(-ජාතික ජන බලවේගයේ ගණකාධිකාරී හා විගණන වෘත්තිකයන්ගේ මාධ්‍ය හමුව-2024.08.14 – මාධ්‍ය හමුව-) ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විගණකයෙකු ලෙස කටයුතු කරන යෝගරාජා මහතාට මැර ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. වැලි කැණීම්වලට අදාළ විගණන විමසුමක් ඉදිරිපත් කිරීම හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන බව වාර්තා වෙනවා. මෙය ඉතාමත් පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර, වැරදිකරුවන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන […]
(-ජාතික ජන බලවේගයේ ගණකාධිකාරී හා විගණන වෘත්තිකයන්ගේ මාධ්‍ය හමුව-2024.08.14 – මාධ්‍ය හමුව-)
ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විගණකයෙකු ලෙස කටයුතු කරන යෝගරාජා මහතාට මැර ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. වැලි කැණීම්වලට අදාළ විගණන විමසුමක් ඉදිරිපත් කිරීම හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන බව වාර්තා වෙනවා. මෙය ඉතාමත් පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර, වැරදිකරුවන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලකර සිටිනවා. අඹේපිටිය මහතාට ඇසිඞ් ප්‍රහාරයක් එල්ලකිරීමෙන් පසුව දිගින් දිගටම විගණකවරුන්ට එල්ල කරන විවිධ තර්ජනවල තවත් පියවරක් ලෙස මෙම ප්‍රහාරය සඳහන් කරන්න පුළුවන්.
රජයේ ආයතනවලට රුපියල් කෝටි 05ක භාණ්ඩ රජයේ වාණිජ හා විවිධ නීතිගත සංස්ථාවෙන් මිලදී ගැනීමට රනිල් වික්‍රමසිංහ මුදල් ඇමතිවරයා නිකුත් කර තිබෙන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සම්බන්ධයෙන් මෙයට පෙර අපි කරුණු හෙළිකළා. ඒ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දීමෙන් පසු භාණ්ඩ බෙදීමේ ක්‍රියාවලිය නවත්වා තිබෙනවා. ප්‍රසම්පාදන කොමිසමට මේ සම්බන්ධයෙන් තරගකාරී ලංසු ක්‍රමය අනුගමනය කරන ලෙස දන්වා තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවත් ප්‍රසම්පාදන කමිටුවත් ක්ෂණික පියවර ගැනීම සම්බන්ධයෙන් අපි ස්තුතිවන්ත වෙනවා. නමුත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය වෙනත් මැතිවරණ නීති විරෝධී කටයුතුවලට සූදානම් වෙනවා. ඉදිකිරීම් කර්මාන්තයට බලපාන ගැටලු ගැන සාකච්ඡා කිරීමේ මුවාවෙන් ජනාධිපතිවරයා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ සංගමය හමුවීමට යොදාගෙන තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ප්‍රධානම අභියෝගය එල්ල වී තිබෙන අවස්ථාවක ප්‍රසන්න රණතුංගගේ අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් මේ හමුව යොදාගෙන තිබෙනවා. නිලධාරීන් සම්බන්ධ කරගෙන ජනාධිපතිවරණ අපේක්ෂතයෙක් පවත්වන මේ හමුව පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට අපි පැමිණිලි කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ සහ එම පක්ෂයෙන් ඉවත්වී සමගි ජන බලවේගය පක්ෂය ගොඩනඟා නායකයා වී සිටින සජිත් ප්‍රේමදාස කරගෙන යන කටයුතු පිළිබඳව විගණකාධිපති වාර්තා ඇසුරෙන් තොරතුරු ඉදිරිපත් කළ හැකියි.
ඊට අමතරව කුලියාපිටියේ ෆෝක්ස්වැගන් කාර් එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් ආරම්භ කිරීම පිළිබඳව නිතර කතාවෙනවා. නමුත් එම ව්‍යාපෘතිය නතර වුනේ ඇයි කියලා මයරිටම කවුරුත් දන්නේ නැහැ. මහාභාරකාර දෙපාර්තමේන්තුවට අයත් මහනුගලියැද්ද ඉඩමේ අක්කර 37ක් ආයෝජන මණ්ඩලයට පවරාගෙන තිබුණා. අදාළ සමාගමෙන් මේ සඳහා යම් මුදලක් කිසිදු සැලැස්මක් නැතිව වැයකර තිබුණා. නමුත් මේ වන විට භූමිය පිළිබඳව අයිතිය නිරවුල් කර නොගෙන කටයුතු කිරීම නිසා අධිකරණය හමුවේ නඩු විභාගයක් පවතිනවා. මේ ඉඩම ආයෝජන මණ්ඩලයට පවරාගෙන වෙස්ටර්න් ඔටෝ මොබයින් පුද්ගලික සමාගමට විකුණා තිබෙනවා. රුපියල් මිලියන 70ක් කුලියාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවා ඉඩමේ කටයුතු ආරම්භ කිරීමට උත්සාහ කළත් මේ වන විට මහාභාරකාර මණ්ඩලයේ තිබුණු ඉඩම අහිමිවී ෆොක්ස්වැගන් කර්මාන්ත ශාලාවත් නතරවී තිබෙනවා. මහා කළමනාකරුවෙකු බව කියන රනිල් වික්‍රමසිංහ මේ කර්මාන්ත ශාලාව ආරම්භ කර තිබෙන්නේ මූලික නීතිමය කටයුතු පවා නිරවුල් කර ගැනීමෙන් තොරවයි. පසුගිය කාලයේදී මධ්‍යම සංස්කෘතික අරමුදල සහ ෆොක්ස්වැගන් කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් මෙම දෙදෙනා කටයුතු කර ඇති ආකාරය විගණන වාර්තාවලින් පැහැදිලිවී තිබෙනවා.
“සජිත් ප්‍රේමදාසගේ අයථා මුදල් ගනුදෙනු පිළිබඳ 2018/2019 විගණන වාර්තාවෙන් කරුණු රැසක් හෙළිදරව් වෙනවා”
-හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති රම්‍යා ලාලනී-
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2015-2019 කාලයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ කටයුතු පිළිබඳව 2018/2019 විගණකාධිපති වාර්තාවෙන් තොරතුරු රැසක් හෙළිවී තිබෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලයේ සභාපති ලෙස අගමැතිවරයාත්, විෂයභාර ඇමතිවරයාත්, මුදල් අමාත්‍යවරයාත්, එක්සත් ජාතීන්ගේ සංස්කෘතික සහ අධ්‍යාපනය සම්බන්ධ කටයුතු කරන විෂයභාර අමාත්‍යවරයා, හින්දු කටයුතු බාර අමාත්‍යවරයාත්, සංස්කෘතික කටයුතු බාර අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු 13දෙනෙකුගේ මණ්ඩලයක් පත්කරනවා. ඝන පූරණය ලෙස සිව්දෙනෙක් සහභාගීවීම දක්වා තිබෙනවා. සංස්කෘතික අරමුදලේ මුදල මෙහෙයවීම සම්බන්ධයෙන් සියලු තීරණ ගන්නේ මේ පාලක මණ්ඩලයෙන්. නමුත් 2015 සිට 2019 දක්වා වසර පහක් තුළ ඔවුන් රැස්වී ඇත්තේ අවස්ථා 13කදී පමණයි. සභාපති ලෙස අගමැති රැස්වීම් වාර තුනකට පමණක් සහභාගීවී තිබෙනවා. නමුත් සභාපති ලෙස මූලාසනය දරා ඇත්තේ එක් අවස්ථාවකදී පමණයි. පාලක මණ්ඩලයේ අනුමැතිය මත ප්‍රවේශ පත්‍ර අලෙවිකරුවන් 14දෙනෙකු 2018දී බඳවාගෙන තිබෙනවා. 2015 සිට අරමුදලේ ආදායම රුපියල් බිලියන 2.8 සිට, 2016 රුපියල් බිලියන 3.7ක් 2017දී රුපියල් බිලියන 4.4ක්, 2018 දී රුපියල් බිලියන 4.09ක් සහ 2019දී රුපියල් බිලියන 4.4ක් වශයෙන් උපයාගෙන තිබෙනවා. මේ අරමුදලෙන් 2015දී රුපියල් මිලියන 50ක්, 2016දී රුපියල් මිලියන 100ක් 2017දී මිලියන 362.07ක් 2018 දී මිලියන 126.6 සහ 2019දී රුපියල් මිලියන 2052.4ක් වශයෙන් පාලක මණ්ඩලයේ අනුමැතියක් නොමැතිව ලබාගෙන තිබෙනවා. මේ මුදල් ආපසු අයකර ගෙන නැහැ. නමුත් මේ මුදල් යෙදවූයේ කුමන කටයුතු වෙනුවෙන්ද යන්න හෙළිකර නැහැ.
රුපියල් මිලියන 1529ක් වූ මෙහෙයුම් ක්‍රියාකාරකම් 421ක් 2018 වසරේදී කළ යුතුව තිබුණා. එයින් ක්‍රියාවට නංවා ඇත්තේ 189ක් පමණයි. 55ක් සම්පූර්ණ කිරීමට අපොහොසත් වී තිබෙනවා. 2019දී රුපියල් මිලියන 348ක් යොදවා කැණීම් හා සංරක්ෂණ ක්‍රියාකාරකම් 53ක් සිදුකළ යුතුව තිබුණා. නමුත් 2019 දෙසැම්බර් 31 වන විට එම කටයුතු ආරම්භ කර හෝ තිබුණේ නැහැ. නමුත් 2018 වැඩ සැලැස්මට අනුව අභයගිරි ව්‍යාපෘතියට අදාළව කොන්ත්‍රාත් වටිනාකම රුපියල් මිලියන 9.48ක් වන රථ ගාල් දෙකක් ඉදිකළ යුතුව තිබුණා. නමුත් 2019 ජූලි 31 වන විටත් එය ඉටුකර තිබුණේ නැහැ. සංචාරකයන්ගේ ප්‍රයෝජනය සඳහා වැසිකිළි පද්ධතියක් ඉදිකළ යුතුව තිබුණත් එය සිදුකර තිබුණේ නැහැ. සංචාරකයන්ගේ පැමිණීම අඩුවීමට එය හේතුවි තිබුණා. ඒ වගේම කළමනාකරණ ක්‍රියාකාරකම් යටතේ සංචාරකයන් වෙනුවෙන් ආපනශාලාවක් ඉදිකිරීමට රුපියල් මිලියන 6.2ක් යෙදවිය යුතුව තිබුණා. එයින් රුපියල් මිලියන 6.27ක් වියදම් කර තිබුණත්, 2019 ඔක්තෝබර් අවසන් වන විට ඉදිකිරීම් අවසන්කර තිබුණේ නැහැ.
ඒ වගේම රුපියල් මිලියන 22.15ක චෙක්පත් අවලංගු කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි අනුව ක්‍රියාමාර්ග ගත යුතුව තිබුණත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නැහැ. ඒ වගේම විදේශ සංචාරකයන් සඳහා මුද්‍රණය කර තිබූ ප්‍රවේශ පත්‍ර වංචනික ලෙස යොදාගැනිම වැළැක්වීමට ආරක්ෂිත ක්‍රමවේදයක් සකස් කළ යුතුව තිබුණත් එය ක්‍රියාත්මක කර තිබුණෙත් නැහැ. මධ්‍යම සංස්කෘතික අරමුදල් පනත අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වාර්ෂිකව ලබාදිය යුතු මුදල් 2017 රුපියල් මිලියන 764ක් 2018දී රුපියල් මිලියන 571ක් සහ 2019 රුපියල් මිලියන 213ක් ලබාදි තිබුණේ නැහැ. සංස්කෘතික අමාත්‍යාංශයේ සේවකයන් බඳවා ගැනීම හැර වෙනත් ආයතනයක් වෙනුවෙන් සේවකයන් බඳවා ගැනීමේ හැකියාවක් සංස්කෘතික අරමුදලේ නැහැ. එසේ තිබියදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙනුවෙන් පුරාවිද්‍යා සහායකයන්, කම්කරුවන් 713ක්, මුරකරුවන් 376ක් වශයෙන් 1089 දෙනෙකු බඳවාගෙන තිබුණා. ඔවුන් වෙනුවෙන් 2018දී රුපියල් මිලියන 479ක් වියදම් කර තිබුණා. 2019දී රුපියල් මිලියන 582ක් වියදම් ර තිබුණා. වෙනත් ආයතනයක් වෙනුවෙන් ඒ පිරිස බඳවාගෙන සංස්කෘතික අරමුදලෙන් වැටුප් ගෙවීමට මෙම මුදල් වියදම් කර තිබුණා.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරකම් පිළිබඳව විශේෂ විගණන වාර්තාවෙන් තවත් කරුණු හෙලිවෙනවා. 2015-2019 කාලයේ සමස්ත වියදමෙන් 38%ක් – 58%ක් අතර ප්‍රමාණයක් වියදම් කර ඇත්තේ කාර්යමණ්ඩල වැටුප් වෙනුවෙන්. ප්‍රධාන අරමුණු ඉටුකර ගැනීමට අදාළ ප්‍රමාණවත් වියදම් දරා නැහැ. ඒ වගේම පුරාවිද්‍යා පනත අනුව සංස්කෘතික ත්‍රිකෝණයේ සමහර ආයතනවල ටිකට් පත් විකිණීමට තිබෙන සීමාවලින් පිට වෙනත් ස්ථානවල 2015-2019 කාලයේ ටිකට්පත් විකුණා රුපියල් මිලියන 13552ක් උපයාගෙන තිබෙනවා. ආගමික ස්ථානවල ටිකට්පත් කවුන්ටර් ආරම්භ කර නොමැතිව රුපියල් මිලියන 6.9ක් වැයකර තිබුණා. ආගමික ස්ථානවලින් ලබාගන්නා ටිකට්පත් මුදල් එම ආගමික ස්ථානයට හෝ එය පාලනය වන සමිතියකට බැර කළ යුතුව තිබියදී කුලියාපිටිය ආගමික ස්ථාන හතරකින් උපයාගත් රුපියල් මිලියන දෙකක් අවස්ථා හතරකදී සණස බැංකුවකට බැර කර තිබුණා. සජිත් ප්‍රේමදාස මහත්මයා විෂයභාර ඇමතිවරයාව සිටි කාලයේ නීති විරෝධිව සිදුකර තිබුණු කටයුතු කිහිපයක් පිළිබඳවයි විගණන වාර්තා ඇසුරෙන් ඒ කරුණු ඉදිරිපත් කළේ.
නීතිකටයුතු අමාත්‍යාංශයේ විශ්‍රාමික ප්‍රධාන ගණකාධිකාරී වසන්ත පෙරේරා මහතා සහ වරලත් ගණකාධිකාරී රංජිත් දිසානායක මහතා මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූහ.
(-NPP තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ගේ සමුළුව-2024.08.13 DoIT 5.0-) විවිධ ක්ෂේත්‍රවල, විවිධ කණ්ඩායම් සමග සාකච්ඡා කරමින්, අයි.ටී. ක්ෂේත්‍රයට ඉතාමත් වැදගත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සකස් කිරීම සඳහා අපි සැලකිය යුතු කාලයක් වෙහෙසුනා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීම සඳහා විවිධාකාරයෙන් උදව් කළ සියලු දෙනාටම පළමු කොටම ස්තුතිවන්ත වෙනවා. අපෙන් සමාජය අහන ප්‍රශ්නයක් තමයි මොකක්ද කරන්නේ කියන එක. අපි ක්ෂේත්‍ර ගණනාවක […]
(-NPP තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ගේ සමුළුව-2024.08.13 DoIT 5.0-)
විවිධ ක්ෂේත්‍රවල, විවිධ කණ්ඩායම් සමග සාකච්ඡා කරමින්, අයි.ටී. ක්ෂේත්‍රයට ඉතාමත් වැදගත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සකස් කිරීම සඳහා අපි සැලකිය යුතු කාලයක් වෙහෙසුනා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීම සඳහා විවිධාකාරයෙන් උදව් කළ සියලු දෙනාටම පළමු කොටම ස්තුතිවන්ත වෙනවා. අපෙන් සමාජය අහන ප්‍රශ්නයක් තමයි මොකක්ද කරන්නේ කියන එක. අපි ක්ෂේත්‍ර ගණනාවක කුමක්ද කරන්නේ කියන කාරණය අපි ඉදිරිපත් කර තිබෙනවා. සමස්ත ප්‍රතිපත්ති ප්‍රකාශන එළඹෙන 26 වැනිදා එළිදක්වන්න අපි බලාපොරොත්තු වෙනවා. ඊළඟ අපෙන් අහන ප්‍රශ්නයක් තමයි කරන්නේ කවුද කියලා. කරන අය තමයි මේ ඉන්නේ. කළ යුත්තේ කුමක්ද කියන එකත්, කරන්නේ කවුද කියන එකත් ගැන අපි සහතිකයක් ජනතාවට දීලා තියෙනවා.
මේ කාලයේ ස්මාර්ට් ඇග්‍රිකල්චර්, ස්මාර්ට් ක්ලාස්රූම් ගැන කතා වෙනවා. හැබැයි රටේ තිබෙන්නේ ඩර්ටි කොලිටික්ස්. මම හිතනවා ඩිජිටල්කරණයට යාමට පෙර දේශපාලන පිටිය සුද්ද කළ යුතුයි. මීට සතියකට පෙර එක් අයෙක් කෙරෙහි බරපතළ විවේචන එල්ල කරන කෙනා ඊළඟ සතියේ නැවත එයා වර්ණනා කරන තත්වයට පත්වී තිබෙනවා. මාධ්‍යවල බ්රේකින් නිව්ස්වලින් එන්නේ එහෙන් මෙහාට, මෙහෙන් එහාට පනින තොරතුරු. අපි ඔබට සහතිකයක් දෙනවා මේ සියල්ල කරන්න කලින් මේ දේශපාලන පොර පිටිය පිරිසිදු කළ යුතුයි. මේ එහෙට මෙහෙට පැනීම සිදුවන්නේ ප්‍රතිපත්තිමය කරුණු මතද? නැහැ. සමහර අය ඊළඟ පාර්ලිමේන්තුවට තමන්ගේ දොරටුව විවෘත කර ගැනීමට පනිනවා. සමහර මාරුවීම් පිටුපස මූල්‍යමය ගනුදෙනු, රජයේ ඉඩම් ලබාදීම්, බාර් ලයිසන්, පෙට්්‍රල් ෂෙඞ් ලබාදීම් තිබෙනවා. අපේ රටේ ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ ආණ්ඩු මාරුකරනවා. හැබැයි ආණ්ඩුව මාරුකරල ඉවර වෙනකොට ඒගොල්ලන් මාරු වෙනවා. මේ නිසා 1994 සිට 2024 දක්වා එක දිගට අමාත්‍ය ධුර දරපු ගණනාවක් අදත් අමාත්‍ය ධුර දරනවා. අපේ රටේ ව්‍යසනයට මේ පොලිටිකල් කල්චර් එක, කැත දේශපාලන සංස්කෘතිය විශාල බලපෑමක් ඇතිකර තිබෙනවා.
1950දී ලංකාවේ අපනයන ආදායම ඩොලර් මිලියන 316යි. දකුණු කොරියාවේ අපනයන ආදායම ඩොලර් මිලියන 25යි. අද ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 12යි. දකුණු කොරියාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 685යි. 1980දී වියට්නාමයේ අපනයන ආදායම ඩොලර් මිලියන 400යි. අපේ අපනයන ආදායම ඩොලර් මිලියන 1500යි. අද අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 12යි. වියට්නාමයේ අපනයන ආදායම ඩොලර් බිලියන 420යි. ලෝකයේ විශාල ලෙස තාක්ෂණයේ පරිවර්තනයන් සිදුවුණේ විසිවන සියවසේ. විසිවන සියවසේ පරිවර්තනයන් සිදු නොවෙන්න අපේ මානව සංහතියට ආහාර සපයන්න පුළුවන් තත්වයක් නිර්මාණය වන්නේ නැහැ. දාහත, දහ අට, දහනවය සියවස්වල බිහිවූ ගණිතඥයන්, විද්‍යාඥයන්, දාර්ශනිකයන් විසින් පරිකල්පනය කළ ලෝකය භෞතිකව 20වැනි සියවසේ බිහිවුණා. වෛද්‍ය විද්‍යාවේ මහා පරිවර්තනයන් සිදුවුණා. ඒ නිසාම මිනිසුන්ගේ ආයු කාලය වැඩිවුණා. තාක්ෂණයේ හා විද්‍යාවේ දියුණුව විසින් ලෝකය ඇතුලේ මහා වෙළඳපොළක් නිර්මාණය වුණා. මේ වෙළඳපොළට අවශ්‍ය වන පරිදි, වියට්නාමය, දකුණු කොරියාව, සිංගප්පූරුව, මැලේසියාව තමන්ගේ ආර්ථික උපාය මාර්ග සකස්කර ගන්න සමත් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවේ අයි.ටී. ක්ෂේත්‍රයෙන් පමණක් අපනයන ආදායම ඩොලර් බිලියන 194යි. අපේ අයි.ටී. ක්ෂේත්‍රයේ අපනයන ආදායම ඩොලර් බිලියන 1.2යි. ලෝකයේ ඇති වුණු විද්‍යා හා තාක්ෂණ දියුණුවට අනුරූපවන පරිදි අපේ ආර්ථිකය පෙළ ගස්වා ගන්න අපි අසමත් වුණා.
ආණ්ඩුව 2016දී තීරණය කරනවා අයි.ටී. ක්ෂේත්‍රයේ අපනයන ආදායම ඩොලර් බිලියන 05ක් බවට පත්කරන්න. 2020දිත් කියනවා ඩොලර් බිලියන 03ක ආදායමක් අයි.ටී. ක්ෂේත්‍රයේ අපනයන ආදායම ළඟාකර ගන්නා බව. හැබැයි ගිය වසරේ අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 1.2යි. මේ ක්ෂේත්‍රය පිළිබඳ සකස් කරන ලද ප්‍රතිපත්ති, ඉලක්ක සම්පූර්ණ කිරීම සඳහා මෙහෙයවීමේ වගකීම තිබෙන්නේ ආණ්ඩුවට. මේ ක්ෂේත්‍රයට එන ව්‍යවසායකයා රටක් හැටියට සකස් කරන ඉලක්කය සම්පූර්ණ කර ගැනීමේ පංගුකාරයෙක් පමණයි. ඉලක්ක සම්පූර්ණ කිරීමේ වගකීම තිබෙන්නේ ආණ්ඩුවට.
අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර තිබෙනවා. අපේ ඉලක්කය වන්නේ, 2030දි ඩොලර් බිලියන 05ක අපනයන ආදායමකට යන්න. ඉතාමත් හොඳ විභවතාවක් අපට තිබෙනවා. ඉන්දියාවේ අයි.ටී. ක්ෂේත්‍රයේ නිපුණතාවය තිබෙන කෙනෙක් සාමාන්‍යයෙන් වාර්ෂිකව උපයනවා ඩොලර් 36000ක්. සිංගප්පූරුවේ සාමාන්‍ය අගය ඩොලර් ලක්ෂ දෙකයි. ලංකාවේ සාමාන්‍ය අගය ඩොලර් 14200යි. මේ ගැප් එක අපිට පනින්න පුළුවන්. අපි ක්ෂේත්‍ර ගණනාවකට අයි.සී.ටී. යොදාගැනීම ගැන කල්පනා කොට තිබෙනවා. අපේ ආර්ථිකයේ පංගුව වැඩිකර ගැනීම සඳහා, අපේ රටේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කර ගැනීම සඳහා, රාජ්‍යයේ ගනුදෙනුවල විනිවිදභාවය ඇතිකර ගැනීම සඳහා මේ ක්ෂේත්‍රය උපයෝගී කර ගන්නේ කොහොමද? තොරතුරු සහ දැනුම පුරවැසියන් වෙත ගලාගෙන යාම සඳහා, පුරවැසියා බල ගැන්වීම සඳහා මෙම ක්ෂේත්‍රය උපයෝගී කර ගන්නේ කොහොමද? කියන එක අපි සැලසුම් සකස්කොට තිබෙනවා.
අයි.ටී. ක්ෂේත්‍රයේ ඉහළ තලයේ මහත්මයෙක් මා සමග සාකච්ඡාවකදී ප්‍රකාශයක් කළා, “සම සමාජයක් නිර්මාණය කර ගැනීම සඳහා මේ අයිටී ක්ෂේත්‍රය උපයෝගී කර ගැනීමට පුළුවන්” කියලා. අපි කිව්වා නම් මේක වෙනස් විදියට ගන්නවා. මේ කියන්නේ මොකක්ද? අපේ රටේ ග්‍රාමීය ජනතාවට තොරතුරු, දැනුම ගලාගෙන යාමේ වේගයේ අඩුවක් තිබෙනවා. දැනුම, තොරතුරු කේන්ද්‍රගතවෙලා තිබෙනවා නගරබදව. සෑම කෙනෙකුටම දැනුම සහ තොරතුරු ලබා ගැනීමේ සාධාරණ ලෙස ප්‍රවිෂ්ට වීමේ සම අයිතියක් නැහැ. ඒ සම අයිතිය ඇති කරන්න පුළුවන් සාමාන්‍ය ජනතාවට තොරතුරුවලට ප්‍රවිෂ්ටවීමේ සම අවස්ථාව නිර්මාණය කිරීමෙන්. ඒ ප්‍රමාණයට නගරබද, ග්‍රාමීයබද, දුප්පත් පොහොසත් බේදයකින් තොරව තමන්ට දැනුම සහ තොරතුරු ලබාගැනීමට ප්‍රවිශ්ටවීමේ හැකියාව ලැබීම තුළින් සම සමාජයක් ඇති කළ හැකි බව ඔහුගේ අර්ථකථනයයි. රජයේ ආයතනයකින් කාර්යක් ඉටුකර ගැනීමේදී ඩිජිටල් ෆ්ලැට්ෆෝම් එක උපයෝගී කර ගන්නේ නම්, දුප්පත්, පොහොසත් භේදයකින් තොරව සම මට්ටමේ සැලකීලි සහිතව කාර්යන් ඉටුකර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම රාජ්‍ය මිලදී ගැනීම් සඳහා කොන්ත්‍රාත් ලබාදීමේදී, ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඩිජිටල් ෆ්ලැට්ෆෝම් එකකට ගෙනාවොත් දේශපාලන හැඳුනුම්කම්, දන්නා හඳුනනකමට, අල්ලසට සලකන අවස්ථා නැතිවී යනවා. හැම කෙනාටම සම තරඟකරුවන් ලෙස ප්‍රවිෂ්ටවීමේ අවස්ථාව උදාවෙනවා. මේ ක්ෂේත්‍රය අපේ රටේ සම සමාජයක්, ඒ ඒ අවස්ථාවන් සාධාරණ ලෙස ප්‍රවිෂ්ටවීමේ අවස්ථාවක් නිර්මාණය කළ හැකියි. ජාතික ජන බලවේගය ඒ පිළිබඳ වැඩිම අවධානය යොමු කරනවා.
අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදි කිව්වා, අපේ රටෙන් එළියට ඩොලර් බිලියන 52ක් අරගෙන ගිහින් තිබෙනවා කියලා. මේ වෙලාවේ අපේ විදේශීය ණය සමස්තය ඩොලර් බිලියන 36යි. හැබැයි පාර්ක් කර තිබෙනවා ඩොලර් බිලියන 52ක්. රේගුවේ තිබෙන තත්වයත්, අපනයනය කරන ප්‍රමාණය පිළිබඳ දත්තත් අපේ බැංකු පද්ධතිය හරහා එනවාද කියා මනින්න ලින්ක් එකක් නැහැ. මෑතකදී සුරාබදු හිමිකරුවන් කිහිප දෙනෙක් බදු ගෙවා නැති බවට රාවයක් යනවා. ඒ ඒ ස්කාගාරවලින් මත්පැන් මිලදී ගත්ත අය බද්ද ගෙවලා ඒවා පාවිච්චි කර තිබෙන්නේ. හැබැයි ස්කාගාර හිමියන් ආණ්ඩුවට බදු ගෙවා නැහැ. ව්‍යාපාරයක් වැට් බද්දට රෙජිස්ටර් වෙන්න නිශ්චිත අගයක් තිබෙනවා. වැට් බද්දට යටත් වෙන්නේ නිශ්චිත අගයකින් එහා පිරිවැටුමක් තිබෙන අය. වැට් බද්දට යටත් වෙළඳ ආයතනයත් වැට් බද්දට යටත් නොවෙන වෙළඳ ආයතනයත් අපට හඳුනාගත හැකි වෙන්න ඕනෑ. වෙළඳපොළකින් භාණ්ඩයක් මිලදී ගැනීමේදී අපට දැනෙනවාද වැට් බද්දට යටත් කඩයක්ය කියලා. වැට් බද්දට යටත් නිසා ගාන ටිකක් වැඩියි. වැට් බද්දට යටත් නොවන නිසා ගාන ටිකක් අඩුයි. ඒක අපට දැනෙන්න ඕනෑ. වැට් බද්දට රෙජිස්ටර් වෙලා නැතිනම් ගාන ටිකක් අඩු වෙන්න ඕනෑ. ඒ බදු ප්‍රතිපත්තිය හැදුවාට ඒක ක්‍රියාත්මක කිරීම සඳහා වන යාන්ත්‍රණයක් අපට නැහැ. 2003 වසරේ ප්‍රසිද්ධ වැට් බදු වංචාවක් සිදුවුණා. එතන එකතු කළ වැට් බද්ද ගෙවා නැහැ. එකතු කරන වැට් බදුවලින් 40%ක් පමණ භාණ්ඩාගාරයට නොලැබෙන බවට තමයි තොරතුරු ලැබෙන්නේ. ඒක අනුමාන දත්තයක්. එහෙම දත්තයක්වත් සොයා ගන්න හැකියාවක් නැහැ. පුරවැසියාට විශාල බරක් දැනෙන වැට් බද්දක් තිබෙනවා, පුරවැසියන් ඒ බද්ද ගෙවා තිබෙනවා. ඒ ආපු බද්ද එකතුකර ගැනීම සඳහා යාන්ත්‍රණයක් අපට නැහැ. මේ ආදායම් වර්ධනය කර ගැනීමේ ක්ෂේත්‍රයේ අලුත් අදියරක් අවශ්‍යයි. එකතු වෙන සෑම අදියරකින් තමයි මේ බද්ද ගහන්නේ. මේක සංකීර්ණ ක්‍රියාවලියක්. එම සංකීර්ණ ක්‍රියාවලියේ බද්ද එකතුකර ගැනීම සඳහා දියුණු තාක්ෂණයක් අපට අවශ්‍යයි. අපට ඒ ක්ෂේත්්‍රයටත් මේ ෆ්ලැට්ෆෝම් එක අවශ්‍යවෙලා තිබෙනවා. එහෙම නැත්නම් මේ බදුවලින් කිසිදු වැඩක් නැහැ.
අපේ රැකියා ක්ෂේත්‍රය ගත්තොත් අයි.ටී. ක්ෂේත්‍රයට එන්නේ වසරකට 12000ත් 15000ත් අතර ප්‍රමාණයක්. අපේ ඉලක්කයක් තිබෙනවා වසරකට 30000ක් අයි.ටී. ක්ෂේත්‍රයට කැඳවන්න. ලෝකයේ දැනට මෘදුකාංග ඉංජිනේරුවන් මිලියන 26ක් ඉන්නවා. ලංකාවේ මෘදුකාංග ඉංජිනේරුවන් ඉන්නේ 85000යි. දැන් පුරෝකථනය කර තිබෙනවා 2030 වන විට ලෝකයට මෘදුකාංග ඉංජිනේරුවන් මිලියන 45ක් අවශ්‍යයි කියලා අලුතින් මිලියන 19ක් අවශ්‍යයි. ඒ ලෝකයේ ඇතිවෙන නව දියුණුව ශ්‍රම වෙළඳපොළෙන් පංගුවක් අත්පත් කර ගැනීමේ ටාර්ගට් එකකට යන්න සැලසුමක් හදන්න ඕනෑ. අපි ඩොලර් බිලියන 05ක ආර්ථිකයට යන්න නම්, ඉංජිනේරුවන් 85000 ප්‍රමාණවත් නැහැ. අපට අභියෝගයක් තිබෙනවා බිලියන 05ක ආර්ථිකය අත්පත් කර ගැනීමට දියුණුවන ශ්‍රම වෙළඳපොළෙන් පංගුවක් අත්පත් කර ගන්නත් වසරකට ඉංජිනේරුවන් 30,000ක් වත් නිර්මාණය කරන්න. එහෙම යන්න නම් රාජ්‍ය අධ්‍යාපන පද්ධතියේ පංගුවක් වැඩිකර ගන්න ඕනෑ. ඒ වගේම අර්ධ රාජ්‍ය ආයතනවල පංගුව වැඩිකර ගන්න ඕනෑ. නියාමනයට ලක් කරන ලද පෞද්ගලික අධ්‍යාපනයේ පංගුවක් ඇතිකර ගත යුතුව තිබෙනවා. කාර්යක්ෂම මැදිහත්වීමක් කළොත් නිපුණතාවයක් සහිත අලුත් ශ්‍රම සම්පතක් නිර්මාණය කර ගත හැකි වෙනවා. දැනට රැකියා විරහිත උපාධිධාරීන් 35,000ක් විතර ඉන්නවා. උපාධියක් හිමි අය කියන්නේ යම් මුවහත් කරන ලද ශ්‍රම සම්පතක්. එතනින් පංගුවක් අරගෙන කෙටිකාලීන පාඨමාලාවන් හරහා මේ ක්ෂේත්‍රයට යොමුකර අලුත් සම්පතක් නිර්මාණය කර ගැනීමට අවධානය යොමු කරනවා. මේ ක්ෂේත්‍රයේ ශ්‍රම සම්පත වර්ධනය කර ගැනීම සඳහා සැලැස්මක් තිබෙනවා.
බොහෝ දෙනෙක් අහනවා ඔයගොල්ලන්ගේ ආණ්ඩුවකදී විනිවිදභාවය මනින්නේ කොහොමද කියා. සමාජයක් විශ්වාස කළ යුත්තේ පුද්ගලයන් මතද? සමාජයක් විශ්වාස කළ යුත්තේ සිස්ටම් එකක් මතද? ආරම්භයේදී සමාජයක් විශ්වාස කරන්න ඕනෑ පුද්ගලයන් මත. පුද්ගලයන්ට කාර්යභාරයක් තිබෙනවා. එය ප්‍රතික්ෂේප කළ නොහැකියි. සමාජයක් දිගුකාලීනව විශ්වාස කරන්න ඕනෑ සිස්ටම් එකක්. මේක හොඳ මිනිසුන්ගෙන් ආරම්භ කරන්න ඕනෑ. දැනට ඇතිවී තිබෙන වංචා, දූෂණ, නාස්තිය පිළිබඳ ප්‍රශ්නයේදී තීරණය කළ යුත්තේ හිත හොඳකම මතද? ඒක සමාජයකට හොඳ නැහැ. විනිවිදභාවය රැකෙන සිස්ටම් එකක් එන්න ඕනෑ. මෙහිදී විශාල පංගුවක් තිබෙනවා අයි.ටී. ක්ෂේත්‍රයට. පාරදෘශ්‍යභාවය ඇති කිරීම සඳහා කොහොමද අපි සිස්ටම් එකක් නිර්මාණය කරන්නේ කියන අභියෝගය අපට තිබෙනවා. මේ ක්ෂේත්‍රය වර්ධනය වීම විසින් ආණ්ඩුවට ප්‍රවේසම් වෙන්න සිදු වෙනවා. මේ ක්ෂේත්‍රයේ වර්ධනයන් විසින් සමාජයක් අවදි කරවනවා. එය කොතරම්ද කියනවා නම් ජනාධිපතිවරයෙක් පළවා හැරීමට තරම් අවදිකිරීමක් කරවා තිබෙනවා. ජනතාවට තොරතුරු ගලාගෙන යනවා. ජනතාවට ප්‍රතිචාර දැක්වීමට අවස්ථාව ලබා දී තිබෙනවා. තොරතුරු අනෙකා වෙත සම්ප්‍රේෂණය කිරීමට හැකියාව ලැබෙනවා.
ඉස්සර තිබුණේ ෆිල්ටර් කරන ලද නිවුස්. පත්තරයක් ප්‍රින්ට් කරන්න ප්‍රථම අයිතිකරුවාගේ අධීක්ෂණයෙන් පසුව තමයි ප්‍රින්ට් කරන්නේ. රූපවාහිනියක අයිතිකරු නිව්ස්වලට මැදිහත් වෙනවා. ඒ කියන්නේ පෙරන ලද නිව්ස් ජනතාවට ලැබෙන්නේ. හැබැයි දැන් ජනතාව අතරට නිදහසේ ප්‍රවෘත්ති ගලාගෙන එනවා. මේක තව තවත් වර්ධනය කළ යුතුයි. ඒ වර්ධනය නිසාම වෙන්නේ සෑම පාලකයෙකුටම තමන්ගේ ක්‍රියාකාරකම් ගැන නැවත නැවත සිතා බැලීමට සිදුවෙනවා. අද සාම්ප්‍රදායික මධ්‍ය ජාලය ඉක්මවා යමින් අධිකාරියක් සහිත තොරතුරු ගලා යාම මේ ක්ෂේත්‍රය වර්ධනය වීම නිසා නිදහස් භාවයක් නිර්මාණය වී තිබෙනවා. මේ නිසා අපේ රාජ්‍ය පාලනයේදී ඉතාමත් වැදගත්. අපේ රටේ ආර්ථික පැත්තෙන්, නව රැකියා උත්පාදනය පැත්තෙන්, ඩොලර් උපයා ගැනීමෙන්, සමාජයේ සමානතා නිර්මාණය කිරීමෙන්, සමාජයට තොරතුරු ගලාගෙන යාාමෙන්, රජයක් මොනිටර් කිරීම පැත්තෙන් මේ සෑම පැත්තකින් බැලූ විට මෙම ක්ෂේත්‍රය ඉතාමත්ම වැදගත් වෙනවා. අපි මේ ඉදිරිපත් කළ ප්‍රකාශනය මේ සියලු අරමුණු ගැබ්කරන ලද ප්‍රකාශනයක්. මෙතෙක් අපේ ප්‍රකාශන කුණුකූඩෙට ගියත්, මේක කුණු කූඩෙට යන ඉතිහාසයක් නොවෙයි. මේක අනිවාර්යෙන්ම ප්‍රාණවත්භාවය ලබන ප්‍රතිපත්ති ප්‍රකාශනයක්.
“පනින්න පෙර සිතා බලන්න”
-ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යලායේ ඉංජිනේරු හා තොරතුරු තාක්ෂණ පීඨයේ
ආචාර්ය රජිත් විතානාරාච්චි-
මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු හා තොරතුරු තාක්ෂණ පීඨයේ කෘත්‍රිම බුද්ධිය හා පරිගණක විද්‍යාව පිළිබඳව මෙන්ම වාස්තු ගොඩනැගිලි හා සැලසුම්කරණ පීඨයේ උගන්වනවා. ඒ වගේම ප්‍රවාහන, සෞඛ්‍ය හා නාගරික පද්ධතිය පිළිබඳ විද්‍යාත්මක පර්යේෂකයෙක් විදිහටත් කටයුතු කරනවා. මගේ ඉගැන්වීම සහ පර්යේෂණ කටයුතු යන දෙකම එකතු කරලා “පනින්න පෙර සිතා බලන්න” යන ආදර්ශ පාඨය මූලික කරගෙන අදහස් කිහිපයක් දක්වන්න කැමතියි. විවිධ අයට විවිධ දේශපාලන මත වගේම වෙනත් මත පවතිනවා. ප්‍රතිපත්ති සම්පාදනයට ගියාම මේ මත දරන අයගෙන් විවිධ ප්‍රශ්න මතුවෙනවා. ඒ නිසාමයි නූතන ලෝකයේ ප්‍රතිපත්ති සැකසීමේදී තොරතුරු තාක්ෂණය ඉතාම වැදගත්ත වෙන්නේ.
අපට තොරතුරු ලැබී තිබියදී, ඒ තොරතුරු පැත්තක තබා ප්‍රතිපත්ති හදන්නේ ඇයි? නවිණ තාක්ෂණය යොදාගෙන ඩිජිටල් ලෝකයේ මොඞ්ල් එකක් (අනුරුවක්) අපේ අදහස පිළිබඳව ගොඩනගා ගන්න පුළුවන්. ඒ අනුව පනින්න පෙර සිතා බලන්න යන්න යොදා ගනිමින් අපේ අදහස ප්‍රායෝගිකව කරගෙන යන්න නිශ්චිතවම නිරාකරණය කර ගන්න පුළුවන්. පරිසරයට හොඳ නිසා කාබනික පොහොර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න ගිහින් තව ගොඩක් දේවල් නැතිකර ගත්තා. ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න කලින් අපිට ඒ සම්බන්ධයෙන් මොඞ්ල් එකක් තිබුණේ නැහැ. විශේෂයෙන්ම ප්‍රවාහන, සෞඛ්‍යය සහ නාගරික පද්ධතියට විශේෂ අවධානයක් යොමුකර තිබෙන්නේ ඒ නිසයි. කෝවිඞ් වසංගතය පැමිණි අවස්ථාවේ මම ඕස්ටේ්‍රලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ කටයුතු කරන අතර, රජය විසින් වසංගතයට මුහුණ දීම පිළිබඳව මොඞ්ල් එකක් හදා දෙන්න කීවා. ලොක්ඩවුන් කිරීම, එන්නත් කිරීම, රෝහල්වලට මානව සම්පත් සහ අනෙකුත් සේවා ලබාදීම වැනි කටයුතු මූලිකව සිදුකළා. එහෙම නොවුණා නම්, දුන්න දුණුගමුවේ ඊතල කිතලගමුවේ වගේ දෙයක් වෙනවා. වේදිකාවල ඩිජිටල් පරිහරණය ගැන විවිධ කතා කීමත් දත්ත මත පදනම් වූ මූලික ආකෘත්‍රියක් තිබෙන්න ඕනෑ.
අපි දන්න තොරතුරු සහ දත්ත අනුව යම් මොඞ්ල් එකක් සකස්කර ගත්තත් එය හඳුන්වාදීමේදී ඒ.අයි. තාක්ෂණය ඉතාම හොඳින් යොදාගත හැකියි. සංකීර්ණ ප්‍රශ්න විසඳන්න මානව සම්පත් යොදාගත හැකි වුවත්, ඒ.අයි. තාක්ෂණය පාවිච්චිකර, එය ඉතා හොඳින් ක්‍රියාත්මක කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට මගී ප්‍රවාහන බස් සේවය වෙනුවෙන් තොරතුරු දත්ත යොදා ගන්න පුළුවන්. මේ විදිහට ටික කලක් එකතු වුණු දත්ත යොදා ගනිමින් බස් ගමන් මාර්ගයේ කාලසටහන වගේම ගමන් සටහනත් නිවැරදිව හදාගන්න පුළුවන්. ලංකාවේ විශ්වවිද්‍යාල වගේම පෞද්ගලික අංශයේ ඉන්න දක්ෂ අය යොදාගෙන ඩිජිටල් ආශ්‍රයෙන් මෙය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපේ රට ඉස්සරහට අරන් යන්න ජනාධිපතිවරණයෙන් පස්සේ මේ ක්‍රියාමාර්ගය අනුගමනය කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් e (ඊ) රාජ්‍ය සේවයක් ස්ථාපිත කරන්න ඕනෑ. අධ්‍යාපනයට, සෞඛ්‍යයට, නාගරීකරණයට, ඉතාමත්ම පහසුවෙන් ඊළඟ පියවර තබන්න ඩිජිටල් යටිතල පහසුකම් ඉතාමත්ම වැදගත් වෙනවා. මූලික ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග අපි විසින් සකස්කර දුන්නාම එය ක්‍රියාත්මක කරගෙන යාම ලංකාවේ සිටින අය සිදුකරාවි.
ඕස්ට්‍රේලියාවේ ඩිජිටල් සිස්ටම් එක ගොඩක් හොඳින් ක්‍රියාත්මක වෙනවා. පුද්ගලයෙකුගේ අනන්‍යතාවය තහවුරු කිරීමේ සිට සියලු දේවල් ක්‍රියාත්මක කළ හැකියි. ඒ වගේම මෙතනට දත්ත පද්ධතියක් සම්බන්ධ කර තිබෙනවා. උදාහරණයක් විදිහට සෞඛ්‍යය ගැන තීරණයක් ගන්න නම්, ජනගහනය, නාගරීකරණය වැනි සම්පූර්ණ දත්ත ඒකාබද්ධව තිබෙන්න ඕනෑ. ලංකාවේ ඩිජිටල් භාවිතාවය ක්‍රියාත්මක කිරීමේ ශක්‍යතාවය ගොඩනඟන්න ලංකාවේ විශ්වවිද්‍යාලවල පර්යේෂණ සිදුකර තිබෙනවා. ක්‍රියාත්මක කරන්න අත්හදා බැලීම් පවා සිදුකර තිබෙනවා. නමුත් පවතින වංචා සහ දූෂණ නිසා මේ පද්ධති ඉදිරියට ගෙනියන්න බාධා සිදුවී තිබෙනවා. මේ තත්වය මගහරවා ඩිජිටල් කරණය යථාර්ථයක් බවට පත්කරන්න අවශ්‍ය තරුණ මානව සම්පත ඉතා හොඳින් රට තුළ පවතිනවා. මේ සියල්ල කළමනාකරණය කරගෙන ඉදිරියට යාමේ හැකියාව ඉදිරි රජයයෙන් ලැබෙන බවට විශ්වාසයි.
(-මාධ්‍ය හමුව – 2024.08.13-) අපේ මැතිවරණ ව්‍යාපාරය 17වැනි සෙනසුරාදා ආරම්භ කිරීමට තීරණය කොට තිබෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගරයේදීත්, මාතර නගරයේදීත්, ගාල්ල නගරයේදීත් ප්‍රධාන මහ රැලි තුනක් පැවැත්වීමට සූදානම් කොට තිබෙනවා. ඉන්පසුව උතුරු නැගෙනහිර පළාත් ඇතුළත්ව ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම සියලු ආසන නියෝජනය වන පරිදි මැතිවරණ ව්‍යාපාරය දියත් කිරීමට කටයුතු සූදානම් කොට තිබෙනවා. ඒ වගේම නගරවල සිට […]
(-මාධ්‍ය හමුව – 2024.08.13-)
අපේ මැතිවරණ ව්‍යාපාරය 17වැනි සෙනසුරාදා ආරම්භ කිරීමට තීරණය කොට තිබෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගරයේදීත්, මාතර නගරයේදීත්, ගාල්ල නගරයේදීත් ප්‍රධාන මහ රැලි තුනක් පැවැත්වීමට සූදානම් කොට තිබෙනවා. ඉන්පසුව උතුරු නැගෙනහිර පළාත් ඇතුළත්ව ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම සියලු ආසන නියෝජනය වන පරිදි මැතිවරණ ව්‍යාපාරය දියත් කිරීමට කටයුතු සූදානම් කොට තිබෙනවා. ඒ වගේම නගරවල සිට ගම් දක්වා තවත් රැස්වීම් මාලාවක් සූදානම් කර තිබෙනවා. ඒ වගේම නිවෙස් ආශ්‍රිතව කරන ගෘහස්ත සාකච්ඡා ගෙයින් ගෙට ගොස් කරන ජනතාව දැනුම්වත් කිරීම් අපගේ මැතිවරණ ව්‍යාපාරයට ඇතුළත් කොට තිබෙනවා.
මේ වන විටත් අපි ලංකාවේ ගෙවල් 50%කට වැඩි ප්‍රමාණයක් ආවරණය කර තිබෙනවා. ඒ වගේම අපි, මේ කාලය ඇතුළත අවම වශයෙන් සෑම නිවසකටම දෙපාරක් යන්න සැලසුම්කර තිබෙනවා. මේ 15වැනිදා සිට නිවෙස්වලට ගොස් පුරවැසියන් මුණගැසීමේ කැන්වසින් ව්‍යාපාරය ආරම්භ කරනවා. එහිදී සෑම නිවසකටම මූලික ප්‍රතිපත්තීන් සහ අපේ පණිවිඩය ගෙන යාම සඳහා කුඩා පත්තරයක් බෙදීමට සැලසුම්කොට තිබෙනවා. ලංකාවේ ප්‍රබලතම හා සාර්ථක කැන්වසින් ව්‍යාපාරය දියත් කරන්නේ අපි. ඒ වගේම අපේ වැඩපිළිවෙළ සහ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වන්න සූදානමින් ඉන්නවා. මේ වන විටත් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශ ගණනාවක් එළිදක්වා තිබෙනවා. ක්ෂේත්‍ර පහක් කේන්ද්‍රකරගෙන ඉංජිනේරු ප්‍රතිපත්තිය මේ වන විටත් එළිදක්වා තිබෙනවා. ඒ වගේම ආබාධිතභාවයට පත්වූවන් රැකබලා ගන්නේ කොහොමද, ඔවුන්ට උසස් සමාජ තත්වයක්, ගෞරවණීය ජීවිතයක් උරුමකර දෙන්නේ කොහොමද කියන කරුණු සහිත ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වා තිබෙනවා. ඒ වගේම මේ රට ඉදිරියට ගෙනයාමේදී ඉතා වැදගත් අයි.ටී. ක්ෂේත්‍රයට අදාළ ප්‍රතිපත්ති සැලසුම අද(13) පස්වරුවේ එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම ලබන 15දා බලශක්ති ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශනයත්, 26දා සංචාරක කර්මාන්තය සම්බන්ධ වැඩපිළිවෙළත් ඉදිරිපත් කරනවා. රට මුහුණදී තිබෙන ඩොලර් අර්බුදයට කෙටිකාලීන විසඳුම් සොයාගත හැකි ප්‍රමුඛ ක්ෂේත්‍රය හැටියට සංචාරක කර්මාන්තය අපි හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි අපේ ආර්ථික ප්‍රතිපත්තිය සැප්තැම්බර් 03 වැනිදා එළිදක්වනවා. විශාල ව්‍යාපාරික සමුළුවක් පවත්වා එය එළිදැක්වීමට කටයුතු කරනවා. ඒ වගේම ග්‍රාමීය දුප්පත් ජනතාව ආර්ථිකයේ ප්‍රධාන පංගුකරුවන් බවට පත්කර ගනිමින් අධ්‍යාපනය, සෞඛ්‍යය, ආහාර, යන මූලික අවශ්‍යතාවයන් සම්පූර්ණ කරමින් ඉදිරියට සංවර්ධනය කිරීම පිළිබඳව මූලික අවධානය යොමුකර තිබෙනවා. ක්ෂේත්‍ර ගණනාවක සමාජ ආර්ථික සහ සංස්කෘතික වැදගත්කම් ගැන මූලික වශයෙන් සලකා බලමින් මේ සියල්ල කැටිකර මැතිවරණ ප්‍රකාශනය එළඹෙන අගෝස්තු 26වැනිදා ඉදිරිපත් කිරීමට සැලසුම්කර තිබෙනවා.
මේ මැතිවරණය දක්වා ජාතික ජන බලවේගය හැටියට ඉතාමත්ම සංවිධානාත්මක පියවරයන් පසුකරමින් අපි පැමිණියා. ගම් මට්ටමේ ජීවත්වන ජනතාවට අපේ පණිවිඩය ගෙනයාමේ ශක්තිමත් යාන්ත්‍රණයක් ගොඩනඟාගනිමින් එක් එක් ක්ෂේත්‍රයන්ට අදාළව වෙන වෙනම සංවිධාන පිහිටුවනු ලැබුවා. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, විශ්‍රාමික පොලිස් නිලධාරීන්, ආබාධිත වූවන්, වැඩකරන ජනතාව, විද්වතුන්, ව්‍යාපාරිකයින් ආදී සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි සමාජය සංවිධානය කරමින් මේ දක්වා ඉදිරියට පැමිණියා. ශක්තිමත් යාන්ත්‍රණයක් වගේම ශක්තිමත් වැඩපිළිවෙළක් එක්ක අපි මේ මැතිවරණ ව්‍යාපාරයට ප්‍රවේශවී සිටිනවා. ඒ වගේම රට ගොඩගත හැකි ශක්තිමත් සංවිධානාත්මක කණ්ඩායමක් එක්ක අපි මේ මැතිවරණයට ඉදිරිපත් වී සිටිනවා.
එහෙත් අනෙක් දේශපාලන පක්ෂවල ප්‍රවේශය වෙලා තිබෙන්නේ මොකක්ද? එහාට මෙහාට පනින එක සහ එහෙන් මෙහන් පනින අය එකතු කර ගන්නා දේශපාලන සංස්කෘතියයි. පසුගිය ඡන්දවලදී ප්‍රතිවිරුද්ධ පිළේ සිට එකිනෙකාට විරුද්ධව ප්‍රහාර එල්ල කරගත් අය එකට එකතු වෙලා ගණවයාගන්න කැත දේශපාලන සංස්කෘතියක පුරෝගාමීන් හැටියටයි ඔවුන් නියෝජනය කරන්නේ. ජාතික ජන බලවේගය ඉන්නේ එවැනි කැත දේශපාන සංස්කෘතියක නොවෙයි. එහෙන් මෙහෙන් පනින කැත දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම ජාතික ජන බලවේගයේ ප්‍රවේශයයි. පනින අය එකතු කරගෙන මාධ්‍ය තුළින් බ්රේකින් නිවුස් ගහගන්න ප්‍රතිපත්තියක් නොවෙයි අපිට තිබෙන්නේ. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේදී මාධ්‍යවලටත් විශාල වගකීමක් තිබෙනවා. මේ දක්වා පැමිණි සංවිධානාත්මක දේශපාලන ගමන් මගේ ජයග්‍රාහී විශ්වාසයක් සහිතව සියලු සාධක සම්පූර්ණ කරගත් ප්‍රශස්ත වැඩපිළිවෙළක් සහිතව අපි මේ මැතිවරණ ව්‍යාපාරයට අවතීරණය වී තිබෙනවා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු:
ප්‍රශ්නය: සාධාරණ මැතිවරණ ව්‍යාපාරයක් කරගෙන යා හැකි වේ යැයි ඔබ විශ්වාස කරනවාද?
පිළිතුර: රනිල් වික්‍රමසිංහ මේ වන විටත් ජනාධිපති ධුරය උපයෝගී කරගෙන රාජ්‍ය මුදල්, රාජ්‍ය වාහන, රජයේ කාර්යාල සහ රාජ්‍ය නිලධාරීන් ප්‍රචාරක කටයුතුවලට යොදාගෙන තිබෙනවා. විපක්ෂ නායකත් එහෙමයි. විපක්ෂ නායක කාර්යාලය ජනාධිපතිවරණ කැම්පේන් එකට යොදා ගනිමින් ඉන්නවා. ඒ සියලු දෙනා රාජ්‍ය මුදල්, රාජ්‍ය දේපළ යොදවා ගනිමින් කටයුතු කරන ආකාරය කාටත් දකින්න ලැබෙනවා. ඒ වගේම අදාළ ප්‍රචාර ලබාදීමේදී සෑම දේශපාලන ව්‍යාපාරයකටම සාධාරණ කාලයක් ලබාදීමේ වගකීම මාධ්‍යයටත් පැවරී තිබෙනවා. නමුත් සමහර මාධ්‍ය ආයතන තමන් විසින් තෝරා ගන්නා ලද අපේක්ෂකයන් ප්‍රවර්ධනයට තමන්ගේ මුළු මාධ්‍ය ජාලයම යොදවනවා. ඒ වගේම තමන් තෝරා ගත් අපේක්ෂකයාට අභියෝගයක් වන්නේ යැයි කල්පනා කරන අනෙක් දේශපාලන කඳවුරට අසත්‍ය, අභූත චෝදනා එල්ල කරමින් තිබෙනවා. නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා එයත් බාධාවක්. ඒ වගේම මේ වනවිටත් ඡන්දදායකයන්ට අල්ලස්දීමේ ක්‍රියාවලියකුත් ආරම්භ කර තිබෙනවා.
නමුත් බරපතළ ගැටුම්කාරී ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම් ඇතිවෙයි කියලා අපි හිතන්නේ නැහැ. එවැනි ප්‍රවේශයක් ගන්න නම් ආණ්ඩුවට යම් මහජන බලයක් තිබෙන්න ඕනෑ. මහජන බලය ශූන්‍ය වූ දේශපාලන ව්‍යාපාරයකට එවැන්නක් කිසිසේත් කරන්න බැහැ. කෙසේ වෙතත් පොදුවේ මැතිවරණ ව්‍යාපාරය සාධාරණ වෙයි කියා අපි හිතන්නේ නැහැ. අපි උපරිමයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනතාවගේ මතය නිරවුල්ව ප්‍රකාශ කර ගැනීමට පසුබිම සකස් කරමින් මැතිවරණ ක්‍රියාවලියේ යෙදෙනවා.
ප්‍රශ්නය: ඔබේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් අනතුරක් මතුවී තිබෙනවාද?
පිළිතුර: අපි ඒ ගැන වැඩිය සැලකිල්ලට භාජනය කරන්නේ නැහැ. ඕනෑම දේශපාලන ව්‍යාපාරයකට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තිබෙනවා සාධාරණ මැතිවරණවලට තරග වදින්න. රටේ ජනතාව නියෝජනය කරන්න. නමුත් මාධ්‍යවේදියෙක් හැටියට ඔබට මෙවැනි ප්‍රශ්නයක් නගන තරමට ප්‍රශ්නයක් මතුවී තිබෙනවා නම්, එය ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් නොවෙයි. කවර හෝ දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙක්ට මේ මැතිවරණ ව්‍යාපාරය තුළදී ඔහුව ඝාතනයට ලක්වේ යැයි මතයක් නිර්මාණය වෙනවා නම් ඒ දේශපාලනය පරාජය කරන්න ඕන නැද්ද? ඕනෑම කෙනෙකුට තමන්ගේ මතය සාධාරණ ලෙස ප්‍රකාශයට පත්කරන්නත්, මැතිවරණවලට ඉදිරිපත් වෙන්නත් අවස්ථාව තිබෙන්න ඕනෑ.
ප්‍රශ්නය: ජාතික ජන බලවේගයේ ඉන්නේ මහජනතාවට පුරුදු මුහුණු තිබෙන පිරිසක් නොවෙයි නේද?
පිළිතුර:
දැන් ඉන්න අනෙක් පුරුදු මුහුණු කවුද? මහ බැංකුවට ගහපු මුහුණු පුරුදුයි. ආණ්ඩුවෙන් බාර් ලයිසන් ගත්ත මුහුණු පුරුදුයි. ආණ්ඩුවේ කොන්ත්‍රාත්වලින් හොරකම් කරන මුහුණු ටික පුරුදුයි. සීනි බදුවලින් වංචා කළ මුහුණු ටික පුරුදුයි. මහ බැංකු බැඳුම්කරවලින් සල්ලි බෙදා ගත්ත අය පුරුදුයි. ඒ ඇයි? බැංදුම්කර හොරකම සම්බන්ධයෙන් පොතක් ලිවීමට රුපියල් ලක්ෂ 30ක් ගත්තා කියලා ඡායාරූපයත් එක්ක පත්තරයේ ප්‍රධාන ප්‍රවෘත්ති පළ වෙනකොට ප්‍රවෘත්තියක් දකිනවා, මුහුණත් දකිනවා. ඒ අය පුරුදුයි. මහජනයාගෙන් කප්පම් අරගෙන අවුරුදු හතරකට ඇඟ බැඳලා කෝටි දෙකහමාරක දඩයක් ගෙවන්නත් නියම වූ, කෝටි දෙකක වන්දියක් ගෙවන්නත් නියම වූ ප්‍රසන්න රණතුංගගේ ඡායාරූපයක් පළවෙනවා. ඒ මුහුණු පුරුදුයි. බන්ධනාගාරයට පැන සිරකරුවන් එළියට ගෙන පිස්තෝලය හිසට තබා තර්ජනය කළ රත්වත්තේගේ ප්‍රවෘත්තියක් යන කොට ඔහුගේ මුහුණ පුරුදුයි. නාමල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් මාංචු දමාගෙන මහාධිකරණයට යන ඡායාරූප පළ වුනාම ඒ මුහුණු පුරුදුයි. ජනතාවට ඒ මුහුණු ගොඩක් හුරුවී තිබෙන්නේ අපරාධ කරලා. මහජනයාගේ ධනය නාස්ති කරලා. ඒ වගේ මුහුණු අපිට නැති බව ඇත්ත. නමුත් ගමක කැන්වසින් ව්‍යාපාරයක යෙදෙනවා නම්, ඒ ගමේ පිළිගන්න සමාජයට බලපෑම් කළ හැකි කණ්ඩායමක් අපි ළඟ ඉන්නවා. නමුත් ඒ අයගේ නම් ප්‍රසිද්ධ වෙලා නැහැ. අනෙක් පැත්තේ අයගේ නම් ප්‍රසිද්ධ වී තිබෙන්නේ වංචා සහ හොරකම් සම්බන්ධයෙන්.
ප්‍රශ්නය: කේ.ඩී. ලාල්කාන්ත පොලිස් ඇමති ධුරය ඉල්ලූ බවට ප්‍රචාරයක් යනවා. එහි සත්‍යතාවයක් තිබෙනවාද?
පිළිතුර: යම් නාලිකාවක් අපෙන් ඔය ප්‍රශ්නය අහන්න කියලා එස්.එම්.එස්. පණිවිඩයක් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට යවපු එකක් මම දැක්කා. ඒ ප්‍රශ්නය අහපු එක ගැන බොහොම සතුටුයි. මම මුලින් හිතුවේ ඒ එස්.එම්.එස්. පණිවිඩය බොරු එකක් කියලා. ලාල්කාන්ත සහෝදරයාගෙන් පොලිස් අමාත්‍ය ධුරය ලැබෙනවාද කියලා අහන්න යැයි මාධ්‍ය නාලිකාවකින් යැවූ එස්.එම්.එස්. පණිවිඩය ඇත්ත බව දැන් තහවුරුයි. මේ මාධ්‍ය හැසිරෙන්නේ එහෙම. මාධ්‍ය නාලිකාවලට අපේ ව්‍යාපාරය නටවන්න බැහැ. මාධ්‍යවල තිබෙන යටි උවමනාවලට අපි ගොදුරු වෙන්නේ නැහැ.
ප්‍රශ්නය: 88/89 සම්බන්ධයෙන් යළිත් ප්‍රචාර දියත්කරමින් තිබෙනවා. ඒ ගැන මොකද කියන්නේ?
පිළිතුර: අවස්ථා ගණනාවකදී අපි ඒ පිළිබඳව පැහැදිළි කිරීම් කර තිබෙනවා. අපේ අතින් සිදු නොවිය යුතු සිදුවීම් පිළිබඳව අපේ කණගාටුවත් අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කර තිබෙනවා. තවදුරටත් මේ ප්‍රශ්නය අහන්නේ අවංකව නොවෙයි. කවර හෝ කෙනෙකුට ඒ ඉතිහාසය නිරාකරනය කර ගැනීම සඳහා ප්‍රශ්නය අහනවා නම්, තවදුරටත් පැහැදිලි කර දෙන්න අපි ලැහැස්තියි. නමුත් බොහෝ විට මේ ප්‍රශ්නය අහන්නේ ජාතික ජන බලවේගයට සහයෝගය නොදී සිටීමට තීරණය කර තිබෙන අය ඒ තීරණය සාධාරණීය කරනය කර ගැනීමට සමාජයට කියන්න ඔය ඉතිහාසය උපයෝගී කරගෙන තිබෙනවා. අපි 1994 ඉඳලා අවුරුදු 30ක් එක ගල් කැටයක් අතින් නොගෙන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ රැඳී සිටිනවා. අපේ සහෝදරවරු ගණනාවක් මේ කාලය තුළ ඝාතනය කළා. අපේ නලින්ද සහෝදරයා සහභාගී වූ රැස්වීමකට වෙඩි තබා දෙදෙනෙකු ඝාතනය කළ අපරාධකරුවන්, මිනීවරුවන් අධිකරණවලින් නිදහස් කර තිබෙනවා. ප්‍රජාතන්ත්‍ර විරෝධී පනත් සම්මත කරගෙන තිබෙනවා. එවැනි කණ්ඩායම් අපට ඇඟිල්ල දිගු කිරීම තවදුරටත් වලංගු නැහැ. එල්ලෙන්න වැලේ වැල් නැතිව ඉන්න කෙනෙකුට හැර සාධාරණව කල්පනා කරන අය මේ ප්‍රශ්නය මතු නොකරන බවයි අපේ විශ්වාසය.
(-ජාතික ජන බලවේගයේ ගම්පහ, තිහාරිය ජන හමුව – 2024.08.12-) අපේ රටේ වෙනසක් සිදුකළ යුතු බවට සාකච්ඡාවක් කාලයක පටන් පවතිනවා. ඒ වගේම වෙනස පිළිබඳව විශාල කඩිමුඩියකුත් තිබුණා. 2019 විශාල ජන වරමකින් බලයට පත්කර ගත් ගෝඨාභය රාජපක්ෂ අවුරුදු 05ම බලයේ ඉන්න නොදී මේ රටේ ජනතාව විසින් පළවා හැරියේ වෙනසක් අවශ්‍ය නිසා. මහා පරිමාණ වංචා දූෂණවලින් පිරී තිබෙන […]
(-ජාතික ජන බලවේගයේ ගම්පහ, තිහාරිය ජන හමුව – 2024.08.12-)
අපේ රටේ වෙනසක් සිදුකළ යුතු බවට සාකච්ඡාවක් කාලයක පටන් පවතිනවා. ඒ වගේම වෙනස පිළිබඳව විශාල කඩිමුඩියකුත් තිබුණා. 2019 විශාල ජන වරමකින් බලයට පත්කර ගත් ගෝඨාභය රාජපක්ෂ අවුරුදු 05ම බලයේ ඉන්න නොදී මේ රටේ ජනතාව විසින් පළවා හැරියේ වෙනසක් අවශ්‍ය නිසා. මහා පරිමාණ වංචා දූෂණවලින් පිරී තිබෙන ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බව හඬ නඟා කියා සිටියා. දේශපාලකයා මහජනයාගේ දේපළ වංචා කිරීම, නීතියට උඩින් සිටීම, ජාතික සම්පත් විකුණාගෙන කෑම ආදී වශයෙන් ඔබ සැමගේ ජීවිතවලට වගේම රටේ අනාගතයටත් බලපාන කරුණු සම්බන්ධයෙන් වෙනසක් අවශ්‍ය බවට විශාල උද්ඝෝෂණයක් තිබුණා. ඒ උද්ඝෝෂණයේ තරුණ, වැඩිහිටි, කිසිදු බේදයක් නැතිව එක් වී ඒවා ඉල්ලා සිටියා. ඒ පිරිස අතර මුස්ලිම්, දෙමළ, සිංහල සහෝදරවරු කිසිදු භේදයකින් තොරව විශාලතම නැගිටීමක් සිදු කළා. ගෝල්ෆේස් පිටියට මැරයන් පැනලා පහර දෙනකොට සියලුම ජනතාවට වේදනාවක් දැනුණා; කෝපයක් දැනුණා. ඒ අරගලයෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ පලා ගියත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවේ වාඩිවුණා. නමුත් අරගලයෙන් ඉල්ලා සිටි හොරකම නතර වුණාද? මෑතම උදාහරණයක් ලෙස වීසා නිකුත් කිරීමේ වී.එස්.එෆ්. ගනුදෙනුව තුළත් විශාල හොරකමක් සිදුවී තිබෙනවා. තෙල් ආනයනයේදී, ගල් අඟුරු ආනයනයේදී මහා පරිමාණ වංචා, දූෂණ සිදුවෙනවා. මහජන ධනය විනාශ කිරීමේ වෙනසක් සිදුවී නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙනුවෙන් මේ අවුරුද්දට වෙන්කරපු මුදල් ඉක්මනින්ම වියදම් කළත් විදේශ ගමන් සඳහා පමණක් ලක්ෂ 2000ක වෙන්කර ගත්තා.
මන්ත්‍රීවරු බාර් ලයිසන් බෙදාගෙන එක ලයිසන් එකක් කෝටි තුනකට විකුණනවා. ආණ්ඩුවේ මන්ත්‍රීවරු විතරක් නොවෙයි, සජිත් ප්‍රේමදාසගේ මන්ත්‍රීවරුන්ටත් රනිල් වික්‍රමසිංහ බාර් ලයිසන් දුන්නා. පෙට්්‍රල් ෂෙඩ් බෙදා දුන්නා. ඒ ලයිසන් විකුණා ගන්නවා. විමධ්‍යගත අරමුදල් කියලා ස.ජ.බෙ. මන්ත්‍රීවරුන්ට රුපියල් කෝටි 120ක් බෙදා දුන්නා. මහින්දගේ ආණ්ඩුවේ නම්, බෙදා ගත්තේ මහින්දගේ කට්ටිය පමණයි. නමුත් රනිල් වික්‍රමසිංහ සමගි ජන බලවේගයේ අයටත් බෙදනවා. එයා රට යනකොට, සමගි ජන බලවේගයේ අජිත් මාන්නප්පෙරුම එක්ක ගෙන ගියා. පොළොන්නරුවේ කිංස් නෙල්සනුත් අරන් ගියා. අනුරාධපුරයේ ඉෂාක් රහුමානුත් අරගෙන ගියා. වෙනදා එක පැත්තකින් නාස්ති කළේ. දැන් දෙගොල්ලෝම එකතු වී වියදම් කරනවා. ආර්ථිකයේ වැදගත් මර්මස්ථාන සියල්ලම විකුණමින් යනවා. ජනතාව පාරට බැහැලා වේදනාව ප්‍රකාශ කරලා, කොපමණ දේවල් කළත් වෙනසක් වෙලා නැහැ. නමුත් වෙනසේ වුවමනාව අවසන් වී නැහැ. අපිට ඕනකම තිබුණාටම, ඒ වෙලාවේදීම වෙනසක් කර ගන්න බැහැ. මේ සැප්තැම්බර් 21දා ජනතාවට එකතු වෙලා වෙනස කරගන්න අවස්ථාව ඇවිත් තිබෙනවා. මේ අවස්ථාව අත්හැරියොත් පළමු සියලු විනාශයෙන් ඒ ආකාරයෙන්ම සිදු වෙනවා. මේ කැත දේශපාලනය ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන යනවා.
මේ දවස්වල නිතරම බ්‍රේකින් නිවුස්වල යන්නේ කැත දේශපාලනයේ හොරකම් වහගන්න, තනතුරු ආරක්ෂා කර ගන්න, කැත දේශපාලනය හංඟා ගන්න එහෙට මෙහෙට පනින නිවුස්. පොහොට්ටුවේ සභාපතිකම ජී.එල්. පීරිස්ට දුන්නේ නිකම් නොවෙයිනේ. දැන් පොහොට්ටුවේ සභාපති ස.ජ.බ.ය ඇතුලේ. ස.ජ.බ. සභාපති ෆොන්සේකා මහතා එළියේ. නිමල් සිරිපාල වගේ කෙනෙක් 1994 චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමති, 2005 මහින්දගේ ආණ්ඩුවේ ඇමති, 2015 මෛත්‍රීගේ ආණ්ඩුවේ ඇමති, 2019 ගෝඨාභයගේ ආණ්ඩුවේ ඇමති, දැන් රනිල්ගේ ආණ්ඩුවේ ඇමති. ඔබලා ආණ්ඩු මාරු කරනවා, ඒ ගොල්ලෝ පැත්ත මාරු කරනවා. මහියංගනයේ ලක්ෂ්මන් සෙනෙවිරත්න කාලයක් රනිල් ළඟ. ඊළඟට මහින්ද ළඟ, ඊළඟට මෛත්‍රී ළඟ, ඊළඟට සජිත් ළඟ. ජනතාව ආණ්ඩු මාරු කළත් ඒ ගොල්ලෝ හැමදාම ආණ්ඩුවේ. පවිත්‍රා වන්නිආරච්චි පසුගිය ඡන්දයේදී රනිල්ව පට්ට ගැහුවා. මේ ඡන්දයේදී රනිල්ට පණ වගේ ආදරෙයි. මෙහෙම විගඩම්කාරී දේශපාලනයක් අපට ඕනෑද? මහජනයාගේ ධනය සජිත් ප්‍රේමදාස නාස්ති කළ විදිහ ඩලස් අලහප්පෙරුම කියනවා. ගම්මාන දෙකක් හදලා විවෘත කිරීමේ පුවරුවට වියදම් කරන මුදලින් නිවාසයක් හදන්න පුළුවන් බව ඔහු කීවා. පත්තරවල දැන්වීම්වලට ලක්ෂ 30ක් වැය කරන බවත්, ඒ මුදලින් ගෙවල් හයක් හදන්න පුළුවන් බව කීවා. මහ බැංකු වංචාවට නොදෙවෙනි වංචාවක් නිවාස අරමුදලේ, සංස්කෘතික අරමුදලේ සිදු කළාලු. එහෙම කියපු ඩලස් අලහප්පෙරුම දැන් කියනවා ‘සජිත් තමයි මෑන්’ කියලා.
වෙනත් හරබර කරුණු පැත්තකින් තියන්න. එහෙට මෙහෙට පනින හැමදාමත් මේ රට විනාශ කළ මේ දේශපාලන සංස්කෘතිය නතර කරන්න ඕනෑ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ගත් පොහොට්ටුවේ නාලක ගොඩහේවා සජිත් ළඟ. දෙවැනි තැනට මනාප ගත් ප්‍රසන්න රණතුංග රනිල් ළඟ. තව පැත්තකින් ප්‍රසන්න රණවීර නාමල් ළඟ. මේ වගේ කැත දේශපාලනයකින් අපේ රට හදයිද? අපේ රටට අලුත් දේශපාලනයක් ඕනෑ. ඔය ගොඩක් අය දැන් ඉන්න තැන්වලට පනින් කලින් ජාතික ජන බලවේගයේ දොරටත් තට්ටු කළා. අපි සිරිතට විරිතට දොර ඇරලා, ආයුබෝවන් කීවා. පැටිකිරිය නරකයි. හැබැයි අපි ගේ ඇතුළට ගත්තේ නැහැ. අපේ රටට අවශ්‍ය වෙන්නේ ගෙම්බෝ පනිනවා වගේ පනින්නේ නැති ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක්. අපේ රට නැති කළේ මේ කැත දේශපාලනයෙන්. සමහර අය පනින්නේ සල්ලි අරගෙන, සමහර අය ඉන්නේ සල්ලි අරගෙන. 2018 දින 52 කේ කුමන්ත්‍රණය වෙලාවේ සමහර මන්ත්‍රීවරු තියා ගන්න මංගල සමරවීර බාර් ලයිසන් දුන්නා. තවත් අය තියා ගන්න ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් දුන්නා.
කබීර් හෂීම් මන්ත්‍රීවරයා රනිල්ගේ පැත්තට යනවා කියලා විශාල සාකච්ඡාවක් ගියා. රනිල් වික්‍රමසිංහ කබීර් හෂීම්ගේ නමට හන්තානයෙන් අක්කර 12කට වැඩි ඉඩමක් දුන්නා. නමුත් දැන් රනිල්ගේ පිලට එන්නේ නැහැ වගේ. ඒ නිසා දුන්නු ඉඩම කැන්සල් කරන්න උත්සාහ කරනවා. මම නැවත නැවත කියන්නේ මේ කැත දේශපාලනය වෙනුවට, සැලුන් දොරවල් තිබෙන අම්බලන් වගේ පක්ෂ වෙනුවට ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් ඕනෑ. අපේ පක්ෂයේ ඉඳලා කට්ටියක් ගියා, කවදාවත් අපේ පක්ෂයේ දොරටු ඒ ගොල්ලන්ට විවෘත වෙන්නේ නැහැ. සැලුන් දොරවල් වගේ පක්ෂ තියෙන්න බැහැ. අපේ රටේ තියෙන එකම ප්‍රතිපත්තිගරුක පක්ෂය ජාතික ජන බලවේගය පමණයි. ප්‍රතිපත්ති දිනවන, ප්‍රතිපත්තිගරුක, ආණ්ඩුවක් ඕනෑ නම්, ඒ සඳහා තිබෙන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විතරයි. ජනතාව අපේක්ෂා කරන වෙනස අපේ ආණ්ඩුවකින් අපි සිදු කරනවා. මේ දවස්වල වංචා, දූෂණ ගැන යටිගිරියෙන් කෑ ගහන සජිත් ප්‍රේමදාසගේ එක පැත්තක ඉන්නේ ලක්ෂමන් කිරිඇල්ල. අර්ජුන ඇලෝසියස්ගෙන් ලක්ෂ 30ක් අරගෙන බැඳුම්කර වංචාවක් වුණේ නැති බව කියන සුජීව සේනසිංහ තව පැත්තකින්. මහ බැංකු හොරකමෙන් බෙදා ගත්තා විතරක් නොවෙයි, පොත් ලියන්නත් සල්ලි ගත්තා. හොරකම් නතර කරනවා කියන සජිත් ප්‍රේමදාස සංස්කෘතික අරමුදල, නිවාස සංවර්ධන අරමුදල, සහ සමෘද්ධි අරමුදල කියන අරමුදල් කාබාසිනියා කළා. හොරකම් නතර කරන්න වෙනසක් ඕනැ නම්, එය ගේන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විතරයි. මහජනයාගේ දේපළ හොරකම් කළ අයට, දඬුවම් දෙන ඒ දේපළ නැවත පවරා ගන්න පාලනයක් ඕනෑ නම්, එය කරන්නේ ජාතික ජන බලවේගය පමණයි.
ශිරන්ති රාජපක්ෂගේ ජොබ් එක මොන්ටිසෝරි ටීචර්, එයා ටොරින්ටර්වල ලක්ෂ 350ක් දීලා ගෙයක් ගත්තා. රනිල් වික්‍රමසිංහගෙ ආණ්ඩුව කාලේ ඒ ගැන පරීක්ෂණයක් ගියා. රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයත් එක්ක එකතු වී ශිරන්ති රාජපක්ෂ ජනාධිපති ආර්යාවගෙන් කටඋත්තරයක් ගන්න එක රටට අපකීර්තියක් කියලා තීරණය කළා. සජිත් ප්‍රේමදාසගේ නංගි රුපියල් ලක්ෂ 20ක හොර සල්ලි එක්ක අසුවුණා. මහින්ද රාජපක්ෂ කියලා තිබුණා හිටපු ජනාධිපතිගේ දුව නිසා, ඒ ගැන පරීක්ෂණ කරන එක රටට අපකීර්තියක් කියලා. ජොන්ස්ටන් ප්‍රනාන්දු අයථා මුදල් ඉපයීම සම්බන්ධයෙන් කෑගල්ල රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියා. ඔහුට කෑම අරගෙන ගියේ කබීර් හෂීම්. තමන්ගේ ආණ්ඩුව කාලයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු සිරගත කර සිටියදී ඇමති කෑම අරගෙන ගියා. ඒ බව ජොන්ස්ටන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී කීවා. ඔවුන් කවදාවත් දූෂිතයන්ට දඬුවම් දෙන්නේ නැහැ. එකිනෙකා ආරක්ෂා කර ගන්නවා. මේ දූෂිතයන්ට දඬුවම්දී මහජන දේපළ නැවත පවරා ගන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් පමණයි.
යුද්ධය අවසන් කර, වසර කිහිපයක් යනකොට පොදු ජනතාව අතර, ආර්ථික ප්‍රශ්නය, ජීවන වියදම, ප්‍රජාතන්ත්‍රවාදය, වගේ ජනතාවගේ ඇත්ත සටන් පාඨය උඩට ඇවිත් තිබුණා. මේ නිසා 2013 වෙනකොට මුස්ලිම් ජනයා එක්ක ගැටුමකට නොයෙක් බල සේනා හදන්න පටන් ගත්තා. දිගනට ගැහුවා, අලුත්ගමට ගැහුවා, දඹුල්ලේ පල්ලියකට පහර දුන්නා, මාවනැල්ලේ බුදු පිළිමයකට ගැහුවා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන සටන් පාඨය ජනතාවට අමතක වුණා, ආර්ථිකය කඩා වැටීම පිළිබඳ සටන් පාඨය, යහපාලනය පිළිබඳ සටන් පාඨය අමතක වෙලා, වඳ කොත්තු, වඳ ඇඳුම්, වඳ දොස්තරලා ගැන පත්තරවල පිටු ගණන් පළවෙන්න පටන් ගත්තා. ඊළඟට පාස්කු ප්‍රහාරය සිදු කළා. 2019 අප්‍රේල් මාසෙ 21 පාස්කු ප්‍රහාරය එල්ල කර, අප්‍රේල් 25 ගෝඨාභය රාජපක්ෂ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න ජනාධිපතිවරණයට එන බව කීවා. වංචා දූෂණ, ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය ගැන සාකච්ඡා යට ගිහින් ජාතික ආරක්ෂාව, ජාතිය බේරා ගැනිම, ආගම බේරා ගැනීම වගේ සටන් පාඨ උඩට ගෙනාවා. ඇත්ත ප්‍රශ්න විසඳන්න ඔවුන්ට බැහැ. ඔවුන් කළේ ප්‍රශ්න ඇති කිරීමයි. ප්‍රහාරයෙන් දවස් කිහිපයකට පසු මම කීවේ දඩයම උස්සාගෙන යන කෙනාගෙන් තුවක්කුව බැඳපු කෙනාව සොයාගත හැකි බවයි. මේ ගොල්ලන්ට හැමදාම ඕනෑ ගැටුමක්, අනෙකා කෙරෙහි සැකයක්. ඒගොල්ලෝ එකට ඉඳන්, අපි ගහගන්න ඕනෑ. ඒ ගොල්ලෝ කැබිනට් මණ්ඩලයේ එකට ඉන්න, එකට හොරකම් කරන අතරේ අපට කියනවා ගහගන්න කියලා.
අපිත් ජනතාවට කියන්නේ කවදාවත් ජනතාව භේද වෙලා ගහගන්න එපා කියලයි. ඒ ගොල්ලෝ කියනවා නම් ගහගන්න කියලා, අපි හැමදෙනාම එකතු වී කියන්න ඕනෑ, ගෝල්ෆේස් එකට ගිහිල්ලා ඒගොල්ලො ඉස්සෙල්ලා ගහගෙන අපට පෙන්වන්න කියලයි. අපි ජාතිවාදය නැති ආණ්ඩුවක් හදමු. සමගි වෙලා ආණ්ඩුවක් හදමු. එළඹෙන ජනාධිපතිවරණය ඒ වෙනුවෙන් අපේ ඉතිහාසයේ පවත්වන ඉතාමත් වැදගත් මැතිවරණයක්. මේ මැතිවරණයේදී වැදගත් වෙනස්කම් රැසක් අපට කර ගන්න පුළුවන්. එදා පාරට බැහැලා, ගෝඨාභය එළවලා, ආණ්ඩු ගණනාවක් පිහිටුවලා, වසර 76ක් පුරා නායකයෝ ගණනාවක් පත්කර ගෙන කරගන්න බැරි වුණු දේ සැප්තැම්බර් 21දා අලුත් ආණ්ඩුවක් පිහිටුවාගෙන අපට කර ගන්න පුළුවන්. පරම්පරා ගණනාවක් අපි රැවටුණා, පරම්පරා ගණනාවක් අපි අසාර්ථක වුණා. ඒ නිසා මේ රටට කළ අපරාධ, පාස්කු ප්‍රහාර හොඳින් මතක තබාගෙන අපි තීරණයක් ගනිමු. ඉදිරි කෙටි කාලය තුළ රට වටා ඉන්න ඥාති මිත්‍රාදීන්ට කතාබහ කරමින් මුස්ලිම් ජනතාව තුළ ජාතික ජන බලවේගය ගොඩනැගීමේ පණිවිඩය ගෙනියන්න. අපි මෙහෙම ඇවිත් කතා කර ගියත් දිනපතා එකිනෙකා මුණ ගැසෙන්නේ ඔබ සැමයි. මේ මැතිවරණයේදී මුස්ලිම් ජනතාවගේ විශාල සහයෝගයක් අපට ඕනෑ. එහෙම නැතිව ආණ්ඩුවක් හදලා වැඩක් නැහැ. ඉදිරි දින කිහිපයේදී මේ රට වෙනස් කිරීම වෙනුවෙන් කැපවීමෙන් වැඩකරන්න කියා ඉල්ලා සිටිනවා.
(-Colombo, August 12, 2024-) ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිතTakafumi Kadono මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් අද (12) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය. ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාව තුළ කරගෙන යනු ලබන සංවර්ධන කටයුතු පිළිබඳව සමාලෝචනයක් සිදු කළ එම නියෝජිතයෝ ඉදිරියටද ශ්‍රී ලංකාවට ආධාර ලබා දීමට […]
(-Colombo, August 12, 2024-)
ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිතTakafumi Kadono මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් අද (12) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.
ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාව තුළ කරගෙන යනු ලබන සංවර්ධන කටයුතු පිළිබඳව සමාලෝචනයක් සිදු කළ එම නියෝජිතයෝ ඉදිරියටද ශ්‍රී ලංකාවට ආධාර ලබා දීමට එම සංවිධානය තුළ වන සූදානම පිළිබඳව කරුණු දැක්වූහ.
මේ අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික බිමල් රත්නායක සහෝදරයාද එක්ව සිටියේය.
(-Colombo, August 12, 2024-) ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් සයිඩ් (zuhair Zaid) මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් අද (12) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය. සිය සේවා කාලය අවසන් වී සිය රට බලා යන බව ප්‍රකාශ කළ තානාපතිවරයා, පලස්තීනයේ ගාසාහි සිදුවමෙින් පවතින අමානුෂික ඝාතනවලට එරෙහිව හඬ නැගීම […]
(-Colombo, August 12, 2024-)
ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් සයිඩ් (zuhair Zaid) මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් අද (12) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.
සිය සේවා කාලය අවසන් වී සිය රට බලා යන බව ප්‍රකාශ කළ තානාපතිවරයා, පලස්තීනයේ ගාසාහි සිදුවමෙින් පවතින අමානුෂික ඝාතනවලට එරෙහිව හඬ නැගීම වෙනුවෙන් සහ පලස්තීන සහයෝගීතාව වෙනුවෙන් ලබා දුන් සහයෝගයට ස්තූතිය පළ කර සිටියේය.
මේ අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික බිමල් රත්නායක සහෝදරයාද එක්ව සිටියේය.