Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

යහපත් අනාගතයක් තිබෙන සුන්දර ශ්‍රී ලංකාවක් ගොඩ නගන්න අපි කවුරුත් එකතු වෙමු – ජවිපෙ ලේකම් ටිලිවින් සිල්වා

මුලු රටේම සල්ලි හතර පස් දෙනෙකු කොල්ල කා ඇති බවත් ඔවුන්ගේ කලු සල්ලි ප්‍රියමාලිලා කොල්ලකන සංස්කෘතියෙන් රට මුදවා ගෙන සියලු ජනතාවට යහපත් අනාගතයක් හිමිවෙන සුන්දර ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමේ සටනට සියලු දෙනාම ඒකරාශි වෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ආරාධනා කරයි. ජාතික ජන බලවේගයේ බණ්ඩාරගම ආසන සමුළුව අමතමින් ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා මෙම […]

මුලු රටේම සල්ලි හතර පස් දෙනෙකු කොල්ල කා ඇති බවත් ඔවුන්ගේ කලු සල්ලි ප්‍රියමාලිලා කොල්ලකන සංස්කෘතියෙන් රට මුදවා ගෙන සියලු ජනතාවට යහපත් අනාගතයක් හිමිවෙන සුන්දර ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමේ සටනට සියලු දෙනාම ඒකරාශි වෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ආරාධනා කරයි.

ජාතික ජන බලවේගයේ බණ්ඩාරගම ආසන සමුළුව අමතමින් ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා මෙම ආරාධනය කළේය. එහිදී ඔහු වැඩි දුරටත් දැක්වූ අදහස් සංක්ෂිප්ත කර පහත දැක්වේ.

රට පුරාම ජාතික ජන බලවේගයේ ආසන සමුළු පවත්වාගෙන යන අතර, කළුතර දිස්ත්‍රික්කයේ පළමු ආසන සමුළුව බණ්ඩාරගම දී අපි මේ විදියට පවත්වනවා. විශාල ජනතාවක් අප වටා ඒකරාශී වෙමින් සිටින බව රට පුරා යන අපට පැහැදිලි වෙනවා. මහින්ද සමඟ නැඟිටිමු කියලා රට විනාශ කළ රාජපක්‍ෂලා පුංචි පුංචි රැස්වීම් තියාගෙන යනවා. මහින්ද නැඟිට්ටවලා මේ රටට වෙච්ච දේවල් හොඳටෝම ඇති. දැන් අපට ඕනෑ මහින්දලා විනාශ කරපු රට ගොඩනැඟීම වෙනුවෙන් ජනතාව නැඟිට්ටවා, ජනතාවට නායකත්වය දෙන ජනතා විශ්වාසය දිනාගත් ජාතික ජන බලවේගය රටේ පාලනයට පත් කර ගත යුතු වෙනවා. මී ළඟ ආණ්ඩුව පිහිටුවන්නේ වෙන කවුරුත් නොවෙයි, ජාතික ජන බලවේගයයි.

මැයි නව වැනිදා මහින්ද රාජපක්‍ෂ අගමැතිකම දාලා පලා ගියා. ජුනි නව වැනිදා බැසිල් රාජපක්‍ෂට මුදල් ඇමැතිකම දාලා යන්න වුණා. ජූලි නව වැනිදා ගෝඨාභය රාජපක්‍ෂට ජනාධිපති ධුරය දාලා පලා යන තත්ත්වයට දැවැන්ත මහජන නැඟිටීමක් ඇති වුණා. මේ නිසා පරණ ජනවරම ආණ්ඩුවට වලංගු නැහැ. ගෝඨාභයට ලැබුණු ජනවරමෙන් රනිල් වික්‍රමසිංහට ජනාධිපති වෙන්න බලයක් නැහැ. නමුත්, ජනතාවට තමන් කැමැති පාලකයෙක්, තමන් කැමැති පාලනයක් පිහිටුවා ගන්න අවස්ථාව දුන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ කියන්නේ, ජනතාව මන්ත්‍රීකමක්වත් නොදුන් පුද්ගලයෙක්. ඔහුගේ දේශපාලනය අවුරුදු හතළිස්පහකට පස්සේ මන්ත්‍රීකමක්වත් නොදී නෙරපාහැරියා. ඒ නිසා ජාතික ලැයිස්තුවෙන් පත් වුණු රනිල් වික්‍රමසිංහ ගෝඨාභය රාජපක්‍ෂලාගේ කුමන්ත්‍රණයෙන් ජනාධිපති වී රට පාලනය කරනවා. ඒ අතර එයාගේ මාමා කළ ආකාරයට මැතිවරණ කල් දාන්න විවිධ කුමන්ත්‍රණ කරනවා. බෑනා හිටියාට මේක මාමාගේ කාලය නොවෙයි කියලා අපි එයාට මතක් කර දෙනවා. ජනතාව පරණ පක්‍ෂ, පාට අත්හැරලා, එක පෙරමුණකට එක්වෙමින් සිටිනවා. ඒ ජාතික ජන බලවේගය වටායි.

මේ කාලය තුළ බදු පිට බදු ගසමින් බර පැටවීමේ කෙළවරක් නැහැ. ලක්‍ෂයක් මාසයකට උපයන කෙනකුට සියයට හයෙන් පටන්ගෙන එතැනින් ඉහළට ආදායම් ලබන හැමෝටම සියයට තිස්හය දක්වා බදු ගහලා තිබෙනවා. තමන් ලබන ආදායමෙන් තුනෙන් එකකටත් වඩා බදු ගහනවා කියන්නේ, සුළුපටු දෙයක් නොවෙයි. මේ නිසාම බැංකු පද්ධතියේ ඉහළ නිලධාරීන් විශ්‍රාම යන්නට සූදානම් වෙනවා. අනෙකුත් රැකියා කරන ඉහළම දැනුමක් සහ නිර්මාණශීලී හැකියා තිබෙන අය රටත් දාලා යනවා. මේ පාලකයන් ආර්ථිකය වැට්ටුවා; නිෂ්පාදනය වැට්ටුවා; රටත් වැට්ටුවා. ජනතාවට බදු පිට බදු පටවන ගමන් අනෙක් පැත්තෙන් දරා ගන්න බැරි උද්ධමනයක් රටේ ඇති කරලා තිබෙනවා. මේ විදියට යන්න බැහැ.

මේ අය වට්ටපු රට තව තවත් වට්ටනවා මිස ගොඩ ගන්න සැලැස්මක් නැති අය. නමුත්, ඒ ගොල්ලෝ නම්, ගොඩ යනවා. මේ දවස්වල තැන් තැන්වලට යන සජිත් මහත්තයා විවිධ කතා කියනවා. නමුත්, ඔවුන්ට කිසිම ප්‍රතිපත්තියක් නැහැ. පසුගිය දවස්වල ආණ්ඩුව ගෙන ආ, ජනතාවට අහිතකර එක පනතකටවත් විරුද්ධව ඒ ගොල්ලෝ ඡන්දය දුන්නේ නැහැ. දෙලොවක් අතර රැඳී ඉන්නවා. රනිල් ගෙනාව මිනි අය-වැය, ඛනිජ තෙල් සංස්ථාව විනාශ කරන සංශෝධන පනත වාගේ පනත්වලට විරුද්ධ වුණේ නැහැ. ඛනිජ තෙල් සංස්ථාව කෑලි කෑලිවලට කඩලා විකුණන පනතට විරුද්ධ වුණේ මන්ත්‍රීවරුන් හත්දෙනයි. ඒ හත්දෙනාගෙන් ජාතික ජන බලවේගයේ තුන්දෙනා ම එතැන ඉන්නවා. සජිත්ලා විරුද්ධ වුණෙත් නැහැ. පක්‍ෂ වුණෙත් නැහැ. කිසිම කොන්දක්, ප්‍රතිපත්තියක් නැහැ. තිස්සමහාරාම පැත්තේ ගැමි කාන්තාවන් මහින්ද මහත්තයා නිවන් දකින්න ඕනෑ බව කියලා තිබුණා. අපිත් කියන්නේ, එයා නිවන් දකින්න ඕනෑ කියලයි. අපේ රටේ ණයට කෑම සංස්කෘතියක් කරගෙන අපට හිතන්න බැරි තරම් හොරකම් කර තිබෙනවා. මුළු රටේම සල්ලි හතර පස් දෙනකු ළඟට කොල්ලකාගෙන තිබෙනවා. ඊයේ පෙරේදා හෙළිදරවු වුණු ප්‍රියමාලි සල්ලි කොල්ලකාපු හැටි ගැන පොඩි ගතියක් තිබෙනවා. රටේ ම සල්ලි කොල්ලකෑව කළු සල්ලිකාරයන්ට ප්‍රියමාලි වැඬේ දුන්නා. සල්ලි අහිමි වුණු අය පැමිණිලි කරන්න පොලිසියට යන්නේ නැහැ. පැමිණිලි කළොත්, ඒ සල්ලි උපයා ගත් ආකාරය හෙළි කරන්න ඕනෑ. අනෙක් පැත්තෙන් තව ඕනෑ තරම් සල්ලි ඒ ගොල්ලන්ට තියෙනවා. ඔය අතරේ අභයාරාම පන්සලේ හාමුදුරුවොත් කොළඹ නගර සභාවේ පොහොට්ටු මන්ත්‍රීවරියක් හරහා මේකට පැටළී ඉන්නවා. හාමුදුරුවන්ගේ ‘වී එයිට්’ වාහනය පොහොට්ටු මන්ත්‍රීවරිය ගෙන ගොස් ආපසු දුන්නේ නැති බව කියනවා. ’වී එයිට්’ කියන්නේ, දැන් තිබෙන වටිනාම වාහන වර්ගය. හාමුදුරුවන්ගේ චෝදනාවට උත්තර හැටියට මන්ත්‍රීවරිය කියනවා, එයාගෙන් ලක්‍ෂ පන්සියයක් හාමුදුරුවෝ ගත්තා කියලා. ලක්‍ෂ පන්සියයක් අහිමි වෙලත්, ඒ මන්ත්‍රීවරිය පැමිණිලි කරන්නේ නැහැ. නාගරික මන්ත්‍රී වැටුපෙන් ලක්‍ෂ පන්සියයක් ඉතිරි කරන්නේ කොහොම ද? නාගරික මන්ත්‍රීවරියක් ළඟ ලක්‍ෂ පන්සියයක් ඔය විදියට අත්අරින්න තියෙනවා නම්, රාජපක්‍ෂලා ළඟ කොහොම ඇති ද? රට විනාශ කරලා, මහජන ධනය ප්‍රකෝටි ගණන් කොල්ලකෑ කල්ලියක් මේ ඉන්නේ. දැන් හොරාකෑමට, කොල්ලකෑමට ඇබ්බැහි වෙලා ඒ ගොල්ලෝ. වළ පයයි, ගොඩ පයයි තියාගෙනත් කරන්නේ ඒක. තව හොරා කන්නත්, හොරාකෑ සල්ලිවල නඩුවලින් බේරෙන්නත් බලයේ එල්ලී ඉන්න උත්සාහ කරනවා. අපේ පක්‍ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා කියලා තියෙනවා, “හොරු දවාලට රණ්ඩු වෙනවා, රෑට එකතු වෙලා හොරකමේ යනවා” කියලා. මේගොල්ලෝ මේ දක්වා ඒ වැඬේ එහෙමම කරගෙන, නඩු බේරා ගන්න කටයුතු කළා.  දැන් දෙගොල්ලො ම එකට එකතු වී රෑත්, දවාලේත් දෙකේ ම හොරකමේ යනවා.

මේ නිසා ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ ආර්ථිකය ගොඩනඟමින්, රටේ සමස්ත ජනතාවට සාධාරණ ලෙස ප්‍රතිලාභ බෙදී යන ආකාරයට අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා. අපට මේ වාගේ ම ආණ්ඩුවක් හදන්න ඕනෑ නම්, මෙහෙම වැඩ කරන්න අවශ්‍ය නැහැ. නමුත්, රටත්, ජනතාවත් දිනවන වැඩපිළිවෙළකට සියලු දෙනා ම එකතු වෙමු කියලා අපි ආරාධනා කරනවා. පොහොට්ටුවට ඡන්දය දුන් ජනතාව පාවා දීලා, රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරන්න මහින්ද රාජපක්‍ෂට පුළුවන් නම්, ඒ වාගේ පක්‍ෂ අත්හරින්න. කාටත් එන්න විවෘත ජාතික ජන බලවේගය වටා අපි කවුරුත් එකතු වෙමු. අපි කවුරුත් එකතු වී ලංකා ඉතිහාසය ජනතාවාදී ආකාරයෙන් අලුතින් ලියමු. ඒ ගමනට එකතු වෙන්න, ධෛර්යය දෙන්න රටේම ජනතාව සූදානම්. මේක ඔබේත්, අපේත් කාලයයි. අපි ඡන්දයක් දිනාගෙන, අප කාටත් යහපත් අනාගතයක් තිබෙන සුන්දර ශ්‍රී ලංකාවක් ගොඩනඟන සටනට අපි කවුරුත් එකතු වෙමු කියලා ආරාධනා කරනවා.

Show More

අය කරන බදුවලින් ජනතාවට සේවයක් නෑ…!

ජාතික ජන බලවේගය ප්‍රතිපත්තියක් හැටියට බදු ප්‍රතික්ෂේප කරන්නේ නෑ. ආණ්ඩුවක් මුදල් එකතු කරන ප්‍රධාන ක්‍රමයක් තමයි බදු. නමුත් බදු එකතු කරන්නේ මොකටද? පුරවැසියනට සේවාවක් ලබාදෙන්නද? අපේ ප්‍රශ්න බදු එකතු කිරීම නෙවෙයි. බදු එකතු කරලා ආණ්ඩුව මෙව්වර කාලයක් මොනවද කරලා තියෙන්නේ යන්න යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිණි අමරසූරිය පැවැසුවාය. ආචර්ය හරිනි අමරසූරිය එලෙස […]

ජාතික ජන බලවේගය ප්‍රතිපත්තියක් හැටියට බදු ප්‍රතික්ෂේප කරන්නේ නෑ. ආණ්ඩුවක් මුදල් එකතු කරන ප්‍රධාන ක්‍රමයක් තමයි බදු. නමුත් බදු එකතු කරන්නේ මොකටද? පුරවැසියනට සේවාවක් ලබාදෙන්නද? අපේ ප්‍රශ්න බදු එකතු කිරීම නෙවෙයි. බදු එකතු කරලා ආණ්ඩුව මෙව්වර කාලයක් මොනවද කරලා තියෙන්නේ යන්න යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිණි අමරසූරිය පැවැසුවාය.

ආචර්ය හරිනි අමරසූරිය එලෙස ප්‍රශ්න කළේ මහනුවර, ගලගෙදර මැතිවරණ කොට්ඨාසයේ පැවැති පාක්ෂික හමුවකට එක්වෙමිනි.

ඇය මෙසේද පැවැසුවාය.

අපිට නිදහස් අධ්‍යාපනයක්, නිදහස් සෞඛ්‍ය සේවාවක්, පොදු ප්‍රවාහන සේවයක් අද තියෙනවාද? අවශ්‍ය යටිතල පහසුකම් අද තියෙනවාද? මේ මොනවත් නෑ. එහෙනම් මොනවද මේ බදුවලින් කරලා තියෙන්නේ. හැබැයි අපි ඉන්නවා ඉතාමත්ම සැපවත්ව ජීවත්වෙන පාලක පන්තියක්. නිල වාහන, ආරක්ෂාව, නිවාඩු නිකේතන තියෙන පාලක පන්තියක් නම් ඉන්නවා. පුරවැසියාට අවශ්‍ය මූලික සේවාවන් අපිට ලැබිලා නෑ. අන්න ඒ පදනමේ ඉඳන් තමයි ජාතික ජන බලවේගය මේ බදු ප්‍රතිපත්තිය අපි විවේචනය කරන්නේ.

මේ නොවැම්බර් මාසේ අලුත් අය – වැයක් ඒමට නියමිතයි. අයි.එම්.එෆ්. එකේ එකගතාවක් පිළිබඳව ආණ්ඩුව මාස ගණනාවක් කතා කරනවා. එකගතාව මොකද්ද කියන එක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නෑ. හැබැයි ආණ්ඩුව කියන්නේ දෙසැම්බර් වෙනකොට එකඟතාව එයි කියලා. අපි නම් හිතන්නේ නෑ එව්වර ලේසියට මේ කියන විදිහට ලැබෙයි කියලා. සිද්ධ වෙලා තියෙන්නේ අප්‍රේල් මාසේ ඉඳන් ණය නොගෙවන තත්ත්වයක්. ලංකාව බංකොලොත් රාජ්‍යක් හැටියට නම් කිරීමත් සමඟ දැන් අපි අනිවාර්යයෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ගයට යන්ට සිද්ධවෙලා තියෙනවා. ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමේදී අයි.එම්.එෆ්. එකේ කොන්දේසි දෙකක් දාලා තියෙනවා. එකක් තමයි ණය ආපසු ගෙවීමේ සැලැස්ම.

දෙක, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය ගත්ත පාර්ශ්වවලින් එකඟතාව. අපි විවිධ පාර්ශ්වවලින් ණය අරගෙන තියෙනවා. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර සංවිධානවලින් ගත් ණය ප්‍රතිව්‍යුහගත කරන්න . රටවල්වලින් ගත් ණය සඳහා එම රටවල් එකඟවිය යුතුයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට යෑම ඉතාමත් භයානක දෙයක්. එහෙම එකක් කළොත් අපේ රටේ බැංකු පද්ධතියට, මූල්‍ය පද්ධතියට විශාල තර්ජනයක් විය හැකියි.

අයි.එම්.එෆ්. එකේ ණය ගෙවීමට නම් රජයේ ආදායම ඉහළ නැංවිය යුතුයි. වියදම කප්පාදු කළ යුතුයි. එනම් අය-වැය පරතරය අඩු කරගත යුතුයි. ඒක කරන්න මේ ආණ්ඩුව දන්නේ ක්‍රම දෙකයි. එනම් බදු පටවනවා නැත්තන් තියෙන සම්පත් ටික විකුණනවා ඔය දේ ඇරෙන්න මේ ආණ්ඩුව අවුරුදු ගණනාවක් තිස්සේ කරපු කිසිම දෙයක් නෑ. ඒ අය දක්ෂ හොරකමට, නාස්තියට, වංවාවට විතරයි. කළමනාකරණයට කිසිදු දක්ෂතාවක් නෑ. තියෙන්නේ විකුණන්නයි බදු ගහන්නයි විතරමයි. බදු ප්‍රතිපත්ති හදන්නේ. රටේ ආදායම කළමනාකරණය කරන්නේ කෙසේද කියන චේතනාවෙන් නෙවෙයි ඔවුන්ගේ හෙන්චයියලාට වාසියක් දෙන්න පුළුවන් හැටියටයි. ගෝඨාභය වැට් බද්ද අඩු කරනවා. එකෙන් රටේ පුරවැසියාට ආපු වාසියක් නෑ. ඒ වාසිය ගත්තේ ව්‍යාපාරිකයන් දැන් ඒ අයම කියනවා ලොකු වැරද්දක් කළා. දැන් බදු වැඩි කරන්න ඕනි කියලා. සමාජ ආරක්ෂණ බද්දකුත් පනවලා ඒ බද්ද ජනතාවගේ කරමත තමයි පැටවෙන්නේ. ඊට අමතරව මාසිකව ලක්ෂයකට වඩා ආදායම තියෙන සියලු දෙනාම බදු ගෙවන්න වෙනවා.

මෙවැනි බද්දක් ජනතාව මත පටවනවා නම් ඒ බද්දෙන් ජනතාවට නැවත ලැබෙන්නේ මොනවාද කියලා අහන්නත් පුරවැසියාට අයිතියක් තියෙනවා.

මේ අය කියනවා වෙන රටවල බදු ගහන්නේ මෙහෙමයි කියලා. ඒ රටවල්වලට ගිහිල්ල බලන්න ඒ අයගේ අධ්‍යාපනය, සෞඛ්‍ය, සමාජ ආරක්ෂණය පිළිබඳව ප්‍රතිපත්තිය එම රටවල දේශපාලකයෝ හැසිරෙන විදිහ. ඒ නිසා ඒ රටවල ජනතාව බදු ගෙවන එක ප්‍රතික්ෂේප කරන්නේ නෑ. මොකද එයට සමානව සේවාවන් ඔහුනට ලැබෙනවා. දූෂණය, වංචාව, අසීමිත වරප්‍රසාද මේ පාලකයන් බුක්ති විඳිනකම් පුරවැසියා මොකටද බදු ගෙවන්නේ.

ඒ නිසා ඔහුනට කිසිදු අයිතියක් නෑ පුරවැසියාට කියන්න බදු ගෙවන්න කියලා.

මේ අයගේ යුගය අවසන් කරන ඕනි. තවදුරටත් කූඩැල්ලෝ වගේ ජනතාවගේ ලේ උරා බොන්න දෙන්න බෑ .

අපි මැතිවරණය ඉල්ලන්නේ ඒක නිසයි. පාර්ලිමේන්තුවට හෝ පළාත් සභාවලට පළාත් පාලන ආයතනවලට නියෝජිතයන් තෝරා පත් කර ගත හැක්කේ මැතිවරණයකින් පමණයි. මේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට හැකි වන්නේ එයට ගැළපෙන පාර්ලිමේන්තු බලයක් ලැබුණොතින් විතරයි. හැබැයි මේ පාලකයෝ මැතිවරණයක් නම් දෙන්නේ නෑ. මොකද සෑම සමීක්ෂණයකින්ම පෙන්වාදී තිබෙන්නේ ජනතාව එකතුවෙමින් සිටින්නේ ජාතික ජන බලවේගය වැඩක් සමඟ කියලා.


Show More

“රනිල් අද රකින්නේ අලියා නොව පොහොට්ටුවයි”

සිය පක්‍ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වෙඩි තියලා මරලා නීතියෙන් වැරැදිකරුවකු වූ පුද්ගලයකුට ආණ්ඩුවේ රාජ්‍ය ඇමැති ධුරයක් පිරිනැමීමෙන් ජනාධිපති රනිල්  වික්‍රමසිංහ පෙන්වා දෙන්නේ එ.ජා.ප.ය නොව අද ඔහු රකින්නේ පොහොට්ටුව බව යැයි ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා පවසයි. ඒ මහතා මේ අදහස් පළ කළේ බදුල්ලේ පැවැති ජාතික ජන බලවේගයේ කොට්ඨාස සභා පිහිටුවීමේ අවස්ථාවකට සහභාගි වෙමිනි. මෙහිදී ලේකම්වරයා […]

සිය පක්‍ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වෙඩි තියලා මරලා නීතියෙන් වැරැදිකරුවකු වූ පුද්ගලයකුට ආණ්ඩුවේ රාජ්‍ය ඇමැති ධුරයක් පිරිනැමීමෙන් ජනාධිපති රනිල්  වික්‍රමසිංහ පෙන්වා දෙන්නේ එ.ජා.ප.ය නොව අද ඔහු රකින්නේ පොහොට්ටුව බව යැයි ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

ඒ මහතා මේ අදහස් පළ කළේ බදුල්ලේ පැවැති ජාතික ජන බලවේගයේ කොට්ඨාස සභා පිහිටුවීමේ අවස්ථාවකට සහභාගි වෙමිනි. මෙහිදී ලේකම්වරයා වැඩිදුරටත් මෙසේද කීය.

“නිල් – කොළ පක්‍ෂවලට බෙදිලා වසර 74ක් පුරා කළ දේශපාලනය පල රහිත බව ගමේ ජනතාව තේරුම් ගනිමින් සිටිනවා. ඔවුන් ක්‍රම ක්‍රමයෙන් අද ජාතික ජන බලවේගය වටා ගොනු වෙමින් සිටිනවා.

අපි ගමින් ගමට යමින් කොට්ඨාස සභා පිහිටුවද්දී පොහොට්ටුවේ දේශපාලනඥයන් අද ගමට එන්න බයේ කොළඹට වී සිටිනවා. නිමල් සිරිපාල වගේ ඇමැතිවරුන්ට බදුල්ලේ මළ ගෙදරකටවත් එන්න බැරි තත්ත්වයක් උදාවෙලා. මේ ආණ්ඩුවෙන් රාජ්‍ය ඇමැතිකමක් ගත්ත එක්කෙනකුට ජනතාව පාරේදී පොඩි සැලකිල්ලක් කළ බව අපිට ආරංචි වුණා.

රනිල් වික්‍රමසිංහ මොන සෙල්ලම් දැම්මත් ඊළඟට තියෙන මැතිවරණයෙන් ආණ්ඩුව

පිහිටුවන්නේ වෙන කවුරුත් නෙවෙයි ජාතික ජන බලවේගය. ඒක වෙනස් කරන්න බෑ. ඒක ශක්තිමත් කරන්නයි අපිට ඕනෑකම තියෙන්නේ.

දැන් විශාල අර්බුදයක මෙරට තියෙන්නේ. දැන් අපි කල්පනා කරන්නේ මේ විපතෙන්, මේ අමාරුවෙන් ගොඩ එන්නේ කොහොමද කියලා. ඒකට එරෙහිව මේ ප්‍රශ්නය දරා ගන්න බැරුව පසුගිය කාලයේ මේ රටේ ජනතාව පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණයක් කළා. ඒක දේශපාලන පක්‍ෂයක මෙහෙයවීමෙන් කරපු දෙයක් නොවෙයි.

අපි දන්නවා මුලින්ම පාරට බැස්සේ මීට අවුරුද්දකට කලින් මේ රටේ ගොවි ජනතාව. ඔබට මතක ඇති ගෝඨාභය රාජපක්‍ෂ මහතා උත්සාහ කළා එක රැයින් මේ රටේ වගාව කාබනික කරන්න. රසායනික පොහොර තහනම් කළාම කෘෂිකර්මාන්තය වැටුණා.

ඊළඟට අපිට මතකයි ගෑස් හිඟයක් සමඟ ගෑස් පිපිරුමක් ආවා. ඒ වගේම තෙල් හිඟයක් ආවා. ලයිට් කැපුවා. මේ නිසා ජනතාව පාරට බැස්සා ආණ්ඩුවට යන්න කියලා. ඒක ලොකු රැල්ලක් බවට පත් වුණා. මේ ආණ්ඩුවට ඡන්දය දීපු 69 ලක්‍ෂයෙන් විශාල පිරිසක් පාරට ආවා.

රටේ ජනතාවට තමන් අකැමැති පාලකයා ඉවත් කළාට තමන් කැමැති පාලකයෙක් පත්කර ගැනීමට අවස්ථාව හිමි වුණේ නෑ. මේ ව්‍යවස්ථාව විකාරයක්. මහින්ද රාජපක්‍ෂගේ කණ්ඩායමෙන් එකසිය තිස් හතරක් එකතු වෙලා රනිල් වික්‍රමසිංහ ජනාධිපති කළා. අන්න එතැන තියෙනවා ප්‍රශ්නයක්. අපිට හොඳම පාඩම තියෙන්නේ එතැන නොවෙයිද? අපි හිතන් හිටියේ යූ.එන්.පී. සහ පොහොට්ටුව කියන්නේ ප්‍රතිපත්ති දෙකක් තියෙන කවදාවත් එකතු වෙන්න බැරි අය කියලයි. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ. පොහොට්ටුවේ මන්ත්‍රිවරුන් එකතු වෙලා රනිල් වික්‍රමසිංහ ජනාධිපති කළා. ගෝඨාභය රනිල්ට අගමැතිකම දුන්න නිසා තමයි ඔහු වැඩ බලන ජනාධිපති  වුණේ.

එතකොට පොහොට්ටුවට ඡන්දය දීපු ජනතාව පොහොට්ටුවට ඡන්දය දුන්නේ රනිල්ට පක්‍ෂවද. එතකොට නිමල් සිරිපාලලාව පත්කර යැව්වේ මොකටද. යූ.එන්.පී.යට විරුද්ධව නේද? ඒගොල්ල ඒ කාලේ කිව්වේ රනිල් වික්‍රමසිංහ හොරා, මහ බැංකු වංචාව කළා, රට විකුණනවා, රට පාවා දෙනවා කියලා. මේකෙන් අපට ඉගෙනගන්න පාඩමක් තියෙනවා. ඒගොල්ල බොරුවට බෙදිලා හිටියාට ඇත්තට ඉන්නේ එක පිලක කියලා දැන් තේරෙනවා නේද?

කවුරු හරි හිතන් ඉන්නවාද මේ අර්බුදය මෙහෙම ටික දවසක් ගිහින් විසඳෙයි කියලා. විසඳෙන්නේ නෑ. මීට වඩා අමාරු වෙනවා. ඔය පෙළපාළිවලට ගහන්නේ ඇයි. හේතුව රාජපක්‍ෂලාගේ තරහා තියෙන්නේ උද්ඝෝෂණකාරයන් එක්කයි. ඉතින් රනිල් වික්‍රමසිංහ උද්ඝෝෂණ කරපු අයට ගහලා මේ පෙන්නන්නේ රාජපක්‍ෂවරු සන්තෝෂ කරන එකයි.

අපේ අර්බුදය ණය. ඒකට රනිල්ගේ උත්තරය තවත් ණයක්. එහෙම රටවල් ණය දෙන්නේ නෑ. ඒ නිසා මූල්‍ය අරමුදලින් ණයක් ගන්න යනවා. ඒ අයත් යෝජනා කරලා තියෙනවා වසර හතරක් සඳහා ඩොලර් මිලියන දෙදහස් නවසියයක්. ඒකත් දෙන්නේ මාස හයේ කෑලිවලට.

ඒක අරගෙන අපිට මාසෙකට අවශ්‍ය තෙල් ටිකවත් ගේන්න බෑ. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පස්සේ යන එක මේ ප්‍රශ්නයට කවදාවත් විසඳුමක් හම්බ වෙන්නේ නෑ. ඒකට දාපු කොන්දේසි තියෙනවා. මොකක්ද කොන්දේසිය. බදු වැඩි කරන්න. දැන් රනිල් වික්‍රමසිංහ කරගෙන යමින් ඉන්නේ ඒක. ඒ නිසා අපි මේ රට ඇතුළේ අර්බුදය විස¼දා ගන්නවා මිසක් අර්බුදය එක්ක ජීවත් වෙන්න බැහැ.

ඡන්දයක් කිට්ටු වෙලා මොකෙක් හරි ඇවිල්ලා ඒ වෙලාවට මොනවා හරි දීපු ගමන් අපිට මේ මුළු කතන්දරයම අමතක වෙන්න ඉඩ තියෙනවා.

අවුරුදු 74ක් පුරා තට්ටු මාරු ක්‍රමයට නිල් – කොළ පිල් දෙක බලයට ආවේ බහුතර ජනතාවට අතීතය අමතක වූ නිසයි. එහෙත් මේ පාර එහෙම අමතක වෙන්න විදිහක් නෑ. මොකද රට බංකොලොත් වෙලා ඉවරයි. නිල් – කොළ බොරුව රටටම පෙනිලා ඉවරයි. බුද්ධිමත්ව කල්පනා කරලා ජාතික ජන බලවේගයේ පාලනයක් ගොඩනඟා ගැනීමට අපි සියලු දෙනා එකතු වී වැඩ කරමු.”

බදුල්ල – නිශාන්ත අබේගුණවර්ධන (මව්බිම)

Show More

“වංචා-දූෂණයට වැට බඳින, හොරුන්ට දඬුවම් දෙන ආණ්ඩුවක් අපි හදමු”

සෑම බල කඳවුරකටම වඩා බලවත් ජනතාවගේ කඳවුර බවත් ඒ ජනතා බලය ජා.ජ.බ. නිවැරදිව  සංවිධානය කිරීම ආරම්භ කර ඇති  බවත් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි.  ඔහු මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගයේ මහරගම ආසන සභා සමුළුවේදීය. අනුර දිසානායක මහතා එහිදී මෙසේද පැවැසීය. “හිටපු ජනාධිපති රටින් පැනලා ගිහින් නැවත ආවා. මහින්දට පැනලා ගිහින් […]

සෑම බල කඳවුරකටම වඩා බලවත් ජනතාවගේ කඳවුර බවත් ඒ ජනතා බලය ජා.ජ.බ. නිවැරදිව  සංවිධානය කිරීම ආරම්භ කර ඇති  බවත් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි. 

ඔහු මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගයේ මහරගම ආසන සභා සමුළුවේදීය. අනුර දිසානායක මහතා එහිදී මෙසේද පැවැසීය.

“හිටපු ජනාධිපති රටින් පැනලා ගිහින් නැවත ආවා. මහින්දට පැනලා ගිහින් හැංගිලා ඉන්න සිදුවුණා. ගෝඨාභයව, මහින්දව බේරා ගන්න රනිල් වික්‍රමසිංහව තෝරා ගත්තා. අද රනිල් ජනතාවට විරුද්ධව රාජපක්ෂලව ආරක්ෂා කරමින් ඉන්නවා. ඒ කියන්නේ ඕනෑම අසීරු වෙලාවකදී මේ ප්‍රතිගාමී කණ්ඩායම් ජනතාවට විරුද්ධව එකට එකතු වෙනවා.

අප්‍රේල් මාසයේ 12 වැනිදා මහ බැංකු අධිපති “අපි අරගෙන තිබෙන ණය ගෙවන්නේ නෑ” කියන තීන්දුවක් ගත්තා. මේ ප්‍රකාශය ඉතාමත් බරපතළයි. එවැනි තීන්දුවක් ගන්න එතුමාට බලයක් නැහැ කියන එකයි අපේ අදහස. එංගලන්තය, චීනය, ඉන්දියාව, අමෙරිකා එක්සත් ජනපදය, බංග්ලාදේශය වැනි බොහෝ රටවලින් වගේම ආසියානු සංවර්ධන බැංකුවෙන්, ලෝක බැංකුවෙන් ණය අරගෙන තිබෙනවා. නන්දලාල් මහතා ගත්ත තීන්දුව අනිවාර්යයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමත් එක්ක ගැටගැසී තිබෙනවා. අපට සාධාරණ සැකයක් තිබෙනවා ඒ සඳහාම මෙම තීන්දුව ගත්තාද කියලා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කරනවා ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යන්න කියලා. ණය කපා හරින්න නම් චීනය හා ඉන්දියාව සමඟ එකඟතාවකට එන්න ඕනෙ. චීනය ප්‍රකාශ කරනවා ණය කපා හැරීමකට යනවා නම් ඊට පෙර චීනය හා ලංකාව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමක් අස්සන් කිරීමට අවශ්‍ය බව. මෙහි ප්‍රතිඵලයක් ලෙස අපේ වෙළෙඳපොළ චීන භාණ්ඩවලින් පිරෙනවා. අපේ නිෂ්පාදන කඩා වැටෙනවා.

නිෂ්පාදකයා විනාශයට පත්වෙනවා. ඉන්දියාව සමඟ ඇතිකරගෙන තිබූ එට්කා ගිවිසුමත් ක්‍රියාත්මක කරන්න සිදුවෙනවා. මූල්‍ය අරමුදල ඉදිරිපත් කරන දෙවැනි කොන්දේසිය වන්නේ ආදායම් වැඩිකර වියදම් අඩුකර පෙන්විය යුතු වීම. මේ සඳහා ආණ්ඩුව බදු ප්‍රතිපත්තිය ක්‍රියාවට නඟනවා. ඒ නිසා සියලු භාණ්ඩ හා සේවා මිල ඉහළ යනවා. සමාජ ආරක්ෂණ බද්දක් පිරිවැටුමට ගහනවා. නැවතත් උපයන විට ගෙවීමේ බද්දක් ගැහුවා. මේ නිසා විශාල බදු ඉහළ යෑමක් සිදුවෙනවා.

අපි 1968 තෙල් පිරිපහදුව ආරම්භ කළා. රටට අවශ්‍ය තෙල්ටික පිරිපහදු කළ හැකි වුණා. අද වන විට වසර 54ක් වෙනවා. එදා පිරිපහදු කළ තෙල් ප්‍රමාණයම තමයි අදත් පිරිපහදු කරන්නේ. එදා රටටම ප්‍රමාණවත් වුණා. අද අවශ්‍ය තෙල්වලින් 1/3ක් පමණයි පිරිපහදු කරන්නේ. මේ තෙල් අර්බුදයෙන් බේරා ගන්න තිබුණේ අලුත් පිරිපහදුවක් ආරම්භ කරන එක. මේ පිරිපහදුව නවීකරණය කිරීම.

අපි යෝජනාවක් ගෙනාවා ජනාධිපති ධුරය හිස් වූවාට පසුව පාර්ලිමේන්තුවෙන් තෝරා ගන්නා අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට මාස හයක් ඉක්ම යෑමට මත්තෙන් ජනාධිපති ඡන්දයක් පවත්වා අලුත් ජනාධිපතිවරයෙක් පත්කර ගත යුතුයි යන්න. ඒ වගේම අපේ රටේ දේශපාලන සංස්කෘතියක් තියෙනවා එහෙට මෙහෙට පනින එක. ඒ නිසා අපි යෝජනාවක් ගෙනාවා පක්ෂය මාරු කළොත් මන්ත්‍රි ධුරය අහෝසි කරන බවට. ඒ වගේම උපරිම ඇමැති ධුර 25ක් හා නියෝජ්‍ය අමාත්‍ය ධුර 25ක් විය යුතු බවට යෝජනා කළා. රාජ්‍ය අමාත්‍ය ධුර අවශ්‍ය නැති බවත් අපි කිව්වා.

රට හැදීමට අවශ්‍ය පදනම් කිහිපයක් තිබෙනවා. අපේ රටට නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව තිබෙනවා. මේ ව්‍යවස්ථාව රටේ සංවර්ධනයට හෝ නීතියේ ආධිපත්‍යයට හෝ යහපත් ප්‍රතිසංස්කරණ, ජනතාවාදී ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක කිරීම සඳහා නව පාර්ලිමේන්තුවක් අවශ්‍ය බව අපි යෝජනා කළා. අපි විධායක ජනාධිපති ධුරය අහෝසි වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා.

රට ගොඩනැඟීම සඳහා වංචාව, දූෂණය, නාස්තිය නතර කරන පාලනයක් අවශ්‍යයි. ඒ වගේම වංචා, දූෂණ කළ අයට දඬුවම් පමුණුවන ආණ්ඩුවක් අවශ්‍යයි. එය ඉටුකරන්නේ ජාතික ජන බලවේගය පමණයි. අපි අනෙකුත් දේශපාලන පක්ෂවලට අභියෝග කරනවා. හොරකම, වංචාව නතර කරන බවට පොරොන්දුවක් දෙන්න කියා. සජිත්, කිරිඇල්ල, රාජිත, හැරිසන්, විජිතමුනි පිටුපස පෙළේ තබාගෙන දූෂණය, වංචාව නතර කරන බවට ප්‍රකාශ කළා.  සංස්කෘතික අරමුදලේ විගණන රිපෝට් එකේ තියෙනවා සිදුවුණේ මොකක්ද කියලා.  එය කිව හැක්කේ සහ ඉටුකළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි. සජිත් නිවාස අමාත්‍යාංශයේ වසර හතර හමාරක් රට පාලනය කළා. නිවාස අමාත්‍යාංශය වංචා දූෂණවලින් පිරිලා තිබුණා.

තුන්වැනුව මේ රාජ්‍ය අංශය කාර්යක්ෂම කරන්න ඕනෑ. විගණකාධිපතිවරයා ප්‍රකාශ කළා රාජ්‍ය ආයතන 2200ක් විගණනය කරන බව. මෙය රජයකට ඔරොත්තු දෙන්නේ නැහැ. මේ ආයතනවලින් රටට සිදුවූ විශේෂ යහපතක් නැහැ. රටක් හදන්න නම් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ගොඩනැඟිය යුතුයි.

තරුණ තරුණියන්ගේ අපේක්ෂාභංගත්වය දුරු කරන්න ඕනේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් තමයි අපේ රටේ ආර්ථික එන්ජින් එක. ලෝකය පිළිගැනීමට පාත්‍ර වුණු ආණ්ඩුවක් අපි ගොඩනඟනවා. සිවුවැනි පියවර ලෙස සමුද්‍ර ආරක්ෂාව පිළිබඳවත් අපි අවධානය යොමු කරනවා. ලෝකය ඉදිරියේ පිළිගැනීමට පාත්‍ර වුණු රටක් හදන්න ඕනෑ. අපේ රට පිළිබඳ ලෝකය ඉදිරියේ විශ්වාසය ගොඩනැඟෙන පරිසරයක්, දීප්තිමත් රටක් ලෙසට අපේ රටේ ප්‍රතිරූපය ගොඩනඟනවා. නීතියේ විධානය තහවුරු වන රටක් හදන්න ඕනෑ.

අනුරාධා හේරත් (මව්බිම) 

Show More

ජාතික ජන බලවේගයේ කැස්බෑව ආසන සමුළුව

රට ගොඩනැඟීමේ සැබෑ වුවමනාවක් තිබෙන පිරිස් ජාතික ජන බලවේගය වටා එක් වෙමින් සිටිනවා මේ වන විට බලයේ ඉන්න රනිල් වික්‍රමසිංහට මේ රටේ ස්වදේශික දරුවන් පෙනෙන්නේ ප්‍රභාකරන්ලා හැටියට. රට මේ තත්ත්වයට ඇදලා දාලා. මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ කුස ඉදිරියට නෙරා තිබීම රනිල් වික්‍රමසිංහලාට පෙනෙන්නේ බෝම්බ බැඳගෙන ඉඳීමක් හැටියටයි. රනිල් වික්‍රමසිංහලාට ඕනෑ පෘතුගීසීන් මේ රටට එන විට සිටි […]

රට ගොඩනැඟීමේ සැබෑ වුවමනාවක් තිබෙන පිරිස් ජාතික ජන බලවේගය වටා එක් වෙමින් සිටිනවා

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ලක්ෂ්මන් නිපුණ ආරච්චි

මේ වන විට බලයේ ඉන්න රනිල් වික්‍රමසිංහට මේ රටේ ස්වදේශික දරුවන් පෙනෙන්නේ ප්‍රභාකරන්ලා හැටියට. රට මේ තත්ත්වයට ඇදලා දාලා. මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ කුස ඉදිරියට නෙරා තිබීම රනිල් වික්‍රමසිංහලාට පෙනෙන්නේ බෝම්බ බැඳගෙන ඉඳීමක් හැටියටයි. රනිල් වික්‍රමසිංහලාට ඕනෑ පෘතුගීසීන් මේ රටට එන විට සිටි යටත් වැසියන් වාගේ අය. රටේ වැසියන් පුරවැසියන් බවට පත් වෙනවාට රනිල් වික්‍රමසිංහලා කැමැති නැහැ. එදා සුද්දා ලංකාවට ඇවිත් සම්මත කර ගත් අණපනත්වලින් රනිල් වික්‍රමසිංහලාත්, රාජපක්‍ෂලාත් හැංගෙන්නේ ඒ නිසයි. නමුත්, දැන් ඉන්නේ ජාතික ජන බලවේගයේ මැදිහත්වීමෙන් යටත් වැසියන් පුරවැසියන් බවට පත් කළ ජනතාවක්. සිව් මහා බඹුන් විවරණ දුන් රාජපක්‍ෂලා රට හදයි කියලා එක කාලයක් බලාගෙන හිටියා. නමුත්, අවුරුදු හැත්තෑහතරක පාලනය තුළ රනිල් වික්‍රමසිංහලා, රාජපක්‍ෂලා අවසාන වශයෙන් ජනතාව ගෙනැවිත් තිබෙන්නේ යටත් වැසියන් වෙනුවට පුරවැසියන් බලගන්වන තීරණාත්මක යුගයකටයි.

ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ ජනතාව පීඩාවට පත් වන එක නතර කර හොරකම්, වංචා, දූෂණ නවත්වා, අලුතෙන් සිතන ජනතාවක් රට ගොඩනඟන්න එකතු වෙනවා. මේ රටේ ජනතාව රට ගොඩනඟමින්, ඉදිරියට යාම කාටවත් වළක්වන්න බැහැ. දැනට ඉතිරි වී තිබෙන්නේ ඉතාම අඩුම කොටසක් බව සමහර අය කියනවා. නමුත්, ජාතික ජන බලවේගය වටා එකතු වී සිටින්නේ, ඕනෑම අභියෝගයක් භාරගෙන රට ගොඩනැඟීමට හැකි පිරිසක්. විවිධ වෘත්තිකයන්, ව්‍යාපාරිකයන්, ස්වේච්ඡා සේවකයන් ඇත්ත කම්පනයකින් තව දුරටත් අප වටා එකතු වෙමින් සිටිනවා. අප ගොඩනඟන්නේ මහරජාලා නොවෙයි. රට ගොඩනැඟීමේ සැබෑ වුවමනාව වෙනුවෙන් කලාකරුවන්, ඉංජිනේරුවන්, නීතිඥයන්, වෛද්‍යවරුන් වැනි කිසිදු භේදයක් නැතිව ජාතික ජන බලවේගය වටා ඒකරාශී වෙමින් සිටිනවා.

මේ රට ගොඩනඟා දරුවන්ගේ අනාගතය යහපත් කිරීම වෙනුවෙන් කැප වෙමු

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජිකා, ව්‍රායි කැලී බල්තසාර්


අපි හැමෝම ඉන්නේ හරිම විඩාපත් වෙලා; මහන්සියට පත් වෙලා. මේ වැසි තත්වයත් නොසලකා කැස්බෑව ආසන සමුළුවට පැමිණ සිටින විශාල ජනතාව මේ රටට දෙන පණිවුඩයක් තිබෙනවා. ඒ තමයි ඕනෑම අභියෝගයක් හමුවේ ඉදිරියට යන ජනතාවක් ජාතික ජන බලවේගය වටා එකතු වෙමින් සිටින බව. මේ සමුළුවට කාන්තාවන් විශාල පිරිසක් පැමිණ සිටීම සතුටට කාරණයක්. ආර්ථික කඩාවැටීම් හමුවේ අපේ පවුල්වල ආහාර රටාව සියයට හැත්තෑවකින් වෙනස් වී ඇති බව සමීක්‍ෂණයකින් හෙළි වී තිබෙනවා.

දරුවන්ට අවශ්‍ය නිසි පෝෂණය වාගේම වැඩිහිටියන්ට අවශ්‍ය ආහාර ලබා දෙන්නත් නොහැකි වෙලා. ලබා ගන්නා ආහාරවලින් නිසි පෝෂණයක් ලැබෙන්නෙත් නැහැ. ආහාර වේල් ගණන කපාහරිමින් තිබෙනවා. මන්දපෝෂණය ගැන නොයෙක් සංඛ්‍යා දත්ත එළිදැක්වෙමින් තිබෙනවා. ගැබිණි මවුවරුන්ගේ මන්දපෝෂණ තත්වය වේගයෙන් වැඩි වන බව අපි හැමෝටම පැහැදිලියි. ටික කාලයක් අපි හිතාගෙන සිටියේ මේ සියල්ල සිද්ධ වෙන්නේ අපේ කරුමයට හෝ දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව කියලා. අපේ හිත හදාගන්න විවිධ දේවල් අපි යොදා ගත්තා. නමුත්, දැන් අපට පැහැදිලි වී තිබෙනවා මේ ඛේදවාචකය සිදු වී තිබෙන්නේ, අවුරුදු හැත්තෑහතරක් රට පාලනය කළ දේශපාලනඥයන් නිසා බව. මේ තත්ත්වය දරා ගන්න බැරිව පාරට බහින අම්මලා, තාත්තලා ගැන රනිල් වික්‍රමසිංහ කියන්නේ වෙනම කතාවක්. දරුවන් අරගෙන පාරට බහින දෙමාපියන් ත්‍රස්තවාදීන් බව රනිල් වික්‍රමසිංහ කියනවා.

දේශපාලනය කියන්නේ, අපෙන් වෙන් කර තිබෙන දෙයක් නොවෙයි. අපේ ජීවිතය දේශපාලනිකයි. අපි කන කෑමබීම, අපේ ගෙවල්වල ජීවත් වන විදිය, බස් එකක සීට් එකක් අහිමි වීම, රස්සාවල් නැති වීම වාගේම අපේ පාරවල්වල ලයිට් නැති වීම යන හැම දෙයක්ම දේශපාලනිකයි. අපේ ජීවිත දේශපාලනිකයි කියලා තේරුම් ගත් දෙමාපියන් පවුල් පිටින් උද්ඝෝෂණවලට පාරවල්වලට බහිනවා. දේශපාලනය තියෙන්නේ දේශපාලනඥයන්ට විතරක් නොවෙයි. මගේ දරුවන් මේ වාගේ දේශපාලන කටයුතුවලට ගේන්න පුළුවන් තත්ත්වයක් තියෙන්න ඕනෑ. මම විශේෂයෙන්ම කාන්තාවන්ට කියන්නේ, දේශපාලනය එපා කරපු දෙයක් නොවෙයි කියලා. බහුතරයක් ඡන්දදායකයන් කාන්තාවන් බව අපි කවුරුත් දන්නවා. ඡන්දය පාවිච්චි කරන අයගෙන් 56% කාන්තාවන්. බලයට පත් වන ආණ්ඩු දරුවන්ගේ සෞඛ්‍යය, අධ්‍යාපනය, ප්‍රවාහණය සම්බන්ධයෙන් විවිධ තීරණ ගත්තත්, අපට කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ජාතික ආරක්‍ෂාවට අය-වැයෙන් 15% වෙන් කළත්, අපට කිසිම ආරක්‍ෂාවක් ලැබෙන්නේ නැහැ.
දරුවන් හැටියට, කාන්තාවන් හැටියට ඔය කියන ජාතික ආරක්‍ෂාවෙන් අපට ලැබෙන්නේ මොනවාද? අධ්‍යාපනයට වෙන් කරන්නේ අය-වැයෙන් 3%ටත් අඩුවෙන්. මේ හැම දේකම තිබෙන ප්‍රශ්න අපට තේරෙනවා. එහෙනම්, විසඳුම මොකක්ද? විසැඳුම තියෙන්නේ අපේ අතේමයි. මීට වඩා නිදහස්, ආදරණීය ජීවිතයක් ගොඩනඟා ගන්න අපි සියලු දෙනාම එකතු වෙන්න ඕනෑ. අපි සක්‍රිය වෙන්න ඕනෑ. ආත්මාර්ථකාමී පුද්ගලයන් බිහි කරන මේ සිස්ටම් එක වෙනුවට ජාතික ජන බලවේගයේ අපි හැමෝම සාමුහිකව එකතු වී, මේ රට ගොඩනඟා දරුවන්ගේ අනාගතය යහපත් කිරීම වෙනුවෙන් කැප වෙමු කියලා ආරාධනා කරනවා. අපි තමයි, මේ රට භාර ගන්න ඕනෑ.

ප්‍රචණ්ඩත්වයට අත වනන්නේ රනිල්.. ඡන්ද සිතියම අකුළන්න අපි ඉඩ දෙන්නේ නැහැ

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක

අපේ රටේ දීර්ඝ කාලයක් විවිධාකාරයේ දේශපාලන වෙනස්කම් සිදු කිරීමට ජනතාව මැදිහත් වුණේ යහපත් බලාපොරොත්තුවලින්. අපේ ප්‍රශ්න විසඳාගන්න ආණ්ඩුවක් පිහිටුවා ගත් බවට සතුටු වුණා. නමුත්, කෙටි කාලයකින්ම අපේක්‍ෂා භංගත්වයට පත් වුණා. මෙහෙම වුණේ ඇයි? ජනතාවගේ අපේක්‍ෂා සහ බලාපොරොත්තුවලට වඩා වෙනස් අපේක්‍ෂාවන් පාලකයන්ට තිබුණු නිසයි. ජනතාව නැවත නැවත රැවටීමට පත් වුණේ මේ තත්ත්වය යටතේ.
රැවටීමට ලක්වුණු මේ තත්ත්වය තීරණාත්මක ලෙස අපි වෙනස් කළ යුතුයි. ජාතික ජන බලවේගය ගොඩනඟා තිබෙන්නේ ඒ කාර්ය අනිවාර්යයෙන්ම ඉටු කිරීමේ අරමුණින්. ලංකාව දුප්පත් රටක් හැටියට අනුමත කරන්න කැබිනට් පත්‍රිකා දානවා. දරුවන් පාසල් යන සංඛ්‍යාව අඩුවී තිබෙනවා. පාසල් දරුවන් ක්ලාන්තයෙන් ඇදවැටෙනවා. රෝහල්වල බෙහෙත් නැහැ. රෝගීන් මිය යනවා. කර්මාන්ත කඩාවැටෙනවා. මේ වාගේ දුක්ඛ දෝමනස්සයන් තවත් රටට අවශ්‍යයිද? අපත්, අපේ දරුවනුත් මේ ඛේදවාචකයේ ගොදුරු බවට පත් වී අවසන්.  මේ තත්ත්වය වෙනස් කිරීමට බල කෙරෙන අත්දැකීම් ඕනෑ තරම් අපට තිබෙනවා.

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිට රට දාලා යන්න සිද්ධ වුණා. මහින්ද රාජපක්‍ෂට අරලියගහ මන්දිරයෙන් හොර රහසේ ගිහින්, නාවික හමුදා කඳවුරක ඉන්න සිදු වුණා. බැසිල් රාජපක්‍ෂට රට යන්න ෆ්ලයිට් එකක් හොයා ගන්න බැරි වුණා. මහා ගල් පර්වතයක් වාගේ තිබෙන බව කියූ කඳවුර අපේ ඇස් ඉදිරිපිට බිඳවැටී තිබෙනවා. එහෙම නම්, බලය තිබෙන්නේ ජනතාව හමුවේ බව පැහැදිලියි. නමුත්, මේ ජනතාව නිවැරැදි ලෙස සංවිධානය වී නැහැ. ජාතික ජන බලවේගය කොට්ඨාස සභා පිහිටුවන්නේ ඒ ජනතාව සංවිධානය කරමින්. කොට්ඨාස සභාවලට ප්‍රධාන කරුණු තුනක් පැවරී තිබෙනවා. නැවතත් ජනතා නැඟිටීමක දී, එය ජාතික ජන බලවේගය යටතේ සිදු විය යුතුයි. නැත්නම්, ජනතා නැඟිටීම අපතේ යනවා. ඒ වාගේම ගම් මට්ටමින් ජනතාව සංවිධානය කිරීමේ වගකීම අපි මත පැවරී තිබෙනවා. රට බංකොළොත් වී තිබෙන තත්වය හමුවේ ජනතාව රැකගැනීමත් ඒ අතර තිබෙන මූලික කාර්යයක්. රටේ නිෂ්පාදනය කඩාවැටී, උද්ධමනය විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. රැකියා අහිමි වෙමින් තිබෙනවා. මාසික වැටුප් ලබන ජනතාවට ගත් ණය ගෙවා ගන්න බැහැ. මේ පීඩනයට එරෙහිව ජනතාව නැඟිටිනවා. එවැනි නැඟිටීමක් ප්‍රචණ්ඩකාරීත්වයට තල්ලු කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා. ඒ නිසා ඉතා හොඳින් සංවිධානාත්මකව නැඟීසිටින ජන කණ්ඩායම්වලට අපේ කොට්ඨාස සභාව නායකත්වය ලබාදීම කළ යුතුයි. සතුරාට වාසිසහගත කිසිම දෙයක් නොකරන ආකාරයට සංවිධානාත්මක නායකත්වය දෙන්න කොට්ඨාස සභාව ක්‍රියා කළ යුතුයි.

ජාතික ජන බලවේගය බලය ලබාගැනීම සඳහා ඡන්දවලට සූදානම් වෙනවා. නමුත්, ආණ්ඩුව ඡන්දවලට බයයි. පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව නොයෙක් උපක්‍රම යොදමින් සිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන්නවත් ජනවරමක් නැති රනිල් වික්‍රමසිංහට මැතිවරණයකින් අත්පත් කර ගන්නා පරාජය හමුවේ තව දුරටත් ජනාධිපති පුටුවේ ඉන්න බැහැ. ඒ වාගේම ඡන්දයෙන් පත් කර ගත් මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ ආණ්ඩුව ජනතාව විසින් පලවාහැරියා. එහෙම නම්, වර්තමාන ආණ්ඩුවටත් ජනවරමක් නැහැ. නමුත්, ඔවුන් ඡන්දයකට යන්නෙත් නැහැ. ඡන්දයකට ගියොත්, ඔවුනට ලැබුණු ලක්‍ෂ හැටනවයක ජනවරම දැන් තිබෙන්නේ කොතැනද කියලා පැහැදිලි වෙනවා. රනිල්ටත්, රාජපක්‍ෂලාටත් එකට එකතු වී ඡන්දයකට යන්න බැහැ. ගම් මට්ටමේදී මේ දෙගොල්ලෝ එකතු කරන්න බැහැ. මේ වාගේ තත්ත්වයක් තුළ ඡන්ද කල් දාන්න දෙගොල්ලොම කැමැතියි.

බලයක් නැති ආණ්ඩුව ඡන්ද කල් දාන්න නොයෙක් අටමගල් අටවමින් සිටිනවා. නමුත්, ජාතික ජන බලවේගයේ කොට්ඨාස සභාවලට විශේෂ වගකීමක් අරගෙන සටනට සූදානම් වෙනවා වාගේම ඡන්දයට සූදානම් වෙන්නත් ඕනෑ. නමුත්, මේ රට ගොඩනඟන්න එකිනෙකා හඹා ගොස් පරාජය කිරීමේ මනෝභාවය වෙනුවට රට ගොඩනැඟීමේ සාමුහික හැඟීමකින් එකතු වෙන්න ඕනෑ. අනෙකාගේ වේදනාව මගේ වේදනාව බවට පත් වෙන්නේ කොහොමද කියන සාමුහික හැඟීමක් අපට අවශ්‍යයි. එසේ නැතිව උඩින් ආණ්ඩුවක් අටවා ගත් පමණින් රටක් හදන්න බැහැ. සමාජයේ පරිවර්තනයක් අවශ්‍යයි.

රටකට සිදුවිය හැකි සියලුම පන්නයේ විනාශයන් මේ රටට අත් කර දී අවසන්. රනිල් වික්‍රමසිංහ ත්‍රිකුණාමලයට ගිහින් කියලා තිබුණේ, එදා ටැංකි ටික විකිණුවා නම්, අද තෙල් තියෙනවා කියලා. අපේ රටට තෙල් නැති වුණේ, ටැංකි නිසා නොවෙයි, ඩොලර් නැති නිසා. අයි.ඕ.සී. සමාගමට ටැංකි අටක් දීලා තියෙන්නේ. ඒ ටැංකි අට පුරවලා තිබුණෙත් නැහැ. අවශ්‍ය වී තිබෙන්නේ මේ රට ගොඩනැඟීම සඳහා නව ආර්ථික සැලැස්මක්, දේශපාලන පරිවර්තනයක් සහ ඒ වෙනුවෙන් පෙළගැසුණු ජනතාවගේ සූදානමක්. ගල් අඟුරු ගෙන්වීමෙන් ඩොලර් මිලියන පන්සියයකට වඩා අහිමිවී ඇති බව විගණකාධිපති වාර්තාවෙන් හෙළිවී තිබෙනවා. පොහොර ගෙන්වීමේදී ඩොලර් මිලියන අටක් අහිමිවී ඇති බවත්, තෙල් ගෙන්වීම, පොහොර ගෙන්වීම, සීනි ගෙන්වීම වාගේ සියලු ක්‍ෂේත්‍රවල සිදු කර තිබෙන මූල්‍ය අපරාධ ගැන විගණකාධිපති වාර්තාවලින් හෙළි වෙනවා. මේවාට වගකිව යුත්තන් එක්ක රටක් හදන්න බැහැ.

ගීතයක් රසවිඳින, පොතක් පතක් කියවන, චිත්‍රපටියක් බලන, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගැන හිතන සාමුහික සංස්කෘතියක් ගොඩනැඟිය යුතුයි. එවැනි ජනතාවක් සහිත කොට්ඨාස සභාවක මූලික කාර්යභාරයන් තුනක් තිබෙනවා. ජනතාවගේ නැඟිටීමට නායකත්වය දීම. එළැඹෙන ඡන්දයේදී කොට්ඨාසය ජයග්‍රහණය කරවීම සහ කොට්ඨාසය තුළ ජනතාවගේ පරිවර්තනයක් ඇති කිරීම සඳහා සිදු කරන සාකච්ඡාවක් ගෙන යාම ඒ කාර්යභාරයන් තුනයි. මේ කටයුතු සාර්ථක ලෙස කළහොත්, අපට ජයග්‍රහණය ලබන්න පුළුවන්.

අපි කිසි කෙනෙක් ආණ්ඩු ගන්නේ කාලය ගෙවන්න නොවෙයි. රට හදන්න. මේ ගොල්ලෝ එකිනෙකා ආරක්‍ෂා කරමින්, දූෂිතයන් රකිනවා. නමුත් අපි මේ දූෂිතයන්ට දඬුවම්දී, ඔවුන් කොල්ලකා ගත් මහජන ධනය ආපසු අය කර ගන්නවා. රාජ්‍ය ආයතන විශාල පාඩුවක් සහිතව පැවැතීම රජයට බරක් බවට අද විශාල සාකච්ඡාවක් තිබෙනවා. ඒ ආයතනවලට දේශපාලන පත්වීම් මත සේවකයන් පුරවා, රාජ්‍ය ආයතන කඩාවැට්ටුවා. ආර්ථිකයේ නව අවස්ථා නිර්මාණය කර නව ව්‍යවසායකයන් හඳුන්වාදී, රැකියා උත්පාදනය කරනවා වෙනුවට ඡන්දය බලාගෙන රාජ්‍ය ආයතනවල රස්සා ලබා දුන්නා. නමුත්, ජාතික ජන බලවේගය පුරප්පාඩු නැති කිසිම ආයතනයකට රැකියා ලබා දෙන්නේ නැහැ. සංචාරක ක්‍ෂේත්‍රය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ක්‍ෂේත්‍රය, නාවික ක්‍ෂේත්‍රය ඇතුළු ක්‍ෂේත්‍ර ගණනාවක් ආර්ථිකයේ ප්‍රමුඛතම අංශ හැටියට සංවර්ධනය කරනවා. අපේ පාලනයක් යටතේ රැකියා ලබා දෙන්නේ මේ විදියට ආර්ථිකය ප්‍රසාරණය කිරීමෙන්.

මේ දක්වා පාලකයන් කළේ රට පස්සට ගෙන යන ආර්ථික ක්‍රමයක් අනුගමනය කිරීමයි. අපි රට ඉදිරියට ගෙන යන ආර්ථික සැලැසුම් ක්‍රියාත්මක කරනවා. අලුත් තරුණ පරම්පරාවට නව ආර්ථික අවස්ථා නිර්මාණය කිරීම අපේ මූලික කාර්යභාරයක්. වර්තමාන තරුණයන් උදේ අටේ සිට සවස පහ දක්වා රැකියා කරනවාට වඩා නිදහස් අවස්ථා ගැන සිතනවා. ඒ අය වෙනුවෙන් දිරිගැන්වීම් සහිත සංයුක්ත, කාර්යක්‍ෂම රාජ්‍ය සේවයක් අපි ගොඩනඟනවා. සුද්දා ගිහින් අවුරුදු හැත්තෑහතරකට වැඩි වුණත්, තාමත් ගෙන යන්නේ සුද්දා හඳුන්වා දුන් රාජ්‍ය සේවයයි. නමුත්, එය කාර්යක්‍ෂම ජනතා සේවයක් බවට අපි පරිවර්තනය කරනවා.



අධ්‍යාපනය ලබන තරුණ දරු දැරියන් රැකියාවක නිරත වන එක අද ලෝකයේ සිදුවෙන දෙයක්. නමුත්, අපේ රටේ තිබෙන්නේ පොළොන්නරුවේ ඉගෙන ගන්නා දරුවා රස්සාවක් වෙනුවෙන් කොළඹ දිහා බලාගෙන සිටීමයි. නමුත්, නව නිපැයුම් ආර්ථිකයක් මඟින් ඒ දරු දැරියන්ට පොළොන්නරුව ප්‍රදේශය තුළම රැකී රක්‍ෂා ලබාදිය යුතුයි. ආර්ථික වර්ධනයත්, ආර්ථික සංවර්ධනයත් ඇති වෙන්නේ මේ ආකාරයට නව ආර්ථික අවස්ථා නිර්මාණය කරමින්, ලෝකයේ නව වෙළෙඳපොළවල් වෙත ප්‍රවේශ වීමෙන් පමණයි.

මේ රට ගොඩනැඟිය හැකි අදූෂිත, අවංකභාවයෙන් යුක්ත කණ්ඩායම ඉන්නේ ජාතික ජන බලවේගයේ පමණයි. ආර්ථිකය ගොඩනැංවීමේ කාර්යය වෙනුවෙන් අපි ආර්ථික කවුන්සිලයක් පිහිටුවා තිබෙනවා. මහාචාර්ය අනිල් ජයන්ත, මහාචාර්ය ජනක් කුමාරසිංහ, ආචාර්ය ශාන්ත ජයරත්න, මහාචාර්ය දයානන්ද සහ අපේ සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා මේ කවුන්සිලයේ ක්‍රියා කරනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ක්‍ෂේත්‍රය චතුරංග අබේසිංහ සහෝදරයාගේ මූලිකත්වයෙන් පිහිටුවා තිබෙනවා. අපේ ආරක්‍ෂක කවුන්සිලය ගැන සමහර අය අහනවා. හිටපු ජෙනරල්ලාගෙන් සමන්විත ආරක්‍ෂක කවුන්සිලයක් අපි මේ තිස්වැනිදා පිහිටුවනවා. ඒ වාගේම විදේශ සබඳතාවන් ගැනත් අපි මූලිකවම අවධානය යොමු කර තිබෙනවා. ලෝකයේ අප ගැන අද තියෙන්නේ, ඉතාමත් කැත ප්‍රතිරූපයක්. අපට අහිමි වී තිබෙන ජාත්‍යන්තර ප්‍රතිරූපය ඉතා ශක්තිමත් ලෙස ලෝකය ඉදිරියේ බබළවන විදේශ ප්‍රතිපත්තියක් අපි ක්‍රියාත්මක කරනවා.

ප්‍රසන්න රණතුංග ගැන අන්තර්ජාලයේ හොයල බැලුවොත් එන්නේ අධිකරණයෙන් කෝටි දෙකහමාරක දඩයක් ගහපු කප්පම්කාරයෙක් කියලා. චොකා මල්ලි ගැන හෙව්වොත් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වුන කෙනෙක්. මහින්ද රාජපක්‍ෂගේ නම අන්තර්ජාලයේ ගහපුවාම ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත් පතෙන් හෙළි කළ චීන සමාගමකින්
පගා ගත්තා කියන තොරතුර එළියට එනවා. නාමල්ගේ නම ගහපුවාම ‘ක්‍රිස් ගනුදෙනුව’ ගැන ඕස්ටේ්‍රලියාවේ මාධ්‍යවේදීන් හෙළි කළ අල්ලස් දීම් ගැන තොරතුරු වැළක් එළියට එනවා. ලෝකය ඉස්සරහා රටේ නම කළු කළ මේ අයට රට ගොඩනඟන්න බැහැ. මානව හිමිකම්, නීතිය, ළමා අයිතිවාසිකම්, කාන්තා අයිතිවාසිකම්, වැඩිහිටියන්ගේ ආරක්‍ෂාව වාගේ ලෝකය පිළිගන්නා නිර්ණායක තිබෙනවා. මේවාට අනුව අපේ සමාජය දියුණු කරන්න ඕනෑ. සමාජ ආරක්‍ෂාව සහිත රාජ්‍යයක් ගොඩනඟන්න ඕනෑ. එවැනි රාජ්‍යයකට තමයි, සංචාරක ව්‍යාපාරය දියුණු කළ හැකි වන්නේ. විදේශ ආයෝජන ගේන්නේ ඒ වාගේ රටකට. ඒ වෙනුවෙන් අවංක, අදූෂිත කණ්ඩායමක් ජාතික ජන බලවේගයේ ඉන්නවා.

ජාතික ජන බලවේගයේ වගකීම් දරන්න තේරී පත් වුණු කිසි කෙනෙක් තමන්ට පෞද්ගලිකව යමක් ලබා ගන්න ආව අය නෙවෙයි. වෙනදාට වඩා වැඩියෙන් අප දිහා බලන්න, කැමැත්තක් දක්වන ජනතාවක් අද ඉන්නවා. ඔවුන්ගේ විශ්වාසය තහවුරු කර ගනිමින්, එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ දී විශාල ජයග්‍රහණයක් ලබා ගත යුතුයි. ඊළඟ මහා මැතිවරණයේ දී අපේ ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ සංඥාව ඒ පළාත් පාලන මැතිවරණයෙන් ලබා දිය යුතුයි. පළාත් පාලන ඡන්දයෙන් ඒ සංඥාව හරියට ලබා දුනහොත්, ඉතා කෙටි කාලයක් ඇතුළත නිවාර්යයෙන්ම මහා මැතිවරණයෙන් අපට බලය ගන්න පුළුවන්. අපි මේ වැඬේට අතගැහුවේ, භාග ජයග්‍රහණ ලබාගන්න නොවෙයි. මේ රට ඛේදවාචකයකට හෙලපු මේ තත්වයෙන් ගොඩ ගන්න වෙන කිසිවකුට බැහැ. නාමල්ගේ මාමාගේ හෝටලයේ එක රැයක කාමරකුළිය ‘එයාර් ලංකා’ සමාගමේ ගුවන් ටිකට් එකකට වඩා කීප ගුණයක්. ගුවන් යානයක් ප්‍රමාද වුනාම කාමරයක් දෙන්නේ නාමල්ගේ මාමාගේ හෝටලයේ. මේ විදියට තමයි බිස්නස් එක යන්නේ. එහෙම අයට මේ රට ගොඩ ගන්න පුළුවන්ද?

ඇමැතිවරුන් නොගෙවූ ලයිට් බිල් ගැන මේ දවස්වල කතාබහක් ඇති වෙලා. ඇමැතිවරුන්ගේ නිල නිවාසවල බිල් අමාත්‍යාංශයෙන් ගෙවනවා. එහෙම නම්, හිඟ තියෙන්නේ කොහොමද? සමහරුන්ගේ ඇමැතිකම නැති වුණාමත් නිල නිවාසයේ පදිංචි වෙලා ඉන්නවා. නමුත් බිල් අමාත්‍යාංශයෙන් ගෙවන්නේ නැහැ. එතකොට තමයි හිගය ඇතිවෙන්නේ. ලයිට් බිල් නොගෙවනවා විතරක් නොවෙයි, මේ ගොල්ලෝ නිල නිවාසවල ඉන්නෙත් බලයෙන්. සමහර අය ඇමැති ධුර ගන්නේ ඇමැති නිල නිවාසවල ඉන්න බලාගෙනමයි. නාමල් රාජපක්‍ෂ පෙකිණිවැල කපපු දවසේ ඉඳල ජීවත් වෙන්නේ ආණ්ඩුවේ ගෙවල්වල. මහින්ද, ගෝටා දැන් ඉන්නේ ආණ්ඩුවේ ගෙවල්වල.
ගල් අඟුරු ගේන්න, ගෑස් ගේන්න මේ අසීරුම අවස්ථාවේ ලබා දෙන ආධාරවලින් පවා ගහනවා. මොන පාලකයොද මේ. ඒ නිසා මොවුන්ගෙන් අපේ රටට හෝ අපේ දරුවන්ට හෝ කිසිදු අනාගතයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ දුර්දාන්ත කණ්ඩායම පරාජයට පත් කොට ජාතික ජන බලවේගයේ පාලනයක් ස්ථාපනය කිරීමට අපි හැම දෙනාම පෙළගැසෙමු කියා ඉල්ලා සිටිනවා.

Show More

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය හා ජාතික ජන බලවේගය අතර හමුවක්

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය හා ජාතික ජන බලවේගය අතර හමුවක් අද(12) පෙරවරුවේ බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. රට වර්තමානයේ මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය සහ ව්‍යාපාරික ක්ෂේත්‍රය මුහුණ දී තිබෙන තත්වය පිළිබඳව මෙහිදී අවධානයට ලක් විය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය වෙනුවෙන් උප සභාපති දුමින්ද හුලංගමුව (ීැබසදර ඡ්රඑබැර ෑරබිඑ ) ශදමබට), […]

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය හා ජාතික ජන බලවේගය අතර හමුවක් අද(12) පෙරවරුවේ බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. රට වර්තමානයේ මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය සහ ව්‍යාපාරික ක්ෂේත්‍රය මුහුණ දී තිබෙන තත්වය පිළිබඳව මෙහිදී අවධානයට ලක් විය.


මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය වෙනුවෙන් උප සභාපති දුමින්ද හුලංගමුව (ීැබසදර ඡ්රඑබැර ෑරබිඑ ) ශදමබට), නියෝජ්‍ය උප සභාපති කිෂාන් බාලේන්ද්‍ර (ක්‍ය්සරප්බ දf න්‍දයබ ණැැකකි ්‍යදකාසබටි), අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජික සරත් ගනේගොඩ (ෑංැජමඑසඩැ ෘසරුජඑදර ්එ ්‍ය්හකැහි) සහ ලේකම් මංජුල ද සිල්වා (ක්‍ෑධ දf ඔයැ ක්‍ැහකදබ ක්‍ය්පඉැර දf ක්‍දපපැරජැ) යන මහත්වරු එක්ව සිටියහ.
ජාතික ජන බලවේගය වෙනුවෙන් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ජාතික විධායක සභික මුදිත නානායක්කාර, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික ආචාර්ය ශාන්ත ජයරත්න යන අය සහභාගි වූහ.

Show More