Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
අනුර දිසානායක ස්වීඩනයට “ඡන්ද අයිතිය කඩාකප්පල් කිරීමට අදාළව මුද්‍රණාලයාධිපතිනියට චක්‍රලේඛවලින් කිසිදු ආවරණයක් ලැබෙන්නේ නැහැ” -හිටපු ප්‍රධාන ගණකාධිකාරී ඇන්ටන් පෙරේරා- මැයි දිනය ජනතාවගේ පාලනයක් වෙනුවෙන් ජනතාව පෙළගස්වන දිනයක් බවට පත්කර ගනිමු ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හමුවෙයි “පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාලකයන් අදටත් උසුළු විසුළු කරන ස්වභාවයක් අපි දකිනවා” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නීතිඥ සුනිල් වටගල-
X

සැබෑ දියුණුවට නව අර්ථකථනයක්: අලුත් හෙටක් සඳහා ජාතික ජන බලවේගයේ දැක්ම!

අපි එය කරන්නේ කෙසේදRight Arrow

අපව තෝරා ගත යුත්තේ ඇයි?

SOCIAL JUSTICE

සමාජ සාධාරණත්වය

අපගේ මෙහෙවරේ ප්‍රමුඛතාවය වන්නේ සමාජ සාධාරණත්වය තහවුරු කිරීමයි. සෑම පුරවැසියෙකුටම සමාන අවස්ථා පමණක් නොව සාධාරණ ප්‍රතිලාභ භුක්ති විඳිය හැකි විනයගරුක සමාජයක් නිර්මාණය කිරීම අපගේ අපේක්ෂාවයි. ඒ අනුව යමින් පන්ති, වාර්ගික, ආගම්, භාෂා, කුල, ප්‍රදේශ, හෝ ලිංග භේදයකින් තොරව සෑම පුද්ගලයෙකුටම තෘප්තිමත් ජීවිතයක් ගත කළ හැකි සාධාරණ සහ යුක්තිගරුක සමාජයක් නිර්මාණය කිරීමට අපි කැප වී සිටින්නෙමු.

ECONOMIC DEMOCRACY

ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය

වර්තමාන සංකීර්ණ ලෝකයේ මිනිසුන්ට මූලික අවශ්‍යතා සේම, නව තාක්ෂණයට ප්‍රවේශය සහ විවේකය අත්‍යාවශ්‍ය බව අපි දනිමු. අපි සමෘද්ධිය මැනීමට ආර්ථික වර්ධනයට අමතරව පුරවැසියාගේ ජීවන තත්ත්වයේ ඇති වන ගුණාත්මක වර්ධනයද සැලකිල්ලට ගන්නෙමු. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය හා සමපාත වන ආර්ථික වර්ධනය හා තිරසාර සංවර්ධනය තුළින් නොසැලෙන ආර්ථිකයක් ගොඩ නැගීමට අපි කැප වන්නෙමු.

SOLIDARITY AND COOPERATION

එක්සත්බව සහ සහයෝගීතාවය

පුද්ගලයන් එකිනෙකා තම අයිතිවාසිකම් සහ වගකීම් පිළිගන්නා විට සමාජයක් දියුණු වන බව අපි විශ්වාස කරන්නෙමු. ඒ අනුව, අපගේ දැක්ම වන්නේ එකි නෙකා කෙරෙහි වන සෙනෙහස, දයාව, සංවේදනය, සහයෝගීතාවය සහ අන්‍යෝන්‍ය ගෞරවය මත පදනම් වූ විනයගරුක සමාජයක් ගොඩ නැගීමයි. එවැනි සමාජයක පුරවැසියාගේ ආරක්ෂාව සහ පිළිගැනීම පිළිබඳ සහරක්ෂිත හැඟීමක් දැනවෙන බව අපගේ විශ්වාසයයි.

SUSTAINABILITY

තිරසාරබව

අනාගත පරපුරට අපට වඩා යහපත් ලෝකයක් උරුම කර දෙන සමාජයක් ගොඩනැගීමට අපි කැප වන්නෙමු. එම කැපවීම දිගුකාලීනව අපගේ පරිසරය හා ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීම දක්වා විහිදේ. අපි ස්වභාවික හා මානව පරිසරය අතර සුහද සහජීවනයක් වෙනුවෙන් පෙනී සිටින්නෙමු. කෙටි කාලීන වාසි සඳහා සම්පත් සූරාකෑමට ඉඩ නොදෙන, අනාගත පරම්පරාවේ යහපැවැත්ම කෙරෙහි අවධානය යොමු කරමින් වගකිවයුතු සම්පත් භාවිතය අපි ජය ගන්නෙමු.

CORRUPTION FREE GOVERNANCE

දූෂණයෙන් තොර පාලනයක්

බලයට පත් සෑම ආණ්ඩුවක් තුළම පැවති දූෂණ සංස්කෘතිය විසින් ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික අංග විකෘති කර, ආණ්ඩුව හා රාජ්‍ය ආයතන කෙරෙහි මහජන විශ්වාසය පලුදු කර ඇත. පුරවැසියාට සෑම කටයුත්තක් කර ගැනීම සඳහාම නීතියෙන් රිංගා යෑමට බල කෙරී ඇත. ඒ සියල්ල සැලකිල්ලට ගෙන, දූෂණය, ගජමිතුරුවාදය හා ඥාති සංග්‍රහය මුලිනුපුටා දමා, පාලනයේ සෑම තරාතිරමකම විනිවිදභාවය තහවුරු කිරීමට අපි කැපවී සිටින්නෙමු.

Compass

NPP යනු කුමක්ද?

දේශපාලන පක්ෂ, තරුණ සංවිධාන, කාන්තා කණ්ඩායම්, වෘත්තීය සමිති සහ සිවිල් සමාජ සංවිධාන ඇතුළු විවිධ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 21කින් සමන්විත ගතික දේශපාලන ව්‍යාපාරයක් වන ජාතික ජන බලවේගය (NPP) වෙත අප ඔබව සාදරයෙන් පිළිගන්නෙමු.

2019 දී පිහිටුවන ලද NPP වඩාත් ප්‍රගතිශීලී ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ සාමුහික දැක්මක් මගින් මෙහෙයවනු ලබයි.

වැඩිදුර කියවන්නRight Arrow
අප සැමට සවන් දෙන්නෙමු

ඔබේ ගැටලු අපට එවන්න

NPP Listen to Everyone

සෑම පුරවැසියෙකුගේම අදහස් හා යෝජනා සඳහා වැදගත්කමක් ලබා දීම හා ඒවා ප්‍රකාශ කිරීමට ඇති අයිතිය රටේ අභිවෘද්ධිය උදෙසා බෙහෙවින් ඉවහල් වේ.