Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

“අප වෙත තබා තිබෙන විශ්වාසය අබමල් රොනකින්වත් නැතිවෙන්න ඉඩ තබන්නේ නැහැ” -ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක-

(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ ජයග්‍රාහී රැලිය – තඹුත්තේගම – 2024.09.09-) මීට කලින් මේ මැතිවරණ පොරය තිබුණේ ඒ අයගෙ පවුල් කිහිපයක් අතරමයි. අද 2024දී එය වලව් කිහිපයක් සහ පොදු ජනතාව අතර සටනක් බවට පත්වෙලා. ජාතික තලයේ සිට ගම දක්වා මේ සටන විහිදිලා තිබෙනවා. මෙතෙක් මේ රට පාලනය කළේ පවුල් කිහිපයක් විසින්. ඒත් කමක් නැහැ. රටට […]

(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ ජයග්‍රාහී රැලිය – තඹුත්තේගම – 2024.09.09-)

Anura Kumara Dissanayake Addressing The Victory Rally Of Thambuththegama

මීට කලින් මේ මැතිවරණ පොරය තිබුණේ ඒ අයගෙ පවුල් කිහිපයක් අතරමයි. අද 2024දී එය වලව් කිහිපයක් සහ පොදු ජනතාව අතර සටනක් බවට පත්වෙලා. ජාතික තලයේ සිට ගම දක්වා මේ සටන විහිදිලා තිබෙනවා. මෙතෙක් මේ රට පාලනය කළේ පවුල් කිහිපයක් විසින්. ඒත් කමක් නැහැ. රටට යමක් කළා නම්. ජනතාව දුක් පීඩාවෙන් මුදා ගත්තා නම්. දශක ගණනාවක් මාත් ඇතුළු ඔබ මේ ව්‍යසනය දිහා බලන් හිටියා. අපි පොඩි මිනිස්සු. හැබැයි අධිෂ්ඨානශීලී මිනිස්සු. අරමුණ අත්නොහරින මිනිස්සු.

මම මේ දේශපාලන ගමන පටන් ගත්තේ 1988දී තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ සිටයි. එතැන් සිට දැන් අවුරුදු 36ක් ගත වී තිබෙනවා. අපි විවිධ මර්දනයන්ට මුහුණ දුන්නා. අපේ ඇස් ඉදිරිපිට අපේ යහළුවන් මිය ගිය හැටි අපි දැක්කා. මරණය අපේ එළිපත්තට ආවා. එහෙත් මේ රටත්, ජනතාවත් මේ ව්‍යසනයෙන් මුදාගැනීමේ අධිෂ්ඨානය අපි අත්හැරියේ නැහැ. 1994දී නැවත යාන්තම් අපි නැගිටින්න පටන් ගත්තා. ජයග්‍රහණ ආවා. පසුබෑම් ආවා. සමහරු අත්හැරලා ගියා. අවලාද ආවා. අසත්‍ය තොරතුරු එන්න පටන් ගත්තා. කුමන්ත්‍රණ කරන්න පටන් ගත්තා. එහෙත් මේ ව්‍යායාමය කවදා කොතැනක හෝ ජයග්‍රහණය කරනවා කියන දැඩි අධිෂ්ඨානය අපි අතහැරියේ නැහැ. මේ අවුරුදු 36 ඇතුළත අවුරුදු 24ක් මම පාර්ලිමේන්තුව නියෝජනය කරනවා.

The Victory Rally Of Thambuththegama Crowd

අපි මේ දේශපාලනයෙන් සතයක් උපයාගෙන නැති පිරිසක්. මහජනයාගේ ධනය අපි සතයක් නාස්ති කරලා නැහැ. අපි කිසිවෙක් තමන්ට පෞද්ගලිකව යමක් උපයා ගැනීමේ චේතනාවෙන් දේශපාලනය කරන මිනින්සු නොවෙයි. අපිත් විශ්වවිද්‍යාලවල ගිහිල්ලා උපාධි ලබනවා. රැකියාවක් කරලා පෞද්ගලිකව යම් ජීවන තත්වයක් අනුව ජීවිතය ගෙනයන්න පුළුවන් මිනිස්සු. මේ වේදිකාවේ ඉන්න වසන්ත සමරසිංහ සහෝදරයාටත් එහෙමයි. අපිට අපේ පෞද්ගලික ජීවිත සුඛිත කර ගන්න අධ්‍යාපනය පැත්තෙනුත් පාරවල් තිබුණා. දේශපාලන පැත්තෙනුත් පාරවල් තිබුණා. නමුත් මේ රටත් ජනතාවත් මේ ව්‍යසනයන් ගලවා ගැනීමේ සද්කාර්ය ඉවත දමන්න අපිට යුක්තිසහගත අයිතියක් නැහැ. මේ ඈත ගම්වල මිනිස්සු කොතරම් පිරිසක් දුප්පත්භාවයෙන් පෙළෙනවාද? අපේ ඥාතීන්, මිතුරන් මේ දුප්පත්භාවයේ ගිලිලා ජීවිත නැතිකරගත් අවස්ථා අපි දැක තිබෙනවා. මහා විශාල බලාපොරොත්තු සහිතව හදන වඩන තමන්ගේ දරුවා නිසි අධ්‍යාපනයක් ලබාදීමට නොහැකිව තමන්ගේ දෑස් ඉදිරිපිටම විනාශ වෙන හැටි බලාගෙන හූල්ල හූල්ල ඉන්න, දෙමව්පියන්ට සිදුවෙලා. මේ ගම්වල පවුල්වල තම දරුවන් දාලා, ස්වාමි පුරුෂයන් දාලා, මොනතරම් අපේ අම්මලා, අපේ සහෝදරියෝ මැදපෙරදිග ගෘහ සේවිකා රැකියාවලට ගිහිල්ලා තිබෙනවාද? ඒ පවුල්වලින් කොච්චර ප්‍රමාණයක් විනාශ වෙලා තිබෙනවාද? මැදපෙරදිග ගිය අපේ අම්මලා අක්කලා අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙනවා. අපි එවැනි දේ දැක තිබෙනවා.

අපේ ගම්වල මිනිසුන්ගේ ජීවිතය මොකක්ද? ඉපදෙනවා. මොනවා හරි කරනවා. ඔහේ මිය යනවා. අපිට උරුම විය යුත්තේ එහෙම ජීවිතද? නැහැ. අපේ ජනතාවට තම ජීවිත කාලය තුළ සතුටින් හොඳ ආහාර වේලක්, නිරෝගී සම්පන්න ජීවිතයක්, විනෝදයක්, සතුටක් ඕනෑ නැද්ද? ඒ ජීවිතය උරුම ඒ පැළැන්තියට විතරද? අපේ ගම්වල මිනිසුන්ට ඒ ජීවිතය උරුම නැද්ද? ඔබ ඇතිවෙනකල් මේ මහ පොළොව සමග පොරබදනවා. අස්වැන්න විකුණ ගන්න කොච්චර දුක්විඳිනවාද? නමුත් ඒ ගොල්ලෝ උඩ ඉඳගෙන මහා භාණ්ඩාගාරයේ ධනය, හොරකම් කරන්නේ කොහොමද, කියලා සැලසුම් කරනවා. ඔබ ගෙයක් හදා ගන්න කොච්චර වද විඳිනවාද? ඒ ගොල්ලෝ එක ඩීල් එකෙන් කොළඹ අතිසුඛෝපභොගී, එපාර්ට්මන්ට් ගන්නවා. එක ගනුදෙනුවෙන් ඩුබායිවලින්, එංගලන්තෙන්, ඕස්ලියාවෙන් ගෙවල් ගන්නවා. ඇමෙරිකාවේ ගෙවල් ගන්නවා. ඔබ ඒ ගොල්ලන්ට බලය දෙනවා. ඔබලා පීඩනයට පත් කරනවා. ඒ ගොල්ලෝ රටේ ධනය පොදිගහගන්නවා. ඒකයි මේ ක්‍රමය. මේක අපි කුඩා කාලයේදී මේ තරම් ගැඹුරෙන් දැක්කේ නැහැ. නමුත් අපිට ආසාවක් තිබුණා, මේ දේශපාලනය වෙනස් කරන්න ඕන කියලා. එවැනි දේශපාලනයේ දිගටම නියැලිලා ඉන්න කොට අපි දැක්කා මේ මිනිස්සු මොනතරම් ලැජ්ජා නැති අයද කියලා. මම පාර්ලිමේන්තුවේ අවුරුදු 24ක් ඉන්නවා. ඔය හැමෝගේම පැටිකිරිය මම හොඳින්ම දන්නවා. ඔවුන් නිතරම තමන්ට, තමන්ගේ පවුලට පාර කපා ගන්නේ කොහොමද කියලා බලනවා. ජනතාවට වළ කපමින් ඒ ගොල්ලෝ අනාගතයට පාර කපා ගන්නවා. එදා තැපැල් නයින්ටියෙන් ගිය අය, අද මහා මන්දිර හදා ගන්නවා. වාහන හත අට ගන්නවා. අපේ ඇස් දෙකෙන් අපි දැක තිබෙනවා. රියදුරු රැකියාව කරපු සමහරු දේශපාලනයට ඇවිල්ලා කලා වැවේ, කොළඹ, නුවරඑළියේ විශාල පරිමාණ ඉඩම් ගත්තේ කොහොමද කියලා අපි දන්නවා. තේ දළු ප්‍රවාහනය කරපු උදවිය, දේශපාලනයට ඇවිල්ලා තේ වතු හිමියන් බවට පත් වුණේ කොහොමද කියලා අපි දන්නවා.

Anura Kumara Dissanayake On Stage At The Victory Rally Of Thambuththegama

රනිල් වික්‍රමසිංහ 2015 ජනවාරි 08 වැනිදා බලයට ආවේ වංචා, දූෂණ නැති කරන්න කියලා. පෙබරවාරි මස 28 වැනිදා මහ බැංකුව කොල්ල කෑවා. බලය ගත්තෙම හොරකම් කරන්න. නාස්තිය සඳහාමයි. ඉන් පස්සේ මොකද වුණේ. රට කඩාගෙන වැටුණා. දරුවාට අධ්‍යාපනය අහිමි වුණා. රෝහල්වල බෙහෙත් නැති වුණා. චිත්‍රපට ශාලා වැහුණා. පොදු ජනතාවට විනෝදය අහිමි වුණා. මේවා අපි ඇස් ඉදිරිපිට දැකපු දේවල්. අපිත් සමග හිටපු යාළුවන්ගේ ජීවිත කෙළවර වූ හැටි අපි අපේ ඇස් ඉදිරිපිටම දැකපු මිනිස්සු. අපිට තේරෙනවා නම්, දැනෙනවා නම්, අපිට මනුෂ්‍යත්වය තිබෙනවා නම්, හෘදය සාක්ෂියක් තිබෙනවා නම්, මෙය වෙනස් කිරීම සඳහා ජීවිතය පරදුවට තබා සටන් වදින්න, දේශපාලන ව්‍යාපාරයක කොටස්කරුවන් වෙන්න අපිට අයිතියක් නැද්ද? මම එහෙම සටන් වදින දේශපාලන ව්‍යාපාරයක කොටස්කරුවක්. මේ රට පොහොසත් රටක් බවට පත් කරන්න අපිට අයිතියක් නැද්ද? අසල්වැසි ඉන්දියාව පරණ කෝච්චි එන්ජින් ගලවා විදුලි දුම්රිය ව්‍යාපෘති ක්‍රියාවට නගනවා. මේ පාලකයන් ගිහිල්ලා ඒ පරණ එන්ජින් තෑගි හැටියට එකතු කරගෙන එනවා.

ලෝකය දියුණුවෙනවා. අපි හිඟාකනවා. අඩුම තරමේ 60 – 70 දශකයේ පොඩි කර්මාන්ත පද්ධතියක් ගොඩනැගෙමින් ආවා. ඒ ඔක්කොම මේ පාලකයෝ විනාශ කරලා දැම්මා. ඔක්කොම දේවල් පිටරටින් ගේන්න පටන් ගත්තා. ඉන්දියාව කර්මාන්ත ඇති කරලා හදනවා. අපි කර්මාන්ත වහනවා. මේ පාලකයන්ට අපේ රටේ නිෂ්පාදනය වැඩිකරන්න කවදාවත් ඕනෑ වුණේ නැහැ. වසා දමනවා විතරක් නොවෙයි තිබෙන ඒවත් විකුණනවා. හදන්නෙම විකුණන්න. හදනකොටත් ගහනවා. විකුණනකොටත් ගහනවා. නඩු තීන්දුවට මුවාවෙලා පොස්පේට් නිධියේ පස් ඉන්දියාවට පටවනවා. ඉන්දියාව පොහොර හදනවා. අපි පස් පටවනවා.

Crowd At The Victory Rally Of Thambuththegama

මාවිල්ආරුසොරොව්ව වහපු වෙලාවේ කුඹුරු පාළු වුණා. ආණ්ඩුව තීරණය කළා වන්දි ගෙවන්න. වැඩියෙන්ම වන්දි ගත්තේ එස්.එම්. චන්ද්‍රසේන. මා ගාව තිබෙනවා සියලු විස්තර කොළඹ තිඹිරිගස්යායේ කොමර්ෂල් බැංකු ශාඛාවෙන් සල්ලි දැම්මා අනුරාධපුර ශාඛාවට. එස්.එම්. චන්ද්‍රසේනගෙයි, නෝනාගෙයි ජොයින්ට් එකවුන්ට් එකට. චෙක්පත්වල පිටපත් මා ගාව තිබෙනවා.

අපේ ගම්වල ජනතාව සමග අපිට ඇත්ත බැඳීමක් තිබෙනවා නම්, සැබෑ ලෙන්ගතුකමක් තිබෙනවා නම්, මේ තත්වය වෙනස් කරන්න අපි පොරබැදිය යුතු නැද්ද? අද අපිට තීරණාත්මක අවස්ථාවක් ඇවිල්ලා තිබෙනවා. මේ රටට වින කටිපු, මේ රට විනාශ කරපු, මේ පාලක කණ්ඩායම් නිශ්චිත වශයෙන්ම පලවා හැරලා පොදු ජනතාවගේ ආණ්ඩුවක් හදන්න ඕනෑ. අපි අනිවාර්යයෙන්ම එවැනි පන්නයේ ආණ්ඩුවක් හදනවා. මේ සෑම පැත්තෙන්ම දහස් ගණනාවක ජනතාවක් මෙතනට ඇවිල්ලා තිබෙන්නේ මොකටද? ඔබ අප කෙරෙහි විශ්වාසය තිබෙනවා. ලෙන්ගතුකම අප කෙරෙහි ඇතිවෙලා තිබෙනවා. අපි සමග බැඳීමක් ඇති වෙලා තිබෙනවා. මම ඔබට සහතිකයක් දෙනවා. ඔබ අප කෙරෙහි තබා තිබෙන විශ්වාසය හා ලෙන්ගතුකම අබමල් රොනකින්වත් නැතිවෙන්න අපි ඉඩ තබන්නේ නැහැ.

Wasantha Samarasinghe At The Victory Rally Of Thambuththegama

“රට වනසපු නිල්, කොළ පාලකයෝ ගෙදර යවන්න ජනතාව පුල පුලා බලා ඉන්නවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ-

අද මෙතන එකතුවෙලා ඉන්න මේ දහස් සංඛ්‍යාත ජනතාව මීට පෙර විවිධ පක්ෂවලට සහාය දීලා, ඡන්ද දීලා වැඩකරපු අය. ඒ ඔක්කොම එකට එකතු වෙලා අද රටට දෙන පණිවුඩය මොකක්ද? ඒ, 21 වැනිදාට නියත වශයෙන්ම අනුර කුමාර සහෝදරයා ජනාධිපති ලෙස තෝරා පත් කරන්න ඔක්කොම එකතු වෙලා රොද බැඳගෙන ඡන්දය දෙන්න සූදානම් බවයි.

අද මේ රටේ මහා සංඝරත්නයේ ආශීර්වාදය අනුර කුමාර සහෝදරයාට ලබාදී තිබෙනවා. ඉතිහාසයේ විශාලම සංඝ සම්මේලනය පවත්වලා ඒ පණිවිඩය උන්වහන්සේලා මුළු රටටම එක හඬින් ප්‍රකාශ කර සිටියා. මේ 21 වැනිදාට අපේ රටේ 09 වැනි ජනාධිපතිවරයා තෝරන්න යනවා. ඒ නිකම්ම නිකම් ඉතුරු කොට අදින ජනාධිපතිවරයෙක් නොවෙයි. මේ රටේ මහජනතාවගේ ඡන්දයෙන් තෝරා ගන්නා කෙනෙක්. මේ රටේ මහා සංඝරත්නයේත්, අනෙකුත් ආගමික පූජකතුමන්ලාගේත් ආශිර්වාදය එක ලෙස ලබන එකම ජනාධිපති ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයායි. සැප්තැම්බර් 21දා ඔහු නියත ලෙස මේ රටේ ජනාධිපති වෙනවා.

අනුර කුමාර සහෝදරයාගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයේත්, මේ රටේ මිනිසුන්ගේත් ඒකායන අරමුණ පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් යන්න මේ මහ පොළොවේ යථාර්ථයක් කිරීමයි. උතුර, දකුණ, නැගෙනහිර, බටහිර, කඳුරට ඇතුළු මුළු රටම එකතු කරගෙන මේ රට ගොඩනඟන අපේ ඉතිහාසයේ එකම නායකයා අපේ අනුර කුමාර දිසානායක සහෝදරයායි. ලබන 21 වැනිදාට මුළු රටේම ජනතාවගේ අපේක්ෂාව අනුර කුමාර සහෝදරයාගේ ජයග්‍රහණයයි. ඒ සඳහා ගෞරවණීය ජයග්‍රහණයක් මේ ප්‍රදේශයෙනුත් එකතු කරන්න තමයි අද ඔබ මෙතනට රොද බැඳගෙන ඉන්නේ. මේ වන විට අනෙක් පක්ෂවල නායකයෝ ඡන්ද වැඩ පැත්තක තියලා අපිට එරෙහිව මඩ වැඩ පටන් අරන් තියෙනවා. නමුත් මේ කෙටිකාලය තුළ හැකි තරම් ජනතාව අතරට ගිහිල්ලා මාලිමාව දිනවන්න වැඩ කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

A Book Handover By The Victory Rally Of Thambuththegama

දැන් රනිල් සජිත්ලා ප්‍රතිපත්ති කතා කරන්නේ නැහැ. සජිත් දැන් රූපවාහිනී සාකච්ඡාවලට එන්නෙත් නැහැ. පැනලා දුවනවා. අපිට මඩ ගහනවා ඇරෙන්න, කියන්න දෙයක් ඒ ගොල්ලන්ට නැහැ. මේ රටේ අනාගත නායකයා වීමට සුදුසු එකම නායකයා තමා බව පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් තම භාවිතයෙන්ම අද ඔප්පු කර තිබෙන්නේ අපේ අනුර සහෝදරයා පමණයි. රනිල් දන්නවා මේ ජනාධිපතිවරණයෙන් රනිල් පරදිනවා කියලා. ඒ නිසා තමයි ඔහු කියන්නේ, අනුර කුමාරව පරද්දන්න සජිත්ට බැහැ කියලා. අපි කියනවා අනුරව පරදවන්න සජිත්ටත් බැහැ. රනිල් ඔයාටත් බැහැ. රනිල්ලා එක පැත්තකින් මේ රටේ ජාතික ධනය ශුද්ධ කරන ගමන් රට විකුණමින් ඉන්නවා. අපේ රටේ ජනතාවට විදෙස් ගමන් බලපත්‍රයක්වත් ගන්න තිබෙන අවස්ථාව නැති කරලා. අද අයිඩෙන්ටි කාඩ් එක වෙනුවට හම්බවෙන්නේ කොල කෑල්ලක්. ලයිසන් එක වෙනුවට දෙන්නෙත් කොල කෑල්ලක්. මේ රට වනසපු නිල්, කොළ පාලකයෝ ඉක්මනින්ම ගෙදර යවන්න මේ රටේ ජනතාව 21වැනිදා උදා වෙනකල් දැන් පුල පුලා බලා ඉන්නවා.

අද අනුර සහෝදරයා ප්‍රමුඛව ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කරවීම සඳහා මේ රටේ එකතු විය යුතු සියලු බලවේග එකතු වෙලා එකා වන්ව සැදී පැහැදී සිටිනවා. මේ සැප්තැම්බර්21 වැනිදාට අනුර කුමාර සහෝදරයා මේ රටේ ජනාධිපතිවරයා බවට පත්වෙන බව සහතිකයි. ඉන්පසු ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් මේ රට තුළ පිහිටුවනවා ඒකාන්තයි.

Show More

සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සහය අනුර කුමාර දිසානායකට

(-Colombo, Sept. 11, 2024-) සමන්විත සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය ඉදිර ජනාධිපතිවරණයේදි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණයට සහාය ලබා දීමට තීරණය කර තිබේ. අද (10) පස්වරුවේ ඔවුන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික චතුරංග අබේමසිංහ හමු වී එම තීරණය ලිඛිතව ලබා දී තිබේ. එහිදී සමස්ත ලංකා […]

(-Colombo, Sept. 11, 2024-)

Lottery Board Meets NPP

සමන්විත සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය ඉදිර ජනාධිපතිවරණයේදි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණයට සහාය ලබා දීමට තීරණය කර තිබේ. අද (10) පස්වරුවේ ඔවුන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික චතුරංග අබේමසිංහ හමු වී එම තීරණය ලිඛිතව ලබා දී තිබේ. එහිදී සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන් මාරඹ සහ භාණ්ඩාගාරික ආර්.එෆ්.ඒ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු යන අයගේ අත්සනින් නිකුත් කර ඇති එම ලිපිය මෙසේය,

අනුර කුමාර දිසානායක සහෝදරයා, ජාතික ජනබලවේගය – නායක
ප්‍රධාන කාර්යාලය,
බත්තරමුල්ල.
2024-09-10

සංවර්ධන ලොතරැයි මණ්ඩලය හා ජාතික ලොතරැයි මණ්ඩලයට අනුබද්ධිත ලොතරැයි අලෙවි නියෝජිතයන් වන අප දිවයින පුරා අලෙවි නියෝජිතයන් 4,800ක් අලෙවි සහායකයින් 25,000ක් ඉක්මවා ගිය සංගමයක් වන අප සංගමය මෙවර ජනාධිපතිවරණයේ දී ඔබතුමාට සහය දක්වන්නට තීරණය කර ඇත්තෙමු.

මෙම ආයතන දෙකේ තිබෙන අඩුපාඩු සම්බන්ධව මීට ඉහතදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයා සමග හා අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් වසන්ත සමරසිංහ සහෝදරයා සමග සාකච්ඡා කොට ඇති බවත් සඳහන් කරමු.

ඔබතුමාගේ ජයග්‍රහණයෙන් පසුව ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ පරිපාලන රැසක් වෙනස්කම් කල යුතුව ඇත. රජයට මසකට කෝටි ගණනින් මුදල් උපයා දෙන මෙම ව්‍යාපෘතියේ දියුණුව වෙනුවෙන් එහි ඇති සියලු කරුණු සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට ඔබතුමාගේ ජයග්‍රහණයෙන් පසුව බලාපොරොත්තු වෙමි.

ඔබතුමාට ජය වේවා….
මෙයට,
සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන් මාරඹගේ,
භාණ්ඩාගාරික ආර්.එෆ්.ඒ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු

Show More

“පුරවැසියාගේ රසාඥතාවය වැඩිදියුණු කිරීම අපේ පාලනයක වගකීමක් ලෙස සලකනවා” -ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක-

(-ජාතික ජන බලවේගයේ කලාකරුවන්ගේ ජාතික සමුළුව – 2024.09.08 – කාසල් වීදිය තැප්‍රොබේන් ශාලාව-) අපේ සමාජය එකිනෙකාට රැකවරණයක් නොමැති සමාජයක් බවට පත් වී තිබෙනවා. කාන්තාවන්ට දැරිවියන්ට ආරක්ෂාවක් නොමැති වී තිබෙනවා. අනෙකාගේ දුකකදී කම්පනයක් ඇති නොවන සමාජයක් බවට පරිවර්තනය වී තිබෙනවා. සිනහවක් නොමැති, වියළුණු සමාජයක් අප ඉදිරිපිට තිබෙනවා. අනෙක් හැම ක්ෂේත්‍රයක් වගේම මේ සමාජය යළි සුවපත් කිරීමේ […]

(-ජාතික ජන බලවේගයේ කලාකරුවන්ගේ ජාතික සමුළුව – 2024.09.08 – කාසල් වීදිය තැප්‍රොබේන් ශාලාව-)

Anura Kumara Dissanayake With Rathna Sri And Saumya Sandaruwan Liyanage

අපේ සමාජය එකිනෙකාට රැකවරණයක් නොමැති සමාජයක් බවට පත් වී තිබෙනවා. කාන්තාවන්ට දැරිවියන්ට ආරක්ෂාවක් නොමැති වී තිබෙනවා. අනෙකාගේ දුකකදී කම්පනයක් ඇති නොවන සමාජයක් බවට පරිවර්තනය වී තිබෙනවා. සිනහවක් නොමැති, වියළුණු සමාජයක් අප ඉදිරිපිට තිබෙනවා. අනෙක් හැම ක්ෂේත්‍රයක් වගේම මේ සමාජය යළි සුවපත් කිරීමේ වගකීම රජයක් ලෙස අපටත් එහි ක්‍රියාකාරී වැඩකොටස ඔබටත් පැවරී තිබෙන බව අපි විශ්වාස කරනවා. සමාජයට යළි ආදරය, ලෙන්ගතුකම, සහකම්පනය කැටුව ආ යුතුයි. ඒ වෙනුවෙන් ක්ෂේත්‍ර ගණනාවක පරිවර්තනයන් සිදු වීම අවශ්‍යයි. එයින් කොටසක් අධ්‍යාපන ක්ෂේත්‍රයට පැවරෙන අතරම ඔබ නියැළෙන කලා ක්ෂේත්‍රයට විශාල කාර්යභාරයක් තිබෙනවා. ඒ නිසා ඔබේ නිදහස් පරිකල්පනයන් සමාජයට මුදා හැරීම සඳහා පහසුකම් සැලසීම අපි අපේ වගකීමක් ලෙස සලකනවා.

ඔබ මොන තරම් උසස් නිර්මාණයක් කළත් එය සමාජය වෙත ගෙන යාමට හැකිද කියන ප්‍රශ්නය මතු වෙනවා. පවුලේ අය සමග අන්තිමට චිත්‍රපටයක් බලන්න, වේදිකා නාට්‍යයක් බලන්න ශාලාවකට ගියේ කවද්ද කියලා ඔබ ගමකට ගිහින් අහලා බලන්න. සාතිශය බහුතරයකට එවැනි අත්දැකීමක් නැහැ. අලුතෙන් ආපු නවකතාවක් කියෙව්වද, අලුතෙන් පිටවුණු කවි පොතක කවියක් රසවින්දාද කියලා අහල බලන්න. ඒ කිසිවක් නැහැ. වියළුණු මිනිස් සමාජයක් අප ඉදිරිපිට තිබෙනවා. රංග ශාලා, සිනමා ශාලා ක්‍රමයෙන් වසා දමමින් තිබෙන රටක් නිර්මාණය වී තිබෙනවා. මට මතකයි, මම පොඩි කාලේ පළමුවෙන්ම බලපු චිත්‍රපටය තමයි ‘චිං චිං නෝනා’. ඒක බැලුවේ අපේ පළාතෙ තඹුත්තේගම ඊගල් සිනමා ශාලාවේ. දැන් එම සිනමා ශාලාව වී ගබඩාවක්. මාතර බ්‍රෝඩ්වේ සිනමා ශාලාව දැන් සුපර් මාර්කට් එකක්. සමහර සිනමා ශාලාවල ටියුෂන් ක්ලාස් පවත්වනවා. මේවායින් පෙන්වන්නේ කුමක්ද? අපේ රට මේ ගමන් කරමින් සිටින දිසාව කුමක්ද යන්න නොවේද?

Crowd At The Artists Summit

සිනමා ශාලා ඉතිරි වී තිබෙන්නෙ ඉතාම කුඩා ප්‍රමාණයයි. අනෙක් ඒවා වැසී ගිහින්. දැන් අපි අහනවා ගෑස් පෝලිම් නැහැ, තෙල් පෝලිම් නැහැ, කියන කථා. ඒත් අපි හරිම ආශාවෙන් ඉන්නවා සිනමා ශාලාවල පෝලිම් දකින්න. රංග ශාලාවක් ඉදිරිපිට පෝලිමක් දකින්න. නවකථා පොත් මිලදී ගැනීමට සෙනග ඉන්න පෝලිමක් දකින්න. අපි ආසයි එහෙම පෝලිම් දකින්න. එනිසා අපි අපේ පාලනයක් යටතේ කලාව නිසි පරිදි ඔසවා තබන්න පියවර ගන්නවා. අපි ආරම්භයේදීම විස්කම් පාන බවක් මම කියන්නේ නැහැ. යළි ජනතාව සිනමා ශාලාව වෙත කැඳවන, රංගන ශාලාව වෙත කැඳවන, යළි සාහිත්‍ය පොතපත කියවන තැනට කැඳවන, අපේ රටේ පුරවැසියාගේ රසඥතාවය වැඩිදියුණු කිරීම සඳහා පියවරෙන් පියවර ක්‍රියාමාර්ග අපේ පාලනයකදී අපි ගන්නවා.

අපේ රටේ ආර්ථිකය තිබෙන තැන අපි දන්නවා. එනිසා අද අපේ රටේ ජනතාවගෙන් ඉතා කුඩා කොටසක් පමණයි සිනමා, සාහිත්‍ය ආදී ක්ෂේත්‍රවල රස විඳින්න පෙළඹී තිබෙන්නේ. ඒ සඳහා හැකියාව තිබෙන්නෙ ඉතා සුළු පිරිසකටයි. සීමාසහිත වටපිටාවකට අපේ ජනතාව කොටු වෙලා. රූපවාහිනියේ විකාශනය වන ටෙලිනාට්‍යයක් සමාජ ජාලාවල විකාශනය කරන කුමන හෝ කලා අංශයක් පමණක් නරඹන තරමට අද ජනතාවගේ කලා රසවින්දනය සීමා වෙලා. රූපවාහිනියේ ටෙලි නාට්‍යයකට සමාජ ජාලාවල පුංචි වීඩියෝ ක්ලිප් එකකට එය ලඝු වී තිබෙනවා. අපි එතනින් එහා සජීවීකරණයකට මේ මිනිස් සමාජය කැඳවිය යුතුයි. හුදු හුදෙකලා පොතක් කියවීමක් නොවෙයි. හුදෙකලා චිත්‍රපටයක් බැලීමක් නොවෙයි. ඒ අත්දැකීම සමාජයත් එක්ක බෙදාහදා ගන්න, සමාජයත් එක්ක පුළුල් කතිකාවක යෙදෙන, සමාජීය වශයෙන් පෝෂණය වන, අත්දැකීම් එකිනෙකා අතර බෙදාහදා ගන්න සාහිත්‍යමය හා සංස්කෘතිමය සමාජයක් ශ්‍රී ලංකාවේ බිහිවිය යුතුයි කියන ස්ථිර අධිෂ්ඨානයේ අපි ඉන්නවා.

Anura Kumara Dissanayake Surrounded By Artists

අපි දන්නවා, තවදුරටත් සිනමාව, සාහිත්‍යය, සංගීතය කොදෙව්වලට සීමාවී තිබූ යුගය අද අවසන්. ඒ යුගය අයිති වෙන්නෙ මීට දශක හෝ සියවස් කිහිපයකට පෙර යුගයට. අද ලෝකය හා තාක්ෂණය හුවමාරු කරගෙන එකිනෙකා අත්විඳිනවා වගේම, සෞඛ්‍ය දියුණුවේ අත්දැකීම් උකහාගෙන එකිනෙකා පෝෂණය ලබනවා වගේම ලෝකයේ සංගීතයද සිනමාවද හුවමාරු කර ගනිමින් තිබෙනවා. අවාසනාවකට අපි ඉතා කුඩා කොදෙව්වකට සීමා වී සිටිනවා. ඒ නිසා අපේ රටේ සංගීතය, චිත්‍රපටය හා අනෙක් සංස්කෘතික නිර්මාණයන් අපෙන් එළියේ ලෝකයට ගෙනියන්නේ කෙසේද කියන එක අපි කල්පනා කර බැලිය යුතුයි. අපි ඒ ගැන මේ වන විටත් සාකච්ඡාවට බඳුන්කොට තිබෙනවා. අපිට වඩා ගව් ගණනක් පිටුපසින් සිටි, දකුණු කොරියාව ඔවුන්ටම ආවේණික වූ සංගීතයක් නිර්මාණය කර ගන්න සමත් වුණා. ඔබ යූටියුබ් එකට ගියොත් දකුණු කොරියාවේ බීටීඑස් සංගීත කණ්ඩායමේ වීඩියෝ දැනට මිලියන 1800ක් නරඹා තිබෙනවා. දකුණු කොරියාවේ ජනගහනය මිලියන 50යි. ඔවුන් සංගීතය තම රටෙන් ඔබ්බට ගෙනියන්න සමත්වෙලා තිබෙනවා. ඔවුන්ටම අනන්‍ය වූ සංගීතයක් නිර්මාණය කරගන්න සමත් වී තිබෙනවා. ඔබ ලෝකයේ ඕනෑම ගුවන්යානයකින් ගමන්කරන කොට එම යානයේ රූපවාහිනී තිරය මත කොරියන් චිත්‍රපට එකතුවක් දකින්න පුළුවන් වෙනවා. ඔවුන් තම රටෙන් ඔබ්බට යන සිනමාවක් නිර්මාණය කරගෙන තිබෙනවා. නමුත් ලංකාව ගමනාන්තයක් කරගත් ගුවන් යානයක උපරිම චිත්‍රපට 4ක් ඇති.

දශක ගණනාවක් ලෝකයේ සංගීතයේ, සිනමාවේ, සාහිත්‍යයේ විශාල පරිවර්තනයන් හා විවෘත වීම් සිදුවෙමින් ආවත් අපි ඒ විවෘත වූ ලෝකය අත්පත් කර ගැනීමට අසමත් වූ ජාතියක්. ඒක තමයි ඇත්ත. අපි විටෙක අතීතකාමිත්වයේ, විටෙක අපිටම වූ සාධක මත හිරවුණු ජාතියක්. කුමන බාධක මධ්‍යයේ වුවද අද ඉරාන සිනමාව ලෝකයට කොපමණ ප්‍රවිෂ්ට වී තිබෙනවාද? අපිටත් දක්ෂ නිර්මාණ ශිල්පීන් ඉන්න බව අපි දන්නවා. විවිධ අවස්ථාවල ලෝකයේ ප්‍රධාන චිත්‍රපට ප්‍රදර්ශන උළෙලවල්වලදී විශාල ජයග්‍රහණ ලබපු චිත්‍රපට අධ්‍යක්ෂකවරු අපට ඉන්නවා. ඒත් අපට ලෝක සිනමාවෙන් පංගුවක් අත්පත් කර ගන්න නොහැකි වී තිබෙනවා. පසුගිය කාලයේ ලෝකයේ විවිධ විද්වතුන් ලෝකය ගමන් කරමින් සිටින්නේ කොහාටද කියලා පුරෝකථනය කර තිබුණා. එහිදී විශාල පදාසයක් සිනමා කලාව දිශාවටත් විවෘත වෙමින් තිබෙනවා. එය එසේ වුවත් එම අලුත් ලෝකයෙන් පංගුවක් අත්පත් කර ගැනීමට තවමත් අප අසමත් වී සිටිනවා.

Artists Summit Crowd

මම ඔබට කරුණු කිහිපයක් පෙන්වා දෙන්නම්. සංගීතය කර්මාන්තයක් ලෙස ලෝකයේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. ඩිජිටල් සංගීත වෙළඳපොළ 2024 වසරේ ඩොලර් බිලියන 24.5ක් උපයා තිබෙනවා. ඒ වගේම 2022දී ලෝක සිනමා සහ විනෝදාස්වාද වෙළඳපොළ ඩොලර් බිලියන 94ක් නිර්මාණය කර තිබෙනවා. 2031 වන විට එය ඩොලර් බිලියන 192ක් දක්වා වර්ධනය වන බවට පුරෝකථනය කර තිබෙනවා. වසරකට 7%ක වර්ධනයක් ඒ ක්ෂේත්‍රයේ පුරෝකථනය කර තිබෙනවා.

අපි එක් පැත්තකින් සමාජ ජීවිතය ගැන කල්පනා කරනවා වගේම අනෙක් පැත්තෙන් ආර්ථිකමය වශයෙන් ලෝකයේ මේ පුරෝකථනය කළ ක්ෂේත්‍රවලින් පංගුවක් අත්පත් කර ගැනීමට සැලසුම් කළ යුතුයි. 2031දී ඩොලර් බිලියන 192ක් නිර්මාණය වන ලෝකයේ අපි කොපමණ ප්‍රමාණයක් අල්ලා ගැනීමට සැලසුම් කළ යුතුද? අපි ඒකෙන් කුඩා බිඳුවක් හෝ අත්පත් කර ගත යුතුයි. ඒ පිළිබඳව අපි සැලසුම් ඉදිරිපත් කරනවා. විටක අපි ලෝක සිනමාව ගැන, ලෝක සාහිත්‍යය ගැන, ඒවායේ වර්ධනය ගැන කථා කරනවා. ඒත් අපි කඳුකරයේ ජීවත් වන කවියෙක් ගැන හෝ කවියක් ගැන අපි කථා කරනවාද? අපි හොලිවුඩ්, බොලිවුඩ් සිනමාව ගැන කථා කරනවා. ඒත් යාපනයේ දෙමළ සාහිත්‍යකරුවෙක් ගැන, දෙමළ නවකථාකරුවෙක් ගැන කථා කරනවාද? අපි ලෝකයේ බොහෝ සාහිත්‍ය කලා නිර්මාණ ගැන විචාරයේ යෙදෙනවා. නමුත් අපි දෙමළ සාහිත්‍යය ගැන හෝ සාහිත්‍යකරුවෙක් ගැන විචාරයේ යෙදී තිබෙනවාද? අපි මොනතරම් පටු හුදෙකලා තැනකද ජීවත්වෙන්නේ. ලෝකයට නොවෙයි අඩුම තරමේ කඳුකරයටවත් අපිට විවෘත වෙන්න නොහැකි වී තිබෙනවා. අපිට උතුරටවත් විවෘතවෙන්න නොහැකි වී තිබෙනවා. උතුර දකුණට විවෘත කර ගන්න නොහැකි වී තිබෙනවා. කඳුකරය දකුණට විවෘත කර ගන්න නොහැකි වී තිබෙනවා. ඒක තමයි සත්‍යය. එනිසා අපි හිතනවා අපේ රටේ අනන්‍ය වූ සංස්කෘතීන් තිබෙනවා. අනන්‍ය වූ කලා ශිල්පයන් තිබෙනවා. අපේ අපේක්ෂාව වන්නේ, මේ සියල්ල කැටිකරගත් අනන්‍ය වූ ශ්‍රී ලාංකේය ජාතියක් නිර්මාණය කර ගැනීමයි.

අනෙකා නොතකා හරිමින් අනෙකාගේ අනන්‍යතාවයන් පහත් ලෙස සලකමින් අනෙකාගේ අනන්‍යතාවයන් සැහැල්ලුවට ගනිමින් ඉන්නවා පමණක් නොවෙයි සමහරවිට අපි හිතනවා අනෙකාගේ අනන්‍යතාවයන් අපිට සතුරුයි කියලා. දෙමළ කවිය සිංහලයට සතුරුයි කියල හිතනවා. සිංහල සංස්කෘතියට දෙමළ සංස්කෘතිය සතුරුයි කියල හිතනවා. අනෙකාගේ නිර්මාණයන් අගයන ඇසකින් නොවෙයි අපි ඒ දෙස බලන්නේ. සතුරු ඇසකින්. මෙවැනි සමාජයකට ඉදිරි ගමනක් තියේවිද? ඒනිසා අපගේ අපේක්ෂාව වන්නේ අනෙකාගේ අනන්‍යතාවයන් මුහුකරගත්තු එය දරාගැනීමට හැකි, ඊට ගරු කරන, එය රසවිඳිය හැකි නව සමාජය නිර්මාණය කිරීමයි.

Crowd At Artists Summit

මේ ක්ෂේත්‍රය පිළිබඳව මට වඩා විදග්ධයින් මෙතන ඉන්නවා. ඔවුන් දීර්ඝ කාලයක් මේ ක්ෂේත්‍රයේ නව නිර්මාණයන් පිළිබඳව අරගල කරපු, ලියපු, විචාරය කරපු දෘෂ්ටිවාදයන් නිර්මාණය කරපු අයයි. එවැනි විශාල පිරිසක් අද මෙතන ඉන්නවා. මා මේ ක්ෂේත්‍රය පිළිබඳව විදග්ධයෙක් නොවෙයි. මා ඒ පිළිබඳව එළියෙන් සිට බලන්නෙක්. ඔබ මේ ක්ෂේත්‍රයේ ඇතුළේ ජීවත් වන කෙනෙක්. අරගලයක නිරත වූ සහ නව නිර්මාණයන් අත්හදා බලපු කෙනෙක්. ඒ තුළම අලුත් ලෝකයක් පරිකල්පනය කළ කෙනෙක්. ඒ නිසා මම ඔබට එක සහතිකයක් දෙනවා. ඔබට ඔබේ නිර්මාණ ඉදිරිපත් කිරීමේදී යම් කුකුසක් පැකිළීමක් තිබුණේ නම් එය මුළුමනින්ම ඉවත් කරන සමාජයක් අපේ පාලනයක් යටතේ අප ගොඩනගනවා.

ඔබ මේ සමාජයේ ප්‍රගමනය බලාපොරොත්තුවෙන් විවිධ දේ ලිවුවා; කිවුවා; විවිධ නිර්මාණ කළා. එහෙත් ඒවා සාර්ථක කර ගන්න මේ ක්‍රමය යටතේ ඉඩකඩ විවෘත වුණේ නැහැ. ඔබගේ සිත තුළ කැකෑරෙමින් තිබුණ එම වුවමනාව, ඔබ ඔබගේ නිර්මාණ තුළ දුටුව නව ලෝකය නිර්මාණය කිරීම සඳහා දරන ප්‍රයත්නයට සහාය ලබාදීම අපේ වගකීමයි. ඔබ තව තව ලියන්න. නවකථා නිර්මාණය කරන්න. නිර්මාණකරනයේ යෙදෙන්න. අපි ඔබට සහය ලබා දෙන පාර්ශ්වකරුවෙකු වෙන්නම්. ඔබගේ පරිකල්පනයේ අරමුණ යථාර්ථයක් බවට පත්කළ හැකි රාජ්‍යයක් අපි නිර්මාණය කරනවා. මේ ප්‍රයත්නය ජයග්‍රහණය කිරීම සඳහා අපි එක්ව පියාඹමු.

Liyanage Amarakeerthi Addressing The Artists Summit

“භාවපූර්ණ වින්දනයක් සහිත ජීවිතයක් ගොඩනගා ගැනීමට මිනිසුන්ට අවස්ථාව ලැබිය යුතුයි”
-මහාචාර්ය ලියනගේ අමරකීර්ති-

අපි අද ඉදිරිපත් කරන අපේ සංස්කෘතික කලා ප්‍රතිපත්තිය පිටුපස විශාල සාමූහික ශ්‍රමයක් තිබෙනවා. මෙය සැකසීමේදී ක්ෂේත්‍රය පිළිබඳ අත්දැකීම් තිබෙන ප්‍රවීණයන් රැසක් ඊට දායක වුණා. අපේ සංස්කෘතික කලා ප්‍රතිපත්තිය අනෙකුත් ක්ෂේත්‍ර සියල්ල හා එකිනෙක බැඳුණු සමස්තයක එක කොටසක්. අපේ ප්‍රතිපත්ති මාලාව අනෙකුත් සියලුම ක්ෂේත්‍ර සමග ස්නායුගත සම්බන්ධතාවක් පවත්වනවා. අපි මෙහිදී එක ප්‍රධාන තේමාවක් පිළිබඳව කල්පනා කළා. එය තමයි පූර්ණ මනුෂ්‍ය ජීවිතයක් යනු කුමක්ද කියන එක. එතනදී අපි විශ්වාස කරනවා පරිපූර්ණ මනුෂ්‍ය ජීවිතයක් කියන්නේ මොනව හරි සෑදීම, විකිණීම හෝ යම්කිසි දෙයක් සැපයීම පමණක් නොවෙයි. මහාචාර්ය සරත්චන්ද්‍රයන් ඔහුගේ ‘ධර්මිෂ්ඨ සමාජය’ නම් කෘතියේදී එක් තැනක මෙසේ සඳහන් කරනවා. ඔහු කිවුවා ‘ක්‍රය’ සහ ‘වික්‍රය’ පමණක් නොවෙයි මනුෂ්‍ය ජීවිතය කියල. එනම් මිලට ගැනීම සහ විකිණීම පමණක් නොවෙයි මනුෂ්‍ය ජීවිතය කියල. මනුෂ්‍ය ජීවිතය ඊට වඩා විශිෂ්ට දෙයක්. යම් ආර්ථිකයක උපකරණයක් වීම පූර්ණ මනුෂ්‍ය ජීවිතයක් නොවෙයි. භාවපූර්ණ වින්දනයක් සහිත ජීවිතයක් ගොඩනගා ගැනීමට මිනිසුන් ලෙස අපට අවස්ථාව ලැබිය යුතුයි.

මනුෂ්‍යයන් යම් පද්ධතියක නිර්නාමික කොටසක් වීම ඉවසන්නේ නැහැ. මනුෂ්‍යයා තමාගේ ජීවිතය ඵල දරන දෙයක් බවට පත්කර ගැනීමට උත්සාහ ගන්නවා. අපේ සංස්කෘතික ප්‍රතිපත්තිය සැකසී තිබෙන්නේ අපේ සමාජීය මිනිසා යම් නිෂ්පාදන ආර්ථිකයක හෝ යම් වෙළඳපොළ ක්‍රමයක කොටසක් කිරීමට හෝ යම් පාලනයක සුවච කීකරු යටත්වැසියෙකු කිරීමට නොවෙයි. අප ඉදිරිපත් කර තිබෙන එම වැඩපිළිවෙළ ඒ ඒ පුද්ගලයාගේ හැකියාව අනුව ජීවිතය පූර්ණත්වයට පත් කර ගත හැකි ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක්. අපි පරිකල්පනය කරන්නේ සාරවත් පුරවැසි ජීවිතයක්. ඒක තනි තනි පුද්ගලයාට වෙන් වෙන්ව සාක්ෂාත් කර ගත නොහැකියි. එයට සාමූහික ප්‍රයත්නයක් අවශ්‍යයි. ඊට පාලන තන්ත්‍රය උදව් කළ යුතුයි; පරිසරය සකසා දිය යුතුයි.

Singers At The Stage Of Artists Summit

සංස්කෘතිය හා කලාව කියන්නේ අපි සමාජයට, ස්වභාව ධර්මයට, ප්‍රජාතන්ත්‍රවාදයට මුහුණ දෙන ආකාරය පිළිබඳව පරීක්ෂා කරන උපකරණයක්. ප්ලේටෝ කියා තිබෙනවා, පරීක්ෂා නොකරන ලද ජීවිතය ජීවත්වීමට තරම් නොවේ කියලා. මේ කියමන බොහෝ කලාකරුවො උරුම කරගෙන තිබෙනවා. අපේ කාර්යය ඒ පරීක්ෂාවට දිරි දීම. එය අපේ අභ්‍යන්තරික ආත්ම පරික්ෂාව. එය අපේ සාමූහික ආත්ම පරික්ෂාව. එය පාලකයන් අපිව පාලනය කරන අන්දම පිළිබඳ පරීක්ෂාව. එය අපි ආදරය කරන අන්දම පිළිබඳ පරික්ෂාව. එය අපි අඹුසැමියන් හැටියට ජීවත්වන අන්දම පිළිබඳ පරීක්ෂාව.

සංස්කෘතිය කියන්නෙ උරුමය කියන එක නොවෙයි අපේ සම්ප්‍රදායන් එලෙසම භාරගන්න එක නොවෙයි. පෙරළීම, වෙනස්කිරීම, යළි සැකසීම මේ සියල්ල සංස්කෘතියට අයිතියි. ගිබ්සන්ගේ නාට්‍යයක් වන ‘සෙල්ලම් ගෙදර’ නාට්‍යයේ ඔහු එක තැනක අහනවා බිරිඳක් ගෙදරක ගෘහනියක් වුවහොතින් ඇය සැබෑ මනුෂ්‍ය ජීවිතයක් ගතකරනවාද කියලා. අපේ කලා සංස්කෘතික ප්‍රතිපත්තිය සැකසී තිබෙන්නේ පූර්ණ මනුෂ්‍යයෙකු ලෙස ලාංකේය පුරවැසියා ලෝකයට දායාද කිරීම අරමුණු කරගෙනයි.

Show More

“කල් ඉකුත් වූ පාස්පෝට් අලුත් නොකිරීමෙන් මැතිවරණ සමයේ ලංකාවට පැමිණීමට නොහැකි තත්වයක් ඇති කර තිබෙනවා” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්-

(-ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.09.09-) මේ ආණ්ඩුව අද පුරවැසියන්ට පාස්පෝට් එකක්වත් ලබා දෙන්න බැරි තත්වයකට පත් වෙලා සිටිනවා. එක පැත්තකින් පාස්පෝට් පෝලිම දික් වෙවී තිබෙන අතරේ අනෙක් පැත්තෙන් ලංකාවට එන විදේශිකයන් පවා රස්තියාදු කරමින්, වීසා පෝලිම දික්ගැසී තිබෙනවා. පසුගිය කාලයේ සාමාන්‍ය පාස්පෝට් නිකුත් කිරීම වෙනුවට ‘ඊ-පාස්පෝට්’ සේවය ආණ්ඩුවෙන් හඳුන්වා දීම පිටුපස කොමිස් ගැසීමේ […]

(-ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.09.09-)

Vijitha Herath Speaking At NPP Press Conference

මේ ආණ්ඩුව අද පුරවැසියන්ට පාස්පෝට් එකක්වත් ලබා දෙන්න බැරි තත්වයකට පත් වෙලා සිටිනවා. එක පැත්තකින් පාස්පෝට් පෝලිම දික් වෙවී තිබෙන අතරේ අනෙක් පැත්තෙන් ලංකාවට එන විදේශිකයන් පවා රස්තියාදු කරමින්, වීසා පෝලිම දික්ගැසී තිබෙනවා. පසුගිය කාලයේ සාමාන්‍ය පාස්පෝට් නිකුත් කිරීම වෙනුවට ‘ඊ-පාස්පෝට්’ සේවය ආණ්ඩුවෙන් හඳුන්වා දීම පිටුපස කොමිස් ගැසීමේ ජාවාරම නිසා සියල්ල අඩපණ කරලා. රනිල් වික්‍රමසිංහගේ හිතවතකු වන ජිත් වර්ණකුලසූරියට අයත් ‘ජස්ට් ඉන් ටයිම්’ සමාගමට මේ සම්බන්ධයෙන් ටෙන්ඩරය ලබා දී තිබුණා. ගිවිස ගත් පරිදි පසුගිය ජුනි මාසයේ සිට ඊ-පාස්පෝට් සේවාව ලබා දෙන්න සමාගම අපොහොසත් වීමෙන් පෝලිමක් ඇති වුණා. රට එපා වී හැර යාමට 3,000ක විතර පිරිසක් දවසකට පාස්පෝට් ගන්න එනවා. නමුත්, ටෙන්ඩර් මගඩියත් එක්ක ‘ඔන්ලයින්’ ක්‍රමයට පාස්පෝට් දෙන්න ආණ්ඩුව තීරණය කළා. ඒ අනුව දවසකට නිකුත් කරන්නේ පාස්පෝට් 250-300 අතර ප්‍රමාණයක් පමණයි. එහෙම තියෙද්දී, ඊ-පාස්පෝට් ලබා දීමේ ටෙන්ඩරය ලබා ගත් සමාගමටම සාමාන්‍ය ක්‍රමයට පාස්පෝට් නිකුත් කිරීමේ අවස්ථාව ලබා දීම වෙනුවෙන් පසුගිය සතියේ දී කැබිනට් පත්‍රිකාවක් නිකුත් කර තිබුණා. මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් කමිටුවක් පත් කර එහි නිර්දේශ මත බව කියමින්, පැරැණි ආකාරයෙන්ම පාස්පෝට් ලබා දෙන්න කැබිනට් අනුමැතිය ඉල්ලා තිබෙනවා. එම කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙන්නේ පිටු 48ක පාස්පෝට් එකක් ලබා දෙන්නයි. නමුත්, මුල දී තිබුණේ පිටු 64ක පාස්පෝට් එකක්.

මුල දී පාස්පෝට් ලබා දුන් සමාගමෙන් ලක්‍ෂ හතහමාරක් කඩිනමින් ලබා දීමට තීන්දු කර ඇති බව සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා ප්‍රකාශ කළා. නමුත්, කලින් ලබා දුන් සමාගමට ටෙන්ඩරය පිරිනැමුවා නම්, ප්‍රමාදයක් සිදු වන්නේ නැහැ. නමුත්, පිටු 64කට තිබූ පාස්පෝට් එක පිටු 48කට අඩු කිරීම පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ලෝකයේ රටවල් 192කට නිල වශයෙන් දැනුම් දෙන්න ඕනෑ. ඒ අනුව එම රටවල අනුමැතිය ලබා ගන්න තවත් මාස දෙකක් පමණ ගත වෙනවා. කැබිනට් පත්‍රිකාව අනුව පිටු 48ක පාස්පෝට් එක වෙනුවෙන් ඩොලර් 7.98ක මුදලක් වැය වන බව සඳහන් වෙනවා. රුපියල්වලින් ගත්තොත්, එක් පිටුවකට රුපියල් 31ක් වැය වෙනවා. නමුත්, පෙර තිබුණු මිල ගණන් අනුව වැය වෙන්නේ රුපියල් 5.99යි. දහස් ගණනක් පෝලිම්වල රස්තියාදු වෙන්නේ මේ මගඩිය නිසයි. අද මේ සිදු කරන්නේ රටේ ඉන්න බැරි කර තිබෙන අතර, රටින් පිට වී යන්නත් ඉඩ නොදී හිර කර තිබීමයි. මේ තත්වය වහා වෙනස් කර මෙතෙක් කල් සාමාන්‍ය පාස්පෝට් ලබා දුන් ආකාරයට ඒ ක්‍රමවේදයෙන් ලබා දෙන ලෙස අපි අවධාරණය කරනවා. ඒ අනුව රටවල් 192ක අනුමැතිය අලුතින් ලබා ගන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ. ඇමැතිවරුන්ගේ, ජනාධිපතිවරුන්ගේ හිතවත්කම්වලට ගසාකන්න ඉඩ දීමෙන් ලංකාවට එන්න ඉන්න ලාංකිකයන්ට ඉඩ ලැබෙන්නෙත් නැහැ. විශේෂයෙන්ම මේ මැතිවරණ සමයේ පාස්පෝට් කල් ඉකුත් වූ අයට ඒවා අලුත් කර ගැනීමට නොහැකි වීම නිසා ලංකාවට පැමිණීමට නොහැකි වීමේ තත්වයක් ඇති කර තිබෙනවා. ආගමන – විගමන දෙපාර්තමේන්තුවේ පරණ වෙබ් අඩවිය විවෘත කර අවශ්‍ය පහසුකම් සලසා නොදී සිටිනවා. මේ තත්වය වහාම අවසන් කරන ලෙස අපි ආණ්ඩුවට අවධාරණය කරනවා.

ඒ වාගේම මැතිවරණ සමයේ ජනතාව රටවන්න විවිධ දේශපාලන පොරොන්දු දුන් අතර, නාගරික මහල් නිවාසවල ඉන්න ජනතාවට ඔප්පු ලබා දෙන බව ප්‍රකාශ කළා. නමුත්, ලබා දී තිබෙන ඔප්පුවල පවා නීත්‍යනුකූලව සඳහන් විය යුතු ඔප්පු අංකයක් කිසිදු තැනක සඳහන් කර නැහැ. නාගරික සංවර්ධන අධිකාරියෙන් මේ ඔප්පු ලබා දී තිබෙනවා. ඒ වාගේම ඔප්පුවේ සාක්‍ෂිකරුවන් දෙදෙනකු අත්සන් කළ යුතුයි. නමුත්, මේ ඔප්පු ලෙස සාක්‍ෂිකරුවන් නොමැති මෙන්ම සහතික කිරීමකුත් සිදු කර නැති කොළ කෑල්ලක් ලබා දී තිබෙනවා. ඔප්පුවක් නීත්‍යනුකූල වීමට නම්, ඔප්පු අංකය අනිවාර්යයෙන් ම සඳහන් විය යුතුයි. ජනතාවගේ මුදල් නාස්ති කර උත්සව පවත්වා ඒ බරත් ජනතාව මත පටවා ගෙන යන ප්‍රෝඩාව නැවැත්විය යුතුයි. විශේෂයෙන් ම නාගරික ප්‍රදේශවල ජනතාවට පසුගිය කාලයේ ලබා දුන් කොළ කෑල්ල ඔප්පුවක් බව ප්‍රකාශ කරමින්, ඡන්දය පැහැර ගැනීමට දරන ප්‍රයත්නයට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙවැනි රැවටීම්වලින් නොනැවැතී, රනිල් වික්‍රමසිංහ වේදිකාවල කපටි කතා කියන්න පුරුදු වි සිටිනවා. අනෙක් වේදිකාවේ මෝඩ කතා කියන අතරේ රනිල් වික්‍රමසිංහ කපටි කතා කියනවා. මාතර, මොරවක රැස්වීමේ දී රනිල් වික්‍රමසිංහ කීවේ, අනුර දිසානායකගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එකරැයින් කියවූ බවයි. එකරැයින් කියැවූ ඒවා යැයි ඔහු පට්ටපල් බොරු රැසක් ඒ වේදිකාවේ දී කීවා. ජාතික ජන බලවේගයෙන් ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් අහෝසි කරන බව ඔහු කීවා. මෙවැනි සඳහනක් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කුමන පිටුවේ, කුමන වගන්තියක තිබේ දැයි පෙන්වන ලෙස ඔහුට අභියෝග කරනවා. ළඟ ඉන්න කේවට්ටයෝ කියන දේවල් අහලා වේදිකාවල මෙවැනි බේගල් දිගහරින්න එපා. එක රැයක් නොවෙයි, මාසයක් හෝ අවදියෙන් සිට නැවත කියවන ලෙස අභියෝග කරනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 151 වැනි පිටුවේ ‘ජාත්‍යන්තර හා දේශීය වෙළෙඳපොළ පුළුල් කිරීම් සහ කාර්යක්‍ෂමතාව’ නම් සිරස්තලය යටතේ අපි අවධාරණය කර තිබෙන්නේ ‘පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම් යාවත්කාලීන කිරීම හා නව නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට ප්‍රවේශ වීම’ කියලයි.

රනිල්, ඔයා මොනවා ද කියෙව්වේ ? ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් අහෝසි කරන බව කීවේ දැක්කේ නැතිවද? නැති නම්, හිතාමතාම මඟහැර ගිහින්ද? රටේ වගකිව යුතු ජනාධිපතිවරයකු හැටියට දැනුවත්ව බොරු කියන්න එපා. ඔබ නිකම්ම නිකම් අපේක්‍ෂකයකු නොවෙයි, ඔබ දැනට මේ රටේ ජනාධිපති ධුරය දරන අපේක්‍ෂකයා. ජනතාව මුළා කරන්න එපා. ජාත්‍යන්තර ප්‍රජාව මුළා කරන්න එපා. පවතින වෙළෙඳ ගිවිසුම් කාලීන තත්වයට අනුව යාවත්කාලීන කරනවා පමණක් නොවෙයි, නව වෙළෙඳ ගිවිසුම් අත්සන් කරන බවත් සඳහන් කර තිබෙනවා. ඉංග්‍රීසි පරිවර්තනයේ 84 වැනි පිටුවේ ඒ බව ඉතා පැහැදිලිව සඳහන් කර තිබෙනවා. දවසෙන් තේරෙන්නේ නැත්නම්, සතියක් නිඳිවරලා හරි රනිල්, ඔයා මේක නැවත කියවන්න. අනෙක් අතට රනිල් වික්‍රමසිංහ කියනවා, අනුර දිසානායක සහෝදරයාට සමාව ගන්න කියලා. රනිල්, දැන් ඔයා සමාව ගන්න ඕනෑ. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කපටි විදියට වෙනස් කර බොරු කීම සම්බන්ධයෙන් රටේ ජනතාවගෙන් සමාව ගන්න ඕනෑ. රටෙන් විතරක් නොවෙයි, ජාත්‍යන්තර ප්‍රජාවගෙනුත් සමාව ගත යුතුයි. මොකද, ඔහු මේ රටේ ජනාධිපතිවරයා හැටියටයි කටයුතු කරමින් සිටින්නේ.

අනුර සහෝදරයා උතුරට ගිහින් ජනතාවගෙන් ඉතා පැහැදිලිව ඉල්ලීමක් කළේ මුළු රටම එකතු වී රට හදන ප්‍රතිපත්තිය ජයග්‍රහණය කරවන්න එකතු වෙන්න කියලයි. දකුණේ ජනතාව ජයග්‍රහණයට පෙළගැසී සිටින මොහොතේ උතුරේ ජනතාව ලෙස ඒ අවස්ථාව මඟහරින්න එපා කියලයි, ඔහු අවධාරණය කළේ. දකුණේ ජනතාවගේ සහාය විතරක් මදි. උතුර, නැඟෙනහිර සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලු ජාතිකත්වයන්ගේ සහයෝගය රට ගොඩනැඟීම සඳහා අත්‍යවශ්‍ය බවත්, සමඟියෙන් පිරුණු රටක් ගොඩනැඟීමට සමඟියෙන් පිරුණු ආණ්ඩුවක් අවශ්‍ය බවත් ඔහු අවධාරණය කළා. නමුත්, රනිල් හිතාමතාම එය විකෘති කර ජාතිවාදී ප්‍රකාශයක් සිදු කළා. 1981 සංවර්ධන සභා මැතිවරණය අවස්ථාවේ සිරිල් මැතිව්, ගාමිණී ජයවික්‍රම පෙරේරා, ගාමිණී දිසානායකලා මැරයන් මෙහෙයවා කුරුණෑගල සිට යැවූ මැරයන් ඡන්ද පෙට්ටි කොල්ලකා විනාශයන් සිදු කළ, දකුණු ආසියාවේ විශාලතම පුස්තකාලයට ගිනි තැබූ ඉතිහාසයක් තිබෙනවා. කුරුණෑගල සිට කෝච්චියෙන් ගිහින් හින්දු විද්‍යාලයේ නවාතැන් ගෙන රාත්‍රී දහයට ඇමැතිවරුන් උපදෙස් දුන් ආකාරය සම්බන්ධයෙන් සජීවී සාක්‍ෂි තවමත් තිබෙනවා. එදා යාපනය පුස්තකාලය ගිනි තබා ඡන්ද කොල්ලයක් දියත් කළ නිසයි යුද්ධයකට පාර කැපුණේ, රට ගිනි තබන ජාතිවාදී යුද්ධයට පාර කැපුවේ 1981 සිදු කළ මේ විනාශයෙන් විසිනුයි. එවැනි විනාශ සිදු කළ රනිල් වික්‍රමසිංහ ඇතුළු පාලකයන් අද අනුර සහෝදරයාගේ කතාව විකෘති කරමින්, වෙනත් ප්‍රකාශ සිදු කරනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දැනුවත්ව විකෘති කිරීම සහ නැවත ජාතිවාදය අවුස්සන ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ සමාව ගත යුතුයි. සදාචාර සම්පන්න දේශපාලන භාවිතාවක් තිබෙනවා නම්, ඔහු එය රටට පෙන්විය යුතුයි.

Vijitha Herath At NPP Press Coference

මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්;

වීසා ජාවාරම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ අපේක්‍ෂකයා දරන ස්ථාවරය මොකක් ද?

අපි මේ කරුණු ඉදිරිපත් කළේ ජාතික ජන බලවේගයේ අපේක්‍ෂකයා වෙනුවෙන්. එදා වී.එෆ්.එස්. වීසා ජාවාරම රටට හෙළි කළේ පළාත් පාලන මැතිවරණයට ගම්පහ නගර සභාවෙන් අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටි සහෝදරයකුගේ පුතෙක්. ඔහු නීතිඥවරයකු ලෙසත්, ඔහුට පෞද්ගලිකව සිදු වූ අසාධාරණය නිසාත් මේ සිද්ධිය රටට හෙළි කළා. මේ තරුණයා කළ වීර ක්‍රියාව නිසා අපේ රට සහ ලෝකයේ සිටින ලාංකිකයන් මේ වංචාව පිළිබඳව මුලින්ම දැනගත්තා. හදිසි ව්‍යාපාර කටයුතු වෙනුවෙන් පවා පැමිණීමට නොහැකි මට්ටමට හිර වී සිටිනවා. අපි දේශපාලන ව්‍යාපාරයක් විදියටත් මුල ඉඳලාම මේ ජාවාරම රටට හෙළි කරමින්, එය නවත්වන ලෙස බලපෑම් ආණ්ඩුවට සිදු කළා. දැන් කරන්නෙත් ඒක තමයි.

මොරවක දී ජනාධිපතිවරයා කළ අභියෝගය භාර ගන්නවා ද?

අපි මේ කරන්නේ ඒ අභියෝගය භාරගෙන උත්තර සැපයීමයි. අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉංග්‍රීසි සහ සිංහල යන භාෂා දෙකෙන්ම ඇතුළත් කර තිබෙන කරුණු පිළිබඳව පැහැදිලි කළා. අනුර සහෝරයාට යම් අසනීප තත්ත්වයක් නිසා මොරවක රැස්වීමට යන්න බැරි වුණත්, ඊයේ අනුර සහෝදරයා රනිල් වික්‍රමසිංහට පිළිතුරු ලබා දුන්නා. දැන් රනිල් සමාව ගන්න ඕනෑ.

අපේක්‍ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පිළිබඳ විවෘත සංවාදයකට එක් නොවූයේ ඇයි ?

ඒ සංවාදයට ලෑස්ති කරන්න ඉස්සර අපි අපේ රැස්වීම් සූදානම් කර තිබුණා. එදා උදේ අපේ නීතිඥ සමුළුව, ක්‍රීඩා සමුළුව, මොරවක රැස්වීම, ඌරුබොක්ක රැස්වීම, දෙයියන්දර රැස්වීම සූදානම් කර තිබුණා. අපේ න්‍යාය පත්‍රයට පිටින් විවිධ මාධ්‍ය ආයතන සහ සංවිධාන කරන සැලැසුම් අනුව අපේ කටයුතු වෙනස් කර ගන්න අපහසුයි. ඒ අනුවයි සහභාගී වෙන්න නොහැකි වුණේ.

ජනාධිපතිවරයා රැස්වීම්වල දී ‘මා මිත්‍ර අනුර කුමාර දිසානායක’ කියලා ආමන්ත්‍රණය කිරීමෙන් හෙළි වන්නේ ඩීල් එකක් ද?

ඩීල් තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාසලා අතර බව කාටත් පැහැදිලියි. හොඳම උදාහරණය අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය ඇමැතිවරයා හඬා වැලපෙමින්, පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශය. ඒ වාගේම ඒ දෙපැත්තේම දෙවැනි පෙළ කට්ටිය තැන් තැන්වල විවිධ සාකච්ඡා කරමින් යනවා. රනිල් වික්‍රමසිංහ, සජිත්ට අනුරව පරද්දන්න බැරි බව කියන අතර, රනිල්ට පුළුවන් ද? සජිත්ටත් බෑ. රනිල්ටත් බෑ. ඒ දෙන්නාම එක් වුණත් බැහැ. ඒ විතරක් නොවෙයි, දැන් අනුරටත් බෑ අනුර පරද්දන්න. රටේ ජනතාව අනුරව දිනවලා ඉවරයි.

Show More

“සමාජ පරිවර්තනයක් සඳහා වූ තරුණ පරම්පරාවේ අපේක්ෂා ඉටුකිරීමේ වගකීම අපි බාර ගන්නවා” -ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක-

(-ජාතික ජන බලවේගයේ තරුණ සමුළුව – 2024.09.08 – සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය-) මේ සැප්තැම්බර් 21 වැනිදාට ජාතික ජන බලවේගයට ජයග්‍රහණය කළ හැකි බවට අපි හැම දෙනාටම, මහත් විශ්වාසයක් තිබෙනවා. අද අපේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය ඔවුන් කිසිසේත්ම අපේක්ෂා නොකළ ඉරණමකට මුහුණ දී තිබෙනවා. ඔවුන් හිතුවේ ඔවුන් එකිනෙකා අතර පමණක් බලය හුවමාරු වීම චිරාත් කාලයක් ආරක්ෂා කර ගන්න පුළුවන් […]

(-ජාතික ජන බලවේගයේ තරුණ සමුළුව – 2024.09.08 – සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය-)

Anura Kumara Dissanayake Addressing The Crowd At NPP Youth Summit

මේ සැප්තැම්බර් 21 වැනිදාට ජාතික ජන බලවේගයට ජයග්‍රහණය කළ හැකි බවට අපි හැම දෙනාටම, මහත් විශ්වාසයක් තිබෙනවා. අද අපේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය ඔවුන් කිසිසේත්ම අපේක්ෂා නොකළ ඉරණමකට මුහුණ දී තිබෙනවා. ඔවුන් හිතුවේ ඔවුන් එකිනෙකා අතර පමණක් බලය හුවමාරු වීම චිරාත් කාලයක් ආරක්ෂා කර ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් එළඹෙන 21 වැනිදාට සහතික වශයෙන්ම ඒ සම්ප්‍රදායික බල හුවමාරුව අවසන් වෙනවා.

අද ඔවුන් ඉතාම කැත, අවලස්සන, ජඩ දේශපාලනයකට අවතීර්ණ වී සිටිනවා. අසත්‍ය, මඩ, අවලාද විටෙක කෝපය, වෛරය ඔවුන් අපට එරෙහිව පතුරවමින් සිටිනවා. ඉදිරි දින කිහිපය තුළ තවත් එය තීව්‍ර කරාවි කියලා අපි හිතනවා. අපිට කියන්න තියෙන්නේ එක දෙයයි. ඒ, අපේ හතුරා අපිට එරෙහිව කරන කිසිම දෙයකින් අපේ ජයග්‍රහණය නතර කළ නොහැකි බවයි. පසුගියදා රාවුෆ් හකීම් මන්ත්‍රීවරයා ප්‍රකාශයක් කළා, මම මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රකාශයක් කළා කියලා. ඔහුට අවස්ථාවක් තිබෙනවා ඔහුගේ ප්‍රකාශය නිවැරදි කර, කනගාටුව පළ කරන්න. එසේ නොකළහොත් අපි නඩු දමනවා. තිස්ස අත්තනායක කියලා තිබුණා අපි ආව ගමන් නුවර පෙරහැර නතර කරනවා කියලා. දැන් ඔවුන් නැවත ජාතිවාදය, ආගම්වාදය අවුළුන්න උත්සාහ දරනවා. තිස්ස අත්තනායක කණගාටුව ප්‍රකාශ කළත් අපි ඔහුට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා. ඔහු කූට ලේඛන සකස් කරන්න කප් ගහපු කෙනෙක්. එහෙම කරලා රිමාන්ඩ් භාරයට පත්වූ කෙනෙක්. දැන් දින කිහිපයකට පෙර අපේ වසන්ත සහෝදරයා අත්අඩංගුවට ගන්න නියෝග කළා කියලා විශාල මඩක් ගැහුවා. ඒ පිළිබඳවත් අනිවාර්යයෙන් ඒ අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. මේ කැත පන්නයේ දේශපාලන ක්‍රීඩාව දැන්වත් නතර කළ යුතුයි. අපි මේ තත්වයට එරෙහිව ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා.

ඊයේ පෙරේදා දවසක රනිල් වික්‍රමසිංහ “මා මිත්‍ර අනුර, මගේ යාළුවා” කිය කිය ඉන්නවා මම දැක්කා. ඔය එන්නේ ‘ශේප් වෙන්න’. යාළුවා කිය කියා මොනතරම් ශේප් වෙන්න ආවත් අපේ පාලනයක් යටතේ මහ බැංකු වංචාවට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා ගන්නවාමයි. පසුගිය කාලේ එයා බාර් ලයිසන් දීපු ඒවා ගැනත් පරීක්ෂණ පවත්වනවා. ‘යාළුවා’, ‘යාළුවා’ කියලා මොනතරම් අපි පසුපස ආවත් එල්ආර්සී එකේ ඉඩම් බෙදපු ආකාරය ගැන අපි අනිවාර්යයෙන් පරීක්ෂණ පවත්වනවා. ඒ වගේම ඔහු අපේ රටේ වංචනිකයන් ආරක්ෂා කර ගැනීමට දරන ප්‍රයත්නයන් ගැනද පරීක්ෂණ පවත්වනවා. රනිල්, සැප්තැම්බර් 21න් පස්සේ ඔබට යාළුවාගේ තරම තේරුම් යාවි.

NPP Youth Summit Crowd

අපේ රටේ තරුණ පරම්පරාව දීර්ඝ කාලයක් තිස්සේ සමාජ පරිවර්තනයක් වෙනුවෙන් පොර බැදුවා. විටෙක සටන්කාමී ලෙසද, විටෙක මතවාදී ලෙසද පොර බැදුවා. නමුත් අවසන් ජයග්‍රහණය ලබන්න අසමත් වුණා. ඔබ කළ ඒ අරගලය ඇතුලේ තිබූ සෑම අපේක්ෂාවක්ම, පරමාර්ථයක්ම ඉටුකිරීමේ වගකීම අපි සැප්තැම්බර් 21න් පස්සේ බාර ගන්නවා. අපේ රටේ දේශපාලනයට එන්න තිබෙන දොරටු පැරණි පාලකයන් විසින් වසා තිබුණා. දේපොළ පරම්පරාවෙන් පරම්පරාවට පවරනවා වගේ අපේ රටේ දේශපාලනයත් ගලා ගියේ පරම්පරාවෙන් පරම්පරාවට. ඒ පරම්පරාවේ දේශපාලනය ගැන තරුණ පරම්පරාවට තිබෙන්නේ විශාල පිළිකුළක්; හිරිකිතයක්. අලුත් පරම්පරාවට දේශපාලනය ගෞරවනීය තැනක්, වටිනාකමක් ඇති තැනක් බව පෙන්වීමට ජාතික ජන බලවේගයේ අපි අවශ්‍ය පරිවර්තන කරනවා.

සජිත් කියන කරන විකාර දෙස බැලුවහම ඔහු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්වත් වීමට සුදුසුදැයි ඔබම කල්පනා කර බලන්න. ඔහු ජනාධිපති අපේක්ෂකයෙකු බවට පත් වන්නේම තාත්තා ජනාධිපතිවරයෙකුව සිටි නිසාමයි. නාමල් රාජපක්ෂත් එසේමයි. රනිල් එසේ වන්නේ මාමා ජනාධිපති වූ නිසයි. මේ රටේ ජාතික දේශපාලනය ගොනු වී තිබෙන්නේද පවුල් 04ක් 05ක් අතේ. ඔබේ දිස්ත්‍රික්කයේ, ඔබේ ආසනයේ පමණක් නොවෙයි, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ දේශපාලන තත්වයත් එයම නොවේද? සමහර පවුල් තිබෙනවා තාත්තා පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ලොකු පුතා පළාත් සභාව නියෝජනය කරනවා. පොඩි පුතා ප්‍රාදේශීය සභාව නියෝජනය කරනවා. දේශපාලනය පවුල් පඩිපෙළක තියලා වගේ. තාත්තා එක පඩියකින් ඉවත් වෙන විට පුතා ඒ පඩියට නගිනවා. මේ පරම්පරාගත දේශපාලන පවුල් අපේ රටට මහා විනාශයක් කර තිබෙනවා. මේ පවුල් පරම්පරා අතර හුවමාරු වෙන දේශපාලන බැට්න් එක තාවකාලිකව අපි අතට ලබාගෙන තරුණ පරම්පරාව වන ඔබ අතට ලබාදීම අපි වගකීමක් ලෙස පවරාගෙන තිබෙනවා.

Anura Kumara Dissanayake At NPP Youth Summit

ඒ දේශපාලන බැට්න් එක අපි පරම්පරාවෙන් පරම්පරාවට භාර දෙන්නේ නැහැ. ඒ වගේම මේ ලැබෙන බැට්න් එක පණනල පවතින තුරු අපේ අතේ තබා ගන්නේත් නැහැ. අපි එය තබාගෙන ඉන්නේ සීමිත කාලයකට පමණයි. අපේ වගකිම ඉටුකළ විගස අපි එය මේ රටේ තරුණ පරම්පරාවට බාරදීලා ඔබ රට කරන හැටි සැනසිල්ලේ බලාගෙන ඉන්නවා. අපි බදා ගන්න පුරුදු වූ මිනිස්සු නොවෙයි. අත් හරින්න පුරුදු වූ මිනිස්සු. සැප්තැම්බර් 21 වැනිදා සිදුවන්නේ හුදු දේශපාලන බල හුවමාරුවක් නොවෙයි. මෙතෙක් අපේ රටට උරුම කරදී තිබූ නරුම දේශපාලනය වෙනුවට මුළුමනින්ම පරිවර්තනය යුගයකට යොමු කරන දේශපාලනයක් සැප්තැම්බර් 21 දින උදා වෙනවා. අපි ඔබ එක්ව මේ දින කිහිපය වැඩ කළ යුත්තේ ඒ සඳහායි. අපේ දුප්පත් හා මැද පාංතික තරුණ පරම්පරාවට ගොඩඑන්න තිබෙන මාර්ගය තමයි අධ්‍යාපනය. අපේ රටේ නිදහස් අධ්‍යාපනය නොතිබෙන්නට පෞද්ගලිකව මා, ඔබ මෙතන නොසිටින්නට ඉඩ තිබුණා. ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ අධ්‍යාපනයේ මහා විසල් පර්වර්තනයක් මේ රටේ තරුණ පරපුර හා දූ දරුවන් වෙනුවෙන් අපි සිදුකරනවා.

ඉතා පටු සීමාවක රඳවා තිබෙන මේ රටේ ක්‍රීඩා ක්ෂේත්‍රය අපි ඔබට සෞඛ්‍යය, සතුට, ප්‍රබෝධය ගෙනෙන ක්ෂේත්‍රයක් බවට පත් කරනවා. සංචාරක ව්‍යාපාරය රටට ආදායම් ගෙනෙන හා රැකියා උත්පාදනය කරන දියුණු කර්මාන්තයක් බවට පත් කරනවා. මේ රට සියලු පැතිවලින් පිරිසිදු කර, ඔබේ සිහින සැබෑ කරන ලස්සන ජීවිතයක් අත් විඳින්නට ඔබට ලැබෙන පොහොසත් ශ්‍රී ලංකාවක් ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ අපි ගොඩනගනවා.

Kalana Gunasekara At NPP Youth Summit

“21 වැනිදායින් පස්සේ අපි හමුවෙන්නේ අලුත් රටක මිනිස්සු හැටියට”
-රංගන ශිල්පී කලණ ගුණසේකර-

සැප්තැම්බර් 21 වැනිදාට තිබෙන්නේ මිනිසුන්ගේ බුද්ධි පරීක්ෂණයක්. ශක්තිමත් කොඳු ඇට සහිත මිනිසුන් අතර එහෙටත් නැති මෙහෙටත් නැති දුර්වල කොඳු සහිත සමහර මිනිස්සු ඉන්නවා. මෙවර අපි අතරින් බිහිවෙන්නේ, මෙතෙක් කල් මේ රටේ හොරු පාලනය කරලා කබලක් කරපු පාලක බස් රථය ඔවුන්ගෙන් බේරා ගෙන නවීකරණය කරලා, යන මාර්ගයත් නවීකරණය කරලා, හරිම ඉලක්කයකට පදවා ගෙන යන්න පුළුවන් පාලකයෙක්.

දැන් රටේ කොල්ලෝ කෙල්ලෝ විතරක් නොවෙයි වැඩිහිටි පරම්පරාවත් ශක්තිමත්. මේ පාර මාලිමාවට ඡන්ද ගලාගෙන එන්නේ පෝලිමට. ලංකාවේ විතරක් නොවෙයි පිටරට ඉඳලා ශ්‍රී ලාංකිකයෝ මේ සැරේ පෝලිමේ එනවා මාලිමාව දිනවන්න. දැන් ඒක නවත්වන්න බැහැ. අපේ විරුද්ධවාදීන්ට දැන් පුළුවන් මඩ ගහන්න විතරයි. ජාතික ජන බලවේගය සිංදුවක් කිවුවත් ගති. ඇඩ් එකක් හැදුවත් ගති. ඒවායින් කාටවත් මඩ ගහන්නේ නැහැ. මම පොඩි සරල කතාවක් කියන්නම්. නායකයා වෙන්න හිතාගෙන ඉන්න එක පුද්ගලයෙක් යනවා, තාරුණ්‍යයට වැඩ පෙන්වන්න; ක්‍රිකට් ගහන්න. පොඩි එකෙක් බෝලයක් දානවා පොල්ල ගැලවිලා වීසි වෙනවා. මේ සැරේ මේ ජනතාව බෝලේ දාන්නෙ එයාගෙයි රනිල්ගෙයි විකට් දෙකේම පොලු ගැලවිලා වීසි වෙන්න.

ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ උස නම් සිකියුරිටි, මිටි නම් කම්කරු වගේ පට්ට ගොන් තියරි එකට රස්සාවල් දෙන්නේ නැහැ. සුදුසුකම් අනුව සුදුස්සාට සුදුසු තැන ලබා දෙනවා. අනුර සහෝදරයා නම් කවදාවත් විකාර කතා කියලත් නැහැ; කියන්නෙත් නැහැ කියලා අපි දන්නවා. මොකද, ඔහු බුද්ධිමත් නිසා කවදාවත් වගකීම් විරහිත කතා කියන්නේ නැහැ. රටක නායකයෙක් වෙන්න හිතාගෙන ඉන්න කොනෙකුට අලි මන්තර කියලා වල් අලි එළවලා දානවා වගේ මෝඩ කතා කියන්න පුළුවන්ද?

Crowd At NPP Youth Summit

දැන් එයා ළඟ තියෙන්නේ දැන් පාවිච්චියට නොගන්න පරණ ටෙලිෆෝන් එකක්. අනෙක් කෙනා ළඟ තියෙනවා දිරච්ච ගෑස් සිලින්ඩරයක්. බ්‍රේස්ලට් දෙන්න කතා කරපු මනුස්සයා දැන් කියනවා ගෑස් ටිකක් දෙන්නම් කියලා. ඒ ගොල්ලෝ ගැන ඊට වඩා කතා කරන්න දෙයක් නැහැ. දැන් තාරුණ්‍යය ශක්තිමත්. ඔවුන්ව අන්දන්න බැහැ. මේ පාර මාලිමාව කෝටියකින් නොවෙයි ඊටත් වඩා ගණනකින් දිනවන්න ඕනෑ. දැන් හැම ලාංකිකයෙකුටම මොළේ පෑදෙන්න ඕනෑ අපිට වුණේ මොකක්ද කියලා තේරුම් ගන්න. මෙතන ඉන්න තරුණ තරුණියෝ, කලාකරුවෝ සල්ලිවලට විකිණුනේ නැති කොන්ද කෙලින් මිනිස්සු. අපිට බොක්කෙන් ආපු නායකයෙක් ඉන්නෙ. ඒ නායකයා මේ රට ගොඩනගන එක බොක්කෙන්ම කරනවා.

76 වසරක් කාපු රට, අවංක මිනිහෙක් ඇවිල්ලා ගොඩදාන්න යනකොට කුහකකම් කිය කියා සමච්චල් කරන්න තරම් පහත් තත්වයකට වැටෙන්න එපා කියලා අපි ඔවුන්ට කියනවා. ලංකාවේ හිටපු සුන්දර මිනිසුන්ට වද දීලම මේ පාලකයෝ ඔවුන්ව අසරණ කළා. දැන් ඒ අසරණකම් නැහැ. ඔවුන් දැන් ශක්තිමත්. මේ 21 වැනිදා වෙනකල් ඔවුන් පුල පුලා බලා සිටින්නේ ඔවුන්ගේ ඇත්ත හයිය පෙන්වන්න. අපේ නායකයා ඇතුළු මේ රටේ සමස්ත ජනතාව එකතු වෙලා එදාට පස්සේ මුළු දකුණු ආසියාවටම ආදර්ශය ගන්න පුළුවන් රාජ්‍යයක් ගොඩනඟනවා. එදාට අපේ රටේ ජනතාවට සතුටු සිතින් සැහැල්ලුවෙන් ඇවිල්ලා අපේ කලා නිර්මාණ බලලා තෘප්තියෙන් නිවෙස් බලායන්න පුළුවන් වාතාවරණයක් ගොඩ නැගෙනවා. 21 වැනිදායින් පස්සේ අපි හමුවෙන්නේ අලුත් රටක මිනිස්සු හැටියට. 21 වැනිදා අනුර සහෝදරයාගේ ජයග්‍රහණය ස්ථිරයි. මාලිමාව ජයග්‍රහණය ස්ථිරයි. එදායින් පස්සේ ඔබත් දිනුම්. රටත් දිනුම්.

Eranga Gunasekara At NPP Youth Summit

“ස්මාර්ට් තාරුණ්‍යය මේ රට නව මඟකට හරවන බව අද ඔප්පු කර තිබෙනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික එරංග ගුණසේකර-

අපි පුල පුලා බලා හිටපු ගේම් එකක් තිබුණා. අපිට ඕනකම තිබුණේ පොහොසත් රටක් හදන්න. ඒ වෙනුවෙන් අපි සටන් කළා. මතවාද ගොඩනැගුවා. තව දින 13යි අපිට තියෙන්නේ. එදාට මේ රටේ මේ ස්මාර්ට් තාරුණ්‍යය මේ රට නව මඟකට හරවන බව අද ඔප්පු කර තිබෙනවා. සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය පිරී ඉතිරී ගිය මේ තාරුණය කියා පාන්නේ ඒ සාක්ෂියයි. මෙතෙක් මේ රට වැනසූ පාලකයන්ගේ සාදය එදායින් අවසන් කරන පණිවිඩය තමයි අද මේ ඔබ ලබා දෙන්නේ. මෙතන ඉන්නේ රටක් වෙනස් කරන්න බලා සිටින තරුණ තරුණියන්. ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්න අප්‍රසන්න මහත්මයෙක් හිතුවා අපිට මේ රැලිය තියන්න කලින් දීපු තැන වෙනස් කරලා අපේ වැඩය අවුල් කරන්න පුළුවන් වෙයි කියලා. අප්‍රසන්න මහත්තයෝ ඔයා ළඟ ඔය චූටි චූටි සිඟිති කෙනෙහිලිකම්වලින් අපිව ආපසු හරවන්න බැහැ. අද මේ තරුණ රැලිය තුළ අපි ඒක ඔප්පු කර තිබෙනවා.

මේ රටේ ජවසම්පන්න තාරුණ්‍යය එක්ක ඔයගොල්ලන්ගේ සම්ප්‍රදායික මහලු දේශපාලනයට හැරෙන්නවත් බැහැ. ඒක හොඳින් මතක තබාගන්න. පසුගිය අරගලයෙන් අපි බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඒ අරගලය තුළ අපේ සහෝදර බැඳීම් ශක්තිමත් වුණා. ඒ අරගලය නිසාම රනිල්ලා, රාජපක්ෂලා, සජිත්ලා හිතපු නැති තත්වයක් රට තුළ නිර්මාණය වුණා. අරගලයේ මූලික අභිලාෂයන්වලින් එකක් වුණේ අපේ රටේ පවුල් පාලනය අවසන් කිරීම. දෙවැනි එක තමයි අපේ රටේ ජාවාරම්කාර හොරුන්ට දඬුවම් ලබාදීම. තුන්වන කරුණු තමයි ඒ කොල්ලකාපු දේපොළ නැවත අත්පත් කර ගැනීම. හතර වැනි එක තමයි මේ සිස්ටම් එක වෙනස් කිරීම.

එම අරගලය තුළ විවිධ මතවාද තිබුණා. අපේ මතවාද සමග හැප්පුණු බොහෝ දෙනෙක් අද මෙතනට පැමිණ තිබෙනවා. ඒ අරගලයෙන් අපිට ලැබුණේ භාග ජයග්‍රහණයක් පමණයි. මමත් ඇතුළු අරගලයේ අපි හැමෝම ඒක දකින්න ඕනෑ. අරගලයේ අපිට ජවය තිබුණා; අධිෂ්ඨානය තිබුණා; සහෝදරත්වයත් තිබුණා. නමුත් එකක් අපිට නිර්මාණය කර ගන්න බැරි වුණා. ඒ තමයි සංවිධානාත්මක මහජන බලය. ඒ අඩුව තමයි රනිල්ලා රාජපක්ෂලා පාවිච්චි කළේ. අපි වැඩ ඇතුලේ අත්දැකීම් ලබලා ඉගෙන ගත්ත මිනිස්සු. වැරදිවලින් ඉගෙන ගත්ත මිනිස්සු. ඒ නිසා තමයි ජාතික ජන බලවේගය සමග එකතු වෙලා මේ පාදඩ ක්‍රමය වෙනස් කරන්න මිනිස්සු නැගිටලා තිබෙන්නේ; තරුණ පරම්පරාව නැගිටලා තිබෙන්නේ. අපිට එදා නොතිබුණු සංවිධානාත්මක බලය ගොඩනැගිය යුතුව තිබෙන්නේ දැනුයි.

අරගලයේ පාඩම් අධ්‍යයනය කර අපි මෙ සටනට ලැහැස්ති වුණේ අවුරුදු දෙකක ඉඳන්. මේ රටේ ජනතාවගේ ප්‍රාර්ථනාවන් ඉටු කරන්න පුළුවන් තැනකට අද අපි පත්වී තිබෙන්නේ ඒ නිසයි. රටේ විවිධ ක්ෂේත්‍රවල වෘත්තිකයන්, කලාකරුවන්, ශිෂ්‍යයන්, කාන්තාවන්, තරුණ තරුණියන්, ධීවරයන්, කම්කරුවන්, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්, විශ්‍රාමික හමුදා සහ පොලිස් නිලධාරීන් ඇතුළු සියලුම ක්ෂේත්‍රවල ජනතාව අපිට එකතු කරන්න පුළුවන් වුණා. ඒ, අපි උගත් පාඩම්වලින් අත්දැකීම් ලබා වෙහෙස නොබලා වැඩ කළ නිසයි. අරගලයෙන් මාස 22කට පසුව දැන් අපිට පුළුවන් වෙලා තිබෙනවා හුදු දේශපාලන පක්ෂයකට එහා ගිය, සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු සහෝදර ජනතාව එකතු කරගෙන දැවැන්ත මහජන පවුරක්, සංවිධාන බලයක් ගොඩනඟන්න. මේක අපි ඔක්කෝම එකතු වී කළ සාමූහික වැඩක්. අපි දැවැන්ත කාර්යයක් කරන්නේ මේ බලය මගිනුයි. අපිට මේ රට නව පුනරුද යුගයකට පරිවර්තනය කරන්න, ඔසවා තබන්න හැකිවෙලා තිබෙනවා. අපිට එරෙහි සම්ප්‍රදායික බලය පරාජය කර නව දේශයක් ගොඩනැගීමේ ශක්තිය සතුව තිබෙන්නේ අපි ගොඩනැගූ මහජන බලයටයි.

දැන් අපි සාමූහික මිනිස් පොකුරක්. ඒ නිසා තමයි සතුරාට සිතා ගන්නවත් බැරි වේගයකින් අපි ඉදිරියට යමින් ඉන්නේ. අපේ අරමුණ ජයග්‍රහණය කිරීමට නම් නිශ්චිත වැඩපිළිවෙළක් අපිට ඕනෑ. මේ රටේ තාරුණ්‍යය එයට සූදානම්. අද මේ රටේ ලක්ෂ 85ක් වෙන තාරුණ්‍යය වෙනුවෙන් අපි වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනවා. “තෘප්තිමත් තාරුණ්‍යයක් – නිවහල් චින්තනයක්” කියන එක තමයි අපේ තරුණ වැඩපිළිවෙළේ තේමාව. මේක හුදු ලියවිල්ලක් නොවෙයි. මේ රටේ තාරුණ්‍යයේ ප්‍රාර්ථනා මල්ඵල ගන්වන ප්‍රායෝගික වැඩපිළිවෙළක්. අපි අද එය ඔබ අතට පත් කරනවා. තව දින 13කින් අපි මේ වැච් එක දිනලා මේ රටේ මහජන බලය පිහිටුවනවා. අනුර කුමර දිසානායක සහෝදරයාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය කරන බවත්, ජාතික ජන බලවේගයේ පාලනයක් මේ රට තුළ ස්ථාපිත වන බවත් ස්ථිරයි. අපි ජය ගන්නවා වගේම මේ රට ගොඩනඟන බවත් ස්ථිරයි.

Anura Kumara Dissanayake Handover The Policy Book
Show More

“ජාතිවාදය ඇවිළවීමට රනිල් දැරූ උත්සාහය උතුරේ සුමන්තිරන් මහතාම ප්‍රතික්‍ෂේප කළ නිසා සමාව ගත යුත්තේ රනිල්මයි” -ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක අනුර කුමාර දිසානායක-

(-අන්තර් සමාගම් සේවක සංගමයේ 25 වැනි වාර්ෂික මහා සමුළුව – 2024.09.08 – මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය-) ලංකාවේ මෙතෙක් කාලයක් දෙපැත්තට හුවමාරු වෙමින් තිබූ දේශපාලන බලය මේ සැප්තැම්බර් 21 වැනිදා අවසන් කරන බව නියතයක්ව තිබෙනවා. මේ නිසාම සතුරන් සියලු දෙනා දේශපාලන තර්ක වෙනුවට අසත්‍ය අවලාද, විකෘති කිරීම් විශාල ප්‍රමාණයක් ප්‍රචාරය කරමින් තිබෙනවා. වසන්ත සහෝදරයා සහ මහින්ද […]

(-අන්තර් සමාගම් සේවක සංගමයේ 25 වැනි වාර්ෂික මහා සමුළුව – 2024.09.08 – මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය-)

Anura Kumara Dissanayake At Stage Of ICEU Summit

ලංකාවේ මෙතෙක් කාලයක් දෙපැත්තට හුවමාරු වෙමින් තිබූ දේශපාලන බලය මේ සැප්තැම්බර් 21 වැනිදා අවසන් කරන බව නියතයක්ව තිබෙනවා. මේ නිසාම සතුරන් සියලු දෙනා දේශපාලන තර්ක වෙනුවට අසත්‍ය අවලාද, විකෘති කිරීම් විශාල ප්‍රමාණයක් ප්‍රචාරය කරමින් තිබෙනවා. වසන්ත සහෝදරයා සහ මහින්ද ජයසිංහ සහෝදරයා අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් නියෝගයක් නිකුත් කළ බවට පසුගිය 06 වැනිදා ප්‍රචාරයක් දියත් කර තිබුණා. අධිකරණ නියෝගයක් විකෘති කිරීම පිළිබඳව අධිකරණයක නඩු පවරන්න පුළුවන්. මේ වන විට අපට එන්තරවාසි යැවීම සහ පැමිණිලි කිරීම් කිසිම අඩුවක් නැතිව කරන්න සිදු වී තිබෙනවා. අධිකරණය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කිරීම පිළිබඳව නීතිඥ මහත්වරුන්ගේ කෝට් එක පවා ගලවන්න පුළුවන්. අපි අධිකරණය ඉදිරියේ ඒ සියලු ක්‍රියාමාර්ග ගන්නවා. දේශපාලන වේදිකාවේ මේ විකෘති කිරීම් සහ අසත්‍ය ප්‍රචාර දියත් කිරීම් දැන්වත් නතර කරන්න ඕනෑ. රාවුෆ් හකීම්, තිස්ස අත්තනායක වැනි අයටත් එන්තරවාසි යවා තිබෙනවා. තිස්ස අත්තනායක සමාව ගත්තත්, නඩු පැවරිය යුතු තත්වයක කූට ලේඛන හැදීමටම උපන්නෙක් බවට පත් වී සිටිනවා. ඒ වාගේම රනිල් වික්‍රමසිංහ උතුරට ගිහින් කියනවා, මම දෙමළ ජනතාවට තර්ජනය කළාලු. ඒ ගැන සමාව ගන්නලු. මම රනිල් වික්‍රමසිංහට කියන්නේ “රනිල් වික්‍රමසිංහ, ඔයා කැත විදියට දේශපාලනයේ දී ජාතිවාදය වපුරන්න උත්සාහ කරන්න එපා” කියලා. හැබැයි, මම එයට උත්තර දෙන්නත් පෙර සුමන්තිරන් මන්ත්‍රීවරයා නිවැරදි උත්තරය දී තිබීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. උතුරට ගොස් ජාතිවාදය ඇවිස්සීමට රනිල් වික්‍රමසිංහ දැරූ උත්සාහය උතුරේම ජනතාව නියෝජනය කරන සුමන්තිරන් මහතා විසින් ප්‍රතික්‍ෂේප කර තිබෙනවා, දැන් රනිල් ඔයා සමාව ගන්න.

රට තුළ එකිනෙකාට එරෙහිව ජාතිවාදය වැපිරීමට, එකිනෙකා විරසක කිරීමට දරන උත්සාහයන් දැන් අහෝසියි. නමුත්, රනිල් වික්‍රමසිංහලා තාමත් පරණ බඩු කඩෙන් බඩු ගන්නේ. රනිල් වික්‍රමසිංහ මෑත අවස්ථා ගණනාවකදීම “මා මිත්‍ර අනුර, මගේ යාළුවා අනුර” යනුවෙන් කියා තිබෙනවා. ඔය ‘ශේප’ වෙන්න එන්නේ. රනිල් වික්‍රමසිංහ ඔයාට අපත් එක්ක ‘ශේප්’ වෙන්න බැහැ. මහ බැංකුවේ වංචාව පිළිබඳව පරික්‍ෂණ කරනවා. ඒ වාගේම ඔයාගේ කාලයේ බාර් ලයිෂන් දීපු විදිය හොයනවා. ඉඩම් ප්‍රතිසංස්කරණ සභාව සතු ඉඩම් යාළුවන්ට බෙදපු විදිය හොයනවා. ඒ වාගේම වංචනිකයන්, දූෂිතයන් ආරක්‍ෂා කළ ආකාරය ගැන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකදී පරීක්‍ෂණ කරනවා. ඔය අතරේ තවත් අවලාද නඟමින්, ජාතික ජන බලවේගය බලයට ආවොත්, 22 වැනිදා කලබල ඇති වෙයි කියලත් ප්‍රචාර යවනවා.
ජයග්‍රහණය කළාම පරාජිතයන්ට හිංසා කිරීමේ ඉතිහාසයක් තිබෙන්නේ ඔවුන්ටයි. විශේෂයෙන්ම 1977 සිට රනිල් වික්‍රමසිංහලාටයි. එදා මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව සති දෙකක් පොලිසිය ස්ථානවලට සීමා කර විරුද්ධ පාක්‍ෂිකයන්ට පහර දෙන්න, ගෙවල් ගිනි තියන්න, වෙඩි තියන්න ඉඩ සලසා දුන්නා. ඒ කාලයේ කිවුවේ, සති දෙකක් පොලිසියට නිවාඩු දුන්නා කියලයි. නමුත්, ජාතික ජන බලවේගය බලයට පත් වීමෙන් පසුව ජයග්‍රහණය සමරන්නේ කොහොමද කියලත් අපි උගන්වනවා. සැප්තැම්බර් 23 වැනිදා සිට හැම පක්‍ෂයකම පාක්‍ෂිකයන් හමු වී වෙනස් වෙන්න අපි ආරාධනා කරනවා. නමුත්, වෙනස් වෙන්න අකැමැති නම්, ඔවුන්ට කැමැති දේශපාලන ව්‍යාපාරයක දේශපාලනය කිරීමේ අයිතිය තිබෙනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. සැප්තැම්බර් 21දා දක්වා පක්‍ෂවලට බෙදිලා, අපි වැඩ කරයි. නමුත්, සැප්තැම්බර් 21න් පසුව මේ රට ගොඩනැඟීම සඳහා අපට ඡන්දය නොදුන් ඡන්දදායකයාත් එකතු කරගෙනයි මේ රට ගොඩනඟන්නේ. ඒ නිසා අපේ ජයග්‍රහණයෙන් පසුව අනෙක් පාක්‍ෂිකයන්ට නිය තුඩකින්වත් හානියක් වෙන්න ජාතික ජන බලවේගයේ පාලනය ඉඩ දෙන්නේ නැහැ.

කලින් කිවුවේ, සියයට තුනක් තියාගෙන දිනන්නේ කොහොමද කියලා. දැන් සජිත්ට කතිරය ගහලා අපව පරාද කරන්න බැහැ කියලා රනිල් කියනවා. සජිත් කියන්නේ, රනිල්ට කතිරය ගහලා අපව පරාජය කරන්න බැහැ කියලා. අද මේ රටේ ජනතාව කෙළින්ම මාලිමාව ඉදිරියේ කතිරය ගහන්න පෙළගැසී සිටිනවා. ඒ නිසා ඔවුනුත් අපේ ජයග්‍රහණය පිළිගෙන ඉවරයි. අලුතින් කියන්නේ, දිනුවත්, මාස හයක් යන්න බැහැ කියලයි. ඔවුන්ගේ ප්‍රචාරවල මුලින්ම “මාලිමාවට දිනන්න බැහැ” කියලා කිවුවා. ඊළඟට “මාලිමාව දිනුවොත්…” කියලා කිවුවා. දැන් කියන්නේ, “මාලිමාව දිනුවාම මාස හයක් යන්න බැහැ” කියලා. මේ වෙනස පිළිබඳව ගැඹුරු සහ විශාල බලාපොරොත්තුවකින් අප දීර්ඝ කාලයක් අධිෂ්ඨානශීලීව සිටිමින්, විශාල බලවේග ප්‍රමාණයක් සංවිධානය කර තිබෙනවා. ඒ වාගේම ශක්තිමත් වැඩපිළිවෙළක් අප සකස් කර තිබෙනවා. අපි මේ ජයග්‍රහණය අත්පත් කර ගන්නේ මාස හයෙන් යන්නද? මේ ජයග්‍රහණයෙන් ලංකා ඉතිහාසයේ දිර්ඝතම ජයග්‍රහණයක් නිර්මාණය කරන බව සහතිකයි.
මෙතැනට එකතු වී සිටින්නේ ලංකාවේ පෞද්ගලික අංශයේ සේවය කරන අයයි. ලංකාවේ ශක්තිමත්ම පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති ව්‍යාපාරය අන්තර් සමාගම් සේවක සංගමය බව කවුරුත් දන්නවා. ජාතික ජන බලවේගයේ වෘත්තීය සමිති ව්‍යාපාරය විසින් පෞද්ගලික අංශය කඩාකප්පල් කරන්න උත්සාහ කරන බවට ප්‍රචාර යවනවා. ජාතික ජන බලවේගයට අනුබද්ධ වෘත්තීය සමිති වැඩ කරන සෑම තැනකම ඉතාමත් සාමකාමීව කටයුතු කරන බව සතුටින් කියන්න ඕනෑ, එහි ප්‍රතිඵලය වී තිබෙන්නේ පෞද්ගලික අංශයේ වැඩිම වැටුප් ලබන ආයතන අන්තර් සමාගම් සේවක සංගමය පවතින ආයතනයි. වැඩිම බෝනස් ප්‍රමාණයක් සේවකයින්ට ලැබෙන්නේ, වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් රටට ලැබෙන්නේ එම ආයතනවලින්. ජාතික ආර්ථිකයට පෞද්ගලික අංශය ශක්තිමත්ව දායක කර ගනිමින්, ඔවුන් ලබා ගන්නා ආදායමෙන් සාධාරණ පංගුවක් එම සේවක, සේවිකාවන්ට ලබා දීම අපේ ප්‍රතිපත්තියයි.

Crowd At ICEU Summit

පෞද්ගලික අංශයේ දියුණුව සඳහා මේ වන විටත් යම් බාධාවන් තිබෙනවා නම්, ඒ ගැටලු විසඳා දීමට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ප්‍රමුඛත්වයක් දී කටයුතු කරනවා. නමුත්, ලාභයෙන් සාධාරණ පංගුවක් වැඩ කරන ජනතාව වෙත ප්‍රතිලාභ ලෙස ලබා දෙන්න ඕනෑ. එය වැරැදි ද? එම ආයතන බිඳවැට්ටීමක් වෙනවා ද? කිසිසේත්ම නැහැ. කර්මාන්තකරුවන් වාගේම එම සේවක, සේවිකාවන් යන දෙපාර්ශ්වයෙන්ම ස්ථාවරත්වය තහවුරු කෙරෙන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා. දශක එකහමාරක සිට ගොඩනැඟී තිබෙන ‘මෑන්පවර් ඒජන්සි’ හරහා රැකියා ලබා දීම නූතන වහල් වෙළෙඳාම හා සමානයි. එම ආකෘතිය තවදුරටත් පවත්වාගෙන නොයා යුතුයි කියන ස්ථාවරයේ අප ඉන්නවා. ඒ වාගේම මාස හයකට වරක්වත් ජීවන අංකයට අනුව වැටුප් වර්ධක ලබා දිය යුතුයි කියන ස්ථාවරයේ අප ඉන්නවා. ආර්ථිකය ස්ථාවර නම්, භාණ්ඩ හා සේවා මිල නිරන්තර උච්චාවචනයන්ට ලක් වෙන්නේ නැහැ. ආර්ථිකයේ පවතින අස්ථාවරභාවය ස්ථාවර වැටුපක් ගන්නා අයට දැඩි පීඩාවක් එල්ල කර තිබෙනවා. ඒ නිසා ඒ අය රැකබලා ගැනීමේ ක්‍රියාමාර්ග අපි ප්‍රමුඛත්වයේ ලා ගන්නවා. ධීවර, ගොවි, කර්මාන්ත, වතු සේවය වාගේම රාජ්‍ය සේවය යන සියලුම අංශවල ධනය නිෂ්පාදනය කරන පිරිස්වලට ජීවිතයේ අවසානය දක්වා එකලෙසම වැඩ කළ නොහැකියි. හැම දෙනාටම සාධාරණ, තෘප්තිමත් විශ්‍රාම කාලයක් තිබිය යුතුයි. නමුත්, අපේ රටේ බොහෝ දෙනාට තිබෙන්නේ කලකිරුණු, ආහාර ලබාගත නොහැකි, ඖෂධ ලබාගත නොහැකි කටුක ජීවිතයි. ඒ නිසා සියලුම දෙනාට සහභාගි විය හැකි දායක විශ්‍රාම වැටුපක් ලබා දීමේ ක්‍රමයක් සකසනවා. රාජ්‍ය අංශයේ සිදු කළ යුතු වැඩ කොටස සහ පෞද්ගලික අංශයේ වැඩ කොටස ඉතා හොඳින් අප තේරුම්ගෙන සිටිනවා. පෞද්ගලික අංශයේ කාර්යභාරය සාර්ථක කර ගැනීමේදී එම සේවක, සේවිකාවන් විශාලතම කාර්යභාරය සිදු කරනවා. ඔවුන්ව රැකබලා ගන්නා, ඔවුන්ව සුරක්‍ෂිත කරන ආණ්ඩුව පිහිටුවන්නේ ජාතික ජන බලවේගයයි.

සැප්තැම්බර් 21 වැනිදා ගොඩනැඟෙන ආණ්ඩුව අනෙකුත් හැම ආණ්ඩුවකටම වඩා වෙනස් වන්නේ ඒ නිසයි. මෙතෙක් පැවැතුණේ, වැඩකරන ජනතාවගේම ශ්‍රමයෙන් ගොඩනැඟුණු සේවක අර්ථසාධක අරමුදල කොල්ලකෑ ආණ්ඩුයි. කඩාවැටෙන ආයතනවල, කඩාවැටෙන සමාගම්වල ආයෝජනය කර කෝටි දහස් ගණනක පාඩු සිදු කළා. නමුත්, ආයෝජනය කළ ඩීල්කරුවන් තමන් අතරේ විශාල මුදල් ප්‍රමාණයක් බෙදා ගත්තා. අර්ථසාධක අරමුදල කොල්ලකන්න ගෙනා පනතට විරුද්ධව උද්ඝෝෂණය කළ සේවක, සේවිකාවන්ට වෙඩි තැබුවා. විශාල පිරිසක් තුවාල වී ආබාධිත බවටත් පත් වුණා. පසුගියදා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ වැඩිම හානිය සේවක අර්ථසාධක අරමුදලට සිදු කළා. පාලකයන් වැඩ කරන ජනතාව ගැන කල්පනා කරනවා වෙනුවට ඔවුන්ට එරෙහිව හැම වෙලාවේම තීන්දු ගත්තා. එයට වෙනස්ව වැඩ කරන ජනතාව ගැන කල්පනා කරලා තීන්දු ගන්න ආණ්ඩුවක් ගොඩනඟනවා. ලංකා ඉතිහාසයේ දැවැන්තම දේශපාලන පරිවර්තනය සිදු කරමින්, ලංකාවේ අනාගතය ගොඩනඟන ආණ්ඩුවක් ගොඩනැඟීම සැප්තැම්බර් 21 වැනිදා ආරම්භ කරනවා. එම ජයග්‍රහණය තවදුරටත් තහවුරු කිරීම වෙනුවෙන් සියලු දෙනාම ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටිනවා.

Wasantha Samarasinghe Addressing The ICEU Summit

“ඉදිරි දිනවලදී වැඩබිමේදීත් මඟතොටේදීත් ඔබට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා”
-අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ-

අන්තර් සමාගම් සේවක සංගමයේ ආරම්භක සාමාජිකයන් මේ වේදිකාවේ ඉන්නවා. ඒ වාගේම අලුතින් එක් වුණු සහෝදර, සහෝදරියන් ඉන්නවා. 25 වැනි සංවත්සරයට ඔබ සහභාගි වන්නේ බොහොම දුෂ්කර ඉතිහාසයක ගමන් මඟකින් පසුව ගෞරවයකින් සහ අභිමානයකින් යුතුවයි. 1998-1999 වාගේ කාලයේ අපට පැවරුණේ බොහොමයක් වසා දැමුණු ආයතනවල කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණවල කටයුතු කිරීමයි. නමුත්, ඉන් පසුව ක්‍රමයෙන් ස්ථාවර වෙමින්, වැඩ කරන ජනතාවට හොඳ සංස්කෘතික ජීවිතයක් දිනාගැනීම වෙනුවෙන් පවා විවිධ කටයුතු සිදු කළා. මහා දැවැන්ත සටන් බිම් අපට ගෙවී ගිය වසර විසිපහ තුළ ලැබී තිබුණා. අර්ථසාධක අරමුදල කොල්ලකන්න මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව උත්සාහ කළ අවස්ථාවේ එම අරමුදල බේරා ගැනීම සටනේ ඉදිරියෙන්ම සිටියේ අන්තර් සමාගම් සේවක සංගමයයි. ඉන් පසුව රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව 2015 මහ බැංකු බැඳුම්කර කොල්ලයට සේවක අර්ථසාධක අරමුදල යොදා ගත්තා. එදත් ඊට විරුද්ධව මහ බැංකුව වට කරමින්, උද්ඝෝෂණය කළේ අන්තර් සමාගම් සේවක සංගමයයි. ඒ වාගේම 2022 මහජන අරගලයට වාගේම මැයි මාසයේ අට වැනිදා හර්තාල් ව්‍යාපාරයටත් සාර්ථකම දායකත්වයක් ලබා දී, ඒ අභිමානයෙන් යුතුව මේ සමුළුවට සහභාගි වෙනවා.

මේ රටේ දැවැන්ත සමාජ පරිවර්තනයක් සිදු කිරීමේ කඩඉමට පැමිණ සිටින අවස්ථාවේ අපේ රටේ ආර්ථිකයේ වැඩිම පංගුව දරන පෞද්ගලික අංශය නියෝජනය කරමින්, මේ වැඩකරන ජනතාව පෙළගැසී සිටිනවා. මහා සමාජ ව්‍යාපාරයක් ලෙස ගොඩනැඟී තිබෙන ජාතික ජන බලවේගයේ තවත් විශාල කාර්යභාරයක් පෞද්ගලික අංශයේ සියලුම දෙනාට පැවරී තිබෙනවා. මෙතෙක් ඒ සඳහා සහභාගි නොවූ සියලු දෙනා ඒකරාශී කර ගැනීමේ වගකීමත් අප හැම දෙනාටම පැවරී තිබෙනවා. අපේ වැටුප් ගැන සාකච්ඡා කරනවා වාගේම ලෝකය ඉදිරියේ බංකොළොත් කර තිබෙන මේ රට ගොඩනැඟීමේ කටයුතු වෙනුවෙන් වගකීම් දරන්නත් සිදු වෙනවා. ලෝකයේ වැඩ දිනය පැය අට වෙනුවට පැය හයක් දක්වා අඩු වී තිබියෙදී, අද අපට සතුට අහිමි වූ, හැමදාමත් දුක් විඳින මිනිසුන් ලෙස ජීවත් වීමට සිදු වී තිබෙනවා. ඒ යුගය නිමා කළ යුතුයි. ඒ වෙනුවෙන් වැඩකරන ජනතාව, කර්මාන්තකරුවන්, ව්‍යාපාරිකයන්, කලාකරුවන් සියලුම දෙනා අද එකමිටට එකතු වී සිටිනවා. මේ සමුළුවෙන් පිට වී යන ඔබට ඉදිරි දින කිහිපයේ දී වැඩබිමේදී වාගේම කඩපිලේදීත්, මඟතොටේදීත් විශාල කාර්යභාරයක් මේ සමාජය වෙනුවෙන් පැවරී තිබෙනවා. ලබන 21 වැනි දින පවත්වන ජනාධිපතිවරණයේදී වැඩ කරන පංතියේ සමගිය සහ ශක්තිය යොදවමින්, අනුර දිසානායක සහෝදරයා ජයග්‍රහණය කරවා රට ගොඩනැඟීමේ කාර්යභාරයට මූලික දායකත්වය ලබා දෙමු.

Lal Kantha Addressing The ICEU Summit

“මැතිවරණ දිනය කියන්නේ ප්‍රගතිශීලී ජනයාට ජය ගැනීමට ඉඩ නොදුන් භූමිය ජය ගැනීමේ දිනයයි”
-ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ. ඩී. ලාල් කාන්ත-

ලංකාවේ අරගල බිමේ සිටින සටන්කාමීම කණ්ඩායම අන්තර් සමාගම් සේවක සංගමයේ සාමාජික, සාමාජිකාවනුයි. රාජ්‍ය අංශයේ, අර්ධ රාජ්‍ය අංශයේ වාගේම සමස්ත වැඩ කරන ජනතාවගෙන් අපි මාස දෙකකට පමණ පෙර අයිතිවාසිකම් දිනාගැනීම වැඩ වර්ජන නොකර ඉමු කියලා ඉල්ලීමක් කළා. ඒ සම්බන්ධයෙන් විවේචනත් තිබුණා. නමුත්, ඒ ඉල්ලීමට එකඟව ඉහළම ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා. රාජ්‍ය අංශයේ, පෞද්ගලික අංශයේ, ශිෂ්‍ය ව්‍යාපාරයේ වාගේම ගොවිබිම්වල ඇතුළු සියලු අරගල එක අරගලයකට යොමු කර තිබෙනවා. ඒ අරගලය මැතිවරණ භූමියේ අරගලයයි. මෙතෙක් අපේ රටේ පීඩිත සහ ප්‍රගතිශීලී ජනතාවට මැතිවරණ අරගල භූමිය ජය ගන්න බැරි වුණා. දැන් ලංකාවේ පීඩිත පංතියත් එක්ක ප්‍රගතිශීලී ජනතාවත් එකතු වී ජාතික ජන බලවේගය වටා ඒකරාශී වී මැතිවරණ සටන් භූමියේ සටන් කරමින් ඉන්නවා. 2023 මාර්තු 09 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය කල් දැම්මෙත් ඒ සටන් භූමියේ සාර්ථකත්වය නිසයි. ඔවුන් මැතිවරණය කල් දැම්මත්, අපි මැතිවරණ අරගලය දිගටම අරගෙන ආවා. සැප්තැම්බර් 21 කතිර අරගලයෙන් අපි ජයග්‍රහණය කරන බවට මේ රටේ විතරක් නොවෙයි, ලෝකයම පිළිගෙන අවසන්. අවුරුදු සිය ගණනකට පසුව ලංකාවේ ප්‍රගතිශීලී ජනයා ජයග්‍රහණය කිරීම ආරම්භ කරන දිනය සැප්තැම්බර් 21 වැනිදා. පීඩිත සහ ප්‍රගතිශීලී ජනයාගේ අතීතයේ තිබුණු ව්‍යාපාර මේ ජයග්‍රහණය ලබා ගැනීමට උත්සාහ කළත්, එයට ඉඩ දුන්නේ නැහැ. 1964දී ‘ඉල්ලීම් 21 ව්‍යාපාරය’ කියලා උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආවා. පීඩිත සහ ප්‍රගතිශීලී ජනතාව එය වටා එකතු වුණා. නමුත්, ඇමැතිකම් තුනක් සහ නියෝජ්‍ය ඇමැතිකම් දෙකක් ඒ අරගලයේ නායකයන්ට ලබා දීම නිසා ඒ සටන පාවා දුන්නා.

මැතිවරණ දිනය කියන්නේ මේ රටේ මෙතෙක් පීඩිත සහ ප්‍රගතිශීලී ජනයාට ජයග්‍රහණය කිරීමට ඉඩ නොදුන් භූමිය ජය ගැනීමේ දිනයයි. ජනාධිපතිවරණය කල් දාන්නත් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කළා. ඒ පෙත්සම් ඉදිරිපත් කළ අයට දඩ ගසා හරවා යැව්වා. ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරණයක් ගේන්නත් උත්සාහ කළා. ඒත්, බැරි වුණා. ඔවුන් දැන් ගෙන යන මඩ සහ අවලාද ව්‍යාපාරය නිසා ඒ සියලු දෙනාම පරාජය වී සිටින බව කාටත් පැහැදිලියි. අපේ ජයග්‍රහණයෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා ඒ ලෙවල් විභාගය කල් යන බවට අලුත්ම මඩ ප්‍රචාරය වී තිබෙනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරියාට ඒ ලෙවල් විභාගයට කිසිම බාධාවක් නැතිව නියමිත දිනයට පවත්වන බව අප සිසු දරුවන්ටත්, දෙමවුපියන්ටත් අවධාරණයෙන් කියනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරියට වෙනදා වාගේම අධ්‍යාපන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මකයි. ඔය වාගේ ලාල් කාන්තව අත්අඩංගුවට ගන්නවා, වසන්ත සමරසිංහව අත්අඩංගුවට ගන්නවා කියන ප්‍රචාර යැවුවා. සහෝදර, සහෝදරියන්ට ආයතනවල හැමදාම දුක් විඳින්න පුළුවන් නම්, අපට ඔය කූඩුවේ දුක් විඳින එක මහ ලොකු වැඩක් නොවෙයි. රනිල්ලා එක්ක, සජිත්ලා එක්ක, නාමල්ලා එක්ක මහජනතාව නැහැ. මාලිමාවට අත තියන්න කවුරුත් එන්නේ නැහැ, මඩ, අවලාද යවනවා විතරයි. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මූලික හරය, මානව සම්පත දියුණු කිරීමට බාධාවක් තිබෙන සියලු කොන්දේසි ඉවත් කිරීම සහ සියලු දෙනාම ආර්ථිකයට සම්බන්ධ කර ගැනීම කියන ප්‍රධාන කරුණු දෙකයි. ආර්ථිකයට සම්බන්ධ වීමෙන් තමන්ගේ සාධාරණ පංගුව ලබා දීම සහතික කළ යුතුයි. මේ දක්වා අපේ සාධාරණ පංගුව නොලැබුණේ, පීඩිත සහ ප්‍රගතිශීලී පාලනයක් මෙතෙක් ඉතිහාසයේ නොතිබුණු නිසයි. තිබුණේ, පීඩක පංතියේ සහ ප්‍රතිගාමී බලවේගවල පාලනයක්. අපි ආර්ථිකයට සම්බන්ධ වුණාට සාධාරණ පංගුව අපට නොලැබුණේ, ඒ පිරිස කොල්ලකෑ නිසයි. සැප්තැම්බර් 21 වැනිදා ඡන්ද පොළේදී මාලිමාව ඉදිරියේ කතිරය ගහන්නේ අපේ සාධාරණ පංගුව ලබා ගැනීමේ පාලනයක් වෙනුවෙන්. මෙතෙක් කළේ පීඩකයා සහ ප්‍රතිගාමියා බලයට එන්න කතිරය ගහලා, පහුවදා ඉඳලා අපට ලැබිය යුතු සාධාරණ පංගුව ඉල්ලා සිටීමයි. එක ඡන්දයක් අහක දාන්න නොදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවීම වෙනුවෙන් ඉදිරි සති දෙකේ පෙළගැසෙමු.

Anupa Nandima Addressing The ICEU Summit

“වහල් ශ්‍රමය වෙනුවට දියුණු සංස්කෘතික මිනිසෙක් බිහි කිරීමේ හැකියාව ඔබට තිබෙනවා”
-ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උපලේකම් අනූප නන්දිම-

ලංකා බැංකු සේවක සංගමය දේශපාලන පක්‍ෂවලට සම්බන්ධ වෘත්තීය සමිතියක් නොවුණාට අවුරුදු අසූවක් පරණ වාමාංශික ඌරුවක් තිබෙනවා. අපේ සංගමයේ සාමාජිකයන් සහ නිලධාරීන් සියලු දෙනා නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් සාමාන්‍ය ජනතාවගේ දරුවන්. අනෙක් පැත්තෙන් අපි හැමෝම ලෝක වෘත්තීය සමිති සම්මේලනයේ සාමාජිකයන්. ඒ වාගේම අපි හැමෝම එක්ව වැඩ කළ අවස්ථා බොහොමයක් තිබෙනවා. 2011දී සේවක අර්ථසාධක අරමුදල ආණ්ඩුවට පවරා ගැනීමේ උත්සාහයේ දී අපි සියලු දෙනා එක්ව සටන් කළා. රොෂේන් චානක සහෝදරයාගේ ජීවිතය අහිමි වුණත්, ඒ මුග්ධ පාලනය ඉවත් කිරීමට සමත් වූවා. 1980න් පසුව සිදු කළ දීපව්‍යාප්ත සාර්ථකම වැඩ වර්ජනය 2022 අප්‍රේල් 08 වැනි දින සිදු කළා වාගේම 1953 අගෝස්තු හර්තාලයෙන් පසුව 2022 මැයි 06 වැනි දින විශාලම හර්තාලය සිදු කළා. ඒ වාගේම 2023 ජූලි 25 වැනිදා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය නමින් ඊ.පී.එෆ්. එක කොල්ලකෑමට කළ උත්සාහයට විරුද්ධව අපි සියලු දෙනා ඒකාබද්ධව අරගල කළා. අන්තර් සමාගම් සේවක සංගමය නියෝජනය කරමින්, මෙතැනට ප්‍රමාණාත්මකව යම් පිරිසක් සහභාගී වුවත්, ගුණාත්මකව කොතරම් පැතිරී තිබේ දැයි අපි දන්නවා. බැංකු 18ක වෘත්තීය සමිති එක් කරමින්, ලංකා බැංකු සේවක සංගමය පිහිටුවා තිබෙනවා. අපේ 27,000ක සාමාජිකත්වය සමඟ අන්තර් සමාගම් සේවක සංගමයේ 25 වැනි සංවත්සරයට ශුභාශිංසන පිරිනමනවා. වහල් ශ්‍රමය වෙනුවට වඩා දියුණු සංස්කෘතික මිනිසෙක් බිහි කිරීමේ හැකියාව තිබෙන්නේ ඔබටයි. ඒ සඳහා ඔබට ශක්තිය සහ ධෛර්යය ප්‍රාර්ථනා කරනවා.

Lal Kantha-Anura Kumara Dissanayake-Wasantha Samarasinghe At ICEU Summit
Show More