Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

“දේශපාලඥයෝ හැමදාම ජනතාවගේ විශ්වාසය කඩ කළත් අපි එසේ කරන්නේ නැහැ.” -යාපනය,වැල්වැටිතුරේ පැවති සුහද හමුව අමතමින් ජනපති පවසයි-

(-Colombo, January 31, 2025-) මෙරට දේශපාලඥයෝ හැමදාම ජනතාවගේ විශ්වාසය කඩ කරන නමුත් බෙදීම වෙනුවට සියලු දෙනා එක්විය යුතු බවට පසුගිය මැතිවරණයේදී මේ රටේ ජනතාව තැබූ විශ්වාසය කිසිසේත්ම කඩ නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනතාව තැබු විශ්වාසය ආරක්ෂා කරමින් මේ රටේ හොරකම සහ නාස්තිය නවතන බවත් හොකරම් කළ අයට අනිවාර්යයෙන් දඩුවම් ලබා දෙන […]

(-Colombo, January 31, 2025-)

මෙරට දේශපාලඥයෝ හැමදාම ජනතාවගේ විශ්වාසය කඩ කරන නමුත් බෙදීම වෙනුවට සියලු දෙනා එක්විය යුතු බවට පසුගිය මැතිවරණයේදී මේ රටේ ජනතාව තැබූ විශ්වාසය කිසිසේත්ම කඩ නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනතාව තැබු විශ්වාසය ආරක්ෂා කරමින් මේ රටේ හොරකම සහ නාස්තිය නවතන බවත් හොකරම් කළ අයට අනිවාර්යයෙන් දඩුවම් ලබා දෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

පසුගිය මැතිවරණවලදී විවිධ දේශපාලන වේදිකාවල සිටි අය අද එක්වී තමන් සිදු කළ වංචා සහ දූෂණවලට දඩුවම් ලැබීමෙන් බේරීමට සාකච්ඡා පවත්වන නමුත් මේ රටේ ජනතාව ආණ්ඩුව සමඟ සිටින තුරු ඔවුන්ගේ අරමුණු ඉටුකරගත නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ යාපනය, වැල්වැටිතුරේ ප්‍රදේශයේ ඊයේ (31) පැවති සුහද හමුව අමතමිනි.

දූෂිතයන්, හොරුන්ට සහ අපරාධකරුවන්ට නැවත මේ රටේ ඉඩක් නොතැබිය යුතු බවත් පසුගිය ජනාධිපතිවරණයේදී මේ රටේ ජනතාව අපේක්ෂා කළ යහපත් දේශපාලන සංස්කෘතිය රට තුළ ගොඩනැඟීමේ වැඩපිළිවෙළ මතු පරපුර වෙනුවෙන් අත්නොහැර ශක්තිමත්ව ඉදිරියට ගෙන යා යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ජාතිවාදය සහ ආගම්වාදය යළිත් මේ රටට අවශ්‍ය නැති බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා සියලු ජනතාව ජාතිකත්වයෙන් එක්වන දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම තම රජයේ අරමුණ බවද කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා

President Anura Kumara Dissanayake Addressing The Valvettithurai Meeting

පසුගිය ජනාධිපතිවරණයේදී මේ යාපනයේ දිස්ත්‍රික්කයේ විශාල ජනතාවක් අප කෙරෙහි විශ්වාස තබා ඡන්දය ලබා දුන්නා. ඒ ඡන්දය ජාතික ජන බලවේගය ආණ්ඩුව හදන්න ශක්තියක් වුණා. හැබැයි ඊට වඩා ලොකුම ශක්තිය වන්නේ අපේ රටේ ජනතාව එකට එක් කිරීමට ඔබ සියලු දෙනා ඡන්දය ලබා දීමයි. උතුරේ, දකුණේ, නැගෙනහිර, කඳුකරයේ සියලු ජනතාවගේ විශ්වාසය දිනාගත් ආණ්ඩුවක් ලංකාවේ පළමු වතාවට නිර් මාණය වුණා. දශක ගණනාවක් තිස්සේ අප රටේ මොන වගේ දේශපාලනයක්ද තිබුණේ? උතුරේ වෙනම දේශපාලනයක්, දකුණේ වෙනම දේශපාලනයක්, නැගෙනහිර සහ කඳුකරයේ වෙනම දේශපාලනයක් වශයෙන් බෙදී තිබුණා.

අපේ රටේ පැරණි දේශපාලනඥයන් රටේ ජනතාව බෙදන දේශපාලනයක නිරත වුණා. එම බෙදීම යුද්ධයක් ඇති වන තුරු සිදු වුණා. ඒ නිසා අපේ පරම්පරාව යුද්ධ කරගත්තා. අපේ පරම්පරාව අවිශ්වාසය, සැකය, ක්‍රෝධය වපුරමින් ජීවත් වුණා. අපිට තවත් බෙදෙන්න අවශ්‍ය නැහැ. ලංකාවේ පළමු වතාවට ආණ්ඩුවක් හැදුණා ජනතාව බෙදෙන එක නවත්වා ජනතාව එකට එක්වන දේශපාලනයක් වෙනුවෙන්.

මේ ගම්වලට මීට පෙර රාජ්‍ය නායකයෝ, ජනාධිපතිවරු පැමිණ තිබෙනවද? නැහැ. ඇයි ඒ? බෙදුණු ආණ්ඩුවක් තිබෙන විට එහෙමයි. හැබැයි දැන් තිබෙන්නේ බෙදීම් අවසන් කළ, එකතු කරපු ආණ්ඩුවක්. ඒ නිසා තමයි අපි වැල්වැටිතුරේ ප්‍රදේශයට පැමිණ දහස් ගණන් අම්මලා, තාත්තලා, සහෝදර සහෝදරියන් මුණ ගැසෙන්නේ. මේ ශක්තිය, මේ එකතුවීම අපි යළි වෙන් කිරීමට ඉඩ දිය යුතු නැහැ. අපි සියලු දෙනා එක්විය යුතුයි.

Crowd At The Valvettithurai Meeting

අපි මෙවර අයවැය ලේඛනයට අලුත් යෝජනාවක් ඇතුළත් කරනවා. අපේ රටේ හැම අවස්ථාවකම තිබෙන්නේ එකිනෙකාට වෙනස් වූ උත්සවයි. දෙමළ සහ හින්දු ජනතාව තෛපොංගල් උත්සවය සමරනවා. බෞද්ධ ජනතාව වෙසක් උත්සවය සමරනවා. ක්‍රිස්තියානි ජනතාව නත්තල සමරනවා. ඉස්ලාම් ජනතාව රාමසාන් සමරනවා. හැබැයි සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් අපි සියලු දෙනා එකතුවෙලා සමරන දිනයක් අපට ඕනෑ. ඔක්තෝබර් මාසයේ මේ සියලු ජන ප්‍රජාවන්ගේ සංස්කෘතින්, ආහාර රටා, ජීවන රටා, විලාසිතා, සංගීත, නාට්‍ය මේ සියල්ල එකට එක් කර ජාතියේ මහා මංගල්‍යය සැමරීමට අපි සැලසුම් කර තිබෙනවා. අපි ඈත් වෙලා හිටියට අපේ දරුවන්ට ඈත් වෙන්න දෙන්න හොඳ නැහැ. අපේ පරම්පරාවන් යුද්ධ කරගත්තට අපේ අනාගත පරම්පරාවන්ට යුද්ධ කරගන්න ඉඩ දෙන්නේ නැහැ. උතුර, නැගෙනහිර, දකුණ සියලු දරුවන් එකට එක්වන රාජ්‍යයක් බවට අපි මේ රාජ්‍යය පත් කරනවා.

ලංකාවේ පළමු වතාවට පොඩි මිනිසුන්ගේ ආණ්ඩුවක් හැදුණා. මීට පෙර ආණ්ඩු හැදුණේ ලොකු පවුල්වලින්. තාත්තා අගමැති, අම්මා අගමැති, දුව ජනාධිපති. අයියා ජනාධිපති, මල්ලිත් ජනාධිපති. මාමා ජනාධිපති, බෑණාත් ජනාධිපති. පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරුන්ගේ දරුවෝ දෙන්නෙකුත් ජනාධිපති වීමට උත්සාහ කළා. මේ රටේ බලය තිබුණේ ඉහළින් සිටින පවුල් ළඟයි. උඩ සිටින පවුල් අත තිබු බලය පහළ සිටින පවුල් අතට මාරු කිරීමට පසුගිය ජනාධිපතිවරණයේ දී මේ රටේ ජනතාව තීන්දුවක් ගත්තා. දැන් අපි පොඩි මිනිසුන්ගේ ආණ්ඩුවක් හදා තියනවා. රාමලිංගම් සහෝදරයා, කුමරන් සහෝදරයා අපේ සහෝදරවරු. මේ කිසි කෙනෙක් පවුල්වල බලයෙන් ආපු අය නෙවෙයි. සාමාන්‍ය මිනිසුන්ගේ දරුවෝ. මේ ප්‍රදේශයේ විශාල ලෙස වැඩ කරපු මේ රැස්වීම සංවිධානය කිරීමට විශාල ලෙස වෙහෙස වුණු අපේ රූබන් සහෝදරයා අපි වගේ සාමාන්‍ය මිනිස්සු. එසේ නම් දැන් හැදිලා තිබෙන්නේ අපේ ආණ්ඩුවක්. එසේ නම් අපට අභියෝග කිහිපයක් තිබෙනවා.

පළමු කොටම මේ ග්‍රාමීය ජනතාවගේ දුප්පත්භාවය නැති කළ යුතුයි. හොඳ නිවාසයක් ආදායම් මාර්ගයක්, පානීය ජලය, ගමට යාමට මාර්ගයක්, දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට සුදුසු පාසලක් නැහැ. ධීවර රස්සාව කරන්න විදියක් නැහැ. විශාල ලෙස බැටකන ජනතාවක් මේ ප්‍රදේශවල සිටිනවා. අප සියලු දෙනා එක් වී ක්‍රමානුකූලව පියවරෙන් පියවර මේ සියලු ප්‍රශ්න විසඳන්න සූදානම්.

President Anura Kumara Dissanayake Welcomed At The Valvettithurai Meeting

අප මුලින්ම අස්වැසුම දීමනාව වැඩි කළා. ඒ වගේම අස්වැසුම ලබන සියලු පවුල්වල දරුවන්ට පාසල් උපකරණ මිලදී ගැනීමට රුපියල් හය දහසක් ලබා දුන්නා. එපමණක් නොවෙයි සිසුන් 300ට අඩු සියලු පාසල්වල දරුවන්ටත් රුපියල් හයදහසක දීමනාව ලබා දෙන්න අපි තීරණය කළා. ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමට නම් දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. එබැවින් දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට ඔබ උනන්දු විය යුතුයි. අපි දුප්පත්භාවයෙන් මිදෙමු. දරුවන්ට උගන්වමු.

මේ වසර තුළ පවතින සියලු ගුරු පුරප්පාඩු සඳහා ගුරුවරුන් බඳවා ගන්නවා. ඒ අනුව ගුරු හිඟය පවතින සියලු පාසල් සඳහා අපි ගුරුවරුන් ලබා දෙනවා. එපමණක් නොවෙයි යාපනය පුස්තකාලය තවදුරටත් දියුණු කිරීම සඳහා මෙවර අයවැයෙන් අප ප්‍රතිපාදන වෙන් කරනවා. ග්‍රාමීය අපට යා හැකි හොඳම මාර්ගය අධ්‍යාපනයයි. එබැවින් සිසුන් 250ට අඩු පාසැල්වල සියලු දරුවන්ට සපත්තු මිල දී ගැනීම සඳහා රුපියල් තුන් දහසක් ලබා දීමට කටයුතු කරනවා. දිවා ආහාරය සඳහා පාසල්වලින් දරුවන්ට ලබා දුන් රුපියල් 60ක මුදල රුපියල් 100 දක්වා වැඩි කරනවා. ලබන වසරේදීත් සියලු පාසැල් දරුවන්ට නිල ඇඳුම් ලබා දීමට චීන රජය එකඟ වී තිබෙනවා. ඒ ආකාරයෙන් දරුවන්ට ඉගැන්වීමට අප උපරිම වෙහෙස දරනවා. ඔබ දරුවන්ට ඉගැන්වීමට සූදානම් වන්න. අප ඊට සහාය ලබා දෙන්නම්.

ඒ ව‌ගේම තරුණ දරුවන්ට අපි රැකියා ලබා දිය යුතුයි. ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ කන්කසන්තුරෙයි, පරන්තන්, මාන්කුලම් යන ප්‍රදේශවල නව කර්මාන්තපුර 3ක් ආරම්භ කිරීමට අප තීරණය කර තිබෙනවා. ඒවායේ ආයෝජනය කිරීමට පැමිණෙන ලෙස විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට අප ආරාධනා කර සිටිනවා. විරැකියාව නිසා මෙම පළාත්වල ජීවත්වන තරුණයින්ගේ අපේක්ෂාව මේ රට හැර යාමයි. ඒ දරුවන්ට රැකියා ලබා දීම සඳහා මෙම කර්මාන්තපුර ආරම්භ කරනවා.

Valvettithurai Meeting Crowd

ඒ වගේම මේ වසරේදී රජයේ පුරප්පාඩු පිරවීමටත් අප බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් පොලිසිය තුළ දෙමළ භාෂාව භාවිතා කරන පිරිසෙහි විශාල අඩුවක් තිබෙනවා. මේ වසරේදී අපි පොලීසියට 2000ක් බඳවා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. පොලීසියට බැඳෙන ලෙස දෙමළ තරුණයින්ට අප ආරාධනා කරනවා.

මේ පළාත්වල තරුණ පරම්පරාව විශාල ලෙස මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරු වෙමින් සිටිනවා. එය නැවැත්වීම සඳහා අප ඉතා ශක්තිමත් වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. ඒ සඳහා ඔබේ සහාය අවශ්‍යයයි. අපි එකතු වී මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරමු.

ඒ වගේම යාපනයේ ජනතාවට විශාල ඉඩම් ගැටලුවක් තිබෙන බව අපි දන්නවා. අපේ ප්‍රතිපත්තිය ජනතාවගේ ඉඩම් ජනතාවට ලබා දීමයි. ආරක්ෂාවට හා සංවර්ධනයට ආණ්ඩුවට ඉඩම් පවරා ගැනීමේ අයිතිය තිබුණත් බොරුවට ඉඩම් තබා ගත නොහැකියි. තවමත් පුද්ගලයන් 1500කට වැඩි ප්‍රමාණයක් අවතැන් කඳවුරුවල සිටින බව අපි දන්නවා. ඔවුන්ගේ වාසස්ථාන කඩිනමින් ලබා දීමට අප කටයුතු කරනවා.

එපමණක් නොවෙයි ගම්වල මාර්ග පද්ධතිය විශාල ලෙස කඩාවැටී තිබෙනවා. මේ වසර තුළ අලුත්වැඩියා කර සැකසිය හැකි මාර්ග සඳහා අවශ්‍ය මුදල් ලබා දීමට අප කටයුතු කරනවා. එසේම පිරිසිදු පානීය ජලය ලබා දීමට ද කටයුතු කරනවා.

President Anura Kumara Dissanayake Among The Crowd

අප ජනතාවගේ ආණ්ඩුවක් හදා තිබෙන්නේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමටයි. කාලාන්තරයක් තිස්සේ උතුරු මුහුදේ විශාල ධීවර ගැටලුවක් තිබෙන බව අප දන්නවා. ඒ ප්‍රශ්නය විසඳීම සඳහා අපි ඉන්දියානු රජය සමඟ සාකච්ඡා කිහිපයක්ම පැවැත්වූවා. ආරක්ෂාව තහවුරු කිරීමට අපි නාවික හමුදාවට නියෝග ලබා දුන්නා. අපි පියවරින් පියවර ක්‍රමානුකූලව මේ ධීවරයන් මුහුණදී තිබෙන ගැටලු විසදීමට කටයුතු කරනවා.

පසුගිය මැතිවරණයේදී අපේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට ජනතාවගේ විශාල වුවමනාවක් තිබුණා. අපේ රටේ තිබුණේ මහජනතාවට වඩා උඩින් තිබෙන දේශපාලනයක්. මහජනතාව සමග සමීප දේශපාලනයක් නොවෙයි. මහජනතාවගේ ධනය පාලකයන් විශාල ලෙස නාස්ති කළා. අපි ආණ්ඩුවක් ලෙස එය නතර කළා.

නායකයො මහජනතාවගේ ධනය නාස්ති කරන්න හොද නැහැ. අපි දුප්පත් රටක්. ජනතාව දුප්පත්. ඒ දේශපාලනය වෙනස්විය යුතු නැද්ද, අපි ඒ දේශපාලනය වෙනස් කර තිබෙනවා. අද අපි රට ගොඩනැගීමේ දිසාවට පය තබා තිබෙනවා. විශේෂයෙන් මේ උතුරු පළාත ඉලක්ක කර ගනිමින් විශාල සංවර්ධනයක් සැලසුම් කර තිබෙනවා. කර්මාන්ත කලාප 03ක්, සංචාරක කර්මාන්තය දියුණු කිරීමට සැලැස්මක් වගේම මේ උතුරු පළාතේ පොල් වගා කළ හැකි අක්කර 40,000ක් තිබෙන බවට අපි හඳුනාගෙන තිබෙනවා. මෙවර අයවැයෙන් අපි ඒ සඳහා මුදල් වෙන් කරනවා. වගා කිරීමට කැමති අයට පොල් පැළ මෙන්ම භූමිය සකස් කර ගැනීමට සහ පොහොර යෙදවීමට අපි මුදල් දෙනවා. අපි සියලුදෙනා එක් වී රට ගොඩනැඟිය යුතුයි. උතුරේ ජනතාව විශාල ලෙස කෘෂිකර්මාන්තය වෙනුවෙන් වෙහෙ‌සෙන ජනතාවක්. හැබැයි නිසි මිලක් නැහැ. ඒ නිසා ගොවි ජනතාව මුහුණ දී සිටින ගැටලුවලට අපි විසඳුම් ලබා දෙනවා. අපි මේ වන විටත් පොහොර සහනාධාරය රුපියල් 25,000 දක්වා වැඩි කර තිබෙනවා. අපට අවශ්‍ය ජනතාවගේ ජීවිත උසස් කිරීමටයි.

යුද්ධය සහ ගැටුම් පිටුපස වැඩිපුර තිබෙන්නේ ආර් ථික ප්‍රශ්නයි. ඒ නිසා මේ ආර් ථික ගැටලුවලට අපි විසඳුම් සෙවිය යුතුයි. ඒ සඳහා අපි සැලසුම් සකස් කර තිබෙනවා. ඒ වගේම සිංහල, දෙමළ භාෂා කථා කරන ජන කණ්ඩායම් දෙකක් අපේ රටේ සිටිනවා. ඒ හැම පුරවැසියෙකුටම තමන්ගේ භාෂාවෙන් රාජ්‍යයත් සමඟ ගනුදෙනු කිරීමට ඇති අයිතිය සකස් කළ යුතුයි. තමන්ගේ භාෂාවෙන් පොලිසියට ගිහින් පැමිණිල්ලක් කිරීමට අවස්ථාව තිබිය යුතුයි. ඒ නිසා භාෂාවෙන් ඇති වී තිබෙන අසමානතාව අප විසඳිය යුතුයි. දෙමළ භාෂාවෙන් කතා කරන රාජ්‍ය සේවයක් අපට අවශ්‍යයි. අපි ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙනවා.

President Anura Kumara Dissanayake Meet The Religious Leaders

අපේ ආගමික අයිතින් පිළිබඳ සාධාරණත්වයක් තිබිය යුතුයි. ආගම් අපේ විශ්වාසයයි. ඒ පිළිබඳ කිසිවෙකුට බලපෑමක් කරන්න බැහැ. අපි එම විශ්වාසයට ගරු කළ යුතුයි. අපි අපේ රටේ යළි ආගම්වාදී, ජාතිවාදී ගැටුමක් වර්ධනය වෙන්න ඉඩ දෙන්නේ නැහැ. පසුගිය දිනවල එවැනි ජාතිවාදී සටන් පාඨ සමඟ සමහරුන් ඉදිරියට ඒමට පටන් ගත්තා. අපි ජාතිවාදය වපුරන අයට නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරනවා. අපටත් තවත් ජාතිවාදය අවශ්‍ය නැහැ. ආගම්වාදය අවශ්‍ය නැහැ. යළි අපේ රටේ ජාතිවාදයට හා ආගම්වාදයට අපි ඉඩ දෙන්නේ නැහැ.

අපි එකිනෙකා අතර සංස්කෘතික වෙනස්කම් තිබෙනවා. අපි ඒවාට ගරු කළ යුතුයි. එම සංස්කෘතින් රස විඳීමට පුරුදු විය යුතුයි. අපි එවන් රටක් ගොඩනැඟිය යුතුයි. අපිට ගහගෙන, යුද්ධ කරගෙන තවත් දශක ගණනාවක් මේ විදියට දුක් විදින්න බැහැ. අපේ පරම්පරාවන් දුක් වින්දා. අපේ දරුවන්ගේ පරම්පරාවන් යුද්ධයට තල්ලු කරන්න බැහැ. ඒ නිසා අපිට ගහගෙන මරාගෙන, ඇණ කොටාගෙන රටක් ලෙස ඉදිරියට යන්න බැහැ. අපේ රට ඉදිරියට යන්නේ අපි අතර සමගිය ගොඩනැගුණොත් පමණයි. ඒ නිසා අපේ ආණ්ඩුව සමගිය ගොඩනැඟීමට විශාල වෙහෙසක් දරනවා. එම සමගිය ඇති කිරීම සඳහා හොඳම ධෛර්ය ලබා දුන්නේ ඔබයි. පාරම්පරික දේශපාලනඥයෝ පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වුණා. වෙනම රටක් අරන් දෙන්නම් කියලා ඡන්දය ඉල්ලුවා. හැබැයි ජනතාව ඔවුන් ප්‍රතික්ෂේප කරලා යාපනය දිස්ත්‍රික්කය තුළ අපට ජයග්‍රහණය ලබා දුන්නා. ජනතාව කැමතියි එකතු වෙන්න. ජනතාව ළඟ ජාතිවාදය, ආගම්වාදය නැහැ. හැබැයි දේශපාලනඥයා ළඟ තිබෙනවා. උතුරේත්, දකුණේත් දේශපාලනඥයන්ගේ පැවැත්ම වුණේ ජාතිවාදයයි. නැවත නැවත එය දකුණේ හිස එසවීමට උත්සහ කරනවා. නමුත් අපට ජාතික සමගිය අවශ්‍යයි. අපි එකතු වෙමු. අපි හදලා තියන ආණ්ඩුව ජනතාවගේ ආණ්ඩුවක්. අපි තමුන්නාන්සේලා වගේමයි. අපි මේ රට වෙනස් කරමු. අලුත් යුගයකට ගෙන යමු. ඔබ අප කෙරෙහි තැබු විශ්වාසය අපි බිඳින්නේ නැහැ.

හැමදාම අපේ රටේ දේශපාලඥයෝ ජනතාවගේ විශ්වාසය කඩ කළා. අපි ඒ විශ්වාසය කඩ කරන්නේ නැහැ. ඔබ සියලු දෙනා ඉතා වැදගත් පියවරක් තැබුවා. සියලු දෙනා එක්විය යුතුයි කියා තීන්දුවක් ගත්තා. පසුගිය මැතිවරණයේදී ඔබ බෙදෙනවා වෙනුවට සියලුදෙනා එක් විය යුතුයි කියලා පෙන්නුවා. ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය අපි රකිනවා. මේ රටේ හොරකම නතර කරනවා, නාස්තිය නතර කරනවා. හොරකම් කරපු අයට දඩුවම් දෙනවා.

අපේ රටේ දරුවන් ලබාදෙන එන්නතින් හොරකම් කරලා නම්, බාල බෙහෙත් ගෙනවිත් නම්, රෝහල හදන විට, පාර හදන විට සොරකම් කරලා කෝටි ගණන් දේපළ රැස්කරගෙන නම් ඒ ගැන පරික්ෂණ කළ යුතු නැද්ද? දඩුවම් ලබාදිය යුතු නැද්ද? එම දඩුවම් ලබාදෙන ආණ්ඩුව ජාතික ජන බලවේයේ ආණ්ඩුවයි. දැන් දූෂණයට සම්බන්ධ අය ඔක්කොම එකතු වෙලා. පසුගිය මැතිවරණ වේදිකාවලදී විවිධ වේදිකාවලට බෙදී සිටි අය දැන් එකතු වෙන්න සාකච්ඡා පවත්වනවා. මේ සියලුදෙනා එක් වන්නේ බේරෙන්නයි. නමුත් ඔවුන් එකතු වුණාට, ජනතාව අප සමඟ එක් වී සිටින තුරු ඔවුන්ට මේ වැඩේ කරන්න බැහැ. ඔවුන් එකතු වී උත්සාහ කරන්නේ පරීක්ෂණ කරන එක නැවැත්වීමටයි. එකතු වී දඩුවම් ලබාදීම නවත්වන්නයි. නමුත් ජනතාව අප සමග සිටිනවා. අපි දූෂිතයන්ට දඩුවම් ලබා දෙනවා. අපි මෙම වැඩපිළිවෙළ අත්නොහැර ඉදිරියට යමු. අපි නිසි සැලසුමක් ඔස්සේ වැඩ කළහොත් අපිට මේ රට දියුණු කළ හැකියි. නැවත දූෂිතයන්ට, හොරුන්ට, අපරාධකරුවන්ට ඉඩක් දෙන්න එපා. අපි සියලු දෙනා එකට එක්වී මේ රට ගොඩනඟමු.

Show More

ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් හමුවෙයි.

(-Colombo, January 28, 2025-) ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලේස් ගැරීඩා අද (28 දින) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට පැමිණ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා හමුවී සුහද සාකච්ඡාවක නිරත විය. මෙම අවස්ථාවට කියුබානු තානාපතිවරයාගේ බිරිඳ මැරිබෙල් දුආර්තේ ගොන්සාලේස් ද එක්ව සිටියාය. ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා සමග ජනතා විමුක්ති […]

(-Colombo, January 28, 2025-)

ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලේස් ගැරීඩා අද (28 දින) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට පැමිණ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා හමුවී සුහද සාකච්ඡාවක නිරත විය.

මෙම අවස්ථාවට කියුබානු තානාපතිවරයාගේ බිරිඳ මැරිබෙල් දුආර්තේ ගොන්සාලේස් ද එක්ව සිටියාය. ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා සමග ජනතා විමුක්ති පෙරමුණේ ජාත්‍යන්තර සබඳතා කමිටුවේ සාමාජිකා කල්පනා මධු භාෂිනී ද එක්ව සිටියාය.

වර්තමානයේ ජාතික ජන බලවේගය ආණ්ඩුව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ පිළිබඳව, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩපිළිවෙළ පිළිබඳවත් සාකච්ඡා කිරීම මූලික වශයෙන්ම සිදුකෙරිණි. එමෙන්ම කලාපීය සහ එයින් පිටත ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳවද මෙහිදී දෙපාර්ශ්වය අතර කරුණු සාකච්ඡා කරනු ලැබීය.

Show More

“අප අවසන් කරන්නේ පැරණි නාස්තිකාර දේශපාලන සංස්කෘතියයි – කිසිවෙකුගෙන් පළි ගැනීම අරමුණ නොවෙයි” -ජනාධිපති අනුර කුමාර දිසානායක-

(-Colombo, January 26, 2025-) මැති ඇමතිවරුන්ට වරප්‍රසාද ලබාදෙන දේශපාලන සංස්කෘතියට වත්මන් රජය තිත තබා තිබෙන බව පැවසු ජනාධිපති අනුර කුමාර දිසානායක, ජනාධිපතිවරයා සහ මැති ඇමතිවරු එලෙස කටයුතු කරද්දි හිටපු නායකයින් නාස්තිකාර ජීවිත ඔවුන්ගේ උරුමයක් ලෙස සලකන බව ප්‍රකාශ කළේය. පැරණි නාස්තිකාර කටයුතුවලට තමන් කිසිවක් නොකියන නමුත් අද සිට හෝ නව දේශපාලන සංස්කෘතියට එක්වන ලෙස තමා […]

(-Colombo, January 26, 2025-)

මැති ඇමතිවරුන්ට වරප්‍රසාද ලබාදෙන දේශපාලන සංස්කෘතියට වත්මන් රජය තිත තබා තිබෙන බව පැවසු ජනාධිපති අනුර කුමාර දිසානායක, ජනාධිපතිවරයා සහ මැති ඇමතිවරු එලෙස කටයුතු කරද්දි හිටපු නායකයින් නාස්තිකාර ජීවිත ඔවුන්ගේ උරුමයක් ලෙස සලකන බව ප්‍රකාශ කළේය. පැරණි නාස්තිකාර කටයුතුවලට තමන් කිසිවක් නොකියන නමුත් අද සිට හෝ නව දේශපාලන සංස්කෘතියට එක්වන ලෙස තමා ඔවුන්ට පවසන බව ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ අද (26) පස්වරුවේ අනුරාධපුර විවේකානන්ද ක්‍රීඩාංගණයේ පැවති සුහද හමුව අමතමිනි.

මෙහිදී ජනතාව ඇමතු ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩි දුරටත් මෙසේද පැවසීය.

Crowd At The Clean Sri Lanka Meeting Anuradhapura

ජාතික ජන බලවේගය ලෙස අප පසුගිය මහ මැතිවරණට පෙර දිනයේදීඅනුරාධපුරයට පැමිණ විශාල ජනකායක් සමගින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කළා. ඉන් අනතුරුව පසුගිය මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ ආසන 159ක් සහිත දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට අපට හැකි වුණා. ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ආණ්ඩු බලය ලබා ගැනීම සිදු වූයේ පරම්පරාවෙන්. තාත්තා, අම්මා අගමැති වීම නිසා දුවට බලය ලැබුණා. අයියා ජනාධිපති නිසා මල්ලිට බලය ලබා දුන්නා. මාමා ජනාධිපති නිසා බෑනා ජනාධිපතිවුණා.

විශාල ලෙස මුදල් වියදම් කිරීම මඟින් ආණ්ඩු ගොඩ නැගූ ඉතිහාසයක් අපේ රටේ තිබෙනවා. කුමන්ත්‍රණ මගින් හා මාධ්‍යවල මතවාද ප්‍රචාරණය කරමින් ආණ්ඩු ගොඩනැඟුණා. නමුත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පිහිටවනු ලැබුවේ ජනතාවගේ මැදිහත්වීමෙන්. ජනතාව විසින් එක්ව ගොඩනැගුණු මෙම ආණ්ඩුවට දැනට මාස දෙකක් ගත වී තිබෙනවා. එම නිසා මෙම ජයග්‍රහණය ලබාදුන් ජනතාව සමඟ සුහදව කතා කිරීමට අපි මෙම හමුව යොදා ගත්තා.

President Anura Kumara Dissanayake Addressing At The Clean Sri Lanka Meeting Anuradhapura

පසුගිය සැප්තැම්බර් මාසයේ අප ජයග්‍රහණය ලබා ගන්නා විට පැවතුණේ ඉතා කුඩා ආණ්ඩුවක්. නොවැම්බර් මස 14 වැනිදා මහ මැතිවරණය පවත්වා නොවැම්බර් 21 වෙනිදා කැබිනට් මණ්ඩලය පිහිටුවීමට අපට හැකිවුණා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පැමිණි විට ජාත්‍යන්තර සබඳතා බිඳ වැටේ යැයි ඇතැම් කණ්ඩායම් විවිධ ප්‍රචාරයන් ගෙන ගියා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකදී කර්මාන්තකරුවන් ආයෝජකයින් රට හැර යනු ඇතැයි තවත් සමහරු ප්‍රචාරය කළා. ඒ වන විට ශ්‍රී ලංකාවේ පැවති ආර්ථිකය ඕනෑම තත්ත්වයකට ඔරොත්තු දෙන ආර්ථිකයක් නොවෙයි. එම තත්ත්වය තවත් ඉදිරියට පැවතියා නම් පාලකයින් අතින් ඩොලරයේ පාලනය ගිලිහීමට ඉඩ තිබුණා. ඒ නිසා අපි ආණ්ඩුවේ විශ්වාසය ගොඩනඟා ගැනීමට කටයුතු කළා. අද කොටස් වෙළඳපොළ වේගයෙන් ඉදිරියට යමින් තිබෙනවා. නමුත් කොටස් වෙළඳපලෙන් සමස්ත ආර්ථිකය පිළිබිඹු වන්නේ නැහැ. කොටස් වෙළඳපොළෙන් ආයෝජකයන්ගේ විශ්වාසය ඇති කරනවා. පහුගිය දෙසැම්බර් මාසයේ සිට කොටස් වෙළඳපළේ අගය ඉහළ යමින් තිබෙනවා.

අපේ රට විශාල ලෙස බංකොලොත්භාවයට පත්ව තිබුණා. එම තත්වය සමනය කර ගනිමින් ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පසුගිය දෙසැම්බර් මාසයේදී අවසන් කර ගැනීමට වත්මන් රජයට හැකි වුණා. ඒ සමගම ලංකාව එතෙක් පැවති බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමට ජාතික ජන බලවේගය ආණ්ඩුවට හැකි වුණා. බංකොලොත්භාවය නිසාම මේ රටේ ක්‍රියාත්මක වෙමින් තිබු සංවර්ධන ව්‍යාපෘති අතරමග නවතා දමා තිබුණා. ජපාන රජය විසින් එලෙස ව්‍යාපෘති 11ක් නවතා දමා තිබුණා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියත් ඒ අතර තිබුණා. ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසුව ජපාන රජය එම ව්‍යාපෘති 11ම නැවත ආරම්භ කිරීමට කටයුතු කළා. එසේම චීන රජය විසින් ඉදිකරමින් තිබු සහ ඉදිකිරීමට නියමිතව තිබූ ව්‍යාපෘති 76ක් නැවත ආරම්භ කිරීමට කටයුතු කළා. මා පසුගියදා සිදු කළ චීන සංචාරයේදී මේ සඳහා විශාල සහයෝගයක් ලැබුණා. මේ වනවිට ජාතික ජන බලවේගය ආණ්ඩුව විදේශ රටවල් සමග ඇති විශ්වාසය තහවුරු කර තිබෙනවා.

Wasantha Samarasinghe Addressing At The Clean Sri Lanka Meeting Anuradhapura

චීන රජය පාසල් නිල ඇඳුම් සඳහා ලබාදුන් 80%ක ආධාරය 100%ක් දක්වා වැඩි කිරීමට කටයුතු කළා. එමෙන්ම 2026 වසර සඳහාත් නිල ඇඳුම් ලබාදීමට චීන රජය එකඟතාව පළ කළා. හම්බන්තොට තෙල් පිරිපහදු මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා ඩොලර් බිලියන 3.7ක් ලබාදුන්නා. ලංකා ඉතිහාසයේ වැඩිම ආයෝජනය ලෙස එය ඉතිහාසයට එක් වෙනවා. කඩවත-මීරිගම අධිවේගී මාර්ගයේ කොටස නැවත ආරම්භ කිරීමට අදාළව වන්දියක් ගෙවීමට සිදුව තිබුණා. එම වන්දිය 50%කින් අඩු කර ගැනීමට අප සැලසුම් කරමින් තිබෙනවා. එම මාර්ගය නැවත ඉදිකිරීම සඳහාත් චීනයේ ආධාර ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා.

අපි පළමු සංචාරය සඳහා ඉන්දියාව තෝරා ගනු ලැබුවා. එයින් රටට ආර්ථික ප්‍රතිලාභ රැසක් ලබා ගැනීමට හැකි වූ අතර ණය අධාරයක් ලෙස අපට ලබාදී තිබු මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ග සංඥා පද්ධතිය ආධාරයක් බවට පත්කර ගැනීමට එම සංචාරයේ දී අපට හැකි වුණා. එමෙන්ම නැගෙනහිර පළාත සංවර්ධනය කිරීම සඳහා ප්‍රදානයක් සිදු කිරීමට ද ඉන්දියානු රජය එකග වී තිබෙනවා. ජාත්‍යන්තරය තුළ වත්මන් ආණ්ඩුව පිළිබඳ විශ්වාසයක් ඇති කර ගැනීමට අප සමත්ව තිබෙනවා. ආයෝජකයන්ට විශ්වාසනීය රටක් බවට අද ශ්‍රී ලංකාව පත්වෙමින් තිබෙනවා.

The Clean Sri Lanka Meeting Anuradhapura Crowd

සාමාන්‍ය ජනතාව බලා ගැනීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාව ඉවත් කිරීමට අප කටයුතු කළා. ඒ වගේම අස්වැසුම ලබාදෙන ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කළා. අස්වැසුම ලබාදෙන කණ්ඩායම් පිළිබඳ නැවත සමාලෝචනයක් මෙම ජුනි මාසයේදී සිදු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ආධාර ලැබිය යුතු කොටස් ඉලක්ක කර ආධාර ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ලෝකයේ බොහෝ ආණ්ඩුවල සැලැස්ම වන්නේ ආධාර ලැබිය යුතු ජන කොටස්වලට ආධාර ලබාදීමයි. ඒ සඳහා නිවැරදි දත්ත එක් රැස් කිරීම අවශ්‍ය වෙනවා.

අපේ රටේ මෙතෙක් ආධාර ලබා දුන්නේ පුරවැසියන් බලා ගන්නා කෝණයෙන් නොව දේශපාලන කෝණයෙන් බලා බව අපි දන්නවා. එම නිසා නිසි ලෙසම ආධාර ලැබිය යුතු පුරවැසියන් රැකබලා ගැනීමට නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කිරීම අපගේ අරමුණයි. මෙම වැඩසටහන් සඳහා යොදවනු ලබන්නේ ජනතාවගේ බදු මුදල්. එම නිසා ඉලක්කගත නිශ්චිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමයි.

Wasantha Addressing The Clean Sri Lanka Meeting Anuradhapura

පාසල් උපකරණ ලබාගත නොහැකි දරුවන්ට පාසල් උපකරණ ලබා ගැනීම සඳහා ආධාර ලබාදීමේ වැඩපිළිවෙලක් අපි සකස් කළා. නමුත් එහිදී අස්වැසුම ලබන පිරිසට අමතරව තවත් දරුවන් පිරිසක් සිටියා. එම නිසා මෙම දත්තවල යම් වියවුලක් තිබෙනවා. දරුවන් තුන්සියයට වඩා සිටින පාසල්වල දරුවන්ට රුපියල් 6000ක දීමනාවක් ලබාදීමට අප තීරණය කළා. නිවැරදි දත්ත ලැබීමෙන් පසුව ආධාර ලැබිය යුතු ප්‍රජාව ඉලක්ක කරගෙන ආධාර ලබාදීමට කටයුතු කරනවා.

අපි ජනතාව බලා ගැනීම සඳහා පසුගිය මාස දෙක තුළ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළා. තවමත් අප අයවැය ලේඛනයක් ඉදිරිපත් කර නැහැ. අයවැය ‍ලේඛනය පෙබරවාරි 17 වැනිදා ඉදිරිපත්කරනවා. මේ රටේ හැමදාම සහනාධාරවලින් යැපෙන ජනතාවක් සිටිය යුතු නැහැ. අපේ රටේ සෑම පුරවැසියෙකුටම ක්‍රමානුකූලව ආර්ථික ශක්තියක් ලබාදීමට රජය කටයුතු කරනවා. ආණ්ඩුවේ ඉලක්කය එයයි. නැවත අපේ රට 2022-2023 වසර වල මෙන් ආර්ථික අර්බුදයකට ලක්වීමට අප ඉඩ තබන්නේ නැහැ. මේ රටේ ආර්ථික පදනම ශක්තිමත්ව නිර්මාණය කිරීමට අප කටයුතු කරනවා.

PMDK Palihena At The Clean Sri Lanka Meeting Anuradhapura

වරාය ඉලක්ක කර ගනිමින් විශාල ආර්ථිකයක් ගොඩනැගීමට අප සැලසුම් කර තිබෙනවා. 2030 වනවිට කොළඹ වරායේ කන්ටේනර් ලක්ෂ 113ක මෙහෙයුම් කටයුතු කිරීමට සැලසුම් කර තිබෙනවා. හිටපු නායකයින්ට වරාය සම්බන්ධයෙන් කිසිම සැලසුමක් තිබුනේ නැහැ. වරායේ ගේට්ටු හතරක් තිබෙනවා. නමුත් ගේට්ටු දෙකයි ක්‍රියාත්මක වන්නේ. ඒ සඳහා සැලසුම් ක්‍රියාත්මක කිරීමටවත් හිටපු නායකයින් කටයුතු කර තිබුණේ නැහැ. ඒ නිසාම වරායේ තදබදය වැඩිවෙලා තිබෙනවා. නැගෙනහිර ජැටියේ වැඩකටයුතු ලබන ජූනි මාසය වන විට අවසන් කිරීමට අප කටයුතු කරනවා. එවිට කන්ටේනර් මෙහෙයුම් තවත් වැඩිවෙනවා. එවිට තදබදය තවත් වැඩිවෙනවා. ඒ නිසා කෙරවලපිටියේ බහාළුම් මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. එය ඉදිකිරීමට තව වසරක් පමණ ගත වේවි. මෙම බහලුම් මෙහෙයුම් සිදු කිරීමට කඩිනම් සැලැස්මක් අවශ්‍යයි. දැක්මක් සහිත පාලකයන් නොසිටි නිසා වරායේ තදබදය තවත් වැඩි වී තිබෙනවා. අප ටිකෙන් ටික එම තදබදය අඩු කිරීමට කටයුතු කරමින් සිටිනවා.

සංචාරක කර්මාන්තයේදී මිලියන තුනක සංචාරකයින් ප්‍රමාණයක් අප අපේක්ෂා කරනවා. අපේ රටට සංචාරකින් පැමිණියත් සංචාරක ආකර්ෂණීය ස්ථානවල අඩුවක් තිබෙනවා. සංචාරකයින්ට තදබදයකින් තොරව නැරඹුම් ස්ථාන ඇති කිරීම කළ යුතුයි. අනුරාධපුර නගරය සංචාරකයින්ගේ ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කළ යුතුයි. ශ්‍රී ලංකාවේ පළමු රාජධානිය, ශ්‍රී ලංකාවේ පළමු වැව තිබෙන්නේ අනුරාධපුරයේයි. ඒ නිසා අනුරාධපුරය සංචාරක ආකර්ෂණීය මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට හැකියාව තිබෙනවා. ලෝකයට යන විට කියවෙන්නේ රටේ නම නෙවෙයි, නගරයේ නමයි. ලන්ඩන් පැරිස් කියන්නේ ‘සිටි බ්‍රෑන්ඩ්’ කිරීමක්. අනුරාධපුරයත් ‘සිටි බ්‍රෑන්ඩ්’ කිරීමක් කළ යුතුයි. අනුරාධපුර නගරය යළි ඓතිහාසික නගරයක් බවට ප්‍රතිස්ථාපනය කළ යුතුයි. අපේ රටට සංචාරකයින් මිලියන තුනක් පැමිණෙන්නේ නම් එම සංචාරකයින් ප්‍රමාණය රට පුරා ව්‍යාප්ත කළ යුතුයි.

Mahinda Pathirage At The Clean Sri Lanka Meeting Anuradhapura

අපේ රටේ ස්වභාවික සම්පත් පිළිබඳව අවධානය යොමු කර නැහැ. අපේ ඛණිජ සම්පත්වලට අගය එකතු කිරීමට කිසිවෙකු කටයුතු කර නෑ. ඒ නිසා ඛනිජ සම්පත් සංවර්ධනය සඳහා කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමට අප සැලසුම් කර තිබෙනවා.

පැරණි වාරිමාර්ග ක්‍රමවේද 07ක් අනුරාධපුර නගරයේ තිබෙනවා. එම වාරිමාර්ග ක්‍රමවේද හත ප්‍රතිසංස්කරණය කිරීමට අප කටයුතු කරනවා. මෙවර අයවැයෙන් වෙන් කරන මුදල් නිශ්චිත ව්‍යාපෘතිවලට වියදම් කිරීම අවශ්‍යයි. මෙම කටයුතු තුළින් ආර්ථිකයේ පදනම ශක්තිමත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

බලශක්තිය ආර්ථිකයට බලපාන ප්‍රධාන ක්ෂේත්‍රයක් වෙනවා. අද වන විට විදුලිබිල අඩු වී තිබෙනවා. නමුත් විදුලිබිල අඩුවීම ස්ථාවරව තබාගන්න බැහැ. වහින කාලෙට විදුලි බිල අඩුවෙන, පායනකොට විදුලි බිල වැඩිවෙන ක්‍රමයට අප තිත තැබිය යුතුයි. එහිදී පුනර්ජනනීය බල ශක්තියට වැඩි අවස්ථාවක් ලබා දිය යුතුයි. මන්නාරම සුළං විදුලි බලාගාරය ඉදිකිරීමට අප සැලසුම් කළා. එයින් විදුලි ඒකකයක් මිලදී ගන්නා මිල රුපියල් දාහතරක් වෙනවා. නමුත් පසුගිය රජය සියඹලාණ්ඩුව ප්‍රදේශයේ මෙවැනි ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා ගිවිසුම් ගත වී තිබෙන මිලදී ගැනීමේ මිල රුපියල් 18ක් වෙනවා. පසුගිය ආණ්ඩුව සාම්පූර් බලාගාරයෙන් විදුලි ඒකකයක් මිලදී ගැනීමට ගිවිසුම අත්සන් කර තිබුණේ ආසන්න වශයෙන් රුපියල් විසි හතරකටයි. නමුත් අප එය රුපියල් දාහතක් දක්වා අඩු කිරීමට කටයුතු කළා. සූර්ය බලාගාර ඉදි කිරීම සඳහා අක්කර 10,000ක් වෙන්කර ටෙන්ඩර් පටිපාටියක් හරහා ආයෝජකයන්ට ලබාදීමට සැලසුම් කර තිබෙනවා. ආර්ථිකය සඳහා අලුතෙන් ප්‍රවිෂ්ඨ වන අයට රාජ්‍ය බැංකුවක් සමඟ ඒකාබද්ධ වී සංවර්ධන ණය යෝජනා ක්‍රමයක් සකස් කරනවා. ඒ යටතේ සහන පොළියට ණය ලබා දෙනවා. ව්‍යාපෘති වාර්තාව පෙන්වා කර්මාන්ත අමාත්‍යාංශය අනුමැතිය සහිතව බැංකුවට ඉදිරිපත් කළ විට ණය ළබාදීමේ ක්‍රමවේදයක් ඇති කරනවා. නව ගොවිපළවල්වල හිමිකාරීත්වයක් ඇති කිරීම සඳහා තරුණ පරම්පරාවට අවස්ථාව ලබා දෙනවා. සුළු හා මධ්‍ය පරිමාන පරිමාණ කර්මාන්ත පද්ධතියක් ඇති කිරීම මගින් ආර්ථිකය ඉහළට ඔසවා තැබීමට අප සැලසුම් කරනවා. ගම දියුණු වී ආර්ථික වශයෙන් ඉහළ යෑම අවශ්‍ය වෙනවා.

ඒ වගේම පොදු ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කිරීමට අප කටයුතු කරනවා. නාගරිකව නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම ක්‍රමවේදය ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. පැති ගණනාවක් ඔස්සේ අපේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට අප කටයුතු කරනවා.

Singing At The Clean Sri Lanka Meeting Anuradhapura

ජනතාව අපට ඡන්දය ලබාදීමේදී සාධක කිහිපයක් පිළිබඳ අවධානය යොමු කළා. දේශපාලන සංස්කෘතිය, නාස්තිය දූෂණය අවම කිරීම, යන සාධක ජනතාව අපෙන් ඉල්ලා සිටියා. අපි පළමුවෙන්ම පැවති දූෂිත දේශපාලන සංස්කෘතියට තිත තැබුවා. අපි ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබා දෙන්නේ නැහැ. ඒ සංස්කෘතිය අප අවසන් කර තිබෙනවා. ගිලන් රථ පිටුපසින් ගියපු ඉතිහාසයක් තිබුණා. අපි කිසිම ඇමතිවරයෙකුට නිල නිවාස ලබා දුන්නේ නැහැ. කොළඹ ජනාධිපති මන්දිරය හා නුවර ජනාධිපති මන්දිරය පමණක් තබාගෙන අනෙකුත් සියලුම ජනාධිපති මන්දිර රටේ ආර්ථිකයට දායක කර ගත හැකි ලෙස ආයෝජනය කිරීමට අප සැලසුම් කර තිබෙනවා.

ජනාධිපතිවරයා හා ඇමතිවරු මෙලෙස කටයුතු කරන විට හිටපු ජනාධිපතිවරු කියනවා දේශපාලන පළිගැනීම් කරනවා කියලා. හිටපු ජනාධිපතිවරු දෙදෙනෙක් කොළඹ හතේ හෝටි ගණන් වටින ඉඩම්වල ඉන්නවා. වර්ග අඩි තිස්දහස් ගණනක නිවසක සිටිනවා. මේ යහපත් දේශපාලන සංස්කෘතියට එන්න කැමති අය එන්න. අපිට හිටපු පාලකයන් සමඟ ඉඩම් නඩු නැහැ. නාස්තිකාර ජීවිත ගත කරන එක අපට හුරු නැහැ. නාස්තිකාර ජීවිත ගත කරන එක එයාලගේ ජීවිතවලට උරුම දෙයක් කියා ඔවුන් කියනවා. මහජනයාගේ ධනය එහෙම දෙන්න ඕනෙද? හිටපු ජනාධිපතිනිය ඉන්නේ වර්ගඅඩී 15000ක නිවසක. පැරණි නාස්තිකාර කටයුතුවලට අපිකිසිවක් කියන්නේ නෑ. අද ඉඳන් නව දේශපාලන සංස්කෘතියට එන්න කියා අපි ඔවුන්ට කියනවා.

දේශපාලඥයා කියන්නේ මහජනතාවට වඩා ඉහළින් ඉන්න කෙනෙක් නෙවෙයි. අපි මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍රය ලබාදෙන්නේ නැහැ, මන්ත්‍රීවරුන්ට නිවාස ලබාදෙන්නෙ නැහැ, විශ්‍රාම වැටුප් ලබාදෙන්නෙ නැහැ. දැන් සමහරු අහනවා කෝ දූෂිතයන් ඇල්ලුවද කියලා. ඊට අදාළ පරීක්ෂණ කඩිනම් කිරීමට අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ශක්තිය ලබා දී තිබෙනවා.

ශක්තිමත් ලෙස එම නඩු ගෙනුකරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. අපි කිසිවෙක් පසුපස පෞද්ගලිකව හඹා යන්නේ නැහැ. පරීක්ෂණ අවසන් වන ආකාරයට අධිකරණයට වාර්තා කරනවා. ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර වසර දාසයක් ගත වෙනවා. තාජුඩීන් ඝාතනය කර වසර දහතුනක් වෙනවා. තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධව කටයුතු කළ අධිකරණ වෛද්‍ය නිලධාරියා මේ වන විට මිය ගිහින්. ඒ පිළිබඳ විමර්ශනය කළ නියෝජ්‍ය පොලිස්පතිවරයාත් මේ වන විට මිය ගොස් තිබෙනවා. එබැවින්ඇතැම් පරීක්ෂණ කල්ගත වෙනවා.

From The Front Of The Clean Sri Lanka Meeting Anuradhapura

මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා අපි විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. මෙරට මත්ද්‍රව්‍ය ජාලය බිඳ දැමීමට අවශ්‍ය පහසුකම් පොලිසියට ලබාදී තිබෙනවා. අනවසර ගිනිඅවි සමාජය තුළ සැරිසරනවා. ඒ නිසාම නිල නොලත් පාතාල රාජ්‍යයක් තිබෙනවා. මෙය මර්ධනය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල අප සතුව තිබෙනවා. මෙම පාතාලය මේ වසර පහේදි මර්ධනය කිරීමට අප කටයුතු කරනවා.

අපට බැඳීම තිබෙන්නේ ජනතාව සමඟයි. අපි මාධ්‍ය ආයතනවලට බැඳී නැහැ. කළු කඩ ව්‍යාපාරිකයන් සමඟ අපට බැඳීමක් නැහැ. අපේ මූලික බැඳීම තිබෙන්නේ මේ රටේ ජනතාව සමග පමණයි. ජනතාව අප කෙරෙහි තැබු විශ්වාසය බිඳ දැමීමට ඉඩ තබන්නේ නැහැ.

ලංකා ඉතිහාසයේ සැලකිය යුතු කාලයකට පසුව පරිවර්තනීය දේශපාලන නායකත්වයක් ඇතිවී තිබෙනවා. ඒ සඳහා ඔබගේ සහාය අවශ්‍යයි. පොලිසියේ, හමුදාවේ, රාජ්‍ය නිලධාරීන්ගේ සහාය අපට අවශ්‍යයි. ලෝකයේ එක කාලයක අව්ව වැස්ස දෙස බලා ගමන් කළා. නමුත් මේ වන විට ලෝකය ගමන් කරන්නේ දත්ත මතයි. එම නිසා නිෂ්පාදනය පරිභෝජනයට ප්‍රමාණවත් ද නැද්ද කියා සොයා දෙන්නේ දත්ත මගින්. එම දත්ත එක් රැස් කිරීම පරිපූර්ණ ලෙස සිදු කළ යුතුයි.

The Clean Sri Lanka Meeting Anuradhapura Address By Wasantha Samarasinghe

කෘෂිකර්ම නිලධාරියෙක් වරෙක ප්‍රකාශ කළා වී මෙට්‍රික් ටොන් මිලියනයක් අතුරුදහන් වෙලා කියලා. නමුත් රජයේ සහල් ගබඩාවල තිබිය හැක්කේ සහල් මෙට්‍රික්ටොන් ලක්ෂ තුනක් පමණයි. මහා පරිමාණ මෝල් හිමිකරුවන්ගේ සමස්ත එකතුවත් මේට්‍රික් ටොන් ලක්ෂ තුනක් පමණයි. එසේ තිබියදී නිලධාරියෙක් එලෙස ප්‍රකාශ නිකුත් කරන්නේ ඇයි? නිසි ආකාරයෙන් දත්ත රැස් කර නොමැතිකම එයින් පෙනී යනවා. දත්ත නිසි ලෙස තිබෙනවා නම් අවශ්‍ය වේලාවේදී තීන්දු තීරණ ගත හැකියි. එම නිසා ලබන ජූනි මාසය වන විට සමස්ථ රාජ්‍ය සේවය තුළම දත්ත එක් රැස්කිරීමේ වැඩපිළිවෙල සම්පූර්ණ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මින් පසුව සහල් හිඟයක් ඇතිවීමට අප ඉඩ තබන්නේ නැහැ. වී වලට සහතික මිලක් සහ පාරිභෝගිකයාට සාධාරණ මිලක් ලබාදීමට අපි කටයුතු කරනවා. උතුරේ පොල් වගා කිරීම සඳහා අක්කර 3000ක් හඳුනාගෙන තිබෙනවා. ඒ සඳහා මුදල් මෙවර අයවැයෙන් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඉතාම නරක, අන්තයටම කඩා වැටුණු රටක් අපි ක්‍රමාණුකූලව ගොඩ නගමින් තිබෙනවා. එම වැඩපිළිවෙළ තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට අප සියලු දෙනා එක්ව කටයුතු කරමු.

Show More

“ජනතාව එක්වී ගොඩනැගූ ලංකාවේ පළමු ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවයි” -ජනාධිපති අනුර කුමාර දිසානායක-

(-Colombo, January 25, 2025-) පරම්පරාවකින් තොරව, මුදල් බලයෙන් තොරව, කුමන්ත්‍රණවලින් තොරව හා මාධ්‍ය මගින් බොරු ප්‍රචාර නොකර ලංකා ඉතිහාසයේ ගොඩනැගුණු එකම ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ ප්‍රධාන සාධකය ජනතාව බවත් ලංකාවේ පළමු වතාවට ජනතාව එක්වී ගොඩනැගූ ආණ්ඩුව වන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බවත් […]

(-Colombo, January 25, 2025-)

පරම්පරාවකින් තොරව, මුදල් බලයෙන් තොරව, කුමන්ත්‍රණවලින් තොරව හා මාධ්‍ය මගින් බොරු ප්‍රචාර නොකර ලංකා ඉතිහාසයේ ගොඩනැගුණු එකම ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ ප්‍රධාන සාධකය ජනතාව බවත් ලංකාවේ පළමු වතාවට ජනතාව එක්වී ගොඩනැගූ ආණ්ඩුව වන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බවත් ප්‍රකාශ කළේය.

අද ආණ්ඩුවට බරපතළ චෝදනා කරන හිටපු පාලකයින් විසින් රට බංකොලොත්භාවයට පත් කිරීමේ අහිතකර ප්‍රතිවිපාක පසුගිය කාලය තුළ සියලු ජනතාව අත්විඳි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දූෂිත දේශපාලනය ක්‍රමය අවසන් කර රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා සැලසුමක් සහිත වැඩපිළිවෙළක් වත්මන් රජය විසින් ක්‍රියාත්මක කර තිබෙන බව සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ අද (25) පස්වරුවේ හෝමාගම ප්‍රදේශයේ පැවති සුහද හමුවකට එක් වෙමිනි.

President Anura Kumara Dissanayake Addressing At The Clean Sri Lanka Public Meeting Homagama

මෙහිදී ජනතාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

“ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තු මැතිවරණයකින් ලබා ගන්නා ලද වැඩිම ප්‍රතිඵලය ලබා ගැනීමට පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී අප සමත් වුණා. මේ ජයග්‍රහණය සාමාන්‍ය ජයග්‍රහණයක් නොමෙයි. ලංකා ඉතිහාසය තුළ විවිධ ආණ්ඩු සකස් වී තිබෙනවා සේම විවිධ අවස්ථාවල ආණ්ඩු පෙරළී ගොස් තිබෙනවා. ඒ සෑම ආණ්ඩුවක්ම නිර්මාණය වීමේදී ඊට ආවේණික වූ සාධක තිබුණා. දෙමාපියන් අගමැති ධූරවල රාජකාරී කළ නිසා දියණියට එය ලබා දුන් අවස්ථාවන් තිබුණා. පරම්පරාවන් විසින් නායකත්වයට පත් කළ අවස්ථාවන් අපේ රටේ තිබුණා.

එසේ නොමැති නම් මාමා ජනාධිපති, බෑනා ජනාධිපති කරවීම, අයියා ජනාධිපති නම් සහෝදරයා ජනාධිපති කරවීමේ ඉතිහාසයක් මේ රටේ තිබුණා. ඒ වගේම මැරබලය යොදවා, රාජ්‍ය බලය යොදවා, මුදල් බලය යොදවා රාජ්‍ය බලය ලබා ගත් අවස්ථා ලංකා ඉතිහාසයේ සුලබව තිබුණා.

විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරමින් ආණ්ඩු බලය ලබා ගත් අවස්ථාවන්ද මෙරට දේශපාලන ඉතිහාසය තුළ සොයා ගන්න පුළුවන්. පාස්කු ප්‍රහාරය වැනි කුමන්ත්‍රණ ඊට ආසන්නම උදාහරණයයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය මේ වන වන විට හොඳින් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. මාධ්‍යයෙන් ප්‍රබල ලෙස මතවාද ගොඩ නගා ආණ්ඩු ගොඩ නැගූ යුගයක්ද මේ රටේ තිබුණා. පරම්පරාවකින් තොරව, මුදල් බලයෙන් තොරව, කුමන්ත්‍රණවලින් තොරව හා මාධ්‍ය මගින් බොරු ප්‍රචාර නොකර ලංකා ඉතිහාසයේ ගොඩනැගුණු එකම ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ ප්‍රධාන සාධකය වන්නේ ජනතාව වන ඔබයි. ලංකාවේ පළමු වතාවට ජනතාව එක්වී ගොඩනැගූ ආණ්ඩුව වන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවයි.

Clean Sri Lanka Public Meeting Homagama By President AKD

අප භාරගත්තේ ආර්ථික වශයෙන් විශාල ලෙස කඩා වැටී තිබු රටක්. තෙල්, ගෑස්, පෝලිම් ඇති වී ඩොලර් සංචිත නොතිබුණ රටක් වත්මන් ආණ්ඩුවට භාර ගැනීමට සිදු වුණා. මතුපිටින් සමනය වී තිබුණත් අපට හිමි වුණේ අභ්‍යන්තරව විශාල අර්බුදයක් සහිත ආර්ථිකයක්. එවැනි රටක් ඉදිරියට ගෙනයාමට නම් නිවැරදි ක්‍රමවේදයක් සකස්කර ගැනීමේ අභියෝගයක් ආණ්ඩුවට තිබුණා.

මහජනතාව වත්මන් ආණ්ඩුව කෙරෙහි විශාල බලාපොරොත්තු තබාගෙන තිබුණා. ඒ අනුව ප්‍රධාන සාධක තුනක් ඔස්සේ රට නිවැරදි දිශාවකට හැර විය යුතු බවට ජනතාව විශ්වාස කළා. ජරාජීර්ණ, නාස්තිකාර දේශපාලනය අවසන් කිරීම, ජනතාවගේ ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගෙන ඒම, නීතියේ ආධිපත්‍යයට ගරු කරන විනයගරුක සමාජයක් ඇති කිරීම යන ප්‍රධාන කරුණු ජනතාව වත්මන් ආණ්ඩුවට බලයට පත් කර ගනිමින් අපේක්ෂා කළා. මෙම සාධක ඉටු කිරීම ආණ්ඩුව ඉදිරියේ තිබෙන අභියෝගයයි. මේවා ජය ගැනීම සඳහා ආණ්ඩුව විසින් ගත යුතු ක්‍රියාමාර්ග කිහිපයක් තිබුණා.

ජාතික ජන බලවේගය ආණ්ඩුවට විදේශ සබඳතා නොමැති බවට විවිධ කණ්ඩායම් විසින් විවිධ කටකතා පතුරවා තිබුණා. ඇතැම් ජාත්‍යන්තර සංවිධානවලට ජාතික ජන බලවේගය පිළිබඳ යම් සැකයක් පවා තිබුණා. මීට පෙර පාලකයින් ජාතික ජන බලවේගය පිළිබඳ ගොඩනගා තිබු මතවාද ඊට හේතු වුණා.

President Anura Kumara Dissanayake Among People At Clean Sri Lanka Meeting Homagama

සාමාන්‍යයෙන් මෙරට පත්වන රාජ්‍ය නායකයකු සිය පළමු රාජ්‍යතාන්ත්‍රික හමුව පවත්වන්නේ අසල්වැසි ඉන්දියාව සමඟයි. එම නිසා අප පළමු සංචාරය සඳහා ඉන්දියාව තෝරා ගනු ලැබුවා. ඉන්දු – ශ්‍රී ලංකා රාජතාන්තික සබඳතා නව පියවරකට ඔසවා තැබීමට එහිදී අප සමත් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ග සංඥා පද්ධතිය නවීකරණය සඳහා ලබා දෙන ණය ආධාරය ප්‍රදානයක් බවට පත් කිරීමට ඉන්දියානු රජය එකඟ වුණා. යුද්ධය නිසා සංවර්ධනයෙන් පසුබෑමට ලක් වූ නැගෙනහිර පළාත සංවර්ධනය කිරීම සඳහා ප්‍රදානයක් ලබාදීමට ඉන්දියානු සංචාරයේදී එකඟතාව පළ වුණා.

2030 වසර වන විට ශ්‍රී ලංකාව ජාතික විදුලි බල අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගත යුතුව තිබෙනවා. එම ධාරිතාව සම්පූර්ණ කර ගැනීම ශ්‍රී ලාංකාවේ විදුලි මිල සම්බන්ධවද ඍජු බලපෑමක් එල්ල කරනවා. යෝජිත සාම්පූර් සූර්ය බල ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමටද ඉන්දියානු රජය කැමැත්ත පළ කර තිබෙනවා. ඒ සඳහා ‍ප්‍රාග්ධන අවශ්‍යතාවය වෙනුවෙන් හා තාක්ෂණ අවශ්‍යතාව වෙනුවෙන් සමාගමක් ස්ථාපිත කිරීමට අපි අපේක්ෂා කරනවා. එම නව සමාගම මගින් සාම්පූර් බලාගාරයේ වැඩකටයුතු කඩිනමින් ආරම්භ කිරීමට නියමිතයි.

සාම්පූර් බලාගාරයේ ආයෝජන පැමිණෙන විට විදුලි ඒකකයක් ඩොලර් ශත හයකට මිලදී ගැනීමට යෝජනා වී තිබුණා. විදුලි ඒකකයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කිරීමට ඉන්දියානු සංචාරයේ දී මම කටයුතු කළා. ඒ අනුව ඒකකයක් මේ වනවිට ඩොලර් ශත 5.84කට මිලදී ගැනීමට යෝජනා වී තිබෙනවා. සූර්ය බලශක්ති නිෂ්පාදනයෙන් විදුලි ඒකකයක් මිලදී ගැනීමේ මෑත කාලයේ අඩුම මිල බවට එය පත්වී තිබෙනවා. සූර්ය බලයෙන් නිෂ්පාදනය කරන විදුලි ඒකකයක් මිලදී ගැනීම සඳහා කලින් අත්සන් කර ඇති ගිවිසුමට අනුව විදුලි ඒකකයක් මිලදී ගනු ලබන්නේ ඩොලර් ශත 8ක මුදලකටයි. ආසන්න වශයෙන් ගත් විට එය රුපියල් විසි හතරක්. වත්මන් ආණ්ඩුව යෝජනා කර ඇති විදුලි ඒකක මිලදී ගැනීමේ මිල ආසන්න වශයෙන් ගත් විට රුපියල් 18ක්. අපේ විදේශ සබඳතාවල ශක්තිමත්භාවය මෙම ගිවිසුම් මගින් අනාවරණය කර ගතහැකියි.

Aruna Panagoda At Clean Sri Lanka Meeting Homagama

චීනය සහ ඉන්දියාව අතර යම් ප්‍රතිවිරෝධයක් පවතින බව රහසක් නෙමෙයි. ඒ පිළිබඳ වත්මන් ආණ්ඩුවද හොඳ ස්ථාවරයක සිටිනවා. ශ්‍රී ලංකාව කවර හෝ රාජ්‍යයකට එරෙහි සටන් භූමියක් බවට පත්කිරීමට අප ඉඩ තබන්නේ නැහැ. අපේ ආණ්ඩුවට ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක් තිබෙනවා.

අප සිදු කළ චීන රාජ්‍ය සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස රුපියල් මිලියන විසි දාහක පමණ ආධාරයක් ශ්‍රී ලංකාවට හිමි වුණා. හම්බන්තොට ඉදි වන තෙල් පිරිපහදුවේ වැඩකටයුතු කඩිනම් කිරීමට චීන සංචාරයේදී එම සමාගම එකඟතාව පළ කළා. එසේම ඩොලර් බිලියන 3.7ක එම ආයෝජනය ලංකා ඉතිහාසයේ වැඩිම ආයෝජනය වීමද විශේෂත්වයක්. එම ආයෝජන ප්‍රමාණයෙන් දෙකෙන් පංගුවකවත් එක් ආයෝජනයක් සඳහා පසුගිය වසර 76 තුළම ශ්‍රී ලංකාවට ලැබී තිබුණේ නැහැ. චීනය සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් 15කට අත්සන් තැබීමද මෙම සංචාරට අතරදී සිදු වුණා. එමෙන්ම පෙබරවාරි මස මැද පෙරදිග කලාපයේ සංචාරයකට එක්වීමටද අප බලාපොරොත්තු වනවා. මැදපෙරදිග කලාපය සමඟද සබඳතා ශක්තිමත් කර ගැනීම අපගේ අපේක්ෂාව වනවා.

ආයෝජකයන්, කර්මාන්තකරුවන් වෙළඳපොළ කෙරෙහි විශ්වාසය ඇති කිරීම සඳහා නව ආණ්ඩුවට සැලසුමක් තිබෙනවා. සැලසුමක් අනුව එසේ නොකරන්නේ නම් ඩොලරය ශ්‍රී ලංකා රජයට පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්වීමට ඉඩ තිබුණා. එසේ වූවානම් නම් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට නොහැකි වීමට ඉඩ තිබුණා. ආර්ථිකයේ ස්ථාවරභාවය ඇති කිරීම වෙනුවෙන් ආර්ථිකය කෙරෙහි විශ්වාසය ගොඩනැගීම වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛ අරමුණ වුණා. එම විශ්වාසය ගොඩනැගීම වෙනුවෙන් අප මේ වන විට කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සම්පූර්ණයෙන් අවසන් කිරීමට අප සමත් වුණා. ශ්‍රී ලංකාව පසුගිය මාසයේදී නිල වශයෙන් බංකොලොත්භාවයෙන් මිදීම ප්‍රකාශ කෙරුණේ ඒ අනුවයි.

Clean Sri Lanka Public Meeting Homagama Crowd

ඒ අනුව මෙරට බැංකු පද්ධතිය කෙරෙහි තිබූ විශ්වාසය යළි තහවුරු කිරීමට හැකිව තිබෙනවා. ජපාන ආධාර යටතේ මෙරට ආරම්භ කර අතරමග වැඩ නැවතී තිබු ව්‍යාපෘති 11ක වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමට වත්මන් රජයට හැකි වුණා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීම එහි ප්‍රධාන ව්‍යාපෘතියක් වනවා. ජපාන රජය සමඟ සාකච්ඡා කර මෙම ව්‍යාපෘති සියල්ල නැවත ආරම්භ කිරීමට රජය කටයුතු කර තිබෙනවා. ඒ අනුව අනුව ජපාන ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති 11ක් සහ චීන රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති ඇතුළු ව්‍යාපෘති 76ක වැඩ නැවත ආරම්භ කිරීමට පසුගිය මාස දෙකක කාලය තුළ වත්මන් රජයට හැකියාව ලැබී තිබෙනවා.

සහනාධාර හිමිවිය යුතු පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් සහනාධාර ලබාදෙන ක්‍රමවේදයක් සකස් කිරීමට වත්මන් රජය සැලසුම් කර තිබෙනවා. ආධාර ලැබීමට සුදුසු පුද්ගලයන් පිළිබඳ නිවැරදි දත්ත පද්ධතියක් සකස් කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබෙනවා. ලබන ජූනි මාසය වන විට එම දත්ත පද්ධතිය නිර්මාණය කිරීමට අපි අපේක්ෂා කරනවා.

එසේම රැක බලා ගත යුතු කණ්ඩායම් රැකබලා ගැනීම සඳහා වැඩපිළිවෙළක් නිර්මාණය කළ යුතුයි. පාසල් පොත් ලබා ගැනීම සඳහා ආධාර ලබාදීමේදී ඒ සඳහා සුදුසු පවුල් පිළිබඳ දත්ත සොයා ගැනීමේ අපහසුතාවයකට මුහුණ දීමට අපට සිදු වුණා. එම සියලු සහනාධාර මේ වන විට ලබාදෙනුයේ පවතින අස්වැසුම දත්ත ගබඩාව අනුවයි. ආධාර අවශ්‍ය සියලු දෙනාගේම තොරතුරු රැස්කර ගැනීමේ නව ව්‍යාපෘතියක් කඩිනමින් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

Samanmalee Gunasinghe Addressing At The Clean Sri Lanka Meeting Homagama

ශක්තිමත් ආර්ථික පදනමක් සකස් කිරීමට වත්මන් රජය සහතික වී තිබෙනවා. 2022 -2023 වසරවලදී ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ අර්බුදයකට යළි කිසිදිනක මුහුණදීමට සිදු නොවන ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගන බවට ජාතික ජන බලවේගය ආණ්ඩුව ජනතාවට සහතික වනවා.

අද විශාල ලෙස ආණ්ඩුවට චෝදනා කරන හිටපු පාලකයින් මේ රට බංකොලොත්භාවයට පත් කිරීමේ අහිතකර ප්‍රතිවිපාක පසුගිය කාලය තුළ ජනතාවට අත්විඳීමට සිදුවුණා. ගෑස්, ඉන්ධන හා ඖෂධ ගෙන්වා ගැනීමට නොහැකි තරම් රටේ ආර්ථිකය පහළට ඇද දැමීමට මේ රටේ හිටපු පාලකයන්ගේ ක්‍රියාකලාපය ඉවහල් වුණා. කෙසේ වෙතත් මේ වන විට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය ශක්තිමත් පදනමක් වත්මන් රජය විසින් සකස් කර තිබෙනවා.

විදුලි බල මණ්ඩලය තමන්ගේ තත්ත්වය පිළිබඳ වාර්තාවක් මහජන උපයෝගීතා කොමිසමට ලබාදිය යුතුයි. මහජන උපයෝගීතා කොමිසම මිල සංශෝධනය වන්නේ කෙසේදැයි ප්‍රකාශයක් නිකුත් කරනු ලබන්නේ එම වාර්තාව නිරීක්ෂණය කිරීමෙනුයි. පසුගිය මාසයේදී විදුලි බල මණ්ඩලය විදුලි හිඟයක් ඇතිවිය හැකි බවට වාර්තා කර තිබුණා. නමුත් සියලු දත්ත හා වාර්තා සැලකිල්ලට ගෙන මහජන උපයෝගීතා කොමිසම විදුලි බිල අඩු කළ හැකි බව දන්වා සිටියා. ඒ අනුව විදුලි බිල අඩු කිරීමට වත්මන් ආණ්ඩුවට හැකියාව ලැබුණා.

Clean Sri Lanka Meeting At Homagama Addressing By President Anura Kumara Dissanayake

මෙවැනිම සිදුවීමක් මීට වසර කිහිපයකට පෙර සිදුවුණා. එහිදී විදුලි බල මණ්ඩලය මිල අඩු කළ නොහැකි බවට තමන්ගේ වාර්තා මඟින් පෙන්වා දී තිබුණා. නමුත් මහජන උපයෝගීතා කොමිසම ඊට එරෙහිව යමින් විදුලි මිල අඩු කළ හැකි බව පෙන්වා දුන්නා. එම අවස්ථාවේදී මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා පාර්ලිමේන්තු දෝෂාභියෝගයකින් ගෙදර යවනු ලැබුවා. මේ නිසාම ජනතාව විධිමත් ක්‍රමවේදයක් අපේක්ෂා කළා. එම ක්‍රමවේදයන්ට පණ දීමට වත්මන් ආණ්ඩුව මේ වන විට කටයුතු කරමින් සිටිනවා.

ආරම්භයේදී ශ්‍රී ලංකාව ගොඩනැගීමට නම් පුද්ගලයන් කෙරෙහි විශ්වාසය තැබිය යුතුව තිබෙනවා. දිගු කාලීනව ශ්‍රී ලංකාව ගොඩනැගීමට නම් ව්‍යුහයන් පිළිබඳ විශ්වාස තැබිය යුතුයි. එම නිසා කඩා වැටී තිබෙන සෑම තැනකම වෙනස ආරම්භ කිරීමට විශ්වාස කළ යුත්තේ පුද්ගලයායි. ආයතන පද්ධතිය කෙරෙහි ජනතාවට විශ්වාසය තැබිය හැක්කේ ආරම්භයේදීම පුද්ගලයා කෙරෙහි විශ්වාසය තැබීමෙන් පමණයි. විදුලිබිල ස්ථාවරව පවත්වාගෙන යාමට නම් බලශක්ති ක්ෂේත්‍රයට නව බලාගාර ඇතුළත් විය යුතුයි. මන්නාරම සුළං බලාගාරය නිවැරදි ටෙන්ඩර් පටිපාටියක් ඔස්සේ ආයෝජකයෙක් වෙත ලබා දී තිබෙනවා. එමගින් විදුලි ඒකකයක් රුපියල් දාහතරකට මිලදී ගැනීමට ගිවිසුම් ගත වී තිබෙනවා. ඒ අනුව ඉදිරි වසර දෙක ඇතුළත ශ්‍රී ලංකාවේ විදුලි බිලෙහි ස්ථාවරභාවයක් ඇතිවිය හැකියි.

2030 වසර වන විට කන්ටේනර් ලක්ෂ130ක මෙහෙයුම් කටයුතු සඳහා කොළඹ වරාය සංවර්ධනය කිරීමටද සැලසුම් කර තිබෙනවා. වරාය තදබදය අවසන් කර රටේ ආර්ථිකයට වරාය දායක කර ගැනීමේ විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. කෙරවලපිටියේ නව බහාලුම් මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඇති කිරීමටත්, වරායේ යටිතල පහසුකම් වර්ධනය කිරීමටත් අපේක්‍ෂා කරනවා.

Crowd At The Clean Sri Lanka Public Meeting Homagama

උතුරු පළාතේ අක්කර හතළිස් දාහක පොල් වගා කිරීමට සැලසුම් කර තිබෙනවා. වී මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 500ක් වෙන් කිරීමටත් වී ගබඩා ප්‍රතිසංස්කරණය කිරීමටත් වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා.

ලෝකයේ අනෙකුත් රටවල් සංවර්ධනය වී තිබෙන්නේ අයාලේ යන ක්‍රමවේදයට නෙමෙයි. දත්ත සහ තොරතුරු පදනම්ව අනාගත පුරෝකතනය සිදුකරමිනුයි. ඉදිරි සති දෙකෙන් පසු සහතික මිලට වඩා වැඩි මිලට සහල් වෙළඳපොළේ නොතැබීමට රජය කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා අවශ්‍ය දත්ත සහ තොරතුරු මේ වනවිටත් එක් රැස් කරමින් තිබෙනවා. අද දේශපාලන ක්‍රමවේදය රටට හිතකර ලෙස පරිවර්තනය වී තිබෙනවා. නමුත් ඒ අයුරින්ම ආර්ථික ක්‍රමවේදයන් තවමත් වෙනස් වී නැහැ. දේශපාලන නායකත්වයේ මැදිහත්වීම තුළින් ආර්ථික පරිවර්තනයක් ඇති කරන්න පුළුවන්. ඒ සඳහා වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා සැලසුමක් සහිත වැඩපිළිවෙළක් මේ වන විටත් ක්‍රියාත්මක කරමින් තිබෙනවා.

පසුගිය වසර පහ තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 12,000ක් මියගියා. 33,000ක් සදාකාලික ආබාධිත වුණා. 43,000ක් කවර හෝ තුවාලයක් ලබා තිබෙනවා. මෙය ජාතික ඛේදවාචකයක්. මෙම අනතුරු වැළැක්වීම වත්මන් ආණ්ඩුව වගකීමක් ලෙස භාරගෙන තිබෙනවා. නොසැලකිල්ල, බීමත්බව, වාහන අබලන්වීම වැනි කරුණු මෙම අනතුරුවලට හේතු වී තිබෙනවා. මේ පිළිබඳ සොයා බලා දකුණු ආසියාවේ මාර්ග අනතුරු අඩුම රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමට රජය සැලසුම් සකස් කරමින් තිබෙනවා.

Singing At The Clean Sri Lanka Meeting Homagama

පසුගිය දශක දෙකක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවේ වන ගහනය සීග්‍රයෙන් අඩුවී තිබෙනවා. එය අනාගත ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාසවලට ඍජුව බලපාන සාධකයක් වනවා. රටේ වන ගහනය ඉහළ නැංවීම සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානය යොමුව තිබෙනවා. වස විසෙන් තොර ගුණාත්මක ආහාර වේලක් ලබා ගැනීමට පුරවැසියාට ඇති අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබෙනවා. Clean Srilanka වැඩපිළිවෙළ යටතේ මෙම සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සමාජ අපේක්ෂාවන් ඉටුකිරීම අපගේ අපේක්ෂාවයි.

දූෂිතයන් පිළිබඳ ගන්නාවූ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ජනතාව නිරන්තර අවධානයෙන් පසු වන බව අප දන්නවා. මා පරීක්ෂකයාවත් , නඩු ගොනුකරන්නා හෝ නඩු විභාග කරන්නාවත් නෙමෙයි. නමුත් එම පරීක්ෂණ සිදු කරන රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීම ආණ්ඩුවේ වගකීමයි. ඒ වෙනුවෙන් ආණ්ඩුව කැපවී සිටිනවා.

පසුගියදා හිටපු අමාත්‍යවරයෙකු සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුටට ගත් බව මාධ්‍ය වාර්තා කර තිබුණා. නමුත් එය හිටපු ඇමතිවරයෙකු සහ ඇමතිවරයාගේ පුද්ගලික ලේකම්වරිය ලෙස නිවැරදි විය යුතුයි. පසුගිය පාලන සමයේ ආණ්ඩු කර තිබෙනුයේ පවුල් විසින් බව ඉන් පැහැදිලි වනවා. අත්අඩංගුවට ගැනීමේදී පමණක් ඇමති ස්වාමිපුරුෂයා සහ බිරිඳ අත්අඩංගුවට ගැනීමක් ලෙස හුවා දැක්වීම නිවැරදි වන්නේ නැහැ.

කෙසේ වුවද මෙම පැමිණිල්ලට අදාළ විමර්ශන ලිපි ගොණුව 2015 වසරේ සිට ඉතා ප්‍රමාද වෙමින් අදාළ ආයතන මගින් මෙහෙයවා තිබුණා. මේ වන විට මෙම පරීක්ෂණ අවසන් කිරීම කඩිනම් කර තිබෙනවා.

Addressing The Clean Sri Lanka Meeting Homagama

ලසන්ත වික්‍රමතුංග මහතා මීට වසර 16කට කලින් ඝාතනයට ලක් වුණා. තාජුඩින්ගේ ඝාතනය සම්බන්ධයෙන් ක්‍රියාකළ අධිකරණ වෛද්‍යවරයා මෙන්ම ඒ පිළිබඳ විමර්ශනය කළ නියෝජ්‍ය පොලිස්පතිවරයාත් මේ වන විට මියගොස් තිබෙනවා. මේ පරීක්ෂණ යටපත් වී සාක්‍ෂි දිරා පත්වී තිබෙන අවස්ථාවක් වුවත් එම පරීක්ෂණ පවා කඩිනම් කිරීමට අදාළ අංශ අප විසින් ශක්තිමත් කර තිබෙනවා. ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අප විසින් පූර්ණ නිදහස ලබා දී තිබෙනවා.

අදාළ පරීක්ෂණ සඳහා ආණ්ඩුවක් ලෙස ස්ථාවරත්වයක් සකසා දිය හැකියි. නමුත් එම පරීක්ෂණයේදී දඬුවම් ලබාදිය හැක්කේ අධිකරණයෙන් පමණයි. අධිකරණයෙන් ඇප ලබාදීම සම්බන්ධයෙන් ජනතාව සැකයක් තබාගත යුතු නැහැ. දූෂිත පාලකයින්ට අධිකරණයේ නඩු පැවරීම වත්මන් රජයේ අරමුණයි. ඊට ශක්තිමත් සාක්ෂි එකතු කිරීම අදාළ ආයතන වලින් සිදු කළ යුතුයි. ඇතැම් නිලධාරීන් දූෂිතයන්ට අදාළ ලිපිගොනු සඟවාගෙන සිටිනවා. ඔවුන් එම ලිපිගොනු කලින් පාලකයන්ට ලබා දුන්නේ නම් ඔවුන්ගේ රැකියාව අහිමි වේය යන බියෙන් පසු වුණා. එම නිලධාරින් මෙවැනි ආණ්ඩුවක් පැමිණෙන තෙක් බලාපොරොත්තුවෙන් පසු වී තිබුණා.

පොලිස් දෙපාර්තමේන්තුව සතුව විමර්ශන ලිපිගොනු 29,000ක් පවතිනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ කොටස් කිහිපයකට අදාළ විමර්ශන ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. මූල්‍ය අපරාධ පිළිබඳ ඒකකයක්, මිනී මැරුම් විමර්ශනය සඳහා ඒකකයක්, මත්ද්‍රව්‍ය පිළිබඳ ඒකකයක් ලෙස නව ඒකකයන් නිර්මාණය කර තිබෙනවා. දිනපතා වැටලීම් සිදුකරමින් මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් අත්අඩංගුවට ගැනීම්, ආයුධ ළඟ තබා ගන්නන් අත්අඩංගුවට ගැනීම් කඩිනම් කර තිබෙනවා.

Singing At Clean Sri Lanka Meeting Homagama

මීට පෙර දේශපාලන නායකයින් පරිවාර වාහන සහිතව ගමන් ගත් ආකාරය ඕනෑම පුද්ගලයකුට දැකිය හැකි සුලභ කරුණක් වුණා. නමුත් වත්මන් දේශපාලන සංස්කෘතිය වෙනස් වීමත් සමඟ මාර්ග වසා දමා ජන ජීවිතවලට පීඩා කරමින් වාහන පරිවාර සහිතව ගමන් ගන්නා දේශපාලන නායකයන්ගේ රථ මේ වනවිට දැක ගැනීමට නැහැ. කිසිදු ඇමතිවරයකු රජයෙන් නිල නිවසක් ලබා ගෙන නැහැ. කොළඹ ජනාධිපති මන්දිරය සහ මහනුවර ජනාධිපති මන්දිරය හැර සියලුම ජනාධිපති මන්දිර, ඇමති නිල නිවාස රජයට පවරාගෙන ආර්ථිකයට දායක කර ගත හැකි ආකාරයෙන් පරිහරණය කිරීම සඳහා සැලසුම් කර තිබෙනවා.

රටේ ජනාධිපතිවරයාට හෝ කිසිදු ඇමතිවරයෙකුට නිල නිවසක් නොමැති විට වර්ග අඩි 30,000කට වඩා විශාල නිවාස ඉල්ලා සිටීමට තරම් හිටපු පාලකයින් කටයුතු කරමින් සිටිනවා. පැල්පත් නිවාස ඉවත් කර එම නිවාසවල සිටි පවුල් ඒකකයට ලබා දුන් නිවසක වර්ග අඩි ප්‍රමාණය වර්ග අඩි 450ක්. කොළඹ නගරය මධ්‍යයේ අක්කරයයි පර්චස් තුනක් වන රුපියල් කෝටි 350ක වටිනාකමින් යුත් නිවසක හිටපු පාලකයෙක් සිටිය යුතුද? තනි කෙනෙකුට වර්ග අඩි පහළොස් දහසක නිවසක සිටිය හැකිද? රටම වෙනස් වීම සඳහා බලකර සිටියදී එසේ වෙනස් නොවන්නේ ඇයි? අගමැති ලෙස අරලියගහ මන්දිරයද, හිටපු ජනාධිපති ලෙස විජයරාම නිවසද එකම අවස්ථාවක භාවිත කළ හිටපු පාලකයින් අද එම නිවස භාරදීමට පසුගාමී වී සිටිනවා.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යහපත් සම්ප්‍රදායන් ඔස්සේ මේ රට මීට වඩා ඉහළට ඔසවා තැබීම සඳහා කැප වී සිටිනවා. මීට පෙර ජනාධිපතිවරයාට අමාත්‍යාංශ තිබුණේ නම් ඒ ඒ අමාත්‍යාංශ සඳහා අයවැය මගින් ඇමතිවරයාට අදාළ මුදල් වෙන් කිරීම සිදුකර තිබෙනවා. නමුත් මෙවර අයවැයේදී ඒ වෙනුවෙන් මුදල් වෙන් කිරීමක් සිදුවන්නේ නැහැ. වත්මන් ආණ්ඩුව ගනු ලබන තීන්දු තීරණ පිළිබඳ නිරන්තර අවධානයෙන් කටයුතු කරනවා. යම් අතපසුවීමක් වුවහොත් එය නිවැරදි කිරීමට තරම් නම්‍යශීලීව කටයුතු කිරීමට ආණ්ඩුව අපේක්ෂා කරනවා. රටක් ලෙස පිරිසුදු වීමට නම් මීට වඩා හොඳ අවස්ථාවක් ඉදිරියේදී ලැබෙනු ඇත්තේ නැහැ. මහජනතාවගේ දේපළට අත තැබීම සාංඝික දේපළට අත තැබීමක් යන හැඟීම සෑම පාලකයෙකුටම තිබිය යුතු යැයි අපි සිතනවා. එබැවින් අපි මෙම නව පරිවර්තනය අද සිට හෝ ආරම්භ කරමු.”

Show More

ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතර හමුවක්

(-Colombo, January 22, 2025-) අද (22) පෙරවරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා අතර හමුවක් පැවැත්විණි. මේ වන විට රට තුළ පවතින සමාජයීය හා දේශපාලන තත්වය පිළිබඳව සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩපිළිවෙළ පිළිබඳවත් ඒ සඳහා එක්සත් ජනපදයට සහය විය හැකි ආකාර පිළිබඳවත් […]

(-Colombo, January 22, 2025-)

අද (22) පෙරවරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා අතර හමුවක් පැවැත්විණි.

මේ වන විට රට තුළ පවතින සමාජයීය හා දේශපාලන තත්වය පිළිබඳව සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩපිළිවෙළ පිළිබඳවත් ඒ සඳහා එක්සත් ජනපදයට සහය විය හැකි ආකාර පිළිබඳවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරි ආදම් එල්. මිචෙලෝ මහතාද, දේශපාලන කටයුතු විශේෂඥ නසීර් මරික්කාර් මහතාද එක්ව සිටියහ. ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි ජාත්‍යන්තර අංශයේ කමිටු සාමාජිකා, නීතිඥ මධු කල්පනා ද එක්වූවාය.

Show More

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතර හමුවක්

(-Colombo, January 21, 2025-) අද (21) පෙරවරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතර හමුවක් පැවැත්විණි. මෙම අවස්ථාවට මේ වනවිට රට තුළ පවතින සමාජයීය හා දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මෙම අවස්ථාව සඳහා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබඳ පළමු ලේකම් […]

(-Colombo, January 21, 2025-)

අද (21) පෙරවරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතර හමුවක් පැවැත්විණි.

මෙම අවස්ථාවට මේ වනවිට රට තුළ පවතින සමාජයීය හා දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාව සඳහා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබඳ පළමු ලේකම් ටොම් සොපර් මහතාද උපදේශක ඉන්සාෆ් බාකීර් මාකර් මහතාද එක්ව සිටියහ. ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි ජාත්‍යන්තර අංශයේ කමිටු සාමාජිකා, නීතිඥ මධු කල්පනා ද එක්ව සිටියාය.

British High Commissioner Meets JVP Secretary Tilvin Silva
Show More