හැම මොහොතකම පෙන්නුම් කරමින් තිබෙන්නේ ආණ්ඩුවේ නොහැකියාව යැයි ජාතික ජන බලවේගය සඳහන් කරයි. එම පක්ෂය විසින් අද (25) පෙරවරුවේ කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කර අතර එම මාධ්‍ය හමුව සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී, ආචාර්ය හරිනි අමරසූරිය සහ ජාතික ජන බලවේගයේ මෙහෙයුම් මණ්ඩල සාමාජික මහින්ද රත්නායක එම මාධ්‍ය හමුව සඳහා සහභාගී […]
හැම මොහොතකම පෙන්නුම් කරමින් තිබෙන්නේ ආණ්ඩුවේ නොහැකියාව යැයි ජාතික ජන බලවේගය සඳහන් කරයි.
එම පක්ෂය විසින් අද (25) පෙරවරුවේ කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කර අතර එම මාධ්‍ය හමුව සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී, ආචාර්ය හරිනි අමරසූරිය සහ ජාතික ජන බලවේගයේ මෙහෙයුම් මණ්ඩල සාමාජික මහින්ද රත්නායක එම මාධ්‍ය හමුව සඳහා සහභාගී වී සිටි අතර එහිදී ඔවුන් දැක්වූ අදහස් පහතින් පල වේ.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී, ආචාර්ය හරිනි අමරසූරිය,
“මේ වෙලාවේ රටේ අර්බුද රාශියක් පැන නැගිලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මැදිහත් විය යුතු ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් මෙම මාධ්‍ය හමුව පවත්වනවා. මේ වන විට ආණ්ඩුව දිනපතාම අර්බුද සහ විහිළු සපයන තත්වයට පත්ව තිබෙනවා. ජනතාවක් හැටියට හෝ රටක් හැටියට දරා ගන්න බැරි තරමට ඒ නිසාම ප්‍රශ්න ඇතිවෙනවා. මේ තරම් සීග්‍රයෙන් රට කඩා වැටෙන තත්වයකට පත්කළ වෙන ආණ්ඩුවක් අපේ මතකයේ නැහැ. මේකේ බරපතළකම මේ මොහොතේදී විතරක් නෙවෙයි, රටේ මුළු අනාගතයම අර්බුදයට පත්වෙනවා. කරමින් ඉන්න විකාර වැඩ නිසා ආයතන, අර්ථිකය, සෞඛ්‍ය ක්‍ෂේත්‍රය, අධ්‍යාපන ක්‍ෂේත්‍රය ඇතුළු හැම ක්‍ෂේත්‍රයක්ම කඩා වැටෙමින් තිබෙනවා. ජනතාව අපේක්‍ෂාභංගත්වයට පත්වී ඉන්නේ. ගොවීන්, ධීවරයින්, වතු කම්කරුවන්, ඇඟළුම් ක්‍ෂේත්‍රය, ස්වයං රැකියා වගේම අධ්‍යාපනයේ ගුරුවරුන්, ළමුන් සහ දෙමාපියන් හැම අතින්ම ප්‍රශ්නවලට ගොදුරු වෙලා. මේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට මේ ආණ්ඩුවට කිසිසේත්ම පුළුවන්කමක් නැහැ. හැම මොහොතකම පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ නොහැකියාවයි.
ඒ අතර රටේ පාර්ලිමේන්තු සංස්කෘතිය ඇතුළු කිසිම දේකට ගෞරවයක් දක්වන්නේ නැහැ. ඒ ගැන දැනුවත්කමකුත් නැහැ. රට පවත්වාගෙන යන්න තියෙන සියලුම පද්ධතීන් විනාශ කරමින් යන ගමනක් තියෙන්නේ. මේ සියලු අර්බුද බැසිල් රාජපක්‍ෂ මහත්මයා පාර්ලිමේන්තුවට ඇවිත් ඇමතිකමක් ලබාගත්තාම විසඳන බවට මතයක් ගෙන යමින් ඉන්නවා. මෙච්චර කල් කීවේ ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයා සියලු ප්‍රශ්න විසඳනවා කියලා. ඊට ඉස්සෙල්ලා කිව්වේ මහින්ද රාජපක්ෂ මහත්මයා ගැන. දැන් බැසිල් රාජපක්‍ෂ මහත්මයා ගැන කියනවා. මේ විහිළුව මොකක්ද? පවුලේ එකිනෙකා වීරයා බවට පත්කරමින් එළියට දානවා. එක්කෙනෙක් ෆේල් වෙනකොට පැත්තකට දාලා අනෙක් එක්කෙනාව ගන්නවා. මේ රටේ රාජපක්‍ෂවරු විතරද රටට වැඩක් කරන්න පුළුවන් අය ඉන්නේ? මේ ප්‍රශ්න විසඳන්න මැජික්කාරයෝ නැහැ කියලා කවදද තේරුම් ගන්නේ? මේ රට වැටිලා තියෙන්නේ මැජික්කාරයෙකුට කරගන්න බැරිවුණු නිසා නොවෙයි. පවතින දේශපාලන අධිකාරිය විසින් කාලයක් තිස්සේ තමන්ගේ බල ව්‍යාපෘති වෙනුවෙන් රටේ සියලුම පද්ධති මෙහෙයවීම නිසා තමයි මේ රට මෙතනට වැටිලා තියෙන්නේ.
සමාජය ගැන, දේශපාලනය ගැන, දැනුවත් ජනතාව ගැන සංවේදීත්වයක් තියෙන ප්‍රතිපත්තිගරුක සහ හැකියාවක් තියෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරගන්න පිරිසක් දැන්වත් අවශ්‍යයි. එහෙම නැතිව පුද්ගලයෙක් මත රැඳුණු විකාර දේවල්වලින් මේ රට ගොඩනගන්න බැහැ. නමුත් මේ වෙලාවේ ජනතාවට දැවෙන ප්‍රශ්න රාශියක් තිබෙනවා. ආණ්ඩුවක් තියෙන්නේ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්න මිසක් එකිනෙකාගේ පිට දාලා ඉන්න නෙවෙයි. හැටනව ලක්‍ෂයක් ඡන්ද දීලා ආණ්ඩුවක් පත්කළේ ප්‍රශ්න විසඳන්නයි. කොවිඩ් තත්වය එක්කත් මිනිස්සු විශාල ආර්ථික අසීරුතාවයකට වැටිලා. රටක් හැටියටත් එහෙමයි. මිනිස්සු බඩගින්න දරා ගන්න බැරිව පාරට බහින තත්වයකට ඇවිත් තියෙන්නේ. ඔවුන්ගේ විරෝධයන් දක්වන්න පාරට බහින එක වළක්වන්නයි ආණ්ඩුව අවධානය ලොක්ඩවුන් එක පාවිච්චි කරන්නේ.
ලොක්ඩවුන් එක කොරෝනා මර්දනය වෙනුවෙන් හිරියට යෙදවූවේ නැහැ. හරියට යෙදවූවා නම් ආසාදිතයන් අඩුවී මරණ අඩුවෙන්න ඕනෑ. සංඛ්‍යාලේඛනවල අඩුවීමක් තියෙන්නේ පී.සී.ආර්. අඩුකිරීම නිසා කියලා අපි දන්නවා. ආණ්ඩුව කරන්නේ කොවිඩ් පාලනය නොවෙයි. ඔවුන්ගේ දේශපාලන අවශ්‍යතා සඳහා කොවිඩ් යොදා ගැනීමයි. ජනතාවගේ ප්‍රශ්න ගැන හැඟීමක් නැති මෙවැනි ක්‍රෑර පාලනයක් පවතින බව ජනතාව අත්විඳිමින් ඉන්නේ. මේ තුළින් ජනතාවට දේශපාලන පාඩම් ගොඩක් කියලා දෙනවා. මේ තත්වය වෙනස් කරන්න මැදිහත් විය යුත්තේ කොහොමද කියලා මේ තත්වය තුළින් කියා දෙනවා. අමාරුවෙන් හරි මේ තත්වය තුළ ඉගෙනගෙන වෙනස් කරන්න මැදිහත් විය යුතුයි කියලා අපි අවධාරණය කරනවා.
අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පාසැල්වල සිට විශ්වවිද්‍යාල දක්වා විශාල අර්බුද ප්‍රමාණයක් තිබෙනවා. තාක්‍ෂණික ප්‍රශ්න නිසාම නෙවෙයි. අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ අසමානතා කොවිඩ් කාලය තුළ සීග්‍රයෙන් වර්ධනය වෙනවා. රජය ඊට දෙන එකම පිළිතුර ඔන්ලයින් අධ්‍යාපනය විතරයි. ප්‍රායෝගික ප්‍රශ්න සහ තාක්‍ෂණික ප්‍රශ්න ගැන කිසිම අවධානයක් නැහැ. මේ වෙලාවේ අවශ්‍ය දුරස්ථ අධ්‍යාපනය. දුරස්ථ අධ්‍යාපනය සහ ඔන්ලයින් අධ්‍යාපනය අතර ලොකු වෙනසක් තියෙනවා.ඒ වෙනස තේරුම් ගන්නවත් අධ්‍යාපන ඇමතිවරයාට හැකියාවක් නැහැ කියන එක ඔප්පු වෙනවා. දුරස්ථ අධ්‍යාපනයට ක්‍රමවේද කිහිපයක් පාවිච්චි කරන්න පුළුවන්. රූපවාහිනිය, රේඩියෝව සහ නවීන වෙනත් ක්‍රමවේද යොදා ගන්න පුළුවන්. ළමයින්ගේ වයසට සුදුසු සහ පවතින අර්බුදයට ගැලපෙන විදිහට අධ්‍යාපනය ලබාදෙන්න පුළුවන්. නමුත් අවුරුදු එක හමාරක් පුරා මේ අධ්‍යාපනයෙන් ඉතිරි කරලා තියෙන්නේ ළමුන්ට, ගුරුවරුන්ට සහ දෙමාපියන්ට ලොකු බරක් සහ වේදනාවක් විතරයි. වහාම මැදිහත් වී අත්හැරී තිබෙන අධ්‍යාපනය ගැනත් සංවේදී වෙන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා.
විෂය නිර්දේශ වෙනස් කළ යුතු නම් එය කරන්න වෙනවා. විභාග පවත්වන කාල වෙනස් කළ යුතු නම් කළ යුතුයි. විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ ක්‍රමවේද ගැන නැවත හිතා බලන්න වෙනවා. ඒ වගේ හැම ක්‍ෂේත්‍රයක් ගැනම අවධානයක් යොමු කරන්න ඕනෑ. එසේ නොකිරීමෙන් අපේ තරුණ පරපුරට බරපතල අසාධාරණය ආණ්ඩුව විසින් කරමින් ඉන්නවා. පවතින අධ්‍යාපනයේ මේ බරපතළ ප්‍රශ්න පවතිද්දී කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. රනිල්, මෛත්‍රී ආණ්ඩුව මේ පනත ගෙනා වෙලාවේ පැන නැගුණු විරෝධය නිසා පාර්ලිමේන්තුවේ සභාගත කළේ නැහැ. නමුත් මේ ආණ්ඩුව නැවත එය ගෙනත් තිබෙනවා. මේ පනත තුළින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට සමාන්තරව ත්‍රිවිධ හමුදාවේ පාලනය යටතේ උසස් අධ්‍යාපන පරිපාලන යාන්ත්‍රණයක් ඇති කරනවා. එය කොතලාවල විශ්වවිද්‍යාලයට විතරක් නෙවෙයි. වෙනත් උපාධි පිරිනමන ආයතනවලට ඉඩ ලබා දෙනවා. පාසැල් පවා පවත්වාගෙන යන්න ඉඩ ලබා දෙනවා. ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ මෙරට ස්ථාපිත කරන්න සූදානම් වෙනවා.
මේ තුළින් අධ්‍යාපනය මිලිටරිකරණය වෙනවා. ලෝකයේ කොහේවත් අධ්‍යාපනය හමුදාවකට බාර දෙන්නේ නැහැ. හමුදාවට අවශ්‍ය පුහුණුවීම් කරන්න වෙනම ආයතන පවත්වාගෙන යෑම ගැටලුවක් නැහැ. නමුත් සිවිල් ජනතාවට අධ්‍යාපනය ලබාදීමට හමුදාව යෙදවීම තුළින් අධ්‍යාපනය විකෘති වෙනවා. උසස් අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වෙන අරමුණු කරා කිසිසේත්ම යන්න බැහැ. අනෙක් පැත්තෙන් මහජන මුදලින් පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතියක් පවත්වාගෙන යන්නත් සූදානම් වෙනවා. නමුත් ශිෂ්‍යයන්ගෙන් මුදල් අය කිරීමත් සිදු කරනවා. මෙය නිදහස් අධ්‍යාපනයට පටහැණි ව්‍යූහයක්. මේ ප්‍රශ්න සියල්ල මැද්දේ ගෙනත් තිබෙන මේ පනත වහාම හකුළා ගන්න කියලා අපි බල කරනවා. එයට විරුද්ධ වන ලෙස වෘත්තීය සමිති ඇතුළු සියලු සංවිධානවලින් සහ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා.”
ජාතික ජන බලවේගයේ මෙහෙයුම් මණ්ඩල සාමාජික මහින්ද රත්නායක,
“දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ ලෝකයේ ආධිපත්‍යය එක්සත් ජනපදය ඇතුළු බටහිර අධිරාජ්‍යවාදීන් පවත්වාගෙන ආවා. මේ ආධිපත්‍යයට චීනය අභියෝග කරමින් ඉන්නවා. මේ අවස්ථාවේ අපි වාගේ රටවල් කළ යුතු වෙන්නේ මේ බල අරගලයට මැදිහත් නොවී සිටීමයි. නමුත් චීනයේ එක් තීරයක්-එක් මාවතක් සැලැස්මට මැදපෙරදිග ඉරානය සහ දකුණු ආසියාවේ ලංකාව ඇතුළත් වෙනවා. ඒ වෙනුවෙන් ටි්‍රලියන 04ක් චීනය වැය කරනවා. ලෝක බල කේන්ද්‍රය මාරු වීමේ ගමන් මගක් දැන් තියෙන්නේ. ලංකාවට මේක වෙනස් කරන්න බැහැ. එය අපේ කැමැත්තෙන් පරිබාහිරව සිද්ධ වෙන දෙයක්. නමුත් අපේ සංවර්ධන උපායමාර්ග, විදේශ ප්‍රතිපත්තිය, සැලසුම් කරමින් මේවාට හසු නොවී ඉදිරියට යන්න පුළුවන්. නමුත් රාජපක්‍ෂ පරම්පරාවට එහෙම අදහසක් නැහැ. චීනයේ ව්‍යාපෘති රැසක් ගෙනත් තිබුණත් ඒ එකකින්වත් ජනතාවට ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ, කන්කසන්තරේ සම්මන්ත්‍රණ ශාලාව, පෝට් සිටිය මේ ආදී සියල්ලෙන් අපේ පරම්පරාවට නෙවෙයි, පරම්පරා ගණනාවකට ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ.
චීන සමාගම්වලින් රාජපක්‍ෂවරුන්ට අල්ලස් දීම සම්බන්ධයෙන් චෙක්පත් අංක, නිකුත් කළ අංක, දින ආදී සියලු විස්තර අනුර සහෝදරයා පාර්ලිමේන්තුවේදී හෙළි කරලා තියෙන්නේ. ලෝකයේ කිසිම රටක් පාලක පංතියට මේ වගේ කප්පම් දීලා නැහැ. මේ ආකාරයට අපේ රට චීනයේ මුරපොළක් හැටියට පවත්වාගෙන යනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අර්ධ මිලිටරි පරිපාලනයක් පිහිටුවමින් මුරපොළ ශක්තිමත් කරන්න කටයුතු කරනවා. මේකට විරුද්ධව ඇමරිකාවත් ඉන්දියාවත් පසුගිය සති තුන තුළ ප්‍රධාන තීන්දු ගණනාවක් ගත්තා. මුලින්ම ඊශ්‍රායලයේ බෙන්ජමින් නෙත්යාහු ඉවත් කළා. දෙවැනි පියවර හැටියට ජී-7 කණ්ඩායම කැඳවා චීනයට තරඟයක් දීම සඳහා එකඟත්වයකට ආවා. ඊළඟට යුද පෙරමුණ හැටියට ක්‍රියා කරන නේටෝ සංවිධානය කැඳෙව්වා. ඊට අමතරව රුසියාවේ පූටින් හමුවී න්‍යෂ්ටික බලය පිළිබඳව සාකච්ඡා කළා. මේ ක්‍රියාදාමයට පස්සේ ඉන්දියාව ලංකාවේ චීන හැසිරීම් බලන්න ඩ්‍රෝන යාත්‍රා මිලදී ගන්න සූදානම් වෙනවා. ඒ වගේම ප්‍රංශයෙන් ප්‍රහාරක යානා ඇනවුම් කළා. මේ අතරතුර යුරෝපා සංගමය රැස්වෙලා ලංකාවේ සිවිල් පරිපාලනය බිඳ වැටීම සහ මෙරට මානව හිමිකම් කඩකිරීම පිළිබඳව විරෝධය දක්වමින් යෝජනාවක් සම්මත කරගත්තා.
මේ යෝජනා සම්මතය නිසා ජී.එස්.පී. ප්ලස් සහනය නැතිවීමේ අනතුරක් දැන් තියෙනවා. මීට මුහුණ දීම සඳහා නාමල් රාජපක්‍ෂ මැදිහත් වී එල්.ටී.ටී.ඊ. සිරකරුවන් නිදහස් කරන බව කීවා. ඒ අනුව 24වැනිදා සිරකරුවන් කොටසක් නිදහස් කළා. නමුත් ඒ අය මාස කිහිපයක් ඇතුළත නිදහස් වෙන්න නියමිතව සිටි අය බව වාර්තා වෙනවා. නමුත් මේ අය ඉල්ලන්නේ නඩු නැත්නම් සියලු දෙනා නිදහස් කරන්න කියලයි. එල්.ටී.ටී.ඊ. සැකකරුවෝ වුණාට හිටපු නායකයෝ ඔක්කොම එළියේ ඉන්නේ. ප්‍රභාකරන් ළඟට හිටපු ඊළඟ නායකයා ළඟ තිබුණු වස්තු සම්භාරයට මොකද වුණේ කියලා කවුරුත් දන්නේ නැහැ. මේ තත්වය යටතේ ආණ්ඩුවට විරුද්ධව ජාත්‍යන්තර දේශපාලන බලපෑම් විතරක් නෙවෙයි යුදමය බලපෑම් පවා එල්ල වෙන්න ඉඩකඩ තිබෙනවා. ඒ නිසා රට ජාත්‍යන්තර බල අරගලයේ ගොදුරක් බවට රාජපක්‍ෂලා විසින් පාවා දීලා තියෙන්නේ. ප්‍රභාකරන් මිය ගියාට මේ රටට ඔහුගේ යුද උමතුවේ සාපය දකුණේ මිනිස්සුන්ගේ මනසට දීලයි ගියේ. රනිල්-මෛත්‍රී කරපු පිස්සුව නිසා දකුණේ බහුතරයක් කල්පනා කළේ යුද්ධය ජයග්‍රහණය කරපු අයට රට ජයග්‍රහණය කරවන්න පුළුවන් කියලා. එහෙම පුළුවන් නම් පකිස්ථානය, බුරුමය දියුණු වෙන්න ඕනෑ. හමුදා පාලනයකට පුළුවන් වන්නේ මිනිස්සු බය කරලා තියා ගන්න විතරයි.
රටක් දියුණු කරන්න නම් සිවිල් සමාජය සහභාගි වෙන්න ඕනෑ. සිවිල් සමාජය බය කරලා, නිවාස අඩස්සියේ තියලා රටක් දියුණු කරන්න බැහැ. අද වෙනකොට දාලා තියෙන සංචරණ සීමාවලින් මේ රටේ එදිනෙදා වියදම් හොයා ගන්නා 40%ක් ජනතාව පීඩාවට පත්වෙලා ඉන්නේ. ගොවියන්ගේ නිෂ්පාදන විකිණෙන්න නම් මිනිස්සු අතේ සල්ලි තියෙන්න ඕනෑ. නමුත් මේ වෙනකොට ආර්ථිකය සම්පූර්ණයෙන්ම එකතැන නතර වෙලා තියෙන්නෙ. මිනිස්සු අතේ සල්ලි නැහැ. ඒ අතරේ මහ බැංකුවේ නියෝගයක් අනුව තෙල් මිල වැඩි කළ බව හෙළි වෙනවා. වැඩි නොකළොත් රටේ බැංකු පද්ධතිය කඩා වැටෙන බවට අනතුරු ඇඟවූ බව කියනවා. මේ තොරතුරු හෙළිදරව් වී බැංකුවලින් සල්ලි ගන්න මිනිස්සු පොරකෑවොත් බැංකු පද්ධතිය කඩා වැටෙනවා. මේ සියල්ල මැද්දේ ආණ්ඩුවට යන එනමං නැතිවී එක කොටසක් තව කොටසකට විරුද්ධව පෙළගැහෙනවා. ඒ අනුව වෙන මාවතකට යන්න පුළුවන්ද බලනවා. එක ඉඟියක් තියෙනවා, අයි.එම්.එෆ්. එකත් එක්ක යන්න. ඒ ගොල්ලෝ අඩු පොලියට ණය දෙන්නේ සියලු දේවල් පෞද්ගලිකකරණය කිරීමේ පැකේජ් එකත් එක්ක. ජනතාවගේ සහන කප්පාදුවත් එක්ක. චීනය සූරාගෙන කනවා වගේ තමයි ඒ ගොල්ලොත් සූරාගෙන කන්නේ.
බැසිල්ගේ පැමිණීම සහ රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පැමිණීම එකම ලයින් එකේ වැඩක්. නමුත් ජාතික ජන බලවේගය හැටියට අපි හඳුනාගන තියෙන්නේ මේ දෙගොල්ලගේම සැලසුම් එකක් බව. චීනය සූරා කනවා වගේම අයි.එම්.එෆ්. එක ජනතාවගේ පටි තද කරගන්න කියලා නියෝග පනවනවා. ජාතික ජන බලවේගයේ අපි කියන්නේ ජනතාවට ප්‍රතිලාභ ලැබෙන සංවර්ධන මාවතකට රට යොමු කරන්නයි. ජනතාව රාජපක්‍ෂලාගෙන් සංවර්ධනයක් බලාපොරොත්තු වෙනවා නම් චීනයේ ගොඩනැගිලිවල ලස්සන බල බලා ඉන්න පුළුවන්. නොනිල රාජපක්‍ෂ රජ පවුලේ සංකේතයක් වන නෙළුම් කුළුණ ශිවලිංගයක් වගේ වන්දනා කරන්නත් පුළුවන්. නමුත් ඒ කිසිවක ප්‍රතිලාභ ජනතාවට ලැබෙන්නේ නැහැ. මේ රටේ සංවර්ධන සැලැස්මක් කියලා ඔවුන් යෝජනා කරන්නේ වැඩියෙන් කොමිස් කුට්ටි ලැබෙන ව්‍යාපෘතියි. ජනතාවට කිසිම ප්‍රතිලාභයක් නැහැ. ජනතාව පරම්පරා ගණනාවක් ණය ගෙවන්න ඕනෑ. ඒ නිසා මේ දෙගොල්ලගේ මේ දුර්දාන්ත පාලනයන් වෙනුවට ජාතික ජන බලවේගය වටා ඒකරාශි වෙමින් ඒකරාශී වන ලෙස ඉල්ලා සිටිනවා.”
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්…
“අපි මුලදිත් පැහැදිලි කළේ පුද්ගලයෙකුට මේ ප්‍රශ්නවලින් රට ගොඩ ගන්න
බැහැ කියලයි. බැසිල් රාජපක්‍ෂ මෙහේ ඉඳලනේ ගියේ. ජනාධිපති කාර්ය සාධක බලකායේ
වගකීම් ගොඩක් දීලයි තිබුණේ. ඔහු මාසයක් මේ රටේ නොහිටි නිසාද මේ ප්‍රශ්න
මතුවුණේ? එහෙම නෙවෙයි. මෙතන තියෙන්නේ ආණ්ඩුවේ සියලු දෙනාගේ ප්‍රශ්නයක්.
ප්‍රතිපත්තිවල ප්‍රශ්නයක්. මේ තියෙන බැරෑරුම් ප්‍රශ්නවලට බැසිල් රාජපක්‍ෂ
එනවා කියලා විසඳුම් ලැබෙන්නේ නැහැ. බැසිල් රාජපක්‍ෂ කොහොමද පාර්ලිමේන්තු
ආවා කියලා තෙල් මිල පාලනය කරන්නේ? කැබිනට් මණ්ඩලයට, විෂය භාර ඇමතිට,
ජනාධිපතිට එහා බලයක් බැසිල් රාජපක්‍ෂට තිබුණාද? ඒ මත දැක්වීම් තාර්කික
නැහැ. ආණ්ඩුවේ පිරිහීමත් එක්ක ඔවුන් විකාර වෙලා ඉන්නේ. අපිව සනසන්න එක එක
ඒවා දානවා. ජනාධිපතිවරයා ජනතාව ඇමතුවා කියලා ඔක්කොම ප්‍රශ්න විසඳෙනවාද?
එහෙම විසඳන්න බැහැ. දැක්මක් තියෙන්න ඕනෑ. වැඩපිළිවෙළක් තියෙන්න ඕනෑ. ඩීල්
ගහ ගහා එදිනෙදා උත්තර හොයන ක්‍රමයක් නිසා තමයි අපි මේ තත්වයට වැටිලා
තියෙන්නේ.
බැසිල් රාජපක්‍ෂ පාර්ලිමේන්තුවට ඇවිත් කැබිනට් ඇමතිකමකුත්
හිමි කර ගනීවි. ඔය ලණු අපි ආයෙත් කන්නද යන්නේ? ජනමාධ්‍ය හැටියට ඔය ලණු
ප්‍රවර්ධනය කිරීමෙන් වැළකී හිටියොත් හොඳයි කියලා අපි හිතන්නේ. අපි ලණු කෑවා
ඇති. නාටක තිරගත කරලා අපේ ඇත්ත ප්‍රශ්න යට ගහනවා. රනිල් වික්‍රමසිංහ
මහත්මයාත් ආපහු පාර්ලිමේන්තුවට ආවේ ඔවුන්ගේ මොනව හරි සැලසුම් ඇති. අවුරුදු
72ක් තිස්සේ ඔය සැලසුම්වලින් රට මේ තත්වයට වැටුණනේ. ඩීල් දේශපාලනයේ ඔය ලණු
කන්න එපා කියලයි අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ආණ්ඩුව අයි.එම්.එෆ්. එක
පැත්තට හැරෙන්න උත්සාහ කරනවා. මේ ප්‍රොජෙක්ට් එකේ රනිල් වික්‍රමසිංහත්
ඉන්නවා. බැසිල් රාජපක්‍ෂත් ඉන්නවා. ඊට අමතරව මිලින්ද මොරගොඩත් ඉන්නවා. චීන
ආර්ථික මොඩල් එකෙන්වත් අයි.එම්.එෆ්. මොඩල් එකෙන්වත් මේ රට සංවර්ධනය කරන්න
බැහැ. රනිල් වික්‍රමසිංහත් එක්ක ජාතික ආණ්ඩුවත් පිහිටුවා ගන්න උත්සාහ කරයි.
නමුත් මේ මාවතේ තවදුරටත් ඉදිරියට යන්න බැහැ. ඒ වෙනුවට ජාතික ජන බලවේගයේ
ඉදිරිපත් කර තිබෙන විකල්ප මාවත වටා ඒකරාශී වන්නැයි අපි ඉල්ලා සිටිනවා.”
The statement issued by the Presidential Media Unit that Rs. 19.4 million has been spent on the purchase of 10 ambulances using the covid fund under the President is a false one, said NPP Parliamentarian Vijitha Herath in Parliament yesterday (23rd).He further stated that although it has been stated that 10 ambulances have been procured […]
The statement issued by the Presidential Media Unit that Rs. 19.4 million has been spent on the purchase of 10 ambulances using the covid fund under the President is a false one, said NPP Parliamentarian Vijitha Herath in Parliament yesterday (23rd).
He further stated that although it has been stated that 10 ambulances have been procured as per the announcement issued by the Presidential Media Unit, the Minister of Health Pavithra Wanniarachchi has made a contradictory statement in Parliament. The Minister of Health has stated that the procurement of ambulances from the fund has not been completed yet.
ආණ්ඩුව වටේත් කොවිඩ් මර්දන කමිටුවලත් සිටින්නේ විකට චරිත බවත් නිසි වැඩපිළිවෙළක් තිබේ නම් කොවිඩ් මර්දනය කළ හැකි බවත් විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන පවසයි.එමෙන්ම කොවිඩ් පාලනයට ආණ්ඩුවට ටාර්ගට් එකක් හෝ වැඩපිළිවෙළක් නොමැති අතර ආණ්ඩුව ඉදිරිපත් කරපු වැඩපිළිවෙළවල් විවිධ කමිටු සියල්ල අද වන විට අසමත් වී ඇති අතර ආණ්ඩුවේ නොහැකියාව මකාගැනීමට නිලධාරීන් මාරු කරමින් ඔවුන්ට චෝදනා […]
ආණ්ඩුව වටේත් කොවිඩ් මර්දන කමිටුවලත් සිටින්නේ විකට චරිත බවත් නිසි වැඩපිළිවෙළක් තිබේ නම් කොවිඩ් මර්දනය කළ හැකි බවත් විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන පවසයි.එමෙන්ම කොවිඩ් පාලනයට ආණ්ඩුවට ටාර්ගට් එකක් හෝ වැඩපිළිවෙළක් නොමැති අතර ආණ්ඩුව ඉදිරිපත් කරපු වැඩපිළිවෙළවල් විවිධ කමිටු සියල්ල අද වන විට අසමත් වී ඇති අතර ආණ්ඩුවේ නොහැකියාව මකාගැනීමට නිලධාරීන් මාරු කරමින් ඔවුන්ට චෝදනා කරන බවද ඒ මහතා පෙන්වා දෙයි.ජාතික ජන බලවේගයේ විද්වත් සංවිධානය විසින් පසුගියදා කොළඹ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවැසූ අතර වැඩිදුරටත් පළ කළ අදහස් මෙසේය.සංචරණ සීමා පනවලා මාසයක් පමණ වෙනවා. එහෙත් මේ වෙද්දී රෝගීන් ප්‍රමාණය හෝ මරණ සංඛ්‍යාව අඩුවෙලා නැහැ. ඒ වගේම දත්ත පිළිබඳ විශාල අවිශ්වාසයක් තිබෙනවා. කොවිඩ් සමඟ වසර දෙකක් වෙන්න එනවා. රෝග බිය මරණ බිය ඇතිවෙලා. බඩු මිල දරාගන්න බැහැ. ගොවියා ධීවරයා අසරණ වෙලා. පරිසරය සුරැකීමට වැඩපිළිවෙළක් නැහැ. ඉන්ධන මිල වැඩිවෙලා. මේ හැමදෙයින් ජනතාව පීඩාවට පත්වෙලා. ඒ අතර මේ කොවිඩ් වසංගතයේ නිමාවක් දකින්නේ කවදද යන්න ගැන ජනතාවට නිශ්චිත අදහසක් නැහැ. ඒ අතර අනෙක් පැත්තෙන් විවිධ අණපනත් සම්මත කරගනිමින් රට විකුණමින් යනවා. රට මිලිටරිකරණය කරමින් යනවා. අපි එදා ඉඳන්ම කිව්වා කොවිඩ් පාලනයට නිසි වැඩපිළිවෙළක් නැහැ කියලා. අදත් නැහැ. කොවිඩ් පාලනයට ආණ්ඩුවට ටාර්ගට් එකක් නැහැ. වැඩපිළිවෙළක් නැහැ. ආණ්ඩුව ඉදිරිපත් කරපු වැඩපිළිවෙළවල් විවිධ කමිටු සියල්ල අසමත් වෙලා. ඒ අතර ආණ්ඩුවේ නොහැකියාව මකාගන්න නිලධාරීන්ට චෝදනා කරනවා. නිලධාරීන් මාරු කරනවා. මේ වනවිටත් වසංගත රෝග අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මාරු කරලා. අපි හිතනවා වසංගත රෝග විද්‍යා අංශය තීරණ ගන්නේ සාමූහිකව කියලා. කොවිඩ්වලට නායකත්වය දිය යුත්තේ වසංගත රෝග විද්‍යා අංශයයි. අඩුපාඩු මඟහරවා ගැනීම ආණ්ඩුවේ වගකීමක්. නිලධාරීන් පිට වරද පටවලා ආණ්ඩුවේ නොහැකියාව වසාගන්න හදන උත්සාහය අපි හෙළාදකිනවා. නිලධාරීන්ට ඇඟිල්ල දිගු කරනවා නම් පළමුවැනියට මාරු කළයුත්තේ ශවේන්ද්‍ර සිල්වායි. මොකද ඔහු සෞඛ්‍ය පිළිබඳ විශේෂඥයෙක් නෙවෙයි. එතනම ප්‍රශ්නයක් තිබෙනවා. නමුත් අද මේ ආණ්ඩුව වටේ, කොවිඩ් මර්දන බළකාය වටේ ඉන්නේ ෆ්‍රෙඩී සිල්වා විතරක් නෙවෙයි. සැමුවෙල්, බර්ටි, ඇනෙස්ලි වගේ මේ රටේ හිටපු ප්‍රකට විකට නළුවන්ගේ චරිත රඟපාන අයයි. විවිධ බැටලු හම්පොරවගත් වෘකයන් ඉන්නවා. ඔවුන් ගැන තමයි ආණ්ඩුව සැලකිල්ලට ලක් කළ යුත්තේ. කොවිඩ් පාලනය හැමෝටම කරන්න බැහැ. මේ ආණ්ඩුවට කොවිඩ් මර්දනය පිළිබඳ ටාර්ගට් එකක් වැඩපිළිවෙළක් නැහැ. ඒ නිසා අපේ රටේ කොවිඩ් මර්දන වැඩපිළිවෙළ ප්‍රතිසංවිධානය කළ යුතුව තිබෙනවා. ජාතික මට්ටමින් පළාත් මට්ටමින් දිස්ත්‍රික්ක මට්ටමින් වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. එවිට තමයි නිවැරදි දත්ත ලබාගත හැක්කේ. දැන් තිබෙන සිස්ටම් සියල්ල ෆේල් වෙලා. නිවැරදි වැඩපිළිවෙළක් තිබෙනවා නම් අපිට කොවිඩ් මර්දනය කරන්න පුළුවන්.ජාතික විද්වත් සංවිධානයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහකොවිඩ් වැනි වසංගතයක් පාලනය කිරීම ලෙහෙසි කාර්යයක් නෙවෙයි. එක් රෝගියෙක් නම් එක් විශේෂඥ වෛද්‍යවරයෙක් හෝ කිහිපදෙනෙක් සමඟ එම රෝගියා ගැන තීරණයක් ගන්න පුළුවන්. නමුත් වසංගතයක් වෙලාවේදී තීන්දු තීරණ ගත යුත්තේ සමාජයක් විධියටයි. රටක් විධියට තීන්දු තීරණ ගැනීමේදී එය වඩා විධිමත් විය යුතුයි. ඒ වගේම දැනුම, දත්ත තොරතුරු අවබෝධය අත්දැකීම් සියල්ල අවශ්‍යයි. ඊට මැදිහත් වෙන සියලු පුද්ගලයන්ට දැනුම, අවබෝධය, කුසලතාව මෙන්ම අත්දැකීම් තියෙන්න ඕනෑ. ගන්නා තීන්දු තීරණ විශාල පිරිසකගේ ජන ජීවිතයට බලපානවා. ඒ නිසා තීන්දු තීරණ ගන්නා අය එම තීන්දු පිළිබඳ වගකීම ගන්න ඕනෑ. අපිට පමණක් නෙවෙයි මුළු ලෝකයටම කොවිඩ් අභියෝගයක්. ඒ නිසා අපි ගන්නා තීරණ සත්‍ය කරුණු මත පදනම්ව ගන්න ඕනෑ. ඒ සඳහා නිවැරදි දත්ත තියෙන්න ඕනෑ. ඒ වගේම ගන්නා තීන්දු ජනතාවට පැහැදිලි කරන්න ඕනෑ. මාසයකට කලින් සංචරණ සීමා පනවනවා කියලා තීරණයක් ගත්තා. ඒ ගැන ජනතාව දැනගන්න ඕනෑ. පුද්ගලයකුට පවුලකට ඒ ගැන අවබෝධයක් ලබාදිය යුතුයි. එවිට තමයි රෝගය පාලනය කර ගත හැක්කේ. ඒ නිසා තීන්දු තීරණ ගැනීම පමණක් ප්‍රමාණවත් නැහැ. ජනතාවටත් ඒ තීරණ ගැන පූර්ණ අවබෝධයක් ලැබෙන්න ඕනෑ. ජනතාව එම තීරණවලට එකඟ වීමට පරිසරය ගොඩනඟන්න ඕනෑ. ආහාර පාන ලබාගැනීම ගැන, දරුවන්ගේ අධ්‍යාපනය ගැන ක්‍රමවේදයක් තිබිය යුතුයි. ඒ සඳහා තමයි ආණ්ඩුවක් තියෙන්නේ. වසංගතය නිසා ඇති වෙන සියලු දේ වෙනුවෙන් කළමනාකරණයක් කරන්න තමයි රජයක් වුවමනා වන්නේ. නමුත් දැන් ආණ්ඩුව ගන්නා තීන්දු තීරණ ජනතාව තුළ ව්‍යාකූලත්වයක් නිර්මාණය කරලා. පවුලේ පැවැත්මට එය බලපාලා තිබෙනවා. නොයෙකුත් කණ්ඩායම් මේ සඳහා විවිධ උපදෙස් ලබාදෙනවා. සිවිල් සංවිධාන, වෘත්තීය සමිති, දේශපාලකයෝ සියල්ල උපදෙස් දෙනවා. මේ සියලු උපදෙස් ලබාගෙන නිවැරදි තීරණ ගන්නා විශේෂඥ කණ්ඩායමක් සිටිය යුතුයි. එම කණ්ඩායමේ වසංගත රෝග විශේෂඥයන්, මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරු, සායනික අංශයේ වෛද්‍යවරු, සමාජ විද්‍යාඥයන්, චර්යාවන් පිළිබඳ අධ්‍යයනය කරන විද්‍යාඥයන්, නීතිඥයෝ ආර්ථික විද්‍යාඥයෝ සිටිය යුතුයි. මේ සියලු දෙනාගෙන් සමන්විත කණ්ඩායමක් විසින් තමයි තීරණ ගත යුත්තේ. මේ වගේ වසංගත අවස්ථාවක සුළු අඩුපාඩු තිබිය හැකියි. නමුත් විශේෂඥ කණ්ඩායමක් විසින් ගන්නා තීන්දු තීරණ තමයි රට තුළ ක්‍රියාත්මක කළ යුත්තේ. එම කාර්ය තමයි රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය භාරගත යුත්තේ. එසේ නැතිව මෙවැනි වසංගතයක් පාලනය කිරීම ලෙහෙසි කටයුත්තක් නෙවෙයි. ඒ වගේම දැන් සියලු තීන්දු ගන්නේ මධ්‍යගතවයි. නමුත් අපේ රටේ දිස්ත්‍රික්කවල විවිධ වෙනස්කම් තිබෙනවා. ජීවත්වෙන ජනතාවගේ තත්ත්වයන් වෙනස්. රෝහල් පහසුකම්, පොදු පහසුකම්, අධ්‍යාපනික පහසුකම්, මානව සම්පත් වෙනස්. එනිසා තීන්දු මධ්‍යගතව ගත්තත් ඒ ඒ දිස්ත්‍රික්කවලට බලපාන තීරණ ක්‍රියාත්මක කළ යුත්තේ විමධ්‍යගතවයි. ඒ ඒ ප්‍රදේශවල පරිපාලන නිලධාරීන්ට විශේෂඥයන්ට පහසු වෙන්නේ එවැනි ක්‍රමවේදයක් අනුවයි. කොළඹ ඉන්න අයට අම්පාර, මොනරාගල, වවුනියාව සිටින ජනයගේ හැසිරීම අවශ්‍යතා තේරෙනවාට වැඩිය ඒ ඒ ප්‍රදේශයේ කණ්ඩායම්වලට තමයි එය තේරුම් ගැනීම පහසු වන්නෙ. ඒ වගේම ගෝලීය වශයෙන් මේ වංසගතය ගැන විශාල අත්දැකීම් ප්‍රමාණයක් තිබෙනවා. ඒ අත්දැකීම් අපි ප්‍රයෝජනයට ගත යුතුයි. බොහෝ දෙනෙක් දන්නවා 2002, 2003 සාර්ස් කියලා වසංගතයක් පැතිරුණා. ඒ වසංගතය පිළිබඳ අත්දැකීම් ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකයේ රටවල් සමඟ බෙදාහදා ගත්තා. ඒ නිසා දැනටත් අපි දන්නවා මෙවැනි වසංගතයකට මුහුණ දෙන්නේ කොහොමද කියලා. පළමුවැනි එක තමයි සියලු කරුණු සම්බන්ධයෙන් හොඳ සන්නිවේදනයක් අවශ්‍යයි. තොරතුරු මත පදනම් වෙලා ලබාගන්න දත්ත සියල්ල ජනතාව දැනගත යුතුයි. දේශපාලන සහ රාජ්‍ය මැදිහත්වීම ක්‍රමානුකූලව ලබාදිය යුතුයි. ඒ වගේම ජනතාව සහ මාධ්‍ය ලබාගන්නා කරුණු පිළිබඳව අධ්‍යයනය කළ හැකි වටපිටාවක් නිර්මාණය කළ යුතුයි. අනෙක් කරුණ වන්නේ සෞඛ්‍ය අංශ, ආහාර සුරක්ෂිතතාව, ප්‍රවාහනය වැනි දේවල් කළමනාකරණය කළ යුතුයි. දැනුම මත පදනම් වූ ක්‍රියාමාර්ග ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය රටවලට අවධාරණය කළා. ඒ වගේම ගන්නා තීන්දු තීරණ පිළිබඳව ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැඟිය යුතුයි. අනෙකුත් රටවල සහයෝගිතාව ලබාගෙන සාර්ථක වැඩපිළිවෙළක් රට තුළ ක්‍රියාත්මක කළ යුතුයි. මේ වසංගතය තුළත් චීනය, තායිවානය, තායිලන්තය, වියට්නාමය, කාම්බෝජය, ලාඕසය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව වැනි රටවල් මේ වසංගතය තුළ ඉගෙන ගත්තා. සාපේක්ෂව සාර්ථකව වසංගතය පාලනය කළා. නමුත් අපේ රටේ තවමත් වසංගතය පාලනය කරලා නැහැ. එයට හේතුව තීන්දු තීරණ ගැනීම විද්වත් කණ්ඩායමකට පවරා නැහැ. විද්වතුන්ට රජය ඇහුම්කන් දෙන බවක් පේන්නේ නැහැ. සාකච්ඡාවක් නැහැ. මේ කරුණු නිසා තමයි අපේ රටේ තවමත් දිනකට රෝගීන් 2500ක්, මරණ පනහක් පමණ වාර්තා වෙන්නේ. අපේ රට ප්‍රතිශක්තීකරණය සහ රෝග වැළැක්වීම පිළිබඳ ඉහළ ස්ථානයක තිබුණු රටක්. නමුත් කොවිඩ් නිසා අසාර්ථක රාජ්‍යයක් බවට පත්වෙමින් යනවා. එනිසා හැමදෙනාගේ සහාය ලබාගෙන නිවැරදි ක්‍රියාමාර්ග ගත යුතුයි. ජාතික විද්වත් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ හර්ෂණ නානායක්කාරඅපේ රට සිස්ටම් ෆේල් වුණු රටක්. මීට පෙර සිස්ටම් ෆේල් කිව්වට ඇස්දෙකෙන් දැක නැහැ. දැන් ඒක දකිනවා. ආණ්ඩුවේ නිසි කළමනාකරණයක් නැහැ. ඒ වගේම ජනතාවගේ සංවේදී ප්‍රශ්නවලට පිළිතුරු නැති අසමත් ආණ්ඩුවක් වෙලා. අපි පාවිච්චි කරන නිරෝධායන ආඥා පනත එක්දහස් අටසිය ගණන්වල එකක්. අඩුම තරමේ එය වෙනස් කරගෙන නැහැ තවම. එංගලන්තය වැනි රටවල් එම අණපනත් සංශෝධනය කර හදාගත්තා. අපි මොකක්ද කළේ. කොරෝනාව එනකොටම පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දය තිබ්බා. ඒ විතරක් නෙවෙයි ජනාධිපති වහසිබස් දෙඩුවා. හරිහැටි තත්ත්වය තේරුම් ගත්තේ නැහැ. ඇඳිරිනීතිය නිවේදන දාලා පනවන්න පටන් ගත්තා. ගැසට් ගැහුවෙ නැහැ. ඒක නීතියට පටහැනියි. ඒ නිසා මේ රටේ විශාල අවිශ්වාසයක් ගොඩනැඟිලා තියෙනවා. එක රටක් එක නීතියක් කිව්වට වෙනස් දේවල් තමයි සිදුවෙන්නේ. අද කියන දේ හෙට වෙනස් වෙනවා. මිනිස්සු මරණ බියෙන්, බඩගින්නෙන් ඉන්නවා.ඇතැම් අවස්ථාවල අපි දැක්කා පොලියෙන් ඇවිත් නිරෝධායන නීති කඩ කළා කියලා ජනතාව කුදලගෙන යනවා. සමහරුන්ගේ ඔළුවේ කැරම්බෝඩ් තියලා. තවත් ප්‍රවෘත්ති වාර්තා වුණා මාස්ක් නැතිව ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තාට පසු මියගියා කියලා. පහුවදා ගෙදර ආවේ පෙට්ටියෙන්. මේ වගේ ම්ලේච්ඡ සමාජයක් බවට පත්වෙලා. මේවා සිදුවෙන්නේ හරි නීති පද්ධතියක් නැති නිසා. එනිසා මේ බලය පැවැරෙන්නේ අදාළ බලධාරියාට මිසක් පොලිසියට නෙවෙයි. රටටම නම් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා. ප්‍රදේශයක් නම් එම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා. කොයිම වෙලාවකවත් පොලිසියට නිරෝධායන බලතල ලැබෙන්නේ නැහැ. නිරෝධායනය මිනිස්සුන්ට දඬුවම් දෙන්න පොලිසිය පාවිච්චි කරනවා. දඬුවම් දිය යුත්තේ උසාවියෙන්. ආසාදිත පුද්ගලයන් තමයි නිරෝධායන මධ්‍යස්ථානවලට යැවිය යුත්තේ.ඒ වගේම අපිට ලැබෙන දත්ත ගැන විශාල සැකයක් තිබෙනවා. මේ ආණ්ඩුව බලයට ආවේ නයි ගෙනල්ලා. ආණ්ඩුව බොරු කියලා ජනතාව රවට්ටනවා. ඒ වගේ ආණ්ඩුව හිතනවා කොරෝනාවත් බොරු කියලා රවට්ටන්න පුළුවන් කියලා. ලෝකයේ අනෙක් රටවල් වසංගතයට බෙහෙත් හොයද්දී අපේ රටේ මුට්ටි ගඟට දැම්මා. පැණි හදන්න යන්ත්‍ර බෙදුවා. ඇමැතිවරු පැණි ප්‍රමෝට් කළා. මිථ්‍යාව වැපුරුවා. ඒ ප්‍රතිඵලවලට තමයි අපි දැන් මුහුණ දෙන්නේ. ඒ වගේම මේ ආණ්ඩුවේ නොහැකියාව නිලධාරීන් මත පටවලා ඔවුන් මාරු කරන්න උත්සාහ කරනවා. සෞඛ්‍ය බලාගන්න ඇමැතිවරු තුන්දෙනෙක් ඉන්නවා. සෞඛ්‍ය නිලධාරීන් ඉන්නවා. එහෙම එකේ ආණ්ඩුව අපිට කියනවා කොරෝනාවලින් මැරෙන ගාණ හරියට ගණන් කර ගන්න බැහැ කියලා. නිවැරදි දත්ත සමාජයෙන් වසන්කරන්න දත්ත හංගනවා. බොරු දත්ත හදනවා. ඒ කියන බොරුවලට ඔවුන්ම රැවටුණාම තමයි මේ තත්ත්වයන් ඇතිවෙන්නේ. නිවැරදි දත්ත ආවා නම් ජනතාවට බරපතළකම තේරෙනවා. පසුගිය අප්‍රේල් මාසයේ ජනතාව රට වටේ ඇවිද්දේ ඇයි. ආණ්ඩුව තොරතුරු තිබියදී ජනතාවට දුන්නේ නැහැ. කොරෝනා බලවත් වයිරසයක් රට තුළ තිබෙනවා කියලා ආණ්ඩුවට තොරතුරු තිබුණා. ඡන්දෙ ඉල්ලන වෙලාවේ පෝස්ටර් හැම ලයිට් කණුවකම ගහනවා. නමුත් මේ වෙලාවේ ජනතාව දැනුවත් කරන්න, මෙහි බරපතළකම කියාදෙන්න ගත්ත පියවර මොකක්ද? තොරතුරු නොලැබීම නිසා ජනතාව බරපතළකම තේරුම් නොගැනීම හේතුවෙන් වසංගතය තවත් බරපතළ වෙන්න පුළුවන්. පෙට්රල් මිල වැඩි වුණා. කිරිපිටි මිල, ගෑස් මිල වැඩි වෙන්න නියමිතයි. ජනතාවට බඩු මිල දරාගන්න බැහැ. ස්වයං රැකියා කරන විශාල පිරිසකට තමන්ගෙ රැකියාව කරගන්න විධියක් නැහැ. මේ විධියට ගියොත් රටේ ආර්ථිකයත්, සෞඛ්‍යත් ගොඩගන්න බැරි වෙනවා. ඒ හැම දෙයක්ම තිබියදී මේ ආණ්ඩුවේ මානව හිමිකම් ආරක්ෂා නොකිරීම නිසා ජී.එස්.පී. සහනයත් නැති වෙන්න යනවා. මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අපේ රට විනාශ මුඛයට ඇද දමමින් යනවා. එන්නත්කරණයේදී ආණ්ඩුව සම්පූර්ණයෙන් අනාගත්තා. විද්‍යාත්මක වැඩපිළිවෙළක් නැහැ. මරණ සංඛ්‍යාව අඩු කරගන්න හෝ ආර්ථිකය ආරක්ෂා කරන්න නෙවෙයි එන්නත්කරණය යොදාගත්තේ. කිසිදු විද්‍යාත්මක පදනම් නැතිව ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගහන්න පටන් ගත්තා. කොළඹට ටිකයි, ගම්පහට ටිකයි. ඇමැති ඉල්ලුවොත් ඇමැතිගේ ගමට ටිකයි. මෙහෙම ආර්ථික අස්ථාවරත්වය හෝ සෞඛ්‍ය අස්ථාවරත්වය අවසන් කරන්න බැහැ. ඒනිසා අපි ජනාධිපතිට කියනවා ඔබතුමාට වසර පහකට රට භාරදුන්නා. කරුණාකරලා රට උකස් නොතියා ආපහු රට ජනතාවට භාරදෙන්න. රටේ සම්පත් විකුණන්න එපා. රට විනාශ කරන්න එපා. අපේ රට අගාධයට ඇද දාපු නායකයෙක් ලෙස ඉතිහාසගත වෙන්න එපා. ඒ වගේම ජනතාවට කියනවා මේ රට බේරගන්න පෙළගැහෙන්න කියලා. – අනුරාධා හේරත් (www.mawbima.lk)
By Harini Amarasuriya Over the past several days, the one question I have been asked most frequently has been: “Did you order a vehicle? Are you going to accept the luxury vehicle ordered by the Government for parliamentarians?” By now, the National People’s Power (NPP) has made its position clear on this issue. We feel […]
By Harini Amarasuriya
Over the past several days, the one question I have been asked most frequently has been: “Did you order a vehicle? Are you going to accept the luxury vehicle ordered by the Government for parliamentarians?” By now, the National People’s Power (NPP) has made its position clear on this issue. We feel that this is most certainly not a priority at this time and that the import of vehicles must be halted immediately. MP Anura Kumara Dissanayake, leader of the JVP, one of the political parties in the NPP and leader of our parliamentary group, made a detailed statement, questioning the entire deal and made two specific recommendations: either let the LC that has been opened lapse (it has been done previously) or sell the vehicles in an open auction and use the money for the COVID effort. However, the questions keep coming and public anger on this issue is palpable.
Certainly, various comments made by members of the Government have not helped. One minister claimed that since this will be purchased through a LC, the Government will not be spending the country’s money and that if the Government does not use the LC facility at this point, it would be a waste! That was an extraordinary display of downright ignorance at best or an incredible insult to the intelligence of the Sri Lankan public. Various others have been justifying the need for MPs to have vehicles to engage in work on behalf of the public. Some MPs, it was claimed are forced to travel by bus. One Minister complained that he only had three vehicles at his disposal and that they were of poor quality. Images of the luxurious vehicles currently used by MPs and Ministers circulating in the media made these spokespersons look out of touch, petulant and completely insensitive to the public mood at this time.
So why this public anger? The luxurious lifestyle of many public representatives (and their families) is not a new phenomenon, so why is this particular episode generating such public fury? Perhaps the timing of this issue has something to do with it. At a time when the general public is dealing with immense problems coping with COVID, the decision by the Government to export luxury vehicles for MPs is not just incomprehensible, but jaw-droppingly callous. We hear of the sufferings of COVID patients and medical professionals struggling to stretch inadequate resources on a daily basis. We are short of everything from beds to medication to oxygen. Travel restrictions have severely affected people’s livelihoods, especially those in the informal sector, those dependant on small businesses, those who are self-employed and on daily wages. The education of thousands of young people has been disrupted and families are struggling to provide online access to young people to access education. On top of the problems linked to the COVID pandemic, the sudden fertiliser ban has severe implications for the farming community. The X-Press Pearl ship tragedy has devastated the livelihoods of the fishing community. The Government seems unable or unwilling to deal with any of these problems, Parliament is unable or unwilling to do anything – so, naturally, the vehicle fiasco provided a perfect reason for the public to vent their anger on parliamentarians.
This issue is indicative however of a much larger issue: that is, the nature of public service, and the privileges and entitlements of public representatives. Elected representatives are expected to do a job and they must be provided with the resources to do their job. This could include a salary, staff and even a vehicle if necessary. However, what are the limits to these entitlements and how can elected representatives be held accountable for the perks of their job? In most developed democracies for instance, there are strict guidelines on how much an elected representative can spend or claim as expenses. These are publicly audited and the information is made available to the public. There have been many instances in different parts of the world where politicians have had to resign due to controversies over expenses or have been held to account. Most recently, the media reported how the Finnish Prime Minister is facing scrutiny over what she has claimed as expenses for breakfast while in her official residence. Yet, there are still problems with accountability and transparency, since many of these ‘perks’ and ‘entitlements’ are invisible to the public. For instance, how do you declare a luxury holiday paid for by your ‘good friend’ who is a wealthy businessperson?
Unfortunately, in Sri Lanka, we do not have even a minimum system of scrutiny and accountability on the entitlements and privileges of elected representatives. And it is not only elected representatives who are not subject to scrutiny, although they get away with much more than other public officers. For instance, what is the level of scrutiny and accountability of the privileges and entitlements of senior defence officers? There are huge gaps in the lifestyles of senior military officers and other positions in military. Most entitlements in the public sector are in the form of allowances – which are difficult to monitor. Yet, there has been little public scrutiny or discussion on these matters or an effort to implement a more transparent system of compensation within the public sector.
The issue of vehicles is in my view, quite unique to the Sri Lankan context. It is more a statement that about fulfilling a need. Obtaining a chauffeur driven car (fancier the better) is a sign of prestige and symbol of power. If you also have someone who opens doors for you and carries your belongings – so much the better. It shows the world that you are Somebody Important, someone with Power. If not, what is the purpose for anyone who barely qualified as a VIP to be provided with security? Even Vice-Chancellors of universities have security to fling open doors for them and to stand outside their office presumably to protect them from obstreperous students and eccentric colleagues! And let us not forget that this is twelve years after the war ended! When VIPs (and I use the term VIP extremely liberally here) are provided with security, is this based on a risk assessment? If not, then what is the justification?
The image of power that these trappings (fancy car, chauffeur, security, etc.) communicate is in my view inextricably linked to the culture of political patronage, the idea of the politician or Important Person as patron to the less powerful. It is linked to the idea of the politician as patron who distributes largesse to his or her loyal supporters. Hence the list of honorifics that are compulsory when introducing a speaker or guest at an event in this country; the pomp and pageantry that accompanies every event; the ugly spectacle of young people falling on their knees to worship adults that they barely know, let alone respect. These symbols and displays of power are as important to the receiver as much as the audience. We look to politicians to distribute favours in return for our support. We like politicians who are larger than life, who stand out from the crowd and who throw their weight around. As a politician representing a party that has tried to do things differently, I know that we have certainly not won any extra points (or votes) for the fact that we have rejected many of the privileges to which we are entitled or because we play by the rules and expect our supporters to play by the rules as well!
Public outrage that has erupted over the vehicle fiasco of this Government, is in my view, a good opportunity to reflect on how we, the public, also feed the sense of entitlement and privilege that politicians feel is their due. How we seem to respect and admire aggressive displays of power. How when it is serves us, we all look for loopholes to avoid playing by the rules or search for ways to obtain favours. Let us not forget that politicians reflect societal values – these are elected representatives.
The main problem is how we have allowed for politics to become a path to riches rather than a public service. Today, most enter politics as an extension of the family business or to establish a family business. In fact, this is why most people seek high office in this country – not just in politics, but in all sectors. By all means, people need to be compensated for the work that they do and they need to be provided with resources and perhaps even incentives to do their work well. But, a politician is not just any other public officer – a politician is a people’s representative. And as people’s representatives, we cannot set ourselves up on pedestals or be so removed from the lives of people that we can no longer represent or relate to the people who elected us. When we complain about having to use public transport, or justify luxury vehicles as essential to perform our jobs, we are displaying how alienated we have become from the people we are expected to serve. That alienation affects the policy choices we make: whether we choose to invest in public transport or provide a tax cut to car importers; whether we buy equipment for rural hospitals or gyms; whether we provide adequate toilets for schools or woo foreign universities to establish a local branch. Those choices will reflect our priorities and whose needs we pay attention to the most. The choices made by this Government and those who defend and justify these choices are showing us with shining clarity, exactly who and what they are prioritising. One thing is clear: it is certainly not the vast majority of those who voted them into power.
https://ceylontoday.lk/news/of-entitlements-suv-vehicles-and-other-things
ප්‍රාඩෝ රථ ගෙන ඒමේ ආණ්ඩුවේ සූදානම ශේර්ෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන බව ජාතික ජනබලවේගයේ නීතිඥයෝ වෙනුවෙන් නීතිඥ සුනිල් වටගල පවසයි. ඔහු මේ බව පැවැසුවේ පසුගියදා කොළඹ පැවැති මාධ්‍ය හමුවේදීය. වටගල මහතා වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේය. “ජාතික ජන බලවේගයේ නීතිඥ ප්‍රජාව ලෙස සුවිශේෂ කරුණු කාරණා කිහිපයක් සාකච්ඡා කිරීමට තිබෙනවා. මේ වනවිට ජනතාව අතර සාකච්ඡාවට පත්වී තිබෙන […]
ප්‍රාඩෝ රථ ගෙන ඒමේ ආණ්ඩුවේ සූදානම ශේර්ෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන බව ජාතික ජනබලවේගයේ නීතිඥයෝ වෙනුවෙන් නීතිඥ සුනිල් වටගල පවසයි.
ඔහු මේ බව පැවැසුවේ පසුගියදා කොළඹ පැවැති මාධ්‍ය හමුවේදීය.
වටගල මහතා වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේය.
“ජාතික ජන බලවේගයේ නීතිඥ ප්‍රජාව ලෙස සුවිශේෂ කරුණු කාරණා කිහිපයක් සාකච්ඡා කිරීමට තිබෙනවා. මේ වනවිට ජනතාව අතර සාකච්ඡාවට පත්වී තිබෙන පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා ජනමාධ්‍ය ඉලක්ක කරගෙන නිකුත් කළ ප්‍රකාශය සහ මන්ත්‍රිවරුන් සඳහා වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් නීතිමය පැත්තෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිකුත් කර තිබෙන නිවේදනයට ශීර්ෂ යොදලා තිබෙන්නේ “සමාජ මාධ්‍යයට සමාජ ජාලා ඔස්සේ විවිධ අසත්‍ය තොරතුරු, ඡායාරූප සහ වීඩියෝ දර්ශන ප්‍රචාරය කිරීම මඟින් මහජනතාව අතර අසමගිය, වෛරය ඇති කිරීම හා කොවිඩ් 19 මර්දනයට බාධා කිරීම” යනුවෙන්. පසුගිය 08 වැනිදා මේ ලිපිය නිකුත් කර තිබෙනවා.
වෘත්තීයවේදීන්ගෙන් සහ සමස්ත ශ්‍රී ලාංකිකයන්ගෙන් ආණ්ඩුවට දැවැන්ත විවේචනයක් විවිධ ක්ෂේත්‍රවලින් එල්ලවී තිබෙනවා. කාබනික පොහොර ආනයනය, මන්ත්‍රිවරුන්ට වාහන ආනයනය කිරීම, ඛනිජ තෙල් මිල ඉහළ දැමීම, කොවිඩ් 19 වැළැක්වීමේ ක්‍රියාමාර්ග අසාර්ථක වීම වගේම පොලිසිය භාර අමාත්‍යවරයා නිරූපණ ශිල්පිනියක් සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීම, යුරෝපා සංගමයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි නොකිරීම ගැන විවේචනය කිරීම යන මූලික විවේචන විශාල ප්‍රමාණයක් තිබෙනවා. සමාජ මාධ්‍ය ජාලා මේ දැවැන්ත වංචාවන් සහ අසමත්කම් හෙළිකරන්න කාර්යභාරයක් කළා. ඒ අතරතුර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ නිවේදනය නිකුත් කරනවා. නිවේදනය තුළ “වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකියි” කියන කරුණ ඉහළට ගෙනත් තිබෙනවා. සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෝ සහ සාමාන්‍ය ජනතාව සැලකිය යුතු ප්‍රමාණයක් මේ සම්බන්ධයෙන් කරුණු විමසන්න පටන් ගත්තා.
මේ සම්බන්ධයෙන් පවතින යථාර්ථය කුමක්ද? වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීම කියන්නේ එක්තරා ආකාරයක දඬුවමක්. ලංකාවේ පුරවැසියකු අත්අඩංගුවට ගත යුත්තේ නිසි වරෙන්තුවක් සහිතව ඇවිල්ලා. එහෙම නොවන අවස්ථා තිබෙනවා. මේ වනවිට සම්මත කර තිබෙන නීතියේ කොටස් කිහිපයක් අරගෙන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අලුතින් නීති පෙන්වනවා.
නමුත් ඔවුන්ගේ අරමුණ තියෙන්නේ වගන්ති දෙකකට. දණ්ඩ නීති සංග්‍රහයේ 120 එක වගන්තියක්. ඒකෙන් කියන්නේ වචනයෙන්, සංඥාවලින්, නිරූපණවලින් ශ්‍රී ලංකා ජනරජයට විරුද්ධව ජනයා වෛරයෙන් සහ අගෞරවයෙන් පෙලඹවීමක් කළොත් අත්අඩංගුවට ගත හැකි බව. මේ වගන්ති සම්බන්ධයෙන් තිබෙන පැහැදිලි කිරීම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කරන්නේ නැහැ. සාධාරණ විවේචනවලට මේ වගන්තියෙන් බාධා වෙන්නේ නැහැ. ඒ වගේම දණ්ඩ නීති සංග්‍රහය උපදින්නේ ඉංග්‍රීසි ආණ්ඩුව කාලයේ. ඒ අනුව මහ රැජිනියට එරෙහිව කරන වැරදි සම්බන්ධයෙන් විස්තර කරලා තියෙනවා. මහරජා කියන වචනය 2021 අංක 5 දරන දණ්ඩ නීති සංග්‍රහ පනතේ සංශෝධනය මඟින් වෙනස් කළා. එයින් කළේ මහරජා වෙනුවට ජනාධිපතිවරයා කියන වචනය ඇතුළත් කළා. හැබැයි අතීත තත්ත්වය අනුව ජනාධිපතිවරයා විවේචනය කරන්න බැරි බවට ආවරණයක් හදා ගත්තා. එංගලන්තයේ මහ රැජින හෝ මහරජා පත්වෙන්නේ මහජන ඡන්දයෙන් නොවේ. අපේ රටේ ජනාධිපතිවරයා පත්වෙන්නේ මහජන ඡන්දයෙන්. මේ නිසා 120 වගන්තිය ඇතුළේම විවේචනය කිරීමට තියෙන අයිතියට අභියෝග කරන්න බැහැ.
මේ සම්බන්ධයෙන් ශේර්ෂ්ඨාධිකරණයේ නඩු තීන්දු කිහිපයක් තිබෙනවා. තංගල්ලේ දේශපාලන පක්ෂ කාර්යාලයක “මහජරා රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවමු” කියලා ගහලා තිබුණා. 120 වගන්තිය යටතේ පොලිස් ස්ථානාධිපතිවරයා චූදිතයෙක්ව අත්අඩංගුවට ගත්තා. අපි එය ශේර්ෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කළා. අදහස් ප්‍රකාශ කිරීමේ හා භාෂණයේ අයිතියත් 120 වගන්තියෙන් විවේචනය කිරීමේ අයිතියත් මෙයින් උල්ලංඝනය වුණේ නැහැ කියලා එස්.සී.එෆ්.ආර්168/2010 නඩුවක් පැවරුවා. මේ වෙනුවෙන් මම පෞද්ගලිකව පෙනී හිටියා. ශේර්ෂ්ඨාධිකරණය මේ අයිතිවාසිකම් පිළිගත්තා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තහවුරු කර තිබෙන භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතීනුත් මහජනතාවට තිබෙන බව ශේර්ෂ්ඨාධිකරණය ඉහත නඩුවලදී තහවුරු කළා.
අපරාධ නීතියේ තියෙන සිද්ධාන්තය මිනිසුන් අත්අඩංගුවට ගැනීම නෙවෙයි. කිසියම් පුද්ගලයෙක් විමර්ශනයක් කරන්න අත්අඩංගුවට ගන්න ඕනෑ කියලා අනිවාර්ය නැහැ. නමුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශනයෙන් අදහස් ප්‍රකාශ කරන්න සීමාවල් පනවන්න උත්සාහ කරනවා. නමුත් ශේර්ෂ්ඨාධිකරණයෙන් මීට අදාළව පැහැදිලි අර්ථ නිරූපණ දී තිබෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ක්‍රියාත්මක දඬුවම් පනත මඟින් ආරක්ෂක ලේකම්වරයාට පුද්ගලයෙක් රඳවා තබා ගැනීමේ අවස්ථාව මාස 18කට ලබාදී තිබෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙනාවේ 1979දී. මේ පනතට අදාළව අමතක කළ වචනයක් තිබෙනවා. 1979 අංක 47 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත හැටියට නම් කළාට දැන් දශක කීයක් ක්‍රියාත්මක වෙනවාද? ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අද ක්‍රියාත්මක කරන්නෙත් මේ තාවකාලික පනත. ඒ නිසයි යුරෝපා කොමිසමෙන් මේ පනත ඉවත් කරගන්න බලපෑම් කරන්නේ.
මන්ත්‍රිවරුන්ට වාහන ගෙන්වීමේ කැබිනට් සන්දේශයක් මහින්ද රාජපක්ෂ මහත්තයා දාලා තියෙනවා. ජාතික ජනබලවේගය හැටියට අපි මේ සම්බන්ධයෙන් ලබන සතියේදී ශේර්ෂ්ඨාධිකරණයේ නඩු පවරනවා. මූලික කාරණා දෙකක් ඊට පදනම් කරගන්නවා. මැයි 18වැනිදා කැබිනට් පත්‍රිකාවෙන් මහින්ද රාජපක්ෂ මහත්මයා තවත් වාහන අතර ප්‍රාඩෝ ජීප් රථ 227ක් ගන්න සූදානම් වෙනවා. නමුත් 24වැනිදා කැබිනට් මණ්ඩලයේදී ඒ තීරණය අත්හිටුවූ බව මාධ්‍යට ප්‍රකාශ කළා. නමුත් මාධ්‍ය ප්‍රකාශක ඇමැතිවරයා ඒ සම්බන්ධයෙන් පරස්පර විරෝධී කතා දෙකක් කියා තිබෙනවා. ණයවර ලිපි නිකුත් කර තිබෙන නිසා ඒ වාහන ගෙන්වන්න සිදුවෙන බව කියා තිබෙනවා. ඒ අතරම ඊට පස්සේ කියනවා, වාහන ගෙන්වීම අත්හිටුවලා තිබෙන බව. හැබැයි මහා භාණ්ඩාගාර ලේකම් තවත් කතාවක් කියනවා. පෝට් සිටි පනතට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රිවරුන්ට දෙන්න මේ ප්‍රාඩෝ රථ ගේන්න සූදානම් වෙන බව පැහැදිලියි. හැබැයි කැබිනට් සන්දේශය ඉදිරිපත් කළ 18වැනිදාත් එය අහෝසි කළ 24වැනිදාත් කියන දින දෙකටම කලින් අප්‍රේල් මාසේ 22වැනිදා මහා භාණ්ඩාගාර ලේකම්වරයා ණයවර ලිපි නිකුත් කරනවා.
මේ සම්බන්ධයෙන් ශේර්ෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කරනවා. ඊළඟට දෙවැනුව මහජන භාරය කියන නීතිමය සංකල්පය අනුව කටයුතු කරනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මේ රට භාරදී තිබෙන්නේ අවුරුදු 5ක මහජන භාරයක් හැටියට. එප්පාවල පොස්පේට් නිධිය සම්බන්ධ නඩුවේදී, වෝටර්ස් ඒජ් නඩුවේදී ශේර්ෂ්ඨාධිකරණය මේ මහජන භාරය තහවුරු කර තිබෙනවා. මේ අනුව මහජන භාරය සිද්ධාන්තයට පටහැනි වීම නීතිය අභිභවා යන තත්ත්වයක්. ඒ නිසා අපි මේ බව ශේර්ෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරනවා. කොවිඩ් – 19 මර්දනය කරන්න එන්නත් ටික ගන්න සල්ලි නැතිව ඉන්නවා. ඒ අතරේ මේ වාහන ගේන්න යනවා. මහජන භාරය ඒකද? ගොවියාගේ අස්වැන්නට ඍජුවම බලපාන පොහොර ටික නැහැ. විදෙස් සංචිත නැති නිසා පොහොර ගෙන්වන්නේ නැහැ. ඒ අනුව ගොවියත් එක්ක තියෙන මහජන භාරය ඉෂ්ට කරන්නේ නැහැ. මේ වගේ තත්ත්වයන් නිසා ණයවර ලිපිය අහෝසි කරන්න හෝ එහෙම බැරිනම් ඒ වාහනවල වෙළෙඳපොළ වටිනාකම මහා භාණ්ඩාගාරයට ලබාගන්න කියලා නියෝග කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. ශේර්ෂ්ඨාධිකරණය මේ ඉල්ලීම්වලට ඇහුම්කන් දීලා මහජන භාරයේ අයිතිය තහවුරු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”
නීතිඥ නිර්මලා සිරිවර්ධන
“මම මෙහිදී අම්ම කෙනෙක් විදිහට, පුරවැසියෙක් විදිහට සහ කාන්තාවක් විදිහට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ නිවේදනය දකින්න ඕනෑ කොහොමද කියලා පැහැදිලි කරනවා. කොවිඩ් වසංගත තත්ත්වය යටතේ අපේ දරුවන්ගේ අධ්‍යාපනය මූලික කරගෙන බරපතළ තත්ත්වයන් මතුවී තිබෙනවා. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල දරුවෝ කරුණු හොයා ගන්නේ අන්තර්ජාලය එක හරහා. ඒ වගේම තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව තියෙන්නේ සමාජ මාධ්‍ය හරහා. ඔවුන්ට යම් යම් කාරණා සම්බන්ධයෙන් විවේචනයන් තිබෙනවා. සමාජ පරිණාමයේ එක යුගයක රජ්ජුරුවෝ කියන දේ විශ්වාස කරන්න සිද්ධ වුණා. නමුත් එය සත්‍ය නෙවෙයි කියලා පසු කාලයක ඔප්පු වුණා. රජ්ජුරුවන්ගේ අත්අඩංගුවට අරගෙන වස පොවලා මරා දාපු විද්‍යාඥයන් හිටියා. එවැනි පසුගාමී සමාජයකට යන්න උත්සාහ කරනවාද කියන එක මේ මාධ්‍ය නිවේදනයෙන් අපිට සැකයක් මතු වෙනවා. අසත්‍ය හෝ වෛරීය ප්‍රකාශන සම්බන්ධයෙන් ශේර්ෂ්ඨාධිකරණ තීන්දුවල පැහැදිලි අර්ථ නිරූපණ දී තිබෙනවා.
අනුරාධා හේරත් (www.mawbima.lk)