(-විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ මාධ්‍ය හමුව – 2024.07.29-) අපි වසර ගණනාවක් සේවයේ යෙදී සිට, විශ්‍රාම යාමෙන් පසුව පැහැදිලිව තේරුම් ගියා රට පත්වී තිබෙන ඛේදනීය තත්වය ගැන. අපිව මේ තත්වයට ගේන්න ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා නාවුක හමුදාව දැරූ වෙහෙස මහන්සිය සම්බන්ධයෙන් අපේ හදවත්වල ගරුත්වය, අභිමානය කවදත් තිබෙනවා. රට පත්වී […]
(-විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ මාධ්‍ය හමුව – 2024.07.29-)
අපි වසර ගණනාවක් සේවයේ යෙදී සිට, විශ්‍රාම යාමෙන් පසුව පැහැදිලිව තේරුම් ගියා රට පත්වී තිබෙන ඛේදනීය තත්වය ගැන. අපිව මේ තත්වයට ගේන්න ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා නාවුක හමුදාව දැරූ වෙහෙස මහන්සිය සම්බන්ධයෙන් අපේ හදවත්වල ගරුත්වය, අභිමානය කවදත් තිබෙනවා. රට පත්වී තිබෙන තත්වය පිළිබඳව දීර්ඝ අධ්‍යයනයක් කිරීමෙන් පසුව ජාතික ජන බලවේගය සමග එක්වී දෙවන මෙහෙයුමට පණ දෙන්න 2022 වසරේ අවසන් භාගයේ කුඩා කණ්ඩායමක් ලෙස මුල පිරුවා. මේ වන විට විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හතළිස් දහසක් පමණ අපි එක්ක එකතු වී සිටිනවා. උතුරු නැගෙනහිර හැර අනෙකුත් සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි අදිටන සමුළු පවත්වා අපට තිබෙන වගකීම් සහ යුතුකම් පිළිබඳව විශ්‍රාමික හමුදා සාමාජිකයන්ට පහදා දුන්නා. ඒ තුළින් ඔවුන් උනන්දුවෙන් සහ කැපවීමෙන් ඉදරි ගමනට එක්වී සිටිනවා. 2023 පැවැති පසුබිම අනුව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මූලික ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළත් වර්තමාන තත්වයට අනුව යාවත්කාලීන කර, නැවත ඉදිරිපත් කරන්න කටයුතු කරගෙන යනවා.
මේ ගෙවීගිය කාලය තුළ ජාතික ජන බලවේගය සමග එක්වී කටයුතු කිරීම සම්බන්ධයෙන් අපට එල්ල වූ සියලු අභියෝග ජය ගනිමින් අධිෂ්ඨානයෙන් කටයුතු කරගෙන යනවා. සියලු දෙනා නොසැලී එක අරමුණක් කරා විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ලෙස ජාතික ජන බලවේගය සමග නොසැලී ඉදිරියට යනවා. ජීවිතයේ සෑම දෙයක්ම කැපකර රට වෙනුවෙන් කටයුතු කළත් අන්තිමේ බලන කොට දුක්ඛිත තැනකට ඇද දා තිබෙන රට මුදා ගන්න දෙවැනි මෙහෙයුම ලෙස අපි ඉදිරිපත් වී සිටිනවා. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ජාතික මහා සමුළුව අගෝස්තු හතරවැනිදා සවස 2.00ට බොරැල්ල කැම්බල් පිටියේදී පවත්වන්න කටයුතු කරගෙන යනවා. ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික ආබාධිතයන්, මියගිය සාමාජිකයන්ගේ පවුල්වල අයවලුන් සම්බන්ධ ගැටලු ඇතුළු කටයුතු සම්බන්ධයෙන් ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න අපි සූදානම් වෙනවා. අද රට පත්ව තිබෙන තත්වය ගැන සැලකිලිමත් වී මෙතෙක් අප සමග එක් නොවූ සියලු දෙනාටමත් මෙයට එක්වන ලෙස විවෘත ආරාධනයක් කරනවා. රටට වැඩදායී කටයුතු ඉටුකිරීමට ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ සියලුම නිලධාරී මහත්ම මහත්මීන්ගෙන් ඉල්ලීමක් කරනවා. අද වෙනකොට ජාතික ජන බලවේගයට එතෙර වෙසෙන ශ්‍රී ලාංකික විද්වතුන් පර්යේෂකයන්, විශේෂඥයන්, වෛද්‍යවරුන් ඇතුළු සෑම ක්ෂේත්‍රයකම බුද්ධිමතුන් එක්වී සිටිනවා. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිගරුකභාවය නිසා රට ගොඩගැනීම සඳහා තිබෙන එකම දේශපාලන ව්‍යාපාරය වටා එක්වෙමින් සිටිනවා. ජාතික ජන බලවේගය සමග එක්වීමට 2022 ගත් තීරණය සම්බන්ධයෙන් අපිත් ඉතාමත් ආඩම්බරයට පත්වෙනවා.
ජාතික ජන බලවේගයෙන් ගොඩනඟන මහජන රජයකින් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හට ගෞරවයෙන් සහ අභිමානයෙන් ජීවත් වෙන්න ඉඩ සැලසීම මේ දේශපාලන ව්‍යාපාරයේ ප්‍රතිපත්තිය වී තිබෙනවා. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හට එල්ල වී තිබෙන ආර්ථික පීඩනය හමුවේ යුක්‍රේනය, රුසියාව වැනි රටවල අතිශයින් අනතුරුදායක රැකියාවලට පවා යන්න සිදුවී තිබෙනවා. මේ රටට විශේෂිත දායකත්වයක් ලබා ගත හැකිව තිබෙන විනය, සංවිධානාත්මකබව, කැපවීම යන ගුණාංගවලින් යුත් ඔවුන් රට වෙනුවෙන් විශේෂ කටයුතුවලට යොදාගත හැකියි. හමුදාව අත්හැර ගොස් සිටින තාමත් එය නීත්‍යානුකූලව සිදුකරගෙන නැති අයගේ ගැටලු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ගෞරවණීය පුරවැසියන් ලෙස ජීවත් විය හැකි වටපිටාවක් සකස් කර දෙනවා. රටක් හැටියට මත්ද්‍රව්‍ය, ජාවාරම්, ආහාර සුරක්ෂිතතාව, මූල්‍ය අපරාධවලට ඉඩ හැර නීතියේ ආධිපත්‍යය බිඳවැටීමෙන් මුදාගෙන රට ගොඩනඟන්න අපේ විශේෂිත හැකියාවන් යෙදවීමට දැඩි උනන්දුවකින් පෙළගැසෙමින් සිටිනවා. අගෝස්තු 04වැනි දින විශ්‍රාමික ත්‍රිවිධ හමුදා ජාතික සමුළුව පවත්වන්නේ එතෙර මෙතෙර සිටින ශ්‍රී ලාංකිකයන් විදිහට විශේෂ පණිවිඩයක් ලබාදෙන්නයි. පළමු ස්ථම්භය ලෙස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයත් ඊළඟ ස්ථම්භය ලෙස විශ්‍රාමික පොලිස් සාමූහිකයත් ඇතුළුව සියලුම ක්ෂේත්‍රවල වෘත්තිකයන් සහ විශිෂ්ටයින් සහභාගි කරගත් මහජන පාලනයක් ලබා ගැනීම වෙනුවෙන් සැප්තැම්බර් 21දා ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගන්න අපි සියලු දෙනා පෙළගැසී සිටිනවා.
“රට මුදා ගත හැක්කේ අදූෂිතභාවය ඔප්පු කර තිබෙන ජාතික ජන බලවේගයට පමණයි”
-විශ්‍රාමික රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්ත-
අපි ජාතික ජන බලවේගය සමග එක්වී කටයුතු කිරීම සම්බන්ධයෙන් අපත් සමග සිටි ඇතැම් සුළු පිරිසක් විවේචන එල්ල කර තිබුණා. කවුරුත් දන්නා පරිදි විශ්‍රාමික ත්‍රිවිධ හමුදා අයවලුන්ටත් තමන් කැමති දේශපාලන පක්ෂයකට සම්බන්ධ වී ක්‍රියාකිරීමේ අයිතිය තිබෙනවා. වෙනත් දේශපාලන පක්ෂවලට සම්බන්ධ වී කටයුතු කරන අය ගැන අපේ විවේචනයක් නැහැ. නමුත් අදිටනට සම්බන්ධවෙලා ඉන්න අපි කවුරුත් සක්‍රීය සේවයේදී දේශපාලනයට සම්බන්ධ වූ අය නොවේ. සිදුවන සමාජ අසාධාරණය සමාජය වෙනුවෙන් සිදුකරන මෙහෙවරක් ලෙස අපි විශ්‍රාම ගොස් වසර කිහිපයකට පසු මේ දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ වුණා. මේ රට මෙතෙක් පාලනය කළ පක්ෂ දෙක ගසට පොත්ත ලෙස බැඳී දූෂිත දේශපාලන සංස්කෘතිය පවත්වාගෙන ආවා. මේ තත්වයෙන් රට මුදා ගත හැක්කේ අදූෂිතභාවය ඔප්පු කර තිබෙන ජාතික ජන බලවේගයට පමණයි. කාලීන අවශ්‍යතාවයක් සහ ජාතික මෙහෙවරක් හැටියට විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය පිහිටුවා ගනිමින් ජාතික ජන බලවේගය සමග එක්වී කටයුතු කරනවා.
“දේශපාලනයට ගෞරවයක් ගෙන ආ හැකි එකම දේශපාලන ව්‍යාපාරය මාලිමාව පමණයි”
-විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා-
මම විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වීමට පෙර තිස්වසරක යුද්ධය නිමා කරන්න සක්‍රීයව දායකවූ කෙනෙක්. මගේ සමකාලීනයන් සියලුම දෙනා ඉහළම කැපවීමකින් ජීවිත පරදුවට තබා මාතෘ භූමියට අවශ්‍ය සාමය ඇති කරන්න දායක වුණා. ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් වැසියන් ඇතුළු දස දහස් ගණනකගේ ජීවිත අහිමි වී සම්පත් රැසක් කැපකරමින් යුද්ධය අවසන් කරන්න හැකි වුණා. අපි ඒ වෙනුවෙන් ක්‍රියාකළේ ඉහළම අරමුණක් සිත් තුළ රඳවාගෙනයි. රටේ සංවර්ධනයට අවශ්‍ය සාමකාමී පරිසරය සහ දියුණුව ලබා ගන්න ගෙවී ගිය වසර 15ක කාලය තුළ ක්‍රියාකරනවා වෙනුවට ණය ගෙවාගත නොහැකි බංකොලොත් රටක් බවට බිඳවට්ටවා තිබෙනවා. වර්තමානයේ වුවත් ප්‍රජාතන්ත්‍රවාදය පසෙකලා සිදුකරන දේශපාලනය, අනීතික ලෙස ධනය රැස්කිරීමේ ව්‍යාපාරයක් බවට පත්කර ගෙන තිබෙනවා. අපි කවුරුත් පිළිකුල් කරන මේ දේශපාලන ක්‍රමය වෙනස් කර, ගෞරවනීය දේශපාලනයට වගේම දේශපාලනඥයන්ට ගෞරවයක් ඇති කළ හැකි එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය පමණයි. අපි දැන් අවුරුදු දෙකකට වැඩි කාලයක් ජාතික ජන බලවේගය සමග සම්බන්ධ වී කටයුතු කරමින් සිටිනවා. අපේ දෙවන ජාතික සමුළුවට ගුවන් හමුදාවේ විශ්‍රාමික සාමාජිකයන් සියලු දෙනාට සහභාගී වන ලෙස ආරාධනා කරනවා.
මෙම මාධ්‍ය හමුවට විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු සහ විශ්‍රාමික එයාර් වයිස් මාෂල් බන්දුල හේරත් යන අයද සහභාගි වූහ.
(-සමස්ත ලංකා හෙද සංගමය – ජාතික හෙද සමුළුව – 2024.07.28 – තරුණ සේවා සභා ශ්‍රවණාගාරය-) ජනාධිපතිවරණය ඡන්දය සඳහා දින ප්‍රකාශ කළාට පසුව පවත්වන පළමු සමුළුව තමයි සමස්ත ලංකා හෙද සංගමයේ සමුළුව. ඔබ අපට විශාල විශ්වාසයක්, ධෛර්යයක්, ජයග්‍රහණය පිළිබඳව සහතිකයක් ලබාදී තිබෙනවා. අපි පොදුවේ හැමෝම සෑම අතින්ම ලෙඩ වෙලා ඉන්නේ. අපේ ආර්ථිකය සෑම පැත්තකින්ම ලෙඩවෙලා. අපේ […]
(-සමස්ත ලංකා හෙද සංගමය – ජාතික හෙද සමුළුව – 2024.07.28 – තරුණ සේවා සභා ශ්‍රවණාගාරය-)
ජනාධිපතිවරණය ඡන්දය සඳහා දින ප්‍රකාශ කළාට පසුව පවත්වන පළමු සමුළුව තමයි සමස්ත ලංකා හෙද සංගමයේ සමුළුව. ඔබ අපට විශාල විශ්වාසයක්, ධෛර්යයක්, ජයග්‍රහණය පිළිබඳව සහතිකයක් ලබාදී තිබෙනවා. අපි පොදුවේ හැමෝම සෑම අතින්ම ලෙඩ වෙලා ඉන්නේ. අපේ ආර්ථිකය සෑම පැත්තකින්ම ලෙඩවෙලා. අපේ ආර්ථිකය සුවදායී තත්වයක තිබෙනවාද? ආර්ථිකයේ කඩා වැටීම සෑම ක්ෂේත්‍රයකටම ගලාගෙන යමින් තිබෙනවා. ආර්ථිකය පමණක් නොවෙයි ජාතියත් අද ලෙඩ ජාතියක් බවට පත්වෙලා තිබෙනවා. ගිය වසරේ ලංකාවේ මරණවලින් එක්ලක්ෂ තිස්හත්දාහක් නැතිනම් මරණවලින් 80%ක් සිදුවී තිබෙන්නේ බෝ නොවෙන රෝගවලින්. අවුරුදු 35ට වඩා අඩු අයගෙන් 15%ක් දියවැඩියා රෝගයෙන්ද, 35%කට ආසන්න ප්‍රමාණයක් හෘද රෝගවලින්ද පෙළෙනවා. ඒ කියන්නේ අපේ රටේ ජාතිය ලෙඩ වී තිබෙනවා. තරුණ පරම්පරාව ලෙඩ වී තිබෙනවා. සෑම අතින්ම ලෙඩ වූ රටක්, ලෙඩ වූ ජාතියක්, ලෙඩ වූ ආර්ථිකයක් තිබෙන්නේ. මේ ලෙඩ සුවපත් කිරීමට දීර්ඝ කාලයක් තිස්සේ විවිධ අත්හදා බැලීම්, කරමින් අපේ රටේ ජනතාව ප්‍රයත්න දරා තිබෙනවා. අවුරුදු 76ක් මේ රට පත්වෙලා තිබුණු ලෙඩට බෙහෙත් හැටියට තෝරා ගෙන තිබෙන්නේ කෙහෙලියගේ බෙහෙත්. සුව වෙනවා වෙනුවට ලෙඩේ වර්ධනය වෙන බෙහෙත්. ඇසේ යම් පෙනීමේ දෝෂයක් තිබෙනවා නම්, ඒකට බෙහෙතක් ඇතුල් කළාට පසුව ඔහු පූර්ණ අන්ධභාවයට පත්වෙනවා. කෙහෙලියගේ බෙහෙත්. මේ රට ගොඩගැනීම සඳහා නව ඖෂධයක් අපේ රටට අවශ්‍යයි. ඔබ දන්නවා එකම බෙහෙත දීර්ඝ කාලයක් ලබාදීමෙන් ලෙඩේ සුව වෙන්නේ නැහැ. එය ලෙඩේ බෙහෙතට පත්තියන් වෙනවා. අපේ රටේ ලෙඩේටත් බෙහෙත් පත්තියන් වෙලා තිබෙන්නේ. ඒ නිසා අලුත් දිසාවකට රට පරිවර්තනය කළ යුතුමයි. අපි ඔබට ආරාධනා කරන්න ආවේ මේ මාවත වෙනස් කරමු කියන යෝජනාව කරන්න.
අපිට හොඳ ඖෂධ තිබුණාට නරක ඖෂධ තෝරා ගැනීමට සිදුවුණේ ඇයි? ඒක තමයි ඒ මොහොතේ තත්වය. අපට කැමැත්ත තිබුණත්, කොයිතරම් වුවමනාව තිබුණත් එවැනි ජයග්‍රහණයක් සඳහා අවශ්‍ය සමාජ වටපිටාවක් නිර්මාණය වී තිබුණේ නැහැ. අපේ කැමැත්තට මෙවැනි පෙරළි සිදුවන්නේ නැහැ. සමාජ පෙරළියක් සඳහා උඩින් අර්බුදයයි, යටින් අර්බුදයයි දෙකම මෝරන්න ඕනෑ. උඩින් අර්බුදය කියන්නේ පාලක පංතියට තවදුරටත් සුපුරුදු ආකාරයෙන් තමන්ගේ පාලන බලය පවත්වාගෙන යාමට නොහැකිවීම. මැතිවරණ ඉතිහාසයටම අද වෙනකොට, එක්සත් ජාතික පක්ෂය ඡන්ද පත්‍රිකාවෙත් නැහැ, එක්සත් ජාතික පක්ෂ නායකයාට ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වෙන්න සිදුවෙලා තිබෙනවා. යටින් මතුවෙන අර්බුදය නම්, ජනතාවට සුපුරුදු ආකාරයෙන් තමන්ගේ ජීවිතය තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි වීමයි. ඔවුන්ට සුපුරුදු ආකාරයෙන් ආහාර ටික, බෙහෙත් ටික සපයාගන්න, දරුවාට අධ්‍යාපනයක් ලබා දෙන්න නොහැකි වී තිබෙනවා. ඒ කියන්නේ සමාජ පෙරළියකට, යුග පරිවර්තනයකට අවශ්‍ය වටපිටාව නිර්මාණය වෙලා තිබෙනවා.
ඒ වටපිටාව ඉතා හොඳින් කළමනාකරණය කරලා, අපි අතට බලය ගන්න පුළුවන්ද, බැරිද කියන ප්‍රශ්නය මතුවෙලා තිබෙනවා. මේ ලෙඩ වුණු ජාතිය, මේ ලෙඩ වුණු රට අපි මුදා ගන්න ඕනෑ. ඒ සඳහා අපි කළ යුත්තේ මොකක්ද? මේ තරම් දුක්ඛදායක තත්වයකට හෙළුවේ, අපේ ආර්ථිකය ලෙඩ ඇඳට තල්ලු කළේ, අපේ රාජ්‍යය අපරාධ, මත්ද්‍රව්‍යවලින් ගහන වූ රාජ්‍යයක් වූයේ, නීතියේ ආධිපත්‍යය කඩා වැටුණු රාජ්‍යයක් වුණේ, ආර්ථිකය කඩා වැටුණේ, වෛරසයක් ඇතුළු වීම නිසයි. අපේ දේශපාලනය මත පැතිරුණු දේශපාලන විනාශකාරී වෛරසයක් තිබෙනවා. වංචාව, දූෂණය, නාස්තිය, අපරාධ, නීතියට වඩා උඩින් ඉන්න එක වැනි කරුණුවලින් පිරුණු දේශපාලන වෛරසයක් තිබෙනවා. මේ දේශපාලන වෛරසයට නිට්ටාවට සුව කළ හැකි බෙහෙතක් ලබාදෙන්න ඕනෑ. ඒ වගේම ආර්ථික ක්ෂේත්‍රයේ පැතිරුණු වෛරසයක් තිබෙනවා. ණය ගැනීම, විකිණීම, දැක්මක් සහිතව ආර්ථිකය මෙහෙයවීමට අසමත් වීම මේවායේ ප්‍රතිඵල විසින් ආර්ථිකය ලෙඩ වෙලා තිබෙනවා. මේ දෙකටම නිට්ටාවටම සුව කළ හැකි බෙහෙතක් අපි ලබාදිය යුතුයි.
තමන් අතට ලැබෙන බලය, ධනය එක්රැස් කිරීමේ එකම පරමාර්ථයක් බවට පත්කර ගත් සංස්කෘතිය වෙනස් කළ යුතුයි. මේ දේශපාලන සංස්කෘතිය වෙනුවට නව දේශපාලන සංස්කෘතියක් ඇති කර දේශපාලන ක්ෂේත්‍රය නිට්ටාවටම සුව කරන බවට අපි ඔබට සහතික වෙනවා. නීතිය ඉදිරියේ හැමෝම සමාන නම් පුරවැසියෙක් ඝාතනය කරලා එල්ලුම් ගසට නියම වූ කෙනෙක් පාර්ලිමේන්තුවේ අමාත්‍ය ධුරයක් දරන්න බැහැ. ඒ වගේම රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධුරය දරන්න බැහැ. අපේ රටේ ධනය, බලය තිබෙන කෙනාට එක නීතියකුත් දුප්පත්, දුබල කෙනාට තවත් නීතියකුත් ක්‍රියාත්මක වෙනවා. ජාතික ජන බලවේගයේ අපි නීතිය ඉදිරියේ උඩින් ඉන්න අය නොවෙයි, අපි නීතිය ඉදිරියේ හැමෝම සමානයි. ඒ වගේම අප ඉදිරියේ තිබෙන්නේ, බෙදුණු රටක්, ගැටුම් ඇති වුණු රටක්. ඒ වෙනුවට, ලංකාව තුළ ජාතික සමගියේ රාජ්‍යයක් නිර්මාණය කළ යුතුයි. එය දේශපාලන කාර්යයක්. ජාතික ජන බලවේගය ඒ කාර්යය කරනවා. දේශපාලන බලය හසුරුවන කේන්ද්‍රස්ථානයක් තමයි පාර්ලිමේන්තුව. නීති සහ සම්ප්‍රදායන් තම අරමුණු වෙනුවෙන් යොදා ගන්නා කථානායකවරයෙක්. අසැබි වචන කියමින් විනෝද වෙන, ළමා මනසක් සහිත පාර්ලිමේන්තුවක්. අපි මේ මඩ ගොහොරුව පිරිසිදු කරනවා. පැන්නොත් මන්ත්‍රී ධුරය අහෝසි වෙන, ආචාරධර්ම පද්ධතියකට යටත් වෙන ලෙස නීති සම්පාදනය කරනවා. අපේ ආර්ථිකයේ අපට පේන්නේ රෝගයේ ලක්ෂණ. රෝහලේ බෙහෙත් නැහැ, අවශ්‍ය කාර්ය මණ්ඩලය නැහැ. වෘත්තියවේදීන් රට අත්හැර යනවා මේ අපට ලෙඩේ පේන විදිහ. රෝග නිධානය තමයි ලෝකයේ ඇතිවන නව තත්වයන්ට අනුරූප වන පරිදි අවශ්‍ය වෙන ආර්ථික වෙනස්කම් අපි කරන්න අසමත් වුණු ජාතිකයක්.
රෝග නිධානයේ තිබෙන්නේ ලෝකයේ ඇති වූ නව වෙනස්කම්වලට අනුරූපී වන පරිදි අපේ ආර්ථිකය පෙළගැස්වීමට අසමත් වීමයි. අපි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකදි ලෝකයේ ඇතිවන නව පරිවර්තනයන් හොඳින් උකහාගෙන, දියුණු භාණ්ඩ හා සේවා නිෂ්පාදනයකින් ලෝකයේ වෙළඳපොළෙන් පංගුවක් අත්පත් කර ගැනීම සඳහා සැලසුමක් හදා තිබෙනවා. අපට ක්ෂේත්‍ර ගණනාවක් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය විශේෂම දේ තමයි පර්යේෂණ සහ සංවර්ධන අංශය දියුණු කිරීම. ලෝකය ඉස්සරහට පාලනය කරන්නේ තාක්ෂණයේ විශාලතම හිමිකාරයායි. ලෝකය එක කාලයක් පාලනය කළා, වැඩිම නාවික බලය තිබෙන කෙනා. යුද බලය තිබෙන කෙනා. තව කාලයක් පාලනය කළා වැඩිම මූල්‍ය බලය තිබෙන කෙනා. අද ලෝකය පාලනය කරන්නේ වැඩිම තාක්ෂණය හිමිකරුවා.
මෙහි අවසන් ප්‍රතිඵලය විය යුත්තේ කුමක්ද? පුරවැසියාට හොඳ ජීවිතයක් ලබාදීමයි. සෑම පුරවැසියාටම දැනුමක් සහිත අධ්‍යාපනය, නිරෝගී සම්පන්න ජීවිතයක් සහිත සෞඛ්‍යය, මානසික නිදහස, කලාව හා සාහිත්‍යය, ඔරොත්තු දිය හැකි ශක්තියක් හැදෙන ක්‍රීඩාවෙන් යුත් අපි නව මිනිස් පරම්පරාවක් හදන්න ඕනෑ. ඒ වගේම ඕනෑම වෘත්තියක නියැලෙන කෙනෙකුට, තමන් කරන වෘත්තියට නිසි වටිනාකම ලබාදෙමින්, වෘත්තිකයාට අලුත් ජීවිතයක් ලබාදෙමින් භුක්ති විඳින්න ඉඩකඩ ලබාදෙනවා. අපේ රටේ විශාල පිරිසක් මානසික ආතතියෙන් පෙළෙනවා. රටක් ඉදිරියට ගෙනයාම සඳහා වෘත්තියවේදීන් අවශ්‍යයි. ඒ අයගේ අධ්‍යාපන තලය තවදුරටත් ඉස්සරහට ගේන්න ඕනෑ. ලෝකයේ අධ්‍යාපනයේ ඉහළම තලයක තිබූ ප්‍රාථමික උපාධිය, අද සාමාන්‍ය අධ්‍යාපන මට්ටම බවට පත්වෙලා තිබෙනවා. අද අධ්‍යාපනයේ ඉහළම තලයක තිබෙන්නේ පශ්චාත් උපාධියයි. අලුත් පර්යේෂණ සිදුවෙන්නේ පශ්චාත් උපාධිය තුළයි. ප්‍රාථමික උපාධිය කියන්නේ මූලික මූලධර්ම. ඒ මූලධර්ම භාවිතාවට නගනකොට අලුත් දිශානතියකට යොමු කරන්නේ පශ්චාත් උපාධි මට්ටමෙන්. අපේ රටේ අධ්‍යාපන තලය ප්‍රාථමික උපාධියේ සිට පශ්චාත් උපාධිය දක්වා වර්ධනය කරන්න ඕනෑ. හෙද සේවයට ප්‍රාථමික උපාධියවත් නැති තත්වය තුළ අපි එතනින් ඔබ්බට උසස් අධ්‍යාපනයට යොමු කරන නව හෙද සේවාවක් ආරම්භ කරනවා. ලෝකය ඉස්සරහට ගමන් කරමින් තිබෙන්නේ නව සොයා ගැනීම් මතයි. ඒවා සියල්ල සිදුවෙන්නේ පශ්චාත් උපාධි ආයතනයන් තුළයි. එහෙම නැතිව ප්‍රාථමික උපාධිය තුළ අලුත් දේ සිදුවෙන්නේ නැහැ. අපේ රටේ පූර්ණකාලීන පශ්චාත් උපාධි අධ්‍යාපන ආයතනයක් නැහැ. ජාතික ජන බලවේගයේ අපි මේ අධ්‍යාපන තලය තව ඉහළ මට්ටමකට ගෙන යන්න නම් පූර්ණකාලීන පශ්චාත් උපාධි ආයතන පිහිටුවිය යුතු යැයි අපේක්ෂා කරනවා. අපි ඒ සඳහා අවධානය යොමුකොට තිබෙනවා.
ඒ වගේම අපේ ආර්ථිකය ගොඩනැගීමේදී අපි විශාල වාණිජ සම්පත් අපට නැහැ. නමුත් අපට පුනර්ජනනීය බලශක්තියේ විශාල විභවයක් තිබෙනවා. සංඛ්‍යා දත්තවලින් පෙන්වනවා 2030 වෙනවිට ලෝකයේ තෙල් සඳහා තිබෙන ඉල්ලුම උපරිමයට යනවා. 2030න් පස්සේ ඒ ඉල්ලුම අඩුවෙන්න පටන් ගන්නවා. 2050 වෙන විට ලෝකයේ බලශක්ති සැපයුමෙන් 65%ක් 85%ක් සපයන්නේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයයි. එතන අපට විභවතාවයක් තිබෙනවා. අපේ රටේ පිහිටීම, සම්පත් පිළිබඳව සැලකිලිමත් ආර්ථික සැලැස්මක් තිබිය යුතුයි. ඒ වගේම අපිට විශාල ජන ඝනත්වයක් තිබෙනවා. වර්ග කිලෝමීරටයක් තුළ ආසන්න වශයෙන් 343ක් ඉන්නවා. අපේ මානව සම්පත රටේ සම්පතක් බවට පරිවර්තනය කර ගත යුතු වෙනවා. ලෝකයේ වෙළඳපොළවල් දෙකක් තිබෙනවා. එකක් භාණ්ඩ වෙළඳපොළ. දෙක ශ්‍රම වෙළඳපොළ. අපි ලෝකයේ ශ්‍රම වෙළඳපොළෙන් අත්පත් කරගෙන තිබෙන්නේ අතිශය ප්‍රාථමික ශ්‍රම වෙළඳපොළක්. 2017දී 303,000ක් විදේශ රැකියා සඳහා ගොස් තිබෙන නමුත් වෘත්තීමය රැකියාවන් සඳහා ගොස් තිබෙන්නේ 6000ක් පමණයි. අපි ලෝකයේ ඉස්සරහට යන්න නම්, දියුණු ශ්‍රම වෙළඳපොළෙන් පංගුවක් අත්පත් කර ගන්න ඕනෑ. එතනදි හෙද ක්ෂේත්‍රය ලෝකයේ දියුණුම වෙළඳපොළෙන් පංගුවක් අත්පත් කර ගත හැකි ක්ෂේත්‍රයක්. ඒක අපේ ආර්ථික වර්ධනයේ මාවතක් හැටියට තීරණය කර තිබෙනවා.
වෘත්තියවේදීන්ගේ වරප්‍රසාද, රැකියාවල සුරක්ෂිතභාවය ගැන කල්පනා කරන්න ඕනෑ. අද ලෝකයේ හෙදියන් හා හෙදවරු 10,000කට 37ක් ඉන්නවා. ලංකාවේ ඉන්නේ 10,000කට 17යි. තව අපි ඉදිරියට යා යුතුව තිබෙනවා. දැනට 32,000ක් විතර වැඩ කරනවා. පුරප්පාඩු විශාල ප්‍රමාණයක් තිබෙනවා. අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුරප්පාඩු සියල්ල පුරවන්නත් නව කාඩර් එකක් නිර්මාණය කරන්නත් කටයුතු කරනවා. අලුත් තත්වයන්ට ගැලපෙන පරිදි කාඩර් එකේ ගැලපීමක් කරන්න ඕනෑ. ඕනෑම වෘත්තියක නියැලෙන කෙනෙකුට වෘත්තියේ තෘප්තිමත්භාවයක් තිබෙන්න ඕනෑ. එකක් නීතිමය ලෙසත්, අනෙක වැඩ කිරීම ලෙසත් වෙන්න ඕනෑ. නීතිමය තෘප්තිමත්භාවය ලැබෙන්නේ සේවා ව්‍යවස්ථාවෙන්. අපි ඔබත් සමග සාකච්ඡා කර, සේවා ව්‍යවස්ථාවේ ඇති ගැටලු නිරාකරණය කරනවා. ලැබෙන වැටුප තමන්ගේ ජීවිතය පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් විය යුතුයි. 2021 වැටුප සමග සංසන්දනය කරන විට අද වැටුප 30%කින් අඩුවෙලා තිබෙනවා. වැඩිවෙන ජීවන අංකයට අනුව වැටුප් ගැලැප්පීමක් කළ යුතුයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේදි අපි ඒක ඉටු කරනවා. වෛද්‍ය සේවය හෝ හෙද සේවය තිබූ පමණින් සෞඛ්‍ය ක්ෂේත්‍රය සාර්ථක වෙන්නේ නැහැ. අනෙක් සෑම ක්ෂේත්‍රයකටම වඩා සෞඛ්‍යය ක්ෂේත්‍රය සාමූහිකත්වය ඉල්ලා සිටිනවා. සෑම ක්ෂේත්‍රයකම නියැළී සිටින වෘත්තිකයන්ට පැවරී තිබෙන්නේ ජනතාව සුවපත් කිරීමේ කටයුත්තයි. අපේ රට සුවපත් ජාතියක් බවට පත් කිරීම සඳහා සාමූහිකව එක්ව වැඩ කරමු.
ඉතිහාසයේ රටට වැරදුණු තැන් තිබෙනවා. ඒ වැරදුණු තැන් හොඳින් අධ්‍යයනය කරලා, වෙනස් කළ යුතු තැන් ඉතා වේගයෙන් වෙනස් කරලා මේ රට නව පරිවර්තනයකට යොමු කරමු. ඒ වෙනුවෙන් අපි සියලු දෙනා එකට එකතුවෙමු.
“ආර්ථිකයෙන් සාධාරණ පංගුව සැමට හිමිවන ජනතාවගේ ආණ්ඩුවක් ගොඩනගමු”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, වෘත්තිය සමිති සම්මේලනයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත-
සමස්ත ලංකා හෙද සංගමයේ මේ සමුළුව පවත්වන්නේ අපේ රටේ ඓතිහාසික මොහොතකයි. අපි සිටින්නේ මෙතෙක් පැවැති 76 වසරක ඊනියා ප්‍රභූ පාලනය අවසන් කර, ජනතාවාදී පාලනයක් පිහිටුවා ගැනීමේ තීරණාත්මක ජනාධිපතිවරණයක් අභියසයි. සැප්තැම්බර් 21දා පැවැත්වෙන ජනාධිපතිවරණය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා නියත වශයෙන්ම ජනාධිපති ධුරයට තෝරා පත්කරගෙන ඉන්පසුව ජනතාවාදී පාලනයක් පිහිටුවා නව පුනරුද යුගය ආරම්භ කරනවා. අපි කවුරුත් කතා කරන්නේ දේශපාලනික, ආර්ථික, සමාජ හා සංස්කෘතික වශයෙන් අපේ රට කඩා වැටී ඇති බවයි. ජනතාවාදී පාලනයකින් මේ කඩා වැටෙන තැනින් රට ගොඩගන්න ඕනෑ. මේ දක්වා මැතිවරණ සටන් බිමේ ජයග්‍රහණ කරා පිවිසෙන්න ඉඩකඩ අපට ඔවුන් ඉතිරි කර තිබුණේ නැහැ. ඒ තත්වය වෙනස් කර, මෙවර මැතිවරණයෙන් පීඩිත, ප්‍රගතිශීලී ජනතාවගේ අපේක්ෂා ඉටුකර ගැනීමේ පාලනයක් පිහිටුවා ගන්න හොඳම වටපිටාවක් හැදී තිබෙනවා. පුනරුද යුගයේ රට ගොඩනැගීම ආරම්භ කරන්නේ මේ වාසිදායක වටපිටාවේ මැතිවරණ ජයග්‍රහණවලින් පසුවයි.
රට ගොඩනඟන්න නම් මේ කුණුවී තිබෙන දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ. එය වෙනස් නොකර ආර්ථිකය, සමාජය, සංස්කෘතිය ගොඩගන්න බැහැ. දේශපාලනය කුණු වෙනකොට අනිත් සියලු අංශ කඩා වැටෙනවා. ආර්ථිකය කඩා වැටෙනකොට කෙහොම වුණත් සමාජීය සහ සංස්කෘතික ජීවිතයක් පවතින්නේ නැහැ. ආර්ථිකය හොඳයි නම්, යහපත් සමාජීය ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒ වගේම ජීවිතය වින්දනය කිරීමේ සංස්කෘතික ජීවිතයක් ගොඩනඟා ගන්නත් පුළුවන්. සංස්කෘතිය සම්බන්ධ පොදු විග්‍රහය හැටියට අපි පිළිගන්නේ “ස්වභාව ධර්මයෙන් අපට නොලැබුණු, මිනිසා විසින් නිර්මාණය කරගත්, සියල්ලගේම එකතුවයි” කියන අදහසයි. ඔබේ නිල ඇඳුමත් සංස්කෘතියක්. හෙද සේවයේ විනය නීති ආචාරධර්ම කියන්නේ සංස්කෘතියේ කොටස්. ආර්ථිකය කඩා වැටෙන හේතුව දේශපාලනය, සංස්කෘතිය කඩා වැටෙන්න හේතුව දේශපාලනය. මේ විදිහට ගත්තාම මෙතෙක් පැවතුණේ ෆැමිලි බිස්නස් එකක් කරගත් දේශපාලනයක්. සජිත් දිනවලා අගමැති වෙන්න බලන් ඉන්න ලක්ෂ්මන් කිරිඇල්ල මධ්‍යම අධිවේගී මාර්ගයෙන් ගහපු ගැහිලි නිසා කොන්ක්‍රීට් පාලම් දැන්මම කඩා වැටෙනවා. ෆැමිලි බිස්නස්වල හැටි එහෙමයි. මේ අවුරුදු 76යේ ලංකාවේ දේශපාලනය පදනම් වී තිබුණේ තමන් ධනවත් වීම මත මිස රට ධනවත් නොකිරීමේ ෆැමිලි බිස්නස් එක මතයි. රට ධනවත් කරන දේශපාලනයක් ආරම්භ කිරීමේ හැරවුම ලබාගන්න රොද බඳින ලෙස හැමදෙනාටම අපි ආරාධනා කරනවා.
අපට හමුවන සමහර අය කියන්නේ මේ පාර නම් අපට උදව් කරනවා කියලා. මම ඒ අයට කියන්නේ කරුණාකරලා උදව් නම් එපා කියලා. උදව් කරන්නේ අසරණ වෙච්ච අයට, හදිසි අනතුරුවලට ලක්වුණු අයට වගේ අවස්ථාවලදී. අපි හැමෝටම කියන්නේ රටේ ප්‍රශ්නය මොකක්ද කියලා හරියටම තේරුම් අරගෙන ඒ තත්වය වෙනස් කරන්න අපි ඔක්කෝම එකතු වෙමු කියලා. රටේ කඩා වැටීමට පාලකයන් වගකියන්න ඕනෑ තමයි. නමුත් ජනතාව ලෙස අපි හැමෝම ඒ සඳහා වගකියන්න ඕනෑ. කාටවත් ඡන්දය නොදී ගෙදර බුදියාගෙන හිටපු කෙනෙක් වුණත් තමන්ගේ වගකීම හරිහැටි ඉටුනොකළ නිසා වගකියන්න ඕනෑ. දැන් අපි හැමෝම එකතු වී මේ රටේ අලුත් පරිච්ඡේදයක් ලියන්න සූදානම් වෙමු.
අපේ මුළු රාජ්‍ය සේවයම ජනාධිපතිට සහ ඇමති මණ්ඩලයට ගැටගසා තිබෙන අතර, පාර්ලිමේන්තුවෙන් සම්මත කර දී තිබෙන නීතිරීති ඒ අය විසින් ක්‍රියාත්මක කළ යුතුයි. රාජ්‍ය සේවකයන් ක්‍රියාත්මක කරන්නෙත් ඒ අණපනත් අනුවමයි. 1978 ඉඳලා අපිට ජනාධිපතිලා ඉන්නවා. රට කඩා වැටුණා කියන්නේ ජනාධිපතිලා ඇමති මණ්ඩලය හරහා නීතිය හරිහැටි ක්‍රියාත්මක කර නැහැ කියන එකයි. වංචා, දූෂණ, නාස්තිය සිදුවීමට ඉඩහැර තිබෙන බවයි. ඒ වගේම නීතිය ක්‍රියාත්මක කිරීමේදී අසරණ පුංචි මිනිසුන්ට එක විදිහටත් ධනවත්, ඊනියා ප්‍රභූ කෙනෙකුට වෙන විදිහකටත් ක්‍රියාත්මක වෙනවා. පොලීසිය, පාසල, රෝහල මේ හැමතැනේදීම ක්‍රියාත්මක වෙන්නේ ඒ ආකාරයට. මහජන ඡන්දයෙන් තෝරා පත්කර යවන ජනාධිපති පිස්සු කෙළියත් අවුරුදු පහක් යන තුරු ක්‍රියාමාර්ගයක් ගන්න බැහැ. ගෝඨා පළවා හැරියා වගේ අවස්ථා උදාවෙන්නේ සමහර විට ශතවර්ෂ ගණන්වලින්. නැත්නම් දශක ගණන්වලින්. අනුර සහෝදරයා ජනාධිපති කළ පසු හඳුන්වාදෙන ව්‍යවස්ථාවෙන් මහජන නියෝජිතයන් ආපසු කැඳවීමේ බලය ලබාදෙනවා. දේශපාලනය සුද්ද කරනවා කියන්නේ ඔන්න ඔතනින් පටන් ගැනීමයි. අද පත්කර ගන්නා මන්ත්‍රී කෙනෙක් අවුරුදු පහක් පාර්ලිමේන්තු යන්න ඕන නැහැ. මාස තුනකට වරක් පාර්ලිමේන්තු ගිහින් අවුරුදු පහටම දවස් 20ක් ගිහිල්ලා සියලු වරප්‍රසාද බුක්ති විඳිමින් අන්තිමේ විශ්‍රාම වැටුපකුත් ලැබෙනවා. මේ ක්‍රමය වහාම වෙනස් කරන්න ඕනෑ.මාලිමාව ඉදිරියේ කතිරය ගහන්න ඕනෑ මෙන්න මේ සිස්ටම් චේන්ජ් එක කරන්නයි.
දේශපාලනය ෆැමිලි බිස්නස් එකක් කර ගත් අය සිස්ටම් චේන්ජ් එක සිදුකරන වෙනත් ජාතික ව්‍යාපාරයකට පහසුවෙන් එන්න දෙන්නේ නැහැ. ඒ භූමිය තුළ ඔවුන්ම බලය මාරුකර ගත්තා. හෙදියන් ඇතුළු පීඩිත සහ ප්‍රගතිශීලී අය ඔවුන්ගේ ඒ ඡන්ද භූමියට කඩා වැදිලා කොඩිය ඔසවාගෙන ඉන්නවා. ඡන්දයට කලින් අපේ මේ කොඩිය බිම දාන්න ඔවුන් කළ හැකි හැමදේම කරනවා. අපි කතා කරන දේවල් විකෘති කරනවා. ජනතාවත් එක්ක ඇතිවී තිබෙන සම්බන්ධය බිඳීමේ මාධ්‍ය වළල්ලක් චෞර පාලකයන්ට තිබෙනවා. ඇතැම් මාධ්‍යවේදීන් කුලියට අරගෙන චෞර වළල්ලට සම්බන්ධ මාධ්‍ය ජාලය උපරිමයෙන් ක්‍රියාත්මක කරනවා. ඒ වෙනුවෙන්ම පටන් ගත් යූ ටියුබ් නාලිකා තිබෙනවා. කාලයක් තිස්සේ ක්‍රියාත්මක රූපවාහිනී නාලිකා වගේම පත්තරත් තිබෙනවා. ඒ ඔක්කෝම එකතු වෙලා මේ දක්වා මැතිවරණ සටන් භූමියට එන්න නොදුන් ප්‍රගතිශීලීන්, පීඩිතයන් පසුගිය අරගලවලින් පස්සේ වගේම ඒ දක්වා ගෙන ගිය සටන්වල ප්‍රතිඵල ලෙස සහ මේ දක්වා ගෙන ගිය සටන්වල ප්‍රතිඵලයක් ලෙස ජයග්‍රහණයක් කරා පැමිණ සිටිනවා. මෙතෙක් තනි තනි මිනිසුන් ළඟ තිබුණු එක් එක් සංස්කෘතිය ජාතික ජන බලවේගයේ සංස්කෘතිය බවට පත් කළ නිසා ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ දක්වා නොතිබුණු වික්ෂිප්තභාවයක් ගොඩනැගී තිබෙනවා. ජාතික ව්‍යාපාරයක් බවට පත්කර තිබෙන ඒ සංස්කෘතියෙන් මේ රට ගොඩනඟනවා මිස කිසිවෙක් පුද්ගලික ප්‍රතිලාභ බලාගෙන මේ දේශපාලනය කරන්න ඕන නැහැ.
අපේ පාලනයක් යටතේ මානව සම්පතේ දියුණුවට එරෙහිව මෙතෙක් පවතින බාධා ඉවත් කරනවා. ඒ තුළ සෞඛ්‍යය සේවයට තිබෙන බාධා ඉවත් කිරීම කරනවා. හෙද සේවයට කසිකබල් උපාධි දෙනවා වෙනුවට නවීන දැනුමෙන් යුතු නිසි උපාධියක් ලබාදී සමස්ත සෞඛ්‍යය සේවයට, පවතින බාධා වගේම, රටේ සමස්ත මානව සම්පතේ බාධාවල් ඉවත් කරනවා. ඒ වගේම හැමදෙනාටම තමන් සම්බන්ධ වී සිටින ආර්ථිකයෙන් තමන් වෙත ලැබිය යුතු සාධාරණ පංගුව ලබාගැනීමට තිබෙන බාධාවල් ඉවත් කරනවා. ආර්ථිකයෙන් සාධාරණ පංගුව ලැබෙනවා නම්, වැඩවර්ජන කරන්න ඕනෑද? අපි හැමෝටම මාලිමාව බලයට පත් කර ගත යුත්තේ මේ මූලික බාධා දෙක ඉවත්කර ගන්නයි. රාජ්‍ය බලයක් ලබා ගන්න ඕනෑ මේ ක්‍රියාමාර්ග දෙක අනුගමනය කරන්නයි. ප්‍රගතිශීලීන්ගේ සහ පීඩිත ජනයාගේ රාජ්‍ය බලය පිහිටුවන අවස්ථාව සැප්තැම්බර් 21 උදාවී තිබෙනවා. එය ජයග්‍රහණය කරවීම සඳහා ඉදිරි කාලය තුළ අපි හැමෝම අඛණ්ඩව ක්‍රියාකරන්න ඕනෑ. බලය ගත් පසු මේ පාලනය අපේ බව වෘත්තිය සමිතිවලටත් සමස්ත වැඩකරන පංතියටත් දැනෙන්න ඕනෑ. අපේ වගකීම වෙන්නේ ජනතාවගේ ආණ්ඩුවක් බව තහවුරු වන ආකාරයෙන් ප්‍රතිපත්තිගරුකව සහ කාර්යශීලීව වැඩකිරීමයි. අපි ඒ ප්‍රතිපත්ති අනුව වැඩ කරන බව මෙතෙක් තහවුරු කර තිබෙනවා වගේම ඉදිරියේදී ක්‍රියාවෙනුත් ඔප්පු කරනවා. මෙය රට පරිවර්තනය කිරීමේ සමුළුවක් බව මේ අවස්ථාවේ සිට ක්‍රියාවෙන් ඔප්පු කරමු.
(-Matara, July 27, 2024-) ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අද (27) මාතර වැලිගම ප්‍රදේශයේ සංවිධානය කර තිබූ “මුස්ලිම් සහෝදරත්ව හමුව” සඳහා සහභාගී විය.
(-Matara, July 27, 2024-)
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අද (27) මාතර වැලිගම ප්‍රදේශයේ සංවිධානය කර තිබූ “මුස්ලිම් සහෝදරත්ව හමුව” සඳහා සහභාගී විය.
(-ජාතික ජන බලවේගයේ බැංකු සහ මූල්‍ය සංසදයේ මාතර දිස්ත්‍රික් සම්මන්ත්‍රණය – 2027.07.27 – මාතර පර්ල් පැලස් හෝටලය-) දීර්ඝ කාලයක් අපි ඡන්ද පාවිච්චි කර තිබෙනවා. ඡන්දෙ දෙනකොට, ආණ්ඩුවක් හදනකොට පුරවැසියන් තුළ තිබුණු අපේක්ෂාවන්, බලාපොරොත්තු සාර්ථක වී තිබෙනවාද? අපේ රටේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයන් දෙස බැලුවත්, සමාජයේ කඩා වැටීම් දෙස බැලුවත්, රාජ්‍ය සහ අනෙකුත් සෑම අංශයකම ඇති […]
(-ජාතික ජන බලවේගයේ බැංකු සහ මූල්‍ය සංසදයේ මාතර දිස්ත්‍රික් සම්මන්ත්‍රණය – 2027.07.27 – මාතර පර්ල් පැලස් හෝටලය-)
දීර්ඝ කාලයක් අපි ඡන්ද පාවිච්චි කර තිබෙනවා. ඡන්දෙ දෙනකොට, ආණ්ඩුවක් හදනකොට පුරවැසියන් තුළ තිබුණු අපේක්ෂාවන්, බලාපොරොත්තු සාර්ථක වී තිබෙනවාද? අපේ රටේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයන් දෙස බැලුවත්, සමාජයේ කඩා වැටීම් දෙස බැලුවත්, රාජ්‍ය සහ අනෙකුත් සෑම අංශයකම ඇති වී තිබෙන බිඳ වැටීම් දෙස බැලුවත් සිදුවී තිබෙන්නේ ඉදිරියට යාම නොවෙයි, පසුපසට යාමයි. අපි මේ ඉරණමෙන් ගොඩඑන්න ඕනෑ. ගොඩඑන්න නම් පළමුවෙන්ම දූෂිත, විනාශකාරී, දැක්මක් නැති පාලක කණ්ඩායම පළවා හරින්න ඕනෑ. මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට ආවේ 1970දි. අවුරුදු 54ක් පාර්ලිමේන්තුවේ. රනිල් ආවේ 1977දි. අවුරුදු 47ක් පාර්ලිමේන්තුවේ. දිනේෂ් ආවේ 1983දි. අවුරුදු 41ක් පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී, ඇමති, අගමැති, ජනාධිපතිකම් දැරුවා. එයාලව තවත් පරීක්ෂාවට භාජනය කළ යුතු නැහැ. අපි දශක ගණනාවක් ඒ මල්ල ලෙහලා බැලුවා. අපි ඒ ගතානුගතික දේශපාලන කඳවුරෙන් නවීන දේශපාලන ව්‍යාපාරයක් අතට බලය ලබා ගන්න ඕනෑ. ඒකට හොඳම අවස්ථාව සැප්තැම්බර් 21 උදාවෙලා තිබෙනවා.
අපි මේ විනාශයන් දකින්නේ අපේ ඇස් ඉදිරිපිටයි. දකුණු කොරියාවේ වර්ධනයන්, වියට්නාමයේ වර්ධනයන්, ඉන්දියාවේ වර්ධනයන් අපි දකිමින් ඉන්නවා. ඉන්දියාවේ 80 දශකයේ කුඩ නිෂ්පාදනයක්, සබන් නිෂ්පාදනයක් තිබුණේ නැහැ. එහෙම තිබූ ඉන්දියාව අපි දන්නවා වගේම අද හඳට යන ඉන්දියාවත් අපි දකිමින් ඉන්නවා. මේ කලාපෙට මෝටර් රථ, ඖෂධ, ආහාර, බීජ නිෂ්පාදනය කරන ඉන්දියාව අපි දකිනවා. මේ රාජ්‍යයන් විසිවන සියවසේ ඇති වූ තාක්ෂණය හොඳින් උකහා ගෙන සැලසුම් සකස්කොට ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ඒ වගේම අපි දන්න කාලය තුළ අපේ රටට උදාවූ විනාශයත් අපි අත්විඳිමින් ඉන්නවා. අපි මේක වෙනස් කරන්න ඕනෑ. එහි ආරම්භක පියවර තමයි මේ ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය අතට බලය මාරුකර ගන්න ඕනෑ. මේ විදිහට අපේ දුවා, දරුවන් ජීවත් විය යුතු නැහැ. ලෝකය ඉදිරියේ අපකීර්තියට පත්වුණු රටක් බවට පත්වෙන්න ඕන නැහැ. සියලු දෙනාම එකතු වෙලා, මැදිහත් වෙලා නව දේශපාලන ගමනකට අපේ රට අවතීර්ණ කරන්න ඕනෑ.
පළමුවෙන්ම මේ රට ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් බවට පරිවර්තනය කරන්න ඕනෑ. මිනිසා පරිණාමයේ ආරම්භයේදී, අපේ මානවයා ගහෙන් බැස්සාට පස්සේ අසරණම සත්වයා බවට පත්වුණේ මානවයා. ඒ අසරණභාවය විසින් අපම සාමූහිකත්වයෙන් ජීවත් වීමට පෙළඹුවා. දඩයමක් කරන්න ගියේ රංචු ගැහිලා. දඩයම භුක්ති වින්දේ සාමූහිකව. පසුව ශක්තිමත් තැනැත්තා නායකයා වුණා. ඒ රැහේ තීන්දු තීරණ සියල්ලම ගත්තේ නායකයායි. දීර්ඝ කාලයක මිනිසුන්ගේ සටන්, නැගිටීම් මගින් ඒවා ආයතන ලෙස ගොඩනැගෙන්න පටන් ගත්තා. නීති සම්පාදනය සඳහා පාර්ලිමේන්තුවත්, නීති ක්‍රියාත්මක කිරීම සඳහා විධායකය ඇතුළු කැබිනට් මණ්ඩලයත්, නීති ක්‍රියාත්මක කිරීම හරිද වැරදිද කියලා බලන්න අධිකරණයත් බිහි වුණා. නීති සම්පාදනය සඳහා පාර්ලිමේන්තුව පත්වෙන්නේ ජනතාවගෙන්, අධිකරණ පද්ධතියට බලය ලැබෙන්නේ පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගන්නා නීතිවලින්. සමාජය ශිෂ්ට සම්පන්න ආයතන විසින් පාලනය වෙන්න පටන් ගත්තා.
අපේ රටේ මේ ආයතන කඩා වැටීමට භාජනය වෙලා. ජනතාව අපේක්ෂා කළ ශිෂ්ට සම්පන්න පාර්ලිමේන්තුවක් බවට පත්වී තිබෙනවාද? අද මෙම ආයතනයන් අශිෂ්ටත්වයේ ප්‍රතිමූර්ති බවට පත්වෙලා. පාර්ලිමේන්තුවේ ගොඩක් අය අද සම්මත වෙන පනත මොකක්ද කියලා දන්නේ නැහැ. ඒවා එයාලට අදාළම නැහැ. හැබැයි බලය තිබෙන්නේ එතෙන්ට. යළි ශිෂ්ටත්වය කැඳවාගෙන එන්න නම් මේ පාර්ලිමේන්තුව වෙනස් කළ යුතුයි. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය වඩාත් ප්‍රජාතාන්ත්‍රික සංශෝධනයක්. 17 මුළුමනින්ම අයින් කරලා 18 ගෙනාවා මහින්ද රාජපක්ෂ. 17ට අත ඔසවපු අය 18ටත් අත ඔසවනවා. 19, 20, 21 මේ සෑම ව්‍යවස්ථා සංශෝධනයකටම මොවුන් අත ඔසනවා. මෙවැනි අශිෂ්ට ආයතනත් එක්ක ඉස්සරහට යන්න පුළුවන්ද? අශිෂ්ටත්වයෙන් ශිෂ්ටත්වයට ගේන පාර්ලිමේන්තුවක් බවට මේ පාර්ලිමේන්තුව පත් කළ යුතුයි. මිනිසුන් අපේක්ෂා කළ වුවමනාවන් ඉටුවෙන පාර්ලිමේන්තුවක් පත්කළ යුතුයි. අපි ව්‍යවස්ථාදායක බලය නියමිත පරිදි පිළිබිඹු වෙන පාර්ලිමේන්තුවක් බවට පාර්ලිමේන්තුව පත්කරනවා.
විධායක බලය වෙනස් වෙන්න ඕනෑ. තනි පුද්ගලයෙකු මත අසීමිත බලයක් කේන්ද්‍රගත වෙලා තිබෙනවා. අධිකරණයට තිබෙන්නේ තිබෙන නීති අර්ථ නිරූපණය කරමින් දඬුවම් ලබා දෙන්න. වංචාව, දූෂණය, නාස්තිය නතර කිරීම සඳහා නව නීති ප්‍රමාණයක් අපි ගේනවා. පාර්ලිමේන්තුවත්, විධායකයත්, අධිකරණයත් නිශ්චිත සමාජ වුවමනාවන් වෙනුවෙන් වැඩ කරන ආයතනයන් බවට පරිවර්තනය කරන්න ඕනෑ. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත්කිරීම වැරදි බවට අධිකරණය තීන්දුවක් දුන්නා. පත්කිරීමේ බලධරයා ජනාධිපතිවරයායි. ජනාධිපතිවරයා විසින් නමක් යවනවා ව්‍යවස්ථා සභාවට. ව්‍යවස්ථා සභාව එය අනුමත කොට ජනාධිපතිවරයාට යවනවා. ජනාධිපතිවරයා විසින් පත්කරනවා. දැන් මතයක් යනවා පාර්ලිමේන්තුවේ තීන්දුවකට අත තියන්න අධිකරණයට බැහැ කියලා. ව්‍යවස්ථා සභාවට එවැනි බලයක් දීලා නැහැ. පාර්ලිමේන්තු මහ ලේකම්වරයා, මැතිවරණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, පොලිස් කොමිසම, පොලිස්පතිවරයා ආදී වැදගත් ආයතන ගණනාවක තනතුරු ව්‍යවස්ථා සභාවෙන් පත්කරනවා. ඕනෑම පුරවැසියෙකුට ඒ පත්කිරීමේ ක්‍රමවේදය නිසි පරිදි අනුගමනය කර නැහැ කියා අදහසක් තිබෙනවා නම් මූලික අයිතිවාසිකම් නඩුවක් දැමීමේ අයිතිය තිබෙනවා.
ව්‍යවස්ථා සභාවේ නව දෙනෙක් ඉන්නවා. පොලිස්පතිවරයාගේ තනතුර ව්‍යවස්ථා සභාවේ පස් දෙනෙක් අනුමත කරන්න ඕනෑ. නව දෙනාට කථානායකත් අයිති වෙනවා. එදා හතරදෙනෙක් පොලිස්පතිට පක්ෂව ඡන්දය දුන්නා. දෙන්නෙක් නිහඬව සිටි අතර, දෙන්නෙක් විරුද්ධ වුණා. ව්‍යවස්ථා සභාවේ අවස්ථාවක් තිබෙනවා, ඡන්දෙ සමාන වුණොත් තීරක ඡන්දය පාවිච්චි කරන්න පුළුවන් කථානායකවරයාට. කථානායකවරයා, ලියුමක් ලියනවා ජනාධිපතිවරයාට. “හතර දෙනෙක් පක්ෂ වී ඇත. දෙදෙනෙක් විරුද්ධ වී ඇත. තව දෙදෙනෙක් නිහඬ වී ඇත. නිහඬවී ඇති දෙදෙනා විරුද්ධ වී ඇතැයි සේ සලකන්නේ නම්, මාගේ ඡන්දය පක්ෂව ලබාදෙනු ඇත” කියලා. මේකට විරුද්ධව කථානායකවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනාවා. ශ්‍රේෂ්ඨාධිකරණය මෙහි නිමිත්තක් තිබෙනවා දැක පොලිස්පතිවරයාගේ සේවය අත්හිටුවනවා.
දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී කියනවා, “එම නඩු තීන්දුව පිළිගන්නේ නැහැ” කියලා. මම කියනවා “දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී කළ කථාව පුළුවන් නම්, එළියේ කරන්න” කියලා. පොලිස්පති දේශබන්දු, එක ලියුමකට අත්සනක් ගහන්න, පොලිස්පති හැටියට. ඒ ආයතනවල ශිෂ්ටත්වය, ගෞරවය මේ පාලකයන් ආරක්ෂා කරනවාද? මුළු සමාජයම කඩා වැටීමට භාජනය වෙලා. මුළු ආණ්ඩුවක්ම එක දෙපාර්තමේන්තුවක ප්‍රධානියෙක් වෙනුවෙන් පෙනී ඉන්න එකෙන් පෙන්නුම් කරන්නේ මොකකද? ආයතනය රඳා පවතින්නේ පුද්ගලයා මත නම්, ඒ ආයතනවල පැවැත්ම අහෝසි වෙනවා. රජයක් එහෙම කල්පනා කරන්නේ ඇයි? තමන්ට අවශ්‍ය වන අයථා ක්‍රියාවල යෙදෙන්න. රටේ පොලිස් දෙපාර්තමේන්තුවට පැවරී තිබෙන නීත්‍යනුකූල වැඩකටයුතු ටික කරගන්න ඕනැකම තිබෙන්නේ නම්, වෙනත් සුදුසු නිලධාරියෙක් පත්කර ගන්න පුළුවන්. මේ අශිෂ්ටත්වය පරාජය කරන්න ඕනෑ. අපේ දේශපාලනයේ පළමු අපි බාරගන්න වගකීම තමයි මේ ආයතනයන්ට නිසි පරිදි පැවරී තිබෙන කාර්යයන් සහ වගකිම් ඉටුකිරීම සඳහා අවශ්‍ය වන සහාය සහ බලය ලබාදීම.
ඊළඟට අපේ ආර්ථිකයේ විශාල පරිවර්තනයක් අත්පත් කර ගන්න ඕනෑ. ආර්ථික පරිවර්තනය සඳහා අපට වෘත්තිමය ශ්‍රමය අවශ්‍යයි. අපේ ශ්‍රම බලකායෙන් වෘත්තිමය ශ්‍රමය තිබෙන්නේ 15%යි. 85%ක් තිබෙන්නේ පුහුණු, නුපුහුණු, අර්ධ පුහුණු විදිහට. උදාහරණයට බැංකුව මෙහෙයවීම සඳහා ඒ ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වය තිබෙන බැංකු කළමනාකරුවෙක් නැත්නම්, සාමාන්‍ය සේවකයන්ගෙන් බැංකුව පවත්වාගෙන යාමට හැකියාවක් නැහැ. වෘත්තිමය ශ්‍රමය විසින් තමයි අනෙක් අයගේ සේවය උකහා ගන්නේ. වෛද්‍ය, ඉංජිනේරු වැනි වෘත්තිකයන් රට හැර යනවා. ඒ නිසා රට ගොඩනඟන්න නම්, වෘත්තිමය ශ්‍රමය රට අත්හැර යාම සඳහා බලකර තිබෙන සාධක ඉවත් කරන්න ඕනෑ. රට මෙහෙය වන්නේ අපරාධකරුවන් නම්, වෘත්තිමය සේවකයාගෙන් වැඩක් නැහැ, යන හැඟීම ඇති වෙනවා. ඒ නිසා “අපි මේ රටට අවශ්‍ය මිනිසෙක්” යන ආකල්පය හදන්න ඕනෑ. රට අතහැර යන ගොඩක් අය මැදිවියේ අය. ඒ යන්නේ තම දරුවන්ගේ අනාගතය ගැන විශ්වාසයක් නැති නිසා. ඒගොල්ලන්ට අපි කියනවා, “ඔයගොල්ලන්ගේ දරුවන්ට මේ රට විශ්වාසදායක රටක් බවට පත්කරනවා” යන විශ්වාසය හදනවා. තුන්වැනිව, ඒ වෘත්තියවේදීන්ට තමන්ගේ දැනුම කාර්ය නිසිපරිදි කරගෙන යාම සඳහා ඇගයීම තියෙන්න ඕනෑ.
වෘත්තියවේදීන්ගේ වැටුපෙන් 36%ක් ටැක්ස්වලටත් ඉතිරි මුදලට බඩු ගන්නකොට ආයෙමත් 18%ක් ටැක්ස් වදිනවා. මාසෙ අන්තිමේදි හිතනවා වැඩ කරලා තියෙන්නේ අපට නොවෙයි කියලා. එහෙම ගත්තට කමක් නැහැ. නමුත් ඒ ගන්න මුදල්වලට මොකද වෙන්නේ? රනිල් වික්‍රමසිංහ රට යන්න අයවැයෙන් වෙන්කර ගත් මුදල් මදිවෙලා තවත් ලක්ෂ 2000ක් වෙන්කර ගන්නවා. මේ මාස දෙකට පරිපූරක ඇස්තමේන්තුවක් ගෙනල්ලා ඡන්දෙට කෝටි 875ක් වෙන්කර ගන්නවා. තරුණ සේවා සභාවෙන් මිලියන 400ක් කැබිනට් එකෙන් ඉල්ලුවා. මියුසිකල් ෂෝ කරනවා. තමන්ගේ පඩියෙන් කපා ගන්නා ධනය නාස්ති කරනවා, සොරකම් කරනවා. ඇමතිවරුන්ගේ ගෙවල්වල ලයිට් බිල එක්ලක්ෂ විසිදාහයි. තිස්දාහයි. ඩීසල් මිල ඉහළ ගිය අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඩීසල් දීමනාවට රුපියල් ලක්ෂයක් වැඩි කළා. ඒ ලක්ෂය ගත්තේ නැත්තේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම පමණයි. පුරවැසියන්ට බර එනවා. පුරවැසියන්ට ඇස් ඉදිරිපිට පේනවා තමන්ගේ බදු සල්ලිවලට මොකද වෙන්නේ කියලා. ජාතික ජන බලවේගයේ අපි ඒ බදු සල්ලි නියමිත පරිදි වියදම් කිරීම පිළිබඳ විනිවිදභාවයක් පුරවැසියන්ට දෙනවා. ඒ වගෙම මේ ටැක්ස් එක අනිවාර්යයෙන් අඩු කරනවා.
අපි ආර්ථිකය හදන්න අපට තිබෙන විභවතාවයන් සොයා බලන්න ඕනෑ. අපට කළ හැකි දේවල් මොනවාද බලන්න ඕනෑ. අපට ඛනිජ සම්පත් තිබෙනවා. ප්‍රාග්ධනය නැත්නම් අපි ප්‍රාග්ධනය කැඳවනවා. තාක්ෂණය නැත්නම් විදෙස් ආයෝජකයන් කැඳවන්න ලැහැස්තියි. අපි ස්වභාවික සම්පත් මත ආර්ථිකය සැලසුම් කරන්න ඕනෑ. ග්‍රාමීය ජනතාවගේ දුප්පත්භාවය තුරන් කිරීම සඳහා ගමේ තිබෙන විභවතාවයන් හඳුනා ගන්න ඕනෑ. අපේ රටේ පිහිටීම මත අපට හොඳ ආර්ථිකයකට යා හැකියාව තිබෙනවා. නාවික කර්මාන්තය සහ නාවික ප්‍රවාහනය පිළිබඳ අවධානය යොමුකොට තිබෙනවා. සංචාරක කර්මාන්තයේ විශාල විභවතාවයක් තිබෙනවා. ඒ වගේම අපේ මානව සම්පත දියුණු කළ හැකිව තිබෙනවා. 2030දි ලෝකයට මෘදුකාංග ඉංජිනේරුවන් මිලියන 45ක් අවශ්‍ය වෙනවා. ඒ ලෝකයේ ඉල්ලුම හැදෙන මිලියන 45න් යම් ප්‍රතිශතයක් අපි අත්පත් කර ගන්නේ කොහොමද යන්න අනුව මේ මානව සම්පත දියුණු කළ යුතු වෙනවා. දියුණු මානව ශ්‍රම වෙළඳපොළ අත්පත් කර ගැනීම ගැන අවධානය යොමු කර සැලසුම් සකස් කළ යුතු වෙනවා. ආහාර සුරක්ෂිතතාවයේදී කෘෂිකර්මාන්තය කෙරෙහි විශාල අවධානයක් යොමු කළ හැකි වෙනවා. මේ පැති කිහිපය ඉතා හොඳින් කළමනාකරණය කර මෙහෙය වුවහොත් ඉතා හොඳ ආර්ථික ප්‍රතිලාභවලට යාමට හැකියාව තිබෙනවා. සෑම අතින්ම පොහොසත් රටක්. ලෝකයේ පිළිගැනීමට භාජනය වූ පොහොසත් රටක්, සමාජ ආකල්පවලින් පොහොසත් රටක්, කාර්යක්ෂම රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීමෙන් පොහොසත් රටක්, නිර්මාණය කිරීම තමයි අපේ අපේක්ෂාව. ඒ සඳහා එක්ව පොර බැදුවොත්, එක්ව මැදිහත් වුණොත් අපට මේ රට ගොඩනගන්න පුළුවන්. අපට ඉතා හොඳ අවස්ථාවක් උදාවී තිබෙනවා. ඒ සඳහා මාවත විවෘත කරගන්න. ප්‍රතිගාමී කඳවුර පරාජයට පත් කළ යුතුයි. ප්‍රගතිශීලී කඳවුර ජයග්‍රහණය කළ යුතුයි. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙමු.
“සජිත් ළඟ ඉන්නවා කියන ආර්ථික ඔස්තාර්ලා සියලු දෙනා එදා රනිල් ආණ්ඩුවේ සිටියා”
-බැංකු හා මූල්‍ය සංසදයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක දිල්ශාන් ෂාමිකර-
රනිල් වික්‍රමසිංහට තිබුණා කියන හැකියාව සහ දැනුම 2015 – 2019 කාලයේ තිබුණා නම්, රට මේ තත්වයට ඇද වැටෙන්නේ නැහැ. විදේශ ණය බැඳුම්කර විශාල වශයෙන් ගත්තේ ඔහුයි. අදූරදර්ශී ලෙස කටයුතු කර, රට මේ තත්වයට ඇද දැමුයේ ඔහුයි. රාජපක්ෂලා සහ රනිල් වික්‍රමසිංහලා එක්වී රාජ්‍ය ආයතන සියල්ලම ඥාතීන්ගෙන් පුරවා පාඩු ලබන ආයතන බවට පත් කළේ ඔවුනුයි. සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස ළඟ ඉන්නවා කියන ආර්ථික ඔස්තාර්ලා සියලු දෙනා එදා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ සිටියා. ඔවුන් සියලු දෙනා එක්වී රට මේ තත්වයට ඇදලා දාලා 2048දී සංවර්ධනය කරන බව දැන් කියනවා.
2016දී රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශයක් දිවයින පත්තරේ ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස සඳහන් කළා. 2020දී රට ණය බරෙන් නිදහස් කරන බව එහි සඳහන් කර තිබුණා. ඔවුන් කියන සුරංගනා කතා මේ රටේ වෘත්තිකයන් තවදුරටත් විශ්වාස කරන්නේ නැහැ. ඔවුන්ට මේ රට සංවර්ධනය කරන්න බැහැ. මහජනතාවත් ඔවුන්ව ප්‍රතික්ෂේප කර අවසන්. මේ රටට නිදහසේ ආයෝජකයන් ගෙන්වා ගත හැකි ආණ්ඩුවක් පිහිටුවා ගන්න අපි හැමදෙනාම පෙළගැසී අවසන්. ඒ වෙන කිසිවෙකුත් නොවෙයි, සැප්තැම්බර් 21දා නියත වශයෙන්ම බලයට පත්කර ගන්නා අනුර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගයයි.
“ආර්ථිකයේ රුධිර සංසරණ පද්ධතිය ලෙස මාලිමාවේ බැංකු හා මූල්‍ය සංසදය කටයුතු කරනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති-
මෙතෙක් පැවැති ආණ්ඩුවල සමස්ත ක්‍රියාකාරිත්වය නිසා මේ වන විට දෙලක්ෂ පනස් එක්දහසක් පමණ ව්‍යාපාර වැසී ගොස් තිබෙනවා. ඒ ව්‍යාපාරිකයන් පිළිබඳව පුළුල් අවබෝධයක් තිබෙන්නේ බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රයේ ඔබ සැමටයි. ඔබ මෙතෙක් කල් ව්‍යාවසායකයන් සමග වගේම ගම්බද දුප්පත් ජනතාවත් එක්ක මූල්‍ය ක්ෂේත්‍රයේ ලබාගත් අත්දැකීම් ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ රට ගොඩනැගීමට අත්‍යවශ්‍යයි. ඇමතිගේ කටින් පිටවන වාක්‍යය චක්‍රලේඛ සේ සලකලා කටයුතු කරන්න රාජ්‍ය බැංකුවලට බොහෝ අවස්ථාවල සිදුව තිබුණා. නමුත් ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ අවශ්‍ය ක්ෂේත්‍රවලට ප්‍රමුඛතම මූල්‍ය පහසුකම් ලබාදෙනවා. ලාල්කාන්ත සහෝදරයා ඇමති ලෙස සහ මම නියෝජ්‍ය ඇමති ලෙස කෙටි කාලයකට කටයුතු කළ කුඩා කර්මාන්ත අමාත්‍යාංශයේ අත්දැකීම් විශාල ප්‍රමාණයක් ඒ වෙනුවෙන් යොදා ගන්නවා. ව්‍යවසායකයන්ට ණය ලබාදීමේදී මහ බැංකු බැඳුම්කර කොල්ලය නිසා විශාල වශයෙන් ඉහළ ගිය බැංකු පොලී අනුපාත 2045 වන තුරු දිගු කාලීනව බලපෑම් කරනවා.
නමුත් ඒ තත්වයෙන් මිදී ජාතික සැලැස්මක් අනුව ව්‍යවසායකයන් මෙහෙයවීම සඳහා අඩු පොලියට ණය ලබාදීමේ සංවර්ධන බැංකුවක් අපි පිහිටුවනවා. ව්‍යවසායකයන් හට ණය ලබාදීමට පිහිටුවා තිබූ ජාතික සංවර්ධන බැංකුවට මොකද වුණේ. ඒ බැංකු දේශපාලන ඇඟලි ගැසීම්වලට ගොදුරු කර මුළුමනින්ම බිඳ වැට්ටුවා. කෝප් කමිටුවේ සභාපති ලෙස මම කටයුතු කළ කාලයේ එම පරීක්ෂණ සඳහා කැඳවූ නිලධාරී මහත්වරුන් මෙතනත් ඇති. ඇමතිවරුන්ගේ ග්‍රහණයට හසු වූ නිලධාරීන්ගේ පීඩනය අපි දන්නවා. නමුත් අපේ ආණ්ඩුවක් යටතේ ක්‍රියාකරන ආකාරය මේ මූල්‍ය සංසදයේ සිටින වෘත්තිකයන්ගෙන් පැහැදිලි කර ගන්න පුළුවන්. රටේ ආර්ථිකයේ රුධිර සංසරණ පද්ධතිය ලෙස ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදය ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරනවා. මේ වන විටත් දිස්ත්‍රික 21ක මේ මූල්‍ය සංසදයේ සමුළු පවත්වා අවසන්. ඒ ඒ දිස්ත්‍රික්කයට අවශ්‍ය කරන ව්‍යවසායන් පණ ගැන්වීමේදී මූල්‍ය පහසුකම් සැපයීමට ඔබේ අදහස් මූලික වශයෙන්ම උපයෝගී කර ගන්නවා. ජනතාවට සංවේදීව ඇහුම්කන් දෙමින් රට ගොඩනඟන පුනරුද ගමනට සියලු දෙනාගේ සහභාගිත්වය අපේක්ෂා කරනවා.
“රටේ ආර්ථිකය ගොඩගැනීමේ මැජික් එක දේශපාලනය බව ලෝක බැංකු නියෝජිතයන් පවා පිළිගත්තා”
-ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සභාපති මහාචාර්ය අනිල් ජයන්ත-
මේ වන විට විරුද්ධවාදී කණ්ඩායම් ගෙනයන අසත්‍ය ප්‍රචාර අතරින් මූලික වී තිබෙන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක බලයට පැමිණියාම ජනතාවගේ ඉතිරි කිරීම් ගිණුම්වල තිබෙන මුදල් අත්පත් කර ගන්නා බවයි. දැවැන්ත පරිවර්තනයක් සඳහා මහජනතාව පෙළගස්වන අතර අපට එරෙහිව ගොඩනඟන අසත්‍ය ප්‍රචාර හා අවලාදවලට පිළිතුරු දීමටත් සිදුවී තිබෙනවා. එක යුගයක මහාචාර්යවරු පවා කීවා, වංචා දූෂණ සිදුවුවත් රට සංවර්ධනය වෙනවා නම් කමක් නැහැ කියලා. ඔවුන්ගේ ඒ මඟපෙන්වීවල අනුග්‍රහයත් ලබා ගනිමින් ගිය ගමනෙන් රට බංකොලොත් කළ පසුව වංචා දූෂණ සම්බන්ධයෙන් විශාල විරෝධයක් මහ ජනතාව තුළ ගොඩනැගී තිබෙනවා. මේ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ සහ කණ්ඩායම සංඛ්‍යා ලේඛන පෙන්වමින් රට ගොඩගත්තේ තමන් බව ප්‍රකාශ කරමින් ඉන්නවා. මේ ගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් වුවහොත් රට නැවත ප්‍රපාතයට වැටෙන බවට විශාල බියක් ජනතාව තුළ ඇති කරන ප්‍රචාරක කටයුතු නිරන්තරයෙන් සිදුකරමින් යනවා.
ආර්ථික දත්ත කියන්නේ දේශපාලනයෙන් හුදකලා වූ දෙයක් නොවෙයි. මැති ඇමතිවරුන්ගේ අවශ්‍යතාවය අනුව නොවෙයි, ප්‍රජාතන්ත්‍රවාදීව ආර්ථික ක්ෂේත්‍රයට මැදිහත්වීමේ අවස්ථාව ලබාදීම තුළින් ආර්ථිකය ගොඩගන්න ඕනෑ. මේ රටේ ආර්ථිකය ගොඩගැනීමේ මැජික් එක දේශපාලනය බව ලෝක බැංකු නියෝජිතයන් පවා පිළිගත්තා. මේ බව අවධාරණය කරන්නේ ජාතික ජන බලවේගය පමණයි. විවෘත හා විනිවිදභාවයෙන් ඒ කටයුතු කිරීමේ හැකියාව තිබෙන්නේ ජාතික ජන බලවේගයට පමණයි. ආර්ථිකයේ වර්ධනයට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා තවත් සාධක බලපාන අතර මූල්‍ය ක්ෂේත්‍රය සුවිශේෂී වැදගත්කමක් දරනවා. සල්ලි පැටව් ගහන තැන්වල ආයෝජනය කරනවාට වඩා ජාතික අවශ්‍යතාවය මත නිෂ්පාදන ක්ෂේත්‍රයට යෙදවීම ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක කළ යුතුයි. එය දේශපාලන අවශ්‍යතාවයක්. ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ පෞද්ගලික සහ රාජ්‍ය බැංකු එකට එකතු වී සහයෝගයෙන් කටයුතු කරනවා. රාජ්‍ය සහ පෞද්ගලික වශයෙන් බෙදා ගැටුම්කාරී තත්වයක් පවත්වාගෙන යන්නේ නැහැ. රටට අවශ්‍ය සවිමත් මූල්‍ය පද්ධතියක් වෙනුවෙන් ශක්තිමත් රාජ්‍ය අංශයේ මූල්‍ය පද්ධතියක පැවැත්ම තහවුරු කරනවා. ව්‍යවසායකයන් සතු දේපළ ඇපයකට තබාගෙන ඔවුන්ගේ බෙල්ල හිරකර ණය දෙනවා වෙනුවට රාජ්‍යය මැදිහත් වී අවශ්‍යතා අනුව මූල්‍ය සැපයීම් සිදුකරනවා. මූල්‍ය අංශය, ව්‍යවසායකයන් සහ ආණ්ඩුව යන පාර්ශ්ව තුන එක්වී මූල්‍ය ක්ෂේත්‍රයේ කාර්යභාරය පුනරුද යුගයක් දක්වා පෙළගස්වනවා. සතුරා කලබල වී ගෙනයන ප්‍රචාරවලට රැවටෙන්න එපා.
“වෘත්තියවේදීන් සියලු දෙනාගේම දැන් වගකීම දේශපාලන පරිවර්තනයක කොටස්කරුවන් වීමයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ-
ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයට විශාල කාර්යභාරයක් මේ රට ගොඩනැගීමේදී කරන්න සිදුවී තිබෙනවා. ඒ වගේම තමයි ඉදිරි දින ගණනාව තුළ ජනාධිපතිවරණය වෙනුවෙන් විශාල කාර්යභාරයකුත් සිදුකිරීමට තිබෙනවා. මේ රට පුනරුද යුගයකට ගෙන යාමේ මූලික ජයග්‍රහණය ලෙස ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති ලෙස තෝරා පත්කර ගත යුතු වෙනවා. ඒ වෙනුවෙන් ඔබ හමුවට එන ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමේ කාර්යභාරයත් සියලු දෙනාටම පැවරී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ඇතුළු ජනතා සතුරන් පාර්ලිමේන්තු වරප්‍රසාද උපයෝගි කරගෙන ශ්‍රේෂ්ඨාධිකරණය පවා යටපත් කිරීමට උත්සාහ කරනවා. පාර්ලිමේන්තුවෙන් පිටතදී ඒ අය ඒ කරන කතා කළහොත් හිරගෙට යන්න වෙන නිසා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී තමන්ගේ දේශපාලන බංකොලොත්භාවය වසා ගන්න උත්සාහ කරනවා. රනිල් ගහපු ඒ ගේම් ඔක්කෝම ඉවරයි. ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වී මොනවාදෝ කරන්න හදනවා.
ඡන්දයට බයේ ඔවුන් ගහන ගේම් ඡන්දය කිට්ටුවී තවදුරටත් ඉහළම තලයකට ගෙනත් ජනතාව ව්‍යාකූල කිරීමට උත්සාහ කරනවා. වෘත්තියවේදීන් සියලු දෙනාටම පැවරී තිබෙන්නේ දේශපාලන පරිවර්තනයක කොටස්කරුවන් ලෙස සක්‍රීයව දායක වීමයි. ඔබේ සේවා ආයතනය තුළ පමණක් නොවෙයි, ගමේදීත් ජනතාව දැනුවත් කරමින් ජනතාව ව්‍යාකූලත්වයෙන් මුදා ගැනීමට විශේෂ කාර්යභාරයක් තිබෙනවා. සැබෑ දේශපාලන පරිවර්තනයක ආරම්භය එළඹෙන සැප්තැම්බර් 21දා සිදුකළ යුතු වෙනවා. අපේ කාර්යභාරය පිළිබඳව විශේෂ අවධානයකින් වෘත්තියවේදීන් ලෙස සමාජයේ පවතින පිළිගැනීමත් ඉදිරි කාලය තුළදී ජනතාව දැනුවත් කිරීමට යොදවමු.
(-ජාතික ජන බලවේගයේ AKD වෙබ් පිටුව, NPP ප්‍රතිපත්ති මධ්‍යස්ථානය සහ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය විවෘත කිරීම – 2024.07.27-) අද ජාතික ජන බලවේගයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරන මොහොතක්. මේ වන විට මැතිවරණ දිනය සඳහා නාම යෝජනා බාරදෙන දිනයත් මැතිවරණ දිනයත් ප්‍රකාශයට පත්කොට තිබෙනවා. දේශපාලන සාකච්ඡා, දේශපාලන උණුසුම තීව්‍ර වන කාලය උදාවී තිබෙනවා. එළඹෙන මැතිවරණය අපේ ප්‍රතිපත්තීන් විශාල […]
(-ජාතික ජන බලවේගයේ AKD වෙබ් පිටුව, NPP ප්‍රතිපත්ති මධ්‍යස්ථානය සහ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය විවෘත කිරීම – 2024.07.27-)
අද ජාතික ජන බලවේගයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරන මොහොතක්. මේ වන විට මැතිවරණ දිනය සඳහා නාම යෝජනා බාරදෙන දිනයත් මැතිවරණ දිනයත් ප්‍රකාශයට පත්කොට තිබෙනවා. දේශපාලන සාකච්ඡා, දේශපාලන උණුසුම තීව්‍ර වන කාලය උදාවී තිබෙනවා. එළඹෙන මැතිවරණය අපේ ප්‍රතිපත්තීන් විශාල සාකච්ඡාවකට බඳුන් වෙන, ප්‍රතිපත්ති කුමක්ද යන්න ජනතාව තුළ විශාල අවධානයක් යොමු වෙන මැතිවරණයක් බවට පත්වෙන එක නොඅනුමානයි. අපේ රටේ ප්‍රතිපත්ති සකස් කිරීමේදී බොහෝ විට සිදුවී තිබෙන දේ තමයි ඒ ප්‍රතිපත්තීන් එක්ක සම්බන්ධ වෙන, ඒ ඒ ක්ෂේත්‍රයන් එක්ක සම්බන්ධ වෙන පිරිස් එක්ක සාකච්ඡා කරනවා වෙනුවට උඩින් සකස් කරන ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීම. අපි විවිධ අවස්ථාවල, වසර එකහමාරකට ආසන්න කාලයක් ඒ ඒ ක්ෂේත්‍රවල නියැලෙන කණ්ඩායම්, විද්වතුන්, වෘත්තියවේදීන් සමග ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡා කර තිබුණා. තවදුරටත් ඒ ප්‍රතිපත්ති පිළිබඳව අවධානය ගත යුතු හා සාකච්ඡාවට බඳුන් විය යුතු කරුණු විශාල ප්‍රමාණයක් තිබෙන බව දන්නවා. ඒ වගේම බොහෝ ක්ෂේත්‍රවල ජනතාව තුළ ජාතික ජන බලවේගය පිළිබඳව තිබෙන උනන්දුව, බලාපොරොත්තුව වර්ධනය වෙලා තිබෙනවා. ඒ ඒ ක්ෂේත්‍ර පිළිබඳව තමන්ගේ අදහස් ඉදිරිපත් කර ගැනීම සඳහා, ඔවුන්ට අවස්ථාවක් ලැබිය යුතුයි කියන අදහසක මේ රටේ ගොඩක් අය ඉන්නවා.
සංචාරක කර්මාන්තය බැලුවොත් එහි නියැලෙන කණ්ඩායම්වලට තමන්ගේ අදහස් මේ ප්‍රතිපත්තීන්වලට ඇතුල් කර ගැනීම සඳහා සහ තමන් දකින විදිහ සාකච්ඡා කර ගැනීම සඳහා උනන්දුවක් වුවමනාවක් තිබෙනවා. කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය ගත්තත්, ධීවර ක්ෂේත්‍රය ගත්තත් අධ්‍යාපන ක්ෂේත්‍රය ගත්තත් මේ සියලු දෙනාම තුළ මේ සකස් කරන ප්‍රතිපත්ති මාලාවන්ට, තම අදහස් හා අත්දැකීම් එකතු කර ගැනීමේ වුවමනාවක් තිබෙනවා. පසුගිය කාලය පුරාම, විවිධ අවස්ථාවල පෞද්ගලිකව මටත් අපේ ව්‍යාපාරයේ බොහෝ අයටත් විවිධ අය කතා කරලා යෝජනා ගණනාවක් අවිධිමත්ව ඉදිරිපත් කොට තිබෙනවා. අපිට තේරුම් ගියා, ජනතාවට තමන්ට අවබෝධයක් තිබෙන ක්ෂේත්‍රයන් පිළිබඳව යෝජනා, අදහස්, ප්‍රතිපත්තීන් සාකච්ඡාවට බඳුන් කිරීම සඳහා නිශ්චිත මධ්‍යස්ථානයක් අවශ්‍ය බව. අද දිනයේදි ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති කේන්ද්‍රය විවෘත කරනු ලබන්නේ ඒ අනුවයි. මේ රට ගොඩනැගීම සඳහා වුවමනාවත් තිබෙන මේ රට වෙනස් කිරීම සඳහා ප්‍රතිපත්ති තිබෙන සෑම කෙනාටම මේ මධ්‍යස්ථානය විවෘතයි. ඒ හැමකෙනාටම විවිධාකාරයෙන් තමන්ගේ ප්‍රතිපත්ති සාකච්ඡා කරන්න, මේ අවස්ථාව, මේ ස්ථානය නිරන්තරයෙන් විවෘතයි.
අප ප්‍රතිපත්ති සමුදායක් ගොඩනැගිය යුතු වන්නේ ඒ ජනතාව තුළින්ම මතුවෙන අදහස් හා වුවමනාවන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අඩංගු විය යුතු නිසා. ඒකට ඉතාමත් හොඳ ස්ථානයක් අපි විවෘත කොට තිබෙනවා. අපට මෙතැන් සිට පොදු ජනතාවත් සමග ඒ ප්‍රතිපත්ති සාකච්ඡා කරන්න පුළුවන් වේවි. එපමණක් නොවෙයි ප්‍රතිපත්ති එළිදැක්වූවාට පසුව වුවත්, මේ ප්‍රතිපත්තීන් පිළිබඳ විවිධ සාකච්ඡා මණ්ඩප සූදානම් කරන්න පුළුවන්. ඒකට ඉතාමත් හොඳ පරිශ්‍රයක් බවට මේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති කේන්ද්‍රය පත්කර ගන්න පුළුවන් බවට විශ්වාසයක් ගොඩනැගී තිබෙනවා. අපි කවුරුත් දන්නවා මේ මැතිවරණ ව්‍යාපාරය ලංකාවේ ඉතාමත් තීරණාත්මක මැතිවරණයක් බවට පත්වේවි. මෙතෙක් ලංකාවේ දේශපාලන බලය හුවමාරුවේදී තීරණාත්මක බල හුවමාරුවක් සිදුවුණේ නැහැ. තමන්ගේ වම් අතින් දකුණු අතට බලය හුවමාරු වෙනවා වගේ එකම කණ්ඩායමක් අතට එකම දේශපාලන අදහසක් යටතට මේ බලය මාරුවුණේ. ඒ නිසා ඒ මැතිවරණ ව්‍යාපාරය ඒ තරම් තීව්‍ර මැතිවරණ ව්‍යාපාර බවට පත්වුණේ නැහැ. ඒ නිසාම ඒ මැතිවරණ ව්‍යාපාර ගැටුම්කාරී මැතිවරණ ව්‍යාපාර බවට පත්වුණේ නැහැ.
මෙවර මැතිවරණ ව්‍යාපාරය තුළ මෙතක් වාර්තා වන සෑම තොරතුරු හරහාම ජාතික ජන බලවේගය ඉදිරියෙන්ම ඉන්නවා. මෙය ලංකා ඉතිහාසයේ තීව්‍රතම බල හුවමාරුව සිදුවන මැතිවරණය බවට පත්වේවි. ඒ බල හුවමාරුවේදී අපි ප්‍රජාතන්ත්‍රවාදී ලෙසත් පවතින නීති රාමුවලට යටත්වත් සාමකාමීවත් මේ මැතිවරණය පවත්වා ගැනීම සඳහා අපේ පැත්තෙන් තිබෙන කැපවීම, අපේ මැදිහත්වීම පෙන්වන්න අපි උපරිමයෙන් සූදානම්. අපට අවශ්‍ය වෙන්නේ ජනතාවගේ මතය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ප්‍රකාශයට පත්වීමයි. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තමන්ගේ දේශපාලන ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වෙලා මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන්න පුරවැසියාට අයිතියක් තිබෙනවා. අපි අපේක්ෂා කරන්නේ ගැටුම්කාරී නොවෙන සාමකාමී මැතිවරණ ව්‍යාපාරයක්. ඒ නිසා ගැටුම්කාරී නොවෙන සාමකාමී, මැතිවරණ ව්‍යාපාරයක් වෙනුවෙන් ජාතික ජන බලවේගයේ අපි කැපවීමෙන් වැඩකටයුතු කරන්න සූදානම්.
නමුත් දැනටමත් අනෙක් පාර්ශ්වවලින් පෙන්නුම් කර තිබෙන්නේ කුමක්ද? ප්‍රජාතන්ත්‍රවාදය හෝ පවතින නීතීන් හෝ පවතින තත්වයන් ආරක්ෂා කරගෙන මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙනවා වෙනුවට දූෂණ, ගැටුම්කාරී තත්වයක් නිර්මාණය කිරීමට ඔවුන්ට අවශ්‍යව තිබෙන බව පැහැදිලියි. විශේෂයෙන්ම 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මැතිවරණ කොමිසම වෙත ශක්තිමත් බලයක් ලබාදී තිබෙනවා. දැන් ඒ බලය ක්‍රියාත්මක කිරීමේ මුළු වගකීම මැතිවරණ කොමිසමට පැවරෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී මැතිවරණ ව්‍යාපාරයක් පැවැත්වීමේ ප්‍රධානතම වගකීම මැතිවරණ කොමිසමට තිබෙනවා.
ඒ වගේම දේශපාලන ව්‍යාපාරයක් ලෙස අප මේ ඇතිවෙන ප්‍රචණ්ඩකාරී තත්වයන්, නීති විරෝධී වගේම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයන් පිළිබඳව මැතිවරණ කොමිසමත් එක්ක සාකච්ඡා කළ යුතුව තිබෙනවා. මේ රටේ පොදු ජනතාවට ඒවා හෙළිදරව් කළ යුතුව තිබෙනවා. රටේ ඕනෑම තැනක සිදුවෙන මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ ක්‍රියාදාමයන් හෝ කවර වර්ගයේ සිදුවීමක් වාර්තා කිරීම සඳහා අද මධ්‍යස්ථානයක් අපි විවෘත කළා. අපේ රටේ අමාත්‍යාංශ ගණනාවක ලේකම්වරු හැටියට කටයුතු කළ නිලධාරී මහත්වරුන් හා පොලිස් දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කිරීමේ අත්දැකීම් සහිත නිලධාරී මහත්වරුන්, පසුගිය මැතිවරණ ගණනාවක මැතිවරණ කොමිසමට හා දෙපාර්තමේන්තුවට, පොලීසිය පැත්තෙන් සහයෝගය ලබාදුන් ගාමිණී නවරත්න මහත්මයා ඇතුළු විශාල කණ්ඩායමක් මේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ප්‍රධානීන් ලෙස කටයුතු කරනවා.
සෑම පුරවැසියෙකුටම අපේ රටේ මැතිවරණය සාමකාමීව කරගෙන යාම සඳහා වන සියලු බාධාවන් වාර්තා කරන්නත්, ඒ මගින් මැතිවරණ කොමිසමට එය ඉදිරිපත් කිරීමටත්, ඒ වගේම පොදු ජනයා දැනුවත් කරන්නත්, මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදීව පවත්වාගෙන යෑම සඳහාත් ජාතික ජන බලවේගය ලෙස අද අපි විවෘත කරන මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය විශාල පිටුවහලක් වේවි. ඒ වගේම ඉතාමත් වැදගත්ම දේ තමයි අපේ පණිවිඩය පුරවැසියන් වෙත ගලා යාම. ඒ නිසා සාමාන්‍ය කාල පරිච්ඡේදයකදීත් මැතිවරණ කාල පරිච්ඡේදයකදීත් මාධ්‍යයන්ට විශාල වගකීමක් පැවරෙනවා. අපේ රටේ මෑත ඉතිහාසය ගත්තත් මාධ්‍යයන් කිසිසේත්ම සාධාරණව කටයුතු කරන බවක් අපට පෙන්නුම් කර නැහැ. ඔවුන් තමන් නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරයන්ට අනුරූපී වන පරිදි මාධ්‍ය හැසිරවීම් කරනවා අපි දැක තිබෙනවා. ඒ නිසා අපේ රටේ පුරවැසියන් වෙත ඇත්ත මතය ගෙනයාමේ තවත් විකල්ප පාරවල් අපි විවෘත කර ගනිමින් තිබෙනවා. පවතින මාධ්‍ය හරහා අපට ලබාගත හැකි සහායත්, තිබෙන පොදු මාධ්‍ය මගින් යා හැකි දුර පිළිබඳවත් අපට අවබෝධයක් තිබෙනවා. හැබැයි අපි පිළිබඳවත් අපේ දේශපාලනය පිළිබඳවත් අපේ ක්‍රියාකාරකම් පිළිබඳවත් පොදු ජනතාවට වේගයෙන් අදහස් ගලා යාමේ නව විකල්ප මාවත් අප විසින් විවෘත කළ යුතුව තිබෙනවා. මේ මැතිවරණ ව්‍යාපාරයෙදී අපිව ඉලක්ක කර ගත්ත, විශාල අසත්‍ය තොරතුරු අවලාදමය තොරතුරු විශාල ප්‍රමාණයක් වැපිරිය හැකි කාලයක් බවට පත්වේවි. ඒ නිසා අපට ඉතාමත් ශක්තිමත් විකල්ප මාධ්‍ය ජාලයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි හිතනවා අපි විවෘත කරන වෙබ් අඩවිය අපේ රටේ පුරවැසියන්ට, ජාතික ජන බලවේගය හා මහජනයා අතර ඉතාමත් ශක්තිමත් සබඳතාවයක් පවත්වා ගැනීම සඳහා ඉවහල් වේවි. ඒ නිසා ඉතා වේගයෙන් තොරතුරු පොදු ජනයා වෙත ගලාගෙන යාම සඳහා මෙම වෙබ් අඩවිය උපයෝගී කර ගන්න හැකිවේවි.
මේ වෙබ් අඩවියේ විශේෂයෙන් AI Bot කෙනෙක් නිර්මාණය කොට තිබෙනවා. ඒ මගින් ඕනෑම ප්‍රශ්නයක් අපෙන් විමසිය හැකියි. ක්ෂණිකව AI තාක්ෂණය මගින් එයට පිළිතුරු ලබාදිය හැකියි. ඒ වගේම ඊමේල් හරහාත් යම් ගැටලුවක් තිබෙනවා නම් ඉදිරිපත් කළ හැකියි. ඒකට පිළිතුරු ලබාදිය හැකියි. මහජනතාව සහ ජාතික ජන බලවේගය අතර ඉතාමත් ශක්තිමත් සබඳතාවයක් ගොඩනඟා ගැනීම සඳහා මෙම වෙබ් අඩවි නිර්මාණය කොට තිබෙනවා. ඔබට අපෙන් විමසන්න තිබෙන ප්‍රශ්නයක් වෙබ් අඩවිය හරහා විමසිය හැකියි. ඔබෙන් අපට ලබාදිය හැකි තොරතුරක් වෙබ් අඩවිය හරහා ලබාදිය හැකියි.
මේ මැතිවරණ ව්‍යාපාරයේ ඉතාමත් වැදගත් අවස්ථා තුනක් තමයි මේ ඉදිරිපත් කරනු ලබන්නේ. සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ව්‍යාපාරයක් වෙනුවෙන්, ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය විවෘත කිරීම, ඒ වගේම පොදු ජනතාවත් සමග ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳ සාකච්ඡා කිරීම, අපේ ප්‍රතිපත්තීන් පිළිබඳව ගැඹුරු සාකච්ඡාවක් කර ගැනීම සඳහා මධ්‍යස්ථානයක් බවට ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති කේන්ද්‍රය බවට පත්කර ගැනීම. අද අපි විවෘත කරන වෙබ් අඩවීන් හරහා අපේ මතය, අපි කරන්නේ කුමක්ද, අප පිළිබඳව තිබෙන ගැටලුවලට පිළිතුරු ලබාගැනීමේ හැකියාවක් ලැබේවි. මෙය මැතිවරණ ව්‍යාපාරයේ ආරම්භයත් සමග සිදුකරන ලබන විශේෂ අවස්ථාවක්. නව තාක්ෂණයත් සමග ගනුදෙනු කරනු ලබන, ලෝකයේ ඇති වී තිබෙන නව වෙනස්කම් තේරුම් ගත් ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳ උනන්දුවක් දක්වන තරුණ පරම්පරාවේ විශාල පිරිසක් මෙම කටයුත්තට දායකත්වය සපයමින් තිබෙනවා. ඔවුන් සියලුදෙනාට ස්තුතිවන්ත වෙනවා.
(-ජාතික ජන බලවේගයේ හලාවත ජන රැලිය – 2024.07.28-) පසුගිය අවුරුදු 50ක 60ක කාලය තුළ මේ රටේ ජනතාවට රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂලා පෙනුණේ එකිනෙකාට එරෙහිව කඩු අමෝරාගෙන සටන් කරන අය ලෙසටයි. කොළපාට, නිල් පාට දෙපසට බෙදිලා ඔවුන් බොරු කාඩ්බෝඩ් කඩු අරගෙන සටන් කළා. නමුත් ජනතාව ගමේ ඇත්තටම බෙදිලා සටන් කර ගත්තා. ආනමඩුවේ රංගේ බණ්ඩාරලා, මැරුණු මන්ත්‍රීතුමන්ලා […]
(-ජාතික ජන බලවේගයේ හලාවත ජන රැලිය – 2024.07.28-)
පසුගිය අවුරුදු 50ක 60ක කාලය තුළ මේ රටේ ජනතාවට රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂලා පෙනුණේ එකිනෙකාට එරෙහිව කඩු අමෝරාගෙන සටන් කරන අය ලෙසටයි. කොළපාට, නිල් පාට දෙපසට බෙදිලා ඔවුන් බොරු කාඩ්බෝඩ් කඩු අරගෙන සටන් කළා. නමුත් ජනතාව ගමේ ඇත්තටම බෙදිලා සටන් කර ගත්තා. ආනමඩුවේ රංගේ බණ්ඩාරලා, මැරුණු මන්ත්‍රීතුමන්ලා මහපාරේ වෙඩි තියාගත්තේ නැද්ද? හැබැයි මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ කඩදාසි කඩුවලින් සටන් කළා. ඒගොල්ලෝ බොරුවට රණ්ඩු කරලා දශක ගණනාවක් රට ප්‍රපාතයට අරගෙන ආවා. ඔවුන්ට තවදුරටත් සතුරන් වගේ බෙදිලා සටන් කරන්න බැහැ. ඒ නිසා ඒ අයට එක වේදිකාවට නගින්න සිදුවී තිබෙනවා. කළුතර තිබුණු රැස්වීමට එක පුටුවක රනිල් වික්‍රමසිංහ, අනිත් පුටුවේ මහින්ද රාජපක්ෂ, අනික් පුටුවේ රවි කරුණානායක, ඊළඟ පුටුවේ බැසිල් රාජපක්ෂ, ඊළඟ පුටුවේ වජිර අබේවර්ධන. ඊළඟ පුටුවේ රෝහත අබේගුණවර්ධන. ඒ වේදිකාව අලියාද, පොහොට්ටුවද? රනිල් දැක්කාම අලියා වගේ පේනවා. අනිත් පුටුවේ මහින්ද දැක්කාම පොහොට්ටුව වගේ පේනවා. ඇත්තටම දැන් ඒක අලියත් නොවෙයි, පොහොට්ටුවත් නොවෙයි, පූට්ටුවක්.
මෙතෙක් කල් රටේ බලය තිබුණේ එක්කෝ කොළ පාට ළඟ නැත්නම් නිල් පාට ළඟ. කවදාවත් ඔවුන්ට සැකයක් තිබුණේ නැහැ. නිල්පාට දූෂිතයන්ට කොළ පාට ආණ්ඩුවෙනුත්, කොළ පාට දූෂිතයන්ට නිල් පාට ආණ්ඩුවෙනුත් ආරක්ෂාව සහ රැකවරණය තිබුණා. උඩ ඉන්න අය, මහාපරිමාණ හොරකම්වලට අපරාධවලට හවුල් වුණත් කවදාවත් ඔවුන්ට විරුද්ධව පරීක්ෂණයක් කළේ නැහැ. නීතිය ක්‍රියාත්මක කළේ නැහැ. දෙපැත්තෙන්ම ආරක්ෂාව ලැබුණා. තවත් දශක ගණනාවක් මේ ගමන යන්න කල්පනා කළත් මේ වන විට පොදු ජනයාගේ නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගී බලය ලබා ගැනීමට සූදානමින් සිටිනවා. නියත වශයෙන්ම සැප්තැම්බර් 21දා, ජයග්‍රහණය කරනවා. ඒ ජයග්‍රහණය වැළැක්වීම සඳහා ඔවුන්ට කළ හැකි හැමදෙයක්ම කරනවා. සීනි බදුවලින් හොරකම් කරන්න ඉඩ දීලා, බැඳුම්කර වංචාවලින් කොල්ලකෑම්, අරක්කු ෆැක්ටරි අයිතිකාරයෝ බදු නොගෙවා එකතු කිරීමෙන් ආදී වශයෙන් මහා ධනස්කන්ධයක් මේ මැතිවරණ ව්‍යාපාරයට පොම්ප කරනවා. මහජනතාවගේ සල්ලි රුපියල් කෝටි 875ක් රනිල් වික්‍රමසිංහ වෙන්කරගෙන ඡන්දය වෙනුවෙන් විවිධ බෙදාහැරීම් කරනවා. අතාරින්න එපා, බෙදන හැම එකක්ම ගන්න, හොරකම් කරලා එකතු කර ගත්ත ඒවායෙන් ටිකක් හරි මේ වගේ කාලයක ගන්න එක හොඳයි. නොබෙදා ඉතිරි කර ගන්න ටික ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හදලා නියත වශයෙන්ම අත්පත් කර ගන්නවා.
ඒ වගේම අසත්‍ය තොරතුරු, අවලාද විශාල වශයෙන් බෙදා හරින ඡන්ද ව්‍යාපාරයක් බවට පත්කරගෙන තිබෙනවා. අපි වෙනුවෙන් උත්තර දෙන්න මාධ්‍ය නාලිකා නැහැ. සමහර අයව තෝරාගෙන ඒ වෙනුවෙන් වැඩකරන නාලිකා තිබෙනවා. ප්‍රධාන මාධ්‍ය වගේම සමාජ මාධ්‍ය ඇතුලේ විශාල බලපෑමක් සිදුකරමින් ඉන්න, කවදාවත් අපිව හමුනොවුණු ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ජාතික ජන බලවේගය වෙනුවෙන් පෙනී සිටිනවා. ඔවුන් රාජ්‍ය බලය උපයෝගී කර ගනිමින් ඇතැම් රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ කරගෙන මැතිවරණ කටයුතු කරනවා. ගම්වල පිහිටුවා තිබෙන ප්‍රජා ආරක්ෂක කමිටු රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදවන්න ප්‍රදේශයේ පොලීසියේ ඕ.අයි.සී. මහත්තයාට බාර දුන්නා. වැල්ලවායේ පැවැත්වූ රැස්වීමකට ප්‍රජා ආරක්ෂක කමිටු කැඳවීමට නියෝග කර තිබුණා. කෑම සපයන්නත් ඕනෑ, පුටු අරගෙන එන්නත් ඕනෑ. මේ ආකාරයෙන් කෑගල්ල, ගාල්ල දිස්ත්‍රික්කවල රැස්වීම් ලැහැස්ති කර තිබුණත් දේශබන්දු මහතාගේ පුටුව අහිමි වුණා. රනිල් වික්‍රමසිංහට ඔච්චර කේන්ති ඒකයි. මහජනයාගේ බදු මුදල්වලින් යැපෙන මහජනයා වෙනුවෙන් කාර්යභාරයක් කරන පොලීසිය තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ශාඛා බවට පත්කර ගන්න ඔහු උත්සාහ කළා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පිළිගන්නේ නෑ කියන්නේ ඒකයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් රනිල් පිළිගන්නවා කියලා සීල් එකක් ගහන්න ඕනෑද? එහෙම වෙන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දිනේෂ් ගුණවර්ධන පිළිගන්නේ නැහැ කියලා, පුළුවන් නම් එළියේ කියන්න. දේශබන්දු තවමත් පොලිස්පති කියලා හිතනවා නම්, එක අත්සනක් ගහලා පෙන්වන්නකෝ.
අපිට රාජ්‍ය බලය නෑ, මාධ්‍ය බලය නැහැ, මහා ධනස්කන්ධයක බලය නැහැ. අපට ඉන්නේ හලාවත නගරයටත් ගඟක් වගේ ගලා ඇවිත් සිටින මහා ජන බලයයි. අපිත් එක්ක මෙතෙක් වැඩ නොකරපු අය කාර්යාලයේ, බස් එකේ, මහපාරේ කතා කරමින් ජාතික ජන බලවේගය පොදු ජනයාගේ අයිතියක් බවට පත්කරගෙන තිබෙනවා. ඉදිරි මාස දෙක තුළ මෙතෙක් කරගෙන ගිය වැඩ ප්‍රමාණය තවත් හත් අට ගුණයකින් වැඩිකර ඔබේ ඡන්ද පෙට්ටියේ වැඩිම ඡන්ද ප්‍රමාණය මාලිමාවේ ඡන්දවලින් පුරවන්න. ඊට පස්සේ පාර්ලිමේන්තුව සුද්ද කරන ආණ්ඩුවක් පිහිටුවන්න ඕනෑ. ජනතාවට දරා ගන්න බැරි පීඩනයක් එල්ල කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ඇමතිවරුන්ට විශේෂ දීමනා ලබාදෙමින් කටයුතු කළ ආකාරය අපි දැක්කා. තෙල් මිල වැඩිවීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ඉන්ධන දීමනාව රුපියල් ලක්ෂයකින් වැඩිකර දෙන්න තීරණයක් ගත්තා. මමත් අපේ හරිනි සහෝදරියත්,විජිත සහෝදරයාත් වැඩ කළ ලක්ෂය අපට ලබා නොදෙන ලෙස ලිඛිතව කතථානායකවරයාට දැන්වූවා. ඩොලර් විදේශයන්ට ඇදී යන නිසා වාහන ආනයනය නතර කර තිබුණත් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ලිඛිතව වාහන පර්මිට් ලබාදෙන ලෙස කථානායකගෙන් ඉල්ලා තිබෙනවා. ඒ වගේම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසකුත් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් බාර් ලයිසන් ලබාගෙන රුපියල් කෝටි දෙකට තුනට විකුණනවා. කෑගල්ලේ රාජ්‍ය ඇමති බාර් පර්මිට් තුනක් අරගෙන කෝටි නවයකට වික්කා. සජිත් ප්‍රේමදාස බලයට ආවාම බාර් පර්මිට් අහෝසි කරන බව කීවා. එයා ළඟ ඉන්න මන්ත්‍රීවරු පිරිසක් බාර් පර්මිට් අරගෙන නැති බව කීවොත් අරගත් බව මම ඔප්පු කරනවා. පෙට්‍රල් ෂෙඩ් බෙදාගෙන විකුණනවා. සැප්තැම්බර් 21දා ජයග්‍රහණයෙන් පසුව මේ මජර පාර්ලිමේන්තුව විසුරුවා හැර හොඳ පිරිසක් පාර්ලිමේන්තුවට පත්කර ගන්න අවස්ථාව ලබාදෙනවා.
පිරිසිදු පාර්ලිමේන්තුවක් වෙනුවෙන් අවස්ථාව ලබාදී මේ රටේ ජනතාවගේ මූලික ප්‍රශ්න විසඳා ගැනීමේ දිගු කාලීන ක්‍රියාමාර්ග ජයග්‍රහණය කරන තෙක් අපි විශේෂ කාර්යභාරයක් ඉටුකරනවා. ආහාර, සෞඛ්‍යය, අධ්‍යාපනය සියලුම ජනතාවට ලබාදීමේ ක්‍රමයක් තහවුරු කරනවා. රෝහල්වලට බෙහෙත්, පරීක්ෂණ පහසුකම්, ඖෂධ ලබාදී හෙදියන් සහ වෛද්‍යවරුන් ඇතුළු අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩල වෙනුවෙන් ප්‍රමාණවත් මුදල් වෙන්කරනවා. මිනිසුන්ට ආහාර නැතිව, බෙහෙත් නැතිව ඇඳේ ඉන්න ඇරලා, 2048දී රට හදන බව රනිල් වික්‍රමසිංහ කියනවා. රට විනාශ කළ අය රට ගොඩනඟන බව ප්‍රකාශ කිරීම විහිළුවක්. ජතික ජන බලවේගය රටේ පාලනය බාර ගන්නේ රට ගොඩනැගීම වෙනුවෙන් සැලසුමක්, එයට මැදිහත් විය හැකි කණ්ඩායමක් සහ වෙහෙස වී වැඩ කළ හැකි දැක්මක් සහිත පුද්ගලයන්ගෙන් සමන්විතවයි. ලංකා ඉතිහාසයේ පළමු වතාවට රට වෙනස් කරන, දුප්පත්භාවයෙන් මුදා ගන්නා අපරාධ, කුඩු, නැති නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කළ අලුත් පරිවර්තනයක් වෙනුවෙන් අපි සියලු දෙනාම එක්වෙමු. පුරවැසියන්ට නව ජීවිතයක් ලබාදෙන ජාතික පුනර්ජීවනයක යුගයක් ගොඩනඟමු. එදා එක් එක් දේශපාලන පක්ෂවල සිටි සියලුම දෙනා ප්‍රගතිය වෙනුවෙන්, අනාගතය වෙනුවෙන් එකතු වෙමු.
“ඉතිහාසයේ පළමුවැනි වතාවට ජනතාවගේ ජනාධිපතිවරයෙකු පත්කර රට දිනවමු”
-ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා-
ජනාධිපතිවරණය තියයිද නැද්ද කියන අවිශ්වාසයක් පසුගිය කාලයේ ඇති කර තිබුණා. ඒ සැක සංකා සියල්ල පැත්තකට දමා අපේ රටේ ඉතිහාසය වෙනස් කරන්න පටන් ගන්නා දිනය සැප්තැම්බර් 21 දා බව දැන් අපි කවුරුත් දන්නවා. 2022 පැනනැගුණු ජනතා අරගලයෙන් පාලකයන් පලවා හැරියත් පූර්ණ ජයග්‍රහණයක් අත්කර ගන්න බැරිවී රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති වී සිටිනවා. අරගලය ජයග්‍රහණය කර ගන්න බැරි වූ සියලු දෙනාට මැතිවරණයෙන් ජයග්‍රහණය ලබාගැනීමේ අවස්ථාව නිර්මාණය වී තිබෙනවා. මේ එන්නේ මෙතෙක් සිටි පාලකයන් අකමැති නමුත් ජනතාව උද්‍යෝගයෙන්, අපේක්ෂාවෙන් බලා සිටින ඡන්දයක්. රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ. සජිත් පේමදාස යන සියලු දෙනා අකමැති ඡන්දය වී තිබෙන්නේ වසර 76ක අඳුරු කල්ලිවල පාලනය වෙනුවට පොදු ජනයාගේ පාලනයක් පිහිටුවා ගන්නා නිසයි. ජයග්‍රහණය සඳහා අවශ්‍ය සාධක සියල්ල පෙළගැසී තිබෙනවා. ඔබ, අපි කවුරුත් එක්වී සිටින්නේ තවත් ජනාධිපති කෙනෙක් පත්කර ගන්න නොවෙයි. අපි අපේ තේමා පාඨය කරගෙන තිබෙන්නේ “නව ජාතික පුනරුදය” යන්නයි. නැවත නැගී සිටීමක් අවශ්‍යයි. පසුගිය අවුරුද් 50 – 60 තුළ කිසිම ජයග්‍රහණයක් අත්කර නොගෙන ණයට කාලා ණය කන්දක් ගොඩගසා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ බලය ගන්නකොට සමස්ත ණය ඩොලර් බිලියන 83යි. දැන් 100ත් පැනලා.
ජනතාව මත වැට් බදු ගසා, මාසික වැටුප් ගන්න අය මත 36% දක්වා බදු ගහලා තව තවත් බර පටවා තිබෙනවා. එයා රට ගොඩගත්තේ නැහැ. වැටුණු මහින්ද රාජපක්ෂලාව ගොඩගත්තා. අපට පැවරී තිබෙන්නේ මෙන්න මේ වට්ටපු තැනින් රට ගොඩගන්නයි. අපේ රටේ වැඩියෙන්ම ඉන්නේ තමන්ගෙ දෑතින් කුමන හෝ කටයුත්තක් සිදුකරමින් ආදායම් මාර්ග උපයා ගන්නා ජනතාවක්. ඔවුන්ගේ ඒ ඒ ක්ෂේත්‍රවලට අදාළව බාධා පමුණුවා තිබෙනවා මිස, ආධාර සපයා දී නැහැ. ඒ නිසා පුත්තලම දිස්ත්‍රික්කයේ උළු, ගඩොල් කර්මාන්ත ශාලා පමණක් කීයක් වසා තිබෙනවාද? මේ වසා තිබෙන ව්‍යපාරවලට අත දී නඟා සිටුවමින් ක්‍රියාකිරීම මාලිමාවේ ප්‍රතිපත්තියයි. දේශපාලනඥයන් ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්න එක නැවැත්වීම අපේ කාර්යභාරයයි. නමුත් සමගි ජන බලවේගය ඇතුළු සතුරන්ගේ ෆේස් බුක් මඩ බලකා ප්‍රචාරය කරන්නේ මාලිමා ආණ්ඩුවකින් ව්‍යාපාර පවරා ගන්නා බවයි. අපි එන්නේ ජාතික අරමුණක් වෙනුවෙන් නිවැරදි ව්‍යවසායකයන් පෙළගස්වන්නයි.
ඒ වගේම රට ඇදදමා තිබෙන තැනින් ගොඩගන්න නම්, වංචා, දූෂණ, අනිවාර්යයෙන්ම නවත්වන්න ඕනෑ. අපරාධ කළ අය නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් ලබාදෙන්න ඕනෑ. ශානි අබේසේකර මහත්තයලා ඇවිත් ඉන්නේ ඒකට. අයිතිකාරයෙක් නැති මිනීමැරුම් ගණනාවක් තිබෙනවා. ඒවා ගැන සොයන්න ඕනෑ නැද්ද? මාධ්‍යවේදීන්ට පහර දීපු ඒවා සොයන්න ඕනෑ. පාස්කු ප්‍රහාරය එල්ල කළ අපරාධකරුවන් සොයන්න ඕනෑ. එක පුද්ගලයෙක් ජනාධිපති කර ගැනීම සඳහා පාස්කු ප්‍රහාරය එල්ල කළ බව අපි කවුරුත් දන්නවා. අපේ රටේ ජාතිවාදය ඇවිළුවේ ඒගොල්ලෝ. සිංහල දෙමළ මුස්ලිම් ජනතාව සමගියෙන් ඉන්න ඉඩ නොදුන්නේ ඒගොල්ලෝ. මුලින් දෙමළ ජනයාට එරෙහිව සිංහල ජනයා අවුස්සලා, ඡන්දය ගත්ත ඔවුන් ඊළඟට මුස්ලිම් ජනයාට එරෙහිව ප්‍රචාර යවන්න පටන් ගත්තා. සිංහලයා අනතුරේ නිසා සිංහලයා රැකගන්න කියලා ගෝඨාභය රාජපක්ෂ ගෙන ඒමේ ප්‍රචාරවලට ජනමාධ්‍ය විශාල වශයෙන් යොදා ගත්තා. මානව විරෝධී අපරාධ සම්බන්ධ වැරදිකරුවන්ට නීතිය හමුවේ දඬුවම් ලබාදෙන්න ඕනෑ. බලය සඳහා කැත, ජඩ, අශීලාචාර දේශපාලනයේ යෙදීම නවත්වන්න ඕනෑ. ජාතික පුනරුදය තුළ මුලින්ම කළ යුත්තේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාගේ ජාතික සමගිය ගොඩනැගීමයි.
ජාතිකත්ව වශයෙන් බෙදා සිටි යුගය අවසන් කර, ශ්‍රී ලාංකික ජාතිය ගොඩනඟන්න මූලික පියවර තබන්නේ සැප්තැම්බර් 21වනදා. ඒ දිනය අනිවාර්යයෙන්ම ඉතිහාසයේ ලියැවෙන දවසක්. අපි හදමු අලුත් ජනාධිපති කෙනෙක්. ජනාධිපති කෙනෙක් සර් කෙනෙක් නොවෙයි; ජනාධිපති සහෝදරයෙක් හදමු. “අති ගරු ජනාධිපති උතුමාණෝ” කියන අපරාධකරුවන්ගේ යුගය නිමාකර, ජනතාවත් රටත් රැකබලා ගන්නා කෙනෙක් ජනාධිපති ලෙස පත්කර ගන්න ඕනෑ. සමූහිකව වැඩ කළ හැකි, සමූහික අදහස්වලට ඉඩ තිබෙන එකම ව්‍යාපාරය ජාතික ජන බලවේගය පමණයි. අපි පසුගිය අවුරුදු දෙක පුරා මුළු රට පුරාම යමින් දැවැන්ත සංවිධාන යාන්ත්‍රණයක් ගොඩනඟා අවසන්. මේ යාන්ත්‍රණයට රට ගොඩනඟන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මේ ඡන්දයට එන්නේ හැංගිලා. පක්ෂය, ලකුණ අත්හැරලා, එන්නේ. මහින්ද රාජපක්ෂලා හැංගිලා ඉන්නේ. සජිත් ප්‍රේමදාස ජනතාව තුළ ප්‍රසාදයක් දිනාගෙන නැහැ. මේ නිසා ඒ ඔක්කෝම එකතු වෙලා මඩ ගහනවා. අපි ළඟදී “පුනරුදයේ සැප්තැම්බර් 21” කියලා සටන් පාඨයක් දැම්මා. ඒක කොපි කරලා සජිත්ගේ පින්තූරයක් ඔබලා ප්‍රචාරය කරනවා. රනිල්ගේ පින්තූරයත් දාලත් ගෙනියනවා. අද සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, මාලිමාවේ සටන් පාඨත් හොරකම් කරන තැනට බංකොලෙත් වෙලා ඉන්නේ. මේ නිසා ජාතික ජන බලවේගය ගැන සතුරන් හදන අවලාදවලට හසු නොවී අප ගැන අපෙන් අහන්න.
අපි එන්නේ හොඳ අරමුණකින් මිසක් කාගෙන්වත් පළිගන්න බලාගෙන නොවෙයි. වසර ගණනාවක් තිස්සේ අත්නොහළ හීනයක් හදවතේ තියාගෙන අපි ආවා. අපි හැමෝටම සතුටින් ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න හීනයක් දරාගෙන ආවා. මහන්සි වුණා. ඡන්ද දිනුවා, පැරදුණා, ඒත් අරමුණ අත්හැරියේ නැහැ. අපිව විකිණුනේ නැහැ. ප්‍රතිපත්ති දාලා ගියේ නැහැ. කවදා හරි දවසක ජනතාව අපට ඇහුන්කම් දෙන බව විශ්වාස කරමින්, ප්‍රතිපත්තිගරුකව ආවා. දේශපාලනය පාවා නොදී, මහන්සි වී, කැපකිරීම් කරමින් මෙතෙක් දුර ආවා. ඉදිරි මාස දෙක තුළ කිසිවෙකුත් අත් නොහැර, සියලු දෙනා ළඟටම ගොස් කතාකර, කිසිවෙකුට පරාජය කළ නොහැකි රට ගොඩනඟන මහජන බලයක් ගොඩනඟමු. ඉතිහාසයේ පළමුවැනි වතාවට ජනතාවගේ ජනාධිපතිවරයෙකු පත්කර රට දිනවමු.
“නිදහස භුක්ති විඳිය හැකි ආර්ථික හැකියාවක් සැමට ගොඩනැගෙන්න ඕනෑ”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික චතුරංග අබේසිංහ-
අර්බුදයට පත්ව සිටින පාලකයන් අන්තිම වටයේදී අයි.එම්.එෆ්. එකෙන් ණය අරගෙන, විදේශ ණය ගෙවීම් කල්දාගෙන අරගලයෙන් පළවා හැරි නායකයන් නැවත ගේන්න උත්සාහ කරනවා. ඒ දූෂිතයන් ගැන අපේ රටේ තරුණ තරුණියන් ඇතුළු සියලු ජනතාවට තේරුම් ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒ අතර ජාතික ජන බලවේගය හැටියට අපි භාණ්ඩ බෙදාහැරීම් නොකරන නිසා ප්‍රතිපත්තිමය පොරොන්දු කිහිපයක් දෙනවා. ආර්ථික ප්‍රතිපත්ති ඇතුළු ප්‍රතිපත්ති හඳුන්වා දෙමින් බලය ලබා ගන්න තැනට සාමූහික ක්‍රියාවලියෙන් අපි ඇවිත් තිබෙන පසුබිමක පුරවැසියන් ජයග්‍රහණය කරවීමේ රැලියේදී මේ ප්‍රතිපත්තිමය පොරොන්දු දෙනවා. අපේ දෙමාපියන්ට, අපිට අහිමි වූ ලෝකයේ ඉහළම අධ්‍යාපනය ඔබේ දරුවන්ට ලබා දෙනවා. ඒ විතරක් නොවෙයි පාසලෙන් එළියට එන විට ඔවුන්ගේ හැකියාව අනුව රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ රැකියා කරන්න, නැත්නම් ව්‍යවසායකයෙක් ලෙස කටයුතු කරන්න සුදුසු අධ්‍යාපනයක් අලුතින් හඳුන්වා දෙනවා. ඔවුන්ගේ ඒ අධ්‍යාපනය අපේ රට තුළ පමණක් නොවෙයි, ලෝකයේ රැකියා වෙළඳපොළ වෙනුවෙන් ගෞරවාන්විතව ලබාදීම අපේ වගකීමයි. අද විදේශ රැකියා කියලා යොමු කරවන්නේ ඒ රටවල් වල පුරවැසියන් කරන්න අකමැති රැකියා සඳහා අපේ අය යොමු කරවීමයි.
ඒ වගේම අපේ දරුවන්ට සුරක්ෂිත රැකවරණයක් ලබාදෙන සැමටම නීතියේ සාධාරණත්වය ස්ථාපිත කරන බවට පොරොන්දු දෙනවා. අපේ දරුවන්ගේ ආරක්ෂාව ඒ තුළින් තහවුරු කරනවා. ඊළඟට හැමදෙනාටම නිදහස් ජීවිතයක් ලබාදෙන්න පොරොන්දු වෙනවා. මම ඒ නිදහස් ජීවිතය ගත කළා. මම රැකියාව කරන්න පටන් ගත්තේ අවුරුදු 26දි. රැකියාව කළ මුළු කාලයේදීම සවස 6.30 වෙන කොට කටයුතු අවසන් කර, මගේ දරුවන් දෙදෙනාත් එක්ක ගත කරන්න පටන් ගන්නවා. විවේකී සති අන්තයක් ගත කළා. ඒ වගේ ආර්ථික නිදහසක් සියලු පුරවැසියන්ටම තිබෙන්න ඕනෑ. සතියකට පැය 40ක් වැඩ කළාම ජීවිතයේ කොටසක් ලෙස නිදහස භුක්ති විඳින්න ආර්ථික හැකියාවක් ගොඩනැගෙන්න ඕනෑ. මේ සංස්කෘතික වෙනස ළඟා කර ගැනීමේ අවස්ථාව අවුරුදු 76කට පස්සේ රටේ මුළුමහත් ජනතාවටම උදාවී තිබෙනවා. එය යථාර්ථයක් කර ගැනීමට පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව මාලිමාවේ අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා ඉහළින්ම ජයග්‍රණය කරවමු.
“පවතින දුක්ඛිත තත්වය වෙනස් කිරීමේ වගකීම මාලිමාව බාරගන්න සූදානම්”
-ජාතික ජන බලවේගයේ පුත්තලම් දිස්ත්‍රික් විධායක සභික ගයාන් ජානක-
එළඹෙන ජනාධපතිවරණය වෙනුවෙන් පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාව විවිධ අංශවලින් සංවිධානය කරමින් ඉතා හොඳින් සූදානම් කර තිබෙනවා. ධීවර ජනතාව, ගොවි ජනතාව, කාන්තාවන්, වැඩකරන ජනතාව වශයෙන් සංවිධානය කරමින් පැමිණි ගමනේ සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන තිබෙනවා. මේ දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම සේවා වසමකම ජාතික ජන බලවේගයේ කොට්ඨාස සභා පිහිටුවා අවසන්. මේ මාසය තුළ මැතිවරණ සංවිධාන පිහිටුවමින් යනවා. සෑම ඡන්ද කොට්ඨාසයකටම මැතිවරණ කමිටු පිහිටුවීම ලබන 10 වැනිදා වන විට අවසන් කරනවා. අද මේ මොහොත වන විටත් පාසල් යන දරු දැරියන්ගෙන් ලක්ෂ 14කට උදේ ආහාරය නැතිව පාසල් යන්න සිදුවී තිබෙනවා. පවතින දුක්ඛිත තත්වය වෙනස් කිරීමේ වගකීම ජාතික ජන බලවේගය බාරගන්න සූදානම්. ඉදිරි කාලය තුළදී තවදුරටත් ශක්තිමත් වෙමින් මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් වඩාත් ශක්තියෙන් සහ ධෛර්යයෙන් පෙළගැසෙමු කියා ආරාධනා කරනවා.
“අලි – මිනිස් ගැටුමට මාලිමාවේ පාරිසරික කමිටුව යටතේ විසඳුම් සකස් කර අවසන්”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික මහාචාර්ය චන්දන අබේරත්න-
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති කමිටු අතරින් ධීවර කටයුතු සම්බන්ධයෙන් සකස් කරන ප්‍රතිපත්තියේදී පුත්තලම දිස්ත්‍රික්කයේ ධීවර ජනතාව කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. මේ දිස්ත්‍රික්කයේ ධීවර වරාය සහ තොටුපොළවල් විනාශවීමට ඉඩ හැරීම, ධීවර ආම්පන්නවල මිල ගණන් දරාගත නොහැකිවීම වගේම ඉන්ධන මිල ගණන් ඉහළ යාම සම්බන්ධයෙන් අපේ අවධානය යොමුකර තිබෙනවා. අප්‍රමාණ ගැටලු මැද්දේ නෙළාගෙන එන ධීවර අස්වැන්නට සාධාරණ මිලක් ලබාදීමේ අවස්ථාවක් මේ දක්වා ලබාදී නැහැ. ඒ සම්බන්ධයෙන් මූලික සැලසුම් සකස් කර ඇති අතර, මේ දිස්ත්‍රික්කයේ සංවර්ධනය කළ හැකි සංචාර ව්‍යාපාරයේ ශක්‍යතා අධ්‍යයනය කරමින් සිටිනවා. අද වෙන කොට සංචාරකයන්ගේ වීසා නිකුත් කිරීමෙනුත් කොල්ලකන පාලනයක් තිබෙනවා. ඊට අමතරව අපේ දිස්ත්‍රික්කයට තිබුණු සිමෙන්ති කර්මාන්ත ශාලාවත් වනසා දැමූ පාලකයන් හිටියා. ඒ වෙනුවට මේ දිස්ත්‍රික්කය තුළ සංවර්ධනය කළ හැකි කර්මාන්ත ශාලා සංවර්ධනය වෙනුවෙන් සියලු ක්ෂේත්‍රවල හැකියාවන් සොයා බලමින් සැලසුම් සකස් කර තිබෙනවා. අලි-මිනිස් ගැටුමට ගොදුරු වී තිබෙන කරුවලගස්වැව, නවගත්තේගම, ඇතුළු ප්‍රදේශවල බරපතළ ප්‍රශ්නය විසඳීමට පාරිසරික කමිටුව යටතේ විසඳුම් සකස් කර අවසන්. සැප්තැම්බර් 21දින අනුර සහෝදරයා ජනාධිපති ධුරයට පත්කරවන්නේ මේ සියලු සංවර්ධන සැලසුම් සමගින් බව අපි අවධාරණය කරනවා.
“අපි විවිධ බලවේග එකතු කළේ සියලු පුරවැසියන්ට යහපත් අනාගතයක් හදන්න”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මවුලවි මුනීර් මුලෆ්ෆර්-
අවට ප්‍රදේශවල රනිල් ජනාධිපති කියලා පෝස්ටර් ගහලා තිබෙනවා. අපි ඒ බව පිළිගන්නවා. හැබැයි සැප්තැම්බර් 21 වන තුරු පමණයි. නියත වශයෙන්ම අනුර කුමාර දිසානායක සහෝදරයා ඡන්දයෙන් ජනාධිපති ලෙස තේරී පත්වෙන බව මතක තියාගන්න ඕනෑ. “එක්ව ජය ගමු”, කියලා සටන් පාඨ පටන් ගන්නවා. ඒ ජය කාටද? මේ රටේ ජනතාවට නොවෙයි, ඔවුන්ගේ පැළැන්තියට. ජනතාවගේ ජයග්‍රහණය තියෙන්නේ ජාතික ජන බලවේගයේ පමණක් කියන එක අවධාරණයෙන් කියන්න කැමතියි. ඔවුන්, ඔබ ළඟට ඇවිත් අවුරුදු ගණනාවක් තිස්සේ විවිධ බලවේග හැදුවේ ඔවුන්ට බලය ගන්නයි. ජාතික ජන බලවේගය රට පුරා යමින් විවිධ බලවේග එකතු කළේ ආණ්ඩුවක් හදන්න නොවෙයි; රටේ සියලුම පුරවැසියන්ට යහපත් අනාගතයක් හදන්න. පොහොට්ටුවේ ඉන්න ඔක්කොම හොරු ස.ජ.බ. වේදිකාවට ගොඩවුණු හැටියේ හොඳ වෙන්නේ කොහොමද කියලා සමාජ මාධ්‍යවල ප්‍රශ්න කර තිබුණා. ජාතික ජන බලවේගය වටා එක්වී සිටින්නේ හොරුන් සමග සිටි බලවේග නොව ජනතාව සමග සිටි බලවේග බව අවධාරණය කරන්න ඕනෑ. අදූෂිතව කටයුතු කළ හැකි එකම බලවේගය ජාතික ජන බලවේගය පමණක් බව රටම තේරුම්ගෙන තිබෙනවා.
“විඳි දුක් අවසන් කර ලස්සන රටක් හදන්න අපි හැමෝම එක්වෙන්න ඕනෑ”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්මලී ගුණසිංහ-
මේ රටේ ගැහැනුන් වන අපි ගමක් ගමක් ගානේ, ආයතනයක් ආයතනයක් ගානේ ගොස්, ගැහැනුන්ට අවදි වෙන්න කියලා ආරාධනා කළා. තම තමන්ගේ ලෝකවල් හදාගෙන තම තමන්ගේ පවුල්වලට අනාගතය නිර්මාණය කරන්න හදපු අතීතයෙන් මිදී අපේ රටේ ගැහැනුන් එළියට ඇවිත් සිටින්නෙ මේ රටේ ජනතාව, අනාගතය සහ දරුවන් ජයග්‍රහණය කරවන්නයි. මෙතෙක් කල් මේ රටේ ජනතාව සමග ගැහැනුන් විදිහට අපිත් සොයා යමින් තිබූ පාර හැමෝම පැැහැදිලි කරගෙන තිබෙනවා. සැප්තැම්බර් 21 දක්වා ඒ ගමන ධෛර්යයෙන් යන්න ඕනෑ. ඒ වගේම අපේ යහළුවන්, නෑදෑයන්, සියලු දෙනාටම ජාතික ජන බලවේගයේ පවුලත් එක්ක එකතු වෙන්න ඕනෑ කියලා ආදරයෙන්, ආරාධනා කරන්න ඕනෑ. මේ දිස්ත්‍රික්කයේ කර්මාන්ත ගණනාවකට විභවයක් තිබුණාට ආදරණීය අම්මලා වැඩිපිරිසක් ඉන්නේ මැදිපෙරදිග රැකියාවලයි. සහෝදරියන් වැඩි පිරිසක් ඉන්නේ විදේශ රැකියාවලයි. සැමියන් විශාල පිරිසක් ඉන්නේ විදේශ රටවලයි. එහෙම නැත්නම් නිදහස් වෙළඳ කලාපයේ කුකුල් පැටවුන් වගේ කාමරවලට ගාල් කර තිබෙනවා. අපි හැමෝම මේ දක්වා විඳි දුක් අවසන් කර, ලස්සන රටක් හදන්න අපි හැමෝම එක්වෙන්න ඕනෑ.