(-Colombo, September 16, 2024-) ඉස්ලාම් ආගමේ නිර්මාතෘ මහම්මද් නබිතුමාගේ උපන් දිනය හෙවත් මිලාද් උන් නබි දිනය අදට (16) යෙදී තිබේ. එය උත්සවාකාරයෙන් සමරනු ලබන ශ්‍රී ලාංකේය ඉස්ලාම් බැතිමතුන්ට ජාතික ජන බලවේගයේ සුබ පැතුම් පිරිනමනු කැමැත්තෙමු. දුර්වලව, බලවත් ගෝත්‍රවල යටත්වීම්වලට ලක්වෙමින් අරාබිකරය පුරා විසිරී පැවති කුඩා කුඩා පාලන ප්‍රදේශයන් එක් කරමින් අරාබියට ශක්තිමත් රාජ්‍යයක් බිහි කළේ […]
(-Colombo, September 16, 2024-)
ඉස්ලාම් ආගමේ නිර්මාතෘ මහම්මද් නබිතුමාගේ උපන් දිනය හෙවත් මිලාද් උන් නබි දිනය අදට (16) යෙදී තිබේ. එය උත්සවාකාරයෙන් සමරනු ලබන ශ්‍රී ලාංකේය ඉස්ලාම් බැතිමතුන්ට ජාතික ජන බලවේගයේ සුබ පැතුම් පිරිනමනු කැමැත්තෙමු.
දුර්වලව, බලවත් ගෝත්‍රවල යටත්වීම්වලට ලක්වෙමින් අරාබිකරය පුරා විසිරී පැවති කුඩා කුඩා පාලන ප්‍රදේශයන් එක් කරමින් අරාබියට ශක්තිමත් රාජ්‍යයක් බිහි කළේ නබිතුමාය. එවැන්නක් කළ හැකි යැයි කිසිවෙකුත් විශ්වාස නොකළ යුගයක වෙනස් ලෙස සිතූ නබිතුමා, ඒ වෙනස් ලෙස සිතීමේ ආරම්භකයා මෙන්ම එය ක්‍රියාවට නැගූ ආගමික නායකයෙක්ද විය.
සමස්ත ශ්‍රී ලාංකේය ජනතාව සහෝදරත්වයේ නාමයෙන් එකට අත්වැල් බැඳගනිමින් නව වෙනසක් අබිමුව සිටින මොහොතක වෙනස් ලෙස සිතමින්, රටේ සාම්ප්‍රදායික ගමන වෙනස් කරලන්නා වූ ඒ සැබෑ වෙනස සමග පෙළගැසීමට මිලාද් උන් නබි දිනය ශ්‍රී ලාංකේය ඉස්ලාම් බැතිමතුන්ට ශක්තිය සහ ධෛර්ය ගෙන දෙනු ඇතැයි අපි සුභපතමු.
අනුර කුමාර දිසානායක
ජනාධිපති අපේක්ෂක
ජාතික ජන බලවේගය
2024.09.16
(-ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක අනුර කුමාර දිසානායක සහෝදරයාට සහයෝගය පළ කරන වෛද්‍යවරුන්ගේ විශේෂ මාධ්‍ය හමුව – 2024.09.16-) මේ අවස්ථාවට විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් ගණනාවක් සම්බන්ධ වී සිටිනවා. ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, අනුර කුමාර දිසානායක ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය ගැන සමාලෝචනයක් කරන්න අපි අදහස් කරනවා. ජනාධිපතිවරණය පවත්වන්නේ අපේ රට ඉතාමත්ම අර්බුදකාරී අවස්ථාවක […]
(-ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක අනුර කුමාර දිසානායක සහෝදරයාට සහයෝගය පළ කරන වෛද්‍යවරුන්ගේ විශේෂ මාධ්‍ය හමුව – 2024.09.16-)
මේ අවස්ථාවට විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් ගණනාවක් සම්බන්ධ වී සිටිනවා. ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, අනුර කුමාර දිසානායක ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය ගැන සමාලෝචනයක් කරන්න අපි අදහස් කරනවා. ජනාධිපතිවරණය පවත්වන්නේ අපේ රට ඉතාමත්ම අර්බුදකාරී අවස්ථාවක තිබෙන පසුබිමකයි. ඒ අතර තමයි, ජාතික ජන බලවේගය මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර තිබෙන්නේ. මෙහි සෞඛ්‍යය පිළිබඳව වඩා පුළුල් අවධානයක් යොමු කර තිබෙනවා. රටේ පුරවැසියන් සෞඛ්‍ය ගැටලුවකට මුහුණ දුන් අවස්ථාවක ගෞරවයකින් යුක්තව නැවත සුවපත් ජීවිතයක් කරා පැමිණීමේ අභිලාෂයෙන් මේ ප්‍රතිපත්ති මාලාව සකස් කර තිබෙනවා. ලෙඩ රෝගවලින් සුව වීමෙන් එහාට ගිය ශාරීරික, මානසික, ආධ්‍යාත්මික මෙන්ම පාරිසරික සෞඛ්‍යසම්පන්න බව මුළුමහත් ජන සමාජයටම අත්කර දීම වෙනුවෙන් මේ ප්‍රතිපත්ති මාලාව සකස් කර තිබෙනවා.
රෝගීන්ට සැලකීමේ ක්‍රියාවලියේදී සමානාත්මතාව තහවුරු කිරීම මූලික අරමුණක් කරගෙන තිබෙනවා. සමාජය සෞඛ්‍යසම්පන්න කර ගැනීමේ වගකීම රජය භාරගෙන තිබෙනවා. දැනට සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉමහත් කැපවීමකින් යුක්තච සුවිශේෂී සේවයක් සිදු කරනවා. එම ක්‍රියාවලිය ක්‍ෂේත්‍රයේ යෙදී සිටින තම තමන් විසින්ම සිදු කරගත යුතු වෙනවා. ඒ වෙනුවෙන් කාර්ය මණ්ඩලයේ ශක්‍යතාවන් සොයා බලා පුහුණු කිරීම් අවශ්‍ය වෙනවා. දියුණු වන නවීන ලෝකයත් එක්ක නව්‍යකරණය අවශ්‍යයි. එහි දී පර්යේෂණ හා සංවර්ධන දත්ත අවශ්‍යයි. බටහිර වෛද්‍ය ක්‍රමයට පමණක් නොව ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට පවා නූතන තාක්‍ෂණය මුසු කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම සංචාරක ව්‍යාපාරය කෙරෙහිත් ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාවත් හඳුනාගෙන තිබෙන බව පැහැදිලියි. බටහිර වෛද්‍ය ක්‍රමය මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයත් දෙකම මහජනයා වෙනුවෙන් ක්‍රියාත්මක කරමින්, වඩාත් සුවපත් සෞඛ්‍යසම්පන්න ජන සමාජයක් ගොඩනැඟීම කෙරෙහි සෞඛ්‍ය සේවය යොදා ගැනීම ඉලක්ක කරගෙන තිබෙනවා.
“බංකොළොත් බවින් රට මුදාගැනීමට ඵලදායීතාවෙන් යුත් ප්‍රජාවක් රට තුළ සිටිය යුතුයි”
-විශ්‍රාමික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර-
අපේ රටේ හොඳ සෞඛ්‍ය සේවාවක් නැතුවා නොවෙයි. කළමනාකරණයේ දුර්වලකම් නිසා අඩුපාඩුකම් තිබෙනවා. සෞඛ්‍ය සේවාව විධිමත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු හඳුනාගෙන තිබෙනවා. මූලිකම දේ තමයි, වගවීම. රජයක් රටට, ජනතාවට සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යන්නේ ඔවුන් ගෙවන බදු මුදල්වලින්. ජාතික මට්ටමේ තීන්දු තීරණ ගන්න, සැලැසුම් ක්‍රියාත්මක කරන්න පළාත් හා ප්‍රාදේශීය මට්ටමෙන් සිටින කළමනාකරුවන් ඇතුළු කාර්ය මණ්ඩලය ජනතාවට වග වෙනවාද යන්න විපරම් කිරීම අත්‍යවශ්‍යයි. ජාතික ජන බලවේගය ඉදිරිපත් කර තිබෙන්නේ ප්‍රතිපත්ති මාලාවක් වුවත්, එය සංවර්ධනය කර ගනිමින්, ඉදිරියට ගෙන යාම පිළිබඳවත් සඳහන් වීම ඉතාම වැදගත්. විවිධ මට්ටම්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නිරන්තර ක්‍රියාමාර්ග තුළින් කාලානුරූපව වෙනස් විය යුතු ආකාරයත් පැහැදිලි කර තිබෙනවා. මේ වන විට රාජ්‍ය සෞඛ්‍ය සේවය ක්‍රියාත්මක වුවත්, ජනතාව මේ වෙනුවෙන් සෘජුවම තමන්ගේ වියදම්වලින් විශාල පංගුවක් දරන බව හෙළි වී තිබෙනවා. ඊට හේතු වී තිබෙන්නේ රජය සෞඛ්‍ය සේවාව සඳහා වෙන් කරන මුදල්වලින් නිසි ආකාරයෙන් ප්‍රයෝජනයක් සිදු නොවීමයි. නොයෙක් ගැටලු නිසා සියයට 50ක් පමණ පිළිබඳව ප්‍රශ්නගතයි. එය වළක්වා ගන්න නම්, සෞඛ්‍ය සේවයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ගැඹුරු සුපරීක්‍ෂණයක් අවශ්‍යයි. සෞඛ්‍යය යනු හුදෙක් රෝගවලට ප්‍රතිකාර කිරීමෙන් එහා ගිය කායික, මානසික, ආධ්‍යාත්මික මෙන්ම පාරිසරික යන ආනුෂාංගික සමස්තයක් හැටියට හඳුනාගෙන තිබීම අතිශයින්ම ප්‍රශස්ත දැක්මක්. සෞඛ්‍ය සේවාව කියන්නේ ඖෂධ මිල දී ගැනීම, රෝහල් ඉදි කිරීම, වෛද්‍යවරුන් බඳවා ගැනීම පමණක්ම නෙමෙයි.
අපේ රටේ රෝහල්ගත වන්නන්ගෙන් වැඩි පිරිසක් මාරක අනතුරුවලට ලක් වන්නන්. ඒ නිසා අදාළ පාර්ශ්වකරුවන් සමස්තයක් ලෙස හඳුනාගෙන තිබීම අතිශයින් වැදගත්. කෘෂිකර්මය, ආහාර නිෂ්පාදනය, අධ්‍යාපනය ඇතුළු සියලු අංශවල යහපැවැත්ම ආරක්‍ෂා කිරීම සෞඛ්‍යය කෙරෙහි ඉතාම වැදගත්. බංකොලොත් තත්වයට හෙළා තිබෙන අපේ රට ඉන් මුදාගැනීම සඳහා නිෂ්පාදනය වැඩි කිරීම, ඵලදායීතාව වැඩි කිරීම අත්‍යවශ්‍යයි. මේ කටයුතු වෙනුවෙන් ඵලදායීතාවෙන් යුත් ප්‍රජාවක් රට තුළ ඉන්නම ඕනෑ. රෝගී වන තුරු බලා සිට රෝගයට බෙහෙත් දීම පමණක් ප්‍රමාණවත් නැහැ. සෞඛ්‍ය ප්‍රවර්ධනය මගින් මිනිසුන් ලෙඩ වීමට පෙර තීරණාත්මක සාධක ප්‍රශස්ත ලෙස කළමනාකරණය කර ගැනීම අවශ්‍යයි. ඒ වාගේම ප්‍රවාහනය, මාර්ග නඩත්තුව වැනි කටයුතු තුළින් යහපැවැත්ම වාගේම අවදානම කල්තියා හඳුනා ගැනීම, නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම වෙනුවෙන් මානව සම්පත මෙහෙයවීමේදී අතිශයින්ම වැදගත්. ලංකාවේ අනාගතය රැඳී පවතින්නේ ඒ මානව සම්පත මතයි. කල්තියා හඳුනා ගැනීම වාගේම බෝ නොවන රෝග, බෝ වන රෝග පිළිබඳව නිශ්චිත අවබෝධයක් අවශ්‍යයි. සෞඛ්‍යය යනු සැපයීමක් නොව ප්‍රජාව තුළින්ම ළඟා කරගත යුතු දෙයක්. ඒ අනුව මිනිසුන්ගේ අයිතියක් පමණක් නොවෙයි, ඔවුන්ගේ දායකත්වය මගින් ගොඩනඟාගත යුතු ක්‍රියාවලියක් බව මෙම ප්‍රතිපත්ති රාමුවෙන් තහවුරු වී තිබෙනවා. ආහාර පනතෙන් ආවරණය කර තිබෙන නීති තුළින් රිංගා ගොස් සිදු කරනු ලබන කටයුතු නිසා සෞඛ්‍යය සම්බන්ධයෙන් පැනනැඟී තිබෙන ගැටලු විසඳාගෙන නිරෝගී, ඵලදායී ශ්‍රී ලාංකික ප්‍රජාවක් නිර්මාණය කළ හැකියි.
“සෞඛ්‍ය පද්ධතිය ගුණාත්මකව ක්‍රියාත්මක කිරීමේ වගකීම රජයට භාරගෙන තිබීම සාධනීයයි”
-බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත්හි විශේෂඥ වෛද්‍ය අරෝෂා විද්‍යාභූෂණ-
සෞඛ්‍ය සේවයක ඉතාම අත්‍යවශ්‍ය අංගයක් තමයි, ප්‍රාථමික සෞඛ්‍ය සේවය. දියුණු රටවල ප්‍රජාව රෝගී වීමට පෙර අවදානම් සහිත අය හඳුනා ගැනීම, රෝග වළක්වා ගැනීම ආරම්භක පියවර ලෙස පවතිනවා. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සෞඛ්‍යය පිළිබඳව පුළුල් අවධානයක් යොමු කරමින්, අංශ ගණනාවක් හඳුනාගෙන තිබීම විශිෂ්ටයි. දැනට පවතින සෞඛ්‍ය සේවයේ ප්‍රධාන දුර්වලකමක් තමයි, රෝගියා නිසි තැනට යොමු කරවීමට නොහැකි වීම. ද්විතීයික සහ තෘතීයික මට්ටම්වල ප්‍රතිකාර සඳහා රෝගීන් යොමු කරවීමට අවධානය යොමු කර තිබීම ඉතාමත් සාධනීයයි. ඉන් පසුව රෝගියා අනුව වර්ගීකරණය කරමින්, පිළිකා, වකුගඩු වැනි විශේෂ සෞඛ්‍ය සේවාවලට යොමු වන අය නිවැරදිව කළමනාකරණය කර ගැනීම අවශ්‍යයි. මේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින්, සමස්තයක් ලෙස දැනට සෞඛ්‍ය සේවය සඳහා වෙන් කරනු ලබන දළ ජාතික නිෂ්පාදිතයෙන් 1.5%ක් පමණ වන ප්‍රමාණය ක්‍රමානුකූලව 5%ක් පමණ දක්වා ගෙන යාමට සැලැසුම් කිරීම ඉතාමත්ම සාධනීයයි. ඒ වාගේම රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දී වැඩිහිටි බවට පත්ව සිටින පුරවැසියන්ගේ සෞඛ්‍ය තත්ත්වය තහවුරු කරමින්. නිදහස් ජීවිතයක් ගත කරන්න අවස්ථාව සලසා දීමේ දැක්මක් මේ තුළ තිබෙනවා. රෝගියා මූලික කර ගත් සෞඛ්‍යසේවා පද්ධතියක් ගුණාත්මකව ක්‍රියාත්මක කිරීමේ වගකීම රජයට භාරගෙන තිබීම ඉතාමත් ම සාධනීයයි. මේ ප්‍රතිපත්තිවලට අනුව ක්‍රියාමාර්ග ගැනීමේ දී ක්‍ෂේත්‍රයේ අදහස් ලබාගෙන සාර්ථක ලෙස ඉදිරියට ගෙන යා හැකි බව පැහැදිලියි.
“සෞඛ්‍ය ප්‍රතිපත්තියෙන් රෝගීන්ට මෙන්ම රටේ සමස්ත ජනතාවටම ලස්සන ජීවිතයක් ලැබෙනවා”
-කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ, වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය ඉන්දික කරුණාතිලක-
ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳව පළමු මහාචාර්යවරයා මෙන්ම ආසියා – ශාන්තිකර කලාපයේ සෞඛ්‍ය අධ්‍යයන සංසදයේ මහ ලේකම්වරයා සහ එම තනතුරට පත් වූ පළමු ශ්‍රී ලාංකිකයා හැටියට මම මෙම අවස්ථාවට සහභාගී වී සිටිනවා. දශක දෙකකට ආසන්න කාලයක් මෙම කලාපය තුළ මා ලැබූ අත්දැකීම් සමඟ සංසන්දනය කිරීමේදී ජාතික ජන බලවේගයේ සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව යම් විශ්ලේෂණයක් සිදු කළා. ඒ වාගේම එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කළ යුතු බව කල්පනා කළා. ශ්‍රී ලංකාව අදටත් මානව සංවර්ධන දර්ශකයේ ජයග්‍රහණ ලබාගෙන තිබෙන්නේ සෞඛ්‍ය, අධ්‍යාපන යන ක්‍ෂේත්‍ර නිසයි. නමුත්, මේ ක්‍ෂේත්‍රවලදී ශ්‍රී ලංකාව ලබාගෙන තිබෙන ජයග්‍රහණ ආපස්සට හරවන පියවර ගණනාවක් ගෙන ඇති බව පැහැදිලියි. මෙය වහාම නැවැත්විය යුතු තත්වයක්. රටකට තිබෙන වැදගත්ම ආයෝජනය සෞඛ්‍යය බව බුදුන් වහන්සේ “ආරෝග්‍යා පරමා ලාභා” යනුවෙන් කළ දේශනාවෙන් පැහැදිලි වෙනවා. අධ්‍යාපනය සහ සෞඛ්‍යය නැති නම්, සමාජයට කිසිම දියුණුවක් ලබා ගන්න බැහැ. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ වැදගත්ම අංගයක් වන්නේ මානව සම්පත බව කාටත් පැහැදිලියි. ඒ වෙනුවෙන් සෞඛ්‍ය වෘත්තිකයන් අපට අවශ්‍යයි වාගේම තෘප්තිමත් සෞඛ්‍ය වෘත්තිකයන් සිටීමත් අත්‍යවශ්‍යයි. නමුත්, ඔවුන්ගේ තෘප්තිමත්භාවය පැත්තෙන් බැලුවාම පවතින්නේ ඛේදනීය තත්ත්වයක්. අද සියලුම සෞඛ්‍ය වෘත්තිකයන් රට අත්හැර යනවා. මේ තත්වය තුළ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ මානව සම්පත් කළමනාකරණය සිදු විය යුත්තේ කොහොම ද කියලා සලකා බැලිය යුතුයි.
ඒ වෙනුවෙන් ගත යුතු මූලික පියවර හතරක් තිබෙනවා. අධ්‍යාපනය, නියාමනය, මූල්‍යමය සහ මූල්‍යමය නොවන සහයෝගය ලබා දීම, වෘත්තීයමය සහ පෞද්ගලික මට්ටමේ දියුණුවට ලබා දෙන සහයෝගය තුළින් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ මානව සම්පත් කළමනාකරණය විද්‍යාත්මකව සිදු කරනවා. අධ්‍යාපනයේදී ප්‍රාථමික තත්වයෙන් පසුව සෞඛ්‍ය අධ්‍යාපනය ඉතා ඉහළ මට්ටමේ ගුණාත්මකභාවයකින් යුතුව ලබා දීම අවශ්‍යයි. ඒ වාගේම යාවත්කාලීන කරමින්, ජාත්‍යන්තර මට්ටමින් පවත්වාගෙන යාම අවශ්‍යයි. ඒ වාගේම නියාමනය සිදු කළ යුත්තේ, රජයේ ස්වාධීන, දේශපාලන බලපෑම්වලින් තොර වූ ක්‍රියාවලියක් තුළින්. ඒ වාගේම මූල්‍යමය සහ මූල්‍යමය නොවන ක්‍ෂේත්‍රවලින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය තෘප්තිමත්ව තබා ගැනීම ඉතාම වැදගත්. පසුගිය කාලයේ පනවන ලද ඉතාමත් අසාධාරණ බදු ප්‍රතිපත්තිය නිසා වෛද්‍යවරුන් දැඩි පීඩනයකට ලක්ව රට හැර යන මට්ටමට පත් වුණා. දුෂ්කර පළාත්වල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන්ට නිසි පරිදි නේවාසික පහසුකම් පවා ලබා දී නැහැ. ඒ වාගේම අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන්ටද අවශ්‍ය මූලික පහසුකම්, දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් ලබා දීම අවශ්‍යයි. ඒ වාගේම වෛද්‍ය ක්‍ෂේත්‍රය කියන්නේ දිනෙන් දිනම යාවත්කාලීන වන දැනුමක් අවශ්‍ය ක්‍ෂේත්‍රයක්. ඔවුන්ගේ වෘත්තීයමය සහ පෞද්ගලික සංවර්ධනයට නව දැනුම සහ තාක්‍ෂණය යොදා ගනිමින්, ඉදිරියට යා යුතුයි. විශ්වවිද්‍යාල, වෘත්තීය පුහුණුවට සුදුසු වෙනත් ආයතන වාගේම කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින්, වෘත්තීය සහ පෞද්ගලික ජීවිත ජාත්‍යන්තර මට්ටමට උසස් කිරීම අවශ්‍යයි. මා සඳහන් කළ මේ මූලික කරුණු එකට ගමන් කරන ප්‍රතිපත්තිය ජාතික ජන බලවේගය විසින් පිළිගෙන තිබෙනවා. රෝගීන්ට පමණක් නොවෙයි, රටේ සමස්ත ජනතාවට පොහොසත් රටක ලස්සන ජීවිතයක් ගත කරන්න මේ තුළින් ඉඩකඩ සැලැසෙනවා.
“සෞඛ්‍ය ක්‍ෂේත්‍රය ගැඹුරින් සලකා බලා ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කර තිබෙනවා”
-රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, විශේෂඥ ශල්‍ය වෛද්‍ය කිත්සිරි සේනානයක-
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව පොහොසත් රටක් ඇති කරන්න ඉවහල් වන මූලික සාධකය සෞඛ්‍යය. මේ වෙනුවෙන් ඩිජිටල්කරණය සහ නවෝත්පාදනය යොදා ගැනීම අවශ්‍යයි. ලෝකයේ පළමුවැනි රෝහල මිහින්තලේ පිහිටා තිබූ බවත්, ඒ කාලයට සාපේක්‍ෂව දියුණු සෞඛ්‍යයක් පැවැති බවත් තහවුරු වී තිබෙනවා. අද වෙන කොට අප යම් කිසි සෞඛ්‍ය දර්ශක මත සිටියත්, දියුණු රටවල මට්ටම සමඟ බැලීමේදී ගැටලු රැසක් පවතිනවා. විශේෂයෙන්ම ඩිජිටල්කරණය සියලුම ක්‍ෂේත්‍රවලට අවශ්‍යයි වාගේම සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට අතිශයින්ම වැදගත්. විදේශ රටවල අත්දැකීම් තිබෙන මෙතැනට රැස් වී සිටින බොහෝ වෛද්‍යවරුන් අපේ රටේ තත්වය ගැන රෝගියා ඇතුළත් කර ගැනීමේ සටහනේ සිටම කනගාටුදායක තත්වයක සිටින බව අත්දැකීමෙන් දන්නවා. ඩිජිටල් දත්ත පද්ධතියකට රෝගියකු ඇතුළත් කර ගැනීම තුළින් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ අනවශ්‍ය පිරිවැය අඩු කර ගැනීම වාගේම දිගුකාලීනවත් ඉතාම වැදගත්. මම සේවය කරන අනුරාධපුර ශික්‍ෂණ රෝහලට පදවිය, කැබිතිගොල්ලෑව වැනි ඈත ප්‍රදේශවල ජනතාව පැමිණෙනවා. සමහර විට විශේෂඥ වෛද්‍යවරයකු හමු වන්න හැතැප්ම සියයක් පමණ එන්න සිදු වෙනවා. නමුත්, ඩිජිටල්කරණය මඟින් ඈත ගම්වල ඉන්න අම්මා, තාත්තාලට වේගයෙන් අඩු පිරිවැයක් යටතේ සෞඛ්‍ය පහසුකම් ලබා දිය හැකියි. තව පැත්තකින් ඖෂධ ගැනීමට පවතින දිගු පෝලිම් අවසන් කිරීමට ඩිජිටල්කරණය අතිශයින් වැදගත්. වකුගඩු රෝගීන්, තැලසීමියා රෝගීන් කොපමණ ඉන්නවා දැයි නිශ්චිතව දන්නේ නැහැ. සෞඛ්‍ය ප්‍රගමණය වෙනුවෙන් මේ දත්ත ජාලගත කර තිබීම අතිශය වැදගත්. මෙවැනි කරුණු විශ්ලේෂණාත්මකව ගැඹුරින් සලකා බලා ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කර තිබෙනවා. වෙනත් ප්‍රතිපත්ති ප්‍රකාශනවල කාඩ් එකක් ලබා දී ප්‍රතිකාර ගැනීමේ ක්‍රමයට සීමා වී ඇති බව පෙනෙනවා. සෞඛ්‍යය සම්බන්ධයෙන් නව්‍යකරණය ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්. ආර්ථික වශයෙන් රටක් වැටී තිබෙන අවස්ථාවක නවෝත්පාදනය අතිශයින් ම වැදගත්.
(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී රැලිය – තලවාකැලේ – 2024.09.15-) මෙතෙක් කල් මේ රටේ පාලකයෝ ඡන්ද ගත්තේ කොහොමද? කන්න දිලා, බොන්න දීලා, බය කරලා ඡන්දෙ ගන්නවා. විශේෂයෙන් වතුකරයේ ජනතාව බය කරලා ඡන්දය ගන්නවා. යටත් කරලා ඡන්දය ගන්නවා. මේක අපි වෙනස් කරන්න ඕන නැද්ද? මේ කඳුකරයේ ජනතාව හැමදාමත් යටත් වෙලා ජීවත් වෙන්න ඕනෑද? බයේ ජීවත් […]
(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී රැලිය – තලවාකැලේ – 2024.09.15-)
මෙතෙක් කල් මේ රටේ පාලකයෝ ඡන්ද ගත්තේ කොහොමද? කන්න දිලා, බොන්න දීලා, බය කරලා ඡන්දෙ ගන්නවා. විශේෂයෙන් වතුකරයේ ජනතාව බය කරලා ඡන්දය ගන්නවා. යටත් කරලා ඡන්දය ගන්නවා. මේක අපි වෙනස් කරන්න ඕන නැද්ද? මේ කඳුකරයේ ජනතාව හැමදාමත් යටත් වෙලා ජීවත් වෙන්න ඕනෑද? බයේ ජීවත් වෙනවාද? හඟුරන්කෙත ජනතාව එස්.බී.ට බයේ ජීවත්වෙන්න ඕනෑද? කඳුරට වතුකරයේ ජනතාව තොන්ඩමාන්ලාට, දිගම්බරන්ලාට බයේ ජීවත් වෙන්න වෙලා තිබෙනවා. අපේ රටට ඕනෑ ජනතාව පාලකයාට බයේ ජීවත් වෙන රටක් නොවෙයි. ජනතාව ගැන හිතලා ඔවුන්ගේ බලාපොරොත්තු ඉටුකරමින් රට පාලනය කරන ආණ්ඩුවක්, පාලනයක් දැන් අපිට ඕනෑ. නිදහස් ජනතාවක් අපි ගොඩනඟන්න ඕනෑ. එනිසා මේ සැප්තැම්බර් 21 වැනිදා අපි හොඳ තීන්දුවක් ගනිමු. දැන් රටේම ජනතාව ලැහැස්තිවෙලා ඉන්නේ එම තීන්දුව ගන්න.
අපේ රටේ ආණ්ඩු හැදුණේ කොහොමද? කඳුකරයේ නායකයන්ගෙන් සහාය ගන්නවා. නායකයන්ට අමාත්‍ය ධුර දෙනවා. නායකයන්ට කප්පම් දෙනවා. මුදල් දෙනවා. නායකයා ඇවිල්ලා ජනතාව රවට්ටනවා. හැබැයි දැන් රටේ ජනතාව අවදිවෙලා. දකුණු පළාතේ දශලක්ෂ ගණන් ජනතාව ජාතික ජන බලවේගය වටා එකතු වෙලා. ඒ වගේම නැගෙනහිර මුස්ලිම් ජනතාව දහස් ගණනක් අද ජාතික ජන බලවේගය වටා එකතු වෙලා. ඒ වගේම උතුරේ දෙමළ ජනතාවගේ විශ්වාසයත් අද ජාතික ජන බලවේගය වෙත හැරී තිබෙනවා. අපි අහනවා කඳුකර ජනතාව හැටියට මොකක්ද ඔබේ තීන්දුව? ඔව්, ඒතමයි ජාතික ජන බලවේගය දිනවන එක. හඟුරන්කෙත, වලපනේ, කොත්මලේ, නුවරඑළිය, මස්කෙළිය අපි ඉහළින්ම ජයග්‍රහණය කරන්න ඕනෑ. අද ඔබ මෙතනට එකතු වෙලා ඉන්නේ අරක්කු වීදුරුවටද? කෑම පාර්සලයටද? නැහැ. රටේ ප්‍රශ්න විසඳගන්න. අද පළමු වතාවට රටේ ජනතාව පොදු වුවමනාවක් මත එකතු වෙලා ඉන්නවා. මේක විශේෂ අවස්ථාවක්. රටේ ජනතාව අලුත් වෙනසක් වෙනුවෙන් පෙළගැසී ඉන්නවා.
අපි කාලාන්තරයක් තිස්සේ දරපු ප්‍රයත්නවල ප්‍රතිඵල මේ සැප්තැම්බර් 21 ලැබෙනවා සහතිකයි. වත්තේ ජීවත් වෙන ජනතාවගේ ජීවිත ගැන ටිකක් හිතලා බලන්න ඔවුන්ට ජීවත් වෙන්න සුදුසු ගෙයක් නැහැ. හරිහමන් වැසිකිළි පද්ධතියක් නැහැ. වත්තට යන්න පාරක් නැහැ. දරුවන්ට අධ්‍යාපනයක් නැහැ. ඔබලාගේ දරුවන්ට හරිහමන් ආහාර වේලක් නැහැ. බෙහෙත් ටිකක් ගන්න විදිහක් නැහැ. මුළු ජීවිතයම පීඩාවට පත්වෙලා. ඔබලා මේ විදියට ජීවත් විය යුතු මිනිස්සුද? නැහැ. මේක අපි වෙනස් කරන්න ඕනෑ. මෙතෙක් කල් හඳුනන ජනතාවගේ ආණ්ඩු නොවෙයි. උඩ සිටින නායකයන්ගේ ආණ්ඩු. ඒ ගොල්ලෝ රට පාලනය කළේ. තීන්දු ගත්තේ ඒ ගොල්ලන් වෙනුවෙන්.
වතුකරයේ දෙමළ නායකයන්ගේ දරුවන් මෙහෙ ඉගෙන ගන්නවාද? නැහැ. එක්කෝ කොළඹ ලොකු පාසල්වල. නැතිනම් පිටරට. වත්තේ දරුවට ඉගෙන ගන්න පාසලක් නැහැ. පොතපතක් ගන්න සල්ලි නැහැ. පහසුකම් නැහැ. ජීවිත නිකරුනේ විනාශවෙලා යනවා. මේක වෙනස් කරන්න තමයි අපි බලය ඉල්ලන්නේ. දැන් මේ ජනතාව දුක් කරදර වින්දා ඇති. අපි වතුකරයේ ජනතාව ඇතුළු රටේ සියලු ජනතාවගේම ප්‍රශ්න විසඳන ආණ්ඩුවක් හදමු. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යනු ජනතාව ගැන හිතලා ප්‍රශ්න විසඳන ආණ්ඩුවක්. අපි මේ රටේ පළමු වතාවට ගොඩනඟන්නේ ලොක්කන්ගේ ආණ්ඩු වෙනුවට ජනතාවගේ ආණ්ඩුවක්. අද මේ කඳුකර පළාත්වලත් කුඩු වසංගතය පැතිරිලා. කුඩුවලින් තොර මධ්‍ය කඳුකරයක් අපිට ඕනැ නැද්ද? කුඩුවලින් තොර රටක් අපිට ඕනෑ නැද්ද? ඕනෑ. කුඩු මර්දනය කරන්න බැරි ඇයි? කවුද නුවරඑළියට කුඩු ගේන්නේ. ගේන්නේ මේ පළාතේ දේශපාලකයන්. ඔයගොල්ලෝ පසුගියදා දැක්ක රූපවාහිනී වැඩසටහනකදී දිගම්බරනුයි, වේලුකුමාරයි හිටියා. දෙන්න කලින් හිටියේ එකම පක්ෂයේ. ඡන්දෙ ඉල්ලුවේ එකම පක්ෂයෙන්. දිගම්බරන් නුවරඑළියෙනුත්, වේලුකුමාර් මහනුවරිනුත් පාර්ලිමේන්තුවට ගියා. වේලුකුමාර් රනිල්ටත් දිගම්බරම් සජිත්ටත් සහාය දෙන්න තීන්දු කළා. දෙන්න ආව රූපවාහිනී විවාදයට. මොකද වුණේ. දිගම්බරන් මොකක්ද වේලුකුමාර්ට කිවුවේ? බාර් කුමාර් කිවුවා. වේලුකුමාර් දිගම්බරන්ට කිවුවේ මොකක්ද? කුඩු දිගා කිවුවා. ඇයි ඒ? ඒ ගොල්ලොම කියන විදිහට ඒ අය තමයි මේ මත්ද්‍රව්‍ය වෙළඳාමෙ ඉන්නේ. මෙහෙ විතරක් නොවෙයි, රටේම එහෙමයි. දේශපාලුවෝ තමයි රටේ මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපසින් ඉන්නේ. කුඩුවලින් අපේ ගම, අපේ රට, අපේ දරුවෝ බේරා ගන්න ඕනෑ නම්, අර බොරුවට දෙපැත්ත බෙදිලා මේ රටේ ජනතාව රවටන දේශපාලකයෝ පරාජය කරන්න ඕනැ. දිනවන්න ඕන ජාතික ජන බලවේගයයි. සහතිකයි, අපි කුඩුවලින් තොර රටක් හදනවා. මුළුමනින්ම කුඩු මර්දනය කරනවා. රටින් තුරන් කරනවා. දරුවන් ගැන බය නැතිව, සැකයක් නැතිව, මව්පියන්ට ඉන්න පුළුවන් රටක් අපි ගොඩනඟනවා. දරුවා කුඩු ගහනවා නම්, ඉගෙන ගන්නේ නැතිනම් මේ දේශපාලකයෝ කැමතියි. එතකොට තමයි, ඒ ගොල්ලන්ට රිසිසේ මේ රටේ මහජන ධනය කොල්ලකන්න පුළුවන් වෙන්නේ.
මේ කඳුකරයේ ජීවත් වෙන ජනතාව දැනට අවුරුදු 200ක් වෙනවා ලංකාවට ඇවිල්ලා. ඒ සහෝදර ජනතාව කොහෙන්ද ආවේ කියලා දැන් අපි කතා කරලා වැඩක් තිබෙනවාද? තමිල්නාඩුවෙන් ආවාද? කේරලෙන් ආවාද කියලා කතා කරලා වැඩක් තියෙනවාද? දැන් ඔබ මේ රටේ ඉපදිලා තිබෙන්නේ. මේ රටේ දහදිය වගුරුවන්නේ. මේ රටට පොහොර වෙන්නේ. ඉතිං ඔබ ඉන්දියාවේ දෙමළ වෙන්නේ කොහොමද? ඔබ දෙමළ භාෂාව කතා කරන ශ්‍රී ලාංකික පුරවැසියන්. ඔබ මේ රටේ මිනිස්සු. ඔබ ඉන්දියාවට ගියහම කියනවා ලංකා දෙමළ කියලා. ලංකාවේ ඉන්න කොට කියනවා ඉන්දියාවේ දෙමළ කියලා. මේ අය අපේ ලංකාවේ පුරවැසියන්. රටේ ආර්ථිකයට හවුල් වෙනවා. මේ තේ වතු සාරවත් වුණේ ඔබලාගේ ශ්‍රමයෙන්. ඔබලාගේ මුතුන්මිත්තො තමයි මේ කඳුකරය වගා කරන්න පටන් ගත්තේ. ලෙඩ රෝගවලට ගොදුරුවෙලා, කන්න නැතිව ඒ මුතුන්මිත්තෝ මැරුණා. නැව්වලින් ගෙනල්ලා වෙරළට ගොඩවෙලා පාරවල් දිගේ කඳුකරයට පයින් ගේනකොට මඟ දිගේ මැරිලා වැටුණා. එහෙම දුක් විඳලා තමයි ඔබලා මේ රටේ පුරවැසියෝ වුණේ. අදත් ජීවිතයේ වෙනසක් නැහැ. පවුල් ලක්ෂ 1 1/2කට තමන්ගේ කියලා එක බිම් අඟලක් නැහැ. රටක ජීවත්වෙන මිනිස්සු බිම් අඟලක් නැතිව, නිවාසයක් නැතිව, වැසිකිළියක් නැතිව ඉන්නවා නම් විසඳන්න ඕනැ නේද ඒ ප්‍රශ්නය. ඔබලා මිනිස්සු නොවෙයිද? ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ සියලු පුරවැසියන්ගේ නිවාස ප්‍රශ්නයට විසඳුම් දෙනවා. ලබාදිය හැකි හැමතැනින්ම සුදුසු ඉඩම් අපි ඔබලාට ලබා දෙනවා. ඔබලාට වගාකරන්න, ගෙයක් හදා ගන්න, පවුලේ ඔක්කොම එකට ජීවත්වෙන්න පටන් ගන්න පුළුවන් ජීවිතයක් අපි ගොඩනගනවා. වත්තෙ දරුවට මේ ජීවිතයෙන් එළියට එන්න කරදරවලින් එළියට එන්න හොඳ අධ්‍යාපනයක් අපේ පාලනයක් යටතේ අපි ඔබේ දරුවාට සහතික වෙනවා.
මේ පළාත්වල දරුවන්ට තමන්ගේ දුප්පත්භාවයෙන් එළියට එන්න තිබෙන ප්‍රධාන පාර තමයි විධිමත් සහ නවීන අධ්‍යාපන පහසුකම් තිබෙන, ගුරු පුරප්පාඩු නැති පාසල් අපි මේ පළාත්වලටත් ලබා දෙනවා. හැම දරුවම බලා ගන්න ආණ්ඩුවක් හැම දරුවකුටම අධ්‍යාපනය තහවුරු කරන ආණ්ඩුවක් අපි ගොඩනගනවා. ඔබ මේ පළාතෙ රාජ්‍ය ආයතන සමග ගනුදෙනු කිරීමේදී භාෂාව නිසා දැඩි අපහසුතාවලට මුහුණදී තිබෙනවා. අපි හදන්නෙ තම තමන්ගෙ භාෂාවලින් රජය සමඟ ඕනෑම පුරවැසියෙකුට සමානව ගනුදෙනු කළ හැකි පාලනයක්. අපි මේ රටේ භාෂා ගැටලුවට විසඳුම් දෙනවා. දැන් ඔබ රජයේ කාර්යාලයක දෙමළ භාෂාවෙන් ලිපියක් යොමුකළොත් ඊට දෙමළ භාෂාවෙන් රාජකාරිය කරන්න පුළුවන් නිලධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගන්නවා. එය කරන තුරු තාවකාලිකව ඒ සඳහා භාෂා පරිවර්තක නිලධාරීන් යොදවනවා. තමන්ගේ භාෂාවෙන් ආණ්ඩුවත් සමග ගනුදෙනු කිරීමේ අයිතිය අපි තහවුරු කරනවා එවිට තමයි ඔබලාට දැනෙන්නෙ ඔබලාත් මේ රටේ පුරවැසියො කියලා. ඒ විතරක් නොවෙයි ඔබලාට ජීවත්වෙන්න සරිලන ආදායම් මාර්ග ඕනෑ. අලුත් රැකියා අවස්ථා නිර්මාණය කරන්න ඕනෑ. කොළඹ ගෙවල්වල දරුවො බලා ගන්න එක, හෝටල්වල වේටර් වැඩ කරන එකද හැමදාම වතුකරයේ තරුණ තරුණියන්ගෙ රැකියාව විය යුත්තේ? ඔබට අලුත් උසස් රැකියාවලට යන්න මේ අධ්‍යාපන අවස්ථා පුළුල් කරන්න ඕනෑ. අලුත් රැකියා අවස්ථා හදන්න ඕනෑ. විශේෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය සංචාරක කර්මාන්තයට යෝග්‍ය දිස්ත්‍රික්කයක්. ඒවා ඇතුළෙ රක්ෂා හැදෙන්න ඕනෑ. අවුරුද්දට ලක්ෂ 40ක් සංචාරකයො ගේන්න අපි ඉලක්ක කර තියෙනවා. ඒ අය නුවරඑළියටත් ඒවි. අලුත් හෝටල් හැදේවි. නව විනෝදාංශ නිර්මාණය වේවි. කඳුකර ගොවියාට වගාවට අවශ්‍ය පහසුකම් වගේම තම නිෂ්පාදන සාධාරණ මිලකට අලෙවි කර ගැනීමටත් අස්වනු අපතේ යාම වළක්වාලීමටත් අවශ්‍ය සැලසුම් අපි සකස් කර තිබෙනවා.
වතුකරයේ ප්‍රධාන ප්‍රශ්නයක් වන මන්දපෝෂණය විශේෂයෙන් ගැබිණි මව්වරු මුහුණදී තිබෙන නීරක්තිය ආදී තත්වයන්ට පිළියම් යෙදීම සඳහාත්, වතුකරයේ පමණක් නොව මුළු රටේම එම තත්වයට පිළියම් සෙවීම සඳහාත් ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ අපි සැලසුම් කර තිබෙනවා. අපි ඔක්කොම එකතුවෙලා විනෝදයක් සහිත ලස්සන ජීවිතයක්, දරුවන්ට හොඳ අනාගතයක් සහිත රටක් හදමු. මේ 21වෙනිදා ජයග්‍රහණයෙන් පසු සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ අපි ඔක්කොම එකතු වෙලා ඒ ලස්සන රට ගොඩනගනවා සහතිකයි.
(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී රැලිය – නාවලපිටිය – 2024.09.15-) 2019 මැතිවරණයෙන් පසුව අපි දැඩි පසුබෑමකට ලක්වුණා. ඒත් විවිධාකාරයේ රැවටීම්වලට භාජනය කරපු ජනතාව අනිවාර්යයෙන්ම මේක තේරුම් ගන්නා බවටත් එය තේරුම් අරගෙන ජාතික ජන බලවේගය වටා ඒකරාශී වන බවටත් අපිට දැඩි විශ්වාසයක් තිබුණා. ඒ අනුව අපි පසුගිය වසර දෙක තුනක කාලයක් ඉතා සැලසුම් සහගත දේශපාලනයක […]
(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී රැලිය – නාවලපිටිය – 2024.09.15-)
2019 මැතිවරණයෙන් පසුව අපි දැඩි පසුබෑමකට ලක්වුණා. ඒත් විවිධාකාරයේ රැවටීම්වලට භාජනය කරපු ජනතාව අනිවාර්යයෙන්ම මේක තේරුම් ගන්නා බවටත් එය තේරුම් අරගෙන ජාතික ජන බලවේගය වටා ඒකරාශී වන බවටත් අපිට දැඩි විශ්වාසයක් තිබුණා. ඒ අනුව අපි පසුගිය වසර දෙක තුනක කාලයක් ඉතා සැලසුම් සහගත දේශපාලනයක නියැලුණා. අපේ විරුද්ධ පාර්ශ්ව පැරණි දේශපාලනයේම නියැලුණා. හොරකම් කරමින් මහජනයාගේ ධනය නාස්ති කරමින් නීති කඩමින් ව්‍යවස්ථා උල්ලංඝනය කරමින්, උසාවි නියෝග ඉවත දමමින්, ත්‍රාඩ විධියට රට පාලනය කරගෙන ඇවිල්ලා ඒ ගොල්ලෝ හිතුවා ඡන්ද කාලයේදී ජනතාවට මෙනවා හරි බෙදලා, ජනතාව බිය වද්දලා විවිධ වර්ගයේ බොරු පොරොන්දු දීලා සුපුරුදු පරිදි බලය ගන්න පුළුවන් කියලා ඔවුන් හිතුවා. අපි රට පුරා යමින් ජනතාව පෙළගැස්සුවා. සංවිධානය කරනමින් ආවා. ඒ ගොල්ලන්ට හිතා ගන්නවත් බැරි පන්නයේ මැතිවරණ ව්‍යාපාරයක් ජාතික ජන බලවේගය දියත් කළා.
මහනුවර දිස්ත්‍රික්කයේ රැස්වීම් ගණනාවක් අපි පැවැත්වුවා. අපේ සහෝදර සහෝදරියන් ගමක් ගාණේ ගිහිල්ලා ජනතාව දැනුවත් කළා. ජාතික ජන බලවේගයේ මේ නැගිටීම හා පිබිදීම ගැන අපේ විරුද්ධ පාර්ශ්වවලට හිතා ගන්න බැරිවුණා. දැන් ඒ ගොල්ලන්ගේ එකම ප්‍රයත්නය අපිට විරුද්ධව අවලාද අසත්‍ය තොරතුරු වැපිරීම හා කුමන්ත්‍රණ දියත් කිරීමයි. නමුත් සජිත් ප්‍රේමදාසට හෝ රනිල් වික්‍රමසිංහට අපේ නැගිටීම, වැළැක්වීම සඳහා කළ හැකි කිසිවක් නොමැති බව දැන් හරිම පැහැදිලියි. මේ 21 වැනිදා අපේ ජයග්‍රහණය ලංකා දේශපාලනයේ විශාල හැරවුමක්. දශක ගණනාවක් තිස්සේ අපේ රටේ පුරවැසියාගේ තිබුණු බලාපොරොත්තුවක්. මේ රටේ ජනතාව දීර්ඝ කාලයක් මැතිවරණවලට සහභාගි වුණාට තමන්ගේ අපේක්ෂාවන්, අරමුණු ඉටුකර ගත හැකි පාලනයක් ගොඩනගා ගන්න ඔවුන් අසමත් වුණා.
නායකයෝ පරාජය කරනවා, නැවත ගේනවා. ආණ්ඩු පරාජය කරනවා, නැවත ගේනවා. දැන්වත් මේ පාලකයෝ හැදිලා ඇති කියලා හිතනවා. අවසානයේ ජනතාව හෙම්බත් වුණා. ප්‍රතිඵලයක් වුණේ නැහැ නේද? අපේක්ෂා සියල්ල බිඳ වැටුණා. රට බංකොලොත් වුණා. ජනතාවට ජීවත් වෙන්න බැරි තත්වයක් ඇති වුණා. දරුවන් රට දාලා යන්න පටන් ගත්තා. ඉස්පිරිතාලවල බෙහෙත් නැති වුණා. අධ්‍යාපනය කඩා වැටුණා. මත්ද්‍රව්‍ය, අපරාධ පැතිරුණු රාජ්‍යයක් නිර්මාණය වුණා. ජනතාවගේ ඇස් ඉදිරිපිට මේ විනාශය චිත්‍රයක් වගේ ඇඳෙන්නට පටන් ගත්තා. ජනතාව මේ ව්‍යසනයෙන් ගැලවෙන්නෙ කවදාද කිය කියා අපේක්ෂාවෙන් හිටියා. අන්න මේ 21 වැනිදාට ඒ අපේක්ෂාවන් ජයග්‍රහණය කර ගත හැකි දිනය උදාවෙලා තිබෙනවා. අපේ රටේ අලුත් ආණ්ඩුවකින් ප්‍රධාන කාර්යයන් දෙකක් ඉටු කළ යුතුව තිබෙනවා. අපේ රට කඩා වැටීමට හේතු වුණු කාරණා කිහිපයක් තිබෙනවා. එකක් තමයි අපේ රටේ මෙම දූෂිත දේශපාලන සංස්කෘතිය. දෙක තමයි අපි මේ රටේ අනුගමනය කරමින් තිබෙන විනාශකාරී ආර්ථික ප්‍රතිපත්තිය.
මේ රට හදන්න නම් පළමුව මේ කැත දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ. මෙහේ ඉන්න මහින්දානන්ද 2019දී මේ නාවලපිටියේදීම රනිල්ව වේදිකාවල පට්ටා ගැහුවා. ඒ මහින්දානන්ද දැන් කියනවා රනිල් තමයි ගැලවුම්කාරයා කියලා. මේ ප්‍රතිපත්තියක් නැති, කැත දේශපාලනය අපි අවසන් කරන්න ඕනෑ. ගිය සතියේ ගීතා රනිල්ව වර්ණනා කරනවා. මේ සතියේ එයා සජිත්ව වර්ණනා කරනවා. මොන දේශපාලනයක්ද මේක. මීට අවුරුදු කිහිපයකට කලින් අනුරාධ ජයරත්නලා, මහින්ද රාජපක්ෂට අප්පච්චි කියනවා. දැන් රනිල්ට අප්පච්චි කියනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ කැත දේශපාලන පිටිය සුද්ද කරන්න පටන් ගන්නවා. පැන්නොත් මන්ත්‍රීකම අහෝසියි. පාර්ලිමේන්තුව විසුරුවලා මාස එක හමාරකින් වගේ කාලයක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණය තියනවා. ජනාධිපතිවරණයකින් අපට රනිල්ව ගෙදර යවන්න පුළුවන්. ඕන නම් සජිත්ව විපක්ෂ නායක හැටියට තියන්නත් පුළුවන්. පාර්ලිමේන්තුව විසුරුවට පස්සේ එය සුද්ද කිරීමේ බලය ජනතාව අතට එනවා. මේ වගේ පාර්ලිමේන්තුවක් රටට ඕන නැහැ. සකලවිධ අපරාධකරුවන් පිරුණු මේ වගේ පාර්ලිමේන්තුවක් රටකට මොකටද? ජනාධිපතිවරණයෙන් පස්සේ අපි පාර්ලිමේන්තුව විසුරුවලා දෙන්නම්. ඔබ පල් හොරු රැළ ස්ථිරවම ගෙදර යවලා ඒක සුද්ද කරලා දෙන්න. අපට විශ්වාසයි මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අයගෙන් තුනෙන් දෙකකට වැඩි පිරිසක් ලබන පාර්ලිමේන්තුවේ නැහැ.
මහ මැතිවරණයෙන් පස්සේ අපි රටට ඵලදායක පාර්ලිමේන්තුවක් හදනවා. නීති රීති ශක්තිමත් කරන මහජන දේපොළ හොරකම් කළ අයට නීත්‍යානුකූලව අනිවාර්යයෙන්ම දඬුවම් ලබාදෙනවා. මහජන ධනය නාස්ති කිරීම නතර කරනවා. දේශපාලකයා පොදු නීතියට යටත් කරනවා. අපේ පාලනයක් යටතේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා අවශ්‍ය ආයතන පද්ධතිය ශක්තිමත් කරනවා. අපේ පාලනයක් යටතේ මේ රටේ පොලීසිය, හමුදාව දේශපාලකයන් ඉදිරියේ බාල්දු වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. පොලීසියේ මහත්වරුන්ගේත් රටේ හා ජනතාවගේත් ආරක්ෂාව හැදුවොත් අපිත් ආරක්ෂා වෙනවා. එතකොට වෙනම ආරක්ෂාවක් අපට අවශ්‍ය වෙන්නේ නැහැ. මේ පාලකයන් කරන්නේ, රටත් ජනතාවත් අත්හැරදාලා අනාරක්ෂිත කරලා ඒ ගොල්ලෝ වටේ ආරක්ෂක වළලු දාගන්න එක. අපි මේක නතර කරනවා.
දේශපාලනය කියන්නේ ගෞරවනීය වෘත්තියක්. ගෞරවනීය සේවයක් කියලා, ජනතාවට ඒත්තු ගැන්වෙන විදිහට අපි මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා. දැන් දේශපාලකයා කොහොමද ඇඟපුරා රත්තරන් පොරවා ගෙන ජැන්ඩියට ඇඳලා සැප වාහනවලින් ඇවිත් බහිනකොටම ජනතාව දන්නවා, මේ එන්නේ පට්ට හොරෙක් කියලා. ඒගොල්ලන්ගේ ජීවිත ගැන ජනතාව දන්නවා. මොනතරම් ධනය උපයා ගත්තත් ඒ කොහොමද කියලා ජනතාව දන්නවා. ඒ නිසා ඒ දේශපාලකයන් ගැන රටේ තිබෙන්නේ කැත අදහසක්. අපි සැප්තැම්බර් 21දා සිට මේ නිර්ලජ්ජිත දේශපාලනය වෙනස් කරන්නට පටන් ගන්නවා. අපේ රටේ මේ තිබෙන ආර්ථික ප්‍රතිපත්තිය වැරදියි. ඒක වෙනස් කරන්න ඕනෑ. මේ ආර්ථික ප්‍රතිපත්තිය හොඳයි නම් මේ වන විට අපේ රට දියුණු කරලා තිබන්න ඕනෑ. මේ ආර්ථික ප්‍රතිපත්තිය දීර්ඝ කාලයක් තිස්සේ අපේ රටට ගෙනාවේ භයානක ප්‍රතිඵල.
අපේ රටේ ආර්කථියට ජනතාව සම්බන්ධ වෙන්න ඕනෑ. අද විශාල පිරිසක් අපේ රටේ ආර්ථිකයෙන් පිටමං කරලා තිබෙන්නේ. ජනතාව ආර්ථිකයට සම්බන්ධ වෙන්න ඕනෑ. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩි දියුණු වෙන්න ඕනෑ. ඒකේ ප්‍රතිඵල සාධාරණ ලෙස පෙරළා ජනතාවට ගලාගෙන යන්න ඕනෑ. මූලධර්මය ඒකයි. රටේ හැම පෙදෙසකම භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට පණ දෙන්න ඕනෑ. දැන් එය මුළුමනින්ම වට්ටලා තිබෙන්නේ. මේ පාලකයන් අපේ රටේ හැදුවේ කුඩා හෝ නිෂ්පාදනයක් තිබුණා නම් එය වට්ටලා මුළුමනින්ම බඩු ආනයනය කරන ආර්ථිකයක්. ඉන්දියාව රෙදි නිෂ්පාදනය කරනවා. අපි ගේනවා අඳිනවා. ඉන්දියාව බිත්තර නිෂ්පාදනය කරනවා. අපි ගේනවා, බදිනවා. ඉන්දියාව බයිසිකල් හදනවා, ත්‍රීවිලර් හදනවා. අපේ ගේනවා, පදිනවා. මොකද කළේ. ඒගොල්ලෝ හදනවා, අපි බුදිනවා. අපි හදමින් තිබුණු දේවල් පවා කඩා බිඳ දැම්මා.
දැන් රනිල් කියනවා එයා ඇවිල්ලා අපනයන ආර්ථිකයක් හදනවාලු. අනේ රනිල් ඔයගොල්ලෝ තමයි අපේ රටේ නිෂ්පාදනය ආර්ථිකය වැට්ටුවේ. අනේ රනිල් කොයි කාලේ ඉඳලාද ඔයා අපනයන ආර්ථිකය හදන්නේ. ඔන්න ඔහේ පැත්තකට වෙලා ඉන්න රනිල්. වට්ටන්න පුළුවන් ඔක්කෝම වට්ටලා දැන් මංඤ්ඤං කියනවා. බඩු ගෙන්නුවොත් රටට පාඩුයි, ඇමතිට ලාභයි. එයාට ලාභ ඇයි? කොමිස් කුට්ටිවලින්. ලංකාවට පොහොර ගෙනාවා. ඇටයක්වත් ගේන්නත් කලින් රටට රුපියල් කෝටි දශලක්ෂ 1800ක් පාඩුයි. ඔන්න රනිල්ගේ අපනයන ආර්ථිකය. අපි මේ බඩු ගෙන්වන ආර්ථිකය වෙනුවට අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් හැම භාණ්ඩයක් හා සේවාවක්ම නිෂ්පාදනය කරන, නිෂ්පාදන ආර්ථියක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් ගොඩනඟනවා.
අපි දැනට තෝරාගෙන තිබෙනවා අපේ රටේ ඉක්මනින්ම නිෂ්පාදනය ගොඩනඟන්න පුළුවන් තැන් ටික. ඒවාට අවශ්‍ය සැලසුම් අපි හදලා ඉවරයි. ඊට එහා ගිය නිෂ්පාදන කර්මාන්තවලට පණ පොවන්න කාලයක් අවශ්‍යයි. ඒවාට අදාළ මධ්‍යකාලීන හා දිගු කාලීන සැලසුම් අපි හදලා ඉවරයි. මෙතෙක් කල් ආපු හැම ආණ්ඩුවක්ම සැලසුම් හැදුවේ ඒ ගොල්ලන්ගේ පවුල්, ඥාතින්, හිතවතුන් පොහොසත් වෙන විදිහට. අපි පළමු වතාවට ආණ්ඩුවක් හදනවා රට පොහොසත් කරන්න. ජනතාවගේ ජීවිත නංවාලන්න. ජනතාවට ලස්සන ජීවිතයක් උරුම කරලා දෙන්න. අපි ඔක්කෝම එකතු වෙලා සැප්තැම්බර් 21 දාට ජාතික ජන බලවේගය දිනවමු. ඊළඟට අපි ඔක්කෝම එකතු වෙලා මේ රට ගොඩනගමු, කියලා අපි මේ රටේ සියලු ජනතාවට ආරාධනා කරනවා.
(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී රැලිය – අනුරාධපුරය – 2024.09.14-) ජාතික ජන බලවේගයට ඓතිහාසික ජයග්‍රහණයක් මේ අනුරාධපුර ජනතාව රැගෙන දෙන බව අපිට විශ්වාසයි. සිය ගණනක් හාමුදුරුවරු අද මේ වේදිකාවට වැඩමකරලා, ආගම පාවිච්චි කරමින් අපට එරෙහිව නගන බොරු සහ අවලාදවලට නිසි පිළිතුරක් ලබා දී තිබෙනවා. අපි ඉතාමත් විධිමත්ව මෙම ඡන්ද ව්‍යාපාරය දියත් කළා. මේ වන […]
(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී රැලිය – අනුරාධපුරය – 2024.09.14-)
ජාතික ජන බලවේගයට ඓතිහාසික ජයග්‍රහණයක් මේ අනුරාධපුර ජනතාව රැගෙන දෙන බව අපිට විශ්වාසයි. සිය ගණනක් හාමුදුරුවරු අද මේ වේදිකාවට වැඩමකරලා, ආගම පාවිච්චි කරමින් අපට එරෙහිව නගන බොරු සහ අවලාදවලට නිසි පිළිතුරක් ලබා දී තිබෙනවා. අපි ඉතාමත් විධිමත්ව මෙම ඡන්ද ව්‍යාපාරය දියත් කළා. මේ වන විට අපේ ඡන්ද ව්‍යාපාරය මේ රටේ පොදු ජනතාව විසින් තමන්ගේ අතට අරගෙන තිබෙනවා. දැන් සජිත්ලා, රනිල්ලා මේ තත්වය තුළ හොඳටම කලබල වෙලා. අපිට එරෙහිව විවිධ මඩ, අවලාද අසත්‍ය තොරතුරු තොග ගණන් පතුරුවමින් ඉන්නවා. අපි ඒ අයට කියන්නේ දැන් පරක්කු වැඩියි කියලා. මේ ජයග්‍රහණය නතර කරන්න දැන් බැහැ. අපේ වගකීම තමයි මේ ජයග්‍රහණය විජයග්‍රහණයක් දක්වා ඔසවා තබන එක. මම ඊයේ අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර, ඔළුවිල්, සයින්දමරදු, සමන්තුරේ, නින්දවූර් යන ප්‍රදේශ ගණනාවක රැස්වීම් කළා. එම ප්‍රදේශවල මුස්ලිම් ජනතාව දහස් ගණනක් මේ රට වෙනස් කිරීම සඳහා අපි වටා පෙළගැසී සිටින හැටි අපි දැක්කා. ඒ නිසා ලංකාවේ පළමුවැනි වතාවට ඉතා සුවිශේෂී ආණ්ඩුවක් හැදෙන්න යන්නේ. ඒක මොන වගේ ආණ්ඩුවක්ද? මෙතෙක් කල් හැදුණේ අනෙකාට එරෙහි ආණ්ඩු. උතුරු නැගෙනහිර ජාතිකත්වයන්ට එරෙහි ආණ්ඩු. දේශපාලන වේදිකාවල කතා වුණේ ‘ජාතිය අනතුරේ. අන් ජාතිකත්වයන්වල ජනයා මහා ජාතිය ආක්‍රමණය කරමින් ඉන්නවා. ඒ නිසා ජාතිය බේරා ගන්න ඒ අයට ඡන්දය දෙන්න’ කිවුවා. ආගම බේරා ගන්න ඒ අයට ඡන්දය දෙන්න කිවුවා. දැනුත් ඒ වර්ගයේ ඡන්දය ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන්න ඒ ගොල්ලෝ උත්සාහ කරනවා. රාජපක්ෂලා පට්ට් ගහලා, පට්ට ගහලා පිළුණු වෙච්ච ආගම්වාදී, ජාතිවාදී සටන් පාඨ දැන් කරේ තියන් යන්නේ සජිත්ලා. ඒ සටන් පාඨ රාජපක්ෂලාවත් විනාශ කරල දාපු සටන් පාඨ. ඒවා ලංකාවේ වමේ ව්‍යාපාරයට එරෙහි 1960 ගණන්වල ඉඳලා පට්ට ගහපුවා. දැන් ඒවා දැන් ඒවා දිරච්ච සටන් පාඨ, ඒ නිසා මම සජිත් ප්‍රේමදාසට කියන්නේ අලුත් බඩු ටිකක් සොයා ගන්න, කියලා. ඔය පරණ බඩු කඩේ බඩු ගේන්නේ නැතිව.
මේ රටේ ප්‍රථම වතාවට ආණ්ඩුවක් හදන්න යනවා, උතුරු, නැගෙනහිර, දකුණ සියලු පළාත්වන ජනතාවගේ විශ්වාසය දිනාගත්ත. සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් සියලු ජනතාවගේ විශ්වාසය දිනා ගත්ත ආණ්ඩුවක්. මේ රටේ ජාතික සමගිය ගොඩනැගීමට තිබූ ඓතිහාසික අවස්ථා මේ රටේ පාලකයන් අතහැරලා දැම්මා. සුද්දගේ පාලනය යටතේත් අපේ රට පාලනය කළේ ජාතීන් අතර ගැටුම් නිර්මාණය වන පරිදි එකිනෙකා බෙදලා. 1818 අරගලයේදී සුද්දට එරෙහිව අපේ රටේ ජනතාව එකට එකතු කරගන්න බැරි වුණා. 1848දීත් එයම සිදුවුණා. 1919දී සිංහල, දෙමළ, මුස්ලිම් නායකයෝ එකතුවෙලා ලංකා ජාතික සංගමය ගොඩ නැගුවා. ඉතා ටික කාලයකදී එය කැඩී බිඳී ගියා. 1928 බණ්ඩාරනායකලා වෙනම සිංහල මහා සභාව හදන්න පටන් ගත්තා. දෙමළ කොංග්‍රසය වෙනම හැදෙන්න පටන් ගත්තා. මුවර් සංගමය වෙනම හැදුණා. සතුරාට එරෙහිව එකට එකතුවී සටන් කරනවා වෙනුවට, බෙදෙන්නට පටන් ගත්තා. ඒ ඒ සන්ධානවල නායකයෝ හොරෙන් හොරෙන් ගිහිල්ලා ගතු කියලා එක එක වරදාන ඉල්ලන්න පටන් ගත්තා. ජාතිය බෙදුණා. 1948 නිදහස ලබා ගන්න විටත් තත්වය ඒකයි. ඉන්දියාව නිදහස ලබන විට ඒ රටේ වමේ දකුණේ සියලුම නායකයන් එකට එකතු වෙලා ඉන්දියාවේ නිදහස් සටනට නායකත්වය දුන්නා. අපි නිදහස ලබන කොටත් බෙදිලා. නිදහසෙන් පස්සෙත් අපිව බෙදුවා. 1948 නිදහස ලබනවා. 1949 පුරවැසි පනත සම්මත කරනවා. ඒ පනත ගෙනැල්ලා වතුකරයේ දෙමළ ජනතාවගේ ඡන්ද බලය අහිමි කළා. 1930 ගණන්වල උතුරේ ශක්තිමත් දෙමළ තරුණ ව්‍යාපාරයක් තිබුණා. ඔවුන් අර්ධ නිදහස එපා කියලා සම්පූර්ණ ස්වෛරීත්වය ඉල්ලලා සටන් කළා. යාපනයේ තරුණ ව්‍යාපාරය විශාල කාර්යභාරයක් කළා. අපේ රටට නිදහස ලබා ගැනීම සඳහා. නමුත් බලය ගත්ත අපේ පාලකයෝ බලය සඳහාම අපිව බෙදුවා.
රටේ නිදහස පතා අරගල කළ දෙමළ තරුණයෝ 1949 ගෙනා පුරවැසි පනත නිසා දෙමළ රාජ්‍ය පක්ෂය කියලා වෙනම පක්ෂයක් හදාගන්නවා. උතුරට වෙනම පාලනයක් ඉල්ලනවා. 1956 වෙනකොට භාෂා ප්‍රශ්නයක් නිර්මාණය කරනවා. 1958 වෙනකොට ශ්‍රී අකුරේ කළුතෙල් ගාන්න පටන් ගන්නවා. නැවත සිංහල, දෙමළ, මුස්ලිම් කෝලහලයක් පටන් ගන්නවා. 1965 ඩඩ්ලිගේ බඩේ මසල වඩේ කියලා පෙළපාළි යන්න පටන් ගන්නනවා. නැවත 1972දී දෙමළ එක්සත් පෙරමුණ හදනවා. 1976දී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ හදනවා. දෙමළ පක්ෂ ඔක්කෝම එකට එකතු වෙලා වඩුක්කොඩෙයි සම්මේලනය තියලා වෙනම රාජ්‍යයක් සඳහා ජනවරමක් ඉල්ලනවා. 1978 දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගේනවා. මිනිස්සු මර්දනය කිරීම අරඹනවා. 1981 දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්දයේදී එදා යාපනයට ගිය රනිල්ලා, ගාමිණී දිසානායකලා, ජේ.ආර්.ලා උතුරේ ජනතාවගේ ඡන්ද අයිතිය කොල්ල කෑවා. යාපනයේ පුස්තකාලයට ගිනි තිබ්බා. නැවත ගැටුම් නිර්මාණය කළා. 1983 නැවත කළු ජුලිය නිර්මාණය කළා. රට පුරා කඩසාප්පු, සිනමා ශාලා, ගිනිබත් කළා. අපිව බෙදුවා, වෙන්කළා. එකිනෙකා කුලල් කාගන්න රටක් බවට මේ රට පත් කළා. 1984 වන විට ප්‍රභාකරන් මරා ගෙන මැරෙන මිනිස් බෝම්බ නිර්මාණය කළා. ඊට පස්සේ සිවිල් යුද්ධයක් පටන් ගන්නනවා. ම්ලේච්ඡ මිනිස් ඝාතන පටන් ගන්නවා. රට මහ ව්‍යසනයකට ගොදුරු කළා. 2009 යුද්ධ අවසන් වුණා. ටික දවසයි ගියේ ඡන්දය කිට්ටු වන විට වඳ කොත්තු, වඳ ඇඳුම්, වඳ දොස්තරලා ඉන්නවා කියන්න පටන් ගත්තා. පාස්තු ප්‍රහාරය දියත් කළා. ජනතාව බෙදුවා. ඒක නොවෙයිද වුණේ.
සුද්දත් අපිව බෙදුවා. කළු සුද්දත් අපිව බෙදුවා. ඒ නිසා මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් අපි හැමදෙනාම එකම ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැගීම පිළිබඳ අපේක්ෂාවෙන් හිටියා. අපේ පාලකයෝ ඒකට අවස්ථාව දුන්නේ නැහැ. අපිව බෙදුවා. කුලල්කාගන්න තත්වයට පත් කළා. යුද්ධ ඇති කළා. උතුරත්, දකුණත් විනාශ කළා. මේ පාලකයන් දැන් අපිට පළමු වතාවට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ අපි සියලු දෙනාම එකට බැඳිලා එක කොඩියක් සෙවනේ ඉන්න ජාතික සමගිය පුබුදුවන ආණ්ඩුව නිර්මාණය කර ගැනීමේ අවස්ථාව උදාවෙලා තිබෙනවා.
සජිත් ප්‍රේමදාසලා පරණ ආගම්වාදී, ජාතිවාදී කිළිටි ඇඳුම් හෝදන්න පටන් අරගෙන තිබෙනවා. මේ දේශපාලනය අවසන් කරන්න ඕනැ. අපි හැම ආගමකටම ගරු කරන ව්‍යාපාරයක්. මේ රටේ සියවස් ගණනක් ජනතාවගේ ප්‍රාර්ථනය වූ ජාතික සමගිය තහවුරු කරන ආණ්ඩුව අපි සැප්තැම්බර් 21න් පසු පිහිටුවනවා. අනුරාධපුරය අපේ ශිෂ්ටාචාරයේ නගරය. අද කුඩුවලින් වැහිලා. කුඩු මත්ද්‍රව්‍ය වසංගතයක් බවට පත්වෙලා. මේ රටම ඒ ව්‍යසනයෙන් මුදා ගත යුතුයි. මේ සියලු ව්‍යසනයන් පිටුපස ඉන්නේ මේ පාලකයන්. දේශපාලකයන්ගේ ආශිර්වාදය නැතිව. මේ සාපරාධී ජාවාරම්වලට පවතින්න බැහැ. අපි සහතික වෙනවා මේ සියලු ව්‍යසනයන්ගෙන් ජාතික ජන බලවේගය පාලනයක් තුළ මේ රට මුළුමනින්ම මුදාගන්නවා. දැන් මුළු රටම සැප්තැම්බර් 21 වැනිදා වෙනකල් බලා ඉන්නේ අපේ ජයග්‍රහණය විජයග්‍රහණයක් දක්වා ඔසවා තබන්න. අපි සියලු දෙනා එකතු වෙලා ඉන්පසු මේ රට ගොඩනගමු.
“මේ රටට ඇත්තටම ආදරය කරන සහෝදරත්වයෙන් බැඳුණු පිරිසක් අනුර වටා ඉන්නවා”
-ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දර ආරච්චි-
මේ දහස් සංඛ්‍යාත ජනතාව එකහෙළාම අපේක්ෂා කරන්නේ අපේ රටට යහපත් හෙට දවසක්. ඔබ මෙතනට පැමිණ සිටින්නේ මේ රට ගොඩනගන එකම නායකයා වූ අනුර කුමාර දිසානායක සහෝදරයා ගැන විශ්වාසය තබා ඔහුට ඔබේ ශක්තිය එකතු කිරීමටයි. රට නව යුගයකට පරිවර්තනය කරන ඒ විප්ලවය හෙට දවසේ ඔබේ කතිරයෙන් කරන බව අපිට හොඳටම විශ්වාසයි. දැන්නම් අනුර සහෝදරයා දිනන එක කාටවත් වළක්වන්න බැහැ.
පසුගිය දවසක මගේ වැඩකට මම රත්නපුරය ප්‍රදේශයට ගියා, එහිදී පතල් කම්කරු සහෝදරයෙක් මුණ ගැසුණා. ඔහු සමග මම ටිකක් කතා කළා. මම ඔහුගෙන් ඇහැව්වා කොහොමද දැන් දේශපාලන තත්වය කියලා. ඔහු ටිකක් නිහඬව හිටියා. ඒ පාර මම ඔහුට කිවුවා මේ පාර අපි වෙනසක් කළේ නැත්නම් අපි ඔක්කෝම අන්ත දුක්ඛිත තත්වයකට පත්වෙනවා කියලා. ඔව්, මමත් මගේ තීරණය අරගෙන තිබෙන්නේ කියලා ඔහු කිවුවා. මම ඇහැව්වා ඔයාගෙ තීරණය මොකක්ද කියලා. ඒ තීරණය ඔබට ගන්න හිතුණේ ඇයි කියලා. ඔහු කිව්වා “මම විශ්‍රාමික ගුරුවරයෙක්. ඔබ ඔබේ දරුවන් වෙනුවෙන් කිසිවක් ඉතිරි කර නැතිනම්, මාලිමාවට ඡන්ද තුන හතරක් හදලා දෙන්න. ඒක ඔවුන්ගේ ජීවිතයට ඉඩම් අක්කර දෙක තුනක් අරන් දුන්නා වගේ ආයෝජනයක් කියලා.” ඒ කතාවේ හරය තිබෙන්නේ අනුර කුමාර සහෝදරයා අපේ රටේ දරුවන්ට සුරක්ෂිත හෙටක් නිර්මාණය කරන බවට තිබෙන විශ්වාසයයි.
මේ පාර සැබෑ වෙනසක් වෙනුවෙන් අපි ක්‍රියාත්මක නොවුණොත් අපිට යන එන මං නැතිවෙනවා, ඒක තදින්ම අවධාරණය කළ යුතුයි. සමහරු කියනවා මාලිමාවේ අයට බලය අරන් මේ රට කරන්න පුළුවන්ද කියලා. මම අහන්නේ මෙච්චරයි. මේ තාක් කළේ මේ රට කරපු එවුන් හරියට කළාද? හරි දෙයක් කළාද? කියලා. මට එකයි ඉල්ලන්න තිබෙන්නේ. අර විශ්‍රාමික ගුරුවරයාගේ කතාව ඔබට මුණ ගැසෙන හැමෝටම කියන්න. ඔබ දැන් මෙතනට ඇවිල්ලා ඔබේ ශක්තිය පෙන්වනවා. ඒ වගේම සැප්තැම්බර් 21 වැනිදාට උදාවෙන තීරණාත්මක මොහොතේ අපි ගැන දෙගිඩියාවෙන් ඉන්න, සැක සහිතව හිතන, බොරු දේශපාලන කතා අහලා ෆේස් බුක් එකේ යන සමහර ව්‍යාජ කතන්දර අහලා චකිතයෙන් ඉන්න අයත් විශ්වාසය ඇති කරලා ඒ ඡන්ද ප්‍රමාණයත් මාලිමාව වෙතට හැරවිය යුතුයි. එයයි ඔබේ වගකීම. එසේ කළොත් හැරෙන්න ඔබට වෙන්නේ ඔබේ දරුවන්ට හරියට උගන්න ගන්න බැරි වෙන, කන්න බොන්න නැතිවෙන, තරුණ තරුණියන්ට තමන්ට නිසි රක්ෂාවක් හොයා ගන්න බැරිවෙන, ඒ වගේම රක්ෂා කරන අයටත් තමන්ගේ ජීවන වියදමට සරිලන වැටුපක් ගන්න බැරි, ජනතාවම දුකේ වැටෙන, ලෙඩකට බෙහෙතක් ගන්න බැරි, මේ ජරාජීර්ණ සමාජ ක්‍රමය දිගටම ගලාගෙන යන එකයි.
සන්තෝෂයක් නැති ජීවිතය මොකක්ද? ඔබ ඉන්නේ සතුටින්ද? සතුටක් නැති මිනිසුන්ට තමයි දුක දැනෙන්නේ. ඒ දුක හඳුනන මිනිහෙක් තමයි අද ඔබට අපේ රටට නායකත්වය දෙන්න ඇවිල්ලා ඉන්නේ. බලන්න මේ වේදිකාව දිහා. මේ රට වෙනුවෙන් වැඩකරන්න පුළුවන්, ජනතාවගේ සංහිඳියාව ඇති කරන්න පුළුවන්, ජනතාවගේ මානසිකත්වය ගොඩනඟන්න පුළුවන්, සහෝදරත්වයෙන් බැඳුණු මේ රටට ඇත්තටම ආදරය කරන පිරිසක් ඔහු වටා ඉන්නවා. අපි හුඹස් බියක් ඇති කරගත යුතු නැහැ. මේ වැඩ කරන්න පුළුවන්ද? කියා. ඔය පුළුවන් කිය කියා ඉන්න අය පුළුවන් කියලා කියනවා විතරනේ. කවදාවත් කරලා පෙන්නුවේ නැහැනේ. අපි ඒ වාද බයිලා පැත්තකින් තියලා සැබෑ යථාර්ථයට මුහුණ දීලා රට බංකොලොත්භාවයෙන් මුදා ගන්න, ඉතාමත් සමෘද්ධිමත් රටක් ගොඩනඟන්න රටට හිතෛෂී, බුද්ධිමත් පිරිසක් සමග අපි මේ ගමන යමු. නියත වශයෙන්ම අනුර කුමාර දිසානායක සහෝදරයා මේ 21 වැනිදාට ජයග්‍රහණය කර ජනාධිපති වෙනවා. එය සත්‍යයයි. ස්ථිරයි.
(-‘අදිටන’ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ මාධ්‍ය හමුව – 2024.09.15-) මෙයට දින කිහිපයකට පෙර මාධ්‍ය හමුවක් පවත්වා ඉතාම පැහැදිලිව ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයට, ජාතික ජන බලවේගයට පසුගිය කාලයේ එල්ල කළ අසත්‍ය චෝදනා පිළිබඳව අපි පැහැදිලි කළා. ඡන්දය පැවැත්වෙන කාලයේ ජනතාව නොමඟ යවන්න දරන උත්සාහය අප ප්‍රතික්‍ෂේප කරමින් හෙළාදැක්කා. එසේ තිබිය දීත්, ඊයේ 14 […]
(-‘අදිටන’ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ මාධ්‍ය හමුව – 2024.09.15-)
මෙයට දින කිහිපයකට පෙර මාධ්‍ය හමුවක් පවත්වා ඉතාම පැහැදිලිව ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයට, ජාතික ජන බලවේගයට පසුගිය කාලයේ එල්ල කළ අසත්‍ය චෝදනා පිළිබඳව අපි පැහැදිලි කළා. ඡන්දය පැවැත්වෙන කාලයේ ජනතාව නොමඟ යවන්න දරන උත්සාහය අප ප්‍රතික්‍ෂේප කරමින් හෙළාදැක්කා. එසේ තිබිය දීත්, ඊයේ 14 වැනිදා නැවතත් බරපතළ අසත්‍ය චෝදනාවක් මෙම සංවිධානය ඉලක්ක කරගෙනම ‘නව මඟ ජාතික ව්‍යාපාරය’ නමින් පෙනී සිටින සංවිධානයේ විධායක සභිකයෙක් ලෙස හැඳින්වූ ලක්‍ෂ්මන් සහ එහි ලේකම්, අනිල් ශාන්ත ප්‍රනාන්දු කියන අය අපට එරෙහිව බරපතළ චෝදනා එල්ල කළා. ‘විශ්‍රාමික හමුදා කල්ලියක්’ යනුවෙන් අපව හඳුන්වා, ජාතික ජන බලවේගයේ සිටින රටේ ප්‍රචණ්ඩත්වය ඇති කරන්න ගොඩනැඟූ සංවිධානයක් බවත්, අවි ආයුධ එකතු කරන බවත්, ජනතාවට පීඩාකාරී වාතාවරණයක් ඇති කරන්න බුද්ධාගමට අගෞරවයක් වන ආකාරයෙන් හැසිරෙන බවටත් චෝදනා රාශියක් එල්ල කර තිබෙනවා. ඔවුන් අසත්‍ය, ද්වේශසහගත චෝදනා ගණනාවක් මේ ආකාරයට සමාජගත කරන්න උත්සාහ කරනවා. අපි ජාතික ජන බලවේගයත් සමඟ විවෘතව ජනතාව හමුවේ පෙනීසිටිමින් ක්‍රියා කරනවා. අපේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඔවුන්ට එවැනි සාක්‍ෂි තිබෙනවා නම්, ඒවා ඉදිරිපත් කර නීතිමය ක්‍රියාමාර්ගවලට යන ලෙස දන්වනවා. අපි 2021 මෙම සංවිධානයට මූලික වශයෙන් ප්‍රවේශ වූයේ අවුරුදු තිස්පහක පමණ කාලයක් පුරා ඉතාමත් ගරුත්වයෙන් සහ අභිමානයෙන්, විනයගරුකව හමුදාවන් තුළ සේවය කිරීමෙන් පසුවයි.
කවදත් අපේ ගරුත්වයක් ඒ හමුදාවන්ට තිබෙනවා. අපි රටේ පුරවැසියන්ව ආරක්‍ෂා කළා. ජාතිය ගොඩනඟන්න උර දුන්නා. ඒ වාගේම ලෝකයම පිළිගත් උසස් වෘත්තීය මට්ටමේ හමුදාවන්ට විනයගරුකව ඇතුළත් වුණු සාමාජිකයන් අපි. ඒ වාගේම විශාල මානුෂීය මෙහෙයුමක් සිදු කළා. ඒ වාගේම ජාතික ජන බලවේගය නිර්මාණය වී තිබෙන්නේ සිවිල් සංවිධාන සහ ජනතා විමුක්ති පෙරමුණ මූලික කර ගත් දේශපාලන පක්‍ෂ, වෘත්තීය සංවිධාන ගණනාවක් ඒකරාශී කරගෙනයි. මෙය විද්වතුන් රාශියකගෙන් ගොඩනැඟුණු මහජන ව්‍යාපාරයක්. හිටපු පාලකයන් මේ රටට කළ විනාශය අපේ දරුවන්ට ඉතිරි නොකර ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලය ලබාගෙන රටට යහපත් හෙට දවසක් නිර්මාණය කරන්නයි අපි එකතු වී සිටින්නේ. මේ ගෙන යන වෛරී සහ ද්වේෂසහගත ප්‍රචාර සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නීතිඥයන් මාර්ගයෙන් අපි දැඩි පියවර ගන්නවා. මැතිවරණ කොමිසමට සහ මැතිවරණය භාරව කටයුතු කරන නියෝජ්‍ය පොලිස්පතිවරයාට මේ සම්බන්ධයෙන් පැමිණිලි කොට තිබෙනවා. එතැනින් ඔබ්බටත් අධිකරණයේ සහාය පතන්න අපි කටයුතු කරනවා.
හතු පිපෙනවා වාගේ සංවිධාන පිහිටුවාගෙන ජාතීන් අතර අසමඟිය ඇති කරන්න, මහජනයා අතර විරසකය ඇති කරන්න, ජනතාව නොමඟ යවන්න කාගේ හෝ පුද්ගලයකුගේ නැතිනම්, පක්‍ෂයක අවශ්‍යතාව මත මොවුන් මේ ව්‍යාජ මත ප්‍රචාරය කරනවා. ඔවුන්ගේ පැවැත්ම ඒක. තව දින කිහිපයකින් මුළු රටම එකතු වී සියලුම ජාතීන් එකට එකතු වී කරන ජයග්‍රහණය පෙනෙන තාක් මානයේ අපි ඉන්නේ. ඔවුන් සිදු කළ ජාතික අපරාධවලින් බේරීමට නොහැකි බව දන්නා ඔවුන් වියරු වැටී සිටිනවා. මේ රටට පණ ගෙන දුන් අපි ප්‍රචණ්ඩත්වයක් ඇති කරන්න, ජනතාව පීඩාවට පත් කරන්න දශමයකින්වත් දායක වන්නේ නැහැ. අපව හැදූ, වැඩූ ශ්‍රේෂ්ඨ හමුදාවන්ට අපේ අනන්‍යතාව සහ ගෞරවය හැමදාමත් තිබෙනවා. මේ වැනි වෛරී ප්‍රකාශ සිදු කර අපව කලබල කරන්න හෝ කුපිත කරන්න බැහැ. මෙයට වඩා දරුණු තත්වයක් යටතේ කටයුතු අපි සිදු කළා. මේවා අපට ඔරොත්තු දෙනවා. ‘අදිටන’ ත්‍රිවිධ හමුදා සාමුහිකයේ සාමාජිකයකුගේ නිවසකට, ඉඩමකට සම්බන්ධ කර අවි ආයුධ හමු වුණු බවට ප්‍රචාරය කළොත්, ඔබලා කිසිවකුත් පුදුම වන්න එපා. එවැනි සැලසුම් තිබෙනවා. ජනතාවට ජීවත් වන්න මත්ද්‍රව්‍යවලින් තොර පාතාලයෙන් තොර ආරක්‍ෂිත, නිදහස් රටක් ඕනෑ. රට වැටුණු වෙලාවේ ජාතික ජන බලවේගය වාගේ මහජන ව්‍යාපාරයක් එක්ක එකතු වී කටයුතු කිරීමට ලැබීම ගැන නිහතමානී සතුටක් තිබෙනවා. පසුගිය කාලයේ මේ රට පාලනය කළ අය සමඟ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් එකතු වන විට ඔවුන්ව ‘රණවිරුවන්’ ලෙස හැඳින්වූවා. අපි ජාතික ජන බලවේගයත් එක්ක එකතු වෙන කොට ‘කල්ලි’ යනුවෙන් හඳුන්වනවා. රණවිරුවෝ දඩයම් කර ගත්තේ ඔය කියන දේශපාලන පක්‍ෂ. අපි කෙළින් වැඩ කරන අයවලුන්. ඒ නිසා අපි ජනතාවට කෙළින්ම කියනවා, ඔය බොරු අවලාදවලට හසුවන්න එපා කියලා. ඒ වාගේම කිසිම දෙයකට කලබල වෙන්නත් එපා. 21 වැනිදා පැවැත්වෙන ඡන්ද විමසීමට ගොස් ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක, අනුර කුමාර සහෝදරයා ජයග්‍රහණය කරවන්න. ඒ වාගේම 21 වැනිදාට පසු කිසිම ප්‍රචණ්ඩත්වයක්, කිසිම කලබලයක් ඇති නොවන ලෙස ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්න.
“අපි දේශපාලනය කරන්නේ කිසි කෙනකුට හැංගිහොරා නොව විවෘතවයි”
-යුදහමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් නිශ්ශංක විජේසිංහ-
මම යුද්ධය අවසන් අදියරේ දී මාණ්ඩලික ප්‍රධානී හැටියට කටයුතු කළා. 2009 වර්ෂය අවසානයේ දී විශ්‍රාම ගියා. ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය කරන රටක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීම සඳහා ක්‍රියා කර විශ්‍රාම ගිය අපට අභූත චෝදනා එල්ල කරන්නේ කිසිම දැනඋගත්කමක් නැති පිරිසක්. ජාතික ජන බලවේගය පරදිනවා යැයි ආරම්භයේදීම සඳහන් කර ටික වේලාවක් යන කොට ඔහු කියන්නේ ජයග්‍රහණයෙන් පසුව කලබල ඇති කරන බවයි. පෙර සඳහන් කළ සංවිධානයේ ප්‍රකාශකයා ඔහු කියන දේ සම්බන්ධයෙන්වත් අවබෝධයක් නැති අයෙක්. ඒ වාගේම ඔහු සඳහන් කරන්නේ ඔහුට හිතෙන, ඔහුට දැනෙන දේවල් බව ඔහුම ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශවලින්ම පැහැදිලි වෙන්නේ, ඔහු මනෝචිකිත්සකයකු ළඟට ගෙන යා යුතු බවයි. අපි අපේ කාලයේ විනයගරුකව කටයුතු කළා වාගේම සේවයක් අද සිටින ත්‍රිවිධ හමුදාවත් එලෙස විනයානුකූලවම කටයුතු කරනවා. ඔවුන්ගේ ව්‍යාජ ප්‍රකාශයෙන් අද සක්‍රියව සේවයෙහි යෙදී සිටින ත්‍රිවිධ හමුදාවටත් ව්‍යංගයෙන් චෝදනා එල්ල කෙරෙනවා. ඒ බවවත් ඔවුන්ට හැඟීමක් නැහැ. අපි මේ දේශපාලනය කරන්නේ මේ රටේ පුරවැසියන් හැටියට අපට තිබෙන මූලික අයිතිවාසිකමක් මත විවෘතවමයි. කිසි කෙනකුට හැංගිහොරා අපි කටයුතු කරන්නේ නැහැ. එසේ තිබිය දී, ආගමට විරුද්ධව කටයුතු කිරීම, අවිආයුධ එකතු කිරීම වැනි චෝදනා ඉතාමත්ම බරපතළයි. අපගේ සාමාජිකයන් සියලුම දෙනා විශ්‍රාම ගැනීමෙන් අනතුරුවත් විනයගරුකව නොකැළැල් පැවැත්මක් සහිතවයි ජාතික ජන බලවේගය සමඟ එක් වී සිටින්නේ.
“‘අදිටන’ අපි තරම් මේ දේශපාලනයේ මජරකම, දූෂිත බව වෙන කිසිවකුත් දැක නැහැ”
-ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික කොමදෝරු සේනක හංවැල්ල-
අපි ජාතික ජන බලවේගයට ‘අදිටන’ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය ලෙස සම්බන්ධ වී සිටින්නේ පැහැදිලි අවබෝධයකින් යුක්තව. යුද හමුදාවේ වසර තිස්පහක් පමණ සේවය කර ජ්‍යෙෂ්ඨ නිලයන් දැරූ නිකැළැල් පුද්ගලයන් ලෙස අපි එකතු වී සිටිනවා. ඒ වාගේම අපි ජාතික ජන බලවේගයට එකතු වුණේ මේ රටේ මජර දේශපාලනය පිළිබඳව පැහැදිලි අවබෝධයකින් යුක්තව. අපි තරම් මේ දේශපාලනයේ මජරකම, දූෂිත බව වෙන කිසිවකුත් දැක නැහැ. හැත්තෑහය වසරක් තිස්සේ පවතින මේ ක්‍රමය අවසන් කර ජනතාවාදී පාලනයක් පිහිටුවාගෙන නව පුනරුද යුගයක් කරා රට ගෙන යාමට දේශපාලන ක්‍ෂේත්‍රයේ කටයුතු කළ ජාතික ජන බලවේගය සමඟ එකතු වූවා. ‘අදිටන’ කියන්නේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා කල්ලියක් නොවෙයි. අපි පෙට්ටි කඩයක් නොවෙයි. අපි පාතාල කල්ලියක් නොවෙයි. ‘අදිටන’ බොහොම වෘත්තීයමය ආකාරයෙන් කටයුතු කරන සංවිධානයක්. ජාතික මෙහෙයුම් කමිටුව සාමාජිකයන් 12 දෙනකුගෙන් පිහිටුවාගෙන ජාතික ජන බලවේගයේ නායකත්වයත් සමඟ එක්ව කටයුතු කරනවා. ඒ වාගේම වවුනියාව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කත් ඇතුළුව රටේ දිස්ත්‍රික්ක 20ක අපේ දිස්ත්‍රික් කමිටු ක්‍රියාත්මක වෙනවා. හැම දිස්ත්‍රික්කයකම ප්‍රධාන සම්බන්ධීකාරකවරයෙක් ඉන්නවා. මෙතැන ඉන්න විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරයා. ඔහුත් එක්ක මැතිවරණ කොට්ඨාස මට්ටමින් පත් කළ සංවිධායක සහ සහකාර සංවිධායකවරයකු සිටිනවා. ඒ නිසා අපි කල්ලි නොවන බව මම අවධාරණය කරනවා.
‘නව මඟ’ කියන සංවිධානයේ පුද්ගලයෙක් සම්බන්ධ වීඩියෝ පටයක් වාගේම 20,000කට ආසන්න පිරිසක් සහභාගී වූ අපේ ජාතික සමුළුවට සම්බන්ධ වූ අයකු දැක් වූ අදහස් විකෘති කළ වීඩියෝවක් සමාජගත කරන්න උත්සාහ කර තිබෙනවා. එදා සමුළුව ඇමතූ කථිකයන් ‘අදිටන’ සාමුහිකයේ අරමුණු ඉතා පැහැදිලිව සඳහන් කළා. ඒ සමුළුවට සහභාගී වූ හැමෝම යුතුකමක් ඉෂ්ට කරන්න කැපවීමේ අධිෂ්ඨානයෙන් පැමිණි අයයි. ලංකාවේ දේශපාලන වේදිකාවට ‘ස්මාර්ට් පොලිටික්ස්’ හඳුන්වා දුන්නේ අපි. පසුගිය කාලය තුළ අපගේ සාමාජිකයන් රට පුරාම කතා සිය දහස් ගණනක් කර තිබෙනවා. නමුත්, අපි ත්‍රිවිධ හමුදාවට හෝ මේ රටේ ජනතාවට අපහාස වන ආකාරයේ කිසිදු ප්‍රකාශයක් කර නැහැ. නමුත්, අපට විරුද්ධව සිටින දේශපාලන වේදිකාවල විශ්‍රාමික හමුදා අය මොන වාගේ ද කතා කරන්නෙ කියලා පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. අපි කවරදාවකවත් ප්‍රචණ්ඩය වපුරන, වෛරී ප්‍රකාශ කිසිවක් සිදු කර නැහැ. මම මෙයට පෙර මාධ්‍ය හමුවේ දී සඳහන් කළ ආකාරයට ‘අදිටන’ ටී ෂර්ට් එක 18 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසුව කිසිසේත්ම පාවිච්චි කරන්නේ නැහැ. නමුත්, එදිනෙන් පසුව යම් කෙනකු ඒ ටී ෂර්ට් එක භාවිත කළොත්, අපේ කෙනෙක් නොවන බව පැහැදිලිව ප්‍රකාශ කරනවා.
“අපට අභූත චෝදනා නැගීමෙන් ප්‍රදර්ශනය වන්නේ ඔවුන්ගේ පරාජයේ වියරුවයි”
-ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ-
‘නව මඟ ජාතික ව්‍යාපාරය’ යනුවෙන් නම් කර ගත් ඊනියා සංවිධානයක් ජාතික ජන බලවේගයට අභූත චෝදනා නඟමින්, ඔවුන්ගේ පරාජයේ වියරුව ප්‍රදර්ශනය කරමින් සිටිනවා. ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය හැටියට අපි අවධාරණය කරන්නේ ජාතික ආරක්‍ෂාව අපේ ලේවල තිබෙන බවයි. සක්‍රිය සේවයේ යෙදී සිටියෙදී වගේම අද ‘අදිටන’ට සම්බන්ධ වී ඒ තුළින් ජාතික ජන බලවේගය වටා එක් වී සිටින්නේත් රට සහ ජනතාව ආරක්‍ෂා කර ගන්නයි. මේ රටට හෝ ජනතාවට හෝ විරුද්ධ කිසිදු හැඟීමක් අප කිසිවකුට නැති බව ජනතාවට අවධාරණය කරනවා. අවි ආයුධ එකතු කරන බවට එල්ල කරන චෝදනාව සම්බන්ධයෙන් අපට කියන්නට තිබෙන්නේ මුලින්ම අපි විශ්‍රාමික හමුදා සාමාජිකයන් එකතු කළ බවයි. ඊ ළඟට අපි ජනතාව එකතු කළා. මුළු රටම එකමිටට මාලිමාවට ගෙන ආවේ ඒ විදියට. පරාජිත කණ්ඩායම් වියරුවෙන් නඟන චෝදනා සම්බන්ධයෙන් කියන්නා කෙසේ කීවත්, අසන්නා සිහිබුද්ධියෙන් යුතුව ඇසිය යුතු බව අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.