(-ජාතික ජන බලවේගයේ නීතිඥයන්ගේ මාධ්‍ය හමුව – 2024.05.10-) මේ මොහොත ජාතික ජන බලවේගයට හා එහි නායකත්වයට සැලකිය යුතු මට්ටමක පදනම් විරහිත චෝදනා එල්ල වෙමින් තිබෙන මොහොතක්. රනිල් ප්‍රමුඛ එක්සත් ජාතික පාක්ෂික නායකයන්, පොහොට්ටුව හා සමගි ජන බලවේගයේ පාර්ශ්වයන් එකතු වෙලා අපේ නායකත්වය පාවිච්චි කරන වචනවල ඇත්ත අර්ථයන් වෙනුවට විකෘති අර්ථයන් ඉදිරිපත් කරමින් එල්ලි එල්ලී එනවා. […]
(-ජාතික ජන බලවේගයේ නීතිඥයන්ගේ මාධ්‍ය හමුව – 2024.05.10-)
මේ මොහොත ජාතික ජන බලවේගයට හා එහි නායකත්වයට සැලකිය යුතු මට්ටමක පදනම් විරහිත චෝදනා එල්ල වෙමින් තිබෙන මොහොතක්. රනිල් ප්‍රමුඛ එක්සත් ජාතික පාක්ෂික නායකයන්, පොහොට්ටුව හා සමගි ජන බලවේගයේ පාර්ශ්වයන් එකතු වෙලා අපේ නායකත්වය පාවිච්චි කරන වචනවල ඇත්ත අර්ථයන් වෙනුවට විකෘති අර්ථයන් ඉදිරිපත් කරමින් එල්ලි එල්ලී එනවා. පසුගිය දිනෙක ජාතික ජන බලවේගයේ ලාල් කාන්ත සහෝදරයා මැයි දිනයේදී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධ කර ගනිමින් මඩ ප්‍රහාරයක් එල්ල කරමින් ඉන්නවා. සමස්ත කතාවේ අර්ථය වෙනුවට උපුටා ගත් කොටස් කිහිපයක් ගැන කියවමින් ඇත්ත අර්ථය යටපත් කරන්න උත්සාහ දරනවා. ලාල් කාන්ත සහෝදරයා “ගමට අධිකරණ බලය දෙනවා. යුක්තිය පසිඳලීමේ අයිතිය ගමට දෙනවා’ යැයි ප්‍රකාශ කළ බවට චෝදනාසහගත මතයක් ඉදිරිපත් කරනවා. වේදිකාව තුළ කළ සමස්ත කතාවේ හරය ඉදිරිපත් නොකරමින් ප්‍රතිවාදී දේශපාලන කණ්ඩායම් විකෘති මතයක් සමාජගත කරනවා.
ජාතික ජන බලවේගය ලෙස අපි කල්පනා කරනවා මේ තිබෙන නීති රාමුව වෙනස් විය යුතුයි කියලා. එපමණක් නොවෙයි අපේ ආණ්ඩුක්‍රමයක් යටතේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකුත් සකස් කරනවා. අපි බලයට ආ විගසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමට අපහසුයි. ඒ නිසා පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ටික දුරක් යා යුතු වෙනවා. ඒ යද්දී මේ නීති රාමුව ඇතුලේ ජනතාවට වාසි සහගත වන ක්‍රමයක් තිබේනම් එය ජාතික ජන බලවේගය අනුගමනය කරනවා. ගමේ මිනිහාගේ ප්‍රශ්න සරලව බේරා ගන්න ක්‍රමයක් තිබෙනවා නම්, ඒ ක්‍රමය අධ්‍යයනය කරලා ගමේ පුද්ගලයාට සාධාරණ ක්‍රමයක් අපි හදනවා. එය සිදුවිය යුතුයි. ලාල් කාන්ත සහෝදරයාගේ කතාවේ සමස්ත අර්ථය ගත්තා නම් එය ඉතා හොඳින් පැහැදිලි වෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තියේ ජනතා පරමාධිපත්‍ය පිළිබඳව සඳහන් වෙනවා. ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි “ශ්‍රී ලංකා ජන රජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍ය අත්හළ නොහැක්කේය.” ලෙස සඳහන් වෙනවා. මේ පරමාධිපත්‍ය බලය ප්‍රජාතන්ත්‍රවාදී රටවල්වල පාලනයේ පහසුව තකා විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය ලෙස කොටස් තුනකට බෙදා තිබෙනවා. ’අධිකරණය’ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන වගන්තිය අනුව ජනතා බලය මත ක්‍රියාත්මක වෙන ආයතනයක්. ජනතාවට යුක්තිය පසිඳලන්න පාලනයේ පහසුව තකා කොටස් කිහිපයකට බෙදාගෙන තිබෙනවා. ඉහළම එක ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, මහාධිකරණය, දිසා අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය, ලෙස පහළට පද්ධතියක් විහිදී යන ආකාරයෙන් සැකසී තිබෙනවා. මහේස්ත්‍රාත් අධිකරණයට පහළින් ක්‍රියාත්මක වෙන අධිකරණයට සහාය දක්වන ඒකක කිහිපයක් තිබෙනවා.
උදාහරණයක් ලෙස, ගොවිජන සේවා පනත, ක්‍රියාත්මක වෙන්නේ මහේස්ත්‍රාත් උස්වියකින් නොවේ. ගොවියාගේ ‘ඇළවේල්ලේ’ ප්‍රශ්නය බේරා ගන්නේ ගමේ ගොවි සමිතියෙන්. එයට අදාළ බලය ගමේ ගොවි සමිතියට ලබාදී තිබෙනවා. සමුපකාර සම්බන්ධ ගැටලුවක් පැන නැගි අවස්ථාවක, තීරක ඡන්දයක් පවත්වා ඒ ගැටලුව විසඳා ගන්න සමුපකාර පනත ඇතුලේ අවස්ථාව තිබෙනවා. ඒ වගේම සමථ මණ්ඩලය තුළිනුත් ගැටලු විසඳා ගැනීමේ අවස්ථා තිබෙනවා. අධිකරණයෙන් සමථ මණ්ඩලයේ සහතිකය ඉල්ලනවා. සමහර ගැටලු අධිකරණයෙන් මෙන්ම පොලිසියෙන්ද සමථ මණ්ඩලයට යොමු කරනවා. එහිදී සමථ මණ්ඩලයට “නිරවුල් නොකිරීමේ සහතිකයක්” නිකුත් කිරීමට බලය තිබෙනවා. සමථ මණ්ඩලයට යම් අධිකරණමය බලයක් තිබෙනවා. “බේරුම්කරණය” කියන්නෙත් එවැනිම ක්‍රියා මාර්ගයක්. මේ පහළ තිබෙන පොලිස්වල තත්වය තවදුරටත් දියුණු කර ගැනීමට හැකියාව තිබෙනවා නම්, එයට කිසිවෙක් අකමැති වෙන්නේ නැහැ. අන්න ඒ අදහසින්, යම්කිසි ව්‍යුහයක් හදලා එයට බලය දෙන්න කියන එකයි මේ ලාල් කාන්ත ප්‍රකාශ කරන්නේ. ජාතික ජන බලවේගයේ සාමජිකයන්ට බලය දෙන්න ගන්නා උත්සාහයක් ලෙස ප්‍රතිවාදීන් එය අර්ථ ගන්වන්න, බාල ගණයේ උත්සාහයන් ගනිමින් ඉන්නවා.
ජාතික ජන බලවේගය ඉන්නා තැන හැමෝම දන්නවා. සතුරන් දැඩිලෙස කළබල වෙලා ඉන්නවා. ඒ කළබල වීම නිසාම අපේ වචන විකෘති කරමින් ඉන්නවා. සතුරාගේ මේ අවලාද අපි බැහැර කරනවා. ඒ වගේම ජාතික ජන බලවේගයේ නීතිඥයන් ලෙස, අපේ ක්‍රමයක් යටතේ නියම නීති පද්ධතියක් ගෙන එන්නේ කෙසේද, කියන කාරණාව අධ්‍යයනය කරමින් සිටිනවා. ජනාධිපතිවරණය අභියස අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දක්වනවා. එම ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවා බලන්න කියන ඉල්ලීම කරනවා.
““සත්‍යය ගමනක් යන්න ලැහැස්ති වෙනකොට, බොරුව ලෝකෙ වටේ තුන් පාරක් ඇවිදලා, ගෙදරත් ඇවිල්ලා” කියලා කියමනක් තියෙනවා”
-නීතිඥ හර්ෂණ නානායක්කාර-
කියමනක් තියෙනවා “සත්‍ය ගමනක් යන්න ලැහැස්ති වෙනකොට, බොරුව ලෝකෙ වටේ තුන් පාරක් ඇවිදලා ගෙදරත් ඇවිල්ලා” කියලා. අද මාලිමාවට එරෙහිව ප්‍රතිවාදීන්ගේ අසත්‍ය සමාජගත කිරීමේ වේගය වැඩිවෙලා තිබෙනවා.
මම පළමුවම කියන්නේ ලාල් කාන්තගේ කතාව මුල සිටම අහන්න කියලා. ඒක විනාඩි 42ක කතාවක්. ඔබලා දකින්න, අහන්න ඇත්තේ විනාඩි එක හමාරක සංස්කරණය කරන ලද කොටසක්. ලාල් කාන්ත ඉදිරිපත් කරන්නේ ඉතා දියුණු නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක්. බලය කියන එකෙන් ජනතාව බල ගන්වන්නේ කොහොමද කියන කාරණාව. බලය පහළට බෙදීයාමේ අදහස ජාතික ජන බලවේගයේ ගමේ පස්දෙනෙක් බෝක්කුවක් උඩට එකතුවෙලා නඩුවක් අහන එක නොවෙයි. නමුත් ප්‍රතිවාදීන් මාධ්‍යයට ඇවිත් කියන්න උත්සාහ ගන්නේ ඒක. නීතියේ විධානයේ ආධිපත්‍යයේ තිබෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි නීතියට ප්‍රවේශවීමට ඇති හැකියාව. ^access to Justic) පුද්ගලයෙකුට රජයට හෝ පොලීසියට එරෙහිව තමන්ගේ නීතිමය අයිතිවාසිකම් සහතික කරන්න පුළුවන්, තත්වයක් ඇති කිරීම. යුක්තියට ප්‍රවේශවීමට යාමේදී ඇති වෙන ප්‍රධාන බාධාවක් තමයි ඒකට යන අධික වියදම සහ කාලය. ඒ නිසා පුද්ගලයන් තමන්ගේ අයිතිවාසිකම් කඩවුණාම විසඳා ගැනීමට, අධිකරණය යාමට උත්සාහ කරන්නේ නැහැ. යාපනයේ, හම්බන්තොට, අනුරාධපුර සිටින පුද්ගලයන්ට සුප්‍රීම් කෝට් උසාවියකට ඉදිරිපත් වෙන්න, අනිවාර්යයෙන් කොළඹට පැමිණිය යුතු වෙනවා. එය ඉතාම අපහසු තත්වයක්. එවන් අවස්ථාවක ජනතාව වෙත යුක්තිය ගෙනයාම සඳහා අපට පළාතකටත් සුප්‍රිම් කෝට් එකක් ලබාදිය හැකිද කියන සාකච්ඡාවකට යා හැකියි.
ජාතික ජන බලවේගයේ නීතිඥයන් වෙන අපි දන්නවා මේ ක්‍රමය, මේ රට ආ ගමන් මග වෙනස් කරන්න ඕන බව. එහි ප්‍රධාන කොටසක් තමයි, නීතියේ විධානයේ ආධිපත්‍යය. නීතියේ හා උසාවියේ දුර්වලතා තිබෙනවා නම් ඒවා වෙනස් කරගන්න පියවර ගන්න ඕන. ජාතික ජන බලවේගයේ අපි කිසිදු නීතියක් ඒකමතිකව තීරණය කර, ක්‍රියාවට නඟන්න හදන්නේ නැහැ. අදාළ සියලු පාර්ශ්වකරුවන් සමග සාකච්ඡා කොට පසුව තීරණ ගන්නවා. ඉන්දියාවේත්, බංගලාදේශයේත් යුක්තියට ප්‍රවේශවීමට පහසු කිරීම සඳහා සුළු සුළු නඩු විසඳා ගැනීමට ගම්වල උසාවියක් (ඪසක්ටැ ජදමරඑ) තිබෙනවා. මේවායින් නීතිමය පුහුණුව ලත් නිලධාරීන් හරහා ගම තුළ සිදුවෙන සුළු අපරාධ විසඳා ගැනීම කර ගන්නවා. එවැනි, යුක්තිය පහළට ගෙනයාමක් ගැන තමයි ලාල් කාන්ත සහෝදරයා එදා පැහැදිලි කළේ. එයින් යන වියදම් අඩුවීම, ප්‍රධාන උසාවිවල නඩු ගොඩගැහීමේ ප්‍රවණතාවය අඩුවීම වැනි වාසි තත්වයන් ඇති වෙනවා. යුක්තියට ප්‍රවේශවීම කියන්නේ මේ වාසි පමණක්ම නොවෙයි. මිනිසුන් බලාත්මක කිරීම සඳහා නීතියේ ආධාර ප්‍රමාණය වැඩි කිරීමට සමහර අවස්ථාවල සිදුවෙනවා. නීතියේ ආධාර මහේස්ත්‍රාත් උසාවියට අනිවාර්ය නැහැ. ජනතාව බලාත්මක කිරීමට අවශ්‍ය පරිපාලන ව්‍යුහයක් හදා ගන්න අපි උත්සාහ කරනවා. නමුත් සජබ ඇතුළු දේශපාලන ප්‍රතිවාදීන් විසින් එය විකෘති කරමින් යනවා. ඒ වගේම සම්මුඛ සාකච්ඡාවකදී නීතිඥවරුන්ට, අධිකරණයට අපහාස කළ බවට කතාවක් ගොඩනගමින් ඉන්නවා. යම් යම් නීතිඥවරුන් විසින් කරන ලද ප්‍රකාශවලට ඔහු විවේචන එල්ල කළා. ඔවුන් දේශපාලන වාසි සඳහා සත්‍ය දේවල් විකෘති කරනවා.
අපි ගමේ තිබෙන ධීවර සමිතියක් උදාහරණයකට ගනිමු. ධීවර ජනතාවගේ ගැටලු ඔවුන්ගේ ධීවර සමිති හරහා අධිකරණයක් නොවන ව්‍යුහයක් තුළින් විසඳා ගන්න පුළුවන්. අධිකරණ ක්‍රමයට වඩා එය වෙනස්. අවශ්‍ය වන්නේ ගම දක්වා විහිදී ගිය ජනතාව බලාත්මක කරන පරිපාලනමය ආකෘතියක්. අලුත් ආකෘතින් පිළිබඳව අපි සාකච්ඡා කරමින් ඉන්නවා. ඉදිරියේදී යුක්තිය පසිඳලීමේ ක්‍රියාමාර්ගය විය යුත්තේ කෙසේද යන්න සාකච්ඡාකර බලනවා.
“ප්‍රාදේශිකව නීතිය අහන එක වැරදියි නම්, මුලින්ම මේ අය විරුද්ධ වෙන්න තිබුණේ පළාත් බද මහාධිකරණය පිහිටුවන අවස්ථාවේ.”
-නීතිඥ හේමක සේනානායක – ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ කොළඹ දිස්ත්‍රික්කයේ සභාපති-
ලාල් කාන්ත සහෝදරයා පැහැදිලි කිරීමට උත්සාහ කළේ, බලය බෙදීමේ සංකල්පයේ ගැඹුරු තත්වයක්. ලංකාවේ බලය බෙදීම පිළිබඳව අධිකරණය ගැන පමණක් නොවෙයි, අපි දශක ගණනාවක සිට සාකච්ඡා කරමින් යනවා. විජේවීර සහෝදරයා උතුරු නැගෙනහිර තිබෙන ගැටුම් සම්බන්ධයෙන් තිබෙන විසඳුම් මොනවාද යන්න “ඊළාම් අරගලයට විසඳුම්” පොතේ කරුණු දක්වා තිබෙනවා. බලය බෙදීම පිළිබඳව 1988 සිට සාකච්ඡා කරමින් යනවා. ඒකට විසඳුමක් ලෙස තමයි පළාත් සභා හඳුන්වා දුන්නේ. රටක ජනතාවගේ පරමාධිපත්‍ය බලය ඔවුන් සතු වෙනවා. එය අන්සතු කිරීමක් කරන්නට බැහැ. පරමාධිපත්‍ය බලය විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණ බලය හරහා ක්‍රියාත්මක වෙනවා.
අධිකරණවල යුක්තිය පසිඳලීම සඳහා ගතවන කාලය සහ ඒ සඳහා වන මූල්‍යමය වියදම් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නීතිඥවරු හැටියට අපි අවධානය යොමුකොට තිබෙනවා. අපේ රටේ බෙදුම් නඩුවක්, ඉඩම් නඩුවක් දැම්මොත් පරම්පරාවකටම නඩු කියන්න සිදුවෙනවා. මෙතරම් කාලයක් ගත වෙන්නේ ඇයි? මේ සම්බන්ධයෙන් අපි ළඟදීම බලාපොරොත්තු වෙනවා නඩු කීමේ කාර්යයන් වඩා කාර්යක්ෂම කිරීමේ යෝජනාවන් එළිදැක්වීමට. අධිකරණවල කාර්යාල පහසුකම් නැහැ, සේවක පහසුකම් පිළිබඳ ගැටලු තිබෙනවා. ස්ටැනෝ ග්‍රැෆර්ස්ලගේ, පිස්කල්ලාගේ විශාල අඩුපාඩුවක් තිබෙනවා. දශක ගණනාවක් පැරණි 1977 හදන ලද බෙදුම් නඩු නීතිත් එක්ක 2024දීත් වැඩකරනවා. බෙදුම් නඩුවල අඬබෙර ගැසීම් සිදුවෙනවා. මැෂින් මාස ගණනාවක් තිස්සේ කැඩී තිබෙනවා. මේ හේතු නිසා මුදල් වියදම් වීමක් සහ කාලය වැයවීමක් සිදුවී තිබෙනවා. සමහර නඩු සහ සමහර නීති තත්වයන් කොළඹම පමණක් අසනවාය කියන තත්වයක් හේතුකොටගෙන පුද්ගලයන්ට සිදුවන අලාභය සහ කාලය ගතවීම දැඩිලෙස උග්‍රවී තිබෙනවා. පළාත්බද මහාධිකරණ පිහිටුවීමට පෙර බලය තිබුණේ දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවලට. අභියාචනා කිරීමේ බලය අධිකරණයටත් ඉන් ඉහළට ශ්‍රේෂ්ඨාධිකරණයටත් බලය තිබුණා. නඩුවල ප්‍රමාදය සමහර අවස්ථාවලදී අවුරුදු දහය, දොළහ දක්වා ඉදිරියට යන්න පටන් ගත්තා. මේක දැකපු නීති ක්ෂේත්‍රයේ අය තීරණය කළා නීතිය හා යුක්තිය පසිඳලීමේ ක්‍රමවේදය ගමට ගෙනයා යුතුයි කියලා.
ලාල් කාන්ත සහෝදරයා වේදිකාවේ ඉදිරිපත් කළේ දීර්ඝ කාලයක් මේ රටේ සිදුවූ දෙයක්. ප්‍රාදේශිකව නීතිය අහන එක වැරදියි නම්, මුලින්ම මේ අය විරුද්ධ වෙන්න තිබුණේ පළාත් බද මහාධිකරණය පිහිටුවන අවස්ථාවේ. අධිකරණයක නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාද වෙන තරමට, යුක්තිය ඉෂ්ට වීමත් ප්‍රමාද වෙනවා. මේ නිසා පළාත් බද මහාධිකරණ පිහිටුවීම සිදුවුණා. පළාත්බද මහාධිකරණ පිහිටුවීම නිසා නඩු ඇසීමේදී සිදුවන ප්‍රමාදය විශාල ලෙස අඩු වුණා. ඒ වගේම පළාත් බද මහාධිකරණවල සිවිල් අභියාචනා මහාධිකරණ පිහිටුවබමින් බලය ලබාදීමක් සිදුකරනු ලැබුවා. කොළඹට ඒකාග්‍රවී තිබුණු බලය ගමට යන්න පටන් ගත්තා. ඒ නිසාම අභියාචනය ඇසීම සඳහා අනුරාධපුර සිට පැමිණි පුද්ගලයා හෝටලයක නතරවෙලා දවස් ගණන් ගතකරමින් සිට යන එක නතර වුණා. සමථ මණ්ඩලය හරහාත් සිදුවන්නේ මේ ආකාරයේම ක්‍රියාවලියක්.
ඉන්දියාවේ පංචායත් ක්‍රමවේදය ඉතාමත්ම සාර්ථකය කරගෙන යනවා. මේ නිසා අපි විශ්වාසය තබනවා ප්‍රාදේශීකව යුක්තිය පසිඳලීමේ වඩාත් වැදගත් පැහැදිලි ක්‍රමවේදයකට යන්න. මූලික අයිතිවාසිකම් නඩුවක් ඇසීමේ බලය තිබෙන්නේ කොළඹට පමණයි. මේ බලය පළාත් බදව යන්න ඕන කියන සාකච්ඡාවක් තිබෙනවා. පුරාණයේ ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රාදේශිකව කටයුතු කරනු ලැබුවා. මේ යුක්තිය පසිඳලීම ප්‍රාදේශිකව ගමන් කිරීම තුළිනුත් ඒ අයට වාසියක් සිදුවෙනවා. නඩුවකදී පොලිස් පැමිණිල්ලක් ගන්න විදිහක් නැහැ, සැලැස්මක් ගන්න තේරුමක් නැහැ. නඩුවක් කියන්න ගියාම පුද්ගලයින් විශාල දුකක් විඳිනවා. ඒ නිසාම මිනිස්සු අධිකරණයට යොමුවීමේ ගැටලුවක් පැන නැගී තිබෙනවා. මේ අනුව බලය බෙදීමක් සිදුවෙන්න ඕන.
අද සොයන්න ඕන මෙවැනි ප්‍රශ්න නොවෙයි. ඩයනාගේ නඩුව පිළිබඳ තීන්දුවක් දෙන්න කොපමණ කාලයක් ගත වුණාද? විදේශික කාන්තාවක් රටේ මන්ත්‍රීවරියක් වුණේ කොහොමද? එයා ජාතික ලැයිස්තුවට වැටුණේ කොහොමද? ජනාධිපතිවරයා විදේශික කාන්තාවක් රටේ රාජ්‍ය ඇමතිවරයෙක් කළේ කෙසේද? ඇය පක්ෂයක ලේකම් කෙනෙක් වුණේ කෙසේද? ඇය මේ රට තුළ තිබෙන පාර්ලිමේන්තු වරප්‍රසාද, ඇමතිවරියකගේ වරප්‍රසාද භුක්ති වින්දේ කොහොමද? මේව තමයි බරපතළ ප්‍රශ්න. “නයෙක් රෙද්ද අස්සේ දමාගෙන කනව කනවා” කියන එක නොවයි සිදුවිය යුත්තේ. සමගි ජන බලවේගය විසින් ඇය විදේශ කාන්තාවක් බව දැන දැනම පාර්ලිමේන්තු අසුනක් දුන්නේ කොහොමද? ජනාධිපතිවරයා විසින් රටට සංචාරය සඳහා පැමිණි කාන්තාවක් රටේ සංචාරක රාජ්‍ය ඇමතිනිය බවට පත්කොට තිබෙනවා. මේක ඉතාම බරපතළ, අති භයානක හා හෙළා දැකිය යුතු තත්වයක්. මෙය ඔබෙත් මගෙත් ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්. ජාතික ජන බලවේගයේ නීතිඥවරුන් හැටියට මගේ යෝජනාව වන්නේ මෙවැනි දේ ගැන අවධානය යොමු කළ යුතුයි.
“අධිකරණ බලය විමධ්‍යගත කරන එකේ බයවෙන්න තිබෙන හේතුව මොකක්ද?”
-නීතිඥ අකලංක උක්වත්ත-
බලය සංකේන්ද්‍ර නොවී විමධ්‍යගත විය යුතුයි කියලා මැයි දින සමස්ත කතාව තුළ ලාල් කාන්ත සහෝදරයා ප්‍රකාශ කරන කොට 1600-1700 ගණන්වල සිටි චාල්ස් ඩී. මොන්ටෙස්කි්‍යු කියලා තියෙනවා නීතිය නිදහස් වෙන්න නම් සංකේන්ද්‍ර නොවිය යුතු කියලා. 2024දි කියනකොට බලය විමත්‍යගත විය යුතුයි කියලා ඒකට එරෙහිව ප්‍රකාශයන් ඉදිරිපත් කරනවා බොරු බයක් හදනවා. සමස්ත කතාවේ තිබුණා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කොහොමද අපි ඔසවන්නේ කියන එක හා, සවිබල ගන්වන්නේ කොහොමද කියන එක. ඍජු ප්‍රජාතන්ත්‍රවාදය කොහොමද ස්ථාපිත කරන්නේ කියන එක. ස්ථාපිත නොවුණු කාරණයක් ගැන කිව්වා. පාර්ලිමේන්තුවට වගකියන අගමැති කෙනෙක් පත්කර ගන්න ඕනෙ කිව්වා. මේක චීනෙ හෝ කියුබාව නොවෙයි, මේක බහුපක්ෂ ක්‍රමය පිළිගන්නවා, මේ රටේ තවදුරටත් තිබෙන්න ඕන කිව්වා. මේ සියල්ල ප්‍රකාශ කරමින්, අධිකරණ බලය විමධ්‍යගත කරන්න ඕන කියන කොට එය අල්ලාගෙන කාලගෝට්ටියක් කරනවා. සමාජයට අපි ගැන බයක් හදනවා.
අපි මේ සියල්ල කරන්නේ අපි බලයට පත්වෙලා පසුවදාම නොවෙයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළිනුයි මෙය කළ හැකි වන්නේ. නව ව්‍යවස්ථාව හදනකොට අපි විසින් යම්කිසි යෝජනාවක් ඉදිරිපත් කරනවා නම්, ඒ වෙනුවෙන් විශේෂඥ සහාය ලබා ගන්නවා. මේවා සිදුවෙන්නේ පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගන්නා නීති තුළින් පමණයි. ඒ නිසා අපි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සවිබල ගන්වනවා යන්න පිළිගන්නවා. අපි බහුපක්ෂ ක්‍රමය පිළිගන්නවා. පාර්ලිමේන්තුවට වගකියන අගමැති කෙනෙක් පිළිගන්නවා. ඒ නිසා කිසිදු භීතියක් සමාජය තුළ හදන්න එපා. පාර්ලිමේන්තුවට ජනතා කැමැත්තෙන් පත්වෙලා එන ඕනෑම මන්ත්‍රීවරයෙකුට අප ඉදිරිපත් කරන පනතට පක්ෂව හෝ විපක්ෂව විවාද කර, සහාය පළ කිරීමට හෝ පළ නොකිරීමට අවස්ථාව තිබෙනවා. මේවා පාර්ලිමේන්තු තුළින් සම්මත වෙන නීති. එහි ඍජු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියැවෙනවා. සමහර කාරණාවලට ඍජුව ජනතා කැමැත්ත ගන්න හැකි වෙනවා. අපි කියනවා ලාල් කාන්ත සහෝදරයාගේ සමස්ත කතාව ගෙන සාකච්ඡාවට භාජනය කරන්න. එහි පොඩි කෑල්ලක් අරගෙන යල්පැන ගිය බාල දේශපාලනික ප්‍රයෝග පාවිච්චි කරන්න එපා.
යූත් ෆෝ ජස්ටිස් කියන රාජ්‍ය නොවන සංවිධානයක නීතිඥ මහතෙක්, මා දන්නා තරමට ඔහු රාජ්‍ය නායකයාගේ උපදේශකයෙක් කියනවා එයාට පෙනුනාලු මේක 88-89 කාලයේ වගේ දෙයක් කරන්න යනවා කියලා. ඔහු බයවෙලා හිටියාලු. එයාට ඒ වුණු දේවල් මතකයිලු. මට වඩා අවුරුදු හතරක් විතර ඔහු බාලයි. ඒ කාලයේ මටත් වයස අවුරුදු නවයයි. ඒ කාලේ එයාට මතකයිලු. මොන විහිදළු මේ. අරගයේදි සිදුවුණු දේවල් විද්‍යුත් මාධ්‍ය තිබුණු නිසා අපි දුටුවා. 88-89 කාලයේ මේ විද්‍යුත් මාධ්‍ය තිබුණේ නැහැ. එදා සිදුවුණු සත්‍ය දේවල් අපි දන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ අපි අවුරුදු 40ක කාලයක් තුළ අපේ කිසිදු වරදක් නැති බව සමාජය දන්නවා. ඔප්පුකොට තිබෙනවා. නමුත් ඔවුන්ගේ වැරදි මේ මුළු සමාජයම දැක තිබෙනවා.
රටේ නීතිය තුළ යුක්තිය පසිඳලන ක්‍රමය තිබුණු කාලයේ ‘චූල අධිකරණ’ ‘ප්‍රාථමික අධිකරණ’ වල තිබුණු බලය ඊට පස්සේ මහේස්ත්‍රාත් අධිකරණයට දුන්නා. 1992 පළාත් බද අධිකරණ ආවා. ඒ පළාත් බද අධිකරණ එන කොට කට්ටියක් විරුද්ධ වුණා. නමුත් ඒකෙන් නඩු කල්යෑම, අභියාචනා ප්‍රමාදවීම යම් ප්‍රමාණයකට අඩු වෙලා තිබෙනවා. සමථ මණ්ඩලවලට තිබුණු මූල්‍ය ප්‍රමාණය 25000 දක්වා වැඩි කළා. අපි කියන්නේ එවැනි ක්‍රමයක්. සමථ මණ්ඩලයට ග්‍රාමෝදය මණ්ඩලයට, ගොවි සභාවට, සමුපකාර සමිතියට, අපි වැඩිපුර බලය දෙමු. අධිකරණ භූමිය තුළ නිශ්චයකර ගත යුතු නොවන සුළු සුළු කාරණා ඒ ඒ තැන්වල විනිශ්චයට ලක්කර ඉවර කරමු.
“යාපනයේ කෙනෙකුට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන්න කොළඹටම එන්න වෙනවා…”
-නීතිඥ උපුල් කුමරප්පෙරුම-
පළාත් සභා ක්‍රමය ආවාට පසුව රටේ පරිපාලනය විමධ්‍යගත වුණේ කොහොමද කියන කාරණයට තව එකතු කිරීමක් කරන්නම්. කොළඹට කේන්ද්‍රගත වී තිබුණු බලය පළාත් සභා ක්‍රමය ඔස්සේ කොළඹින් පිටට ගියා. ඒ වගේම දේශපාලන බලයත් වෙනත් තලයකින් කොළඹින් පිටතට ගියා. 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ තිබෙනවා ලැයිස්තු තුනක්. සංවෘත ලැයිස්තුව, පළාත් සභා ලැයිස්තුව, සමගාමී ලැයිස්තුව. මෙහි හඳුන්වා තිබෙන්නේ පළාත් සභාවට අදාළ විෂයන්, මහා ආණ්ඩුවට අදාළ විෂයන් හා ආණ්ඩුව සහ පළාත් සභා දෙකටම පොදුවේ කටයුතු කළ හැකි විෂයන්. එයින් පෙන්වා දෙනවා කොළඹට කේන්ද්‍රගත වුණු බලය පළාත් සභා වෙත ගෙනියපු ආකාරය. ලාල් කාන්ත සහෝදරයා ප්‍රකාශ කරන විදියට බලය කොහොමද පහළ ගෙනියන්නේ කියන කරුණේදී ‘අධිකරණ බලය පහළ ගමේ සිටින පුද්ගලයන්ට දුන් පසුව සිදුවන්නේ කුමක්ද’ කියන කරුණ තමයි කැළඹීම් ඇති කරන කණ්ඩායම මූලික කොටගෙන තිබෙන්නේ. මේක මේ අය 88-89ට ගලපන්න උත්සාහ කරමින් ඉන්නවා.
ඇමෙරිකාවේ ජූරි සභා ක්‍රමය තිබෙනවා. අපරාධ නඩුවකට අධිකරණය ඉදිරියට එන පුරවැසියෙකුගේ ඉරණම තීරණය කරන්නේ තමන් වගේම තවත් පුරවැසියන් කිහිප දෙනෙක්. ලංකාවෙත් ජූරි සභා ක්‍රමය තිබෙනවා. ලංකාවේ ජූරි සභාව කියන්නේ, නීතිමය අධ්‍යාපනයක් නොලබපු, නීතිඥයන් නොවන, සාමාන්‍ය පුරවැසියන් හත්දෙනෙක් පැමිණිල්ල මෙහෙයවන සාක්ෂි, විත්තිය මෙහෙයවන සාක්ෂි සහ ඒ සාක්ෂි සම්බන්ධයෙන් විනිශ්චයකාරවරයෙකු දෙනු ලබන අදහස අරගෙන තමන්ගේ තීන්දුවක් දෙන එක. මේ හත්දෙනාට පුළුවන් කෙනෙකුට මරණ දණ්ඩනය දෙන්න, නැතිනම් නිදහස ලබාදෙන්න. පුරවැසියන් විසින් විනිශ්චය කිරීම (න්‍මාටැ ඉහ චසැරජැ) කියන එක ලෝකයේ තිබෙන සංකල්පයක්. ලාල් කාන්ත සහෝදරයා නිශ්චිතව කියනවා සමහර කාරණා ගමේම විසඳා ගන්න පුළුවන් බව. මේක දැනටත් නීතියේ තිබෙන දේවල්. උදාහරණයක් විදිහට ගොවිජන සංවර්ධන පනත යටතේ ‘ගොවි ආරාවුල්’ ගොවි ජන මධ්‍යස්ථානයේ සිටින නිලධාරියාට සමථයකට පත්කරන්න නීතියෙන්ම ප්‍රතිපාදන සලසා තිබෙනවා. සමුපකාරය සමග රටේ පුරවැසියෙන් ආරාවුලක් ඇති කර ගතහොත් සමුපකාර පනත යටතේ එය තීරකයෙකුට යොමු කිරීමට හැකියාව තිබෙනවා. එම තීරණයට එරෙහිව අභියෝග කරන්න අධිකරණයකට යොමු කරන්න හැකියාවක් නැහැ. ‘කස්ටම් එකේ’, රේගු ආඥා පනතේ රේගු වරදක් සම්බන්ධයෙන් රේගු නිලධාරීන්ගේ මූලිකත්වයෙන් පරීක්ෂණ කරන්න ප්‍රතිපාදන සලසා තිබෙනවා. තුවක්කු ආඥා පනතේ තුවක්කු ලැයිසන් එකක් යාවත්කාලීන නොකළොත්, අභියාචනය තිබෙන්නේ ආරක්ෂක ලේකම්ට. ආරක්ෂක ලේකම් තිදෙනෙකුගෙන් යුත් මණ්ඩලයකට මෙය සලකා බලන්න පත්කරනවා. එහි තීන්දුව මත තමයි අභියාචනා ඉදිරිපත් කළ හැක්කේ. ඒ වගේම පරිසර ආරක්ෂණ පනත යටතේ, බලපත්‍රයක් ප්‍රතික්ෂේප කළ හොත් එහි අභියාචනය තිබෙන්නේ ලේකම්වරයාට. එහිදී තීන්දුව මත තමයි අභියාචනාධිකරණයට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් පැවරීමේ හැකියාව ලැබෙන්නේ. මෙම කාරණය ඉදිරිපත් කරමින් ලාල් කාන්ත සහෝදරයා කියන්නේ මෙය තවදුරටත් පුළුල් කරන්න ඕන බව. මම බෙදුම් නඩුවක් වසර දෙක තුනකට කලින් ඉවර කළා. ඒ නඩුව පවරා තිබුණේ 1971 මැයි මාසයේ. මම ඉපදුනෙත් 1971. නඩුව ඉවර වෙනකොට අවුරුදු 49ක් ගතවෙලා තිබුණා. මටත් අවුරුදු 49යි.
ඒ වගේම යාපනයේ සිට පුද්ගලයෙකුට කොළඹට ඇවිත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් දාන්න හෝ අභියාචනයක් ඉදිරිපත් කරන්න ඉතාම වියදම් සහගත වැඩ. අවසාන අභියාචනාධිකරණ බලය තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට. යාපනයෙන් එන හැම අභියාචනයක්ම ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන්න ඕන. ඒවායේ සාක්ෂි සටහන්, ලියකියවිලි තිබෙන්නේ ද්‍රවිඩ භාෂාවෙන්. ඒ අදාළ නිල පරිවර්තන සටහන් ගන්න අවුරුද්දකට වැඩි කාලයක් යනවා. දුර පළාතක පුද්ගලයෙකුට වටිනාකම රුපියල් ලක්ෂයකට අඩු ඉඩමකට කොළඹට ඇවිත් නඩුවක් කියන එක, යුක්තිසහගතද, අයුක්තිසහගතද කියන එක අපට තේරෙනවා. මේක නීතිඥ සමාජය නොදන්නා කාරණයක් නොවෙයි. ලාල් කාන්ත සහෝදරයා කියන්නේ මේ කරුණ. මෙය බිය විය යුතු කාරණයක් නොවෙයි. මේ පහර දෙන අය සත්භාවයෙන් කරන කතාවක් නොවෙයි මේ සිදුකළේ. මේ අවස්ථාවේ ජාතික ජන බලවේගය සිටින තැන ගැන අවබෝධයෙන් හා එම ස්ථානයෙන් පහළට දැමීමේ උවමනාවෙන් කරපු කුමන්ත්‍රණයක්.
(ජාතික ජන බලවේගයේ මිනින්දෝරු වෘත්තිකයන්ගේ ජාතික සමුළුව – ශ්‍රී ලංකා පදනම් ආයතනය -2024.05.11) මැතිවරණ ජයග්‍රහණ පිළිබඳව කාට හෝ යම් කිසි දෙගිඩියාවක් තිබුණේ නම්, අද මේ සමුළුවෙන් පවා සනාථ කර තිබෙන්නේ එහි කිසිදු සැකයක් නැති බවයි. ඔබ මෙතැනට පැමිණීමේ දී අප කෙරෙහි තැබූ විශ්වාසය කිසිසේත්ම පළුදු වෙන්න ඉඩ නොදෙන බවට සහතික වෙනවා. මේ සභාවේ මට බොහෝ […]
(ජාතික ජන බලවේගයේ මිනින්දෝරු වෘත්තිකයන්ගේ ජාතික සමුළුව – ශ්‍රී ලංකා පදනම් ආයතනය -2024.05.11)
මැතිවරණ ජයග්‍රහණ පිළිබඳව කාට හෝ යම් කිසි දෙගිඩියාවක් තිබුණේ නම්, අද මේ සමුළුවෙන් පවා සනාථ කර තිබෙන්නේ එහි කිසිදු සැකයක් නැති බවයි. ඔබ මෙතැනට පැමිණීමේ දී අප කෙරෙහි තැබූ විශ්වාසය කිසිසේත්ම පළුදු වෙන්න ඉඩ නොදෙන බවට සහතික වෙනවා. මේ සභාවේ මට බොහෝ සමීපකමක් තිබෙනවා. ඇමැතිවරයකු ලෙස කටයුතු කළ කෙටි කාලය තුළ සමීප වූ බොහෝ පිරිසක්, විශ්වවිද්‍යාලයේ අපත් එක්ක ඉගෙන ගත් බොහෝ සොහොයුරන් වාගේම වෘත්තීය සමිති කටයුතුවලින් සමීප වූ අයත් ඉන්නවා. ඒ විතරක් නොවෙයි, අපේ අප්පච්චිත් මැනුම් කම්කරුවෙක්. අපේ අප්පච්චි ඒ කාලයේ වැඩ කළේ කන්දසාමි කියන මිනින්දෝරු මහත්මයා යටතේ. ඒ නිසා සැලකිය යුතු ප්‍රමාණයක සබඳතාවක් තිබෙනවා. රටක සංවර්ධනයේ පාදම ලෙස මේ ක්‍ෂේත්‍රය පවතින නිසා බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් අපේ රට මුළුමනින්ම යටත් කර ගැනීමට පෙර 1800දී පමණ මිනින්දෝරු දෙපාර්තමේන්තුව පිහිටුවූවා.
සමහර රටවල ඉඩම කියන්නේ දේපළක් විතරයි. නමුත්, අපට ඉඩම දේපළක් පමණක් නොවෙයි, ඥාතියෙකුත් වෙනවා. අදත් අපි මහගෙදර ඉඩම බලලා එන්න යන්නේ ඒ ඥාතීත්වයට. සංස්කෘතිය සහ ජනතාවගේ ජීවිත එක්ක බැඳී තිබෙනවා වාගේම සංවර්ධනයේ පාදම ලෙසත් ඉඩම පවතිනවා. ඕනෑම රටක වටිනාම ස්වාභාවික සම්පත වෙන්නෙත් ඉඩම් සම්පත. නමුත්, ඉඩම් පරිහරණය පිළිබඳව ජාතික සැලැස්මක් මේ දක්වා නැති අතර, අපේ රජයක පළමු කාර්යය විද්‍යාත්මක ඉඩම් පරිහරණය පිළිබඳ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමයි. ඉඩම් පරිහරණ සැලැස්ම කියන්නේ පර්චස් හෝ අක්කරවලට පමණක් ලඝු වන්නක් නොවෙයි. පොළොවේ සංයුතිය පිළිබඳවද දත්ත සහිත සංයුක්ත ඉඩම් සැලැස්මක් නැතිව අපේ රටේ සංවර්ධන සැලැසුම් හදන්න බැහැ. ඉඩම් පරිහරණයේ අවිධිමත්භාවය විසින් අපේ රටේ විශාල ගැටලු ප්‍රමාණයක් ඇති වී තිබෙනවා. 2022දී අලි 492ක් වාගේම උන්ගේ ප්‍රහාරයෙන් මිනිසුන් 170කට ආසන්න ප්‍රමාණයක් මිය ගොස්, ආබාධිත වීම් සහ දේපළ විනාශ වීම් සිදු වී තිබෙනවා. නාය යාම්, ගංවතුර වැනි ආපදා මෙන්ම අපේ දිය උල්පත් වියළී යාමත් සිදු වෙනවා. පුරවැසියන් අතර ඉඩම් පිළිබඳ විශාල වියවුලක් තිබෙනවා. ඒ නිසා දේශපාලන කෝණයකින් තොරව පුරවැසියන්ට තමන්ගේ ඉඩමේ අයිතිය ලබා දීමේ නිරවුල් වැඩපිළිවෙළක් අවශ්‍යයි.
ජනතාවගේ ඉඩම් පිළිබඳ ප්‍රශ්නයේදී වාගේම සංවර්ධනය පිළිබඳ ප්‍රශ්නයේදී ජාතික ඉඩම් පරිහරණය පිළිබඳ ශක්තිමත් සැලැස්මක් අවශ්‍යයි. මේ සැලැසුම හදන්නේ අපි නොවෙයි. ඔබලායි. ඒ ඒ ක්‍ෂේත්‍රයන් පිළිබඳ නිපුණතාවක් සහිත වෘත්තිකයන් හැම රටකම ඉන්නවා. ජාතික ජන බලවේගයේ විශේෂත්වය වන්නේ ඒ ප්‍රවීණයන්ගේ සහයෝගය ලබාගෙන නිසි සැලැසුම් සකස් කිරීමයි. ඒ වෙනුවෙන් ඔබ සියලුම දෙනාගේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා. ඒ සියල්ල කරන්න අපට බලය ලබාගත යුතු වෙනවා. මේ වසරේ ඔක්තෝබර් අවසන් වන විට පත් වන අලුත් ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බවට පත් කර ගැනීමේ අභියෝගය අප හමුවේ තිබෙනවා. මේ දක්වා පවුල් පහක් අත තිබුණු දේශපාලන බලය ප්‍රාදේශීය වශයෙන් පවා කේන්ද්‍රගතකොටගෙන ඔවුන් වටා එක්රැස් කර ගත් චෞර වළල්ලකට නීතිය යට කර, රජයේ වැදගත් ස්ථාන සියල්ල හැසිරවීමේ බලය ලබා දී තිබෙනවා. අපේ උත්සාහය වී තිබෙන්නේ කුඩා කණ්ඩායමක් අත තිබෙන මේ බලය පොදු ජනයා අතට මාරු කර ගැනීමයි. නමුත්, එය සරල නොවන විශාල අභියෝගයක්.
අපි භාවිත කරන වචනවල අර්ථය විකෘති කරමින්, ගෙන යන ප්‍රචාර මේ වන විට ඔබ දකිනවා. ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ කියන පරමාධිපත්‍ය බලය තිබෙන්නේ ජනතාව ළඟ. ජනතාවගේ පරමාධිපත්‍ය බලයේ ව්‍යවස්ථාදායක කොටස ජනතාව විසින් තෝරා පත් කර ගත් පාර්ලිමේන්තුවට ලබා දෙනවා. එහි විධායක කොටස ජනතාව විසින් තෝරා පත් කර ගත් විධායකයට ලබා දෙනවා. ඒ වාගේම ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගන්නා ලද අණපනත් අනුව අධිකරණයක් වෙත පවරනවා. මේ විදියට අවසාන වශයෙන් බලය තිබෙන්නේ ජනතාව ළඟ. අපි කියන්නේ මධ්‍යගත කේන්ද්‍රයක පවතින ජනතාවගේ මේ බලය තවත් විමධ්‍යගත විය යුතුයි කියන සංකල්පය. නමුත් ඒකට දෙන ඔවුන්ගේ විකෘති අර්ථකථනය “ජේ.වී.පී. එක ගමේ නඩු අහන්න යනවා” කියන එකයි. ඉතා වැදගත් දේශපාලන සංකල්පයක් කීවාම එය විකෘති කරන්න මොන තරම් අතාර්කික කරුණු දැක්වීම්වලට මේ පාලකයන් පෙළැඹී සිටිනවාද? පසුගිය දා අපේ හරිනි මන්ත්‍රීවරිය ඉලක්කගත කරගෙන සජබෙ කට්ටිය, ආණ්ඩුවේ කට්ටිය වාගේම ස්වාධීන යැයි කියන කට්ටිය එකට එකතු වී ප්‍රහාරයක් එල්ල කළා. එක එක වේදිකාවේ වෙන වෙනම රැස්වීම් පැවැත්තුවත්, එකට කතා වෙලා වාගේ අපට එරෙහිව ප්‍රහාර දියත් කරනවා. ඔවුන්ගේ බලය ගිලිහී යාම වැළැක්වීම සඳහා ඔවුන් එකට එකතු වී බොහෝ දේවල් කරනවා. දේශපාලන බලය අහිමි වුණොත්, ඔවුන්ගේ අධිකාරී බලයත්, නීති විරෝධීව එකතු කර ගත් ධනයත්, නීතියට වඩා උඩින් සිටිමින්, අපරාධවලින් සැඟවී සිටීමත්, මහජනයාට වඩා උඩින් සිටීමත් යන සියල්ල ඔවුන්ට අහිමි වී යනවා.
ඔවුන්ගේ මුළු ජීවිතයම දේශපාලන බලය විසින් පෝෂණය කර ගැනීම අහිමි වී යාම ඔවුන්ට සිතාගත නොහැකි දෙයක්. ඒ නිසා ඔවුන්ගේ පරාජය වළක්වා ගැනීම සඳහාත්, අපගේ ජයග්‍රහණය වැළැක්වීම සඳහාත් කළ හැකි සියල්ල ඔවුන් කරනවා. ඉදිරි මාස හතර කියන්නේ අපේ ජීවිත කාලයේ ගත වන ඉතාමත්ම වැදගත්, තීරණාත්මක මාස හතරක්. අත්නොහැර, පසුනොබා, ධෛර්යයසම්පන්නව මුහුණ දීමෙන් ජයග්‍රහණය කළ හැකි බව මේ සමුළුවෙන් පවා සනාථ වෙනවා. නමුත්, ජයග්‍රහණයෙන් පමණක් සියල්ල විසඳෙන්නේ නැහැ. ජාතික ජන බලවේගයට බලය ලබා ගැනීම කියන්නේ ආරම්භයයි, අවසානය නොවෙයි. 1505 සිට කවර හෝ රාජ්‍යයක බලපෑමට ශ්‍රී ලංකාව යටත් වී තිබුණා. 1815 සිට 1948 දක්වා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ සෘජු යටත්විජිතයක් බවට පත් වී සිටියා. මේ හා සමානවම ඉන්දියාවත් තිබුණා. නමුත්, 1947දී ඉන්දියාව නිදහස ලබා ගන්න කොට තමන්ගේ රට ගෙන යන දිශාව පිළිබඳ දැක්මක් සහ සැලැස්මක් ඔවුන්ට තිබුණා. ඒ අත්තිවාරම මත අද ඔවුන් හඳට යනවා. මේ කලාපයට වාහන නිෂ්පාදනය කරනවා. ඖෂධ, රෙදිපිළි, ආහාර නිෂ්පාදනය කිරීම දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. නමුත්, 1948 අපි නිදහස ලබා ගන්නා විට හිටි නායකයන්ට ජාතික සැලැස්මක් තිබුණේ නැහැ. ඉඳහිට යම් යම් දේවල් සිදු කළා පමණයි. ඒ නිසා අද වන විට බිත්තරය පවා පිටරටින් ගෙන ඒමට සිදු වී තිබෙනවා. හැම දේම අපි නිෂ්පාදනය කළ යුතු බව නොවෙයි, මා මේ කියන්නේ. අපේ මානව සම්පත, අමුද්‍රව්‍යවල ස්වභාවය පදනම් කරගනිමින්, යම් නිෂ්පාදන ප්‍රමාණයකට යා යුතුව තිබෙනවා.
අපට ගෙවාගත නොහැකිව තිබෙන විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 41යි. ලෝකයේ මෑත දී දියුණු වුණු රටවල දියුණුවේ අත්තිවාරම දැමූයේ, 20වැනි සියවසේදීයි. නමුත්, අපි 20වැනි සියවස අත්හැරිය ජාතියක්. නමුත්, 20වැනි සියවසේ ඉදිරි දැක්මක් සහිතව අදහස් පළ කළ විද්වතුන් අපේ රටේ හිටියා. 1918 විමලසුරේන්ද්‍ර මහත්මයා ලක්‍ෂපාන විදුලි බලාගාරය පිළිබඳ සැලැස්ම සකස් කර එයින් නිපදවෙන අතිරික්ත විදුලි බලය විදුලි දුම්රිය සඳහා යෙදවිය යුතු බව කීවා. මාර්ටින් වික්‍රමසිංහයන් සාහිත්‍යයේ වර්ධනයටත්, සරච්චන්ද්‍රයන් නාට්‍ය කලාවේ වර්ධනයටත් අදහස් ඉදිරිපත් කළා. සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳ මාවත ඉදිරිපත් කළා. 20වැනි සියවස ජයග්‍රහණය කරවීම පිළිබඳ එළියේ සාකච්ඡාවක් තිබුණා. නමුත්, අපේ ගතානුගතික දේශපාලනඥයන් නූතනත්වය පිළිබඳව තිබුණු සංවාදය මුළුමනින්ම යට කර දැමුවා. ඔවුන් අතීතකාමීත්වයේ ජීවත් වුණා. නමුත්, ලෝකය වේගයෙන් නූතනත්වය කරා ගමන් කළා. ඒ නිසා අපට තිබෙන කාර්යභාරය අතීතකාමීත්වයේ තිබෙන ආර්ථිකයත්, සමාජයත් නූතනත්වය කරා වේගයෙන් ගෙන යන වැඩපිළිවෙළක් සහ ක්‍රියාමාර්ග අවශ්‍යයි.
ඒ නිසයි, අපි නිතරම කියන්නේ නව පුනරුද යුගයක් අවශ්‍ය බවයි. හුදෙක් හොරකම් නතර කිරීම, බදු ගැහීම, කාර්යක්‍ෂම රාජ්‍ය සේවයක්, නීතියේ විධානය, ආධිපත්‍යය සහිත රටක් ගැන කතා කරනවා නොවෙයි. පද්ධතියක් ලෙස කඩාවැටී තිබෙන තත්වයෙන් මුදා ගැනීමට සිතුම් පැතුම්, ආකල්ප, සංස්කෘතිය, දේශපාලනය, කලාව, සාහිත්‍යය යන මුළු පද්ධතියේම නව පරිවර්තනයක් රටට අවශ්‍යයි. හුදු නායකයන්, ආණ්ඩුවේ, දේශපාලනයේ පරිවර්තනයක් නොවෙයි, අප කියන්නේ. සමාජය මුළුමනින්ම පරිවර්තනය කළ හැකි නව පුනරුද යුගයක් ඇති කළ යුතුයි. එසේ නොකළහොත්, මේ ගසාගෙන යන ගඟේම කඩදාසි ඔරු පා කර යවමින් සිටිය හැකියි. ඒ වෙනුවෙන් පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුයි. එහි මූලික කාර්යභාරය පැවරී තිබෙන්නේ මා ඇතුළු දේශපාලනඥයන් වෙතයි. පොදු මහජනයාට වඩා උඩින් ඉන්න නායකයන් අපට ඕනෑ නැහැ. දේශපාලකයා යනු මහජනයාගේ තවත් පොදු මිනිහෙක් හැරුණුකොට මහජනයාට වඩා සුවිශේෂී මිනිසෙක් බවට පත් කරන්නේ නැහැ. ඒ වාගේම නීතියේ විධානය, ආධිපත්‍යය තහවුරු කිරීමත් දේශපාලනයේ කාර්යභාරයක්. මිනිස් ශිෂ්ටාචාරයේ දීර්ඝකාලීන සටන්වල ප්‍රතිඵලයක් ලෙස එදා තිබූ නීතිය පසිඳලීම රැහේ නායකයාගෙන් අධිකරණ පද්ධතියේ ව්‍යුහයට පවරා දී තිබෙනවා. නමුත්, නීතියේ විධානය, ආධිපත්‍යය කඩාවැටුණහොත්, ශිෂ්ට යුගයේ සිට අශිෂ්ටත්වය කරා නැවත යනවා.
සිංගප්පූරු අගමැතිවරයා මෑතකදී ඔවුන්ගේ රට සතු ප්‍රධාන වත්කම් දෙකක් ගැන කියා තිබෙනවා. එකක් විදේශ සංචිත. අනෙක ශක්තිමත් රාජ්‍ය සේවය. අපේ මේ දෙකම බිඳවට්ටා තිබෙනවා. අපි අපේ රටේ රාජ්‍ය සේවය දේශපාලනය විසින් මුළුමනින්ම බිඳවට්ටා දැම්මා. හැකියාව, දක්‍ෂතාව, පැවරෙන කාර්යභාරය නිසි පරිදි ඉටු කිරීම මත රාජ්‍ය සේවයේ ඉහළටම යා හැකි වන පරිදි රාජ්‍ය සේවය මුළුමනින්ම දේශපාලනයෙන් මුදනවා. ඒ වාගේම ජාතික සමඟිය ගොඩනඟා ශක්තිමත් විදේශ සබඳතා ජාලයක් ලෝකයේ බල කේන්ද්‍ර පිළිබඳ ඉතා හොඳ අවබෝධයකින් ස්ථාපනය කරනවා. ලෝකයේ බල තරගය හමුවේ අපේ රටේ පිහිටීම කේන්ද්‍රගත වී තිබෙන නිසා ලෝකයේ බල ගැටුමේ කේන්ද්‍රස්ථානය බවට පත් නොකෙරෙන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ඒ බව ඉන්දියාවේ විදේශ ඇමැතිවරයාට වාගේම චීන කොමියුනිස්ට් පක්‍ෂයේ මේ කලාපය භාර ප්‍රධානියාටත් අපි විවෘතව පවසා තිබෙනවා. ඒ වාගේම අපේ සමාජය ගොඩනැඟී තිබෙන පාදම වන අපේ ශිෂ්ටාචාරය සමඟ බැඳුණු නව සංවර්ධන මාදිලියක් ක්‍රියාත්මක කරනවා. අපේ සමාජයේ අක්මුල් බැස තිබෙන ශිෂ්ටාචාරය නූතන අවශ්‍යතා සමඟ ගළපාලමින් ඉදිරියට යනවා. දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම, නීතියේ විධානය, ආධිපත්‍යය පිහිටුවීම, කාර්යක්‍ෂම රාජ්‍ය සේවය, ජාතික සමඟිය, ශක්තිමත් විදේශ සම්බන්ධතා සහ අපේ රට ගොඩනැඟුණු ශිෂ්ටාචාරය මත අපේ රට නව හැරවුමකට ගෙන යනවා.
ඒ නිසා අපි ඔබට යෝජනා කරන්නේ හුදු ආණ්ඩු පෙරැළියක් නොවෙයි, නව පරිවර්තනීය යුගයක් පිළිබඳවයි. තනි මිනිසකු ලෝකයේ පරිවර්තන සිදු කර නැහැ. මිනිස් ශිෂ්ටාචාරයේ ජයග්‍රහණ අත්පත් කරගෙන තිබෙන්නේ සාමුහික ක්‍රියාකාරීත්වයකින්. අන්න ඒ ක්‍රියාකාරීත්වයේ විශාල පංගුවක් ඔබ නියෝජනය කරනවා. අප සියලු දෙනාම එක් වී සාමුහික ක්‍රියාකාරීත්වයකින් මේ රට ගොඩ ගනිමු කියලා ආරාධනා කරනවා.
(-ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.05.09-) අපේ රටේ බලශක්ති පද්ධතිය පුළුල් වී නව ජනන අවශ්‍යතා, නව සම්ප්‍රේෂණ අවශ්‍යතා සහ නව බෙදාහැරීම් අවශ්‍යතා තුළින් විදුලි බල ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව අපි කිසිසේත්ම බැහැර කරන්නේ නැහැ. රටේත් ජනතාවගේත් අනාගත පරපුරේ අයිතිවාසිකමක් ලෙස ආරක්ෂා කරමින් නව තාක්ෂණය සහ නව පාරිභෝගික අවශ්‍යතා සඳහා වැඩිදියුණු කරමින් ඉදිරියට යාම […]
(-ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.05.09-)
අපේ රටේ බලශක්ති පද්ධතිය පුළුල් වී නව ජනන අවශ්‍යතා, නව සම්ප්‍රේෂණ අවශ්‍යතා සහ නව බෙදාහැරීම් අවශ්‍යතා තුළින් විදුලි බල ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව අපි කිසිසේත්ම බැහැර කරන්නේ නැහැ. රටේත් ජනතාවගේත් අනාගත පරපුරේ අයිතිවාසිකමක් ලෙස ආරක්ෂා කරමින් නව තාක්ෂණය සහ නව පාරිභෝගික අවශ්‍යතා සඳහා වැඩිදියුණු කරමින් ඉදිරියට යාම සඳහා ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. තව මාස කිහිපයකින් අපේ රටේ ජනාධිපතිවරයෙක් තෝරා පත්කර ගන්න ඕනෑ. දැන් පවතින්නේ ජනවරමක් නැති පාලනයක්. අද දවස වෙනකොට පැවති ගෝඨාභය රාජපක්ෂ පාලනය ජනතාව විසින් එළවා දමා අවුරුදු දෙකක් සම්පූර්ණ වෙනවා. මේ ඉන්නේ ඉන්පසු පත්කර ගත් ජනවරමක් නැති කැබිනට් මණ්ඩලයක් සහ ජනාධිපතිවරයෙක්. මතු පරම්පරාවට බලපාන විදුලි බල පනතක් බලහත්කාරයෙන් ගෙනත් සම්මත කර ගන්න ඒ කැබිනට් මණ්ඩලයේ විදුලි හා බලශක්ති ඇමතිවරයාට හැකියාවක් තිබෙනවාද?
විදුලි බල ඇමති කංචන විජේසේකර, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන නව විදුලි බල පනතට සමස්ත විදුලි බල මණ්ඩලයේම සේවකයන් විරුද්ධ වුවත් සම්මත කර ගන්නා බව කියනවා. ලංකා ඉතිහාසයේ පළමුවරට විදුලිබලය සම්බන්ධයෙන් තොග වෙළඳපොළක් බවට පත්කිරීමේ මූලික උත්සාහය මේ පනතේ තිබෙනවා. විදුලි බලය කියන්නේ මිලදී ගෙන තබාගෙන සිටිමින් පරිහරණය කළ හැකි දෙයක් නොවෙයි. ඒ වගේම විදුලි බලය සම්බන්ධයෙන් ලාභය හෝ පාඩුව තීරණය වෙන්නේ පාවිච්චි කරන මොහොතේ පමණක් නොවෙයි. විදුලි බලය රෝහලකදී, හමුදාවේදී, පොලීසියේදී, කර්මාන්ත ශාලාවේදී, විද්‍යාගාරයේ වැනි ස්ථානවල පාවිච්චි වීම අනුව ලාභ ලැබිය යුතු ක්ෂේත්‍රයක් නොවෙයි. ජනතාව පරිහරණය කරන අවස්ථාව අනුව ජාතික ලාභයකට එකතු වෙනවා. මෙවැනි අත්‍යවශ්‍ය සේවාවක ලාභය කියන්නේ ඉල්ලුම සැපයුම මත තීරණය වෙන දෙයක් නොවෙයි, ආර්ථිකයේ මර්මස්ථානයක්.
විදුලි බල මණ්ඩලය ඍජුවම මහජන උපයෝගීතා කොමිසමට ගැටගැසී තිබෙනවා. විදුලි බලයේ මිල තීරණය කිරීම සඳහා වාසිය හෝ අවාසිය සම්බන්ධයෙන් මහජනතාවගේ පැත්තේ සිට බලන්නේ මහජන උපයෝගීතා කොමිසමෙන්. නමුත් නීතියෙන් ස්ථාපිත මේ ආයතනයේ නිර්දේශ පවා නොතකා හරිමින් යන යකා කොරහත් බිඳගෙන යන ආකාරයට මේ පනත හදිසියේ ගෙනැවිත් තිබෙනවා. මේ රටේ මහජනතාව හෝ වෘත්තිය සමිති හෝ විදුලි බල තොග වෙළඳපොළක් ඉල්ලා කිසිම තැනක උද්ඝෝෂණය කර නැහැ. කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීම, සාධාරණ මිලකට ලබාදීම සම්බන්ධයෙන් පමණයි ඉල්ලීම් කළේ. ජනාධිපතිවරණයක් ඉදිරියේ තබාගෙන මේ පනත සම්මත කර ගත යුතු බව අපි විශ්වාස කරන්නේ නැහැ. විදුලි ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීමේ පද්ධතියේ ප්‍රතිසංස්කරණ පුළුල් ලෙස ජනතාවගේ පැත්තේ සිට කල්පනා කරමින් සිදුකළ යුතුයි. අර්බුදයන්ට විසඳුම් සෙවීමේ ගවේෂණයක් විය යුතුයි. නමුත් දැන් කරන්නේ යන්නේ තුට්ටු දෙකට විදුලි බල මණ්ඩලය විකිණීම සඳහා කටයුතු කිරීමයි.
එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු බලයේ සිටි 2002දී දේශීය ආදායම් බදු, රේගු, සහ සුරාබදු දෙපාර්තමේන්තුව එක්කර අධිකාරියක් බවට පත්කරන්න පනතක් සම්මත කර ගන්න උත්සාහ කළා. ඒ වගේම ඛනිජ තෙල්, විදුලි බලය විකිණීම සඳහාත් උත්සාහ කළා. 2003දී විදුලි බල මණ්ඩලය කෑලි අටකට කඩා විකුණා දමන්න පනතක් ගෙනාවා. මහජන උද්ඝෝෂණ, වෘත්තිය සමිති විරෝධය සහ විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුළ අපි නැගූ හඬ නිසා, ඒ උත්සාහයන් හකුළා ගන්න සිදුවුණා. දැන් ගෙනැවිත් තිබෙන විදුලි බල මණ්ඩල පනත පරාජය කිරීම සඳහා මහජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් මෙම මාධ්‍ය හමුව පවත්වනවා.
බලශක්ති ක්ෂේත්‍රය කියන්නේ ජාතික ආරක්ෂාවත් සමග ගැට ගැසී තිබෙන ක්‍රියාවලියක්. ඒ වෙනුවෙන් ලැබෙන ආයෝජන ඇමතිවරයාගේ සාක්කුව හරහා එනවා නම්, ඒ ප්‍රතිලාභ වැඩිපුර ලැබෙන්නෙත් ඇමතිවරයාට පමණයි. ඒ නිසා රටේ ස්වෛරීත්වයත් විදුලි බල ක්ෂේත්‍රයත් සම්බන්ධයෙන් බලපාන මේ පනත පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් සම්මත කර නොගන්නා ලෙස අපි අවධාරණය කරනවා. දැනටමත් ජාතික ජන බලවේගයේ බලශක්ති කමිටුවේ විද්වතුන් අධිකරණයට ගොස් සිටිනවා. තවත් විවිධ පාර්ශ්ව අධිකරණයට ගොස් තිබෙනවා. අවසාන වශයෙන් සියලු තීරණ ගන්නේ ජනතාවයි. ජන මතයෙන් හෝ ජන බලයෙන් මෙවැනි විනාශකාරී පනත් පරාජය කිරීමට එකතු වෙන ලෙස ඉල්ලා සිටිනවා.
“විදුලිය සම්බන්ධ පෞද්ගලික ඒකාධිකාරයක් බලාත්මක කිරීමේ හැකියාව ඇමතිවරයාට ලැබීම භයානකයි”
-ජාතික ජන බලවේගයේ බලශක්ති කමිටුවේ සාමාජික විදුලි ඉංජිනේරු පුබුදු නිරෝෂණ-
මූලික කරුණු දෙකක් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වගේ පනතක් ගේනකොට එයින් සිදුවෙන්නේ මොකක්ද යන්න සම්බන්ධයෙන් සමාජ දේශපාලනික අවබෝධයක් අපි ලබාගන්න ඕනෑ. 2022 ජූලි මාසයේ ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කරන්න පත්කළ පාර්ලිමේන්තු කමිටුව 2022 ඔක්තෝබර් මාසයේ නිර්දේශ ඉදිරිපත් කළා. ඒ කමිටුවේ සාමාජිකයන් 10දෙනෙක් ක්‍රියා කළත් වෘත්තිය සමිති සහ පාරිභෝගිකයන් ඇතුළු සිවිල් සංවිධාන තවත් යෝජනා ඉදිරිපත් කළා. අදාළ කමිටුව විසින් එයට ඉදිරිපත් වූ යෝජනා සැලකිල්ලට ලක්කර තිබුණා. 2023 අප්‍රේල් මාසය වන විට කමිටුවෙන් එළියට පැමිණ සිටි සාමාජිකයන් ප්‍රකාශ කළේ 2022 ඔක්තෝබර් වන විට ඔවුන් ඉදිරිපත් කළ නිර්දේශ පවා මේ පනතෙන් සැලකිල්ලට ලක්කර නැති බවයි. ඇමතිවරයා හෝ පනත කෙටුම්පත් කළ පිරිස හෝ එම කමිටුවේ නිර්දේශ පවා නොසලකා කටයුතු කරමින් විදුලි බල මණ්ඩලයට සම්බන්ධ වෘත්තිය සමිති කඩාකප්පල්කාරී ක්‍රියාවල යෙදී සිටින බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අපි ඇමතිවරයාගෙන් අහන්නේ ඔබලාම පත්කළ කමිටුවේ නිර්දේශ පවා කිසිදු සැලකිල්ලකට ලක් නොකළේ ඇයි කියලයි. උදාහරණයක් හැටියට මෙයින් යෝජනා කර තිබෙන “නැෂනල් සිස්ටම් ඔපරේටර්” කියන තනතුර ස්වාධීන විය යුතු බව කමිටුවේ නිර්දේශ අනුව දැක්වූවත් ඉදිරිපත් කර තිබෙන කෙටුම්පතේ එම තනතුර ඇමතිවරයාට යටත් කොට තිබෙනවා.
ඒ වගේම ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය 2022 සැප්තැම්බර් මාසයේ මේ ජාතික වැදගත්කමක් තිබෙන කෙටුම්පත සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කර තිබුණා. ඒ වගේම ජාතික ජන බලවේගයට අයත් ජාතික විද්වත් සංවිධානයේ ඉංජිනේරු කමිටුවෙන් 2023 සැප්තැම්බර් මාසයේදී අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාවන් ඉල්ලුවා. නමුත් ඒකපාර්ශ්වීයව තෝරාගත් පිරිසකට විතරක් මේ අවස්ථාව ලබාදී තිබුණා. 2022 සැප්තැම්බර්, නොවැම්බර්, 2023 ජනවාරි, මාසවලදී ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ අදහස් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළා. ඊට අමතරව මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිිනේරුවන්ගේ සංගමය විසින් ලිඛිතව දීර්ඝ අදහස් දැක්වීමක් කළා. 2024 අප්‍රේල් දක්වා අපි මේ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරන්න උත්සාහ කළා. දේශපාලනයට සම්බන්ධ නොවෙන ඉංජිනේරු ආයතනයක් වන මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සංසදය අදහස් දක්වන්න කර තිබූ ඉල්ලීමත් ඉවත දැමුණා.
මේ පනතට සමස්තයක් ලෙස විරුද්ධ විය යුත්තේ ඇයි කියලා මම කරුණු ඉදිරිපත් කරන්නම්. ඕනෑම බලශක්ති ක්ෂේත්‍රයක ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම රජයටත් පෞද්ගලික අංශයටත් ලෝකයේ අනෙකුත් රටවල තිබෙන්න පුළුවන්. මේ ක්‍රියාවලිය තුළින් අත්‍යවශ්‍ය සේවාවක් සපයන අතර, ඒ වෙනුවෙන් වැය කරන මුදල සාධාරණ මිල මඟින් පියවා ගත යුතු වෙනවා. මේ පනතෙන් යෝජනා කර තිබෙන්නේ විදුලිය සම්බන්ධයෙන් තොග වෙළඳපොළට යන්න. පිටු 150ක් පමණ වන මේ කෙටුම්පතේ වගන්තිවලින් අපේ විදුලි බල සැපයුම පරිණත වීමට අදාළ කාලය වසර 5ක් හෝ 10ක් දක්වා ලබාදීමට යෝජනා කර තිබෙනවා. මේ කාලය තුළ තොග වෙළඳපොළ පිහිටුවීමට නොහැකි වුවහොත් නිරායාසයෙන්ම පෞද්ගලික ඒකාධිකාරයකට යාමේ හැකියාව ලබාදී තිබෙනවා. 1996ට පෙර රජය සතුව තිබූ ඒකාධිකාරය පෞද්ගලික අංශයට ගොඩනැගීමේ අවධානම තිබෙනවා. විදුලිය සම්බන්ධ පෞද්ගලික ඒකාධිකාරය බලාත්මක කරන්න ඇමතිවරයාගේ තනි මතයට අනුව ක්‍රියාකිරීමේ හැකියාව මේ මගින් ලැබෙනවා.
මන්නාරමේ සුළං විදුලි බලාගාර සම්බන්ධයෙන් සාකච්ඡාව නැවත අලුත්කර තිබෙනවා. දැනටත් 100%ක්ම විදුලි බල මණ්ඩලයට අයිති මෙගාවොට් 100ක විදුලි බලාගාරයක් තිබෙනවා. මෙම පනත හරහා ඒ බලාගාරය පවා 100%ක්ම පෞද්ගලීකරණයට ලක්වෙනවා. විදුලි බල මණ්ඩලයට ඉතිරි වන්නේ ජල විදුලි බලාගාර ටික පමණයි. පෞද්ගලික අංශයට පැවරූ පසු මිල තීරණය කිරීමේ බලය පවා ලැබෙන්නේ ඇමතිවරයාටයි. අපි මෙහිදී විරුද්ධ වන්නේ, පුද්ගලික ආයෝජන සඳහා නොව පෞද්ගලික ඒකාධිකාරයකට පත්කිරීම සම්බන්ධයෙනුයි. ආයෝජන ලැබෙනවා කියන්නේ පවතින දේවල් විකිණීම නොවෙයි. ජනතාව, කර්මාන්තකරුවන්, සංවේදීව මේ කරුණු ගැන අවධානය යොමු කළ යුතු වෙනවා. නව විදුලි ජනනය සඳහා පෞද්ගලික ආයෝජන අත්‍යවශ්‍යයි. ඒ ආයෝජන ලැබිය යුත්තේ තරගකාරීවයි. ඇමතිවරයාට හෝ කැබිනට් මණ්ඩලයේ කිහිපදෙනෙකුට අවශ්‍ය ආකාරයට නොදිය යුතුයි. දැනට ඉන්දියාවේ පෞද්ගලික සමාගම් ඩොලර් 0.35ට නිෂ්පාදනය කරන සුළං විදුලි බල ඒකකයක් අපේ රටේදී ඩොලර් 0.85කට නිෂ්පාදනය කරන්න යනවා. තරගකාරී ටෙන්ඩර් මගින් දුන්නානම්, අවම වශයෙන් ඩොලර් 0.5කට ගත හැකි වෙනවා. මේ ආකාරයේ ඉහළ මිලකට අවුරුදු 30ක් ගත වන තුරු ලබාදීමට සූදානම් වෙනවා. මේ මාස පහෙන් ආණ්ඩුව පෙරළෙන්න කලින් මේ ආකාරයෙන් ජනතාවගෙන් පළිගන්නයි සූදානම් වෙන්නේ. පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ගණනින් මෙය සම්මත කර ගන්න උත්සාහ කළත්, එය ක්‍රියාත්මක වීමේදී අපි පරාජය කරන බව අවධාරණය කරනවා.
“ජනතාව තමන්ගේ බලශක්ති අයිතිය තහවුරු කර ගැනීම සඳහා පෙළගැසිය යුතුයි”
-ජාතික ජන බලවේගයේ බලශක්ති කමිටුවේ සාමාජික ආචාර්ය මයුර නෙත්ති කුමාර-
අපි මෙතනදි අවධාරණය කළේ අතයට ගනුදෙනු සහ මේ දූෂිත ක්‍රමවේදය වැරදි බවයි. සාධාරණ බලශක්ති වෙළඳපොළක් වෙනුවට රේඛීය ඇමතිවරයාගේ අණසක පතුරුවන වෙළඳපොළකට ඔබ කැමතියිද කියලා අපි සියලු දෙනාගෙන් අහනවා. මේ වෙළඳපොළ තුළ පෞද්ගලික ආයෝජකයන්ට සහ රජයට සිදු කළ හැකි කාර්යභාරයන් වෙන වෙනම පවතිනවා. පුද්ගලික ව්‍යාපාරිකයන්ගේ පැත්තෙන් බැලුවොත් “අපි හම්බ කළොත් අපි කනවා” යනුවෙන් තිබූ සංකල්පය ප්‍රායෝගිකව ඇත්තක් නොවෙන බව පසුගිය කාලයේ තහවුරු වුණා. රටේ දූෂණයෙන් තොර ප්‍රතිපත්ති තිබෙනවා නම්, රටේ සන්නාමය හොඳ නම්, ලෝකය පිළිගත් තරගකාරී ආයෝජකයන් එනවා.
තමන් විද්වතුන් යැයි කියා ගන්නා ඇතැමුන් ජාතික ජන බලවේගය අයෝජනවලට විරුද්ධ බවට කතා කියනවා. ඒ අයට අපි කියන්නේ ආයෝජන යනුවෙන් ඔවුන් හඳුන්වන දේවල්වලින් ජනතාවට, රටට, මේ රටේ ව්‍යාපාරිකයන්ට ප්‍රතිඵලයක් සිදු නොවෙනවා නම්, ඒවාගෙන් ඇති ඵලය කුමක්ද? මේවාට කියන්නේ ආයෝජන නොවෙයි. විකුණාගෙන කෑම හෝ අතින් කා හරක් බලනවා කියන්නේ මේකටයි. රටට ආයෝනයක් එනවා නම්, එහි ප්‍රතිලාභ ජනතාවට තිබෙන්න ඕනෑ. මේ විදුලි බල පනත් කෙටුම්පත මගින් එවැන්නක් සිදුවන්නේ නැහැ. කිහිප දෙනෙකුට තමන්ගේ මඩිය තරකර ගත හැකි ක්‍රමවේදයක් මෙයින් සකස් කර තිබෙනවා. මේ විදුලි බල පනත වගේම “සොක්කං ලොක්කං වූ හැටි” කියන පොතත් කියවා බලන ලෙස මම විවෘතව ආරාධනා කරනවා. අවුරුදු සියයක පමණ කාලයක සිට යම්කිසි පිරිසක් විසින් ජනතාවට ලැබිය යුතු ප්‍රතිලාභ ඔවුන් වෙත ලබාගත් ආකාරයෙන් පැහැදිලි ඔබට වේවි. අපි විරුද්ධ වන්නේ ඒ ක්‍රියාවලියටයි. මේ පනතෙන් බලාපොරොත්තු වෙන්නේ ඉතාම අතළොස්සක් පිරිසකට ප්‍රතිලාභ ලබාගැනීමට ඉඩ සලසා ගැනීමයි.
විදුලි බල ක්ෂේත්‍රය වර්ධනය කර ගැනීමට ආයෝජන ගෙන ආ යුතු නම්, කළ යුත්තේ දැනට තිබෙන දේ විකුණා දැමීම නොවෙයි. නව වර්ධනයන් වෙනුවෙන් ආයෝජන කැඳවීමයි. ඡන්දයක් අත ළඟ තබාගෙන ඔවුන්ගේ හිතවතුන් කිහිපදෙනෙකු වෙනුවෙන් ගෙන එන මෙම පනත පිළිබඳ ජාතික ජන බලවේගය පමණක් නොවෙයි සමස්ත ජනතාවම අවධානය යොමු කරන්න ඕනෑ. බලශක්තිය සම්බන්ධයෙන් ජනතාවට තිබෙන අයිතිය තහවුරු කර ගැනීම වෙනුවෙන් ජනතාව ඉදිරියට පැමිණිය යුතුයි. මෙය පක්ෂයක වැඩක් ලෙස නොසැලකිය යුතුයි.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…
ප්‍රශ්නය:
ඔබලා පැහැදිලි කරන ආකාරයට මේ පනත එතරම් භයානක නම්, මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට මැදිහත් විය නොහැකිද? ඒ වගේම අධිකරණය ඉදිරියට ගොස් තිබෙනවා නම් මෙය සම්මත කිරීමේ හැකියාවක් තිබෙනවාද?
පිළිතුර:
ජනාධිපති නොදැනුවත්ව, ඔහුගේ ආශිර්වාදයක් නැතිව කංචන විජේසේකර ඇමතිවරයා මෙවැනි පනතක් පාර්ලිමේන්තුවට ගෙන එන්නේ නැහැ. කැබිනට් මණ්ඩලයේදී සම්මත කර ගන්නත් බැහැ. මෙවැනි කැබිනට් යෝජනාවකට ජනාධිපති අකමැති නම්, ඉවත දමනවා. ඒ වගේම මෙය පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්න පොදු ජන එක්සත් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අනිවාර්යයෙන්ම අවශ්‍යයි. සමගි ජන බලවේගයේ සමහර මන්ත්‍රීවරුත් මෙයට පක්ෂව අදහස් පළ කර තිබුණා. අපි මේ කියන්නේ ප්‍රතිසංස්කරණවලට විරුද්ධව නොවෙයි. ජාතික අවශ්‍යතාවයක් පෙන්වූවත් මේවා පිටුපස සල්ලි කැරකීම සම්බන්ධවයි. අධිකරණයේදී දෙන තීන්දුව අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට බලපානවා. අධිකරණයෙන් දෙන කොන්දේසිවලට පවා වංගු ගසමින් සම්මත කර ගත් ආකාරය අපි පසුගිය කාලයේ දැක්කා. එහෙම සැකයක් තිබියදී පවා මේ වෙනුවෙන් යා හැකි සියලු තැන්වලටම අපි යනවා. මෙය අවසාන වශයෙන් පවතින්නේ ජනතාවගේ විනිශ්චය හමුවේයි.
(-Colombo, May 06, 2024-) එක්සත් රාජධානියේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිපික් කලාපීය අධ්‍යක්ෂ බෙන් මෙලර් (Ben Mellor) මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් අද (06) දින පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය. මෙම හමුව සඳහා එක්සත් රාජධානියේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ශ්‍රී […]
(-Colombo, May 06, 2024-)
එක්සත් රාජධානියේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිපික් කලාපීය අධ්‍යක්ෂ බෙන් මෙලර් (Ben Mellor) මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් අද (06) දින පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.
මෙම හමුව සඳහා එක්සත් රාජධානියේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ශ්‍රී ලංකා ප්‍රධානී හුමයිරා හාෂියා (Humairaa Hatia) මහත්මිය සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘෘ පැට්‍රික් (Andrew Patrick) මහතාද පළමු ලේකම් ටොම් සොපර් (Tom Soper) මහතාද ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික විජිත හේරත් සහෝදරයාද එක්ව සිටියහ.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික සහ දේශපාලන තත්වය, කලාපීය භූ දේශපාලන අභියෝගකාරී තත්වයන් සහ එක්සත් රාජධානිය හා ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් විය.
(-Colombo, May 02, 2024-) නවදිල්ලියේ නොර්වේ තානාපතිනි May-Elin Stener මහත්මිය සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් අද (02) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය. මෙම හමුව සඳහා නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් John Bjerkem මහතාද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය සහෝදරිය සහ ජාතික විධායක සභික විජිත […]
(-Colombo, May 02, 2024-)
නවදිල්ලියේ නොර්වේ තානාපතිනි May-Elin Stener මහත්මිය සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් අද (02) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.
මෙම හමුව සඳහා නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් John Bjerkem මහතාද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය සහෝදරිය සහ ජාතික විධායක සභික විජිත හේරත් සහෝදරයාද එක්ව සිටියහ.
මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය සහ මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය දීර්ඝ වශයෙන් දෙපාර්ශ්වයේ සාකච්ඡාවට බඳුන් විය. ජාතික ගැටලුවේ වත්මන් වර්ධනයන් පිළිබඳවද මේ වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණ පිළිබඳවද අවධානය යොමු විය. නොර්වේ රාජ්‍යය විසින් ශ්‍රී ලංකාවට කරමින් සිටින ආධාර පිළිබඳවද දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවද මෙවර ශ්‍රී ලංකාවට පැමිණි පැමිණි පසු කරනු ලබන පළමු හමුව බවද තානාපතිවරිය විසින් පෙන්වා දෙන ලදී.
(-Jaffna, May 01, 2024-)
(-Jaffna, May 01, 2024-)