Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

අනුර කුමාර දිසානායක හින්දු පූජකතුමන්ලා හමුවෙයි

(-Colombo, August 17, 2024-) ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අද (17) පෙරවරුවේ බම්බලපිටිය ශ්‍රී මාණික විනායගර් Srī Mānika Vinayāgar කෝවිලේදී හින්දු පූජකතුමන්ලා හමුවිය. මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව පූජකතුමන්ලා සමග සාකච්ඡා කළ අනුර කුමාර දිසානායක එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන්ගේ ආශීර්වාදයද ලබා ගත්තේය. මේ අවස්ථාව සඳහා ජාතික ජන […]

(-Colombo, August 17, 2024-)

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අද (17) පෙරවරුවේ බම්බලපිටිය ශ්‍රී මාණික විනායගර් Srī Mānika Vinayāgar කෝවිලේදී හින්දු පූජකතුමන්ලා හමුවිය.

මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව පූජකතුමන්ලා සමග සාකච්ඡා කළ අනුර කුමාර දිසානායක එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන්ගේ ආශීර්වාදයද ලබා ගත්තේය.

මේ අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්තිද එක් විය.

Show More

අනුර කුමාර දිසානායක අස්ගිරි මහනායක හිමි හමුවෙයි

(-Colombo, August 16, 2024-) ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අද (16) පස්වරුවේ අස්ගිරි මහා විහාරයේදී සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි හමුවිය. මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව මහා නායක හිමි ඇතුළු මහා සංඝරත්නය සමග සාකච්ඡා කළ අනුර කුමාර දිසානායක සහෝදරයා, එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය […]

(-Colombo, August 16, 2024-)

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අද (16) පස්වරුවේ අස්ගිරි මහා විහාරයේදී සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි හමුවිය.

මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව මහා නායක හිමි ඇතුළු මහා සංඝරත්නය සමග සාකච්ඡා කළ අනුර කුමාර දිසානායක සහෝදරයා, එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් උන්වහන්සේගේ ආශීර්වාද ලබා ගත්තේය.

මේ අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ලාල් කාන්තද එක්ව සිටියේය.

Show More

අනුර කුමාර දිසානායක මල්වතු මහනායක හිමිවරුන් හමුවෙයි

(-Colombo, August 16, 2024-) ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අද (16) පස්වරුවේ මහනුවර මල්වතු මහා විහාරයේදී සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ මහ නායක පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමිද, මල්වතු පාර්ශ්වයේ අනු නායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමිද හමුවිය. මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව මහා නායක හිමිවරුන් ඇතුළු මහා […]

(-Colombo, August 16, 2024-)

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අද (16) පස්වරුවේ මහනුවර මල්වතු මහා විහාරයේදී සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ මහ නායක පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමිද, මල්වතු පාර්ශ්වයේ අනු නායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමිද හමුවිය.

මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව මහා නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය සමග සාකච්ඡා කළ අනුර කුමාර දිසානායක, එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් උන්වහන්සේලාගේ ආශීර්වාද ලබා ගත්තේය.

මේ අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ලාල්කාන්තද එක්ව සිටියේය.

Show More

අනුර කුමාර දිසානායක රාමඤ්ඤ මහ නිකායේ මහනායක හිමියන් හමුවෙයි

(-Colombo, August 16, 2024-) ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අද (16) පෙරවරුවේ මීරිගම කඳන්ගමුව ශ්‍රී විද්‍යාවාස පිරිවෙන් මහා විහාරස්ථානයේදී රාමඤ්ඤ මහ නිකායේ මහනායක පූජ්‍ය මකුලෑවේ විමල නාහිමි හමුවිය. මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව උන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සමග සාකච්ඡා කළ අනුර කුමාර දිසානායක, එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් උන්වහන්සේගේ […]

(-Colombo, August 16, 2024-)

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අද (16) පෙරවරුවේ මීරිගම කඳන්ගමුව ශ්‍රී විද්‍යාවාස පිරිවෙන් මහා විහාරස්ථානයේදී රාමඤ්ඤ මහ නිකායේ මහනායක පූජ්‍ය මකුලෑවේ විමල නාහිමි හමුවිය.

මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව උන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සමග සාකච්ඡා කළ අනුර කුමාර දිසානායක, එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් උන්වහන්සේගේ ආශීර්වාද ලබා ගත්තේය.

මේ අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත්ද එක්ව සිටියේය.

Show More

“අපි බලශක්ති ක්ෂේත්‍රය ආලෝකය තරමටම ප්‍රභාස්වර ක්ෂේත්‍රයක් බවට පත්කරනවා” -ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක-

(-‘ජාතික පුනරුදය බලගැන්වීම’ ජාතික ජන බලවේගයේ බලශක්ති සංසදය – 2024.08.15 – කොළඹ මැරියට් හෝටලය-) මම මේ නාමයෝජනා භාරදුන් පසුව කරන ප්‍රථම ආමන්ත්‍රණය මෙයයි. බලශක්ති ක්ෂේත්‍රය පමණක් නොවෙයි, සෑම ක්ෂේත්‍රයකම නව පෙරළියක්, දියුණු අනාගතයක් ගැන අපි කථා කරනවා. නමුත් අපේ රටේ දේශපාලන ක්ෂේත්‍රය එතනට ගුණාත්මකව උසස් වී තිබේද කියන ප්‍රශ්නය අප හමුවේ බරපතළ ප්‍රශ්නයක් ලෙස තිබෙනවා. […]

(-‘ජාතික පුනරුදය බලගැන්වීම’ ජාතික ජන බලවේගයේ බලශක්ති සංසදය – 2024.08.15 – කොළඹ මැරියට් හෝටලය-)

මම මේ නාමයෝජනා භාරදුන් පසුව කරන ප්‍රථම ආමන්ත්‍රණය මෙයයි. බලශක්ති ක්ෂේත්‍රය පමණක් නොවෙයි, සෑම ක්ෂේත්‍රයකම නව පෙරළියක්, දියුණු අනාගතයක් ගැන අපි කථා කරනවා. නමුත් අපේ රටේ දේශපාලන ක්ෂේත්‍රය එතනට ගුණාත්මකව උසස් වී තිබේද කියන ප්‍රශ්නය අප හමුවේ බරපතළ ප්‍රශ්නයක් ලෙස තිබෙනවා.

මේ ගෙඹි දේශපාලනය වෙනස් නොකොට එවැනි අනාගතයක් අපට ගොඩනැගිය හැකිද? මේ ජරා මජර දේශපාලන සංස්කෘතිය වෙනස් නොකොට වෙන කුමන ක්ෂේත්‍රයකවත් වර්ධනයක් අනාගත දියුණුවක් අත්පත් කර ගත හැකිද? අපේ රටේ එම අලුත් දේශපාලන මානය රැගෙන එන්නේ ජාතික ජන බලවේගය තමයි.

20වැනි සියවසේත් අපේ රටට අඛණ්ඩ බලශක්ති සැපයුමක් ලබා දීමට නොහැකි වී තිබෙනවා. මිනිසුන්ට දරාගත හැකි සාධාරණ මිලකට එය සපයන්නට අපට නොහැකි වී තිබෙනවා. අනෙක් පැත්තෙන් විදුලි සැපයුම් ලක්ෂ 10ක් වසරකට විසන්ධි කරනවා.

මේ අර්බුදයට හේතු හැටියට ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම ඉදිරිපත් කරන දෙයක් තමයි විදුලිබල මණ්ඩලයේ තිබෙනවායයි කියන ඉංජිනේරු මාපියාව. තව කට්ටියක් කියනව මණ්ඩලයේ අතිරික්ත සේවක සංඛ්‍යාවත් අර්බුදයේ හේතවක් කියලා. තවත් විටෙක කියනව රජය විසින් මෙම ආයතන මෙහෙයවීම තමයි මේ අර්බුදයේ මුල කියලා. එම නිසා රජයේ මැදිහත්වීම අත්හරින්න ඕනෑ කියලා. මේ කිසිවක් මේ අර්බුදයේ ඇත්ත හේතු නෙමෙයි. අද මණ්ඩලයට විදුලි ජනන සැලස්මක් නොමැතිකම විදුලි ඉංජිනේරුවන්ගේ ප්‍රශ්නයක්ද? නැතිනම් සේවකයන්ගේ ප්‍රශ්නයක්ද?

Energy-Policy-Lauch-Dr-Tilak-Siyambalapitiya

මේ ආණ්ඩු මේ අර්බුදයට විසඳුම් හැටියට ගේන්නේ මොනවාද? ඒව තමයි හදිසි මිලදී ගැනීම්. බෙල්ල ළඟටම හිරකරලා අහනවා මේ හැර වෙනත් විසඳුමක් තිබෙනවද කියලා. ඖෂධ අර්බුදයෙදීත් කරන්නේ ඒකමයි. පටිපාටියට පිටින් ක්ෂණික මිල දී ගැනීම් කරනවා. ඒ තුළ විවිධාකාරයේ ගසාකෑම් සිදුකරනවා.

මේ ගොල්ලන්ගේ ඊළඟ විසඳුම තමයි ජනතාවට ලබා දෙන විදුලිය විසන්ධි කිරීම. තව කාලෙකට වර්ෂාව මත තියලා විසඳුම් බලාපොරොත්තු වෙනවා. අපි මේ ප්‍රශ්නය විසඳීම සඳහා ජාතික ජන බලවේගය හැටියට නිශ්චිත ක්‍රමවත් සැලැස්මක් සකස් කර තියෙනවා. අඛණ්ඩව විදුලිය සැපයීම, සාධාරණ මිලකට සැපයීම සහ කාර්යක්ෂමව විදුලිය සැපයීමට අපි සැලසුම් හදා ඉවරයි.

ජනතාව දෙන ජන වරමට වගවීම ඉටුකිරීම තමා අපේ කාර්යභාරය. ජනතාවට පොදුවේ බලශක්තිය සැපයීමේදී අනිකුත් ක්ෂේත්‍රවල මෙන්ම අපේ වගකීම අපි නිසි ලෙස ඉටුකරනවා. ආර්ථිකයේ වර්ධනයක් අත්පත් කර ගැනීමට එය බලශක්ති ක්ෂේත්‍රය සමගද අන්තර් සම්බන්ධතාවයක් තිබිය යුතු බව දේශපාලඥයින් හැටියට අපි තේරුම් ගෙන තිබෙනවා.

අපි අපේ බලශක්ති අවශ්‍යතාවය ඉටුකර ගත යුත්තේ ආර්ථිකය හකුළුවාලමින් නොවේ; එය ප්‍රසාරණය කරමිනුයි. අපේ රටේ බලශක්ති ක්ෂේත්‍රයේ අතයට ගනුදෙනු බොහොමයි. විදුලියෙන් ආලෝකය දුන්නට බලශක්ති ක්ෂේත්‍රය අඳුරුයි. අපි බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුදය විසඳීමට එහි ප්‍රභවයන් වර්ධනය කිරීමටත් බාරදෙන්නේ ඒ පිළිබඳ විශේෂඥ දැනුම තිබෙන විද්වතුන්ටයි. අපි බාරගන්නේ රටටත් ජනතාවටත් ඒ පිළිබඳව දේශපාලනිකව වගවීමයි.

අයුක්ති සහගත බලශක්ති ව්‍යාපෘතිවලට නම් ජාතික ජන බලවේගය කිසිසේත්ම අවසර දෙන්නේ නැහැ. මන්නාරමේ එකම තැන සුළං විදුලි බලාගාර හදා ඉන්දියාවට ශත තුනහමාරටත් ලංකාවට ශත අටහමාරකටත් දෙන්න ගිවිසුම් ගත වෙනවා නම් එය යුක්තිසහගත වෙන්නේ කොහොමද?

අපි තවදුරටත් ස්වෛරී ජාතියක් නොවේ. තීන්දු තීරණ ගැනීමේ බලය අද ලංකා රජයට නැහැ. එම නිසා බලශක්ති ක්ෂේත්‍රයේත් අපි පරාධීනයි. ප්‍රශ්නය තිබෙන්නේ එතන. අපි ජාතික ජන බලවේගයේ රජයක් යටතේ රට ගැන මෙන්ම බලශක්තිය ගැනත් තීන්දු තීරණ ගැනීමේ ස්වෛරී බලය අප නැවත අත්පත් කර ගන්නා බවට ඔබට සහතික වෙනවා.

විදුලි ජනන කාර්යයේදී අපිට දේශීය මෙන්ම විදේශීය අයෝජකයින්ගේ ආයෝජන ලබා ගැනීමට අපි එකඟයි. හැබැයි අපිට ඒ අයගෙන් ඒ සඳහා ඇල්වතුර වීදුරුවක්වත් එපා. බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුදය විසදීමේ විද්‍යාත්මක හා වෘත්තීමය කාර්යය අපි ඒ සඳහා සුදුසුකම් ලත් විද්වතුන්ට පවරනවා. හැබැයි අපි ඒ අතරම මේ බලශක්ති ක්ෂේත්‍රය පුරා පැතිර ඇති කළු පැල්ලම් මකා දමන බවට සහතික වෙනවා. ආලෝකය තරමටම ප්‍රභාස්වර ක්ෂේත්‍රයක් බවට අපි බලශක්ති ක්ෂේත්‍රය පත්කර දෙනවා.

අද අපේ රටේ පුරවැසියාට කිසිසේත්ම දැරිය නොහැකි මිලකට තෙල් ලීටරයක් ගන්න වෙලා තියෙනවා. මේ සියලුම ක්ෂේත්‍ර අද වසා පැතිර තිබෙන්නේ මේ මජර දේශපාලන සංස්කෘතියයි. අපේ පළමු කාර්ය එය අවසන් කර දැමීමයි.

අපි බලශක්ති ක්ෂේත්‍රයේ සැලසුම් කර තිබෙන ඉලක්කවලට යන්න ඒ පිළිබඳව වූ විද්වතුන්ටත් ව්‍යවසායකයින්ටත් තම කාර්යය කිසිදු දේශපාලන බලපෑමකින් තොරව කරගෙන යාමේ හොඳම පරිසරය නිර්මාණය කරනවා. ඒ ගැන අපි ඔබ සියලු දෙනාටම ජාතික ජන බලවේගය හැටියට සහතික වෙනවා.

“නව බලශක්ති ප්‍රභවයන්ගේ ප්‍රතිලාභ ජනතාවට ලබාදෙන්න අපේ සැලසුම්වලට පුළුවන්”
-ජාතික ජන බලවේගයේ බලශක්ති කමිටු සාමාජික ඉංජිනේරු පුබුදු නිරෝෂන්-

අපි බලශක්තිය ස්මාට් කළ යුතුයි. එය එක දෙයකට එක ක්ෂේත්‍රයකට ලඝුකරන්න බැහැ. මේ සියල්ලේම ප්‍රතිඵල අවසානයේ ජනතාවට ලැබිය යුතුයි. අපේ රටේ බලශක්ති අර්බුදයට විසඳුම් ලෝකෙ කොහේ හරි තැනක පාව්ච්චි කරපු ක්‍රමවේදයන් එලෙසටම ගෙනත් මෙහෙට ඔබ්බලා හොයන්න බැහැ.

බලශක්ති ක්ෂේත්‍රයේ අපිට තිබුණ ප්‍රධාන ප්‍රශ්නය මේ කලාපයේ රටවල් අතර අපි ඒ සඳහා වැඩිම මිලක් ගෙවන රටක් වීමයි. අපේ සැලස්මේ මූලික පියවරක් තමයි ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ මුල් අවුරුදු 05 තුළ මෙම බලශක්ති මිල සාධාරණ තලයකට ගේන එක. ඊළඟ සැලස්ම තමයි අපේ විදුලි බිල එම අවුරුදු 05 තුළදී ජනතාවට දරාගත හැකි මට්ටමකට අඩු කිරීම. ඊළඟට අපි බලශක්තියේදී තෙල් මතම යැපෙන තත්වයෙන් ක්‍රමානුකූලව විතැන්න වෙන්න ඕනෑ.

විවිධ දේශපාලන බලපෑම් නිසා අපිට තවම එල්.එන්.ජී. බලාගාරවලට පරිවර්තනය වෙන්න නොහැකි වී තිබෙනවා. අපි සැලසුම් කර තිබෙනවා ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ඉදිරි වසර 03ක් තුළ ක්‍රමානුකූලව තාප බලාගාර වලින් ලාභදායක එල්.එන්.ජී. බලාගාරවලට යන්න.

අපිට බලශක්ති ප්‍රභවයක් ලෙස සුළංද පාවිච්චි කළ හැකියි. එය ජනතාවට දරාගත හැකි මිලකට ලබාදෙන්න අපි සැලසුම් කර තියෙනවා. දශක දෙකක් එල්.එන්.ජී. බලාගාර අහිමි කර ගත්තා. එසේම තවත් විවිධ බලශක්ති ප්‍රභේද ලෝකයට එමින් පවතිනවා. මේ සියල්ලේ ප්‍රතිලාභ ජනතාවට ලබාදෙන්න අපේ සැලසුම්වලට පුළුවන්.

අපි සැලසුම් කර තිබෙනවා අපේ පාලනයක් යටතේ අවුරුදු 05ක් තුළ සූර්යබලශක්ති ධාරිතාව මෙගාවොට් 2000 දක්වා වර්ධනය කරන්න. දැනට එම ධාරිතාව තිබෙන්නේ වසරකට මෙගාවොට් 150ක පමණ මට්ටමේයි.
අපි බලශක්ති ක්ෂේත්‍රයට එකතු කළ හැකි ලාභදායීම ප්‍රභවය තමයි සුළං. අපේ රජයක් යටතේ අපි ඒ සඳහා ප්‍රමුඛතාව දෙන්න සැලසුම් හදා තියෙනවා.

බලශක්ති ක්ෂේත්‍රය ප්‍රජාමූල බලශක්ති ක්ෂේත්‍රයක් ලෙසත් බලශක්තිය සඳහා වාර්ෂිකව රටින් පිටට ඇදී යන අධික ඩොලර් ප්‍රමාණය වෙනුවට රටට ඩොලර් එන සැලස්මක් අපි දැන් කෙටුම්පත් කර තියෙනවා.

අපි මේ සියල්ල සැලසුම් කර තියෙන්නේ රාජ්‍ය පෞද්ගලික සහ විදෙස් අයෝජකයන්ටත් විනිවිදභාවයකින් යුතුව ඒ සඳහා අයෝජනය කරන්නට හැකිවන සහ ප්‍රතිලාභ ලබාගත හැකි වන පරිදියි.

Energy-Policy-Lauch-Booklet
Energy-Policy-Lauch-Welcome-Speech
Show More

අනුර කුමාර දිසානායක නාමයෝජනා භාරදෙයි

(-Colombo, August 15, 2024-) සැප්තැම්බර් 21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් අද (15) පෙරවරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක නාමයෝජනා භාරදුන්නේය. මේ අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ සහා ජාතික විධායක සභික නීතීඥ සුනිල් වටගල ද එක්ව සිටියහ. නාමයෝජනා භාරදීමෙන් අනතුරුව මැතිවරණ මහලේකම් කාර්යාලයෙන් පිටතට පැමිණි අනුර […]

(-Colombo, August 15, 2024-)

සැප්තැම්බර් 21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් අද (15) පෙරවරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක නාමයෝජනා භාරදුන්නේය.

මේ අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ සහා ජාතික විධායක සභික නීතීඥ සුනිල් වටගල ද එක්ව සිටියහ.

නාමයෝජනා භාරදීමෙන් අනතුරුව මැතිවරණ මහලේකම් කාර්යාලයෙන් පිටතට පැමිණි අනුර කුමාර දිසානායක පැමිණ සිටි පිරිසගේ උණුසුම් පිළිගැනීමට ලක්විය.

Show More