(-Anuradhapura, May 01, 2024-) ජාතික ජන බලවේගයේ අනුරාධුපර මැයි රැලිය මැයි දිනය සමරන්න ජනතාව එක තැනකට එකතුකරන්න, කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩක් නැති නිසා අද අපිට දැවැන්ත මැයි රැළි හතරක් පවත්වන්න සිදුවුනා. අපි සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව එකතුකරගෙන අද මැයි රැළි පවත්වනවා. අපි ඔබට කියනවා, මේ රටේ ජනතා පාලනයක් අපි ගොඩනඟනවා. වැඩකරන ජනතාවට ජීවත් වෙන්න සුදුසු […]
(-Anuradhapura, May 01, 2024-)
ජාතික ජන බලවේගයේ අනුරාධුපර මැයි රැලිය
මැයි දිනය සමරන්න ජනතාව එක තැනකට එකතුකරන්න, කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩක් නැති නිසා අද අපිට දැවැන්ත මැයි රැළි හතරක් පවත්වන්න සිදුවුනා. අපි සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව එකතුකරගෙන අද මැයි රැළි පවත්වනවා. අපි ඔබට කියනවා, මේ රටේ ජනතා පාලනයක් අපි ගොඩනඟනවා. වැඩකරන ජනතාවට ජීවත් වෙන්න සුදුසු රටක් ගොඩනගන්න, අලුත් ජවයක් දෙන්න කොන්දේසි විරහිතව අපි එකතු වෙලා ඉන්නවා. අපට තිබෙනවා දැවැන්ත බලාපොරොත්තුවක්. ඒ තමයි වැඩ කරන ජනතාවගේ සැබෑ ඕනෑ එපාකම් තේරුම් ගත හැකි, අයිතිවාසිකම් පිළිබඳව සැබෑ වූ හැඟීමක් තිබෙන, ඔබ ප්‍රදේශය නියෝජනය කරන අනුර දිසානායක සහෝදරයා එළඹෙන ජනාධිපතිවරණයේ පුරෝගාමී නායකත්වය ගන්න බව අපි ඉතාමත් ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා.
අද උදේ වෙනකොට, පෙට්්‍රල් මිල රුපියල් 20/-කින් අඩුවෙලා තිබෙනවා. ඩීසල් රුපියල් 30/-කින් අඩුවෙලා තිබෙනවා. සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 50/-කින් අඩුකර තිබෙනවා. අපි මේවට රැවටෙන්නේ නැහැ. ජන බලය මාලිමාවට හැරෙනකොට බය වුණු පාලකයාට සිදුවෙනවා ජනතාව තමන්ගේ දිශාවට හරවාගන්න. තමන්ගෙන් ගිලිහෙන බලය නැවත ආපසු හරවාගන්න. අරක්කු බෝතල්, බත් පැකට්, ජනතාව රවටන ලාබ තුරුම්පු දෙන්න වෙනවා. ඒ සියල්ල හොඳින් හඳුනා ගත් ජනතාව තේරුම් අරගෙන තිබෙනවා මේ පිළුණු වුණු ක්‍රමය වෙනස් කිරීමෙන් මිස මේ ලාභ තුරුම්පුවලින් ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන්නේ නැහැ කියන එක. ජනතාවාදී, මිනිස්කමේ සුවඳ විහිදෙන, අලුත් පාලනය ක්‍රමයක් අපට ඕන. මිනිසුන්ගේ සැබෑ ගැටලු හඳුනන පාලන ක්‍රමයක් අපට ඕන. වැඩකරන පංතියේ මිනිසුන්ගේ දූ දරුවන්ට හොඳ අධ්‍යාපනයක්, දරුවන්ට නිදහසේ ජීවත්වෙන්න නිදහස් නිවහල් රටක් අවශ්‍යයි. නිදහසේ හුස්ම ගන්න සුදුසු පරිසරයක් ඕන වෙනවා. මේ රටට, භූමියට ආදරය කරන නායකයෙක් ඕන වෙන්නේ ඒ නිසා. ඔබේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන, සෞඛ්‍ය ගැන හිතන, නිදහස් ප්‍රවාහන ක්‍රමයක් නිර්මාණය කරන, මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කරන, ආගම්, ජාති, කුල යන වර්ග භේදයකින් තොරව සියලු දෙනාටම සමාන මිනිසුන් ලෙස ජීවත් විය හැකි සමාජයක් අපට ඕන. එවැනි සමාජ ක්‍රමයක් නිර්මාණය කළ හැකි, අලුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කළ හැකි එකම බලවේගය ජාතික ජන බලවේගය විතරයි.
අපි දන්නවා මිනිසුන් හැටියට ඔබ, අපි හම්බ කරන මේ සෑම ශතයක්ම, අරපිරිමැස්මෙන් හසුරුවන්න ගෙදර ගැහැනිය මහත් උත්සාහයක් ගන්නවා. ජීවත් වෙන්න උත්සාහ කරනවා වුණත් ඔවුන් ගෙවල් ඇතුලේ විඳින පීඩනය කෙතරම්ද කියා අපි දන්නවා. පෞද්ගලික අංශයේ, රාජ්‍ය අංශයේ, ඇඟලුම් කම්හල්වල, වතු කම්කරුවන් ලෙස, මැදපෙරදිග ගෘහ සේවයේ, ගොවි බිම්වල, ධීවර ගම්වල දුක් විඳින සෑම ගැහැනියකගේම ඉලක්කය වෙලා තිබෙන්නේ තමන් ලබන ජීවන මට්ටමට වඩා උසස් ජීවන මට්ටමක් තම දරුවන්ට ලබාදීම. මේ ගිලිහී යන සිහින දකිමින් ඔවුන් පොරබදන්නේ තමන්ගේ දරුවන්ට හෙටක් නිර්මාණය කරන්න. ඒ කාන්තාවන්ගේ සිහින, තමන්ගේ උතුම්ම සම්පත වුණු දරුවන්ගේ අනාගත සිහින බිල්ලට අරගනිමින්, බොරු පොරොන්දු දෙමින් තමයි දේශපාලකයන් මෙතෙක් රට පාලනය කළේ. “ගැහැනු අපි එක මිටට” යන තේමාව යටතේ ලංකාවේ සිටින සියලුම වැඩකරන පංතියේ කාන්තාවන් අපි එකතු කළා. මේ රට වෙනස් කරන්න ගැහැනු අපි අවබෝධයක් ලබන්න ඕන. තමන්ට අහිමි වුණු උසස් ජීවිත වින්දනය, තමන්ගේ දරුවන්ට උරුමකර දෙන රටක් නිර්මාණය කරන එක වෙනුවෙන් ඔවුන් එකතු කරන්න ඕන.
අපේ කාන්තාවන්ගෙන් සාතිශය බහුතරයක් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ගොදුරු බවට පත්වෙලා, දූ දරුවන්ගෙන් වැඩි පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවෙලා, ඒ නිසාම කාන්තාවන් විශාල ලෙස පීඩා විඳිමින් ඉන්නවා. මේ ක්‍රමය විසින් උරුමකර දී තිබෙන දුර්දාන්ත ජීවන තත්වය වෙනස් කරනවාද නැතිනම් තවදුරටත් ආරක්ෂා කරනවාද? එසේ නැතිනම් අපේ දරුවන් වෙනුවෙන් වෙනත් ජයග්‍රහණයක් සඳහා, අපිට අහිමි කරපු සතුට අපේ දරුවන්ට දිනාදීම සඳහා, හොඳ රටක් ගොඩනඟනවාද? ඔබට අපට පැවරිලා තිබෙනවා ලොකු වගකීමක්. ලංකාවේ ඉතිහාසය අලුතින් ලියන, නව පුනරුද යුගයක එළිය දල්වන උදාර වගකීම ගැහැනු අපි බාරගනිමු. අපේ දරුවන්ට අලුත් රටක් ගොඩනැංවීම සඳහාත් නිදහස් රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහාත් අපි පෙරමුණ ගනිමු.
වැඩ කරන ජනතාවගේ දිනය වුණු මේ ඓතිහාසික මැයි දිනයේ එදා 1886 චිකාගෝ නුවර ඇති වූ කම්කරු සටන අදටත් ඉවර නැහැ. පැය අටක වැඩ කාලය, ශ්‍රම සූරාකෑමට එරෙහිවීම, කාන්තාවන්ගේ ශ්‍රමයට නිසි වටිනාකමක් ලබාදෙන, කම්කරුවන් නියෝජනය කරන දේශපාලන පක්ෂයක් හැටියට අදටත් අපට තිබෙනවා, සමාන ශ්‍රමයට සමාන වැටුප් ඕන කියන ඉල්ලීම. දරුවන්ට හොඳ අධ්‍යාපනයක්, හොඳ සෞඛ්‍යයක්, නිදහසේ ජීවත් විය හැකි රටක් ඕන. විවේකය, කාලය, ශ්‍රමය මුදලින් මනින්න බැහැ. රටක දියුණුව කියන්නේ භෞතික සංවර්ධනය පමණක් නොවෙයි. රටේ ජීවත්වන මිනිසුන් උසස් සාහිත්‍යයක් රස විඳිනවාද? සංස්කෘතික ජීවිතයක් ගත කරනවාද, මනුස්සකමින් පිරුණු සමාජයක් රට තුළ තිබෙනවාද. කියන එකත් වැදගත්.
මෙතෙක් අපට උරුමකර දී තිබෙන්නේ මනුස්සකම අහිමි කළ සමාජයක්. තමන්ගේ දෛනික වැටුප වෙනුවෙන්, ඉල්ලීම් වෙනුවෙන් මහ මග බේරා ගන්න තිබෙන සටන අති විශාලයි. එහෙම කරලා ජනතාවගේ ශ්‍රමය සූරාකාලා, කම්කරුවාගේ කර මතින් මේ පාලකයා සැප වින්ද යුගය, 2024 ජනාධිපතිවරණයෙන් පස්සේ අවසන් වෙනවා. අපි මෙවර, වැඩකරන ජනතාවට නිදහසේ හුස්ම ගන්න පුළුවන් පාලන ක්‍රමයක් ඇති කරනවා කියන එක ආඩම්බරයෙන් කියනවා. ඒ වෙනුවෙන් අපි එකතු වෙමු. අපේ කාර්යය ඉටුකරමු. කාන්තාවන් විදිහට අපේ ඉතිහාසය අලුතින් ලියන්නට පෙරමුණ ගනිමු.
“ජනතාව රටේ ආර්ථිකයට හවුල්වෙන එහි ප්‍රතිලාබ සාධාරණය ලැබෙන
ආර්ථික ක්‍රමයක් අපි ගොඩනගනවා”
-ජාතික ජන බලයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්-
ලාංකීය දේශපාලන ඉතිහාසයේ අපේ පරම්පරාවේ වමේ ප්‍රගතිශීලී ජනතාවගේ තීරණත්මක මැයි දිනය, 2024 මැයි මාසයේ පළවැනිදා (අද) අනුරාධපුර සල්ගාදු පිටියේ සමරනවා. ලබන අවුරුද්දේ 2025 මැයි මාසෙ පළමුවැනිදා කියන්නේ වැඩ කරන ජනතාවගේ ජයග්‍රහණය සමරණ වසර බවට පත්වෙනවා. අපි නිදහස ලබා අවුරුදු 76ක් වෙනවා. ගෙවුණු කාලය දෙස ආපසු හැරී බැලුවොත්, අපේ රටේ භෞතික සම්පත්වලට, අපේ මානව සම්පතට ගැලපෙන, අපේ පිහිටීමට උරුම වුණු, රට සංවර්ධනය කරන ආර්ථික මාදිලියක් ක්‍රියාවට නඟන්න අපේ රටේ පාලකයන් අසමත් වුණා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ලංකාව කෘෂිකාර්මික, කාර්මික නිෂ්පාදනය කඩාගෙන වැටුණා. හොරකම, වංචාව, දූෂණය, නාස්තිය, පගාව, සමාජයේ අස්සක් මුල්ලක් නෑර කිඳා බැස්සා. මේ පාලකයන්ගේ වැරදි ප්‍රතිපත්ති නිසා ලංකාවේ පළමුවැනි වතාවට රටක් විදිහට බංකොලොත් තත්වයට වැටුණා. ඒකේ ප්‍රතිඵලය තමයි අපි කවුරුත් බුක්ති විඳිමින් ඉන්නේ. ආර්ථිකය, දේශපාලනය, සංස්කෘතික සදාචාරයන් කඩා වැට්ටුවා. ලෝකය ඉදිරියේ හිඟන ජාතියක් බවට නම් කෙරුණා. මහ දවාලයේ මිනී මරාගන්න, කුඩු ජාවාරම් ඉහළ ගිය, අපරාධවලින් සමන්විත වුණු, මිනිස්කම නැතිවුණු සමාජයක් බවට පත්වුණු රටක් ලෙස ලෝකය ඉදිරියේ හඳුන්වාදෙන්න පටන් ගත්තා. මේක තමයි වසර 76ක ශේෂ පත්‍රය. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ අපි කවුරුත් බුක්ති විඳින්නේ මෙතෙක් රට පාලනය කළ පාලකයන්ගේ වැරදි ප්‍රතිඵලයයි. හැම කෙනෙකුටම අද බලකෙරී තිබෙනවා මේ බිඳ වට්ටපු මේ දිවයින, ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟලා, දියුණු සමාජ, ආර්ථික, සංස්කෘතියක් ගොඩනඟලා රට කෙලින් හිටවන්න කියන ඉල්ලීම, අද මාලිමාව වෙත යොමු වෙලා තිබෙනවා.
අපි මේ සාර්ථකත්වය ලබාගත්තේ කොහොමද? මේ රටේ සියලු වැඩ කරන ජනතාවගේ ශක්තියෙන්, ධෛර්යයෙන් හා විශ්වාසයෙන්. මේ රටේ සුවහසක් ජනතාවගේ හදවතේ නැඟුණු විශ්වාසනීය දේශපාලන ව්‍යාපාරය. ලංකාව තුළ පමණක් නොවෙයි විදේශගතව ජීවත්වෙන ලක්ෂ 35ක් වන ශ්‍රී ලාංකීය ජනතාවගේ බලාපොරොත්තුවත් මාලිමාව පිළිබඳව තිබෙන බලාපොරොත්තුව.
අපට අද බාරදූර වගකීමක් අපේ උරමතට පැවරෙණවා. වසර 76ක් තිස්සේ කාබාසිනියා කළ මේ රට ගොඩනැගීමේ වගකීම තව පෝය පහකින් මාලිමාවේ අපි මත පැටවෙනවා. ඒ අභියෝගය බාරගන්න අපි සූදානම්. ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණය ඔක්තෝබර් 17දින අවසන් වනවිට, ජාතික ජන බලවේගයේ නායකයා අනුර දිසානායක සහෝදරයා මේ රටේ නායකත්ව වගකීම භාර ගන්නවා, නියතයි. අද අනෙක් සියලු දේශපාලන පක්ෂ කෑලි කෑලිවලට කැඩිලා. අද රාජපක්ෂ පවුලේ පොහොට්ටුවේ හාදයෝ එහාට, මෙහාට පනිනවා. විජේදාස අද මෛත්‍රීගේ පැත්තට ගිහිල්ලා. අනුරාධපුරේ නොච්චියාගම පොහොට්ටුවේ සංවිධායක පැන්නා. දැන් ස.ජ.බෙ. කලාවැව සංවිධායක වෙලා. ජී. එල්. පීරිස්, ගොඩහේවා, පැන්නා. වීරවංශ අද පැනල අනාථ වෙලා. පොහොට්ටුවේ හාදයෝ පරාද වෙනකොට ගෙම්බො වගේ එහෙට මෙහෙට පනිනවා.
අද ප්‍රතිගාමී බලවේග අපට බනිනවා. අපහාස කරනවා. ඔය අවලාදවලට, උපහාසවලට මේ ගමන ආපස්සට හරවන්න බැහැ. සතුරා අපට පහර දෙන්න අපි ශක්තිමත් වෙනවා. රට තුළ විශ්වාසය තවත් තහවුරු වෙනවා. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 54ක් විතර හිටියා. අද ඒ අය ඉන්නවාද? ඉසාඞ්, හරීන්, මනුෂ, චම්පික, පැන්නා. වෙල්ගමත් පනියි. සරත් ෆොන්සේකා ස.ජ.බ. විරුද්ධව නඩු කියනවා. නසීර් මොහොමඞ්, ඩයනා, අරවින්ද කුමාර පැන්නා. ගෝඨාභය එක්ක හිටි ගොඩහේවා අද ස.ජ.බ. වේදිකාවේ. රනිල්ගෙ යූ.එන්.පී. එකෙයි ස.ජ.බ. යූ.එන්.පී. එකෙයි තිබෙන වෙනස මොකක්ද? ප්‍රතිපත්තිවල වෙනසක් තිබෙනවාද? රනිල් විකුණන්න ඕන කියන කොට ඉරාන් කියන්නේ ඒක විතරක් මදි අනෙක් එකත් විකුණන්න ඕන කියලා. රනිල් අයි.එම්.එෆ්. එකේ පදේට නටනකොට හර්ෂ ඒක අනුමත කරනවා. යූ.එන්.පි.යේ රනිල් පිලයි, යූ.එන්.පි.යෙ සජිත් පිලයි, පක්ෂ දෙකක් කිව්වාට දෙකම එකයි. එහෙන් මෙහෙට, මෙහෙන් එහෙට කිසිම ගානක් නැතිව මාරු වෙනවා. හැරිසන් සජිත් පිලේ හිටියා. පසුවදා රනිල් පිලට පැන්නා. හරින් සජිත් පිලේ ඉඳලා පැන්න රනිල් පිලට. දෙකම යූ.එන්.පී. ප්‍රතිපත්තිවලින් දෙකම එකයි. මේ නිසා පාක්ෂියකයන්ටත් මේ දෙකම එපා වෙලා. යූ.එන්.පී. සජිත්ගෙ පිලේ ගම්මට්ටමේ අයයි, යූ.එන්.පී. රනිල්ගෙ පිලේ ගම්මට්ටමේ අයයි නායකයන් පිළිබඳව කළකිරිලා, දෙකම එපා වෙලා මාලිමාව වටා එකතු වෙමින් ඉන්නවා.
අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙලා තිබෙන්නේ මොකක්ද? අනුරාධපුරේ දුමින්ද දිසානායක, මෛත්‍රීපාලට බනිනවා. චන්ද්‍රිකා නෝනත් ඇවිල්ලා. පක්ෂ හතරට පහට කැඩිලා. නායකත්වය පිළිබඳ විශ්වාසයක් නැහැ. පක්ෂෙ ප්‍රතිපත්ති පිළිබඳව, වැඩපිළිවෙල පිළිබඳ සාමාජිකයන්ට විශ්වාසයක් නැහැ. ඒ තත්වය යටතේ වැඩකරන ජනතාවගේ විශ්වාසය මාලිමාව කෙරෙහි වැඩිවෙමින්, මාලිමාව වටා ඒකරාශී වෙමින් ජයග්‍රහණය කරා දවසින් දවස ලංවෙමින් තිබෙනවා. මේ රටේ දුක් විඳින ජනතාවගේ නායකයා, අනුර දිසානායක ඉතිහාසයේ පළමුවෙනි වතාවට ජනතාවගේ අයිතිවාසිකම් ජයග්‍රහණය කිරීමේ නායකයා බවට පත්වෙනවා. ඔක්තෝබර් 18 වැනිදාට ජනාධිපති සහෝදරයෙක් එනවා. ඒ මානව හිතවාදියා ඔබේ මේ අනුරාධපුරයේ උපන් පුරවැසියා. ජයග්‍රහණයෙන් පහුවදාම අපි මේ දූෂිත කැබිනට් මණ්ඩලය විසුරුවනවා. මේ රට හැදීමේ අභියෝගය මාලිමාවත් එක්ක පටන් ගන්නවා. කෙටි කාලයකට ඇමති වගකීම් ජනාධිපති අතට පවරා ගන්නවා. මේ දූෂිත පාර්ලිමේන්තුවත් ඉතාම කෙටි කාලයකින් විසුරුවා හරිනවා. ඔබට අවස්ථාවක් එනවා, අදූෂිත, මේ රටට ආදරය කරන, සෑම දිස්ත්‍රික්කයක් පුරා විසිරී සිටින මාලිමාවේ නියෝජිතවරයන්, නියෝජිතවරියන්ගෙන් තෝරා පත්කර ගන්න. අපි අලුත් ආණ්ඩුව පිහිටුවනවා. ඒ හා සමානවම රට හදන වැඩෙත් පටන් ගන්නවා.
අංක එක වගකීම වෙන්නේ, මේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කරන එක. සජිත් කියනවා හොරු අල්ලනවා කියලා. එතන රාජිත, කිරිඇල්ල ඉන්නවා. හොරුන් අල්ලන්න, දඬුවම් දෙන්න සජිත්ට පුළුවන්ද? රනිල්ට පුළුවන්ද? බැංකු හොරෙකුට පුළුවන්ද තවත් හොරෙකුට දඬුවම් දෙන්න. රාජපක්ෂලාට කොහෙත්ම බෑ. හොරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ කිසිදු සොරකම් නොකළ, දේශපාලනය අවභාවිතා නොකරපු මිනිසුන් ඉන්න මාලිමාවේ රජයකට පමණයි. අපි ඒ වැඬේ පටන් ගන්නවා. මේ රටේ නීතිය විනය හදන්න ඕන. සිංගප්පූරුවේ ලී ක්වාන් යූ, මැලේසියාවේ මහතීර් මොහොමඞ්ලා පටන් ගත්තේ එතනැන්. වියට්නාමයේ සෞඛ්‍ය ඇමති වැරැද්දක් කළා. නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගත්තා. අවුරුදු 17කට සිරගෙට යැව්වා. අපේ රටේ නීතියත්, යුක්තියත් නැහැ. ආර්ථික බංකොලොත්කමයි, සමාජයේ තිබෙන පිරිහීමත් එක්ක මුළුමනින්ම විශ්වාසය පළුදු වෙලා තියෙන්නේ.
අපේ දරුවන්ට ජීවත් වෙන්න රටක් තියෙයිද? දෙමව්පියෝ කල්පනා කරන්නේ ඒක. පොඩි එකා ඉස්කෝලෙට ගිහිල්ලා ගෙදර එනකම් පපුවේ බිත්තර තැම්බෙනවා. එහෙම තමයි අම්මලා ඉන්නේ. රටේම ඇත්ත තත්වය මේකයි. මුළු රටේම වැඩකරන ජනතාවත්, ව්‍යාපාරිකයත්, ගොවියත්, ධීවරයත්, හැමෝම ඉන්නේ අපේක්ෂා භංගත්වයෙන් හා බයෙන්. දොස්තරවරු, මහාචාර්යවරු රට දාලා යන්නේ බදු ගහන හින්දාම විතරක් නෙවෙයි. බදු ගහන එකත් දරාගන්න බැහැ. ඊටත් වඩා තමන්ගේ පවුල, තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන විශ්වාසයක්, බලාපොරොත්තුවක් නැහැ. ඒක තමයි අනෝමීය තත්වය. මේ අනෝමීය තත්වයෙන් මුළු සමාජයම වෙලාගෙන තිබෙන්නේ. මාලිමාවේ ආණ්ඩුව ආව ගමන් අපි මේ තත්වය වෙනස් කරනවා. ජපානය වගේ රටවල් අධ්‍යාපනයෙන් තමයි රටේ නීතිය, විනය හදන්න පටන් ගන්නේ. පොඩි ළමයින්ට ඉස්සෙල්ලාම උගන්වන්නේ අකුරු නොවෙයි. පංති කාමරය, වැසිකිළිය පිරිසිදුව තබා ගන්නේ කොහොමද, අනෙකාට ආචාර කරන්නේ කොහොමද, කියන එක. හැදියාව, විනයගරුක බව තමයි දරුවාට අධ්‍යාපනයෙන් දෙන්නේ. පෝලිම්වල හසුරුවන්න අය නැහැ. මිනිසුන් පෝලිමේ තමන්ගේ වාරය එනතෙක් ඉන්නවා. පාරේ වාහනවල යන රියදුරන් හැමකෙනෙක්ම ඒ විනය රකිනවා. දරුවන්ට දෙන අධ්‍යාපනය තුළින් ජපන් සමාජය එතනට ගෙනත් තිබෙන්නේ. ලාංකීය සමාජයත් අපි එතනට ගෙනියන්න ඕන. ඒ සිහිනය ඔබට, අපට තිබෙනවා. බලහත්කාරයෙන් නොවෙයි, දැනුවත් කිරීමෙන්, අවබෝධයෙන් අපේ සමාජය විනයගරුක සමාජයක් බවට පත්කරන්න ඕන.
ඊළඟට අපි මේ බිඳවට්ටපු ආර්ථිකය නඟා සිටුවන්න ඕනෑ. අපට සීනි ටික, කන්තලේ, යකඩ හා වානේ ඔරුවල, කඩදාසි වාලච්චේනෙ, ඇඹිලිපිටියේ, කිරිපිටි ලක්ස්ප්‍රේ, වාහන අමුද්‍රව්‍ය ටයර්, උළු ටික අපි හැදුවා. මේ සේරම බිඳවට්ටලා තිබෙන්නේ. අපේ රට ගොඩනගන ඒ ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න ඕන. පටන් ගන්න ඕන, ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදනයෙන්. ඉඳිකට්ට, අල්පෙනෙත්ත, සෙල්ලම් බඩු, රේසිං කාර් එක, රයිස් කුකර් එක, ගෑස් කුකර් එක, එළවළු කපන පිහිය සියල්ල අපි ගේන්නේ චීනෙන්. ඒව අපට විකුණලා අපේ ඩොලර් ටික චීනෙ ගන්නවා. ඊට පස්සේ අපට ගිනි පොළියට ණයට දෙනවා. අපිට ණය ගෙවා ගන්න බැරිවුණාම මේව චීනට විකුණනවා. මේක අපේ රටේ පාලකයන්ගේ වරදක්. එහෙම නම් අපි නිෂ්පාදනය නගා සිටුවන ආර්ථියක් ගොඩනඟන්න ඕන. ඒ සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන, දිගු කාලීන ආර්ථික සැලැස්මක් අපට තිබෙනවා. එක සැලසුම් සහගත ආර්ථිකය. දෙවෙනි වට, නිෂ්පාදනය මත පදනම් වුණු, ජන සහභාගිත්වය සහිත ආර්ථිකය. හතර නිපදවන නිෂ්පාදනයේ ප්‍රතිලාභ සාධාරණව ජනතාව අතර බෙදීයාමේ ආර්ථිකය. එවිට තමයි අපි අතර බේද නැතිවෙන්නේ. ආදායම් බෙදී යාමේ විෂමතාවය තුනී වෙනවා නම්, නීතියත් ඒ හා සමානව ක්‍රියාත්මක වෙනවා. අද බලපුළුවන්කාරයට එක නීතියක්, නැතිබැරි අහිංසකයාට තව නීතියක්. සල්ලි මත බලය මත නීතිය ක්‍රියාත්මක වීමේ වෙනස්කම් තිබෙනවා. ආදායම් බෙදීයාමේ විෂමතාවය තුනී වෙන කොට, පුරවැසියාට ගරුත්වයක් සහිතව ජීවත් විය හැකි වටපිටාවක ගොඩනැගෙනවා. එවැනි සමාජයේ හැමෝටම නීතිය එක හා සමානව ක්‍රියාත්මක වෙනවා. ඒක කරන්නේ සාධාරණ සරල බදු ප්‍රතිපත්තියක් හරහා. ඒකතමයි මාලිමාවේ බදු ප්‍රතිපත්තිය. මහා පරිමාණ මෙන්ඩිස් සමාගම, ආණ්ඩුවට වැඩියෙන්ම බදු නොගෙවපු සමාගම. නොගෙවූ සුරාබදු මුදල රුපියල් කෝටි 676යි. ඒකෙන් කෝටි 341ක්ම ගෙවා නැත්තේ මෙන්ඩිස් සමාගම. මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනාගේ සමාගම, පර්පචුවල් ටේරසරීස්. මෙන්ඩස් සමාගම තමයි ඊට අනුබද්ධ අනෙක් සමාගම. ආණ්ඩුවට බදු නොගෙවා පොලු තබා, වංචා කර තිබෙන කුඩා පිරිසක් ඉන්නවා.
මාලිමාවේ ආණ්ඩුවක් ඇතුලේ ඕනෑතරම් නිෂ්පාදනය කරන්න පුළුවන්. සාධාරණ ක්‍රමවේදයට නිෂ්පාදනය කරන්න පුළුවන්. හරියට තිතට බදු ගෙවන්න. අපේ ආර්ථිකයේ හදවත තමයි, කස්ටම් එක, සුරාබදු එක, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. ආදායම් ගේන මර්මස්ථාන තුනෙන් අද කෝටි ගණන් වංචා සිදුවෙනවා. මාලිමාවේ පාලනයක් ආව ගමන් ඒ ආයතන තුන පැහැදිලි, නිරවුල්, විනිවිද පේන තත්වයට ගේනවා. තමුන්නාන්සේලාගේ පරිප්පු ටිකට සීනි ටිකට ගහන වක්‍ර බද්ද, මේ වැට් එකෙන් 18%ට වැඩිකර තිබෙන බද්ද අඩු කරන්න පුළුවන්. සාමාන්‍ය ජනතාව මත ගහන වක්‍ර බද්ද අඩු කරලා, ඍජු බද්ද ක්‍රමානුකූලව වැඩි කරලා බදු ප්‍රතිපත්තිය සාධාරණ සරල ක්‍රමයට ගෙනාවම ආදායම බෙදී යාමේ විෂයතාවය තුනී වෙනවා. නිෂ්පාදනයත් එක්ක බැඳුණු මේ සියලු ප්‍රතිපත්ති එකට ක්‍රියාත්මක කිරීම හරහා තමයි රට අපේ ඉලක්කය කරා ගමන් කරන්නේ. එහෙම රටක් අපි හදමු. ඒ සුන්දර සිහිනය අපි සැබෑ කර ගනිමු.
ඒ සිහිනය ඇතුළේ මේ සියලු ජනතාවට නිෂ්පාදනයේ හවුල්කරුවන් විය හැකියි. ඒ කියන්නේ හැමෝටම ජීවත් වෙන්න රැකියාවක් ලැබෙනවා. ඒ රැකියාව තමන්ගේ, පවුලේ ආර්ථිකය ශක්තිමත් කරනවා. එවිට තමන්ටම ඉඩමක්, නිවසක්, තමන්ගේ දරුවා ළඟම හොඳ ඉස්කෝලෙකට, ඉස්පිරිතාලෙන් බෙහෙත් ටික ගන්න, හොඳ පොදු ප්‍රවාහන පද්ධතියක් ක්‍රියාත්මක වෙන කොට අපේ මූලික අවශ්‍යතාවයන් ඉටුවෙනවා. පානීය ජලය, අධ්‍යාපනය, සෞඛ්‍යය, නිවාස මූලික අයිතිවාසිකමක් විදිහට පිළිගෙන සියලු පුරවැසියන්ට ඒ අයිතිවාසිකම ලබාදෙන රජයක් ලබන වසර වන විට මේ රටේ දෙපයින් සිටවනවා. ඒ ජයග්‍රහණය අපි ලබන අවරුද්දේ මැයි 01 වැනිදා සමරණවා. වැඩකරන ජනතාව වෙනුවෙන් ජයග්‍රහණය දක්වා මේ සටන අපි ගෙනියනවා. අපි සියලුම ශ්‍රී ලාංකිකයන්ට, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට අපි ආරාධනා කරනවා, ඔබ හම්බකරපු සල්ලි ටිකත් අරගෙන ලංකාවට එන්න. ඔබේ යාළුවන්, ඥාතීන් එක්ක ජීවත් වෙන්න එන්න. ඒ ප්‍රාග්ධනයත් එක්ක අපි මේ රට වේගයෙන් ඉස්සරහට ගෙනයමු.
මේක හදන්න පුළුවන් රටක්. ඓතිහාසික පරාක්‍රම සමූද්‍රය, කලා වැව, යෝධ ඇළ ගොඩනැගුනේ අපේ මුතුන් මිත්තන්ගේ දැනුමෙන් හා ශක්තියෙන්. රුවන්වැලි සෑයේ කුමන පැත්තකින් බැලුවත් අංශක 90ට තිබෙනවා. ඒව හැදුවේ අපේ මුතුන් මිත්තෝ. අපට ශ්‍රේෂ්ඨ වාරි ශිෂ්ටාචාරයක් තිබුණා. ඒ නිසා තමයි එදා මුතුන් මිත්තන් සහලින් ස්වයංපෝෂිත රටක් හැදුවේ. අද අපට මේ රට හදන්න බැරිද. මේ දූපත වටා තිබෙන සාගරය ලංකාව වගේ අට ගුණයක් විශාලයි. මේ රට හදන්න සමත් හැකියාව, ධෛර්යය, විශ්වාසය තිබෙන මිනිස්සුන් ඉන්නවා. ලෝකය පුරා තිබෙන හොඳම විශ්වවිද්‍යාලවල, නාසා ආයතනයේ, ජපානයේ පරිගණක ආයතනවල, පර්යේෂණ ආයතනවල දැනුම ලබාදෙන්නේ ශ්‍රී ලාංකිකයෝ. මේ වේදිකාවෙත් ඉන්නේ ඒ වගේ දැනුම හැකියාව තිබෙන පුරවැසියන්. ආචාර්යවරු, මහාචාර්යවරු, වෛද්‍යවරු, ඉංජිනේරුවරු අද මාලිමාව වටා පෙළ ගැහිලා ඉන්නේ. දැනුම හැකියාව තිබෙන අය ඉන්නේ අපිත් එක්ක. ඒ නිසා මේ රට හදන්න පුළුවන්. ඒ හදන්න ඕන දේශපාලන නායකත්වය, කැපකිරීම කරන්න මාලිමාවේ අපි සූදානම්. ඒ වෙනුවෙන් කැප වෙන්න, ඇප වෙන්න දහස් ගණන් සාමාජිකාවන්, සාමාජිකයන් අපිත් එක්ක ඉන්නවා. අපි සමස්ත ජනතාවගෙන් ඉල්ලනවා අපි ඒ භාරදූර කාර්යය පටන් ගනිමු. මෙතෙක් කල් ගෙනා දූෂිත ක්‍රමය පරද්දලා, දේශමාමක, ප්‍රගතිශීලී නායකයන් අතට මේ රට බාරදෙමු. ඒ වෙනුවෙන් අපි ඇප වෙමු. කැප වෙමු. ඒ වෙනුවෙන් සංවිධානය වෙමු. ශිෂ්ට සම්පන්න නායකයන්ගේ පරිච්ඡේදයක් අපි පටන් ගනිමු. ලෝකයේ ශක්තිමත්ම ආර්ථික හැකියාව තිබෙන රට බවට මේ රට පත්කරමු. දෙමළ, සිංහල මුස්ලිම්, බර්ගර් බේදයක් නැහැ. අපි එක මවකගේ දරුවෝ. අපි එකට එකතුවෙලා මේ රට හදමු. 2024 මේ ඓතිහාසික නගරයේ සිට සපථකර කියනවා ලබන අවුරුද්දේ ආරම්භ කරන්නේ මේ රටේ සුවහසක් ජනතාවගේ ආර්ථික, දේශපාලන, සංස්කෘතික වශයෙන් ජයග්‍රහණය කරා යන වසර. මේ විදිහට වසර පහක් පමණ ගෙවෙන කොට රට සංවර්ධනය කරා යනවා, ඇති නැති පරතරය තුනී වෙලා යනවා. නීතිගරුක, යුක්තිගරුක සමාජය බිහි වෙනවා. අපි හැමෝටම ඉන්න හිතෙන රට බවට පත්වෙනවා. ඒ වෙනුවෙන් ඇප වෙන්න. කැප වෙන්න. යන්න ඔබේ ගමට. තවමත් වෙනස් වෙලා නැති කෙනාව දැනුවත් කරන්න. හෙට උදෑසනම පටන් ගන්න. ඒ වෙනුවෙන් ඔබේ ශක්තිය, ධෛර්ය පාවිච්චි කරන්න. ඒ සඳහා ඔබ ශක්තිමත්ව ඉදිරියට එන්න. අපි හඬ නඟා කියමු.
කුසට සාගිනි හදට සෝගිනි ඉනට වැරහැලි කැබලි එල්ලා
සතුට සැනසුම අහිමි කරවූ අඳුර දිනු කාලය ගිහිල්ලා
නොසිට මැරි මැරි සතුරු පා යට වකුටු වී අත පය හකුල්ලා
නැගිට පල්ලා නැගිට පල්ලා උඹලගේ කාලය වරෙල්ලා
“මනුෂ්‍ය ජීවිතය කියන්නේ ශ්‍රමය වගුරා, මුදල් ඉපයීම පමණක් නොවෙයි. දියුණු සංස්කෘතික ජීවිතයක් භුක්ති විඳීමත් අපට අයිතියි.”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, මහාචාර්ය ලියනගේ අමරකීර්ති-
මේ වාගේ පෙළපාළිවල වාර ගණනාවක් ගිහින් තිබෙන මට දහදියෙන් පෙඟුණු අත්දැකීම් තිබෙනවා. මේ රැලියේ දී ඔබත් සමඟ බෙදා ගැනීමට කරුණු කිහිපයක් හදවතේ සටහන් කර ගන්න උත්සාහ කළා. මේ මැයි රැලිය අවසන් කර අපි ආපසු යන්නේ ඊ ළඟ මැයි රැලිය අපේ පාලනයක් යටතේ පවත්වන බවට හදවතේ සටහන් කරගෙනයි. ඒ වාගේම මම නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ උඩපේරාදෙණිය ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී සහෝදරවරුන් මේ ගමන සූදානම් කිරීම පිළිබඳ අත්දැකීමක් ඔබත් එක්ක බෙදා ගන්න කැමැතියි. ආධාර පත්‍රයක් රැගෙන ගෙයින් ගෙට ගොස් ජනතාව එකතු කරන අතර, ආධාරයකුත් ලබාගෙන අනුරාධපුරයට පැමිණෙන ගමනේ දී වේල් තුනක ආහාර සපයා ගැනීම ගැනත් කතා කළා. ඒ ආහාර වේල් තුළ පවා සහෝදරත්වයේ පිවිතුරු හැඟීම් සහ මානවීයත්වය, සමානාත්මතාව සටහන් වී තිබුණා. පසුගිය වසර කිහිපය තුළ ජාතික ජන බලවේගය ගොඩනැඟීමේ දී මෙන්න මේ පිවිතුරු හදවත්, මිහිරි ජීවිතයක් පිළිබඳ රහස් එකිනෙකා අතර බෙදා ගැනීම මූලික වී තිබෙනවා. ඒ අතර ලැබුණු තවත් අත්දැකීමක් වන්නේ පොහොට්ටුවේ රැස්වීමට යන අය වෙනුවෙන් රුපියල් පන්දහසකුත්, මත්පැන් කාලකුත් ලබා දීම පිළිබඳ කරුණු ඒකරාශී වී තිබුණා. නමුත්, ඔවුන්ගේ ඡන්දය අපට ලබා දෙන බව අපේ සහෝදරවරුන්ට සපථ කර තිබුණා.
ආර්ථික අර්බුදය හමුවේ අවුරුදු නවයක පමණ පොඩි දරුවන්ට පවා ශ්‍රමය විකිණීමට සිදු වීම පිළිබඳ අත්දැකීමක් අපට බෙදා ගන්න තිබෙනවා. කුරුණෑගල ජීවත් වන එක් අවුරුදු නවයක පුතෙක් ඥාති ගෙදරක වළං සෝදමින්, තමන්ගේ කුසගින්න නිවා ගැනීමට රහසින් දංකුඩ කන මට්ටමට මේ රට පාලනය කළ පාලකයන් රට ඇදදමා තිබෙනවා. මේ තත්වය වෙනස් කරන්න ජාතික ජන බලවේගය වටා ජනතාව රොදබඳිමින් සිටිනවා. දුප්පත්කම වාගේම දෙමළ ජනතාවට වේදනා ගෙන දෙන ප්‍රධාන කාරණයක් වන්නේ දෙමළ භාෂාවෙන් රාජ්‍ය ආයතනවලින් වැඩ කරගත නොහැකි වීමයි. අපේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකට දෙමළ භාෂාවෙන් රෙජිස්ටර් ලියුමක් යැවීමේ හැකියාවක් නොලැබීමේ වේදනාවක් අපත් සමඟ බෙදා ගත්තා. ඒ ඊනියා ප්‍රභූ පාලකයන් නැවත වරක් මේ රටේ ජනතාව බෙදන්න ක්‍රියා කරමින් සිටිනවා. ඒ වාගේම වැඩ කරන ජනතාව බෙදා වෙන් කිරීමටත් කටයුතු කරමින් සිටිනවා. මනුෂ්‍ය ජීවිතය කියන්නේ ශ්‍රමය වගුරා, මුදල් උපයා ගැනීම පමණක් නොවෙයි. දියුණු සංස්කෘතික ජීවිතයක් භුක්ති විඳීමත් අපට අයිතියි. මේ දක්වා අපට නොලැබුණු මනුෂ්‍ය ජීවිතයේ සැබෑ අර්ථය සොයන පුනරුද ගමනක් වෙනුවෙන් අපි මුලපුරා තිබෙනවා. අපේ ජීවිතයේ සැබෑ අර්ථය සොයන පුනරුද ගමනට තවත් ශක්තිය එක් කරමින්, දිනෙන් දින වැඩෙන අධිෂ්ඨානයෙන් මී ළඟ මැයි දිනය අපේ පාලනයක් යටතේ පැවැත්වීමේ ඓතිහාසික කටයුත්තට හැම දෙනාම එකාවන්ව එකතු වෙමු.
(-Colombo, May 01, 2024-) අද ඉතාමත්ම තීරණාත්මක මැයි දිනයක්. මෙය දූෂිත ප්‍රභූ තන්ත්‍රය යටතේ පවත්වන අවසාන මැයි දිනය බව අපි හිතනවා. සැප්තැම්බර් 17ට පසු ඔක්තෝබර් 17ට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතයි. ඒ ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කිරීම සඳහා සියලු සැලසුම් අපි සකස් කර අවසන්. 2025 මැයි දිනය පවත්වන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේයි. කොළඹ මැයි […]
(-Colombo, May 01, 2024-)
අද ඉතාමත්ම තීරණාත්මක මැයි දිනයක්. මෙය දූෂිත ප්‍රභූ තන්ත්‍රය යටතේ පවත්වන අවසාන මැයි දිනය බව අපි හිතනවා. සැප්තැම්බර් 17ට පසු ඔක්තෝබර් 17ට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතයි. ඒ ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කිරීම සඳහා සියලු සැලසුම් අපි සකස් කර අවසන්. 2025 මැයි දිනය පවත්වන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේයි. කොළඹ මැයි දිනය පැවැත්වීමට ජාතික ජන බලවේගයට ඉඩමදි බව අපට තේරුණා. සාමාන්‍යයෙන් අපි යාපනයේ පවත්වන මැයි දිනයට අමතරව අනුරාධපුරය සහ මාතර, කොළඹ ප්‍රධාන මැයි දින තුනක් පවත්වන්න සැලසුම් කළා. මාතර, කොළඹ, අනුරාධපුරය සෑම තැනම එකම එක හිස් ගොඩක් බවට පත්කරමින් මහා ජන ගඟක් ජාතික ජන බලවේගයේ මැයි දිනයට සහභාගී වී සිටිනවා.
මැයි දිනය පවත්වන්නේ අපි විතරක් නොවෙයි. චැතම් වීදියේ පවත්වන සමගි ජන බලවේගය වේදිකාවේ මහින්ද රාජපක්ෂගේ හිටපු ඇමති ජී.එල්. පීරිස්, ගෝඨාගේ ඇමති නාලක ගොඩහේවා, රනිල්ගේ හිටපු ඇමති සජිත් ප්‍රේමදාස, ගයන්ත කරුණාතිලක, කිරිඇල්ල, රාජිත ආදී කට්ටුවක් ඉන්නවා. මෛත්‍රීපාල සිරිසේනගේ හිටපු ඇමති ඩිලාන් පෙරේරාත් ඉන්නවා. කැම්බල් පිටියට ගියොත් මහින්ද රාජපක්ෂ, එයාගේ ආණ්ඩුවේ ඇමති බැසිල් රාජපක්ෂ, ගෝඨාගේ ආණ්ඩුවේ ඇමති නාමල් රාජපක්ෂ, සහ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ ඇමති ප්‍රසන්න රණතුංග එතන ඉන්නවා. කංකං බූරු අල්ලලා දෙපැත්තට බෙදුණාද දන්නේ නැහැ. මාලිගාවත්තට ගියොත් එතන මෛත්‍රීපාල සිරිසේනගේ ඇමති හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර, රනිල්ගේ ආණ්ඩුවේ හිටපු රවි කරුණානායක, ඇතුළු ඇමතිලා ඉන්නවා. එකම කට්ටිය ගල මල අල්ලලා වේදිකාවලට බෙදී ගිහින්. කිරුලපන පැත්තේ අනාථනාතලාත් ඉන්නවා. ඔවුන් සියලු දෙනා ස්ථාන හතරක ඉන්නකොට ජාතික ජන බලවේගයේ අපි පමණක් ස්ථාන හතරක මේ රට වෙනස් කිරීම සඳහා ඒකමතිකව, එකමුතුව, එක්සත්ව බලවේගයක් ලෙස පෙළගැසී සිටිනවා. ලංකාවේ පළමු වතාවට පොදු ජනතාව අතට බලය මාරුවීම සඳහා කටයුතු යෙදෙමින් තිබෙනවා. ඒ නිසා දූෂිත පාලක ප්‍රභූ පංතිය කලබල වී, අන්දමන්ද වී සිටිනවා.
ස.ජ.බ.ය කියලා කියන්නේ අපරිණත, ළදරු කණ්ඩායමක්. උදේ සවස ඇඬියාව බලාගෙන ඉන්න බැහැ. මැයි දිනයට අපි ඉල්ලූ තැන අපිට දුන්නා කියලා ඇඬියාව. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ සහ ජ.වි.පෙ. අතර ඩීල් තිබෙනවා කියලා ඇඬියාව. දැන් මාසයක් තිස්සේ විවාද විවාද කියමින් ඇඬියාවක්. අපි විවාදයට විධිමත්ව කටයුතු කරමින් නලින්ද ජයතිස්ස සහෝදරයා සම්බන්ධීකාරක ලෙස පත්කර, ස.ජ.බෙ. මහා ලේකම්ට දින හතරක් දැනුම් දී ලියුමක් යැව්වා. මැයි 07, 09, 13, 14 දිනවලින් එක බැගින් විවාදය පවත්වන්න සුදුසු දිනයක් තෝරා දන්වන ලෙසත්, ඊට පසුව විවාදය පවත්වන ආකාරය සාකච්ඡා කරමු කීවාම, ඒ දින හතරම වැඩලු. අපි ඒ ආකාරයෙන් කටයුතු කරන කොට එයා මොනරාගල පැත්තේ පාසලක ප්‍රාථමික අංශයේ ළමුන් වටකරගෙන “අපි විවාදයට බය නෑ, නිවටයෝ වගේ පැනලා යන්නේ නෑ, මම ඕනම විවාදයකට ලැහැස්තියි” කියනවා. කනත්ත ගාවින් යනකොට, වැඩිම බයකෙනා හයියෙන් කෑ ගහනවා වගෙයි. මේ විවාදය ගැන මම වේදිකාවක කතා කරන පළමු අවස්ථාව මේක. මේ විවාද ලෙඩේ ඉවර කරන්න ඕනෑ. නලින්ද ජයතිස්ස සහෝදරයා පසුගිය 24වැනිදා කීවා මැයි 20දාට පෙර දිනයක් දන්වන ලෙස. නිශ්චිතව ගනුදෙනු කරමු. අපි කිවූ දින හතරට බැරි නම්, ඔවුන්ගෙන් දිනයක් ඉල්ලුවා. ඒ අයට ඒ අයගේම වූ දේශපාලන න්‍යාය පත්‍රයක් නැහැ.
ජාතික ජන බලවේගයේ අපි, අප වෙත පවතින ජනතාවගේ කැමැත්ත මහජන බලයක් බවට පත්කිරීමේ සැලසුම් සකස් කර, ක්‍රියාත්මක කළා. අපි නිවැරදිව ගම සංවිධානය කළා. මෙතන සිටින බොහෝ දෙනෙක් කොට්ඨාස සභාවක සාමාජිකයන්. අපේ රටේ කාන්තාවන් දේශපාලනය සම්බන්ධයෙන් අඩු උනන්දුවක් තිබෙන අය නිසා, දේශපාලන පරිවර්තනයකට ඒ අයව සහභාගී කර ගැනීමට කාන්තා සභා ගොඩනඟා දිස්ත්‍රික් සමුළු පවත්වා වැඩේ තිතට කළා. ලංකාවේ සංවිධානාත්මකම කාන්තා ව්‍යාපාරය ජාතික ජන බලවේගයෙන් ගොනඟා තිබෙනවා. ඒ වගේම අපේ රටේ අධිකරණවලින් 80%කට වැඩි ප්‍රමාණයක ජාතික ජන බලවේගයේ නීතිඥ සංවිධාන පිහිටුවා අවසන්. ඉංජිනේරුවන් ආයතනික මට්ටමින් සහ දිස්ත්‍රික්ක මට්ටමින් සංවිධානය කර, ජූලි 01වැනි දින ඔවුන්ගේ සමුළුව පවත්වනවා. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය ජනරාල්වරුන්ගේ සිට සාමාන්‍ය සොල්දාදුවා දක්වා ප්‍රබලතම ලෙස ගොඩනඟා තිබෙනවා. ඒක කොපි කරලා සජිත් හදපු එකේ ප්‍රධානියා ගැන ෆොන්සේකා මහත්තයා කීවේ හාල් හොරකම් කිරීම නිසා අයින් කළ කෙනෙක් කියලා. අපේ රටේ ශිෂ්ටාචාරය සහ ඉතිහාසය තුළ විශාල කාර්යභාරයක් ඉටුකළ හාමුදුරුවන් වහන්සේලා සමග සාකච්ඡා කරමින් විශාලතම භික්ෂු ව්‍යාපාරය ගොඩනඟා ජූලි මාසයේ අග වන විට දැවැන්තම භික්ෂු සමුළුව පවත්වන්න සූදානම් කර තිබෙනවා. අනෙකුත් පියතුමන්ලාත්, කුරුක්කල්තුමන්ලාත් සමග සාකච්ඡා කරමින් සිටිනවා. මේ අනුව ජාතික ජන බලවේගය ඉතාමත්ම සංවිධානාත්මක බලවේගය ලෙස අප විසින් ගොඩනඟා තිබෙනවා.
අපි අපේ දේශපාලන න්‍යාය පත්‍රය අනුව වැඩකරමින් ඉඳහිට අනෙක් අය ගැන කරුණු ටිකක් කියනවා. අනෙක් වේදිකාවල නිතරම අපි ගැන කියන අතර, ඒ ගොල්ලෝ ගැන එකක් දෙකක් කියනවා. ඒගොල්ලොන්ට ඒගොල්ලෝ ගැන කියන්න දෙයක් නැති නිසා අපි ගැනම දොඩවනවා. ලංකාවේ මුළු දේශපාලනයම ජාතික ජන බලවේගය කේන්ද්‍රගතකොට ගෙන හසුරුවන්න අපි සමත් වෙලා තිබෙනවා. රට ගැන විශාල ලෙස බලාගෙන ඉන්න විදේශගත ප්‍රජාව ආමන්ත්‍රණය කරන්න ඔවුන් යන්නේ නැහැ. නිව්යෝර්ක් ගිහින් හාල් බෙදලා සෙනග ගේන්න බෑනේ! ඒ හැර අනෙක් සියල්ල අපේ පිටුපසින් එන දේශපාලනයක් වෙලා තිබෙනවා. ජයග්‍රාහී පියවරකට ජාතික ජන බලවේගය ඔසවා තබමින් ලංකාවේ දේශපාලනය සම්බන්ධ ප්‍රබලම භූමිකාව ඉටුකරමින් සිටිනවා. විශ්‍රාමික පොලිස් සාමූහිකය ජූනි මාසයේ දෙවැනිදා ජ්‍යේෂ්ඨ විශ්‍රාමික පොලිස් ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන්න සැලසුම් කර තිබෙනවා.
තව මාස තුනකින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කෙරෙනවා. දීර්ඝ කාලයක් ජනතා විමුක්ති පෙරමුණ සමග ක්‍රියාකාරීව සිටිමින් 1995 සිට මැයි දිනවලට සහභාගී වූ අය ඉන්නවා. පැරණි අම්මලා, තාත්ලා, සහෝදර සහෝදරියන් අවලාද දරාගනිමින් 3%ට අඩුවෙන කොට ඉවසාගෙන මෙය ඔසවාගෙන සිටියා. ඒ ගෞරවය, ප්‍රණාමය ඒ සහෝදර සහෝදරියන්ට තිබෙනවා. අපට ජයග්‍රහණය සඳහා යන්න එය පමණක් ප්‍රමාණවත් නැහැ. අනෙක් පක්ෂවලට ඡන්දය දුන්, අනෙක් පක්ෂවලට වැඩ කළ, පිරිස අප ළඟට එන්න ඕනෑ. මෙතන ඉන්න ලක්ෂ සංඛ්‍යාත පිරිස දෙස බැලුවාම 2019 දී අපට ඡන්දය නොදී අනෙක් අයට ඡන්දය දුන් විශාල පිරිසක් ඉන්නවා. පැරණි, අපි අල්ලාගෙන සිටියා වැනි පරවේණි උරුමක්කාරකම කියනවා වෙනුවට වර්තමානයේ ජීවත් වෙන්න ඕනෑ. මේ රටට නව යුගයක් උදාකිරීම වෙනුවෙන් ලංකාවේ ප්‍රබලම මහජන ව්‍යාපාරය ගොඩනඟන්න ඕනෑ. ජාතික ජන බලවේගය යනු අනේ පක්ෂවලට විරුද්ධ පක්ෂයක් නොවෙයි. ඒ වගේම පුද්ගලයෙකුට එරෙහිව ගොඩනඟන ලද ව්‍යාපාරයකුත් නොවෙයි. සියලු ජන කණ්ඩායම් නියෝජනය කරමින් මේ රට ගොඩනඟන මහා ජනතා ව්‍යාපාරය මේකයි. පරණ පක්ෂ කෝන්තර, අදහස්, පැරණි මති මතාන්තර පරණ කුණු ඔක්කොම පැත්තකට දාන්න ඕනෑ. නූතන ශ්‍රී ලංකාවේ නව පුනරුද යුගය නිර්මාණය කරමින් ලෝකයත් එක්ක ඉස්සරහට යන්න අපි සූදානමින් සිටිනවා.
සමහර අය ගණිතයෙන් කියනවා 3%, 51%කට වෙන්නේ කොහොමද කියලා. ලක්ෂ තුන හමාරක් හතරක් තිබුණු ඡන්ද ලක්ෂ හැත්තෑව වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්න කරනවා. ඊට වඩා සජිත් කිට්ටු බව කියනවා, දේශපාලනය කියන්නේ වීජ ගණිතය නොවෙයි. දේශපාලනය කියන්නේ සමාජ විද්‍යාවක්. දේශපාලනය කියන්නේ වීජ ගණිතය නම් ලක්ෂ 69ක් ගත් ගෝඨාභය තවමත් ජනාධිපති වෙන්න ඕනෑ. පාර්ලිමේන්තුවේ 2/3ක් ගත් මහින්ද තවමත් අගමැති වෙන්න ඕනෑ. අද ඒගොල්ලෝ වේදිකාවේ කියන්නේ පස්වන විධායක ජනාධිපති කියලයි. දේශපාලනය වෙනස් වෙන්නේ, අනුක්‍රමිකව නොවෙයි, පිමි ලෙස. ජාතික ජන බලවේගය අද සැදී පැහැදී ඉන්නේ ලංකාවේ විශාලතම දේශපාලන පිම්ම ගන්නයි. ඕනෑම සංවිධානයක් කරන සමීක්ෂණවලදී ජාතික ජන බලවේගය උඩින් ඉන්නවා. සමීක්ෂණ පැත්තක තිබබත් ත්‍රීවිල් එකකට නැග්ගාම, වෛද්‍යවරයෙක් ළඟට බෙහෙත් ගන්න කියාම, නීතිඥ මහත්තයෙක් ළඟට නඩුවක් අරගෙන ගියාම, කඩේකට බඩුවක් ගන්න කියාම, බස් එකේදී අල්ලපු ෂීට් එකේ එක්කෙනා කතා කරන්නෙත් මාලිමාව ගැන. උඩ තිබෙන සමීක්ෂණ පැත්තක තැබුවත් පොළොවේ තිබෙන යථාර්ථයෙන් පෙන්වන්නේ ජයග්‍රහණය කරා ළඟා වෙමින් තිබෙන බවයි.
ජයග්‍රහණය හෙල්ලෙන දතක් වගේ අරගෙන ප්‍රමාණවත් නැහැ. ලෝකයේ විශාල පරිවර්තනයන් ඇති කළේ ශක්තිමත් ආණ්ඩු. ලෝකයේ කුමන හෝ රටක නව පරිවර්තනයක් සිදුවී තිබෙනවා නම්, ඒ පරිවර්තන සිදුකර තිබෙන්නේ බලවත් ශක්තිසම්පන්න ආණ්ඩුවලින්. අපි පොඩි වැඩකට අතගහන්න නොවෙයි මේ එන්නේ. අවුරුදු 76ක් ගමන් කරමින් තිබෙන පාර වෙනස් කිරීමටයි එන්නේ. අවුරුදු 76ක් පුරා ඇබ්බැහි වුණු රාජ්‍ය යාන්ත්‍රණයක් තිබෙනවා. ඇබ්බැහි වුණු ජනතාවක් ඉන්නවා. පුරුද්දට ඇබ්බැහි වුණු සමාජයක් තිබෙනවා. මේ පාරේ යන්න මෙහෙයවීමක් අවශ්‍ය නැහැ. පුරුදු පාරේ යනවා. මෙය පරිවර්තනය කිරීමට නම්, පළමු කොටම සාතිශය බහුතරයක් ජනතාවගේ අනුමැතියක් අවශ්‍යයි. ශක්තිමත් මහජන බලයක් අවශ්‍යයි. ඉදිරි මාස තුනේ ගෙයින් ගෙට යන්න. හැම පුරවැසියෙක්ම හමුවෙන්න. රටට සිදුකර තිබෙන විනාශය කියලා දෙන්න. මේ තත්වය වෙනස් කීරීම සඳහා ජාතික ජන බලවේගයට තිබෙන වැඩපිළිවෙළ පැහැදිලි කර දෙන්න. ගම් පිටින් මාලිමාව ජයග්‍රහණය කරවීම සඳහා පොරබදන සමාජයක් නිර්මාණය කරන්න. අනුරාධපුරයේත්, කොළඹත්, මාතරත්, යාපනයේත් සියලුම දෙනා එක් කළ විට ලක්ෂ තුනකට වැඩියි. ප්‍රබලතම විහිදුම් බලකාය මේක.
අපි වෙනස් කරන්නේ සාම්ප්‍රදායික දේශපාලනය. තරුණ පරපුරට සාම්ප්‍රදායික දේශපාලනය තිත්ත වී තිබෙනවා. පවුල් පිටින් දේශපාලනයට එන ක්‍රමයක් තිබෙන්නේ. පුතාලා, නෝනලා, මල්ලිලා ඒ වේදිකාවල ඉන්නවා. මාලිගාවත්තේ සිංදු කියන්න ඉන්දියාවෙන් කට්ටිය ගෙනාවා. ඒ අනුව රනිල්ට ඡන්දය දාන්නත් ඉන්දියාවෙන් ගේන්න වෙනවා. මේ වේදිකාවේ අපි කවුරුත් පවුලේ උරුමයෙන් දේශපාලනය ගෙන ආ අය නොවෙයි. දේශපාලන වේදිකාවට ගොඩනොවැදුණු සම්පත් තුයියකොන්තා වගේ ත්‍රිවිධ හමුදාවේ ඉහළ නිලධාරීන්, වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෘත්තීයවේදීන් හැම කෙනෙක්ම වේදිකාවට එනවා. මානව හැඟීමක් තිබෙන ඕනෑම කෙනෙකුට විවෘත වුණු පුළුල්තම වේදිකාව තමයි ජාතික ජන බලවේගයේ වේදිකාව. මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් සොරකම් කරන දේශපාලනය නතර කරන්න ඕනෑ. ඔය වේදිකා තුනට ගියොත් වීසි දැලක් දාලා හොරු අල්ලන්න පුළුවන්. චැතම් වීදියට ගියොත් කිරිඇල්ල, සජිත්, ඇලෝසියස් සල්ලි අරගෙන පොත් ලියපු කෙනා ඇතුළු ඔක්කෝම අහුවෙනවා. මාලිගාවත්තට ගියොත් මහ බැංකුව කඩපු අයගේ ඉඳලා ඔක්කොම වීසි දැලට අහුවෙනවා. කැම්බල් පිටියට ගියොත් පවුලේ ඔක්කොම අහුවෙනවා. මහජනයාගේ ධනය කොල්ල කන සාම්ප්‍රදායික දේශපාලනය වෙනස් කර, එම ධනය සාංඝීක දේපොළක් වගේ ආරක්ෂා කරන නව දේශපාලන සංස්කෘතියක්, සම්ප්‍රදායක් අපි ගෙන එනවා.
මේ ආර්ථිකයෙන් රට ඉස්සරහට යන බව ඔවුන් හැමදාමත් කීවා. අපි දශක ගණනාවක් තිස්සේ කීවේ මේ ආර්ථික ගමනෙන් රටට විනාශයක් අත්වෙන බවයි. ජනතාව ඒක ඒ විදිහටම තේරුම් ගත්තේ නැහැ. ලී ක්වාන් යූ, මහතීර් මොහොමඩ් ඇවිල්ලා සිංගප්පූරුවක්, මැලේසියාවක් බවට පත්කරයි කියලා සිතුවා. 2022 වෙන කොට ණය ගෙවා ගන්න බැරිව බංකොලොත් රටක් බවට නිල වශයෙන් ප්‍රකාශ කළා. අන්තිමේදී දරුවෝ හැම කෙනාම පාස්පෝට් කාර්යාලයේ නිදි මරාගෙන ඉන්න තත්වයට පත්වුණා. රට දාලා යන්න හැම අතින්ම බලකෙරෙන මට්ටමක් ඇති වුණා. නිෂ්පාදනය ආර්ථිකය කඩා වට්ටා, බිත්තරත්, පොල් ටිකත්, මුකුණුවැන්න ටිකත්, හාල් ටිකත්, හරකබානත්, රටින් ගේන මට්ටමට පත්කළා. රෙදිපිළි, කඩදාසි, නව කාර්මික නිෂ්පාදන සිදු නොකරන බංකොලොත් රටක් හැදුවා. රටේ සම්පත් විකුණමින් අවුරුද්දක් ගෙවා ගන්නා ආර්ථිකයක් නිර්මාණය කළා. පැරණි වලව්වල සිටි නසරාණි පුත්තු වගේ ක්‍රියා කළා. අන්තිමේදි අද යුක්රේනය, රුසියාව යන රටවල් දෙකම ලංකාවෙන් කුලී හමුදාවලට සෙබළු ලබාගන්න තත්වයට පත් කළා. මහා මිනිස් ඝාතන සිදවෙන රටවල් දෙකක් අතර යුද්ධයකදී කුලී හමුදාවන් ලෙස බැඳෙන ලාංකිකයන් නිර්මාණය කළා.
අපරාධවලින් පිරුණු රටක් නිර්මාණය කර තිබෙනවා. මත්ද්‍රව්‍ය රට පුරා ව්‍යාප්ත කර, කාන්තා හිංසනය, ළමා හිංසනය වැඩිකර තිබෙනවා. 2022 අවුරුද්දේ අලි 439ක් මරා දාලා සතා සිවුපාවෙකුටවත් ඉන්න බැරි රටක් හදා තිබෙනවා. කඳුකරය විනාශ කර, දිය උල්පත් සිඳී, ගංගා පතුල් හාරා අද මුහුදු වතුර දැදුරු ඔයෙන් ගොඩබිමට එනවා. අවට ප්‍රදේශ ලවණ වතුරෙන් පිරිලා විනාශ කර තිබෙනවා. නායයෑම් සක්‍රීය වී මුළු රටම විනාශ වෙන පද්ධතියක් තිබෙන්නේ. කුලී හමුදාවලට බැඳිලා යුද්ධ කර ගන්න තරුණයන්ට බලකරන රටක් තුළ මේකෙම සජිත් ප්‍රේමදාසලා ඔරු පදිනවා. ඒ ඔරුවට රවි කරුණානායකලා තල්ලුව දෙනවා. අපි බලය ඉල්ලන්නේ මේ ගහගෙන යන ගංවතුරේ ප්‍රති විරුද්ධ දිසාවට ඔරු පදින්නයි. රනිල් වික්‍රමසිංහයි, හර්ෂ ද සිල්වායි කියන්නේ ගුරයි ගෝලයයි. මේ ගොල්ලෝ අලුත් කට්ටියක්ද, 2015-2019 ආණ්ඩුවේ ආර්ථික කමිටුවේ එරාන් වික්‍රමරත්න, හර්ෂලා එකට හිටියා. මේක අලුත් ආර්ථික කමිටුවක්ද? අපි ලැහැස්ති වෙන්නේ රටට නව ආර්ථික උපායමාර්ගයක් ගේන්නයි. නැවත කාර්මික යුගයකට රට පරිවර්තනය කරන්න අපි ලැහස්තියි. ඒ සඳහා ප්‍රාග්ධනය, තාක්ෂණය, අමුද්‍රව්‍ය, නිපුණතාවය සහිත ශ්‍රම බලකායක් ඕනෑ. ඒ නිෂ්පාදනය කරන භාණ්ඩ විකිණීම සඳහා ශක්තිමත් වෙළඳපොළක් ඕනෑ. මේ අධ්‍යාපනය තවදුරටත් යහපත් පුරවැසියෙකු බිහිකරන අධ්‍යාපනයක් නොවෙයි. දරුවන්ට බරක්, දරුවන්ට කරුමයක් වුණු අධ්‍යාපනයක්, ඒ වගේම අම්මාටත් බරක්. අම්මාගේ බරෙනුත්, දරුවාගේ බරෙනුත් නිදහස් කරගත් ලෝකයක් එක්ක පෙරට යන දැනුම් සම්භාරයක් සහිත අධ්‍යාපනයක් හඳුන්වා දෙනවා.
අපේ මුළු කෘෂිකර්මාන්තයම කාබාසිනියා කරලා. එයට නැවත පණ දෙන්න ඕනෑ. නාවික කර්මාන්තයෙන් රට ඉදිරියට ගෙන යන්න ආර්ථික සැලසුම් දියත් කරන්න ඕනෑ. ආර්ථිකයට සම්බන්ධ නොකළ මිනිසු දූවිලි බවට පත් කළ අය ඉබාගාතයේ එහෙ මෙහෙ ඇවිදිනවා. ආර්ථිකයෙන් පිටමං කරලා තියෙන්නේ. අපි යෝජනා කරන්නේ ගොවි ජනතාව, ධීවර ජනතාව, තරුණ පරම්පරාව, ආර්ථිකයට සම්බන්ධ කර ගන්නා නව ක්‍රියාමාර්ග දියත් කරනවා. ආර්ථිකයෙන් ලබා ගන්නා ඵල සාධාරණ ලෙස ජනතාව අතර බෙදෙන්න ඕනෑ. සමාන ලෙස නොවෙයි. වැඩකරන කෙනාට සාධාරණ පංගුවක් ලැබෙන්න ඕනෑ. අද ආර්ථිකය ඉතා අතළොස්සක් අතට සංකේන්ද්‍රණය කොට තිබෙනවා. එය ප්‍රසාරණය කරන්න ඕනෑ. ඒ තුළ කර්මාන්තකරුවන් අලුත් ව්‍යවසායකයන් ඉදිරියට ඇවිත් තරුණ තරුණියන්ට රස්සාවල් ලැබෙනවා. ඒ ආර්ථිකය තුළ පුරවැසියන්ට නිරෝගී සම්පන්න ජීවිතයක්,හොඳ ප්‍රවාහන සේවයක්, ලබාදෙනවා. වැඩිහිටියන් ආබාධ සහිත පුරවැසියන් සමාජ වගකීමක් ලෙස බලා ගන්නවා. අපේ ආණ්ඩුවක් යටතේ පළමු කොටම ආහාර, සෞඛ්‍ය සහ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් සහතික කරනවා. අපි එන්නේ මේ ගහගෙන යන පාරේම ගහගෙන යන්න නොවයි. මේ ගහගෙන යන ගඟේ කඩදාසි ඔරු අරින්න පුළුවන් සජිත් ප්‍රේමදාසට. වෙන මොකවත් කරන්න බැහැ. නමුත් අපි එන්නේ මෙය සම්පූර්ණයෙන්ම අලුත් දිසාවකට හරවන්න. නව දේශපාලන සංස්කෘතියක් නව ආර්ථික ගමනක් සහෝදරත්වය, ළෙන්ගතුකම පිරුණු සමාජයක් ගොඩනඟන්න. අපි අත ගහන්නේ හුදු ජනාධිපති පුටුවේ වාඩිවෙන්න ආණ්ඩුවක් හදන්න නොවෙයි. අපි අත ගහන්නේ නව පුනරුද යුගයක් බිහි කරන වැඩකට.
රනිල් වික්‍රමසිංහ අත ගහලා තිබෙන්නේ හාල් දීලා ඡන්දෙ ගන්න, පැරණි සම්ප්‍රදායට. ලයිට් බිල, වතුර බිල අඩුකර, කඳුකර ජනතාවගේ පඩිය ටිකක් වැඩිකර ඡන්දය ගන්න උත්සාහ කරනවා. ඒක දේශපාලනය නොවෙයි, කප්පම්, අල්ලස් දීමක්. සජිත්ලාට, රනිල්ලාට නූතන දේශපාලනයක් නැහැ. සජිත් ප්‍රේමදාස ළඟකදි කීවා සිස්ටම් චේන්ජ් කරන්න බලය ඕන නෑ කියලා, විපක්ෂයේ ඉඳන් කරනවාලු. එහෙම නම් ඉතිං විපක්ෂයේම තියමු. පැරණි දේශපාලනය ප්‍රතික්ෂේප කර, ජෝගි නටන මැයි දිනය අපි රට වෙනස් කිරීමේ තීරණාත්මක කඩඉමක් බවට පත්කර ගන්නවා. වැඩකරන ජනතාව නියෝජනය කරන එකම මැයි දින වේදිකාව ජාතික ජන බලවේගයේ වේදිකාව විතරයි. විශේෂයෙන්ම ගොවි ජනතාවගේ මහා ජන පෙළගැස්ම අද අනුරාධපුරයේදී සිදු වෙනවා. මහා ධීවර ප්‍රජාවක් ප්‍රමුඛව විශාල පිරිසක් මාතරට එක්වී සිටිනවා. කොළඹදී මේ රට ගොඩනඟන වැඩකරන ජනතාව ප්‍රමුඛව රොද බැඳගෙන සිටිනවා. අපි කියන්නේ සජිත් ඔයා විපක්ෂයේ ඉඳගෙන සිස්ටම් චේන්ජ් කරන්න. අපි බලය ලබාගෙන හොරකම, නාස්තිකාර දේශපාලනය, කප්පම් අල්ලස් දේශපාලනය, පවුල් දේශපාලනය නතර කර, නීතියේ විධානය ආධිපත්‍යය පිහිටුවා නව ආර්ථික ගමනක් යන්නම්. ලෝකය ඉදිරියේ අපකීර්තියට පත්කර තිබෙන රට කීර්තිමත් තත්වයට පත්කරන්න බලය ඕනෑ. සජිත්ලාට, රනිල්ලාට හාල් බෙදන්න බලය ඕන නැහැ. මුදලාලි කෙනෙක් හිටියොත් ඇති. ඒගොල්ලෝ කරන්නේ බෙදන දේශපාලනය. ජාතික ජන බලවේගය මේ රට ගොඩනඟන නව පුනරුද යුගයකට ගෙන යන දේශපාලනයක් කරනවා.
මහා සුනාමි ව්‍යසනයෙන් විනාශ වුණේ පෑරලිය කෝච්චි පාර දවස් 57න් හැදුවා. ගාල්ල බස් නැවතුම්පොළ හැදුවා. කඳවුරුවල හිටි අයගේ දරුවන් වෙනුවෙන් ළමා මධ්‍යස්ථාන හැදුවා. අපේ වෛද්‍යවරු මානසික සායන පැවැත්වූවා. ඒ ව්‍යසනයෙන් ජනතාව ගොඩගැනීම සඳහා අපි කඳවුරු හැදුවා. පස්සේ ගෙවල් හැදුවා. මහා ගංවතුරවලදී ළිං ටික ඉස්සා. ගෙවල් හැදුවා. කුසගිනි නිවන්න ආහාර බෙදුවා. ලෝකයටම බලපෑ කොවිඩ් වසංගතයේදී සමහර රෝහල්වල ගොඩනැගිලි හැදුවා. ආබාධිතයන්ට පහසුකම් දුන්නා. ආහාර බෙදා දුන්නා. සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අවශ්‍ය පහසුකම් සලසා දුන්නා. නමුත් එය අපේ සමස්ත දේශපාලනය නොවයි. ජනතාව ව්‍යසනයට පත්වූ ඕනෑම තැනකදී ජාතික ජන බලවේගයේ අපි කඳවුරු බැඳගෙන මැදිහත් වුණා. දැන් තීරණාත්මකව බලය ගැනීම සඳහා මැදිහත් වෙන්න ඕනෑ. සමහර අය කියනවා රනිල් ඒකටත් මොකක් හරි ගැටයක් ගහයිද දන්නේ නැහැයි කියලා. රනිල්ට ගහන්න වෙන්නේ අමුඩ ගැටය විතරයි. අපි නොදන්නා රනිල්! 2002 ආණ්ඩුව හැදුවා. 2004 දී ගෙදර යැව්වා. 2015 මෛත්‍රී එක්ක ආණ්ඩුවක් හැදුවා. 2018 ගෙදර යැව්වා. අපි එදා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මැදිහත් වුණු නිසා යාන්තම් හුස්ම ටිකක් ගත්තා. ඩී.එස්.ලා, කොතලාවලලා, ගොඩනැගූ පක්ෂය 2019 වෙනකොට එකට බැස්සුවා. එයා ජනාධිපතිවරණයෙන් පැරදී අකුළාගෙන ගෙදර යනවා. අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න සැලසුම් සකස් කර තිබෙනවා. අපි අමාත්‍යාංශ 25ක් නම්කර, අලුත් කැබිනට් මණ්ඩලයක් පත්කර, අලුත් ලේකම්වරු 25 දෙනෙකු පත්කරනවා. ආරක්ෂක ලේකම් වෙන්නේ කවුද, වංචා හා දූෂණ සොයන්න කොමිසමට පත්කරන්නේ කවුද, වශයෙන් මූලික සැලසුම් කරලා තිබෙන්නේ. පළමු පැය 24 ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. පළමු වටයේ රනිල් ගෙදර, දෙවන වටයේ ඔක්කෝමලා ගෙදර.
ඉතාමත් අසීරු කාලය අපි පසුකළා. අවලාදවලට මුහුණ දුන්නා. මහජනයාගේ ධනය සොරකම් කළ අය කලබල වෙන්න ඕනෑ. රනිල් වික්‍රමසිංහලා 1977 බලය අරගෙන දේශපාලන පළිගැනීම් සිදුකර, 1980 ජූලි වර්ජකයන් එළියට දාලා, සංවර්ධන සභා ඡන්දය කොල්ල කන්න යාපනය පුස්තකාලය ගිනි තිබ්බා. කෝට් එක ඇඳගෙන ටයි එක දාගෙන ඉන්න රනිල්ගේ ටයි එක ලේවලින් සෝදලා තියෙන්නේ. ‘බටලන්ද ගිනිලෑම’ බලන්න. විධායක ජනාධිපති ධුරය හැදූ රනිල්ලා ව්‍යවස්ථාව වෙනස් කරමින් එන කොට තමන්ගේ ජීවිත කාලය ඇතුළත දූෂිත ප්‍රභූ පෙළැන්තිය අභියෝගයට ලක්වෙයි කියලා කවදාවත් හිතුවාද? තමන්ට ඕනෑ විදිහට ව්‍යවස්ථාව වෙනස් කර ගත් මහින්ද රාජපක්ෂ එහෙම හිතුවාද? පුතාට දේශපාලන පෙත එළුෑ මහින්ද තමන් නහින දෙහින කාලයේ මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවාද? අවුරුදු 76කට පසුව ඔවුන් නොසිතූ දේශපාලනයක, දීප්තිමත්ම දේශපාලන පෙරළියක්, ප්‍රභාමත්ම දේශපාලන පෙරළියක්, ජනතාවගේ මහා නැගිටීමේ දේශපාලන පෙරළියක්, ජනතාවට පිබිදීම, ආස්වාදය ගෙනදෙන දේශපාලන පෙරළියක් විසින් ජාතික ජන බලවේගයට බලය ලබාදෙනවා.
මහින්ද, ගෝඨාභය පිස්සු කෙළිනකොට සජිත්ගේ ඔළුවට ඔටුන්න වැටෙයි කියලා හිතුවා. එයාගේ ඔළුවට කොස්කොළ ඔටුන්නක් වැටෙනවා. කාඩ්බෝඩ්වලින් කඩුවක් ලැබෙනවා. අද දේශපාලකයෝ විතරක් නොවෙයි, සමහර මාධ්‍ය ආයතනත් බුරන්න පටන්ගෙන තිබෙනවා. ඕනෑම මාධ්‍ය ආයතනයකට දේශපාලන ව්‍යාපාර විවේචනය කිරීමේ අයිතිය තිබෙනවා. අපි වැරදි නම් පෙන්වලා දෙන්න. අපි වැරදි හදා ගන්නම්. අපි විවෘත දේශපාලන ව්‍යාපාරයක්. අපරාධ වැරදි කර, අධිකරණයෙන් ඔප්පු වී හිරේ ඉන්න අයට ජනාධිපති සමාවක් දෙන්නේ නැහැ. ඇප මුදලක් ගෙවා ගන්න බැරි අහිංසක කෙනා ගැන ඕන නම් සලකා බලන්නම්. අපි හැමදෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ වැරදි පෙන්වා දෙන්න. ඒ වැරදි පිළිගන්න විවෘත දේශපාලනයක් අපි. නමුත් දේශපාලන න්‍යාය පත්‍ර අනුව එල්ල කරන ප්‍රහාරයන්ට යටත් වෙන්නෙත් නැහැ. බය වෙන්නෙත් නැහැ. මාධ්‍ය විශාල ප්‍රමාණයක්, සමාජ මාධ්‍ය විශාල ප්‍රමාණයක් අපට සහයෝගය දෙනවා. සමාජ මාධ්‍යවල බොහෝ පිරිස් අප සමග වචනයක් වත් කතා නොකර අපි ගැන ලියන්න පටන්ගෙන, කියන්න පටන්ගෙන තිබෙනවා. අවසාන වශයෙන් කියන්නේ ගම්වල සිටින අනිත් දේශපාලන හිතවතුන් සමග සාකච්ඡා කරමින් දැනුවත් කර, එක පෙළට පෙරට එන ලෙස ආරාධනා කරනවා. ඊළඟ මැයි දිනයේදී ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ හමුවෙමු.
(-Matara, May 01, 2024-) ජාතික ජන බලවේගයේ අපි විපක්‍ෂයේ සිට සමරන අවසාන මැයි රැලිය යාපනය, අනුරාධපුරය, කොළඹ සහ මාතර දී ඉතාමත් අභිමානයෙන් සමරනු ලබනවා. ලබන වසරේ මැයි දිනය සමරන්නේ ජාතික ජන බලවේගයේ ජනතාවාදී පාලනයක් තුළයි. එක්දහස් අටසිය අසූහයේදී ඇමෙරිකාවේ හේමාකට් නගරයේ දී පැය අටක වැඩ දිනයක් ඉල්ලා සුදු කොඩි අරන් අරගල කළ නිරායුධ ජනතාවට එරෙහිව […]
(-Matara, May 01, 2024-)
ජාතික ජන බලවේගයේ අපි විපක්‍ෂයේ සිට සමරන අවසාන මැයි රැලිය යාපනය, අනුරාධපුරය, කොළඹ සහ මාතර දී ඉතාමත් අභිමානයෙන් සමරනු ලබනවා. ලබන වසරේ මැයි දිනය සමරන්නේ ජාතික ජන බලවේගයේ ජනතාවාදී පාලනයක් තුළයි. එක්දහස් අටසිය අසූහයේදී ඇමෙරිකාවේ හේමාකට් නගරයේ දී පැය අටක වැඩ දිනයක් ඉල්ලා සුදු කොඩි අරන් අරගල කළ නිරායුධ ජනතාවට එරෙහිව මර්දනයක් දියත් කළ දිනය මුල් කරගෙන ලෝකවාසී ජනතාව මැයි දිනය සමරනවා. පාලකයෝත් මේ දිනය සමරමින්, විවිධ නාඩගම් නටනවා. රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්‍ෂ නඩය, සමගි ජන බලවේගයේ ඉතිරි වී සිටින කණ්ඩායම සහ පොහොට්ටුවේ පිරිස සමඟ මැයි දිනය සමරන ආකාරය ඉලක්කම්වලින් ප්‍රකාශ කළත්, ජාතික ජන බලවේගයේ ශක්තිය පෙන්වමින්, මාලිමාවේ අපට තරගයක් තිබෙන්නේ අපිත් එක්කම බව තහවුරු කර තිබෙනවා. රනිල් එක්ක, සජිත් එක්ක හෝ වෙන කිසිවකු එක්ක අපට තරගයක් නැහැ. තරගය පවතින්නේ බලය ලබාගෙන මේ මාතෘභූමිය පොහොසත් කිරීමේ සහ ලස්සන කිරීමේ තරගයක් විතරයි අපට තිබෙන්නේ.
යාපනයට, අනුරාධපුරයට, කොළඹට සහ මාතරට එක් වී සිටින ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව එකහඬින් කියා සිටින්නේ මේ දූෂිත, දුෂ්ට පාලනය අවසන් කළ යුතු බවයි. රනිල් වික්‍රමසිංහට කෘතවේදීත්වය පළ කිරීමේ මැයි රැලියක් එක්සත් ජාතික පක්‍ෂය පවත්වනවාලු. 1980 ජූලි වැඩ වර්ජනයේ දී වර්ජකයන් ලක්‍ෂයක් පමණ පාරට දාන්න රනිල් වික්‍රමසිංහ අත ඉස්සූ නිසාද ඔහුට කෘතවේදීත්වය පළ කරන්නේ? ඒ වගේම මහ බැංකුව කොල්ලකෑම කළ නිසාද? ඊයේ රාත්‍රියේ තෙල් මිල අඩු කළා කියලා අද කයිවාරු ගහන්න ක්‍රියා කරන නිසාද? ඒ වාගේම වතු ජනතාවගේ පඩි වැඩි කරන බවට ගැසට් ගැසූ නිසාද? රනිල් වික්‍රමසිංහ මේ මොන මොනවා කළත්, පලවාහැරිය යුතු පාලකයකු බවට පත්වී අවසන්. ජනතාව රවටමින්, හාල් බෙදුවට, ඉඩම් ඔප්පු බෙදුවට නැවත නොරැවටෙන බව ජනතාව සපථ කර අවසන්. ජාතික ජන බලවේගය වටා ජනතාව ඒකරාශී වී සිටීමෙන් රනිල් වික්‍රමසිංහලා භය වී සිටින තරමයි, ඔය පෙන්වන්නේ. අද එක් කළා වාගේම තව තවත් ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් ඒකරාශී කරමින්, මේ රටේ ජනතාවාදී පාලනයක් ගොඩනඟන්න එකා මෙන් රොදබඳිමු.
සමහර අය කියනවා, තව සති දෙක තුනකින් සජිත්ගේ ආතල් බලන්න පුළුවන් කියලා. නමුත්, මේක ආතල් ගන්න අවස්ථාවක් නෙවෙයි. වසර හැත්තෑහයක් පුරා රට බංකොළොත් කළ සියලුම පාලකයන් එළැඹෙන ජනාධිපතිවරණයේදී පන්නා දැමීමේ අවස්ථාව අපට ඇවිත් තිබෙනවා. රටත්, ජනතාවත් පුනරුද යුගයකට ගෙන යන අවධියක නායකත්වය දීමේ ජන බලය විදේශගත ශ්‍රී ලාංකිකයන් සහ ලෝකවාසී ජනතාවත් සමඟ ඒකාත්මික වීමෙන් අපිත් සමරනවා. මැයි දිනය සැමරීමේ සදාචාරාත්මක අයිතියක් තිබෙන වැඩ කරන ජනතාව, ගොවි, ධීවර ඇතුළු සියලුම ජනතාවට අර්ථවත් දැක්මක් සහිතව සැමරීමේ අවස්ථාව ලබාදී තිබෙන්නේ ජාතික ජන බලවේගය පමණයි. රට දිනවන විසඳුම ගෙන එන මැයි රැලියෙන් නව ශක්තියක්, ධෛර්යක් ලබාගෙන රට ගොඩනැඟීමට පෙළගැසෙමු.
“ඓතිහාසික පරිවර්තනයක තීරණාත්මක දිනයක් ලෙසට අද දවස ඉතිහාසයට එකතු වෙනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය-
ලක්‍ෂ ගණනක් ජනතාව ඉදිරියේ මැයි රැලියක අමතන මගේ ප්‍රථම අවස්ථාවයි මේක. මට මේ මැයි රැලිය කිසි දිනක අමතක වෙන්නේ නැහැ. ඔබටත් එසේම බව මට නිසැකයි. හේතු ගණනාවක් නිසා ඓතිහාසික, සුවිශේෂී රැලියක් බවට මෙය පත් වෙනවා. පසුගිය කාලයේ මැයි රැලි පවත්වා, අරගල ගණනාවක් සිදු කර, පුරවැසි අරගලයකට පසුව අත්දැකීම් එකතු කරගෙන අනාගතය දෙස ඉතාමත් අධිෂ්ඨානයෙන්, අරමුණු සහගතවයි අප මෙතැනට එක්වී සිටින්නේ. මේ රටට, සමාජයට පරිවර්තනීය මොහොතක් හැදෙන රට ගොඩනැඟීමත්, වෙනස් කිරීමත් වෙනුවෙන් අපි හැම දෙනාම එකතුවී සිටිනවා. සාමුහික හැඟීමෙන්, හෘදයසාක්‍ෂිය හොඳටම අවදි වී තියුණු වුණු ජන බලයක් මෙතැන එකතු වී සිටින්නේ. මේ දවස ඉතිහාසයේ අලුතින් ලියන පෙරළිකාරී අරගලකරුවන් පිරිසක් එකතුවී සිටිනවා. වෛද්‍යවරුන්, හෙදියන්, නීතිඥයන්, ඉංජිනේරුවන්, ගොවීන්, ධීවරයන්, කම්කරුවන් සහ වැටුප් ලබන මෙන්ම නොලබන අප සියලුම දෙනා මේ රටේ පුළුල්ම ජන බලය වෙනුවෙන් එකතුවී සිටිනවා. ජීවිතයේ පළමුවරට මැයි රැලියකට එකතු වුණු අය රට වෙනස් කිරීමේ ජන බලය වෙනුවෙන් මැදිහත්වෙලා තිබෙනවා.
ඒ වගේම අවුරුදු ගණනාවක් සටන් කළ, අරගල කළ, ගුටිබැට ප්‍රහාරයන්ට ලක් වූ අප්‍රමාණ පරාජයන් අත්විඳි, ඇති තරම් බැණුම් ඇසූ, සමාජයේ විහිළුවලට ලක් වුණු එහෙත්, තම දේශපාලන අරමුණ අත්නොහැර අධිෂ්ඨානශීලීව සියලු පරාජයන් දරාගෙන ජයග්‍රාහී මොහොත දක්වා සිටි පිරිසක් මෙතැන ඉන්නවා. ඔවුන්ගේ ශක්තියත්, අලුතින් එක් වන අයගේ ශක්තියත් නිසයි අද ජයග්‍රහණය පේන තෙක් මානයට ඇවිත් තිබෙන්නේ. මේ රටේ ආර්ථිකයට පණපොවන ගැහැනු අපි අතුරින් ඉතිහාසයේ පළමු වතාවට මැයි රැලියකට සහභාගී වන අයත් මෙතැන ඉන්නවා. වතුකරයේ, ඇඟලුම් කර්මාන්තයේ වාගේම විදේශගතව වැඩ කරන ගැහැනුන් මේ රටේ ආර්ථික කොඳුනාරටිය ශක්තිමත් කරමින්, මේ මැයි රැලියට සහභාගී වෙනවා. ඒ වාගේම වැටුප් නොලබා ගෘහණියන් ලෙස වැඩ කරන අයත්, වෙනත් විවිධ ක්‍ෂේත්‍රවල වැඩ කරන අයත් වැනි විවිධ ක්‍ෂේත්‍රවල ගැහැනුන් අපි එක් වී සිටින්නේ අපේ දේශපාලනික කාර්යභාරය ඉටු කරන්නයි. මේ රටේ කොඳුනාරටිය ගැහැනු අපි බව හොඳින් මතක තබා ගන්න ඕනෑ. ලෝකයටම ආදර්ශයක් දෙමින්, මේ රට වෙනස් කරන බලවේගයේ සම කොටස්කරුවන් ලෙස අපි එකමිටට එකතු වෙලා ඉන්නවා.
දශක ගණනාවක් බලය තිබුණේ කුඩා කණ්ඩායමක් අතේ. රජ කාලයේත් එහෙමයි. හොඳ රජ කෙනෙක් යටතේ කළ සංවර්ධන කටයුතුවල නටබුන් අදටත් අපට දකින්නට ලැබෙනවා. යටත්විජිත යුගයේ කුඩා කණ්ඩායමක් මේ රටේ සම්පත් කොල්ලකෑවා. ඒ කොල්ලකෑමට හවුල් වූ දේශීය කුඩා කණ්ඩායම අතට එක්දහස්නවසිය හතළිස්අටේ බලය ලබා දීමක් සිදු වුණා. එදා තිබුණු ලෝක තත්ත්වය අනුව නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය අපට ලැබුණත්, මේ රටේ පොදු ජනතාව බලයේ කොටස්කරුවන් බවට පත්කර ගත්තේ නැහැ. එක්දහස්නවසිය හැත්තෑහතෙන් පසු දූෂණය, ප්‍රචණ්ඩත්වය, ජාතිවාදය යොදා ගනිමින්, ඕනෑම ජඩ කුමන්ත්‍රණයක් කර බලය පවත්වාගෙන යාම සාමාන්‍ය දෙයක් බවට පත්කර ගත්තා. මෙය වෙනස් කළ නොහැකි බව බොහෝ දෙනෙක් කල්පනා කරන තත්වයට මේ දූෂිත වළල්ල ශක්තිමත් කර තිබුණා. මේ පාලකයන් පලවාහරින්න ශක්තිමත්ම බලවේගය ගොඩනැඟීමේ කොටස්කරුවන් ලක්‍ෂ ගණනින් මේ මැයි රැලියේදී අපි දකිනවා. මේ ජන බලයෙන් අපි ආණ්ඩුවක් පිහිටුවාගෙන ඉතිහාසය වෙනස් කරන පරිවර්තනයේ කොටස්කරුවන් වී සිටිනවා. එහි නායකත්වය දරන්නේ අප සියලු දෙනාමයි. ඒ ඓතිහාසික පරිවර්තනයේ තීරණාත්මක දිනයක් හැටියට අද දිනය ඉතිහාසයට එකතු වෙනවා. බලය ලබාගෙන මනුෂ්‍යත්වයට තිබෙන අසීමිත ආදරයෙන් යුතුව රට ගොඩනැඟීමේ කාර්යභාරය අපට තිබෙනවා. මේ පරිවර්තනය වෙනුවෙන් අපේ ජීවිත වුවත් කැප කරන්න සියලු දෙනාම සූදානම් බව අපි දන්නවා.
ආණ්ඩුවක් මාරු කරනවා වෙනුවට බැරෑරුම් පරිවර්තනයක් කරන්න පෙළගැසී ඇති බව අප සියලු දෙනාම දන්නවා. ඒ වෙනුවෙන් අලුතින් ඉගෙන ගන්න, අධ්‍යයනය කරන්න, මතුපිටින් නොව ගැඹුරින් කල්පනා කරන්න සියලු දෙනාම පෙළැඹී සිටිනවා. ඒ වෙනුවෙන් විනයක් සහිත සංවිධානාත්මක වටාපිටාවක් ගොඩනඟාගෙන තිබෙනවා. මෙතැන තිබෙන ආදරය, සතුට, ආස්වාදය, මේ පන්නරය වෙන කොහේවත් නැහැ. එය කිසිවකුට කොපි කරන්න හෝ පරාජය කරන්න බැරි බව අපි ඔවුන්ට මතක් කර දෙනවා. සාධාරණ, යුක්තිගරුක, පොහොසත්, ආදරයෙන් පිරුණු රටක් වෙනුවෙන් ඉදිරි මාස කිහිපය පුරා අධිෂ්ඨානයෙන් ජයග්‍රහණය කරා පියනැඟීමට සියලු දෙනාට ශක්තිය, ධෛර්යය ලැබේවා.
“මාලිමාව සිටින්නේ කුමන්ත්‍රණවලින් වට්ටන්න පුළුවන් තැනක නොවෙයි”
-ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා-
තව මාස කිහිපයකින් මේ රටේ ජනතාවාදී පාලනයක් පිහිටුවන්න සූදානම් කියන පණිවුඩය රැගෙන දිස්ත්‍රික්ක කිහිපයකින් මාතරට පැමිණි ඔබ සියලු දෙනාට පළමුවෙන්ම අපගේ ආචාරය පිරිනමනවා. මාතර, කොළඹ, අනුරාධපුර මැයි රැලිවලට සහභාගී වුණු ජනතාවගෙන් ස්ථිර කර තිබෙන්නේ මීළඟ ආණ්ඩුව ජාතික ජන බලවේගයෙන් පිහිටුවන බවයි. ගැහැනු අපි එකමිටට දිස්ත්‍රික් සමුළු මාලාව වාගේම තරුණ සමුළු පවත්වන අවස්ථාවලත් ඇතැම් අය ප්‍රකාශ කළේ එකම පිරිසක් තැනින් තැනට ගෙන යන බවයි. බංකොළොත්කමට එවැනි ප්‍රකාශ කළ අයගෙන් අපි දැන් අහනවා, රටේ තුන්කොන විසිරී සිටින්නෙත්, එකම පිරිසක්ද කියලා. මේ තමයි, ජාතික ජන බලවේගයේ ශක්තිය, ජාතික ජන බලවේගයේ විශ්වාසය. අපි කවුරුත් එකතු වෙලා අවුරුදු කිහිපයකින් ගොඩනැඟූ මහා මිනිස් සමූහය තමයි, මේ. අපි කොතරම් ශක්තිමත්ද කියලා සතුරන්ට පෙනීගොස් තිබෙනවා. මාතර වෙරළ තීරයේ ලක්‍ෂයකට වැඩි ජනතාවක් වාගේම අනුරාධපුරයේ සල්ගාදු පිටියත් පිරී ඉතිරී ගිහින්. කොළඹ ඒ සියල්ල ඉක්මවා ගිය පිරිසක් ජාත්‍යන්තර කම්කරු දිනය සමරනවා. 1886 අවුරුද්දේ එදා සිටි පාලකයන් මර්දනය දියත් කිරීමෙන් ජාත්‍යන්තර කම්කරු දිනය නිර්මාණය වුණා. අයිතිවාසිකම් ඉල්ලා පාරට බහින ජනතාව මර්දනය කළ මේ රටේ පාලකයන් අද මැයි දිනය සමරනවා. රනිල් වික්‍රමසිංහගේ මාමා 1987 මැයි දිනය තහනම් කර නාරාහේන්පිට අභයාරාමයට වෙඩි තබා දෙදෙනෙක් ඝාතනය කළා. ඔවුනුත් අද මැයි දිනය සමරනවා.
එක්සත් ජාතික පක්‍ෂය, පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය කියන පක්‍ෂ ඔක්කොම යල්පැනගොස් ජනතාවගෙන් වියෝ වෙලා ඉතිහාසයේ කුණුබක්කියට වැටෙමින් තිබෙන බවත්, ඉතිහාසය අලුතින් ලියන අධිෂ්ඨානය සහිත සියලු ප්‍රගතිශීලී ජනතාව ජාතික ජන බලවේගය සමඟ අත්වැල් බැඳ ගනිමින් සිටින බවත් ඔප්පු කරමින් තිබෙනවා. මෙතැනට රැස් වී සිටින කිසිවකුටත් පොරොන්දු දීලා, අරක්කු දීලා, සල්ලි දීලා ගෙනැත් නැහැ. හැමෝම කොට්ඨාස සභා මට්ටමින්, ආධාර පත්‍රවලින් සල්ලි එකතු කර කෑම පැකට් එකක් අරගෙන දුෂ්කරතා මැද්දේ මෙතැනට ආව ලක්‍ෂ ගණනක් දෙනා ඉන්නේ. ඔවුන්ගේ ගමන වෙනස් කරන්න කිසිවකුටත් බැහැ. ගම් මට්ටමේ සංවිධාන ජාල ලෙස අධිෂ්ඨානශීලී ජනතාවක් අරමුණුසහගතවයි මෙතැනට පැමිණ සිටින්නේ. මෙතරම් විශාල පිරිසක් සහභාගී කරගෙනත් විනයක් සහිතව රට වෙනස් කිරීමේ බලවේගය ලෙස අවබෝධයෙන් කටයුතු කරමින් සිටිනවා. රට ගොඩනැඟීමේ විනයක් සහිත ස්වේච්ඡාවෙන් වැඩ කරන බලවේගය මාලිමාව පමණක් බව ඔබ, අප හැම දෙනාම ඔප්පු කොට තිබෙනවා. මෙතැන ඉන්නේ ගල් පර්වත වුවත්, අස්වැද්දිය හැකියි කියලා ක්‍රියාවෙන්ම ඔප්පු කළ අධිෂ්ඨානශීලී ජනතාවක්. තවමත් අප වෙත එකතු නොවූ ජනතාවත් ඒකරාශී කරගෙන ඉතිහාසයේ පළමුවරට ජනතාවගේ ආණ්ඩුවක් පිහිටුවන බව ශපථ කරන ජනතාවක් මෙතැනට ඒකරාශී වෙලා ඉන්නවා.
අද අපට උරුමවී තිබෙන්නේ අධිරාජ්‍යවාදී බලවතුන්, පාලකයන් ලෝකය පුරාම ජනතාව පීඩාවට පත් කළ අපට ජීවත් වීමට සුදුසු පරිසරයක් නැති තත්ත්වයක්. එක් පැත්තක සල්ලි කඳු ගොඩගහන අතර, අනෙක් පැත්තේ දුප්පත්කම ගොඩගහනවා. දුප්පත්කම, නැතිබැරිකම, බඩගින්න, අධ්‍යාපනයෙන් පිටමං කිරීම, සෞඛ්‍ය පහසුකම් නැතිකම වාගේම මත්ද්‍රව්‍ය ව්‍යාප්ත කළ ලෝකයක අපි අද ඉන්නේ. අධිරාජ්‍යවාදීන් අද ආයුධ නිෂ්පාදනය කර යුද්ධත් ඇති කරනවා. අනෙක් පැත්තෙන් ඖෂධ නිෂ්පාදනය කරමින්, ඒ ඖෂධ විකුණන්න රෝගීනුත් ඇති කරනවා. ඒ වාගේම මාස ගණනක් පුරා පලස්තීනයේ ජනතාව ඊශ්‍රායලයෙන් ප්‍රහාර එල්ල කරනවා. මේ වාගේ ඛේදවාචකයක් ලෝකය පුරාම පවතින්නේ. ලෝකයේ මේ දුෂ්ටත්වය අවසන් කිරීමේ අරගලයට මාලිමාවේ අප සියල්ලන්ම දෑත් ඔසොවා සහයෝගය පළ කරන බව ප්‍රකාශ කරනවා. පලස්තීනයේ ජනතාවට අපි මේ මැයි දිනයේ දීත් සහයෝගය පළ කරනවා.
අවුරුදු හැත්තෑහයක් පුරා ජනතාවගේ ඡන්දයෙන් පත් වුණු පාලකයන් පෙරළා ජනතාවට ලබාදී තිබෙන්නේ බංකොළොත් රටක්. ඒ බංකොළොත් රට තුළ මේ දවස්වල පුංචි පුංචි ඡන්ද ක්‍රීඩා පටන්ගෙන තිබෙනවා. ජනතාව අපායේ ජීවත් කරවමින්, ඡන්ද කාලයේ දී ඒ අපායට පොඩි ඉන්ටවල් එකක් දීම මේ දක්වා පාලකයන් සිදු කළා. ඡන්ද කාලයට මොනවා හරි බෙදලා, දිළිඳුකම වපුරලා ඡන්දය ගන්න රනිල් වික්‍රමසිංහලා හාල් කිලෝ විස්සක් බෙදනවා. මේ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරන්න ඕනෑ. ඒ වාගේම වංචාව, දූෂණය, නාස්තිය වළක්වා හොරුන්ට දඬුවම් දෙන්නත් ඕනෑ. හොරාකෑ හැම සතයක්ම ආපසු අය කර ගන්නත් ඕනෑ. ඒ වෙනුවෙන් තිබෙන එකම බලවේගය ජාතික ජන බලවේගය පමණක් බව අපි ජනතාවට සහතික කරනවා. මහජන නියෝජිතයා කියලා මේ දක්වා පත්කළ මන්ත්‍රීවරු, ඇමැතිවරු මහජන මුදල් නාස්ති කරමින්, ආරක්‍ෂකයන් පිරිවරාගෙන යන පාරක් හැදුවත්, තවත් මහජන මුදල් වැය කරමින්, ඇමැති අතින් පීත්ත පටි කැපීමේ සංස්කෘතිය අපි සහමුලින්ම වෙනස් කරනවා. මේ වෙන කොට පොලිසියෙන් දෙකෙන් පංගුවක් යොදවා තිබෙන්නේ හොරු අල්ලන්න නොවෙයි, හොරු රකින්නයි. රටේ අපරාධ මඬින්න පොලිසියේ මහත්වරුත්, වාහනත් හිඟයි. නමුත්, අපි සහතික කරලා කියනවා, පොලිසියේ වාහනත්, පොලිසියේ මහත්වරුත් නිදහස් කර ජනතාවගේ සේවය වෙනුවෙන් යොදවන බව. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ බරපතළ කාර්යභාරයක් අපට පැවරී තිබෙනවා.
විදේශ විනිමය ඉපයිය හැකි නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැඟිය යුතුයි. එය ආණ්ඩුවකට තනිවම කළ නොහැකියි. පෞද්ගලික අංශයත්, ජනතාවත් සම්බන්ධ කරගෙන නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟා එහි ප්‍රතිලාභ සාධාරණ ලෙස ජනතාවට බෙදාහැරිය යුතුයි. අපේ අරමුණ ව්‍යාපාර පවරා ගැනීම නොව පවතින ව්‍යාපාර ශක්තිමත් කර ජාතික ආර්ථිකය ගොඩගැනීමයි. අපට ආර්ථිකයක් අවශ්‍ය වන්නේ ජනතාවට සතුටින් ජීවත් විය හැකි ජීවන තත්ත්වයක් ගොඩනඟා ගැනීමට. මේ සමාජ ඛේදවාචකය වෙනස් කරන ගැඹුරු පරිවර්තනයකට අවශ්‍ය ජාතික පුනරුදයකට මුළු රටම පෙළගස්වන්න ඕනෑ. මැයි දිනයට ජනතාව මේ ආවා වාගේ රට ගොඩනැඟීමටත් පෙළගස්වන්න ඕනෑ. මේ වෙනුවෙන් ජනතාව පෙළගස්වමින් අපි යන කොට මේ දක්වා බලයේ හිටපු කට්ටිය කලබල වෙලා විවිධ කුමන්ත්‍රණ දියත් කරනවා. මෙතෙක් හොරාකෑ මහජන දේපළ මාලිමාවේ පාලනයක් යටතේ නැවත පවරා ගැනීම වාගේම ඒ හොරුන්ට දඬුවම් කිරීමත් අනිවාර්යයෙන්ම සිදු කරනවා. සමගි ජන බලවේගය මේ දවස්වල වේදිකා ගාණේ කියමින් යන්නේ මාලිමාව පරදා ඒ ගොල්ලෝ බලය ලබා ගන්නා බවයි. ආණ්ඩුව පරාද කරන බව කියන්නේ නැහැ. ඒ විතරක් නොවෙයි, ජාතික ජන බලවේගයට විරුද්ධව අලුතින් බොරු, අවලාද නඟන්නත් පටන්ගෙන තිබෙනවා. බොරුවට අභියෝග කරන්නත් පටන්ගෙන තිබෙනවා.
මේ අභියෝගවලට දින වෙන් කරමින්, අපි උත්තර දුන්නා. නමුත්, ඒ දිනවලට එන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට දිනයක් කියන්න කීවාම, ඒකටත් එන්නේ නැහැ. ඔය වාගේ පොඩි පොඩි දේවල්වලට උත්තර දිදී ඉන්නවාට වඩා මේ මැයි දිනයේ දී ඔබට ලොකු පණිවුඩයක් දෙන්න අපට තිබෙනවා. රනිල් වික්‍රමසිංහගේ, පොහොට්ටුවේ ඉහළම නායකයන් සමඟ සමහර බුද්ධි අංශවල කට්ටියත් එකතු වෙලා මාලිමාවේ ජයග්‍රහණය වළක්වන්න සැලැසුම් සකස් කරන බව අපට වාර්තා වෙලා තිබෙනවා. බඩු බෙදලා, අල්ලස් දීලා, ඡන්ද කල් දාලා මාලිමාවේ ජයග්‍රහණ වළක්වන්න බැරි නිසා මාලිමාව දෙකට කඩන්න බොරු ප්‍රවෘත්ති නිර්මාණය කරනවා. ජේ.වී.පී. – එන්.පී.පී. කියලා දෙකට බෙදන බොරු ප්‍රවෘත්ති ලබන සතියේ විතර ප්‍රචාරය කරන්න පටන් ගන්නවා. කොයි කවුරු බෙදුණත්, මාලිමාවේ අපි බෙදන්න බැරි බව සහතික කර කියා සිටිනවා. එකපැත්තකින් ප්‍රචාරය කරන්න සැලැසුම් කර තිබෙනවා, ගම්වල සිටින ජේ.වී.පී. සහ එන්.පී.පී. වශයෙන් දෙකට බෙදන්න විවිධ ප්‍රචාර යවන්න සැලසුම් කර තිබෙනවා. ඒ වාගේම අනෙක් පැත්තට මාලිමාවේ පාලනයක් යටතේ ජේ.වී.පී. අය බලය ගන්නා බවට ජේ.වී.පී. නොවන අයව බය කරන ප්‍රචාර යවන්න සැලසුම් කර තිබෙනවා. අපි ඔය කුමන්ත්‍රණකරුවන්ට අවධාරණයෙන් කියන්නේ කුමන්ත්‍රණවලින් වට්ටන්න පුළුවන් තැනක නොවෙයි, අපි ඉන්නේ කියලා. මාලිමාව ගොඩනඟා තිබෙන්නේ බිම් මට්ටමෙන්, කොට්ඨාස මට්ටමෙන්. බිම් මට්ටමේ ඉඳලයි, මාලිමාව ගොඩනඟන්නේ. විරුද්ධවාදීන්ට අපි කියන්නේ, මාලිමාවේ බෙදීමක් ගැන හීන දකිනවා නම්, ඒක දවල් හීනයක් විතරයි, මේ රට ගොඩනැඟීමේ අධිෂ්ඨානයෙන්, ධෛර්යයෙන් ඉදිරියට යන එකම බලවේගය මාලිමාව විතරක් බවයි.
අපි බෙදෙන බව කීවත්, ඇත්තටම බෙදෙන්නේ කවුරුන්ද? මීට අවුරුදු හතරකට කලින් ලක්‍ෂ හැටනවයක් ඡන්දය ගත්ත පොහොට්ටුවට අද මොකක්ද වෙලා තියෙන්නේ? ඩලස්ලා ගැලවිලා ගිහින්. ලන්සලා ඇතුළු කණ්ඩායමක් ගැලවී ගිහින්. වියත් මඟ ගැලවිලා ගිහින්. මේ කිසිවකුත් අපි ගන්නේ නැති නිසා අප ළඟට එන්නේ නැහැ. රට විනාශ කරන්න දායක වුණු කිසි කෙනකු මාලිමාවට වද්දා ගන්නේ නැහැ කියන සහතිකය අපි දෙනවා. පොහොට්ටුවේ තව පිරිසක් සජිත් එක්ක, තව පිරිසක් රනිල් එක්ක. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නඩු ගොඩයි. නායකයන් නැහැ. ලේකම්ලා සභාපතිලා එක පිරිසක් පත් කරන කොට තව පිරිසක් තහනම් නියෝග ගන්නවා. දේශපාලන වශයෙන් නන්නත්තාර වෙලා. සමගි ජන බලවේගය කියන නම ගත්තේ අපි ජාතික ජන බලවේගය ගොඩනැඟූ නිසයි. අපි කාන්තා සමුළු පවත්වන කොට ඒ ගොල්ලොත් ඒ කොපියම ගහනවා. එතැන සමගි – ජන – බලවේගය කියන තුනම නැහැ. එතැන සමගිය ඇත්තේම නැහැ. ජන බලවේගයක් ඇත්තේම නැහැ. රනිල් විමධ්‍යගත අරමුදල්වලින් සජිත්ගේ පක්‍ෂයේ හය, හත් දෙනකුට විතරක් කෝටි හතළිහක් ලබාදීලා. තවත් සමහර අයට බාර් පර්මිට් දීලා. අලුත් රටක් හදන්න යන බව කියන සමගි ජන බලවේගයේ නායකයන් දැනටමත් රනිල්ගෙන් බාර් පර්මිට් අරගෙන. නුවර පැත්තේ ඉන්න එක්කෙනා බාර් පර්මිට් දෙකම රුපියල් කෝටි දෙකකට විකුණලා. ඒ අතර විජයමුණි සොයිසා ස්වාධීන වෙලා ඉන්නවාලු. සමගි ජන බලවේගයේ කෑලි කැඩෙමින්, බිඳෙමින් යනවා මිස අලුතින් කවුරුත් එකතු වෙන්නේ නැහැ.
සජිත් ප්‍රේමදාස විවාද ගැන කතා කරන්නේ පාසල් දරුවන් එක්ක. ඒ දරුවන්ට කතා කරන්නේ මිත්‍රවරුනි කියලා. අලුතින්ම පටන්ගෙන තිබෙන්නේ ජපන් භාෂාවෙන් කතා කරලා පෙන්වන්න. සජිත් ප්‍රේමදාස වටේ ඉන්න කට්ටියත් මේ කතා නිසා අසරණ වෙමින් යන්නේ. රට විනාශ කළ අය දිනපතා විනාශ වෙමින් යන බව සනාථවී තිබෙනවා. ඉතිහාසයේ කිසි දවසක වාමවාදී, ප්‍රගතිශීලී බලවේගවලට මේ වාගේ අවස්ථාවක් උදාවී නැහැ. ඒ නිසා ඉතිහාසයේ පළමුවැනි වතාවට ඇත්ත අර්ථයෙන්ම ජනතාවාදී පාලනයක් පිහිටුවන්න කවුරුත් රොදබඳින්න ඕනෑ. ඔවුන් නඟන අවලාදවලට වඩා ගොඩක් උඩින් දැන් අපි ඉන්නේ. අසූඅට-අසූනවය ගැන හැමදාම මැතිරුවත්, කොතරම් අවලාද, මඩ එල්ල කළත්, දේශපාලන විවාදවලට ඇවිත් සත්තු වාගේ හැසිරුණත් ඒ හැම දේකින්ම ජනතාව ඔවුන්ගෙන් ඈත් වෙමින් යනවා. හෘදයසාක්‍ෂියක් තිබෙන හැම කෙනෙක්ම ජාතික ජන බලවේගය වටා ඒකරාශී වෙමින්, පොදු ජනතාවගේ ආණ්ඩුවක් පිහිටුවා, ඉතිහාසය අලුතින් ලියන්න විශාල කාර්යභාරයක් අපට තිබෙනවා. මැයි මාසයේ පහළොස් වැනිදා සිට කොට්ඨාස සභා මට්ටමින් මෙහෙයුමක් පටන් ගන්න තිබෙනවා. තාමත් අප වටා නොවුණු ජනතාව ළඟට ගිහින් කරුණු පැහැදිලි කර සතුරාගේ බොරු ප්‍රචාර පරාද කරන්න ඕනෑ. විශේෂයෙන්ම මාලිමාවේ ආණ්ඩුවක් යටතේ අනෙක් පක්‍ෂවල අයගෙන් පළිගන්නවා කියලා යවන ප්‍රචාර පරාද කරන්න ඕනෑ. දේශපාලන පළිගැනීම් සංස්කෘතිය අපේ පාලනයක් යටතේ සදහටම නිමා කරන බව අවධාරණය කරනවා.
අපේ සතුරන් ජාතික ජන බලවේගයේ නියෝජිතයන් බව කියමින්, ජනතාව බියවද්දන ප්‍රචාර යවනවා. බඩු බෙදලා ඡන්ද ගන්න බැරි බව දැනගත්තාම මේ වාගේ ප්‍රචාර කරමින්, ජනතාව බියගන්වන බොරු අවලාද අවබෝධයෙන් යුතුව පරාජය කරන්න ජනතාවට කියලා දෙන්න ඕනෑ. තමන්ට පෞද්ගලිකව කිසිවක් බලාපොරොත්තු නොවී ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් ඒකරාශී කළ හැකි බව මාතර වෙරළ තීරයට පැමිණි ජනතාවගෙන් ඔප්පු කර තිබෙනවා. පවුල් පිටින් රොදබැඳගෙන අලුත් රට ගොඩනඟන්න සූදානම් බව ඔබ තහවුරු කර තිබෙනවා. අනාගතය වෙනුවෙන් වර්තමානය අප අතට ගන්න ඕනෑ. අපේ අම්මා, තාත්තාට ගොඩනඟන්න බැරි වුණු දේ අපට පැවරී තිබෙනවා. අපි එය අපේ දරුවන්ට භාරදිය යුතු නැහැ. ණය බරින් මිදුණු රටක ජීවත් වෙන්න අපි කවුරුත් කැමැතියි. හිඟා කන ආර්ථිකය වෙනුවට ශක්තිමත් ආර්ථිකයක් අප ගොඩනඟන්න ඕනෑ. සම්පත්වලින් පොහොසත් අපේ රටේ ජනතාව අනුන්ට අත නොපා ජීවත් විය හැකි තත්ත්වයට ආත්මගරුත්වය සහිත පිරිසක් ජීවත් වන ලස්සන රටක් අපි ගොඩනඟන්න ඕනෑ. මත්ද්‍රව්‍යවලින් මිදුණු, දරුවන්ට, කාන්තාවන්ට ආරක්‍ෂාව තිබෙන එකිනෙකා රැකබලා ගන්නා සමාජයක් අපි නිර්මාණය කරනවා. තනි තනි මිනිසුන් වෙනුවට සාමුහිකත්වයෙන් බැඳුණු මිනිසුන්ට මිනිසුන් ලෙස ජීවත් විය හැකි සමාජයක් අපි ගොඩනඟනවා.
මේ අවුරුද්දේ මැතිවරණ දෙකක් පැවැත්වෙන්න නියමිතයි. ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් මාලිමාවේ ජයග්‍රහණය වළක්වන්න කිසිම ජගතෙක් නැහැ. මාලිමාවේ නායක අනුර සහෝදරයා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඉතිහාසයේ පළමුවැනි වතාවට අපට “සහෝදරයා” කියන්න පුළුවන් කෙනෙක් පත්කර ගැනීමේ අවස්ථාව උදා වී තිබෙනවා. “සර්”, “අතිගරු”, “උතුමාණෝ” කියන්නේ නැතිව “සහෝදරයා”, “අයියා”, “මල්ලී”, “මාමේ” කියන්න පුළුවන් නායකයෙක් ජනාධිපති බවට පත් කරගෙන පාර්ලිමේන්තුවේ මේ හොරු රැළ පලවාහැර මහජනතාවගේ නියෝජිතයන් පත් කරගෙන රට ගොඩනඟන වැඬේට සුදුසු පාර්ලිමේන්තුවක් පත් කර ගන්නවා. අපි හොඳ මිනිසුන්ගෙන් පාර්ලිමේන්තුව පුරවන්න ලෑස්තියි. රට ගොඩනැඟිය හැකි ශක්තිමත් ආණ්ඩුවක් හදන්න අපි ලෑස්තියි. රට ගොඩනඟමින්, අපි කාටත් සතුටින් ජීවත් විය හැකි රට ගොඩනැඟීමේ ගැඹුරු පණිවුඩය මේ මැයි දිනයේ දී අපි ලබා දෙනවා. එහි කොටසක් ඇත ඔබටත්. ජයග්‍රහණ වෙනුවෙන් වෙහෙස වෙන්න ඕනෑ. සටන් වදින්න ඕනෑ. අපට එකතු කළ හැකි සියලු බලවේග එකතු කරන්න ඕනෑ. වැට්ටූ කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන්, වෘත්තීයවේදීන්, කාන්තාවන්, ශිෂ්‍යයන් හැම දෙනාම එකමිටට එකතු කර කිසි දිනක පරාජය කළ නොහැකි ආපසු හැරවිය නොහැකි දැවැන්ත බලයක් ගමින් ගම අපි ගොඩනඟමු.
රත්න ශ්‍රී විජේසිංහයන් ලියූ කවියකින් අපි සමුගන්නවා.
“ඉතින් යහළුවනි, මල් පිපුණොත් ගසක
සැකක් නැතිය ඵලයක් හට ගනු නිසැක
සිතින් අත නෑර මල්වල මුදු මෙලෙක
වරෙව් පරාගණයට රොදබැඳ හනික”
රට පුරාම ඵල දරන මල් ලක්‍ෂ ගණනින් පිපී තිබෙනවා. මේ මල් ඵල බවට පත් කිරීමේ පරාගණය අප සිදු කරන්න ඕනෑ. ඒ වෙනුවෙන් හැම දෙනාම රොද බඳිමු. අලුත් රටක්, අලුත් හෙටක්, අලුත් සමාජයක් අපේ ජීවිත කාලයේ අපේ දෑස් ඉදිරිපිට ගොඩනඟා, අපි කවුරුත් සතුටින් ජීවත් වන ආඩම්බරකාර පුරවැසියන් බවට පත්වීමේ ජයග්‍රහණය වෙනුවෙන් රොද බඳින්න. ඒ වෙනුවෙන් හැම දෙනාම අත්වැල් බැඳගන්න.
(-Sri Lanka, May 01, 2024-) 2024 ජාත්‍යන්තර කම්කරු දිනය සමරන මේ අවස්ථාවේ ලොව පුරා වැඩකරන ජනතාව ඇතුළු පොදු ජනතාව සමග ජාතික ජන බලවේගයද සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගනී. ජාත්‍යන්තර කම්කරු දිනය යනු 1886 චිකාගෝ නුවර කම්කරුවන් පැය 8ක වැඩ දිනයක් ඉල්ලා කළ අරගලයත්, එම අරගලය පාලක පංතිය විසින් මර්දනය කිරීමේදී කම්කරු අයිතීන් වෙනුවෙන් දිවිපිදූ කම්කරු නායකයන් […]
(-Sri Lanka, May 01, 2024-)
2024 ජාත්‍යන්තර කම්කරු දිනය සමරන මේ අවස්ථාවේ ලොව පුරා වැඩකරන ජනතාව ඇතුළු පොදු ජනතාව සමග ජාතික ජන බලවේගයද සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගනී.
ජාත්‍යන්තර කම්කරු දිනය යනු 1886 චිකාගෝ නුවර කම්කරුවන් පැය 8ක වැඩ දිනයක් ඉල්ලා කළ අරගලයත්, එම අරගලය පාලක පංතිය විසින් මර්දනය කිරීමේදී කම්කරු අයිතීන් වෙනුවෙන් දිවිපිදූ කම්කරු නායකයන් සිහිපත් කිරීමක් කරන හා වැඩකරන ජනයාගේ ශක්තිය, සටන්කාමිත්වය හා අනාගත අරමුණු හඬගා කියන එකකි.
ලොව පුරා වැඩකරන ජනයා ඇතුළු පොදු ජනතාව මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය සමරන්නේ ඉතිහාසයේ විශාලතම අර්බුදයන් හා පීඩනයන් හමුවේය. අධිරාජ්‍යවාදී පාලනයත් ඔවුන් විසින් ලොව මත පටවා ඇති බංකොලොත්, අසාධාරණ නව ලිබරල් පාලනය ක්‍රමයත් වැඩකරන ජනතාව ඇතුළු පොදු ජනතාව වෙත උරුමකර දී ඇත්තේ ඉතාමත් පීඩාකාරී, ව්‍යසනකාරී තත්වයකි.
21වන සියවසට ලොව ගමන්කර තිබියදීත් ලෝක ජනගහනයෙන් සාතිශය බහුතරයක් දිළින්දන් බවට පත්කර තිබේ. ලොව පුරා කුසගින්නේ සිටින, ඉන් මියැදෙන ජනගහනය විශාලය. ලොව පුරා දරුවන් අධ්‍යාපනයෙන් පිටමංකර තිබේ. තරුණයන්ට රැකියා අහිමිකර තිබේ. වැඩකරන ජනයා සිය ඉතිහාසය තුළ අරගලකොට උරුමකර ගත් අයිතීන්ද යළිත් උදුරා ගනිමින් තිබේ. පැය 8ක වැඩ දිනයක් ඉල්ල සටන්කර එය දිනාගත්තද නැවත පැය 8 ඉක්මවා වැඩ කිරීමට පවතින අර්බුදය වැඩ කරන ජනතාවට බලකර තිබේ. ජීවත්වීමට සරිලන වැටුපක් යනු තවමත් සිහිනයක් පමණක් වී තිබේ. කුඩා පරිමාණ, මධ්‍ය පරිමාණ ව්‍යාපාර කර්මාන්ත නිතිපතා බිඳවැටෙමින් තිබේ. වැටුප් ශ්‍රමිකයන් ලෙස වැඩකරන කාන්තාවන් හා ගෙදර දොර සුරැකුම් ආර්ථිකයට වෙහෙසෙන කාන්තාවන් මත පැටවෙන පීඩනය වැඩිවී තිබේ. ඔවුන් අනාරක්ෂිතභාවයට පත්කර තිබේ.
එසේම පරිසරය විනාශ කිරීම, ගැටුම්, යුද්ධ, වසංගත, මත්ද්‍රව්‍ය වැනි සමාජ ව්‍යසන වත්මන් ක්‍රමයේ නිෂ්පාදනයන් වන අතර, මිනිසාට ජීවත් වීමට නොහැකි තත්වයට ලෝකය පත්කර තිබේ. මේ තත්වය වෙනස් කිරීම සඳහා සටන් වැදීමට අප සැමට බල කර තිබේ.
ශ්‍රී ලංකාවේ වැඩකරන ජනයා ප්‍රමුඛ පොදු ජනතාව මෙවර මැයි දිනය සමරන්නේද අර්බුද, අභියෝග රැසක් හමුවේය. මේ වන විට ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත් කොට, වට්ටවන ලද රටකි. පරම්පරා ගණනකට ගෙවීමට නොහැකි ණය බරක් රට මත පටවා තිබේ. බදුබර දරාගැනීමට ජනතාවට නොහැකි වී තිබේ. දිනෙන් දින ඉහළ යන බඩු මිල, කඩා වැටෙන ජීවන තත්වය ජනතාව අර්බුදයෙන් අර්බුදයට පත්කිරීමට හේතු වී තිබේ.
මේ බිහිසුණු අර්බුදය තුළ වැඩකරන සමස්ත ජනතාවද තරුණයෝද, දරුවෝද, කාන්තාවෝද, කලාකරුවෝද, වෘත්තිකයෝද, සුළු පරිමාණ කර්මාන්ත ව්‍යවසායයෝ හා නිෂ්පාදකයෝද පීඩාවට පත්ව සිටිති. පවතින පාලනය යටතේ ඔවුන් අනුගමනය කරන වංචා දූෂණවලින් පිරුණු කොල්ලකාරී ආර්ථිකය යටතේ රටේ ඉදිරි ගමනක් ඇත්තේම නැත. රට අරාජික වී තිබේ. ඒ නිසා මෙම දුෂ්ට පාලනයත්, වැරදි සමාජ ආර්ථික ක්‍රමයත් වහාම පරාජය කළ යුතුය. අප ජාතික ජන බලවේගය ලෙස මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය සමරන්නේ ඉහත අභියෝගය දරාගෙනය.
අප මෙවර මැයි දිනය පවත්වන්නේ බලය මාරු කළ හැකි ජනාධිපතිවරණයක් අභිමුව සිටය. මෙම වසර හුදු මැතිවරණ වසරක් පමණක් නොව, අපේ රටේ සාතිශය බහුතර ජනතාව අධිෂ්ඨානයෙන් එක්ව, ඉතිහාසය අලුතින් ලියන වසර බවටද පත්ව තිබේ. වසර 76ක වැරදි දූෂිත පාලනය අවසන් කර, රට නව ආර්ථික ක්‍රමයක් කරා, ජාතික පුනරුදයක් කරා, ගෙනයන සැබෑ ජාතික නිදහස දිනාගන්නා වසර බවටද පත්ව තිබේ. මෙවර මැයි දිනයේ ජාතික ජන බලවේගයේ අරමුණත්, අධිෂ්ඨානයත් එයය.
අපේ රටේ වැඩකරන ජනයා ප්‍රමුඛ පොදු ජන බලවේග වෙත දැන් ඇත්තේ එකම මාවතක් පමණි. තවදුරටත් පවතින පාලනය තුළින් අයිතීන් ඉල්ලීමෙන් ඵලක් නැත. මේ පාලක කල්ලි ජනතාවට අයිතීන් නොදෙනවා පමණක් නොව වැඩකරන ජනයා දිනාගත් අයිතීන් පවා දිනපතා උදුරා ගනිමින් සිටී. එබැවින් වැඩකරන ජනතාව ඇතුළු මෙරට ප්‍රගතිශීලී, වාමවාදී ජනතා බලවේගයන්ගේ වගකීම වන්නේ මේ දුෂ්ට පාලනය වහාම අවසන් කොට, ඒ වෙනුවට නව ජනතාවාදී පාලනයක් නිර්මාණය කිරීමය.
වර්තමාන පාලනයට රට ගොඩනැගීමේ වුවමනාවක් හෝ හැකියාවක් නැත. ඔවුන් තවදුරටත් රටත්, ආර්ථිකයත් විනාශ කරමින් සිටී. ණය බර වැඩිකරමින් සිටී. බදු බර වැඩිකරමින් සිටී. රටේ වටිනා සම්පත් විකුණා දැමීමත්, මහජන මුදල් වංචා කිරීමත්, හොරකමින් නාස්ති කරමින් සිටී. අප නව ජනතාවාදී පාලනයක් පිහිටුවිය යුත්තේ එම තත්වය පරාජය කර, රට නව ආර්ථික දේශපාලන මගකට ගෙනයාමටය.
නිෂ්පාදනය මත පදනම් වූ ස්ථාවර, ශක්තිමත්, ආර්ථිකයක් ගොඩනැගීමත් ආර්ථිකය ගොඩනැගීමට සියලු ජනයා සහභාගි කර ගැනීමත්, ආර්ථික නිෂ්පාදනයේ ප්‍රතිලාභ සියලු දෙනාට සාධාරණ ලෙස බෙදී යන ක්‍රමයත් සකස් කිරීමත් නව පාලනයක මූලික ක්‍රියාමාර්ගය වේ. එසේම වංචාව, දූෂණය, හොරකම නවත්වා නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමද විනය, සාමූහිකත්වය, මනුෂ්‍යත්වය සහිත සමාජයක් නිර්මාණය කිරීමද අපේ වගකීම වේ. ඒ සඳහා ජනතාව බලය ලබාගත යුතුය. මෙවර මැයි දිනයේ අපේ අදිටන වන්නේ එයයි.
එබැවින් මෙවර සියලු වැඩකරන ජනතාව ඇතුළු පොදු ජනයා සහ වාමවාදී, ප්‍රගතිශීලී, ප්‍රජාතන්ත්‍රවාදී, දේශප්‍රේමී සියලු බලවේගයන් ඉහත අරමුණ වෙනුවෙන් සංවිධානය විය යුතු යැයිද, එක්ව ඇත්වැල් බැඳගත යුතු යැයිද, දැඩිව විශ්වාස කරන අපි සමාජයේත්, ආර්ථිකයේත්, දේශපාලනයේත් ගැඹුරු සාධනීය වෙනසක් වෙනුවෙන් පෙරට එන ලෙස මෙම ජාත්‍යන්තර කම්කරු දිනයේදී ඉල්ලා සිටිමු.
2024 මැයි 01
(2024.04.27 – ස්වීඩනයේ ස්ටොක්හෝම්හි ජාතික ජන බලවේගයේ ජන හමුව) ඔබ දුරබැහැර සිටියත් ලංකාව අත්නොහැරිය, ලංකාව පිළිබඳ අවධානයෙන් ඉන්න, අපේ රටටත්, අපේ රටේ පුරවැසියන්ටත් හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කරන කණ්ඩායමයක්. ඔබත් ඔබේ දරුවනුත් යම් පහසු ජීවිත ගත කළත් ලංකාවේ සිටින ඔබේ ඥාතීන්, හිතවතුන්, අසල්වැසියන් විශාල ඛේදවාචකයකට මුහුණ දී තිබෙනවා. ඔබ අපේක්ෂා කරන පරිවර්තනය ශ්‍රී ලංකාව තුළ ඇති […]
(2024.04.27 – ස්වීඩනයේ ස්ටොක්හෝම්හි ජාතික ජන බලවේගයේ ජන හමුව)
ඔබ දුරබැහැර සිටියත් ලංකාව අත්නොහැරිය, ලංකාව පිළිබඳ අවධානයෙන් ඉන්න, අපේ රටටත්, අපේ රටේ පුරවැසියන්ටත් හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කරන කණ්ඩායමයක්. ඔබත් ඔබේ දරුවනුත් යම් පහසු ජීවිත ගත කළත් ලංකාවේ සිටින ඔබේ ඥාතීන්, හිතවතුන්, අසල්වැසියන් විශාල ඛේදවාචකයකට මුහුණ දී තිබෙනවා. ඔබ අපේක්ෂා කරන පරිවර්තනය ශ්‍රී ලංකාව තුළ ඇති කිරීමට දේශපාලනය වෙනස් විය යුතුයි. අපේ රට මුහුණ දී තිබෙන මේ ඛේදවාචකය ස්වභාවික ව්‍යසනයක් නොවෙයි. මෙය මුළුමනින්ම අපේ රටේ දේශපාලක කණ්ඩායම් විසින් ඇති කරන ලද ව්‍යසනයක්. කවුරු කැමති වුණත් අකමැති වුණත් මෙය වෙනස් කළ හැක්කේද දේශපාලන වෙනස් කිරීමකින් පමණයි. මේ වසරේ සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 17ත් අතර දිනකදී ලංකාවේ තීරණාත්මක ජනාධිපතිවරණයක් එනවා. මේ මැතිවරණයෙන් යහපත් ප්‍රතිඵලයක් ලබාගත හැකි නම්, අපේ රට වෙනස් කරන්න පුළුවන්. ඔබ සාර්ථක මැතිවරණ ප්‍රතිඵලයක් ලබාදීමට සූදානම් බව පෙනීයාමෙන් අපට හැඟෙන්නේ ඔබ අප කෙරෙහි විශ්වාසය තබා තිබෙන බවයි. ඔබ අප කෙරෙහි තබන විශ්වාසය බිඳකින්වත් හෝ හානි නොවෙන්න ඉඩ නොතබන බවට අප සහතික වෙනවා.
තවදුරටත් අපේ රටට මේ විදිහට ගමන් කරන්න දෙන්න බැහැ. මෙය වෙනස් කළ යුතුයි. එය පහසු කාර්යයක් නොවෙයි. මේ පාලක කණ්ඩායම් එය වෙනස් කිරීම නතර කිරීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කරනවා. අපි පැරදුණොත් අපි පසුවදා සිටම දේශපාලනය කරනවා. එයාලගේ තාත්තාගෙන් පුතාටත්, පුතාගෙන් පුතාටත් දේශපාලනයේ හිමිකම උරුමයක් කොට ලියාගෙන තිබෙනවා. ඔවුන් පැරදුනොත් මේ සියල්ලම ඔවුන්ට අහිමි වෙනවා. ඔවුන් සලකන්නේ දේශපාලනය ඔවුන්ගේ උරුමය ලෙසයි. වංචාව, දූෂණය, නාස්තිය ඔවුන්ගේ වරප්‍රසාද බවට පත්වී තිබෙනවා. ඔවුන් පරාද වුණොත් මේ සියල්ල අහිමි වෙන බව එයාලා දන්නවා. ඒ නිසා ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වළක්වන්න කළ හැකි සියලු දේ කරනවා. ඕගොල්ලෝ කවදා හෝ හිතුවද, චන්ද්‍රිකා, මහින්ද, රනිල් සතුරු කඳවුරු එක වේදිකාවකට එයි කියා. මේ ජනාධිපතිවරණයේදි මේ සියලු සතුරු කඳවුරු එක වේදිකාවකට එනවා. ආණ්ඩුවේ අය පමණක් නොවෙයි විපක්ෂයත් එහෙම එකතු වෙනවා. මේ රටේ පොදු ජනතාවගේ දේශපාලනයට විරුද්ධව ඒගොල්ලෝ එකට එකතු වෙනවා.
රනිලුත් ස.ජ.බ.යත් එකතු විය යුතුයි කියා ඔවුන්ගේ පාක්ෂිකයන් වේදිකාවල හඬ නගනවා. රනිල් සහ ස.ජ.බ. එක්ක එකතු වීමට පුද්ගලික ගැටුම පමණයි බාධකයකට තිබෙන්නේ. නමුත් ප්‍රතිපත්තිමය වශයෙන් වෙනසක් නැහැ. ප්‍රතිපත්තමය වෙනසක් තිබේ නම්, සජිත් ප්‍රේමදාසගේ මන්ත්‍රිවරු කණ්ඩායමකට විමධ්‍යගත අරමුදලෙන් කෝටි 40කට ආසන්න මුදලක් රනිල් වෙන්කරයිද? ප්‍රතිපත්තිමය වශයෙන් වෙනස් නම්, එක්සත් ජනපදයට යනකොට ස.ජ.බෙ. මන්ත්‍රී වඩිවේල් සුරේෂ්, ඩුබායි යන කොට ස.ජ.බෙ. ගම්පහ මන්ත්‍රී මාන්නප්පෙරුම, උගන්ඩාවේ යන කොට පොළොන්නරුවේ ස.ජ.බෙ. මන්ත්‍රී කිංස් නෙල්සන්, ඔස්ටේ්‍රලියාවේ යනකොට ඉසාද් රහුමාන් මන්ත්‍රීවරු එක්කගෙන යනවා. ඒගොල්ලන් එකතු වීම සඳහා සියලු පිඹුරුපත් සකස් කරමින් ඉන්නවා. ප්‍රතිපත්තිමය වෙනසක් තිබේ නම් මෙසේ කටයුතු කරයිද? ජාතික ජන බලවේගය අතට පාලන බලය ඒම නවත්වන්න නම් එකට එකතු විය යුතු යැයි ඔවුන් හිතනවා.
එපමණක්ද? විශාල මාධ්‍ය මෙහෙයුමක්ද තිබෙනවා. සැමදෙනාගේ මතයන්ට සාධාරණ ඉඩක් දෙනවා යැයි කියපු මාධ්‍ය දෙස බලන්න. මහජනයාගේ ධනය අයථා ලෙස එකතු කර ගත් අය එකට එකතු වෙමින් සිටිනවා. මේ මැතිවරණයේදී ඡන්ද ලබාගැනීම සඳහා විශාල ලෙස සල්ලි පොම්ප කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒ, ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වැළැක්වීම සඳහායි. ඔවුන්ගේ වරප්‍රසාද, බලය, දූෂිතභාවය, නාස්තිය මේ සියල්ල නතර වීමේ කඩඉමකට ඇවිත් තිබෙනවා. රූපවාහිනී සංවාදවල පාර්ශ්ව තුනම එකට එකතුවී ප්‍රහාර එල්ලකරනවා. ඔවුන්ට දේශපාලන න්‍යාය පත්‍රයක්, වැඩසටහනක් නැහැ. වියරුවෙන්, කෝපයෙන් කලබලයෙන් අපට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම එකම දේශපාලනය බවට පත්කරගෙන තිබෙනවා.
මේකට මුහුණ දෙන්න අපි කළ යුතු වන්නේ කුමක්ද? අපි සතුව තිබෙන එකම අවිය, ජාතික ජන බලවේගය වටා ජනතාව ඒකරාශී කිරීම පමණයි. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ආයතන විශාල ගණනක් ජයග්‍රහණය කරන බවට වාර්තා පළවෙමින් තිබුණා. ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වැළැක්වීම සඳහා මැතිවරණය පැවැත්වූයේ නැහැ. අද ජාතික ජන බලවේගය වටා ඒකරාශී වී තිබෙන්නේ සංවිධානාත්මකව එකතු කරන ලද මහජන බලයක්. අප ග්‍රාම සේවා වසම් විශාල ප්‍රමාණයක් කොට්ඨාස සභා හදා තිබෙනවා. සියලුම වෘත්තීන් එකට පෙළගස්වා තිබෙනවා. විශ්‍රාමික හමුදා නිලධාරීන්, විශාලම බලවේගය ලෙස එකතු කොට තිබෙනවා. විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ සමුළුව, මිනින්දෝරුවන්, ඉංජිනේරුවන්ගේ සමුළු ඉතා ඉක්මනින් පවත්වන්න සූදානමින් ඉන්නවා. ගුරුවරුන්, ප්‍රාදේශීය සංවර්ධන නිලධාරීන් ආදී රාජ්‍ය සේවයන් ඒකාබද්ධ කරමින් තිබෙනවා. වෘත්තීයවේදීන්, ව්‍යාපාරිකයන්, ගොවි ජනතාව, ඒකාබද්ධ කරමින් ඉන්නවා. ඒ, අපට ශක්තිය තිබෙන්නේ ජනතාව සමඟ නිසයි.
ඒ වගේම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ප්‍රබලතම පෙරමුණක් කියා අපි විශ්වාස කරනවා. ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ විශාල මැදිහත් වීමක් තිබුණා. ඔහු ජනතාවගේ අපේක්ෂාවන්, බලාපොරොත්තු බිඳ වැට්ටුවාට පස්සේ ඔහු පලවා හරින්න කියන මතය විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් පැන නගින්න පටන් ගත්තා. අද ලංකාවට වෙනසක් ඕන කියන විශාල හඬක් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් මතුවෙමින් තිබෙනවා, වගේම ඔවුන්ගේ ප්‍රධානම තේරීම ජාතික ජන බලවේගය බවට පත්වෙමින් තිබෙනවා. මේ රට වෙනස් කළ යුතුයි, යන මතවාදීමය අදහසක් ඔබට තිබෙනවා. මේ තිබෙන්නේ ඔබ තුළ රටත් ජනතාවත් පිළිබඳ තිබෙන ආදරයේ සහ වේදනාවේ ප්‍රකාශනයක්. ඒ සඳහා ඔබට විශාල කාර්යයක් තිබෙනවා. බොහෝ දුරට ජනාධිපතිවරණය සැප්තැම්බර් 28 හෝ ඔක්තෝබර් 5 පැවැත්වෙනවා. ඒ කාලෙට ලංකාවට එන්න කියා, මම ඔබට ආරාධනා කරනවා. ඔබ පාවිච්චි කරන සමාජ මාධ්‍ය හරහා මේ මතය පතුරුවන්න. ඔබගේ ඥාතීන්ට, හිතවතුන්ට මේ රටවල අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය, පාලකයන් ගැන කියන්න. මේ වගේ රටක් අපට අවශ්‍යයි කියන පණිවිඩය දෙන්න. අපේ රටේ පාලකයන්ට වඩා වෙනස් දේශපාලකයන් ඉන්නා බව කියන්න. නීතිය පාලකයාගේ කැමැත්ත නොවෙන බවත්, සාධාරණ විය යුතු බවත් කියන්න. ඥාතීන්ට, මිතුරන්ට හොඳ රටක්, හොඳ පාලනයක් කියන්නේ මොකක්ද යන පණිවිඩය ගෙනියන්න. ඒක වෙනස් කිරීම සඳහා සාමූහිකව මැදිහත් වෙන්න කියන ආරාධනය කරන්න. අපට තිබෙන ප්‍රධානම අභියෝගය බලය ලබා ගැනීම. ඒ සඳහා ඔබගේ සහයෝගය අපේක්ෂා කරනවා.
ඒ වගේම බලය ලබාගත්තාට පසුව මේ රට හදන්න ඕනෑ. අපේ රටේ විනාශයට හේතුව දේශපාලන සංස්කෘතියයි. එය වෙනස් කළ යුතුයි. 1994 සිට 2024 දක්වා අවුරුදු 30ට ආණ්ඩු කීයක් හැදුවද? හැබැයි මේ දක්වා නිමල් සිරිපාල, ඇමති. ජී.එල්. පීරිස් 2015 හැරුණු කොට අනෙක් හැමදාම ඇමති. අපේ දේශපාලන සංස්කෘතියේ මන්ත්‍රීවරු සල්ලිවලට එහෙට මෙහෙට පනිනවා වගේම ඉන්නත් සල්ලි ගන්නවා. වරප්‍රසාද, අමාත්‍ය ධුරවලට, සල්ලිවලට එහෙට මෙහෙට පැන්නොත් ගෙදර යවන ආණ්ඩුවක් අපි හදමු. මහින්ද හොරා කියල කෑ ගහන රනිල් වික්‍රමසිංහත්, රනිල් වික්‍රමසිංහ හොරා කියලා කෑ ගහන මහින්ද රාජපක්ෂත් අද එකට එකතු වෙලා ආණ්ඩු කරනවා. මේ දේශපාලනය නතර කළ යුතු නැද්ද? අපි ආණ්ඩුවක් හදලා මේ ඔක්කොම හොරු අධිකරණයට යවමු. නීතියට වඩා උඩින් පාලකයා ඉන්න මේ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරමු.
ඒ වගේම නිවැරදි ආර්ථික ගමනක් අපට අවශ්‍යයි. 1947 ඉන්දියාව නිදහස ලබන විට එහි ජාතික නායකයන් වුණු නේරු, ගාන්ධි, පාතෙල් වැනි නායකයන්ට තමන්ගේ රට ගෙනියන්න ඕනෙ කොහාටද කියල දැක්මක් තිබුණා. ඒ දැක්මට අනුව පදනම හැදුවා. ඒ හදපු ජාතික ආර්ථික සැලැස්මේ ප්‍රතිඵලයක් ලෙස තමයි අද හඳට යන, කලාපෙට ඖෂධ, බීජ සපයන, මෝටර් රථ නිෂ්පාදනය කරන, රෙදිපිළි නිෂ්පාදනය කරන ඉන්දියාවක් ගොඩනැගී තිබෙනවා. අපේ නායකයන්ට අපේ රට ගෙනියන්න ඕනෑ දිසාව පිළිබඳ දැක්මක් තිබුණේ නැහැ. අපේ රටේ පාලකයෝ එකිනෙකාට එරෙහිව ඇනකොටා ගන්න රටක් නිර්මාණය කළා. අපිට ගැටුම්කාරී ඉතිහාසයක් නිර්මාණය කළා. අපේ මුළු දේශපාලනයම ක්‍රියාත්මක වුණේ අනෙකාට එරෙහිවයි. ඒ නිසාම රටේ ආර්ථිකය හදන්න නොවෙයි, ජාතිය බේරා ගැනීමේ සටන් ඇති වුණා. එයින් අපේ කාර්මික පද්ධතියන් සියල්ලම කඩා වැටීම සිදුවුණා. කඩදාසි, සිමෙන්ති, රසායනික, තුනී ලෑලි, කිරි කර්මාන්තය ඇතුළු සියල්ලම කඩා වැටුණා. ඒ නිසාම අවසානයේ තිබෙන දෙයක් විකිණීමත්, ණයට ගැනීමත් හැර වෙනත් ආර්ථිකයක් අපට නැතිව ගියා. පේෂකර්මාන්ත ශාලා, ඛනිජතෙල් එක, වතු ටික විකුණුවා. අද විදුලිය, ටෙලිකොම් එක, රක්ෂණ සංස්ථාව, ලංකා හොස්පිට්ල් එක, ගෑස් එක, විදුලි බලාගාර, ජලාශ ටික විකිණීමට කැසකවනවා. අපේ නායකයන්ට රට ගෙනයන්න ඕනෑ ආර්ථික දිසාව පිළිබඳ දැක්මක් තිබුණේ නැහැ. 2021 වන විට විකිණීමට දෙයක් නැතිව ගියා වගේම අපට ණය ලබාගත නොහැකි වුණා. තෙල්, ගෑස්, ගෙන්වන්න බැරි වුණා. ලයිට් නැතිව ගියා. බෙහෙත් නැති වුණා. රට කඩා වැටුණා. අපේ රටට නව ආර්ථික ගමන් මාවතක් අවශ්‍යයි.
අපේ රටේ පිහිටීම මත ආර්ථිකයක් ගොඩ නැගිය හැකියි. අපේ රට ආසන්නයේ ප්‍රධාන නැව් මාර්ග හතරක් තිබෙනවා. මේ නැව් මාර්ග හතරේ වසරකට නැව් 36,000ක් ගමන් කරනවා. ලෝක මුහුදු මාර්ගයෙන් සිදුකරන භාණ්ඩ වෙළඳාමේ තුනෙන් එකක් සිදුවෙන්නේ අපේ මුහුදු තීරයේ. අපි වැදගත් සන්ධිස්ථානයක පිහිටා තිබෙනවා. මේ පිහිටීම මත නාවික කේන්ද්‍රයක් බවට පත්කළ හැකි හොඳ විභවතාවයක් තිබෙනවා. ලෝක වරායන් අතර කොළඹ වරාය 25, 26 වගේ තැනක ඉන්නවා. ඉන්දියාවේ ජවහල්ලාල් වරාය සිටින්නේ 33 වන ස්ථානයේ. අපේ කොළඹ හා ත්‍රීකුණාමල වරායවල් ඉතා වැදගත් තැනක පිහිටා තිබෙනවා. හම්බන්තොට වරාය සේවා වරායක් බවට පත් කළ යුතුව තිබෙනවා. මේ වරාය ආශ්‍රිතව නව නාවික වෙළඳාමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකියි. නාවික කර්මාන්තයට තරුණයන් යොමු කළ යුතුයි. නාවුක අපි පුහුණු කරන්න ඕනෑ. 4%ක වෙළඳපොළක් අත්පත් කර ගත හැකි නම් ඩොලර් බිලියන 5ක ආර්ථිකයක්. ඒකට අපි තාක්ෂණයත්, ආයෝජනත් ගෙන ආ යුතුයි.
අපට සංචාරක කර්මාන්තයේ තවත් ඉදිරියට යාමට පුළුවන්. ඒකට අලුත් තත්වයන් නිර්මාණය කරන්න ඕනෑ. ඒ වගේම අපේ රටේ විශාල සම්පත් ප්‍රමාණයක් තිබෙනවා. 90%කට වැඩි කාබන් ප්‍රතිශතයක් තිබෙන මිනිරන් වගේම මන්නාරම් දෙසට විහිදෙන විශාල ඛනිජ නිධියක්, තිබෙනවා. පරන්තන්වල නැවත රසායන කර්මාන්ත ශාලාවත්, වීදුරු නිෂ්පාදනයත් පටන් ගන්න පුළුවන්. සුපර්පොස්පේට් නිෂ්පාදනය කළ හැකියි. ස්වභාවික සම්පත් මත කර්මාන්ත නිෂ්පාදනයට ප්‍රවිෂ්ට වෙන්න ඕනෑ. ඉන්දියාව අයි.ටී. ක්ෂේත්‍රයෙන් ඩොලර් බිලියන 150ක් ගන්න කොට ලංකාවේ මුළු ආර්ථිකයම ඩොලර් බිලියන 75යි. නව අධ්‍යාපන පරිවර්තනයක් හරහා අයි.ටී. ක්ෂේත්‍රයේ ශ්‍රම ඉල්ලුම සම්පූර්ණ කර වෙළඳපොළ අත්පත් කර ගත යුතුයි. ඒකට අපි ඇතුල් විය යුතුයි. අපි ඒ වෙනුවෙන් සැලසුම් හදා තිබෙනවා. අවුරුදු 5-6ක් ඇතුළත් ඩොලර් බිලියන 15ක ආර්ථිකයකට අපට යාමේ හැකියාව තිබෙනවා. කෘෂිකර්මාන්තය ගම්වල ජනතාවගේ ප්‍රධාන ජීවන මාර්ගයයි. නව බීජ ප්‍රභේද, නව වගා සැලැස්මක්, ගබඩාකරණය, තාක්ෂණය මගින් කෘෂිකර්මාන්තය නවීකරණ කළ යුතුයි.
අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් සිදු කළ යුතුව තිබෙනවා. පාසල් පද්ධතියේ විශාල වෙනසක් කළ යුතුව තිබෙනවා. නව විෂය නිර්දේශ හඳුන්වා දීම, අධ්‍යාපනයේ පැතිරුණු පාරවල් ගණනාවක් නිර්මාණය කිරීම, අපේ අපේක්ෂාවයි. සෞඛ්‍යයේ විශාල පරිවර්තනයක් කළ යුතුව තිබෙනවා. අපේ රටේ ජනතාව විශාල ලෙස බෝ නොවෙන රෝගවලින් පෙළෙනවා. පෝෂ්‍යදායක ආහාර වේලක් පිළිබඳ අවබෝධය ජනතාවට අවශ්‍යයි. ඒ සමගම ශරීරයට ව්‍යායාමය අවශ්‍යයි. අපි නිරෝගී සම්පන්න, සෞඛ්‍යය පිළිබඳ දැනුම තිබෙන ජනතාවක් හැදිය යුතුයි. ඒ සඳහා සෞඛ්‍ය පිළිබඳ අධ්‍යාපනයක් අවශ්‍යයි. මේ සියල්ල කේන්ද්‍ර කර ගත් නව ආර්ථික සැලසුමක් අපට අවශ්‍යයි. දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමෙන් හා නව ආර්ථික ගමනකට රට පරිවර්තනය කිරීමත් මගින් අපට මේ රට දියුණු රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමට හැකියාව ලැබේවි.
මෙතනදී ඔබටත් වැඩක් තිබෙනවා. අපේ ආර්ථිකයේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය නැහැ. ආර්ථිකයට ඉතා වැදගත් ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය. අපේ රටේ ආර්ථිකයට ප්‍රවිෂ්ට විය හැක්කේ දේශපාලන සබඳතාවයක් තිබෙනවා නම් පමණයි. කුඩා කණ්ඩායමක් අත ආර්ථිකය කේන්ද්‍රගත වී තිබෙනවා. හැකියාව, දක්ෂතාව, වුවමනාව, තාක්ෂණ හැකියාව තිබෙන, මුදල් තිබෙන, කෙනෙකුට අපේ ආර්ථිකයට ප්‍රවිෂ්ට වීමට අවස්ථාවක් නැහැ. අපි අපේ රටේ ඕනෑම පුරවැසියෙකුට ආර්ථිකයට ප්‍රවිශ්ට වීම සඳහා අවශ්‍ය වන යටිතල පහසුකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය හදන්නම්. ඔබ අපව හඳුනන්න වුවමනා නැහැ, ඔබට ව්‍යාපාරයකට ප්‍රවිෂ්ට විය හැකියි. එපමණක් නොවෙයි ඔබට අවශ්‍ය ආයෝජන අවස්ථා අපි හදන්නම්. අපි ආර්ථික සැලැස්මක් හදා තිබෙනවා. ඒ අනුව ආර්ථිකය ඉදිරියට යනවා. බය නැතිව ඔබ ආයෝජන ගේන්න. ඔබ මේ රටවල්වල ජීවත් වෙමින් තාක්ෂණික හැකියාවෙන් ප්‍රාඥයන් වී සිටිනවා. ඒ ඔබේ හැකියාව, දැනුම ලංකාවට අරගෙන එන්න. ඒ සඳහා අපි අවස්ථාව හදන්නම්. අපි ඔබ එකතු වෙලා දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනගමු. පළමුවෙන්ම බලය ගනිමු. දෙවනුව රට ගොඩනගමු. ඒ සඳහා සියලු දෙනාම එකතුව වැඩ කරමු.
(-Colombo, April 27, 2024-) රට හදන විසඳුමටජන බලය එක පෙළටමාලිමාවේ මැයි රැළියාපනය…උදේ 10 ටනන්දයි සෙල්වා රඟහලේදී කොළඹ……පෙළපාලිය සවස 2.00 ට BRC පිටියෙන් ආරම්භ වේ.රැලිය – සවස 3.30 ටCWW කන්නන්ගර මාවතේ දී… මාතර……පෙළපාලිය සවස 2.00 ට රාහුල හංදියෙන් ආරම්භ වේ.රැලිය සවස 3.30 ටමාතර වෙරළ උද්‍යානයේ දී… අනුරාධපුරය……පෙළපාලිය සවස 2.00 ට වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩා පිටියෙන් ආරම්භ වේ.රැලිය […]
(-Colombo, April 27, 2024-)
රට හදන විසඳුමට
ජන බලය එක පෙළට
මාලිමාවේ මැයි රැළි
යාපනය…
උදේ 10 ට
නන්දයි සෙල්වා රඟහලේදී
කොළඹ……
පෙළපාලිය සවස 2.00 ට BRC පිටියෙන් ආරම්භ වේ.
රැලිය – සවස 3.30 ට
CWW කන්නන්ගර මාවතේ දී…
මාතර……
පෙළපාලිය සවස 2.00 ට රාහුල හංදියෙන් ආරම්භ වේ.
රැලිය සවස 3.30 ට
මාතර වෙරළ උද්‍යානයේ දී…
අනුරාධපුරය……
පෙළපාලිය සවස 2.00 ට වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩා පිටියෙන් ආරම්භ වේ.
රැලිය සවස 3.30 ට
මහජන ක්‍රීඩාංගණයේ දී…
ලෝක කම්කරු දිනය අභිමානයෙන් සමරමු…!
ජාතික ජනබලවේගය