Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

“දේශපාලනය ජනතාවට වගකියන වෘත්තියක් බවට පත් කළ හැක්කේ මාලිමාවට පමණයි” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-

(-විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ජාතික සමුළුව – මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය – 2024.08.04-) වේදිකාවේ ඉන්න සියලු දෙනා පසුගිය කාලයේ දරන ලද උත්සාහයේ ප්‍රතිඵල ලැබී තිබෙනවා. හිටපු නාවික හමුදාපති රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මේ අවස්ථාවට සහභාගි වීම අපට විශාල ශක්තියක්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර විශාල අපරාධ සංඛ්‍යාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම […]

(-විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ජාතික සමුළුව – මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය – 2024.08.04-)

Aditana-National-Rally-Anura

වේදිකාවේ ඉන්න සියලු දෙනා පසුගිය කාලයේ දරන ලද උත්සාහයේ ප්‍රතිඵල ලැබී තිබෙනවා. හිටපු නාවික හමුදාපති රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මේ අවස්ථාවට සහභාගි වීම අපට විශාල ශක්තියක්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර විශාල අපරාධ සංඛ්‍යාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම නිසා දඩයමට ලක්වී තිබෙනවා. ඔහු සම්බන්ධයෙන් සාධාරණය ඉටුකිරීම වගේම මේ සියලු දෙනාටම සාධාරණය ඉටුකිරීම අපගේ වගකීමක්. සාමාන්‍යයෙන් හමුදා බැටෑලියන් එකක 600ක් 700ක් විතර පිරිසක් ඉන්නවා. එහෙම බැලුවොත් මෙතන බැටෑලියන් 30ක 40ක විතර පිරිසක් එකතු වී සිටිනවා. ඕනෑම අභියෝගයකට මුහුණ දී ජයග්‍රහණය ලබා හැකි පිරිසක් මෙතනට එකතු වී සිටිනවා. මේක සමහර මාධ්‍යවල විරුද්ධවාදී හැසිරීම, දේශපාලන අධිකාරීන්ගේ කෝපාවිෂ්ට ගර්ජනයන් තවදුරටත් ඉදිරියේදී වැඩිකරන සමුළුවක්. මෑතකදී බුද්ධි අංශ ඉදිරිපත් කළ වාර්තාවක ප්‍රධාන කරුණු දෙකක් ඉදිරිපත් කර තිබුණා. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මහත් උනන්දුවෙන් ජාතික ජන බලවේගය වටා එක්වීමත් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ජාතික ජන බලවේගයට අනුබද්ධව ප්‍රබල ලෙස සංවිධාන ගතවීමත් නිසා ජාතික ජන බලවේගය ජයග්‍රාහී ලෙස ඉදිරියට යමින් සිටින බව දක්වා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස දන්වා තිබුණා. මේ නැගීගෙන එන බලවේගය සැප්තැම්බර් 21දා නියත ජයග්‍රහණය කරා ඉදිරියට යාම වැළැක්වීමට කිසිදු ජගතෙකුටවත් බැහැ.

පොදු ජනයාගේ ඛේදවාචකය පිළිබඳ වේදනාව අපට ඉතා හොඳින් දැනෙනවා. හදවතේ තෙතමනයක් තිබෙනවා නම්, අපේ මාතෘභූමියට අත්කර දී තිබෙන ඛේදවාචකය ගැන කම්පනයක් තිබෙනවා. අවුරුදු 75ක ඉතිහාසය පැත්තකින් තබා මේ සති දෙකක කාලය තුළ සිදුවීම් ගත්තත් ඛේදවාචකයේ තරම තේරුම් ගන්න පුළුවන්. මේ තරම් අප්‍රසන්න දේශපාලන සිදුවීම් තවත් දකින්න පුළුවන්ද? ප්‍රසන්න රණතුංග කප්පම් ගැනීම, මහින්දානන්ද මූල්‍ය අපරාධ සිදුකිරීම, පිළිබඳ චෝදනා ගොනු කරන විට රනිල් වික්‍රමසිංහ අගමැති. රත්වත්තේලා බන්ධනාගාරවලට පැනලා සිරකරුවන්ට පිස්තෝලය එල්ල කළ බව ඔවුන් දන්නවා. අනික් පැත්තෙන් ස.ජ.බ. ගොඩනඟන විට සභාපති ලෙස තෝරා ගත්, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා දැන් එළියේ, පොහොට්ටුවේ සභාපති ජී.ඇල්. පීරිස් ඇතුලේ. මේක මොනතරම් කැත පන්නයේ දේශපාලනයක්ද? එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වන්දි ගැනීමට බාධා කළ නාලක ගොඩහේවා, සජිත් ප්‍රේමදාසගේ දකුණු අත. මහින්ද රාජපක්ෂට අප්පච්චී කියූ එස්.එම්. චන්ද්‍රසේන, රෝහිත අබේගුණවර්ධන දැන් රනිල්ට අප්පච්චි කියනවා. මේ දේශපාලනය ලැජ්ජා නැද්ද? රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන හිරේ දාන තුරු නින්ද යන්නේ නැහැ කියූ මහින්දානන්ද අලුත්ගමගේ දැන් රනිල් වික්‍රමසිංහගේ ඔඩොක්කුවේ නිදි. මහ බැංකුවේ මහ දවල් මහා බැංකු බැඳුම්කර කොල්ලය හෙළිදරව් කළා කියන බන්දුල ගුණවර්ධනත් ඒ කියූ හොරාගේ තැන ඉන්නේ. මේක කැත නැද්ද? මේ කැත දේශපාලනය අපි අවසන් කළ යුතුයි. පුරවැසියන් ගැන, මාතෘ භූමිය ගැන වග නොකියන, මේ දේශපාලනය අපි අවසන් කළ යුතුයි. අපේ රටේ දේශපාලනය මාතෘ භූමියට සහ ජනතාවට වගකියන වෘත්තියක් බවට පත් කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි.

Aditana-National-Rally-Crowd

හමුදාවේ සොල්දාදුවන් හැටියට ඔබ දිවුරුම් දී ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම වෙනුවෙන් ජීවිතය පවා කැපකරනවා. රටේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඔබ ආසන්නයේම සිටි සගයා මියගොස් සිටියදී, සදාකාලික ආබාධිතයන් බවට පත්ව සිටියෙදී, දිවුරුම අත්හැරියේ නැහැ. ඔබේ ශරීරය තුළ මූනිස්සම් වැදී, ඇස් අන්ධ වී, අතපය අහිමි වී, අනන්ත අප්‍රමාණ කැපකිරීම් කළත් පාලකයා හැකි හැම අවස්ථාවකදීම ව්‍යවස්ථාව කඩනවා. චන්ද්‍රිකා තමන්ගේ හිතවතුන්ට ජනාධිපති සමයේදී ඉඩම් ලබාදීම සම්බන්ධයෙන් වැරදිකාරියක් වූවා. ආර්ථිකය කඩා වැට්ටවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මහින්ද රාජපක්ෂව වැරදිකරුවෙකු කළා. මෛත්‍රීපාල සිරිසේන හඳපානේ දේශපාලන කුමන්ත්‍රයක් දියත් කිරීම, පාර්ලිමේන්තු විසුරුවා හැරීම, පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම, රෝයල් පාර්ක් එකේ තරුණිය ඝාතනය කළ අපරාධකරු ජනාධිපති බලතල යටතේ නිදහස් කිරීම වැනි ව්‍යවස්ථා උල්ලංඝනය කිරීම් රැසකට වැරදිකරු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා. ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව පැවැති නඩු ගණනාවක් ජනාධිපති වූ වහාම මුක්තියට යටත් කර ඉල්ලා අස්කර ගත්තා. ආර්ථිකය කඩා වැටීම පිළිබඳවත් ඔහු වැරදිකරුවෙකු බවටත් පත් කළා. මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වීම නිසා, පොලිස්පති ලෙස පත් කළ දේශබන්දු තෙන්නකෝන්ගේ වැඩ අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. අගමැති දිනේෂ් ගුණවර්ධන ඒ නියෝගයට අභියෝග කරන අතර, රනිල් වික්‍රමසිංහ කියා සිටියේ කථානායකත් අගවිනිසුරුවරයාත් සාකච්ඡා කර ප්‍රශ්නය විසඳා ගන්න කියලයි. චූදිතයෙකුත්, අධිකරණ විනිසුරුවරයෙකුත් සාකච්ඡා කර, නඩු තීන්දු දෙන්නේ ලෝකයේ කොයි රටේද? තවමත් ශ්‍රේෂ්ඨාධිකරණය කථානායක සමග සාකච්ඡා නොකිරීම පිළිබඳ අපි ස්තුතිවන්ත වෙනවා. නඩු තීන්දුව පිළිගන්නේ නැතිනම්, පොලිස්පති හැටියට එක අත්සනක් ගහන ලෙස දේශබන්දු තෙන්නකෝන්ට අපි අභියෝග කරනවා. පොලීසියට පැවරී තිබෙන කාර්යභාරය ඉටුකිරීම සඳහා දේශබන්දුම ඕනෑද? එහෙම නම් ඒ ආයතනවලින් වැඩක් නැහැ. පොලීසියට ඕනෑ වැඩකරන්න නම්, ඊළඟ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වැඩ බලන පොලිස්පති ලෙස පත්කළ හැකියි. නමුත් රනිල් වික්‍රමසිංහට ඕනෑ වැඩකර ගන්න නම්, දේශබන්දු තෙන්නකෝන්ම ඕනෑ. මහ දවල් අධිකරණයත් එක්ක ජනාධිපති ගැටෙනවා නම්, මහ දවල් ජනාධිපති නීතිය කඩනවා නම්, ඔබගේ වෘත්තියෙන් කරන ලද ඓතිහාසික කාර්යභාරයේ ප්‍රතිඵලයක් තිබෙනවාද? එහෙම නම් නිීතියේ විධානය, ආධිපත්‍යය සුරක්ෂිත කරන රටක් නිර්මාණය කරන්න බාධා කරන පාලක කණ්ඩායම් පලවා හැරිය යුතුයි. ඒ වෙනුවෙන් ඔබට අත්හැරිය නොහැකි අයිතියක් සහ යුතුකමක් තිබෙන බව අපි විශ්වාස කරනවා.

ඔබ අපේ මව්බිම ස්වාධීනත්වය, ස්වෛරීත්වය, ආරක්ෂා කරන්න කොපමණ කැපකිරීම් කළත් ආර්ථික වශයෙන් කඩා වැටුණු රටක එය කළ නොහැකියි. අපේ රටේ මූල්‍ය බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. අයවැය හදන්නේ ආණ්ඩු කියලා අපි හිතනවා. අපේ රටේ බදු තීරණය කරන්නේ, අයවැය ලේඛනය හදන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි. ආර්ථිකය කඩා වැටුණු රටක ස්වාධිපත්‍යය, ස්වෛරීභාවය යනු හුදු මිරිඟුවක් විතරයි. අදානි සමාගමට මන්නාරම් ද්‍රෝණියේ සුළං විදුලි බලාගාර ඉදිකිරීමට අවස්ථාව දී විදුලි ඒකකයක් ඩොලර් ශත 8.22 බැගින් මෙගාවොට් 450ක උත්පාදනයට අවස්ථාව ලබාදී තිබෙනවා. ලංකාවේ දේශීය සමාගමක් මන්නාරම් ද්‍රෝණියේ විදුලි ඒකකයක් ලබාදෙන්නේ ඩොලර් ශත 4.8කට. අදානි සමාගම විසින්ම, ඉන්දියාවේ සුළං බල විදුලිය ලබාදෙන්නේ ඩොලර් ශත 3.5කටයි. කොළඹ වරාය ආසන්නයෙන් වසරකට නැව් 36,000ක් ගමන් කරනවා. ලෝකයේ 24වන තැන කොළඹ වරායට හිමිවී තිබෙන අතර, ඉන්දියාවේ ජවහල්ලාල් නේරු වරායට හිමිවී තිබෙන්නේ 34වන තැනයි. ඒ වරායේ එක ජැටියක් චීනයට දුන්නාම ඊළඟ ජැටිය ඉන්දියාවට දෙන්න වෙනවා. නොරොච්චෝලයේ බලාගාරය, හම්බන්තොට වරාය, රේල් පාරවල් ඉදිකිරීම වගේ ව්‍යාපෘතිවලදී ඉන්දියාවත්, චීනයත් අතර තරගයකට ගොදුරු කර තිබෙනවා. ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ ජාතික ආරක්ෂාවත් ස්වාධිපත්‍යයත් ආරක්ෂා කෙරෙන වැඩපිළිවෙළක් වසර කිහිපයක් තුළ ක්‍රියාත්මක කරනවා. අපට වඩා කුඩා සිංගප්පූරුව රටේ ස්වාධිපත්‍යය ආරක්ෂා කර ගෙන තිබෙන්නේ ආර්ථික වශයෙන් බලවත් නිසයි. ඒ තත්වයට රට පරිවර්තනය කිරීමේ මූලික වගකීම අපි නිසි ලෙස ඉටුකරනවා.

Aditana-National-Rally-Crowd-Back

දීර්ඝ කාලයක් ජනතා විමුක්ති පෙරමුණ හැටියට රටේ තිබුණු ඇත්ත ප්‍රශ්න ගැන, ආර්ථික ප්‍රශ්න ගැන ජනතාවට කරුණු කීවා. නමුත් ඔවුන් නිර්මාණය කළ ජාතිවාදී දේශපාලනය විසින් ඇත්ත ප්‍රශ්නය යට ගහමින් රටේම අවධානය යුද්ධය කෙරෙහි යොමු කර තිබුණා. 1948 වතු ජනතාවගේ පුරවැසිභාවය අහිමි කළා. 1956 භාෂා ප්‍රශ්නයක් පටලවා ගැනීම, 1958 ‘ශ්‍රී’ අකුරේ කළු තෙල් ගෑම, 1965 ‘ඩඩ්ලිගේ බඩේ මසල වඩේ’ කියලා පෙළපාලි යාම, 1972 දෙමළ එක්සත් පෙරමුණ බිහිකරගෙන 1976 දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ බවට පත්කරගෙන වඩුක්කොඩෙයි සම්මේලනයේදී වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත්කිරීම දක්වා යෝජනා සම්මත කර ගත්තා. 1977 මැතිවරණයේදී ඒ යෝජනාවට ජන වරමක් ලබාගැනීම සඳහා සූර්යයා ලකුණට ඡන්දය ඉල්ලා සිටියා. ජේ.ආර්. ජයවර්ධනගේ බල වියරුව තුළ 1981 සංවර්ධන සභා ඡන්ද කොල්ලයේදී යාපනය පුස්තකාලය ගිනි තබා ඒ ජනතාවගේ අයිතිය කොල්ලකෑවා. යාපනයේ ජනතාවගේ අධ්‍යාත්මික බැඳීමක් තිබුණු පුස්තකාලය ගිනි තැබීමෙන් ඒ හදවත් පුපුරා යන්නේ නැද්ද? 1983 කළු ජූලිය නිර්මාණය කළා. 1982 පැවැත්වීමට නියමිතව තිබුණු මහ මැතිවරණය නියමිත පරිදි පැවැත්වූවා නම්, උතුරේ ජනතාවගේ හඬ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසෙනවා. නමුත් ජේ.ආර්. ජයවර්ධන තමන්ගේ 5/6ක බලය ඒ ලෙසම පවත්වාගෙන යාමට ක්‍රියාකිරීම නිසා උතුරේ සන්නද්ධ ව්‍යාපාරයට ඉඩකඩ නිර්මාණය කර 1983 කළු ජූලියෙන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිර්මාණය කර ගැනීමේ අවස්ථාව සලසා දුන්නා. 1999 ජනාධිපතිවරණයේදී චන්ද්‍රිකා දිනන්නේ ටවුන්හෝල් බෝම්බය නිසා. 2005 ජනාධිපතිවරණයේ මූලික වුණේ යුද්ධය. 2010 ජනාධිපතිවරණයේ මූලික වුණේ යුද්ධය අවසන් කිරීමේ ගෞරවය මහින්දට අත්කර ගැනීමයි. ෆොන්සේකා මහතා අපේක්ෂකයෙක් වෙන්නේත් යුද්ධයට නායකත්වය දුන් නිසයි. 2019 ගෝඨාභය අපේක්ෂකයෙක් බවට පත්කරන්නේ පාස්කු ප්‍රහාරයෙන් පසුව ඇති කළ යුද්ධ භීතිය නිසයි. ඒ ගොල්ලෝ යුද්ධ නිර්මාණය කර, දීර්ඝ කාලයක් ඔවුන්ගේ පැවැත්ම තහවුරු කර ගත්තත් දැන් රනිල්ලාට, මහින්දලාට යුද්ධ නැතිව පාළුයි. නැවත නැවත ආගමික ගැටුම් ඇතිකර ගැනීම සඳහා උතුරේත් දකුණේත් උත්සාහ කරන බව අපි දන්නනවා. ඒ අයට දේශබන්ධු ඕනෑ කරන්නේ ඒ නිසයි. ඔවුන් කවදාවත් යුද්ධයේ වින්දිතයන් නොවී තමන්ගේ දේශපාලන බලය වෙනුවෙන් එය යොදා ගත්තා.

යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවා ගැනීම වෙනුවෙන් එතෙක් පැවැති බඳවා ගැනීමේ අවම සුදුසුකම, විශාල වශයෙන් පහත හෙළුවා. එතනින් නතර නොවී මහා බි්‍රතාන්‍යයේ පාඨමාලා සඳහා මහජන ධනය රුපියල් එක්කෝටි 80 ලක්ෂයක් වැය කළා. ඊට පස්සේ යුක්රේනයේ පාඨමාලාවකට යවා රුපියල් 36 ලක්ෂයකට ආසන්න මුදලක් මහජන ධනයෙන් වැය කළා. ඊට පසුව ජනාධිපති ආරක්ෂක සේවාවට අනුයුක්ත කර, වාර 27ක් විදේශගත වීමට අවස්ථාව ලබාදී තිබුණා. මේ රටේ සාමාන්‍ය අම්මා, තාත්තාගේ දරුවන් යුද්ධයේ වින්දිතයන් වන විට ඔවුන්ගේ දරුවන් යුද්ධයේ ප්‍රතිලාභීන් බවට පත් වුණා. උතුරේත් අපේත් සාමාන්‍ය අම්මා තාත්තාගේ දරුවන් සම්බන්ධයෙන් ඒ අම්මලා තාත්තලා තවමත් වේදනාවෙන් ඉකිබිඳිනවා. යළි යුද්ධයක් ඇතිකර නොගන්නා රටක් අපි ගොඩනැගිය යුතු වෙනවා. හමුදාවල සේවයට එක්වී විනය සහ දැනුම වර්ධනය කර ගෙන, වෙනත් රැකියාවලට වඩා කලින් විශ්‍රාම යාමේ අවස්ථාව හිමිව තිබෙනවා. ඔවුන්ගේ ශ්‍රම සම්පත අපතේ යැමට ඉඩ නොදී විශේෂයෙන්ම පෞද්ගලික ආරක්ෂක සේවා සඳහා ගෞරවාන්විතව යෙදවීමට සැලසුම් සකස් කරනවා. ආරක්ෂක හමුදාවල බඳවා ගැනීම්, උසස් කිරීම් සහ මාරු කිරීම් නියමිත ස්වාධීන ක්‍රියාපටිපාටියකට අනුව සිදුකිරීමේ ප්‍රස්ථා අපි නිර්මාණය කර දෙනවා. සතුරා මේ වන විට ඔවුන්ගේ ප්‍රචාරක සැලසුම් මුළුමනින්ම සකස් කර තිබෙන්නේ අප පිළිබඳව ජනතාව තුළ බියක් ඇති කරන්නයි. සමෘද්ධිලාභීන් හමුවීමට යන ඔවුන් ජාතික ජන බලවේගය යටතේ සහනාධාර කපා හරින බවට බියක් ඇති කරනවා. රැකබලා ගත යුතු ජනතාව රැකබලා ගැනීම ජාතික ජන බලවේගයේ ප්‍රමුඛතම කාර්යභාරයක්.

Aditana-National-Rally

මේ වන විට විදේශ ආයෝජනයන්ට නිසි පරිදි ගලා ඒමට ඉඩ නොදෙන ජනතාවගේ සතුරන් පෞද්ගලික ආයෝජන සම්බන්ධයෙන් විවිධ අවලාද අසත්‍ය ප්‍රචාර ගෙනයනවා. සියල්ලන්ට ඉහළින් බව කියන මාධ්‍යය සජිත්ගේ පිටුපසින් සිට ගෙනයන ප්‍රචාරයන් ගැන අප දන්නවා. සියලු කළු ධනය අපට එරෙහිව මේ ඡන්දයට යොදවනවා. සියලුම අනීතික ක්‍රියාවන් ඉහළින්ම යොදා ගැනීමට උත්සාහ කරන ඡන්දය මේක. ඒ ඕනෑම දෙයකට ඉහළින්ම මුහුණ දිය හැකි මහා ජන බලකායක් අප වටා එකතු වී සිටිනවා. සතුරා ඉදිරියේ පලා නොගිය, සතුරා ඉදිරියේ දණින් නොවැටුණු, දුෂ්කරතා නොතකා ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරියට ගිය ඔබගේ ධෛර්යය හෝ විශ්වාසය කුඩා සෙප්පඩ විජ්ජාවලින් බිඳ වට්ටන්න බැහැ. රනිල් වික්‍රමසිංහලා, රාජපක්ෂලා, සජිත් ප්‍රේමදාසලා පොම්ප කරන්නේ කළු ධනය, මාධ්‍ය බලය නම්, ඒ සියල්ල අභිබවා යා හැකි විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සාමූහිකය ජාතික ජන බලවේගය වටා පෙළගැසී සිටිනවා. තමන්ට ලැබෙන කුඩා සොච්චම් විශ්‍රාම වැටුප යොදවමින් ඈත ප්‍රදේශවල සිට මේ පැමිණ සිටින්නේ නිශ්චිත එක් අරමුණක් වෙනුවෙන්. කිසිදු කෝප ගැනීමකට හසු නොවී, උපරිම ප්‍රජාතන්ත්‍රවාදයෙන්, උපරිම සාමකාමිත්වයෙන්, කිසිදු කඩාකප්පල්කාරී ක්‍රියාවකට හසු නොවී, වගකීමකින් යුතුව ජාතික ජන බලවේගය ජයග්‍රහණය කිරීමට කැපවීම අවශ්‍යයි. මෙතනට පැමිණ සිටින හැමදෙනාම ගමට ගොස් නඟන හඬ, පච රූපවාහිනී නාලිකාවලට යට කරන්න බැහැ. මේ එකතු වී ඉන්නේ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිම විශ්වාසයෙන් කැපවීමෙන් ක්‍රියාකරන කණ්ඩායමයි. ආහාර වේලක් නැති, වහල වහගන්න තහඩුවක් නැති, සිමෙන්ති කොට්ටයක් නැති ගමේ ඉන්න අහිංසකම ජනතාව සතුරාගේ කුමන්ත්‍රණ මගින් යළි යළිත් රැවටීමට භාජනය කළ හැකියි. ඔවුන් ඒ රැවටීමෙන් මුදා ගැනීමේ කාර්යභාරය අධිෂ්ඨානශීලීව, ශක්තිමත්ව ඔබ ඉටුකරන්න. ඔබ හමුදාවලදී ඉටුකළේ යුද්ධයේ කාර්යභාරයක්. දැන් ඉතිරිව තිබෙන්නේ ඡන්දයේ කාර්යභාරය ඉටුකරන්නයි. එය ඉතා හොඳින් ඉටුකළ හැකි බව ඒකාන්තයි.

Aditana-National-Rally-Fred-Senewirathne

“මේ දැවැන්ත සමුළුව අනුර රටේ ජනාධිපති වීමේ පෙරනිමිත්තක්”
-ශ්‍රී ලංකා නාවුක හමුදාවේ විශ්‍රාමික රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න-

අපේ ගුරුවරු, අපට අණ දුන්නු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අපත් සමග එකට මෙහෙයුම් කළ අය මෙතන ඉන්නවා. සමහරු අපේ ගෝලයෝ. ඔබත් මමත් සක්‍රීය සේවා කාලයේදී දේශපාලනය කළ අය නොවෙයි. අපි අපට පැවරුණු රාජකාරිය හරියටම ඉටුකළ හා අභිමානවත් ලෙස විශ්‍රාම ලැබූ අය. අප අතර ඉන්න අතළොස්සක් හැර, විශාල පිරිසක් ජීවත් වීම සඳහා මහා අරගලයක ඉන්නවා. සමාජයේ තත්වය ඉතාම අසරණභාවයට පත්වෙලා. මේ රට සෑම ක්ෂේත්‍රයකින්ම කඩා වැටිලා. දරුවන්ගේ අනාගතය රටේ අනාගතය ගැන අවිනිශ්චිතභාවයට පත්වෙලා. මෙවන් පසුබිමක තමයි විශ්‍රාමික හමුදා සාමූහිකය ගොඩනැගෙන්නේ. දූෂිත පාලකයන් පලවා හැර, ජනතාවාදී පාලනයක් බිහි කිරීම සඳහා ජාතික ජන බලවේගයට සහාය ලබාදීම තමයි එදා අරමුණ වුණේ. එහි ප්‍රථම පියවර ලෙස මීට අවුරුදු එක හමාරකට පමණ පෙර, මේජර් ජනරාල් අරුණ ජයතිලක මහතා ප්‍රධාන පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සාකච්ඡාවක යෙදෙනවා. අවුරුදු එකහමාරකට පස්සේ, අද මේ සමුළුව පැවැත්වෙන දිනයේදී ක්‍රියාකාරී සාමාජිකයන් 40,000කට වඩා අප සමග ඉන්නවා. මේ දෙන පණිවිඩය මොකක්ද?

මෙතෙක් මේ රට පාලනය කළ පාලකයන් අපේ රට විනාශ කළා. ප්‍රභූන් යැයි කියා ගන්නා ඔවුන්ට මේ රට පාලනය කරන්න බැහැයි කියා මහජනතාව ඉදිරියේ ඔප්පු කර තිබෙනවා. පාලකයන් පලවා හැර මේ රට යළි ගොඩනැගීම සඳහා සාමූහික ප්‍රයත්නයක ජාතික ජන බලවේගය පෙරමුණ ගෙන සිටිනවා. එහි නායක අනුර කුමාර දිසානායක මහතා මේ රටේ ජනාධිපති වෙනවා කියන එකේ පෙරනිමිති තමයි මේ ප්‍රකාශ වෙන්නේ. ජාතික ජන බලවේගයට දැවැන්ත දේශපාලන පිම්මක් පැනීම සඳහා ගැම්මක් ලබා දුන්නේ ඔබ සැමයි. ඉදිරි මැතිවරණ කටයුතුවලදී ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙළ, ප්‍රතිපත්ති ජනතාව අතරට ගෙනියන්නේ ඔබයි. ජාතික ජන බලවේගයේ රජයක් යටතේ මේ රට ගොඩනැංවීමේ ක්‍රියාවලියට දායක වන්නේ ඔබයි. ඔබ මෙතනට පැමිණියේ කිසිදු පුද්ගලික ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් නොවෙයි.

අපිට උදාර අරමුණක් තිබෙනවා. ජාතික පුනරුදයක් සඳහා ශ්‍රී ලංකා මාතාව කැඳවාගෙන යාමේ අරමුණ කරගත් ජාතික ජන බලවේගයේ රජයක් බිහි කිරීමේ භාරදූර කටයුත්තට ඔබත් මමත් අත ගසා සිටිනවා. මේ රටේ බහුතරයක් ජනතාවගේ බලාපොරොත්තු සමග සමපාත වෙන උගත්, පුළුල් දැක්මක් සහ දියුණු වැඩපිළිවෙළක් සහිත පොදු ජනතාව තුළින් බිහිවුණු, චරිතයක් වන අනුර කුමාර සහෝදරයා මේ රටේ නායකත්වයට පත් කිරීමයි. මාගේ දේශපාලන කියවීමට අනුව එය ජාතික වගකීමක්. කාලීන අවශ්‍යතාවයක්. ඒ සඳහා ඔබ හා මා හමුදා සේවය තුළින් ලැබූ පන්නරය සහ ප්‍රගුණ කළ යහපත් ගුණාංගයන් භාවිතා කිරීමට අවස්ථාව දැන් උදාවෙලා තිබෙනවා. එසේ නොකළහොත් එම ගුණාංගයන් අපගේ මරණයත් සමග භාවිතයකින් තොරව වැළලිලා යාවි. අපේ වගකීම් ඉටුකරමින්, දරුවන්ගේ අනාගතය සුරක්ෂිත වන රටක් ගොඩනඟමු. අප ගත් තීරණය, ක්‍රියා කළ ආකාරය අනාගත පරම්පරාව පැසසුමට ලක්කරාවි. වගකිව යුතු පුරවැසියන් වශයෙන් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයට සම්බන්ධව ක්‍රියාකිරීම අගය කරන අතර, මෙතෙක් අප සමග එක් නොවුණු විශ්‍රාමික සාමාජිකයන් හට අප සමග එක්වෙන ලෙස සහෝදරත්වයෙන් යුතුව ආරාධනා කරනවා.

Aditana-National-Rally-Pushpamali-Ramanayake

“අපි ආසයි අපේ රටත් දියුණු රටක් වෙනවා දකින්න”
-පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ඉලක්කයට වෙඩි තැබීමේ රන් පදක්කම්ලාභිනී, ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික බලලත් නිලධාරිනී පුෂ්පමාලී රාමනායක-

විදේශ තරග රැසකට සහභාගි වෙමින් අපේ ජාතික කොඩිය ඉහළට ඔසවා අභිමානයක්, කීර්තියක් අපේ රටට ගෙනාවා. රන් පදක්කම්, රිදී පදක්කම්, ලෝකඩ පදක්කම් රැසක් දිනා ගත්තා. නමුත් ඒ අභිමානය අද අපේ රට තුළ තිබෙනවාද කියන එක ගැන කනගාටු වෙනවා. මගේ ක්‍රීඩා හැකියාව නිසා රටවල් විශාල ප්‍රමාණයකට යන්න අවස්ථාව උදා වුණා. ඒ රටවල් කොතරම් දියුණුද, ඒ ජනතාව කොයිතරම් පහසුකම් භුක්ති විඳිනවාද යන්න මට අත්විඳින්න ලැබුණා. අපේ රට අපි ඉපදුණු දවසේ සිට සංවර්ධනය වෙමින් පවතින රටක්. අද ඊටත් වඩා පහත් තැනකට වැටිලා තිබෙනවා. ඒ ගැන අපි ඉතාම කණගාටු වෙනවා. අපි ආසයි අපේ රටත් දියුණු රටක් වෙනවා දකින්න. ඒ රටවල ජනතාවට පොඩි වෙළඳසලකට ගියත් ලොකු වෙළඳසලකට ගියත් එක හා සමාන පහසුකම් විඳින්න පුළුවන්. ඒ රටවල පාලකයන් ඒ රටේ වැසියන්ට උසස් ජීවිතයකට අවස්ථාව සලසා දී තිබෙනවා. අපි හැමදාම හිතනවා අපේ රට ඒ වගේ තත්වයකට පත්වෙන්නේ කවද්ද කියලා.

විශ්‍රාම ලැබුවාට පස්සේ කල්පනා කළා, අපටත් හොඳ විදිහට ජීවත් වෙන්න ඕනෑ, ඒ සඳහා මාවත කොතනද තියෙන්නේ කියලා. ඒ අනුව තමයි මම ජාතික ජන බලවේගය තෝරා ගත්තේ. අපි “ගැහැනු එක මිටට” කියන තේමාව යටතේ ඓතිහාසික රැලි මාලාවක් මාතරින් ආරම්භ කර ලංකාව පුරාම පැවැත් වුවා. ඒ වගේම කොට්ඨාස සභා පිහිටුවමින් ජනතාව දැනුවත් කරමින් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය උදෙසා කටයුතු කරනවා. ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය, විජයග්‍රහණයක් කර ගැනීමට ඔබ සැමගේ සහයෝගය ලබාදෙන්නැයි ඉල්ලනවා.

Aditana-National-Rally-Harshana-Nanayakkara

“පුනරුදයේ යුගයට එකදු පුරවැසියෙකු හෝ අත්නොහැර රැගෙන යා යුතුයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නීතිඥ හර්ෂණ නානායක්කාර-

මීට අවුරුදු එකහමාරකට පෙර මහරගම තරුණ සේවා ශාලාවේදී අදිටන රැස්වීමේදී මම එක ඉල්ලීමක් කළා. ඔබලාගේ ජීවිත පරි්‍යාගයෙන් මේ රටෙන් ත්‍රස්තවාදය ඉවර කිරීමට කටයුතු කළා. ඒකට ස්තුති කරනවා. ඒ වගේම මේ රට දූෂිත, වංචනිකයන්ගෙන් බේරාගෙන, රට ගොඩදැමීමේ මෙහෙයුමක් තිබෙනවා ඒකට එකතු වෙන්න කියලා ආරාධනාවක් කළා. එදා එතන දහසක් හිටියා. අද ඉන්නවා දස දහසක්. ක්‍රියාකාරී හතළිස් දහසක්. ඒ වගේම අරුණ ජයසේකර මහතාගේ ඇතුළු කණ්ඩායමේ නායකත්වයෙන් මෙහෙයවීමත්, මගේ ඉල්ලීමත් පිළිගෙන මෙතනට පැමිණි ඔබට මගේ ආචාරය පිරිනමනවා. ජාතික ජන බලවේගය විසින් ගොවියන්, කම්කරුවන්, ධීවරයන්, ගුරුවරුන් ආදී විවිධ වෘත්තීන් සම්බන්ධ කර ගනිමින් සමූහ රාශියක් එකතු කොට තිබෙනවා. නමුත් මිනිසුන්ට ඒ පිළිබඳ විශාල හැඟීමක් තිබුණේ නැහැ. හැබැයි අදිටන විශ්‍රාමික සමුහය හදලා “වක්කඩේ ගලන්න වගේ” ගලන්න ගත්තාම තමයි ජනතාව විශ්වාස කළේ ජාතික ජන බලවේගයට සෙනග ඉන්නවා, දිනන්න පුළුවනි කියලා. අනෙක් වෘත්තිය සංවිධාන හදන්න මාසයක් ගතවෙන කොට, විශ්‍රාමික අදිටන සාමූහිකය සතියට සමුළු පහ ගාණෙ තියන්න ගත්තා. අද දිවයිනේ ඉන්න ප්‍රබලම සංවිධානය විශ්‍රාමික ත්‍රිවිධ හමුදා අදිටන සංවිධානයයි. අපේ සාමූහිකයට අඩුවෙලා හිටියේ හමුදාපති කෙනෙක් පමණයි. අද නාවුක හමුදාපති අද්මිරාල් සිරිමෙවන් මහතා සහභාගීවීමෙන් අපට ඒ ගෞරවණීය අවස්ථාව උදාකර තිබෙනවා.

මෙතනින් එහාට අපට ගමනක් තිබෙනවා. රට බරපතළ ලෙස ආර්ථික කඩාවැටීමට ලක්වෙලා. ජනතාව සෑම අතින්ම පීඩාවට පත්වෙලා. අද රනිල් කියනවා තෙල් පෝලිම් නැහැ කියලා. මිනිසුන්ට තෙල් ගහන්න සල්ලි නැහැ. ගෑස් ගන්න සල්ලි නැහැ. ලයිට් කපන්නේ නැහැ. අපිම අපේ ලයිට් කපා ගන්නවා. දරුවන්ට ඉස්කෝලේ යන්න බැරිවෙලා තිබෙනවා. මේ තත්වය වෙනස් කරන්න අපි හැමෝම එකතු විය යුතුයි. මේ තියෙන්නේ අවසන් ගලවා ගැනීමේ මානුෂික මෙහෙයුම. මේ රට ගලවා ගන්න ඔබලා එහි පෙරමුණ ගත යුතුයි. ඔබලා කවදාවත් තුවාල වුණු සොල්දාදුවෙක් දාලා එන්නේ නැහැ. මැරුණත් කරේ තියාගෙන එනවා. ඒක තමයි ප්‍රතිඥාව. ඒ දේම මේ රටට කරන්න අවස්ථාවක් උදාවෙලා තිබෙනවා. දැන් ඒ දේම මේ රටට කරන්න අවස්ථාවක් උදාවෙලා තිබෙනවා. මේ රට දැන් යුද පිටියක්. ආර්ථික වශයෙන්, සමාජීය පීඩනයන්ගෙන්, සංස්කෘතික වශයෙන්, යුද පිටියක්. නීතියේ විධානයේ ආධිපත්‍යය නැහැ. මේක අපේ අදහස්වලින්, අපේ කැපවීමෙන් කරන යුද්ධයක්. සැප්තැම්බර් 21 වන විට පුනරුද යුගයේ ආරම්භය වෙන්න ඕනෑ. මේ ජවයක් නැතිව වැටී ඉන්න මිනිස්සු, ජීවිතය අතහැර ඉන්න මිනිස්සු අවදි කරන්න ඕනෑ. ඔබට වැඩකරලා මහන්සි ඇති; අමාරු ඇති. ඒත් තව පොඩ්ඩක් අපි වැඩ කරමු. සැප්තැම්බර් 21ට අපේ ජයග්‍රහණය ස්ථිරයි. මේ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායක බව ස්ථිරයි. සංවිධායක සහෝදරවරුන් එක්ක කතා කරන්න. කැන්වසින් යන්න. සැප්තැම්බර් 21දායින් පසු එන අලුත් රටට, පුනරුදයේ පරිවර්තන යුගයට එක පුරවැසියෙක් හෝ මඟ නොහැර අතින් අල්ලාගෙන යන්න ඕනෑ. දුකට, වේදනාවට, අසාධාරණයට ලක්වුණු සෑම පුරවැසියෙක්ම පුනරුදයට ගෙන යාමේ මූලික පෙරමුණ ගන්න කියා ඉල්ලා සිටිනවා.

Aditana-National-Rally-Sampath-Thuyiyakontha

“මේ රටක් ලෙස අප ජයගත යුතු දෙවැනි මෙහෙයුමයි”
-ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික එයාර් මාෂල් සම්පත් තුයියකොන්ත-

අද මේ රටට, රටේ දේශපාලනයට අමතක නොවෙන දවසක්. මෙතරම් විශ්‍රාමිකයන් හමුදා සාමාජිකයන් පිරිසක් එක තැනක රැස්වෙනවා දැක නැහැ. ගිය අවුරුද්දේ පෙබරවාරි අපි පළමු සමුළුව තිබ්බා. එදා එක්දහස් පන්සියයක් පමණ රැස්වුණා. අද වන විට කාටවත් සමකළ නොහැකි, කවුරුත් පුදුමයට පත්කරවන සමූහයක් බවට විශ්‍රාමික හමුදා සාමූහිකය පත්වී අවසන්.
අපේ රටේ සාමාන්‍ය ජනතාවට දේශපාලනය ගැන කතා කළොත් බොහෝ දෙනෙක් කියන්නේ “දේශපාලනය කතා කරන්න එපා” කියලා. ඇයි එහෙම කියන්නේ. දේශපාලනය නරක එකක්ද? දේශපාලනය, මිනිසා විසින් මිනිසාට කරනු ලබන විශාල සේවයක්. දියුණු රටවල්වල දේශපාලනය ඉතාමත් ගෞරවාන්විතයි. නමුත් ලංකාවේ දේශපාලනය කතා කරන්නවත් අකමැති මාතෘකාවක් වෙලා. මේ සියලු දෙනාම දේශපාලනයට අද ඇවිත් තිබෙනවා. මේ කැත වෙලා තිබෙන දේශපාලනයට හොඳ නමක් දෙන්න නේද මේ ඇවිත් තිබෙන්නේ. මේ කැත දේශපාලනය දශක ගණනාවක් ක්‍රියාත්මක වුණු නිසා තමයි 2022දී අරගලයක් මතු වුණේ. මිනිසුන්ට අවශ්‍ය කරන මූලික අවශ්‍යතා නැතිවුණාම පාරට බැහැලා අරගල කරනවා.

ගැතිකම්වලට මූලිකත්වය දුන්නු, පක්ෂ දේශපාලනය, නිසා නොවෙයිද මේ රට මෙතරම් පහතට වැටී තිබෙන්නේ. අපි වසර ගණනාවක් නායකයන් මාරු කළා. අපි මෙතෙක් මාරු කර තිබෙන්නේ එකම කණ්ඩායමක් විතරයි. බලයක් මාරු කර නැහැ. ඒකෙ ප්‍රතිඵලයක් ලෙස අද අපේ ආර්ථිකය, නීතියේ ආධිපත්‍යය, ප්‍රජාතන්ත්‍රවාදය, සමාජය හැමදේම නැති වෙලා. ජනතාවට අවශ්‍ය කරන මූලික දේවත් නොලැබෙන විට ජනතාව පාරට බැහැලා අරගල කළා. ඒ නිසාම පාලකයන්ට යන්න සිදුවුණා. පාලකයන්ගේ නික්ම යාමෙන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පත්වුණා. එහෙම පත්වුණාට පස්සේ ඔළුවට තුවක්කුව තියලා අරගලය නැතිකර දැම්මා. දැන් කියනවා රට අරාජික නැහැ කියා. මහපාරේ අරගලය නැති වුණාට ගෙවල්වල අරගලය තිබෙනවා. වංචා දූෂණය තියෙනවා. මිනිස්සු අරගලයේ යෙදෙනවා. මිනිස්සුන්ට හරිහමන් ආහාර වේල නැති අරගලය තිබෙනවා. රටේ පාතාලය ක්‍රියාත්මක වෙනවා. මහදවල් මිනිස්සු මරලා යනවා. ණය කන්ද වැඩිවෙලා. ණය ගෙවන ක්‍රමයක් නැහැ. රටේ සම්පත්, මර්මස්ථාන විකුණනවා. රට ගොඩදාලා තියෙනවා කියලා කියනවා. මිනිස්සුන්ගේ ගෙවල් ඇතුළේ තිබෙන අරගලයට විසඳුමක් පෙන්න නැහැ. මේ රට වලපල්ලට ඇද දැමූ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ අරමුණෙන්, පොදු අරමුණක් සඳහා කිසිදු ප්‍රතිලාභයක් බලාපොරොත්තු නැතිව ඔබ, මෙතනට එක් රැස්වී සිටිනවා. ජාතික පුනරුදයක් වෙනුවෙන් අපේ ක්‍රියාදාමය ඉදිරියට ගෙනියනවා. ඒ ගොල්ලන් දේශපාලනය කරන්නේ ඒ ගොල්ලන්ගේ පැවැත්ම තහවුරු කර ගන්න, බලය පවත්වාගෙන යන්න, ධනය උත්පාදනය කරගෙන යන්න. රටට හොඳක් කරන්න නොවෙයි. තමන් දෙවියන් වගේ සලකපු පක්ෂයේ නායකයා දාලා වෙන පක්ෂයකට යනවා. හිටපු පක්ෂය මතක නැහැ. මේ දේශපාලනය ගැන ජනතාව දන්නවා. ඒ නිසා තමයි අපි වටා, ජාතික ජන බලවේගය වටා විශාල වශයෙන් එකතු වෙමින් සිටින්නේ. අපේ ජයග්‍රහණය කරා යන්නට එය ප්‍රමාණවත්.

Aditana-National-Rally-Public

අපේ රටට සෑම අංශයකම වෙනසක් අවශ්‍යයි. සිතුම් පැතුම් පවා වෙනස් විය යුතුයි. චීනය, ජපානය එහෙම වෙනස් වුණු රටවල්. ජපානය දෙවන ලෝක යුද්ධයේදී ආක්‍රමණශීලී රටක්. ජර්මනිය, ඉතාලිය, ජපානය එක කඳවුරක ඉඳගෙන තමන්ගේ බලය පතුරුවන්න උත්සාහ කළා. ජපානය ගුවන් යානා පාවිච්චි කරමින් ඇමෙරිකාවේ පර්ල් වරායට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළා. චීනයේ සමූල ඝාතන කළා. හිරෝෂිමා නාගසාකි බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ ජපානය ඒ ගොල්ලන්ගේ සියලුම දේවල් වෙනස් කළා. ඇමෙරිකාවත් එක්ක ගිවිසුම් ගැහුවා. ලංකාවේ නායකයන් ජපානයට ගිහින් වෛරයෙන් වෛරය නොසන්සිඳේ කිවුවා. එහෙම කියපු නායකයන් ලංකාවේ වෛරය වැපිරෙව්වා. යාපනයේ පුස්තකාලය ගිනි තිබ්බා. කළු ජූලිය ඇති කළා. ප්‍රජාතන්ත්‍රීයව දේශපාලන කළ තමන්ගේ විරුද්ධවාදියාගේ දේශපාලන අයිතිය නැති කළා. ජනතා විමුක්ති පෙරමුණ වැනි තරුණ දේශපාලන කඳවුරු සමාජ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටීම තහනම් කළා. එහෙම වෛරය වැපිරෙව්ව අය ජපානයට ගිහින් බණ කිවුවා. ජපානය තමන්ගේ වෙනස් වෙන්න ඕන පාර තේරුම් ගත්තා. මෝටර් රථ නිෂ්පාදන ආයතන ගණනාවක් ඇති කර, ලෝකයේ මෝටර් රථ වෙළඳපොළ අල්ලා ගත්තා. ජපානයේ ආක්‍රමණශීලී හමුදාව දැන් ඉන්නේ ආක්‍රමණය කරන්න නොවෙයි, සාමය ආරක්ෂා කරන්න. රට ආරක්ෂා කරන්න. ඒවැනි ආකල්පමය වෙනස්කම් කරමින් ලෝකයේ දියුණුම රටක් බවට ජපානය පත්වෙලා තිබෙනවා. චීනයත් සුබවාදීව සහ උපායශීලීව නව නිපැයුම් මගින් කාර්මික රටක් බවට පත්කර ගත්තා. එහෙම තමයි රටවල් දියුණු වෙලා තිබෙන්නේ. ඩෙං ෂියා ඕ පින් කිවුවා “බළලා මීයෝ අල්ලනවා නම්, ඒ බළලා කළුද, සුදුද කියන එක මට අදාළ නැහැ” කියලා. චීනය අද ලෝකයේ විශාල ආර්ථිකයක් හිමි රටක් බවට පත්කරගෙන තිබෙනවා. ලෝකයේ එහෙම තමයි.

අපේ රටේ මේ දේශපාලකයොත් එක්ක ඒ වෙනස කරන්න අමාරුයි. මේ වැටුණු රට තුළත් මොරාල් එකක් තියෙනවා. ඒ මොරාල් එක තමයි එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳව තිබෙන ජනතාවගේ උත්තේජනය. මොන අමාරුකම් තිබුණත් ජනතාව තුළ උත්තේජනයක් තිබෙන්න හේතුව තමයි ජාතික ජන බලවේගය වැනි දේශපාලන පක්ෂයක් හා ඒකට නායකත්වය දෙන අනුර කුමාර දිසානායක වැනි පිරිපුන් නායකත්වය. කැත දේශපාලන සංස්කෘතියෙන් මිදී, ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් එක්ක අත්වැල් බැඳගෙන කටයුතු කරන්න ලැබීම ගැන අපි සියලු දෙනාම ආඩම්බර විය යුතුයි. ජාතික පුනරුදය හරහා රටේ ඉදිරි අනාගතයට අවශ්‍ය කරන, දියුණුවේ මාවතට පෙළ ගස්වන්න පුළුවන් දේශපාලන පක්ෂයක් අපට තිබෙනවා. අපි විශ්‍රාමික සාමාජිකයන් හැටියට එකතු වුණා වගේම මේ ජයග්‍රහණය සඳහා අපි පෙළගැසෙමු. මේ අපේ දෙවැනි මෙහෙයුමයි.

Aditana-National-Rally-Aruna-Jayasekara

“අපි රැස්වෙලා ඉන්නේ අපේ දූ දරුවන් වෙනුවෙන් හෙට හොඳ රටක් හදලා දෙන්න”
-විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ප්‍රධානී, නැගෙනහිර හිටපු ආඥාපති, යුද හමුදා විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර-

මේ ත්‍රිවිධ හමුදා විශ්‍රාමිකයන් එක තැනකට එකතු වුණු පළමුවැනි ඓතිහාසික අවස්ථාවක්. මෙතන සිටින සියලුම විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් එදා මේ රටේ වැසියන් වෙනුවෙන් තමන්ගේ සියලුම දේවල් කැප කළා. මේ සියලුම දෙනා ලේ, දහදිය, අපේ කිරි දරුවන්, ආදරණීය බිරින්දෑවරුන්, අම්මා තාත්තා, අපේ සහෝදරියන් සියලුම දේවල් දාලා ගිහින් අපේ පුරවැසියන්ගේ අද දවස වෙනුවෙන්, එදා ඔවුන්ගේ තරුණ වයස කැප කළා. අපි කැපකිරීම් කළත් අපට ලැබුණු රට කුමක්ද? එතෙර සිටින අපේ ශ්‍රී ලාංකිකයන්ට ඒ වෙසෙන රටේ වැසියන්ට මම ශ්‍රී ලාංකිකයෙක් කියන්න ලැජ්ජයි. පිළිගැනීමක් නැහැ. අපේ දරුවන්ට වීසා එකක් දෙන්න, කොයිතරම් තොරතුරු සොයනවාද?

අපට උරුමව තිබුණේ යුද පිටිය, වෙඩි පිටිය, සරඹ පිටිය. ක්‍රීඩා පිටිය. අපි කවරදාවත් දේශපාලන පිටියට එන්න සිතුවේ නැහැ. මේ රට වෙනුවෙන් දෙවන මෙහෙවරක් හැටියට, අපේ දූ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් හඬ නඟන්න, උත්තරීතර විශ්වාසවන්ත මිනිස්සු ජීවත් වෙන හොඳ දේශපාලන ව්‍යාපාරයක් තියෙනවා. ඒ තමයි ජාතික ජන බලවේගය.

අද උත්තරීතර කියන තැන නවාතැන් ගෙන තිබෙන්නේ නීතිය බිඳ වැටීමයි. ඒක ඇති කළේ කවුද? අපිමයි මේ වරද කළේ. ඒ නිසා මේ වරද හදාගන්න අපිමයි ඉදිරිපත් විය යුත්තේ. ඒ වරද හදාගන්න තිබෙන පළමුවැනි දවස තමයි, එළඹෙන සැප්තැම්බර් 21 දා. මේ කඩා වැටීම ආර්ථික අර්බුදයක් පමණක් නොවෙයි. මේක දේශපාලන අර්බුදයක්, සාරධර්මවල කඩා වැටීමක්, හැම පැත්තකම කඩා වැටීමක්. 2009 යුද්ධය අවසන් කරලා, දැනට අවුරුදු 15ක් වෙනවා. පස් අවුරුදු සැලසුම් තුනක් ක්‍රියාත්මක කරන්න පුළුවන් කාලයක්. මේ රටේ සම්පත් ගැන හිතලා, රටේ අවශ්‍යතාවයන් ගැන හිතලා, පස් අවුරුදු සැලසුම් තුනක් හදලා මේ නායකයන් වැඩ කළා නම්, පොල් පටවපු ප්‍රවාහන සේවයක්වත්, කෝච්චිවල උඩ නැගල ගිහින් මැරිලා වැටෙන ප්‍රවාහන සේවයක්වත්, ඇඳන් උඩයි, යටයි ලෙඩ්ඩු ඉන්න රෝහල්වත් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඔය කියපු උත්තරීතර තැනින් ජාතික මට්ටමේ ගන්නා ලද නොමනා තීරණ ජාතික ආරක්ෂාවට විශාල ලෙස තර්ජනයක් එදා සිටම ඇති කළා. 83 ජූලි කලබල ඇති කළෙත් ජාතික ආරක්ෂාව වෙනුවෙන් කියල ගත්ත බුද්ධිමත් නොවන තීරණ. 87, 88, 89 භීෂණය පැතිරුවෙත්, වැපිරුවෙත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි ගත්ත තීරණවලින්. 83 ජූලි කලබල ඇති වෙන්න මූලික පසුබිම ඇති කළේ රටේ හදවතක් වගේ තිබුණු, උතුරේ ජනතාව වඳින පුදන පුස්තකාලයට ගිනි තියලා. ආයෙමත් ඊයේ පෙරේදා, රටේ නායකත්වය උතුරට ගිහින් සියලුම දේවල් දෙනවා කියලා කියනවා. මොනතරම් ප්‍රෝඩාවක්ද? වැරැද්දක්ද?

ආර්ථික වශයෙන් අපි දුබල වුණොත් අපේ ස්වෛරීභාවය දුබල වෙනවා. ජාතික ආරක්ෂාවට ඉඳුරාම තර්ජනයක් එල්ල වෙනවා. රටක නිදහස, ආර්ථික ශක්තිය බැඳිලා තිබෙන්නේ ගහට පොත්ත වගේ. ජාතික ආරක්ෂාව අනතුරට දැම්මෙත් මේ පාලකයොයි. අපේ රටට දේශපාලන නායකත්වයක් නැතිකම තිබෙන්නේ. අපි මේ සියලු දෙනාම එකතු කරලා විශේෂ අධ්‍යයන රාශියක් කරලා, ජාතික ආරක්ෂාව සම්බන්ධව අපේ ප්‍රතිපත්තිය සකස් කර තිබෙනවා. ඒකෙ පළමුවැනි එක තමයි නීතියේ විධානයේ ආධිපත්‍යයේ තහවුරු කෙරෙන ‘සැමට සාධාරණ එකම නීතියක්.’ අපි සෑම ක්ෂේත්‍රයක්ම සැලකිල්ලට ගෙන ජාතික ආරක්ෂක ප්‍රතිපත්තිය විශිෂ්ට ලෙස සකස් කොට තිබෙනවා. මූලිකම දේ තමයි, පුරවැසියාගේ ආරක්ෂාව.

Aditana-National-Rally-Band

හෙට දවසේ අපේ දරුවන්ට අපි බාර දෙන රට අනාරක්ෂිත වී තිබෙනවා. මේ තත්වයට උත්තර සපයන්න ඉන්න එකම නායකත්වය, එසේ කළ හැකි එකම තැන ජාතික ජන බලවේගයයි. අවුරුදු 05ට අඩු දරුවන්ගෙන් 5%ක් මන්දපෝෂණයෙන් පෙළනවා. දැඩි සත්කාර ඒකකවල ඇඳන් 500යි. නමුත් වී.අයි.පී. වාහන 5000යි. අපි හඬක් නඟන්න ඕන නැද්ද? අපි මේ රැස්වෙලා ඉන්නේ අපේ හඬ නගලා අපේ දූ දරුවන් වෙනුවෙන් හෙට හොඳ රටක් හදලා දෙන්න. සමාජයට ආරක්ෂාව පිළිබඳ සහතිකයක් අවශ්‍යයි. මේ අපි වීරවරියෝ, විරවරයෝ. බුද්ධිමත්තු, වීරවරයන් නිහඬව ඉන්නකොට නිවටයන් පැටව් ගහනවා.

අපට අදියර පහකින් යුද සාස්තරය උගන්වනවා. සැලසුම් කිරීම, ඉදිරියට යෑම, ප්‍රහාර එල්ල කිරීම, ස්ථානගත වීම, ආපස්සට පැමිණීම. තමයි ඒ අදියර පහ. මේ නිවටයෝ, දේශපාලුවෝ අදියර පහකින් ඉදිරියට ගෙන ආ හැටි පෙන්නනම්. පළමු පියවර වුණේ වසර ගණනක් තිස්සේ රට වැට්ටීමයි. දෙවන අදියර ලෙස මේ රට වැටී ඇති බව ඔබට සහ මට ඒත්තු ගැන්වීම. තුන්වැනි අදියර, රට වැටී ඇති බව නිල වශයෙන් ප්‍රකාශ කිරීම. හතරවැනි එක මේ වැටී ඇති රට ගොඩගන්න උත්සාහ කරන බව අපට දැන්වීම. පස්වැනි අදියර තමයි, සම්පූර්ණයෙන්ම රට ගොඩඅරගෙන දෙන්න නැවත බලය ලබා දෙන්න කීම. මේ ජාතික ජන බලවේගය රජයක් කර නැහැ. රටක් කර නැහැ. දශක ගණනක් තිස්සේ අපි ඉස්කෝලේ යන කාලේ ඉඳලම රටට වෙන විපත කිවුවා. අද ඒක සත්‍ය වෙලා තිබෙනවා. ජාතික ජන බලවේගය එදා කියපු දේ, අද අපිට පිළිගන්න වෙලා තිබෙනවා. මුළු රටටම පිළිගන්න වෙලා තිබෙනවා.

අපේ අරමුණ ඉතාමත් සාමකාමී මැතිවරණයක් පවත්වන්න. අපි විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය, පොලිස් සමූහය එක්ව ජාතික ජන බලවේගයේ අනෙකුත් සියලුම වෘත්තියවේදීන් සමග රටේ සියලුම පුරවැසියාගේ ආරක්ෂාව තහවුරු වෙන විදිහට කිසිදු ප්‍රශ්නයක් ඇති නොවෙන විදිහට සාමකාමී මැතිවරණයක් සඳහා ප්‍රජාතාන්ත්‍රික ලෙස මේ මැතිවරණය කිරීමට ඉදිරිපත් වෙනවා. ජාතික ජන බලවේගයට පැමිණෙන ඕනෑම අභියෝගයකට විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය පෙනී සිටිනවා කියන එක මම ප්‍රකාශ කරනවා. මේ රටේ සිටින සියලු දෙනාටම ආරක්ෂාව අවශ්‍යයි. ඔබලාගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බවට අපි සහතික වෙනවා. ඒ වගේම දේශපාලනයෙන් තොර, වෘත්තිය මට්ටමෙන් උසස් ත්‍රිවිධ හමුදාවකට අපි මාර්ගය සකස් කරනවා. විශ්‍රාමිකයන් වන ඔබලාටත් හිමි විය යුතුව තිබෙන දේ ලබාදීමට අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කර තිබෙනවා. අපේ ප්‍රතිපත්ති ඉදිරියේදී පොත් පිංචක් හැටියට ඔබලාට ලබාදෙනවා. එළඹෙන සැප්තැම්බර් 21දා ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරලා මහජන ආණ්ඩුවක් හදන බව අපට විශ්වාසයි.

Aditana-National-Rally-Stage
Show More

“අඳුරුභාවය අතීතයට බාරදී අපේ රටට සුබ උදෑසනක් නිර්මාණය කළ හැකියි” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-

(-ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ ජාතික ජන බලවේගයේ ජාතික ප්‍රතිපත්තිය සහ වැඩපිළිවෙළ එළිදැක්වීම – කොළඹ පදනම් ආයතනය – 2024.08.03-) විවිධ ක්ෂේත්‍රවල ආබාධයන්ට ලක්වූවන් තමන්ට බලපා ඇති තත්වයන් විවිධ ආකාරයෙන් අපට ඉදිරිපත් කළා. ඒ වගේම තමන්ගේ කුසලතාවන් හා හැකියාවන් මේ වේදිකාව තුළ ඉදිරිපත් කළා. ඒ සියලු දේ දකින කොට නිතැතින්ම සිහිවන්නේ අප කොතරම් අකාරුණික සමාජයක, කොතරම් අයුක්තිසහගත […]

(-ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ ජාතික ජන බලවේගයේ ජාතික ප්‍රතිපත්තිය සහ වැඩපිළිවෙළ එළිදැක්වීම – කොළඹ පදනම් ආයතනය – 2024.08.03-)

Ekwa-Ath-Nohara-AKD

විවිධ ක්ෂේත්‍රවල ආබාධයන්ට ලක්වූවන් තමන්ට බලපා ඇති තත්වයන් විවිධ ආකාරයෙන් අපට ඉදිරිපත් කළා. ඒ වගේම තමන්ගේ කුසලතාවන් හා හැකියාවන් මේ වේදිකාව තුළ ඉදිරිපත් කළා. ඒ සියලු දේ දකින කොට නිතැතින්ම සිහිවන්නේ අප කොතරම් අකාරුණික සමාජයක, කොතරම් අයුක්තිසහගත වටපිටාවක ජීවත් වෙනවාද කියන එකයි. මම එක සහතිකයක් දෙන්නම්. ඔබ අප කෙරෙහි තබන විශ්වාසය අබමල් රොණකින්වත් හානිවීමට ඉඩ තබන්නේ නැහැ. අපේ රට විශාල කඩා වැටීමකට මුහුණ දීමෙන් වැඩිම වින්දිතයන් බවට පත්වී සිටින්නේ ඔබ සියලුදෙනායි. මේ වේදිකාවේදි කියැවුණේ රට මේ තරම් කඩා වැටී තිබුණත් ඒ සම්බන්ධ කිසිදු චෝදනාවක් මෙතනට රැස්වී සිටින ඔබ සැමට නැති බවයි. ඇස් පෙනෙන, කන් ඇසෙන, නිවැරදිව චලනයන් තිබෙන පිරිසක් තමයි දීර්ඝ කාලයක් අපේ රට පාලනය කළේ. එහි අනිටු පලවිපාක සමස්ත සමාජයම වෙළාගෙන තිබෙනවා. ඔබ දෙස බලනකොට, ඔබගේ කතාවලට සවන් දෙනකොට, ඔබගේ හැකියාවන් ප්‍රදර්ශනය වෙනකොට අපට හිතෙන්නේ අප මෙච්චර ප්‍රමාද වුණේ ඇයි කියලා. මේ අඳුරුභාවය අතීතයට බාරදීලා සුබ උදෑසනක් අපේ රටට නිර්මාණය කළ හැකියි කියන දැඩි විශ්වාසය අපට තිබෙනවා.

අපිත් එක්ක විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්ත සොයුරන්, ඇසුරු කළ කණ්ඩායම් මෙතන ඉන්නවා. වරින්වර මුණ ගැසී තිබෙනවා. හමු වූ ඒ අවස්ථාවලට වඩා අද අපි හැමකෙනාගේම ඇස් විවර වුණා කියලා හිතෙනවා. අපි හැමදෙනා වෙනුවෙන්ම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවා ගනිමු කියා ආරාධනා කරනවා. අප හමුවට එන ගැටලු දරාගැනීමට දේව කැමැත්ත හෝ කර්මය කියලා හිත හදා ගත්තා. ලෝකය ඉදිරියට එමින් කාර්මික විප්ලවය සිදුවීමේදී ඒ කාර්මික විප්ලවයට උකහා ගත නොහැකි පිරිස, ආබාධිතයන් ලෙස නම් කළා. ඒ අය හුදකලාභාවයට ලක් කළා. නමුත් සමාජයේ තවත් අදියරකදී ඔවුන්ව බලාගැනීම කාරුණික හැඟීමක් හෝ පුණ්‍ය කටයුත්තක් ලෙස අනෙකා කෙරෙහි මෛත්‍රීය පෙන්වීමක් වැනි හැඟීමකට ලක්කර සුබසාධනයන් සැපයූවා. නමුත් එක්සත් ජාතීන් සම්මත කර ගත් යෝජනා අනුව එම ජනතාවගේ අයිතීන් ලෙස මූලික කරුණු හඳුන්වාදී දිගු පියවරක් තැබුවා. සමහර රාජ්‍යයන් සමානත්වයෙන් මේ ප්‍රජාවට අයිතිවාසිකම් ලබාදී තිබෙනවා.

Ekwa-Ath-Nohara-People

පොලීසියට ගිහින් කෙනෙක්ගෙන් ප්‍රශ්න කරන කොට “ගොළුවෙක් වගේ ඉන්නේ නැතිව කතා කරපං.” කියලා කියනවා. එතන තිබෙන්නේ කථා නොකිරීම පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. අපහාසයට ලක්කිරීම සහ තර්ජනයට ලක්කිරීමයි. තවත් විටෙක “බීරෙක් වගේ ඉන්න එපා” කියනවා. අනෙකාට රිදවන්න, අනෙකාට අපහාස කරන්න තව කෙනෙකුගේ විවිධ අංග උපයෝගී කර ගන්නවා. අපි කවුරුවත් පස්මහ බැලුම් බලලා ඉපදුණු අය නොවෙයි. ඇතැම් ලක්ෂණ විසින් සමහර අසම්පූර්ණතා තිබෙනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක මුඛ්‍ය පරමාර්ථය ඔබද අන් අයද වෙනුවෙන් සමානාත්මතාවයෙන් අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සහ ක්‍රියාත්මක කිරීමයි. ඡන්දයකදී ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශන සම්බන්ධයෙන් විවිධ අර්ථකථන තිබෙනවා. ඡන්ද කාලයේ කියන ප්‍රතිපත්ති ප්‍රකාශන බරපතළ ලෙස ගන්න එපා කියලා රූපවාහිනී සංවාදයකදී පාලකයන් කිවූ ආකාරය අපට මතකයි. නමුත් ප්‍රතිපත්ති ප්‍රකාශන කියන්නේ කවර හෝ දේශපාලන ව්‍යාපාරයක් බලයට පත්කිරීම සඳහා ඇතිකර ගන්නා එකඟතාවයයි. ඒ නිසා ප්‍රතිපත්ති ප්‍රකාශනය තමයි ඡන්දදායකයාත් පාලකයාත් අතර, ගොඩනැගෙන සම්මුතිය. මේ සම්මුතිය බිඳින්න, පසෙක තබන්න, නොසලකා හරින්න අපිට අයිතියක් නැහැ. අපි මෙම සම්මුතිය ක්‍රියාත්මක කිරීම සඳහා බැඳී සිටිනවා.

එක යුගයකදී, තිබුණු සංකීර්ණ ප්‍රශ්න අද සංකීර්ණ ප්‍රශ්න නොවෙයි. කවර හෝ ආබාධ සහිත කෙනෙකුට සමාජයේ අනෙකුත් අය භුක්ති විඳින සියල්ල භුක්ති විඳීම අපහසු කාර්යයක් නොවෙයි. නොසලකා හැරීමයි සිදුකර තිබෙන්නේ. ආබාධ සහිත වූවන් කුමන මට්ටමක සිටියත් සෙලියුලර් පාවිච්චි කළ හැකි තත්වයට තාක්ෂණය දියුණු වී තිබෙනවා. අද පවතින බොහෝ ගැටලු වෛද්‍ය විද්‍යාවේ සහ තාක්ෂණයේ මෙන්ම සමාජ ආකල්පමය වශයෙන් දියුණු කිරීමෙන් විසඳිය හැකියි. මේ 21වැනි සියවසේ ඔබ තවදුරටත් සංවාදයට අදාළ නොවෙන පුරවැසියන් බවට පත්විය යුතු නැහැ. මිනිස් ප්‍රජාව විසින් අත්පත් කරගෙන තිබෙන මහා ජයග්‍රහණ ඉලක්ක සහගතව මෙහෙයවමින් ඔබ ඇතුළු සියලු දෙනාට මනුෂ්‍යත්වයෙන් පිරි සමාජයක් නිර්මාණය කළ හැකියි. ඒ නිසයි ජාතික ජන බලවේගයේ අපි “එක්ව අත් නොහැර” ආදර්ශ පාඨය ලබාදී තිබෙන්නේ.

Ekwa-Ath-Nohara-AKD-with-people

විශේෂයෙන් අධ්‍යාපනය සම්බන්ධයෙන් තිබෙන බාධාවන් ඉවත් කරනවා වගේම රැකියා අවස්ථාවන් සම්බන්ධයෙන් සාධාරණ ප්‍රවේශයක් සියලුම දෙනාට ලබාදෙනවා. ආබාධ සහිත දරුවෙකු සිටින පවුලේ සියලු දෙනා වේදනාවට පත්වී, අපහසුතාවයට පත්වී, ආර්ථිකයට බරක් වී ඇති තත්වයෙන් මුදා ගත යුතු වෙනවා. ආර්ථිකයට යම් වටිනාකමක් අත්කර දීම සඳහා ඔවුන්ගේ හැකියාවන් යොදා ගැනීම ජාතික ජන බලවේගයේ ප්‍රධානම ක්‍රියාමාර්ගයක්. ආබාධ සහිත වූවන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු වෙනවා. ඒ බව සැලකිල්ලට ගනිමින් ඔවුන්ගේ ආරක්ෂාව සහ යුක්තිය වෙනුවෙන් මූලික වගකීම රජය බාරගන්නවා. විශේෂයෙන්ම ආබාධ සහිත දැරියන් මුහුණ දෙන ඛේදවාචක මාධ්‍යවල වාර්තා වී තිබෙනවා. ඉක්මනින්ම ආකල්පවල වෙනසක් සිදු විය යුතුයි. අනෙකා කෙරෙහි සහකම්පනය සහිත සමාජයක් ගොඩනැගීම අත්‍යවශ්‍යයි. ආරක්ෂාව ගොඩනැගෙන්නේ ඒ තුළයි. ආබාධ සහිත ප්‍රජාව සමාජයේ ක්‍රියාකාරී කොටස්කරුවන් බවට පත්කිරීම අපගේ මූලික අරමුණයි. අපේ මේ ප්‍රතිපත්තිවල ඵලදායීතාවය තිබෙන්නේ දත්ත ඇතුලේ නොව, මනුෂ්‍යත්වය ඇතුළෙයි. අද තිබෙන්නේ මනුෂ්‍යත්වය සහ යුක්තිය පිළිබඳ ප්‍රශ්නයක්. ඔබද අපද ඇතුළුව සියලු දෙනා ඉදිරියට ගෙන යන ක්‍රියාමාර්ග නියත වශයෙන්ම අප ක්‍රියාත්මක කරනනවා. අපි එක්ව අත් නොහැර ඉදිරියට යමු කියලා සියලු දෙනාට ආරාධනා කරනවා.

Ekwa-Ath-Nohara-DM-Thilakarathna

“බුද්ධිමය ආබාධ සහිත දරුවන්ට නැගී සිටීමට හැකිවන සමාජයක් නිර්මාණය කිරීමට එක්වෙමු”
-බුද්ධි වර්ධන ඌණතා ප්‍රජාව පිළිබඳ සමාජ ක්‍රියාකාරී ඩී.එම්. තිලකරත්න-

ආබාධ සහිත පුද්ගලයන්ට තමන්ට පවතින කවර හෝ ගැටලුවක් කුමන හෝ ආකාරයෙන් ඉදිරිපත් කළත් බුද්ධි වර්ධනය පිළිබඳව තිබෙන ගැටලු ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැහැ. සාමාන්‍ය පරිදි කටයුතු කරන්න නොහැකිවීමේ දුබලතාවය, ඒ දුබලතාවය නිසා ඇතිවන ගැටලු ආබාධිත තත්වයක් කියා හඳුන්වන්න පුළුවන්. බුද්ධිමය වර්ධනයක් නොවූ දරුවන් පිළිබඳව තේරුම් අරගෙන ඔවුන් සම්බන්ධයෙන් මෙතෙක් ඉදිරිපත් නොවීම නිසා මේ දක්වා සිදුවී තිබෙන්නේ බලවත් අසාධාරණයක්. මේ සියලු දරුවන් සම්බන්ධයෙන් සමාජය දක්වන ආකල්පය වැරදියි. මෙවැනි දරුවන් සිටින දෙමාපියන්ට තිබෙන බරපතළම ගැටලුව එවැනි දරුවන් සමාජයට බරක් ලෙස ඉතිරි කර මිය යන්නට සිදුවීමයි. අධ්‍යාපන අමාත්‍යාංශය මෙයට වසර 53කට පෙර විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සම්බන්ධයෙන් අවධානය යොමු කළත්, බස්නාහිර පළාතේ පාසල් තුළ මේ දරුවන් වෙනුවෙන් පවතින්නේ ඒකක 150ක් පමණයි. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් රත්මලානේ පාසල ආරම්භ කරන්නේ 1912දීයි. නමුත් බස්නාහිර පළාත තුළ පාසල් 1310කින් විශේෂ අවශ්‍යතා ඒකක තිබෙන්නේ 150යි. මේ දරුවන්ගේ අයදුම්පත් පාසල්වලින් ප්‍රතික්ෂේප වෙනවා. බුද්ධිමය ආබාධ සහිත දරුවන් පිළිබඳව හඳුනාගැනීමක් වත් සිදුකරන්න අවස්ථාවක් නැහැ. ඒ නිසා ජාතික ජන බලවේගයේ රජයක් යටතේ බුද්ධිමය ආබාධ සහිත දරුවන්ට දෙපයින් සිට ගැනීමට හැකිවන සමාජයක් නිර්මාණය කිරීමට අපි සියලු දෙනා එක්වෙමු කියා ආරාධනා කරනවා.

Ekwa-Ath-Nohara-Subhani-Udeshika

“මාලිමා පාලනයක් යටතේ ආබාධ සහිත අය වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ග ගනු ඇති බව අපට විශ්වාසයි”
-චලන ආබාධ සහිත ප්‍රජාව පිළිබඳ සමාජ ක්‍රියාකාරිනී සුභානි උදේශිකා-

අද බොහොම සතුටුදායක දවසක්. ඕනෑම ආකාරයක ආබාධිතයන් සඳහා ජාතික ජන බලවේගය ඉදිරි පියවරක් තබා තිබෙනවා. මේ ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගන්න ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළිදැක්වීම අපේ රටේ විශේෂ අවස්ථාවක්. මම නියෝජනය කරන්නේ ශාරීරික ආබාධිත සහිත දරුවන් සම්බන්ධයෙනුයි. ආබාධ සහිත වූවන්ගෙන් 57%ක් ශාරීරික ආබාධිත සහිත කාන්තාවන්. මේ අය සමාජයේ අන්තර්කරණයට ලක්වෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේදී, අධ්‍යාපනයේදී, භෞතික ප්‍රවේශයේදී, ගර්භණී කාන්තාවක් වූ විට අතිශයින්ම බරපතළ වෙනවා. රෝහල්වල පවා ප්‍රවේශ පහසුකම් නොමැතිවීම බරපතළ ගැටලුවක්. ශාරීරික ආබාධවලදීත්, සුෂුම්නාවේ ආබාධ සහිත වූවන්ට අවශ්‍ය උපකරණ මත අධික බදු පටවා තිබීම, නිසි ප්‍රමිතියක් නොමැතිවීම බරපතළ ගැටලුවක්. සාමාන්‍ය හොඳ තත්වයේ පාද රුපියල් ලක්ෂයකට වැඩිවෙනවා. හොඳ ප්‍රමිතියෙන් තොර පාද පාවිච්චි කිරීමෙන් වෙනත් ආබාධවලට ලක්වෙන්න සිදුවෙනවා. රෝද පුටුවක් ගත්තත් එහෙමයි. ජාතික ජන බලවේගය රජයක් යටතේ ආබාධ සහිත අය වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ග අනුගමනය කරන බවට අපට විශ්වාසයි.

Ekwa-Ath-Nohara-Thakshila-Wikramarachchi

“අපේ ආබාධිත බව තේරුම් ගෙන වැඩිපුර ආදරය දෙන්න”
-ශ්‍රවණාබාධිත ප්‍රජාව නියෝජනය කරන සාහිත්‍යවේදිනී තක්ෂිලා වික්‍රමාරච්චි-

ඔබ සියලු දෙනා අද මෙතනට සහභාගි වී ඉන්නේ මිනිසුන් රැසක් එක්ක. අපි කිසිවෙකු හෝ පහත් මිනිසුන් නොවෙයි. අපේ හදවත ගැහෙන්නේ එකම රිද්මයකට. ඒත් අපි මේ රටට ස්වාධීනත්වය අහිමි වූවන් පිරිසක්. අනෙකාගේ ආර්ථික, දේශපාලන, සංස්කෘතික වුවමනාවන්ට නිකරුනේ පාවිච්චි කළ මිනිසුන්. අපි වෙනුවෙන් ඉදිරිපත් වෙන්න අපි උත්සාහ කළොත් චෝදනා කරන්නේ ආබාධිත බව විකුණාගෙන ගන්න ලැහැස්ති වෙනවා කියලා. මගේ රාජකාරි ජීවිතයේ මේ දක්වා අපිට කිසිම රජයකින් පහසුකම් සලසලා නැහැ. මගේ රාජකාරි ජීවිතය ආශ්‍රයෙන් පොදුවේ ඉල්ලන්න තිබෙන්නේ ඒවා තේරුම් ගන්න සහ වැඩිපුර ආදරය දෙන්න කියලයි. මේ රට සංවර්ධනය කරන්න අපටත් දෙයක් කළ හැකියි. ඇමෙරිකාවේ ශ්‍රවණාබාධිත තරුණියක් වූ ජූලියා ගගනගාමිනියක් වෙන්න පුහුණුවීම් ලබනවා. අපටත් එහෙම කරන්න පුළුවන්.

Ekwa-Ath-Nohara-Greata-Nawalabedda

“අධ්‍යාපන අයිතිය වෙනුවෙන් ක්‍රියාකරන රජයක් පිහිටුවා ගන්න ඕනෑ”
-ශ්‍රවණ ඌණතා ළමුන්ගේ ශික්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා ගරු ග්‍රේටා නාවලබැද්ද සොයුරිය-

ශ්‍රවණාබාධ කියා කියන්නේ සම්පූර්ණයෙන්ම ඇසීම නැති අය නොවෙයි. අද තිබෙන තාක්ෂණයත් එක්ක මේ තත්වයට හොඳින්ම පිළියම් යොදන්න පුළුවන්. ඇහෙන්නේ නැති අයට මේ ලෝකයේ කරන්න බැරි දෙයක් නැහැ. වෛද්‍යවරුන් වෙන්න, සංගීත අධ්‍යක්ෂකවරුන් වෙන්න, හැකියාව තිබෙන අය ඔවුන් අතර ඉන්නවා. මැන්චෙස්ටර් යුනිවර්සිටි එකේ මට සංගීතය ඉගැන්නුවේ සම්පූර්ණයෙන්ම ඇහෙන්නේ නැති ආචාර්යවරයෙක්. ඒ අය බහ තෝරන වයසෙන්ම හඳුනාගෙන ඔවුන්ට අධ්‍යාපනය ලබාදීමේ මානව අයිතිවාසිකම ලබාදෙන්න ඕනෑ. මේ දක්වා ප්‍රාථමික පාසලක් පටන් ගන්න ඒ වගේම වෙනත් අවශ්‍යතා සම්පූර්ණ කර ගන්න නිසි ක්‍රියාමාර්ග කිසිම ඇමතිවරයෙක් ගත්තේ නැහැ. අපි දුක්වින්දා ඇති. මේ තත්වය වෙනස් කරගන්න ඕනෑ. අධ්‍යාපනය කියන්නේ විකුණන භාණ්ඩයක් නොවෙයි. අපි හැමදෙනාම එක්වී ඒ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් ක්‍රියාකරන රජයක් පිහිටුවා ගන්න ඕනෑ.

Ekwa-Ath-Nohara-Sugath-Wasantha-De-Silva

“ස්වයං රැකියා කරගෙන සිටි ආබාධිතයින්ට තිබුණු ඉඩ ප්‍රස්ථා සියල්ල කඩා වැටිලා”
-සමාජ ක්‍රියාකාරී සුගත් වසන්ත ද සිල්වා-

එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් මේ වන විට විශාල පිරිසක් ඇප තැන්පත් කර තිබුණත් සංවේදීතාවය සහිත ජනාධිපති ධුරයට පත්වෙන පුද්ගලයෙක් හැටියට ඉන්නේ අනුර කුමාර දිසානායක පමණයි. අපේ රට බංකොලොත්භවයට පත්වුණා කියන්නේ ඉබේ සිදුවූ දෙයක් නොවෙයි. මෙතෙක් සිටි පාලකයන් ජනිත කළ දෙයක්. ඒ අතරම මම විශේෂයෙන් අවධාරණය කරන්නේ මේ රටේ ආබාධ සහිත ලක්ෂ දහසයෙන් කිසිම කෙනෙක් මේ බංකොලොත්භාවයට වගකියන්න ඕන නැති බවයි. නමුත් ආර්ථික කඩා වැටීමෙන් හුස්ම ගන්න බැරි තරමට පහළ වැටුණේ ආබාධ සහිත සියලු දෙනායි. අපේ ශ්‍රමය අලෙවි කරන්න අපි සූදානම්. ඒ වෙනුවෙන් අවස්ථාව සලසා දීම රජයක වගකීමක්. ආබාධ සහිත වූවන් ඒ ආබාධ ජය ගනිමින් සමාජගත වෙන්න සූදානම්. මේ දක්වා ස්වයං රැකියා කරගෙන සිටි ආබාධිතයින් හට තිබුණු ඉඩ ප්‍රස්ථා සියල්ල කඩා වැටිලා. අඩුම ගානෙ හඳුන්කූරක්වත් හදලා විකුණන්න බැහැ. මේ තත්වය වෙනස් කර ගන්න අද එළිදක්වන ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරාවි කියන දැඩි විශ්වාසය අපට තිබෙනවා.

Ekwa-Ath-Nohara-Wheelchair-Dance
Ekwa-Ath-Nohara-People
Ekwa-Ath-Nohara-Policy
Show More

“පාසලේදී ඉතාම සමීපව සෙනෙහස දුන් ගුරුවරු නොවෙන්න මම අද මෙතන නැහැ” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-

(-ලංකා ගුරු සේවා සංගමයේ ජාතික සමුළුව – මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය – 2024.08.02-) රට බිඳ වැටී තිබෙන තැන පිළිබඳව තැන් තැන්වල විවිධ විග්‍රහ තිබුණත් මෙය ගොඩනැගිය හැක්කේ ජාතික ජන බලවේගය අතට බලය හුවමාරු කර ගැනීමෙන් පමණක් බව පැහැදිලි කර ගන්න ඕනෑ. ඒ වෙනුවෙන් සැප්තැම්බර් 21 දා ජනාධිපතිවරණයේදී පැහැදිලි ජයග්‍රහණයක් ලබාදෙයි කියා බලාපොරොත්තු වෙනවා. මෑත කාලයේ […]

(-ලංකා ගුරු සේවා සංගමයේ ජාතික සමුළුව – මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය – 2024.08.02-)

Teachers-Summit

රට බිඳ වැටී තිබෙන තැන පිළිබඳව තැන් තැන්වල විවිධ විග්‍රහ තිබුණත් මෙය ගොඩනැගිය හැක්කේ ජාතික ජන බලවේගය අතට බලය හුවමාරු කර ගැනීමෙන් පමණක් බව පැහැදිලි කර ගන්න ඕනෑ. ඒ වෙනුවෙන් සැප්තැම්බර් 21 දා ජනාධිපතිවරණයේදී පැහැදිලි ජයග්‍රහණයක් ලබාදෙයි කියා බලාපොරොත්තු වෙනවා. මෑත කාලයේ දියුණු වූ හැම රටකම දියුණුවෙ ප්‍රධානතම කාර්යභාරය ඉටුකර තිබෙන්නේ අධ්‍යාපනයෙනුයි. නිදහස් අධ්‍යාපන පනත සම්මත කර ගත් අවස්ථාවේ කන්නන්ගර මැතිතුමා කළ කතාවක් අපගේ අවධානයට නැවත ගත යුතු වෙනවා. “ගඩොලින් තනා තිබූ රෝමය කිරිගරුඬින් නිම කළ බව ශ්‍රේෂ්ඨ ඔගස්ටස් අධිරාජ්‍යයා ආඩම්බරයෙන් පැවසූවා. මිල අධිකව තිබූ අධ්‍යාපනය මිල අඩු කළ බවත්, වසා තිබූ පොතක් ලෙස අපට දිස්වූ අධ්‍යාපනය විවෘත ලියවිල්ලක් බවට පත්කළ බවත් ධනවත් අයට උරුමව තිබූ අධ්‍යාපනය දිළින්දන්ගේ උරුමයක් බවට පත්කළ බවත් සාඩම්බරයෙන් පවසන්නට රාජ්‍ය මන්ත්‍රණ සභාවට හැකි වූයේ නම් එම ආත්ම වර්ණනාව ඔගස්ටස් අධිරාජ්‍යයාගේ ආත්ම වර්ණනාවට වඩා කොයිතරම් ශ්‍රේෂ්ඨද?” එක් සමාජ කණ්ඩායමකට පමණක් විවෘත කර තිබූ රාජ්‍ය අධ්‍යාපනය සියලු දෙනාට විවෘත කිරීම රෝමය කිරිගරුඬින් නිර්මාණය කළා යැයි කීමට වඩා ශ්‍රේෂ්ඨ බව එතුමා දක්වා තිබෙනවා. මේ රට ඉදිරියට ගෙන යා හැකි වන්නේ අධ්‍යාපනය අවශ්‍ය මහා වෙනස්කම් කිරීමෙන් පමණයි. සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා එක් අවස්ථාවක ප්‍රකාශ කළේ, සිංගප්පූරුව සතු එකම සම්පත මිනිස් සම්පත බවයි. ඒ මිනිස් සම්පත දියුණු කිරීමකින් තොරව සිංගප්පූරුවට අනාගතයක් නැති බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

මේ රට ඉදිරියට ගෙන යා හැකි වන්නේ අධ්‍යාපනය තුළින් ඇත කරන මහා වෙනස්කම්වලින් පමණයි. සිංගප්පූරුවේ ශ්‍රම බලකායෙන් 41% උපාධිධාරීන්. එරට ශ්‍රම බලකායෙන් 21%ක් වෘත්තියමය ඩිප්ලෝමාධාරීන්. ලංකාවේ ශ්‍රම බලකායෙන් 15%යි වෘත්තිමය ශ්‍රමය තිබෙන්නේ. අධ්‍යාපනික වශයෙන් දියුණු මානව සම්පතක් ගොඩනඟන්න අපි කැපවෙනවාද යන්න මත මේ රට ඉදිරියට යාම තීරණය වෙනවා. 2017 වර්ෂයේ 9900ක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනකොට ඔවුන්ගෙන් 83%ක් ඉගෙනගෙන තිබෙන්නේ සාමාන්‍ය පෙළට අඩුවෙන්. 64%ක් අටේ පංතියට අඩුවෙන්. නූගත්කම අපරාධවලට හුරුවීමේ සහ අපරාධ කිරීමේ වැඩි ප්‍රවණතාවක් පවතිනවා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගෙන් 74%ක් අටේ පංතියට පහළ අධ්‍යාපනයක් තිබෙන අතර, දුප්පත්භාවයේ රේඛාව සහ නූගත්බවේ රේඛාව එකට ගමන් කරන්නේ. ඒ නිසා අපේ රට ඉදිරියට ගෙන යන වැදගත්ම මෙවලම අධ්‍යාපනය බව ජාතික ජන බලවේගයේ පිළිගැනීමයි. අපේ සැලසුම්වල අංක එක හිමිවෙන්නේ අධ්‍යාපනයටයි. අසල්වැසි ඉන්දියාව දැනුම උපයෝගී කර ගන්නා අයි.ටී. ක්ෂේත්‍රයේ පංගුව ඩොලර් බිලියන 253ක් කරගෙන තිබෙනවා. අපේ සමස්ත ආර්ථිකය ඩොලර් බිලියන 72යි. ඉන්දියාව ඩොලර් බිලියන 199ක් උපයා ඇත්තේ අයි.ටී. කර්මාන්තයේ අපනයන ආදායම ලෙසයි. අපේ මුළු අපනයන ආදායම ඩොලර් බිලියන 12යි. සිංගප්පූරුවේ අයි.ටී. කර්මාන්තයේ ආර්ථිකය ඩොලර් බිලියන 47යි. දකුණු කොරියාවේ එම කර්මාන්තයේ ඩොලර් බිලියන 233යි. වියට්නාමයේ ඩොලර් බිලියන 137යි. මෙයින් කියැවෙන්නේ අධ්‍යාපනය අපේ රට ඉදිරියට ගෙන යාමේ ප්‍රධානතම මෙවලම බවයි.

Teachers-Summit

අපේ රටට අධ්‍යාපනය සම්බන්ධයෙන් දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් එක්ක අවුරුදු 2000කට වඩා පැරණි සංවිධිත අධ්‍යාපනයක් තිබෙනවා. එනිසා අපට මුවහත් කරමින් ඉදිරියට ගෙන යා හැකි අධ්‍යාපනය ඓතිහාසික වශයෙනුත් අපට සම්බන්ධයි. දියුණු කළ හැකි, මුවහත් කළ හැකි අධ්‍යාපනයට අදාළ මානව සම්පතක් අපට තිබෙනවා. ඔබේ පාසලට පැමිණෙන දරුවා ලෝකයේ මහා දැනුමත් එක්ක සටන් කළ හැකි ආකාරයෙන් මුවහත් කළ හැකියි. ඈත ගම හෝ නගරය වැනි බෙදීමක් මේ මානව සම්පතට නැහැ. ඒ නිසයි අපි කියන්නේ අපේ ප්‍රමුඛතම කාර්යභාරය අධ්‍යාපනය කියලා. අද ලෝකය පාලනය කරන්නේ වැඩිම අවි බලය, මූල්‍ය බලය තිබෙන අය වුවත් අනාගත ලෝකය පාලනය කරන්නේ වැඩිම තාක්ෂණික හිමිකාරිත්වය තිබෙන අයයි. ඒ නිසා පැරණි විනාශකාරී මාර්ගයෙන් මිදෙන්න නම්, අධ්‍යාපනය නැවත නැවතත් මුල්තැන ලෙස ගෙන ජාතික ජන බලවේගය යටතේ ප්‍රමුඛතම රාජ්‍ය වගකීම ලෙස බාර ගන්නවා. ලෝකයේ තිබෙන අලුත් දැනුම ලංකාවට ගෙන එන එක රජයේ වගකීමක්.

අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් සේ ගත යුතු බව සමහර අය කියනවා. අපි ඒකට එකඟ නැහැ, දැනුම වෙළඳ භාණ්ඩයක් නොවෙයි. අධ්‍යාපනය ලාභ උපයන මාධ්‍යයක් නොවෙයි. අපේ රටේ 68%කට හරිමහන් ආහාර වේලක් නැතිව තිබියෙදී සල්ලි දීලා අධ්‍යාපනය ගන්න කියන්න පුළුවන්ද? දරුවාට අධ්‍යාපනය ලබාගැනීමේ හැකියාව තිබෙන්නේ තාත්තාගේ ආර්ථික හැකියාව අනුව නම් එය කිසිසේත්ම යුක්තිසහගත සමාජයක් නොවෙයි. ජාතික ජන බලවේගය තව තවත් රාජ්‍ය අධ්‍යාපනය ශක්තිමත් කරමින් නිදහස් අධ්‍යාපනය රැක ගන්නවා. යම් කෙනෙකුට පෞද්ගලික අධ්‍යාපනය ලබාගත යුතු නම් රාජ්‍යය විසින් නියාමනය කරන ලද අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව ලබාදෙනවා. විදේශවල තිබෙන නව දැනුම සපයා ගැනීමට කල්පනා කරනවා නම්, ඒ සඳහා ඉඩකඩ තිබිය යුතුයි. කුමන තත්වයක් යටතේ වුවත් අධ්‍යාපනයේ මූලික වගකීම රාජ්‍යය සතු විය යුත්තේ ඇයි කියන්න මූලික දත්ත කිහිපයක් ඉදිරිපත් කරන්නම්.

Teachers-Summit

ඉතියෝපියාව දළ ජාතික නිෂ්පාදිතයෙන් 3.4%ක් අධ්‍යාපනයට වෙන්කරනවා. කෙන්යාවේ එය 4.6%යි. කිර්ගිස්තානයේ 6.21%යි. ශ්‍රී ලංකාවේ 1.2%යි. ඉතියෝපියාවටත් වඩා තුනෙන් පංගුවකටත් අඩුවෙනුයි අපේ රටේ අධ්‍යාපනයට වෙන් කරන්නේ. මේ කලාපයේ ඇෆ්ගනිස්ථානය දළ ජාතික නිෂ්පාදිතයෙන් 4.3%ක්, පාකිස්ථානයේ 1.7%යි, ඉන්දියාව 4.9%යි. නේපාලය 3.6%යි. භූතානය 8.1%යි. බංග්ලාදේශය 2.1%යි. මාලදිවයින 7.6%යි. සාක් රටවල් අතරින් අධ්‍යාපනයට අවම මුදල වෙන්කරන රට ශ්‍රී ලංකාව බවට පත්වී තිබෙනවා. අපේ ආර්ථික උපායමාර්ගය තවත් කරුණු මෙන්ම අධ්‍යාපනය මත පදනම් වෙනවා නම්, නුපුහුණු ශ්‍රමය වෙනුවට වෘත්තිමය රැකියාවක් සඳහා විදේශ අවස්ථා සොයාගත යුතුයි. අපි ලෝකයෙන් අත්පත් කරගෙන තිබෙන්නේ ඉතාමත් ප්‍රාථමික ශ්‍රමයක් වෙනුවෙනුයි. ලෝකයේ දියුණු ශ්‍රම වෙළඳපොළේ මෘදුකාංග ඉංජිනේරුවන් මිලියන 26ක් ඉන්නවා. 2030 වෙනකොට මෘදුකාංග ඉංජිනේරුවන් මිලියන 45ක් අවශ්‍ය වෙනවා. මේ නව ඉල්ලුමක් ලැබෙන මිලියන 20න් අපට කොච්චර අත්පත් කර ගත හැකිද කියන දේ එක්කයි අපේ රට ඉස්සරහට යන්නේ. අධ්‍යාපනයට වැය කරන මුදල ක්‍රමානුකූලව වැඩි කරමින් වසර කිහිපයක් තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.6% ඉක්මවන වැඩපිළිවෙලක් අපි සකස් කර තිබෙනවා. අපි ඉදිරිපත් කරන පළමු අයවැය ලේඛනයෙන්ම මෙතෙක් අධ්‍යාපනයට වෙන්කරන ලද වැඩිම ප්‍රමාණය වෙන්කරනවා.

ඒ වගේම අධ්‍යාපනයේ විශාල ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. අධ්‍යාපනයේ අලුත් පියවරක් ගන්න නම්, ප්‍රාථමික අධ්‍යාපනයේ සිට පූර්ණකාලීන පශ්චාත් උපාධි ආයතන දක්වා පුළුල් අවකාශයක් සලසනවා. ප්‍රාථමික උපාධියේ සිට තව තල ගණනාවකට ගුණාත්මක උපාධියක් ලබාදීමේ පියවර ජාතික ජන බලවේගය සැලසුම් කර තිබෙනවා. එහි විශාලතම කාර්යභාරය පැවරී තිබෙන්නේ ගුරුවර ගුරුවරියන් වන ඔබ සැමට. ඔබ ඉදිරියට එන සිසු දරුවා සමාජයට වැඩදායී කෙනෙක් බවට පත්කරනවාද, කියන වගකීම තිබෙන්නේ ඔබේ අතේ. මගේ පාසල් අධ්‍යාපනයේදී ඉතාම සමීපව ආදරය, සෙනෙහස දුන් ගුරුවරු නොවෙන්න මම අද මෙතන නැහැ. ඒ බව හොඳින් මතක තබා ගන්න. අදත් අප ගැන සතුටු වෙන ඒ ගැන සුබ පතන මගේ දෙකේ පන්තියේ ටීචර් ඉන්නවා. අපි හැදුණේ අධ්‍යාපනය සඳහා යෝග්‍ය පරිසරයක නොවෙයි. ඉතාමත් සීමාසහිත හැකියාවක් සහිත පරිසරයකයි ඉපදුණේ. එයින් ගලවා අපිව ඔසවා තැබුයේ අපේ ගුරු පරම්පරාවයි. අද රට ගිලී තිබෙන ග්‍රාමීය දුප්පත්භාවය විශාල ඛේදවාචකයක්. සතුට නැති, කලහකාරී ග්‍රාමීය ජීවිතයක් තිබෙන්නේ. මේ ව්‍යසනයට ගොදුරු වූ දරුවා එතනින් ඉදිරියට ගෙන එන්නේ කොහොමද? ඒ සඳහා තිබෙන එකම මාර්ගය ඔබ අතේ තිබෙන අධ්‍යාපනය පමණයි. ගුරු මාතාව, ගුරු පියාණන් වශයෙන් ගෞරව ආමන්ත්‍රණය ලබන එකම වෘත්තිය ගුරු වෘත්තිය පමණයි. එනිසා තමයි ඇය මව් වෙන්නේ. ඔහු පියාණන් බවට පත්වෙන්නේ. දරුවෙක් ඉහළින් සමත් වුණාම සතුටු වෙනවා වගේම අසමත් වුණාම කොතරම් දුක් වෙනවාද? වෘත්තියෙන් මනින්න බැරි, වැටුපෙන් මනින්න බැරි සෙනෙහසක් තිබෙනවා. ආදරය මිශ්‍ර බැඳීමක් තිබෙනවා. ඒ ගුරුවරුන්ට කඳුළු ගෑස් එල්ල කරන්න, පහර දෙන්න බැටන් පාලු මෙහෙයවන ආණ්ඩු මොන වගේ ආණ්ඩුද, අනික් ගොඩක් වෘත්තීන් කල්පනා කරන්නෙ දරුවන්ව තමන්ට වඩා යටින් තියන්න. ගුරු වෘත්තියේදී කල්පනා කරන්නේ දරුවන් තමන්ට වඩා ගෞරවයක් තිබෙන වෘත්තියක තියන්න. ගුරුවරු කියන්නෙ ඒ වෙනුවෙන් නිර්ලෝභීව මැදිහත් වෙන පිරිසක්.

Teachers-Summit

දරුවන් මෙහෙයවීමෙ නියමු කාර්යභාරය තිබෙන්නේ ගෞරවණීය ගුරු වෘත්තිය තුළයි. ගුරුවර ගුරුවරියන් හටත් අනාගත බලාපොරොත්තු තිබෙනවා. ලයිට් බිල් ගෙවන්න, වතුර බිල් ගෙවන්න, ඇඳුම පැළඳුම් ගන්න වගේ දෛනික වියදම් රැසකුත් තිබෙනවා. අපේ මූලික ප්‍රතිපත්තිය මේ රටේත් මුල් පෙළේ වෘත්තීන්ගෙන් එකක බවට ගුරු වෘත්තිය පත් කිරීමයි. නීති රීති, චක්‍රලේඛ හදලා තිබෙන්නේම හොරෙක් අල්ලන්න වගේ ගුරුවරයා දිහා බලන්නයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ගුරුවරුන් කෙරෙහි පනවා තිබෙන ‘චෙක් කිරීමේ සංස්කෘතිය’ වෙනුවට ‘අවංකව රට ගොඩනැගීමේ කොටස්කරුවන්ගේ සංස්කෘතියක්’ බවට පරිවර්තනය කරනවා. ඔබට පැවරී තිබෙන ප්‍රධාන වගකීම දරුවාගේ දැනුම වර්ධනය කිරීම වුවත් කොතරම් බාහිර බර පටවා තිබෙනවාද? අපි ක්‍රමානුකූලව ඒ අමතර බර අයින් කරනවා. අධ්‍යාපනයේ නියැලෙන සියලුම ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි අපි ගුරු සභාවක් නිර්මාණය කරනවා. අධ්‍යාපනයේ ප්‍රමිතිය, මාවත, තීරණය කිරීම එයට පවරනවා. ඒ වගේම මේ යුගයේ විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ, කිසිදු පාසලක් හෝ පාසල් දරුවන් දේශපාලන පක්ෂයක අවශ්‍යතා වෙනුවෙන් උපයෝගී කර ගන්න ඉඩ තබන්නේ නැහැ. වරාය, ලං.ග.ම., ඛනිජ තෙල්, දුම්රිය මේ හැම එකකම දේශපාලනය පටවා තිබීමේ තත්වයෙන් පාසලවත් වෙන් කරන්න ඕනෑ නැතිද? අපේ දැඩි ස්ථාවරය පාසලත් පාසල් දරුවනුත් දේශපාලන මධ්‍යස්ථානය නොකර ගන්නා බවයි. ගුරුවරු මාරු කිරීම, උසස් කිරීම ඇතුළු කටයුතු දේශපාලනයෙන් ඉවත් කරනවා. මැති ඇමතිවරුන් සමග එකට හිටගත හැකි සම වගකීම් සහිත තත්වයට ලංකාවේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා. මන්ත්‍රීලා, ඇමතිලා ඔය සඳලුතලවලින් බිමට බස්සන්න ඕනෑ. පුම්බාගත්, ආරූඪකර ගත් පුරවැසියාට වඩා ඉහළින් ඉන්නවාය කියන ජීවිත පුරවැසියාට සමාන තත්වයට පත්කරනවා. ඒ සියල්ල වෙනුවෙන් මේ සැප්තැම්බර් 21දා ජයග්‍රහණය කරවීම වෙනුවෙන් ක්‍රියාකාරීව මැදිහත් විය හැකි සමූහයන් අතර, ප්‍රධානම වී තිබෙන්නේ ගුරුවරුන්. පුනරුද යුගයක් බිහි කිරීමේ මූලික ජයග්‍රහණය වෙනුවෙන් වෙහෙස නොබලා වැඩකරමු කියා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

Teachers-Summit

“ගුරු සමුළුවට රොද බැඳි ඔබ සැප්තැම්බර් 21 ජයග්‍රහණය සහතික කළා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, වෘත්තිය සමිති සම්මේලනයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත-

අපේ රටේ ගුරුවරු තමයි, ගෝඨාභය රාජපක්‍ෂව ගෙදර යැවීමේ අරගලය ආරම්භ කළ කට්ටිය. දේශපාලන විචාරකයෝ පහුගිය කාලයේ ලියලා තිබුණා, ගෝඨාභයගේ පාලනයට එරෙහිව ගුරුවර, ගුරුවරියෝ, විදුහල්පතිවරු ආරම්භ සටන කළ බව. ඒ වාගේ ම අපට විශ්වාසයි අවුරුදු හැත්තෑහයක දුෂ්ට පාලනය අවසන් කිරීමේ ප්‍රමුඛතම කාර්යභාරය ඉෂ්ට කරන්නේත් ගුරුවරු සහ ගුරුවරියන් කියන එක. අද මේ සමුළුවට පැමිණි ඔබ මේ රටේ දේශපාලනඥයන් ගොඩක් දෙනකුව බය කළා. ඉස්සෙල්ලාම බය වුණේ සජිත් ප්‍රේමදාස. ඊළඟට රනිල්ලාව බය කළා. ප්‍රතිගාමී බලවේග ඔක්කොම අද බය වුණා. ප්‍රගතිශීලී බලවේග සියලු දෙනාම අද සතුටට පත් වෙනවා. සැප්තැම්බර් 21 ජයග්‍රහණය ඔබෙන් සහතික කළා. මෙපමණ කලක් ජයග්‍රහණය නොකළ ප්‍රගතිශීලීන්ගේ සහ පීඩිතයන්ගේ ජයග්‍රහණය තහවුරු කළේ මේ ගුරු සමුළුවෙන් බව සහතිකයි. ගුරු වැටුප් සහ වෙනත් ප්‍රශ්න සම්බන්ධයෙන් පසුගිය කාලයේ අපි අරගල ගොඩක් කළා. මැතිවරණය නමැති සටන් භූමියට මීට කලින් අපට ඊනියා ප්‍රභූවරුන් එන්න දුන්නේ නැහැ. සමහර වාමාංශික බලවේගවලට පොඩි පොඩි දේවල් දීලා මෙල්ල කර ගත්තා. මෙල්ල කර ගන්න බැරි වුණු නායකයන් ඝාතනය කළා. ලංකාවේ පළමුවැනි වතාවට මැතිවරණ සටන් භූමියට පීඩිත සහ ප්‍රගතිශීලී බලවේග එක්ක ‘මාලිමාව’ ඇතුළු වී ඒ සටන් භූමියේ කොඩිය ඔසොවා ජයකෙහෙළි නංවමින් ඉන්න වෙලාවකයි, අද මේ සමුළුව පවත්වන්නේ. මැතිවරණ සටන් භූමිය වෙනුවෙන් තමන්ගේ ගමේ තිබෙන සංවිධානවලට සම්බන්ධ වී ඡන්ද පෙට්ටියේ තුනෙන් දෙකක් මාලිමාවෙන් පුරවන්න. ඒ ඡන්ද භූමියේදී ඉදිරියෙන්ම ජයග්‍රහණය කර ‘පුනරුද යුගයට’ අත්තිවාරම සලසා දෙන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

Teachers-Summit

“ගුරුවරුන් ලෙසත් මව්වරුන් ලෙසත් රටේ තිබෙන ප්‍රශ්නය අපට වැඩියෙන් දැනෙනවා”
-ලංකා ගුරු සේවා සංගමයේ උප සභාපති විශාකා අබේරත්න-

අද සමාජය පත්වී තිබෙන තත්වය පිළිබඳව පොදුවේ අප කාටත් අවබෝධයක් තිබෙනවා. ගුරු වෘත්තිය තුළ බහුතර පිරිසක් ඉන්නේ ආදරණීය ගුරු සහෝදරියෝ. ඔවුන් මේ රටේ ජීවත් වන මව්වරු. ගුරුවරුන් ලෙසත් මව්වරුන් ලෙසත් රටේ තිබෙන ප්‍රශ්නය අපට වැඩියෙන් දැනෙනවා. අපි ඒ ප්‍රශ්න ගැන වැඩිපුර සංවේදියි. කුස්සියේදී ලිපේ ගිනි ඇවිළෙනවාට වඩා හදවතේ ගිනි ඇවිළෙන බව අපි දන්නවා. ඇස් දෙකෙන් කඳුළු නොහෙළා පාසලට ගියාම දෙවන මවක් ලෙස ඉටුකළ යුතු තවත් භූමිකාවක් තිබෙනවා. පංති කාමරයේදී අපි දකින්නේ දුක කියා ගන්නවත් බැරිව සිටින දරුවන්. සමාජ මාධ්‍යවල පසුගිය කාලයේ මේ දරුවන්ගේ කෑම වේල් පිළිබඳව තොරතුරු හෙළිකර තිබුණා. දරුවන් දෙතුන් දෙනෙක් ඉන්න පවුලක අධ්‍යාපනය ලබා දෙන්නේ කුමන දරුවාටද යන ප්‍රශ්නය මතුවී තිබෙනවා. පාසල් යා යුතු වයසේ දරුවන් 40%කට පාසල් යාමට නොහැකි වී තිබෙනවා. කෙනෙකුගෙන් ඉල්ලා ගෙන ඇඳුම් අඳින 20%ක් දෙනා සිටිනවා. කොළඹ පමණක් නොවෙයි, ඈත එපිට ප්‍රදේශවලදී පවා මේ පීඩා විඳින ගුරුවරියන් තමන්ගේ දරුවාට මවක් වෙනවාට වඩා පාසලේදී ඒ දරුවන්ට මවක් වෙනවා. රටේ දරුවන්ගේ අනාගතය ගොඩනැගිය යුතු බවට ඒකායන බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ බලාපොරොත්තුව පොදි බැඳගෙන මෙතනට පැමිණ නව පුනරුදයක් වෙනුවෙන් තවත් ධෛර්යයෙන් රොද බඳිමු කියා ඉල්ලා සිටිනවා.

Teachers-Summit

“වෘත්තිය අරගල කළත් රට හමුවේ යෝධ වගකීමක් අපට පැවරී තිබෙනවා”
-ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ-

ගුරුවරයා පීඩාවට පත්කර නැත්තේ කොතනද? මුළු ජනතාව වගේම ගුරුවරයාත් පීඩාවට පත්කිරීමට එරෙහිව එක රෑනකට එකතු වී පසුගිය කාලය පුරාම අරගල කරමින් එනවා. ඒ සමගිය බිඳ වට්ටන්න වත්මන් ආණ්ඩුවත් විපක්ෂයත් විවිධ කුමන්ත්‍රණ දියත් කළා. ඒ සියලු කුමන්ත්‍රණ පරාජය කර ඇති බවයි මේ මහා ජාතික සමුළුවෙන් තහවුරු වී තිබෙන්නේ. විදුහල්පතිවරුන්ගේ, ගුරුවරුන්ගේ එකම හිස් ගොඩක් බවට මේ පිටිය පරිවර්තනය වී තිබෙන්නේ ඒ ජයග්‍රාහී පණිවිඩය නිසයි. සකල විධ පීඩාවන්ගෙන් එළියට එන්න මාර්ගයක් සොයමින් සිටින ගුරු පරපුරට නිවැරදි මඟ කියන්නයි මේ මහා ජාතික සමුළුව පවත්වන්නේ.

ලංකා ගුරු සේවා සංගමයේ ජාතික සමුළුව ලෙස මෙය පැවැත්වූවත් මෙය සියලු ගුරුවරුන් නියෝජනය කරන ජාතික මහා සමුළුවක්. පාලකයන් ඉදිරියේ දණින් නොවැටී, පාලකයන් ඉදිරියේ අතරමැද සමාදානවලින් තොරව, පාලකයන් දෙන දෙයක් අරගෙන නිහඬ වෙනවා වෙනුවට අභියෝග කරමින් පසුගිය කාලය පුරාම අපේ අරමුණු කරා පැමිණ තිබෙනවා. ඉතිහාසය පුරා වෘත්තිය අරගල කළත් රට හමුවේ යෝධ වගකීමක් අපි කාටත් පැවරී තිබෙනවා. වෘත්තිය අරගලවලට පමණක් සටන් සීමා කරන්න ලෝකයේ හයවැනි තැනට මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සිටින රටක අපට අයිතියක් නැහැ. හැම පැත්තකින්ම බිඳ වට්ටවා තිබෙන රටක අධ්‍යාපනය පමණක් වෙන්කර ගන්න බැහැ. රට සමස්තයක් ලෙස ගොඩනැගීමේ එක පංගුවක් අධ්‍යාපනයට පැවරී තිබෙනවා. පාසල් මට්ටමින් පාසල් සභා ගොඩනඟා පුනරුද යුගයට ආරම්භය ලබාදෙන සැප්තැම්බර් 21 වැනිදා ජයග්‍රහණය වෙනුවෙන් අපි සියලු දෙනාම කැපවෙමු. අපේ රටේ සමස්ත ගුරු බල ඇණිය සාධාරණ වැටුපක් ඉල්ලා වීදි පුරා සටන් කළ යුගය අවසන් කර, ගෞරවණීය ගුරු සේවයක් තහවුරු කර ගැනීම වෙනුවෙන් සියලු දෙනාම පෙළගැසෙමු.

Show More

ලංකා වාණිජ මණ්ඩල සභාපති සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක්

(-Colombo, August 01, 2024-) ඊයේ (01) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් සිදු විය. ලංකා වාණිජ මණ්ඩලය විසින් සම්පාදනය කරන ලද ‘Vision 2030 – පස් අවුරුදු ආර්ථික සැලැස්ම’ ප්‍රකාශනයේ පිටපතක් මෙම අවස්ථාවේදී ජාතික ජන බලවේගය වෙත […]

(-Colombo, August 01, 2024-)

ඊයේ (01) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් සිදු විය.

ලංකා වාණිජ මණ්ඩලය විසින් සම්පාදනය කරන ලද ‘Vision 2030 – පස් අවුරුදු ආර්ථික සැලැස්ම’ ප්‍රකාශනයේ පිටපතක් මෙම අවස්ථාවේදී ජාතික ජන බලවේගය වෙත ලබා දෙන ලදී.

මේ අවස්ථාව සඳහා ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර, නියෝජ්‍ය උප සභාපති බිඟුමාල් තෙවරතන්ත්‍රී සහ අධ්‍යක්ෂ මණ්ඩල නියෝජිතයින් වන අමල් කබ්රාල්, සරත් ගනේගොඩ, සුපුන් වීරසිංහ, විනෝද් හයිඩ්‍රාමනී යන මහත්වරු ඇතුළු පිරිසක්ද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් වන මහාචාර්ය අනිල් ජයන්ත සහ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන සහෝදරවරුද එක්ව සිටියහ.

Show More

Milko සහ NLDB විකිණීමට එරෙහිව අද නඩුව…

(-Colombo, August 01, 2024-) මිල්කෝ සමාගමට සහ ජාතික වැවිලි සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් ඉඩම් විකිණීමට එරෙහිව මහාධිකරණයට ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් සාකච්ඡාව අද (01) පෙරවරු 10.30 ට පැවැත්විණි. මෙම නඩුව පවරා ඇත්තේ කාර්මික හා කෘෂිකාර්මික ඉඩම් සුරැකීමේ ජනතා ව්‍යාපාරය විසිනි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමස්ත ලංකා ගොවිජන සංවිධානයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න. “මිල්කෝ සහ […]

(-Colombo, August 01, 2024-)

මිල්කෝ සමාගමට සහ ජාතික වැවිලි සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් ඉඩම් විකිණීමට එරෙහිව මහාධිකරණයට ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් සාකච්ඡාව අද (01) පෙරවරු 10.30 ට පැවැත්විණි.

මෙම නඩුව පවරා ඇත්තේ කාර්මික හා කෘෂිකාර්මික ඉඩම් සුරැකීමේ ජනතා ව්‍යාපාරය විසිනි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමස්ත ලංකා ගොවිජන සංවිධානයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න.

“මිල්කෝ සහ ජාතික වැවිලි සංවර්ධන මණ්ඩලය සතු ඉඩම් ශ්‍රී ලංකාවේ වටිනා සම්පත් වේ. මෙම සම්පත් ජාතිය ගොඩනැගීම සඳහා යොදාගැනීමේ දියුණු වැඩපිළිවෙළක් අප සතුව ඇත.

ඒ සඳහා අපි මේ සම්පත් ආරක්ෂා කර ගත යුතුයි. අපි බලාපොරොත්තු වෙනවා මහාධිකරණයෙන් සාධාරණයක් ඉටු වෙයි කියලා.” යි පවසා සිටියා.

Show More

“ගොවි ජනතාවට සමාජ වටිනාකම් හැදෙන නව කෘෂිකර්මාන්තයක් ඇති කරනවා” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-

(-ජාතික ජන බලවේගයේ අනුරාධපුරය ගොවි රැලිය – බුල්නෑව – 2024.07.30-) ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස් කරන රට අලුත් මාවතකට හරවන පළමු ඡන්දය සැප්තැම්බර් 21 දින එළඹීමට නියමිත වනවා. ඔබ දීර්ඝ කාලයක් ඡන්ද දීලා නායකයන් ගෙනාවා. ආණ්ඩු හැදුවා. රට උඩට ආවාද? රටේ ආර්ථිකය දියුණු වුණාද? සෑම අතින්ම රට පහළට වැටුණා. දශක කිහිපයකට පෙර අපි දකුණු ආසියාවේ ඉදිරියෙන්ම […]

(-ජාතික ජන බලවේගයේ අනුරාධපුරය ගොවි රැලිය – බුල්නෑව – 2024.07.30-)

Govi-Rally-Bulnewa

ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස් කරන රට අලුත් මාවතකට හරවන පළමු ඡන්දය සැප්තැම්බර් 21 දින එළඹීමට නියමිත වනවා. ඔබ දීර්ඝ කාලයක් ඡන්ද දීලා නායකයන් ගෙනාවා. ආණ්ඩු හැදුවා. රට උඩට ආවාද? රටේ ආර්ථිකය දියුණු වුණාද? සෑම අතින්ම රට පහළට වැටුණා. දශක කිහිපයකට පෙර අපි දකුණු ආසියාවේ ඉදිරියෙන්ම සිටි රටක්. නමුත් මේ පාලක කණ්ඩායමට අපේ රට හදන සැලැස්මක් තිබුනේ නැහැ. අපේ රට පොහොසත් කරන්න, ජනතාව පොහොසත් කරන්න පාලකයන්ට ඕනෑකමක් තිබුණේ නැහැ. ජනතාව දුප්පත් වුණාම ඡන්දෙ කාලෙට හාල් කිලෝ 20ක් දීල, තහඩු ටිකක් දීල, සිල් රෙදි දීලා, රස්සාවක් දීලා ඡන්දෙ ගන්න පුළුවන්. රටේ ජනතාව පොහොසත් වුණොත් ඒගොල්ලන්ගේ දේශපාලනය ඉවර වෙනවා. ජනතාව පොහොසත් වුණොත් දේශපාලකයා පස්සේ යන්නෙ නැහැ. රට වැටුණට ඒගොල්ලන්ගේ පවුල් වැටුණේ නැහැ. ඒ ගොල්ලෝ පොහොසත් වුණේ රස්සාවල් කරලා නොවෙයි; දේශපාලනය කරලා; ධනය පොදි ගහලා. මේ රට මෙච්චර කාලයක් පාලනය කළේ රටේ උඩින් හිටිය අය. සේනානායක බෝතලේ වලව්ව, බණ්ඩාරනායක හොරගොල්ල වලව්ව, ජේ.ආර්.ලා, රනිල්ලා, කොල්ලුපිටිය වලව්ව, රාජපක්ෂලා හම්බන්තොට මැදමුලන. අවුරුදු 76ක් මේ ගොල්ලන් මාරුවෙන් මාරුවට රට පාලනය කළා. ලංකාවේ මුළු දේශපාලනයම පවුල් කිහිපයක් අතේ තියෙන්නේ. ඔවුන් රට වැට්ටුවා.

පාර්ලිමේන්තුවේ නිතරම කියන්නේ ජනතාවට සහනාධාර දෙන එක අපරාධයක් කියලා. මහ බැංකුවේ කෝටි 1100ක් සීනි බදු වංචාව කෝටි 1500ක් පොල්තෙල් බදු වංචාව කෝටි 350යි. වීසා වංචාව ඩොලර් කෝටි 104යි. පාලකයන්ගේ ගජ මිතුරන්ට සල්ලි පොදි ගහගන්න ඉඩ දෙනවා. ඒගොල්ලන්ගේ ආණ්ඩු නිසා. මහජනතාවගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් සොරකම් කරනවා. ජනතාව ගන්න සීනි ටිකට, බෙහෙත් ටිකට, මිලදී ගන්න සෑම බඩුවකටම බද්දක් ගෙවන්න ඕනෑ. අර්ජුන් ඇලෝසියස් අරක්කුවලින් බදු අරගෙන තියෙනවා. ඒත් ආණ්ඩුවට ගෙවලා නැහැ. වයඹ අරක්කු ජොන්ස්ටන්ගේ. ආණ්ඩුවට බදු ගෙවලා නැහැ. දයා ගමගේ මහජන බැංකුවෙන් ණය අරගෙන ගෙවන්නේ නැහැ. ඒවා බොල් ණය හැටියට කපා හරිනවා. කෝටි 50කට වැඩියි. හැබැයි ජනතාවට සහනාධාර දෙන්න බැහැ කියනවා. රනිල් වික්‍රමසිංහ කෝටි 875ක් වෙන්කර ගන්නවා. බාර් ලයිසන් බෙදා ගන්නවා. කෝටි තුන ගානේ විකුණනවා. පෙට්‍රල් ෂෙඩ් ලයිසන් විකුණනවා. මේවා ඒගොල්ලන්ගේ ආණ්ඩු. ජනතාව මාරුවෙන් මාරුවට ඡන්දෙ දුන්නාට, ආණ්ඩු ගෙනාවාට හදලා තියෙන්නේ ඒගොල්ලන්ගේ ආණ්ඩු.

Govi-Rally-Bulnewa

අපේ රටේ එකින් එක පැටලුණු නූල් බෝලයක් වගේ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. අපි ඉතා සංයමයෙන්, වැඩපිළිවෙළක් සහිතව ක්‍රමානුකූලව පියවරෙන් පියවර විසඳිය යුතුයි. මේ රට ලෝකයේ සාර්ථකම රාජ්‍යය බවට පරිවර්තනය කරනවා සහතිකයි. රටක් හදන්න ජනතාවට කන්න දෙන්න ඕනෑ. රනිල්ගේ ආර්ථිකය ප්‍රස්ථාරවලින් උඩට ගිහිල්ලා. ඒත් ජනතාවට කන්න නැහැ; ලෙඩට බෙහෙත් නැහැ; දරුවාට උගන්වන්න විදිහක් නැහැ. සෑම පුරවැසියාටම ආහාර දීමේ වගකීම අපි බාර ගන්නවා. සහනාධාර නරක දෙයක් නොවෙයි. සමහරු කියනවා සහනාධාර ලෝකයේ දියුණු යැයි සම්මත බොහෝ රටවල්වල සහනාධාර දෙනවා. තරුණයෙක් රැකියාවක් ලබාගන්න තත්වයට වර්ධනය වුණාම රස්සාවක් සොයා ගන්නා තෙක් ආණ්ඩුවෙන් දීමනාවක් දෙනවා. සමහර රටවල් කෙනෙක්ගෙ කරමින් ඉන්න රස්සාව අහිමි වුණොත් අලුතින් රස්සාවක් ලැබෙන තෙක් ආණ්ඩුවෙන් දීමනාවක් දෙනවා. සමහර රටවල් අලුතින් විවාහ වූ දෙන්නෙකුට ඉන්න ගෙයක් නැතිනම්, නගර සභාවෙන් ගෙයක් දෙනවා. ආබාධිත දරුවෙක් ගෙවල්වල ඉන්නවා නම්, අම්ම රැකියාවක් කරන්න ඕන නැහැ සම්මත වැටුප අම්මාට ගෙවනවා. ලෝකය එහෙමයි මිනිස්සුන්ව බලා ගන්නේ. කොවිඩ් වසංගත වෙලාවේ ව්‍යාපාර කඩා වැටුණා. ව්‍යාපාරයේ වැඩ කරන අයට ආණ්ඩුවෙන් පඩි ගෙව්වා. ආණ්ඩු ව්‍යාපාර රැකගත්තේ එහෙම. රස්සාවල් අහිමි වුණා. එයා ලැබූ වැටුපට සරිලන වැටුපක් ගෙව්වා. නිවාස කුලිය ගෙව්වා. අපේ ආණ්ඩු මිනිස්සු බලා ගන්න ආණ්ඩු නෙවෙයි. ඒගොල්ලන් හැදෙන ආණ්ඩු.

අපි හදන්නේ මිනිස්සුන්ව බලා ගන්න ආණ්ඩුවක්. පුරවැසියාට කන්න නැතිනම් ආණ්ඩු හදලා වැඩක් නැහැ. දරුවන්ට ආහාර වේල, ගැබිණි මව්වරුන්ට ආහාර, පුරවැසියන්ට තමන්ගේ ආහාර ලබාදෙන ආණ්ඩුවක් තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. ග්‍රාමීය ජනතාවට තමන්ගේ ජීවන රටාවෙන් එළියට එන්න තිබෙන එකම පාර අධ්‍යාපනයයි. අද දෙමව්පියන්ට බරක් වෙලා තිබෙන අධ්‍යාපනය දෙමව්පියන්ගෙන් නිදහස් කරගෙන, රජයේ වගකීමක් බවට පත්කරනවා. දුප්පත්කම කියන්නේ සල්ලි නැතිකම පමණක්ම නොවෙයි. නූගත්කම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, අපරාධවල නියැලීම, දුප්පත්කමේම වෙනත් ඵල විපාකයක්. අපි හදනවා සැලැස්මක්. එක දරුවෙක්වත් පාසලෙන් එළියට වැටෙන්න බැහැ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට නිලධාරීන් දෙන්නෙක් හෝ තුන්දෙනෙක් පත්කර, ඉස්කෝල හත-අටක් බාර දෙනවා. එක දරුවෙක් දවස් තුනක් නොකඩවා පාසලට ආවේ නැතිනම් නිලධාරියා ඒ දරුවාගේ ගෙදර යන්න ඕනෑ. ඒ හේතුව අනුව අවශ්‍ය පියවර ගන්න ඕනෑ. අපි අධ්‍යාපනය අලුත් පරිවර්තනයක් ඇති කරනවා. සෑම වෘත්තියක්ම ගෞරවයට ලක්වෙන, වෘත්තිමයභාවය දෙන වෘත්තියක් කරනවා. වෘත්තිමයභාවය දෙන හොඳ වෘත්තිමය ආයතන ලෝකයේ තිබෙනවා. පුහුණු කරනවා. හැම වෘත්තියකටම හොඳ ආදායම් මාර්ගයක් ඕනෑ.

Govi-Rally-Bulnewa

අපේ රටේ ගොවිතැනට ගරුත්වයක් නැහැ. ලෝකයේ ‘ෆාමර්’ කිවුවම ලොකු බලයක්, ගරුත්වයක් තිබෙනවා. ලෝකයේ සමහර රටවල්වල ගොවිපොළ අක්කර 25ට අඩුවෙන්න බැහැ. ලෝකයේ රටවල්වල වෙනම සුපර් මාර්කට් තිබෙනවා. කොරියාවෙ තමන් නිෂ්පාදනය කළ දේවල් ගෙනත් තමන්ම විකුණනවා. මිල අධිකයි. එයාලට ගෞරවයක් දෙනවා. අපේ ගොවියා අස්වැන්න නෙළන කාලෙ වෙනකොට කුඹුර දිහා බලලා කියනවා මේ සැරේ අස්වැන්න සරුයි කියලා. අස්වැන්න නෙළලා කමතෙම විකුණනවා. විකුණලා පොලී මුදලාලිට, කඩේ මුදලාලිට, කෘමිනාශක කඩේ මුදලාලිට, උකස් කඩේ මුදලාලිට බෙදනවා. අතේ සොච්චමක් ඉතිරි වෙනවා. ගොවි ජනතාව විශාල බරකින් මිරිකිලා ඉන්නේ. අපිට කියන්න බැහැ, ගොවියට සමාජ පිළිගැනීමක්, ගෞරවයක් තිබෙනවා කියලා. ගොවි තාත්තාට කියන්න හිතෙන්නේ නැහැ, ‘පුතේ උඹත් ගොවිතැන් කරපන්’ කියලා. ‘මම විඳින දුක මගේ දරුවට අත්පත් කර දෙන්නෙ නැහැ’ කියන එක තමයි ඒ තාත්තා හිතන්නේ. ගොවිතැන අවශ්‍යයි. ඒක ලාභදායී, ආදායමක් සහිත වෘත්තියක් බවට පත් කරන්න ඕනෑ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව, කෘෂිකර්මාන්තය වටිනාකම් සහිත වෘත්තියක් බවට පරිවර්තනය කරනවා. ලෝකෙ හැමතැනම කෘෂිකර්මාන්තයට සහනාධාර දෙනවා. සහනාධාර කියන්නේ නිෂ්පාදන සහනාධාර. ඉන්දියාවේ සමහර ප්‍රදේශවල විදුලිය, ඉන්ධන සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙනවා. කෘමිනාශක නොමිලේ දෙනවා. බීජ සහනාධාර මිලකට දෙනවා. ඉන්දියාවේ ගොවියාට ළුෑණු කිලෝ එකක් නිෂ්පාදනය කරන්න යන වියදම අඩුයි. ඉන්දියාවේ ගොවියා තාක්ෂණය යොදාගෙන ඵලදායීතාවය වැඩි කරගෙන තිබෙනවා. අපි තෙල්, පොහොර, බෙහෙත් ගහන්නේ වැඩි මිලට. අපේ නිෂ්පාදන වියදම වැඩියි. සහනාධාර, නව තාක්ෂණය හරහා ඵලදායීතාව වැඩි කිරීමෙන් තොරව අපේ රටේ කෘෂිකර්මාන්තය ඉස්සරහට යන්න බැහැ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය සහනාධාර, ඵලදායීතාවය වැඩි කිරීම සඳහා අවශ්‍ය පර්යේෂණ, සිදුකරනවා.

විසිවන සියවසේ කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය යෙදවුම් සොයා ගත්තා. වැඩි ඵලදාවක් දෙන දෙමුහුන් බීජ නිෂ්පාදනය කළා. වැඩිදියුණු කළ බීජ සොයා ගත්තා. කෘෂිකර්මාන්තයට තාක්ෂණය එකතු කළා. ඒනිසා ඵලදායීතාවය වැඩි වුණා. ඒ වගේම මිනිසුන්ගේ ආයු කාලය වැඩි වුණේ විසිවන සියවසේ. බෙහෙත් සොයා ගත්තා. ඔපරේෂන් සොයා ගත්තා. හදවත් බද්ධ කිරීම්, අතපය බද්ධ කිරීම් සොයා ගත්තා. සමහර වසංගත රෝග පාලනය කළා, සමහර වසංගත රෝග මුළුමනින්ම තුරන් කළා. විද්‍යාවේ ජයග්‍රහණ විශාල ලෙස උකහා ගත්තා. අද දියුණු වී තිබෙන ආසියාතික රටවල් දියුණුව ලබා ගත්තේ විසිවන සියවසේ ජයග්‍රහණයන් අත්පත් කර ගැනීමෙන්. අපි ඒ බීජ ගෙනත් වගා කරනවා. නිෂ්පාදනය කිරීම සඳහා අපේ පෙළඹුම අඩු වුණා. බහුජාතික සමාගම් විසින් අලුත් තාක්ෂණයෙන් බීජ නිෂ්පාදනය කරනවා. ඩුබායි වට්ටක්කා කොළයක් ගානේ ගෙඩි හැදෙනවා. විද්‍යාවේ අලුත් පර්යේෂණ විසින් අලුත් බීජ නිෂ්පාදනය කරනවා. අපි පර්යේෂණ ආයතන, ගොවිපොළවල් වහනවා. අර ගොල්ලන් හදපු බීජ වැඩි ගාණට ගෙනැත් ගොවියන්ට දෙනවා. ලෝකයේ ඇතිවූ විද්‍යාවේ හා තාක්ෂණයේ වෙනස්කම් විසින් අපටත් ඒවා හදන්න තිබුණා. අපි වැටුණා. ඒගොල්ලෝ නැග්ගා. කෘෂිකර්මාන්තය නගා සිටුවන්න අලුත් පර්යේෂණ අවශ්‍යයි. අලුත් දේවල් සොයා ගන්න අවශ්‍යයි. නව වගා ග්‍රම අවශ්‍යයි. අලුත් බීජ අවශ්‍යයි.

Govi-Rally-Bulnewa

පර්යේෂණ හා සංවර්ධනය විසින් සොයා ගන්නා ලද නව නිමැවුම් විසින් තමයි අද ලෝකයේ ආර්ථිකය හදාගෙන තිබෙන්නේ. මේ තාක්ෂණය, විද්‍යාව වැදගත්. ඒවායින් සිදුවන පර්යේෂණ තුළින් තමයි අපට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ලෝකය පුරා විහිදිලා ඉන්න ශ්‍රී ලාංකේය විද්‍යාඥයනුත් ලංකාවේ සිටින විද්‍යාඥයනුත් එකතු කරලා අපේ පර්යේෂණ හා සංවර්ධන වැඩසටහන අපි ඉදිරිපත් කළා. ඒකේ ප්‍රධානියෙක් තමයි අපේ පොස්පේට්වලින් පොහොර නිෂ්පාදනය පිළිබඳව පර්යේෂණ කළ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක්. එතුමා අපේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධානියෙක්. අපි මේ පොහොර කන්ද පස් විදිහට විකුණනවා වෙනුවට ගොවි ජනතාවට පොහොර ලබාදීම සඳහා කටයුතු කරනවා. අමු පස් විකුණනවා වෙනුවට, දියුණු කරන ලද පොහොර පිටරට විකුණුවාට කමක් නැහැ. ඒ විතරක් නොවෙයි, ලංකාවේ පස පිළිබඳ පර්යේෂණ කරන ප්‍රධානම විද්‍යාඥයා පේරාදෙණියේ මහාචාර්යතුමා, එතුමා ජාතික ජන බලවේගයේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය හදමින් අපිත් එක්ක සමීපව වැඩකරනවා. අපි පසේ ඇතිවෙන සංයුතිය පරීක්ෂා කර බලා, වගාවන් සහ වෙනස් කිරීම සඳහා අපි යෙදවුම් හඳුන්වා දෙනවා.

අපි නෙළාගන්න අස්වැන්න කල්තියා ගන්නේ කොහොමද කියන එක ගැන පර්යේෂණ අවශ්‍යයි. තායිලන්තයේ, ජපානයේ එළවළු, පලතුරු කල්තබා ගැනීමේ ක්‍රම තිබෙනවා. එයාර් පෝර්ට්වල එයාලගේ වෙනම සෙන්ටර් තිබෙනවා. අඹ, වරකා, මොර, අන්නාසි, එළවළු කල්තබා ගන්න විදිහක් තිබෙනවා. අවරුදු 76ක් මේ පාලකයෝ මේ රට පාලනය කළා. අද වට්ටක්කා නෙළනවා, දඹුල්ලට ගෙනියනවා, විකුණන්න බැරිවුණොත් අලින්ට කන්න දානවා. එක්කෝ අලියා කොටුවෙන් කනවා, නැත්නම් දඹුල්ලෙන් කනවා. දෙකම එකයි. අපේ පාලකයන් ලැජ්ජා වෙන්න ඕනෑ. මේ කෘෂිකර්මාන්තය අපි වැඩිදියුණු කළ කෘෂිකර්මාන්තයක් බවට පරිවර්තනය කරනවා. ගොවි ජනතාවගේ ආදායම් මාර්ගය වැඩිවෙන, බලය වැඩිවෙන, ගොවි ජනතාවට සමාජ වටිනාකම හැදෙන නව කෘෂිකර්මාන්තයක් ජාතික ජන බලවේගය ඇති කරනවා. ඒක කරන්න ජාතික ජන බලවේගයේ අපිට තරම් වගකීමක් වෙන කිසිවෙකුටත් නැහැ. ඒගොල්ලෝ ආණ්ඩු හදන්නේ උඩ ඉන්න අයට. අපි හදන්නේ පොදු ජනතාවගේ ආණ්ඩුවක්. ඒ වෙනුවෙන් තමයි අපි ඔබට ආරාධනා කරන්නේ.

Govi-Rally-Bulnewa

අපි ජනාධිපතිකම් නළලේ කොටාගෙන ආව අය නොවෙයි. අපි පොදු ජනතාවත් එක්ක දේශපාලනය කරලා, ඒ ජනතාවත් එක්ක ජීවත්වෙලා, ජනතාවගේ වේදනාව, දුක, අත්විඳපු මිනිස්සු. ඒ නිසා අපට අවශ්‍යයි, මේ රට වෙනස් කරන්න. වෙනස් කළ යුතුමයි. කොච්චර වුවමනාව තිබුනත් අවස්ථාව එනකම් එක කරන්න බැහැ. මේ සැරේ වෙනස් කිරීමට අවශ්‍ය වන අවස්ථාව උදාවෙලා තිබෙනවා. සෑම සමීක්ෂණ වාර්තාවකින්ම පෙන්වන්නේ උඩින්ම ඉන්නේ ජාතික ජන බලවේගය බවයි. මේ වෙලාව තමයි වෙලාව. මේ සැරේ එකක්වත් වරද්දන්නේ නැතිව ජාතික ජන බලවේගයට හරවමු. අපිට දිනන්න පුළුවන් ඡන්දයක් මේක. ජයග්‍රහණය කළ යුතුම ඡන්දය තමයි 2024 සැප්තැම්බර් මාසේ 21 දින පැවැත්වෙන්නේ. අපි අපේ වැඩකොටස අපි කරන්නම්. මහන්සි වෙන්නම්, කතා කරන්නම්. සැලසුම් හදන්නම්. හැබැයි ජයග්‍රහණයේ ප්‍රධානම වැඩ කොටස තිබෙන්නේ ඔබලා අතේ. ඡන්ද තියෙන්නේ ගමේ. ගමේ ඡන්ද පෙට්ටියේ වැඩිම ඡන්ද ප්‍රමාණය මාලිමාවට කතිරෙ ගහලා පිරවීමට අවශ්‍ය සැලසුම හදන්න ඕනෑ. ගමේ මෙහෙයුම් කමිටු තව ලොකු කරන්න. හැම ගෙදරකටම යන්න. හැම ඥාතියාම හමුවෙන්න. යූ.එන්.පී., ශ්‍රී ලංකා, තරහා මරහා ඉවත් කරන්න. ඒගොල්ලෝ බලය වෙනුවෙන්, ඇමතිකම් වෙනුවෙන්, වරප්‍රසාද වෙනුවෙන්, ඕන තරම් එහෙට මෙහෙට පනිනවා. සජිත් එක්ක සන්ධානෙ හදන්න යන මැති ඇමතිවරු ගොඩක් අපිත් එක්ක එකතු වෙන්න කතා කළා. අපි කිවුවා ඕගොල්ලන්ගේ පැටිකිරිය එතරම් හොඳ නැහැ. ඔයගොල්ලෝ එළියේ ඉඳගෙන අපට සහයෝගය දෙන්න, කියලා. මේ රට විනාශ කරන්න භාජනය වුණු, වැරදි තීන්දුවලට අත උස්සපු, පාර්ලිමේන්තුවේ ඉන්න කිසිවෙක් ජාතික ජන බලවේගයේ වේදිකාවත් එක්ක සම්බන්ධ වෙන්නේ නැති බව සහතික කරනවා.

අපට ඕනෙ වෙන දේශපාලනයක්. හොරු එපානෙ. ගන්නේ නැහැ මතක තබා ගන්න. සජිත් පේමදාසට ආර්ථිකයේ ප්‍රධාන කෙනෙක් නාලක ගොඩහේවා. අපට නම් කොටස් වෙළඳපොළේ සල්ලි නැතිකරපු, ගිනිගත්ත නැවෙන් ලංකාවට ලැබිය යුතු වන්දිය අහිමි කළ කෙනා නාලක ගොඩහේවා. අපි අලුත් ගමනක් පටන් ගනිමු. මේ රට නව දිසාවකට ගෙනියමු. පවුල් කිහිපයක් අත තිබුණු රටේ දේශපාලනය, නව පරම්පරාවක් අතට, අලුත් බලවේගයක් අතට මාරු කරමු. අපි ඔක්කොම එකතු වෙලා මේ රට හදමු. ඒ වෙනුවෙන් ඔබ, හැමදෙනත් එක්කම කතා කරන්න. හැම ඥාතියත් එක්කම කතා කරන්න. අපෙ පක්ෂයේ හිටපු පරණ කෙනා, අමාරුම කාලෙ අල්ලගෙන හිටපු කෙනා, යූ.එන්.පී, ශ්‍රී ලංකා පක්ෂ පාට අමතක කර හැමකෙනාම එකතු කර ගනිමු. මේ වෙලාවෙදි ඔක්කොම එක සමානයි. ඒ හැම කෙනාම එකට හිට ගැනීම පිළිබඳව ගෞරවය දෙන්න ඕනෑ. නායකත්වය දෙන්න ඕනෑ. වැඩවලට සම්බන්ධ කර ගන්න ඕනෑ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්, රට වෙනස් කරන ආණ්ඩුවක් හදමු. ඒ වෙනුවෙන් සියලු දෙනා මැදිහත් වෙන්න.

Govi-Rally-Bulnewa

“මාලිමාවට කතිරය ගහලා මෙතෙක් ජීවිතයේ වැරදුණු තැන් හදාගනිමු”
-නුවර වැව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති, නිවන්තක චේතිය රජමහා විහාරයේ විහාරාධිපති ප්‍රධාන අධිකරණ සංඝ නායක පූජ්‍ය රත්ගම සමිත හිමි-

අපි මෙතෙක් කල් දුක නමැති දායාදය තියාගෙන හිටියත් එය වෙනස් කිරීමේ අවස්ථාවක් ලබන මස 21 වැනි දිනට පැමිණෙමින් තිබෙනවා. මෙතෙක් කලක් පක්ෂ දෙකකට ඡන්දය දෙමින් ඔවුන් රජ කර අපිව අසරණ කෙරෙව්වා. මේ අසරණභාවය අපට උරුම නැහැ. රටේ සමස්ත ජනගහනයෙන් 70%ක් පමණ නියැලී සිටින ගොවිතැනේ අපේ මුතුන් මිත්තන් නියැලී සිටියේ බොහොම ආදරයෙන් කැමැත්තෙනුයි. නමුත් ගොවි ජනතාවටත් සුව පහසු නිවාස, හොඳ අධ්‍යාපනයක් ආදී වෙනත් පහසුකම් අවශ්‍යයි. නමුත් හැදාමත් ණයකාරයන් ලෙස සිටීමට සිදුවී තිබීම නිසා තරුණයන් ගොවි තැනෙන් ඈත් වූවා.

ඒ ප්‍රතිවිපාකය ඇති වුණේ මෙතනට පැමිණ සිටින වැඩි පිරිසක් පොහොට්ටුවට, අලියට නැත්නම් ටෙලිෆෝනයට කතිරය ගැසීම නිසයි. මමත් එහෙම කෙනෙක් තමයි. මෙතෙක් කල් අපි බොරුවකට හසුවී සිටින බව තේරුම් අරගෙන එයින් මිදීම කළ යුතුයි නේද? අපිව අන්දලා අපේ ඡන්දය බොරුවෙන් තක්කඩිකමෙන් ලබාගෙන ඔවුන් අපිව මංකොල්ලකෑවා. ඒ මංකොල්ලකෑම නතර කරන්නට ආදරණීය අම්මලා, තාත්තලා වගේම අපි හැමෝටම සුවිශේෂී වගකීමක් තිබෙනවා. ඒ වෙනුවෙන් අපේ හාමුදුරුවන් වහන්සේලා බොහොමයක් පෙළගැසී සිටිනවා. සැප්තැම්බර් 21දා මාලිමාවට කතිරය ගහලා මෙතෙක් ජීවිතයේ වැරදුණු තැන් හදාගන්නට අපේ වගකීම ඉටුකරමු. ශක්තිමත් ගොවි පරපුරක් අනාගතයේදී ඇතිකර ගන්නට පෙළ ගැසෙමු කියා ආරාධනා කරනවා.

Govi-Rally-Bulnewa

“මේ දවස්වල ගොවීන්ට උපදෙස් දෙන්නේ අනුර කුමාර බීජය රෝපණය කරන්න කියලයි”
-ගල්නෑව ගොවි සංවිධානයේ සභාපති ඩී.එම්. වන්නිනායක-

අද වෙනකොට ගොවීන් මුහණ දී සිටින්නේ ඉතාමත් ශෝචනීය තත්වයකටයි. මේ දක්වා නියැලී සිටි වෙනත් දේශපාලන ධාරාවකින් ඉවත් වී පැමිණියේ ඒ තත්වයෙන් මිදීමේ හොඳම තෝතැන්න ජාතික ජන බලවේගය බව තේරුම් ගත් නිසයි. සමස්ත ගොවි ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාගන්නයි, ජාතික ජන බලවේගය සමග එක්වූයේ. ලංකාවේ පළමුවැනි මහවැලි ව්‍යාපාරය එච් කලාපයයි. කන්න වගාවට ගොවිතැන් කරනවා වෙනුවට සමස්ත ගොවියන් සියලු දෙනාම අවුරුද්දේ 365 දවසේම වාණිජ වගාවන් සිදුකරනවා. එච් කලාපයේ නිසි ආකාරයෙන් වැවෙන්නේ නැත්තේ කැරට් සහ බීට් විතරයි.

අපේ සමස්ත ගොවි ප්‍රජාවම ධෛර්යයෙන් ගොවිතැන් කටයුතුවල නියැලී සිටියත් විශේෂයෙන් ආනයනය කරන බීජ ඉතා ඉහළ මිලක් දී ප්‍රමිතියක් නැති තත්වයෙන් ලබාගත යුතු වී තිබෙනවා. තක්කාලි බීජ කිලෝ එකක සාමාන්‍ය වටිනාකම රුපියල් ලක්ෂ හයයි. හොඳම මාළු මිරිස් ඇට කිලෝ එකක මිල ලක්ෂ පහ හමාරක් විතර වෙනවා. කෘෂිකර්ම ඇමතිවරයා බීජ මිල ගණන් ගැන දන්නවාද කියලත් සැකයි. අපේ රටට බීජ ගේන්න මේතරම් විශාල මුදලක් යනවාද කියලා හොයලා බලන්න ඕනෑ. සාධාරණ මිලකට බීජ ටික ලබාදෙන්න ඕනෑ. අපේ රටේ බීජ නිෂ්පාදනය කරන්න විද්‍යාඥයන් ඕනෑ තරම් ඉන්නවා. අපේ රටේ අනාගත පරම්පරාවට මේ තත්වය උදාකර නොදී නැවක් පමණ සල්ලි වියදම් කර බීජ ගෙන්වනවා වෙනුවට අපේ රටේ නිෂ්පාදනය කර ගත යුතුයි. ඒ වෙනුවෙන් මම මේ දවස්වල සියලුම ගොවීන්ට උපදෙස් දෙන්නේ අනුර කුමාර බීජය රෝපණය කරන්න කියලයි. සැප්තැම්බර් 21 ඒ බීජය වපුරලා අනාගතය සාර්ථක කරගමු කියලා ඉල්ලා සිටිනවා.

Govi-Rally-Bulnewa

“ගොවි අම්මා තාත්තා මාලිමාවට කතිරය ගැසීමේ යුග මෙහෙවර ඉටුකරන බව විශ්වාසයි”
-රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යයන අංශයේ මහාචාර්ය සේන නානායක්කාර-

අපි මේ රැලියට ආවේ ඔබ සියලු දෙනාට ආදරය සහ මනුෂ්‍යත්වය ප්‍රකාශ කරන්න. මමත් ඔබ වගේම වැව් බැඳි රටේ ඉපදුණු අයෙක්. අපේ ආදරණීය ගොවි අම්මා තාත්තලාගේ ජීවිත ගැන මම අමුතුවෙන් කතා කරන්නේ නැහැ. පස්වන සියවසේ ධාතුසේන රජතුමා ඉදිකළ වාරි කර්මාන්තයෙන් තවමත් රටට සේවය කරනවා. මේ බිමේ ජීවත්වෙන ගොවි අම්මා තාත්තා තමන්ගේ වගකීම සහ යුතුකම ඉහළින්ම ඉටුකරන්න ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදෙයි කියා විශ්වාස කරනවා. සැප්තැම්බර් 21දාට යෙදෙන සුබ මොහොතින් ගොවි අම්මා තාත්තාගේ යුග මෙහෙවර ජාතික ජන බලවේගයට කතිරය ගැසීමෙන් ඉටුකරන බව විශ්වාසයි.

කලාවැව සහ බළලු වැව් දෙකේ තිබූ ඥාතිත්වය ගැන කවි පවා ලියැවී තිබුණා. මනුෂ්‍යත්වයෙන් සපිරි අව්‍යාජ ආදරණීය හැඟීමක් ලබාදෙන ජන ශ්‍රැති නිර්මාණය වී තිබුණා. අද ඔබට එවැනි නිර්මාණ සිදුකළ හැකි නිදහස් සමාජ වාතාවරණයක් ඇතිකර තිබෙනවාද? අපිට අහිමි වී ගිය ඒ ජීවිතය යළි ගොඩනගාගැනීම සඳහා ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවීමේ පුනරුද යුගය ආරම්භ කිරීමට ඔබගේ ඡන්දය ලබාදී ඓතිහාසික වගකීම ඉටුකරමු කියන අනෙක් පණිවිඩය අවධාරණය කරනවා.

Govi-Rally-Bulnewa

“ගොවියා කරදරයක් ලෙස සැලකූ පාලකයින්ගේ යුගය හමාර කරමු”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ-

මේ රටේ දේශපාලනය වෙනස් වී තිබෙන ආකරය පිළිබඳව වැඩිහිටි ගොවි අම්මා තාත්තලාටත් අපි හැමෝටමත් හොඳ අවබෝධයක් තිබෙනවා. රනිල්ලා – රාජපක්ෂලා එකතු වී 2022 මැයි මාසයෙන් පසුව ගෙනගිය පාලනය සම්බන්ධයෙන් දැන් ඔවුන් දෙකට බෙදී, ප්‍රහාර එල්ල කර ගන්නවා. අද මාධ්‍ය සාකච්ඡාවට එක්වූ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් කියා සිටියේ 2022 මැයි මාසයේ 09වැනිදා ගෝල්ෆේස් පිටියේ අරගලකරුවන්ට පහර දෙන්න දියත් කළ කුමන්ත්‍රණයට සමාන කුමන්ත්‍රණයක් 29 වැනිදා සවස පොහොට්ටුවේ පිරිසක් සිදුකළ බවයි. අපේ රටේ ජනතාව මේ කරුණු හොඳින් අවබෝධ කර ගෙන සැප්තැම්බර් 21දා පුනරුද යුගයට මුල පුරමින් අනුර කුමාර සහෝදරයා තෝරා පත්කර ගනිමු. අද වෙන කොට ගොවි බිමේ අසරණ වී සිටි ගොවියාට අවශ්‍ය බීජ, පොහොර, වතුර ලබාදී ශක්තිමත් කිරීමේ වගකීම ජාතික ජන බලවේගය බාර ගන්නවා.

අපේ ආදරණීය අම්මා තාත්තලාගේ වෛද්‍ය වාර්තා තුනක් අරගෙන බැලුවොත් එක් අයෙක් වගුගඩු රෝගයෙන් පෙළෙන, බරපතළ ප්‍රශ්නයක් අනුරාධපුරේ තිබෙනවා. වැව් බැඳි රටේ මිනිසුන්ට පිරිසිදු පානීය ජලය ලබාදෙන්නත් මෙතෙක් සිටි පාලකයන් අසමත් වී තිබෙනවා. මහා රත්තරං පොළොවක් උඩ ඉන්න අපි එළවළු ටික පලතුරු ටික පිටරටින් ගෙන්වන්න පුරුදු වෙලා තිබෙනවා. අපේ ගොවියට බීජ ටික, පොහොර ටික ලබා දීලා, නව තාක්ෂණය හඳුන්වාදී කෘෂිකර්මාන්තයේ පිරිවැය අඩු කර, ගොවියාගේ ආදායම් වැඩි කළ යුතුයි. මේ පාලකයන් ගොවි අම්මා තාත්තා එක්ක ඒ කරුණු සාකච්ඡා නොකර වැව් සොරොව්වෙන් එන වතුර ටිකට මීටරයක් සවි කර, වතුර විකුණන්න සූදානම් වෙනවා. අවුැදු 2400කට වඩා පරණ පණ්ඩුකාභය රජු සැදූ පළමුවැනි වැවේ සිට මහා වාරි කර්මාන්තයකට මුල පුරා ලංකාව වාරි ශිෂ්ටාචාරය සම්බන්ධයෙන් ලෝකයේම අවධානය දිනාගෙන තිබෙනවා. එවැනි බිමක ජීවත් වෙන අනුරාධපුරයේ ගොවි අම්මා තාත්තාගේ නිෂ්පාදන ලෝකයත් සම්බන්ධ කරන්න මේ පාලකයන් කටයුතු කළේ නැහැ.

රනිල් වික්‍රමසිංහලාට ගොවියා තවත් කරදරයක් විතරයි. පසුගිය මැතිවරණ කාලයේ බැසිල් ඇවිත් කීවේ වහින කාලයට වට්ටක්කා ඇට ටිකක් විසිකරලා එන කම්මැලි ගොවියන් අස්වැන්න නෙළන කාලයට ඇවිත් කියනවා වට්ටක්කා ගණන් නැහැ කියලා. එහෙම කියලා ආණ්ඩුවට කරදර කරනවා කිවුවා. ඒ ගොවිතැන ගැන දන්නේ නැතිව කියූ කතා. එවැනි පාලකයන් තමයි වසර 76ක් මේ රට පාලනය කළේ. මේ සියලු තත්වයන් වෙනස් කර ගන්න තව දවස් 45ක විතර කාලයක් අපි හැමෝටම තිබෙනවා. හේනේ කුඹුරේ වැඩකරන ගමන් හමුවෙන හැමදෙනා එක්කම කතා කරමින් පුනරුදයේ ජයග්‍රහණය සඳහා පළමුවැනි පියවර ලෙස ලබන 21දා අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපතිකමට තෝරා පත්කර ගනිමු. ඒ වෙනුවෙන් මහා ජන බලවේගය ගොඩනඟමු.

Govi-Rally-Bulnewa

“කෘෂි වෙළපොළේ විකෘතිය අවසන් කරන විද්‍යානුකූල සැලැස්මක් ඇති මාලිමාව සමග එකතුවෙන්න”
-සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න-

මම මෙතනදී විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාසට උත්තරයක් දෙන්න ඕනෑ. ඔහු මේ ප්‍රදේශයට ඇවිත් මොරගහකන්ද ජලාශයේ ජලය යොදා ගනිමින් පානීය ජලය සහ වගා ජලය යන ප්‍රශ්න දෙකම පියාණන්ගේ සූත්‍රයට අනුව විසඳන බව කීවා. මාධ්‍යවලත් ලොකු ප්‍රචාරයක් දී තිබුණා. මොරගහකන්ද ජලාශයේ ඝන මීටර් දස ලක්ෂ 557ක් අල්ලනවා. කළු ගඟ ව්‍යාපෘතියේ ඝන මීටර් දස ලක්ෂ 248ක් අල්ලනවා. ඒ අනුව සමස්ත මොරගහකන්ද ව්‍යාපෘතියේම ජල ධාරිතාව ඝන මීටර් දස ලක්ෂ 805යි. මේ ව්‍යාපෘතියෙන් සාර්ථක ලෙස වාරි ජලය ලබා දෙන්න නම්, ඝන මීටර් දස ලක්ෂ 1455ක් පවතින්න ඕනෑ. මේ ව්‍යාපෘතියට තවත් ජලය ඝන මීටර් දස ලක්ෂ 650ක් අවශ්‍යයි. ඒ නැති නිසා මේ ව්‍යාපෘතිය දැනටමත් අසාර්ථකයි. මේ ප්‍රශ්නයට විසඳුම් යෝජනා හැටියට උමා ඔයේ ජලය ගෙන එන්න සැලැස්මකුත් තිබෙනවා. ඒ සියල්ල යෝජනා පමණයි. මේ ව්‍යාපෘතියට අදාළව දැනට තිබෙන සැලසුම් ගැන විස්තර සජිත් මෙහෙට ඇවිත් එයාගේ සැලැස්මක් හැටියට හඳුන්වාදී වාරි ජල ප්‍රශ්නය සහ පානීය ජල ප්‍රශ්නය එකවර විසඳන බව කියනවා. සජිත් මහත්තයෝ ඔය කතාව ඔයා මෙහෙට ඇවිත් කියන්න ඕන නැහැ.

ගොවි ජනතාව ගොනාට අන්දන්න ලැහැස්ති වෙන්න එපා. ඡන්දෙ බලාගෙන පූච්චානම් කතා කියන්න එපා. මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට වෙන් කළ සල්ලි හොරා කෑවා. හොරකම් කළ සල්ලි හරියට පාවිච්චි කළා නම්, මේ යෝජනා ක්‍රමය වර්තමානය වෙනකොට ඉවර කරන්න තිබුණා. රජරට ගොවියා මුහුණ දෙන ජල ප්‍රශ්නය නිසා වී වගාවට, ගොඩ බෝගවලට වතුර දෙන්නේ නැහැ. මේ ප්‍රශ්නය විසඳන්න ඕනෑ. අපේ රටේ භූගත ජලය ඝන මීටර් මිලියන 55ක් පමණ තිබෙන බවට ඇස්තමේන්තු කර තිබෙනවා. අවුරුද්දකට වැස්සෙන් ජලය ඝන මීටර් මිලියන 130,000ක් ලැබෙනවා. අපේ පොළොවේ අවුරුද්දකට එකතු වෙන සම්පූර්ණ වතුර ප්‍රමාණය ඝන මීටර් මිලියන 196,000ක් බව ගණන් බලා තිබෙනවා. මේ දැවැන්ත වතුර ප්‍රමාණයෙන් අපි අවුරුද්දකට ප්‍රයෝජනයට ගන්නේ ඝන මීටර් මිලියන 13,000යි. ඒ 13,000න් කොටසක් තමයි වැව් බැඳි රාජ්‍යයේ වැව්වල ගබඩාකරගෙන තිබෙන්නේ. අපේ මුතුන් මිත්තෝ එදා හිටි ජනගහනයට සාපේක්ෂව, වගා කළ ප්‍රමාණයට සාපේක්ෂව එදා තිබුණු තාක්ෂණික දැනුම අනුව ඒ වතුර ටික කළමනාකරණය කර ගත්තා. කලා වැවේ සිට තිසා වැවට වතුර ගෙන යන සැතැප්මකට අඟලක බැස්ම සහිත තාක්ෂණය ක්‍රියාත්මක කළා.

එදාට වැඩිය අද තාක්ෂණය විශාල වශයෙන් ඉදිරියට ඇවිත්, ජනගහනය වැඩි වී භූමියෙන් වැඩි අස්වැන්නක් නෙළා ගත හැකි ක්‍රමවලට යන්න ඕනෑ. අපට වතුර තියෙනවා. ඒ වතුර ටික නිසි ලෙස කළමනාකරණය කර, වැඩිපුර තිබෙන තැනින් හිඟ තැනට ලබාදෙන්න ඕනෑ. යල, මහ පමණක් නොවෙයි, අතර මැදි කන්නයක් වගාකරන තත්වයට දිගු කාලීනව එන්න ඕනෑ. මේ කලාපයේ 50%කට ආසන්න ප්‍රමාණයක් මහ කන්නය පමණක් වගා කර, යල කන්නය අත්හරිනවා. අපේ පාලනයක් යටතේ ජල ප්‍රශ්නය විසඳීමේ වැඩපිළිවෙළක් අපි සකස් කර තිබෙනවා. අපි සියලු දෙනා පැමිණ සිටින්නේ තීරණාත්මක සන්ධිස්ථානයකටයි. මේ දක්වා පිල්වලට බෙදී ඡන්දය දුන් අති බහුතරයක් ජනතාව මාලිමාවට ඡන්දය දෙන්න පෙළගැසී සිටිනවා. ඉතාමත්ම දුෂ්කර කටුක ජීවිත ගතකරන ගොවීන් හමුවෙන්න මැදවච්චියෙන් එහා තිබෙන ගලෙන්බිඳුණු වැව ගම්මානයට පවා අපි ගියා. ඒ ගමට යා හැක්කේ පයින් විතරයි. ඒ මිනිසුන් ඇවිත් ඉතාමත්ම ආදරයෙන් අපිව වැළඳ ගත්තා. ඒ අයගේ ගොවි බිම් සාර්ථක වී අස්වැන්නෙන් පිරිලා. ඒත් විකුණා ගන්න බැහැ. අපි එතන ඉඳලාම කොළඹට කතා කරන කොට, බටු කිලෝ එකක මිල රුපියල් 400කට කිට්ටුයි. ඒ ගොවීන්ට විකුණ ගන්න බැරිවයි ඉන්නේ. මේ විකෘතිය වෙනස් කරන්න විද්‍යානුකූල සැලැස්මක් තිබෙන මාලිමාව සමග එකතුවෙන හෘදය සාක්ෂිය අප වටා එකතු වී සිටිනවා. ගොවි අම්මා, තාත්තාගේ හදවත දැනෙන කෘෂිකර්මාන්තය පිළිබඳව මනා දැනුමක් තිබෙන ආදරණීය නායකයා වෙනුවෙන් ලබන සැප්තැම්බර් 21දා තමන්ගේ ඡන්ද පෙට්ටිවල 75%න් එහා මාලිමාව වෙනුවෙන් පුරවා ජයග්‍රහණය කරවන්න.

Show More