Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

ආචාර්ය හරිනි අමරසූරිය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට

පසුගිය අගෝස්තු 05 දින පැවැති මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වු අතර ඒ සඳහා ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය නම් කිරීමට ජාතික ජන බලවේගය තීරණය කර තිබේ. ජාතික ජන බලවේගයේ පාර්ශ්ව සංවිධානයක් වන ජාතික විද්වත් සංවිධානයේ (NIO) අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජිකාවක් වන අමරසුරිය මහත්මිය පසුගිය වකවානුවේ අධ්‍යාපන අයිතිවාසිකම් වෙනුවෙන් අරගල […]

පසුගිය අගෝස්තු 05 දින පැවැති මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වු අතර ඒ සඳහා ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය නම් කිරීමට ජාතික ජන බලවේගය තීරණය කර තිබේ.

ජාතික ජන බලවේගයේ පාර්ශ්ව සංවිධානයක් වන ජාතික විද්වත් සංවිධානයේ (NIO) අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජිකාවක් වන අමරසුරිය මහත්මිය පසුගිය වකවානුවේ අධ්‍යාපන අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කල කැපී පෙනන චරිතයකි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු ලේකම් ලෙස අධ්‍යාපනයට 6%ක් ලබාගැනීමේ අරගලය මෙන්ම සයිටම් අරගලය තුලද ඉදිරිපෙළ කාර්්‍යභාරයක් ඉටුකරමින් කටයුතු කල ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවට තේරීපත්වීම සුවිශේෂී සිදුවීමක් ලෙස දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි.

Show More

කුණුවුණු පාර්ලිමේන්තුව ලස්සන කරන්න ජාතික ජන බලවේගයේ වැඩිම පිරිසක් යවන්න…

“රටට ආදායම් උපයන හොඳම මාර්ග ටික විකුණලා. රටේ සෞඛ්‍ය, අධ්‍යාපනය වැනි සුභසාධන වැඩවලට ආදායම් උපයලා දුන්නේ ඒවායින්. අද රජයේ රෝහල්වල ඖෂධ නැහැ. හෘද රෝගීන්ගේ සැත්කම්වලට අවශ්‍ය උපකරණ නැහැ. ආණ්ඩුවට සම්බන්ධ චෞර ජාවාරම්කාරයෝ අද ප්‍රසිද්ධියේ කියනවා, ජාතික ජන බලවේගය පරාජය කරන්න කෝටි ගණන් වුණත් අපි වියදම් කරන්න ලැහැස්තියි කියලා. නිශ්ශංක සේනාධිපති කියනවා, ඒ වෙනුවෙන් ලක්‍ෂ 500ක් […]

“රටට ආදායම් උපයන හොඳම මාර්ග ටික විකුණලා. රටේ සෞඛ්‍ය, අධ්‍යාපනය වැනි සුභසාධන වැඩවලට ආදායම් උපයලා දුන්නේ ඒවායින්. අද රජයේ රෝහල්වල ඖෂධ නැහැ. හෘද රෝගීන්ගේ සැත්කම්වලට අවශ්‍ය උපකරණ නැහැ. ආණ්ඩුවට සම්බන්ධ චෞර ජාවාරම්කාරයෝ අද ප්‍රසිද්ධියේ කියනවා, ජාතික ජන බලවේගය පරාජය කරන්න කෝටි ගණන් වුණත් අපි වියදම් කරන්න ලැහැස්තියි කියලා. නිශ්ශංක සේනාධිපති කියනවා, ඒ වෙනුවෙන් ලක්‍ෂ 500ක් වියදම් කරනවා කියලා. සමහර මාධ්‍යයත් ඔවුන්ගෙන් මුදල් අරන් ඒවා ප්‍රචාරය කරනවා. දැන් ජාතික ජන බලවේගය පරාජය කරන්න ඕනෑ වෙලා තියෙන්නේ කාටද කියලා පැහැදිලියි. අද රාජපක්‍ෂලා වගේම රනිල්ලා, සජිත්ලා ඉන්නේ චෞර රැලක් වටකරගෙන. මේ චෞර රැලගෙන් රට බේරාගෙන පිරිසිදු කළ යුතුයි. මේ මැතිවරණය ඒ සඳහා ප්‍රවේශයක් කරගත යුතුයි. විශේෂයෙන් මේ රටේ තරුණ පරම්පරාවගෙන් අපි ඉල්ලීමක් කළ යුතුයි. එනම් මේ කුණු වී දුගඳ හමන පාර්ලිමේන්තුව ලස්සන කරන්න නම් ජාතික ජන බලවේගයේ වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා යවන්න කියලා.” යැයි ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (31) පෙරවරුවේ පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව අමතමිණි.

එහිදී ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්‍ෂක, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්‍ෂිකා, වෛද්‍ය ලංකා රසාදරී සිරිවර්ධන මහත්මියද මාධ්‍ය ඇමතූ අතර එහිදී ඔවුන් දැක්වූ සම්පූර්ණ අදහස් පහතින් පල වේ…

ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…

“මේ මැතිවරණය කියන්නේ ජනතා පරමාධිපත්‍යය බුද්ධිගෝචරව පාවිච්චි කළ යුතු මැතිවරණයක්. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරණයට එන විට වියත් මගේ කට්ටිය කිව්වේ ඔහු දක්‍ෂ රාජ්‍ය නිලධාරියෙක්, දක්‍ෂ ආරක්‍ෂක ලේකම් කෙනෙක්. ඒ නිසා ඔහු මෙතෙක් සිටි දේශපාලකයන්ට වඩා ඉදිරියට ගොස් රටට යහපතක් කරයි කියලා. එවැනි සහතිකයක් තමයි ගෝඨාභය ගැන දුන්නේ. නමුත් අද මොකද වෙලා තියෙන්නේ. ඒ කියපු වියත් මගේ කට්ටිය හළලා අර පරණ හොරු ටිකම පොදුජන පෙරමුණේ ලැයිස්තුවලට දාලා.

රටේ බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කිතුනු මේ සියලු ආගමික නායකයන්ගේ ප්‍රධාන ඉල්ලීම වුණේ කුමක්ද? හොරුන්ට, දූෂිතයන්ට නාම යෝජනා දෙන්න එපා කියලා. නමුත් වෙලා තියෙන්නේ ඒකේ අනෙක් පැත්ත. එනිසා හරි පැහැදිලියි මේ ආණ්ඩුවත් ගමන් කරන්නේ කුමන දිශාවටද කියල. ඡන්දෙන් පස්සේ ඒක වඩා වඩාත් විවෘතව රටට ප්‍රදර්ශනය වේවි. ජාතික ජන බලවේගය හැටියට අපි ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි පිරිසක් තෝරගෙන තියෙනවා. අපි ජනතාවට කියන්නේ මේ දෙගොල්ලන්ගෙම කෙරුවාවල් අත්හදා බැලුවා දැන් හොඳටම ඇති. මෙවර ජාතික ජන බලවේගයේ අපේක්‍ෂකයන් අත්හදා බැලීමේ අවස්ථාව ඔබට ලැබී තිබෙනවා. අපි පැහැදිලි සහතිකයක් මේ රටට දෙනවා, රටේ ජනතාව අපි කෙරෙහි තබන විශ්වාසය අබමල් රේණුවකින්වත් වෙනස් වීමට ඉඩ තබන්නේ නැහැ කියලා.

ගෝඨාභය ජනාධිපති බලයට එනකොට පරිසරය රකිනවා කියලා ප්‍රධාන පොරොන්දුවක් රටට දුන්න. ඇවිල්ල ටික කලකින්ම ඔහුගේ පරිසර ප්‍රේමය රටට හොඳින්ම පෙනුනා. අද පරිසරය වනසන, පුරාවස්තු වනසන අයව ප්‍රසිද්ධියේ ආරක්‍ෂා කරන තැනට රටේ ප්‍රබල ඇමතිවරු, ජනාධිපති හා අගමැති පත්වෙලා තියෙනවා. රටේ අගමැතිත් ජොන්ස්ටනුත් අතර දැන් කිසිම වෙනසක් නැහැ. අපේ රට දැන් ලෝක බලවතුන්ගේ කෙළි බිමක් බවට පත්කරලා. ඔවුන්ට ඕනෑ විදිහට මේ ආණ්ඩුව සහ පැවති ආණ්ඩු අවස්ථා විවෘත කරලා දුන්නා සහ දෙමින් ඉන්නවා. 2010දී මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩුව කොහොම හරි දහං ගැට ගහලා 2/3 බලයක් හදා ගත්තා. එහිදී නීතිපති දෙපාර්තමේන්තුව කිව්වා ඉන්දියානු සමාගමකට දී තිබෙන ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඒ බලය පාවිච්චි කරලා දැන් ආපසු ගන්න පුළුවන් කියලා. නමුත් මහින්දලා නොඇසූ කණ්ව හිටියා.

දැන් කොළඹ වරායේ නැගෙනහිර ජැටියත් ඉන්දියාවට දෙන්න කටයුතු කර හමාරයි. කාර්යක්‍ෂමතාවය අතින් කොළඹ වරාය ලෝකයේ 27වැනි වරායයි. ලාභ ලැබූ පර්යන්ත චීනයටත් ඉන්දියාවටත් විකුණුවා. වරාය අධිකාරිය කියන විදිහට වාර්ෂිකව කෝටි 50,000ක ආදායමක් කොළඹ වරායට ඉපැයීමේ හැකියාව තිබෙනවා. අපේ රටේ ආර්ථිකයේ ප්‍රධානම බල කඳවුරක් තමයි කොළඹ වරාය. අද එයට ඉතිරි වෙලා තියෙන්නේ නැගෙනහිර ජැටිය පමණයි. එයත් ඉන්දියාවට දුන් පසු මුළු වරායම රටට අහිමි වුණා වගේ තමයි. එවිට රටේ සුභසාධන වැඩවලට ආදායම් උපයලා දෙන වරාය සේවකයන්ට අත්වන ඉරණම කුමක්ද? වරාය සේවකයෝ දැන් මේවට එරෙහිව දැවැන්ත උපවාසයක් පටන් අරගෙන. රාජපක්‍ෂ ආණ්ඩුව දැන් මුනිවත රකිනවා. රාජපක්‍ෂලගෙයි, ඒ ගොල්ලන්ගේ පරිවාර සේනාවලයි දේශප්‍රේමයේ තරම මේකෙන්ම ඔප්පු වෙනවා. අපි අභියෝග කරනවා මේ රටේ ජනාධිපතිටයි, අගමැතිටයි පුළුවන් නම් මේ ඡන්දෙට කලින් නැනෙහිර ජැටිය පිළිබඳ තමන්ගේ ස්ථාවරය රටට සෘජුව කියන්න කියලා.

එම්.සී.සී. ගිවිසුම ගැන ඉදිරිපත් කළ ගුණරුවන් වාර්තාව දැන් යට ගහලා. ඇමරිකානු තානාපති කියනවා, ඡන්දෙන් පස්සේ එම්.සී.සී. ගිවිසුම අත්සන් කරනවා කියලා. අපි ජනාධිපති ප්‍රමුඛ මේ ආණ්ඩුවට ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කරනවා එම්.සී.සී ගිවිසුම ගැන ඔබලාගේ ස්ථාවරය කුමක්ද? ඇක්සා, සොෆා ගිවිසුම් ගැන ඔබලාගේ ස්ථාවරය කුමක්ද? ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීම ගැන ඔබලාගේ ස්ථාවරය කුමක්ද? වරාය නැගෙනහිර ජැටිය ගැන ඔබලාගේ ස්ථාවරය කුමක්ද? මත්තල ගුවන්තොටුපොළ ගැන අපේ අයිතිය යටතේ දිගටම තබා ගන්නවාද? අපි කියනවා පුළුවන් නම් අගෝස්තු 05වැනිදාට කලින් මේවාට උත්තර දෙන්න කියලා.

අද පොදුජන එක්සත් පෙරමුණේ හොඳම සහායකයා බවට එජාපය පත් වෙලා. නැගෙනහිර ජැටියේ කොටස් 49%ක්ම වික්කේ රනිල්ගේ ආණ්ඩුව. ඉතිරි ටිකත් විකිණීම සඳහා අවශ්‍ය කරන කැබිනට් පත්‍රිකාව ජොන්ස්ටන් විසින් දැනටමත් සූදානම් කරගෙන අතේ තියාගෙන ඉන්නවා. දිනපු ගමන් කරන දේවල්වලින් ප්‍රධාන එකක් වන්නේ නැගෙනහිර ජැටිය විකුණා දමන එකයි. අද එජාප අපේක්‍ෂකයොත් සජිත්ගේ සමගි ජන බලවේගයේ අපේක්‍ෂකයොත් රට වටේ කියාගෙන යනවා ඒ අයට ඡන්දෙ දෙන්න බැරිනම් පොදුජන පෙරමුණට දෙන්න කියලා. කවුද ඇත්ත ඩීල්කාරයෝ කියලා දැන් හොඳටම පැහැදිලියි.

රටට ආදායම් උපයන හොඳම මාර්ග ටික විකුණලා. රටේ සෞඛ්‍ය, අධ්‍යාපනය වැනි සුභසාධන වැඩවලට ආදායම් උපයලා දුන්නේ ඒවායින්. අද රජයේ රෝහල්වල ඖෂධ නැහැ. හෘද රෝගීන්ගේ සැත්කම්වලට අවශ්‍ය උපකරණ නැහැ. ආණ්ඩුවට සම්බන්ධ චෞර ජාවාරම්කාරයෝ අද ප්‍රසිද්ධියේ කියනවා, ජාතික ජන බලවේගය පරාජය කරන්න කෝටි ගණන් වුණත් අපි වියදම් කරන්න ලැහැස්තියි කියලා. නිශ්ශංක සේනාධිපති කියනවා, ඒ වෙනුවෙන් ලක්‍ෂ 500ක් වියදම් කරනවා කියලා. සමහර මාධ්‍යයත් ඔවුන්ගෙන් මුදල් අරන් ඒවා ප්‍රචාරය කරනවා. දැන් ජාතික ජන බලවේගය පරාජය කරන්න ඕනෑ වෙලා තියෙන්නේ කාටද කියලා පැහැදිලියි. අද රාජපක්‍ෂලා වගේම රනිල්ලා, සජිත්ලා ඉන්නේ චෞර රැලක් වටකරගෙන. මේ චෞර රැලගෙන් රට බේරාගෙන පිරිසිදු කළ යුතුයි. මේ මැතිවරණය ඒ සඳහා ප්‍රවේශයක් කරගත යුතුයි. විශේෂයෙන් මේ රටේ තරුණ පරම්පරාවගෙන් අපි ඉල්ලීමක් කළ යුතුයි. එනම් මේ කුණු වී දුගඳ හමන පාර්ලිමේන්තුව ලස්සන කරන්න නම් ජාතික ජන බලවේගයේ වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා යවන්න කියලා.”

සම්පූර්ණ ලැයිස්තුවම පිරිසිදු මිනිසුන්ගෙන් යුත් ව්‍යපාරය ජාතික ජන බලවේගයයි…
ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්‍ෂක, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා…

“1815ට පෙර ලංකාවේ සිදු කරන ලද සියලු ඉදිකිරීම් පුරාවස්තු පනත යටතේ ආරක්‍ෂා කර තිබෙනවා. කුරුණෑගල රාජසභා මණ්ඩපය එසේ සංරක්‍ෂණය කළ යුතු බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්ද අදාල අංශවලට දන්වා තිබුණා. නමුත් කුරුණෑගල නගරාධිපති එය කඩාබිඳ දැම්මා. ඊටත් වඩා හිරිකිත හිතෙන දේ නම් රටේ ජනාධිපති, අග්‍රාමාත්‍ය සහ ජොන්ස්ටන් ඇමතිවරයා ඔහුව ආරක්‍ෂා කිරීමයි. අද පොලීසිය අධිකරණය ගැන තිබෙන ජනතා විශ්වාසය මේ ආණ්ඩුව බිඳ දමමින් තිබෙනවා. මේක ඉතාම භයානක තත්වයක්. අපි ගෝඨාභය මහත්තයට ඡන්දය දුන් හැටනම ලක්‍ෂයක ජනතාවගෙන් අහනවා, මේ ගමන ඔබලා අනුමත කරනවාද කියා. මේ පුරාවස්තු විනාශයට එරෙහිව ඊට අදාළ චූදිතයන් අත්අඩංගුවට ගැනීම සඳහා රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ජාතික ජන බලවේගයෙන් තරග වදින අපේ නාමල් කරුණාත්න සහෝදරයාත් සුනිල් වටගල සහෝදරයාත් අධිකරණයෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා. දැන් රටේ ජනතාවට සිද්ධ වෙලා තියෙනවා කුරුණෑගල නගරාධිපතිටයි පොලීසියේ ඕ.අයි.සී.ටයි නීතිය ක්‍රියාත්මක කරන්න අධිකරණයෙන් ඉල්ලා සිටින්න. මේ තත්වය ගැන ජනාධිපති ඇතුළු මේ ආණ්ඩුව ලැජ්ජාවට පත්විය යුතුයි.

මේ ගොල්ලො 2/3ක බලයක් ඉල්ලන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් අහෝසි කරලා ඒකාධිපති ගමනක් යන්නයි. එය අහෝසි කළොත් අග්‍රවිනිශ්චයකාරවරයා නඩුකාරවරු, පොලිස්පති වැනි අය පත්කිරීමේ බලය කෙලින්ම ජනාධිපති අතට යනවා. එතකොට ජනාධිතිට අවශ්‍ය පොලිසියක් නීතියක්, අධිකරණයක් නිර්මාණය වේවි.

19වැනි සංශෝධනයට එදා රාජපක්‍ෂලාත් අත ඉස්සුවා. ඔවුන්ට බලය නැතිවෙනකොට 19 හොඳයි. බලය ලැබෙනකොට 19 නරකයි. මේ ඡන්දෙන් පස්සේ රනිල් සහ සජිත් පිලේ සෑහෙන කොටසක් ස්ථිර වශයෙන්ම ආණ්ඩුවට එකතු වෙනවා අපිට දැනටත් ඒ ගැන සාක්‍ෂි ලැබිලා තියෙනවා. අපි එජාප පාක්‍ෂිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ සූදුවට ඔබලා විරුද්ධ නම් ජාතික ජන බලවේගය දෙසට හැරෙන්න කියලා.

හොරුන්, වංචනිකයන්, දූෂිතයන් පාර්ලිමේන්තුවට යවන්න එපා කියලා සමාජයේ පොදු කතාවක් යනවා. නමුත් ඒක හොඳ දෙයක්. එසේ වුවත් යම් පක්‍ෂයක හොඳ කෙනෙක් මැද්දේ තියාගෙන හොරු රංචුවක් වටේට දාලා පාර්ලිමේන්තුවට යැව්වොත් ජනතාවගේ ප්‍රශ්න විසඳේද? අපි ඉල්ලා සිටින්නේ සම්පූර්ණ ලැයිස්තුවම අවංක සහ පිරිසිදු මිනිස්සුන්ගෙන් සමන්විත වූ ව්‍යාපාරයට බලය දෙන ලෙසයි. ජාතික ජන බලවේගය යනු ඒ සඳහා තිබෙන එකම බලවේගයයි.”

පවුල් රජන කරවන පාලනයක් වෙනුවට සැබෑ ජනතාවාදී පාලනයක් මේ රටට අවශ්‍යයයි…
ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්‍ෂිකා, වෛද්‍ය ලංකා රසාදරී සිරිවර්ධන මහත්මිය..

“අපි ජාතික ජන බලවේගයට එකතු වෙන්නේ ජාතික විද්වත් සංවිධානය මගිනුයි. අපේ රටේ විශාල බුද්ධි ගලනයක් තිබෙනවා. මව්පියන් කෙසේ හෝ උත්සාහ දරන්නේ දරුවන්ට උගන්වා හැකි ඉක්මනින් මේ රටින් පිටමං කරන්නයි. ඒ තරම් මේ රට අවාසනාවන්ත තත්වයකට වැටිලා. අපි මේ ඉදිරියේ කරබාගෙන සිටිය යුතුද? ජාතික ජන බලවේගයේ අපි ඔබට කියා සිටින්නේ අපි ඔක්කොම එකතු වෙලා මේ රට මේ විනාශයෙන් බේරාගමු කියලා. ජාතික විද්වත් සංවිධානය හැටියට හා ජාතික ජන බලවේගය හැටියට අපි ඒ සඳහා දැනටමත් මැදිහත් වී තිබෙනවා.

අද රටේ ජනගහනයෙන් 52%ක්ම ඉන්නෙ කාන්තාවන්. නමුත් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 10%ටත් අඩුයි. අද දේශපාලන ක්‍ෂේත්‍රයේදී කාන්තාවට දොරටු වහලා. නමුත් ජාතික ජන බලවේගය හරහා මෙවර මැතිවරණයේදී කාන්තාවන් විශාල පිරිසක් තරග වදිනවා. වෙනත් රටවල දේශපාලනයේදී වඩාත්ම සක්‍රීය වන්නේ කාන්තාව බව පර්යේෂණවලින් පෙන්වා දී තිබෙනවා. ඒ වගේම දූෂණ, වංචා, අපරාධ කාන්තාවන් අතින් සිදුවන ප්‍රමාණය අවමයි කියලත් සොයාගෙන තිබෙනවා.

අපි කියන්නේ කාන්තා ප්‍රශ්න විතරක් වෙන්කොට වෙනම අරගෙන විසඳන්න කියල නෙවෙයි. මේක සමස්ත සමාජයේම ප්‍රශ්නයක්. සමස්ත සමාජයේම කඩා වැටී තිබෙන යථාර්ථයක් තුළ කාන්තාව පමණක් ඉන් ගලවාගත නොහැකියි. කළ යුත්තේ සමස්ත සමාජයම වෙනස් කිරීමයි. එතැනදී කාන්තාවන්ගේ දායකත්වය අති විශාලයි. මේ රටේ කාන්තාවෝ එය තේරුම් ගතහොත් තවදුරටත් මේ රට මේ විනාශකාරී ගමන කරා යන්නට ඉඩ තබන්නේ නැහැ. පවුල් රකින, පවුල් රජ කරවන පාලනයක් වෙනුවට අද සැබෑ ජනතාවාදී පාලනයක් මේ රටට අවශ්‍යයි. ජාතික ජන බලවේගය යනු ඒ සඳහා තිබෙන පහන් ටැඹයි.”

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…

“ආණ්ඩුවේ සමීක්‍ෂණවලින් සහ බුද්ධි අංශ වාර්තාවලින් හෙළිවී තිබෙනවා මේ ආණ්ඩුවට කිසිසේත්ම 2/3ක බලයක් නොලැබෙන බව. ඒ විතරක් නෙවෙයි ජනාධිපතිවරණයේදී ගත් ඡන්ද ප්‍රමාණය නොගන්නා බව. ඒ නිසා තමයි ආණ්ඩුව කලබල වෙලා ජාතික ජන බලවේගයට වැඩියෙන්ම පහර දීමට පටන්ගෙන තියෙන්නේ. ඔවුන්ට අනුව අපිට ලැබෙන්නේ 3%ටක් වඩා අඩු ඡන්ද ප්‍රමාණයක් නම් හොර ව්‍යාපාරිකයෝ යොදාගෙන මිලියන ගණන් මුදල් වියදම් කරලා අපිට ඔච්චර පහර දෙන්නේ ඇයි? ඒකෙන් අදහස් වෙන්නේ ජාතික ජන බලවේගයට ලැබෙන ප්‍රතිචාර වැඩි වන්නට වන්නට ඊට එරෙහි ආණ්ඩුවේ ප්‍රහාරය වැඩිවෙන බවයි.”

Show More

‘Jathika Jana Balawegaya has plans to uplift economy’

The Jathika Jana Balawegaya, under the leadership of Anura Kumara Dissanayake, has presented to the public a programme that would uplift the country through economic growth, former MP Nihal Galappatti said. “We have not given sweet promises to the people. Our aim is to establish a Parliament that understands people’s hearts—one that bears its responsibilities […]

The Jathika Jana Balawegaya, under the leadership of Anura Kumara Dissanayake, has presented to the public a programme that would uplift the country through economic growth, former MP Nihal Galappatti said.

“We have not given sweet promises to the people. Our aim is to establish a Parliament that understands people’s hearts—one that bears its responsibilities to the nation,” he said.

Former MP Galappatti expressed these views at a recent party meeting held in Ranasiripura, which was organised by Lunugamwehera Pradeshiya Sabha member Sarath Chandrasekara Yapa. He added that so far, no government has ever kept the promises they have given to the people; and that if they have done so, this country would not be in its current situation.

“Ours is a strong economic programme that will strengthen the country and its people. The previous regimes only focused on building their own economies, and not the country’s. That system should not be allowed to continue any further,” Galappatti said.

Now is the time for the people to give the majority of House seats to the Janatha Vimukthi Peramuna (JVP), who understand their grievances.

None of the other parties have have long-term solutions to improve the country’s economy. All they do is burden the people by discontinuing their aid programmes and increasing the prices of the day-to-day products and essential items, the former MP said, adding that such politicians have and will sell public property to fulfil their own agendas.

People should vote wisely in order to prevent such acts from happening in the future, he said.

– Daily News

Show More

සාමකාමී උද්ඝෝෂණවලට පහරදීම ජාතික ජන බලවේගය හෙළා දකියි

අද (09) පෙරවරුවේ කොළඹ ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලය අසල පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පවත්වන ලද උද්ඝෝෂණයට ආණ්ඩුව පොලීසිය යොදා සිදු කරන ලද පහරදීමත් ඊට සහභාගි වූ පිරිසක් අත්අඩංගුවට ගැනීමත් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව සඳහන් කරමින් ජාතික ජන බලවේගය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පල වේ… “සාමකාමී උද්ඝෝෂණවලට […]

අද (09) පෙරවරුවේ කොළඹ ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලය අසල පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පවත්වන ලද උද්ඝෝෂණයට ආණ්ඩුව පොලීසිය යොදා සිදු කරන ලද පහරදීමත් ඊට සහභාගි වූ පිරිසක් අත්අඩංගුවට ගැනීමත් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව සඳහන් කරමින් ජාතික ජන බලවේගය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පල වේ…

“සාමකාමී උද්ඝෝෂණවලට පහරදීම හෙළාදකිමු!

අද (09) පෙරවරුවේ කොළඹ ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලය අසල පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පවත්වන ලද උද්ඝෝෂණයට ආණ්ඩුව පොලීසිය යොදා සිදු කරන ලද පහරදීමත් ඊට සහභාගි වූ පිරිසක් අත්අඩංගුවට ගැනීමත් ජාතික ජන බලවේගය ලෙස අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

කොවිඞ් 19 වෛරසයට මුවා වෙමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් කප්පාදු කිරීමට ආණ්ඩුවට ඉඩදිය යුතු නැති අතර සාධාරණ හා සාමකාමී විරෝධතාවන් පැවැත්වීමට මහජනතාවට ඇති අයිතිය ආණ්ඩුව විසින් පිළිගත යුතුව තිබේ. මැතිවරණයක් අබියස සිටියෙදීම ආණ්ඩුව තමන්ගේ මර්දනකාරී හැසිරීම නිර්ලජ්ජිත ලෙස පෙන්වා දීමක් ලෙස අපි මෙම පොලිස් පහරදීම හා අත්අඩංගුවට ගැනීම හඳුනාගනිමු. ශ්‍රී ලංකාවේ පාලකයින්ගේ මෙම හැසිරීමෙන් පෙන්නුම් කරන්නේ, එක් අතකින් මර්දනකාරී පාලනයකට ඇති ඔවුන්ගේ සූදානමත් අනෙක් අතට ඔවුන්ගේ එක්සත් ජනපද ගැතිභාවයත්ය.

මේ තත්වය තුළ සාමකාමී ලෙස විරෝධය පෑමට ජනතාවට ඇති අයිතිය අධිකරණය යොදාගනිමින් පැහැර නොගන්නා ලෙස ආණ්ඩුවට බලකර සිටින අපි ජනතාව සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකගැනීමට පෙළගැසෙන මෙන් සියලු ජනතාවන්ගෙන් ඉල්ලා සිටිමු.

ජාතික ජන බලවේගය

2020.06.09”

Show More