(-ජාතික ජන බලවේගයේ මහරගම ව්‍යාපාරික හමුව – 2024.08.11 – Ariyana Reach උත්සව ශාලාව-) ඔබ, සැප්තැම්බර් 21 මැතිවරණයකට මුහුණ දෙනවා. මේ ඔබ මුහුණ දෙන පළමු මැතිවරණය නොවෙයි. ඔබ මෙතෙක් ආණ්ඩු හැදුවත්, නායකයන් ගෙනාවත් ඉතා කෙටි කාලයකින් එම විශ්වාසය බිඳ වැටීමට පටන් ගන්නවා. මම ඔබට එක පොරොන්දුවක් දෙන්නම්, ඔබ අප කෙරෙහි තබන විශ්වාසය අබමල් රොනකින් තරම්වත් හානියක් […]
(-ජාතික ජන බලවේගයේ මහරගම ව්‍යාපාරික හමුව – 2024.08.11 – Ariyana Reach උත්සව ශාලාව-)
ඔබ, සැප්තැම්බර් 21 මැතිවරණයකට මුහුණ දෙනවා. මේ ඔබ මුහුණ දෙන පළමු මැතිවරණය නොවෙයි. ඔබ මෙතෙක් ආණ්ඩු හැදුවත්, නායකයන් ගෙනාවත් ඉතා කෙටි කාලයකින් එම විශ්වාසය බිඳ වැටීමට පටන් ගන්නවා. මම ඔබට එක පොරොන්දුවක් දෙන්නම්, ඔබ අප කෙරෙහි තබන විශ්වාසය අබමල් රොනකින් තරම්වත් හානියක් වෙන්න ඉඩ තබන්නේ නැති බවට. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යනු ඔබගේ වුවමනාවත්, ආණ්ඩුවේ වුවමනාවත් එකට සමපාත වෙන ආණ්ඩුවක්. ඔබ සහ අප යන එක අරමුණකට වැඩ කරන, එක ඉලක්කයක් ජයග්‍රහණය කිරීම සඳහා වැඩකරන පොදු මෙහෙයුමක් අපට තිබෙනවා. මීට පෙර හැදුණු ආණ්ඩු ජනතාවගේ අපේක්ෂාවත්, පාලකයාගේ අපේක්ෂාවත් දෙකක්.
බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධුරයෙන් අයින් වෙලා මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා. එහිදී ඔහු “මගේ අරමුණු ඉටු වුණා, තිබුණු නඩු ටික අයින් කර ගත්තා” කිවුවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙන අවස්ථාවේ ඔහුට වංචා, දූෂණ, අපරාධ පිළිබඳ නඩු ගණනාවක් තිබුණා. ඔහු ජනාධිපති වුණු විගසම ඔහුගේ නීතිඥවරු අධිකරණයට ගොස් ඔහුට විරුද්ධව තිබූ නඩු ටික අයින් කර ගත්තා. ගෝඨාභයට ජනාධිපති වීම නිසා තිබුණු ලාභය නඩු ඉවත්කර ගැනීමයි. ඒ නිසා අපේ රටේ හැමදාම ජනතාවගේ අරමුණත්, පාලකයාගේ අරමුණත් දෙකක් වුණා. රනිල් වික්‍රමසිංහලා, මෛත්‍රීපාලලා 2015 බලය ගන්නේ වංචාව නතර කරන්නත්, වංචා කළ අයට දඬුවම් දෙන්නත්. බලය පිහිටුවන්නේ ජනවාරි 08. මහ බැංකුවට ගහන්නේ පෙබරවාරි 28. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අපේක්ෂාවයි, ජනතාවගේ අපේක්ෂාවයි එකක් නොවෙයි, දෙකක්.
අපේ රට ආර්ථික වශයෙන් ප්‍රධාන ගැටලු දෙකක හිරවෙලා තිබෙනවා. එකක් තමයි, වසරකට අපට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය උපයා ගන්න අපි සමත් නැහැ. අපේ වාර්ෂික අපනයන ආදායම ඩොලර් බිලියන 12ක් වෙන විට අපේ ආනයන වියදම ඩොලර් බිලියන 20ක්. ණය ගෙවීම සඳහා අතිරේක වශයෙන් ඩොලර් බිලියන 06ක් අවශ්‍ය වෙනවා. සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 03කට ආසන්න ප්‍රමාණයක් ලැබෙනවා. විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් බිලියන 6.8ක් ලැබී තිබෙනවා. අපට වසරකට ඩොලර් බිලියන 05 – 6ක හිඟයක් තිබෙනවා. ඒ කියන්නේ වසරකට අවශ්‍ය වන ඩොලර් ප්‍රමාණය උපයා ගන්න සමත් නැහැ. ඒ නිසා අපට ණය ගන්න සිදුවෙනවා. එසේ නැතිනම් විකුණා සොයාගත යුතු වෙනවා. මේ අර්බුදය එන්නේ 1980 සිට. මේ නිසා මෙතෙක් අප කළේ, එක්කෝ ණයක් ගැනීම හෝ විකුණා මුදල් සොයා ගැනීමක්. මුලින්ම පේෂකර්මාන්ත ශාලා විකිණුවා. ඊළඟට තේ වතු, ඇඹිලිපිටියේ කඩදාසි, කන්තලේ සීනි, ඔරුවල වානේ, තුල්හිරියේ තුනී ලෑලි, දංකොටුවේ පිඟන්, මාතලේ පිඟන්, කර්මාන්ත ශාලා විකිණුවා. ඊළඟට අප සතුව තිබූ මූල්‍ය සමාගම් විකුණන්න පටන් ගත්තා. දැන් ටෙලිකොම් එක, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ගෑස් සමාගම, ලංකා හොස්පිට්ල්, හිල්ටන් හෝටලය විකුණන්න සූදානම් වෙනවා. ඒවා ලාභ ලබන ආයතන. බන්ධනාගාරය අසල ඉඩම විකුණන්න සූදානම් වෙනවා. හිඟ ඩොලර් ප්‍රමාණය සොයා ගැනීමේ එක සැලැස්මක් තමයි මේ විකිණීම. 1980 සිට අපට හිඟ ඩොලර් ප්‍රමාණය සොයා ගැනීමට ගත් අනෙක් පියවර තමයි, ණය ගැනීම. 2021 වෙන කොට අපට කවුරුත් ණය නොදෙන තත්වයක් උදාවුණා. ආර්ථිකය වැටුණා. ලෝකයේ රටවල් ශ්‍රේණිගත කරන සමාගම් කිවුවා ලංකාවට ණය දෙන එක අවදානම් කියලා. නැවත කිවුවා ශ්‍රී ලංකාවට ණය දෙන්න එපා කියලා. අවසානයේ මහ බැංකුව ප්‍රකාශයක් කළා ණය ගෙවන්න නොහැකි බව. රටට අවශ්‍ය දේවල් ගෙන්නවන්න නොහැකි වුණා. ආර්ථිකය මුළුමනින්ම කඩා වැටුණා. අපට දැන් පොඩි සහනයක් දැනෙනවා. එහෙම දැනෙන්නේ අපි ගත් ණය ගෙවන්නේ නැති නිසා.අතේ ගණක් ඉතිරිවෙන නිසා. රනිල් වික්‍රමසිංහගේ පාලන කාලයේදී ණය ගෙවීම සඳහා කිසිවක් කළේ නැහැ. වසරකට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය උපයා ගැනීම සඳහා අපට ආර්ථික සැලැස්මක් අවශ්‍ය වෙනවා.
දෙවෙනි අර්බුදය තමයි, වසරකට වියදම් සඳහා අවශ්‍ය වෙන රුපියල් උපයා ගැනීම. ණය වාරික හා පොලී ගෙවීමටත්, රජයේ අනෙකුත් වියදම් සඳහා අපට රුපියල් බිලියන 11,277 අවශ්‍ය වෙනවා. බදු ගැසීම් ආදියෙන් භාණ්ඩාගාරයට එන්නේ වසරකට රුපියල් බිලියන 4168යි. එහෙම නම් අපට අපේ භාණ්ඩාගාරයට එන රුපියල් ප්‍රමාණය වැඩිකර ගැනීමට සහ වියදම් ප්‍රමාණය අඩුකර ගැනීමට සැලැස්මක් අවශ්‍යයි. අපිට අද මේ භුක්ති විඳීමට සිදුව තිබෙන්නේ දශක ගණනාවක ගෙන ගිය ආර්ථික ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයි. රනිල්ගේ උපායමාර්ගය තව තව බදු ගැසීමයි.
අනාගත ලෝකය පාලනය කරන්නේ තාක්ෂණික මෙවලම් සහ සේවාවලින් නිෂ්පාදනය කළ හැකි රාජ්‍යයන්. ඌබර් සමාගම එක මෘදුකාංග පද්ධතියක් පාවිච්චි කරමින් ලෝකයම මෙහෙයවනවා. නමුත් ඔවුන්ට එක වාහනයක්වත් ලෝකයේ නැහැ. ඇපල් සමාගමට නවීන ස්මාර්ට් ෆෝන් එකක් නිෂ්පාදනය සහ එකලස් කිරීම වෙනුවෙන් ඩොලර් 20ත් 30ත් අතර මුදලක් වැය වෙනවා. නමුත් මේ ෆෝන් එක නිර්මාණය කිරීම සහ සංවර්ධනය කිරීම මෙන්ම අලෙවිකරණය වෙනුවෙන් විකුණුම් මිලෙන් 54%ක් ඒ කියන්නේ ඩොලර් 600ක ආදායමක් ලැබෙනවා. තාක්ෂණයෙන් ආදායම් උපයන්නේ මේ විදිහට. අපේ අයි.ටී. කර්මාන්තයෙන් දැන් උපයන්නේ ඩොලර් බිලියන 1.3යි. එය ඩොලර් බිලියන 05ක් කරන්න සැලසුම් සකස් කර වසර ගණනාවක් වෙනවා. නමුත් ක්‍රියාත්මක කළේ නැහැ. ඉන්දියාවේ එම ආදායම ඩොලර් බිලියන 253යි. මතුපිට තලයේදී පාලකයන් වංචා කිරීම, අනවශ්‍ය ඉදිකිරීම් වගේ දේවල් සිදුකළාට වඩා අපරාධයක් ඒ යුගයේදී අත්පත් කර ගත යුතු ජයග්‍රහණ අත්පත් කර නොගැනීමෙන් සිදුකර තිබෙනවා. විශාලම අපරාධය ඒකයි. අපි අඛණ්ඩවම පැහැදිලි කරන ආකාරයටම මේ රට ගොඩනඟන්න නම්, වංචාව, දූෂණ, නාස්තිය නතර කළ යුතුමයි. කිසිදු පිරිසිදු ආයෝජකයෙක් ලංකාවට එන්නේ නැහැ. ඇමතිවරුන්ට පගා ගෙවන්න පිරිසිදු ආයෝජකයන් එන්නේ නැහැ.
අපි දේශීය හා විදේශීය ආයෝජකයන් කියන්නේ එක කතාවයි. “ඔබගෙන් අපට ඇල්වතුර වීදුරවක්වත් එපා. ඔබ ගෙනෙන ව්‍යාපෘතිය රටට හොඳද, නරකද” කියලා විතරයි අපි බලන්නේ. වංචාව, දූෂණය නතර කර, නීතියක් සහිත රටක් ගොඩනඟන්න ඕනෑ. පොලිස්පතිවරයාගෙ වැඩ තහනම් කර, වැඩබලන පොලිස්පති වරයෙක් පත්කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් දුන්නා. ජනාධිපතිවරයා අධිකරණ තීන්දුව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමින් ඉන්නවා. කැලෑ නීතිය තිබෙන රටකට මොන ආයෝජකයන්ද එන්නේ. රනිල්ට ඕනදේ කරන්න පොලිස්පති පුටුවේ දේශබන්දු තෙන්නකෝන් ඉන්න ඕනෑ. නමුත් රටේ නීතිය ක්‍රියාත්මක කරන්නේ නම් පොලිස් දෙපාර්තමේන්තුවේ තව ඕනෑ තරම් පිරිස් ඉන්නවා. විදෙස් ආයෝජන කියන්නේ රටක කීර්තිය පිළිබඳවත් ප්‍රශ්නයක්. රටක් මොනතරම් සදාචාරසම්පන්නද කියන ප්‍රශ්නයක්. අපට බේරා ගන්න වංචාකාරයන්, අපරාධකාරයන් නැහැ. අපේ පාලනයක් යටතේ නීතිය, විධානය, ආධිපත්‍යය තහවුරු කරනවා.
සිංගප්පූරුවේ අගමැතිතුමා මෑතකදී කළ ප්‍රකාශයක් අනුව ඕනෑම තත්වයකට මුහුණ දිය හැකි වත්කම් දෙකක් තිබෙන බව හඳුන්වාදී තිබුණා. එනම් එරට සතුව තිබෙන විදෙස් සංචිත සහ එරට රාජ්‍ය සේවයයි. රාජ්‍ය සේවය කියන්නේ අපරාධයක් නොවෙයි. දේශපාලන පත්කිරීම්, දේශපාලන මාරුකිරීම් සහ දේශපාලන උසස් කිරීම් තුළින් මේ රටේ රාජ්‍ය සේවය අකාර්යක්ෂම තත්වයට පත්වී තිබෙනවා. ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් බවට පත්කරනවා. ඒ වගේම අපේ රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරමින් ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. දැන් තිබෙන්නේ රටේ විවිධ සම්පත් සහ භෞතික පිහිටීම්වලට අදාළ වටිනාකම් එක් එක් රටට කප්පම් දෙන ප්‍රතිපත්තියක්. ලෝකයේ කිසිදු බලවත් රාජ්‍යයකට අපිව සල්ලි දීලා ගන්න බැහැ. ඉන්දියාවේ විදේශ ඇමතිතුමා හමුවූ අවස්ථාවේ අපි පැහැදිලිව කියා සිටියේ ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට බලපාන කිසිදු ක්‍රියාමාර්ගයක් අපි නොගන්නා බවයි. රුසියානු රාජ්‍යයට තර්ජනයක් වන ආකාරයට යුක්රේනය හැසිරුණා. ඒ නිසා යුක්රේනයට ඇති වී තිබෙන ප්‍රතිවිපාක අපි දකිනවා. නමුත් ආර්ථික කරුණුවලදී ලෝකය හමුවේ අපි අනුගමනය කරන්නේ අපේ රටේ ජාතික ආර්ථිකයට කෙතරම් දුරට අදාළද යන්න මූලික කරුණ පමණයි.
මේ අත්තිවාරම මත රට ගොඩනැගීම අපි ආරම්භ කරනවා. අපේ පාලනයක් ආරම්භයේදී සහනාධාර ලැබිය යුතු ජනතාව වෙනුවෙන් ආධාර තහවුරු කරනවා. සහනාධාර කියන්නේ ලෝකයේ දියුණු රටවල් පවා අවශ්‍ය කරන ජනතාවට ලබාදෙන දෙයක් මිස අපරාධයක් නොවෙයි. ඒ වගේම සෞඛ්‍යයත් මූලිකයි. ආර්ථිකය සමග ක්‍රමානුකූලව ඒ ජනතාව බද්ධ කිරීමෙන් සහනාධාර ඉවත් කිරීමේ සැලසුම් දියත් කරනවා. අද සිදුකරන්නේ පෞද්ගලික ව්‍යවසායකයන් උපයන දෙයින් බදු ගහලා ආණ්ඩුවට අරගෙන තමන්ගේ කටයුතු වෙනුවෙන් වියදම් කිරීමයි. ඡන්දය ආසන්නයේදී පවා රනිල් වික්‍රමසිංහ කෝටි 875ක් අමතරව වෙන්කර ගත්තා. පෞද්ගලික ව්‍යවසායකයා, කර්මාන්තකරුවා උපයන ආදායම් වැඩිකරගෙන ව්‍යාප්ත කිරීමට පහසුකම් සැලසීම, මඟ පෙන්වීම් සිදුකිරීම රාජ්‍යය සතු මූලික වගකීමයි. ඔවුන් වෙත විද්‍යාව හා තාක්ෂණයේ නවීනතම උපකරණ හා දැනුම ලබා දෙනවා. ආයුර්වේදය අද ලෝකය පුරා ජනප්‍රිය වෙමින් පවතිනවා. නමුත් දැනට පවතින ලී පතුරු තබා පත්තු බැඳීමේ ක්‍රමවේදයෙන් එය ලෝකයට ගෙන යන්න බැහැ. ඒ වෙනුවෙන් පර්යේෂණ අවශ්‍යයි. විදෙස් තාක්ෂණය අවශ්‍යයි නම්, එය අත්පත් කර දෙනවා. පෙට්්‍රල් ෂෙඩ්වලින් තෙල් ගහන්න ආයෝජකයන් ගෙන්වන්න ඕනෑද? සයිනොෆැක් ආයතනයට පෙට්්‍රල් ෂෙඩ් 200ක් දුන්නා කියලා අලුතින් ලැබෙන තාක්ෂණය මොකක්ද? ඒ වගේම සමහර ආයෝජකයන් අපට ප්‍රාග්ධනය ගෙන්වා ගන්නත් අවශ්‍ය වෙනවා. විදෙස් ආයෝජන කැඳවන්න අවශ්‍ය වෙන්නේ තාක්ෂණය, ප්‍රාග්ධනය සහ මාර්කට් එකේ සුවිශේෂි හැකියාවන් තිබෙන අංශවලින්.
ඒ වගේම අලුතින් ගොඩනැඟෙන ව්‍යවසායකයන් වෙනුවෙන් ව්‍යාපෘති වාර්තාවන් ලබාගෙන අධ්‍යයනය කර බලා දේපළ ඇපකර නැතිව ණය මුදල් ලබාදෙන සංවර්ධන බැංකුවක් පිහිටුවනවා. ව්‍යවසායකයන්ට අඩු පොලියට ණය ලබාදෙනවා. ඒ වගේම ආණ්ඩුව මැදිහත් වී තෝරා ගත් ක්ෂේත්‍ර සඳහා, විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය වැනි ක්ෂේත්‍ර වෙනුවෙන් කෙටි කාලීන ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. විදේශ සංචාර සඳහා චීන ජාතිකයන් මිලියන 120ක් වසරකට රටින් පිටවී යනවා. එයින් 5%ක් අපේ රටට ගෙන්වා ගත හැකි නම්, මිලියන 06ක සංචාරකයන් පැමිණෙනවා. ඔවුන් බෞද්ධාගම සමග සංස්කෘතික බැඳීමක් ඇති අයයි. කර්මාන්තකරුවා සහ ආණ්ඩුව එකම ඉලක්කයකට පොර බදනවා. ව්‍යාපාරිකයා වැටුණොත් ඔහු නැවත ගොඩගන්න ආණ්ඩුව මැදිහත් වෙනවා. නමුත් අපේ සතුරන් ප්‍රචාරය කරමින් සිටින්නේ ඔවුන්ගේ දේපළ අත්පත් කර ගන්නා බවයි. මේ මොහොතේ ඔවුන් සිදුකරමින් සිටින්නේ ජනතාවගෙන් ලබා ගන්නා බදු මුදල් ඇතුළු රාජ්‍ය සම්පත් ඔවුන්ගේ පෞද්ගලික සුඛ විහරණය වෙනුවෙන් පරිහරණය කිරීමයි. අපගේ සැලැස්ම පෞද්ගලික අංශයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක උන්මාදයක් ඇතිකර කර්මාන්ත නඟා සිටුවමින් මහා භාණ්ඩාගාරයට මුදල් රැස්කිරීමයි. මේ රටේ ශ්‍රමිකයන්ට රැකියා ලබාදෙන්නේ පෞද්ගලික අංශයෙන්. ශ්‍රී ලාංකිකයන් 13,500ක් පමණ මාලදිවයිනේ සංචාරක සහ ධීවර රැකියාවල නිරතව සිටිනවා. එරටට පවතින්නේ මේ ක්ෂේත්‍ර දෙක පමණයි. අපේ රටේ ශ්‍රමිකයන් වෙත විදේශ පුහුණු වෘත්තීන් අත්පත් කර දීමට මේ පාලකයන් කටයුතු කළේ නැහැ. ඒ වගේම ජාතික ජන බලවේගයේ පාලනයකින් කිසි කෙනෙකුගෙන් පළි ගන්නේ නැහැ. නමුත් අපේ රට මේ විපතට ඇද දැමීම සඳහා ඔවුන් කරන ලද වංචා දූෂණ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර, මහජන දේපළ යළි පවරා ගැනීමත් වැරදිවලට දඬුවම් ලබාදීමත් සිදුකළ යුතුයි. එය කිසිසේත්ම පළි ගැනීමක් නොවෙයි. සමාජීය අවශ්‍යතාවයක්.
අපි ඉතාමත් සාමකාමීව නීති පද්ධතිය මගින් කටයුතු කරනවා. ඇතැම් නීති ප්‍රමාණවත් නැත්නම් අවශ්‍ය නීති සම්පාදනය කරනවා. ඒක ජාතික ජන බලවේගයේ පළිගැනීමක් ලෙස සතුරන් අර්ථකථනය කරමින් සිටිනවා. ඒ වගේම රාජ්‍ය ආයතන මුහුණ දෙන අවශ්‍ය නිලධාරීන් පත්කිරීමේදී ඔවුන්ගේ දේශපාලනය අපට කිසිසේත්ම අදාළ නැහැ. අදාළ ක්ෂේත්‍රයේ හැකියාවන් සහ නිපුණතාවයන් තිබෙනවාද යන්න පමණක් සලකා බලනවා. ආරියශීල වික්‍රමනායක මහතා මිල්කෝ ආයතනයට පත් කිරීමේ උදාහරණය දෙන්න පුළුවන්. රට කියන්නේ, ආණ්ඩුව කියන්නේ, අපේ පෞද්ගලික දේපළක් නොවෙයි. අපි හැමදෙනාම එක්වී රට ගොඩනැගිය යුතුයි. අපේ ඇමති මණ්ඩලය 25යි. නියෝජ්‍ය ඇමතිවරු 25 දෙනා පමණයි, රාජ්‍ය ඇමතිවරුන් නැහැ. ඔවුන්ගේ නිල නිවාස, ජල සහ විදුලි බිල් ගෙවීම් අනවශ්‍ය වාහන ලබාදීම් සියල්ල නතර කරනවා. දේශපාලකයන් වංචා, දූෂණ සිදුකරමින් සාමාන්‍ය ජනතාවට රට හදන්න කියලා හරියනවාද? පසුගිය ඉන්ධන මිල ඉහළ ගිය අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන ඉන්ධන දීමනාව මාසයකට රුපියල් ලක්ෂයකින් වැඩි කළා. අපේ මන්ත්‍රීවරුන් තිදෙනා එය අනවශ්‍ය බව කථානායකවරයාට ලිඛිතව දැනුම් දුන්නා. සමහර රෝහල් තිබෙනවා, ඇමිබියුලන්ස් එකක් නැති. නමුත් රනිල් වික්‍රමසිංහ පිටුපස්සෙන්, මහින්ද රාජපක්ෂ පිටුපස්සෙන් වගේම ශිරන්ති රාජපක්ෂ පිටුපස්සෙන් ඇම්බියුලන්ස් ගමන් කරනවා. දේශපාලනය මොකක්ද කියලා අපි ඔබට ආදර්ශයෙන් ඔප්පු කරනවා.
මහජනයාට වඩා උඩින්, සඳලු තලයේ ඉන්න දේශපාලනය අපි අවසන් කරනවා. අපි අපේ වගකීමට දේශපාලනය තෝරා ගෙන තිබෙනවා. ඔබ ඔබේ වගකීම යටතේ වෘත්තියක් තෝරාගෙන තිබෙනවා. අපි දෙගොල්ල අතරේ පරතරයක් තිබිය යුතුද? රට විශාල අගාධයක තිබෙන්නේ. සැප්තැම්බර් 21දායින් පසුව මෙය විසඳීමේ ආරම්භය ගන්නවා. ඒ වෙනුවෙන් සියලු දෙනාම එක්වී ධෛර්යයෙන් ක්‍රියාකරමු කියලා ආරාධනා කරනවා.
(-Colombo, August 12, 2024-) එළඹෙන සැප්තැම්බර් 21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් අද (12) පෙරවරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අපේක්ෂක නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීය. මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන සහෝදරවරු ඇතුළුව ජාතික විධායක සභික සහෝදර සහෝදරවරු […]
(-Colombo, August 12, 2024-)
එළඹෙන සැප්තැම්බර් 21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් අද (12) පෙරවරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අපේක්ෂක නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීය.
මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන සහෝදරවරු ඇතුළුව ජාතික විධායක සභික සහෝදර සහෝදරවරු කිහිප දෙනෙක්ද සහභාගි වූහ.
(-තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ ගුරු – ආදි සිසු හමුව – වෙහෙරගල බෞද්ධ මධ්‍යස්ථානය – 2024.08.09-) පාසලේ සිට මේ දක්වා මම රැස්වීම් දසදහස් ගණනක් ආමන්ත්‍රණය කරලා ඇති. පාසලේ ‘කථිකෝදය’ සංගමයේ සභාපතිව සිටියේ මම. දීපිකා තමයි, ලේකම්. රටට මොකක්ද වුණේ, වෙමින් තිබෙන්නේ මොකක්ද, අනාගතයේ සිදු කළ යුත්තේ මොනවාද ආදී වශයෙන් කතා කර තිබෙනවා. නමුත්, අද මම කතා […]
(-තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ ගුරු – ආදි සිසු හමුව – වෙහෙරගල බෞද්ධ මධ්‍යස්ථානය – 2024.08.09-)
පාසලේ සිට මේ දක්වා මම රැස්වීම් දසදහස් ගණනක් ආමන්ත්‍රණය කරලා ඇති. පාසලේ ‘කථිකෝදය’ සංගමයේ සභාපතිව සිටියේ මම. දීපිකා තමයි, ලේකම්. රටට මොකක්ද වුණේ, වෙමින් තිබෙන්නේ මොකක්ද, අනාගතයේ සිදු කළ යුත්තේ මොනවාද ආදී වශයෙන් කතා කර තිබෙනවා. නමුත්, අද මම කතා කරන්නේ ජීවිතය ගැන. රැස්වීම් දසදහස් ගණනක් ආමන්ත්‍රණය කර තිබුණත්, ඉතාමත් වැදගත්, ජීවිතයට දැනෙන රැස්වීම මේකයි.
අපි කුඩා කාලයේ සිල් සමාදන් වුණේ මේ නුග ගහ යට. වෙහෙරගල පන්සලේ නායක හාමුදුරුවෝ, රම්බොඩගල්ලේ උපතිස්ස හාමුදුරුවෝ අපට බෞද්ධ ධර්මය ඉගැන්වූවා. අපේ උපන් ගම පිටිසර ආඬියාගම කියන ප්‍රදේශය. අප ඉතා කුඩා අවධියේ තඹුත්තේගමට ඇවිත්, පදිංචිව හිටියේ බෝයගොඩ මෝල ඉදිරියේ තිබුණු අඩි 12ක් පමණ පළල, අඩි 20ක් පමණ දිග කටුමැටි ගහපු ගෙදරක. ඒ ගෙදර අයිති මැන්ඩිස් මුදලාලිට. මාසයකට රුපියල් දහයේ කුලියට ඒ ගෙදර නැවතුණා. තඹුත්තේගම ජීවිතය පටන් ගත්තේ ඒ විදියට. තඹුත්තේගම ගාමිණී මහා විද්‍යාලයේ සාමාන්‍යපෙළ දක්වා සිටි අවසන් දරුවෝ අපි. මධ්‍ය මහා විද්‍යාලයක් වූ පසු ගණිත සහ විද්‍යා අංශයෙන් ඉගෙන ගත් පළමු දරුවන් අපි. මේ කාලය තුළ විශාල දේවල් සිදු වී, විශාල කණ්ඩායම් මුණගැසී තිබෙනවා. අපේ ජීවිතය වෙනස් කිරීම සඳහා මේ පාසලත්, අපේ ගුරුවරුත් විශාල වෙහෙසක් දරා තිබෙනවා. අට, නවය පංතිවල අපට විද්‍යාව ඉගැන්වූ පරාක්‍රම සර්ගේ බිරිඳ රාණි ටීචර්. තුනේ පංතියේදී අපේ පංති භාරව හිටියේ ඒ ටීචර්. සාමාන්‍යපෙළදී ගණිතය ඉගැන්වූයේ කහවල ටීචර් සහ බස්නායක ටීචර්. ජීවිතයේ තීරණාත්මක උසස්පෙළ අවධියේදී පංති භාරව කටයුතු කළේ ශ්‍යාමලී ටීචර්. භෞතික විද්‍යාව ඉගැන්වූයේ ධර්මපාල සර්. විමලා ටීචර් වාණිජ අංශයේ ඉගැන්වූවා. අපට ඉගැන්වූයේ නැතත්, සමීප සම්බන්ධතාවක් පැවැත්වූවා. මේ ගුරුවරුන්, පාසල් සොහොයුරන් අපේ ජීවිතය වෙනස් ගමනකට යොමු කරන්න විශාල බලපෑමක් සිදු කළා. පෞද්ගලිකව මාව හොයන්න අවස්ථා ගණනාවක් පාසලට ආවත්, සමහර මැදිහත් වීම් නිසා මාව අත්අඩංගුවට ගන්න බැරි වුණා. ඒ වාගේම ශ්‍යාමලී ටීචර් කවදාවත් කාටවත් කියලා නැති දෙයක් මම කියන්නම්. අසීරුවෙන් සැඟ වී ජීවත් වූ කාලයේ ශ්‍යාමලී ටීචර් මාව මාසයකට ආසන්න කාලයක් සඟවාගෙන සිටියා. එවැනි ගුරුවරුන් නොවෙන්නට අප ජීවතුන් අතර නැහැ. ඒ කාලයේ වෙන කෙනකු සඟවාගෙන සිටීම තමන්ගේ ජීවිතයට අනතුරක් බව දැන දැන දරුවන්ගේ ජීවිත රැක ගත් ගුරුවර, ගුරුවරියන් මේ ඉන්නේ.
ඒ නිසයි මම කීවේ, මෙතැන තියෙන්නේ අපේ ජීවිතය පිළිබඳ කතාවක් කියලා. අප ඉන්නේ රටේ පාලන බලය කවර කණ්ඩායමක් අතට යා යුතුද කියන මැතිවරණයක් අභියස. හිටපු ජනාධිපතිවරයකුගේ බෑනා, හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පුතුන් දෙදෙනෙක් සහ මම! මේ තඹුත්තේගම ගමේ. දෙදෙනෙක් කොළඹ රාජකීය විද්‍යාලයේ. තව කෙනෙක් කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයේ. මම තඹුත්තේගම ගාමිණී විද්‍යාලයේ සහ මධ්‍ය මහා විද්‍යාලයේ. මොන තරම් වෙනස්කම් සහිතවද මේ මැතිවරණයට තරග වදින්නේ කියලා තේරුම් ගන්න පුළුවන්. මොන තරම් දේශපාලන වෙනස්කම් සහිත ධාරාවක්ද අප නියෝජනය කරන්නේ? මේ දේශපාලනයට අපව පොළඹවන්නේ අපේ ජීවිතය මිස වෙන කිසිවක් නොවෙයි. ගාමිණී විද්‍යාලයට පසුව මධ්‍ය මහා විද්‍යාලය ආරම්භ කළ පසු විද්‍යා සහ ගණිත විෂය ධාරාවන් උසස්පෙළට තිබීම අවශ්‍ය වෙනවා. අපට ඉහළ බොහෝ දරුවෝ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට ගියා. අපේ පංතියෙන් පසු විද්‍යා, ගණිත පංති ආරම්භ කරන්න ඕනෑ නිසා ගාමිණී මහා විද්‍යාලයේ දරුවෝ වෙන කිසිම පාසලකට බඳවාගත යුතු නැති බවට තීරණයක් ගෙන තිබුණා. ඒත්, දරුවන් තිදෙනෙක් අස් වී ගියා. අපි එහෙම ප්‍රයත්නයක් දැරුවෙත් නැහැ. අනුරාධපුරයට යාම – ඒම අපේ ආර්ථිකයට දරා ගන්නත් බැහැ. අපේ විද්‍යා සර් උසස්පෙළ ගණිත, විද්‍යා පංති පටන් ගන්න කොට කීවේ, “ඔයගොල්ලෝ පරීක්‍ෂණයට ගන්න ගෙම්බෝ වගේ” කියලා.
එසේ තිබියදීත්, පළමු පත්වීම ලබා ශ්‍යාමලී ටීචර් තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයට ආවා. ඇයගේ පත්වීම තිබුණේ, ශුද්ධ ගණිතය සහ ව්‍යවහාරික ගණිතය ඉගැන්වීමයි. එහෙත්, රසායන විද්‍යාව උගන්වන්න හිටිය සර් හදිසියේ මාරු වී යාමත්, රසායන විද්‍යාවට පරාක්‍රම සර් පැමිණෙන තුරුත්, උසස්පෙළ විෂයයන් හතරම ඉගැන්වූයේ ශ්‍යාමලී ටීචර්. ටීචර් සහ අප අතර ඉතාමත් සමීප සබඳතාවක් තිබුණා. එකින් එක ගුරුවරුන්ට පටබඳින නම් තිබෙන නිසා ටීචර්ට කියන නම මොකක් ද කියලා අපෙන් ඇහුවා. අපි කීවා, ‘කෝච්චිය’ කියලා. ටිකක් වේගයෙන් එන ඇය අපව හික්මීම, පාලනය කිරීම සඳහා විශාල මැදිහත් වීමක් කළා. අපි ඉගෙන ගන්න මහන්සි වෙනවාට වඩා ඇය අපට උගන්වන්න මහන්සි වුණා. ඉස්කෝලේ ඇරිලා ගිහිල්ලා ඊළඟ දවසේ විෂයයන් හතර ඉගැන්වීම සඳහා ක්වාටස් එකේ පාඩම් කළ හැටි ගැන විමලා ටීචර් සාක්‍ෂි දරනවා. අපි එහෙම පාඩම් කළ අය නොවෙයි. ඒවා නොවෙන්න අප මෙහෙම වෙයි ද? අපව සඟවාගෙන නොසිටින්න අපි අද ජීවත් වෙයිද? ඒ වාගේම අපේ මෑණියන් වාගේ කටයුතු කරමින්, කහවල ටීචර් කටයුතු කළ ආකාරය මතකයි. තඹුත්තේගම තිබුණු ලොකුම ගොඩනැඟිල්ල තැපැල් කාර්යාලය. කහවල ටීචර්ගේ මහත්මයා තැපැල් ස්ථානාධිපති. ඒ ගොඩනැඟිල්ලේ උඩ තට්ටුවේ පරිහරණය නොකළ විශාල ඉඩ රෑට පාඩම් කරන්න ලබා දුන්නා. ඒ ලයිට් එළියෙන් පාඩම් කරන කොට ටීචර් අපට තේ හදලා ගෙනැවිත් දුන්නා. එහෙම ගුරුවරුන් නොවන්නට අප අද මෙහෙම ඉඳීවීද?
ඒ නිසා අපේ ජීවිතයේ විශාලම වෙනසක් ඇති කරන්නේ මේ පාසල සහ අපේ ගුරුවරුන්. අපි ගුරුවරුන් ඉල්ලලා, අනුරාධපුරයේ අධ්‍යාපන කාර්යාලය ඉස්සරහා උද්ඝෝෂණය කළා. දීපිකා අක්කා ගණිතයට ඉතාම දක්‍ෂ වුවත්, වාණිජ විෂය ධාරාව උසස් පෙළට කරලා අවුරුද්දකට පස්සේ ගණිත ගුරුවරුන් ලැබුණාම නැවත ගණිත අංශයේ ඉගෙන ගන්න පටන් ගත්තා. අප අධ්‍යාපනයෙන් පිටමං කරන ලද මිනිසුන් බව මතක තබා ගන්න. මෑතක දී තඹුත්තේගමට ආ ජනාධිපතිවරයා කියා තිබුණා, විද්‍යා, ගණිත විෂයයන් ආරම්භ කරන්න මේ ඉස්කෝලයට ගොඩනැඟිල්ලක් දුන්නේ ඔහුයි කියලා. හැබැයි, අදත් මෙතැන ජීවත් වන්න ඕනෑ බොහෝ අය ඔහුගේ ආණ්ඩුවෙන් නැති කළ බව තේරුම් ගත යුතුයි. චන්දිමාල් කියන්නේ ඉතාමත් දක්‍ෂ, ජනප්‍රිය සිසුවෙක්. පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා. චන්දිමාල්, ඔහුගේ මල්ලී, අම්මා සහ තාත්තා හතර දෙනාම ඝාතනය කළා. මොන තරම් මෘගද කියනවා නම්, චන්දිමාල් ඝාතනය කළේ පාසල ඉදිරිපිටදී. ඉතිහාසය ඒකයි. අපට ඉහළ පංතියක වසන්ත ප්‍රේමසිරි හිටියා. අනුරාධපුර සෙන්ට්‍රල් එකට ඔහු මාරු වී උසස්පෙළ සඳහා ගියා. ඔහු පැහැරගෙන යන්න ආ අවස්ථාවේ ඔහුගේ නැඟණිය ඉන්දු, පැමිණි අයගේ අත්වල එල්ලුණා. ඒ දෙදෙනාම පැහැරගෙන ගිහින් මුසල්පිටිය වැව් පිටියේ වධ දී, නැඟණිය දූෂණය කර දෙදෙනාම ඝාතනය කර තිබුණා. සාමාන්‍යපෙළ දක්වා අපත් එක්ක දෙමටවැවේ වසන්ත සිසිර රත්නායක ඉගෙන ගත්තා. ඔහු මහනුවර නුගවෙල සෙන්ට්‍රල් එකට ගියා. ඔහු, ඔහුගේ පියා, මාමා සහ බාප්පා යන හතර දෙනාම ඝාතනය කෙරුණා. පාසල් අවධියේ මාත් එක්ක ඇඳේ නිඳාගත් මහා විද්‍යාලය දක්වා එකට පයින් ගිය කවදාවත් දෙදෙනා අතර රණ්ඩුවක් නොවූ, මම ගණිතය විෂයය කරද්දී, විද්‍යා විෂයය කළ මගේ අයියා නාගානන්ද දිසානායක ඝාතනය කෙරුණා. අපේ ගෙවල් ආසන්නයේ සිටි මගේ මිතුරා ප්‍රේමසිරි ඝාතනය කෙරුණා.
මේ සිදුවීම් ඉරණම ලෙස සලකා ඔහේ ගලාගෙන යාමට ඉඩ දිය යුතුද? අධ්‍යාපනයේ පවතින විෂමතා කරුමය ලෙස සලකා ජීවත් විය යුතුද? අපේ ඇස් ඉදිරිපිට අසල්වැසියන් මිය යන හැටි අප දැක තිබෙනවා. දහය පංතිය දක්වා අපත් එක්ක ඉගෙන ගත් ලාල් සොහොයුරා හමුදාවට ගිහින් මිය ගියා. ඒ වාගේ ම නදීක ප්‍රසංග හෙට්ටිආරච්චි බීමත්භාවයට ඇබ්බැහි වී මිය ගියා. ඉතාමත් දක්‍ෂ අයිරානි ෆොන්සේකා මට එවූ මුතුකැට වාගේ අකුරු ඇති ලියුම් 1993 රහසින් මේ ප්‍රදේශයෙන් එන විටත් මා ළඟ තිබුණා. හමුදාවෙදි ඇයගේ ජීවිතය කෙළවර වුණා.
අපේ පංතිවල ඉතාමත් දක්‍ෂ දරුවන් හිටියත්, ගොඩක් අය විෂයයන් හතරම ෆේල්. මේ අසාධාරණය අපි ජීවිතවලින් දකිනවා. අපේ ගම්වල මිනිස්සු රස ආහාර වේලක් නැතිව, හොඳ වාතාශ්‍රයක් ඇති නිවාස නැතිව වාගේම විශාල බලාපොරොත්තු සහිතව ගොඩනඟන දරුවන්ගේ ජීවිත විනාශ වෙනවා තමන්ගේ ඇස් ඉදිරිපිටම දකිමින් මිය යනවා. අපට හදවතක් තිබෙනවා නම්, අනෙකාගේ දුක, වේදනාව දැනෙනවා නම්, අපේ කන් දෙකෙන් අනෙකාගේ දුකේ, වේදනාවේ හඬ අපට ඇසෙනවා නම්, අපේ ඇස් දෙකෙන් අනෙකාගේ ජීවිත විනාශ වන හැටි දකිනවා නම්, මේ කාර්යය දමා පලා යන්න අපට යුක්තිසහගත අයිතියක් නැහැ. පොදු ජනයා පසෙක දමන ලද දුෂ්ට දේශපාලන ව්‍යසනය වෙනස් කරනවා කියන ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව කුඩා කල සිට අප වැඩ කරන්නට පටන් ගත්තා. මම මේ දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නේ 1988 මුලභාගයේ. ආසන්න වශයෙන් දැන් අවුරුදු තිස්හයක්. අඛණ්ඩව, නොසැලී පෞද්ගලික ජීවිතයේත්, දේශපාලන ජීවිතයේත් විශාල කටුක අත්දැකීම්වලට මුහුණ දුන්නත්, සියලු ඛේදවාචකයන් දකින තත්වයක් තුළ මෙය ජයග්‍රහණයෙන් කෙළවර කළ යුතුයි කියන ස්ථිර අධිෂ්ඨානයෙන් ක්‍රියා කළා. අපේ දෙමාපියන් විඳි දුක, අපේ පාසල් සොහොයුරන් විඳි දුක, අපේ ගුරුවර, ගුරුවරියන් විඳි දුක් වේදනා තිබෙන ලෝකයක් අපට වැඩක් නැහැ. ගුරුවර, ගුරුවරියන් එසේ දුක් විඳිය යුතු නැහැ. උදේ 7.30 සිට 1.30 දක්වා විෂයයන් හතරම උගන්වන්න සිදු වෙනවා නම්, එය මොන තරම් ඛේදවාචකයක්ද? ඒ සියලු අත්දැකීම් අපට බල කළේ මෙය වෙනස් කරන්නයි. පෞද්ගලිකව මට කිසිදු යුක්තිසහගත අයිතියක් නැහැ මෙය දාලා යන්න. අපත් එක්ක සිටි සොහොයුරන් මිය ගියා නම්, අපව දේශපාලනයට ගෙන ආ සොහොයුරන් මියගියා නම් මෙය අත්හැර යන්න අපට කිසිදු යුක්තිසහගත අයිතියක් නැහැ. ඒ නිසා ජයග්‍රහණය සඳහා මෙහෙයවනවාය කියන අධිෂ්ඨානයෙන් යුතුව වැඩ කළා. මේ මොහොතේ අප වෙත පැවරී තිබෙන වගකීම අප ඉටු කරන්නේ නැත්නම්, කරන්නේ කවුරුන්ද? ජනාධිපතිලාගේ පුතාලා කරයිද? ඔවුන් කවදාවත් පොදු ජනතාව ගැන කල්පනා කළ අය නොවෙයි. ඔවුන් හැම වේලාවේම පොදු ජනතාව රැවටීමට ලක් කරන, ඔවුන්ගේ පවුල් සහ ඔවුන්ගේ වටේ ඉන්න ව්‍යාපාරිකයන් පැලැන්තියක් නඩත්තු කරනවා.
ඒ නිසා මෙය වෙනස් කිරීමේ දැඩි අවශ්‍යතාවක් තිබෙනවා. ඒ සඳහා ඉතාමත් ආසන්න අවස්ථාවකට අප පැමිණ සිටිනවා. අප මෙපමණ කල් සියල්ල දරාගෙන සිටියා. 2019 ජනාධිපතිවරණයේදී ඡන්ද ප්‍රතිශතය සියයට තුනට වැටුණු අවස්ථාවේ සමහර අය විහිළු කළා. විශ්වවිද්‍යාලයේ එකට ඉගෙන ගත් යහළුවන් කීවා, මිනිසුන්ට වුවමනා නැත්නම්, අතහැර දමන්න කියලා. නමුත්, අපට මේ ගමේ, මේ පාසලේ, මේ රටේ මිනිසුන්ගේ දුක, වේදනාව අපට අමතක කරන්න බැහැ. මේ නුගගහ, මේ පන්සල අප අමතක කරන්නේ කොහොම ද? අපේ ගම, සුවඳ, අපේ ජීවිතය, අපේ භූමිය අපේ ඇස් ඉදිරිපිට විනාශ වන තත්වය වෙනස් කළ යුතුයි. ඒ හැර කිසිදු පෞද්ගලික අරමුණක් වෙනුවෙන් මේ දේශපාලනය තෝරාගෙන නැහැ. එකම අධිෂ්ඨානය අපේ රටේ පොදු ජනතාවට මීට වඩා යහපත් ජීවිතයක් ලබා දීමයි. අපි අවුරුදු දහස් ගණනක් ජීවත් වනවා නම්, අවුරුදු සීයක් දුක් විඳලා, නවසීයක් සතුටින් ජීවත් වෙන්න පුළුවන්. නමුත්, අප ජීවත් වන්නේ අවුරුදු හැත්තෑවක්, අසූවක්. මේ කාලය තුළ අපට ජීවිතයක් අවශ්‍යයි. අපේ ගම්වල දරුවන් ඉන්නවා, මුහුණේ සිනාපොදක් නැති, දරකෝටු වාගේ සිරුරු තිබෙන අය. හැඟීම්, දැනීම් නැති මිය ගිය අය වාගේ ඉන්න පිරිසට ජීවිතයක් ගොඩනඟා දෙන්න ඕනැ නැද්ද?
විවිධ කාලවල විවිධ දේශපාලන තීන්දු ඔබ සැම ගන්න ඇති. නමුත්, මේ මොහොතේ අතීතය පැත්තකට දමා අලුත් තීන්දුවක් ගන්න ඕනෑ. අප දුරස් වී සිටියත්, බොහෝ විට අඩුවෙන් කතා කළත්, අපේ බැඳීම් ඒ ආකාරයෙන්ම තිබුණා. අපට පහළ පංතියේ සිටි රංජිත් පසුව පොලිස් නිලධාරියකු වුණා. සරත් සිංගර් ඒජන්සියක වැඩ කළා. සුනිල් පී.එච්.අයි. මහත්තයෙක් වුණා. වෙනත් දේශපාලන ප්‍රවාහයක සිටි වියානගොඩ ස්ටොර්ස් එකේ නාමල් ඉඳහිට හෝ කතා කරනවා. අපේ බිම්බා, පත්මසිරි ඒ වාගේම කරු මේ වෙලාවේ මතක් වෙනවා. කරු පිළියන්දල ප්‍රදේශයට ගිහින් අහම්බෙන් ජීවිතය බේරා ගත්තේ. දැන් නම්, ගලේ ගහලාවත් අපේ ජීවිත ගන්න බැහැ. ඒ යුගය සම්පූර්ණයෙන්ම අවසන්. මේ විද්‍යාලය අපට දුන් කාලය, අධ්‍යාපනය, ළෙන්ගතුකම සහ ආදරය විශාලයි. මේ විදුහල් පියස නොවන්නට අප මොන වාගේ මිනිසුන් වේවිද? මේ පාසල, මේ ගුරුවරු, මේ මිතුරන් නිසයි අපි මෙවැනි මිනිසුන් බවට පත් වුණේ. අප මෙවැනි මිනිසුන් වීම සඳහා පෙළැඹවූයේ මේ සමාජය. ජයග්‍රහණය පේන තෙක් මානයේ නැතිම කාලයක මරණය එළිපත්තට එමින් තිබියෙදීත්, අප සටන් කරන්නේ ඇයි? ඒ හැම දේම ඉගැන්වූයේ මේ ගම, නල්ලච්චිය, මේ ස්ටේෂන් එක වාගේ තැන්වලින් ලැබුණු අත්දැකීම් නිසයි. අපි පොඩි කාලේ මේ ඉස්පිරිතාලේ වැඩ කළේ දෙමළ දොස්තර මහත්තයෙක්. අපේ අප්පච්චි මිනින්දෝරු කම්කරුවෙක් හැටියට වැඩ කළේ කනගරාජා කියන මිනින්දෝරු මහත්මයා ළඟ. අපේ ස්ටේෂන් එකේ ස්ටේෂන් මාස්ටර් දෙමළ මහත්මයෙක්. අසූතුනේ දී ස්ටේෂන් මාස්ටර්ට ගහලා ලේ පෙරෙන ආකාරය අපේ ඇස් ඉදිරිපිට දැක්කා. අපි විඳි මේ ඛේදවාචක වෙනස් කරන්නට ඕනෑ නැද්ද?
පොත පතින්, අධ්‍යයනයෙන් ජීවිතයට උකහා ගන්න බැරි ගොඩක් දේවල් මේ තඹුත්තේගම අපට පාඩම් හැටියට කියා දුන්නා. මේ වෙලාවේ අමතක නොකළ යුතු වාසල විදුහල්පතිතුමා මතක් වෙනවා. මම ඉස්කෝලේ යන කොටත්, ඉස්කෝලෙන් සමු ගන්න කොටත් විදුහල්පතිතුමා විදියට හිටියේ වාසල මහත්තයා. ටිකක් සැරයි. අපව හැදුවා; අපව පෝෂණය කළා. අපේ ජීවිතය මේ ඉලක්කවලට අපව පෙළඹ වූ බවයි මා නැවත නැවතත් මතක් කරන්නේ. ඒ නිසා මේ පාසලට, මේ බිමට, මේ මිනිසුන්ට අපේ හදවතේ තිබෙන ප්‍රණාමය දශමයකින්වත් අඩු වන්නේ නැහැ. එය තව තවත් වර්ධනය වෙනවා. මෙවැනි රැස්වීමක් සංවිධානය කර අපට ආරාධනා කළ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. යුක්තිය පිළිබඳව සාධාරණත්වය පිළිබඳව හැඟීම් තිබෙන මනුෂ්‍යත්වය පිළිබඳව තෙතමනයක් තිබෙන කිසිවකුටත් මේ සමාජය මේ ලෙස ගලාගෙන යාමට ඉඩ දීමේ කිසිදු අයිතියක් නැහැ. ඒ නිසා අප හැම දෙනාම මෙය වෙනස් කිරීම සඳහා ප්‍රයත්න දරමු. අවසන් වශයෙන් එක සහතිකයක් දෙන්නම්. මා මෙතැනත්, මෙතැනින් පිටතත් මේ රට සහ මේ රටේ මිනිසුන් අප කෙරෙහි තබන විශ්වාසය අබමල් රොනකින්වත් බිඳවැටෙන්න දෙන්නේ නැහැ. සහතික වශයෙන් ඒ විශ්වාසය සුරකිනවා. අපේ ජීවිතවලට උකහාගෙන තිබෙන වටිනාකම් ඒවායි. පාර්ලිමේන්තුවේ අවුරුදු විසිහතරක් වුවත්, යම් කාලයකට අමාත්‍ය ධුර දැරුවත්, රුපියල්වලින්, දේපොළවලින් වත්කම් උපයාගෙන නැහැ. මේ සමාජයේ විශ්වාසය සහ ගෞරවය අප උපයාගෙන තිබෙනවා. අපේ පාලනයකදී ඒ විශ්වාසය සහ ගෞරවය වෙනස් වෙන්නේ නැහැ. ඒ ගෞරවය තව තවත් වැඩි වන ආණ්ඩුවක් අපට බිහි කළ හැකියි. ඒ සඳහා එකතු වන්න කියලා සියලු දෙනාටම ආරාධනා කරනවා.
(-ජාතික ජන බලවේගයේ ඇඹිලිපිටිය මහ රැලිය – 2028.08.10-) අපේ රටට අලුත් පාලනයක් උදාකර ගැනීමේ තීරණාත්මක ඡන්දයක් සැප්තැම්බර් 21 පැවැත්වෙනවා. රනිල් වික්‍රමසිංහලා පළාත් පාලන ඡන්ද, පළාත් සභා ඡන්ද, නොපවත්වා කට්ටි පනිමින් හිටියා. සැප්තැම්බර් 21දාට බෙල්ලෙන්ම අහුවෙලා තිබෙනවා. ජනාධිපති ඡන්දය දිනුවාම අනෙක් ඡන්ද චන්ද්‍රිකා වැවේ සොරොව්ව ඇරියා වගේ වෙනවා. අනෙක් පැත්තට හැරෙන්න පටන් ගන්නවා. සැප්තැම්බර් 21 ජනාධිපතිවරණය […]
(-ජාතික ජන බලවේගයේ ඇඹිලිපිටිය මහ රැලිය – 2028.08.10-)
අපේ රටට අලුත් පාලනයක් උදාකර ගැනීමේ තීරණාත්මක ඡන්දයක් සැප්තැම්බර් 21 පැවැත්වෙනවා. රනිල් වික්‍රමසිංහලා පළාත් පාලන ඡන්ද, පළාත් සභා ඡන්ද, නොපවත්වා කට්ටි පනිමින් හිටියා. සැප්තැම්බර් 21දාට බෙල්ලෙන්ම අහුවෙලා තිබෙනවා. ජනාධිපති ඡන්දය දිනුවාම අනෙක් ඡන්ද චන්ද්‍රිකා වැවේ සොරොව්ව ඇරියා වගේ වෙනවා. අනෙක් පැත්තට හැරෙන්න පටන් ගන්නවා. සැප්තැම්බර් 21 ජනාධිපතිවරණය ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ යුතුමයි. අපේ රටේ ජනතාවට මේ පාලකයන් පළවා හරින්න තීන්දුවක් ගන්න මෑත සිදුවීම් හොඳටම ප්‍රමාණවත්.
මේ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන කථිකයා වුණේ පවිත්‍රාදේවි. රනිල් වික්‍රමසිංහ රට විනාශ කළ බවත්, හම්බන්තොට වරාය විකිණූ බවත්, මහ බැංකු මංකොල්ලය සිදුකළ බවත්, ඒ නිසා රනිල් කඳවුර පරාජය කොට මහින්ද කඳවුර දිනවිය යුතු බවත් එයා කිවුවා. දැන් එයා රාජපක්ෂ පරාජය කරන්නත් වික්‍රමසිංහ දිනවන්නත් කතා කරනවා. මේ එන්නේ ජනතාව ගැන හිතලද? මේ අමාත්‍ය ධුරයකට, වරදාන වරප්‍රසාදවලටයි. ජෝන් සෙනෙවිරත්න අද රනිල්ගේ කිහිලිකරුවක් වෙලා. මේ අයගේ දේශපාලනය තේරුම් ගන්න මේකම ප්‍රමාණවත් නැද්ද? සජිත් පේමදාස පරාජය කරවන්න, ඩලස්, ජී.එල්. පීරිස්, නාලක ගොඩහේවා වේදිකාවල කෑමොර දුන්නා. අද ඒ ගොල්ලන්ම සජිත් දිනවන්න කතා කරනවා. අද, ස.ජ.බ.යේ සභාපති ෆොන්සේකා එළියේ. පොහොට්ටුවෙ සභාපති ජී.එල්. පීරිස් ඇතුලේ. මේ දේශපාලන විගඩම නතර කරන්න ඕනෑ නැද්ද? එහෙට මෙහෙට පනින දේශපාලනය නවත්වන්න ඕනෑ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවෙන් තවත් නීති ශක්තිමත් කොට, පැන්නොත් මන්ත්‍රී ධුරය අහෝසි කරනවා.
ඉස්සර අපිට විරුද්ධව සියයට තුනක් කොහොමද බලයට එන්නේ කිවුවා. අද ජාතික ජන බලවේගය බලයට ආවාම කරන දේ ගැන කියනවා. ඒකෙත් වෙනසක් පේනවා. අපේ ප්‍රතිපත්තිවල නැති, අපි කියන්නේ නැති, ඒ ගොල්ලන් විසින් හදාගත්ත කතා කියන්න පටන් ගෙන තිබෙනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ආවාම පලි ගනීවි, ගැටුම් ඇති වේව්, සාමකාමිත්වය බිඳේවි වැනි කතා කියන්න පටන්ගෙන තිබෙනවා. මේ සියල්ලටම හොඳම පිළිතුර ලෙස අපේ මැතිවරණ ප්‍රකාශනය මේ මාසය තුළ එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.
අපේ ප්‍රධාන අභියෝගය ලෙස දුප්පත්භාවය තුරන් කරන්න ඕනෑ. මේ පාලකයන් කවදාවත් දුප්පත්භාවය තුරන් කරන්නේ නැහැ. ඒ ගොල්ලන්ට ඡන්ද කරන්න ජනතාවගේ දුප්පත්කම ඕනැ. රනිල් වික්‍රමසිංහ ඡන්ද කාලවල ෆොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් හදලා, කාර් හදලා රැකීරක්ෂා ඇතිකරනවා කිවුවා. බයිසිකලේ තෙමි තෙමී යන කෙනාට පොඩි කාර් එකක යන්න අවස්ථාව හදනවා කිවුවා. නොමිලේ පාවිච්චි කරන්න ෆ්‍රී වයි-ෆයි දෙනවා කිවුවා. තවත් විටෙක බ්‍රෙස්ලට් දෙනවා කිවුව. අන්තිමේදි හාල් කිලෝ දහයක් දුන්නා. මේ නායකයන් ලැජ්ජා වෙන්න ඕනෑ. මේ පාලකයන් ගොවි ජනතාවගේ කෘෂිකර්මාන්තය ඵලදායී ව්‍යාපාරයක් බවට පත්කරන්නේ නැහැ. අලුතින් ආර්ථික අවස්ථා හදන්නේ නැහැ. ජනතාව දුප්පත්භාවයෙන් දුප්පත්භාවයට තල්ලු කරනවා. ඡන්දෙ කාලෙට පෝලිම් ගහලා බඩු බෙදනවා. ජනතාවට ආර්ථික හයියක් තිබුණොත් ඡන්ද කාලෙට බෙදන බඩු ගන්න පෝලිමේ යයිද? ගිනිපෙට්ටියක් ගන්න යයිද? ඒ නිසා ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කරන්න මේ පාලකයන් ඕනෑකමක් නැහැ; කරන්නෙත් නැහැ.
මේ රටේ දුප්පත්භාවය අවසන් කරන ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවයි. අපි ආර්ථික සැලැස්මක් හදා තිබෙනවා. ඒ සැලැස්ම රට පොහොසත් කරන සැලැස්මක්. මැණික් කර්මාන්තය, ධීවර කර්මාන්තය, සංචාරක කර්මාන්තය, තේ කර්මාන්තය නගා සිටුවීමෙන් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා ගන්න පුළුවන්. ගම්මිරිස් වගාව, කුරුඳු වගාව හොඳ ආදායම් උපදවා ගත හැකි අවස්ථායි. ඒ විතරක් නොවෙයි සාම්ප්‍රදායික නොවන අලුත් දේවල්වලට අපේ ආර්ථිකය හරවන්න ඕනෑ. අයි.ටී. කර්මාන්තය කියන්නේ ලෝකයේ වර්ධනය වෙන කර්මාන්තයක්. ඉන්දියාව අයි.ටී. කර්මාන්තයෙන් ඩොලර් බිලියන 253ක ආදායමක් උපදවනවා. අපේ මුළු ආර්ථිකයම ඩොලර් බිලියන 72යි. අපේ මුළු අපනයන ආදායම ඩොලර් බිලියන 12යි. ඉන්දියාවේ අයි.ටී.වලින් විතරක් අපනයන ආදායම ඩොලර් බිලියන 199යි. අයි.ටී. කර්මාන්තය අපේ රට වත්කම් සහිත රටක් බවට පත් කළ හැකි ක්ෂේත්‍රයක්. ඒ සඳහා අධ්‍යාපනයේ විශාල වෙනස්කම් ඇති කරනවා. විශාල තොරතුරු තාක්ෂණය පිළිබඳ නගර නිර්මාණය කරනවා. ලෝකයේ අයි.ටී. වෙළඳපොළෙන් පංගුවක් අත්පත් කර ගැනීමටත් අවුරුදු කිහිපයක් ඇතුළත අයි.ටී. කර්මාන්තයේ ආර්ථිකය ඩොලර් බිලියන 05 දක්වා වර්ධනය කරන්නත් අපි සැලසුම් සකස් කර තිබෙනවා. 1950දී දකුණු කොරියාවේ අපනයන ආදායම ඩොලර් මිලියන 25යි. අපි අපනයනයෙන් ඩොලර් මිලියන 316ක විදේශ විනිමය උපයා ගත්තා. අද අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 12යි. අද දකුණු කොරියාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 685යි. 1980දී වියට්නාමයේ ආපනයන ආදායම ඩොලර් මිලියන 400යි. 1980දී අපේ අපනයන ආදායම ඩොලර් මිලියන 1500යි. වියට්නාමයට වඩා අපේ රට තුන්ගුණයක ඩොලර් ඉපයූවා. අද අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 12යි. වියට්නාමයේ අද අපනයන ආදායම ඩොලර් බිලියන 420යි.
ඒ රටවල් පොහොසත් වුණා. අපේ රට දුප්පත් වුණා. මේ දුප්පත්භාවයෙන් අපේ රට මුදා ගන්න ඕනෑ. රටක් දුප්පත් වුණාම ලෝකයේ අපකීර්තියට පත්වෙනවා; පිළිගැනීමට භාජනය නොවෙන රටක් බවට පත්වෙනවා. ණය ගෙවා ගන්න බැරිවීම නිසා රටේ ස්වෛරීභාවය නැතිවෙලා යනවා. අද අපේ රට විවිධ රටවල්වල, විවිධ සංවිධානවල ආධිපත්‍යයට යටත් වෙලා තිබෙන්නේ. වෘත්තියවේදීන්ගේ සංවිධානය, රනිල් සහ මහ බැංකු අධිපති හමුවෙලා “අපේ පඩියට ගහන බද්ද වැඩියි,” කියලා කිවුවා. රනිල් වික්‍රමසිංහ “ඒක වැඩි බව මටත් තේරෙනවා. ඕගොල්ලන්ට අයි.එම්.එෆ්. එකත් එක්ක මේක ගැන කතා කරන්න බැරිද?” කියලා ඇහුවා. ඡන්දෙ දීල පාලකයන් පත්කර ගත්තාට, රටේ ආර්ථිකය පිළිබඳ තීන්දු ගන්නේ අපේ ආණ්ඩු නොවෙයි. ඒ අපි දුප්පත් නිසා. අපේ අයවැය හදන්නේ අපි නොවෙයි. ලෝකයේ තිබෙන වෙනත් සංවිධාන.
රට දුප්පත් නිසා රස්සා ඇති වෙන්නේ නැහැ. රස්සාවක් සොයා ගන්න රට යන්න සිදුවෙලා තිබෙනවා. ඉස්පිරිතාලේ බෙහෙත් නැහැ. දොස්තරවරු රට හැරදා යනවා. අපරාධ, මංකොල්ලකෑම් වැඩිවෙනවා. සමාජ අසහනය වැඩිවෙනවා. සමාජ කැළඹීම් ඇති වෙනවා. හරිහමන් නිවාසයක්, පිරිසිදු වතුර ටිකක් නැහැ. පරමායුෂ අහිමි වෙනවා. එහෙම නම් අපි පොහොසත් රටක් හදන්න ඕනෑ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සැලසුම හදා තිබෙන්නේ, දුප්පත්භාවයෙන් රට මුදාගෙන පොහොසත් රටක් හැදීමේ අරමුණු සහගතවයි. පොහොසත් රටක් වුණාම, භාණ්ඩාගාරයට වැඩියෙන් සල්ලි එනවා. එතකොට කර්මාන්ත ශාලා හැදෙනවා. රැකීරක්ෂා උත්පාදනය වෙන්න පටන් ගන්නවා. ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව වැඩිවෙනවා. සංචාරක කර්මාන්තය දියුණු වෙනවා. ව්‍යාපාරිකයා සංචාරක කර්මාන්තය උඩට ගේනවා. එයාලගෙන් බද්දක් ගන්නවා. භාණ්ඩාගාරයට සල්ලි එනවා. ඉස්පිරිතාලෙට බෙහෙත් ටික, අධ්‍යාපන පහසුකම් ලැබෙනවා, පාරවල් හැදෙනවා, පිරිසිදු වතුර ලැබෙනවා, ආර්ථික හයියක් නැති අයට දීමනාවක් දෙන්න පටන් ගන්නවා. රට පොහොසත් වුණාම ජනතාවට ලස්සන ජීවිතයක් හිමිි වෙනවා. මේ වැඩේ අපි කළ යුතුයි. අවුරුදු 76ක් මේක නොකළ අය අද කරයිද? තවදුරටත් ඒ පැරණි, අසාර්ථක දේශපාලන මාවතේ තවදුරටත් ඉදිරියට යාමෙන් වැඩක් නැහැ.
ඒ නිසා අපි දැන් යන්න ඕනෑ අලුත් මාවතකයි. ජාතික ජන බලවේගය ප්‍රමුඛ කරගත් මහජන ව්‍යාපාරය අතට බලය මාරුකර ගත යුතුයි. අද හෙළි කළ තොරතුරක් තමයි, හන්තානේ අක්කර 12යි රූඩ් හා පර්චස් ගණනක ආණ්ඩුවේ ඉඩම් මේ ජනවාරි මාසෙ ඉල්ලලා තිබෙන්නේ කබීර් හසීම්. එයා ස.ජ.බ.යේ ප්‍රබල මන්ත්‍රීවරයෙක්. රනිල් වික්‍රමසිංහ විශේෂ අනුමැතියක් දී තිබෙනවා, මේ ඉඩම ඉක්මනින් කබීර්ට දෙන්න කියලා. මේ ඉඩම් එකට බෙදා ගන්නවා. බාර් ලයිසන් බෙදා ගන්නවා. පෙට්්‍රල් ෂෙඩ්වල ලයිසන් බෙදා ගන්නවා. මේ දෙගොල්ල එකට එකතු වෙලා මහජනයාගේ ධනය හොරකම් කර ගන්නවා. ‘වේදිකාවට නැගලා හොරකම, වංචාව නතර කරනවා, හොරුන්ට දඬුවම් දෙනවා, හොරාගත් දේපළ පවරා ගන්නවා’ කියලා කෑ මොර දෙනවා. ඒගොල්ලන්ට කවදාවත් හොරකම, නාස්තිය වළක්වන්න බැහැ. ඒක කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විතරයි. හොරකම, වංචාව, නාස්තිය නතර කරනවා. හොරකම් කළ අයට දඬුවම් දෙනවා. හොරකම් කරපු දේපළ පවරා ගන්න ආණ්ඩුවක් තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. අපිට පළිගැනීමේ චේතනාවක් නැහැ. පුද්ගලික නඩු කිසිවක් නැහැ. අපිට බේරා ගන්න නඩුවක් තිබෙනවා. ඒ මොකක්ද? අපේ රට මේ තරමට දුප්පත් කිරීමේ, අපේ ජනතාව දුප්පත්කමේ පතුලට හෙළීමේ, මහජනතාවගේ ධනය සොරකම් කිරීමේ ප්‍රතිවිපාකවලට නම්, ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරනවා. අපි හදන්නේ නීතියේ විධානයේ ආධිපත්‍යය සැමට එක හා සමාන ලෙස සලකන ආණ්ඩුවක්.
මේ කඩා වැටුණු රට අපට ගොඩනැගිය හැකියි. ඒ සඳහා අප කළ යුත්තේ කුමක්ද? ආරම්භක පියවර තමයි ජාතික ජන බලවේගය අතට බලය ලබා ගත යුතුයි. බලය ගන්න අවශ්‍ය වෙන ඡන්ද තියෙන්නේ ගමේ. ගමේ ඡන්ද පෙට්ටිය මාලිමාවට කතිර ගහලා පුරවන්න ඕනෑකම තිබෙනවා. ඒකට ඔබගේ පවුලේ ඡන්ද, අසල්වැසියාගේ ඡන්ද, ඥාතීන්ගේ ඡන්ද, ගමේ ඡන්ද, ඔබගේ ඡන්ද කොට්ඨාසයේ ඡන්ද මාලිමාවට කතිරෙ ගහන තැනට පත් කරන්න ඕනෑ. අද ශ්‍රී ලංකා, යූ.එන්.පී. නැහැ. පරණ ඒවා පැත්තකින් තියන්න. පාර්ලිමේන්තුවේ අය පැරණි අමනාපකම් අතහැර එකතු වෙනවා. ඇයි අපට එකතු වෙන්න බැරි? ඔය පාර්ලිමේන්තුවේ එකතු වුණු අය, යන්න කලින් අපේ දොරටත් තට්ටු කළා. ගන්න ඕනැද? මේ රට විනාශයට පත්කරපු, ඒ විනාශය සඳහා සහාය දුන්, රනිල් වික්‍රමසිංහලාගේ, රාජපක්ෂලාගේ හොරකම් ආරක්ෂා කරපු, ජනතාව පීඩාවට පත්කරන කොට ඒ පීඩාව ආරක්ෂා කරපු, ජනතාවට විරුද්ධව නීති සම්පාදනය කරන කොට, ඒවාට අත ඔසවපු කිසිවෙකුට ජාතික ජන බලවේගයේ දොරටුව විවෘත නොකරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා. අපට ඕන අටවා ගන්න ආණ්ඩුවක් නොවෙයි. ජාතික ජන බලවේගය කියන්නේ පැහැදිලි වැඩපිළිවෙළක් තිබෙන, අවංකභාවය තිබෙන, රටත් ජනතාවත් ගැන කැක්කුමක් තිබෙන, මේක වෙනස් කිරීම සඳහා වුවමනාවක් තිබෙන නව බලවේගයක්. ඒක ජයග්‍රහණය කරවීම තමයි අපේ වගකීම. ඔබ අප හැමදෙනාම එකතු වෙමු. මේ වැඩේ කළ හැකියි. මීට කලින් ඔබලාගෙන් බලය ලබා ගැනීම සඳහා ඡන්දය ඉල්ලුවේ නැහැ. අපට බලය ලබාදෙන්න ජනතාව අපිව තෝරාගෙන සිටියේ නැහැ. එදා ජනතාව තෝරාගෙන සිටියේ, මහින්ද, ගොඨාභය, සජිත් හෝ රනිල් වෙන්න පුළුවන්. අපට බලය ලබාදෙන්න මහජනතාවගේ සූදානමක් තිබුණේ නැහැ. අපි ජනතාවගේ ඡන්ද ලබා ගැනීමට වර්ධනය වෙලත් තිබුණේ නැහැ. හැබැයි මේ සැරේ එහෙම නොවෙයි. ජාතික ජන බලවේගය බලය ලබා ගැනීම සඳහා සූදානම් ව්‍යාපාරයක්. මහජනතාවත් ජාතික ජන බලවේගයට බලය ලබාදෙන්න සූදානම් වෙලා තිබෙන අවස්ථාවක්. මේක තමයි නියම අවස්ථාව. මේ අවස්ථාව අතහරින්න එපා. ගම්පිටින් අපි එකතු වෙමු. ගම් පිටින් අපි පොර බදමු. මේ දින කිහිපයේ වැඩ කරමු. අපිව සම්බන්ධ නොවුණු සෑම කෙනෙක්ම හමුවෙමු. කතා කරමු. සැප්තැම්බර් මාසේ 21දා ජාතික ජන බලවේගය ජහග්‍රහණය කරවමු.
“ජනතාව සැප්තැම්බර් 21 තමන් පරිපූර්ණ පුරවැසියන් බව ඔප්පු කරන්න සූදානම්”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, සබරගමු විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයේ මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි-
ජාතික පුනරුදයක් අවශ්‍ය වෙන මොහොතක, ඒ පුනරුදය ගොඩනගන්න එකම සුදුසුකම තිබෙන, අපේ කාලයේ විශිෂ්ටතම දේශපාලන ව්‍යාපාරය ගොඩනඟන්න ඔබට, අපට හැකි වුණා. එහි ශක්තිය තමයි ඔබ. මේ මොහොතේ ශ්‍රී ලංකා භූමිය දෙස බැලුවම සෑම අතකින්ම ගරා වැටුණු, හැම අතකින්ම බිඳ වට්ටවපු මගේ රට, මහා ඛේදවාචකයකට තල්ලු කළ ඔබේ රට ගොඩගන්න, ගොඩනඟන්න පුළුවන් එකම ව්‍යාපාරයක් තිබෙනවා නම් ඒ ජාතික ජන බලවේගය පමණයි. අනෙකුත් දේශපාලන ව්‍යාපාර දිහා බලන්න. ඔවුන්ට අද වචන පටලැවෙන්නේ නැතිව, වැකියක් පටලැවෙන්නේ නැතිව කියා ගන්න බැහැ. ඒකට හේතුව ඒගොල්ලන් ගත කරපු දූෂිත, අශිෂ්ට දේශපාලන සංස්කෘතිය. මම සති දෙකක්, ජනමාධ්‍යයට සවන්දීලා ලියා ගත්ත වැකි ටිකක් ඉදිරිපත් කරන්නම්.
“එයාලා එහෙ ගියාට ඡන්ද තියෙන්නේ මහින්ද මහත්තයා ළඟ” ජොන්ස්ටන්. “පොහොට්ටුව රැකගන්න මහින්ද මහත්තයා ආයෙත් ජනාධිපති කරනවා” ප්‍රසන්න රණතුංග කියනවා. ඔබ හිතලා බලන්න ඔහු හිටියේ කොතනද, දැන් ඉන්නේ කොතනද? මේ කියන්නේ මොකක්ද කියලා. “පොහොට්ටුව කුමන්ත්‍රණකාරී වැඩක් කළේ. අපි නිවැරදි තැනක නතර වුණා” පියල් නිශාන්ත. “අපිව ප්‍රතික්ෂේප කළ නිසා තමයි රට බංකොළොත් වුණේ” රවි කරුණානායක. “ඉතුරුවෙන කෙනත් එක්ක මම දේශපාලනය කරනවා” නාමල් රාජපක්ෂ. “එස්.එම්. චන්ද්‍රසේන නිසා ෂෙහාන් මා එක්ක තරහ වුණා. අපිට දුකයි” නාමල් රාජපක්ෂ. “92ක් කොහොද එහේ. මෙහෙ අයත් එතන හිටියා” “මහින්ද රාජපක්ෂ නැතිව චන්ද කරන්න නම් බැහැ” ජොන්ස්ටන් ප්‍රනාන්දු. “මමත් ගාල්ලෙනෙ. තුන්වෙනි සිවිල් යුද්ධයක් ඇති කරනවාද නැද්ද කියලා සැප්තැම්බර් 21 ජනතාව තීරණය කරන්න” වජිර අබේවර්ධන. “අන්තිමට මට මේක තනියම කරන්න බෑ. ටීම් එකක් තියෙන්න ඕනෑ. ටීම් එකක් හදාගන්න කියමු රනිල් වික්‍රමසිංහට. අපි නොවෙයි ආණ්ඩුව බෙදුවෙ. වැරැද්ද වුණේ රනිල්ගෙ කණ්ඩායමෙන්” නාමල් රාජපක්ෂ.
ඔබ හිතලා බලන්න. අපි මොනවද මේ අහන්නේ කියලා. මේක තමයි මේ වෙලාවේ තිබෙන උන්මත්තක දේශපාලනයේ ශේෂ පත්‍රය. අවුරුදු 76ක් ඇවෑමෙන් ඔවුන් ඉතිරිකර ගත්තු දේශපාලන ශේෂ පත්‍රය තමයි මේක. “ජනාධිපතිටයි මටයි දෙන්නටම ජනාධිපතිකම ඉල්ලන්න බැහැ. ඒ නිසා මම අස්වුණා” විජේදාස රාජපක්ෂ. “අපේක්ෂකයන් තුන්දෙනෙකුට සහාය දෙන එකම පක්ෂය තමයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය” මේ පක්ෂයට ගියපු කල. දයාසිරි ජයසේකර මෙහෙම කිවුවා. දයාසිරි ජයසේකර ඔබ ගැනත් කිවුවා. ඔහුගෙන් නිවේදකයෙක් අහනවා “ඔබතුමන්ලා මේ විදිහට තැනින් තැනට පැනලා යනකොට, ජනතාවත් එහෙම යයිද?” දයාසිරි ජයසේකර කියනවා අපේ ගමන අපි යනවා, ජනතාවත් පනිනවා නම්, පනීවි.” “අපේ පැත්තෙන් පොල්ලෙල්ලක් දැම්මත් දිනනවා” කිව්වේ, බන්දුල ගුණවර්ධන. පොල්ලෙල්ලක් දිනවන්න අපි කවුද?
ජනතාව ඉන්නේ සිහිබුද්ධියෙන්. ඒ නිසයි මේ භූමිය පිරී ඉතිරී තිබෙන්නේ. ඒ ගොල්ලෝ උම්මත්තක වුණාට ශ්‍රී ලංකාවේ ජනතාව එක මොහොතකදී තමන් පරිපූර්ණ පුරවැසියන් බව ඔප්පු කරන්න සූදානම්. ඒ මොහොත එළඹෙන්නේ සැප්තැම්බර් මාසයේ 21 දාට. වෛරී දේශපාලනයට, මුදලට විකිණෙන එකට අපි තිත තියන්න ඕනෑ. මනුෂ්‍ය ඝාතන පෙරදැරිකරගත් දේශපාලනය, ආර්ථික ඝාතන, සංස්කෘතික ඝාතන නිම කරන්නට සැප්තැම්බර් 21 බුද්ධිමත් තීරණයක් ගන්න ඕනෑ.
මෛත්‍රීපාල සිරිසේන කිවුවා, එක මන්ත්‍රීවරයෙකුගේ ගාණ මිලියන 500ක් වුණු නිසා එයාලට 113 හදාගන්න බැරි වුණා කියලා. ඒ ප්‍රකාශයම ප්‍රමාණවත් ඔහුව අත්අඩංගුවට ගන්න. ඒ ප්‍රසිද්ධ අල්ලස් ගැන ඔහු පිළිගනිමින් කළ කතාවයි. මිලියන 500ක් එක මන්ත්‍රීවරයෙකුට දුන්නේ කවුද? අනධ්‍යයන සේවක සේවකයන්ගේ ප්‍රශ්නයට, මේ රටේ ජාතික විශ්වවිද්‍යාල 17ම මාස තුනක් වසා තිබ්බා. ඒ විදිහට මාස තුනක් වසා තිබුණේ ප්‍රශ්නය විසඳන්න මිලියන 400ක් නැතිව. එක චණ්ඩි මන්ත්‍රීවරයෙකුට මිලියන 500ක්. මේ දේශපාලනයට තිත තියන්න ඕන නැද්ද? සැප්තැම්බර් 21 මේ රටේ කාන්තාව නිදහස් වෙන දවස. ගොවියා, කම්කරුවා, ලිපිකරුවා, මහාචාර්යවරයා, විද්වතා නිදහස් වෙන දවස. ඔබ සූදානම් වෙන්න ඕනෑ මේ මහා ජනතා රජය ඇති කරන්න. අනුර කුමාර සහෝදරයා මහා වැඩි ඡන්ද ප්‍රමාණයකින්, තෝරා ගන්නා මහා ජනතා පෙරළියට, මහා විප්ලවයට ඔබ සූදානම් වෙන්න. ඔහු ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අතිගරු කෑල්ල අතහැරලා, කටපුරා ජනාධිපති සහෝදරයා කියන්න පුළුවන් කෙනෙක්. අපේ ජීවිතයේ කොටසක් වගේ දැනෙන අනුර දිසානායක සහෝදරයා ජනාධිපති හැටියට තෝරා ගෙන මේ රට මහා පුනරුදයකට පෙළගස්වන මහා මංගල්‍යය සඳහා ඔබට ශක්තිය, ධෛර්යය ලැබේවා!
“ජනතාවාදී පාලනයක් ඇති කිරීමේ පළමු පියවර ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණයයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය-
තව දවස් 42කින් සමරන්න නියමිත ජයග්‍රහණය වෙනුවෙන් තබන මූලික පියවරක් මේ. අපි අවුරුදු ගණනාවක් තිස්සේ සූදානම් වුණේ මේ මොහොත වෙනකම්. අපි කොට්ඨාස සභා හදන්න ගත්තේ අවුරුදු දෙකහමාරකට කලින්. කාන්තා සභා හදන්න පටන් ගත්තා. දිස්ත්‍රික් සමුළු තිබ්බා. විවිධ ක්ෂේත්‍ර එකතු කළා. මේ සියල්ලම ක්‍රමානුකූලව සංවිධානය කරමින් මේ මොහොත දක්වා, අපි මේ ගමන ආවා. ඔබ අපි සියලු දෙනා එකතු වෙලා ඉන්නේ තවත් එක් බල හුවමාරුවකට නොවෙයි. මේ රට වෙනස් කරන ජනතාවාදී පාලනයක් ඇති කිරීමේ පළවෙනි පියවර තමයි මේ. 2024 සැප්තැම්බර් 21 මේ රටේ සුවිශේෂී ඓතිහාසික දිනයක්. අවුරුදු 76ක් මේ රට පාලනය වුණේ ජනතාව මූලික කරගෙන නොවෙයි. ඒ පාලකයන් තීන්දු තීරණ ගත්තේ ජනතාව වෙනුවෙන් හෝ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් නොවෙයි. ජනතාවගේ ප්‍රශ්න විසඳන්න නොවෙයි. ජනතාව පොහොසත් කරන්න නොවෙයි. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට අවුරුදු 76කට පස්සේ මේ රටේ ජනතාව දුප්පත් වෙලා, පාලකයන් පොහොසත් වෙලා තියෙනවා. ජනතා නියෝජිතයන් හා ජනතාව අතර විශාල පරතරයක් ඇති වෙලා තියෙනවා. සැප්තැම්බර් 21 කියන්නේ ඒක වෙනස් කරන දවස.
අද මේ පාලකයන් පනින එක, ඩීල් දේශපාලනය දිහා බලනකොට පේන්න තියෙන්නේ මොකක්ද? මේ පාලකයන් අපි ගැන හිතලා නොවෙයි, මේ කිසිවක් කරන්නේ. මේ පාලකයන් මේ මොහොතෙත් වෙහෙසෙන්නේ තමන්ගේ බලය තවදුරටත්, මොනවා හරි කරලා තව ටික කාලයක් එල්ලිලා ඉන්නේ කොහොමද කියලා. 21 කියන්නේ මේ තත්වය පරිවර්තනය කරන දිනය. මෙවැනි පරිවර්තනයක් කරන්න නම් අපට නායකත්වය අවශ්‍යයි. මේ රටේ ජනතාව එකතු කරන්න පුළුවන්, මේ රට හදන්න අවශ්‍ය මානව සම්පත එකතු කරන්න පුළුවන්, රටේ ජනතාවගේ හද ගැස්ම තේරුම් ගන්න පුළුවන් නායකත්වයක් තියෙන්න ඕනෑ. ඒ නායකත්ව ගති අනුර සහෝදරයා තුළ තිබෙනවා. මේ සමාජය මුහුණ දෙන බරපතළ අර්බුදයටත්, ඒ අර්බුදය විසඳීමට, ඒ පරිවර්තනයට මෙවැනි නායකත්වයක් අවශ්‍යයි.
ඊයෙ පෙරේදා රනිල් වික්‍රමසිංහ මාධ්‍යවේදීන් අමතන අවස්ථාවක, එක මාධ්‍යවේදියෙක් ඔහුගෙන් අහනවා, ඔබට සහයෝගයට ඇවිත් තිබෙන කණ්ඩායම ගැන ප්‍රශ්න කරනවා. ඔහු කියනවා “ඒක මට අදාළ නෑ. මිනිස්සු ඡන්දෙ දෙන්නේ මට. මම ඒගොල්ලන් වෙනුවෙන් පෙනී ඉන්න ඕනෙ නෑ” කියලා. “මහ මැතිවරණයක් ආවාම, මම ඒගොල්ලන් වෙනුවෙන් පෙනී ඉන්නෙත් නැහැ. ඒගොල්ලන්ට ඡන්දෙ එකතු කරන්න යන්නෙත් නැහැ” කියනවා. තමන් වෙනුවෙන් ඉදිරිපත් වෙන අය ගැනවත් රනිල්ට විශ්වාසයක් නැහැ. එහෙම නායකත්වයකට රටක් හදන්න පුළුවන්ද? එක්කෝ ඔහුට ප්‍රශ්නය තේරුණේ නැහැ. එහෙම නැතිනම් ඔහුගේ උද්දච්චකමත් එක්ක ඔහුට ඒ කණ්ඩායම අදාළ නැහැ. ජාතික ජන බලවේගයේ තිබෙන ප්‍රධාන වෙනසත් ඒක. මෙතන රජ කෙනෙක් නැහැ. අනුර සහෝදරයා මත ඔටුන්නක් තියන්න නොවෙයි මේ උත්සාහය. අපේ මේ උත්සාහය සාමූහික ව්‍යාපාරයක් හැටියට මේ රටේ ජනතාව ඇත්ත ජයග්‍රාහකයන් බවට පත්කරන්න. අපි ඉදිරිපත් වෙන්නේ, තීන්දු තීරණ ගන්නේ කණ්ඩායමක් හැටියට. එහෙම දේශපාලන සංස්කෘතියකට නායකත්වය දිය හැක්කේ, කණ්ඩායමකට ඇහුම්කන් දෙන, හැකියාවන් හා දක්ෂතාවය තිබෙන අය ආකර්ෂණය කර ගැනීමත් ඒ අයව කළමනාකරණය කරන්නත් හැකි අයෙකුට පමණයි. ඒක තමයි නූතන ක්‍රමය.
නායකත්වය යනු සියල්ල තමන් අතට අරගෙන, ඒකාධිපති කෙනෙක් වගේ මා තුළ තමයි සියලුම හැකියාවන් තියෙන්නේ කියන එක නොවෙයි. ඒක පැරණියි. කණ්ඩායමක් හරියට මෙහෙයව ගන්න පුළුවන් එක තමයි අලුත් ක්‍රමය හා නිවැරදි ක්‍රමය. අනුර සහෝදරයා මේ කාලය තුළ ඔප්පු කොට තිබෙන්නේ ඒ නූතන ක්‍රමයට, පුනරුදයට අවශ්‍ය නායකත්ව හැකියාව ඔහු තුළ තිබෙනවා කියන එකයි. මේ පැරණි, දුෂ්ට, ත්‍රාඩ, ආත්මාර්ථකාමී, උද්දච්ච දේශපාලන සංස්කෘතිය අවසන් කර, ජනතාව කේන්ද්‍රකර ගත් ජනතාවාදී පාලනයක් ඇති කිරීම තමයි අපේ බලාපොරොත්තුව. පුනරුදය කියන්නේ ඒකට. අපේ ප්‍රතිපත්ති තුළත්, දේශපාලන සංස්කෘතිය තුළත්, දේශපාලන භාවිතය තුළත් අපේ මූලික අරමුණ වෙන්නේ අපි ගන්න තීන්දු තීරණ, අපි කරන වැඩ ජනතාවට කොහොමද බලපාන්නේ, ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුම් සොයන්නේ කෙහොමද කියන එක. ඒක තමයි අපේ ප්‍රවේශය. ඒක තමයි අපේ කඳවුරත් අපට විරුද්ධ කඳවුරත් අතර තිබෙන ප්‍රධාන වෙනස. අපේ ප්‍රවේශය තුළ අපට වැදගත් වෙන්නේ මේ රටේ පුරවැසියා. අර කඳවුරට වැදගත් වන්නේ ඒ පාලන පංතිය පමණයි. ඔවුන්ට අනුව ජනතාව කියන්නේ ඔවුන් වෙනුවෙන් නඩත්තු කරන පිරිසක්.
මේ දවස්වල අපේ ප්‍රතිපත්ති එකින් එක එළිදක්වමින් තිබෙනවා. අපේ ප්‍රතිපත්තිවල මූලික දෙයක් තමයි, මේ රටේ කිසිම පුරවැසියෙක් අපි අතහරින්නේ නැහැ කියන එක. කිසිම පුරවැසියෙක් ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. අපේ ප්‍රතිපත්තිවල මූලික කරුණක් වෙන්නේ මේ රටේ සියලු දෙනා ආමන්ත්‍රණය කරන්නේ කොහොමද, මේ රටේ සියලු දෙනා එකතු කරන්නේ කොහොමද කියන එක. ඒ නිසා තමයි ගැහැනුන් හැටියට වෙනම සංවිධානය වෙලා අපට සුවිශේෂී වූ ප්‍රශ්නවලට විසඳුම් මොනවාද කියලා සාකච්ඡා කළේ. අපිට සුවිශේෂී වූ ප්‍රශ්නවලට අපිට කතා කරන්න පුළුවන් වේදිකාවක් අපි හදා ගත්තේ. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි, අපි සති දෙකකට විතර කලින් මේ රටේ ඉන්න ආබාධිත අය වෙනුවෙන් ප්‍රතිපත්තිය එළිදැක්වූවේ. ජීවිත කාලය තුළදී ආබාධයක් ඇති වුණාම සමාජයෙන් කොන් විය යුතු නැහැ. සමාජයෙන් හැළෙන්න බැහැ. සමාජයටත් පවුලටත් බරක් වෙන්න බැහැ. එසේ නොවෙන්න වගකිව යුත්තෙ ආණ්ඩුවයි. අපි ආබාධිත අය වෙනුවෙන් ප්‍රතිපත්තියක් එළිදැක්වූයේ ඒ වෙනුවෙන්. අපේ ආර්ථික ප්‍රතිපත්තිය තුළ, ආර්ථිකයට සියලු දෙනාගේ සහභාගිත්වය ලබාගන්නේ කොහොමද කියන එක අපි විස්තර කරනවා. අපි ඉදිරියට එළිදැක්වීමට නියමිත, අපේ සමාජ ආරක්ෂණය, සමාජ ආරක්ෂණ සුබසාධන ප්‍රතිපත්තිය තුළ මේ රටේ කවුරුවත් අසනීපයකදී සෞඛ්‍ය සේවය ලබාගත නොහැකි තත්වයක් හෝ අධ්‍යාපනයෙන් හැළෙන තත්වයක් ඇති වෙන්නේ නැහැ. මේ රට අයිති අපි සියලු දෙනාට. මේ රට දියුණු වුණාම, පොහොසත් වුණාම එහි ප්‍රතිලාභ අපි සියලු දෙනාටම සමානව ලැබෙන්න ඕනෑ.
සමාජ සුබසාධනයත්, සමාජ සංවර්ධනයේ වගකීම ආණ්ඩුවක් හැටියට මාලිමාව ආණ්ඩුවක් ගන්නවා. අපි යන බොහෝ තැන්වල කතා කරන්නේ අධ්‍යාපනයේ අර්බුද ගැන. මේ මොහොතේ අධ්‍යාපනය කොච්චර බරක් වෙලාද? කියන එක. අධ්‍යාපනය ආස්වාදය ගෙන දෙන එකක් නොවෙන තැනට පත්වෙලා. ඒක කරදරයක්. මානසික පීඩාවක් වෙලා. එසේ සිදුවෙලා තිබෙන්නේ අවුරුදු ගණනාවක් තිස්සේ ආණ්ඩු අධ්‍යාපනය වෙනුවෙන් දැරිය යුතු වගකීම ක්‍රමානුකූලව අතහැරලා, ඒක දෙමාපියන් මතත්, පවුල මතත් පවරලා තියෙනවා. මාලිමාවේ ආණ්ඩුවක් තුළ අධ්‍යාපනයේ වගකීම දරන්නේ රජය. ඔබත්, දරුවාත් නිදහස් වෙනවා. දරුවන්ට තියෙන්නේ ඉගෙන ගන්න එක. දෙමව්පියන්ට තිබෙන්නේ විශ්වාසයෙන් යුතුව ඒ නිර්මාණය වෙන අධ්‍යාපන පද්ධතියට දරුවන්ව බාරදෙන්න. ගුරුවරුන්ට සිදුවෙන්නේ ඔවුන්ගේ වෘත්තියට නම්බුවක් වෙන විදිහට ඉගැන්වුම් පරිසරය හරියට කරගෙන යන්න. සියලු ක්ෂේත්‍රයන් තුළම ඔබ මත පටවා තිබෙන බර ආණ්ඩුවක් හැටියට අපි බාර ගන්නවා.
ඒ වෙනුවෙන් තව දින 42යි. ජයග්‍රහණය ගැන කිසිදු අවිශ්වාසයක් නැහැ. මේක සුවිශේෂී ජයග්‍රහණයක් වෙන්න ඕනෑ. ඒ වෙනුවෙන් අපි සියලු දෙනාම ඉදිරි කාලය තුළ වැඩ කරන්න ඕනෑ. මඩ බාල්දි පෙරළෙන්න පුළුවන්. නමුත් ඒවාට අපි යටත් වෙන්නේ නැහැ. ජනතාව මේ මොහොතේ අරගෙන තිබෙන තීරණය ඒ මඩ ව්‍යාපාරවලින් වෙනස් කරන්න බැහැ. ඒ මඩ ව්‍යාපාරවලට අනුර කුමාර සහෝදරයාගේ ජයග්‍රහණයට කිසිදු හෝ බලපෑමක් කරන්න බැහැ. ඒවාට මුහුණ දෙමින් තව අය එකතු කරන්න ඕනෑ. අපි එකතු වෙන්නෙත් බලය ගන්නෙත් රටක් හදන්න. රට හදන ගමනට සියලු දෙනා එකතු කර ගනිමු. හැමෝම එකතු කරගෙන සැප්තැම්බර් 21දා ජනාධිපති අනුර සහෝදරයාගේ ජයග්‍රහණය තහවුරු කරමු.
(-ජාතික ජන බලවේගයේ කැබිතිගොල්ලෑව ජන රැලිය – 2024.08.09-) සැප්තැම්බර් 21 ඡන්දෙ පවත්වනවා. ගන්න ඕන තීරණය මොකක්ද කියලා පසුගිය දින කිහිපයේ සිදුවීම් දෙස බැලුවත් තේරුම් ගන්න පුළුවන්. දැන් පොහොට්ටුවේ පෙති හැලිලා. එක කෑල්ලක් නාමල් රාජපක්ෂ එක්ක. එක කෑල්ලක් රනිල් වික්‍රමසිංහ එක්ක. තව කෑල්ලක් සජිත් පේමදාස එක්ක ඉන්නවා. මේ රට බිඳ වට්ටන්න විශාල වැඩ කොටසක් කළ ඒ […]
(-ජාතික ජන බලවේගයේ කැබිතිගොල්ලෑව ජන රැලිය – 2024.08.09-)
සැප්තැම්බර් 21 ඡන්දෙ පවත්වනවා. ගන්න ඕන තීරණය මොකක්ද කියලා පසුගිය දින කිහිපයේ සිදුවීම් දෙස බැලුවත් තේරුම් ගන්න පුළුවන්. දැන් පොහොට්ටුවේ පෙති හැලිලා. එක කෑල්ලක් නාමල් රාජපක්ෂ එක්ක. එක කෑල්ලක් රනිල් වික්‍රමසිංහ එක්ක. තව කෑල්ලක් සජිත් පේමදාස එක්ක ඉන්නවා. මේ රට බිඳ වට්ටන්න විශාල වැඩ කොටසක් කළ ඒ පක්ෂය දැන් කෑලිවලට කැඩිලා. ස.ජ.බ.යේ සභාපති එළියේ. පොහොට්ටුවේ සභාපති ස.ජ.බ.යේ ඇතුලේ. “මහ බැංකු මහ හොරා රනිල්” කියපු මහින්දානන්ද අලුත් ගමගේ අද රනිල් එක්ක. මේ එහෙට මෙහෙට පනින, එහෙන් මෙහෙන් ගන්න දේශපාලනය නතර කරන්න ඕනෑ නැද්ද? අද උසාවියෙන් තීන්දුවක් ලැබුණා ස.ජ.බ. පැනපු මන්ත්‍රීවරු දෙන්නෙකුගේ මන්ත්‍රී ධුරය අහෝසි වුණා. එය හොඳ තීන්දුවක්. හැබැයි තීන්දුව ලැබෙන්න වසර දෙකක් ගත වුණා. ජනතාවගේ ඡන්දෙ අරගෙන එහෙට මෙහෙට පනින එක හරිද? 19 සංශෝධනය හදන අවස්ථාවේ අපි පැන්නොත් මන්ත්‍රී ධුරය අහෝසියි කියන සංශෝධනය ගෙනාවා. විජේදාස රාජපක්ෂ එය ඉදිරිපත් කළත්, දිනේෂ් ගුණවර්ධන එය අහෝසි කරන්න බැරිද කියා විමසුවා. විජේදාස ඒක අයින් කළා. සල්ලිවලට, තනතුරුවලට, අමාත්‍ය ධුරවලට එහෙට මෙහෙට පනින දේශපාලනයක් තිබෙනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව, පැන්නොත් මන්ත්‍රී ධුරය අහෝසි වෙන නීතියක් සම්පාදනය කරනවා. සමහර අය පනින්න විතරක් නොවෙයි, තියාගන්නත් සල්ලි ගන්නවා. දුන්නේ නැතිනම් යනවාලු. මේ දේශපාලනය නතර කරන්න ඕනෑ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව, මේ ගඳගහන පොර පිටිය සුද්ද කරන බවට ඔබට පොරොන්දු වෙනවා.
ඒ වගේම මේගොල්ලන්ගේ දේශපාලනය යන්නේ පවුල්වලින් පවුල්වලට. මේ ඡන්දෙ දිහා බැලුවත්, ජනාධිපති මහින්දගේ පුතා, ජනාධිපති ප්‍රේමදාසගේ පුතා, ජනාධිපති, ජේ.ආර්.ගේ බෑනා. පොර පිටියේ. මම විතරක් තඹුත්තේගම. මේ පවුල් දේශපාලනය නතර කරන්න ඕනෑ. බණ්ඩාරනායක පවුල අවුරුදු 27ක් පාලනයේ හිටියා. සේනානායකලා දශකයකට වැඩි කාලයක් පාලනය කළා. ජේ.ආර්.ලා, රනිල්ලා අවුරුදු 20ක් විතර හිටියා. අවුරුදු 76ක් රට පාලනය කර තිබෙන්නේ උඩ ඉන්න පවුල් හතරක්. දිස්ත්‍රික්ක ගත්තත් එහෙම තමයි. අනුරාධපුරේ මහින්දසෝම, එයාගේ මල්ලි, ලාල් ගමගේ, දැන් පුතා ඉන්නවා. බර්ටි දිසානායකගෙ පුතා දුමින්ද දිසානායක ඉන්නවා. අනෙක් දිස්ත්‍රික්කවලත් එහෙමයි. එහෙම වෙලා රට හැදුවාද?
1950 දකුණු කොරියාව පිටරට භාණ්ඩ යවලා උපයා ගත්තේ ඩොලර් කෝටි දෙකහමාරයි. ඒ කාලේ ලංකාවේ අපි භාණ්ඩ පිටරට යවලා ඩොලර් කෝටි 42ක් උපයා ගත්තා. අද අපි ඩොලර් කෝටි 1200ක් උපයද්දී කොරියාව ඩොලර් කෝටි 68,500ක් උපයනවා. මේ පවුල් කණ්ඩායම් කිහිපයක් රට පාලනය කරලා මේ රට හැදුවාද? ලෝකෙ රටවල් අපිව පහුකරලා ගියා. 1980 ගණන්වල නිෂ්පාදන කර්මාන්තයක් නොතිබුණු ඉන්දියාව අද හඳට යනවා. වාහන නිෂ්පාදනය කරනවා. ආසියානු කලාපයට අවශ්‍ය වන බිත්තර, බීජ, ඖෂධ නිෂ්පාදනය කරනවා. මහින්ද රාජපක්ෂ අවුරුදු 54ක් ආණ්ඩුවේ ඉන්නවා. මොනවාද කළේ? ඉන්දියාව අවුරුදු 54 තුළ ඉදිරියට එනවා. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඇවිත් අවුරුදු 47ක් වෙනවා. රටක් හදන්න මේ කාලය හොඳටම ඇති. මේ පාලකයන් රට විනාශ කළා. හැබැයි ඒගොල්ලන් විනාශ වුණේ නැහැ. ජනතාවට අමාරු වුණාට ඒගොල්ලන්ට අමාරු වුණේ නැහැ කවදාවත්. මැදවච්චියේ ගේ මදිවෙනකොට කොළඹිනුත්, සීතලට ඉන්න නුවරඑළියෙනුත්, හුළං වදින්න වැල්ලෙනුත්, දරුවන්ට උගන්වන්න එංගලන්තෙනුත් ගෙවල් ගත්තා. හැම ඇමතියෙකටම ඕස්ටේ්‍රලියාවේ, එංගලන්තයේ ගෙවල්, ඩුබායිවල එපාර්ට්මන්ට් තියෙනවා. ඡන්දෙ කරන්න ගමේ ගෙයකුත් තියෙනවා. රට හැදුවේ නැහැ. ඒගොල්ලන් හැදුණා. එයාලා කවදාවත් හදන්නෙත් නැහැ. ජනතාවට ස්වාධීනව ආර්ථික හයියක් ආවොත්, ඒ කියන්නේ රස්සාවක් තියෙනවා, ගෙයක් හදා ගන්න, ජීවත් වෙන්න, සතුටින් ඉන්න පුළුවන්, හොඳ ආදායම් මාර්ගයක් තිබෙනවා. එහෙම වුණොත් හාල් කිලෝ 10ට පස්සෙන් යන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට ගම්වල ජනතාව හැමදාම දුප්පත්භාවයෙන් ඉන්න ඕනෑ. දුප්පත්භාවයෙන් හිටියොත් තමයි බෙදලා ඡන්දෙ ගන්න පුළුවන් වෙන්නේ. සාරි, උදලුතල, කෑම පාර්සල්, සිල් රෙදි, ගිනිපෙට්ටි බෙදුවා; බෙදනවා. තමන්ට වත්කමක් තිබෙනවා නම්, ගිනිපෙට්ටියක් ගන්න, සාරියක් ගන්න, පෝලිමේ යන්නේ නැහැ. කෑම පාර්සලේට, රුපියල් 500ට ඡන්ද වැඩවලට යන්නේ නැහැ. ඒ ගොල්ලන්ට මේ ගම් හැමදාම දුප්පත්භාවයෙන් තියන්න ඕනෑ. ගම දුප්පත් වෙලා හිටියොත් ඒ ගොල්ලන්ට ඡන්ද කරන්න පුළුවන්. මේ ආණ්ඩු හදන්නෙ ජනතාව දුප්පත්භාවයට පත්කරන්න, පාලකයා පොහොසත් වෙන්න.
ග්‍රාමීය ජනතාව දුප්පත්භාවයෙන් තුරන් කරන රටක් අපි හදනවා. ආරම්භය ලෙස අපි 10,000ක සිට 20,000 දක්වා වූ සහනාධාරයක් දෙනවා. 2048 වෙනකම් ජනතාවට කන්නෙ නැතිව ඉන්න පුළුවන්ද? ජාතික ජන බලවේගය රට හදනවා, එතකම් ජනතාව බලාගන්නවා. අනිවාර්යයෙන් අධ්‍යාපනය, සෞඛ්‍යය, ආහාර ලබාදෙන වැඩපිළිවෙළක් අපි ආරම්භ කරනවා. ග්‍රාමීය ජනතාව දුප්පත්භාවයෙන් එළියට ගේන්න ඕනෑ. එහි ප්‍රධාන කාර්යය තමයි අධ්‍යාපනය. දරුවා ඉගෙනගෙන ලෝකයට විවෘත වුණොත් දරුවා ගමේ ආර්ථිකයෙන් නිදහස් වෙනවා. අපේ රටේ පළමුවැනි වසරේ සිට දහය වසර දක්වා වූ දරුවන්ගෙන් සෑම වසරකම 30,000ක් පාසල් අතහැර යනවා. අපි සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම නිලධාරීන් කිහිපදෙනෙක් පත්කරනවා. අඛණ්ඩව දින තුනකට වඩා පාසල් නොඑන දරුවන් පිළිබඳ සොයා බලා ඒ දරුවා පාසලට ගෙන්වා ගැනීමේ වගකීම ඒ නිලධාරීන්ට පවරනවා. එක දරුවෙකුටවත් පාසල අත්හැර යන්න අපි ඉඩ තබන්නේ නැහැ. අපේ පාසල්වල ඉංග්‍රීසි, ගණිත, විද්‍යාව විෂය සම්බන්ධ දැනුම ඇති ගුරුවරුන්ගේ හිඟයක් පවතිනවා. ඉතා හොඳින් පුහුණු කරන ලද, මැනවින් දරුවන්ට ඉගැන්වීමේ හැකියාව ඇති ගුරුවරුන් පත් කරනවා. අදත් පාසල්වල ගුරු පුරප්පාඩු 33,000ක් තිබෙනවා. රැකියා නැති උපාධිධාරීන් 35,000ක් එළියේ ඉන්නවා. අද අධ්‍යාපනය දෙමව්පියන්ට බරක්. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකදී අධ්‍යාපනය දෙමව්පියන්ගේ බරක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. අධ්‍යාපනය රජයේ වගකීමක් බවට පරිවර්තනය කරනවා.
ග්‍රාමීය ජනතාවගේ දුප්පත්භාවය නැති කරන්න නම්, ගමේ ජනතාවගේ ආර්ථිකය හොඳ වෙන්න ඕනෑ. මේ කැබිතිගොල්ලෑවේ ජනතාවගේ ප්‍රධාන ආර්ථිකය ගොවිතැන. ගොවිතැන පාඩු රස්සාවක් නොවෙයි. ලෝකයේ සෑම රටකම කෘෂිකර්මාන්තය සඳහා සහනාධාර දෙනවා. ඉන්දියාවෙ ගොවියාට තෙල්, විදුලිය නොමිලේ ආණ්ඩුවෙන් දෙනවා. කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා හොඳම බීජ ලබා දෙන්න ඕනෑ. පිටරටින් අධික මිලට බීජ ගෙනත් වගා කිරීමෙන් වැඩක් නැහැ. ඒ නිසා අපි අපේ බීජ පර්යේෂණායතන දියුණු කර, හොඳ බීජ සොයා ගන්නවා. ඒ බීජ ගොවිපොළවල්වල වැඩි දියුණු කරනවා. ඒ බීජ ගොවීන්ට ලබාදී ගම්වල බීජ නිෂ්පාදනය කරන ගොවීන් හදනවා. සමහර අය ආහාර සඳහාත් සමහර අය බීජ නිෂ්පාදනය සඳහාත් වගා කරනවා. හොඳ බීජ අඩු මිලට ගොවියාට ලබාදෙන වැඩපිළිවෙළක් හදලා, බීජ ව්‍යසනයෙන් ගොවි ජනතාව මුදා ගන්නවා. අනෙක, කෘෂිකර්මාන්තය සඳහා යන යෙදවුම් මිල ඉහළයි. කෘමිනාශකවල, පොහොරවල මිල ඉහළයි. මේ ඉහළ මිල දරාගත නොහැකියි. තෙල් පිරිපහදු කරන කොට, ඒකෙන් එන අතුරු ඵලවලින් කෘමිනාශක නිපදෙව්වා. ‘සිපෙට්කෝ’ කියන කෘමිනාශක හැදුවේ ලංකාවේ, සපුගස්කන්දේ. රනිල් වික්‍රමසිංහ ඒවා වහලා දැම්මා. ඒ නිසාම අද වල්නාශක, කෘමිනාශක පිටරටින් ගෙන්වන්න සිදුවෙලා තිබෙනවා. ඩොලරය ඉහළ යන කොට ඒවායේ මිලත් ඉහළ යනවා. ඒ නිසා අපි කෘමිනාශක, වල්නාශක හදන්න නැවත පර්යේෂණ ආරම්භ කරනවා.
1982 සපුගස්කන්දේ තෙල් පිරිපහදු කරන කොට එන අතුරු ඵලවලින් පොහොර නිෂ්පාදනය කළා. මෙට්ටි්‍රක් ටොන් 50,000ක් පාකිස්ථානයට පැටෙව්වා. රනිල්ගේ බියගම ආසනයේ ඒ පොහොර ෆැක්ටරිය තිබුණේ. බටලන්දේ වධකාගාරය කියන්නේ පොහොර කර්මාන්ත ශාලාවේ නිල නිවාස. ඒ කර්මාන්ත ශාලා වහලා දැම්මා. කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය යෙදවුම් සාධාරණ මිලකට ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙල ජාතික ජන බලවේගයේ අපි හදනවා. අපේ වගාවන්වල පසු අස්වනු නාස්තිය අති විශාලයි. වගාවෙදි අලි කාලා විනාශ වෙනවා වගේම එළවළු පටවලා කොළඹට ගෙනත් විකුණන කොට නිෂ්පාදනය කරන එවායින් විශාල ප්‍රමාණයක් අපතේ යනවා. බී ළුෑණු කිලෝ 100ක් ගෙන ගියොත් ඉතිරි වෙන්නේ කිලෝ 62යි. ප්‍රවාහනයේදී අපතේ යනවා. මේ වගේ අපතේ යාමක් ලෝකයේ කොහේවත් සිදුවන්නේ නැහැ. නිෂ්පාදන නාස්තිය අවම කර ගැනීමට ඇසුරුම් කරණය, ගබඩාකරණය වැඩපිළිවෙළවල් ලෝකයේ තිබෙනවා. මේගොල්ලෝ මේවා හැදුවේ නැහැ. නෙළා ගන්නා අස්වැන්න නාස්තිවීම වැළැක්වීම සඳහා වැඩපිළිවෙළක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවෙන් අපි හදනවා. අපේ නිෂ්පාදන දෙකෝටි විසිලක්ෂයට විතරක් නොවෙයි, පිටරට යවන්නත් හදන්න ඕනෑ. අපනයන ගම්මාන අපි හදන්න ඕනෑ. යලට, මහට විතරක් වගා කරලා පිටරට යවන්න බැහැ. සතිපතා අඛණ්ඩව යවන්න ඕනෑ. වසර පුරාම අස්වැන්න නෙළා ගන්න පුළුවන් විදිහට අපනයන කෘෂිකර්මාන්තය නවීකරණය කරන්න ඕනෑ.
නෙදර්ලන්තය භූමියෙන් වර්ග කිලෝමීටර් හතළිස් එක්දහසක වගේ ප්‍රමාණයක් තිබෙන්නේ. අපේ රටට වඩා කුඩා රටක්. ලෝකයේ කෘෂි නිෂ්පාදන අපනයන කරන රටවලින් දෙවැනි රට නෙදර්ලන්තයයි. අපට සාරවත් පොළොවක්, ප්‍රමාණවත් වැසි, හොඳින් සූර්යා ලෝකය ලැබෙන රටක්. ගොඩක් රටවල්වලට එහෙම නැහැ. කෘෂිකර්මාන්තය නඟා සිටුවන්න පුළුවන් රටක් මේක. ග්‍රාමීය ජනතාව දුප්පත්භාවයෙන් මුදා ගැනීම සඳහා ජාතික ජන බලවේගයේ අපි කෘෂිකර්මාන්තය නවීකරණය කරනවා. ඒ විතරක් මදි. තවත් ආර්ථික අවස්ථා හදන්න ඕනෑ. අපේ ප්‍රධාන කර්මාන්තකරුවන් එක්ක අපි කතා කළා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආරම්භ කළ හැකි කර්මාන්ත හා සේවා මොනවාද? සංචාරක කර්මාන්තයට ඉතා හොඳ ඉඩක් ලංකාව තුළ තිබෙනවා. අලුත් ආර්ථික අවස්ථා අපි හදන්න ඕනෑ. දරුවන්ට දැනුම දීලා, ඥානය දීලා අලුත් අවස්ථා හදනවා. එතකොට දියුණුවෙන්න පටන් ගන්නවා. ගම්වල ජනතාව දුප්පත්භාවයෙන් මිදෙනවා. තමන්ට හොඳ ආහාර වේලක් ගන්න, වාතාශ්‍රය සහිත නිවසක් හදාගන්න, සතුටු සාමීචියේ යෙදෙන්න පුළුවන්. අද අපේ ගම්වල සිනා පොදක් නැති මුහුණුවලට සිනාවක් ගේන්න ඕනෑ. ජාතික ජන බලවේගය හදන්නේ පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්. අද පවුල් විනාශ වෙලා තියෙන්නේ. මේ පවුල් අතර බැඳීම් වැඩිකර, ශක්තිමත් කරන්න ඕනෑ. පවුල් අතර සුන්දරතාවය ඇති වෙන්න ඕනෑ. එදා මිනිසුන්ට තිබුණු නිදහස අද නැතිවෙලා. ආගම් පිළිබඳ භක්තිය නැති වුණා. දැහැමි ජීවිතය අහිමි වුණා. මිනිස්සු අතර වෛරය, කෝපය වැඩිවුණා. දරුවන්ගෙ ආරක්ෂාව නැතිව ගියා.
අපට තියෙන්නේ හුදු ආණ්ඩු මාරුවක් නොවෙයි. නායකයෙක් වෙනුවට නායකයෙක් ගේන එක නොවෙයි. තමන්ගෙ ජීවිතය තමන්ට එපා වෙලා තියෙන්නේ. තමන්ගෙ ජීවිතය අහිමි වෙලා යනකම් බලාගෙන ඉන්න ජීවිතවලට පණ දෙන, හිනාව දෙන, සමාජයක් ගොඩනැගීම තමයි අපේ සැලසුම තිබෙන්නේ. මේ ජීවිතේ මීට වඩා හොඳ ජීවිතයක් බවට පත්කරන ආණ්ඩුවක්. දරුවන්ගේ අනාගතය ගැන විශ්වාසයක් නැතිව දෙමාපියන් හූල්ලනවා. අපි හදන්නේ දරුවන්ට අලුත් අනාගතයක් නිර්මාණය කරන ආණ්ඩුවක්. කඩා වට්ටපු කෘෂිකර්මාන්තය වෙනුවට දියුණු කෘෂිකර්මාන්තයක් දක්වා පරිවර්තනය කරන ආණ්ඩුවක් අපි හදනවා. ඒ කියන්නේ අපේ රට වෙනස් කරන, රට පොහොසත් කරන, ලස්සන ජීවිතයක් උරුම කර දෙන ආණ්ඩුවක්. මේක මේ වෙලාවේ කරන්නම ඕනෑ. ජාතික ජන බලවේගය යනු ජනතාවට අලුත් ජීවිතයක් අරගෙන දෙන ආණ්ඩුවක්. අපේ මේ සැලසුම් ක්‍රියාත්මක කරන්න අපට බලය ඕනෑ. මෙතන පොහොට්ටුවට, අලියට කතිරෙ ගහපු අය ඉන්නවා. ඒ අතීතය, පැත්තකින් තියන්න. මේ ඉන්නේ ජාතික ජන බලවේගය දිනවීම සඳහා එකතු වුණු බලකායක්. අපි ඔක්කෝම එකට පොර බදමු. අපේ මේ උත්සාහයේ අවසන් ප්‍රතිඵලය ලබාගත හැකි වෙන්නේ, ගමේ ඡන්ද පෙට්ටිය මාලිමාවට කතිර ගහලා වැඩිම ඡන්ද ප්‍රමාණයකින් පිරෙව්වොත් විතරයි. අපි මේ වැඩේ සාර්ථකව කරමු. සැප්තැම්බර් 22 දා වන විට ලංකාවේ අලුත් ආණ්ඩුවක්; අලුත් පාලනයක්. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම වැඩ කරමු; මහන්සි වෙමු.
“සමහරු ජනතාව ලාබෙට රවට්ටන්න හිතුවාට දැන් ජනතාව බුද්ධිමත්ව කල්පනා කරනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ-
රනිල් ජනාධිපති වෙනකොට පාර්ලිමේන්තුවේ ඔහුට මන්ත්‍රීවරු 134 යි. ඊයේ 92 යි. අද අනූවයි. ජනාධිපතිවරණය අවසන් වෙනකොට රනිල්ට රනිලුත් නෑ. එදාට මේ රටේ නියත ජනපති අනුර කුමාර.
මාලිමාවේ අපි පළමු වතාවට තමයි කැබිතිගොල්ලෑවේ රැලියක් කරන්නේ. ඔබ මීට පෙර විවිධ පක්ෂවල රැස්වීම්වලට ගිහින් ඇති. එදා ඔබේ ඡන්ද අරගෙන බලයට පත්වුණ මෛත්‍රීපාල සේනානායක පරම්පරාවේ අය අද කොහෙද? සේමසිංහලා අද කොහෙද? මහින්දට අප්පච්චී කියපු අය අද වික්‍රමසිංහට අප්පච්චී කියනවා. එයාලා හිතන්න ඇති එයාලත් එක්ක ජනතාවත් යයි කියලා. නෑ. එයාලා එහෙට යනකොට ජනතාව මෙහෙට ඇවිත්. අනුර දිසානායක සහෝදරයා ජනාධිපති කරන්න සහය දක්වනවා. හරි පාර පෙන්වපු මාලිමාව එක්ක හරි පාරේ යන්න පටන් අරන්.
අද මේ වේදිකාවේ ඉන්න ආචාර්ය මහාචාර්යවරු, වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, විශ්‍රාමික පොලිස් නිලධාරීන්, විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, කලාකරුවන්, කිසිවෙක් තමන්ට සත පහක දෙයක් බලාපොරොත්තු නොවී රට හදන්න පෙරමුණ ගෙන තිබෙනවා. මේක දැකලා කලබල වෙච්ච කට්ටිය දැන් අලුත් අලුත් සන්ධාන හදනවා. ඒකට හිටපු කට්ටිය එකට වේදිකාවට නැගලා අපේ සහය සජිත්ට කියනවා. නැත්නම් අපේ සහය රනිල්ට කියනවා. මහබැංකුව කඩපු එකා ළඟට මාල කඩපු එකා යනවා. හොරා ළඟට යන්නෙ හොරා මිස වෙන කවුද? කුණු ගොඩට කුණු එකතු වෙනකොට හොඳ ටික අපි ගාවට ඇවිත්.
ලොකු ලොකු සංදර්ශන තියලා ජනතාව ලාබෙට රවට්ටන්න හිතුවාට දැන් ජනතාව බුද්ධිමත්ව කල්පනා කරනවා. ඒ නිසා සැප්තැම්බර් 21 වෙනිදාට නියත ජනපති අනුර කුමාර සහෝදරයා බව මේ කැබිතිගොල්ලෑව අම්මා තාත්තා සහෝදර සහෝදරියන් අද තහවුරු කර අවසන්.
ගොවි අම්මා තාත්තාගේ ප්‍රශ්නවලට විසඳුමක් තියෙන්නෙ මාලිමාවට විතරයි
ජාතික ජන බලවේගයේ ජාතික විදායක සභික, සමස්ත ලංකා ගොවිජන සම්මේලනය උප සභාපති සුසන්ත නවරත්න
මැදවච්චිය කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කළ ආසනයක්. නමුත් අද මැදවච්චිය ජනතාව පෙළගැසී සිටින්නේ මාලිමාව වටායි. අනුර දිසානායක සහෝදරයා ජනාධිපති කරන්නයි.
ගොවි ජනතාවට වතුර ටික දෙන්න මේ පාලකයෝ සමත් වෙලා නෑ. මොරගහකන්ද පෙන්වා පොරොන්දු දුන්නා විතරයි. වැව් දාහතරක් තිබෙනවා. ඒවට යටින් වතුර ගෙනියනවා. මොන පාලකයොද මේ සැලසුම් හදන්නේ? මේ පාලකයින්ට ගොවි ජනතාවට පහසුකම් සලසන්න සැලසුම් නෑ.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩිම වකුගඩු රෝගීන් හමුවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨසය බවට පදවිය පත්වුණත් කැබිතිගොල්ලෑව තිබුණේ ඊට වඩා ගොඩක් පහළින්. ඒකට හේතු වුණේ කැබිතිගොල්ලෑව කොට්ඨාශයේ ඉතා හොඳ ජල උල්පත් දහ අටක් තිබීමයි. කැබිතිගොල්ලෑව කියන්නේ සම්පත්වලින් පිරුණ ප්‍රදේශයක්. රට වටා රූරා හැලෙන ගංගා රැසක් තිබුණත් මේ රටේ ජනතාවට පිරිසිදු පානීය ජලය සපයන්න ගොවි ජනතාවට අවශ්‍ය ජලය ටික සපයන්න වැඩපිළිවෙලක් මේ පාලකයින්ට නෑ.
කැබිතිගොල්ලෑව ටිකක් එහා පැත්තෙන් මිනිරන් පතලක් තියෙනවා. අනිත් පැත්තෙන් පුල්මුඩේ ඛනිජ වැලි නිධිය තියෙනවා. මේ සම්පත් භාවිතා කරලා ප්‍රදේශයේ තරුණ තරුණියන්ට රස්සා දෙන්න වූ සැලසුමක් මේ පාලකයින්ට තිබුණෙ නෑ. ඒ නිසා අද මේ රටේ තරුණ තරුණයෝ වගේම මේ ප්‍රදේශයේ තරුණ තරුණියොත් රස්සා හොයාගෙන විදෙස්ගත වෙනවා.
ඒ නිසා මේ රට හදන්න නිසි සැලසුමක් තියෙන, මේ ගොවි අම්මා තාත්තගේ ප්‍රශ්නවලට උත්තරයක් තියෙන, ඒකට වැඩපිළිවෙලක් තියෙන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති කරන්න පෙරමුණ ගන්නා ලෙස අපි ඔබ සියලු දෙනාගේ ඉල්ලා සිටිනවා.
“පපුවේ තෙතමනයක් ඇති නායකයෙක් බලයට ගෙන ඒම සඳහා පෙළගැසෙන්න”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, රජරට විශ්වවිද්‍යාලයේ කළමණාකරණ පීඨයේ හිටපු පීඨාධිපති පී.ඩී.එන්.කේ. පලිහේන-
2022 අරගලයට සහභාගී ජනතාව බලාපොරොත්තු වුණේ තමන් පීඩාවට පත් කළ නායකයන් පලවා හැර තමන් ගැන හිතන, මේ ක්‍රමය වෙනස් කරන නායකයෙක් බලයට පත්වෙයි කියලා. නමුත් සිද්ධ වුණේ ඔවුන්ගේම කෙනෙක් වූ රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථාවේ සිදුරකින් රිංගා බලයට ඇවිත් පරණ ටොපියම අලුත් කොළයක දවටලා අපිට දීපු එක විතරයි. ඔහු ආපහු ඇවිත් කියනවා මං රටේ ප්‍රශ්න විසඳුවා, නැවතත් අවුරුදු පහකට මටම බලය දෙන්න කියලා.
මේ රනිල් වික්‍රමසිංහල බලයට ඇවිත් මොනවද කළේ? අවුරුදු පහක් බලය ඉන්න ආණ්ඩුවක් වත් කරන්නෙ නැති තරමට මේ අවුරුදු දෙක ඇතුලේ ඔහු අණ පනත් හැත්තෑ පහකට වැඩි ප්‍රමාණයක් සම්මත කරගත්තා. අර්බුදේ තිබුණේ මේ අණපනත් සම්මත නොවීම නිසාද? නැහැ. ඔහු ඒවා සම්මත කරගෙන කළේ මේ තක්කඩි පාලනය තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍ය කරන වටපිටාව සකස් කරගැනීමයි. මොහු බලයට ඇවිත් රාජපක්ෂ රෙජීමය ආරක්ෂා කළා මිසක් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කළේ නෑ. මෙවැනි පාලකයෙක්ගෙන් තවදුරටත් ජනතාවට බලාපොරොත්තු විය හැකි කුමක්ද? තීරණය ගත යුත්තේ ඔබයි. රටට වැඩක් ඇති ජනතාව ගැන හිතන පපුවේ තෙතමනයක් ඇති නායකයෙක් බලයට ගෙන ඒම සඳහා පෙළගැසෙන ලෙස ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.
“මේක ජරාජීර්ණ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ මැතිවරණයක්”
-රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා අංශයේ ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, විශේෂඥ ශල්‍ය වෛද්‍ය කිත්සිරි සේනානායක-
මම ඉපදුනේ පදවියේ. මම හැදුනේ වැඩුණෙ පදවියේ. මම ඉස්කෝලෙ ගියේ පදවියෙ. ඉගෙනගෙන විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ශල්‍ය වෛද්‍ය විද්‍යාව හදාරලා ලෝකෙ තියෙන ලොකුම විශ්ව විද්‍යාල වුණ ඔක්ස්ෆර්ඩ් යන්නත් මට අවස්ථාව හිමි වුණා. මටත් ඔක්ස්ෆර්ඩවල නවතින්න තිබුණා. නමුත් මගේ නෝනයි දරුවයි එහේ නවතිද්දී මං ආපහු මෙහෙ ආවා. එහෙම ආවේ රටේ ජනතාව දුක් විඳිද්දී රජරට අම්මා තාත්තා දුක් විඳිනකොට අපි හැදුණු වැඩෙන පුණ්‍ය භූමිය කඩාවැටෙනකොට අපිට එංගලන්තෙට වෙලා ඉන්න බැරි නිසා.
මම නොමිලේ වෛද්‍ය සායනයක් කරන බව ඔබ දන්නවද ඒ වෛද්‍ය සායනයට එන සමහර රෝගීන්ට අපි වැඩිදුර පරීක්ෂණ සඳහා රෝහලකට යන්න ලියුමක් දුන්නම රෝහලට යන්න සල්ලි නෑ. ඒ තරමටම ඔවුන් අසරණයි. මේ රට වෙනස් කරන්න ඕනෙ නැද්ද ?
අපිත් කාලයක් මේ තට්ටු මාරු දේශපාලනයට රැවටිලා හිටියා. මගේ තාත්තා ගුරුවරයෙක්. ඒත් ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් පදවිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක විදියට කටයුතු කළා. මේච්චර කාලයක් අපෙන් ඡන්දය අරන් බලයට පත්වුණ පාලකයෝ මොනවද රටට කළේ. අපි ඉස්කෝලෙ යන කාලේ තිබුණ පරිසරයයි පහසුකම්ම තමයි අදත් ඒ විදිහටම තියෙන්නේ. මොකක්ද සිදුවෙලා තියෙන දියුණුව? ට්‍රිලියන තුනක් ණය අරගෙන පාරවල් හදලා තිබුණත් ට්‍රිලියන 2කට වෙච්ච දෙයක් නෑ. එහෙම තමයි මේ රටේ සංවර්ධනය සිද්ධ වෙලා තියෙන්නේ.
ඒ නිසා මෙවර තිබෙන්නේ ජනාධිපතිවරණයක් නෙවෙයි, මේ රටේ ජරාජීර්ණ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ මැතිවරණයක්. ඒ වෙනුවෙන් අපේ අනුර දිසානායක සහෝදරයා ජනපති කරන්නට පෙරමුණ ගන්න.
(-ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.08.10-) මෙම මාධ්‍ය හමුව කැඳවූයේ රනිල්-සජිත් හවුල අල්ලස් දී මන්ත්‍රීවරුන් බිලී බා ගන්න ගෙනයන ක්‍රියාවලියේ හෙළුව හෙළිකරන්නයි. සල්ලි විතරක් නොවෙයි, බාර් ලයිසන්, ඉඩම්, මහාමාර්ග කොන්ත්‍රාත් ආදී විවිධ දේ අල්ලස් වශයෙන් ලබාදෙමින් සිටිනවා. මේ වන විට ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ඉඩම්වල මහා පරිමාණ ඉඩම් කොල්ලයක් දියත් කර තිබෙනවා. එක් පුද්ගලයෙකු […]
(-ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.08.10-)
මෙම මාධ්‍ය හමුව කැඳවූයේ රනිල්-සජිත් හවුල අල්ලස් දී මන්ත්‍රීවරුන් බිලී බා ගන්න ගෙනයන ක්‍රියාවලියේ හෙළුව හෙළිකරන්නයි. සල්ලි විතරක් නොවෙයි, බාර් ලයිසන්, ඉඩම්, මහාමාර්ග කොන්ත්‍රාත් ආදී විවිධ දේ අල්ලස් වශයෙන් ලබාදෙමින් සිටිනවා. මේ වන විට ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ඉඩම්වල මහා පරිමාණ ඉඩම් කොල්ලයක් දියත් කර තිබෙනවා. එක් පුද්ගලයෙකු වෙත ඉඩම් අක්කර 50කට වැඩියෙන් තියාගන්න බැහැ කියන නීතියක් තිබෙනවා. ජේ්.ආර්. ජයවර්ධන මේ නීතිය යොදා ගනිමින් තම හිතවතුන්ගේ ඉඩම් රජයේ වටිනා සමග හුවමාරුකර ගත්තා. ලක්ෂ්මන් කිරිඇල්ලගේ නෝනාට හන්තානේ ඉඩම් ගත්තා වගේ ක්‍රියාවලියක් රනිල් වික්‍රමසිංහ සමගි ජන බලවේගයේ කබීර් හසීම් මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ සමග එක්වීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගිය කාලයේ තිබුණා. ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් හන්තාන වතු යායේ අක්කර 12යි රූඩ් 03යි පර්චස් 53ක ඉඩමක් සම්බන්ධ ජාවාරමක් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව සහ සජිත් ප්‍රේමදාසගේ විපක්ෂ කණ්ඩායම අතර සිදුකරගෙන තිබෙනවා. සජිත් ප්‍රේමදාසගේ මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහ වෙත එක්කර ගන්න දියත් කර තිබෙන එක් ජාවාරමක් මේ ඉඩම් හුවමාරුව තුළින් හෙළිවෙනවා.
මේ සම්බන්ධයෙන් පසුගිය මාර්තු මාසයේදී කෝප් කමිටුවේ විමර්ශන ආරම්භ කිරීමට නියමිතව තිබුණා. නමුත් කෝප් කමිටුව අවලංගු වීමට ඉඩ හැර අදාළ ලේඛන ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. නමුත් එම ලිපි ජාතික ජන බලවේගයට ලැබීම වළක්වන්න ඔවුන්ට බැහැ. කබීර් හසීම්ගේ පුතාට හන්තාන වත්තෙන් අක්කර 12යි, රූඩ් 03යි, පර්චස් 18.53ක් දෙන්න කියලා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමෙන් ජනවසම සභාපතිවරයාට ලිඛිතව දන්වා තිබෙනවා. 2024 පෙබරවාරි මාසයේ ජනවසමෙන් එම ඉඩම වෙන්කරනවා. ඒ අතර මෙම ඉඩම් හුවමාරුව ගැන තොරතුරු හෙළිවීම නිසා කබීර් හෂීම්ට ගනුදෙනුව අවසන් කර ගන්න බැරි වෙනවා. 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත සම්මත කර ගැනීමට පෙර තිබුණු තත්වයක් ඉදිරිපත් කරමින් කබීර් හෂීම් මේ ඩීල් එකට මුල පුරා තිබෙනවා. තමන්ට ලැබිය යුතු ඉඩමේ කොටසක් පුතාට පවරා දෙන ලෙස ඉල්ලා සිටිමින් මේ ඩීල් එක ගෙනයනවා. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වැදගත් ලිපි මේ වන විට ගොනුවෙන් අතුරුදහන් කර ඇති බව හෙළි වී තිබෙනවා. කබීර් හෂීම් විසින් තමන්ගේ පුත්, එම්.එච්.එම්. කබීර්ගේ නමට ඉඩම් ඉල්ලා සිටීමේ සියලු විස්තර අප සතු වෙනවා.
මෙතන තිබෙන්නේ ඉඩම් නිරවුල් කර ගැනීමේ මුවාවෙන් ජනවසම සතු ඉඩම් දේශපාලනඥයන් විසින් කොල්ලකෑමක්. පසුගිය කාලයේ ආණ්ඩුවේ හිතවතුන්ට ඉඩම් බෙදා දුන්නා. දැන් සිදු කරන්නේ ආණ්ඩුව සහ විපක්ෂයේ ස.ජ.බ. කොටස එකට එක්ව ඉඩම් කොල්ලකෑමක්. පසුගිය කාලයේ බාර් ලයිසන් බෙදා ගැනීම, ෂෙඩ් බෙදා ගැනීම, බස් පර්මිට් බෙදා ගැනීම, සිදුකළ ආකාරයෙන්ම මේ කටයුතු කරගෙන යනවා. හන්තානේ ජන වසමට අයත් වතු යාය මැද්දෙන් අක්කර 45ක් පෞද්ගලික සමාගමකට දෙන්න සියල්ල සූදානම් කර තිබෙනවා. හන්තාන වත්ත මැද වත්තක් පෞද්ගලික සමාගමකට අයිති බව කියමින් මෙම ජාවාරම සිදුකිරීමට සූදානම් වෙනවා. ඒ වගේ විවිධ ආකෘති අනුගමනය කරමින් දැන් ඒ ගොල්ලන් දෙකට බෙදාගෙන ඉන්නවා. ඡන්දයට සල්ලි සොයන්න හිල්ටන් හෝටලය, බෝගම්බර හිරගෙදර තිබුණු ඉඩම, විකුණන්න කටයුතු කළා. ආණ්ඩුව විතරක් නොවෙයි, තමන් විපක්ෂයේ බව කියමින් මේ දක්වා ගෙනගිය ජාවාරම් සියල්ලට තිත තැබීම එළඹෙන ජනාධිපතිවරණයෙන් සිදුකළ යුතුයි. අපි මේ හෙළි කළ තොරතුරු සම්බන්ධයෙන් ඉක්මනින්ම නීතිමය පියවර ගන්නවා. ඒ වගේම මේ දූෂිතයන් එක පෙළට තබා පරාජය කරන්න ජාතික ජන බලවේගය සමග අත්වැල් බැඳගන්නා ලෙස දූෂණ විරෝධී ප්‍රගතිශීලී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු
ප්‍රශ්නය: ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාට අභියෝගයක් වී සිටින්නේ කවුද?
පිළිතුර:
ඒ කඳවුරෙන් ඉදිිපත් වී සිටින කිසි කෙනෙක් අපිට අභියෝගයක් නොවෙයි. දෙවැනි තුන්වැනි තැන ගන්න එක ඔවුන්ට මුහුණ දීමට සිදුවී තිබෙන අර්බුදවලින්ම පැහැදිලියි. රනිල් වික්‍රමසිංහ පටන් ගන්නකොට මන්ත්‍රීවරු 133ක් සිටියා. අපේක්ෂකත්වයේ ඇප තැන්පත් කරනකොට 90ක් විතර සිටියා. ඊයේ වෙනකොට ඔහුගේ ඇමතිවරු දෙදෙනෙකු හට මන්ත්‍රී ධුරත් අහිමි වුණා. ලබන 22දා දෙවැනි තැනට කවුද එන්නේ කියන එක බලාගන්න පුළුවන්. අපි මේ රටේ නීතියට ගරු කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපවීම, පසුගිය අවුරුදු 30කට වැඩි කාලයක් පුරා තහවුරු කර තිබෙනවා. ජනතාව අපේ ජයග්‍රහණය වෙනුවෙන් පෙළගැසෙමින් එනවා. උදේට ටීවීවල කෑ ගහන අය සම්බන්ධයෙන් අපි තැකීමක් කරන්නේ නැහැ.