ජරාජපක්ෂවරුන්ගේ කොන්ත්‍රාත් ක්‍රමයට තේරී පත්වූ රනිල් වික්‍රමසිංහගේ නියෝග මත ගෝල්ෆේස් අරගලකරුවන්ට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී, සාධාරණ අරගලය මර්දනකාරිත්වයකින් අහෝසි කරන්න ඔහු මුල සිටම උත්සාහ කර, එහි එක පියවරක් ලෙස ඊයේ රාත්‍රියේ ම්ලේච්ඡ ප්‍රහාරයක් දියත් කළා. විශාල ප්‍රමාණයකට තුවාල සිදුකර, දහයකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකු රඳවා තබාගැනීම නිසා එළිවෙන තුරු […]
ජ
රාජපක්ෂවරුන්ගේ කොන්ත්‍රාත් ක්‍රමයට තේරී පත්වූ රනිල් වික්‍රමසිංහගේ නියෝග මත ගෝල්ෆේස් අරගලකරුවන්ට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී, සාධාරණ අරගලය මර්දනකාරිත්වයකින් අහෝසි කරන්න ඔහු මුල සිටම උත්සාහ කර, එහි එක පියවරක් ලෙස ඊයේ රාත්‍රියේ ම්ලේච්ඡ ප්‍රහාරයක් දියත් කළා. විශාල ප්‍රමාණයකට තුවාල සිදුකර, දහයකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකු රඳවා තබාගැනීම නිසා එළිවෙන තුරු සොයාගන්න බැරි වුණා. පහර කෑමට ලක්වූ අය අතර, නීතිඥවරයෙකුත් ඉන්නවා. ජනමාධ්‍යවේදීන් ඉන්නවා. ඔවුන්ට පහරදී එතැන තිබුණු දේවල් කඩාබිඳ දැමීමේ තුච්ඡ ප්‍රහාරය ජාතික ජන බලවේගය හෙළාදකිනවා. මේ තත්වය වහාම පාලනය කළ යුතු බව අපි ජනතාවට අවධාරණ කරනවා. ප්‍රජාතන්ත්‍රවාදීව පසුගිය කාලය පුරා අරගලයේ සිටි ජනතාව මේ තත්වය පරාජය කරන්න වහාම පෙළ ගැසෙන ලෙස ඉල්ලා සිටිනවා. රනිල් වික්‍රමසිංහ ලැහැස්ති වෙන්නේ ලේ මතින් ගොස් රාජපක්ෂලාගේ අරමුණු ඉටුකරන්න. රාජපක්ෂලාට හෝ රනිල් වික්‍රමසිංහට ඒ හැකියාව නැති බව අපි හොඳටම දන්නවා.
අරගලය අනිවාර්යයෙන්ම ඉස්සරහට යනවා. ගෝල්ෆේස් එකට ප්‍රහාරය එල්ල කර ජනතා විරෝධය අවසන් කරන්න උත්සාහ කරනවා නම්, ඒක එහෙම වෙන්නේ නැහැ. ගෝල්ෆේස් එක අරගලයේ එක කේන්ද්‍රස්ථානය වුණාට රටපුරාම ජනතාව තුළ අරගලය තිබෙනවා. රටපුරාම තිබෙන පොදුජන අරගලය මර්දනයෙන් නවත්වන්න බැරි බව අපි පැහැදිලිව කියනවා. කුමන්ත්‍රණකාරී, කොන්ත්‍රාත් ක්‍රමයකින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරගත් පසු මර්දනය දියත් කරන්න පෙර අරගලකරුවන් අත්පත් කරගත් ස්ථානවලින් ක්‍රමාණුකූලව ඉවත් වෙමින් සිටියා. එවන් පිරිසකටයි මේ ප්‍රහාරය එල්ල කළේ. එය මුළු රටක් සහ ලෝකයක් විසින්ම හෙළාදැකිය යුතුයි. රනිල් වික්‍රමසිංහගේ පළමු මෙන්ම අවසන් ප්‍රහාරය බවට මෙය පත්කර ගත යුතුයි. ජනවරමක් නැතිව පිනට අගමැතිකම ලැබී රාජපක්ෂලාගේ ආශිර්වාදයෙන් ජනාධිපතිකමක් ලබාගෙන රනිල් විසින් රකින්නේ ජනතාව නොවෙයි. රාජපක්ෂලායි. ඔහුට ජනාධිපතිකම දුන්නේ ජනතාව නෙවෙයි, රාජපක්ෂලායි. ජනවරමක් නැති රනිල් වික්‍රමසිංහ ජනාධිපති කියලා අපේ රටේ කවුරුත් ගණන් ගත යුතු නැහැ. ගෝඨාභය රාජපක්ෂ පළවා හැරියත් ඔහුට ජනවරමක් තිබුණා. රනිල් වික්‍රමසිංහට දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී කෙනෙක්වත් වෙන්න බැරි වුණා. රනිල් වික්‍රමසිංහ සේවය කරන්නේ අරගලය නිසා තනතුරු අත්හරින්න සිදුවුණු, ඔටුනු ගැලවුණු රාජපක්ෂලාට. ඔවුන්ට ඕනෑකම තිබෙන්නේ අරගලකරුවන්ගෙන් පළිගන්න. ඒ කොන්ත්‍රාත්තුව භාරදෙන්නේ රනිල් වික්‍රමසිංහට.
රනිල් වික්‍රමසිංහ හැමදාමත් මහපොළොවේ ජීවත් වුණු කෙනෙක් නොවෙයි. දැන්වත් මහ පොළොවේ තිබෙන මහා ජනතා විරෝධය තේරුම්ගෙන නැහැ. අවුරුදු පහකට පත්වුණු ජනාධිපති අවුරුදු දෙකහමාරෙන් පළවා හැරි ජනමත තේරුම් නොගෙන හදිසි නීතිය පනවා හමුදාව යොදවා තිබෙනවා. බියවද්දමින්, හමුදාව යෙදවීමේ උපක්‍රමය, රනිල්ට වඩා හොඳින් ගෝඨාභය රාජපක්ෂ ක්‍රියාත්මක කළා. දැවැන්ත සමාජ ආර්ථික අර්බුදයක් ඉදිරියේ එයින් පීඩාවට පත්වුණු, මහාජන විරෝධයක් ඉදිරියේ සෙල්ලම්දාන එක මොළේ කළඳක්වත් තිබෙන නායකයෙක් කළ යුතු දෙයක් නොවෙයි. ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර සොයනවා වෙනුවට බියවද්දා අරගලය මර්දනය කරන්න උත්සාහ කරනවා නම්, ඒ කිසිසේත්ම සාර්ථක නොවන බව නැවත අවධාරණය කරනවා. කිසිකෙනෙක් බය නැහැ. බය වෙන්න අපි ඉඩ දෙන්නෙත් නැහැ. මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍යය නියෝජනය කරන පාලනයක් පිහිටුවා ගන්නා තෙක් මේ සටන ඉදිරියට ගෙනයන්න ජාතික ජන බලවේගය දැවැන්ත මැදිහත්වීමක් කරනවා.
තමන්ගේ සතුරන් ඉන්නේ කොතැනද හරියටම ප්‍රශ්නය මොකක්ද කියලා ජනතාව තේරුම් ගත යුතුයි. ජනතාව විසින් මන්ත්‍රී ධුරයක්වත් නොදුන් රනිල් වික්‍රමසිංහව මේ රටේ ජනාධිපති කළේ, රාජපක්ෂවාදී පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමයි. රනිල් වික්‍රමසිංහ විතරක් නොවෙයි මේ පාර්ලිමේන්තුවත් ජනමතයට පටහැනියි. මහජනතාවගේ කැමැත්තකින් තොරව රනිල් වික්‍රමසිංහ අගමැති ලෙසත්, ජනාධිපති ලෙසත් පත්කළ ජනවරම විකෘති කළ පාර්ලිමේන්තුව වෙනුවට ඇත්ත ජනමතය නියෝජනය කරන පාර්ලිමේන්තුවක් නිර්මාණය කරගැනීම අවශ්‍යයි. පාර්ලිමේන්තුවේ මේ සංයුතිය තියාගෙන අඟලක්වත් ඉස්සරහට යන්න බැහැ. ජනමතය නියෝජනය වෙන සැබෑ පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමෙන් තොරව අඟලක්වත් ඉස්සරහට යන්න බැහැ. දැන් රනිල් එළවන සටනක් විතරක් නොවෙයි මේ පාර්ලිමේන්තුවත් එක්කම එළවන්න ඕනෑ. ඒ වෙනුවෙන් අපි එක්ව සටන් කළ යුතුව තිබෙනවා. එතෙක් මේ අරගලය ඉදිරියට යනවා. රනිල් වික්‍රමසිංහ, ගෝඨාභය රාජපක්ෂ ඉගෙන ගත් පාඩම් ඉගෙන ගන්න වෙනවා. ඒ වෙනුවෙන් අපේ අරමුණු, සටන් පාඨ හරියටම තේරුම් අරගෙන අරගල කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. හමුදාව, පොලිසිය කියන්නෙත් මේ රටේ පුරවැසියෝ. රටක්ම එරෙහිව සිටිද්දී හමුදාව, පොලිසියට මේක ආරක්ෂා කරන්න බැහැ. අලුත් අදියරකින් සටනක් පටන් ගන්න ඕනෑ. එතෙක් අත්අඩංගුවට ගත් හැමදෙනාම වහාම නිදහස් කරන ලෙසත් ඒ වෙනුවෙන් අරගල කරන ලෙසත් ඉල්ලා සිටිනවා.
නිරායුධ, සාමකාමී අරගලකරුවන්ට ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රචණ්ඩ ප්‍රහාරයක් එල්ල කර, අවට සිටි අයටත් ඒ ස්ථානයට ඇතුල් වෙන්න ඉඩනොදී අන්තිමේදී තුවාලකරුවන් ඉවත්කර ගැනීමට පවා ඉඩ දුන්නේ නැහැ. සියලුම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරනමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වී ඔහුගේ වැඩ පටන් ගත්තා. විශාල අරගලයක් තුළින් රටේ ජනතාව ඉල්ලා සිටින්නේ ජරාජීර්ණ වී තිබෙන දේශපාලනය වෙනස් කරන්න කියලයි. ඒ අරගලයේ ජයග්‍රහණ කිහිපයක් ලබා තිබෙන පසුබිමක රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් ජරාජීර්ණ දේශපාලන සංස්කෘතියේම ඉදිරියට ගෙනියන්න උත්සාහ කරනවා. ඒ වෙනුවෙන් ජනතාවට ප්‍රහාර එල්ල කරන්න නායකත්වය දෙන්නේ රනිල් වික්‍රමසිංහ. මේ සිද්ධි මේ විදිහට පෙළ ගැසෙන්නේ ඇයි කියලා අපි හරියටම තේරුම් ගන්න ඕනෑ.
ලංකාවේ අවුරුදු ගණනාවක් තිස්සේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය භාවිතා කර තිබෙනවා. ජනතාවගේ මතය ප්‍රකාශ කිරීමේ විවිධ ක්‍රම තිබෙනවා. ඡන්දය මගින් වගේම විරෝධතා සහ අරගල හරහාත් ප්‍රකාශ කිරීමේ අයිතියක් තිබෙනවා. ඡන්දයක් නොමැති අවස්ථාවක ජනතා විරෝධී ආණ්ඩුවකට අරගල හරහා තම මතය පළ කරනවා. එවැනි මත පළකරන්නන් ෆැසිස්ට්වාදීන් සහ ත්‍රස්තවාදීන් හැටියට මේ හොර ජනාධිපති විසින් හඳුන්වන්න පටන්ගෙන තිබෙනවා. මහා ලිබරල්වාදී, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන, පුද්ගලයෙක් ලෙස පෙනී සිටියත් ඔහුගේ ඇත්ත ස්වභාවය මේ කාලය තුළ තේරුම් ගන්න හැකිවී තිබෙනවා. අරගලයේ ඊළඟ පරිච්ඡේදය මොකක්ද කියලා අපි හරියට තෝරාගත යුතුයි. මේ වන විට ජනවරමක් නැති පාර්ලිමේන්තුවක්, ජනාධිපතිවරයෙක්, ඉන්නවා. ජනවරමක් නැති පමණක් නොවෙයි, සියලුම ප්‍රතිගාමී පිරිස් ඔහුන්ගේ ක්‍රියාවන් නියෝජනය කරන තැන බවට පාර්ලිමේන්තුව පත්කර ගෙන තිබෙනවා. මේ පාර්ලිමේන්තුව ජනතාව නියෝජනය කරන තැනක් නොවෙයි. ජනතාවගේ මතය ප්‍රකාශ කරන තැනකුත් නොවෙයි. ඒ නිසා ජනවරමක් තුළින් අලුත් නියෝජිතයින් පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි. එය දිනෙන් දින තහවුරු වෙමින් යනවා. අටවා ගත්ත ජනාධිපතිත් අද දිවුරුම් දීමට නියමිත ඔහුගේ කැබිනට් මණ්ඩලයත් යන පුද්ගලයන් වෙනස් කිරීම පමණක් නොවෙයි, පාර්ලිමේන්තුව ඇත්ත වශයෙන්ම ජනතාව නියෝජනය කරන තැනක් බවට පත්කර ගත යුතුයි. අරගලයේ අවසන් ජයග්‍රහණ ලබාගත හැකි වන්නේ ඒ තුළින් පමණයි.
ජනතා අනුමැතියක් නැති රනිල් වික්‍රමසිංහගේ පාලනය විසින් ගෝල්ෆේස් අරගලකරුවන්ට එල්ලකළ ප්‍රහාරය පිළිකුල් සහගතව හෙළා දකිනවා. රට පුරාම පසුගිය කාලයේ විවිධ අරගල තිබුණත් වැඩි අවධානයක් දිනාගත්තේ ගෝල්ෆේස් අරගල භූමියයි. එහි පළවෙනි පියවරයේ තිබුණේ නිර්පාක්ෂික, සර්වපාක්ෂික අරගලයක්. එහි රනිල් වික්‍රමසිංහගේ අයත් හිටියා. ඔහු අගමැති වූ පසුව මුලින් කීවේ අරගලය ආරක්ෂා කරනවා කියලා. ඒ මිනිහා ජනාධිපති වී එක්වරම මර්දනය දියත් කරන්නේ ඇයි? මේ රටේ ධනපති පංතිය පවා එකතුවී ගෝඨාභය ගෙදර යවන්න හඬනැඟුවා. ඔහු තවදුරටත් සිටියා නම්, ධනපති පංතියටත් බරපතළ ප්‍රශ්න ඇතිවෙනවා. රනිල් වික්‍රමසිංහ කළේ අවස්ථාව බලලා, එයාගේ මාමගේ ව්‍යවස්ථාවේ වගන්තිවලින් අරගලය මංකොල්ල කෑමයි. ලෝක ඉතිහාසයේත් මෙවැනි දෙවල් වෙලා තිබෙනවා. කිසිම ජනවරමක් නැති අය ව්‍යවස්ථාව පාවිච්චි කරලා බලයට ඇවිත් තිබෙනවා.
සාමකාමී අරගලයට පොදු නායකත්වයක් තිබුණු නිසා, විවිධ ගැටලු අවස්ථා තිබුණා. ඒ අවස්ථා පාවිච්චි කරලා මේ රට ලේ විලක් කරන්න ඉඩදෙන්න බැහැ. ජනතාවට තමන්ගේ කැමැත්ත පාවිච්චි කරන්න අරගලය නිසා ඉඩදෙනවා වෙනුවට ෆැසිස්ට්වාදී රනිල් අරගලයට ෆැසිස්ට්වාදී ලේබලය ඇලෙව්වා. ජනතාවගේ කැමැත්ත පාවිච්චි කරන්න අවස්ථාව දෙනවා වෙනුවට හමුදාව පාවිච්චි කරලා මේ රට ලේ විලක නොගිල්වා ජනතාවගේ පාලනයක් පිහිටුවා ගන්න ඉඩදිය යුතුයි. මේ රටේ ඉතිහාසයේ අවුරුදු 20න් 20 ලේ වගුරුවා තිබෙනවා. පාලකයන්ගේ බලය පාවිච්චි කරලා ගෙනගිය මේ නර්තනය දේශපාලන සදාචාරයක් නැති, දේශපාලන සුජාත භාවයක් නැති අවජාතක පාලකයා, දැන්වත් පවතින තත්වය තේරුම් ගත යුතුයි. ජනතාවගේ අනුමැතියක් නැතිව හමුදාව යොදවලා මේ මජර දේශපාලනය ගෙනියන්න ජාවාරම්කාර ප්‍රාග්ධනය විසින් හසුරුවන පාලකයන් උත්සාහ කරනවා නම්, ඒක නොකෙරෙන වැඩක්. රනිල් වික්‍රමසිංහගේ ප්‍රභූ පංතියේ දේශපාලනය තවදුරටත් වලංගු නැහැ. ඒවගේම අරගලකරුවන්ටත් අපි අවධාරණය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මාවතෙන් පිටපන්නන්න කිසිසේතම ඉඩ නොදෙන ලෙසයි. අරගලයේ ජයග්‍රහණය තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මාවතේ. මැතිවරණයක් හරහා ජනතාවගේ නියෝජිතයන් පත්කර ගැනීමෙන් පමණයි විසඳුම් සෙවිය හැක්කේ. රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදියෙක් නම්, ලිබරල්වාදියෙක් නම් වහාම මැතිවරණයකට අවස්ථාව සලසා දිය යුතුයි.
ප්‍රශ්නය:- සමාජ ජාලවල ගෝඨාභය රාජපක්ෂගේ පාලනය, සාධාරණී කරනය කරමින් තිබෙනවා ඒ සම්බන්ධයෙන් මොකද කියන්නේ.
පිළිතුරු:- රනිල් වික්‍රමසිංහද, ගෝඨාභයද වැඩිය හොඳ කියලා හිතන්න බැහැ. ඒගොල්ලෝ ඔක්කෝම එක වල්ලේ පොල්. එක මල්ලේ ලුණු. ගෝඨාභයට පාලනය කරන්න බැරි නිසා, දාලා යන්න සිදුවුණා. ජනතාව අකමැති පාලකයෙක් එලෙව්වාම කැමති පාලකයෙක් තෝරා ගන්න අවස්ථාව දිය යුතුයි. ඒ වෙනුවට ජනතාව අකමැතිම පාලකයෙක් ව්‍යවස්ථාවේ වගන්ති පාවිච්චි කර ගනිමින් බලයට ඇවිත් තිබෙනවා. වැරදි, කොල්ලකාරී, මර්දනකාරී, දේශපාලන සංස්කෘතියක් තිබෙන රටේ මොන පුද්ගලයා ආවත් වෙනසක් නෑ. ඒ දේශපාලන සංස්කෘතිය තමයි ගෝටාභය රනිල් දෙන්නම නියෝජනය කරන්නේ. ඒ නිසා කවුරුත් කලබල වෙන්න උවමනා නැහැ රනිල්ට වඩා ගෝටාභය හොඳයි කියන්න.
ප්‍රශ්නය:- අලුත් අගමැතිවරයෙක් පත්කර තිබෙනවා. ඉදිරිය ගැන මොකද හිතන්නේ?
පිළිතුරු:- පත්කළ අගමැති දිහා බැලුවාම පේනවා ඇමති මණ්ඩලයට මොකද වෙන්න යන්නේ කියලා. කණගාටුවකට තිබෙන්නේ මේ මහල්ලන් විසින් අපේ රටේ තරුණයන්ගේ අනාගතය තීරණය කිරීමයි. රනිල් වික්‍රමසිංහට කරන්න වෙන්නේ තිබුණු වර්ගයේම ඇමති මණ්ඩලයක් හදාගෙන යන එකයි.
ප්‍රශ්නය:- ඇමති මණ්ඩලයෙන් යහපත් වෙනසක් බලාපොරොත්තු වෙන්න බැහැ කියලාද ඔබ කියන්නේ?
පිළිතුරු:- කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. බොරු පොරොන්දු ගොඩක් දීලා බලයට ඇවිත් ඉන්නේ. ජනාධිපති වෙන්න ඡන්දය දුන් හැමෝටම සලකන්න ඕනෑ. දැනටමත් කොටසකට සල්ලිවලින් සලකලා තිබෙන්නේ. ඔය කාටත් ඇමතිකම්, නියෝජ්‍ය ඇමතිකම්, රාජ්‍ය ඇමතිකම් දුන්නේ නැත්නම් බලයේ ඉන්න බැහැ. ඒ නිසා ඔය කාට කාටත් සැලකුම් ලැබෙයි. පාර්ලිමේන්තුවේ ඉන්න හොර නඩයට බලයේ ඉන්න දෙනවා වෙනුවට අද රෑට වුණත් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ජනතාවට තමන්ගේ නියෝජිතයින් පත්කර ගන්න අවස්ථාව ලබාදිය යුතුයි. ආර්ථික ප්‍රශ්න, ඒ මත පැන නැගුණු සමාජීය ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න, යන සියල්ල විසඳා ගන්න වෙන්නේ අලුත් ජනවරමකින්. ඒ ජනවරම හැකිතාක් ඉක්මනින් ලබාගන්න පෙළ ගැසෙනා ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
පාර්ලිමේන්තුවෙන් අලුත් ජනාධිපතිවරයෙකු පත්කරගැනීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර තිබුණත් තව අවධාරණය කළ යුතු කරුණු කිහිපයක් තිබෙනවා. පොත් සිය ගණනක් කියවලා තේරුම් ගන්න බැරි වුණු දේශපාලන යථාර්ථයන් ඉතා කුඩා නිමේෂයකින් තේරුම් ගන්න පුළුවන්. තමන් ඉදිරිපිට තිබෙන දේශපාලන කඳවුර මොන තරම් ජුගුප්සාජනක, මොන තරම් පිළිකුල්, මොනතරම් අපරාධකාරී කඳවුරක්ද කියලා පාර්ලිමේන්තු ජනාධිපතිවරණයෙන් තේරුම් ගන්න හැකි වෙනවා. පසුගිය ජනාධිපතිවරණයේදී […]
පාර්ලිමේන්තුවෙන් අලුත් ජනාධිපතිවරයෙකු පත්කරගැනීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර තිබුණත් තව අවධාරණය කළ යුතු කරුණු කිහිපයක් තිබෙනවා. පොත් සිය ගණනක් කියවලා තේරුම් ගන්න බැරි වුණු දේශපාලන යථාර්ථයන් ඉතා කුඩා නිමේෂයකින් තේරුම් ගන්න පුළුවන්. තමන් ඉදිරිපිට තිබෙන දේශපාලන කඳවුර මොන තරම් ජුගුප්සාජනක, මොන තරම් පිළිකුල්, මොනතරම් අපරාධකාරී කඳවුරක්ද කියලා පාර්ලිමේන්තු ජනාධිපතිවරණයෙන් තේරුම් ගන්න හැකි වෙනවා. පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂට විශාල ජනවරමක් ලබාගන්නත්, මහ මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂට 2/3කට ආසන්න බලයක් ලබාගන්නත් ප්‍රධානම හේතුව වුණේ රනිල් වික්‍රමසිංහගේ පාලනය. ඔවුන්ගේ මැතිවරණවල ප්‍රධානම සටන් පාඨය වුණේ “මහ දවල් මහබැංකු මහා කොල්ලයේ මහා මොළකරු රනිල් වික්‍රමසිංහ” කියලයි. ඔහුට දඬුවම් දෙන්න ජන වරමක් ඉල්ලුවා. ඒ වගේම සමාජය තුළ විශාල කම්පනයක් ඇතිකළ පාස්කු ප්‍රහාරයේ වගකීම මෛත්‍රීපාල සිරිසේනට වගේම රනිල් වික්‍රමසිංහට පැවරෙන බවත් සිය ගණනක් වින්දිතයන්ට සාධාරණය ඉටුකිරීම වෙනුවෙන් අධිකරණය ඉදිරියට ගෙනියන බවත් ප්‍රකාශ කිරීමෙන් එම මැතිවරණවලදී විශාල ජයග්‍රහණ ලබාගත්තා.
හම්බන්තොට වරාය රනිල් වික්‍රමසිංහ විකිණූ අවස්ථාවේ ඒ ගේට්ටුව ආසන්නයට ගිහින් කෑගහපු අය කීවේ “රනිල් වික්කමසිංහ” කියලයි. ඒ කියන්නේ විකුණන්නම උපන් කෙනෙක් කියලයි. අපේ රටේ ආර්ථීකය ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හරහා 2015-2019 කාලයේ ඩොලර් බිලියන 12ක් අරගෙන විශාල ණය කන්දක හිර කළා කියලා චෝදනා කළා. මේ ආර්ථිකය විනාශකාරීත්වයට එරෙහිව ගෙනගිය හඬ නිසා විශාල බලයක් එම මැතිවරණ දෙකේදී ලබාගත්තා. රනිල් වික්‍රමසිංහත් ඔහුගේ පාලනයත්, ඔහුගේ දෘෂ්ටිවාදයත් පරාජයට පත්කිරීමට අපේ රටේ ජනතාව විශාල ජනවරමක් ලබාදුන්නා. නමුත් ඒ මන්ත්‍රීවරුන්ගෙන් නැවත රනිල් වික්‍රමසිංහ ජනාධිපති වී සිටිනවා. මෙවැනි කැත මඩ ගොහොරුවක් බවට පත්වී තිබෙන අප්‍රසන්න දේශපාලනය අපේ රටට අවශ්‍යද? රනිල් වික්‍රමසිංහට එරෙහිව ඔබේ ඡන්දයෙන් තෝරා පත්කර යවන නියෝජිතයා පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපති කිරීමට ඡන්දය ලබාදෙනවා. මේ කැත මඩ ගොහොරුවක් වී තිබෙන දේශපාලනය පිරිසිදු කිරීමේ වගකීම අපි බාර ගන්නවා. ඩලස් අලහප්පෙරුම ඒ වගේ. විශාල ගං වතුරට ගහගෙන යන නයි, මුගටි ගංවතුරෙන් බේරෙන්න එකම ලී කඳකට එකතු වෙනවා වගේයි. මෙවැනි දේශපාලනයක් අපේ රටට අවශ්‍යද?
හැම තීරණාත්මක අවස්ථාවකදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතුරුදහන් වෙනවා, රෝගී වෙනවා. දුරකතනවලට කතා කරන්නේ නැතිව යනවා. හෝටල්වල පදිංචි කරවනවා. අන්තිමේ මිලදී ගැනීම්වලට ලක් වෙනවා. අපේ රටේ සාමාන්‍ය ගැමියන්ටත් තමන් පිළිබඳව අවංකභාවයක් තිබෙනවා. නමුත් මේ පාර්ලිමේන්තුව පෑලියගොඩ මාලු මාර්කට් එකේ එහෙට මෙහෙට කුණු මාලු විකිණෙනවා වගේ මිනිස් කඳන් විකිණෙනවා. මේ රටේ ජනතාව විශාල නැගිටීමක් හරහා පෙන්වා දුන්නේ පවතින අප්‍රසන්න දේශපාලන ක්‍රියාදාමය පිළිබඳව විශාල විරෝධයක්. ඒ නිසා මේ දේශපාලන පොර පිටිය පිරිසිදු පොර පිටියක් බවට පත්කිරීමේ වගකීමක් අපට තිබෙනවා. වරප්‍රසාදවලට, සල්ලිවලට එහෙට මෙහෙට පනින මිනිස් කඳන් ලෙස ගොඩනැගුනු මේ පාර්ලිමේන්තු වෙනුවට මිනිස්සුන්ගේ අදහස් සංවාදයට භාජනය කර නිවැරදි තීන්දු-තීරණ ගන්න මධ්‍යස්ථානයක් බවට මේ පාර්ලිමේන්තුව පත්කළ යුතුයි. අන්න ඒ දේශපාලන සටනට අපි නායකත්වය ලබා දෙනවා.
පාර්ලිමේන්තුවේ තීරණාත්මක හැම අවස්ථාවකදීම අප ගන්නා ලද ප්‍රතිපත්තිමය දේශපාලන තීන්දු ආරක්‍ෂා කරමින් ජනතාව වෙනුවෙන් වගකියන දේශපාලනයක අප නියැලී සිටිනවා. ජාතික ජන බලවේගය වගකීමෙන් නව දේශපාලන සංස්කෘතියක් ඇති කරන්න කටයුතු කරන අතර ඒ වටා එකතු වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙරට ඉතිහාසයේ විශාලතම ජනතා නැගිටීම තිබුණේ රාජපක්‍ෂ කඳවුරට එරෙහිව. සාරවත් කඳන් හාරලා විනාශ කරන කඳ පණුවන් වගේ රාජපක්‍ෂලා අපේ රටේ ආර්ථීකය, දේශපාලනය, අයිතීන් විනාශ කර දැම්මා. ඒ නිසා අපේ රටේ ජනතාවගේ නැගිටීමේ ප්‍රධාන සටන් පාඨය වුණේ ගෝඨාභය රාජපෂට පළා යන්න සිදුවුණා. මහින්ද රාජපක්‍ෂටහමුදා කඳවුරකට ගාල් වෙන්න සිදුවුණා. බැසිල් රාජපක්‍ෂට එයා පෝට් එකෙන් යන්න බැරිවුණා. නාමල් රාජපක්‍ෂ ඇතුලු පවුලේ අයට එලියට බහින්න බැරිවුණා. රාජපක්‍ෂ පවුල එතරම් අති මහත් විනාශයක් අපේ රටට සිදුකර තිබෙනවා. ඊට එරෙහිව තිබුණු ජනතා නැගිටීම හමුවේ පාර්ලිමේන්තුවේදී සිදුවුණේ රාජපක්‍ෂ කඳවුර යළි නැගිටීමයි. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිධුරයෙනුත්, අගමැති ධුරයෙනුත් ඉවත් කළත් හැම වෙලාවේම පාර්ලිමේන්තුව තිබුණේ රාජපක්‍ෂලා අතේ. ඒ නිසා ඕනෑ වෙලාවක තමන්ට සිතැඟි ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් පත්කරගන්න පුළුවන්.
මේ නිසා අපි දිගින් දිගටම අවධාරණය කළේ රාජපක්‍ෂ කඳවුර පරාජය කරන්න නම් ගෝඨාභය, මහින්ද එළවීමෙන් පමණක් ප්‍රමාණවත් නැහැ කියලා. ඔවුන් පරාජය කිරීමට අනිවාර්යයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බව අපි අවධාරණය කළා. රටෙනුත් පළවා හැරි රාජපක්‍ෂ කඳවුරේ භූතාත්මයන් පාර්ලිමේන්තුව තුළ තිබෙනවා. මහින්ද රාජපක්‍ෂගේ භූතාත්මයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති බවට පත්වෙනවා. රනිල් වික්‍රමසිංහ යනු රාජපක්‍ෂ අනුප්‍රාප්තිකයා. ගැලවුම්කරුවා. ආරක්‍ෂකයා. මේ සමස්ත ඉත්තො සෙල්ලමම ඇති කළේ බැසිල් රාජපක්‍ෂ. රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය ප්‍රකාශයට පත් කළාට පසුව උද්දාමයෙන් කෑගැහුවේ බැසිල් රාජපක්‍ෂගේ සමීපතම කවය. ඒ නිසා රනිල් වික්‍රමසිංහ යනු බැසිල් රාජපක්‍ෂගේ නිර්මාණයක්. එළියේ රාජපක්‍ෂ පවුල පරාජයට පත් කළත් පාර්ලිමේන්තුවේ ඒ භූතාත්මයන් බලවත් වී තිබෙනවා. රාජපක්‍ෂ කඳවුර තීරණාත්මක ලෙස පරාජයට පත් කරන්න නම් ජනතාව විසින් පරාජයට පත් කළ ඒ කඳවුර පාර්ලිමේන්තුව තුළත් පරාජයට පත් කළ යුතුයි. රාජපක්‍ෂ කඳවුර තීරණාත්මක ලෙස පරාජයට පත් කිරීමේ වගකීම අපි බාර ගන්නවා. ඩලස් අලහප්පෙරුමලා වගේ රාජපක්‍ෂලාව ආරක්‍ෂා කර ගැනීමේ ව්‍යාපෘති අපිට නැහැ. පාර්ලිමේන්තුව තුළ ඔවුන් පරාජයට පත් කරන්න නම් පාර්ලිමේන්තුව විසුරුවා හැර නව ජන වරමක් සඳහා අවස්ථාව ලබාදිය යුතුයි. ඒ අවස්ථාව ලබාදෙන ඕනෑම මොහොතක අප ඒ වෙනුවෙන් සූදානම්.
අපේ සටන නව පාර්ලිමේන්තු මැතිවරණයක් දිනා ගැනීම සඳහායි. ඒ වෙනුවෙන් මේ රටේ සියලුම ජනතාවට අපි ආරාධනා කරනවා. රාජපක්‍ෂලා බූවල්ලෙක් වගේ අඬු විහිදුවා තිබෙන හැම තැනකින්ම ඉවත් කිරීමේ කටයුතු වෙනුවෙන් ජනතාව පෙළ ගැසිය යුතුයි. ඒ බූවල්ලාගේ ශක්තිමත්ම අඬු තිබෙන්නේ පාර්ලිමේන්තුව තුළයි. ඒ අන්ඩ කපා දැමුවහොත් අනෙක් සියල්ල ගිලිහී වැටෙනවා. ගෝල්ෆේස් පිටියේ සහ ඉන් පිටත විශාලම හඬ බවට පත්වී තිබුණේ වංචාව-දූෂණය පිටු දැකීමයි. ගෝල්ෆේස් තරුණයන් “අපෙන් හොරා කාපු සල්ලි අපට දීපල්ලා” කියන සටන් පාඨය ඉදිරිපත් කළා. ඒ ධනය සොරකම් කළ අයට දඬුවම් දෙන්න කියලා කෑගැහුවා. මේ දේශපාලකයිනුත් ඔවුන් වටා සිටින කුඩා චෞර වළල්ලත් ජාතික ධනය කොල්ල කෑවා. ඔවුන්ගේ හොරකම් විදේශ අධිකරණවලින් පවා හෙළිවී තිබෙනවා. 2015දී ප්‍රධාන ඉල්ලීම වුණේ රාජපක්‍ෂ පවුල සොරකම් කළ දේපොළ පවරාගෙන හොරුන්ට දඬුවම් දීමයි. රනිල් වික්‍රමසිංහ ඒ පොරොන්දුවෙන් බලයට පත්වුණා. ඊට් පස්සේ මහ බැංකු හොරකම, කිරි හරක් ආනයනයේදී හොරකම, ප්‍රාඩෝ රථ ආනයයනයේ හොරකම, එයාර් පෝට් එකේ හොරකම්වලට දඬුවම් දෙන්න 2019 රාජපක්‍ෂලා ගෙනාවා. මහින්දානන්ද එක් අවස්ථාවක කීවේ රනිල් වික්‍රමසිංහ හිරේ දාපු දවසට ඔහුට නින්ද යන බවයි. 2019 රාජපක්‍ෂලා ගෙනාවේ රනිල් වික්‍රමසිංහලාට දඬුවම් දෙන්න. 2022 ජූලි 20වැනිදා ඒ රාජපක්‍ෂලයි රනිල් වික්‍රමසිංහලයි එකට එකතු වෙලා ජනතාවට කොකා පෙන්නුවා. හෘද සාක්‍ෂියක් නැති කැත මිනිස්සු. මේ රටේ මහ ජනයාගෙන් සොරකම් කරන ලද සෑම සතයක්ම පවරා ගන්නා පාලනයක්, සොරකම් කළ අයට දඬුවම් දෙන සහ සොරකම් නතර කරන පාලනයක් පිහිටුවන බවට මහ ජනතාවට සහතික වෙනවා.
අපේ රටේ ආර්ථීකය කඩා වැටීම තීව්‍ර කරන්න රනිල් වික්‍රමසිංහ, ගෝඨාභය රාජපක්‍ෂ මැදිහත් වී තිබෙනවා. ආහාර හිඟය, fඖෂධ හිගය තෙල් පෝලිම්, පාසල් වසා දැමීම්, රජයේ කාර්යාල වසා දැමීම් සියල්ල පිටුපස තිබෙන්නේ රාජපක්‍ෂලා සහ රනිල්ලා අනුගමනය කරන ලද ආර්ථික ප්‍රතිපත්තියයි. ඒ ප්‍රතිපත්තිය වෙනස් කර ඉතා හොඳින් රට ගොඩනැගීමේ ආර්ථික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. එය ඉටු කරන්නේ ජාතික ජන බලවේගයේ අපි. ආර්ථිකය නව දිසාවක් දක්වා පරිවර්තනය කිරීමේ සටන අප අරඹා තිබෙනවා. ඒ සටන තව තීව්‍ර කර ගනිමින් ජනතාවත් සමග සංවාද කරමින් ඉදිරියට යනවා. ඒ හමුවේ රනිල් වික්‍රමසිංහ අවසන් වශයෙන් සැරසෙන්නේ මහ පොළොවේ ඔහුට ජන වරමක් නැති නිසා විශ්වාසය තබන්නේ හමුදාව කෙරෙහි. මර්දනය කෙරෙහි. රනිල් වික්‍රමසිංහට ඉතා වේගයෙන් හමුදාව පිළිබඳ ආදරයක් කැක්කුමක් ඇතිවී තිබෙනවා. පාරේ එන ගමන් බැහැලා හමුදා සොල්දාදුවන්ට ආමන්ත්‍රණය කරනවා. ඔවුන්ගේ සුවදුක් බලන්න රෝහල්වලයට යනවා. මේ රටේ හමුදාවට විශාලම අපරාධ්‍ය කළේ රනිල් වික්‍රමසිංහ. අද ඔහු කල්පනා කරන්නේ මර්දනය දියත් කර රැකවරණය ලබාගන්න. ජනතාවගෙන් විතැන් වූ නායකයන් බොරු ලෙංගතකමක් දක්වමින් යන්නේ ඒ නිසයි. ඔහු බලයට පත්වූ වහාම හදිසි නීතිය ප්‍රකාශයට පත්කර විවිධ මර්දන අන පනත් සකස් කරමින් ඉන්නවා. අරගලයට නායකත්වය දුන් තරුණ තරුණියන් පිටුපස හඹා යන්න පටන්ගෙන තිබෙනවා. අන්තරේ කැඳවුම්කරුගේ පරණ වැරදි හොයමින් ෆයිල් අවුස්සමින් තිබෙනවා. මේ විදිහට රනිල් වික්‍රමසිංහ රාජපක්‍ෂ කඳවුරේ සුරතලා වී විවිධ ක්‍රියාකාරකම් කරනවා. තමන්ගේ නොහැකියාව වසා ගන්නත් රාජපක්‍ෂ කඳවුර සතුටු කරන්නත් රනිල් වික්‍රමසිංහ මර්දනය ගේන්න උත්සාහ කරනවා.
අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ජනතාවගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කර ගනිමින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියත් සටන් කිරීමේ අයිතියත් සංවිධානය වීමේ අයිතියත් කවර හෝ ආකාරයකින් මර්දනය කරන්න උත්සාහ කරනවා නම් රනිල් වික්‍රමසිංහත් එක්ක හැප්පෙන්න අපි ලැහැසිතියි. ඒ නිසා ආකාර කිහිපයක දේශපාලනයක් අපට තිබෙනවා. දූෂිත දේශපාලන පොර පිටිය සුද්ද කිරීම, රාජජපක්‍ෂ කඳවුර තීරණාත්මක ලෙස පරාජයට පත් කිරීම, වංචා දූෂණ සිදුකළ අයට දඬුවම් දීම, අපේ රටේ ආර්ථීකය නව මාවතකට යොමු කිරීම සහ මර්දනකාරීත්වයට එරෙහිව සටන් කිරීම අවශ්‍යයි. ඒ සඳහා ප්‍රබලතම ව්‍යාපාරය ජාතික ජන බලවේගයයි. ඒ වටා සියලු බලවේග ඒකරාශි කරමින් කටයුතු කරනවා. කැඳ වගේ වැඩ කරන නායකයන්ට මෙවැනි අවස්ථා ජය ගන්න බැහැ. මේ රටත් ජනතාවත් සම්බන්ධයෙන් වගකීම බාර ගැනීමේ තවත් පියවරක් වශයෙන් මේ මාසයේ 24වැනිදා සිට ජනතාව ආමන්ත්‍රණය කිරීමේ සම්මන්ත්‍රණ මාලාවක් ලැහැස්ති කර තිබෙනවා. මහරගම තරුණ සේවා සභාවේදී එහි ආරම්භය සටහන් කරනවා.
ඊයේ (20) සිදුවුණේ 69 ලක්‍ෂයක් ජනතාව මහත් බලාපොරොත්තුවෙන් යුතුව ගෝඨාභය රාජපක්‍ෂ සහ මහින්ද රාජපක්‍ෂ බලයට ගෙනත් අපේක්‍ෂා කළ සියල්ල නැවත විනාශ කර දැමීමයි. අවුරුද්දක් පමණ කාලයක් තුළ ජනතාව ගෙනගිය අරගල ගෝල්ෆේස් පිටියට කේන්ද්‍රගතවී තවත් තීව්‍ර කරමින් ගෙනගියා. ඒ සියලු අරගලවල ප්‍රතිපල ආපසු හැරවූ බව පැහැදිලි වුණා. ගොවි ජනතාව, ගුරුවරු, ධීවර ජනතාව අවුරුද්දක් පුරා ගෙනගිය අරගල ගෝල්ෆේස් පිටියට කේන්ද්‍රගතවී තීව්‍ර කිරීමෙන් හිටපු අගමැති ඉල්ලා අස්වුණා. කැබිනට් එක කිහිප වතාවක් සංශෝධනය කෙරුණා. අලුත් අගමැතිවරයෙක් පත්වුණා. බැසිල් රාජපක්‍ෂ ඉල්ලා අස්වුණා. මේ සියල්ල අවසානයේ නැවත පොහොට්ටු පක්‍ෂය හිටපු තැනටම ගෙනාවා. අපේ රටේ උද්ධමනය 70%ක් විය හැකි බව මහ බැංකු අධිපතිතුමා ප්‍රකාශ කර තිබෙනවා. දුම්රිය ගාස්තු වැඩි කිරීමෙන් ඒ බව පැහැදිලි වෙනවා. මේ හමුවේ අපේ රටේ ජනතාව මානසිකව කඩා වැටී තරුණ පරපුර ඉච්ඡා භංගත්වයට පත්වීමයි. ඒ තරුණ පරපුර නැවත නගා සිටුවී්මට මූලිකත්වය දීී අපි ක්‍රියා කරනවා. ඒ වෙනුවෙන් සුදුසු පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමට අපි ක්‍රියා කරනවා.
රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් තිබුණු කැබිනට් මණ්ඩලය වගේම එකක් පත් වේවි. එවැන්නක් වෙනස් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ සංයුතිය වෙනස් කිරීමේ මැතිවරණයකින් පමණයි. අපි ජනතාවට දිගින් දිගටම ආරධනා කරන්නේ මේ පවතින තත්වය වෙනස් කිරීමට එක්වන ලෙසයි. ජාතික ජන බලවේගය වටා සියලුම ජනතාව එකතු වීමෙන් තොතරව පවතින අර්බුදයෙන් ගොඩ එන්න බැහැ. මේ අර්බුදය උග්‍ර වෙනවා වෙනුවට එයට විසඳුම් දීම සඳහා මැදිහත් වන අතර ඉච්ඡා භංගත්වයට පත් තරුණ පරපුර මේ රට නැවත ගොඩනැගීම කෙරෙහි මූලික වශයෙන්ම පෙළ ගැස්විය යුතුයි. එසේ නොවුවහොත් රට ගොඩනගන්න බැරි තත්වයටම අගාධයට වැටීමේ අනතුර තිබෙනවා.
“ගම්වල තේක්ක ගහ වට අඩි ගාණට විකිණෙනවා වගේ මන්ත්‍රීවරුන් ජනාධිපති ඡන්දයේදී විකිණුනේ” “මේ පාර්ලිමේන්තුව පෙන්නුම් කර තිබෙන්නේ ජනතා කැමැත්තේ විකෘති පිළිබිඹුවක්” “අශිෂ්ට මිනිසුන්ගෙන් මේ පාර්ලිමේන්තුව පිරිලා” අභිනවයෙන් තෝරා පත්කරගත් නව ජනාධිපතිවරයාට මම පළමුකොට සුබ පතනවා. රටත් රටේ ජනතාව වෙනුවෙනුත් එතුමාගේ කාර්යයන් නිසි පරිදි ඉටුකරන්න ලැබේවා කියලා. පාර්ලිමේන්තුව තුළ යම් ශක්තිමත් ප්‍රතිවිරුද්ධ දේශපාලන කඳවුරක් නිර්මාණය වී […]
“ගම්වල තේක්ක ගහ වට අඩි ගාණට විකිණෙනවා වගේ මන්ත්‍රීවරුන් ජනාධිපති ඡන්දයේදී විකිණුනේ”
“මේ පාර්ලිමේන්තුව පෙන්නුම් කර තිබෙන්නේ ජනතා කැමැත්තේ විකෘති පිළිබිඹුවක්”
“අශිෂ්ට මිනිසුන්ගෙන් මේ පාර්ලිමේන්තුව පිරිලා”
අභිනවයෙන් තෝරා පත්කරගත් නව ජනාධිපතිවරයාට මම පළමුකොට සුබ පතනවා. රටත් රටේ ජනතාව වෙනුවෙනුත් එතුමාගේ කාර්යයන් නිසි පරිදි ඉටුකරන්න ලැබේවා කියලා. පාර්ලිමේන්තුව තුළ යම් ශක්තිමත් ප්‍රතිවිරුද්ධ දේශපාලන කඳවුරක් නිර්මාණය වී තිබෙනවා. ඒ කඳවුරත් එක්ක මතවාදීම ක්‍රියාකාරිත්වයෙන් වෙනස් කිරීම සඳහා මැදිහත් විය යුතු බවට අධිෂ්ඨානයක් සහ වුවමනාවක් මෙම ඡන්ද ප්‍රතිඵලයෙන් පෙන්වනවා. ඒ අභියෝගය භාරගන්න සූදානම්.
මේ අපේක්ෂකයන් අපූරු සංකලනයක්. සජබෙ නායකතුමා විසින් පොහොට්ටුවේ භාණ්ඩාගාරිකතුමා යෝජනා කරනවා. ඒක ජී.එල්. පීරිස් මැතිතුමා ස්ථිර කිරීම නිසා පොහොට්ටුවේ සභාපතිතුමාගේ පිල කියලා සාමාන්‍යයෙන් කියනවා. රනිල් වික්‍රමසිංහගේ පාසල් මිතුරා වන පැරණි වාමාංශික පවුලකින් පැවත එන දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ යෝජනාවෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකතුමාව යෝජනා කරනවා. ඒක පොහොට්ටුවේ ලේකම්තුමාගේ පිල වගේ. ලේකම්තුමාට යම් අවතාරයක් වැසී තිබෙන බවත් අපි දන්නවා. ඒක තමයි ඔවුන්ගේ දේශපාලනය.
ඒ කඳවුරු දෙක අතර, ඡන්දයක් පැවතුණා. මා අපට අනන්‍ය අපේ ප්‍රතිපත්තීන් කේන්ද්‍රගත කරමින් තරඟ වැදුණා. මෙය මා කිසිසේත්ම වික්ෂිප්තභාවයට පත්වන අනපේක්ෂිත ප්‍රතිඵලයක් ලෙස සලකන්නේ නැහැ. අද අපේ රටේ පාර්ලිමේන්තුවේ සංයුතියේ ස්වභාව මේකයි. අද සැබවින්ම මහ පොළොවේ පවතින්නේ මේ ඉලක්කම් ඇතුලේ පෙන්නුම් කරන සංයුතිය නොවෙයි. ජනතාවගේ සාධාරණ කැමැත්තේ පිළිබිඹුවක් මෙම පාර්ලිමේන්තුව තුළ දිස්වුණා කියලා කවුරු හරි හිතනවා නම්, ඒක මුළුමනින්ම මිථ්‍යාවක්. මේ පාර්ලිමේන්තුවෙන් පෙන්නුම් කර තිබෙන්නේ ජනතාවගේ කැමැත්තේ විකෘතියේ පිළිබිඹුවක්. එළියේ ජනතාවත්, මේ සභා ගර්භයේ ඔබලාත් අතර විශාල පරස්පරතාවයක් නිර්මාණය වී තිබෙනවා. එළියේ ජනතාවත් මේ සභාවත් අතර විශාල ප්‍රතිවිරෝධතාවයක් නිර්මාණය වී තිබෙනවා. හැබැයි මීට වඩා කිසිවක් මේ පාර්ලිමේන්තුවේ මා අපේක්ෂා කරන්නේ නැහැ.
මේ තත්වය ඇති වූ වහාම අපි සියලු දේශපාලන කණ්ඩායම් මුණ ගැසුණා. ජනාධිපති ධුරය, අග්‍රාමාත්‍ය ධුරය සඳහා ඉදිරි දේශපාලන බල ව්‍යාපෘතියට සම්බන්ධ නොවන දෙදෙනෙක් තෝරා ගනිමු කියලා යෝජනා කළා. විටෙක කථානායකතුමාගේ නමද යෝජනා කළා. අග්‍රාමාත්‍ය ධුරය සඳහා උතුරේ සුමන්දිරන් මන්ත්‍රීතුමාගේ නම යෝජනා කළා. මෙවැනි අර්බුදයකදී එය අපේ රටට ගත හැකි මහඟු ආදර්ශයක් බවට පත්කර ගත හැකිව තිබුණා. ගරු කිරීමක් හැටියට ගරු රවුෆ් මන්ත්‍රීතුමා සමග කළ සාකච්ඡාවේදී මේ තනතුරු දෙක මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තාවන් දෙදෙනෙකුට ලබාදෙන්න යෝජනා කළා. මෙවැනි අර්බුදයකදී හැර මෙවැනි ආදර්ශමත් වගකීම් සහිත අවස්ථාවක් පොදු මහ ඡන්දයේදී නිර්මාණය කර ගන්න බැහැ. අනාගත දේශපාලන අරමුණක් නොමැති සහ එක් තනතුරක් උතුරේ දේශපාලනය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුට ලබාදිය හැකි නම්, මේ සභාව පිළිබඳව රට තුළ හැදෙන ගෞරවය සහ විශ්වාසය කොහොම වෙනවාද? රවුෆ් හකීම් මන්ත්‍රීතුමා යෝජනා කළ පරිදි මෙම තනතුරු දෙක සඳහා කාන්තාවක් දෙදෙනෙකු පත්කර ගත හැකි වුණා නම් අපි ඊට සම්පූර්ණයෙන් පක්ෂපාතියි. එය මොනතරම් ආදර්ශයක් බවට මේ රටට පත්වේවිද? අනාගත බල ව්‍යාපෘතියක් එක්ක සම්බන්ධ නොවෙන එවැනි ආණ්ඩුවක අමාත්‍ය ධුර සහ වගකීම් භාරගන්න සූදානම් බව අපි ප්‍රකාශ කළා.
ඒ වගේම අන්තර් පාලනය කෙටි කාලයකට පමණක් වලංගු විය යුතු බවට කොන්දේසියක් තිබුණා. අප එවැනි යෝජනාවක් කළේ ඇයි? අද රට කියන්නේ කුමක්ද? විශාල ව්‍යසනයකට රට පත්ව තිබෙනවා. පෝලිම්වල මිනිසුන් මිය යනවා. දරුවන්ට කිරිපිටි නොමැති වීමේ අර්බුදයක් තිබෙනවා. ගොවියන් කුඹුර දෙස බලාගෙන හූල්ලමින් ඉන්නවා. ධීවරයන් බෝට්ටුව දිහා බලාගෙන කනස්සල්ලෙන් ජීවත් වෙනවා. තරුණ පරම්පරාව අනාගතය පිළිබඳව අපේක්ෂාභංගත්වයකට පත්ව තිබෙනවා. දුවා දරුවන්ගේ අධ්‍යාපනයට කවර තත්වයක් අත්වේදැයි වේදනාවට පත්වී තිබෙනවා. එවැනි අවස්ථාවකදී ඉහළ තනතුරු දෙක අනාගත බල ව්‍යාපෘතියක් නොමැති සහ ඒකාබද්ධ කැබිනට් මණ්ඩලයක් මගින් කෙටි කාලයකට රට පාලනය කිරීමේ මහඟු අවස්ථාවක් පාර්ලිමේන්තුවට උදාවුණා.
අපේ ඒ යෝජනාවේ කරුණු දෙකක් ගැබ්වී තිබුණා. එම යෝජනාව යථාර්ථයක් බවට පත්වන්නේ නම් කැබිනට් මණ්ඩලය අමාත්‍ය ධුර දහයකට සීමා විය යුතුයි කියන ස්ථාවරයේ අපි හිටියා. සුමන්දිරන් ගරු මන්ත්‍රීතුමා විසින් එම අමාත්‍ය ධුර දහය සකස්කර තිබුණා. ඒ වගේම කාලය සීමා විය යුතුයි කියන යෝජනාව තිබුණා. මේ මූලික හරයන් සහිත ඒ යෝජනාව පරාජයට පත්වුණා. එම යෝජනා පරාජයට පත්වූ පසුව මෙම ඇතිවී තිබුණු තත්වය හමුවේ ලබාගත හැකි මහඟු ප්‍රතිඵල, මහඟු ආදර්ශයන්, මහඟු මැදිහත්වීම් මෙම පාර්ලිමේන්තුවෙන් උත්පාදනය කරගන්න උත්සාහ කළත් එය අසාර්ථක වුණා. ඊට පස්සේ අපේ ප්‍රතිපත්තිය, අනන්‍යතාව, අපේ වැඩපිළිවෙළ මත පදනම්ව මා අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් වුණා. ඒ ඉදිරිපත් වෙන විටම මේ ප්‍රතිඵලය ලැබෙන බව මා දන්නවා. එය කිසිසේත්ම වික්ෂිප්තභාවයට පත්වෙන ප්‍රතිඵලයක් නොවෙයි. මහත් ආන්දෝලනයට තුඩු දෙන බොහෝ සිදුවීම් මේ සභාගර්භය තුළ සිදුවී තිබෙනවා. දෙමළ ජාතික සන්ධානයත් ඩලස් අලහප්පෙරුම ගරු මන්ත්‍රීතුමාගේ පිල හැටියට ප්‍රකාශයට පත්වුණා. ඒ වගේම ඒ පිලට පක්ෂ දහයක් ඉන්න බව ප්‍රකාශ කළා. ස්වාධීන වූ තව කණ්ඩායමක් සිටින බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සිටින බව ප්‍රකාශයට පත් කළා. සජබයත් ඒ බව ප්‍රකාශයට පත්කළා. බැලුවාම කණ්ඩායම් ප්‍රමාණයෙන්ම 113 ඉක්මවා යා හැකි බව හිතනවා.
හැබැයි ඒ ප්‍රකාශයට පත්වූ දේ ඇතුලේ එම සාමාජිකයන් සහ කණ්ඩායම් එම තීන්දුව තුළ රැඳෙනවාද? එම තීන්දුවල නොරැඳෙන්නේ ප්‍රතිපත්තිමය කරුණු මත විතරක්ද? එම තීන්දු තීරණවල නොරැඳෙන්නේ ප්‍රතිපත්තිමය කරුණු මත පමණක් නොවේ කියලා මා විශ්වාස කරනවා. මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ ඉතාමත් තීරණාත්මක අවස්ථාවන්හිදී, 18 වැනි සංශෝධනය අවස්ථාවේදී, දින 52 කුමන්ත්‍රණය අවස්ථාවේදී, 20වැනි සංශෝධනය සම්මත කර ගන්නා අවස්ථාවේදී, මන්ත්‍රීවරු එහෙට මෙහෙට අලෙවි වුණු ඉතිහාසයක් තිබෙනවා. ගම්වල තේක්ක ගහට වට අඩි ගණන කියනවා වගේ මන්ත්‍රීවරු විකිණෙනවා. මා හිතනවා මේකත් එහෙමයි කියලා. කාටහරි නෑ කියන්න පුළුවන්. ඒකත් මා බාර ගන්නවා. (බාධා කිරීම්) මේක මගේ අදහස. මෙහෙම කලබල වෙන බවත් මා දන්නවා. මේ කරුණ මෙතන කියන්නේ නැත්නම්, කොතනද කියන්නේ. ගමට ගිහිල්ලා මංසන්ධිවල කියලා වැඩක් නැහැ. මේ අයගේ මූණටම මේක ප්‍රකාශයට පත්කළ යුතුයි. එවැනි අශිෂ්ටභාවය පත්ව තිබෙන පාර්ලිමේන්තුවක් මේක. මේ පාර්ලිමේන්තුවේ ඉතිහාසය එවැනි අශිෂ්ටභාවයට පත්වී තිබෙනවා. එවැනි අශිෂ්ට මිනිසුන්ගෙන් මේ පාර්ලිමේන්තුව පිරී තිබෙනවා. එම අශිෂ්ටභාවයේ පිළිබිඹු මෙම මැතිවරණයේදී සිදු නොවුණා කියා මා විශ්වාස කරන්නේ නැහැ.
ඒ බව මා සනිටුහන් කරන්නේ එය ඉතිහාසයට ඇතුළත් විය යුතු කරුණක් ලෙස මා පිළිගන්නා නිසයි. අවශ්‍ය කෙනෙක් මගේ අදහස ප්‍රතික්ෂේප කරන්න. නමුත් මා එය කිසිසේත්ම ප්‍රතික්ෂේප නොකරන අදහසක්. මේ පාර්ලිමේන්තුව තවදුරටත් ජනතාවගේ කැමැත්තේ සාධාරණ පිළිබිඹුවක් නෙමෙයි. මේ පාර්ලිමේන්තුව තුළ තිබෙන්නේ ජනතාවගේ කැමැත්තේ විකෘති පිළිබිඹුවක්. ඒ නිසා මේ පාර්ලිමේන්තුව තුළ ගොඩනැගෙන කවර වර්ගයක හෝ ආණ්ඩුවකට දීර්ඝ කාලයක් රට පාලනය කරන්න සුජාතභාවයක් තිබේවි කියලා මා විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා ඉතා ඉක්මණින් නව ජනවරමකට අවස්ථාවක් ලබාදිය යුතුයි කියන ස්ථාවරයේ ඉඳිමින් මා නතර වෙනවා.
First of all, I congratulate the newly elected president. May his duties be performed well for the sake of the country and its people. A critical opposition shows signs of emerging in this parliament now. This election result shows a determination and a desire to intervene actively in that direction. We are ready to accept […]
First of all, I congratulate the newly elected president. May his duties be performed well for the sake of the country and its people. A critical opposition shows signs of emerging in this parliament now. This election result shows a determination and a desire to intervene actively in that direction. We are ready to accept that challenge.
These candidates are an interesting combination. Leader of the SJB proposed the Treasurer of SLPP. It was seconded by Hon MP G.L. Pieris and therefore, it is generally called as the Chairman’s team of SLPP. The leader of the UNP was proposed by Hon MP Dinesh Gunawardena, who is Ranil Wickramasinghe’s school friend and comes from an old left-wing family. It is called as the Secretary’s team of SLPP. We know that the secretary is haunted by a ghost. This is politics.
The election was between these two camps. I competed based on our unique values. I do not consider this to be an unexpected result that would surprise me. This is the nature of the composition of the Parliament of our country today. What really exists in society today is not the composition shown in these numbers. If anyone thinks that a reflection of the fair will of the people has appeared in this Parliament, it is a complete myth. This parliament reflects a distortion of the will of the people. A big contradiction has been created between the people outside and this chamber. So I do not expect anything more from this parliament.
As soon as this situation arose, we met all the political groups. It was suggested that we choose two people who are not involved in the upcoming political power project for the posts of President and Prime Minister. The name of the Speaker was also suggested. For the post of Prime Minister, the name of Hon MP Sumanthiran was suggested. In a crisis like this, it could have signalled a great example for our country. I must also mention that the Hon MP Rauff Hakeem, suggested that these two positions be given to two women representing this Parliament. Except in a crisis like this, it is not possible to create such exemplary and transformative opportunities. If these positions could have been given to a MP who had no future political ambition and a MP who represents the North, think how much respect and trust in this Parliament could be built within the country? As suggested by Hon MP Rauff Hakeem, if two women could have been appointed for these two positions, we were fully in favor of it. What an example would it have been for this country? We declared that we are ready to accept ministerial posts and responsibilities in such a government.
Also, there was a condition that the interim government should be valid only for a short period of time. Why did we make such a proposal? What has happened to the country today? The country has faced a major disaster. People die in queues. There is a crisis of lack of milk powder for children. The farmers are looking at the field and lamenting. Fishermen live anxiously watching the boats. The young generation is hopeless about the future. People are worried about what will happen to their children’s education. In such a situation, a great opportunity arose for the Parliament to administer the country for a short period of time through giving the two top positions to two persons who signal a willingness to transform existing politics and also a joint cabinet.
There were two points in our proposal. If that proposal became a reality, we were of the viewthat the cabinet should be limited to ten ministerial positions. Hon MP Sumanthiran had prepared those ten ministerial posts. Also, there was a suggestion that the period should be limited. That proposal with these basic points was defeated. We attempted to generate results, transformative examples, and interventions in the face of this situation, but that effort has now failed. After that, I presented myself as a candidate based on our policies, identity, and our campaign. I knew that this would be the result. It is not surprising at all. Many controversial events have taken place in this chamber. The TNA announced their support to Hon MP Dallas Alahapperuma. And it was announced that there are ten parties in that group. It was stated that there is another group that is independent. It was announced that the SLFP is also there. SJB also announced their spport. Looking at it, I think that the number of teams can exceed 113.
But have those members and groups remained with thosedecision? Are those decisions not only based on policy? I believe that those decisions are not based only on policy matters. At the most critical moments in the history of this parliament, during the 18th Amendment, during the 52-day coup, when the 20th Amendment was adopted, there is a history of MPs being sold here and there. Members of Parliament are sold like teak trees in villages. I think this time too it is the same. Someone can say no. I accept that too. (Interruptions) This is my opinion. I know you will be furious. If this fact is not said here, where can it be said? There is no point in going to a village and saying this at a crossroad. This should be said in front of these people. This is a parliament where such indecency has become the norm. The history of this parliament is such. This parliament is full of such indecent people. I do not believe that the reflection of that indecency did not influence this election.
I mark that because I accept it as a fact that should be recorded in history. Anyone who wants, can reject my idea. But I do not reject it. This parliament is no longer a fair reflection of the will of the people. In this parliament there is a distorted reflection of the will of the people. Therefore, I do not believe that any type of government formed in this parliament will have the legitimacy to rule the country for a long time. I will stop, reiterating our position that a new people’s mandate should be given a chance very soon.
தேசிய மக்கள் சக்தியின் பாராளுமன்ற உறுப்பினர் அநுர திசாநாயக்க (2022.07.20) புதிதாக தெரிவுசெய்யப்பட்ட புதிய ஜனாதிபதிக்கு நான் முதலில் வாழ்த்துக்களை தெரிவித்துக் கொள்கிறேன். நாட்டுக்காகவும் நாட்டு மக்களுக்காகவும் அவரது பணிகளை முறைப்படி ஈடேற்ற வாய்ப்பு கிடைக்கட்டுமாக என வாழ்த்துகிறேன். பாராளுமன்றத்தின் ஒருவிதமான பலம்பொருந்திய ஒன்றுக்கொன்று முரணான அரசியல் பாசறை உருவாகி இருக்கின்றது. அந்த பாசறையுடன் கருத்தியல்ரீதியான செயற்பாட்டினை மாற்றியமைப்பதற்காக இடையீடு செய்யவேண்டுமென்ற திடசங்கற்பத்தையும் தேவையையும் இந்த வாக்கெடுப்பின் பெறுபேறுகள் சுட்டிக்காட்டுகின்றன. அந்த சவாலை ஏற்றுக்கொள்ளத் தயார். இந்த […]
தேசிய மக்கள் சக்தியின் பாராளுமன்ற உறுப்பினர் அநுர திசாநாயக்க
(2022.07.20)
புதிதாக தெரிவுசெய்யப்பட்ட புதிய ஜனாதிபதிக்கு நான் முதலில் வாழ்த்துக்களை தெரிவித்துக் கொள்கிறேன். நாட்டுக்காகவும் நாட்டு மக்களுக்காகவும் அவரது பணிகளை முறைப்படி ஈடேற்ற வாய்ப்பு கிடைக்கட்டுமாக என வாழ்த்துகிறேன். பாராளுமன்றத்தின் ஒருவிதமான பலம்பொருந்திய ஒன்றுக்கொன்று முரணான அரசியல் பாசறை உருவாகி இருக்கின்றது. அந்த பாசறையுடன் கருத்தியல்ரீதியான செயற்பாட்டினை மாற்றியமைப்பதற்காக இடையீடு செய்யவேண்டுமென்ற திடசங்கற்பத்தையும் தேவையையும் இந்த வாக்கெடுப்பின் பெறுபேறுகள் சுட்டிக்காட்டுகின்றன. அந்த சவாலை ஏற்றுக்கொள்ளத் தயார்.
இந்த வேட்பாளர்கள் ஒரு விசித்திரமான கலவையாகும். ஐமச தலைவரால் மொட்டின் பொருளாளர் முன்மொழியப்படுகிறார். அதை ஜீ.எல். அவர்கள் வழிமொழிந்தமையால் மொட்டின் தலைவர் அணி என பொதுவாக கூறப்படுகின்றது. ரனில் விக்கிரமசிங்கவின் பாடசாலை நண்பனான பழைய இடதுசாரி குடும்பத்திலிருந்து விளங்கி வருகின்ற தினேஷ் குணவர்தன அவர்களின் முன்மொழிவின்படி ஐக்கிய தேசிய கட்சியின் தலைவர் முன்மொழியப்படுகிறார். அது மொட்டின் செயலாளரது அணியைப் போன்றது. செயலாளர் மீது ஏதேனும் வேதாளம் ஏறியுள்ளதுபோல் நாங்கள் காண்கிறோம். அதுதான் அரசியல்.
அந்த இரண்டு பாசறைகளுக்குமிடையில் வாக்கெடுப்பு நடைபெற்றது. நான் எமக்கே தனித்துவமான எமது கொள்கைகளை மையமாகக்கொண்டு போட்டியிட்டேன். இது எவ்விதத்திலும் நான் திகைப்படைகின்ற எதிர்பாராத பெறுபேறு எனக் கருதப்போவதில்லை. இன்று எமது நாட்டின் பாராளுமன்றத்தின் உள்ளடக்கத்தின் இயல்பு இதுதான். இன்று உண்மையாகவே மண்ணில் நிலவுவது இந்த எண்களுக்குள் சுட்டிக்காட்டப்படுகின்ற உள்ளடக்கமன்று. மக்களின் நியாயமான விருப்பத்தின் பிரதிபலிப்பு இந்த பாராளுமன்றத்தில் வெளிப்பட்டதென எவராவது கூறுவார்களாயின் அது முற்றாகவே ஒரு மாயையாகும். இந்த பாராளுமன்றத்தில் சுட்டிக்காட்டப்பட்டுள்ளது மக்களின் விருப்பத்தின் திரிபுநிலையின் பிரதிபலிப்பாகும். வெளியிலுள்ள மக்களுக்கும் இந்த சபையில் இருக்கின்ற உங்களுக்கும் இடையில் பாரிய முரண்பாட்டுநிலை உருவாகி இருக்கின்றது. ஆனால் இதைவிட எதையுமே நான் இந்த பாராளுமன்றத்தில் இருந்து எதிர்பார்ப்பதில்லை.
இந்த நிலைமை தோன்றியதும் உடனடியாக நாங்கள் அனைத்து அரசியல் குழுக்களையும் சந்தித்தோம். சனாதிபதி பதவி, பிரதமர் பதவிக்காக எதிர்கால அரசியல் அதிகாரக் கருத்திட்டத்துடன் தொடர்பற்ற இருவரை தெரிவுசெய்வோமென முன்மொழிந்தோம். ஒருதடவை சபாநாயகரின் பெயரும் முன்மொழியப்பட்டது. பிரதமர் பதவிக்காக வடக்கைச்சேர்ந்த பாராளுமன்ற உறுப்பினர் சுமந்திரமனின் பெயர் முன்மொழியப்பட்டது. இத்தகைய நெருக்கடியின்போது அது எமது நாட்டுக்கு எடுக்கக்கூடிய சிறந்த முன்மாதிரியாக அமைந்திருக்கும். மதிப்பளிக்கும் வகையில் கௌரவ பாராளுமன்ற உறுப்பினர் றஊப் ஹக்கீம் அவர்களுடன் மேற்கொண்ட பேச்சுவார்த்தையின்போது இந்த இரண்டு பதவிகளையும் பாராளுமன்றத்தைப் பிரதிநிதித்துவம் செய்கின்ற பெண்கள் இருவருக்கு வழங்க முன்மொழியப்பட்டது. அவ்வாறான ஒரு நெருக்கடியின்போது அல்லாமல் இத்தகைய முன்மாதிரியான பொறுப்பினைக்கொண்ட ஒரு வாய்ப்பினை பொதுத்தேர்தலின்போது உருவாக்கிவிட முடியாது. எதிர்கால அரசியல் நோக்கமற்ற மற்றும் ஒரு பதவியை வடக்கின் அரசியலை பிரதிநிதித்துவம் செய்கின்ற பாராளுமன்ற உறுப்பினரொருவருக்கு வழங்க முடியுமானால் இந்த சபை பற்றி நாட்டில் உருவாகின்ற நன்மதிப்பும் நம்பிக்கையும் எப்படிப்பட்டதாக அமையும்? பாராளுமன்ற உறுப்பினர் றஊப் ஹக்கீம் முன்மொழிந்தவாறு இந்த இரண்டு பதவிகளுக்காகவும் பெண்கள் இருவரை நியமித்துக்கொள்ள இயலுமானதாக அமைந்திருந்தால் நாங்கள் அதற்கு முழுமையாகவே ஆதரவுடையவர்களாக இருந்திருப்போம். அது இந்த நாட்டுக்கு எவ்வளவு முன்மாதிரியாக அமைந்திருக்கும்? எதிர்கால அதிகாரக் கருத்திட்டத்துடன் தொடர்பற்ற அத்தகைய அரசாங்கமொன்றின் அமைச்சர் பதவியையும் பொறுப்பினையும் ஏற்றுக்கொள்ள தயார் என்பதை நாங்கள் கூறினோம்.
அதைப்போலவே இடைக்கால ஆட்சி குறுகிய காலத்திற்காக மாத்திரம் வலுவுடையதாக அமையவேண்டுமென்ற நிபந்தனை இருந்தது. நாங்கள் ஏன் அத்தகைய முன்மொழிவினை செய்தோம்? இன்று நாடு கூறுவதென்ன? நாடு பாரிய அனர்த்தத்திற்கு இலக்காகி உள்ளது. மக்கள் வரிசைகளில் மடிகிறார்கள். பிள்ளைகளுக்கு பால் மா கிடைக்காத நெருக்கடி நிலவுகின்றது. கமக்காரர்கள் வயல்களைப் பார்த்து பெருமூச்சு விட்டுக்கொண்டிருக்கிறார்கள். மீனவர்கள் படகுகளைப் பார்த்துக்கொண்டு கவலையுடன் வசிக்கிறார்கள். இளைஞர் தலைமுறையினர் எதிர்காலம் பற்றிய எதிர்பார்ப்பு சிதைந்த நிலையில் இருக்கிறார்கள். பிள்ளைகளின் கல்விக்கு என்ன கதி நேரிடுமென வேதனையுடன் இருக்கிறார்கள். அத்தகைய தருணமொன்றில் உயர் பதவிகள் இரண்டும் எதிர்கால அதிகாரக் கருத்திட்டங்களற்ற மற்றும் ஒருங்கிணைந்த அமைச்சரவை மூலமாக குறுகிய காலமொன்றுக்காக நாட்டை ஆட்சிசெய்வதற்கான அளப்பரிய வாய்ப்பு பாராளுமன்றத்திற்கு உருவாகியது.
எமது அந்த முன்மொழிவில் இரண்டு விடயங்கள் பொதிந்திருந்தன. அந்த முன்மொழிவு யதார்த்தமாக மாறுமாயின் அமைச்சரவை பத்து பேருக்கு மட்டுப்பட்டதாக அமையவேண்டுமென்ற நிலைப்பாட்டில் நாங்கள் இருந்தோம். கௌரவ பாராளுமன்ற உறுப்பினர் சுமந்திரன் அவர்களால் அந்த பத்து அமைச்சர் பதவிகளும் தயாரிக்கப்பட்டிருந்தன. அதைப்போலவே காலவரையறை இருக்வேண்டுமென்ற முன்மொழிவும் இருந்தது. இந்த அடிப்படை உட்பொருளைக்கொண்ட முன்மொழிவு தோல்வியடைந்தது. அந்த முன்மொழிவு தோல்வியடைந்ததும் உருவாகியுள்ள இந்த நிலைமையின் மத்தியில் பெற்றுக்கொள்ளக்கூடிய உன்னதமான பெறுபேறு, உன்னதமான முன்மாதிரி, உன்னதமான இடையீட்டினை இந்த பாராளுமன்றத்தில் பிறப்பிக்க முயற்சிசெய்தாலும் அது தோல்வியடைந்தது. அதன்பின்னர் எமது கொள்கை, அடையாளம், எங்கள் வேலைத்திட்டத்தை அடிப்படையாகக்கொண்டதாக நான் வேட்பாளராக முன்வந்தேன். அவ்வாறு முன்வந்த வேளையிலேயே அதன் பெறுபேறு என்னவென்பதை நான் அறிந்திருந்தேன். அது ஒருபோதும் திகைப்படையச் செய்விக்கின்ற பெறுபேறு அல்ல. பாரிய பரபரப்பை ஏற்படுத்த ஏதுவாக அமைகின்ற பல சம்பவங்கள் இந்த சபாமண்டபத்தில் இடம்பெற்றுள்ளன. தமிழ் தேசிய கூட்டமைப்பும் கௌரவ பாராளுமன்ற உறுப்பினர் டலஸ் அலகப்பெருமவின் அணியாக வெளிப்பட்டது. அதைப்போலவே அந்த அணியில் பத்து கட்சிகள் இருப்பதாக வெளிபடுத்தப்பட்டது. ஸ்ரீலங்கா சதந்திரக் கட்சியும் இருப்பதாக வெளிப்படுத்தப்பட்டது. ஐமச அவ்வாறு வெளிப்படுத்தியது. பார்த்தால் குழுக்களின் அளவிலேயே 113 ஐ விஞ்சி செல்லக்கூடியதாக இருக்குமென நினைக்கத் தோன்றுகின்றது.
ஆனால் அவ்வாறு வெளிப்படுத்தியவற்றுக்குள் இந்த அங்கத்தவர்களும் குழுக்களும் அந்த முடிவிலேயே இருக்கிறார்களா? அந்த முடிவிலேயே தங்கியிராதது கொள்கைரீதியான விடயங்களின் பேரில் மாத்திரமா? அந்த முடிவுகளில் தங்கியிராமல் இருப்பது கொள்கைரீதியான விடயங்களின்பேரில் மாத்திரமல்ல என நான் நம்புகிறேன். இந்த பாராளுமன்ற வரலாற்றில் மிகவும் தீர்வுக்கட்டமான சந்தர்ப்பங்களில், 18 வது திருத்தத்தின்போது, 52 நாட்கள் சூழ்ச்சி நடைபெற்ற தருணத்தில், 20 வது திருத்தம் நிறைவேற்றப்பட்ட சந்தர்ப்பத்தில் பாராளுமன்ற உறுப்பினர்கள் அங்குமிங்கும் விலைபோன வரலாறு இருக்கின்றது. ஊர்களில் தேக்கு மரத்தின் சுற்றளவுக்கு அமைய விலை கூறுவதைப்போல் பாராளுமன்ற உறுப்பினர்கள் விற்கப்படுகிறார்கள். இதுவும் அப்படித்தான் என நான் நினைக்கிறேன். யாராவது இல்லையெனக் கூறலாம். அதையும் நான் ஏற்றுக்கொள்கிறேன். (குறுக்கீடு) இது என்னுடைய கருத்து. இவ்விதமாக பதற்றமடைவார்கள் என்பதையும் நான் அறிவேன். இந்த விடயத்தை இங்கு கூறாவிட்டால் வேறு எங்கு கூறுவது? ஊருக்குப்போய் சந்திதோறும் கூறுவதில் பலனில்லை. இவர்களுக்கு முகத்திற்கே இதனைக் கூறவேண்டும். அத்தகைய அநாகரிகமான நிலையை அடைந்துள்ள பாராளுமன்றமே இது. இந்த பாராளுமன்றத்தின் வரலாறு அத்தகைய அநாகரிகமான நிலையை அடைந்துள்ளது. அத்தகைய அநாகரிகமான மனிதர்களால் இந்த பாராளுமன்றம் நிறைந்துள்ளது. அந்த அநாகரிகத்தின் பிரதிபலிப்பு இந்த பாராளுமன்றத்தில் இடம்பெறவில்லை என நான் நம்பப்போவதில்லை.
அது வரலாற்றில் குறிக்கப்படவேண்டிய விடயமென நான் ஏற்றுக்கொள்வதாலேயே அதனை நான் குறிப்பிடுகிறேன். தேவையானவர்கள் எனது கருத்தினை நிராகரியுங்கள். ஆனால் நான் எவ்விதத்திலும் அதனை நிராகரிக்கப் போவதில்லை. இந்தப் பாராளுமன்றம் இனிமேலும் மக்களின் விருப்பத்தின் நியாயமான பிரதிபலிப்பு அல்ல. இந்த பாராளுமன்றத்தில் நிலவுவது மக்கள் விருப்பத்தின் திரிபுநிலையின் பிரதிபலிப்பாகும். அதனால் இந்த பாராளுமன்றத்தில் கட்டியெழுப்பப்படுகின்ற எந்தவொரு வகையைச் சேர்ந்த அரசாங்கத்திற்கும் நீண்டகாலம் நாட்டை ஆட்சிசெய்வதற்கான பரிசுத்தமான தன்மை இருக்குமென நான் நம்பப்போவதில்லை. எனவே வெகுவிரைவில் புதிய மக்கள் ஆணைக்கு வாய்ப்பினை வழங்கவேண்டுமென்ற நிலைப்பாட்டில் இருந்துகொண்டு நான் முடித்துக்கொள்கிறேன்.
கோட்டாபய ராஜபக்ஸவை முதன்மையாகக்கொண்ட ராஜபக்ஸ ஆட்சிக்க முற்றுப்புள்ளி வைப்பதற்காக பாரிய ஊக்கமுள்ள மக்கள் எழுச்சி தோன்றியது. அடையாளரீதியாக நிலவியது ராஜபக்ஸ ஆட்சிக்க எதிரானதாக அமைந்தபோதிலும் அதன் சாரம் பொருளாதமார, அரசியல், சமூக மாற்றமொன்றின் தேவையாகும். இதுவரை நடைமுறைப்படுத்தப்பட்ட அரசியல் கலாசாரத்தையும் பொருளாதார முறையையம் மாற்றியமைக்கவேண்டிய தேவையை ஈடேற்றுவதற்காக சனாதிபதி பதவி வெற்றிடமாகிய நாளில் இருந்து நாங்கள் இயங்கி வந்தோம். அதற்காக சனாதிபதியும் பிரதமரும் எதிர்கால அரசியல் அதிகாரக் கருத்திட்டமற்ற இருவராக அமையவேண்டுமெனவும் சர்வகட்சி அரசாங்கமொன்று திட்டவட்டமான காலப்பகுதிக்காக […]
கோட்டாபய ராஜபக்ஸவை முதன்மையாகக்கொண்ட ராஜபக்ஸ ஆட்சிக்க முற்றுப்புள்ளி வைப்பதற்காக பாரிய ஊக்கமுள்ள மக்கள் எழுச்சி தோன்றியது. அடையாளரீதியாக நிலவியது ராஜபக்ஸ ஆட்சிக்க எதிரானதாக அமைந்தபோதிலும் அதன் சாரம் பொருளாதமார, அரசியல், சமூக மாற்றமொன்றின் தேவையாகும். இதுவரை நடைமுறைப்படுத்தப்பட்ட அரசியல் கலாசாரத்தையும் பொருளாதார முறையையம் மாற்றியமைக்கவேண்டிய தேவையை ஈடேற்றுவதற்காக சனாதிபதி பதவி வெற்றிடமாகிய நாளில் இருந்து நாங்கள் இயங்கி வந்தோம். அதற்காக சனாதிபதியும் பிரதமரும் எதிர்கால அரசியல் அதிகாரக் கருத்திட்டமற்ற இருவராக அமையவேண்டுமெனவும் சர்வகட்சி அரசாங்கமொன்று திட்டவட்டமான காலப்பகுதிக்காக நிறுவப்பட வேண்டுமெனவும் வலியுறுத்தினோம். அதன் பின்னர் குறுகிய காலத்தில் பொதுத் தேர்தலை நடாத்தி மக்களின் அபிலாசைகளை பிரதிநிதித்துவம் செய்கின்ற உறுதியான அரசாங்கமொன்றை நிறுவி நாட்டைக் கட்டியெழுப்ப வேண்டுமென்ற நிலைப்பாட்டில் நாங்கள் இருக்கிறோம். எதிர்கால அதிகாரக் கருத்திட்டமொன்று இல்லாத இருவர் சனாதிபதி மற்றும் பிரதமராக நியமிக்கப்படவேண்டுமென அதனாலேயே வலியுறுத்தினோம். ஓர் எண்ணக்கரு என்றவகையில் எமது அந்த முன்மொழிவினை பெரும்பாலானவர்கள் ஏற்றுக்கொண்டாலும் இறுதியில் அதிகாரப் பாசறைகளை பிரதிநிதித்துவம் செய்கின்ற தரவுகள் உருவாகின. அந்த சரியான வழிமுறை இன்றளவில் ஒதுக்கிவிடப்பட்டு பாராளுமன்றத்தில் சனாதிபதியொருவரைத் தெரிவுசெய்ய வேட்புமனுக்கள் சமர்ப்பிக்கப்பட்டுள்ளன.
ராஜபக்ஸ பாசறையை பாதுகாக்கின்ற அதனை பிரதிநிதித்துவம் செய்கின்ற ரனில் விக்கிரமசிங்கவும் அந்த பாசறையில் இருந்து விலகிய கூட்டத்தை தன்னைச் சுற்றி தொகுத்துக்கொண்ட டலஸ் அலகப்பெருமவும் வேட்பு மனுக்களை சமர்ப்பித்துள்ளார்கள். நாங்கள் நல்லெண்ணத்துடன் முன்வைத்த முன்மொழிவினை இந்த பாராளுமன்றத்தில் யதார்த்தமாக மாற்றிக்கொள்ள முடியவில்லை. தற்போதுள்ள நிலைமையின்படி சனாதிபதியாக நியமிக்கப்படுகின்ற எவராயினும் எமது நாட்டு மக்கள் எதிர்நோக்கியுள்ள மிகவும் சிரமமான தருணம் பற்றிக் கவனம் செலுத்தவேண்டும். எமது முன்மொழிவு பிரதி அல்லது இராஜாங்க அமைச்சர் பதவிகளின்றி அமைச்சர்கள் பத்து பேரைக்கொண்ட அமைச்சரவையை நிறுவுவதாகும். மட்டுப்படுத்தப்பட்ட பணிகளுக்காக கட்டியெழுப்பப்படுகின்ற இடைக்கால அரசாங்கத்திற்கு அந்த அமைச்சரவை போதுமானது. பாராளுமன்றத்திற்க இன்னும் மூன்று வருட பதவிக்காலம் இருந்தாலும் அந்த முழுமையான காலப்பகுதி பூராவிலும் அதனை முன்டநோக்கித் தள்ளிச்செல்ல எவருக்குமே உரிமை கிடையாது. அதனால் தொடங்குகின்ற திகதியையும் முடிவடைகின்ற திகதியையும் திட்டவட்டமாக நாட்டக்கு வெளிப்படுத்துகின்ற இடைக்கால அரசாங்கமொன்று நிறுவப்பட வேண்டும். ரனில் விக்கிரமசிங்கவோ டலஸ் அலகப்பெருமவோஇடைக்கால அரசாங்கமொன்றை நிறுவுதல் பற்றி இன்னமும் நாட்டுக்கு வெளிப்படுத்தவில்லை. அவர்கள் அதனை வெளிப்படுத்தினால் மூன்று வருடங்கள் பாராளுமன்றத்தில் இருப்பதற்கான எதிர்பார்ப்புடன் இருக்கின்ற எந்தவொரு பாராளுமன்ற உறுப்பினரும் வாக்களிக்க மாட்டார்கள். ஆனால் நான் வலியுறுத்துவது குறுங்கால, இடைக்கால அரசாங்கம் நிறுவப்படவேண்டுமென்தாகும். மக்களின் அபிப்பிராயத்திற்கும் பாராளுமன்றத்தின் பிரதிநிதித்துவத்திற்கும் இடையில் பாரிய இடைவெளி நிலவுகின்றது.
இடைக்கால அரசாங்கத்தின் காலப்பகுதிக்குள் சனாதிபதி, பிரதமர், அமைச்சர்கள் அல்லது கூட்டுத்தாபனங்களின், சபைகளின் தலைவர்கள் மற்றும் பணிப்பாளர் சபைக்காக உரிய அடிப்படை சம்பளத்தைவிட எந்தவிதமான அவாநிறைவும் சிறப்புரிமையும் வழங்கப்படலாகாது. இந்த கொள்கைக்குப் பதிலாக ரனில் விக்கிரமசிங்க ஒருசில பாராளுமன்ற உறுப்பினர்களுக்கு நட்டஈடு செலுத்தவும் தயாராகி உள்ளார். அடுத்ததாக பாராளுமன்றத்தில் மண்டைகளால் மாத்திரம் நிரம்பிய உள்ளடக்கமாக அமையாமல் மக்களின் போராட்டத்தை தொடங்கிய தொழிற்சங்க இயக்கம், பொதுமக்கள் மற்றும் இறுதியில் கோல்பேஸ் மைதானத்தில் அடையாளரீதியாக குவிந்துள்ள போராட்டக்காரர்களுக்கு மேற்பதார்வைப் பொறியமைப்பில் இடையீடு செய்வதற்கான வாய்ப்பு வழங்கப்படவேண்டும். எந்த சனாதிபதியை நியமித்துக்கொண்டாலும் அது அவசியமாகும். அதைப்போலவே கட்டியெழுப்பப்படுகின்ற அரசாங்கம் மிகவும் குறுகிய காலத்திற்குள் எண்ணெய், கேஸ், பால் மா போன்ற அத்தியாவசிய பண்டங்களை இடையறாமல் வழங்க நடவடிக்கை எடுக்கவேண்டும். அதைப்போலவே தொழில்களை இழந்தமையாலும் பாரியளவில் பண்டங்களின் விலைகள் அதிகரித்தமையால் தமது உணவுவேளையை நிவர்த்திசெய்துகொள்ள முடியாமல் இருக்கின்ற மக்கள் சமுதாயத்திற்கு தமது வாழ்க்கையைப் பேணிவருவதற்கான நியாயமான கொடுப்பனவு வழங்கப்படவேண்டும்.
சீரழிந்துள்ள கைத்தொழில்கள், சுற்றுலாத் தொழிற்றுறை, பாடசாலைகள், அரசாங்க அலுவலகங்கள், பொதுப்போக்குவரத்து மீள்நிறுவப்படவேண்டும். மக்களின் போராட்டத்திற்குள் இந்த தேவைகள் பொதிந்திருந்தன. அதிகாரத்திற்கு வந்த ஆட்சியாளர்கள் இந்த தேவைகளை ஈடேற்றவேண்டும். ஆனால் இப்போதும மொட்டுக்கட்சியின் தலைவர் வழிமொழிந்த ரனில் விக்கிரமசிங்கவோ அல்லது ஐக்கிய மக்கள் சக்தியின் தலைவரால் முன்மொழியப்பட்ட மொட்டுக் கட்சியின் பொருளாளர் டலஸ் அலகம்பெருமவோ இந்த எதிர்பார்ப்புகளை ஈடேற்றுவார்களென்ற எந்தவிதமான நம்பிக்கையும் கிடையாது. இறுதியில் மொட்டுக்கட்சியால் ஐதேக தலைவர் முன்வைக்கப்பட்டு ஐக்கிய மக்கள் சக்தியால் மொட்டுக்கட்சியின் பொருளாளர் முன்வைத்த திரிபுநிலை காணப்படுகின்றது. அவர்கள் மக்களின் வாழ்க்கையை மீண்டும் இயல்புநிலைக்கு கொண்டுவரமாட்டார்கள். குறுங்கால அரசாங்கத்தில் சனநாயகத்தைப் பலப்படுத்துதல், அடிப்படை மனித உரிமைகளைப் உறுதிப்படுத்துதலை உள்ளிட்ட அடிப்படைத் திருத்தங்கள் ஆறுமாத காலப்பகுதிக்குள் அங்கிகரிக்கப்படல் வேண்டும். கோல்பேஸ் மைதானத்திலும் நாடு பூராவிலும் குரலெழுபபிய மோசடி, ஊழல்களைப் புரிந்தஅனைவருக்கும் எதிராக நியாயமான வழக்கு விசாரணை நடாத்தி அவர்கள் கையகப்படுத்திய செல்வத்தை மீண்டும் நாட்டுக்குப் பெற்றுக்கொள்ளவேண்டும். இது சம்பந்தமாக எதுவுமே ரனில் விக்கிரமசிங்கவோ அல்லது டலஸ் அலகப்பெருமவோ நாட்டுக்கு எந்தவிதமான கூற்றினையும் வெளியிடவில்லை. மோசடிப் பேர்வழிகளுக்கு தண்டனை வழங்குவதாக ரனில் விக்கிரமசிங்க கூறினால் பிரசன்ன ரணதுங்க போன்றவர்களின் வாக்குகள் கிடைக்கமாட்டாது. டலஸ் அலகப்பெரும அதனைக்கூறினால் சஜித்தின்’ வாக்கு கிடைக்கமாட்டாது.
மோசடியால் ஊழல் மூலமாக கொள்ளையடித்த மக்கள் செல்வத்தை மீண்டும் கையகப்படுத்திக் கொள்கின்ற செயற்பாங்கினை சீக்கிரமாக ஆரம்பித்து நிறைவுசெய்யவேண்டும். ஏற்கெனவே அதற்காக மேற்கொள்ளப்பட்டுவருகின்ற விசாரணைகளையும் வழக்கு விசாரணைகளையும் துரிதப்படுத்தி இன்றளவிலும் பரபரப்பினை ஏற்படுத்த ஏதுவாக அமைந்துள்ள வாபஸ் பெறப்பட்டுள்ளவழக்குகள் சம்பந்தமாக மீண்டும் வழக்குத் தொடரவேண்டும். சட்டத்துறை தலைமை அதிபதி , இலஞ்சம் அல்லது ஊழல் ஆணைக்குழு கையெழுத்து சம்பந்தமான தொழில்நுட்ப விடயங்கள் போன்ற காரணங்களாலேயே வாபஸ் பெறப்பட்டிருந்தன. அரசியல் அதிகாரத்தின் இடையீட்டினால் மூடிமறைக்கப்பட்டுள்ள விசாரணைகளை துரிதப்படுத்தவேண்டும். எயார் லங்கா கொடுக்கல் வாங்கல், மத்திய வங்கியின் பணத்தை ஐக்கிய அமெரிக்காவின் பிரதிநிதிகளுக்கு வழங்குதல், தூதுவர் அலுகலக கொள்வனவின்போது இலஞ்சம் பெறல் போன்ற விடயங்கள் பல்வேறு நீதிமன்றங்களில் வெளிவந்துள்ளது. பன்டோறா ஆவணங்கள் மூலமாக வெளிவந்துள்ளன. சர்வதேசத்தின் மத்தியில்கூட உறுதியாகியுள்ள நிதிசார் மோசடிகள் சம்பந்தமாக இந்த நாட்டில் செயலாற்ற நாங்கள் அழுத்தம் கொடுக்கவேண்டும். இலஞ்சம், ஊழலை குறைப்பதற்காக புதிய சட்டங்களை அறிமுகஞ்செய்யவும் நிலவுகின்ற சட்டங்களை பலப்படுத்தவும் நாங்கள் நடவடிக்கை எடுப்போம். எமது நாட்டிலிருந்து கடத்திச்சென்று சர்வதேசரீதியாக ஒளித்துவைத்துள்ள பணத்தை மீண்டும் கையகப்படுத்திக்கொள்ள சர்வதேசத்தின் ஒத்துழைப்பினை பெற்றுக்கொள்வோம். இந்த விடயங்களை ஈடேற்றிக்கொள்ள எமது நாட்டு மக்களின் விருப்பத்துடன் நியாயமான பிரதிபலிப்பினைக்கொண்ட பாராளுமன்றமொன்று தெரிவுசெய்யப்படவேண்டும். மிகவும் சீக்கிரமாக அதற்கான இடவசதியைப் பெற்றுக்கொள்ன மக்களுக்கு புனிதமான உரிமை இருக்கின்றது.
இந்த அடிப்படை விடயங்களை ஈடேற்றிக் கொள்கின்ற அறுமாதகால உச்சவரம்பிற்கு கட்டுப்பட்ட இடைக்கால ஆட்சியொன்றை நிறுவுவது எமது முன்மொழிவாகும். நாளை வாக்கெடுப்பு நடாத்தப்படுவதற்கு முன்னர் இந்த வாக்குறுதியை வழங்குமாறு ரனில் விக்கிரமசிங்கவிற்கும் டலஸ் அலகப்பெருமவிற்கும் சவால் விடுக்கிறோம். இந்த இருவரும் பாராளுமன்றத்தின் பதவிக்காலம் அல்லது இடைக்கால ஆட்சி பற்றி எவருமே கூறுவதில்லை. தமது அதிகாரத்திற்காக மக்களின் உண்மையாக அபிலாசைகளை கீழடக்குகின்ற கும்பல் என்பதே அதன் மூலமாக தெளிவாகின்றது. அதனால் மக்களின் உண்மையான அபிலாசைகளை பிரதிநிதித்துவம் செய்து நாங்கள் சனாதிபதி பதவிக்காக போட்டியிடுகிறோம். நாங்கள் சிறிய குழுவாக இருப்பினும் இத்தருணத்தில் கொழுந்துவிட்டெரிகின்ற வேதனைகளையும் அபிலாசைகளையும் நாங்கள் பிரதிநிதித்துவம் செய்கிறோம். நாங்கள் மீண்டும் மீண்டும் மக்களின் இந்த அபிலாசைகளுக்காக பாராளுமன்றத்திலும் அதற்கு வெளியிலும் போராடிக்கொண்டு முன்நோக்கி நகர்வோம்.