-Colombo, February 07, 2024- ඉන්දියාවේ විශේෂ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායකයෝ අද (07) දින ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය බූපෙන්ද්‍රභායි පටෙල් (Bhupendrabhai Patel) මහතා සමග ගාන්ධිනගර්හි විදාන සභාවේදී (ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාව) හමුවක් පැවැත්වූහ. ප්‍රාන්තය තුළ දිළිදුකම පිටුදැකීම සඳහා වූ සංවර්ධන උපායමාර්ග හා ප්‍රාන්ත පරිපාලන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි. ඉන් අනතුරුව එම ප්‍රාන්තයේ කර්මාන්ත අමාත්‍ය […]
-Colombo, February 07, 2024-
ඉන්දියාවේ විශේෂ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායකයෝ අද (07) දින ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය බූපෙන්ද්‍රභායි පටෙල් (Bhupendrabhai Patel) මහතා සමග ගාන්ධිනගර්හි විදාන සභාවේදී (ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාව) හමුවක් පැවැත්වූහ. ප්‍රාන්තය තුළ දිළිදුකම පිටුදැකීම සඳහා වූ සංවර්ධන උපායමාර්ග හා ප්‍රාන්ත පරිපාලන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.
ඉන් අනතුරුව එම ප්‍රාන්තයේ කර්මාන්ත අමාත්‍ය Balvantsinh Rajput මහතා සමඟද විශේෂ හමුවක් පැවැත්වනු ලැබූ අතර ඉන්දියානු රජයේ සංවර්ධන ආදර්ශයක් ලෙස භාවිත කරනු ලබන ‘ගුජරාට් ආදර්ශය’ (Gujarat Model) පිළිබඳ ඉදිරිපත් කිරීමක්ද සිදු විය. බලශක්ති ප්‍රතිසංස්කරණ, කෘෂිකර්මය හා ජලය, යටිතලපහසුකම් වැඩිදියුණු කිරීම, කර්මාන්ත හා ආයෝජන, සෞඛ්‍යාරක්ෂාව සහ කාන්තාවන් බලගැන්වීම මෙම ගුජරාට් සංවර්ධන ආදර්ශයේ ප්‍රධාන අංශ වේ.
අහමදාබාද්හි කෘෂිකාර්මික ප්‍රදේශයන් හා කෘෂිපාදක කර්මාන්ත නිරීක්ෂණ චාරිකාවක්ද සිදුවිය.
-Colombo, February 06, 2024- ඉන්දීය රජයේ ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු පිරිස සංචාරයේ දෙවන දිනය වන අද (06) නව දිල්ලියේ පිහිටි Observer Research Foundation හෙවත් ස්වාධීන ගෝලීය බුද්ධිමතුන්ගේ එකතුව හමුවිය. Observer Research Foundation යනු ඉන්දියානු රජයේ ප්‍රතිපත්ති සම්පාදනයේදීත් තීරණ ගැනීමේදීත් ඉන්දියාවේ දේශපාලකයින්ට සහ ව්‍යාපාරික ප්‍රජාවට උපදේශන සේවා සපයන […]
-Colombo, February 06, 2024-
ඉන්දීය රජයේ ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු පිරිස සංචාරයේ දෙවන දිනය වන අද (06) නව දිල්ලියේ පිහිටි Observer Research Foundation හෙවත් ස්වාධීන ගෝලීය බුද්ධිමතුන්ගේ එකතුව හමුවිය. Observer Research Foundation යනු ඉන්දියානු රජයේ ප්‍රතිපත්ති සම්පාදනයේදීත් තීරණ ගැනීමේදීත් ඉන්දියාවේ දේශපාලකයින්ට සහ ව්‍යාපාරික ප්‍රජාවට උපදේශන සේවා සපයන ආයතනයකි.
අනතුරුව දූත පිරිස ඉන්දියාවේ ඉලෙක්ට්‍රෝනික සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ඉන්දියානු අනන්‍ය හඳුනාගැනීමේ අධිකාරිය (Unique Identification Authority of India) නැරඹූ අතර එහි ප්‍රධානීන් සමග සුහද සාකච්ඡාවක නිරත විය.
අනතුරුව අද (06) පස්වරුවේ ජාතික ජන බලවේගයේ නායකයෝ අහමදාබාද් නගරය බලා පිටත්වූහ.
-Colombo, February 05, 2024- ඉන්දීය රජයේ ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු පිරිස ඊයේ (05) රාත්‍රියේ විදේශ ලේකම් Vinay Mohan මහතා හමුවිය. එම හමුව නවදිල්ලි නගරයේ Taj Mansingh හෝටලයේදී පැවැත්විනි. අද(06) දිනයේදී එම දූත පිරිස ඉන්දියාවේ Observer Research Foundation සහ Unique Identification Authority of India (UIDAI) ආයතන නැරඹීමට සහ […]
-Colombo, February 05, 2024-
ඉන්දීය රජයේ ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු පිරිස ඊයේ (05) රාත්‍රියේ විදේශ ලේකම් Vinay Mohan මහතා හමුවිය. එම හමුව නවදිල්ලි නගරයේ Taj Mansingh හෝටලයේදී පැවැත්විනි.
අද(06) දිනයේදී එම දූත පිරිස ඉන්දියාවේ Observer Research Foundation සහ Unique Identification Authority of India (UIDAI) ආයතන නැරඹීමට සහ එම ආයතනයන්හි ක්‍රියාකාරිත්වයන් පිළිබඳ විශේෂ සාකච්ඡාවල නිරතවීමට නියමිතය.
-Colombo, February 05, 2024- ඉන්දියානු රජයේ නිල ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අද (05) පස්වරුවේ ඉන්දියානු රජයේ ජාතික ආරක්ෂක උපදේශක Ajit Doval මහතා හමුවිය. මෙම හමුව Sardar Patel Bhavan හිදී සිදුවිය. මෙම හමුවේදී කලාපීය ආරක්ෂාව පිළිබඳවත්, ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ද්විපාර්ශවීය සබඳතා පිළිබඳවත් දීර්ඝ ලෙස සාකච්ඡ්චාවට බඳුන්විය. හමුව […]
-Colombo, February 05, 2024-
ඉන්දියානු රජයේ නිල ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අද (05) පස්වරුවේ ඉන්දියානු රජයේ ජාතික ආරක්ෂක උපදේශක Ajit Doval මහතා හමුවිය. මෙම හමුව Sardar Patel Bhavan හිදී සිදුවිය.
මෙම හමුවේදී කලාපීය ආරක්ෂාව පිළිබඳවත්, ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ද්විපාර්ශවීය සබඳතා පිළිබඳවත් දීර්ඝ ලෙස සාකච්ඡ්චාවට බඳුන්විය. හමුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ද එකවිය.
-Colombo, February 05, 2024- පසුගිය දෙසැම්බර් 04 දින විවාදයට ගැනුන 2024 අයවැය කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශ වැය ශීර්ෂයට විරෝධය පළ කරමින් ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය විසින් පාර්ලිමේන්තු වටරවුම අසලදී පැවැති උද්ඝෝෂණයට පොලිසිය විසින් අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කරමින් පහර දුන් අතර එම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අද (05) සවස 3.00ට […]
-Colombo, February 05, 2024-
පසුගිය දෙසැම්බර් 04 දින විවාදයට ගැනුන 2024 අයවැය කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශ වැය ශීර්ෂයට විරෝධය පළ කරමින් ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය විසින් පාර්ලිමේන්තු වටරවුම අසලදී පැවැති උද්ඝෝෂණයට පොලිසිය විසින් අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කරමින් පහර දුන් අතර එම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අද (05) සවස 3.00ට වැලිකඩ පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි.
එම දැනුම් දීමට අනුව හිටපු නාගරික මන්ත්‍රී සමන්මලී ගුණසිංහ, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, නීතිඥ ධනුෂ්කී ලියනපටබැඳි, නීතිඥ නිමලා සිරිවර්ධන යන අය පෙනී සිටි අතර එම අවස්ථාවට ජාතික ජන බලවේගයේ නීතිඥයෝ වෙනුවෙන් නීතිඥ සුනිල් වටගල, නීතිඥ අකලංක උක්වත්ත, නීතිඥ ජගත් අබේනායක යන අයද වැලිකඩ පොලිසිය වෙත පැමිණ තිබිණි.