැබෙන පළවැනි අවස්ථාවේදීම මේ පාලනය වෙනස්කොට අලුත් පාලනයක් ගොඩනැගිය යුතුයි. අපි කළ යුත්තේ පාලනයක් ගොඩනැගීම විතරක් නොවෙයි; මේ පවතින සමාජයේ ගැඹුරු වෙනසක් ඇති කිරීමයි. මේ ණයට කන, විකුණන් කන ආර්ථිකය වෙනුවට, නිෂ්පාදනය මත පදනම් වුණු ශක්තිමත්, ස්ථාවර, ආර්ථිකයක් හදන්න ඕනෑ. අපට ජාතික පුනර්ජීවනයක කාර්යභාරයක් පැවරිලා තිබෙනවා. ඒ වෙනුවෙන් ජනතාව ඒකරාශී කරගැනීමේ හා සැබෑ නිදහස දිනාගැනීමේ වගකීම අපට තිබෙනවා. ඒ සියල්ල ඒකරාශී කරගත්, ජනතාව සවිඥානකව දායක වෙන වැඩසටහනක් අපට අවශ්‍ය වෙලා තිබෙනවා. ඒ සඳහා ජනතාව පෙළගස්වන, යෝධ පියවරක් තබන අවස්ථාව බවට මේ මැයි දිනය පත්කර ගනිමු. ඒ සඳහා 2024 මැයි දිනය, ජාත්‍යන්තර කම්කරු දිනය ජාතික ජන බලවේගය හැටියට පුළුල් තේමාවක් ඔස්සේ පොදු ජනතාවට බලය ලබා ගැනීම සඳහා පොදු ජනතාව පෙළගස්වන දිනය බවට පත්කර ගනිමු. අපි ඔක්කොම එකතු වෙලා මේ සමාජය වෙනස් කරන තීරණය ගනිමු යැයි වැඩකරන ජනතාව, ගොවි ජනතාව, වෘත්තියවේදීන්, ධීවර ජනතාව, කාන්තාවන්, තරුණයන් ඇතුළු රටේ සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
අපේ රටේ කම්කරුවන්ට වෙඩි තැබූ අය, කම්කරු අයිතිවාසිකම් උදුරා ගන්න අයත් කම්කරු දිනය සමරනවා. කම්කරුවන් වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා කරන උද්ඝෝෂණයවලට පහර දෙන, වැඩකරන ජනතාව මර්දනය කරන අයත් මේ මැයි දිනය සමරනවා. එය හාස්‍යයට කරුණක්. එය කම්කරු ජනතාවට කරන අපහාසයක්. විකාරයක්. මැයි දිනය කෙළසන්න දරන එවැනි උත්සාහයන් පරද්දන්නත් මැදිහත් වෙන්න කියාත් අපි ජනතාවගෙන් ඉල්ලනවා. මැයි දිනයේ අයිතිය තිබෙන්නේ වැඩකරන ජනතාව ඇතුළු පීඩාවට පත් පොදු ජනතාවටයි. ජනතාවගේ අයිතිවාසිකම් නොදෙන, ජනතාවගේ අයිතිවාසිකම් උදුරා ගන්නා මේ පාලනය පෙරළා දමා, ජනතාවගේ පාලනයක් නිර්මාණය කිරීම සඳහා ජනතාව පෙළගස්වන, මැයි දිනයක් බවට මේ මැයි දිනය පත්කර ගනිමුයි කියා වැඩ කරන ජනතාව ප්‍රමුඛ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
“2024 මැයි දිනය ගැහැනු අපට සුවිශේෂී මැයි දිනයක් වෙන්න නියමිතයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය-
ජාතික ජන බලවේගයේ හැටියට අපි පවත්වන ප්‍රථම මැයි දිනය සඳහා ස්ථාන හතරක් තෝරාගෙන තිබෙනවා. ලංකාවේ දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක වන මේ අවුරුද්ද තුළ රටට අවශ්‍ය, රටේ පුරවැසියන් ඉල්ලන ඒ පරිවර්තනීය යුගය ආරම්භ කරන සලකුණ තියන්න මේ මැයි දින රැලි හතර තුළින් අපි බලාපොරොත්තු වෙනවා. මේ රටේ සියලුම වැඩ කරන ජනතාව එකතු කරගෙන ඒ පරිවර්තනයට සූදානම් කියලා ප්‍රකාශ කරන මොහොතක් වෙයි කියන බලාපොරොත්තුව අප තුළ තිබෙනවා. මේ මැයි දිනය වැඩකරන කාන්තාවන්ට සුවිශේෂී එකක් වෙන්න නියමිතයි. මෙතෙක් ඉතිහාසයේ නොදුටු, පළමුවැනි වතාවට දේශපාලනිකව කාන්තාවන් සවිබල වෙලා, තමන්ගේ බලය පෙන්වන්න සූදානමින් ඉන්නවා අපි දැක්කා. මේක කාන්තාවන්ට දේශපාලනිකව නායකත්වය ගන්නත්, සංවිධානය වෙන්නත්, මැදිහත් වෙන්නත් හැකියාවක් තිබෙන බව රටටත් ලෝකයටත් පෙන්වපු කාලයක්.
අපේ කාන්තාවන් සියලුම ආර්ථික ක්ෂේත්‍රවල නියෝජනය වෙනවා. අපේ රටේ ගැහැනුන් මේ රටේ ආර්ථිකයේ කොඳු නාරටියේ ප්‍රමුඛස්ථානයක් ගන්නවා. විදේශගත රැකියා ක්ෂේත්‍රයේ, තේ වගා ක්ෂේත්‍රයේ, නිදහස් වෙළඳ කලාපයේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ, අධ්‍යාපන ක්ෂේත්‍රය ඇතුළු සෑම ක්ෂේත්‍රයකම ප්‍රමුඛ කාර්යභාරයක් ගැහැනුන් විසින් නියෝජනය වෙනවා. ඊට අමතරව මේ රටේ පවුල, දරුවන්, වැඩිහිටියන් රැකබලා ගැනීම සඳහා ගෙවල් තුළත්, ප්‍රජාව තුළත් ගැහැනුන් විශාල කාර්යභාරයක් කරනවා. ඒ සුරැකුම් වැඩවලට ආණ්ඩුවලින් පහසුවක්, කිසිම ගරුත්වයක්, සුදුසු තැනක් දී නැහැ. ඇය සූරාකෑමට ලක්වෙන ප්‍රධාන චරිතය බවට පත්වෙලා තිබෙනවා. ඒ සූරාකෑම තුළින් මේ දූෂිත ආර්ථිකය පවත්වාගෙන ගොස් තිබෙනවා. බදු වැඩිවෙන විට, බඩු මිල වැඩිවෙන විට ගැහැනියගේ ජීවිතය ඉතාමත් සංකීර්ණ වෙනවා වගේම අමාරු වෙනවා. තම නිවස තුළ, වැඩ කරන ආයතනය තුළ, ප්‍රජාව තුළ මේ සෑම තැනකදීම ගැහැනියට විශාල අර්බුදවලට මුහුණ පෑමට සිදුවෙලා තිබෙනවා. ඒ වගේම ඒ තිබෙන තත්වයන් සියල්ලම කළමනාකරණය කරගෙන පවුල රැකගන්න ඇය විශාල සටනක යෙදෙමින් ඉන්නවා. ඒ නිසාම 2024 මැයි දිනය ගැහැනු අපට සුවිශේෂී මැයි දිනයක් වෙන්න නියමිතයි. අපි සියලුම ගැහැනුන්ට ආරාධනා කරනවා, මෙතෙක් ගෙන ආ පිබිදීම, තමන්ගේ බලය පෙන්වන්න මේ මැයි දිනය අවස්ථාවක් කර ගනීවි යැයි අපි විශ්වාස කරනවා. මේ රට වෙනස් කරන ප්‍රධාන බලවේගයක් හැටියට ගැහැනු අපි මැයි දිනයේදී එකතු වෙමු කියා ආරාධනා කරනවා.
“මෙවර මැයි රැලිය රටේ සියලුම පීඩිත ජනතාවට ඉතාමත් වැදගත් මැයි රැලියක් වේවි”
-ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ-
අපි ජාතික ජන බලවේගය ලෙස වසර පහක් පමණ කාලයක් සමාජගත වෙමින් ආවා. පසුගිය වසරවලදී අපි ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින පෙළපාළිවලට සහ රැලිවලට සහභාගි වුණා. මෙවර අපි ජාතික ජන බලවේගයේ මංගල මැයි රැලිය පවත්වනවා. මේ මංගල මැයි රැලිය පවත්වන්නේ ජනාධිපතිවරණයක් අභියස. මෙවර මැයි රැලිය රටේ සියලුම පීඩිත ජනතාවට ඉතාමත් වැදගත් මැයි රැලියක් වේවි. අපි සූදානමින් ඉන්නේ මේ දූෂිත දේශපාලනය වෙනස් කරන මොහොතකයි. 1886 සිට අවුරුදු 138ක් ගතවී තිබියදීත් ලෝකයේ වැඩකරන ජනතාව, මැයි දිනය තමන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමට, තමන්ට යහපත් වැඩකරන පසුබිමක් දිනාගැනීමට සහ සංවිධානය වීමට භාවිතා කරනවා. අපිත් වැඩකරන ජනතාව සමග ජාතික ජන බලවේගය ලෙස මේ මැයි දිනය සමරනවා.
මීට පෙර ජනතා විමුක්ති පෙරමුණ ඉතා අභිමානවත්ව, සංවිධානාත්මකව, විනයගරුව මැයි රැලි පවත්වපු ඉතිහාසයක් තිබෙනවා. මෙවර මැයි රැලි හතරම සාර්ථක කර ගන්න, ජාතික ජන බලවේගයටත් විශාල අභියෝගයක් තිබෙනවා. මැයි පළමුවැනිදා උදෑසන යාපන නගරයේදී මැයි රැලියක් පවත්වනවා. අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී, කොළඹ ලිප්ටන් වටරවුම ආසන්නයේදී, මාතර වෙරළබඩ තීරයේදීත් මැයි රැලි තුනක් සවස පවත්වනවා. ජාතික ජන බලවේගයේ සියලුම කොට්ඨාස සභාවල සහෝදර සහෝදරියන් වගේම විශාල ජනතාවක් මැයි දින රැලිවලට සහභාගි වීමට සූදානම් වෙමින් ඉන්නවා. ඒ සහභාගිත්වය එළඹෙන මැතිවරණ අවදියේදී විශාල පිම්මක්, ශක්තියක් ලැබේවියි අපි විශ්වාස කරනවා. තමන්ගේ කායික හෝ මානසික ශ්‍රමය විකුණා ජීවත් වෙන සියලුම දෙනාගේ දිනය මැයි පළමුවැනිදායි. ඒ ශ්‍රේෂ්ඨ දිනය අපේ අරමුණු සාර්ථක කර ගන්නා පළමු අවස්ථාවක් බවට පත්කර ගනිමු. මේ රටේ සියලුම ජනතාවට, පීඩිත කොටස්වලට, ජාතික ජන බලවේගය ලෙස අපි ආරාධනා කරන්නේ අපේ රට වෙනස් කරන දිසාවට, යහපත් දේශයක් බිහිකර ගන්න දිසාවට, පත්කර ගන්න මේ මැයි දිනය ප්‍රයෝජනයට ගනිමු. ඔබ සියලු දෙනාටම ජාතික ජන බලවේගයේ මැයි දින රැලිවලට සහභාගි වන ලෙස ආරාධනා කරනවා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු
ප්‍රශ්නය:
ඔබතුමන්ලා සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කළා, විවාදයකට එන්න කියලා දින හතරක් ලබාදුන්නා. සජිත් පේමදාස මහතාට වැඩ තිබෙන නිසා, ඒ දින හතර තුළ ඒම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔබලා මේක කියවා ගන්නේ කොහොමද?
පිළිතුර:
මේ තත්වය රටේ ජනතාව දැනටමත් කියවා ගෙන ඉන්නේ. අපි දින හතරක්ම දුන්නේ වැඩ තිබේවි යැයි උපකල්පනය කළ නිසා. ඒ වගේම අනුර සහෝදරයාත් විශාල වැඩ කොටස්වල නිරත වෙමින් ඉන්න කෙනෙක්. මේ විවාදයේ තිබෙන වැදගත්කම සලකා දින හතරක් ලබා දුන්නේ. සජිත් ප්‍රේමදාස මහතාලගේ පැත්තෙන්ම කියනවා මේ විවාදය අතිශයින් වැදගත් කියා. එසේ නම් මේ දින හතරෙන් එකක් තෝරා ගත හැකියි. ඒ හතරම බැරි නම් පුළුවන් දිනය ප්‍රකාශ කරන්න. මේ කරන්නේ මගහරින්න. ඇත්ත වශයෙන්ම, සජිත් මහතා මේ විවාදයට එන්නේ නැහැ. ඒ වෙනුවට මෙය පටලවමින් වෙන කතන්දර කියමින් ඇදගෙන යනවා. ජනතාව නොමග යවන නිසාම අපි දින හතරක් දුන්නා. එහෙම බැරි නම් පුළුවන් දිනයක් කියන්න. මේකෙන් පැහැදිලි වෙන්නේ මේ විවාදයෙන් මගහැර යාම සඳහා ක්‍රම සොයනවා හැරෙන්න මුහුණ දෙන්න උත්සාහ කරන්නේ නැහැ. මේ මෑතක වීරකැටිය පෙදෙසේ පාසලකට ගොස් පාසල් ළමුන්ට කතා කරනවා ‘මිත්‍රවරුනි’ කියලා. ළමයින්ට කතා කරන්න දන්නේ නැති කෙනෙක් එක්කයි අපට මේ විවාද කරන්න සිදුවෙලා තිබෙන්නේ. ඒ ළමුන්ට කියනවා, “මට දින හතරක් එවා තිබෙනවා. මම ලැහැස්තියි විවාදයට” කියලා. මම හිතන්නේ ඒ විවාදයට ඔහු එන්නේ නැහැ.
ප්‍රශ්නය:
අද සමගි ජන බලවේගයේ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා, ආර්ථික කමිටුවත් එක්ක ඉල්ලපු විවාදය මඟහරිනවා කියලා. ඇයි එහෙම මග හරින්නේ?
පිළිතුර:
ඇත්තටම එහෙම නැහැ. මේක නොමග යැවීමක් තිබෙන්නේ. අපිත් ඔබත් විශ්වාස කරනවා මේ වෙලාවේ ජනාධිපතිවරණයක් එනවා. ජනාධිපතිවරණයේදි දිනන්නේ සහ තීන්දු ගන්නේ ආර්ථික කමිටුව නොවෙයි. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන නායකයා අතේ තමයි වැඩි බලය තිබෙන්නේ. එයාලගේ ආර්ථික කමිටුව කියන්නේ හර්ෂද සිල්වා මහත්තයා ඉන්නේ සමගි ජන බලවේගයේද, යූ.එන්.පි.යේ ද කියලා අපට තේරුම් ගන්න බැහැ. එයා සමගි ජන බලවේගයේ ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තිය වර්ණනා කරනවා. විමධ්‍යගත අරමුදලෙන් රනිල් වික්‍රමසිංහගෙන් සල්ලිත් ගන්නවා. රනිල් වික්‍රමසිංහ ඒගොල්ලන්ගේ මන්ත්‍රීවරු හයදෙනෙකුට රුපියල් කෝටි 32ක් දීල තිබෙනවා. එරාන් වික්‍රමරත්න ඉන්නවා. එයා කියලා තියෙනවා “රජයේ දේපළ වික්කාට කමක් නැහැ. මැදපෙරදිග තෙල් විකුණනවා නම්, ඇයි අපට විකුණන්න බැරි” කියලා. මැදපෙරදිග රටවල් තෙල් වික්කාට තෙල් නිධිය විකුණන්නේ නැහැනේ. තෙල් ළිඳ විකුණන්නේ නැහැනේ. එරාන් වික්‍රමරත්නට ඒක තේරුම් ගන්න බැරි නම්, එයාලාවගේ අය එක්ක සාකච්ඡා කරන එකේ තේරුම මොකක්ද? අපේ ගත්තොත් අපි කිරි විකිණිය යුතුයි. හැබැයි කිරි ගොවිපොළ විකුණන්න ඕනෙ නැහැනේ. ලංකාවේ කරන්නේ කිරි විකුණනවා වෙනුවට කිරි ගොවිපොළ විකුණනවා. අපේ නිෂ්පාදිතයන් විකුණනවා වෙනුවට අපේ සම්පත් විකුණන එකයි.
අපි හිතනවා ඊට වඩා වැදගත් වගකීමක් තිබෙන්නේ නායකයොත් එක්ක සාකච්ඡා කරන එකයි. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්තයාත් අපේ අනුර සහෝදරයාත් එක්ක සාකච්ඡාවක් කරමු. සජිත් මහත්තයා නිශ්චිතව, ලිඛිතව කියනවා නම්, මට එන්න බැහැ. ඕගොල්ලෝ මේ ගොල්ලොත් එක්ක කර ගන්න. ඒත් අපි ලැහැස්තියි. අපේ ආර්ථික කවුන්සිලය ඒක බැහැ කියන්නේ නැහැ. අපි හිතනවා ප්‍රමුඛතාවය ලබාදිය යුතුව තිබෙන්නේ නායකයෝ දෙන්නා අතර සාකච්ඡාවටයි. ඔවුන් තමයි ජනාධිපති අපේක්ෂකයෝ. ඔවුන් තමයි ප්‍රතිපත්තිවලට වගකියන්න ඕනෑ.
(-Colombo, April 23, 2024-) අද (23) පෙරවරුවේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක හමුවිය. චීන දූත මණ්ඩලය වෙනුවෙන් මෙම හමුවට චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය හා එම පක්ෂයේ මධ්‍යම කාරක සභික Sun Haiyan, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු […]
(-Colombo, April 23, 2024-)
අද (23) පෙරවරුවේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක හමුවිය.
චීන දූත මණ්ඩලය වෙනුවෙන් මෙම හමුවට චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය හා එම පක්ෂයේ මධ්‍යම කාරක සභික Sun Haiyan, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් Lin Tao, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ කවුන්සලර් Chen Xiangyuan, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Li Jinyan, නියෝජ්‍ය අධ්‍යක්ෂ Wen Jun නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ලේකම් Jin Yan, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයෙ තෙවැනි ලේකම් Jin Enze හා භාෂා පරිවර්තක Zhang Guyu යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.
ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජාතික විධාය සභිකයින් වන විජිත හේරත්, ආචාර්ය හරිනි අමරසූරිය, මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, සුනිල් හඳුන්නෙත්ති යන අයද එක්ව සිටියහ.
මෙම හමුවේදී වත්මන් දේශපාලන තත්වය, ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සහ වර්ධනය විය හැකි දේශපාලන තත්වයන් පිළිබදව විශේෂයෙන් දෙපාර්ශ්වය අතර සාකච්ඡා කෙරිණි.
මැතිවරණයක් සඳහා ජාතික ජන බලවේගයේ සූදානම, ඒ සඳහා අනුගමනය කිරීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග හා උපායමාර්ග පිළිබඳවත් නිර්මාණය වී ඇති අර්බුදකාරී තත්වයෙන් රට ගොඩගැනීම සඳහා මූලිකව දේශපාලන ස්ථාවරත්වයක් රට තුළ ඇති කිරීමේ වැදගත්කම ජාතික ජන බලවේගයේ නායකයින් විසින් පෙන්වා දෙන ලදී.
ජාතික ජන බලවේගය දේශපාලන ක්ෂේත්‍රය තුළ වේගයෙන් වර්ධනය වෙමින් මහජනතාවගේ ජනප්‍රියත්වය හා ආකර්ෂණය අත් කර ගැනීමේදී අනුගමනය කළ ක්‍රියාමාර්ග සහ සංවිධාන ව්‍යුහයන් පිළිබඳව චීන දූත පිරිසේ අවධානය යොමු විය.
විවිධ ජන කණ්ඩායම්, සමාජ ස්ථරයන් හා විදේශගත ලාංකිකයින් සමග පවතින සම්බන්ධතාවයන්, රට ගොඩනැගීමේදී ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති, පක්ෂ ව්‍යුහයන් මහජනතාව සමඟ පවතින සංවාදය පිළිබඳව මෙහිදී ජාතික ජන බලවේගයේ නායකයෝ චීන දූත පිරිසට අවධාරණය කළහ.
චීන කොමියුනිස්ට් පක්ෂය සමග ඇති අන්‍යෝන්‍ය විශ්වාසය, සමාජ සංස්කෘතික සබඳතා හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ තවදුරටත් වර්ධනය කර ගැනීම හා ආර්ථිකය සංවර්ධනය කිරීමේදී එම සබඳතා යොදාගත හැකි ආකාරය පිළිබඳවත් දෙපාර්ශ්වය අතර වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.
මෙම හමුවට පෙර මහරගම පැවැති ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලයේදී චීනයේ දූත පිරිස ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය නායකයින් සමඟ පක්ෂයේ දිස්ත්‍රික් මට්ටමේ සහ කොට්ඨාශ මට්ටමේ දේශපාලන ක්‍රියාකාරිත්වයන් සමබන්ධයෙන් විශේෂ සාකච්ඡාවක නිරත විය.
(ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.04.17) ලබන 21වැනි දිනට ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරය එල්ල කර වසර 05ක් සම්පූර්ණ වෙනවා. මෙම කාලය තුළ අපි ඉතාමත් සැලකිල්ලෙන් මෙම ප්‍රහාරය පිළිබඳව අවධානය යොමු කරමින් සිටියා. ගෙවී ගිය වසර 05 පුරාම පැවැති ආණ්ඩුව හෝ පවතින ආණ්ඩුව විසින් වින්දිතයන්ට සාධාරණය ඉෂ්ට කළේ නැහැ. මේ වන විට ජීවිත 273ක් අහිමි වී […]
(ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.04.17)
ලබන 21වැනි දිනට ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරය එල්ල කර වසර 05ක් සම්පූර්ණ වෙනවා. මෙම කාලය තුළ අපි ඉතාමත් සැලකිල්ලෙන් මෙම ප්‍රහාරය පිළිබඳව අවධානය යොමු කරමින් සිටියා. ගෙවී ගිය වසර 05 පුරාම පැවැති ආණ්ඩුව හෝ පවතින ආණ්ඩුව විසින් වින්දිතයන්ට සාධාරණය ඉෂ්ට කළේ නැහැ. මේ වන විට ජීවිත 273ක් අහිමි වී 500කට අධික පිරිසක් පූර්ණ හෝ අර්ධ ආබාධිත තත්වයට පත්වී සිටිනවා. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පාලකයන් අදටත් උසුළු විසුළු කරන ස්වභාවයක් අපි දකිනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම ප්‍රහාරයට අදාළ වගකිවයුත්තන් තමන් දන්නා බව ප්‍රකාශ කළා. මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ එය හෙළිකරන බවත් කීවා. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව ඔහුගේ නීතිඥයා අධිකරණයේදී ප්‍රකාශ කළේ මහේස්ත්‍රාත් අධිකරණයේදී ප්‍රකාශයක් කිරීමේ අවශ්‍යතාවයක් මෛත්‍රීපාල සිරිසේනට නොමැති බවයි.
අදටත් සැහැල්ලුවෙන් ඉතාතමත්ම පටු, පෞද්ගලික වුවමනාවන් අනුව මෙම ප්‍රහාරයට වගකිවයුතු නායකයන් ක්‍රියාකරන බව පැහැදිලියි. මේ තත්වය තුළ ජාතික ජන බලවේගය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන්න කටයුතු කළා. එහි මූලික කරුණු කිහිපයක් ඇතුළත් කර තිබෙනවා. මෙම ප්‍රහාරයට අදාළව මූලික මිනිස් අයිතිවාසිකම් නඩු විභායකින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවන් ලෙස නම්කර වන්දි ගෙවීමට නියම කළ පිරිසට එරෙහිව තවමත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් අපරාධ නඩුවක් ගොනු කිරීමේ සූදානමක් නැහැ. ඒ වගේම මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැහැ. මේ තත්වය තුළ ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ අදාළ චූදියන්ට අපරාධමය නඩු ගොනු කරන බව මේ ලියවිල්ලේ අවධරණය කර තිබෙනවා. ඊට අමතරම මේ වන විට හෙළි වී තිබෙන විශාල සාක්ෂි ප්‍රමාණයට අමතරව තවදුරටත් පරීක්ෂණ සිදු කළ යුතු නම් ඒ වෙනුවෙන් ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ විශේෂ පරීක්ෂණ කොමිෂමක් පත්කර, එම කොමිසමේ නිර්දේශ පදනම් කරගෙන අපරාධමය චෝදනා නැගිය යුතු තවත් පිරිසක් සිටිනවා නම්, ඔවුන් සම්බන්ධයෙන්ද ක්‍රියාකරන බව මේ ලියවිල්ලෙන් සහතික කර තිබෙනවා.
“ආණ්ඩුවෙන් හෝ නිල විපක්ෂයෙන් පාස්කු වින්දිතයින්ට යුක්තිය ඉටු වනු ඇතැයි සිතීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමක්”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, මහාචාර්ය විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන-
පාස්කු ප්‍රහාරයෙන් මියගිය 273දෙනා අතරින් 45ක් පමණ විදේශිකයන් වන අතර, ළමුන් හතළිහක් පමණ ඒ අතර සිටිනවා. ආබාධිත තත්වයට පත්වී සිටින 500ක් පමණ පිරිස වගේම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මානසික වශයෙන් දැඩි බියකින් පසුවෙනවා. අදටත් පල්ලියක් ඉදිරියෙන් ගමන් කරන්න විශාල බියක් දක්වන මානසික තත්වයකින් පසුවෙනවා. ඊට අමතරව අපේ රට සම්බන්ධයෙන් විදේශිකයන්ගේ බියක් ඇති කර රට තුළ ජාතීන් අතර වෛරය පැතිරුවා. මේ නිසා අපේ සමාජයට පාස්කු ප්‍රහාරය දරුණු ලෙස බලපෑවා. අනෙක් අතට මෙම ප්‍රහාරය එල්ල කෙරෙන බව දැන දැනත් එය වැළැක්වීම සඳහා කිසිදු සාධනීය පියවරක් ගත්තේ නැහැ. මේ ප්‍රහාරය අන්තවාදී කණ්ඩායමක වුවමනාව පමණක් නොවෙයි, බලය ලබාගැනීම සඳහා යොදා ගත් බවටත් සාක්ෂි තිබෙනවා. මේ සම්බන්ධයෙන් පරීක්ෂා කර බලන්න 2019 දී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළා. ඒ නිර්දේශවලට කුමක් සිදුවූයේදැයි දන්නේ නැහැ. ඒ වගේම රුපියල් කෝටි ගණනක් වියදම් කර, පුද්ගලයින් 450කට අධික සංඛ්‍යාවක් සාක්ෂි විමසූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව කුමක්දැයි ජනතාව දන්නේ නැහැ. ඉතා අමාරුවෙන් කාදිනල් හිමිපානන්ට වාර්තාවක් ලබාදුන්නත් එහි පිටු 1500ක් පමණ අඩුයි. මේ විදිහට තොරතුරු හංගන්නේ ඇයි?
ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ නිලධාරීන් වැරදිකරුවන් ලෙස නම් කළත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති මුක්තිය යටතේ චූදිතයෙක් කළ නොහැකි වුණා. නමුත් වැරදිකරුවෙක් කළ මෛත්‍රීපාල සිරිසේන අදාළ වන්දි මුදල මේ දක්වා නොගෙවා විවිධ ප්‍රකාශ කරමින් සිටිනවා. කිතුනු සභාවත් ජාතික ජන බලවේගයත් මුල සිටම යුක්තිය වෙනුවෙන් අඛණ්ඩව කටයුතු කරනවා. සෑම මසකම 21වැනි දින පල්ලිය හන්දියේදී ජාතික ජන බලවේගයේ විරෝධතාවක් දැක්වූවා. වසර පහක් පුරා මේ ක්‍රියාමාර්ග තුළින් යුක්තිය ඉටුකර ගත නොහැකි වුණා. අද විපක්ෂයේ සිටිමින් කෑ ගහන සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිස එදා යහපාලන ආණ්ඩුවේ කොටස්කරුවන්. රනිල් වික්‍රමසිංහ වගේම මේ සියලු දෙනාත් වගකියන්න ඕනෑ. මූලික අයිතිවාසිකම් නඩුවේදී අද විපක්ෂයේ ඉන්න සජිත් ප්‍රේමදාස ඇතුළු එදා කැබිනට් මණ්ඩලයේ සිටි අයත් චූදිතයෝ බව මතක තියාගන්න ඕනෑ. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට දඬුවම් දෙන්න ඕනෑ කියල කෑ ගහන බොහෝ දෙනෙක් සිංහල අන්තවාදය පෝෂණය කළ අය බව මතක් කර දෙන්න ඕනෑ. පවතින ආණ්ඩු පක්ෂයෙන් හෝ නිල විපක්ෂයෙන් පාස්කු වින්දිතයින්ට යුක්තිය ඉටුවෙවි යැයි කවුරුන් හෝ බලාපොරොත්තු වෙනවා නම්, එය ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා වගේ වැඩක්.
බලය සඳහා කෑදරකමින් ක්‍රියාකරන කුහක දේශපාලනයක් අපේ රටේ තිබෙනවා. ඒ අතර කවුරුන් හෝ ආණ්ඩුවෙන් හෝ විපක්ෂයෙන් අවංකව යුක්තිය බලාපොරොත්තු වෙනවා නම්, එය දේශපාලන සාක්ෂරතාවය පිළිබඳ ප්‍රශ්නයක්. ජාතික ජන බලවේගයේ පැහැදිලි ප්‍රතිපත්තිය සෑම ආගමකටම, සංස්කෘතියකටම ගරු කිරීමයි. අපේ පාලනයක් යටතේ මෙවැනි තත්වයක් ඇති නොවෙන ලෙස ජාතික සහ ආගමික සමගිය ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කරනවා. අද ලබාදෙන ප්‍රතිඥාව අනුව අපේ පාලනයක් යටතේ කටයුතු කරන බවත් ඒ වෙනුවෙන් ශක්තියක් වෙන්න සියලුම දෙනා ඒකරාශී වෙන ලෙසත් ඉල්ලා සිටිනවා.
“ස්වයං ඝාතක කණ්ඩායම් නිර්මාණය කිරීම යූ ටියුබ් බලලා කෑම උයන්න ඉගෙන ගන්නවා වගේ වැඩක් නොවෙයි”
-ජනාධිපති නිතිඥ උපුල් කුමරප්පෙරුම-
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ මම එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටි අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, ශානි අබේසේකර යන නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටියා. එම කොමිසමේදී අනාවරණය වූ කරුණු අනුව විමර්ශන කටයුතු සිදුවුණේදැයි සහ මේ ප්‍රහාරය සිදුකරන්නේ මොන වගේ කුමන්ත්‍රණකාරී පසුබිමකදැයි මූලික වශයෙන් පැහැදිලි කරන්නම්. මේ කුමන්ත්‍රණය සිදුකරන්නේ දේශපාලන බලපෙරළියක් සඳහා වූ වුවමනාවකින්ද, 2019 නොවැම්බර් මාසයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වෙනවාත් සමගම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ ක්‍රියාවලිය ඒ දක්වා සිදුකළ නිලධාරීන් මාරුකර ඉන් පසුව සම්පූර්ණයෙන්ම අඩපණ කර දමනවා. මේ කරුණු පිළිබඳව අද දක්වාම කිසිදු විමර්ශනයක් සිදුකර නැහැ. සහරාන් ඇතුළු කණ්ඩායමට ඉහළින් සිටින අබුහිඩ් නම් පුද්ගලයෙක් ගැන ජනාධිපති කොමිෂමේදී හෙළි වුණා. නමුත් ඔහු පිළිබඳව මේ දක්වා ඔහු අයි.එස්.අයි.එස්. සාමාජිකයෙක්ද ඔහු විදේශිකයෙක්ද, ඔහු ශ්‍රී ලාංකිකයෙක්ද එහෙමත් නැතිනම් එය ඇත්ත නමක්ද බොරු නමක්ද එවැනි ආරූඪ නාමයකින් කෙනෙක් ජීවත් වෙනවාද වැනි කරුණු කිසිවක් ගැන පරීක්ෂණ පවත්වා නැහැ.
ප්‍රහාරය එල්ලවීමත් සමගම වාගේ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව නඩු පවරා ඒ නඩුවලින් ඔවුන් නිදහස් වූවා. ඊට අමතරව විශේෂ අපරාධ නඩුවක් මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු ඉදිරියේ තවමත් විභාග වෙමින් පවතිනවා. ඒ හැර වෙනත් කිසිම අපරාධ නඩුවක් අද වෙනතුරු අධිකරණයක් ඉදිරියේ පවරා නැහැ. ඒ වගේම තාජ් හෝටලයේ බෝම්බ පුපුරවා ගත් ජමීල්, දෙහිවල පල්ලියකදී ආරක්ෂක නිලධාරියාගේ ප්‍රශ්න කිරීමට ලක්ව ඔහුගේ පදිංචිය තහවුරු කර ගන්න කොලොන්නාවේ නිවසට දුරකථන ඇමතුමක් ගන්නවා. එයට උත්තර දෙන්නේ බුද්ධි අංශ නිලධාරීන්. ඔවුන් ජමීල්ගේ ගෙදර ගිහින් හිටියේ ඇයි කියලා මේ දක්වා විමර්ශනයට ලක්කර තිබෙනවාද? ඒ වගේම සාරා ජෙස්මින් සම්බන්ධයෙන් පරස්පර විරෝධී ප්‍රකාශ ගණනාවක් තිබෙනවා. 2023 දක්වා සාරා ජෙස්මින්ගේ ඩී.එන්.ඒ. සාම්පල් පරීක්ෂා කර බැලුවත් අවස්ථා කිහිපයකදීම සමපාත වුණේ නැහැ. අවසන් වශයෙන් එම සාම්පල් තහවුරු වූ බව කීවත් ඒ සම්බන්ධයෙන් විශාල සැකයක් සමාජයේ පවතිනවා. ඩී.එන්.ඒ. සම්බන්ධයෙන් මේ කතාව ඇත්තක්ද? වෙනත් දෙයක් හංගන්න කරන උත්සාහයක්ද? ඒ වගේම සාරා ජෙස්මින් සත්‍ය වශයෙන්ම මරණයට පත්වූවාද? නැත්නම් ජීවත් වෙනවාද? මේ වැනි කරුණු ගණනාවක් විමර්ශන තුළින් නිරාකරණය වී නැහැ.
එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් සිය දිවි නසා ගන්නා ඝාතක කණ්ඩායම් නිර්මාණය කළේ සෑහෙන කාලයක් ගිය පසුවයි. යූ. ටියුබ් බලලා කෑම උයන්න ඉගෙන ගන්නවා වගේ වැඩක් නොවෙයි, මෙවැනි ස්වයං ඝාතක කණ්ඩායම් නිර්මාණය කිරීම. ඔවුන්ගේ මොළ සුද්ද කළේ කවුද? මෙවැනි කණ්ඩායම් පුහුණු කිරීමට අවුරුදු කීයක් ගතවෙනවාද? මේකත් හරියට ලංකාවේ කුඩු නෙට්වර්ක් එක වගෙයි. කුඩු අහුවෙනවා, උඩින් ඉන්න කෙනෙක් සොයා ගන්න බැහැ. සහරාන්ලට මේ පාඩම් ඉගැන්වූ පුද්ගලයන් කවුදැයි මේ දක්වා විමර්ශනවලින් හෙළිකර ගෙන නැහැ. මුලින් විමර්ශනය කළ නිලධාරීන් පන්නා දැමුවාට පස්සේ විමර්ශන කටයුතු නිසියාකාරව සිදුවුණාද? මෙවැනි ගැටලු නිරාකරණය කර ගන්න නම්, වින්දිතයන්ට සාධාරණයක් ඉටුකර ගන්න නම්, අපක්ෂපාතී විමර්ශනයක් පැවැත්විය යුතුයි. අපි මේ ප්‍රඥප්තියෙන් තහවුරු කරන්නේ ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ රටේ ජනතාවට ඉටුකළ යුතු යුක්තිය ඉටුකරන බව අවධාරණය කරන්නයි.
“ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ අගමැති අද ජනාධිපති වුවත් වින්දිතයන්ට සාධාරණත්වය ඉටු වේ නම් ඒ ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ පමණයි”
-කැලණිය විශ්වවිද්‍යාලයේ ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ ආචාර්ය විජිත් රොහාන් ප්‍රනාන්දු-
මේ මාධ්‍ය සාකච්ඡාවට අපි සහභාගී වෙන්නේ ජාතික සමගිය සහ ජාතික සංහිඳියාව සම්බන්ධයෙන් මුලසිටම ජාතික ජන බලවේගය සමග එක්ව ක්‍රියාකළ කණ්ඩායමක් වශයෙන්. 2020 මහා මැතිවරණයේදී අපි කළ යුත්තේ කුමක්ද සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කරන බව පත්‍රිකාවක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. මේ ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වූයේ කතෝලික කිතුනු ජනතාව පමණක් නොවෙයි. ඒ වගේම ඉස්ලාම් භක්තික මුස්ලිම් ප්‍රජාවත් තවත් ආකාරයකින් වින්දිතයන් බවට පත්වුණා. තමන් කිසිසේත්ම නොදන්නා ම්ලේච්ඡ ප්‍රහාරයකට වගකියන්න ඔවුන්ට සිදුවූවා. කතෝලික කතුනු ජනතාවත් මුස්ලිම් ජනතාවත් භෞතිකව වින්දිතයන් බවට පත්වූ ඒ ප්‍රහාරය වෙනුවෙන් ජාතික සමගිය ගොඩනඟන්න අපි මුල සිටම ක්‍රියා කළා. මේ මැතිවරණ වර්ෂයේදී ජාතික ජන බලවේගය වෙනුවෙන් පෙනී සිටින්න ශුද්ධ වූ අයිතියක් වගේම විශ්වසනීය බවක් අපට තිබෙනවා. මෙය පැහැදිලිවම දේශපාලන බලය ලබා ගැනීම සඳහා එල්ල කළ ප්‍රහාරයක් නම්, ඒ වෙනුවෙන් යුක්තිය සහ සාධාරණත්වය දේශපාලනිකවම විසඳා ගත යුතුයි.
මේ රටේ බහුතරයක් ජනතාව සිංහල බෞද්ධ. ඔවුන්ගෙන් ඉතාමත් සුළු පිරිසක් අන්තවාදී වී ක්‍රියාකළත් සාතිශය බහුතරයක් ජනතාව පක්ෂ දේශපාලනය නිසා අන්තවාදී වූයේ නැහැ. පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් බලයට පත්වූ අය වින්දිතයන් වෙනුවෙන් කිසිදු සාධාරණත්වයක් ඉටුකළේ නැහැ. එදා ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ සිටි අගමැති අද ජනාධිපති වී වින්දිතයන්ට සාධාරණත්වය ඉටුකරන්න බැරි නම්, එකම විකල්පය ජාතික ජන බලවේගය පමණයි. ඒ ශුද්ධ වූ අයිතිය ලබාගැනීම සඳහා අපි දිගටම ක්‍රියාකරනවා.
“පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුකරන බවට ජාතික ජන බලවේගය සහතික වෙනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ජ්‍යෙෂ්ඨ නීතිඥ හර්ෂණ නානායක්කාර-
රෝමයේ සිටි දාර්ශනිකයෙක් සහ නීතිඥවරයෙක් වන මාකස් සිසිරෝ එක් අවස්ථාවක ප්‍රකාශ කර තිබෙනවා, “අධිරාජ්‍යයක් බිඳවැටෙන අවස්ථාවේ එහි නීතිය උන්මත්තක ස්වභාවයක් උසුලනවා” යනුවෙන්. අපේ රට කඩා වැටීමේදී නීතියේ උන්මත්තක ස්වභාවය ආරම්භ වී තිබුණා. අපේ රටේ මානව හිමිකම් කඩකළ බවට ඔප්පු වූ පුද්ගලයෙක් පොලිස්පති වී සිටිනවා. ඒ වගේම පුද්ගලයන්ට පොලීසියෙන් පහර දී, පොලීසි තුළදී පුද්ගලයන් මිය යෑම අලුත් දේවල් නොවෙයි. තරුණයෙකුට පොලීසියෙන් පහර දීම නිසා ඔහුගේ වෘෂණ කෝෂයක් පවා ශල්‍යකර්මයකින් ඉවත් කිරීමේ තත්වයක් උදාවුණා. යුක්තිය යනුවෙන් නම් කළ මෙහෙයුමක් දියත් කර, කන් හැන්දෙන් මැනිය හැකි කුඩු අල්ලනවා. ටොන් ගණන් ගේන ඒවා අල්ලන්නේ නැහැ. පවතින උම්මත්තක ස්වභාවය මේකයි. ආගමක් ගැන කවියක් හෝ පොතක් ලීවොත් ඒ කලාකරුවන්ව අත්අඩංගුවට ගෙන ආගම්වලට අපහාස කිරීමේ චෝදනා කරනවා. නමුත් රටේ සිදු කළ ම්ලේච්ඡම පාස්කු ප්‍රහාරයට අවුරුදු පහක් සම්පූර්ණ වුවත් එහි වගඋත්තරකරුවන් අල්ලන්න හැකි වී නැහැ. ඒ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හතරවැනි විවාදයත් පවත්වන්න සූදානම් වෙනවා. කථානායක ප්‍රකාශ කරන ආකාරයට ඒ වෙනුවෙන් රුපියල් මිලියන 45ක් පමණ වැය වෙනවා. කලින් විවාදවලදී වින්දිතයන්ට ඉටුවී තිබෙන යුක්තිය මොකක්ද? පැවරූ නඩු මොනවාද?
ඉතාම හොඳින් රාජකාරිය ඉටුකළ රස පරීක්ෂකවරයෙක් වන මෙන්ඩිස් මහත්මයා මෑතකදී ප්‍රකාශ කළේ ඕනෑම අපරාධයක් විසඳන්න පොලීසියට සහ සී.අයි.ඩී. එකට හැකි වුවත් ආණ්ඩුව අපරාධයක් කර ඇත්නම් සොයාගත නොහැකි බවයි. අද මහජන මතය වී තිබෙන්නේ පාස්කු ප්‍රහාරය යම් දේශපාලන කණ්ඩායමක් බලයට පැමිණීම සඳහා කළ කුමන්ත්‍රණයක් හැටියටයි. දඩයම කළේ කවුද යන්න අපි නොදැක්කාට දඩයම කරේ තියාගෙන ගිය කෙනා අපි කවුරුත් දන්නවා. සජිත් ප්‍රේමදාස තමන්ගේ ආණ්ඩුවක් යටතේ පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකරන බව ප්‍රකාශ කර තිබුණා. ප්‍රහාරය එල්ල වන විට පොලීසිය බාර ඇමති වී සිටියේ රංජිත් මද්දුම බණ්ඩාර බව සජිත් ප්‍රේමදාසට අමතකයි. අද සමගි ජන බලවේගයේ මහ ලේකම් හැටියට මද්දුම බණ්ඩාර පත්කරගෙන යුක්තිය ඉෂ්ට කර ගන්න පුළුවන්ද? ජාතික ජන බලවේගයටත්, පුරවැසියන්ටත් දැනට හැකියාව තිබෙන්නේ අදාළ කරුණු සම්බන්ධයෙන් පැමිණිලි කිරීමටත් ජනතාව දැනුවත් කිරීමටත් පමණයි. පැමිණිලි සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ සිදුකරන්නේ නැතිනම් පවතින රජයේ කැමැත්ත ඒකයි. කවදාවත් රනිල් වික්‍රමසිංහ යටතේ පාස්කු ප්‍රහාරයේ වගඋත්තරකරුවන්ට දඬුවම් ලැබෙන්නේ නැහැ. ඔහු උත්සාහ කරන්නේ තවත් බොරු පාර්ලිමේන්තු විවාදයක් කිරීමට පමණයි. නමුත් අවශ්‍ය වන්නේ නීතිපතිවරයා විසින් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමයි. ජාතික ජන බලවේගය යටතේ නිසි පරීක්ෂණ පවත්වා අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට අපි ජනතාවට සපථ කර කියනවා.
ඒ සම්බන්ධව අපේ මේ ප්‍රඥප්තියෙන් විවෘතව සඳහන් කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා තිබූ මූලික හිමිකම් කඩකිරීමේ පෙත්සම්වලින් වරදකරුවන් වූ අයට දඩ මුදලක් පනවනවා මිස අපරාධකරුවන්ට දඬුවම් කිරීමේ හැකියාවක් මූලික අයිතිවාසිකම් පෙත්සම් විනිශ්චයකදී ලබාගන්න බැහැ. දඬුවම් ලබාදෙන්න නම්, අපරාධ චෝදනා ගොනුකරන්න ඕනෑ. ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ අපරාධ චෝදනා ගොනුකිරීම අපි සිදුකරනවා. ඒ වගේම දැනටමත් විභාග වෙමින් පවතින නමුදු ප්‍රමුඛතා පදනමක් යටතේ විභාග කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමටත් මේ වන විට රටින් පැනගොස් සිටින මේ අපරාධයට සම්බන්ධ සියලුම අපරාධකරුවන් නැවත ගෙන්වා ගැනීමටත් ක්‍රියාකර, මෙම ප්‍රහාරයේ සැලසුම්කරුවන් සහ කුමන්ත්‍රණකරුවන් මේ තුළින් හෙළිකර ගැනීමටත් බලාපොරොත්තු වෙනවා. ඔවුන්ට අපරාධ නඩු පවරා වින්දිතයන්ට සාධාරණය ඉටුකරන බවට ජාතික ජන බලවේගය සහතික වෙනවා. අද දින මාධ්‍යයට නිකුත් කරන මේ ප්‍රඥප්තියේ පිටපතක් කාදිනල් හිමිපාණන්ට ලබාදෙනවා. මේ රටේ ජීවත් වෙන සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවන්ට බියෙන්, සැකයෙන් තොරව ජීවත් වීමේ හැකියාව නිර්මාණය කර දෙන බවට අපි පොරොන්දු වෙනවා.