(-මුස්ලිම් සහෝදරත්වයේ රැලිය – බියගම, මල්වාන – 2024.08.08-) රට පුරා විසිරී සිටින මුස්ලිම් ජනතාව වෙත ජාතික ජන බලවේගයේ පණිවිඩය ගෙනයන්න විශාල කැපවීමක්, වෙහෙසක් දරන පිරිසක් මෙතනට ඒකරාශී වී සිටිනවා. සැප්තැම්බර් 22දාට අපේ රටට අලුත් ජනාධිපතිවරයෙක් පත්වීමට නියමිතයි. ඉන්න කෙනා නම්, කොහොමත් එන්නේ නැති බව පැහැදිලියි. අපි ඔබ සැම හමුවන්නට ආවේ මේ ජනාධිපතිරණයේදී ජාතික ජන බලවේගය […]
(-මුස්ලිම් සහෝදරත්වයේ රැලිය – බියගම, මල්වාන – 2024.08.08-)
රට පුරා විසිරී සිටින මුස්ලිම් ජනතාව වෙත ජාතික ජන බලවේගයේ පණිවිඩය ගෙනයන්න විශාල කැපවීමක්, වෙහෙසක් දරන පිරිසක් මෙතනට ඒකරාශී වී සිටිනවා. සැප්තැම්බර් 22දාට අපේ රටට අලුත් ජනාධිපතිවරයෙක් පත්වීමට නියමිතයි. ඉන්න කෙනා නම්, කොහොමත් එන්නේ නැති බව පැහැදිලියි. අපි ඔබ සැම හමුවන්නට ආවේ මේ ජනාධිපතිරණයේදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවන්න කියලා ඉල්ලන්න. මුස්ලිම් කොන්ග්‍රසයට සම්බන්ධව දේශපාලනය කළ බොහෝ පිරිසක් ගම්වල ඉන්නවා. නමුත් මේ ජනාධිපතිවරණය පවත්වන්නේ මුස්ලිම් කොන්ග්‍රසයේ කෙනෙක් පාර්ලිමේන්තුවට යවන්න නොවෙයි. මේ තියෙන්නේ ජනාධිපතිවරණයක් පවත්වා රටට නායකත්වය සපයන්න කෙනෙක් තෝරන මැතිවරණයක්. ඔබගේ නායකයෙක් පාර්ලිමේන්තුවට යවන්න ඕනෑ කියලා අපේක්ෂා කරනවා නම්, මහා මැතිවරණයේදී ඡන්දය දෙන්න. නමුත් ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවන්න එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා.
ගොඩක් දේශපාලන කතා, පණිවිඩ දැන් අවශ්‍යත් නොවන තරම්. මේ දවස්වල සිදුවෙන සිදුවීම් හොඳට බැලුවත් තෝරා ගන්න ඕනෑ කවුද කියලා තීරණය කරන්න පුළුවන්. ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ වැඩිම මනාප ගත්තේ නාලක ගොඩහේවා. පොහොට්ටුවේ නාලක ගොඩහේවා දැන් ඉන්නේත් ස.ජ.බ.යේ. ජාතිවාදය ඇවිස්සූ, කෝවිඩ් වසංගතයෙන් මියගිය ඉස්ලාම් භක්තිකයන් ලෝකයේ අනෙක් රටවල මිහිදන් කරද්දී ලංකාවේ විතරක් ආදාහනය කරන්න ඕනෑ කියපු ආණ්ඩුව නියෝජනය කළ නාලක ගොඩහේවා ඉන්නේ සජිත් එක්ක. මුස්ලිම් ජනතාව වේදනාවට පත්කළ ආදාහනය කිරීමේ තීන්දු ගැනීමේදී නාලක ගොඩහේවලා අත ඉස්සුවා. පොහොට්ටුවේ දෙවැනියාව සිටි ප්‍රසන්න රණතුංග, රනිල් එක්ක ඉන්නවා. පොහොට්ටුවේ සභාපති ජී.එල්. පීරිස් සජිත් එක්ක ඉන්න අතර සජිත්ගේ සභාපති ෆොන්සේකා ඉන්නේ කොහේද? ස.ජ.බ. සභාපති එළියේ; පොහොට්ටුවේ සභාපති ඇතුලේ. මේ දේශපාලනය නතර කරන්න ඕනෑ නැද්ද? තමන්ට ලැබෙන වරදානවලට, සල්ලිවලට, ඇමති ධුරවලට, එහෙට මෙහෙට පනින දේශපාලනයක් අද අපේ රටේ තිබෙන්නේ. මේ දේශපාලනය අවසන් කළ යුතුයි.
ජාතිවාදයේ විෂ වපුරා පෝෂණය කළ පොහොට්ටුව අද තුනට කැඩිලා. 2009යේ යුද්ධය අවසන් වූ පසු සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සහෝදරත්වයෙන් ජීවත් වෙන රටක් ගොඩනඟයි කියලා ජනතාවගේ අපේක්ෂාවක් තිබුණා. ආණ්ඩු කරපු ඔය කිසිවෙක් ජනතාව සහෝදරත්වයෙන් ඉන්න රටක් හදන්නේ නැහැ. ඒ ගොල්ලන්ට හැමදාම ඕනෑ ගැටුම් තිබෙන, යුද්ධ තිබෙන, එකිනෙකා අතර වෛරය පතුරවන රටක්. චන්ද්‍රිකාට ඡන්දය දුන්නේ දූෂණ, වංචා නතර කළා කියලාද? රට හැදුවා කියලාද? නැහැ. නගර සභා පිට්ටනියේ පිපිරූ බෝම්බය නිසයි. 2005 මහින්ද තෝරා ගත්තේ යුද්ධය නිසයි. 2010දී මහින්දත්, ෆොන්සේකාත් දෙදෙනාම අපේක්ෂකයන් වෙන්නේ යුද්ධය නිසයි. ෆොන්සේකා අපේක්ෂකයෙක් වෙන්නේ යුද්ධය අවසන් කළ හමුදාපතිවරයා හැටියට. නමුත් ඡන්දය දිනන්නේ මහින්ද රාජපක්ෂ. ආර්ථිකය ගොඩනඟනවා, වංචා දූෂණ නතර කරනවා, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනවා, ජාතික සමගිය ගොඩනඟනවා කියන සටන් පාඨ ඔහුට නැහැ. 2015 ඉඳලා නැවත ගැටුමක් පටන් ගත්තා. ඒ අවස්ථාවේ වින්දිතයන් බවට පත්කර ගත්තේ මුස්ලිම් ජනතාව. 2010 වන තුරු දෙමළ ජනතාව. ඉන්පසුව ක්‍රමානුකූලව මුස්ලිම් විරෝධයක් ගොඩනඟන්න පටන් ගත්තා. දිගනට, අලුත්ගමට පහරදීම් සිදුකරන්නේ යුද්ධයෙන් පස්සේ.
මුස්ලිම් ජනතාවට විරුද්ධව විවිධ ජාතිවාදී සංවිධාන ගොඩනැගෙන්නේ යුද්ධය කාලයේ නොවෙයි, යුද්ධයෙන් පස්සේ. උතුරේ යුද්ධය අවසන් වූ පසු ඒ අයට නැවත ගැටුමක් අවශ්‍ය වුණා. මහරගම විශාල විරෝධයක් දියත් කළා. ඒ වේදිකාවේ හිටියේ තිලංග සුමතිපාල. අද ඒ තිලංග සුමතිපාල සජිත් ප්‍රේමදාස එක්ක කරට අතදාගෙන ඉන්නවා. කොහොමද එහෙම වෙන්නේ. වඳ කොත්තු, වඳ ඇඳුම්, තිබෙනවා කියලා මුස්ලිම් ජනතාවට එරෙහිව ප්‍රචාරයන් ගෙන ගියා. ඇඳුම් ඇන්දාම වඳ වෙනවා කියලා පොහොට්ටුවෙන් සොයා ගත්තා. අම්පාර පැත්තේදි කොත්තු කෑවාම වඳවෙනවා කියලා පොහොට්ටුවෙන් සොයා ගත්තා. ඊට පස්සේ සිදුවුණු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකයට තුඩු දෙන විශාල කරුණු ප්‍රමාණයක් තිබෙන බව කවුරුත් දන්නවා. මේ පන්නයේ කැත දේශපාලන සංස්කෘතිය අවසන් කිරීමට එළඹෙන 21වැනිදා ජනාධිපතිවරණයේදී හැමෝම එකට එකතුවෙමු කියලා ඉතාම ඕනෑකමින් ආරාධනා කරනවා.
“අනුර දිනවීම අපේ තෝරා ගැනීමක් නොව අපට පැවරී තිබෙන වගකීමක්”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මවුලවි මුනීර් මුල්ෆ්ෆර්-
සැප්තැම්බර් 21දා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී අපට පැවරී තිබෙන්නේ තේරීමක් නොවෙයි, වගකීමක්. තෝරා ගන්න නම්, හොඳ විකල්ප තිබෙන්න ඕනෑ. සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව අනික් පක්ෂ දෙකේ ඉන්නේ කවුද කියන එක ඔබේ හෘදය සාක්ෂිය දන්නවා. ඒ නිසා තෝරා ගැනීමකින් තොරව අපට තිබෙන වගකීම තමයි, සැප්තැම්බර් 21දා ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක දිනවීම අපට පැවරී තිබෙන වගකීමයි. ඒ වෙනුවෙන් අපි සියලුම දෙනා පෙළ ගැසෙමු. වැඩ කරමු.
“ආගම් අනුව, ජාතිකත්වය අනුව ජනතාව බෙදා වෙන්කිරීමට නැවත ඉඩක් නැහැ”
-ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් විධායක සභික ආචාර්ය අශෝක රන්වල-
මල්වාන ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව හැටියට ඔබ ඉතාමත් ඉහළ බලාපොරොත්තු පොදි බැඳගෙන නව ජනාධිපතිවරයෙක් තෝරා පත්කර ගැනීමට සැප්තැම්බර් 21දා සූදානමින් සිටිනවා. මෙයට පෙර ඔබ ආණ්ඩු පිහිටුවීමට ඡන්දය ලබාදෙද්දී විශාල දෙගිඩියාවක් චකිතයක් තිබුණා. දිගින් දිගටම රැවටීමේ ප්‍රතිඵලයක් ලෙස ඒ අඳුරු ඉතිහාසය වෙනස් කර, යහපත් අනාගතයකට පිය මනින්න මාස කිහිපයක සිට ඔබ ජාතික ජන බලවේගය සමග අපේක්ෂා සහගත ගමනක් යන්න අත්වැල් බැඳගෙන සිටිනවා.
මල්වාන මේ රැලිය පැවැත්වීමට ඔබ සියලු දෙනා සාමුහිකව එකතු වී නීතිමය කටයුතු සියල්ල සම්පූර්ණ කරගෙන තිබුණා. පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිස නිසි පරිදි බලපත්‍ර ලබාදී තිබුණත් හදිසියේම එය අහෝසි කර, කුමන්ත්‍රණකාරී ලෙස එක්සත් ජාතික පක්ෂයේ කාර්යාලයක් පිහිටුවා තිබෙනවා. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙසයි. නමුත් ඒ කුමන්ත්‍රණය පරාජය කරන්න ඔබ සියලුම දෙනා අත්වැල් බැඳගෙන ඉදිරියට ආවා. මධ්‍යම රාත්‍රියේ පවා වෙහෙස මහන්සි වී කාදර් හජ්ජියාර් මහතාගේ භූමිය අපට ලබාදුන්නා. අපි එයට ගෞරව කරනවා. ස්තුති කරනවා. කුමන්ත්‍රණකාරී දේශපාලනය පරාජය කරන්න කාදර් හජ්ජියාර් මහතා අභීතව ඉදිරිපත් වුණා. අද මේ ස්ථානයේ දැවැන්ත ජන ගඟක් සහභගී වන රැලිය පවත්වන්නේ ඒ නිසයි.
ජාතික සමගිය ගොඩනඟන හැටි මේ රැලියෙන්ම පැහැදිලි වෙනවා. සිංහල ජනතාවත් මල්වානේ මේ රැලිය බලන්න ඇවිත් සිටිනවා. ගංවතුර ගැලීම වැනි ස්වභාවික විපත්වලදී ජනතා විමුක්ති පෙරමුණ හැටියටත් ජාතික ජන බලවේගය හැටියටත් අපි ඉදිරිපත් වී කටයුතු කළ සියලුම අවස්ථාවල ඔබ සැම අප සමග අත්වැල් බැඳගත්තා. ආගම් අනුව, ජාතිකත්වය අනුව බෙදා වෙන්කිරීමට නැවත ඉඩක් නැති බව තහවුරු කර, පුනරුද යුගයේ යුගයට ඉදිරි දින කිහිපය තුළ අපි හැමදෙනාම ධෛර්යයෙන් අත්වැල් බැඳගෙන පියනඟමු. ආදරය පිරුණු රටක් අපි ගොඩනඟමු.
(-ජාතික ජන බලවේගයේ කාන්තාවෝ – මාධ්‍ය හමුව – 2024.08.08-) මේ රටේ සිදුවුණු විශාල ජනතා පිබිදීමකින් පසුව, 2023 පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව පළා යාමෙන් පසුව, සැප්තැම්බර් 21 වැනි දින ජනාධිපතිවරණයට අපි මුහුණ දෙනවා. මේ ජනාධිපතිවරණය සුවිශේෂී ඓතිහාසික එකක් වන බව අපට විශ්වාසයි. අපි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා අපේ ජනාධිපති අපේක්ෂකයා […]
(-ජාතික ජන බලවේගයේ කාන්තාවෝ – මාධ්‍ය හමුව – 2024.08.08-)
මේ රටේ සිදුවුණු විශාල ජනතා පිබිදීමකින් පසුව, 2023 පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව පළා යාමෙන් පසුව, සැප්තැම්බර් 21 වැනි දින ජනාධිපතිවරණයට අපි මුහුණ දෙනවා. මේ ජනාධිපතිවරණය සුවිශේෂී ඓතිහාසික එකක් වන බව අපට විශ්වාසයි. අපි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා අපේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරනවා. එයින් පුරවැසියන්ගේ අපේක්ෂාව වී තිබෙන පුනරුද යුගයකට රට ගෙනයාමේ අවස්ථාව උදාවී තිබෙනවා. අරගලය තුළත් ඉදිරියෙන්ම සිටි ගැහැනු විශේෂ කාර්යභාරයක් ඉටුකළා. ඒ වගේම මාලිමාව වටා එක්කවුණු ගැහැනුන් “ගැහැනු අපි එක මිටට” කියන තේමා පාඨයෙන් විශාල දේශපාලනික සංවිධානය වීමක් සහ පිබිදීමක් ඇති වී තිබෙනවා. ඔවුන් නායකත්වය ගැනීම සඳහා පෙරට එමින් සිටිනවා. සැප්තැම්බර් 21 ඓතිහාසික තීන්දුවත් සමග මේ රටේ ගැහැනුන් අපේ සහෝදරියන් සංවිධානය කරමින් නායකත්වය ලබාදීම නිසා මහන්සි වී කැපවීමෙන් කටයුතු කර, ගැහැනු අපි නායකත්වය ගැනීමට බිය නැති පාලනයක් බිහිකර ගන්නා බව විශ්වාසයි. සහෝදරියන්, ගැහැනුන් තමන්ට අවශ්‍ය නායකත්වය ලබාගනිමින් ඉදිරි දින කිහිපය තුළ විශාල කාර්යභාරයක් සිදුකරන බව විශ්වාසයි.
මාලිමාවේ ගැහැනුන්ගේ ජාතික සමුළුව අගෝස්තු 25 වැනිදා කොළඹදී පැවැත්වීමට සූදානම් කර තිබෙනවා. ඒ පිළිබඳ විස්තර ඉදිරියේදී ලබාදෙනවා. මේ රටේ ගැහැනු බලය, අනුර සහෝදරයා සමග එකට සිටගන්නා බව අපට විශ්වාසයි. විශාල වශයෙන් මුදල් වියදම් කරමින් බොරු කියමින් ආණ්ඩුව සහ ඒ හා සමාන අනෙකුත් පක්ෂ තමන්ගේ බංකොලොත්භාවය ප්‍රදර්ශනය කරමින් සිටිනවා. ඔවුන් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ ප්‍රධාන කරුණු කිහිපයක් ජනගත කරන්න සැලසුම් කර තිබෙනවා. මේ රට අර්බුදවලින් බේරා ගන්න ඉදිරිපත් වූ එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ බව නිතරම පවසනවා. මේක එක බොරුවක්. රාජපක්ෂ පවුලත් පොදු ජන එක්සත් පෙරමුණත් බේරා ගන්න රනිල් වික්‍රමසිංහ අගමැති බවට පත් කළ පසුව ගෝඨාභය රාජපක්ෂ පළවා හැරීමෙන් හිස්වූ ජනාධිපති ධුරයට පොහොට්ටු මන්ත්‍රීවරු විසින් රනිල් වික්‍රමසිංහව පත්කර ගත්තා. මේ රනිල් වික්‍රමසිංහ ගෙනයන බොරු ප්‍රචාරයේ දෙවන කාරණය, ස්ථාවර කළ රට ඉදිරියට ගෙනයාම සඳහා රනිල් වික්‍රමසිංහ හැර වෙන කිසිවෙක් නැති බව ප්‍රකාශ කිරීමයි. පෝලිම් යුගය අවසන් කිරීමෙන් රට ස්ථාවර බව ඔවුන් කියනවා. නමුත් මේ ලෙස ප්‍රකාශ කරන්නේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ආහාර කියන මූලික අවශ්‍යතා තුන හෝ සපයා ගන්න නොහැකි වී ජන ජීවිත කඩා වැටී තිබියෙදීයි. ජන ජීවිත කප්පාදු කරගෙන තිබෙන තත්වය පිළිබඳව අසංවේදී රනිල් වික්‍රමසිංහලා ජනතාව මුලාකරන්න විවිධ දත්ත ඉදිරිපත් කරනවා.
මෑතකදී පටන් ගත් තුන්වැනි බොරු ප්‍රචාරය “හොරු ආරක්ෂා කළේ නැහැ” කියන එක. මේ තරම් කුරිරු, විහිළු කතාවක් කිසිම තැනකදී මම අහලා නැහැ. මොහුගේ දේශපාලන ජීවිතය පුරාම සිදුකර තිබෙන්නේ ඔහුගේ යහළුවන් සහ හිතවත් අය ආරක්ෂා කිරිම වෙනුවෙන් බලය යෙදවීමයි. ඔහු පාතාල නායකයන් පවා ආරක්ෂා කර තිබෙනවා. බැංකු හොරුන් ආරක්ෂා කර තිබෙනවා. අර්ජුන් මහේන්ද්‍රන්, රවී කරුණානායක, ආරක්ෂා කරන්න ක්‍රියා කළ රනිල් වික්‍රමසිංහ අද කියන්නේ හොරු ආරක්ෂා කළේ නැහැ කියලා. එහෙම නම් 2015 යහපාලන ආණ්ඩුවෙන් ජනතාව බලාපොරොත්තු වූ වංචනිකයන්, දූෂිතයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරිම වැළැක්වීමට මැදිහත් වුණේ කවුද කියලා අපි අහනවා. නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදීමෙන් හොරුන්, දූෂිතයන් පමණක් නොවෙයි, අපරාධකරුවන් ආරක්ෂා කරන්නත් ක්‍රියාකර තිබෙනවා. අද රටේ ඉන්නේ තවදුරටත් රැවටෙන්නේ නැති පුරවැසියන්. පරණ පුරුදු ඩීල් දේශපාලනයෙන්, බොරු කියන, රවට්ටන පොරොන්දු දේශපාලනය තුළින් මේ පාලක පැළැන්තියට තවදුරටත් පවතින්න විදිහක් නැහැ. ජනතාවාදී නායක අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩි වැඩියෙන කැපවෙමු කියලා මම ආරාධනා කරනවා.
“මේ ඡන්දය වෙනදාට වඩා බරකින් අපට දැනෙන්නේ පුනරුද යුගයේ ආරම්භය ගත යුතු නිසයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්මලී ගුණසිංහ-
ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතින මොහොතක ගැහැනු අපි විශාල වගකීමකින් තීරණයක් ගත යුතු වෙනවා. ගැහැනු අපට අද වේලිලා, කර්කශ වී තිබෙන රට අලුත් බලාපොරොත්තු සහිත පුනරුද යුගයක් කරා පෙරලන්න ක්‍රියාකළ යුත්තේ කෙසේද යැයි අවබෝධයක් තිබීම අවශ්‍යයි. රට වැට්ටූ හොරු රැළ එපා කියලා, මේ දේශපාලන සංස්කෘතියම එපා කියලා පාරට බැස්සේ අපේ අම්මලා, තරුණ තරුණියන්, අපේ දරුවන්, මොනතරම් පීඩාවකට පත්වී සිටියාද කියන අවබෝධයෙන්. ජනාධිපති ප්‍රමුඛ දූෂිත පාලකයන් රැළ දැන් නැවතත් ජනතාවට කතන්දර කියන්න පටන්ගෙන තිබෙනවා. මේ රට අලුත් කරන්න දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතියේ නව පුනරුද යුගයකින් මුල සිට ආරම්භ කරන්න ඕනෑ. සැප්තැම්බර් 21 කියන්නේ ගැහැනු අපේ, අපේ දරුවන්ගේ, සමස්ත ජනතාවගේ වගේම ජීවිත තීරණය කරන දවසක්. ජාතික ජන බලවේගයේ ගැහැනුන් හැටියට මේ ඡන්දය වෙනදාට වඩා බරකින් අපට දැනෙන්නේ පුනරුද යුගයේ ආරම්භය ගත යුතු නිසයි. පසුගිය කාලයේ ගමින් ගමට ගිය අපි ගැහැනුන් සංවිධානය කරමින් දේශපාලනයේ පෙරමුණ ගන්න යොමු කර වූවා. ගැහැනුන් හැටියට තවදුරටත් ශක්තිමත් වී සියලු පුරවැසියන් නිවැරදි මාවතට ගෙනයාමේ කාර්යභාරයක් ඉතා හොඳින් සිදුකිරීමට නායකත්වය ගන්නා ලෙස ආරාධනා කරනවා.
අපේ හැමදෙයක්ම කොපි කරන අයට විශේෂ අවධානයක් කරමින් අපි කළුතරින් ගැහැනුන්ගේ රැලි මාලාවක් ආරම්භ කරනවා. මුළු ලංකාව පුරාම මේ රැලි මාලාව පවත්වා අගෝස්තු 25දා ජාතික මහා රැලියක් කොළඹදී පවත්වනවා. ඡන්දය දවසට විතරක් දේශපාලනයෙන් එළියට බැස්ස ගැහැනු මොනතරම් සවිඥානිකව දේශපාලනික වශයෙන් අවදිකරන්න ජාතික ජන බලවේගයට හැකි වුණාද යන්න අපි ඔප්පු කරනවා. මේ රට බංකොලොත්භාවයට පත්කළ නායකයන් අද කියනවා රට බංකොලොත්භාවයෙන් මුදා ගත්තා කියලා. මහ බැංකුව හොරකම් කරලා, මහජන මුදල් හොරකම් කරලා, පෝලිම් ඇති කළ නායකයන් දත්ත ඉදිරිපත් කරමින් ගෙන යන ප්‍රෝඩාව පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕනෑ. 2022 අගෝස්තු මාසයේ උද්ධමන වේගය 64.3%කින් වැඩිවී තිබෙනවා. 2024 ජූලි මාසය වන විට උද්ධමන වේගය 2.4% දක්වා අඩු කළ බව කියනවා. උද්ධමනය අඩු වෙලා කීවාට අපේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවලින් මේ බව දැනෙනවාද? 2022 අගෝස්තු මාසයේ සම්බා හාල් කිලෝ එක රුපියල් 240යි. නාඩු රුපියල් 210යි. ආර්ථිකය හොඳයි කියන දැන් සම්බා කිලෝ එක රුපියල් 250යි. නාඩු කිලෝ එකක් රුපියල් 220 – 230 අතරේ පවතිනවා. උද්ධමන වේගය විශාල වශයෙන් අඩුවී ඇති බවත් ආර්ථිකය හොඳ බවත් ඔවුන් කීවත් මේ සංඛ්‍යා ලේඛන මහ පොළොවේ නැහැ. ගෙදර බත්පත උයාගන්න වැයවන වියදම වැඩිවෙලා මිස අඩුවී නැහැ.
ඒ වගේම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2023 අවුරුද්ද වෙනුවෙන් ඉදිරිපත් කළ සමීක්ෂණ වාර්තාවකින් හෙළිවි තිබෙන්නේ අපේ රටේ ගෘහ ඒකකවලින් 90.1%කගේ මාසික ජිවන වියදම වැඩිවී ඇති බවයි. එහෙම නම් ආර්ථිකය ශක්තිමත්ද? වියදම වැඩි නිසා ආහාර වගේම තවත් අත්‍යවශ්‍ය වියදම් කපා හැර තිබෙනවා. බෙහෙත්හේත්වලට වියදම් කරන්න සල්ලි නැති නිසා අත්බෙහෙත්වලට යොමුවීමෙන් මහා ඛේදවාචකයක් සිදුවී තිබෙනවා. පවුල් ඒකක 53.1%ක් පාසල් උපකරණ මිලදී ගැනීම් අඩු කර තිබෙනවා. ගෘහ ඒකකවල අධ්‍යාපනයට සම්බන්ධ මාර්ගගත වියදම් 28.1%කින් කපා හැර තිබෙනවා. අමතර පංතිවලට සහභාගීවීම ගෘහ ඒකකවලින් 40.6%ක් අඩු කර තිබෙනවා. ජනාධිපතිගේ දිව නැවෙන නැවෙන ආකාරයට කරන ප්‍රකාශ ඇත්ත නොවෙයි. දරුවා අඳින, කනබොන ආකාරය මේ සංඛ්‍යා ලේඛනවලින් පවා තහවුරු වී තිබෙනවා. ඒ වගේම සිඟමන් යදින දරුවන් තිස්දහසක් සිටින බව මාධ්‍ය වාර්තාවලින් හෙළිකර තිබුණා. දරුවන් සිඟමන් යදින තත්වයට මේ රට නරාවළක් කළ පාලනය වෙනස් කරන්න මේ ජනාධිපතිවරණය යොදා ගනිමු. දරුවාට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදී, දෙමාපියන් මත පටවා තිබෙන අධ්‍යාපනයේ බර රජයේ වගකීමක් බවට පත්කර ගන්න නම් රටේම ගැහැනුන් එකමිටට එකතු වී අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති ධුරයට පත්කළ යුතු වෙනවා. ඒ වෙනුවෙන් ධෛර්යයෙන් එකතුවෙන ලෙස කාන්තාවන්ට ආරාධනා කරනවා.
“ජනතාව නියෝජනය නොකළ මන්ත්‍රීවරු මේ වෙලාවේ එල්ලෙන්න වැල් සොයමින් සිටිනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සරෝජා සාවිත්‍රි පෝල්රාජ්-
මේ වන විට අපේ රට තුළ පුරවැසියන්ට ජීවත් විය නොහැකි තත්වයට පත් වී තිබෙන්නේ කාන්තාවන් හැටියට අපි අවබෝධයකින් තොරව ඡන්දය පාවිච්චි කළ නිසයි. නමුත් සැප්තැම්බර් 21 වැනිදින පැවැත්වෙන ජනාධිපතිවරණයේදී කුළුඳුල් ඡන්දදායකයන්ද ඇතුළුව එක්කෝටි හැත්තෑ එක්ලක්ෂයකට වැඩි ඡන්ද දායකයන් ප්‍රමාණයක්, ඡන්දය පාවිච්චි කරන්න නියමිතයි. ප්‍රජාතන්ත්‍රවාදය හා නීතිය වළපල්ලට යවමින් රටේ ජනතාවට ජීවත් විය නොහැකි තරමට ආර්ථික අර්බුදය උග්‍රකර තිබෙන මොහොතක සිංහල, දෙමළ, මුස්ලිම් සියලු පුරවැසියන්ට ජාතික සමගියෙන් ජීවත් විය නොහැකි තත්වයක් ඇති වී තිබෙනවා. අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජයග්‍රහණයෙන් පසුව ආර්ථිකය ගොඩනඟා, නීතියේ ආධිපත්‍යය සහ විධානය තහවුරු කිරීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීමත් මූලිකව සිදුකරනවා.
බලය ලබාගැනීම වෙනුවෙන් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අවස්ථාවාදී ලෙස බෙදා ජාතික සමගිය වළපල්ලට හෙළා ජනතාව නොමඟ යැවූ යුගය අවසන් කළ යුතු වෙනවා. ආර්ථික ස්ථායීතාව, නීතියේ හා විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම යන මූලික කරුණු තුන මත පදනම් වී අලුත් රටක් ගොඩනඟනවා. මෙතෙක් රට පාලනය කළ අය සමග එක්වී වර්තමානය වන විට එල්ලෙන්න වැලක් නැතිව සිටි අය ඡන්දයට මුහුණ දිය නොහැකිව රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස අතරේ පිල් මාරුකරමින් සිටිනවා. ජනවරමෙන් පාර්ලිමේන්තුවට පැමිණ ජනතාව නියෝජනය නොකළ මන්ත්‍රීවරු මේ වෙලාවේ එල්ලෙන්න වැල් සොයමින් සිටිනවා. නමුත් බිමේ ජනතාව මේ තත්වය අවබෝධ කර ගනිමින් මාලිමාව වටා එකතු වී පුනරුද යුගයේ නියමුවා ලෙස අනුර කුමාර දිසානායක සහෝදරයා තෝරාගෙන සිටිනවා. ජාතිවාදී ප්‍රශ්න ඇති කළ සෑම අවස්ථාවකම ඔහු මුස්ලිම් අන්තවාදයට හෝ දෙමළ ජාතිවාදයට හෝ සිංහල අන්තවාදයට ඉඩ නොදී ජාතික සමගිය වෙනුවෙන් අඛණ්ඩව ක්‍රියාකර තිබෙනවා. වතු ජනතාවට රුපියල් 1700ක දෛනික වැටුපක් ලබාදෙන බවට රනිල් වික්‍රමසිංහ දුන් පොරොන්දුවද දැන් කඩකර අවසන්. බොරු පොරොන්දු දෙමින්, ජනතාව දරිද්‍රතාවයට හෙළා එදා වේලට බඩු මල්ලක් ලබාදෙන ගැලවුම්කරුවන් ලෙස පැමිණෙමින් ඡන්දය කොල්ලකෑම අවසන් කිරීමට ජනතාව දැනුවත් වී සිටිනවා. ජාතික ජන බලවේගය සමග එක්වී නිවැරදි දැක්මක් සහ ක්‍රියාමාර්ගයක් පවතින සමාජ සුභසාධනය සලසන ක්‍රියාමාර්ග අවබෝධ කරගෙන කාන්තාවන් හැටියට මුළු රටේම ප්‍රබෝධයකින් සැප්තැම්බර් 21දා ජයග්‍රාහී නියමුවන් ලෙස පෙරට එන බව සහතික කරනවා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු
ප්‍රශ්නය: මේ වන විට සහන දෙන්න පටන්ගෙන සමහර සංවර්ධන ව්‍යාපෘතිත් ගම්මට්ටමෙන් කරගෙන යනවා. විශේෂයෙන්ම කාන්තාවන්ගේ ඡන්ද ඉලක්ක කරගෙන මේ ක්‍රියාමාර්ග ගත් බව පැහැදිලියි. එය ජාතික ජන බලවේගයේ කාන්තාවන්ට අභියෝගයක්ද?
පිළිතුර:
අපිට නම් කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. අවස්ථාවාදී දේශපාලනය හොඳින් තේරුම් ගන්න ජනතාව සමත්වී සිටිනවා. කාන්තාවන්ගේ කුස්සියේ ප්‍රශ්න, විශ්‍රාමිකයන්ගේ වැටුප් ප්‍රශ්න, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ප්‍රශ්න විසඳන්න ඇත්ත වුවමනාවක් තිබුණා නම්, ඒ සඳහා ඕනතරම් කාලය තිබුණා. ඔවුන් මේ එන්නේ ප්‍රශ්න විසඳන්න නොවෙයි, අවස්ථාවාදී ඡන්ද ගුණ්ඩු අරගෙන. මැතිවරණ කොමිසම මේවා පිළිබඳව ඉතාමත් විමසිල්ලෙන් බැලිය යුතුයි. ජනතාව මේ බොරුවලින් රැවටිය නොහැකි බව අපට විශ්වාසයි.
(-Colombo, August 08, 2024-) ඊයේ (08) උදෑසන ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි රැකියා විරහිත උපාධිධාරීන් කිහිප දෙනෙකු ජාතික ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේදී අනුර කුමාර දිසානායක සහෝදරයා හමුවිය. එහිදී රැකියා විරහිත උපාධිධාරීන් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය පිළිබඳව සවිස්තර සංවාදයක් ඇති විය. එසේම මෙතෙක් රැකියා විරහිත උපාධිධාරීන් මුහුණ දී සිටින ගැටලු සහ ඒවාට විසඳුම් […]
(-Colombo, August 08, 2024-)
ඊයේ (08) උදෑසන ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි රැකියා විරහිත උපාධිධාරීන් කිහිප දෙනෙකු ජාතික ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේදී අනුර කුමාර දිසානායක සහෝදරයා හමුවිය.
එහිදී රැකියා විරහිත උපාධිධාරීන් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය පිළිබඳව සවිස්තර සංවාදයක් ඇති විය.
එසේම මෙතෙක් රැකියා විරහිත උපාධිධාරීන් මුහුණ දී සිටින ගැටලු සහ ඒවාට විසඳුම් ලබා දීම පිළිබඳව ද සාකච්ඡාවේදී අවධානය යොමු විය.
(-හෝමාගම කහතුඩුව ජනහමුව – 2024.08.06-) අවුරුදු 76ක් දුක්විඳලා රටක් බලාපොරොත්තුවන ජයග්‍රහණයක් ලබාගැනීම වෙනුවෙන් අපි කවුරුත් ඉදිරි කාලයේදී ජයග්‍රාහීව වැඩකරමු කියලා මුලින්ම ඉල්ලනවා. මේ ජනාධිපතිවරණය වැළැක්වීමට රනිල්ලා, රාජපක්ෂලා, දැමූ ආරක්ෂක වළලු සියල්ල කඩා අවසන් කර, සැප්තැම්බර් 21දා මහජනතාවගේ සැබෑ පාලනයක් පිහිටුවීම ආරම්භ කරනවා. මේ දක්වා එක එක්කෙනාට ආණ්ඩු හැදුවා ඇති. දැන් මහජනතාවට ආණ්ඩුවක් හදාගන්න ඕනෑ. ජන […]
(-හෝමාගම කහතුඩුව ජනහමුව – 2024.08.06-)
අවුරුදු 76ක් දුක්විඳලා රටක් බලාපොරොත්තුවන ජයග්‍රහණයක් ලබාගැනීම වෙනුවෙන් අපි කවුරුත් ඉදිරි කාලයේදී ජයග්‍රාහීව වැඩකරමු කියලා මුලින්ම ඉල්ලනවා. මේ ජනාධිපතිවරණය වැළැක්වීමට රනිල්ලා, රාජපක්ෂලා, දැමූ ආරක්ෂක වළලු සියල්ල කඩා අවසන් කර, සැප්තැම්බර් 21දා මහජනතාවගේ සැබෑ පාලනයක් පිහිටුවීම ආරම්භ කරනවා. මේ දක්වා එක එක්කෙනාට ආණ්ඩු හැදුවා ඇති. දැන් මහජනතාවට ආණ්ඩුවක් හදාගන්න ඕනෑ. ජන සහභාගිත්ව සංවර්ධනයකට මුල පුරන්නේ ඒ ජයග්‍රහණයෙන් පසුවයි. මේ රට විනාශ කළ, පක්ෂ වගේම නායකයෝත් කෑලි කෑලිවලට බෙදිලා නන්නත්තාර වෙලා ඉන්නේ.
සජිත්ගේ පක්ෂයේ සභාපති එල්ලකරන චෝදනා සුළු පටු ඒවා නොවෙයි. ඒවගේම රනිල් වික්‍රමසිංහත් ප්‍රශ්න කරන්නේත් ෆොන්සේකා එල්ල කළ චෝදනා පිළිබඳවමයි. අපේ නායකයාට කටයි, බඩයි විතරයි තියෙන්නේ රටක් කරන්න නම් බැහැ කියලා රාජිත සේනාරත්න කියා තිබෙනවා. ඒ අතර ජාතික ජන බලවේගය රට පුරාම මහා සංඝරත්නය ප්‍රමුඛ කරගෙන කාන්තා, තරුණ වගේම වෘත්තිකයන් සංවිධානය කරමින් ජනතාව ඉදිරියට පැමිණ දේශපාලන අවබෝධය ලබාදෙමින් බලය ලබාගන්න දින ගණන් කරමින් සිටිනවා. ගුරු සමුළුව, හෙද සමුළුව වගේම විශ්‍රාමික හමුදා සමුළුව සාර්ථකව පැවැත්වීම පිළිබඳව සතුරන් කළබලවී සිටිනවා. හෙද සමුළුවට නිල ඇඳුමෙන් පැමිණීම ගැන සතුරා විවිධ ප්‍රචාර යැව්වත් මැතිවරණ කොමිසම වෘත්තීය සමුළුවට නිල ඇඳුමෙන් පැමිණීම නීති විරෝධී නොවන බව පැවසුවා. ඒ අය නිල ඇඳුමෙන් පැමිණියේ නැත්නම් සතුරන් කියන්නේ ඔවුන් හෙද හෙදියන් නොවෙයි කියලා. සමන් රත්නප්‍රියලාගේ වෘත්තිය සමිති ඉවරයි.
විදේශගත ශ්‍රී ලාංකිකයන් මේ වන විට මැතිවරණය වෙනුවෙන් ක්‍රියාකාරීව දායක වෙන්න ආපසු පැමිණෙමින් සිටිනවා. ගෝඨාභය රාජපක්ෂට 2019 ඡන්දය දුන්නාට වඩා වැඩි පිරිසක් පැමිණෙන බව විශ්වාසයි. මෙතනට ඇවිත් ඉන්න පිරිසට වඩා වැඩි පිරිසක් පිටින් ඉඳලා මේ මොහොතේත් මාලිමාව ජයග්‍රහණය කරවීමට කටයුතු කරමින් ඉන්නවා. මේ පාර එන්නේ ලංකා ඉතිහාසය උඩුයටිකුරු කරවන විශිෂ්ට ජයග්‍රහණයක්. ගෝල්ෆේස් අරගලය කළේ රනිල් බලයට ගේන්න නොවෙයි. අරගලයට ගිය ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ගැඹුරු ව්‍යුහාත්මක වෙනස්කමක් කරන්න, ඒ කියන්නේ සිස්ටම් චේන්ජ් එකට එකම සුදුස්සා හැටියට ජාතික ජන බලවේගය තෝරාගෙන තිබෙනවා. මේ දක්වා පාලකයන් මාතෘ භූමියට අසාර්ථක ප්‍රතිඵල ලබාදීලා අසාධ්‍ය තත්වයට පත්ව තිබෙනවා. ජාතික ජන බලවේගයට පැවරී තිබෙන්නේ අසාධ්‍ය තත්වයෙන් ඉන්න මාතෘ භූමිය ගොඩගැනීමයි. අද වෙනකොට මහජන නියෝජිතයන් වෙනුවෙන් ප්‍රශ්න කතාකරනවා කියන, උත්තරීතරයි කියන පාර්ලිමේන්තුවේ පාසල් දරුවන්ට ඉන්න බැරි කුණුහරුප කියන තැනක් බවට පත්කරගෙන තිබෙනවා. මම පාර්ලිමේන්තුවේ හිටිය කාලයේ හිටපු මන්ත්‍රීවරුන්ගෙන් 196 දෙනෙක් සාමාන්‍ය පෙළ ෆේල්.
අනුර සහෝදරයා ජනාධිපතිවෙලා මදි. පළවෙනි කැබිනට් එකටම යෝජනාවක් ඉදිරිපත් කරනවා, ජනතාවට නොමැති වරප්‍රසාද දේශපාලනඥයන්ටත් අහිමි කරන්න. මේ වැඬේ සජිත්ලාට කරන්න බැහැ. වෙන කිසිකෙනෙකුට කරන්නත් බැහැ. උන්ට සැප විඳින්න හදාගෙන තිබෙන නීති සියල්ල අපි අහෝසි කරනවා. මේ මගින් විශ්‍රාමික ජනාධිපතිවරුන්ට පමණක් වැය කෙරෙන රුපියල් ලක්ෂ 1100ක් ඉතිරිකර ගන්නවා. මේ රටේ පවතින කැත දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමෙන් රට ගොඩනැගීම ආරම්භ කරනවා.
ලෝකයේ සමහර රටවල් දියුණු වුණු ආකාරය ගැන බලනකොට පුදුම හිතෙනවා. අපේ රටට තරම් සම්පත් නැහැ. ජපානයේ ගිනි කඳු තිබෙනවා. භූමිකම්පා ඇති වෙනවා. සුනාමි එනවා. දෙවැනි ලෝක යුද්ධයෙන් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. මැදපෙරදිග රටවල්වල කාන්තාර දියුණු රටවල් බවට පත්කරගෙන තිබෙනවා. නමුත් අපේ රටේ මෙච්චර සම්පත් තිබිලත් දියුණු කර ගන්න බැරි වුණේ ඇයි? අපේ රටේ ජනතාවගේ ඡන්දවලින් හොරු බලයට ඇවිත් රජවුණා. නොගැළපෙන පිරිසක් මහජන නියෝජිතයන් බවට පත්කර ගත්තා. නමුත් කණගාටු වෙන්න එපා. සත්‍යයට ගරු කර ඔබේ තිබුණු දියුණු අරමුණු වෙනුවෙන් ක්‍රියාකිරීමේ අවස්ථාව 21දා පැමිණ තිබෙනවා. ඔබට තිබෙන්නේ රට දියුණු කිරීමේ අරමුණ, ජාතිවාදය, ආගම්වාදය නැති රටක් හදාගැනීමේ අරමුණ, හොරකම්, වංචා, දූෂණ වැළැක්වීමේ අරමුණ. නමුත් පාලකයන්ට තිබුණේ සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ අරමුණක්. නමුත් පාලකයන් කළේ සෞභාග්‍යයේ දැක්ම, සුබ අනාගතය, ආසියාවේ ආශ්චර්ය වගේ ආදර්ශ පාඨ ඉදිරිපත් කරලා ඔබව රැවටීමයි. ඒ විරතක් නෙවෙයි ධර්මිෂ්ට සමාජයක් බිහිකරන බව ප්‍රකාශ කරලා මත්ද්‍රව්‍ය වසංගතයට රට බිලිදීලා, අපරාධවලින් ගහණ රාජ්‍යයක් නිර්මාණය කළා. නමුත් 2024දී ඔබේ අරමුණ සහ ජාතික ජන බලවේගයේ අරමුණ සමපාත වෙලා නව පාලනයක් පිහිටුවා ගන්නවා.
අපේ රටේ ප්‍රාථමික කර්මාන්ත ජනතාවගේ මැදිහත්වීමෙන් ආරම්භ කර තිබුණා. දියුණු වූ රටවල් කළේ ප්‍රාථමික කර්මාන්තවලට නව තාක්ෂණය ලබාදීලා දියුණු කිරීමයි. නමුත් අපේ රටේ ආණ්ඩු තිබුණු කර්මාන්ත ටිකත් බිඳවැටෙන මට්ටමට හැමදේම ආනයනය කළා. අලුත් දේවල් නිෂ්පාදනය කරන්නේ නැත්නම් ඒ රට දියුණු වෙන්නේ නැහැ. සරුංගල්, වෙසක් කූඩු පවා පිටරටින් ගේන මට්ටමට අපේ රට වැට්ටුවා. මේ අර්බුදයෙන් රට ගොඩගන්න නම්, මහා පුනරුද යුගයක් ඇති කරන්න ඕනෑ. කර්මාන්ත සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් විශේෂ සංවර්ධන බැංකුවක් පිහිටුවන්න දැනටමත් සැලසුම් කර තිබෙනවා. ඒ වගේම කර්මාන්ත ආරම්භ කිරීමට අවශ්‍ය වෙනත් යටිතල පහසුකම් සලසාදී මේ රට තුළ හෝ ලෝක වෙළඳපොළ තුළ ඉල්ලුම් ලබාදෙන්න ක්‍රියාකරනවා. අපේ රටේ පාසල් දරුවන් ලක්ෂ 45ක් ඉන්නවා. අවුරුද්දකට සපත්තු කුට්ටම් කීයක් ඕනෑද? කවකටු පෙට්ටි කීයක් ඕනැද, පොත් කීයක් ඕනැද? මේවා ලංකාවේ නිෂ්පාදනය කර ගන්න බැරිද? කෘෂිකර්මාන්තයේදී ගොවියාට උදළු, පිහි, වෙනත් උපකරණ කොපමණ ඕනැද? මේවා ලංකාව තුළ නිෂ්පාදනය කර ගන්න බැරිද? මේ හැමදේටම මුල පුරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිතව ලබාදෙන බදු නවත්වා දැමීමෙන්. නමුත් කර්මාන්ත ක්ෂේත්‍රයට මැෂින් එකක් ඕනෑ නම්, බදු සහන ලබාදී අවශ්‍ය අනෙකුත් පහසුකම් සලසා දෙනවා. ඒ වගේම කර්මාන්ත ඇතුළු නිෂ්පාදන වෙනුවෙන් කාර්යක්ෂම රාජ්‍ය සේවයක පහසුකම් සලසා දෙනවා. ලංකාවේ නිෂ්පාදනය කරගත හැකි එළවළු පළතුරු කොපමණ ප්‍රමාණයක් පිටරටවලින් ආනයනය කරනවාද? අපේ රටේ කෘෂිකර්මාන්තයට තාක්ෂණය සහ නවීනත්වය හඳුන්වාදී පුනරුද යුගයක් නිර්මාණය කරනවා.
මේ වෙනුවෙන් පර්යේෂණ හා සංවර්ධන ප්‍රතිපත්තිය එළි දැක්වූවා. අපේ රටේ ඉන්න ඒ වගේම විදේශගත ශ්‍රී ලාංකික විද්‍යාඥයන් සහ විශේෂඥයන් මේ ප්‍රතිපත්තිය සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීමට සම්පූර්ණ සහයෝගය ලබාදෙනවා. කුඩා ගොවිබිම්වල කටයුතු වෙනුවෙන් ලෝකයේ කුඩා අත් ට්‍රැක්ටරය නිෂ්පාදනය කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රේ. විජේවර්ධන මහත්මයා. ඔහුගේ නිෂ්පාදනය ගැන එදා හිටපු අගමැතිට කෘෂිකර්ම ඇමතිට හඳුන්වා දුන්නත් කිසිම ප්‍රයෝජනයක් වුණේ නැහැ. එදා සිටි පාලකයන් රේ. විජේවර්ධන මහත්මයාට ප්‍රකාශකර තිබුණේ පිරිවැයක් දරන්න ඕනෑ මැෂින් එකක් වෙනුවට කිසිම පිරිවැයක් නැති හරකුන්ගෙන් කෘෂිකාර්මික වැඩ කර ගත හැකි බවයි. මෙයින් වේදනාවට පත්වූ රේ. විජේවර්ධන මහත්මයා එංගලන්තයට සහ ජපානයට ඒ අත්ට්‍රැක්ටරය හඳුන්වා දුන්නා. මේ වන විට ලෝකය පුරා කෝටි ගණනක් අත්ට්‍රැක්ටර් බෙදහැර තිබෙන බව අපි කවුරුත් දන්නවා. ලංකාවට ඩොලර් හොයන්න තිබුණු අවස්ථාවක් අපට අහිමි වුණා. ඒ විතරක් නොවෙයි අපේ ගොවි බිම්වලට අත්ට්‍රැක්ටර් පිටරටින් ගෙන්වනවා. අපේ පාලනයක් යටතේ මේ රටේ නිෂ්පාදකයන්ට උපරිම අවස්ථාව ලබාදී ලෝකයට හඳුන්වා දෙන්න ක්‍රියා කරනවා.
ඔබ කවුරුත් අහලා ඇති වසරක් පාසා නව නිර්මාණකරුවන්ගේ තරඟ ජාතික මට්ටමෙන් පවත්වන බව. ලෝකයේත් එහෙම කරනවා. ඇමෙරිකාවේ වාර්ෂිකව නව නිර්මාණ ප්‍රදර්ශනයක් පවත්වනවා. ඇමෙරිකාවේ නාසා ආයතනය මේ නව නිර්මාණ සම්බන්ධයෙන් තරගයක් පවත්වා. හොඳම නිර්මාණය තෝරා ගන්නවා. අනුරාධපුරයේ ගලෙන්බිඳුණු වැව කපුගේ කියන තරුණයා නියර සැහීම සහ නියර බැඳීම වෙනුවෙන් නිර්මාණය කළ උපකරණය ලෝකයේම පිළිගත් නව නිර්මාණයක් හැටියට නාසා ආයතනය තෝරා ගත්තා. එය නිර්මාණය කළ තරුණයාගේ නමින් සෞරග්‍රහ මණ්ඩලයේ තාරකාවක් පවා “කපුගේ” කියා නම් කළා. නමුත් අදත් ඒ තරුණයා ගැරේජ් එකක වැඩ කරනවා. රටක් ගොඩගන්නේ කොහොමද? මේ පාලකයන්ට කිසිම අදහසක් නැහැ.
ඒ වගේම මේ රටේ ගැටුම් නැති ජාතික සමගිය සහ ආගමික සංහිඳියාව ගොඩනඟන්න ඕනෑ. රටක දියුණුවට භෞතික සංවර්ධනය වගේම ආධ්‍යාත්මික සංවර්ධනයක් අවශ්‍යයි. මංමාවත්, ගොඩනැගිලි, ජලාශ, ඇළ මාර්ග, විදුලිය ලබාදීම, විදුලි සංදේශ වගේ දේවල් භෞතික සංවර්ධනයට අදාළයි. ප්‍රජාතන්ත්‍රවාදය ජාතික සමගිය, ආගමික සංහිඳියාව, කරුණාව, මෛත්‍රිය මනුස්සකම අදාළයි. මේ දේවල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගන්න පුළුවන්ද? මේ ගුණාංග පාලකයාගේ මනසේ තිබෙන්න ඕනෑ. අධ්‍යාත්මික වශයෙන් ගොඩනඟන්න මූලිකම පදනම තිබෙන්නේ අධ්‍යාපනය තුළයි. විෂය කරුණු පමණක් නොවෙයි, කලාව සාහිත්‍යය, ජනමාධ්‍යය, යොදා ගන්න ඕනෑ. ජාතික ජන බලවේගය බලය ලබාගෙන රට ගොඩනඟන්නේ මෙන්න මේ ඉලක්ක සහගත ක්‍රියාමාර්ග ඔස්සේ. නමුත් සජිත්ගෙන් හරි රනිල්ගෙන් හරි විසඳුම් ලබාගන්න උත්සාහ කරනවා නම්, අපේ මාතෘ භූමිය මෝචරියට ඇද දමන බව මතක තබා ගන්න ඕනෑ. ඒ අය හාල්, සල්ලි, බෝතල් පවා බෙදමින් යනවා. අපි අපේ දැනුම බෙදමින් ජනතාව දැනුවත් කරනවා. ඔවුන්ට මාධ්‍ය බලයක් තිබෙනවා. නමුත් අපි අපේ කටේ බලය යොදා ගනිමින් රට වටා යනවා. ඔබත් ඔබේ කට පාවිච්චි කරමින් තව දුරටත් මහජන බලය ගොඩනැගීමට එකතු වෙන්න. ලංකාවේ කොතනකින් හරි ඡන්ද 10ක් හදාදීමේ ඉලක්කය වෙනුවෙන් හැමදෙනාම එකතු වෙන්න. මේ සියල්ල තුළින් පැහැදිලි වෙන්නේ වෙන මොන බලයකටත් වඩා මහජන බලය බලවත් බවයි. ඒ මහජන බලය යොදාගෙන නව පුනරුද යුගයක් ආරම්භ කරන්න ජාතික ජන බලවේගයේ ජනධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා ඉහළින්ම ජයග්‍රහණය කරවමු.
(-Colombo, August 06, 2024-) රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් අද (06) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී මේ වන විට ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් විසින් මුහුණ දෙමින් සිටින ගැටලුකාරී තත්වය හා එම තත්වයන් වෙනස් කිරීම සඳහා වන එම සංගමයේ යෝජනා ජාතික ජනබලවේගය වෙත ඉදිරිපත් කරන […]
(-Colombo, August 06, 2024-)
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් අද (06) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී මේ වන විට ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් විසින් මුහුණ දෙමින් සිටින ගැටලුකාරී තත්වය හා එම තත්වයන් වෙනස් කිරීම සඳහා වන එම සංගමයේ යෝජනා ජාතික ජනබලවේගය වෙත ඉදිරිපත් කරන ලදී.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති ඇතුළු නිලධාරි මණ්ඩලය සමග පැවති මෙම හමුව සඳහා ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ සහ ජාතික විධායක සභික මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන යන සහෝදරවරුද එක්ව සිටියහ.
(-2024.08.06 – මැතිවරණ මහලේකම් කාර්යාලය, ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ අවස්ථාව) එළඹෙන සැප්තැම්බර් 21 දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ අපේක්ෂක ලෙස ඉදිරිපත් වන අනුර කුමාර දිසානායක සහෝදරයා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද (06) පෙරවරුවේ රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී සිදුකෙරිණි. ජාතික ජන බලවේගය වෙනුවෙන් මේ අවස්ථාව සඳහා මහ ලේකම් වෛද්‍ය නිහාල් […]
(-2024.08.06 – මැතිවරණ මහලේකම් කාර්යාලය, ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ අවස්ථාව)
එළඹෙන සැප්තැම්බර් 21 දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ අපේක්ෂක ලෙස ඉදිරිපත් වන අනුර කුමාර දිසානායක සහෝදරයා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද (06) පෙරවරුවේ රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී සිදුකෙරිණි.
ජාතික ජන බලවේගය වෙනුවෙන් මේ අවස්ථාව සඳහා මහ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ජාතික විධායක සභික විජිත හේරත්, ජාතික විධායක සභික හරිනි අමරසූරිය, ජාතික විධායක සභික මවුලවි මුනීර් මුලෆ්ෆර්, ජාතික විධායක සභික හිනිදුම සුනිල් සෙනෙවි, ජාතික විධායක සභික මහින්ද රත්නායක, ජාතික විධායක සභික ව්‍රායි කැලී බල්තසාර්, ජාතික විධායක සභික එරංග ගුණසේකර, ජනාධිපති නිතිඥ උපුල් කුමරප්පෙරුම, නිතීඥ සුනිල් වටගල ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මවුලවි මුනීර් මුලෆ්ෆර් සහ සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික සදීෂ් සෙල්වරාජ් එහිදී අදහස් දැක්වූහ.
“රට ශිෂ්ටත්වයට ඔසවා තැබිය හැකි නායකයෙක් පත්කර ගැනීමේ අවස්ථාව එළඹෙනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය-
අපි කාලයක් වැඩ කළේ, කාලයක් තිස්සේ බලාගෙන හිටියේ මේ මොහොත පැමිණෙන තුරු. ශ්‍රී ලංකාවට සමාජ සාධාරණත්වයක් උදාකරන, පැහැදිලි දැක්මක් තිබෙන, ශිෂ්ට සම්පන්න නායකයෙක් තෝරා ගන්න අවස්ථාව එන තුරු විශාල කාලයක් අපි බලාගන හිටියා. ඓතිහාසික පරිවර්තනයක් සිදුකරමින් අපේ රට ශිෂ්ට සම්පන්න තත්වයකට ඔසවා තැබිය හැකි නායකයෙක් පත්කර ගැනීමේ අවස්ථාව දිනෙන් දින ලංවෙනවා.
අපේ පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාගේ නාම යෝජනා වෙනුවෙන් අපි අද ඇප මුදල් තැන්පත් කළා. තව දින 48කින් රටේ ජනතාව ඔසවා තැබිය හැකි ඒ සහෝදරයා, ඒ නායකයා පත්කර ගැනීමේ අවස්ථාව එළඹෙනවා. අද මේ මොහොත ඒ ඓතිහාසික අවස්ථාවේ කොටස්කරුවන් වශයෙන් නියෝජනය කිරීමට ලැබීම අපිට විශාල සතුටක්.
“ජනතාව සිටින්නේ අනුරට රට බාරදෙන්න සූදානමින්”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්-
ජනාධිපතිවරණය වෙනුවෙන් අපේ පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා වෙනුවෙන් අපි සියලු දෙනා පැමිණ ඇප මුදල් තැන්පත් කළා. 15දා නාම යෝජනා බාරදෙන්න සියලු කටයුතු සූදානම් කරගෙන යනවා.
අපේ රට ආර්ථික වශයෙන් කඩා වට්ටලා දූෂිත, මජර, කැත දේශපාලනයක් ගෙන ගිය යුගය නිමාකර, රට ගොඩනැගීමේ වැඩපිළිවෙළක් සහිත දේශපාලනය ජයග්‍රහණය කරවන්න සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. රටේ බහුතර ජනතාවත් මේ දිනය පැමිණෙන තුරු පුල පුලා බලාගෙන ඉන්නවා. පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කර, රට ප්‍රපාතයෙන් ගොඩගැනීමේ වැඩපිළිවෙළක් තිබෙන අනුරට රට බාරදෙන්න සූදානමින් ඉන්නවා. ජාතික ජන බලවේගය රටේ ජනතාවගේ ඡන්දයෙන් අනුරට බාරදෙන්න සූදානම්. මේ පණිවිඩය රටේ සියලුම ජනතාවට අපි මේ අවස්ථාවේ ලබාදෙනවා.
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මවුලවි මුනීර් මුලෆ්ෆර්
සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික සදීෂ් සෙල්වරාජ්