Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතර හමුවක්

(-Colombo, January 21, 2025-) අද (21) පෙරවරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතර හමුවක් පැවැත්විණි. මෙම අවස්ථාවට මේ වනවිට රට තුළ පවතින සමාජයීය හා දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මෙම අවස්ථාව සඳහා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබඳ පළමු ලේකම් […]

(-Colombo, January 21, 2025-)

අද (21) පෙරවරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතර හමුවක් පැවැත්විණි.

මෙම අවස්ථාවට මේ වනවිට රට තුළ පවතින සමාජයීය හා දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාව සඳහා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබඳ පළමු ලේකම් ටොම් සොපර් මහතාද උපදේශක ඉන්සාෆ් බාකීර් මාකර් මහතාද එක්ව සිටියහ. ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි ජාත්‍යන්තර අංශයේ කමිටු සාමාජිකා, නීතිඥ මධු කල්පනා ද එක්ව සිටියාය.

British High Commissioner Meets JVP Secretary Tilvin Silva
Show More

තෛපොංගල් සුබපැතුම් පණිවිඩය

(-Colombo, January 14, 2025-) “අස්වනු නෙලීමේ උත්සවය” යන අරුත් ඇති තෛපොංගල් උත්සවය ලොව වැසි සියලුම දෙමළ හා හින්දු ජනතාව මහත් භක්ති පූර්වකව සමරන්නකි. සශ්‍රීක වූ අස්වැන්නකට දායක වන සූර්යයා, මිහිකත, වර්ෂාව සහ ගව-මහීෂාදීන් වෙත ස්තූති කරමින් කෘතගුණ දැක්වීම මෙදින කාර්‍යයයි. මෙම උලෙළ පැවැත් වෙන්නේ දෙමළ දින දර්ශනයට අනුව ‘තායි’ මාසයේ පළමු දින ය. සූර්යයා උතුරු […]

(-Colombo, January 14, 2025-)

“අස්වනු නෙලීමේ උත්සවය” යන අරුත් ඇති තෛපොංගල් උත්සවය ලොව වැසි සියලුම දෙමළ හා හින්දු ජනතාව මහත් භක්ති පූර්වකව සමරන්නකි. සශ්‍රීක වූ අස්වැන්නකට දායක වන සූර්යයා, මිහිකත, වර්ෂාව සහ ගව-මහීෂාදීන් වෙත ස්තූති කරමින් කෘතගුණ දැක්වීම මෙදින කාර්‍යයයි. මෙම උලෙළ පැවැත් වෙන්නේ දෙමළ දින දර්ශනයට අනුව ‘තායි’ මාසයේ පළමු දින ය. සූර්යයා උතුරු දෙසට ගමන් කිරීම, එනම්, ‘උත්තරායනය’ ඇරඹෙන්නේ තෛපොංගල් දිනයෙනි. නව දිශාගත වීමක් මෙන්ම මිනිස් සමාජයෙහි අභ්‍යන්තර-බාහිර සහජීවන පැවැත්මද තෛපොංගල් උත්සවයෙහි අත්‍යාර්ථ වේ.

මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිඳියාව, සහජීවනය වැඩිවර්ධනය කරමින් සමාජයීය ප්‍රගමනය තහවුරු කිරීම සඳහා පරිවර්තනීය මුලපිරීමක් ලෙසත්, පාරිසරික මෙන්ම ආචාරධාර්මික නව දිශාගත වීමක් ලෙසත් “ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය දියත් කර ඇති මොහොතක, තෛපොංගල් උත්සවය සමරනු ලැබීම සතුටට කරුණකි. ඓතිහාසිකව ගොඬනැඟුණු ආසියානු වටිනාකම් තුළ මිනිසා හා පරිසරය අතර බැඳුම අවියෝජනීය එකකි. තෛපොංගල් දිනයෙන් ප්‍රකාශිත එම වටිනාකම් මෙම ව්‍යාපෘතියෙහි සමෝධානිතය.

එසේම තෛපොංගල් සැමරුම මිනිසුන්ගේ සංස්කෘතික ජීවිතයෙහි ලා නවමු බලාපොරොත්තු අවදි කරන්නකි. රට තුළ ජනිත නව උද්‍යෝගයත් සමඟ “ලස්සන ජීවිතයක” බලාපොරොත්තුව සිත් දරා නව වසරේ නව ජවයකින් ඉදිරියට යාමට ශ්‍රී ලාංකික අප සැමට අවස්ථාව උදා වී තිබේ. ඒ උදෙසා වූ පරිසර හිතකාමී සංවර්ධනය පෙරටු කරගත් ආචාර ධාර්මික නව සංස්කෘතික පැවැත්මක් නිර්මාණය කිරීම ඔස්සේ තිරසර සාමය හා සමඟිය ප්‍රවර්ධනය කිරීමට අවැසි ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික නායකත්ව වගකීම සහ වගවීම අපි දරන්නෙමු.

රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට ප්‍රතිඥා දෙමින්, රටේ වගකිම භාර ගත් අපි, එම ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට බාධක මැද වුවද පසු නොබස්නා වීර්යෙන් සහ සද්- අධිෂ්ඨානයෙන් කැප වී සිටින්නෙමු. මෙරට ජනතාවගේ මුවෙහි සදා රැඳෙන සිනහවක් තිළිණ කිරීම පිණිස වූ මේ ව්‍යායාමයේදී නව ආකල්ප හිස් දරා එකාවන්ව සහයෝගයෙන් හා සහභාගිත්වයෙන් මුළු බැඳීමට ඔබ සියලු දෙනාට ආරාධනා කරමි. ඒ සුභාරම්භය සඳහා මෙම තෛපොංගල් සැමරුම මහත් ආශිර්වාදයක් වේවා’යි මම ප්‍රාර්ථනා කරමි.

සියලු ශ්‍රී ලාංකික සහ ලෝකවාසී හින්දු බැතිමතුන්ට, සහජීවනයෙන් හා කෘතවේදීත්වයෙන් වර්ණ ගැන් වූ සෞභාග්‍යවත් හා ප්‍රීතිමත් තෛපොංගල් උත්සවයක් වේවා!

අනුර කුමාර දිසානායක

ජනාධිපති

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

2025 ජනවාරි 14 දින

Show More

නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රී ලංකා ලංකා රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි.

(-Colombo, January 12, 2025-) පරීක්ෂන මට්ටමේ තිබෙන බහාලුම් රඳවා ගැනීම සඳහා බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේ අක්කර පහක භූමියක් වෝහාරික ලිපිකරුවන් කාර්යක්ෂමව කාර්යයේ නිරත කිරීමට වරාය ආශ්‍රිත සේවාවන්හි නිරත වන පෞද්ගලික සමාගම් එකඟ වෙයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ශ්‍රී ලංකා රේගුව සහ වරාය ආශ්‍රිත සේවා සපයන සංගම් අතර ජනාධිපති කාර්යාලයේ අද (12) පැවැති සාකච්ඡාවේදී මෙම […]

(-Colombo, January 12, 2025-)

Meeting of the President Anura Kumara Dissanayake and the representatives from Sri Lanka Customs and port-related service providers

පරීක්ෂන මට්ටමේ තිබෙන බහාලුම් රඳවා ගැනීම සඳහා බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේ අක්කර පහක භූමියක්

වෝහාරික ලිපිකරුවන් කාර්යක්ෂමව කාර්යයේ නිරත කිරීමට වරාය ආශ්‍රිත සේවාවන්හි නිරත වන පෞද්ගලික සමාගම් එකඟ වෙයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ශ්‍රී ලංකා රේගුව සහ වරාය ආශ්‍රිත සේවා සපයන සංගම් අතර ජනාධිපති කාර්යාලයේ අද (12) පැවැති සාකච්ඡාවේදී මෙම එකඟතාවයට පැමිණ ඇත.

Presdient Dissanayake At the Meeting of the President Anura Kumara Dissanayake and the representatives from Sri Lanka Customs and port-related service providers

ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය ඉදිරි දින හතර තුළ අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ශ්‍රී ලංකා රේගුව ඇතුළු රාජ්‍ය අංශයේ පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කළ ජනාධිපතිවරයා වරාය ආශ්‍රිත සේවා සපයන සංගම්වල ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා කළේය.

මෙහිදී වරාය ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වන නමුත් මෙම අවස්ථාවේදී පවතින තත්ත්වය නිරාකරණය සඳහා සියලු දෙනා එක්ව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන ලදී.

ජනාධිපති උපදෙස් පරිදි මෙම අවස්ථාවේදී උද්ගතව ඇති තත්ත්වය සමනය කිරීමට රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙක අතරම එකඟතාවයන් ඇති කර ගන්නා ලදී.

Representative at the Meeting of the President Anura Kumara Dissanayake and the representatives from Sri Lanka Customs and port-related service providers

ආනයනික බහාලුම් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කරමින් පවතින තත්ත්වය නිරාකරණය සඳහා ශ්‍රී ලංකා රේගු නිලධාරීන් සතියේ දින හතම පැය විසිහතරම රාජකාරි කිරීමට එකඟතාවය පල කරන ලදී.

පරීක්ෂන මට්ටමේ තිබෙන බහාලුම් රඳවා ගැනීම සඳහා කඩිනම් පියවරක් ලෙස UCT (Unity container Terminal) හි ඉඩකඩ වෙන් කිරීමට අමාත්‍යාංශ තීරණය කර ඇත. ඒ අනුව බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේ තිබෙන අක්කර පහක භූමි ප්‍රමාණය භාවිතා කිරීමට මෙහිදී තීරණය කරන ලදී. ඉන් අක්කර දෙකක ප්‍රමාණයක් ජනවාරි 31 වන දා වන විට නිදහස් කර ගැනීමටත් ඉතිරි භූමි ප්‍රමාණය පෙබරවාරි 28 වනදා වන විට ලබා දීමටත් තීරණය විය.

හිතා මතා බහාලුම් ප්‍රවාහනය ප්‍රමාද කරන බහාලුම් රථ වරාය පර්යන්තයේ නැවත්වීම මෙම තද බදය උග්‍ර වීමට හේතුවක් ලෙස හඳුනා ගැනීම නිසා මෙම බහාලුම් රථ නවතා තැබීම සඳහා පෑලියගොඩ ප්‍රදේශයෙන් ඉඩමක් ලබාදීමට රජය පාර්ශ්වයෙන් එකඟ විය.

Bimal Rathnayake at the Meeting of the President Anura Kumara Dissanayake and the representatives from Sri Lanka Customs and port-related service providers

ආනයනික බහාලුම් නිෂ්කාශනයේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ , ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ හා ශාක නිරෝධායන අංශයේ සිදුවන ප්‍රමාදයන් පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් විය. එහිදී මෙම ආයතන සතුව සේවක හිඟයක් ඇති බව සාකච්ඡාවට බඳුන් වූ අතර එම පුරප්පාඩු පිරවීමටත් අදාල නිලධාරීන්ගේ සුබසාධන දීමනා වැඩිකිරීමටත් ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේය.

මීට අදාල මූල්‍ය අවශ්‍යතාවයන් තිබේ නම් එය වරාය අමාත්‍යංශයෙන් ලබා දිය හැකි බව ප්‍රවාහන හා මහාමාර්ග , වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

ආනයනික බහාලුම් නිෂ්කාශනය සඳහා වේලාවට රාජකාරියට වාර්තා නොකරන වෝහාරික ලිපිකරුවන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද පෞද්ගලික සංගම් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය තවද මෙම සේවකයන් නිවැරදි වෙලාවට සේවයට වාර්තා කිරීමේ වගකීම අදාළ පෞද්ගලික ආයතන සතු වන බවද විෂය භාර අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කරන ලදී.

Anil Jayantha at the Meeting of the President Anura Kumara Dissanayake and the representatives from Sri Lanka Customs and port-related service providers

ආහාර ආශ්‍රිත නිෂ්පාදන වලට අදාලව විදේශ රසායනාගාරවලින් පරීක්ෂා කර ලබා ගත් සහතිකය අනිවාර්යයෙන් තිබිය යුතු බවද එහි අක්‍රමිකතාවක් වුවහොත් ඒ සඳහා රජයේ නීතියට අනුව කටයුතු කරන බවටද ආනයනකරුවන් මෙහි දී එකඟ විය.

වරාය පරිශ්‍රය තුළ බහාලුම් නිෂ්කාශනය සදහා ගාස්තු රහිතව තබා ගැනීමේ කාලය දින දෙකක් දක්වා අඩු කිරීමට තීරණය කරන ලද අතර එය ලබන ජුනි මාසයෙන් පසුව දින එකක් දක්වා අඩු කිරීමටද අපේක්‍ෂා කරන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදී.

මෙම හදිසි ක්‍රියාවලිය ජුනි 30 දක්වා ඉදිරියටත් කරගෙන යාමට කටයුතු කරන බව ප්‍රවාහන හා මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙහිදී සදහන් කළ අතර වරාය, රේගුව සහ අනෙකුත් වරාය ආශ්‍රිත සේවා සපයන පෞද්ගලික සමාගම් එක පවුලක් ලෙස ක්‍රියා කළ යුතු බවද සඳහන් කරන ලදී.

Disscussion Of the Meeting of the President Anura Kumara Dissanayake and the representatives from Sri Lanka Customs and port-related service providers

දැනට මාර්ගයේ නවතා ඇති බහාලුම් රථ සඳහා පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙස සාකච්ඡාවය පැමිණි වරාය සේවා සපයන සංගම් විසින් ඉල්ලීමක් කරන ලදී.

කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන රසල් අපොන්සු, කපිල පෙරේරා, ශ්‍රී ලංකා රේගු නිලධාරීන්, ශ්‍රී ලංකා වරාය නිලධාරීන්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිලධාරීන්, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ශ්‍රී ලංකා නැව් ගත කරන්නන්ගේ සංගමයේ නිලධාරීන්, බහාලුම්කරුවන්ගේ සංගමයේ නිලධාරීන්, බහාලුම් ප්‍රවාහනකරුවන්ගේ සංගමයේ නිලධාරීන් ආනයන අපනයන නිෂ්කාශන නිලධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Show More

ශ්‍රී ලාංකික අප 2025 නව වසරට පා තබන්නේ රටත්, ජනතාවත් දශක ගණනාවක් පුරා දුටු සුබ සිහින මල්ඵල ගැන්වෙන නව යුගයක උදාවත් සමගිනි.

(-Colombo, January 01, 2025-) දිවයිනේ උතුර, නැගෙනහිර, බටහිර හා දකුණ යන සතර දිසාවන් යා කරමින්, සියලු ජනතාවගේ විශ්වාසය දිනා ගෙන පාර්ලිමේන්තුවේ බහුතර බලයක් සහිත ආණ්ඩුවක් ගොඩනැගීමට 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී අපට හැකි විය. ඒ අනුව ජනතාව අපේක්ෂා කරන යහපත් රාජ්‍යය ගොඩනැගිම වෙනුවෙන් පැවති දේශපාලන සංස්කෘතියේ විසල් පරිවර්තනයක් සිදු කරමින් ජනවරමේ වගවීම හා වගකීම ඉටු කිරීමට මේ […]

(-Colombo, January 01, 2025-)

President AKD New Year Wish

දිවයිනේ උතුර, නැගෙනහිර, බටහිර හා දකුණ යන සතර දිසාවන් යා කරමින්, සියලු ජනතාවගේ විශ්වාසය දිනා ගෙන පාර්ලිමේන්තුවේ බහුතර බලයක් සහිත ආණ්ඩුවක් ගොඩනැගීමට 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී අපට හැකි විය. ඒ අනුව ජනතාව අපේක්ෂා කරන යහපත් රාජ්‍යය ගොඩනැගිම වෙනුවෙන් පැවති දේශපාලන සංස්කෘතියේ විසල් පරිවර්තනයක් සිදු කරමින් ජනවරමේ වගවීම හා වගකීම ඉටු කිරීමට මේ වන විට අපි යුහුසුළුව කටයුතු කරමින් සිටිමු.

ග්‍රාමීය දිළිදු බව අවසන් කිරීම, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම රටෙහි ප්‍රමුඛ සංවර්ධන අවශ්‍යතා ලෙස අපි හඳුනාගෙන සිටිමු. සමාජීය, පාරිසරික හා ආචාර ධාර්මික පිබිදීමක් ඔස්සේ සමාජය වඩා දියුණු තලයකට ඔසවා තැබීම අරමුණු කර ගත් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන නව වසරේ උදාවත් සමඟ ක්‍රියාවට නැංවෙන්නේ ඒ පසුබිම අනුවයි.

මෙකී පරිවර්තනාත්මක සංවර්ධන ව්‍යායාමය සමඟ රටක් ලෙස අප 2024 වසරේදී ලබා ගත් ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කර ගනිමින් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” සැමට උරුම කර දීම වෙනුවෙන් නව ආකල්ප පුබුදුවා, නව අධිෂ්ඨානයක් සිත් දරා සහෘදත්වයත් සමඟ පෙරට පැමිණීමට 2025 නව වසර උදාව මහඟු අවස්ථාවක් ජනිත කර ඇති බව මම තරයේ විශ්වාස කරමි.

නිදහසින් පසු ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජනතාහිතෛෂී පාලනයක් ඇති කරමින් සියලු ජනතාව එකාවන්ව දුටු සංවර්ධිත ශ්‍රී ලංකාවක් පිළිබඳ සිහිනය යථාර්ථයක් කිරීමේ අවස්ථාව දැන් ඔබට, අපට හිමිව ඇත. අත්හළ නොහැකි මෙම භාරදූර වගකීම අප සියලුදෙනාගේ දෙවුර මත පැටවි තිබේ. ඒ වගකීම පිළිබඳ මනා අවබෝධයක් අපට ඇත. මේ සියවසේ මඟහැරුණු ජයග්‍රහණ යළි රටට අත්කර දීමටත්, එකී ජනතා සිහින යථාවක් කිරීමටත් 2025 නව වසරේදී තවත් වීර්යයෙන් සහ සද්-අධිෂ්ඨානයෙන් යුතුව අපි කැප වී ක්‍රියා කරන්නෙමු.

සෞභාග්‍යය, එකමුතුබව සහ නව අපේක්ෂා සපිරි සුබ නව වසරක් වේවා!’යි, සාමය සහ ප්‍රගමනය උදෙසා අප හා එක්ව ප්‍රයත්න දරන ඔබ සැමට මම ප්‍රාර්ථනා කරමි.

අනුර කුමාර දිසානායක

ජනාධිපති

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

2025 ජනවාරි 01 වන දින

Show More

මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධි ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීම, ගුවන් තොටුපළ පරිශ්‍රයේ දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැළැක්වීම, නීතිවිරෝධී ලෙස පුද්ගලයන් රටින් පිටවීම වැළැක්වීම සඳහා ජනපති ගෙන් බලධාරීන්ට උපදෙස්

(-Colombo, December 28, 2024-) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම යන ආයතන ප්‍රධානීන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (28) පැවැත්විණි. මෙහිදී මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධි ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීම, ගුවන් තොටුපළ පරිශ්‍රයේ දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැළැක්වීම, නීතිවිරෝධී ලෙස පුද්ගලයන් රටින් […]

(-Colombo, December 28, 2024-)

President instructing authorities to prevent illegal substances including drugs from entering the country meeting

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම යන ආයතන ප්‍රධානීන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (28) පැවැත්විණි.

මෙහිදී මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධි ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීම, ගුවන් තොටුපළ පරිශ්‍රයේ දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැළැක්වීම, නීතිවිරෝධී ලෙස පුද්ගලයන් රටින් පිටවීම වැළැක්වීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.

ඒ අනුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම යන ආයතන තුනෙහි ඒකාබද්ධ කැමරා පද්ධතියක් සහ ඒකාබද්ධ නිරීක්ෂණ මැදිරියක් ස්ථාපිත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී උපදෙස් දුන්නේය.

President instructing authorities to prevent illegal substances including drugs from entering the country

එසේම දැනට පවතින ස්කෑන් යන්ත්‍ර වෙනුවට වැඩිදියුණු කරන ලද නවීන ස්කෑන් යන්ත්‍ර යොදා ගනිමින් මෙම ආයතනයන්හි සිදුවන ජාවාරම් වළක්වා ගැනීමට ප්‍රායෝගික නව ක්‍රියාවලියක් ආරම්භ කරන ලෙස ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

රටේ ජනතාව තුළ රේගුව පිළිබඳ පවතින දුර්මත දුරු කළ යුතු බවත්, ඒ වෙනුවෙන් දැඩි විනය හා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අවධාරණය කළේය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සරත් නෝනිස්, ආගමන විගමන පාලක ජනරාල් (වැඩබලන) බී.එම්.ඩී. නිලූෂා බාලසූරිය,මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (ජාතික අයවැය) ජූඩ් නිලුක්ෂාන්, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති එයාර් චීෆ් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Show More

නව රජය යටතේ ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය ඉදිරියට

(-Colombo, December 26, 2024-) – ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන රැසක් – අඩු ආදායම්ලාභීන් සුරක්ෂිතයි ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය සහ ජනතාවට යෝජිත සහන පැකේජයන් පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් අද (26) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්විණි. කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය […]

(-Colombo, December 26, 2024-)

– ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන්

– කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන රැසක්

– අඩු ආදායම්ලාභීන් සුරක්ෂිතයි

ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය සහ ජනතාවට යෝජිත සහන පැකේජයන් පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් අද (26) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්විණි.

කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූහ.

එහිදී නිකුත් කළ මාධ්‍ය ප්‍රකාශය මෙසේය.

ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය සහ ජනතාවට යෝජිත සහන පැකේජයන් පිළිබඳ මාධ්‍ය නිවේදනය

Prof. Anil Jayantha At The PMC Press

01. ආර්ථික ස්ථාවරත්වය

පසුගිය පාලකයන් විසින් නිර්මාණය කරන ලද අගාධයෙන් රට ගොඩගැනීම සඳහා ආර්ථික ස්ථාවරත්වයක් ඇති කරලීම මූලික තැනක් ගනී. රජය බලයට පත්වන අවස්ථාවේදී, අර්බුදයට වගකිව යුතු පුද්ගලයින් විසින්ම ඒකපාර්ශ්විකව බාහිර ණය සේවා 2022 අප්‍රේල් මාසයේදී අත්හිටුවන ලද අතර, වසර 4ක කාලයක් තුළ වාරික 8ක් ලෙස ලැබීමට නියමිතව තිබූ ඩොලර් බිලියන 3ක පමණ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනට ඇතුළත් වී ණය තිරසර විශ්ලේෂණයට අනුකූලව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන ලදී. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ සිදු වූ ප්‍රමාද වීම සහ එහි වූ සංකීර්ණ ස්වභාවය නිසා රටට අමතර වියදම් දැරීමට සිදු වූ අතර ජනතාව මත අමතර බරක්ද පැටවිණි. කෙසේ වෙතත්, සමාජ, දේශපාලන හා ආර්ථික ඉදිරි දැක්මකට අනුව පවතින වාතාවරණයේ වාසි සහ අවාසි යන දෙකම සලකා බලා, රජය, රටේ ජනතාවගේ යහපත සඳහා වන විකල්ප සමඟ ඉදිරියට ගමන් කරමින් සිටී.

ඒ අනුව, වැඩසටහන් පරාමිතීන් හා රාජ්‍ය ආදායම් ක්‍රමවේදයන්ට අනුකූලව, සුදුසු මැදිහත්වීමකින් සහ කාලෝචිත පහසුකම් සැලසීමකින් 2024 නොවැම්බර් 26 වන දින තුන්වන සමාලෝචනයේදී කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළඹීමට රජයට හැකි විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල

අනුමැතියට පෙරාතුව, EFF හි මීළඟ වාරිකය ලබා ගැනීම සඳහා රජය, අවශ්‍ය පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටී.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම

ණය ප්‍රතිව්‍යුහගත කිරීම, දේශීය හා බාහිර ප්‍රතිව්‍යුහගත කිරීමකින් සමන්විත වේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම 2023 ජූලි මාසයේදී සාර්ථකව නිම කරන ලදී. බාහිර ප්‍රතිව්‍යුහගත කිරීමේදී විවිධ පදනම් සහ තර්කන මත බහුපාර්ශ්වික ණය හිමියන් බැහැර කරන අතර ඉතිරිය නිල ද්විපාර්ශ්වික ණය සහ පුද්ගලික ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) හිමියන්ගෙන් සමන්විත වේ.

ද්විපාර්ශ්වික ණය

රටවල් 17ක් නියෝජනය කරමින් ප්‍රංශය, ඉන්දියාව සහ ජපානය විසින් සම සභාපතිත්වය දරනු ලබන නිල ණය හිමි කමිටුව (OCC), චීනයේ එක්සිම් බැංකුව, චීන සංවර්ධන බැංකුව, අනෙකුත් නිල ණය හිමියන් (කුවේටය, සෞදි අරාබිය, ඉරානය සහ පකිස්ථානය) සහ අනෙකුත් වාණිජ ණය හිමියන් සමඟ එක්ව ද්විපාර්ශ්වික ණය සම්බන්ධයෙන් කටයුතු කරයි.

නිල ණය හිමි කමිටුව විසින් 2024 ජූනි මාසයේදී අදාළ නියමයන් සහ කොන්දේසි වලට එකඟ වූ අතර, ප්‍රතිකාරවල සංසන්දනාත්මක බව (CoT) සහතික කරමින්, 2023 ඔක්තෝම්බර් මාසය වන විටත් එකඟ වූ රාමුව තුළ චයිනා එක්සිම් බැංකුව සමඟ අදාළ ණය ප්‍රතිව්‍යුහගත කර තිබිණි. දළ වශයෙන් ඩොලර් මිලියන 300 ක් සහ ප්‍රතිව්‍යුහගත කිරීමට යටත්ව මුළු විදේශ ණය වලින් 1% ක් පමණ නියෝජනය කරන නිල ණය දෙන්නන් (කුවේටය, සෞදි අරාබිය, ඉරානය සහ පකිස්ථානය) හැර අනෙකුත් සියලුම ද්විපාර්ශ්වික ණයහිමියන් එකඟ වූ රාමුව තුළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට දැනටමත් එකඟතාව ලබා දී ඇත.

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය හිමියන්

බොහෝ ප්‍රමාද වූ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා, එකඟවීම්, එකඟ නොවීම්, යෝජනාවල වෙනස් වීම, ණය තිරසර විශ්ලේෂණය (DSA) සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතාවන්ට අනුකූලව ගැළපීම ආදිය සමඟ සාකච්ඡා අදියරයන් කිහිපයක් පසු කර, අවසානයේ ජනාධිපතිවරණයට දින දෙකකට පෙර එනම්, 2024 සැප්තැම්බර් 19 වන දින ප්‍රතිපත්තිමය පදනම මත (AIP) එකඟතාව ලැබිණ. පසුගිය සමයේ ගෙවිය යුතුව තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක පොළිය ද ඇතුළත්ව ඇමෙරිකානු ඩොලර් බිලියන 14.2 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර Ad Hoc Group (AHG) සහ Local banking

consortium විසින් නියෝජනය කෙරේ. කාලෝචිත ලෙස ක්‍රියාවන්ට ප්‍රමුඛත්වය ලබා දීම සහ පහසුකම් සැලසීම තුළින් නව රජය ආර්ථික ස්ථාවරත්වය කරා රට යොමු කිරීමට දැඩි දේශපාලන කැපවීමක් පෙන්නුම් කර ඇත. මූල්‍ය ස්ථායීතාවය සඳහා වන මෙම ප්‍රයත්නයන් ශ්‍රේණිගත කිරීමේ ආයතන ඇතුළු තෙවන පාර්ශවයන් විසින් ස්වාධීනව පිළිගෙන ඇති අතර, ශ්‍රේණිගත කිරීම් සටහන් කිහිපයකින් ඉහළ නංවා ඇත. මෙය කළ හැකි වූයේ නිවැරදි ප්‍රමුඛතාවය සහ ආර්ථික ස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම හේතුවෙනි. එබැවින් රජය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව කරගෙන ගිය අතර ආර්ථිකය ස්ථාවර කිරීමේ තීරනාත්මක පරමාර්ථය සාක්ෂාත් කර ගැනීම සඳහා පවතින බැඳුම්කර හුවමාරු කිරීම සඳහා නව බැඳුම්කර නිකුත් කිරීම 2024 දෙසැම්බර් 20 වන දින සාර්ථකව නිම කිරීමට පහසුකම් සලසා ඇත. මෙය සමෘද්ධිමත් ජාතියකට සහ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට තුඩු දෙන වර්ධන හා සංවර්ධන මාවතක් කරා රට ගමන් කිරීමේ කොටසකි.

කාලෝචිත ක්‍රියාමාර්ග ගැනීම සහ පහසුකම් සැලසීම මඟින්, නව රජය රට ආර්ථික ස්ථායිතාව කරා ගෙන යාමට දැඩි දේශපාලන කැපවීමක් පෙන්නුම් කර තිබේ. මූල්‍ය ස්ථායීතාව සඳහා වන මෙම ප්‍රයත්නය, ශ්‍රේණිගත කිරීමේ ආයතන ඇතුළු ස්වාධීන තුන්වන පාර්ශ්වයන්ගේ ප්‍රශංසාවට ලක් වී ඇති අතර, ඒ අනුව ශ්‍රේණිගත කිරීම් තුළ පියවර කිහිපයකින් උසස් කර තිබේ. මෙම සාර්ථකත්වය උදෙසා නිවැරදි ලෙස ප්‍රමුඛතාවයන් පිහිටුවීම සහ ආර්ථික ස්ථායීකරණය සඳහා ගත් කාර්යක්ෂම පියවර මූලිකව හේතු වී ඇත. ඒ අනුව, රජය තම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටින අතර ඒ සඳහා පහසුකම් සලසමින් ආර්ථික ස්ථායිකරණය පිළිබඳ තීරණාත්මක පියවරක් ලෙස පවතින බැඳුම්කර හුවමාරු කිරීම සඳහා නව බැඳුම්කර නිකුත් කිරීම 2024 දෙසැම්බර් 20 වන දින සාර්ථකව නිම කිරීමට අවශ්‍ය කටයුතු සලසා ඇත. මෙය ශ්‍රී ලාංකේය ජනතාවට “පොහොසත් රටක – ලස්සන ජීවිතයක්” උරුම කරදීම යථාර්ථයක් කර ගැනීම සඳහා රට සමෘද්ධිමත් හා සංවර්ධන මාවතක් කරා ගමන් කරවීමේ කාර්යභාරයෙහි එක් පියවරකි.

Dr. Harshana Sooriyapperuma At The PMC Press

2. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට පහසුකම් සැලසීම

2.අ.1. පරාටේ නීති සහනය දීර්ඝ කිරීම

හුදෙක් පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දිනය කල් දැමීම වෙනුවට, මෙම දිගුකාලීන ගැටලුව සඳහා පිළිගත හැකි විසඳුම් සොයා ගැනීම සහතික කිරීම සඳහා රජය පාර්ශ්වකරුවන්ගේ කණ්ඩායම් සමඟ සාකච්ඡා පැවැත් වීය. එහි ප්‍රතිඵලයක් ලෙස, පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම මේ වන විට 2025 මාර්තු 31 දක්වා දීර්ඝ කර තිබේ.

2.ආ.2. සහන පැකේජය

ව්‍යාපාර සඳහා සහන ලැබෙන්නේ කාලය දීර්ඝ කිරීමෙන් පමණක් නොවේ. මහ බැංකුවේ දත්ත අනුව, රුපියල් මිලියන 25ට අඩු ණය ප්‍රාග්ධනයක් ඇති ණය ගැනුම්කරුවන්ගෙන් 99% කට, තම ණය මුදල් බැංකු සමඟ නැවත සාකච්ඡා කර, ගෙවීම් සැලැස්මකට එකඟ වීමට මාස 12ක සහන කාලයක් ලබා දී තිබේ.රුපියල් මිලියන 25 සහ 50 අතර ණය ගැණුම්කරුවන් සඳහාද මාස 9ක දිගුවක් ලබා දී ඇති අතර, අනෙකුත් ණය ගැණුම්කරුවන් සඳහා මාස 6ක දිගුවක් ලබා දී ඇත.

රජය විසින් යෝජනා කරන ලද සහ මහ බැංකුව මඟින් ක්‍රියාත්මක කරනු ලබන මෙම සහන පැකේජය, අඩු පොලී අනුපාත, ආපසු ගෙවීම් කාලයෙහි දිගුව, ණය ශ්‍රේණිගත කිරීම් ලිහිල් කිරීම සහ තක්සේරු ආරවුල් විසඳීම සඳහා විනිවිද පෙනෙන යාන්ත්‍රණයක් සැපයීම වැනි වැදගත් පියවර කිහිපයකින්ද සමන්විතය. ආර්ථිකය තුළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සක්‍රීය දායකත්වය සහතික කිරීම මෙම සහන ක්‍රියාමාර්ගයන්හි ප්‍රධාන අරමුණ වේ.

2.ආ. පාසල් ළමුන් සඳහා පාසල් ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා සහාය

2.ආ.1. අස්වැසුම පවුල්වල ළමයි

සමාජය තුළ අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වල දෙමාපියන් වෙත දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් පැටවී ඇති බර ලිහිල් කිරීමට ඉදිරි පාසල් වාරය සඳහා අත්‍යවශ්‍ය පාසල් පොත් සහ ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම වෙනුවෙන් එක් දරුවෙකුට රුපියල් 6,000 බැගින් වෙන් කර තිබේ. අස්වැසුම ලබන පවුල්වල දරුවන්ට මෙම ප්‍රතිලාභය ඉක්මනින්ම ලබා දීම ආරම්භ කෙරේ.

2.ආ.2. අස්වැසුම නොලැබෙන පවුල්වල දරුවන් දැනට අස්වැසුම නොලබන නමුත් ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින පවුල්වල දරුවන් සඳහාද අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශ මත මෙම ප්‍රතිලාභය ලබා දෙනු ලැබේ. මෙම ක්‍රියාවලිය කඩිනමින් අවසන් කිරීමට බලාපොරොත්තු වන අතර, ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙන, මේ දීමනාව ලැබිය යුතු සියලුම දරුවන් හට එම සහනය සැලසීම සහතික කරමින් ඔවුන්ට මේ ප්‍රතිලාභය ලබා දීමේ වැඩපිළිවෙළ දින කිහිපයක් ඇතුළත ආරම්භ කිරීමට නියමිතය.

Show More