මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිකොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශය
මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිකොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශය
ඔබ වියතුන්ගේ සභා මැද සිටි කෙනෙක්. නමුත් ඇතැමුන්ගේ අශිෂ්ට සංවාද හා හැසිරීම් මැද ඔබ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. එය දැනෙන්නේ කොහොමද? ටිකක් අමාරුයි. හැබැයි මට දැනෙන්නේ පාර්ලිමේන්තුවේ ඇතැමුන්ගේ ඒ අශිෂ්ට හැසිරීම රඟපෑමක් කියලයි. මොකද ඒ ඔවුන් වෙත අවධානය දිනා ගැනීමට.”කුණුහරුප කියන, කෑගහන කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒක තමයි ඒ ගොල්ලන්ගේ ජොබ් එක. ඒ අය වෙන මාතෘකා පැනනඟිද්දී […]
ඔබ වියතුන්ගේ සභා මැද සිටි කෙනෙක්. නමුත් ඇතැමුන්ගේ අශිෂ්ට සංවාද හා හැසිරීම් මැද ඔබ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. එය දැනෙන්නේ කොහොමද?
ටිකක් අමාරුයි. හැබැයි මට දැනෙන්නේ පාර්ලිමේන්තුවේ ඇතැමුන්ගේ ඒ අශිෂ්ට හැසිරීම රඟපෑමක් කියලයි. මොකද ඒ ඔවුන් වෙත අවධානය දිනා ගැනීමට.”කුණුහරුප කියන, කෑගහන කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒක තමයි ඒ ගොල්ලන්ගේ ජොබ් එක. ඒ අය වෙන මාතෘකා පැනනඟිද්දී ඒවා ගැන කතා කරන්නේ නෑ. උගත් බව, වියත් බව නෙවෙයි මේක අපේ දේශපාලනය විසින් හදලා තියෙන සංස්කෘතිය එක්ක ගමන් කරන කාරණයක්. අපේ අය එහෙම නොහැසිරීමක් එතනින් පෙන්නුම් කරනවා. පාර්ලිමේන්තුවේ කුණුහරුප කීම, කෑගැසීම, සංස්කෘතියක් වෙලා.
ඔබ විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක්. එවන් ගෞරවනීය වෘත්තියකින් ඉවත්ව දේශපාලනය තෝරාගත්තේ කුමන පදනමින්ද සහ ජවිපෙ තෝරා ගැනීම කළේ ඇයි?“
පක්‍ෂ දේශපාලනයේ නොසිටියට මම හැමදාම දේශපාලනයේ ක්‍රියාකාරීව හිටියා සමාජයේ. ඒ ගනුදෙනුව මට පුරුදුයි. ජවිපෙ සහ ජාතික ජන බලවේගය කියන්නේ මගේ මතවාදය තිබෙන තැන. දේශපාලන වටිනාකම හා මතය තිබෙන තැනකනේ අපි කටයුතු කළ යුත්තේ.
අද සමාජයේ දේශපාලනඥයන් හෑල්ලුවට ලක් කරන අවස්ථා තිබෙනවා. අට පාස් අයටත් දේශපාලනය කරන්න හැකි බව සාමාන්‍ය මතයක් වෙලා. ඇත්තටම දේශපාලනඥයාගේ වගකීම් සහගත බව ජනතාවට අවබෝධ නොවෙන්න බලපෑ හේතුව මොකක්ද?
දේශපාලනය කියන්නේ ඉතා විශාල හැදෑරීමක් කළ යුතු දෙයක්. ඒ හැදෑරීම විශ්වවිද්‍යාලයක ගිහින් පමණක් ගන්න පුළුවන් හැදෑරීමකුත් නෙමේ. ඒක සමාජයක මිනිසුන් ජීවත් වන ඒ අත්දැකීම් අනුව කළ යුතු හැදෑරීමක්. එතැනදී තෝරාගන්නා පක්‍ෂය හරි වැදගත්. පක්‍ෂයෙනුත් අධ්‍යාපනයක් දෙනවනේ. ජාතික ජන බලවේගයෙත් ජනතා විමුක්ති පෙරමුණෙත් තියෙන අධ්‍යාපනයේ කොටසක්. හැදෑරීමක් තියවනවා. කතා කරනවා. යාවත්කාලීන වෙනවා. එහෙම සංස්කෘතියක් නැති කොටසක් තමයි මං හිතන්නේ පාදඩ දේශපාලනය ඇතුළේ.
රටේ ජාතික ප්‍රතිපත්ති, නීති, ව්‍යවස්ථා සම්පාදනය වන ස්ථානය හැටියට ඔබ අපේක්‍ෂා කළ ගෞරවනීය පරිසරයක් වත්මන් පාර්ලිමේන්තුව තුළ ඔබ දකිනවාද?
මේ මොහොතේ අපි බලාපොරොත්තු වන දේ පාර්ලිමේන්තුව තුළ ඉෂ්ට සිද්ධ වෙන්නෙ නෑ. අපිට කාර්යභාරයක් තියෙනවා. මොකද අපේ බලාපොරොත්තුව ඊට වඩා ලොකු දෙයක්. තුන්දෙනෙක්ට පාර්ලිමේන්තුව තුළ අපි බලාපොරොත්තු වන දේ කරන්න බෑ. අපිට ඒකට බලයක් ඕනෑ. ඒ වෙනුවෙන් තමයි අපි වැඩ කරන්නේ.
“යකුන්ගේ හැටියට විමානේ” කියන ආකාරයටද හැසිරෙන්න වී තිබෙන්නේ?
යකුන්ගේ හැටියට විමානේ සහ ඒ පාර්ලිමේන්තුවට පත්වීම තුළින් එළියේ වැඩ කරන්න වේදිකාවක් හැදෙනවා. ඒක වැදගත් අපේ දීර්ඝ කාලීන කණ්ඩායම් දේශපාලනයට.
ඔබ ගැන මේ මොහොත වනතුරු පක්‍ෂ පාට භේදයකින් තොරව ගෞරවනීය පිළිගැනීමක් තිබෙනවා. මේ සියල්ල යහපත් කරගැනීමට කෙරෙන ඔබේ අරගලයට ඒ ගෞරවයත් රැකගෙන කිසියම් නිශ්චිත අවස්ථාවක යහපත් ප්‍රතිඵල අත්කර ගත හැකියි කියා ඔබ සිතනවාද?
ඇත්තටම හිතනවා අපේ යහපත් ඉලක්ක සපුරා ගන්න හැකිවෙයි කියලා. මම ඒ අමාරු ගමනේ ඉන්නේ. ඒ බලාපොරොත්තුවේ ඉන්න නිසා අපි බලාපොරොත්තු වන සර්ව සාධාරණ සමාජයක් අවුරුදු 5කින් 10කින් ලැබෙයි කියලා හිතන්න බෑ. හැබැයි මේ වෙලාවේ අපිට අවශ්‍යයි යන දිශාව හරවා ගන්න.
යහපත් සමාජයක් ගැන ඇති තරම් වියතුන්, දේශපාලනඥයන් සංවාද ගොඩනඟනවා. නමුත් දිනෙන් දින රටේ දැරියන්, කාන්තාවන් දූෂණයට, අපයෝජනයට ලක්වෙනවා. මෙවැනි සමාජයකට මේ රට යොමුවෙන්න බලපා ඇති මූලික කාරණය මොකක්ද?
අපේ දේශපාලනය හා ආර්ථිකය කියන එක තමයි මීට බලපා තිබෙන්නේ. මිනිස්සුන්ගේ ජීවිත එන්න එන්න අමාරු, දුෂ්කර වෙද්දී ඔවුන්ට උපකාර වීමට තිබෙන පද්ධතීන් ඔක්කොම කඩා වැටෙද්දී මිනිසාගේ ඇතුළේ ඉන්න සතා එළියට එනවා.”
මෙවැනි අපයෝජන වාර්තා වෙන්නේ ඉතා අල්ප වශයෙන්. ගෙවෙන හැම දිනකම පාහේ දැරියන්, ස්ත්‍රීන් අපයෝජනයට ලක්වෙනවා. සමාජයේ අනුකම්පාව මතවාදවලින් ඔබ්බට ගිය විසඳුම් අවශ්‍යයි නේද?
ඔව්. අනිවාර්යයෙන් ඔබේ ප්‍රශ්නයට මට මේ මේ නීති වෙනස් විය යුතුයි, මෙය කළ යුතුයි කියලා උත්තර දෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්නය ඊට වඩා බැරෑරුම්. අපි ඒක තේරුම් ගන්න ඕනෑ. මේ කිසිදේකට ලේසි උත්තර නෑ. පත්ව තිබෙන අපේ සමාජ ආර්ථික, දේශපාලන ක්‍රමය වෙනස් නොකර මේවට පැලැස්තර අලව අලව යන්න පුළුවන්. නමුත් ඇත්තටම ප්‍රශ්නය විසඳන්න නම් ඒ ක්‍ෂේත්‍රයටම අපේ සමාජ ආර්ථිකය පරිවර්තනයක් අවශ්‍යයි.
ඔය කියන සමාජ ආර්ථික පරිවර්තනය යන්න ගැන සාමාන්‍ය ජනතාවට හරි අවබෝධයක් නෑ. පැහැදිලි කිරීමක් අවශ්‍යයි නේද ඊට?
අපේ අධ්‍යාපනයේ තියෙන ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න බලන්න. මෑතක උදාහරණයක් මං පැහැදිලි කරන්නම්කෝ. හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ නිවෙසේ සේවය කරමින් සිට පිලිස්සී මියගිය 16 හැවිරිදි දැරිය. වතුකරයේ ඇය. ඇගේ මවුපියන්ට හරි රැකියාවක් නෑ. පවුලේ ණය බරින් බේරෙන්න තමයි මේ දැරිය මෙහෙකාර සේවයට යවන්නේ. හරි අධ්‍යාපනයක් නැති හින්දා එවැනි රැකියාවක් සිදු කරන්නේ. ගෘහස්ථ සේවය කියන්නේ කිසිම ආරක්‍ෂාවක් නැති රැකියාවක්. බහුලව කරනවා. මධ්‍යම පාන්තික, කොළඹ ඉහළ පාන්තික ගෙවල්වල ඕනෑ තරම් සේවය කරන බාලවයස්කාර අයත් ඉන්නවා. අවුරුදු 14, 15 ළමයි, ළමයි බලාගන්න අවස්ථා ඕනෑවටත් වඩා අපි දැකලා තියෙනවා. මේක එන්නේ අපේ ආර්ථික ප්‍රශ්නත් එක්ක. මවුපියන්ට ඒ අයගේ දරුවන් වැඩට යවන්න සිද්ධ වෙන්නේ ආර්ථික ප්‍රශ්න නිසා. ඉතින් මේ ආර්ථික ප්‍රශ්නයට අපි විසඳුම් හොයන්නේ නැතිව කිසිදෙයක් කරන්න බෑ.
ඒ ආර්ථික ප්‍රශ්නය වගේම මෙවැනි අපයෝජන සිදුවීමට ලිංගික අධ්‍යාපනයක් නොමැතිකම බලපාන්නෙ නැද්ද?
ලිංගික අධ්‍යාපනය නොමැතිකමත් තව පැත්තකින් බලපෑමක්. ඒක අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් විය යුතුයි. අපේ මූලය තියෙන පද්ධතිය කඩාවැටීමක්නෙ මේකෙන් පෙන්නුම් කරන්නේ. මිනිසුන්ට හම්බ කරලා කාලා බීලා ඉන්න පුළුවන්කමක් නෑ. තුන්වේල කාල බීලා ඉන්න බැරි සමාජයක අධ්‍යාපනය ගැන කවර කතාද? අධ්‍යාපනයට යොමුවෙන්නේ හෝ අධ්‍යාපන ක්‍රමයක් ගැන අපිට හිතන්න පුළුවන් වෙන්න නම් මූලික අවශ්‍යතා ටික තියෙන්න එපැයි. වේල් තුන කන්න, පොඩි සතුටක් හරි විඳින්න බැරිව මිනිස්සු කොහොමද අනිත් දේවල් කරන්නේ?
මෙවැනි ප්‍රශ්නවලදී පක්‍ෂ, පාට, ස්ත්‍රී/පුරුෂ භේදයකින් තොරව පෙරට ආ යුතුයි. පාර්ලිමේන්තුවේ කාන්තා සංසදය මෙවැනි කාරණාවලදී එකට හිටගනියි කියලා ඔබ හිතනවාද?
“ඒක පුළුවන් කියලා මං හිතනවා. ඒක අපි කරලත් තියෙනවා. කොවිඩ් තත්ත්වය තුළත් අපේ පාර්ලිමේන්තු ක්‍රියාකාරකම් සෑහෙන සීමාවන්වලට ලක්වෙලා තියෙනවා. හැබැයි අපි මන්ත්‍රිවරියන් 12 වාඩි වුණාම ගොඩක් වෙලාවට අපි පක්‍ෂ ගැන හිතලා නෙමේ කතා කරන්නේ. එතැන එකමුතුවක් තියෙනවා. අපිට විවිධ මත නැතිව නෙමේ. නමුත් පක්‍ෂය ගැන හිතලම බොහෝ වෙලාවට සාකච්ඡා කරන්නේ නෑ.”
කොවිඩ් – 19 වසංගතයත් අපේ ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති කර තිබෙනවා. ඔබ හිතනවාද කොවිඩ් යම් තරමකින් හෝ පාලනයට ලක්කර තිබෙන බව?
නෑනේ. පසුගිය සංචරණ සීමා හරියට ක්‍රියාත්මක වුණේ නෑ. සංචරණ නීති ඇත්තටම දාල තිබ්බේ සරලව පොදු ප්‍රවාහන පාවිච්චි කළ අයට විතරයි. පෞද්ගලික වාහන තිබුණු බහුතරයක් පාරේ. කර්මාන්තශාලා විවෘත කරලා තිබුණේ. ඒ එක්ක සංචරණ සීමාවලින් අපි බලාපාරොත්තු වූ ප්‍රතිඵල නෑ. ඒ වගේම මේ එන්නත්කරණයත් දේශපාලනය වී තිබුණා. ඊට එකඟ වූ සෞඛ්‍ය නිර්ණායක ක්‍රියාත්මක වුණෙත් නෑ. 60න් ඉහළ අය, ප්‍රමුඛතාව දිය යුතු අයට නෙමේනේ එන්නත්කරණය හරියට ක්‍රියාත්මක වුණේ. හිටපු ගමන් කියනවා අපි එන්නත් ලක්‍ෂ 2ක් නුවරට යැව්වා. තවත් ලක්‍ෂ 2ක් තව කොහෙට හරි යැව්වා කියනවා. දවසින් දවස මාරු වෙනවා.
යම් දින ගණනක් තුළ රටම ආවරණය කිරීමට එන්නත්කරණ වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ හැකිද?
ක්‍රමවේදයක් තියෙනවා. අපි එකඟ වූ සැලැස්මක් මුල සිටම තිබුණා. ඒ සැලැස්මේ අපි හිටියා නම් මේ වෙද්දී එන්නත්කරණය ක්‍රමානුකූලව සිදුවෙලා. දැන් ඒක අනාගෙන. ගොඩක් අය දන්නේ නෑ තමන්ට කවදා ලැබෙයිද කියලා. ප්‍රමුඛතාව දියයුතු අයට තවම එන්නත ලැබී නෑ.
සෞඛ්‍ය ඇමැතිවරිය චෝදනා කර තිබුණා කාල් මාක්ස්ලට, ලෙනින්ලට, ස්ටාලින්ලට, කොවිඩ් සම්බන්ධ එක එක නීති නෑ. හැමෝටම ක්‍රියාත්මක කරන්නේ එකම නීතියක් බව. ඇයගේ මේ ප්‍රකාශය ගැන ඔබලාගේ ස්ථාවරය මොකක්ද?
හරි. කාල් මාක්ස්ලා කිව්වෙත් කාල් මාක්ස්ලට ප්‍රමුඛතාව දෙන්න කියලා නෙමේනෙ. මොකක් හරි සැලැස්මක් ඕනෑ කියලා. එතුමිය දන්නවා නම් මාක්ස්ලා, ලෙනින්ලා කියපු දේවල් ඒක කරන්න ඕනෑ. මොකද ඒ අය කියලා තියෙන්නේ පිළිවෙළක් ගැන. ඇමැතිතුමියට මාක්ස්ලා, ලෙනින්ලා ගැන කියවීමක් තියෙනවා නම් ඒක එහෙම වෙන්න එපැයි. එහෙම නොවෙන එකනෙ ප්‍රශ්නෙ.
කොවිඩ් අස්සේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ගැටලු සම්බන්ධව දිනපතා උද්ඝෝෂණ රට පුරා. ඒ අතර කොතලාවල විශ්වවිද්‍යාල පනත අගෝස්තු 6 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නියමිතයි. මේ අරගල සමඟ ආණ්ඩුව පනත හකුළා ගනියිද?
කොතලාවල පනත ආණ්ඩුව හකුළා නොගත්තොත් ආණ්ඩුව ලොකු අමාරුවක වැටෙනවා. ආණ්ඩුව අනවශ්‍ය විදිහට, අර්බුදයක් සහ විරෝධතාවක් හදාගෙන තියෙන්නේ.
මෙම පනත හරහා පැහැදිලිව අධ්‍යාපනය මිලිටරිකරණයක් වන බව සඳහන් වෙන්නේ?
ඔව්. මිලිටරිකරණයක් සිදුවෙනවා කියන්නේ හමුදාවට මැදිහත්ව මිලිටරිකරණ අධ්‍යාපනයක් දෙන්න බෑ.ඒ අයට වෙනම අධ්‍යාපන පුහුණු තියෙනවා. ඒ අයගේ රාජකාරිය වෙනස්. ඒකනේ මිලිටරි හා සිවිල් කියලා අපේ සමාජයේ කොටස් 2ක් තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී මොන රටේද අධ්‍යාපනය මිලිටරිකරණය වෙන්නේ? මිලිටරියට අධ්‍යාපනය අවශ්‍යයි. මිලිටරි පුහුණුව දෙන්න ඕනෑ ඒ ක්‍ෂේත්‍රයේ අයට. ඒකෙ කිසි තර්කයක් නෑ. මිලිටරියට අවශ්‍යයි සමාජ විද්‍යාව කියමු එහෙම නැත්නම් වෛද්‍ය විද්‍යාව, නීතිය, එතකොට ඒවා ඉගෙන ගන්න ඕනෑ මිලටරි ඇසකින් නෙමේ. සිවිල් අය සහ මිලිටරි කියන දෙකොටස මුලින් තේරුම් ගන්න එපැයි. ආණ්ඩුව ගැසට් එකක් එළියට දාලා විශ්වවිද්‍යාල පනත සංශෝධනය කරන්න යනවා. එයින් කියනවා විශේෂ අවශ්‍යතා සඳහා විශ්වවිද්‍යාල පනත යටතේ විශ්වවිද්‍යාල ආරම්භ කරන්න පුළුවන් කියලා.මේ පනත මේ විදිහට සංශෝධනයට ලක් කරන්නේ ඇයි? එයින් අදහස් කරන්නේ කොතලාවල පනත හකුළා ගන්නවාද? නැත්නම් සංශෝධන කරනවාද? නැත්නම් එහෙම පිටින්ම ගන්නවාද කියලා ආණ්ඩුව පැහැදිලිව කියන්න.
උගත් කාන්තාවක්, මහජන නියෝජිතවරියක් රටේ පුරවැසියෙක් ලෙස ඔබට මේ රටේ ජනතාවට දෙන්න තියෙන අදහස මොකක්ද?
මේ රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන ජනතාවක්. සාධාරණත්වය අගය කරනවා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය, සාධාරණත්වය වෙනුවෙන් අපි කරන තෝරා ගැනීම හැම අවස්ථාවකම වරද්දා ගත්තා. ඒ තෝරා ගැනීම ගැන ඉතා පරෙස්සමින් හිතන්න. අපි හැමෝම ප්‍රාර්ථනා කරන වෙනස දවසින් දෙකින් හෝ එක පුද්ගලයෙක් හෝ මැජික් බලයකින් කරන්න පුළුවන් දෙයක් නෙමේ. වෙනසක් ඕනෑ නම් අඩුම තරමේ ඊළඟ පරපුර ගැනවත් හිතලා, බුද්ධිමත් තේරීමකට යන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මා තදින් විශ්වාස කරන දෙයක් තමයි අපේ සමාජය තුළ ප්‍රජාතන්ත්‍රවාදය, සාධාරණත්වය කියන දේ මුල් බැහැලා තියෙන බව. ඒක ඉස්මතු කරගන්න. ඒක විකෘති කරන්න ඉඩ දෙන්න එපා. ඒකට අහුවෙන්න එපා. අහුවෙලා අහුවෙලා දැන් ඇති.
ආණ්ඩුව හමුදාවට අධ්‍යාපනය ලබා දෙන්න තිබෙන තැනත් විනාශ කරන බව ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස ඊයෙ (22දා) ජවිපෙ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය. ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේය.පසුගිය ජූලි 16 වැනිදා අධ්‍යාපන ඇමැතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතට ඇතුළත් කරන්න යන සංශෝධන මේ […]
ආණ්ඩුව හමුදාවට අධ්‍යාපනය ලබා දෙන්න තිබෙන තැනත් විනාශ කරන බව ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස ඊයෙ (22දා) ජවිපෙ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.
ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේය.
පසුගිය ජූලි 16 වැනිදා අධ්‍යාපන ඇමැතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතට ඇතුළත් කරන්න යන සංශෝධන මේ වනවිට රටේ විශාල සංවාදයකට ලක්වී තිබෙනවා. කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ජූලි 08 වැනිදා පාර්ලිමේන්තුවේ විවාද කර ඡන්ද විමසීම පසුවට කල් දැම්මා. මේ පනතට එරෙහිව රට පුරා මතුවුණු උද්ඝෝෂණ නිසා ඡන්ද විමසීම කල් දැම්මා. විශ්වවිද්‍යාල ආචාර්යවරු, ශිෂ්‍යයෝ, දේශපාලන පක්ෂවල සිවිල් ක්‍රියාකාරිකයන් ඇතුළු විශාල පිරිසක් උද්ඝෝෂණ පැවැත්වූවා. දැනට ආරංචි විදිහට අගෝස්තු 06 වැනිදා ඡන්ද විමසීම කරන්න ආණ්ඩුව සූදානම් වෙනවා. කොතලාවල විශ්වවිද්‍යාල පනතට විරුද්ධව සමාජ කතිකාව නිසා බෞද්ධ උපදේශක කාරක සභාව කැඳවලා ජනාධිපතිවරයා ප්‍රකාශයක් කළා. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කරන බව ඔහු එහිදී ප්‍රකාශ කර තිබුණා. ජනාධිපතිවරයා අදහස් කළේ මේ පනත ගැන වුණාට ඔහු කීවේ, ඔහුගේ මාධ්‍ය අංශය රටට කීවේත් යූ.ජී.සී. පනත සංශෝධනය කරනවා කියලා.
දැන් සංවාදයකට ලක්වී තිබෙන 1978 අංක 16 දරන පනතෙන් පිහිටුවූයේ යූ.ජී.සී. එක විතරක් නෙවෙයි. විශ්වවිද්‍යාලවල කුලපතිවරුන්, උපකුලපතිවරුන් පත්කිරීම, ශිෂ්‍ය සංගම් පිහිටුවීම, විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදල ආදී කොටස් 21ක් මේ පනතෙන් ආවරණය කර තිබෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියන්නේ ඒ අතරෙන් කොටස් දෙකක් ආවරණය වීමක් පමණයි. ජනාධිපතිවරයා සහ ඔහුගේ මාධ්‍ය ඒකකය ඔවුන්ගේ දැනීම අනුව ප්‍රකාශ කර තිබෙන්නේ, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත ගැන වෙන්න ඇති කියලා අපි උපකල්පනය කරනවා. මේ 16 වැනිදා හදිසි ගැසට් නිවේදනයක් නිකුත් කර 1978 අංක 16 දරන පනතට යම් සංශෝධනයක් එකතු කරනවා. මේ සංශෝධනය මඟින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට අප එල්ල කර තිබෙන විවේචන කිසිවක් මඟහැරෙන්නේ නැහැ. එම පනත හරහා මිලිටරි යාන්ත්‍රණය උපයෝගි කරගෙන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට සමාන්තර වෙනත් යාන්ත්‍රණයක් යෝජනා කර තිබෙනවා. නව සංශෝධනයෙන් ඒ යාන්ත්‍රණය අඩපණ වෙන්නේ නැහැ. කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය පාලනය කරන, ශිෂ්‍යයන් බඳවා ගැනීමේ නිර්ණායක හදන, අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩල බඳවා ගන්න සහ එහි විෂය පථය තීරණය කරන ආදී සියලු බලය මේ මිලිටරි යාන්ත්‍රණයට ලැබෙනවා. ඒ පාලක මණ්ඩලය නව දෙනකුගෙන් සමන්විතයි. එයින් 07 දෙනකු ආරක්ෂක අංශවලට සම්බන්ධයි. එයින් පස් දෙනකු සක්‍රිය හමුදා සේවයේ නිරත වෙන අය.
මේ විශ්වවිද්‍යාලය ඇතුළේ අනෙක් විශ්වවිද්‍යාලවල දක්නට නොලැබෙන මූලස්ථානය කියලා ව්‍යුහයක් යෝජනා කර තියෙනවා. විශ්වවිද්‍යාලයේ ක්‍රියාකාරිත්වය සහ පරිපාලනය සම්බන්ධයෙන් සියලු තීරණ ගන්නේ සහ ක්‍රියාත්මක කරන්නේ මේ මූලස්ථානය මඟිනුයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළත් වන පනතේ මොන වෙනස්කම් කළත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පරිපාලන යාන්ත්‍රණය කිසිසේත්ම වෙනස් වෙන්නේ නැහැ. මේ නිසා ජනාධිපතිවරයා වැදගත් ප්‍රශ්නයකට මේ රටට උත්තර දෙන්න ඕනෑ. කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය පවත්වාගෙන යන්න සූදානම් වන්නේ තවදුරටත් මිලිටරි විශ්වවිද්‍යාලයක් හැටියටද එහෙම නැත්නම් සිවිල් ශිෂ්‍යයන්ට අයත් විශ්වවිද්‍යාලයක් හැටියටද කියන තීරණාත්මක ප්‍රශ්නයට උත්තර දෙන්න ඕනෑ. ආරක්ෂක අංශවල අයයි, සිවිල් ශිෂ්‍යයොයි පටලවාගෙන තවත් ජංජාලයක් වෙන්නේ. ත්‍රිවිධ හමුදාවල ඉන්න කැඩෙට් නිලධාරීන්ට උසස් අධ්‍යාපනයක් ලබා දෙන්න ජාතික ජන බලවේගය කිසිම විටෙක විරුද්ධ වෙන්නේ නැහැ. ඩිප්ලෝමා, උපාධි, පශ්චාත් උපාධි ලබාදීලා විශේෂඥභාවයක් සහිතව ඉදිරියට ගෙනයන්න කිසිවිටකත් විරුද්ධ වෙන්නේ නැහැ. එහෙම නම් ජනාධිපතිවරයා ඒ මිලිටරි අභිලාෂය සහිතව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය දියුණු කරන්න ඕනෑ. දොන් නම් දොන්, සිමන් නම් සිමන්. දෙකක් බැහැ. මේ දෙක පටලවා ගත්තාම අපේ රටේ හමුදාවට අධ්‍යාපනය ලබාදෙන්න තිබෙන තැනත් විනාශ කරනවා. අනෙක් පැත්තෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ තිබෙන ශාස්ත්‍රීය නිදහස සහ ස්වාධීනත්වයත් විනාශ කරනවා. උසස් අධ්‍යාපනයට සම්බන්ධ සංශෝධන කිරීමේදී හිතළු මත, උද්දච්ඡ තීන්දු මත කරන්න බැහැ. එහි ආදීනව වසර ගණනාවකින් අත්විඳින්න සිද්ධ වෙනවා. සහල් ගැසට් එකක් ගහනකොට. රසායනික පොහොර තහනම් කරනකොට අනුගමනය කළ ක්‍රමවේද උසස් අධ්‍යාපන සම්බන්ධයෙන් ගන්න ජනාධිපතිවරයාට බැහැ. ඉදිරිපත් කර තිබෙන සංශෝධනය මඟින් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට අප එල්ල කරන ලද විවේචනයට කිසිසේත්ම උත්තරයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ජනාධිපතිවරයා කළ යුතු වන්නේ ඉදිරිපත් කර තිබෙන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත වහාම ඉවත් කරගන්න එකයි. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කරන්න අවශ්‍ය නම් එය පුළුල් සංවාදයකින් පසුව කළ යුතුයි.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය
1981 කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සහ ඊට පස්සේ කළ සංශෝධනවලත් ත්‍රිවිධ හමුදාවලට අවශ්‍ය නිලධාරීන් පුහුණු කිරීම කියන විශේෂ කාර්යයක් පැවැරී තිබුණා. නමුත් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හැටියට 2018 ගෙනා පනත තුළින් ඒ විශේෂ කාර්යය අහෝසි කරලා. වර්තමාන ආණ්ඩුව දැන් ගෙනත් තිබෙන්නේ ඒ පනතමයි. ඒ අනුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය තවදුරටත් විශේෂ කාර්යයක් ඉටු කරන තැනක් විදිහට හඳන්වන්න බැහැ.
මොන වගේ තර්කයක් තුළ මේ සංශෝධන ගේනවාද කියලා හිතාගන්න බැහැ. කොතලාවල පනතට ගෙනා ප්‍රධාන විරෝධය අධ්‍යාපනය මිලිටරිකරණය කිරීම ගැන. ඒ ව්‍යුහය කිසිසේත්ම වෙනස් නොකර සිවිල් පරිපාලනයක් තියෙන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට මේ මිලිටරි ආයතනය ඔබන්න යනවා. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මේ දෙකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? සමාජයෙන් ආපු විරෝධයට මතුපිටින් දක්වන පිළිතුරක් හැටියට ආණ්ඩුව මේ විශ්වවිද්‍යාලය යූ.ජී.සී. එක යටතට පවරා ගන්න බව කීවා. නමුත් මේ තුළින් කිසිම පැහැදිලි තත්ත්වයක් නැහැ. කොතලාවල විශ්වවිද්‍යාලයට තිබුණු විශේෂ කාර්යයත් එයට අදාළව ආණ්ඩුව ගෙනෙන පනතට තිබුණු විරෝධයත්, මිලිටරිකරණය අධ්‍යාපනයට ගෙන ඒමත්, උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණයත් කිසිසේත්ම වෙනස් වෙන්නේ නැහැ. එක ප්‍රශ්නයක්වත් විසඳෙන්නේ නැහැ. මෙයට විරෝධීව අපි මතු කළ ප්‍රධානම කරුණ සමාන්තර විශ්වවිද්‍යාල ව්‍යුහයක් රජය විසින්ම ආරම්භ කිරීමේදී රාජ්‍ය විශ්වවිද්‍යාලවලට අඩු අවධානයක් යොමුවන බවයි. දැනටමත් කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවන්ට අවුරුදු ගාණක් තිබුණු නේවාසිකාගාරයක් දැන් නාගරික සංවර්ධන අධිකාරියට අයිති කරගෙන. විශ්වවිද්‍යාලයට තිබුණු දේපළක් මෙලෙස අත්පත්කර ගැනීමෙන් තහවුරු වෙන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ගැන මේ ආණ්ඩුව දක්වන ආකල්පයයි. අලුතින් ප්‍රතිපාදන ලබාදෙනවා වෙනුවට ආණ්ඩුව තියෙන සම්පත් පවා අහිමි කරමින් යනවා.
ආණ්ඩුවේ මේ හැම මැදිහත්වීමකින්ම පෙන්වන්නේ උසස් අධ්‍යාපනය ගැනවත් මිලිටරිය ගැනවත් කිසිම දැනුමක් නැති බවයි. අපි නැවත වතාවක් ඉල්ලා සිටින්නේ කොතලාවල විශ්වවිද්‍යාල පනත අහෝසි කරන්න කියලයි. ත්‍රිවිධ හමුදාවට උසස් අධ්‍යාපනය සඳහා මුලින් තිබුණු පනත අනුව ක්‍රියා කරන ලෙස අපි අවධාරණය කරනවා. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තියාගෙන දියුණු කරන්න ඕන තරම් දේවල් කළ හැකියි. ඒ ගැන ජාතික ජන බලවේගයේ කිසිම විරෝධයක් නැහැ.
ජාතික විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ආචාර්ය අනුර කරුණාතිලක
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත මඟින් ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා. විශ්වවිද්‍යාල පනතට ආරක්ෂක විශ්වවිද්‍යාලය ඇතුළත් වෙන්නේ නැහැ කියලා. යෝජිත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්මත කරගන්න උත්සාහ කරන්නේ විශේෂිත කාර්යයන් සඳහා නෙවෙයි. නමුත් කලින්ම තිබුණේ ආරක්ෂක හමුදාවලට උසස් අධ්‍යාපනය ලබාදීමේ විශේෂිත කාර්යය සඳහා. නමුත් අලුත් පනතින් සිවිල් ජනතාවටත් අවකාශ විවෘත කිරීම අපේක්ෂා කරනවා. ආණ්ඩුව කරලා තියෙන්නේ එක කඩතුලක් වහගන්න අමනෝඥ විදිහට කටයුතු කිරීමයි. තිබුණු විවේචනවලට ඇහුම්කන් දුන්නා නම් ඒ විවේචනවල හරය තේරුම් ගෙන කටයුතු කළා නම් ආණ්ඩුව මේ විදිහට කටයුතු කරන්නේ නැහැ. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හමුදාවලට උසස් අධ්‍යාපනය ලබාදීම සම්බන්ධයෙන් කිසිම විවේචනයක් තිබුණේ නැහැ. සිවිල් කණ්ඩායම්වලට මිලිටරිමය ව්‍යුහයකින් උසස් අධ්‍යාපනය ලබාදීම සම්බන්ධවයි විවේචනය තිබුණේ. හමුදාවලට උසස් අධ්‍යාපනය ලබාදෙන්න ඉඩකඩ පුළුල් කරන්න අවශ්‍යයි නම් ඒ සඳහා ක්‍රියා කරන එකයි ආණ්ඩුවට තිබුණේ. නමුත් රාජ්‍ය මැදිහත්වීම යටතේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පෞද්ගලික උසස් අධ්‍යාපන පද්ධතියක් ගොඩනැඟීමේ ආණ්ඩුවේ අරමුණ ඒ ලෙසම තියාගෙන මහජනතාව නොමඟ යැවීමට හදිසියේම විශ්වවිද්‍යාල පනතට සංශෝධනයක් ඉදිරිපත් කර තිබෙනවා. ජාතික ජන බලවේගය විදිහට අපි පැහැදිලි කරන්නේ මේ මඟින් ප්‍රශ්නය තවදුරටත් දික් ගැස්සී අවුල් වුණා මිසක් උත්තරයක් ලැබෙන්නේ නැහැ. ආණ්ඩුව මේ දී තිබෙන විසඳුම කිසිවෙකුත් පිළිගන්න එකක් නැති බව අපට පැහැදිලියි. තවදුරටත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පරාජය කරන්න කටයුතු කළ යුතුයි කියන අපේක්ෂාව අපිට තිබෙනවා. අපේ සහයෝගය ජාතික ජන බලවේගය හැටියට එයට නිරන්තරයෙන්ම ලබා දෙනවා.
– අනුරාධා හේරත් (www.mawbima.lk)
නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමටත්, අධ්‍යාපනය මිලිටරිකරණය කිරීමටත් ගෙන එනු ලබන කොතලාවල පනත ස්ථිරවම හකුළාගන්නා ලෙස ආණ්ඩුවට බල කරමින් පසුගියදා (17දා) දින ජාතික ජන බලවේගය කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවක් පවත්වන ලදී.එහි තේමා පාඨය වූයේ ‘අධ්‍යාපනයේ නිවහල් චින්තනය පාගන කොතලාවල පනත මිලිටරී සංස්කෘතිය රටට එපා’ යන්නය. නිරෝධායන නීති රීති අනුගමනය කරමින් පැවැත්වූ මෙම උද්ඝෝෂණයට ජවිපෙ නායකයන්, […]
නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමටත්, අධ්‍යාපනය මිලිටරිකරණය කිරීමටත් ගෙන එනු ලබන කොතලාවල පනත ස්ථිරවම හකුළාගන්නා ලෙස ආණ්ඩුවට බල කරමින් පසුගියදා (17දා) දින ජාතික ජන බලවේගය කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවක් පවත්වන ලදී.එහි තේමා පාඨය වූයේ ‘අධ්‍යාපනයේ නිවහල් චින්තනය පාගන කොතලාවල පනත මිලිටරී සංස්කෘතිය රටට එපා’ යන්නය.
නිරෝධායන නීති රීති අනුගමනය කරමින් පැවැත්වූ මෙම උද්ඝෝෂණයට ජවිපෙ නායකයන්, ජාතික ජන බලවේගයේ සාමාජිකයන්, වෘත්තීය සමිති නායකයන්, විද්වතුන්, කලාකරුවන්, සිවිල් හා බහුජන සංවිධාන ක්‍රියාකාරකයන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.එහිදී ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පැවැසුවේ පසුගිය (08දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කොතලාවල පනත තුළ ප්‍රධානතම අරමුණ අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීම බවත් මෙය තාවකාලිකව නොව ස්ථිර වශයෙන්ම හකුළා ගත යුතු බවත්ය.
ඕනෑම රටක හමුදා නිලධාරීන්ට සිය අධ්‍යාපන හා පුහුණු වීම් සඳහා වෙනම අධ්‍යාපන පීඨයන් ක්‍රියාත්මක නමුත් ලංකාවේ අධ්‍යාපනය මිලිටරිකරණය කිරීමට වත්මන් ආණ්ඩුව උත්සාහ කරන බවත් ආණ්ඩුව කටයුතු කරන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට බාහිරව බවත්ය. එමෙන්ම මේ හරහා ඇති හැකි අයට පමණක් අධ්‍යාපන ෙදාරටු විවර වන බවද ඔහු පෙන්වා දුන්නේය. එම නිසා ඇති හැකි හා නැති බැරි සියලු දෙනාට අධ්‍යාපන ෙදාරටු විවෘත කළ යුතු බැවින් ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය මිලිටරි සංස්කෘතියක් දක්වා ඇද දැමීමට කටයුතු නොකළ යුතු බවට මන්ත්‍රිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
අනුරාධා හේරත් (www.mawbima.lk)
By Harini Amarasuriya When the Kotelawela National Defence University Bill came up for discussion to the Ministerial Consultative Committee on Defence in Parliament, I submitted my observations to the Committee. Secretary to the Ministry of Defence, Gen Kamal Gunaratne, in his detailed response to my observations makes several interesting points about the decision to establish […]
By Harini Amarasuriya
When the Kotelawela National Defence University Bill came up for discussion to the Ministerial Consultative Committee on Defence in Parliament, I submitted my observations to the Committee.
Secretary to the Ministry of Defence, Gen Kamal Gunaratne, in his detailed response to my observations makes several interesting points about the decision to establish a feelevying treasury funded parallel university system, revealing the thinking behind the relationship between the State and education and also about the privatisation of education.
The Secretary explains that the KDU charges nominal fees so that ‘courses are not conducted at a loss and the services are maintained at optimal quality and standards’ and that it was emphasised by the Ministry of Finance that KDU should conduct its affairs ‘sustainably’ and ‘without a burden to the Treasury’.
He also goes on to say that KDU has succeeded in retaining ‘valuable foreign exchange within the country’ by providing an alternative to students who would have otherwise gone abroad and also generates foreign exchange by admitting foreign students.
This explanation reflects a common sentiment among policymakers today: the idea that public funding of education is a ‘burden’ and that all public spending must make economic sense – i.e. have a return of investment in purely financial terms. The idea that there can be areas of life and responsibilities of the State that go beyond simplistic economic calculations of growth, profit and returns seems remote.
This logic applied to education, has meant that education is viewed primarily, if not only, as an investment towards individual social mobility without any public value. It is then argued that not only is State withdrawal from education considered sensible, the right to education is viewed narrowly in terms of expanding choices – including the choice to pay for education.
A contrasting perspective on education can be seen when we consider the report on education by the Commission chaired by Mr. C.W.W. Kannangara that was presented to the State Assembly in 1943, known popularly as the ‘free education policy’. The authors of this report take the position that State responsibility for education is essential because a democratic nation, a nation gearing towards progress and development, requires a citizenry that is capable of fulfilling their roles and responsibilities in this journey.
So, just as much as education is about fulfilling individual potential and public funded education is about ensuring that socioeconomic position does not determine access to quality education, there is a larger expectation – that of education as essential for social transformation, for progress and for advancing civilisation.
There is a social and collective value placed on education – therefore, it is a public good and must be publicly financed so that it can rise above narrow individual or sectarian interests. It is unfortunate that today, the debate on privatisation of education has been reduced simply to the question of who funds education and about the freedom to choose.
Privatisation of education can take many forms: State withdrawal from education, and the growth of not-forprofit and for profit education is certainly one aspect of it. But the corporatisation of education and education being considered a commodity like any other commodity are also aspects of privatisation that unfortunately do not get sufficient attention.
This less discussed aspect of privatisation is perhaps what has had the greatest impact on what we understand by education as well as what we understand by the quality of education. When education becomes a commodity, it is stripped of its social and collective value.
It is then simply an individual investment in personal growth. Not only is it then perfectly reasonable that like any other commodity, you should pay for it – but also that you should be allowed to choose, based on your expectations and also your capacity to pay for it.
A certain minimum level of education must be guaranteed, but anything over and above is based on individual capacity and a personal responsibility. For instance, today, parents are expected to be much more involved in a child’s education than was expected of parents a generation before.
A child’s failures in education are often attributed to insufficient parental involvement or a problem with the child’s home. This attribution of personal failure diverts attention from systemic weaknesses that contribute to poor educational outcomes. This also changes the relationship between teacher and student.
Within our current understanding of education, the teacher is a facilitator, mediator in a person’s education. A teacher is expected to be technically competent and deliver certain educational outcomes. There is less recognition or space for the teacher as an individual, bringing in his or her own interpretation, life experiences and even eccentricities into the teaching-learning environment. The teacher becomes less of a craftsperson, someone who inspires, but more of a professionally competent mediator of knowledge.
There is less attention given to the teaching-learning experiences as relational, as collaborative and experiential. This shift can also be seen in the new managerialism that has entered education – the more prescriptive syllabi, and the more paperwork expected from teachers to demonstrate their technical and professional competence, reinforcing this idea of education as more transactional rather than collaborative and exploratory. We can also see this in the current enthusiasm for ‘online’ education.
Even if we forget the infrastructure difficulties that have made ‘online’ education inaccessible for many, the idea that the teaching learning experience can be simply transferred overnight on to an online platform reflects a distressing lack of understanding of the importance of the social context of education. This new management culture, also described as ‘audit culture’ has drastically influenced university life.
There is increased surveillance of both academics and students, casualisation of academic labour – as the idea of a longterm commitment to an institution, discipline or set of ideas becomes less and less fashionable – and academic responsibility becomes much more bureaucratic.
The idea of introducing time sheets, or finger printing to monitor academics would have been unthinkable some years ago and would have been met by fury and outrage, yet, today, it has become something that academics have had to negotiate with difficulty.
A university lecturer who publishes extensively in peer reviewed journals, even if few people read them or are even able to access them, is far more valued than a lecturer who spends a life time perfecting one area of study, resulting in far fewer publications – even if those publications have significant impact on teaching, learning and public discourse. All of this stems from the idea that education is no different to any other commodity and can be managed like any other commodity. Students are clients who need to be satisfied or whose needs are met.
If they pay for it, then they wield much greater influence than if they do not. Since when you pay for something, time is of the essence – any disruption to reaching the final goal of education – a certificate – is unthinkable.
So students who engage in politics, in activism, or who simply find lectures less interesting than other methods of learning, are frowned upon. Academic success is defined by google scholar rankings and points, rather than actual impact or influence on the lives and ideas of people.
It is unfortunate that current public debates on privatisation of education are reduced to the question of who finances education. The much more contentious issues are what privatisation means to how we understand education and what we expect from education – not just as individuals but as a society.
It is also unfortunate, that many of these aspects of privatising education – the audit culture, the corporatisation of education institutions, the de-valuing of the sociality of the teaching-learning experience – are taken as self-evident, inevitable and necessary for the ‘modernisation’ of education.
What we require today is a much less partisan but rigorous debate on the meaning and value of education and its value as a public good, and not simply as a tool for individual advancement, important as that may be. Ironically, if we pay attention to the former, it is perhaps far more likely that we might find it easier to produce the conditions necessary for the latter
https://ceylontoday.lk/news/the-many-faces-of-privatisation-and-its-impact-on-education
The Jathika Jana Balawegaya (National People’s Power) led by Janatha Vimukthi Peramuna staged a protest today (17) demanding the government to withdraw the Kotelawala Defense University Bill which is being brought to privatize free education and militarize education. Protesters carrying placards and shouting slogans lined up in front of the Colombo Fort Railway Station and […]
The Jathika Jana Balawegaya (National People’s Power) led by Janatha Vimukthi Peramuna staged a protest today (17) demanding the government to withdraw the Kotelawala Defense University Bill which is being brought to privatize free education and militarize education.
Protesters carrying placards and shouting slogans lined up in front of the Colombo Fort Railway Station and peacefully protested.
Jathika Jana Balawegaya leader Anura Kumara Dissanayake, Tilvin Silva, and many Jathika Balawegaya parliamentarians and artists participated in the protest. The government is accused of attempts to bring education under military rule through the controversial bill.