Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක යාපනයේ දී පැවති ජාතික ජන බලවේගයේ ජන රැළියට සහභාගී වෙමින්…

(-යාපනය, සැප්තැම්බර් 05-) “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” උදාකරන නව පුනරුද මඟට රට හරවන 2024 ජනාධිපතිවරණයේ විජයග්‍රහණය වෙනුවෙන් යාපනයේ ජනතාව රොද බඳී…

(-යාපනය, සැප්තැම්බර් 05-)

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” උදාකරන නව පුනරුද මඟට රට හරවන 2024 ජනාධිපතිවරණයේ විජයග්‍රහණය වෙනුවෙන් යාපනයේ ජනතාව රොද බඳී…

Anura Kumara Dissanayake Welcome At The Victory Rally Of Jaffna
Show More

“ජනතාව පරණ පුරුදු තැන් අතහැර ජාතික ජන බලවේගය වටා රොක්වෙමින් සිටිනවා” -ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක-

(-ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී රැලිය – ඇල්පිටිය – 2024.09.03-) අපේ ප්‍රතිවාදීන් මෙතෙක් කලක් කිය කිය හිටපු අපිට දිනන්න බැහැ කියන කතාව දැන් වෙනස් කරලා. දැන් රනිල් කියනවා අපි බලයට ආවොත් ගෑස් නැතිවෙයිලු; ඔක්කොම ඉවරයිලු. ඒ ගොල්ලෝ සමාජය හමුවේ බියක් නිර්මාණය කරනවා. පරාජය වන නායකයෝ හැමදාම සමාජයට බියක් හදනවා. ඒ ගොල්ලෝ දිනන්නේ නැත්නම් ජාතිය අනතුරේලු; ආර්ථිකය […]

(-ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී රැලිය – ඇල්පිටිය – 2024.09.03-)

Anura Kumara Dissanayake Addressing The Alpitiya Rally

අපේ ප්‍රතිවාදීන් මෙතෙක් කලක් කිය කිය හිටපු අපිට දිනන්න බැහැ කියන කතාව දැන් වෙනස් කරලා. දැන් රනිල් කියනවා අපි බලයට ආවොත් ගෑස් නැතිවෙයිලු; ඔක්කොම ඉවරයිලු. ඒ ගොල්ලෝ සමාජය හමුවේ බියක් නිර්මාණය කරනවා. පරාජය වන නායකයෝ හැමදාම සමාජයට බියක් හදනවා. ඒ ගොල්ලෝ දිනන්නේ නැත්නම් ජාතිය අනතුරේලු; ආර්ථිකය අනතුරේලු. හැබැයි දිනපු ඒ ගොල්ලෝම තමයි මේ රටත් ජනතාවත් මුළුමනින්ම අනතුරේ දැම්මේ. දැන් සජිත් පිලත් කියනවා අපි ආවොත් රට අනතුරේලු. මතක තියා ගන්න ඔය හැමෝටම වඩා මේ රට ගැනත් මේ රටේ ජනතාව ගැනත් ජාතික ජන බලවේගයේ අපිට වගකීමක් තිබෙනවා. ඒ ගොල්ලෝ වගකීම් විරහිතව කටයුතු කිරීමේ ප්‍රතිවිපාක තමයි අද අපි භුක්ති විඳින්නේ. දැනුත් එහෙමයි.

මීට මාසයක එකහමාරකට කලින් මේ රටේ රාජ්‍ය සේවකයන් විශාල උද්ඝෝෂණයක් කළා, ජීවත් වෙන්න පුළුවන් වැටුපක් දෙන්න කියලා. එතකොට රනිල් කිවුවා සතයක් වැඩි කරන්න බැහැ, වැඩි කළොත් රට කඩා වැටෙනවා කියලා. මුදල් අමාත්‍යාංශ ලේකම් රාජ්‍ය සේවක වැටුප් වැඩි කළොත් වැට් බද්ද 21% දක්වා වැඩි කරන්න වෙනවා කියලා කිවුවා. මේක කිවුවේ පසුගිය ජූලි මාසයේ. දැන් කියනවා ජනවාරි ඉඳන් රුපියල් 25,000ක දීමනාවක් රාජ්‍ය සේවකයන්ට දෙනවලු. 24%ක වැටුප් වැඩි කිරීමක් කරනවාලු. එයාට නම් එහෙම කියන්න පුළුවන්. ඇයි? එයා මේ සැරේ පරදිනවනේ. අද කැබිනට් මණ්ඩලයේ තීරණයක් අරන් සියලු ගොවි ණය කපා හරිනවලු. මේ විදියට වෙනකොට ජනතාව හිතනවා ඇති හැමදාම ඡන්ද තිබ්බොත් හොඳයි වගේ කියලා. මේවා පරාජය හමුවේ දෙන ව්‍යාජ පොරොන්දු. රනිල්ට අපි කියන්නේ ඔයා දැන් ප්‍රමාද වැඩියි කියලා. ඔය ගොල්ලෝ මේ රට ගැන මේ රටේ ජනතාව ගැන හිතුවා නම් මේ ගොඩක් දේවල් කරන්න තිබුණේ මීට බොහෝ කාලෙකට කලින්. අද නටන්නෙ බලය ගිලිහී යනවා කියලා හිතනකොට; ජනතාව තමන් සමග නැහැ කියලා හිතන කොට. අන්න පරණ පුරුදු ඡන්ද ගුණ්ඩු දෙන්න පටන් අරන්. රනිල් තවමත් ඉන්නේ පරණ දේශපාලනයේ. මේ රටේ ජනතාව තවදුරටත් ඡන්ද ගුණ්ඩුවලට අහුවෙන්නේ නැති බව, කුඩා කුඩා දීමනාවලින් මේ රටේ ජනතාව තවදරටත් රවටන්න බැරි බව දැන් ඔප්පු වී තිබෙනවා. ඔවුන් දැන් පරණ පුරුදු තැන් අතහැර ජාතික ජන බලවේගය වටා රොක්වෙමින් සිටිනවා. රනිල්ලාට දැන් ඒක ආපසු හරවන්න බැහැ.

Crowd At The Alpitiya Rally

දැන් නැවත කසු කුසුවක් යනවා, සජිත්ගෙයි රනිල්ගෙයි දෙවන පෙළේ අය අතර අපි බෙදිලා ගියොත් කපෝතියි. ඒ නිසා එකතු වෙන්න ක්‍රමයක් නැද්ද කියලා. ජාතික ජන බලවේගය මෙහෙම ගියොත් දිනනවා. අපි දෙගොල්ලෝම අමාරුවෙ වැටෙනවා. ඒ නිසා එකතු වෙන්න විදියක් නැද්ද කියලා. තවම දෙවෙනි පෙළ තමයි ඒ කතාව පටන් අරගෙන තිබෙන්නේ. ඒකටත් අපිට කියන්න තිබෙන්නේ දැන් පරක්කුයි කියලා. දැන් මේ ගොඩනැගිලා තිබෙන ජනතා බලය, ඊට නායකත්වය දෙන ව්‍යාපාරය නැවත හරවන්න බැහැ. එය ජයග්‍රහණයෙන්ම කෙළවර කරනවා කියලා ජනතාව තීන්දු කරලා හමාරයි. අද අපේ ඡන්ද ව්‍යාපාරය ජනතාව අතට අරන් ඉවරයි. අපි නොදන්න විශාල මහජන බලයක් අපි වෙනුවෙන් දැන් ස්වේච්ඡාවෙන් වැඩ කරන්න පටන් අරන්. ඔවුන් දැන් ස්වේච්ඡාවෙන් ලියන්න කියන්න පටන් අරන් තිබෙනවා. දැන් කොහොමද රනිල් ඔයා මේක නතර කරන්නේ. මේක නතර කරන්න බැහැ. සහතික ලෙසම අපි ජයග්‍රහණය කරනවා. හැබැයි අපිට ඕන සාමාන්‍ය ජයග්‍රහණයක් නොවෙයි. මේ රට අතිශය ගැඹුරු ප්‍රපාතයකට ඇදලාදාලා තිබෙන්නේ. ඒ නිසා රට ගොඩගන්න ස්ථාවර, ශක්තිමත් තීන්දු තීරණ කිහිපයක් ගන්න තිබෙනවා. මේ විදියටම රට ගලාගෙන යන්න ඕන නම් ලොකු ප්‍රශ්නයක්.

අපි තවදරටත් පීනන්නෙ මේ ගලන ගඟේ මේ විනාශකාරී දිසාවට නම් රට අගාධයට වැටෙන එක අනිවර්යයයි. ජාතික ජන බලවේගය බලය ඉල්ලන්නේ මේ විනාශකාරී මාවතෙන් රට මුදා ගන්නයි. ඒ සඳහා ශක්තිමත් තීන්දු තීරණ ගත යුතුයි. එහෙම ගන්නනම් ජනතාගෙන් ශක්තිමත් ජන වරමක් අවශ්‍යයි. මේ රට හරි පැත්තට හරවන තීන්දු තීරණ ගන්නට හේතු වෙන්නේ ජනතාවගේ ඒ ශක්තිමත් ජනවරමයි. පළමුව මේ දේශපාලන පොර පිටිය ශුද්ධ කළ යුතුයි. මේ දේශපාලනය මහජනතාවට අතිශයින් පිළිකුල්; අප්‍රසන්නයි. දැන් සමාජ මාධ්‍ය දියුණුවෙලා තොරතුරු පහසුවෙන් ගලා එනවා. ඒ නිසා මේ රට මෙතෙක් පාලනය කළේ මොන වගේ මිනිස්සුද කියලා ජනතාව දන්නවා. රිචඩ් පතිරණ පාර හදනවා පුතාට, දොඩම්ගොඩ පාර හදනවා පුතාට. එහෙම තමයි මෙතෙක් දේශපාලන ගමන සිද්ධ වුණේ. මෙතෙක් කල් පාර හදාගත්තේ, ඒ ගොල්ලන්ගේ පවුල්වලට; හිතවතුන්ට. ඒ නිසා ජනතාවට මේ දේශපාලනය අප්‍රසන්න වුණා. ජාතික ජන බලවේගයේ අපි බලය අරගෙන මේ දේශපාලන පිටිය පියවරෙන් පියවර සුද්ද කරනවා.

AKD Addressing The Alpitiya Rally

ගම්වල පොලීසිවල නිලධාරීන් හිඟයි. හැබැයි ප්‍රභූ ආරක්ෂාවට වැඩි පිරිසක් යොදවලා. අපි මේ සියල්ල නතර කරනවා. ලංකාව ඇතුලේ ආණ්ඩු කියලා මෙතෙක් බිහිවුණේ එක්කෝ පවුලක්. එක්කෝ කල්ලියක්. අපි ලංකාවේ ප්‍රථම වතාවට ආණ්ඩුවක් කියන සැබෑ අර්ථය ඇති ආණ්ඩුවක් හදනවා. එව්ට ජනතාවට විශ්වාසය හැදෙනවා. ජනතාව තම වගකීම් ඉටුකරන්න පෙළඹෙනවා. කර්මාන්තකරුවා, ව්‍යවසායකයා තමන්ගෙ වැඩ කොටස කරන්න පටන් ගන්නවා. මේ ඇල්පිටියෙ කුඩා තේවතු හිමියා තමන්ගේ වැඩේ කරන්න පටන් ගන්නවා. ඒකට ආණ්ඩුව සහාය දෙනවා. හැම ක්ෂේත්‍රයකටම අපේ ආණ්ඩුවේ සැලකිල්ල ලැබෙනවා. එතකොට ඔබේ ආදායම් වැඩිවෙනවා. රටේ ආදායම් වැඩිවෙනවා. රට පොහොසත් වෙනවා.

රටේ නිෂ්පාදන ආර්ථිකයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් පාසල් පද්ධතියක්, විශ්වවිද්‍යාල පද්ධතියක් අපි ගොඩනඟනවා. දෙමව්පියන්ට සහ දරුවන්ට බරක් වී තිබෙන මේ අධ්‍යාපන ක්‍රමය වෙනුවට ඔවුන්ට බරක් නොවෙන නවීන දියුණු අධ්‍යාපන ක්‍රමයක් අපි ගොඩනඟනවා. ජාතික ජන බලවේගය බලය ඉල්ලන්නේ මේ රට ගොඩනඟන්න. මේ රට ලස්සන කරන්න. ලස්සන ජීවිතයක් මේ රටේ ජනතාවට උරුමකරලා දෙන්න. ඒ නිසා මේ මස 21 දිනට ජාතික ජන බලවේගය දිනවන්න පෙරට එන්න කියලා මම ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා.

Saumya Sandaruwan Liyanage Addressing The Alpitiya Rally

“ඔබ ජනාධිපති කර ගන්නේ සහෝදරයා කියලා හරි නම කියලා හරි ඇමතිය හැකි කෙනෙක්”
-සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සෞම්‍ය ලියනගේ-

අනුර කුමාර දිසානායක කියන්නේ මා ඉගෙනගත් කැලණිය විශ්වවිද්‍යාලයේම සගයෙක්. ඒ කාලේ විවිධාකාර මත ගැටුම් සංවාද මධ්‍යයේ තමයි අපේ ශිෂ්‍ය ජීවිත ගෙවී ගියේ. පසු කාලෙක අපි මුණ ගැසෙන්නේ එක්තරා අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහායි. ඒ අරමුණ තමයි දශක ගණනාවක් තිස්සේ මේ රට පාලනය කළ ප්‍රධාන පක්ෂ දෙක ඇතුළු ඒ වටා රොක්වී සිටින කල්ලි කණ්ඩායම් මේ රට ඇද දමා තිබූ අගාධයෙන් මේ රට ගොඩ ගැනීම. තවදුරටත් දෙවතාවක් හිතන්න අපට අවශ්‍ය නැහැ. මේ වන විටත් මේ රටේ මීළඟ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර සහෝදරයා ජයග්‍රහණය කරවීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාව සක්‍රීය ලෙස දායක වී තිබෙන අන්දම ඔබට පෙනෙනවා ඇති. මේ රටේ සමස්ත ජනතාවගෙන් සාතිශය බහුතරයේම අදහස ඒක තමයි.

ලබන 21 වැනිදා අපි අලුත් ජනාධිපතිවරයෙක් පත්කර ගන්නවා. ඒ ජනාධිපතිවරයා සර් කෙනෙක් නොවෙයි. සහෝදරයා කියලා හරි නම කියලා හරි ඔබට ඇමතිය හැකි කෙනෙක්. අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය ලංකා ඉතිහාසයේ එක්තරා කඩඉමක් සනිටුහන් කරනවා. ඒ කඩඉම තමයි මේ රටේ පවුල් දේශපාලනයට හා ප්‍රභූ දේශපාලනයට සහමුලින් තිත තබන ජයග්‍රහණය වීම. මේ වෙනස කළ හැකි, හැකියාව ඇත්තේ ඔබ අතේ. ඔබේ ඡන්ද එකතු වූ තැන මහා බලයක් නිර්මාණය වෙනවා. ඒ බලය තමයි මේ රටේ මෙතෙක් දේශපාලන බලය අවභාවිතා කළ බලය අවසන් කරන බලය. අපේ අනුර කුමාර දිසානායක සහෝදරයාගේ කතා ටික ඇහැව්වාම මේ රටට අත්වී ඇති මේ ඛේදවාචකය තේරුම් ගන්න පුළුවන්.

The Alpitiya Rally Crowd

අපි විශ්වවිද්‍යාලවල ඉගෙන ගෙන වෙන රටවල්වලට ගිහිල්ලා ඒ රටවල මිනිස්සු ජීවත් වෙන හැටි බලලා, ලෝකයේ අධ්‍යාපනය මේ වන විට තිබෙන්නේ කිනම් තැනකද කියලා දැකලා ආපසු මේ රටට ආවේ මේ රටට යමක් කරන්න. අනුර කුමාර දිසානායක සහෝදරයා ඇතුළු අපි හැමෝම මේ රටේ සාමාන්‍ය ජනතාවගේ බදු මුදල්වලින් අධ්‍යාපනය ලැබූ අය. අපිට හෘදය සාක්ෂියක් තිබෙනවා. ඒ හෘද සාක්ෂියෙන් අපිට මිදෙන්න බැහැ. අනුර සහෝදරයාගේ කථාවක් අහන ඔබට දැනේනේ මොනවාද? එහි බොරු පොරොන්දු නැත. බොරු ආලවට්ටම් නැත. බොරු සෝබන කතාද නැත. ඇත්තේ එක දෙයයි. ඒ තමයි හෘදය සාක්ෂිය. අවංකභාවය සහ දේශපාලන අධිෂ්ඨානය. අපි මෙච්චර කල් අහිමි කර ගත්තේද ඒ දෙයමයි. රටක විපරිවර්තනයක් ඇති කරන්න නම් මනුෂ්‍යයෙකුට දේශපාලන අධිෂ්ඨානයක් අවශ්‍යයි. එහෙම නැතිව ගෑස් සිලින්ඩරයක් පෙන්නපු පළියට දේශපාලන අධිෂ්ඨානයක් ඇති වන්නේ නැහැ. පුපුරලා මිනිස්සු ගණනාවක් මිය ගිය ඛේදවාචකයක් පිටුපස තිබෙන සංකේතයක් තමයි ගෑස් සිලින්ඩරය. අනුර කුමාර දිසානායක ඇතුළු ජාතික ජන බලවේගය හැරෙන්න කිසිදු සත්‍යාවදී දේශපාලකයෙකු හෝ දේශපාලන ව්‍යාපාරයක් මේ රටේ දැන් අපිට පෙනෙන්නට නැහැ. ඒ සත්‍යවාදී දේශපාලනය සහිත මේ රට හා ජනතාව අලුත් දිසාවකට හැරවිය හැකි, අද ඉන්න එකම දේශපාලනඥයා තමයි අනුර කුමාර දිසානායක සහෝදරයා. ලංකාවේ විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරු පමණක් නොවෙයි මේ රටේ කලාකරුවන් විශාල ප්‍රමාණයක්ද මේ වන විට ඔහු වටා රොද බැඳ අවසානයි. මේක සම්ප්‍රදායික රොද බැඳීමක් නොවෙයි.

අපි මෙතනට ඇවිල්ලා ඉන්නේ ඊළඟට බලයට එන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවෙන් පෞද්ගලිකව යමක් කර ගන්න නොවෙයි. ඒත් ඒ ආණ්ඩුව අපිට ආරාධනා කළොත් මේ රට වෙනුවෙන් මේ රටේ ජනතාව වෙනුවෙන් යමක් කරන්න අපේ දැනුම හා ශක්‍යතාවයන් ඒ සඳහා අපි නොපැකිලවම දායක කරනවා. දැන් අපේ ජීවිතයෙන් භාගයක්ම ඉවරයි. මේ බර අපි අනාගත පරපුරට බාර දිය යුතු නැහැ ජාතික ජන බලවේගය එහි නායක අනුර කුමාර දිසානායක සහෝදරයා බාරගෙන තිබෙන අභියෝගය අන් කිසිම පක්ෂයක නායකයෙකුට බාර ගත නොහැකියි. ඒ අභියෝගය සඳහා ඔබගේ ශක්තිය අවශ්‍යයි. ඒ නිසා තමයි අපි කියන්නේ අනුර දිසානායක සහෝදරයා ඡන්ද කෝටියකින් දිනවිය යුතුයි කියලා.

Rathna Gamage Addressing The Alpitiya Rally

“අපි ස්ථාපිත කරන්නේ ජනතාවගේ පෑරුණු සිත් සුවපත් කරන පාලනයක්”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික රත්න ගමගේ-

මෙතනට පැමිණිලා ඉන්න සෑම මුහුණකම අමුතු ප්‍රබෝධයක් පෙනෙනවා. අපි දන්නවා අපේ රටේ ජනතාව බඩු මිලෙන්, ගෑස් මිලෙන්, ලයිට් බිලෙන්, ජල බිලෙන් පීඩාවට පත්වෙලා ඉන්නේ කියලා. ඔබට දහසක් ප්‍රශ්න තිබුණත් ඔබේ මුහුණුවල තිබෙනවා බලාපොරොත්තුවේ සේයාවක්. ඒක තමයි සැප්තැම්බර් 21 ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තුවේ සේයාව. ඒ වැඩේ ස්ථිරයි. දැන් අපිට හම්බවෙන බොහෝ අය කියන්නේ මම නම් මේ නොඉවසිල්ලෙන් ඉන්නේ ඡන්ද දිනේ එනකල් කියලා. මොකටද? අපේ අනුර සහෝදරයා දිනවන්න. අපට තිබෙන්නේ දින 18යි. දැන් රටේ සියලු සමීක්ෂණ ක්‍රියාවලින් කියවෙන්නේ මේ සැප්තැම්බර් 22 වන විට රටේ නියත ජනාධිපති ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක සහෝදරයා වන බවයි.

සැප්තැම්බර් 22 මේ රට අලුත් ගමනක් ආරම්භ කරනවා. මේ ගමන ආරම්භ කරන කොට අපිට කරන්න වැඩ ගණනාවක් තිබෙනවා. ඔබ ගාල්ලෙන් පාර්ලිමේන්තුවට කී දෙනෙක් තෝරා යැව්වා මතකද? පොහොට්ටුවෙන් 07යි. ටෙලිෆෝනය පැත්තෙන් දෙකයි. දැන් කට්ටියක් අලියා ගාව. කට්ටියක් ටෙලිෆෝන් එක ගාව. මේ ගොල්ලෝ ජන වරම කෙළෙසපු මිනිස්සු. ඒ නිසා දැන් රටේ ජනතාව තීරණය කරලා තිබෙනවා මින් පස්සේ මේ පල් හොරුන්ට ඡන්දය දෙනවා වෙනුවට ඔවුන් එලවලා දාලා මේ රට ජාතික ජන බලවේගයටයි, එහි නායක අනුර කුමාර දිසානායක සහෝදරයාටයි බාර දෙන්න. ජාතික ජන බලවේගයට මේ රට තනියෙන් හදන්න බැහැ කියලා අපි නිහතමානීව පිළිගන්නවා. ඒක අපි හැමෝගෙම සාමූහික වැඩක්. අපිට ඡන්දය දුන් නොදුන් සියලු දෙනාටම, අපිව විවේචනය කළ සියලු දෙනාවම අපි ආරක්ෂා කරන බවට ඔබට සහතික වෙනවා. සැප්තැම්බර් 22 අපි සාමූහිකව ජයග්‍රහණය සමරමු. අපේ සැමරීම කිසිවෙකු පීඩාවට පත් කළ යුතු දෙයක් නෙමෙයි.

මේ පාලකයෝ මෙතෙක් කල් අපේ ජනතාවගේ හිත් බින්දා; රැවැට්ටුවා. පිඩාවෙන් පීඩාවට පත් කළා. ජාතික ජන බලවේගයේ පාලනයක් අපි මේ ස්ථාපිත කරන්නේ මේ රටේ ජනයාගේ පෑරුණු, බිඳ වැටුණු, කඩා වැටුණු සිත් සුවපත් කරන්න. ශක්තිමත් කකරන්න. හැලුණු සිත් නැවත යථාවත් කරන්න. මේ රට නව පුනරුද යුගයකට ඔසවා තබන්න. ඒක තමයි අපේ පළමු අධිෂ්ඨානය සහ ආදර්ශය. මිහිඳු මා හිමි ලංකාවට වැඩම කළ පසු අපේ රටේ පුනරුද යුගයක් ආරම්භ වුණා. 14 – 15 වන සියවස්වල යුරෝපයේ පුනරුද යුගයක් ආරම්භ වුණා. අපේ රටේ වර්තාන පාලකයේ එවැනි යුගයක් නිර්මාණය කරන්න අසමත් වුණා. සැප්තැම්බර් 21න් පස්සේ මේ රටේ සමාජ, ආර්ථි, දේශපාලන, සංස්කෘතික පුනරුදයක් නිර්මාණය කිරීමට සමත් එකම බලවේගය වන්නේ ජාතික ජන බලවේගයයි. ඒකට නායකත්ව දෙන්නෙ. අපේ රටේ මීළඟ නියත ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයායි. 21න් පස්සේ ගොඩ නැගෙන අපේ පාලනය යටතේ වැඩකරන දේශපාලනඥයන් මේ රෙට් පොදු ජනතාවට නොමැති කිසිදු වරප්‍රසාදයක් බුක්ති විඳින්නේ නැහා කියන සහතිකය අපි ඔබට දෙනවා.

Anura Kumara Dissanayake And Saumya Sandaruwan Liyanage On Stage At The Alpitiya Rally
Show More

රාජ්‍ය නිලධාරීන් 100ක් නීති විරෝධී මැතිවරණ ව්‍යාපාරයේ

(-Colombo, September 02, 2024-) ගුවන්තොටුපොළ ආරක්ෂක අංශය සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් නව පත්වීම් වශයෙන් බදවා ගත් සේවකයින් 100 දෙනෙකු පමණ පසුගිය දිනවල දී රු. ලක්ෂ 72ක් පමණ වැය කොට පුහුණු කර ඇත. එම පුහුණුවෙන් පසු කටුනායකට ඔවුන් සියලු දෙනා ගෙන්වා නිවාඩු ඉල්ලුම්පත්‍ර ද අත්සන් කරවාගෙන බස් රථ මගින් ස්වාධීන ජනාධිපති අපේක්ෂක […]

(-Colombo, September 02, 2024-)

ගුවන්තොටුපොළ ආරක්ෂක අංශය සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් නව පත්වීම් වශයෙන් බදවා ගත් සේවකයින් 100 දෙනෙකු පමණ පසුගිය දිනවල දී රු. ලක්ෂ 72ක් පමණ වැය කොට පුහුණු කර ඇත. එම පුහුණුවෙන් පසු කටුනායකට ඔවුන් සියලු දෙනා ගෙන්වා නිවාඩු ඉල්ලුම්පත්‍ර ද අත්සන් කරවාගෙන බස් රථ මගින් ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යෙදවීමට රැගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.

ස්වාධීන ජනාධිපතිවරණ අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිය ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සදහා රාජ්‍ය සම්පත් හා රාජ්‍ය නිලධාරීන් යොදාගැනීමේ ප්‍රවණතාවය වැඩිවෙමින් පවතින අතර මැතිවරණ කොමිසම ඇතුළු අදාල බලධාරීන් වහා මැදිහත්වී මෙය පාලනය කර නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම තහවුරු කිරීමට පියවර ගත යූතු බව අපගේ අදහසයි.

නීතීඥ අකලංක උක්වත්ත (0773725007)
මාධ්‍ය ප්‍රකාශක – ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය

Show More

“අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් රට සාමකාමී ලෙස පවත්වාගෙන යාමට කැපවනවා” -අදිටන ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ප්‍රධානි විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර-

(-ජාතික ජන බලවේගයේ විශ්‍රාමිකත්‍රිවිධ හමුදා සාමූහිකයේ මාධ්‍ය හමුව – 2024.09.02-) අපේ හමුදා සාමාජිකයින් යුද, නාවික, ගුවන් හමුදාවල සාමාජිකයන් ලෙස දීර්ඝ කාලයක් රාජකාරි කර, උසස් නිපුණත්වයක් ලබා හැකියාවන් වර්ධනය කරගෙන සමාජයේ හොඳ පුරවැසියන් ලෙස ජීවත් වෙනවා. ජාතික ජන බලවේගය සමග විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ අදිටන සාමූහිකය තුළ දිවයින පුරා 40,000ක් පමණ ක්‍රියාකාරීව වැඩ කරනවා. මේ රට […]

(-ජාතික ජන බලවේගයේ විශ්‍රාමිකත්‍රිවිධ හමුදා සාමූහිකයේ මාධ්‍ය හමුව – 2024.09.02-)

Aruna Jayasekata At NPP Press Conference

අපේ හමුදා සාමාජිකයින් යුද, නාවික, ගුවන් හමුදාවල සාමාජිකයන් ලෙස දීර්ඝ කාලයක් රාජකාරි කර, උසස් නිපුණත්වයක් ලබා හැකියාවන් වර්ධනය කරගෙන සමාජයේ හොඳ පුරවැසියන් ලෙස ජීවත් වෙනවා. ජාතික ජන බලවේගය සමග විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ අදිටන සාමූහිකය තුළ දිවයින පුරා 40,000ක් පමණ ක්‍රියාකාරීව වැඩ කරනවා. මේ රට වෙනුවෙන් විනයගරුකව වගකීම් සාර්ථකව ඉටුකර විශ්‍රාමිකව සිටින අතර, මේ රටට අත්වී තිබෙන ඛේදනීය තත්වය අපට පැහැදිලිව දැක ගන්න ලැබුණා. මේ තත්වයෙන් ගොඩ එන්න අපෙන් සිදුකළ යුතු කාර්ය භාරය ඉටුකිරීම වෙනුවෙන් සොයා බලන විට ජාතික ජන බලවේගය ඉදිරියට එන ආකාරය අපි දැක්කා. ඔවුන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කර, අපගේ දෙවන මෙහෙවර ලෙස 2021 අවසානයේදී ඉතාමත් සැලසුම් සහගතව අදිටන සාමූහිකය නිර්මාණය කළා. ගෙවී ගිය වසර දෙකක කාලය තුළ එතෙර සිටින අපේ විශ්‍රාමිකයන් පවා විශේෂ කැපකිරීම් කළා. අප අත්පත් කරගෙන තිබෙන වෘත්තිමය දැනුම හා හැකියාව රට ගොඩනැගීම වෙනුවෙන් ජාතික ජන බලවේගය සමග එක්වී ලබාදීමට යොමු වුණා. අපේ තරුණ පරපුරට වගේම සමස්ත ජනතාවටම අපි ආදරෙයි. අප සක්‍රීය සේවයේ සිටි කාලයේ මානුෂීය ගුණාංගවලින් යුක්තව මානුෂීය මෙහෙයුමක් සිදුකළ අත්දැකීම් උපරිමයෙන් සිදුකර, මේ විශේෂ කටයුත්ත වෙනුවෙන් අද ලබාදී සිටිනවා. ඒ නිසාම අනෙකුත් පක්ෂ සහ රජය නොසිතූ කම්පනයකට ලක්වුණා. ජාතික ජන බලවේගයට විරුද්ධව දේශපාලනයේ යෙදී සිටින පක්ෂ සහ කණ්ඩායම් අදිටන ත්‍රිවිධ හමුදා සාමූහිකය සම්බන්ධයෙන් නොයෙකුත් මඩ අවලාද එල්ල කරන වීඩියෝ පට සහ පෝස්ට් සමාජ මාධ්‍යයේ පළ කරනවා. මාලිමාවට එරෙහිව කටයුතු කරන දේශපාලන පක්ෂ පවා මාධ්‍ය හමු පවත්වමින් අදිටන සාමූහිකයේ ක්‍රියාකාරකම් පිළිබඳව ව්‍යාජ සහ බොරු ප්‍රචාර ගෙනයනවා.

ඒ නිසයි, මම මුලින්ම අවධාරණය කළේ පසුගිය යුද්ධය පැවැති කාලයේ මෙම සාමාජිකයන් විශාල මානුෂීය මෙහෙයුමක් කළ අය බව. අපිට ජාතික ජන බලවේගය විශ්වාසයි. ඒ වගේම අපි කරන ක්‍රියාකාරකම් ගැන අපට විශ්වාසයි. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හැදීමේ අරමුණෙන් ක්‍රියාකරනවා වගේම ප්‍රතිපත්තිමය වශයෙන් සැප්තැම්බර් 21 දින ජනාධිපතිවරණයට උපරිම සහයෝගය ලබාදී ඉතාමත් සාමකාමී මැතිවරණයකට ඉඩ සලසනවා. ඉන් පසුවත් සාමකාමී වාතාවරණයක් ඇති කිරීම අපේ පරම වගකීම සහ යුතුකමයි. එය අපි ඉතාමත් විශ්වාසනීය ලෙස ජාතික ජන බලවේගයත් සමග එක්වී ක්‍රියාකරනවා. ජනාධිපති ලෙස තෝරා පත්වෙන අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් මේ රට සාමකාමී ලෙස පවත්වාගෙන යාමට ඇප කැපවී ක්‍රියාකරනවා. අපි රටවැසියාට බොරු පොරොන්දු දෙන්න හදාගත් සාමූහිකයක් නොවෙයි. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම අස්සක් මුල්ලක් නෑර යමින් ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා විජයග්‍රහණය කරවීම සඳහා අපි ඇප කැපවී ක්‍රියාකරනවා. සැප්තැම්බර් 21 දායින් පසු රට තුළ මහත් කලබලයක් ඇති කරන බවටත් එයට අදිටන විශ්‍රාමික සාමූහිකයේ අය සම්බන්ධ වෙන බවටත් මඩ අවලාද යවමින් තිබෙනවා. මම ඉතාමත් වගකීමෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එවැනි අවලාදවලට ඇහුම්කන් නොදෙන ලෙසයි. එවැනි තත්වයක් ඇති වෙන්න කිසිසේත්ම ඉඩක් නැහැ.

අපි මෙම සාමූහිකය ගොඩනඟා ගත්තේ බිම් මට්ටමේ සිට ත්‍රිවිධ හමුදා විශ්‍රාමිකයන් හමුවී සාකච්ඡා කිරීමෙන් පසුවයි. ඒ නිසා මෙම සාමූහිකය පොළොවේ පැලවුණු මුදුන් මුල් සහිත මහා වෘක්ෂයක් වූ ජාතික ජන බලවේගයට එක්වී සිටිනවා. එළඹෙන පස්වැනිදා සහ හය වැනිදා තැපැල් ඡන්දය පාවිච්චි කිරීමේදී ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ටද එම අයිතිය හිමිව තිබෙනවා. අප සමග රාජකාරි කළ අය හැටියට මේ රටට අත්වී තිබෙන ඛේදවාචකය ගැන සියලු දෙනාටම හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ නිසා තැපැල් ඡන්දය පාවිච්චි කිරීමේදී බුද්ධිමත්ව හොඳින් සිතා බලා කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට මෙතෙක් නීත්‍යානුකූලව ලබාදී තිබෙන පහසුකම් කිසිවක් අඩු නොවන බවත් විශේෂයෙන්ම ප්‍රතිපත්තිමය වශයෙන් ජාතික මහ සමුළුවේදී ප්‍රකාශයට පත්කර තිබෙනවා. ත්‍රිවිධ හමුදාවේ ගරුත්වය, අනන්‍යතාව සහ නීත්‍යානුකූලව රජයෙන් ලබාදී තිබෙන පහසුකම් කිසිම කප්පාදුවක් නොවෙන බව සහතික කර කියා සිටිනවා. අප ප්‍රකාශ කරන කරුණු විකෘති කරමින් ප්‍රචාරය කිරීමට තරම් ඇතැම් පිරිස් බිය වී සිටිනවා. රට විනාශයට වගකිව යුතු පිරිස් ඒ ආකාරයෙන් ක්‍රියාකරන බව අපි දන්නවා.

සිවිල් ආරක්ෂක බලකාය ඉතාමත් හැකියාවෙන් යුක්තව 30,000ක පමණ සාමාජිකත්වයකින් රට පුරා ක්‍රියාත්මක වෙනවා. ඔවුන්ගේ ගරුත්වය රැකෙන පරිදි කාලීනව අවශ්‍ය පුහුණුවීම ලබාදී රටට වැඩදායී ලෙස යොදවා ගන්නවා. ඔවුන්ගේ රැකියාවේ ස්ථාවරභාවය ආරක්ෂා කරනවා. මියගිය සහ අතුරුදහන් වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන් සමග ජාතික ජන බලවේගය දීර්ඝ වශයෙන් සාකච්ඡා කර වැඩපිළිවෙළක් සකස්කර තිබෙනවා. ඒ වගේම විශ්‍රාම වැටුප්වල පවතින විෂමතාවය අවසන් කිරීමට කටයුතු කරනවා. සැප්තැම්බර් 18 වැනිදා රාත්‍රියේ ඡන්ද ප්‍රචාරක කටයුතු අවසන් කිරීමත් සමග ඡන්ද පවත්වා අවසන් වන තුරු අපගේ ටී ෂර්ට් පළඳින්න බැහැ. එම කාලය තුළ අදිටන ටී ෂර්ට් පැළඳගෙන කටයුතු කරනවා නම්, ඔවුන් අපගේ සාමාජිකයන් නොවෙයි. අදිටන ටී ෂර්ට් භාවිතා කර, වීඩියෝ ක්ලිප්ස් සකස්කර, ව්‍යාජ මත ඉදිරිපත් කර තිබුණා. සැප්තැම්බර් 18 දින දක්වා අප යම් විශේෂිත කටයුත්තක් කරනවා නම් මේ ආකාරයෙන් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් පවත්වා ජනතාවට කරුණු හෙළි කරනවා. ඒ අනුව ජනතාවට අප කරන ක්‍රියාකාරකම් ගැන විනිවිද භාවයකින් යුතුව තේරුම් ගැනීම පහසු වෙනවා. ජාතික ජන බලවේගය ජනතාව අතරේ අත්පත් කරගෙන තිබෙන මහා ප්‍රසාදය ඉදිරියේ පසුබැස ඇති පිරිස් ඔවුන්ගේ බලය රැකගැනීමට ක්‍රියාකරන ආකාරය ගැන මහජනතාවට මේ දිනවල හොඳින් දැකගන්න පුළුවන්. ඒ නිසා සමාජ මාධ්‍ය භාවිතා කරමින් ඉදිරියේදී හුවාමාරු වන අසත්‍ය කරුණුවලට මුළා නොවෙන ලෙස ඕනෑකමින් ඉල්ලා සිටිනවා.

Sampath Thuyiyakontha At NPP Press Conference

“ත්‍රස්තවාදය, පාස්කු ප්‍රහාරය ඇති වුණේ දේශපාලනඥයන්ගේ දුර්වල නායකත්වය නිසා බව කනගාටුවෙන් වුවත් කිව යුතුයි”
-අදිටන ත්‍රිවිධ හමුදා සාමූහිකයේ විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා-

ජාතික ජන බලවේගය ලෙස අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නිකුත් කර තිබෙනවා. එහි 223 වැනි පිටුවේ “උසස් ජාතික ආරක්ෂාවක් – සුරක්ෂිත රාජ්‍යයක්” යන පරිච්ඡේදය යටතේ අපේ ප්‍රතිපත්තිය ඉදිරිපත් කර තිබෙනවා. ඒ සම්බන්ධ විස්තර එන්.පී.පී. ඩොට් එල්කේ වෙබ් අඩවියට පිවිස ඕනැම කෙනෙකුට බලා ගන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් දැනුවත් වෙන ලෙස ඉල්ලීමක් කරනවා. අපේ ත්‍රිවිධ හමුදාවේ දැනට සිටින නිලයන්ට අදාළව රජයෙන් නීත්‍යානුකූලව ලබාදී තිබෙන සියලුම පහසුකම් ඒ ආකාරයෙන්ම ලබා දෙනවා. පොදු ජනතාවට ලැබෙන වෛද්‍ය සහ ප්‍රවාහන පහසුකම් වැඩිදියුණු කිරීමෙනුත් ප්‍රයෝජනයක් ලැබෙනවා. විශ්‍රාමික සාමාජිකයන් සඳහා පවතින නිවාඩු නිකේතන ඇතුළු පහසුකම් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යනවා. ත්‍රිවිධ හමුදාවේ වෘත්තිය පුහුණුවක් ලැබූ අය, විශ්‍රාම ගියාට පසුව යෙදීමට වෘත්තීන් අහිමිවීම නිසා යුක්රේනයේ හෝ රුසියාව වැනි යුද්ධ භූමිවලට ගොස් ජීවිත පවා අනතුරට ලක්ව තිබෙනවා. ගෞරවනීය විශ්‍රාම ජීවිතයක් ගෙවීමට ආදායම් නොමැතිවීම නිසා ඔවුන් එවැනි අවදානමකට මුහුණ දී සිටිනවා.

ත්‍රිවිධ හමුදාව පොලීසිය සමග එක්ව ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැපවී ඉහළම ආකාරයෙන් යුද්ධය කාලයේ පවා ක්‍රියාකර තිබෙනවා. ත්‍රස්තවාදය, පාස්කු ප්‍රහාරය ඇති වුණේ මේ රට පාලනය කළ දේශපාලනඥයන්ගේ දුර්වල නායකත්වය නිසා බව කනගාටුවෙන් වුවත් කියන්න සිදුවෙනවා. අදටත් පාලකයන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඒ ආකාරයෙන්ම ක්‍රියාකරනවා. උදාහරණයක් හැටියට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ පරිදි තාමත් වැඩ බලන පොලිස්පතිවරයෙක් පත්කර නැහැ. පටු දේශපාලන සිතුවිලි නිසා පාලකයන් ඒ වගකීම පැහැර හැර තිබෙනවා. පටු දේශපාලන වාසි තකා පාලකයන් ක්‍රියාකරන ආකාරය මැනවින් තේරුම් ගන්නා ලෙසත් ඔවුන් රට ගැන සිතා කටයුතු නොකරන ආකාරයත් තේරුම් ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

අපි ජාතික ජන බලවේගයට එක්වී සිටින්නේ මේ තත්වයන් වෙනස් කරන්නයි. අපි සිවිල් වැසියන් හැටියට නීත්‍යානුකූල ලෙස ජාතික ජන බලවේගයට සම්බන්ධ වී ක්‍රියාකරමින් සිටිනවා. අපි කිසිම ලෙසකින් රට තුළ ප්‍රචණ්ඩත්වයක් ඇති වීමට ක්‍රියා නොකරන බව අවධාරණය කරනවා. ඒ පමණක් නොවෙයි සක්‍රීය සේවයේ යෙදී සිටියෙදී වගේම මේ අවස්ථාවේදීත් ක්‍රියා කරන්නේ සාමකාමී රටක මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙනුයි.

Fred Senevirathne At NPP Press Conference

“ජාතික ජන බලවේගය තුළ අපගේ දේශපාලන භාවිතය ජනතාව තුළ ඇගයීමට ලක්වී තිබෙනවා”
-අදිටන ත්‍රිවිධ හමුදා සාමූහිකයේ විශ්‍රාමික රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න-

අපි විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයට සම්බන්ධ වී සිටින්නේ කිසිදු පෞද්ගලික ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් නොවෙයි. සිදුවෙමින් පවතින සමාජ අසාධාරණය ඉදිරියේ තවදුරටත් නිහඬව සිටිය නොහැකි නිසා අපි ජාතික ජන බලවේගය සමග එක්වී රට ගොඩනඟන්න ක්‍රියාකරනවා. අනෙකුත් දේශපාලන පක්ෂත් විශ්‍රාමික හමුදා සාමූහිකයන් එක්කරගෙන සංවිධාන ගොඩනඟන්න උත්සාහ කළා. දූෂිත දේශපාලකයන් සහ ඔවුන් සමග ගහට පොත්ත මෙන් බද්ධ වී ක්‍රියා කළ සමහර නිලධාරීන් අපට විරුද්ධව පසුගිය කාලයේ අභූත චෝදනා ඉදිරිපත් කළා. අදිටනට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සියලු දෙනා දේශපාලනයට කිසිදු සම්බන්ධතාවයක් නොමැතිව ගෞරවාන්විතව රාජකාරි කර සක්‍රීය සේවයෙන් විශ්‍රාම ගත් අයයි. 40,000කට වැඩි විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් පිරිසක් අප වටා එකතු වී සිටින්නේ මේ තත්වය නිසයි. ජාතික ජන බලවේගය තුළ අපගේ දේශපාලන භාවිතය ජනතාව තුළ ඉතාමත් ඇගයීමට ලක්වී තිබෙනවා. දේශපාලන වේදිකාවල අපට අභූත චෝදනා නඟන දේශපාලකයන් සහ විශ්‍රාමික හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් සානුකම්පිතව කල්පනා කරන අතර, ඔවුන් සක්‍රීය දේශපාලනයේ යෙදී සිටි සමයේ ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් සලකා බලන ලෙස සමාජයෙන් ඉල්ලා සිටිනවා. විශේෂ ප්‍රභූ ආරක්ෂක කටයුතුවල යෙදි සිටින ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් කිසිවක් වෙනස් නොවෙන බව අවධාරණය කරනවා. ඒ වගේම මෙතෙක් අප හා එක් නොවූ විශ්‍රාමික හමුදා සාමාජිකයන් හට අප හා එක්වන ලෙසටත් ජනතාවාදී රජයක් බිහි කිරීමට දායක වන ලෙසත් ඉල්ලා සිටිනවා.

Upul Kumarapperuma At NPP Press Conference

“සමාජ මාධ්‍ය යොදා ගනිමින් ඡන්දදායකයාගේ මනස විකෘති කරන පණිවිඩ පතුරුවමින් තිබෙනවා”
-ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම-

ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් ජනතාව පෙළ ගැසෙන ආකාරය දැකීමෙන් විරුද්ධ පිරිස් කලබල වී ඉතාමත් තිරස්චීන මඩ ප්‍රහාරයන් එල්ල කරමින් සිටිනවා. ඊයේ (01) අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල්ට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඔහු 22 දා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් විසින් මිනිසුන්ගේ දේපළ කොල්ලකෑම, වාහන අත්පත් කර ගැනීම ආදී ක්‍රියා කරනු ඇති බවට විශාල භීතියක් සමාජයේ වපුරන්න උත්සාහ කරනවා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මන්ත්‍රී ධුරයෙන් පහකළ මනුෂ නානායක්කාර හිටපු ඇමතිවරයා තවත් භීතියක් හදමින් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයත් එක්ක විශාල මිනිස් ඝාතන සිදුවිය හැකි බවට ප්‍රචාරය කරනවා. 1977 මැතිවරණයෙන් පසුව ජනතාවට භීතියක් ඇති කළේ කවුද කියලා අපි දැකලා තිබෙනවා. 1994 සිට අද දක්වාම ඒ ආකාරයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ලංකාවේ සිදුවී නැහැ. චන්ද්‍රිකා බණ්ඩානායක කුමාරතුංග ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව අද දක්වාම ඔය කියන ආකාරයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වී නැහැ. ඒ නිසා 22 දා හෝ ඊට පසුව ඔය කියන ආකාරයේ සිදුවීම් පිළිබඳව ජනතාව කිසිසේත්ම බිය විය යුතු නැහැ. ඒ වගේම තැපැල් ඡන්දදායකයාගේ මනස විකෘති කරන ආකාරයේ පණිවිඩ සමාජ මාධ්‍ය යොදා ගනිමින් පතුරුවා හරිමින් සිටිනවා. ජාතික ජන බලවේගය ඉදිරියේ ඇතිවී තිබෙන ජනතා ප්‍රසාදය යම් තරමකින් හෝ අඩු කරන්න මේ මගින් උත්සාහ කරනවා.

අපේ ජනතාවගේ ස්ථාවර තැන්පතු රජයට පවරා ගන්නා බව හඳුන්නෙත්ති සහෝදරයා කීවා කියලා ඊයේ ඉංග්‍රීසි පුවත්පතක පළ කර තිබුණා. මේ රටේ මිනිසුන්ට දේපළ තබා ගැනීමේ අයිතිය නීතියෙන් තහවුරු කර තිබෙනවා. සල්ලි කියන්නෙත් මිනිසුන්ගේ දේපළක්. යම් නීතියක් පනවනවා නම්, ඊට කලින් ශ්‍රේෂ්ඨාධිකරණයට පනත් කෙටුම්පත යනවා. ශ්‍රේෂ්ඨාධිකරණය සලකා බැලීමෙන් පසුවයි ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නේ. ආණ්ඩුවක් පත්වුණා කියලා හිතෙන හිතෙන ආකාරයට නීති සම්මත කරගන්න බැහැ, බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා. අපේ රටේ ජනතාවට ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් මම ඒ බව සඳහන් කරනවා. දේශපාලනය සම්බන්ධයෙන් සාතිශය බහුතර ජනතාව මේ වන විට ගෙන තිබෙන තීරණය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කර, ඉතිහාසයේ පළමු වතාවට ජනතාවගේ ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක සහෝදරයා පත්කර ගන්නා මෙන් ඉල්ලා සිටිනවා.

Aditana NPP Press Conference

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු

ප්‍රශ්නය: මනුෂ නානායක්කාර සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ගය මොකක්ද?

පිළිතුර: අපි දැනටමත් තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයාට විරුද්ධව පැමිණිලිකර තිබෙනවා. මනුෂ නානායක්කාරට විරුද්ධව පැමිණිලි කරනවා. සැප්තැම්බර් 18 දින දක්වා ගෙනයන සියලුම අසත්‍ය ප්‍රචාර සහ මඩ අවලාදවලට එරෙහිව නීතිමය පියවර ගන්නවා.

Show More

“රටට ජයග්‍රහණ ලබාදීමෙන් ස්වයං තෘප්තියට පත්වන රාජ්‍ය සේවකයෙක් අපිට අවශ්‍යයි” -ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක-

(-සංවර්ධන නිලධාරී සහ ආශ්‍රිත සේවා නිලධාරී ජාතික සමුළුව – 2024.08.30-) මේ සැප්තැම්බර් 21 වැනිදා සහතික වශයෙන්ම අපි මේ රටේ සමාජ පරිවර්තනයක් සිදු කරනවා. ඔබ අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ ඵලයක්. දීර්ඝ කාලයක් පාසල් ජීවිතයක් සහ විශ්වවිද්‍යාල ජීවිතයක් ගෙවා දැමූ ඔබ අපේ රටේ සමාජ සංවර්ධනයට දායකත්වයෙන් හැකියාවත්, බුද්ධියක් තිබෙන පිරිසක්. නමුත් අපේ සමාජ දේහයත්, ආර්ථික ප්‍රතිපත්තියත් එහි […]

(-සංවර්ධන නිලධාරී සහ ආශ්‍රිත සේවා නිලධාරී ජාතික සමුළුව – 2024.08.30-)

Anura Kumara Dissanayake At Development Officers Summit

මේ සැප්තැම්බර් 21 වැනිදා සහතික වශයෙන්ම අපි මේ රටේ සමාජ පරිවර්තනයක් සිදු කරනවා. ඔබ අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ ඵලයක්. දීර්ඝ කාලයක් පාසල් ජීවිතයක් සහ විශ්වවිද්‍යාල ජීවිතයක් ගෙවා දැමූ ඔබ අපේ රටේ සමාජ සංවර්ධනයට දායකත්වයෙන් හැකියාවත්, බුද්ධියක් තිබෙන පිරිසක්. නමුත් අපේ සමාජ දේහයත්, ආර්ථික ප්‍රතිපත්තියත් එහි ප්‍රතිඵල නෙළාගන්න අසමත් වී තිබෙනවා. ඔබේ දැනුම, හැකියාව, ඵලදායී ලෙස යොදා ගන්නට අපේ රාජ්‍ය සේවය අසමත් වී තිබෙනවා. මේ සමාජ ආර්ථික දේහයෙන් පිටමං වෙලා ඉන්නේ, ඔබ විතරක් නොවෙයි තරුණ තරුණියන් මේ ආර්ථික දේහයට උකහා ගන්න අසමත් වෙලා තිබෙනවා. මේ ආර්ථික ක්‍රියාදාමය ඇතුලේ බොහෝ පිරිසක් මිනිස් දූවිලි බවට පත් කරලා තිබෙනවා. ඒ තත්වය තුළ මේ රටේ පුරවැසියාට මේ ආර්ථිකයෙන් සාධාරණය ඉෂ්ට වෙන්නේනේ නැහැ. ආර්ථික ප්‍රතිලාභ, ඔවුන්ට අහිමියි.

සැප්තැම්බර් 21න් පස්සේ අපට පැවරෙන කාර්යයන් අතර ප්‍රධාන කාර්යයක් තමයි ආර්ථික දේහය ශක්තිමත් කොට අපේ රටේ වැඩ කළ හැකි සියලුම පුරවැසියන් රට ගොඩනැගීමට දායක කර ගැනීම. ඒ වගේම මේ අසාර්ථක, පිරිහුණු දේශපාලන ක්‍රමය නව පරිවර්තනයකට ලක් කළ යුතුයි. අපේ රටේ නිෂ්පාදනයේ, අධ්‍යාපනයේ, ආර්ථිකයේ නව පරිවර්තනයක් අවශ්‍යයි. මේ සැප්තැම්බර් 21දායින් පසු මේ සමස්ත දේහයම නව පරිවර්තනයකට ලක්කරන එක තමයි අපේ ව්‍යාපාරයේ අභිප්‍රායය. ඔබ කිසිවෙක් තමන් කරන රාජකාරිය ගැන සතුටින් නොවෙයි ඉන්නේ කියන එක පැහැදිලියි. ඒ නිසා මේ පද්ධතියේම ඇති කරන නව ප්‍රතිෂ්ඨාපනයක් අපිට අවශ්‍යයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බර ගන්නේ සහ අප වෙත පැවරී ඇත්තේ එම කාර්යභාරයයි. මේ කාර්යභාරය ඉටු කිරීමේ මූලික වගකීම ප්‍රධාන අංශ තුනකට පැවරෙනවා. එකක් ඒකට දියුණු සමාජ ව්‍යාපාර තිබෙනවා. අපට ඒ පරිවර්තනය සිදුකර ගන්න එක අසීරු දෙයක් නොවෙයි. එහිදී ඔබට අත්හරින්න බැරි විශාල කාර්යභාරයක් පැවරෙනවා.

Development Officers Summit Crowd

සමහරු හිතනවා මේ කඩා වැටීම අවසන් කළ හැක්කේ, රාජ්‍ය සේවය දියකර හැරීමෙන් කියලා. නැහැ. යම් කඩා වැටුණු රාජ්‍යයක් ඉන් ගොඩ ගත හැක්කේ, ශක්තිමත් රාජ්‍ය සේවයක් ගොඩනැගීමෙනුයි. මෑතකදී සිංගප්පූරුවේ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශයක් කරමින් කියනවා සිංගප්පූරුව සතුව පවතින ශක්තීන් දෙකක් පිළිබඳව. එකක් සිංගප්පූරුව සතුව තිබෙන විදෙස් සංචිතය. නැතිනම් ඩොලර් සංචිතය. දෙවැනි කාරණය තමයි ඔවුන් සතුව තිබෙන ශක්තිමත් රාජ්‍ය සේවය. ඉන්දියාවේ බැලුවත් වියට්නාමයේ බැලුවත් ඔවුන් අත්පත්කරගෙන තිබෙන ආර්ථික ශක්තියෙන් විශාල ප්‍රමාණයක් රාජ්‍ය සේවයට අයත්ව තිබෙනවා. ඒ නිසා මේ පරිවර්තනයේදී අපේ රටේ රාජ්‍ය සේවය විශාල පංගුවක් හැටියට සලකලා තමයි අපි අපේ සැලසුම් සකස් කර තිබෙන්නේ. ඔබ තුළ තිබෙන ශක්‍යතා කෙරෙහි විශ්වාසය තබලා තමයි අපි මේ පරිවර්තන කාර්යයට අත ගහලා තිබෙන්නේ. අපේ රටේ රාජ්‍ය සේවය තුළ කොච්චර නාස්තිය, දූෂණ සිද්ධ වෙනවාද කියලා අපිට වඩා හොඳින් ඔබ දන්නවා. ඒක නතර කරන්න දේශපාලන ව්‍යුහයෙන් විතරක් බැහැ. ඒක නතර කරන්න රාජ්‍ය සේවයත් වංචා දූෂණවලින් තොර පරිවර්තනයකට රාජ්‍ය සේවය ලක්කළ යුතුයි. ඒ වෙනුවෙන් ඔබත් සූදානම් වන්න. ඔහේ ගලාගෙන යන මේ පවතින සිස්ටම් එකට තවදුරටත් ඉඩ හැරීමෙන් මේ පරිවර්තනය කරන්න බැහැ. පුරුද්දට කරන්නම් වාලේ රාජකාරි කරලා මේ සමාජ පරිවර්තනය කරන්න බැහැ.

අපේ රාජ්‍ය සේවය ශක්තිමත් ලෙස ඉලක්කයකට මෙහෙය වන්න ඕනෑ. ඉලක්ක සහගතව වැඩ කරන්න ඕනෑ. රාජ්‍ය සේවකයටම දැනෙන්න ඕනෑ තමන් කරන වැඩ කොටස අනුව දැන් මේ රට ක්‍රමයෙන් ඉදිරියට යනවා. ඒ සඳහා තමනුත් දැන් දායක වෙලා ඉන්නවා කියලා. පුරුද්දට යන රාජ්‍ය සේවයක් වෙනුවට නිරන්තරයෙන් අලුත් වන, තමන් අත්පත් කර ගන්නා ජයග්‍රහණවලින් නිරන්තරයෙන් සතුටු වන, රටට ජයග්‍රහණයක් ලබා දුන්නාය කියා ස්වයං තෘප්තියට පත්වන රාජ්‍ය සේවයක්, රාජ්‍ය සේවකයෙක් අපිට අවශ්‍යයි. රාජ්‍ය සේවය ගැන අපේ රටේ පුරවැසියන්ට තිබෙන්නේ තෘප්තිමත් හැඟීමක් නොවෙයි. දැන් සිදුවෙලා තියෙන්නේ රාජ්‍ය සේවයෙන් යම් කටයුත්තක් කර ගැනීමට දන්නා කියන කෙනෙක් සොයා යාමට මහජනයාට සිදුවීම. අනෙක් අතට රාජ්‍ය සේවකයාත් තම කාර්යය පිළිබඳ තෘප්තිමත් නැහැ. තම සුදුසුකම්වලට ගැලපෙන රාජකාරිවල නොවෙයි නිරත වෙන්නේ; උසස්වීම් නැහැ; ඇගයීම් නැහැ; ජීවත් වෙන්න සරිලන විසඳුමක් නැහැ; පහසුකම් නැහැ. අපි ඔබගේ සේවය, ඔබ සතුටු වන තෘප්තිමත් වන සේවයක් බවට රාජ්‍ය සේවය නියත වශයෙන්ම පත්කරනවා.

Anura Kumara Dissanayake Addressing The Crowd At Development Officers Summit

මිනිස්සු තෘප්තිමත් වෙන්නේ තමන් ලබන වැටුපෙන් හෝ පහසුකම්වලින් පමණක් නොවෙයි. තමන් කරන රාජකාරියෙන් ඵලදායී සේවයක් ඉටුවෙනවා නම්, ඒකෙනුත් ඔහු සතුටු වෙනවා. සමහරු හිතනවා රාජ්‍ය සේවය තෘප්තිමත් කළ හැක්කේ වැටුප් වැඩිකිරීමෙන් විතරක් කියලා. ඒ නිසා සමහරු කියනවා ලබන අවරුද්දේ ඔබගේ වැටුප් රුපියල් 25,000කින් වැඩි කරනවා කියලා. ඇයි දැන් කරන්න පුළුවන්නේ. තමන් රටේ ජනාධිපතිනේ. තැපැල් ඡන්දෙ ළඟ නිසා ඇමක් දාලා බලනවා. අපි හිතන්නේ ඔබ සතුටු වෙන්නේ වැඩි වැටුප්වලින් පමණක් නොවෙයි. රජය ඔබ කෙරහි විශ්වාසය තබලා යම් කාර්යභාරයක් ලබා දෙනවා නම් ඔබ සතුටු වෙනවා. ඔබ ළඟට එන පුරවැසියාට තම කාර්යභාරය නිසි පරිදි ඉටුකළා කියා හිතෙනවා නම් ඔබ සතුටු වෙනවා. ඔබට පැවරී තිබෙන ඉලක්කය සම්පූර්ණ කළා නම් ඔබ සතුටු වෙනවා. අපි දන්නවා අද සංවර්ධන නිලධාරීන් ඉන්නේ විශාල අසතුටකින්. වැටුප් ගැන මෙන්ම මොකක්ද කරන රාජකාරිය කියලා. ඔබට නිසි කාර්යයක් පවරලා නැහැ. අපේ පාලනයක් යටතේ අපි ඔබට ඔබේ සුදුසුකම, හැකියාව මත ඉලක්ක සහගත කාර්යයක් පවරනවා. එය නිසි පරිදි ඉටුකරන්න කියා අපි ඉල්ලා සිටිනවා.

දැන් තියෙන ආර්ථිකය බයිං ඇන්ඩ් සෙලින් ආර්ථිකයක්. නිෂ්පාදන ආර්ථිකයක් නොවෙයි. ඒකේ ඇතුලේ පුරවැසියෙකුට කාර්යභාරයක් නැහැ. රස්සා ඇති වෙන්නේ නැහැ. බිත්තර ගෙන්නන කොට එක බිත්තරයකින් රුපියල් 08ක් කොමිස් ගන්නවා. රෙදි ගෙන්නන කොට කෝටාවකින් ජරාව ගන්නවා. ඒක ඒ ගොල්ලන්ගේ මල්ලට හොඳයි. නමුත් අපි අපේ ශක්‍යතාවන්, විභවතාවන් සැලකිල්ලට අරගෙන සැලසුම් මත අපේ ආර්ථිකය නව මානයකට ගෙනියනවා. 2018 අපේ රටට සංචාරකයන් ලක්ෂ 20ක් ආවා. අපි එය කෙටි කලකින් ලක්ෂ 40කට ගෙනියන්න සැලසුම් හදා තිබෙනවා. අන්න එතකොට රාජ්‍ය සේවකයෝ හැටියට ඔබටත් කාර්යභාරයක් පැවරෙනවා. රාජ්‍යයට පැවරෙන වැඩ කොටසින් කොටසක් තමයි ඒ ඔබට පැවරෙන්නේ. අන්න ඒ සඳහා ඔබ සූදානම් වී සිටින්න.

Crowd At Development Officers Summit

අපි හැම වෘත්තියකටම අදාළ වෘත්තිය පුහුණු පාඨමාලා රාත්‍රී කාලයේදී ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. එහිදී ඔබටත් කාර්යයක් පැවරෙනවා. ඔබේ ගමේ අක්‍රමවත්, විධිමත් නොවන ශ්‍රම බලකාය විධිමත් ශ්‍රම බලකායක් බවට පත් කරන්න ඕනෑ. ඒ සඳහා ඔබේ ගමේ ඔබටත් කාර්යභාරයක් පැවරෙනවා. අපි ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම තිබෙන ශක්‍යතා ගණන් බලලා ඒ ඒ දිස්ත්‍රිකය තුළ කුමන නිෂ්පාදන කාර්යයක් කළ හැකිදැයි බලලා ඒවා පටන් ගන්න සැලසුම් හදා තිබෙනවා. ඒ වගේ දිස්ත්‍රික්ක ඉලක්ක කර ගත්ත සංවර්ධන වැඩසටහන් අපි සැලසුම් කර තිබෙනවා. එහිදීත් ඔබට කාර්යභාරයක් පැවරෙනවා. අපි අපනයන ගම්මාන 1000ක් පිහිටු වීමට සැලසුම් කර තිබෙනවා. එහිදී ඔබ ව්‍යාපෘති නිලධාරියෙක් හැටියට වගකීම් ගෙන කටයුතු කළ යුතු වෙනවා. අපි සැලසුම් කර තිබෙනවා එක දරුවකුවත් අවම සාමාන්‍ය පෙළ විභාගයට වත් පෙනී නොසිට පාසලෙන් එළියට වැටෙන්න දෙන්නේ නැති ව්‍යාපෘතියක්. එය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුබද්ධ වැඩසටහනක්. ඒ පිළිබඳව සොයා බැලීමේ වගකීම් සහගත කාර්යභාරයක්ද ඔබට පැවරෙනවා. අපේ ආණ්ඩුව රටට ඉලක්ක හදනවා. ඔබ වැඩ කරනවා. ඔබ කරන රාජකාරිය ගෞරවයත්, තෘප්තිමත්භාවයකින්, ඉලක්ක සපුරාලමින් වර්ධනය වන එකක් බවට අපේ පාලනයක් යටතේ අපි ඉහළට ඔසවා තබනවා.

Chandana Sooriyarachchi Addressing The Crowd At Development Officers Summit

“අපේ සටන හොඳ රැකියාවක් වගේම ලස්සන ජීවිතයක් වෙනුවෙන්”
-සංවර්ධන නිලධාරි සේවා සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි-

මේ වගේ සමුළුවකට එනකොට රජය පිළිගත් ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදනයක් තිබෙනවා. එනම් සහභාගි වන සාමාජිකයන්ට දුම්රිය බලපත්‍ර වගේ පහසුකම් දෙන්න. නමුත් අපි මේ සමුළුව සඳහා ආයතන සංග්‍රහයෙන් අපිට හිමිවෙලා තිබෙන ප්‍රතිපාදනය පාවිච්චි කළේ නැහැ. ඒ නිසා මේ පැමිණ සිටින සහොදර සහෝදරියන් ස්වාමීන් වහන්සේලා තමන්ට හිමි රාජකාරි නිවාඩු පවා ලබා නොගනිමින් තම පෞද්ගලික නිවාඩුවලින් අවස්ථාව ලබාගෙන තමයි මේ ජාතික සමුළුවට සහභාගි වෙන්නේ. එවැනි කැපකිරීමක් කරපු ඔබ සියලු දෙනාටම මාගේ ගෞරවය ප්‍රණාමය පුදකර සිටිනවා. මේ ලෙඩ වී තිබෙන මේ රටේ රාජ්‍ය සේවාව නිරෝගීමත් සේවාවක් බවට පත් කළ යුතුයි. මේ සමුළුව අපේ සහෝදරවරු එන එක වළක්වන්න සමහර අය විවිධ බාධා එල්ල කළා. සමහරු කීවා මේ සමුළුවට යන එක රැකියාවට ගැටලුවක් වෙන්න පුළුවන් කියලා. ඒවා එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්න අපි වැඩකරන්නෙත් නැහැ.

රාජ්‍ය සේවාවේත්, පළාත් රාජ්‍ය සේවාවේත් සංවර්ධන නිලධාරීන් ඇතුළු ආශ්‍රිත සේවාවේ නිලධාරීන් තමයි මෙතන ඉන්නේ. මේ සේවාව ආරම්භ වන්නේ 1999දී. මේ සේවාවේ ලක්ෂයකට අධික නිලධාරීන් පිරිසක් රාජ්‍ය සේවාවේ ඉන්නවා. රාජ්‍ය සේවාවන් අතර ඉතා වැඩියෙන්ම දුෂ්කරතාවලට මුහුණ දී සිටින පිරිසක් තමයි මේ සේවාවේ ඉන්නේ. පාලකයන්ගේ විවිධ අසාධාරණකම් ඉදිරියේ කප්පාදු කිරීම් ඉදිරියේ, බලපෑම්වලින් නොසැලී ඒවාට අභියෝග කරන වෘත්තිය සමිති ව්‍යාපාරයක් තමයි අපි සතුව තිබෙන්නේ. රාජ්‍ය සේවයට ආ පළමු පැයේ සිටම අපට තිබුණේ සටන් අරගල. 2005දී රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප අහිමි කර තිබුණා. ඔබව සේවයට බඳවා ගැනීමේදීත් බරපතළ කොන්දේසි දමා තිබුණා. එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පත්වීම් ලිපි ලබාදෙද්දීත්, බරපතළ කොන්දේසි ඔබගේ පත්වීම් ලිපිය තුළ අඩංගු කර තිබුණා. නමුත් අපේ වෘත්තිය සමිති ව්‍යාපාරය එය බාරගන්න සූදානම් වුණේ නැහැ. වසර තුනකින් සංවර්ධන නිලධාරීන්ගේ සේවය නතර කරන්න රාජපක්ෂ ආණ්ඩුව දමා තිබූ කොන්දේසියට විරුද්ධව අපි අඛණ්ඩව සටන් කළා. 2015 දී එම කොන්දේසි ඉවත් කර ගන්න අපි සමත් වුණා. අපිට රැකියාවක් ගන්නත් සටන් කරන්න වෙලා වගේම ගත්තට පස්සේ එහි අයිතිවාසිකම් වෙනුවෙනුත් සටන් කරන්න සිද්ධ වෙලා

අපිට උපාධියක් තිබුණට ජීවිතයක් නැහැ. මේ සමාජය ඇතුළේ අපි අත්විඳින කටුක යථාර්ථය එයයි. අපි 2001 සිටම සෑම උපාධිධාරියෙකුටම රැකියාවක් ලබා ගැනමේ අරගලයක හිටපු වෘත්තිය සමිති ව්‍යාපාරයක්. මේ රටේ උපාධිධාරීන්ගේ අයිතීන් වෙනුවෙන් කරන සටන අප අත්හරින්නේ නැහැ. 2001දී අපේ අයිතීන් වෙනුවෙන් අපි අරගල කරන විට රනිල් වික්‍රමසිංහලා අපිට පහර දුන්නා; අත්අඩංගුවට ගත්තා; සිරගත කළා. එහෙම තමයි රනිල් මේ රටේ උපාධිධාරීන්ට සැලකුවේ. ඒ ජාතියේ ආණ්ඩු තමයි අපි පසුකරගෙන ආවේ. අපි ඔබට එකක් කියනවා මේ ගෙවුණු දශක දෙකකටත් වැඩිකාලය තුළ අපි සටන් කළේ අපිට හොඳ රැකියාවක් වගේම ලස්සන ජීවිතයක් වෙනුවෙන්. වෘත්තීය ගරුත්වයක් ඇතිව රැකියාව කරලා ජනතාවට හොඳ සේවයක් සපයලා ගෞරවාන්විතය සේවයෙන් විශ්‍රාම ගන්න. නමුත් මෙතෙක් රට පාලනය කළ පාලකයන් ඊට ඉඩ නොදුන් බව ඔබට දැන් හොඳින් පැහැදිලියි.

මම අපේ සහෝදර සහෝදරියන්ගෙන්, ස්වාමීන් වහන්සේලාගෙන් ඉල්ලීමක් කරනවා. අපේ රටේ පාලකයන්ට උගතුන්, බුද්ධිමතුන්ගෙන් වැඩක් නැහැ. අපෙන් ඵලදායී සේවාවක් ගන්න ඔවුන්ට වැඩපිළිවෙළක් නැහැ. මේ අසමත් පාලකයන් සහිත පාලනය දිගටම පවත්වාගෙන යනවාද නැත්නම් එය වෙනස් කරනවාද කියන ප්‍රශ්නය අපි හමුවේ තිබෙනවා. ඔබත් මමත් අවුරුදු ගණනාවක් පුරා අපේ වෘත්තියට අදාළ විවිධ ඉල්ලීම් දිනා ගන්න සටන් කළා. ඒත් පලක් නැති බව ඔබ හොඳින් දන්නවා. ඒ නිසා අද අපි ඉදිරියේ අලුත් සටනක් තිබෙනවා. එය තමයි මේ පාලන ක්‍රමයත් පාලකයනුත් ඉතිහාසයෙන් පළවා හැර රටට නව පාලනයක්, නව මාවතක් විවෘත කර ගැනීමේ සටන. අන්න ඒ සඳහා මේ ජනාධිපතිවරණයේදී ඉදිරියට එන්න. ඔබේ වගකීම ඉටුකරන්න. ජයග්‍රහණයේ මාවතට පිවිසෙන්න කියා අප ඉල්ලා සිටිනවා.

Lal Kantha Addressing The Crowd At Development Officers Summit

“වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කරන ආණ්ඩුවක් යටතේ නැවත හමුවෙමු”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල් කාන්ත-

සැප්තැම්බර් 21 පහුවෙලා අපි අලුත් ව්‍යවස්ථාවක් යටතේ වැඩ කරන ජනතාවගේ පාලනයක් යටතේ වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කරන ආණ්ඩුවක් යටතේ අපි නැවත සමුළුවක් තියමු. අපි ඔබ, මහපාරේ ගොඩක් සටන් කළා. උද්ඝෝෂණ වැඩවර්ජන ගොඩක් කළා. 21 වැනිදාට තිබෙනවා අපිට ලොකු සටනක්. ඒ සටන් භූමියේ අපි දිනන සටන කරමු. සැප්තැම්බර් 21 දින සටන් භූමියේ අපේ ජයග්‍රහණය නිසැක ලෙසම ස්ථිර වෙලා තිබෙනවා. ඒ ජයග්‍රහණය වෙනුවෙන් මෙතැන් සිට වැඩ කරමු. මාලිමාව දිනවමු. රට දිනවමු. එදාට අපි ඔබ සියලු දෙනාම දිනුම්.

Show More

පරිසරවේදීන්ගේ සැලසුම්, ආණ්ඩුවේ ඒවා බවට පත්කරගනිමින් පරිසර විනාශය වළක්වා ගන්නවාජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක අනුර කුමාර දිසානායක

(-ජාතික ජන බලවේගයේ පරිසර ප්‍රතිපත්තිය එළිදැක්වීම – 2024.08.31-) අපේ පරිසර ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමේ මූලික සාකච්ඡාවක් 2018-2019 කාලයේ ආරම්භ කර ඒ සම්බන්ධයෙන් දීර්ඝ අත්දැකීම් තිබෙන විද්වතුන් සමඟ සාකච්ඡා කළා. ඒ වාගේම රට පුරා ස්වේච්ඡාවෙන් මහන්සි වී ක්‍රියා කළ විශාල පිරිසකුත් ඉන්නවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළියෙළ කිරීම සඳහා දායක වූ ඒ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ආණ්ඩුවේ […]

(-ජාතික ජන බලවේගයේ පරිසර ප්‍රතිපත්තිය එළිදැක්වීම – 2024.08.31-)

AKD Addressing The Nature Policy Launch

අපේ පරිසර ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමේ මූලික සාකච්ඡාවක් 2018-2019 කාලයේ ආරම්භ කර ඒ සම්බන්ධයෙන් දීර්ඝ අත්දැකීම් තිබෙන විද්වතුන් සමඟ සාකච්ඡා කළා. ඒ වාගේම රට පුරා ස්වේච්ඡාවෙන් මහන්සි වී ක්‍රියා කළ විශාල පිරිසකුත් ඉන්නවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළියෙළ කිරීම සඳහා දායක වූ ඒ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ආණ්ඩුවේ පිට සහ ආණ්ඩුව තුළත් ප්‍රතිපත්ති ප්‍රකාශන සම්පාදනය කරන්න විශාල කාර්යභාරයක් කළ අය ඉන්නවා. අපේ රටට ප්‍රතිපත්තිවලින් අඩුවක් නැහැ. යම් තැන්වල පරස්පරතාවන් තිබෙනවා නම්, සාකච්ඡා කර සකස් කර ගැනීමේ හැකියාව තිබෙනවා. රටක් හැටියට පරිසරය ආරක්‍ෂා කර ගැනීමට සකස් කළ අණපනත් ගණනාවක් තිබෙනවා. එහෙම නම්, නීතිවල ප්‍රශ්නයකුත් නැහැ. යම් යාවත්කාලීන කිරීම් අවශ්‍ය නම්, සිදු කළ හැකියි. එක්සත් ජාතීන්ගේ පාරිසරික සංවිධානය සමඟ ප්‍රඥප්ති ගණනාවකට අත්සන් කර ජාත්‍යන්තර වශයෙන් එකඟතා ඇති කරගෙන තිබෙනවා. ඒ වාගේම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දී තිබෙන නඩු තීන්දු ගණනාවකින්ද පරිසරයේ ආරක්‍ෂාව සඳහා විශාල රැකවරණයක් සපයා තිබෙනවා. 1998 පොස්පේට් නිධිය රැකගැනීමේ අරගලයේදී පොස්පේට් අපනයනය කිරීම වැළැක්වීම වෙනුවෙන් තීන්දුවක් ලබා දී තිබෙනවා. නමුත්, ඇමැතිවරයා මෑතක දී ප්‍රකාශ කර තිබුණේ, “මම වංගුවක් ගහලා, විකුණන්න පටන් ගත්තා” කියලයි. නීති, නඩු තීන්දු, ගිවිසුම් මඟින් පරිසරය සම්බන්ධයෙන් දී තිබෙන ආවරණය සුරක්‍ෂිත කරන්න පාලකයන් ක්‍රියා කළා ද කියන ප්‍රශ්නය අපට තිබෙනවා.

ඒ නිසා නිරන්තරයෙන්ම පරිසරවේදීන් බලන කෝණය සහ දේශපාලකයන්ගේ කෝණය අතර ගැටුමක් තිබෙනවා. පරිසරය ආරක්‍ෂා කිරීමේ නියමු කාර්යය පරිසරවේදීන් සිදු කරන අතර, පරිසරය විනාශ කිරීමේ නියමු කාර්යය ආණ්ඩු විසින් සිදු කරන බවට මතයක් පවතිනවා. මේ නිසා උද්ඝෝෂණ, ගැටුම්, අධිකරණ ක්‍රියාමාර්ග බොහොමයක දී ආණ්ඩුව වගඋත්තරකරුවා වී සිටිනවා. අණපනත් කොතරම් තිබුණත්, දේශපාලන අධිකාරිය ඒවාට පක්‍ෂපාතීද නැතහොත් විරුද්ධද කියන ප්‍රශ්නය මත ගැටුම් සිදු වී තිබෙනවා. මුතුරාජවෙල ඉඩම් පිළිබඳ ප්‍රශ්නය සොයාබැලූ විට පැහැදිලි වූයේ ඒ පිටුපස දේශපාලන අධිකාරියේ මැදිහත් වීම් තිබෙන බවයි. පරිසරවේදීන් ලෙස ඔබ පරිසරය ආරක්‍ෂා කිරීමට ක්‍රියා කරන අතර, පාලකයන් ඊට ප්‍රතිවිරෝධී පාර්ශවයේ සිටිනවා. නමුත්, අප කල්පනා කරන්නේ අප දේශපාලකයන් වන අතර, ඔබ මෙම ක්‍ෂේත්‍රයේ විශේෂඥයන් බවයි. ජීවිතය සහ වෘත්තිය අතර විශාල පරතරයක් තිබෙන ඇතැම් වෘත්තීන් තිබෙනවා. නමුත්, ජීවිතය සහ වෘත්තිය ඒකාබද්ධ කළ ක්‍ෂේත්‍රයක් වන්නේ පරිසරය ආරක්‍ෂා කිරීමයි. පරිසරවේදීන් සැලකිය යුතු පිරිසක් තමන් නියැළී සිටින කාර්යය සහ ජීවිතය අතර ඒකාබද්ධතාවක් පවත්වා ගනිමින්, විවිධ අපහාස, ප්‍රහාර පමණක් නොවෙයි, ජීවිතය පවා අනතුරට ලක් කර ගෙන තිබෙනවා.

Anura Kumara Dissanayake Addressing The Nature Policy Launch

නමුත්, අපේ ප්‍රතිපත්තිය වන්නේ අප දේශපාලන අධිකාරියට නායකත්වය දෙන අතර, පරිසරය උදෙසා ඔබ දරන ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට සියලු ක්‍රියාමාර්ග ගැනීමයි. මේ පරිසරය කොතරම් විනාශ කර තිබේද යන්නට සාක්‍ෂි අපේ ජීවිතයේදී නිතරම හමු වෙනවා. අප පොඩි කාලයේ බඹයක් ගැඹුරට පොළොව හාරන විට වතුර හමු වෙනවා. අද බඹ පහක්, හයක් කැපුවත්, වතුර හම්බ වෙන්නේ නැහැ. ඉස්සර අපේ ගම්වලට දුරින් අලි හිටියා. අද වෙන කොට අපේ ගම්බිම්වලට අලි කඩාවදිනවා. අපේ ජීවිත කාලය ඇතුළත අනුරාධපුරය පැත්තේ වතුර විකුණන කඩ දකින්න හමු වෙයි කියලා අපි හිතුවේ නැහැ. අපි වක්කඩෙන්, වැවෙන් වතුර බී තිබෙනවා. නමුත්, දැන් වතුර කඩ වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. අපි නොදැකපු වකුගඩු රෝගය, ශ්වසන ආශ්‍රිත රෝග දකිමින් සිටිනවා. ඒ වාගේම සතියක් වහින කොට පිටාර ගලන වැව සති දෙකක් පායන කොට හිඳී යනවා. අපි හැමෝට ම සිදු වී තිබෙන මේ අලකලංචිය අත්දැකීමෙන්ම දකිනවා. ගංවතුර, නායයාම්, සෝදාපාළුව වැනි දේවලට අමතරව සිදු වන මේ දේවල් පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා.

මේ තත්වය තවත් ඉදිරියට ගිය විශාල ව්‍යසනයකට අනාගත පරම්පරාව මුහුණ දෙන එක වළක්වන්න බැහැ. විශේෂයෙන්ම 1980න් පස්සේ මේ තත්වය වේගයෙන් වර්ධනය වුණා. පරිසර පද්ධතිය ආරක්‍ෂා කිරීමේ ප්‍රතිඵල අපේ ජීවිත කාලය තුළ භුක්ති වින්දා වාගේම එය විනාශ කිරීමේ ප්‍රතිඵලත් දැන් භුක්ති විඳිමින් සිටිනවා. දශක තුන, හතරක කාලය තුළ මේ ප්‍රතිවිරෝධී ප්‍රතිඵල භුක්ති විඳිනවා නම්, තව දශක දෙක, තුනක් යන කොට කුමක් සිදු වෙයිද? ඒ නිසා දේශපාලන අධිකාරිය හැටියට අපේ ආණ්ඩුවකදී ඔබ ඉදිරිපත් කරන සැලසුම් සහ වුවමනාවන් අපෙත් සැලසුම් සහ වුවමනාවන් බවට පත් කර ගනිමින්, විනාශය වැළැක්වීම සඳහා උපරිම පියවර ගන්නවා. අප පිහිටුවන්නේ ඔබගේ වුවමනාවන් සහ අපගේ වුවමනාවන් අතර ප්‍රතිවිරෝධයක් ඇති වන පාලනයක් නොවෙයි; අපගේ අරමුණු සමපාත වන ආණ්ඩුවක්.

AKD On The Stage Of Nature Policy Launch

රවීන්ද්‍ර සොහොයුරා අපේ එල්ලංගා වැව් පද්ධතිය පිළිබඳව ජාත්‍යන්තරයේ පවතින ඇගැයීම පැහැදිලි කළා. පසුගිය ආසන්න කාලයේ ඇතැමුන් දේශපාලන වේදිකාවේ කෑමොර දීලා, මම කෘෂිකර්ම ඇමැති ධුරය දැරූ කාලයේ වැව් කීයක් හැදුවාද කියලා ප්‍රශ්න කළා. මම කීවේ, “මම පණ්ඩුකාභය රජ්ජුරුවෝ නොවෙයි” කියලයි. අපේ රටේ සාමාන්‍යයෙන් වැව් 32,000ක් පමණ තිබෙනවා. එයින් අද ඉතිරි වී තිබෙන්නේ 14,000යි. එයින් 12,000කට වඩා වැඩි ප්‍රමාණයක් අනතුරට මුහුණ දී තිබෙනවා. අපේ ව්‍යායාමය මේ අනතුරට මුහුණ දී තිබෙන වැව් පද්ධතිය යළි ප්‍රතිසංස්කරණය කිරීමයි. වැව් පද්ධතියේ ජලපෝෂක ප්‍රදේශ විනාශ වීම, ඒ හේතුකොටගෙන වැව රොන්මඩවලින් පිරී යාම, වැව් කණ්ඩිය, සොරොව්ව, ඇළ මාර්ග පද්ධතිය වශයෙන් අනතුරුවලට ලක්ව තිබුණා. අපේ ව්‍යායාමය වැව් හදන එක නොවෙයි. මේවා තේරෙන්නේ නැති අය පව්! අපේ වැඩපිළිවෙළ බවට පත්ව තිබුණේ, මේ සුළු හා මධ්‍ය පරිමාණ වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමයි. ඒවා ප්‍රතිසංස්කරණය කළ යුතුයි කියන ස්ථාවරයේ අපි තවමත් ඉන්නවා.

සමහර වැව් පැරැණි තත්ත්වයටම ගෙන එන්න බැරි වෙයි. සමහර ජල පෝෂක ප්‍රදේශවලට කර තිබෙන විනාශයන් යළි ඒ ලෙසම ප්‍රතිස්ථාපනය කරන්න බැරි වෙයි. නමුත්, හැකි උපරිම ප්‍රමාණයකින් වැව් පද්ධතිය යළි ප්‍රතිෂ්ඨාපනය කර මෝසම්වලින් ලැබෙන ජලය ආරක්‍ෂා කරගත යුතුයි. අපි කළ යුත්තේ, වැවක් හදන එක නොවෙයි; මේ පද්ධතියට පණ දීමයි. වැවක් හැදුවාට පද්ධතියට පණ එන්නේ නැහැ. වැටෙන වර්ෂාව වාගේම පොළොවේ තිබෙන ජලයත් ආරක්‍ෂා කර ගන්න සුළු හා මධ්‍ය පරිමාණ වැව් පද්ධතිය ආරක්‍ෂා කරගත යුතුමයි. සාමාන්‍යයෙන් ගම්වල වැවට පහළින් තිබෙන ළිඳ කිසි දවසක සිඳී ගියේ නැහැ. අද ළිඳ පමණක් නොවෙයි, වැවත් සිඳී ගිහින්.

අලි – මිනිස් ගැටුමෙන් එකට තුනේ අනුපාතයට මිය යනවා. එක් මිනිසකු අලි ප්‍රහාරයකින් මිය යන විට මිනිසුන්ගේ ප්‍රහාරවලින් අලි තුන් දෙනෙක් මිය යනවා. වසරකට මිනිසුන් විසින් ඝාතනය කර තිබෙන අලි 470 කන්දක් වාගේ ගොඩගැහුවොත්, මොන වාගේ චිත්‍රයක් මැවේවිද? අප කාටවත් දරා ගන්න පුළුවන් දර්ශනයක් වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ. මේ ගැටුම නතර කරන්න ඕනෑ. ඒ වෙනුවෙන් අලි මංකඩවල් නැවත ප්‍රතිස්ථාපනය කළ යුතුයි. කෙටිකාලීනව විද්‍යාත්මක ප්‍රවේශයක් අරගෙන දිගුකාලීනව අලි සිටින කැලෑවල් තුළ ආහාර සුලබතාව ඇති කර මුළු වැව් පද්ධතියෙන් ඔවුන්ගේ ජල අවශ්‍යතා සපුරා ගන්න ඉඩ ලබා දිය යුතුයි. ඒ අතර යම් ප්‍රමාණයකට විදුලි වැට සහ වෙනත් ජෛව උපක්‍රම යොදාගත යුතුයි. මේ සියල්ල සඳහා ඔබගේ සහයෝගය අපට අඛණ්ඩව අත්‍යවශ්‍යයි. තව පැත්තකින් ඉවත දමන කසළ නිසා අලි මරණ ප්‍රමාණයක් සිදු වෙනවා.

Crowd At Nature Policy Event

සාමාන්‍යයෙන් කොළඹ නගරයේ දවසකට කසළ මෙට්‍රික් ටොන් හත්දහසක් එකතු වෙනවා. නිසි අධ්‍යාපන වැඩසටහනකින් කසළ එකතු වීම යම් ප්‍රමාණයකින් අඩු කරගත හැකි වුවත්, ප්‍රතිචක්‍රීයකරණ වැඩපිළිවෙළ ඉදිරියට ගත යුතු වෙනවා. කුණු ප්‍රතිචක්‍රීයකරණ වැඩසටහන සම්බන්ධයෙන් ඉතා ඉහළම දැනුමක් තිබෙන කැනඩාවේ සිටින ශ්‍රී ලාංකිකයෙක් තමන්ගේ තාක්‍ෂණය සහ දැනුම වාගේම මුදල් රැගෙන ලංකාවට එන්න සූදානමින් සිටියා. කුණු ප්‍රතිචක්‍රීයකරණ ක්‍රියාමාර්ග දියත් කිරීමට සමාගමක් පිහිටු වීමට ඔහු අදහස් කළත් ඒ සමාගමේ කොටස්වලින් 50%ක් ඇමැතිවරයාට දෙන ලෙස ඉල්ලා තිබුණා. ඒ නිසා ඔහු ඒ ව්‍යාපෘතිය අත්හැර දැම්මා. නමුත්, අපේ ආණ්ඩුවක් යටතේ ප්‍රාග්ධනය, තාක්‍ෂණය සහ දැනුම සියල්ල අරගෙන ඔහු නැවත එන්න ලෑස්තියි. ඒ වෙනුවෙන් පොලියක්වත් ඔහුට එපා කීවා.

අපි පාවිච්චි කරන පොලිතීන්, වතුර බෝතල් විශාල වශයෙන් ස්වාභාවික පරිසරයට විසි කරන තත්වය අප දකිනවා. මිනිසුන්ගේ ආකල්පමය වශයෙන් විශාල වෙනසක් අවශ්‍ය බව පැහැදිලියි. රටක් නීතිවලින්ම ගෙන යන්න බැහැ. නීති, සම්ප්‍රදායයන්, රීතීන් පවතින්න ඕනෑ. මේ සියල්ල ඇතුළත් පොදු ජනතාවගේ සමාජ ආකල්පමය පරිවර්තනයක් අවශ්‍යයි. පොදු ජනයාගේ දෛනික ක්‍රියාකාරිත්වය තුළින් පරිසරය ආරක්‍ෂා කර ගැනීමට විශාල දායකත්වයක් දැක්විය හැකියි. අද ලෝකයේ පරිසරය ආරක්‍ෂා කිරීම සම්බන්ධයෙන් භාවිත කරන කවර නිර්ණායකයක් බැලුවත්, අපේ රට පවතින්නේ විශාල අනතුරුදායක මට්ටමකයි. ඒ අනතුර නතර කරන එක මූලිකම කාර්යය වන අතර, ස්වාභාවික පරිසරය යළි ප්‍රතිස්ථාපනය කිරීම ඊළඟ අත්‍යවශ්‍ය කාරණයයි. මහින්ද රාජපක්‍ෂ එක් ඡන්දයක් ආසන්නයේ මොනරාගලට ගිහින් ප්‍රකාශ කළේ මුහුදු වතුර පිරිසිදු කර පානීය ජල අවශ්‍යතාව විසඳන බවයි. එයින් පැහැදිලි වන්නේ පාලකයන් කොතරම් විනාශයක් අපේ ස්වාභාවික පරිසරයට සිදු කර තිබෙනවාද යන්නයි. මෙයින් මිදීමට අපේ තිබෙන වුවමනාව වාගේම ඔබේ වුවමනාවත් සමපාත වී තිබෙන නිසා අප සියලු දෙනා එක් වී මෙම කටයුත්ත සාර්ථක කර ගනිමු කියලා ආරාධනා කරනවා.

Ravindra Kariyawasam At Nature Policy Launch

“අපේ පරිසර ප්‍රතිපත්තියේ මූලික පදනම නැවත නිර්මාණය කළ නොහැකි දේ ආරක්‍ෂා කර ගැනීමයි”
-පරිසරය හා සොබාදහම අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්-

ලංකාව පරිසර විද්‍යාත්මකව තිබෙන්නේ කිනම් තැනකද යන්න අප හැමෝම දන්නවා. ලංකාව ජෛව විවිධත්වය ඉතාමත් ඉහළ මහා සාගර කලාපයකින් වට වූ දිවයිනක්. ඒ සාගර කලාපය නිසි පරිදි අප භාවිත කරනවාද කියන ප්‍රශ්නය අපට තිබෙනවා. හොඳින් ඉර එළිය තිබෙන, මෝසම් දෙකකින් වැසි ලැබෙන නිසාම ආහාර නිෂ්පාදනය අතින් සුවිශේෂී විභවතාවක් තිබෙන රටක්. නමුත්, අපේ රටේ ජනතාව ආහාර නොමැතිකමින් මිය යන තත්වයක් ඇතිව තිබෙනවා. ජාතික ජන බලවේගයේ පරිසර ප්‍රතිපත්තිය එළිදැක්වීමේ දී අරමුණු කර ගත් මූලික කරුණු කිහිපයක් විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන් ඇතුළු ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් වසර කිහිපයක් තිසසේ සාකච්ඡා කරමින්, පරිසර අරගලයේ දිගු කාලයක් සිටි සහෝදර සහෝදරියන්ගේ අදහස් ලබාගෙන තිබෙනවා. පාරිසරික විද්‍යාත්මකව ගත්තත්, රටක් හැටියට අපි විශාල අනතුරක ඉන්නවා. ලෝක පරිසර සංරක්‍ෂණ සංගමයෙන් උණුසුම් කලාපවලින් එකක් බවට ලංකාව නම් කර තිබෙනවා. ජෛව විවිධත්වය විශාල වශයෙන් තිබුණත්, පාරිසරිකව උණුසුම් වීම නිසා ඉක්මනින් විනාශ වී යන රටවල් උණුසුම් කලාප ගණයට ඇතුළත් කර තිබෙනවා. ප්‍රාථමික වනාන්තර විනාශ කරන රටවල් අතර ලෝකයෙන්ම ලංකාව 04 වැනි තැනට පත් වී තිබෙනවා. එය ඉතාම කනගාටුදායක කාරණයක්. ඒ වාගේම ප්ලාස්ටික් සහ පොලිතීන් ගංගා, ඇළ, දොළවලට එක් කරන වැඩිම රටවල් අතර, ලංකාව 05වැනි තැනට පත්ව සිටිනවා. මේ ආකාරයෙන් ලෝකයම ගත්තාම ලංකාව පාරිසරික විද්‍යාත්මකව දැඩි අනතුරකට පත් වෙමින් තිබෙනවා. දූපත් රටක් ලෙස දැඩි විපර්යාසවලට මුහුණ දෙමින් සිටිනවා.

පර්යේෂණ පත්‍රිකා ගෙන බැලුවාම කාලගුණ සහ දේශගුණ විපර්යාසවලින් ලොකු අනතුරකට මුහුණ දෙමින් සිටියත්, ඊට මුහුණ දීම සඳහා අපේ පාලකයන් ප්‍රතිපත්ති සකස් කර නැහැ. ජාතික ජන බලවේගයේ පාරිසරික ප්‍රතිපත්ති සකස් කරද්දී, ජාතික සහ ජාත්‍යන්තරව පිළිගත් මූලධර්ම 11ක් පදනම් කරගෙන මේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර තිබෙනවා. නමුත්, එය එතැනින් අවසන් නැහැ. පුළුල් සංවාදයක් මඟින් ඉදිරියේ දී ඔබ සැමගේ අදහස් ලබා ගනිමින්, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න සූදානම්. අපි මෙහි දී ඉදිරිපත් කරන්නේ, ජනතා සහභාගිත්වයෙන් පාරිසරික සංරක්‍ෂණය අපේ ආණ්ඩුවක් තුළ දී ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් මූලික අදහසක්. අද වෙද්දී, 16%-20% අතර තිබෙන වනාන්තර ප්‍රතිශතය වැඩි කළ යුතුයි. ඒ වාගේම අලි-මිනිස් ගැටුම විසඳීම සඳහා තවදුරටත් පර්යේෂණ සහ විද්‍යාත්මක කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් සිටිනවා. ඒ වාගේම රජයක් හැටියට පමණක් නොවෙයි, මහජනතාව හැටියට අපත් එකතු වී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා. ඒ වාගේම විශේෂයෙන් රජරට ප්‍රදේශයේ මහත් ව්‍යසනයක් වී තිබෙන වකුගඩු රෝගය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළා. පර්යේෂණ සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් අතර පවතින විශාල පරතරය පියවීම සඳහාත් අපි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. පසුගිය කාලය පුරාම රජයේ මූලික ප්‍රතිපත්තිය වී තිබුණේ පරිසර විනාශයට සෘජුව දායක වීම හෝ අනුබල දීමයි. ඒ තත්වයට එරෙහිව අපි අපේ ජීවිත කාලය තුළ විශාල අරගල ප්‍රමාණයක් කර තිබෙනවා. චුන්නාකම් නඩු තීන්දුව ලබා ගත්තේ යාපනයේ, චුන්නාකම් ප්‍රදේශයේ ජනතාව භාවිත කරන ජලය දූෂ්‍ය කිරීමට විරුද්ධවයි. අපේ මුතුන්මිත්තන් සාම්ප්‍රදායික ඥානය අනුව පරම්පරාවෙන් පරම්පරාවට පරිසර සම්පත් ආරක්‍ෂා කිරීමේ දැනුම නිර්මාණය කර තිබෙනවා. ඒ සියල්ල එක් කර ගනිමින්, ක්‍රියාත්මක කිරීමේ වගකීම ජාතික ජන බලවේගයේ රජයක් භාර ගන්නවා.

Nature Policy Launch Crowd

ආර්ථිකය සහ පරිසරය කියන්නේ නිතරම ගැටෙන සාධක දෙකක්. රට සංවර්ධනය කරද්දී, පරිසරය විනාශ වෙනවා කියන ද්විඝට්ටනය සෑම අවස්ථාවකදීම අප හමුවේ තිබෙනවා. නමුත්, ආර්ථිකය වර්ධනය කරද්දී, පරිසරය විනාශ වෙනවා කියන සාධාරණීයකරණය මත්තල ගුවන්තොටුපොළ වැනි ව්‍යාපෘතිවල දී, පෝට්සිටි ව්‍යාපෘතිය, උමා ඔය ව්‍යාපෘතිය වැනි අවස්ථා රැසකදී පාලකයන් විසින් ප්‍රකාශ කර තිබෙනවා. නමුත්, පාරිසරික තත්ව වාර්තා පැත්තකට දමා ක්‍රියා කිරීම වෙනමම විනාශයක්. අපට සල්ලි උත්පාදනය කළ හැකි වුවත්, පරිසරය සම්බන්ධයෙන් නොතකා ක්‍රියා කිරීම බරපතළ තත්ත්වයක්. සතා සිවුපාවා කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුයි. අපේ වාරි කර්මාන්තයේදී අනුගමනය කළ ‘එල්ලංගා’ පද්ධතිය ලෝක උරුමයක් සේ හඳුනාගෙන තිබෙනවා. ලංකාවේ එල්ලංගා පද්ධතිය සුවිශේෂී ක්‍රියාමාර්ගයක් හැටියට ලෝකයම පිළිගත්තේ විද්‍යාත්මක පර්යේෂණවලදී වැදගත්කම හඳුනා ගත් නිසයි. ලංකාවට ආවේණික ශාක විශේෂ ආරක්‍ෂා කර ගනිමින්, ශාක ගහනය වැඩි කර ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුත්තේ, අපේ රටේ ශාක විදේශ රටවලට ගෙන ගොස් වෙනත් රටවල් පේටන්ට් බලපත්‍ර ලබා ගැනීම සහ ඒ ආශ්‍රයෙන් විවිධ නිෂ්පාදන සිදු කිරීම නිසයි. අපට රටක් හැටියට එම පේටන්ට් බලපත්‍ර සහ සුවිශේෂී ශාකවල අයිතිය ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවාද යන්න කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනවා. අපට පාරවල්, ගොඩනැගිලි, ගුවන්තොටුපොළවල් නැවත නැවතත් ඉදි කළ හැකි වුවත්, ස්වාභාවික පාරිසරික පද්ධතිය නැවත නිර්මාණය කරන්න බැහැ. නැවත නිර්මාණය කළ නොහැකි දේවල් අප ආරක්‍ෂා කර ගන්න ඕනෑ. අපේ පරිසර ප්‍රතිපත්තියේ මූලික පදනම එයයි. ඒ අනුව ක්‍රියා කිරීම සඳහා අප සමග අත්වැල් බැඳ ගන්නා ලෙස රටේම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Nature Policy Book
AKD And Samantha Vidyarathne At Nature Policy Launch
AKD Handover Nature Policy Book
Show More