ඉතිහාසය වෙනස් කරන්නේ අධිෂ්ඨාන සහගත ජනතාවය. දැන් එම ජනතාවගේ කාලය එළඹ තිබේ. ඉතිහාසය අලුතින් ලිවීමට පෙරට එන සියලු ශ්‍රී ලාංකේය ජනතාවට 2023 නව වසර ජයග්‍රාහී සුබ නව වසරක් වේවා! வரலாற்றினை மாற்றியமைப்பவர்கள் திடசங்கற்பம் கொண்ட மக்களே! இப்பொழுது அந்த மக்களுக்கான காலம் பிறந்துள்ளது. வரலாற்றினை புதிதாக எழுதிட முன்வருகின்ற அனைத்து இலங்கை மக்களுக்கும் 2023 ஆம் வருடம் வெற்றிகரமான இனிய புது வருடமாக அமையட்டுமென நல்வாழ்த்து […]
ඉතිහාසය වෙනස් කරන්නේ අධිෂ්ඨාන සහගත ජනතාවය. දැන් එම ජනතාවගේ කාලය එළඹ තිබේ. ඉතිහාසය අලුතින් ලිවීමට පෙරට එන සියලු ශ්‍රී ලාංකේය ජනතාවට 2023 නව වසර ජයග්‍රාහී සුබ නව වසරක් වේවා!
வரலாற்றினை மாற்றியமைப்பவர்கள் திடசங்கற்பம் கொண்ட மக்களே! இப்பொழுது அந்த மக்களுக்கான காலம் பிறந்துள்ளது. வரலாற்றினை புதிதாக எழுதிட முன்வருகின்ற அனைத்து இலங்கை மக்களுக்கும் 2023 ஆம் வருடம் வெற்றிகரமான இனிய புது வருடமாக அமையட்டுமென நல்வாழ்த்து கூறுகிறேன்!
It is the determined people who change history. Now it is the time for such people. We wish all Sri Lankans who are coming forward to rewrite history, a Happy New Year 2023!
අවුරුදු හැත්තෑ පහකට ආසන්න කාලයක් රට විනාශ කළ එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යළි රට භාරදීමට මේ රටේ ජනතාව සූදානම් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් ද සිල්වා පවසයි. හෙතෙම මේ අදහස් පළ කළේ ඉකුත්දා මොනරාගල නව සතිපොළ භූමියේදී පැවැති ජාතික ජන බලවේගයේ මොනරාගල ආසන සමුළුව අමතමිනි. ප්‍රධාන ලේකම්වරයා එහිදී මෙසේද […]
අවුරුදු හැත්තෑ පහකට ආසන්න කාලයක් රට විනාශ කළ එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යළි රට භාරදීමට මේ රටේ ජනතාව සූදානම් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් ද සිල්වා පවසයි.
හෙතෙම මේ අදහස් පළ කළේ ඉකුත්දා මොනරාගල නව සතිපොළ භූමියේදී පැවැති ජාතික ජන බලවේගයේ මොනරාගල ආසන සමුළුව අමතමිනි.
ප්‍රධාන ලේකම්වරයා එහිදී මෙසේද කීය.
ජාතික ජන බලවේගය ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් ජන සභා පිහිටුවමින් රට පුරා යනවා. විවිධ පක්ෂවලට සහාය දුන්න පිරිස් මාලිමාව වටා එක්රොක් වෙමින් සිටින බව පැහැදිලියි. ඒ නිසා ඉදිරියේ කුමන මැතිවරණයක් පැවැත්වුවත් ජාතික ජන බලවේගයේ මාලිමාවට ජය හිමිවේ යැයි අප විශ්වාස කරනවා.
මාරුවෙන් මාරුවට රට පාලනය කළ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව රට බංකොලොත් කළා. දෙගොල්ලෝ දෙපැත්තට වෙලා රටේ සම්පත් විනාශ කරමින් තරගයට සොරකම් කළා. අද ඒ කණ්ඩායම් දෙකම එකට එකතු වෙලා. රට හදන්න වැඩපිළිවෙළක් අරඹන්න රටේ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා සටන් කරන ජාතික ජන බලවේගය වෙනම සිටිනවා. ජනතාව මේ වන විට තේරුම්ගෙන තිබෙනවා රට ගොඩනැඟීමට හැකියාව ඇත්තේ ජාතික ජන බලවේගය ප්‍රමුඛ ප්‍රගතිශීලී බලවේගයට බව.
රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය වන්නේ බදු ගැසීම, ණය ගැනීම සහ දේපළ විකිණීමයි. රටේ පාඩු ලබන ආයතන පමණක් නොව ලාභ ලබන ආයතනත් විකිණීමට යනවා. ගොවියා, ධීවරයා, කම්කරුවා සහ රාජ්‍ය සේවකයන් අද අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා. එදා වේල කන්න නොහැකි වෙලා. පොහොර නැතිව ගොවියා අතරමං වෙලා, ඉන්ධන නැතිව ධීවරයා අතරමං වෙලා, කුලී වැඩ කරමින් එදිනෙදා කීයක් හරි හොයාගත් කම්කරුවා අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා.
රජයේ රෝහල්වල බෙහෙත් නැහැ. පාසල් දරුවන්ට පොත්පත් ටික ගන්න විධියක් නැහැ. භාණ්ඩ මිල අහස උසට ඉහළ ගිහින්. රනිල් රාජපක්ෂ ආණ්ඩුවට මේවාට විසඳුම් නැහැ. ඉදිරියේදී පැවැත්වෙන සියලුම මැතිවරණවලට ජාතික ජන බලවේගය ඇතුළු සන්ධානය සූදානම්. ඒ සියලු මැතිවරණවලින් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරනවා. ඒ සඳහා සියලුම දෙනා අත්වැල් බැඳගන්නා ලෙස ඉල්ලා සිටිනවා.
ඌව වෙල්ලස්ස ඓතිහාසික සටන් බිමක්. තම ගොවිබිම් රැකගැනීමට දිවි පරදුවට තබා සටන් කළ පිරිසක් මෙහි ජීවත් වුණා. ඊට සක්‍රියව කාන්තාවන් දායක වුණා. අද රටේ පවතින ආර්ථික අහේනියෙන් වැඩියෙන්ම පීඩා විඳින්නේ කාන්තාවන්. මවුවරුන් සහ දරුවන් මන්දපෝෂණයට ගොදුරුවෙලා. දරුවාට කිරිපිටි ටික නැහැ. පෝෂ්‍යදායි ආහාර වේලක් දෙන්න බැරි වෙලා. මෙම තත්ත්වයට රනිල් රාජපක්ෂ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. මෙම තත්ත්වය වෙනස් කිරීමට රටේ සමස්ත කාන්තාව පෙරමුණට ආ යුතුයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් පමණයි රටේ පවතින ආර්ථික සහ සමාජයීය ගැටලුවලට විසඳුම් ලබාදිය හැක්කේ.
මහාචාර්ය හනිදුම සුනිල් සෙනෙවි, උෟව පළාත් සභාවේ හිටපු මන්ත්‍රි ආර්.එම්. ජයවර්ධන, මොනරාගල ප්‍රාදේශීය සභා මන්ත්‍රි අජිත් අගලකඩ යන මහත්වරු ඇතුළු ජාතික ජන බලවේගයේ නියෝජිතවරු කිහිපදෙනෙක් සමුළුව ඇමැතූහ.
– බිබිල / නඳුන් ගුණතිලක (මව්බිම)
ආර්ථිකයේ නරකම ප්‍රතිඵල විඳදරා ගන්නවා වෙනුවට මෙතෙක් කල් ක්‍රියාත්මකකළ විනාශකාරී ආර්ථික දේශපාලන ක්‍රියාමාර්ග වෙනස් කිරීමේ පාලනයක් වහාම පිහිටුවා ගත යුතු බව ජාතික ජන බලවේගයේ නායක – අනුර දිසානායක කුරුණෑගල විරෝධතා රැලියේදි(23) පැවසීය. ඔහු මෙසේද පැවසීය. “අද අපි හැමදෙනාම අත්විඳිමින් සිටින්නේ ස්වභාවික ව්‍යසනයකට නොව, මේ රටේ පාලකයා දීර්ඝ කාලයක් අත්කර දුන් විනාශකාරී පාලනයේ ප්‍රතිඵලවලටයි. ඒ නිසා […]
ආර්ථිකයේ නරකම ප්‍රතිඵල විඳදරා ගන්නවා වෙනුවට මෙතෙක් කල් ක්‍රියාත්මකකළ විනාශකාරී ආර්ථික දේශපාලන ක්‍රියාමාර්ග වෙනස් කිරීමේ පාලනයක් වහාම පිහිටුවා ගත යුතු බව ජාතික ජන බලවේගයේ නායක – අනුර දිසානායක කුරුණෑගල විරෝධතා රැලියේදි(23) පැවසීය.
ඔහු මෙසේද පැවසීය.
“අද අපි හැමදෙනාම අත්විඳිමින් සිටින්නේ ස්වභාවික ව්‍යසනයකට නොව, මේ රටේ පාලකයා දීර්ඝ කාලයක් අත්කර දුන් විනාශකාරී පාලනයේ ප්‍රතිඵලවලටයි. ඒ නිසා අපි කවුරුත් ඒ ප්‍රතිඵල විඳදරා ගන්නවා වෙනුවට මෙතෙක් කල් ක්‍රියාත්මකකළ විනාශකාරී ආර්ථික දේශපාලන ක්‍රියාමාර්ග වෙනස් කිරීමේ පාලනයක් පිහිටුවා ගත යුතුව තිබෙනවා. ජනතාවගේ වේදනාව, ඔවුන්ගේ සුසුම් අපේ හදවත්වලට දැනෙනවා නම්, අපි හැමෝටම පැවරී තිබෙන වගකීම වන්නේ ජනතාවාදී පාලනයක් ගොඩනැගීමට කැපවීමයි. ආර්ථිකයේ සියලු දත්තවලින් පෙන්නුම් කරමින් තිබෙන්නේ රට විශාල අගාධයකට හෙළා ඇති බවයි. එක පැත්තකින් ආණ්ඩුවට රුපියල් නැහැ. අනික් පැත්තෙන් රටට අවශ්‍ය ඩොලර් නැහැ.
විශේෂයෙන්ම දශක හතරකට වැඩි කාලයක් තිස්සේ මේ තත්වයට පිළියම් ලෙෂ යෙදුවේ නව ආර්ථික ක්‍රියාමාර්ග තුළින් ආර්ථික වර්ධනයක් සිදුකර එයින් යම් පංගුවක් භාණ්ඩාගාරයට ලබාගැනීම නොව, ණය ගැනීමත්, රටේ සම්පත් විකුණාගෙන කෑමත් විතරයි. ආණ්ඩුවක් කළ යුතු වන්නේ රටේ ආර්ථිකය ශක්තිමත් කර, පුළුල් කෙරෙන ප්‍රමාණයට භාණ්ඩාගාරයට ආදායම් උපයා ගැනීමයි. මේ රටේ ජනතාව ආණ්ඩු හදන්නේ ජනතාවගේ සුරක්ෂිතභාවයත් අභිවෘද්ධියත් සලසා ගැනීමටයි. නමුත් මේ දක්වා රට පාලනය කළ පාලකයන්ට ඒ සම්බන්ධයෙන් කිසිදු වුවමනාවක් තිබුණේ නැහැ. අද අපි අත්විඳිමින් සිටින්නේ ඒ ප්‍රතිවිපාක.
ව්‍යාපෘතිවලට ගත් ණය ආපසු ගෙවාගත නොහැකි උගුලක හිරවුණා. එයින් ජනතාවගේ ආර්ථිකය කඩා වැටෙමින් තිබෙනවා; රැකියා පවා අහිමිවෙමින් යනවා. තරුණ පරම්පරාව ආසන්න වශයෙන් තුන්ලක්ෂයක් වසරකට රැකියා වෙළඳපොළට එනවා. ඔවුන් වෙනුවෙන් රැකියා නිර්මාණය කෙරෙන ආර්ථිකයක් ගොඩනඟා නැහැ. මේ නිසා සියලු දෙනාම බලන්නේ මොකක් හෝ රැකියාවක් සොයාගෙන රට අතහැර යන්නයි. පසුගිය අගෝස්තු අවසන් වන විට අලුතින් හයලක්ෂ විසිපන්දාහක් පාස්පෝට් ලබාගෙන තිබුණා.
රට අත්හැර යාම හැර වෙනත් විකල්පයක් නැති බව කල්පනා කරමින් යන්න සූදානම් වුණත් පසුගිය කාලයේ විදේශ රැකියාවලට ගොස් තිබෙන්නේ එක්ලක්ෂ පනස්දාහයි. විසිට් වීසාවලින් ඩුබායිවලට ගිය හතළිස් දාහකට වැඩි ප්‍රමාණයක් කිසිදු රැකියාවක් නැතිව, අසරණ වී සිටිනවා. ඒ අතර ඉන්න අපේම සහෝදරියන්, අපේම දියණියන්, ගණිකා වෘත්තියට වෙන්දේසි කරන බව පසුගිය කාලයේ වාර්තා වුණා. අපි කවුරුත් මේ ආර්ථිකයේ රැකියා නිර්මාණය නොවීමේ අර්බුදයට මුහුණදී සිටිනවා.
ඒ වගේම විශාල භාණ්ඩ හිඟයක් ඇති වී තිබෙනවා. ආහාර උද්ධමනය 95%ක් වී තිබෙන බව ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛනවලින්ම ප්‍රකාශ වෙනවා. ආණ්ඩුවේ දත්ත කියන්නේ සැබෑ තත්වය වසන් කිරීමක් බව අපි කවුරුත් දන්නවා. ඇත්ත වසන් කරන්න හදන දත්තවලත් උද්ධමනය 95%යි. ඒ කියන්නේ මෙයට පෙර ආහාර මිල වගේ දෙගුණයකින් වැඩිවී තිබෙනවා. නමුත් කෘෂිකර්මාන්තයෙහි යෙදී සිටින අයගේ ආදායම් වැඩිවී නැහැ. ධීවර ක්ෂේත්‍රයේ ආදායම් වැඩිවී නැහැ. ස්වයං රැකියා කරන්නන්ගේ ආදායම් වැඩිවී නැහැ. මාසික වැටුප් ලබන්නන්ගේ පඩිපත වැඩිවී නැහැ. වැඩිවෙනවා වෙනුවට ඒ ආදායම් සියල්ල හැකිළී තිබෙනවා. මේ නිසා තමන්ගේ දරුවන්ට අවශ්‍ය ආහාර ලබාදීමට නොහැකි වීමෙන් විශාල අහේනියකට මුහුණ දී සිටිනවා.
ඒ වගේම රෝහල්වල අත්‍යාවශ්‍ය බෙහෙත් නැහැ. රටේ පුරවැසියන් ඖෂධ නැතිව මිය යන තත්වයක් ඇතිවී තිබෙනවා. පාසල් දරුවන්ගේ පොත් පත් ඇතුළුව උපකරණ ලබාදීමට නොහැකි වී අපි සෑමදෙනාගේම ජීවිත කුඩුපට්ටම් වී තිබෙනවා. මේ එකක්වත් ස්වභාවික තත්වයක් නොවේ.
මේ විනාශකාරී මාවතේම ඉදිරියට යනවා වෙනුවට මෙය වෙනස් කිරීමේ වගකීම අපි භාරගන්නවා. මේ තත්වය යටතේ ජනතාව ජාතික ජන බලවේගය වටා ඒකරාශී වීම වැළැක්වීමට පාලකයන් විවිධ ප්‍රශ්න නිර්මාණය කරනවා. ඇත්ත ප්‍රශ්නය යට ගහනවා. 2019යේ චන්ද්‍රිකා ජනාධිපති හැටියට තේරෙන්නේ ආර්ථික ප්‍රශ්න අනුව නොවෙයි, මහනගර සභා බෝම්බයේ අනුකම්පාවෙන්. 2005 තීරණාත්මක වුණේ රනිල් වික්‍රමසිංහ අත්සන් කර තිබූ පාවාදීමේ ගිවිසුමට එක්ව බැඳුනු යුද්ධය. 2010දී යුද්ධය අවසන් කළේ ෆොන්සේකාද මහින්දද කියන ප්‍රශ්නය ඉස්සරහට ගෙනාවා. ආර්ථිකය ගැන කතා කළේ නැහැ. 2015දී සුදුවෑන්, මාධ්‍යවේදීන්ට පහරදීම්, ඝාතනයන්, නැවැත්වීම සහ ප්‍රජාතන්ත්‍රවාදය තීරණාත්මක කර ගත්තා. 2019දී තීරණාත්මක බව කීවේ ජාතික ආරක්ෂාව, රට බේරා ගැනීමයි. වඳ කොත්තුවලින්, වඳ ඇඳුම්වලින්, වඳ දොස්තරලාගෙන් සිංහල ජනතාව වඳ කරන බව කිව්වා. සිංහල ජාතිය වඳකිරීම සඳහා දැවැන්ත කුමන්ත්‍රණයක් තිබෙන බව කිව්වා. 2019 මුස්ලිම් ජනතාව ගැන සැකයෙන් බලන තත්වයක් නිර්මාණය කර, ඔවුන්ට එරෙහිව සිංහල ජනතාවගේ බලයක් ගොඩනැගීම ගැන කිව්වා. “කන්ට නැතත් කමක් නෑ, ඉන්ඩ රටක් ඕනෑ” කියලා කිවා. ඒ වගේම ජාතික බේරාගන්න ඕන බව කීවා.
පසුගිය දවස්වල ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පාරට බැහැලා තමන්ම හදාගත්ත ආණ්ඩුව පළවා හැරියේ ආර්ථික ප්‍රශ්න නිසා. නමුත් මේ දක්වා ආණ්ඩු හැදුවේ යුද්ධය, ජාතික ආරක්ෂාව, රට බේරා ගැනීම වගේ මාතෘකාවලින්. ඒගෝල්ලෝ හැමදාමත් රටේ ජනතාව දෙපිළ බෙදන්න විවිධ ප්‍රශ්න හැදුවා. අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය හොඳින් පිටපත ලියලා රඟ දක්වන ලද නාටකයක්. 21 පාස්කු ප්‍රහාරය සිද්ධ කළාට පසු 25වැනිදා ජාතික ආරක්ෂාව තහවුරු කරන්න ජනාධිපති වෙන බව ඝෝඨාභය රාජපක්ෂ කිව්වා. මේවා සැලසුම් නොවේ නම්, පාස්කු ප්‍රහාරයට දඬුවම් දුන්නේ නැත්තේ ඇයි? තමන්ගේ බලය වෙනුවෙන් ඔවුන් ලේ වැකි කුමන්ත්‍රණ සිදුකරනවා. ඕන ගමක රෑට රෑට හොරෙන් අයිස් පැකට් බෙදලා උදේට අල්ලන්නත් පුළුවන්. එහෙම බඩු තමයි ඔවුන්.
ආර්ථික වශයෙන් කඩා වැටුණු රටක ස්වෛරීභාවය රැකෙන්නේ නැහැ. අපේ රටේ අවුරුදු 2500ක ඉතිහාසයේ අභිමානය කෝ? ලෝකය ඉදිරියේ අභිමානය වැට්ටූ රටක් නිර්මාණය කරලා රනිල් වික්‍රමසිංහ රට ගොඩනැඟීම ගැන කතා කරනවා. ඒ වෙනුවෙන් බව කියමින් බදු ගහනවා. විදුලි බිල වැඩිකරනවා. තෙල් මිල සිය ගණනකින් වැඩිකරලා රුපියල් දහයකින් අඩු කළා. ගෑස් ටැංකිය රුපියල් 5000/-කට වැඩි කරලා රුපියල් 250/කින් අඩු කළා. රට ආර්ථික වශයෙන් වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩගැනීමට දැක්මක් හෝ සැලැස්මක් රනිල්ලාට නැහැ. ජනවාරි මාසයේ සිට නැවත වරක් විදුලි බිල වැඩි කරන්න සූදානම් වෙනවා. විදුලි බිල වැඩිකරනවා කියන්නේ සෑම භාණ්ඩ හා සේවාවකම මිල වැඩිවීමයි. ඒ වගේම ඉතාමත් වටිනා ජාතික සම්පත් විකුණන්න දාලා තිබෙනවා. රක්ෂණ සංස්ථාවේ ගිය වසරේ ලාභය බිලියන එකොළොස් දාහයි. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ගිය වසරේ ලාභය මිලියන දහතුන්දහස් එකසිය හතළිස් හතරයි. ඒකත් විකුණන්න දාලා. ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ මාසික ලාභය මිලියන එකසිය තිස්පහයි. ඒකත් විකුණන්න දාලා. වෝටර්ස් ඒජ් හෝටලයේ ගිය වසරේ ලාභය මිලියන 360යි. මේවෙග් සියලු ජාතික සම්පත් විකුණන අතර, බලාගාර ටික විකුණන්න දැන් සැලසුම් කර තිබෙනවා. මේ වගේ පාලකයෝ මහජන විරෝධය හමුවේ හොර රහසේ රටින් පළා ගිහින් දැන් රනිල් වික්‍රමසිංහ යටතේ ප්‍රසිද්ධියේ ආපසු ආවා. ඒගොල්ලන්ගේ පංතිය බේරා ගන්න අවස්ථාවක සූදානම්. ඒ නිසා අපි හමුවේ තිබෙන්නේ මේ ආර්ථිකයත් මේ දේශපාලන සංස්කෘතියත් වෙනස් කරන නව සටනක් දියත් කර, ජයග්‍රහණය කරා ගෙනයාමයි. ලංකාවේ මෑත කාලයේ මතුවී තිබෙන විශේෂිතම දේශපාලන, තත්වය යොදා ගනිමින් ජාතික ජන බලවේගය ජනතාව ජයග්‍රහණය කරා, ගෙනයාමේ පාලනයක් පිහිටුවනවා.
ප්‍රවීණ රංගන ශිල්පී, කථිකාචාර්ය – ප්‍රසන්නජීත් අබේසූරිය
මෙතෙක් රට පාලනය කළ සියලු දෙනාම මේ වනවිට අපේ රට ඇද දමා ඇති ඛේධනීය තත්වය කෙතරම්ද කියනවානම් කොන්ද කෙලින් තබාගෙන හිතට එකඟව ජාතික ගීය ගායනා කිරීමටවත් අවස්ථාවක් ඉතිරි කර නෑ.
අපේ දරුවන්ට සැබෑ ලෙසම ආදරේ කරන්නේනම් මේ දක්වා රට පාලනය කළ පිරිසි ඉදිරියේදී ඇදීමට සූදානම් වන අවසන් තුරුම්පු පරාජය කර මිනිසුන්ට ගෞරවයෙන් සහ මනුෂ්‍යත්වයෙන් ජීවත්විය හැකි රටක් ගොඩනැගිය යුතුයි. අපේ ජාතික ගීතයේ ධ්‍යාන්‍ය ධනය නෙක මල පලතුරු පිරි ජය භූමිය රම්‍යා යනුවෙන් සඳහන්ව තිබුණද මේ වනවිට කංකුං මිටියත් පිටරටින් ගේන බවත් එක මවකගෙ දරුවෝ ලෙස ජීවත්විය යුතු බව කීවත් පාලකයන්ගේ දේශපාලන වාසි කතා බෙදා වෙන් කර සිටිනවා.
නමුත් මේ යුගය අවසන් කළ සැබෑ ලෙසම ජනතාවට ආදරය කරන ජනතාවාදී පාලනයක් ගොඩනැගීමට ජාතික ජන බලවේගය වටා සියලුදෙනාම ඒකරාශී වෙමින් ජනතාව දැනුවත් කරමින් ජයග්‍රහණය කරා යායුතුයි.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක – නාමල් කරුණාරත්න
මෙම විරෝධතා රැලිය වැලැක්වීමට විවිධ බලපෑම් පොලිසිය හරහා සිදු කළත් එය වැලැක්වීමට තක්කඩි ආණ්ඩුවට නොහැකි වූ බවත් පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවේ අති බහුතරය මේ වනවිට ජාතික ජන බලවේගය සමග එක් වී සිටිනවා.
පැවැත්වීමට නියමිත ඡන්දය කල් දමන්න විවිධ ආකාරයෙන් සූදානම් වීම නතර කරන ලෙස අනතුරු අඟවන බව පැවසූ ඔහු මේ වනවිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොට්ඨාස සභා 650ක් පිහිටුවා අවසන් බවද සිංහල, දෙමළ, මුස්ලිම් සයලු දෙනා ජාතික ජන බලවේගය වටා එකතුවෙමින් නව පාලනයක් පිහිටුවා ගැනීමට සූදානම් වෙමින් සිටින බව කීය. එහෙත් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධව සිටි බහුතය අප සමග එක්වී සිටින අතර පොහොට්ටුවේ සියලුම දෙනා පාහේ අදවනවිට එක් වෙමින් සිටින්නේ , සජිත්ගේ කණ්ඩායම, ෆොන්සේකා, චම්පික රණවක වශයෙන් කොටස් තුනකට බෙදී ඉන්නවා.
චිත්‍රපට අධ්‍ය, ප්‍රවීන රංගන ශිල්පී, ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික- ජගත් මණුවර්ණ
මෙයට පෙර 2015දී රාජපක්ෂලා පලවා හැරියද ජනතාවාදී පාලනයක් පිහිටුවීමට නොහැකි වූ බවත් ජූලි 09 වෙනිදා රාජපක්ෂ පවුල් බලය පලවා හැරීමෙන් පසුවද බිහිකළ නොහැකි වූ ජනතාවාදී පාලනය ගොඩනැගීමට මේ වනවිට ජාතික ජන බලවේගය වටා රටේ බහුතර ජනතාව රෝද බඳිමින් සිටිනවා.
රට් ජනාධිපති යැයි හිතාගෙන ඉන්න පුද්ගලයා බුදු හාමුදුරුවන්ට අංගුලිමාල යොදවා ගල් පෙරළන කතා කියමින් පොලිසියේ හා හමුදාවේ ආරක්ෂාව ලබා ගනිමින් ජනතාව මර්ධනය කළ හැකි බව කල්පනා කළත් ආරක්ෂක අංශවල බහුතරය නියමිත වෙලාව පැමිණෙනතුරු කල් බලමින් ජනතාව සමග එක් වීමට සූදානමින් සිටිනවා. එවැනි බහුතර ජනතාව මේ වනවිට මාලිමාව වටා එක්වෙමින් නිවැරදි දිශාව තීරණය කර අවසන්.
2015 ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයට ගිය අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ කලාකරු ලක්ෂ්මන් විජේසේකර ඇතුළු පිරිසට රාජපක්ෂ මැරයන් ප්‍රහාර එල්ල කළා. එදත් ජනතාව වෙනුවෙන් තම යුතුකම් කොටස කලාකරුවන් වශයෙන් ඉටු කළා.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් – ටිල්වින් සිල්වා
අපේ රටේ ඉතිහාසය අලුතින් ලියන්න පෙළගැසෙන ජනතාව පළමු වතාවට ජනතාවාදී පාලනයක් පිහිටුවන්න පෙළගැසෙමින් සිටින අතර රනිල් වික්‍රමසිංහලාට සහ රාජපක්ෂ පාලට තිබුණු බලය අවසන් වී ඇති බවත් දැනට කුඩා බලයක් පාලර්ලිමේන්තුවේ සහ ව්‍යවස්ථාවේ පමණක් ඉතිරි වී තිබුණද මහජන බලය හමුවේ එයද අවසන් වෙනවා.
තම බලය අවසන්වෙමින් එන බව දැන දැනත් පොලිසිය යොදවා මහජන පෙළගැස්මට කුඩා අවහිරකම්, බාධා එල්ල කළද එවැනි දේට සූදානම් වෙන්න එපා. මෙයට පෙර එවැනි බාධා කිරීම් කළ හැකි වූ ආරක්ෂක අංශ පවා මේ වනවිට මහජන බලවේග සමග එකතු වී තිබෙනවා.
ඇත්ත බලය මහ පාරේ ජනතාව තුළ තිබෙන්නේ. මේ වනවිට රට විනාශ කළ කල්ලිය එක පැත්තකට දමා රට ගොඩනැගීමට සූදානම් ජනතාව ජාතික ජන බලවේගය වටා එක් වී මේ රටේ ඉතිහාසය අලුතින් ලිවීමේ ජනතාවාදී පාලනයක් වෙනුවෙන් පෙළගැසෙමින් මේ වනවිට පවතින ආර්ථික පීඩනයන් ඇතුළු සියලු පීඩාවන්ට එරෙහිව අරගල කරමින් පෙරට යන බවත් එය කිසිවෙකුට නවත්වන්න බෑ.
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික– ව්‍රායි බල්තසාර්
අපි කොච්චර මහින්සි වී වැඩ කළත් දරුවන්ගේ කෑම පෙට්ටි පුරවන්න හැකියාවක් මේ රටේ පාලකයන් ඉතිරි කර නැති බවත් මත් ද්‍රව්‍ය ජාවාරම් වැටලීමට බව කියමින් දරුවන්ගේ බෑග් පරීක්ෂා කිරීමේ මාධ්‍ය සංදර්ශන නවත්වා ඒ දරුවන්ගේ හිස් කෑම පෙට්ටි කෙරෙහි අවධානය යොමු කරන ලෙස බල කරනවා.
මේ නත්තල් සමයේ දරුවන් කැමති, දරුවන් ආසා කරන කිසිදු දෙයක් ලබා දීමට හැකියාවක් දෙමව්පියන්ට ජන පීඩක ආණ්ඩු විසින් ඉතිරි කර නැති බවත් නිවසේ සියලු දෙනාම පීඩනයට පත් කරලා. මේ වනවිට නිකුත් කර තිබෙන අලුත්ම සංඛ්‍යා ලේඛන අනුව අපේ රටේ ජනගහණයෙන් 36%ක් ආහාර අහේනියකට ලක් වී ජනගහනයෙන් 80%ක් කුමන හෝ ආහාර අර්බුදයකට පත් කොට ඇති බවත් මේ තත්වයෙන් මිදීමට අපේ කාන්තාවෝ කුමන හෝ විදේශ රැකියාවක් සඳහා පිටත්කර යැවීමට සලස්වා තියනවා . මේ නිසා නැවත වටයකින් දරුවන්ගේ ජීවිත අනාරක්ෂිත වෙනවා. එසේ නොවන ජාතික ජන බලවේගයේ ජනතාවාදී පාලනයක් පිහිටුවා ගැනීමට පෙළගැසෙන ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.
– අනුරාධා හේරත් (මව්බිම)
අපේ රටේ ඉතිහාසය අලුතින් ලියන්න පෙළගැසෙන ජනතාව පළමු වතාවට ජනතාවාදී පාලනයක් පිහිටුවන්න පෙළගැසෙමින් සිටින අතර රනිල් වික්‍රමසිංහලාට සහ රාජපක්ෂ පාලට තිබුණු බලය අවසන් වී ඇති බවත් දැනට කුඩා බලයක් පාලර්ලිමේන්තුවේ සහ ව්‍යවස්ථාවේ පමණක් ඉතිරි වී තිබුණද මහජන බලය හමුවේ එයද අවසන් වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි. ඔහු මේ බව […]
අපේ රටේ ඉතිහාසය අලුතින් ලියන්න පෙළගැසෙන ජනතාව පළමු වතාවට ජනතාවාදී පාලනයක් පිහිටුවන්න පෙළගැසෙමින් සිටින අතර රනිල් වික්‍රමසිංහලාට සහ රාජපක්ෂ පාලට තිබුණු බලය අවසන් වී ඇති බවත් දැනට කුඩා බලයක් පාලර්ලිමේන්තුවේ සහ ව්‍යවස්ථාවේ පමණක් ඉතිරි වී තිබුණද මහජන බලය හමුවේ එයද අවසන් වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ කුරුණෑගලදී මේ වනවිට ආරම්භ වී ඇති ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන රට විකුණන, ජනතාව මර්දනය කරන, ජනපීඩක ආණ්ඩුවට එරෙහි ජන බල විරෝධතා රැලිය අමතමිනි.
තම බලය අවසන්වෙමින් එන බව දැන දැනත් පොලිසිය යොදවා මහජන පෙළගැස්මට කුඩා අවහිරකම්, බාධා එල්ල කළද එවැනි දේට සූදානම් නොවන ලෙසත් මෙයට පෙර එවැනි බාධා කිරීම් කළ හැකි වූ ආරක්ෂක අංශ පවා මේ වනවිට මහජන බලවේග සමග එකතු වී ඇති බවත් එම රැලිය අමතමින් ඔහු අවධාරණය කළේය.
ඇත්ත බලය මහ පාරේ ජනතාව තුළ තිබෙන බැවින් මේ වනවිට රට විනාශ කළ කල්ලිය එක පැත්තකට දමා රට ගොඩනැගීමට සූදානම් ජනතාව ජාතික ජන බලවේගය වටා එක් වී මේ රටේ ඉතිහාසය අලුතින් ලිවීමේ ජනතාවාදී පාලනයක් වෙනුවෙන් පෙළගැසෙමින් මේ වනවිට පවතින ආර්ථික පීඩනයන් ඇතුළු සියලු පීඩාවන්ට එරෙහිව අරගල කරමින් පෙරට යන බවත් එය කිසිවෙකුට නැවැත්විය නොහැකි බවත් අවධාරණය කරනු ලැබීය.
– ලංකා ටෘත්
විදේශ රැකියාවලට යන අපේ කාන්තාවන්ට විඳින්නට සිදුවී තිබෙන අතවර පිළිබඳව වාර්තා දිගින් දිගටම මාධ්‍යවල පළවෙනවා. විශේෂයෙන් ඕමානයේ තානාපති කාර්යාලයට අනුයුක්ත කර සිටින පරිපාලන නිලධාරී ඊ. කුෂාන් කියන පුද්ගලයා පිළිබඳ වාර්තා කළ මාධ්‍යවලටත් දැන් එය අමතක වී තිබීම කනගාටුවක්. මේ වසරේ ජනවාරි 28 වැනිදා එවකට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ජනරාල් මහින්ද හතුරුසිංහ මේ පුද්ගලයා පිළිබඳව […]
විදේශ රැකියාවලට යන අපේ කාන්තාවන්ට විඳින්නට සිදුවී තිබෙන අතවර පිළිබඳව වාර්තා දිගින් දිගටම මාධ්‍යවල පළවෙනවා. විශේෂයෙන් ඕමානයේ තානාපති කාර්යාලයට අනුයුක්ත කර සිටින පරිපාලන නිලධාරී ඊ. කුෂාන් කියන පුද්ගලයා පිළිබඳ වාර්තා කළ මාධ්‍යවලටත් දැන් එය අමතක වී තිබීම කනගාටුවක්. මේ වසරේ ජනවාරි 28 වැනිදා එවකට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ජනරාල් මහින්ද හතුරුසිංහ මේ පුද්ගලයා පිළිබඳව ඇමතිවරයාත් දැනුවත් කිරීමෙන් පසුව ආපසු කැඳවීමේ ලිපියක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා මගින් යැව්වා. “මෙම ලිපිය ලද පසු දින 14ක් ඇතුළත වහාම කැඳවන්න” යනුවෙන් සඳහන් කර තිබුණා. මේ පුද්ගලයාගේ කටයුතු පිළිබඳව ශ්‍රමිකයින්ගෙන් ලැබී තිබුණු පැමිණිලි, අභ්‍යන්තර විගණන අංශයෙන් සිදුකළ පරීක්ෂණවල වාර්තා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ වාර්තා අනුව මෙම නියෝගය කර තිබුණා.
නමුත් දින 14ක් ඇතුළත කුෂාන් නැමැත්තා ආපසු පැමිණියේ නැහැ. ඉන් අනතුරුවත් ඔහු විසින් දිගින් දිගටම සිදු කළ අතවර සිදුවීම් සම්බන්ධයෙන්, විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ නව සභාපතිවරයා විසින් ඔහුගේ වැඩ තහනම් කර නොවැම්බර් 11දා ලිපියක් යවා තිබුණා. “විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ නිලධාරියෙකු වන ඔබ, ඕමානයේ පිහිටි තානාපති කාර්යාලයේ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ දෙවන ලේකම් ලෙස කටයුතු කරමින් සිටියදී ගෘහ සේවය සඳහා විදේශ ගතව ඕමානයේ පිහිටි විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ සුරක්ෂා නිවස්නයට පැමිණ ශ්‍රී ලාංකික කාන්තාවකට අයුතු ලිංගික බලපෑම් කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ද අනාවරණය වී ඇති බව කාර්යාංශයට වාර්තා කර ඇත.” යනුවෙන් එහි සඳහන් වුණා. එම ලිපිය ලද වහාම ශ්‍රී ලංකාවට නැවත පැමිණෙන ලෙස ඔහුට නියෝග කර තිබුණා. ජනවාරි 28 ඉඳලා මේ පුද්ගලයා නොවැම්බර් 11 වන තුරුත් ආපසු කැඳෙව්වේ නැහැ. ඒ ගැන වගකීම බාරගන්නේ කවුද? අවසානයේ මොකුත් කෙරිලා නැහැ.
මෙවැනි පුද්ගලයෝ සමහර විට දේශපාලන බලය, රාජ්‍ය බලය අපේ රටේ අහිංසක කාන්තාවන්ට විරුද්ධව අඩම්තේට්ටම් කිරීමට යොදා ගන්නවා. ඔවුන් වැඩකරන්නේ ජනතාවගේ අයිතිකාරයන් වගේ; ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන සේවකයන් හැටියට නොවෙයි. හොඳ නිලධාරීන් ටික දෙනෙක් ඉන්න අතර මැදපෙරදිග ගෘහසේවයට ගිය කාන්තාවන් හාම්පුතාගෙන් අතවරයට ලක්වෙලා, තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවාසවලට ආවාට පස්සේ නිලධාරීන්ගෙන් අතවරවලට ලක්වෙනවා නම්, මේ රට මොකක්ද? ඔවුන් ගේන ඩොලර් ටික දිහා විතරක් බලාගෙන ඉන්නවා. ඔවුන්ට රැකවරණයක්, ආරක්ෂාවක් ලබාදෙන්නේ නැහැ.
මෙවැනි ඛේදවාචක මාධ්‍යවලින් වාර්තා කරන තුරු ආණ්ඩුවක් බලාගෙන ඉන්නවා. මම කියූ කාරණයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් ලබාදුන් පසුවයි මේ නිලධාරියාගේ වැඩ තහනම් කරන්නේ. මේක එක සිද්ධියක් හැටියට අපි සලකන්නේ නැහැ. මෙවැනි කාන්තාවන් මුහුණ දෙන අපරාධවල එක උදාහරණයක් විතරයි. විදේශගත ශ්‍රමිකයන්ගෙන් ගාස්තු අයකරත්, රක්ෂණ ආවරණය සලසා තිබුනත්, අදාළ අවස්ථාවල ප්‍රතිලාභ ලබාදෙන්නේ නැහැ. ඔවුන්ගේ බදු මුදල්වලින් තානාපති නිලධාරීන්ට වැටුප් ලබාදෙනවා. විදේශගත ශ්‍රමිකයන් තානාපතිවරුන්ගේ හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ගේ සේවකයින් නොවෙයි. ඒ බව අපි අවධාරණය කරනවා. සමහර නිලධාරීන් හිතාගෙන ඉන්නේ විදේශ රැකියා නියුක්තිකයන් කියන්නේ ඒ අයගේ සේවකයන් හැටියටයි. තානාපති කාර්යාලය, විදේශ රැකියා නියුක්ති කාර්යාංශය, විදේශගත ශ්‍රමිකයන්ට සේවා සලසා දිය යුතුයි. ඒ හැර මේ අයගේ බදු මුදල්වලින් පඩි අරගෙන නිකම් ඉන්න නොවන බව අවධාරණය කළ යුතුයි.
ඉතා යුහුසුළුව මැදිහත් වී, විදේශගත ශ්‍රමිකයන් තමන්ගේ ඥාතීන්සේ සලකා ක්‍රියාකරන නිලධාරීන් නැතුවා නොවෙයි. ඒ ඉන්න සුළු පිරිස ගැන නොවෙයි ප්‍රශ්නය තිබෙන්නේ. කොරෝනා වසංගත කාලයේදී වගේම වෙනත් විවිධ අවස්ථාවලදී අපේ සහෝදරියන්, කාන්තාවන් සුරක්ෂා නිවාසවලට ගියාම හාම්පුතුන්ගෙන් සිදුවන අතවරයන්ට වඩා අතවරයන්ට ලක්වී තිබෙනවා. මේ තත්වය වළක්වන්න එතෙර අපි සංවිධානය හැටියට දිගින් දිගටම අපි කටයුතු කරනවා. ඕමාන් සිද්ධියේදී නිලධාරියා ලංකාවට කැඳවීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. කාලයට යට කරලා ඉවත දාන්න ඉඩදෙන්නත් අපි සූදානම් නැහැ.
විදේශ රැකියා නියුක්ති කාර්යාංශය අයකර ගන්නා ගාස්තු ඉතා අධිකයි. ශ්‍රී ලාංකිකයන් හැටියට ඒ රටවල්වල රැඳිලා ඉන්න පාවිච්චි කරන පාස්පෝට් එක අලුත් කරන්න විශාල මුදලක් අයකරනවා. එක්සත් එමීර් රාජ්‍යයේදී ආසන්න වශයෙන් රුපියල් 58,000/-ක් අය කරනවා. කටාර්වල දී රුපියල් 57,500/-ක් අය කරනවා. සෞදි අරාබියේදී එම මුදලමත් ඕමානයේදී රුපියල් 58,000/-කුත් අය කරනවා. මේ තරම් විශාල මුදලක් අය කරලත් මාස දෙකකට වැඩි කාලයක් ගත වෙනවා. නමුත් ශ්‍රමිකයන්ට නිලධාරීන්ගෙන් ලැබෙන්නේ ලබාදෙන සේවයට අය කරන විශාල මුදලට කිසිසේත්ම අදාළ නොවන ප්‍රතිචාරයි. ආණ්ඩුවේ දේශපාලකයන් විදේශ විනිමය නාස්ති කරනවා. විදේශ විනිමය උපයා දී රටට බදු ගෙවන මේ ශ්‍රමිකයන් රටේ විශාලම ඩොලර් සංචිතය නඩත්තු කරනවා. විදේශගත ශ්‍රමිකයාගේ ඩොලර් නැත්නම් බංකොලොත් වුණු රට තවත් ප්‍රපාතයට ඇද වැටෙනවා. අපේ රට ලෝක සිතියමෙන් මකලා දාන තත්වයකට පත්වෙනවා.
විදේශ රැකියා නියුක්තිකයන් ආයෝජනවලට, ව්‍යාපාරවලට සල්ලි එවන්නේ නැහැ; එවන්නේ ගෙදර පරිභෝජනයට පමණයි. විදේශ විනිමය ඉපයූවත් සංචාරකයින්ට සේවා සැපයීමට පිරිවැයක් දරනවා. නමුත් විදේශගත ශ්‍රමිකයන් ඩොලර් උපයන්නේ පිරිවැයක් දරන්නේ නැතිවයි. නමුත් ඔවුන්ගේ විදේශ විනිමය ඉපයීම්වලට කිසිම සහනයක් නැහැ. බැංකුවලදී, නිවාසයක් සෑදීමට යාමේදී, දරුවා පාසලට ඇතුළත් කිරීමට යාමේදී වගේ අවස්ථාවල විශාල ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. තානාපති සේවාව බොහෝ විට අකර්මන්‍ය වෙනවා. සුරක්ෂා නිවාස නැත්නම් කාන්තාවන්ට නතර වී ඉන්න තැනක් නැහැ. විදේශගත ශ්‍රමිකයන් පිළිබඳව කිසිදු විධිමත් දත්ත පද්ධතියක් පවත්වා නොගැනීමෙන් අසරණ වූවන් විශාල පිරිසක් ඉන්නවා. මේ පිරිසට පිළිසරණ වෙන්න තිබෙන එකම තැන තානාපති කාර්යාලයයි. එතන තිබෙන සුරක්ෂා නිවාසය වහනවා නම්, මේ ශ්‍රමිකයන් ගැන නිශ්චිත දත්ත නැත්නම් පවතින අනාරක්ෂිතභාවය විශාලයි.
මේ වන විට කොරියාවේ රැකියා සඳහා යන්න සුදුසුකම් සම්පූර්ණ කර ඉන්න අයට තිබෙන බාධා ඉවත් කරන්න රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා නොකිරීමෙන් බරපතළ තත්වයක් ඇතිවී තිබෙනවා. මේ අයට රැකියා අවස්ථා සලසා නොදී තිබුණත් කොරියානු භාෂාව උගන්වන පංති දැන් ගම් දක්වා ව්‍යාප්ත කර තිබෙනවා. කොරියානු රැකියා අපේක්ෂකයින් ගැන විශේෂ අවධානයක් ආණ්ඩුව විසින් යොමු කළ යුතුයි.
විජිත සහෝදරයා විදේශ ගත වුණු අවස්ථාවක අපේ තානාපති කාර්යාලවල සිටින නිලධාරීන් මුහුණ දී ඇති බරපතළ ගැටලු රාශියක් ගැන කරුණු දක්වා තිබුණා. අපකීර්තිමත් නිලධාරීන් සුළු පිරිසක් ඉන්න අතර, බොහෝ දුෂ්කරතා විඳගනිමින් සංක්‍රමණීය ජීවිතගත කරමින් අවංකවම කටයුතු කරන නිලධාරි පිරිස බරපතළ පීඩනයක ඉන්නවා. සේවා තෘප්තියකින් කටයුතු කළ නොහැකිව සිටිනවා. විදේශ ශ්‍රමිකයන්ට අමතරව තානාපති කාර්යාලවල නිලධාරීන් මුහුණ දී සිටින දුක්ගැනවිලි ගැනත් අපට ක්‍රියාකරන්න සිදුවී තිබෙනවා. ඊට අමතරව 1991-1992 කාලයේ සිදුවුණු ගල්ෆ් යුද්ධයේදී ක්වේට්වල සිටි ශ්‍රී ලාංකිකයන් පීඩාවට පත්වුණා. ඔවුන්ට වන්දි ගෙවන්න එක්සත් ජාතීන්ගේ වන්දි කොමිසමෙන් අපට මුදල් ලැබුණා. ක්වේට් වන්දි අරමුදල පිහිටවූයේ ඒ සල්ලිවලින්. දැනට රුපියල් මිලියන 3917ක් ඒ වන්දි අරමුදලෙන් ඉතිරිවී තිබෙනවා. අසරණ වී සිටින ලාංකිකයන් ගෙන්වා ගැනීමට මේ වන්දි අරමුදල යොදා ගන්න පුළුවන්. ඒ වගේම රුපියල් මිලියන 251ක් වන්දි ලැබීමට සුදුසුකම් සපුරා සිටින පිරිසකට මේ දක්වා නොගෙවීමෙන් ඉතිරි වී තිබෙනවා. ක්වේට් වන්දි අරමුදල අද පාවිච්චි කරන්නේ නිලධාරීන්ට පහුකම් සපයා ගන්නයි. අසරණ වුණු අය ලංකාවට ගෙනඑන්නවත් යොදා ගන්නේ නැහැ. විදේශ රැකියා නියුක්තිකයන්ට විශ්‍රාම වැටුප් අරමුදලක් හදන්න මේ මුදල් යොදා ගන්නා ලෙස අපි යෝජනා කළා. ඒක කරන්නෙත් නැහැ. නමුත් විවිධ වැඩසටහන් පැවැත්වූ බව කියමින් නිලධාරින් ඒ සල්ලි ගන්නවා.
සෞදි අරාබිය තුළත් ගෘහ සේවිකාවන් ලෙස සහ සුළු රැකියාවලට එන අයට විශාල ගැටලු ප්‍රමාණයක් තිබෙනවා. ආණ්ඩුව මේ ශ්‍රමිකයන්ගෙන් ඩොලර් ඉල්ලුවත් ඩොලර් යවා ගන්න තිබුණු පහසුකම් පවා අහිමි කර තිබෙනවා. මීට පෙර මහජන බැංකුව, ලංකා බැංකුව සහ පෞද්ගලික අංශයේ ශ්‍රී ලාංකික බැංකුවල නියෝජිතයෝ සෞදි අරාබියේ රැඳී සිටියා. අපේ ශ්‍රමිකයන්ගේ ඩොලර් රටට යවන්න අවශ්‍ය මූලික කටයුතු ඔවුන් විසින් ඉටුකර දුන්නා. නමුත් දැන් ඒ නියෝජිතයන් ලංකාවට ආපසු ගෙන්වාගෙන තිබෙනවා. මේ නිසා ශ්‍රමිකයන් යවන මුදල් ලංකාවේ ඥාතීන්ට නොලැබීම ගැන සොයා බැලීමටවත් කෙනෙක් නැහැ. ඒ වගේම විදේශ රැකියා සඳහා විශාල පිරිසක් පිටත්කර යැවීමට ආණ්ඩුව උත්සාහ කළත් සෞදි අරාබිය සම්බන්ධයෙන් ඒ පිළිබඳව විධිමත් වැඩපිළිවෙළක් සකස් කර නැහැ. සෞදිය තුළ ඔවුන්ගේ ආර්ථික, සමාජ, සංස්කෘතික ක්ෂේත්‍රවල රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් නිර්මාණය වී තිබෙනවා. වෙනත් රටවල් මේ රැකියා අවස්ථා වේගයෙන් අත්පත් කර ගනිමින් ඉන්නවා. ලංකාවෙන් ගෙන්වා ගන්නා ශ්‍රමිකයන් පවා විධිමත් ලෙස මේ රටට හඳුන්වා දෙන්නේ නැහැ. ඉංජිනේරුවන් පවා යනකොට වීසා ගහන්නේ ලේබර් කෙනෙක් හැටියටයි. මෙසේ වන්නේ ඉංජිනේරුවන්ට අදාළ සහතික තහවුරු කිරීමේ විධිමත් ක්‍රමවේදයක් නැති නිසයි. නමුත් පකිස්ථානය වැනි රටවල පවා ඔවුන්ගේ ශ්‍රමිකයන් වෙනුවෙන් විධිමත් සහතිකයක් ලබාදෙනවා. නමුත් අපේ රටේ එවැනි තත්වයක් නැහැ.
1948දී ආසියාවේ ප්‍රබලම ආර්ථිකයකට හිමිකම් කියපු ලංකාව අද ආසියාවේ බංකොලොත් රටක් බවට පත්වී ඇති බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික මහාචාර්ය ජනක් කුමාරසිංහ පවසයි. හෙතෙම මේ අදහස් පළ කළේ ආර්ථික කවුන්සිලයේ රැස්වීමකට සහභාගි වෙමිනි. එහිදී මහාචාර්යවරයා මෙසේද කීය. 1948 ඉඳලා මේ වෙනකල් ඉදිරිපත් කළ අය-වැය ඔබ කියවලා බැලුවොත් ඔබ ලංකාව ගැන හරි හැටි නොදන්න […]
1948දී ආසියාවේ ප්‍රබලම ආර්ථිකයකට හිමිකම් කියපු ලංකාව අද ආසියාවේ බංකොලොත් රටක් බවට පත්වී ඇති බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික මහාචාර්ය ජනක් කුමාරසිංහ පවසයි.
හෙතෙම මේ අදහස් පළ කළේ ආර්ථික කවුන්සිලයේ රැස්වීමකට සහභාගි වෙමිනි.
එහිදී මහාචාර්යවරයා මෙසේද කීය.
1948 ඉඳලා මේ වෙනකල් ඉදිරිපත් කළ අය-වැය ඔබ කියවලා බැලුවොත් ඔබ ලංකාව ගැන හරි හැටි නොදන්න කෙනෙක් නම් ඔබ හිතන්නේ මේක කේතුමතී රාජ්‍යයක් කියලා. එතරම් ලස්සන යෝජනා අදහස් අය-වැය වාර්තාවල තිබුණා. ඒ නිසා මම කියන්න කැමැතියි අපිට අද ඕනෑ ලස්සන අදහස් පිරිච්ච අය-වැය පොත් පිංචක් නෙවෙයි. මේක ඉතාමත් තීරණාත්මක මොහොතක්. අනාගතේ ඉපදෙන දරුවටත් තීරණාත්මකයි. අපේ තාත්තලා පුංචි කාලේ කියපු මේ රට දියුණු වෙමින් පවතින රටක් කියන කාරණය අපි අද අපේ දරුවන්ටත් කියනවා.
අය-වැයක ප්‍රධාන අරමුණ තමයි ලබන වසරේදී සංවර්ධනයේ අරමුණු සහ දුප්පත්කම නැති කිරීම වෙනුවෙන් අපේ වගේ රටවල්වල මහජන මුදල් රැස් කරන්නේ කොහොමද සහ නිෂ්පාදනය සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, සේවා සඳහා මුදල් වෙන් කිරීම පිළිබඳ යම් ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීම. නමුත් අද අපේ රටේ තත්ත්වය අනුව අය-වැය ලේඛනයෙන් ඊට එහා ගිය පරමාර්ථයක් බලාපොරොත්තු වෙන්න වෙනවා. අද අපේ රටේ ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබෙනවා. එකක් තමයි නිෂ්පාදනය බිඳවැටෙමින් යෑම. අනෙක් කාරණය ඩොලර් හිඟකම. ඒ ඔස්සේ උද්ධමනය වැඩිවෙමින් යනවා. තවත් කරුණු ගණනාවක් සිදුවෙමින් යනවා. අපේ විදේශ සංචිත ඝෘණ වෙලා. මේ අය-වැයෙන් මේවට උත්තර තියෙනවාද? එහෙම කිසිම උත්සාහයක් දකින්න නැහැ. ඒවා කළමනාකරණය කරනවා නම් අය-වැයක දකින්න පුළුවන් ප්‍රධාන කරුණු දෙකක් තිබෙනවා. එකක් තමයි මූල්‍ය ප්‍රතිපත්තිය. අනෙක ආදායම් වියදම් (පිස්කල්) ප්‍රතිපත්තිය. බදු ආදායම් ලබාගෙන ඒවා අවශ්‍ය තැන්වලට යොදා ගැනීම පැහැදිලිව සඳහන් කළ යුතුයි. එහෙම දේවල් මෙවර අය-වැයේ නැහැ. අපිට පේන්න තියෙන්නේ සාම්ප්‍රදායිකව ආපු ගමනම ඉදිරියට යෑමක්. තවත් වසරක් ඉදිරියට යන්න මුදල් ටිකක් හොයාගන්න මොනවා හරි කිරීමක් විතරයි දකින්න තියෙන්නේ. ඒකට තමයි රාජ්‍ය ආයතන ටිකත් විකුණන්න හදන්නේ වෙන වෙන වචන දාලා.
ඔබ මේ වනවිටත් දන්නවා අපේ රට පාලනය කරන්නේ, අය-වැය හදන්නේ ඉතාම දූෂිත කණ්ඩායමක් කියලා. දූෂිත කණ්ඩායමක් විසින් සකස් කරන අය-වැයක තාක්ෂණික කාරණා අය-වැයට ඵලදායි වෙන්නේ කොහොමද කියලා සාකච්ඡා කිරීම ඒ තරම් සාර්ථක වෙන්නේ නැහැ. මොකද ඔවුන් මේ අය-වැය සකස් කරන්නේ දූෂිත ක්‍රමය පවත්වාගෙන යන්න මිසක් ආර්ථිකය දියුණු කරන්න නෙවෙයි. නමුත් අපි හිතමු දූෂිත නොවන ඇත්ත වුවමනාව තියෙන කණ්ඩායමක් හදන අය-වැයක් කියලා. ඒකෙත් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් එවැනි අය-වැයක් ගැන සාකච්ඡා කිරීම වැදගත් දෙයක් වෙනවා. ඒකත් අපි දැනගෙන ඉන්න ඕනෑ.
අපේ මහාචාර්යතුමා කිව්වා අය-වැයෙන් මැච් එක ගහන්න පුළුවන් විධියට පිටිය හදාගන්න ඕනෑ කියලා. නමුත් පිටිය හදාගත්තත් මැච් එක ගහන්න කට්ටිය ඉන්නවද? රනිල් එක්ක, මහින්ද එක්ක, සජිත් එක්ක මේ මැච් එක ගහන්න බෑ. ඒ නිසා අපේ රටේ ජනතාවට කියනවා මැච් එක ගහන්න පුළුවන් හොඳම කණ්ඩායම තෝරගන්න කියලා.
අපි ආවාම අපිට කරන්න පුළුවන් දේ මාස 06න් කරලා පෙන්වනවා. නමුත් අවුරුදු 75ක් කාලා විනාශ කරපු රට මාස 06න් හදන්න පුළුවන්ද කියලා අපෙන් අහන්න එපා. නමුත් ඒ මාස 06 ඇතුළේ වංචාව, දූෂණය, නාස්තිය නතර කරලා පෙන්වනවා. නිවැරදි තීරණ ගන්න කියන රනිල් ජනාධිපති වැය ශීර්ෂය අඩු කළාද? එහෙම කළේ නැහැ. ජනාධිපති වැය ශීර්ෂය 50%කින් අඩු කරලා පෙන්නුවා නම් ඔන්න ඒක නිවැරදි තීරණයක්. ඇමැති මණ්ඩලේ වියදම් අඩු කරලා පෙන්නනවා. නිල නිවාස වියදම් අඩු කරනවා. මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරනවා. එහෙම කිව්ව නම් අහසට ගිය අය-වැය පොඩ්ඩක් පොළවට බර වෙන්න තිබුණා. ආරක්ෂක වියදම් වැඩි කරගෙන තියෙනවා. නමුත් වියදම් කරන්න සල්ලි තියෙනවාද දන්නේ නැහැ.
– අනුරාධා හේරත් (මව්බිම)