(-Japan, July 22, 2024-) ඊයේ (22) පස්වරුවේ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්ගේ සහභාගිත්වයෙන් Tokyo Prince හෝටලයේදී පැවැති ව්‍යාපාරික හමුවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසනයක සහෝදරයා සහභාගී විය. එහිදී, ඉදිරියේදී ගොඩනැගෙන මාලිමාවේ පාලනයකදී ක්‍රියාත්මක කරන ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳවත් ආයෝජන පිළිබඳවත් අදහස් හුවමාරු විය.
(-Japan, July 22, 2024-)
ඊයේ (22) පස්වරුවේ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්ගේ සහභාගිත්වයෙන් Tokyo Prince හෝටලයේදී පැවැති ව්‍යාපාරික හමුවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසනයක සහෝදරයා සහභාගී විය.
එහිදී, ඉදිරියේදී ගොඩනැගෙන මාලිමාවේ පාලනයකදී ක්‍රියාත්මක කරන ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳවත් ආයෝජන පිළිබඳවත් අදහස් හුවමාරු විය.
(-Japan, July 22, 2024-) මේ වන විට ජපානයේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය TSUGE Yoshifumi මහතා අතර හමුවක් එම අමාත්‍යාංශයේදී අද (22) දින පස්වරුවේ සිදු විය. මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳවත් දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳවත් රාජ්‍යතාන්ත්‍රික […]
(-Japan, July 22, 2024-)
මේ වන විට ජපානයේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය TSUGE Yoshifumi මහතා අතර හමුවක් එම අමාත්‍යාංශයේදී අද (22) දින පස්වරුවේ සිදු විය.
මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳවත් දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳවත් රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික සබඳතාවන්හි ඉදිරි පියවර පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කරන ලද අතර එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා විසින් අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජපාන සංචාරය පිළිබඳව සුබපැතුම් එක් කිරීමටද මෙහිදී කටයුතු කර තිබිණි.
මෙම සාකච්ඡාව සඳහා අග්නිදිග සහ නිරිතදිග ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ නිරිතදිග ආසියානු අංශයේ අධ්‍යක්ෂ Tsutsumi Taro මහතා සහ එම අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ IWASE Kiichiro මහතා ඇතුළු නිලධාරි පිරිසක්ද ජාතික ජන බලවේගයේ ජපාන කමිටුවේ සාමාජිකයින් කිහිපදෙනෙක්ද එක්ව සිටියහ.
(-Colombo, July 21, 2024-) වර්තමාන ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාදක කරගනිමින් සමාජය මත දෙගෙඩියාවක් නිර්මාණය කරන්න උත්සාහ කරමින් තිබෙනවා. මේ දෙගිඩියාවේ මූලාරම්භය තමයි ජනාධිපතිවරයෙකුගේ ධුර කාලය අවුරුදු පහද, හයද කියන සාකච්ඡාව. මේ පහද, හයද කියන සාකච්ඡාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිමාකර තිබූ සාකච්ඡාවක්. එය යළි කරළියට අරගෙන ආවේ රනිල් වික්‍රමසිංහ. නිතරම දෙගිඩියාවෙන් ජීවත් වෙන රනිල් වික්‍රමසිංහ එය සමාජගත […]
(-Colombo, July 21, 2024-)
වර්තමාන ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාදක කරගනිමින් සමාජය මත දෙගෙඩියාවක් නිර්මාණය කරන්න උත්සාහ කරමින් තිබෙනවා. මේ දෙගිඩියාවේ මූලාරම්භය තමයි ජනාධිපතිවරයෙකුගේ ධුර කාලය අවුරුදු පහද, හයද කියන සාකච්ඡාව. මේ පහද, හයද කියන සාකච්ඡාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිමාකර තිබූ සාකච්ඡාවක්. එය යළි කරළියට අරගෙන ආවේ රනිල් වික්‍රමසිංහ. නිතරම දෙගිඩියාවෙන් ජීවත් වෙන රනිල් වික්‍රමසිංහ එය සමාජගත කිරීමට උත්සාහ ගනිමින් ඉන්නවා. අවුරුදු පහද, හයද කියන සාකච්ඡාව ප්‍රථම වරට නිමා කළේ, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයට ආපු වෙලාවේ. ඒ සාකච්ඡාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසන් කළා. එය යළි මතුකර ගත්තා මෛත්‍රීපාල සිරිසේන. ඔහුගේ ධුර කාලය අවසන් වීමට ආසන්න වෙමින් තිබියෙදී, තමන්ට අවුරුදු හයක් සිටීමට හැකිද, යන මතයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසුවා. ඔහුට ධුර කාලය අවුරුද පහයි යන මතය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශ කළා. ඊට පසු ලෙනව නමැත්තා 19 වැනි ව්‍යවස්ථාව අභියෝගයට ලක් කළ පළමු අවස්ථාවේදිම ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් අවුරුදු පහක් බව තීන්දුව දී රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවක්ද ගසා තිබෙනවා. ඊට පස්සේ නීතිඥවරයෙක් ලවා මේ ප්‍රශ්නය නැවතත් ඇසුවා. එයාට ලක්ෂ පහක නඩු ගාස්තුවක් ගසා, අවුරුදු පහක් බව පැහැදිලි කර දී තිබෙනවා. මේ වන විට ජනාධිපතිවරයෙකුගේ ධුර කාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (2) අනුව සහ අනු වගන්තීන් අනුව අවුරුදු පහක් බවට අපි පැහැදිලි කොට තිබෙනවා.
මෙසේ තිබියදී අධිකරණ අමාත්‍යවරයා තනි කොළයක ගැසට් එකක් දැම්මා. ඔහුම ‘මේක අපි ජනාධිපතිවරණයක් අස්සේ ගේන්නේ නැහැ, ඒක ඉස්සරහට ගෙනියන්න එපා’ කියා එයාගේ ලේකම්වරයාට කිවුව බව පැවසූවා. එසේ ප්‍රකාශ කර තිබියෙදී රනිල් වික්‍රමසිංහගේ ලේකම් තනි කොළයක ගැසට් එක ගැහුවා. දැන් යළි දෙගිඩියාවක් සමාජය මත නිර්මාණය කරමින් යනවා, ජනමත විචාරණයකට යනවාද, ඒකෙන් ජනාධිපතිවරණයට බාධාවක් ඇති වෙනවාද, යන කරුණ. මේ ගැසට් එකේ තිබෙන්නේ වචන දෙකක හරඹයක්. එක වගන්තියක කියනවා “සාවුරුද්දක් ඉක්මවා” කියන වචන දෙක “පස් අවුරුද්දක් දක්වා” කියන වචනවලට හරවන්න කියන එක. මේ වචන දෙකට රුපියල් කෝටි 1000ක් වියදම් කරන්න රනිල් වික්‍රමසිංහ බලාපොරොත්තු වෙනවා.
අපට මතකයි පළාත් පාලන මැතිවරණය සල්ලි නැහැ කියමින්, රනිල් වික්‍රමසිංහ විසින් සම්පූර්ණයෙන්ම හැකිළුවා. අද විදෙස්ගත ශ්‍රමිකයන්ගේ සහ අපනයන ආදායම පදනම් කරගෙන, ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුලේ අමාරුවෙන් පවත්වාගෙන යනවා. ජනාධිපතිවරණය කැඳවීමට නියමිතව තිබෙන අවස්ථාවක්. අපි මැතිවරණ කොමිසමට කියනවා කරුණාකර හැකි ඉක්මනින් මේ අවනඩුව බේරා දමන ලෙස. ජනාධිපතිවරණය පවත්වන දිනයයි, නාම යෝජනා බාර ගන්න දිනයයි වහාම ප්‍රකාශයට පත්කර දාන්න. තවදුරටත් කල් නොමරා මේ දිනය ප්‍රකාශ කිරීමෙන් මේ තත්වය යම් දුරකට සමනය වෙනවා. ජනාධිපතිවරණය පැවැත්වීම, රනිල් වික්‍රමසිංහගේ කකුල් මාට්ටුවෙන් නතර වෙන්නේ නැහැ. මේ ගැසට් පත්‍රය සභාගත වෙන්න ඕනෑ. ඊට පස්සේ ජනතාවට පෙත්සම් ඉදිරිපත් කරන්න සති දෙකක කාලයක් ඉඩ දෙන්න ඕනෑ. ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම විමසලා පාර්ලිමේන්තුවට යවන්න, තව සතියක කාලයක් යනවා. පාර්ලිමේන්තුවේ වාද විවාද නම් කර ගන්න සතියක විතර කාලයක් යවා. ඒ වාද විවාද අවසන් වෙලා ඡන්ද විමසලා, කථානායකවරයා තමන්ගේ අත්සන යොදන්න ඕනෑ. මේක ජනමතයකට යා යුතුයි කියා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කළොත් ඒකට ජනාධිපතිවරයා අත්සන් තබන්න ඕනෑ. අත්සන් තබා මාසයක් ඇතුළත ජනමත විචාරණය කැඳවන්න ඕනෑ.
මේ ක්‍රියාවලිය යන අතරවාරයේ ජනාධිපතිවරණ ක්‍රියාවලිය නතර වෙන්නේ නැහැ. මේ රට අමාරුවෙන් ගතකරන අවස්ථාවක්. ශ්‍රේෂ්ඨාධිකරණයේ ලිහපු ප්‍රශ්නය යළි කරළියට ගන්නේ, තමන්ගේ කැත, මජර දේශපාලනය ඉස්සරහට අරගෙන යන්න. රනිල් වික්‍රමසිංහ තරම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවභාවිතා කළ නායකයෙක් ලක් ඉතිහාසයේ නැහැ. ඇත්තම ගතහොත් රනිල් වික්‍රමසිංහ මේ මැතිවරණයට තරග කරනවාද නැද්ද යන්න තවමත් තීරණය කර නැහැ. ඔහුට තරග කරන්න පක්ෂයක් නැහැ. ඔහු පත්ව ඇති දෙගිඩියාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් රටේ දෙගිඩියාවක් බවට පත්කරන්න යනවා. මේක ශ්‍රේෂ්ඨාධිකරණයට ආවොත් අපි තර්ක කරන්න බලාපොරොත්තුව ඉන්නවා. මේ වගන්තියේ තිබෙන්නේ සාවුරුද්දක් ඉක්මවා යන්නේ නම් තමයි ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා. කාලය අඩු කරනවා නම්, ඇත්ත වශයෙන්ම එවැන්නක් අවශ්‍යද කියලා තර්ක කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විසඳපු ප්‍රශ්නයක්. එහෙම නම් මෙය පාර්ලිමේන්තුවේ 2/3න් අපට බේරා ගන්න පුළුවන්ද කියලා බැලිය යුතුයි. පුළුවන් වුණොත් ජනමත විචාරණයකට යන්න අවශ්‍ය නැහැ. පුළුවන් නම් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ 2/3ක් අරගෙන පෙන්වන්න.
අද මේ ආණ්ඩුව, මුළු සමාජයක්ම සැකයකට, දෙගිඩියාවකට පත්කර තිබෙනවා. ජනතාවට කියනවා බයවෙන්න එපා. මේ ප්‍රශ්නය ජාතික ජන බලවේගය හරියටම අවබෝධ කරගෙන තිබෙනවා. මේ උප්පරවැට්ටිවලට අහුවෙන්න එපා. ජනාධිපතිවරණය වළක්වන්න කිසිවෙකුට බැහැ. අපි මැතිවරණ කොමිසමට ආරාධනා කරනවා, තවදුරටත් කල් නොමරා, හැකි විගසින් නාම යෝජනා දිනයයි, මැතිවරණ දිනයයි නම් කරන්න. එතනදි මේ ප්‍රශ්නය බාගයකට වඩා විසඳෙනවා. ජාතික ජන බලවේගයේ බලයට බය වෙලා රනිල් වික්‍රමසිංහ මොන නාඩගම් නැටුවත්, මේ ගමන ආපසු හැරවිය නොහැකියි. මේ ජනතාව දෙගිඩියාවට පත්කරන එක රනිල් වික්‍රමසිංහ විසින් වහාම නතර කළ යුතුයි. ඒකට විසඳුම මැතිවරණ කොමිසම විසින් ලබාදෙයි කියා අපි විශ්වාස කරනවා.
“සිවිල් සංවිධාන හෝ ජනතාව අභාවයට ගිය වගන්තියක් සංශෝධනය කරන්න ඉල්ලා නැහැ”
-නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර-
19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමෙන් පසුව මේ රටේ මැතිවරණයකින් පත්වුණු ජනාධිපතිවරයෙකුට ඉන්න පුළුවන් ධුර කාලය අවුරුදු 05යි. ඒ වගේම ධුරය පුරප්පාඩු වීම හේතුකොට ගෙන පත්වෙන අනුප්‍රාප්ත ජනාධිපතිවරයෙකුට ඉන්න පුළුවන් වන කාලය ඉවත්ව ගිය අයගේ කාලය අඩු කළාම ඉතිරි කාලය පමණයි. ඒ අනුව ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අවුරුදු පහකට වඩා ඉන්න පුළුවන් ජනාධිපතිවරයෙක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිශ්චය මණ්ඩලයක් විසින් මේ බව ගිය සතියෙත් ප්‍රකාශයට පත් කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) වගන්තියේ තිබෙන “ සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නේ නම්” කියන වචන අභාවයට ගිය වචන බවට පත්වෙලා තිබෙන්නේ.
ආණ්ඩුකම ව්‍යවස්ථාවේ අභාවයට ගිය වචනයක් සංශෝධනය කිරීම සඳහා කාලය ගත කිරීම හෝ ජනමත විචාරණයක් පැවැත්වීම කියන එක භයංකර අපරාධයක්. ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත්වෙලා ගෑස් මිල, පාසල් උපරණ මිල, ආහාර මිල, විදුලිය, ජලය මේ සෑම දෙයක්ම අති විශාල වශයෙන් ඉහළ ගිහිල්ලා ජනතාව පීඩාවට පත්වුණු වෙලාවක නීත්‍යානුකූල නියමිත මැතිවරණය හැර තවත් ජනමත විචාරණයක් පවත් වන්න ඕනෑ කියලා කිසියම් පුද්ගලයෙක් තීරණය කරනවා නම්, ඔහු ආර්ථික ඝාතකයෙක්. වැරදි ආර්ථික ප්‍රතිපත්ති රැගෙන ඒ අනුව රට බංකොලොත්භාවයට පත්කිරීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් දී තිබෙනවා, බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ඇතුළු කිහිපදෙනෙකු ආර්ථික ඝාතනය කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් උල්ලංඝනය කර තිබෙන බවට තීන්දුවක් දී තිබෙනවා. අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු ජනාධිපතිවරණය තියන්න ඕන වෙලාවේ, ඒක ඇතුලේ ජනමත විචාරණයක් තියලා, මේ දිළිඳු රටේ, විශාල මුදලක් වියදම් කරන්න හදනවා නම්, ශ්‍රේෂ්ඨාධිකරණය කලින් දී තිබෙන තීන්දුවලට අනුව, ඒ පිළිබඳ තීරණ ගත්ත තැනැත්තා බරපතළ ආර්ථික ඝාතකයෙක් බවට පත්වෙනවා. එය සිදු නොවිය යුත්තක්.
අරගලයෙන් පසුව, ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත්ව ගියාට පසුව මේ රටේ සිවිල් සංවිධාන, නීතිඥ සංගම්, ආගමික සංවිධාන සියල්ලෝම එකතු වෙලා ඉල්ලුවේ වහාම මේ රටේ මහා මැතිවරණයක් පවත්වා ජනතාව කැමති ආණ්ඩුවක් පත්කර ගන්න ඉඩ දෙන්න කියලා. ඒ ජනතා ඉල්ලීම් පැත්තකට දමා, විකෘති ආණ්ඩුවක් අටවා ගත්තේ මේ ප්‍රක්ෂේපිත ආණ්ඩුවයි. විකෘති ආණ්ඩුවක් අටවා ගෙන, කැබිනට් මණ්ඩලයකුත් පත්කර ගත්තා. ඒ විකෘති ලෙස පත්වුණු කැබිනට් මණ්ඩලය සහ ජනාධිපතිවරයා තීරණය කරනවා, මේ වෙලාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න. මේ රටේ සිවිල් සංවිධාන හෝ ජනතාව අභාවයට ගිය වගන්තියක් සංශෝධනය කරන්න ඉල්ලීමක් කර නැහැ. පාර්ලිමේන්තුව තුළ ඉන්න ජාතික ජන බලවේගයේ මන්ති්‍රීවරු තිදෙනාත්, වෙනත් සුළු පක්ෂවල මන්ත්‍රීවරුත් හැරුණු විට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 150කට වඩා මැතිවරණයට බයක් තිබෙනවා. මේක අරගලයෙන් ප්‍රතික්ෂේප වුණු බහුතරයකින් යුත් පාර්ලිමේන්තුවක්. එළියේ මොනවා කිවුවත් ඇතුලේ ඒකාබද්ධ වෙලා මේ ජනාධිපතිවරණය තියන එක අවහිර කරන්න උත්සාහ දැරුවාට රටේ උත්තරීතර නීතිය පාගා දමන්න කිසිවෙකුට අයිතියක් ලැබෙන්නේ නැහැ.
උත්තරීතර නීතිය අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන්න ඕනෑ. ඔක්තෝබර් 16ට කලින් ජනාධිපතිවරණය පවත්වා ඉවර කරන්න ඕනෑ. එය කාටවත් වෙනස් කරන්න බැහැ. ඉදිරි ජනාධිපතිවරයේදී තරග කරන්නේ කොහොමද කියා ෂුවර් එකක් නැති වුණාට, මේ කැබිනට් මණ්ඩලයත්, ජනාධිපතිවරයාත් තරග කරන්න උත්සාහ ගනිමින් ඉන්නවා. ජනාධිපතිවරයාත් තරගකරුවෙක්. තරග කරන්න ඉන්න ජනාධිපතිවරයාත්, කැබිනට් මණ්ඩලයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අත්තනෝමතික ලෙස යෝජනාවක් ගෙනත් ඒ යෝජනා මත ජනතාවගේ ඡන්ද බලය අවහිර කරන්න හෝ ජනාධිපතිවරණයට තිබෙන මුදල් ටික වෙනත් පැත්තකට හරවා ජනමත විචාරණයකට කරකවන්න උත්සාහ ගන්නවා නම්, තරගකරුවෙක් අනෙක් තරගකරුවාට එරෙහිව ගනු ලබන ම්ලේච්ඡ, සදාචාර විරෝධී ක්‍රියාවක්. මෙය සමාජයම හෙළා දැකිය යුතුයි. මේ උත්සාහ කරන්න කල් ඇදීමක්.
ජනාධිපතිවරණය අනිවාර්යයෙන් තියෙනවා. ජාතික ජන බලවේගය අනිවාර්යයෙන් තරග කරනවා. අනෙක් කට්ටිය එකතු වෙලා එක් කෙනෙක් හෝ දෙන්නෙක් හෝ කිහිපදෙනෙක් එන්න පුළුවන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි ව්‍යවස්ථාවේ විස්තර කර තිබෙන පරමාධිපත්‍ය බලය ජනතාවගේ අනුල්ලංඝනිය අයිතියත්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 වගන්තියේ බලතල 05ක් දක්වා තිබෙනවා, ජනතාව විසින් පාර්ලිමේන්තුවට හෝ ජනාධිපතිවරයාට පවරා නොදීපු බලතල දෙක තමයි මූලික අයිතිවාසිකම් හා ඡන්ද බලය. එය පාර්ලිමේන්තුවට පවරා දුන් බලයක් නොවෙයි. ඡන්ද බලය ජනතාව සතු අනුලංඝනීය බලයක්. ඒ සඳහා පාර්ලිමේන්තුවට නීති පැනවීම හෝ නීති පැනවීමට උත්සාහ කිරීම මගින් අවහිර කිරීමක් කරන්න කිසිසේත් අයිතියක් නැහැ. එසේ කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 වගන්ති උල්ලංඝනය කිරීමක් වෙනවා. කිසියම් ජනාධිපතිවරයෙක් අබලතාවයකින් හෝ දුබලතාවයකින් පෙළෙනවා නම් එය දෝෂාභියෝගයකටත් කරුණක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අභාවිත වන වගන්තියක් තිබෙනවා, ජනමත විචාරණයක් අභිමුව තවත් ජනමත විචාරණයකට තුඩු විය හැකි ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට උත්සාහ දරන්නේ නම් එය ඉතා කූඨ සටකපටකමක්, එහෙම නැතිනම් මානසික රෝගයක්. කුමක් වුවත් මෙය ප්‍රජා අයිතිය අහෝසි කළ හැකි බරපතළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක්. මේ උල්ලංඝනය කිරීමට කැබිනට් මණ්ඩලයත් අනුප්‍රාප්තික ජනාධිපතිවරයාත් වගකියන්න ඕනෑ. ජනාධිපතිවරණයට විකල්පයක් හැටියට ජනමත විචාරණයක් පැවැත්වෙන්නේ නැහැ. එහෙම වෙන්න ඉඩදිය යුතුත් නැහැ.
ඔක්තෝබර් 16ට කලින් පවත්වන ජනාධිපතිවරණයට රටම සූදානම් වෙන්න. ඔබගෙ බඩු මිල වැඩිවුණු හැටි කල්පනා කරන්න. දරුවාගේ පාසල් උපකරණ මිල ඉහළ ගිය හැටි කල්පනා කරන්න. ආර්ථික ඝාතකයන් මේ රට විනාශ කළ හැටි කල්පනා කරන්න. අපරාධකරුවන්, මංකොල්ලකරුවන් පාර්ලිමේන්තුව තුළ ඉන්න එක ගැන කල්පනා කරන්න. හැම ආණ්ඩුවකම ඇමතිකම් දරමින්, හැමදේටම අත ඔසවමින් මේ තත්වයට කළ අය ගැන කල්පනා කරන්න. ඔබ මුහුණ දෙන බරපතළ ප්‍රශ්න ගැන කල්පනා කරන එක ගැන, ඒ ගැන හිතන එක වෙනස් කිරීමට දරන ම්ලේච්ඡ උත්සාහයක්. මේ උත්සාහ හෙළා දැකිය යුතුයි.
“කැබිනට් මණ්ඩලයට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් කියවා තේරුම් ගැනීමට නොහැකි වී තිබෙනවා”
-නීතීඥ හේමක සේනානායක-
මේ ප්‍රශ්නය ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සම්පූර්ණයෙන්ම විසඳා අවසන් කරන ලද ප්‍රශ්නයක්. එක තවදුරටත් ප්‍රශ්නයක් නොවෙයි. ගරු ශ්‍රේෂ්ඨාධිකරණය තමයි රටේ නීතිය අර්ථ නිරූපණය කරන අවසාන ස්ථානය. ජනාධිපතිවරයා හිතනවා මේ 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනැත් ඡන්දය කල්දමා ගැනීමේ හැකියාවක් එකෙන්වත් ලැබෙයිද කියලා. ඔහු මේ රටේ ජනතාවට යම්කිසි අවිනිශ්චිතභාවයක් ගෙන එනවා. ජනතාවටත් හිතෙනවා, “රනිල් වික්‍රමසිංහ ඡන්දෙ තියයිද,” කියලා. මේකට හේතුව වෙලා තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ පිළිබඳ තිබෙන කළු ඉතිහාසයයි. පළාත් සභා මැතිවරණය නැතිවෙලා තිබෙන්නේ 2015-2019 රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දරපු ආණ්ඩුවේ කරපු වික්‍රමයක් හේතුකොට ගෙනයි. පළාත් පාලන ආයතනවල ඡන්දය නැතිවෙලා තිබෙන්නේ සල්ලි නැතැයි කියා ලෝක බොරුවක් ගහලා, ඡන්දය නොතබා තිබීමේ වැඩපිළිවෙළ නිසයි. මේ නිසා රටේ ජනතාවට සාධාරණ බියක් මතුවෙලා තිබෙනවා, මේ අවස්ථාවෙත් මේ වංගුව ගහන්නේ ඒක නිසාද කියලා. මේ රටේ ජනතාව අවුරුදු පහද හයද කියන ප්‍රශ්නයක් හදාගත යුතු නැහැ. එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විසඳන ලද ප්‍රශ්නයක්.
අවාසනාවකට අපේ කැබිනට් මණ්ඩලයට ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් කියවා තේරුම් ගැනීමට නොහැකි වී තිබෙනවා. අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කරනවා, ජනාධිපතිවරණය අවසන් වනතුරු මෙවැන්නක් ගෙන එන්නේ නැහැ කියලා. එහෙම කියලා පැය 24ක් යන්නට කලින් රනිල් වික්‍රමසිංහ ඔහුගේ ලේකම්වරයා හරහා මේ ගැසට් පත්‍රය ඉදිරිපත් කරනවා. මෙතනදි බරපතළ ප්‍රශ්න දෙකක් ඇති වෙනවා. ආණ්ඩුවේ ඇමති මණ්ඩලයේ, කැබිනට් මණ්ඩලයේ තිබෙන සාමූහිකත්වය, හරියට එළ හරකයි මීහරකයි එකතුවෙලා කුඹුරක් මඬින්නට යනවා වගේ වැඩක්. එක්කෙනෙක් එක පැත්තකට අදිනවා, තව කෙනක් තව පැත්තකට අදිනවා. රටේ ජනතාව තේරුම් ගත යුතුයි මෙවැනි අවිනිශ්චිත, යමක් තේරුම් ගැනීමට බැරි, යමක් කරගන්නට බැරි කැබිනට් මණ්ඩලයක් එක්ක මේ රට ඉදිරියට යන්නට බැරි බව. මෙය බරපතළ ඛේදවාචකයක්. මේ අය මේ සෙල්ලම් කරන්නේ රටක් එක්ක, රටේ මිනිසුන් එක්ක. අපි ඉතිහාසය විමසා බැලුවාම මහර අතුරු අතුරු මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂය හැසිරුණේ කොහොමද කියන එක අපි දන්නවා.
පළාත් සභා ආණ්ඩුකාරවරයා යටතේ පවත්වාගෙන ගියත්, පළාත් පාලන ආයතන කොමසාරිස්වරු යටතේ පවත්වාගෙන ගියත්, 2024 නොවැම්බර් මාසෙ 17වැනිදා රෑ 12.00ට රනිල් වික්‍රමසිංහගේ විධායක ජනාධිපති ධුරය අවසන්. 18 දා උදේ මේ රටේ ජනාධිපතිවරයෙක් නැහැ. අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් නැහැ. ලේකම්වරු නැහැ. ආණ්ඩුවක් දුවන්න බැහැ. ත්‍රිවිධ හමුදාවකට අණ දෙන්න පුද්ගලයෙක් නැහැ. මේ තත්වයක් යටතේ රට දුවන්න බැහැ. මේක රනිල් වික්‍රමසිංහ පිරිස දන්නවා. ඒ දැන දැනත් රටේ ජනතාවට විචිකිච්ඡාවක් ඇති කරනවා, රනිල් වංගුවක් ගහයිද කියලා. රනිල් වික්‍රමසිංහ කියන්නේ ගේම්කාරයෙක් නෙමෙයි.
මේ ඡන්දය තියන්නම වෙනවා. ගාල්ලේ අධිකරණය විවෘත කරන වෙලාවෙදි ජනාධිපතිවරයා කියනවා, “මම ජාතියෙන් සමාව ඉල්ලා සිටිනවා, ඔහු ඒ පිළිබඳව පළපුරුද්දක් නැති එක්කෙනෙක්, මම සාමාන්‍යයෙන් මේවා දෙන්නේ චොක්සි ඇමතිවරයාට. ඔහු නැති නිසා ජයම්පතිට දුන්නේ. නමුත් මේ වගේ තත්වයක් ඇති වුණා” කියලා. ජයම්පති වික්‍රමරත්න මහතාව තෝරා ගත්තේ කවුද? අපිද? ඔහු පවසන අන්දමට ඔහු පත්කළේ නුසුදුස්සෙක් නම්, වගකීම ඔහු ගත යුතුයි. මේ සෙල්ලම් කරන්නේ රටක් සමග. රටේ ජනතාව සමග. මොවුන්ට තවදුරටට සෙල්ලම් කරන්න දෙන්න බැහැ. තවදුරටත් මේවා රැවටෙන්න අවශ්‍ය නැහැ. මම ආයාචනා කරනවා, රටේ ජනතාවට ජනාධිපතිවරණයට සූදානම් වෙන්න කියලා.
“තව පෝය දෙකකින් ජනරජය තුළ රනිල්ගේ දේශපාලන භූමිකාව අවසන්”
-නීතිඥ අකලංක උක්වත්ත-
83 ආ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් 22 වැනි සංශෝධනය ගෙන ඒම හා ජනාධිපතිවරණය සඳහා ආණ්ඩුවේ තිබෙන නොකමැත්ත ප්‍රකාශ කිරීමට මුල් අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ නායකයා පිල්ලි දෙකක් දැම්මා. වැඩේ හරි ගියේ නැති නිසා ගුරුන්නාන්සේම එළියට එන්න ඕනෙ කියලා, රනිල් වික්‍රමසිංහ එළියට ඇවිත් තිබෙනවා. මේ වෙලාවේ ජනමතයක් නැති රනිල් වික්‍රමසිංහ, 83 ආ එකේ හය, පහ කරන්න ලැහැස්ති වෙනවා. 17වැනිදා සිට බලය ලැබෙන මැතිවරණ කොමිෂන් සභාව, අපට මේ මාසෙ අන්තිම වෙනකම් දෙන්න කියනවා. අපිට පෙනුණා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමා ජ්‍යෝතිෂ්‍යඥයකුගේ කාර්යභාරය කළා වගේ. රනිල් වික්‍රමසිංහ පරිපූරක ඇස්තමේන්තුවෙන් කෝටි 875ක් වෙන්කර ගත්තා. ඒක වියදම් කරගන්න ඕනෑ. ජනතාවට අල්ලස් දීලා ඡන්දෙ ගන්න ඕන නිසාද දන්නේ නැහැ රාහු කාලය බල බල ඉන්නේ. අපිත් බලන් ඉන්නවා ප්‍රකාශ කළ දවසේ ඉඳලා, ඔය දෙන දේවල් දුන්නොත් සිල් රෙදිවලට වෙච්ච දේ තමයි වෙන්නේ.
දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට වයසයි. මේ ප්‍රශ්න දරා ගන්න බැහැ. 19වැනි සංශෝධනයේ, 30(2) සම්බන්ධයෙන් ගැසට් එක ගෙනාවෙත් රනිල් වික්‍රමසිංහ මහතාමයි. රනිල් 2015 යහපාලන ආණ්ඩුවේ අගමැති. ගැසට් එකේ මෙහෙම කියනවා. “අගමැතිතුමා, ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ, හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා විසින් 2015 මාර්තු 24දා ඉදිරිපත් කරන ලදී” කියලා. ගැසට් එක ගහන්නෙ මාර්තු 16. ඉදිරිපත් කරන්නේ 24දිනයි. 19 සංශෝධනයෙන් 30(2) ගේනකොට 83 මගහැරුණා නම්, ගැසට් එක ගෙනිච්ච අයට තිබුණා, ඒක හදා ගන්න. නීතිය ගේන්නේ, අත්සන් කරන්නේ එයා. රනිල්ට 2015 ඒවත් මතක නැහැ.
මෛත්‍රී ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ගෙනාවා. ඒකේ 14 පිටුව “ප්‍රජාතන්ත්‍රවාදය සහතික කරන ව්‍යවස්ථා සංශෝධනයක්. අනු මාතෘකාව, දැනට පවතින විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට අලුතින් කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ විධායකය සහිත ආණ්ඩු ව්‍යුහයක් හඳුන්වා දෙමි. … එමෙන්ම රටේ ස්ථාවරභාවය, ආරක්ෂාව හා ස්වෛරීත්වය සඳහා ඇති ඉඩකඩ වැඩි දියුණු කරන සංශෝධන මිස ඊට හානිකර වන්නාවූ කිසිදු සංශෝධනයක් සිදු නොකරන බවට මම සහතික වෙමි. – මෛත්‍රීපාල සිරිසේන” 2015 ජනවරම ගත්තේ මේකට. මේ ගැසට් එක ගේනකොට රනිල් වික්‍රමසිංහට මතක නැති වුණාට ඒක තමයි 83 අයින් කර ගත්තේ. දැන් කියන්නේ ජයම්පතිට අමතක වෙලා කියලා. නීති හදන කොට නීතිඥයන් බලනවා ජනතාව දුන් ජනවරම මොකක්ද කියා. ඊට පෙර දුන් ප්‍රතිපත්තිය අපි සාක්ෂාත් කරන්න ඕනැ නේද. ඒකට අනුවයි නීතිය හදන්නේ. රනිල් වික්‍රමසිංහ සම්පූර්ණයෙන් කියන්නෙ බොරුවක්. රනිල් වික්‍රමසිංහට මම කියන්නේ දැන් වයසයි. ඔයා යන්න.
රනිල් වික්‍රමසිංහට මේ සඳහා ජන බලයක් නැහැ. 2019 පාර්ලිමේන්තුවට ගෙනාවාට පස්සෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟද නැද්ද අහනවා. ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා වගන්ති හයක් සඳහා ජනමත විචරණයක් අවශ්‍යයි කියලා. රනිල් වික්‍රමසිංහ, හැන්සාඩ් (2015 අප්‍රේල්) එකේ කියනවා “අපිට ජනතාව, ජනමත විචාරණයකින් තොරව කරන්න කිවුවේ අමතරව, ශ්‍රේෂ්ඨාධිකරණයත් අපට කිවුවා, ජනමත විචාරණයක් අවශ්‍ය වගන්ති මොනවාද, කියලා. ඒ වගන්ති අතහැරලා අපි 19වැනි සංශෝධනය ජනමත විචාරණයට තුඩුදෙන කාරණා අයින් කරමින් සම්මත කර ගැනීම සඳහා ඉදිරිපත් කරනවා” කිව්වා. හැන්සාඩ් එකේ ජෝසප් මයිකල් පෙරේරා, මංගල සමරවීර දෙන්නම කියනවා ජනාධිපතිවරණයකට විචාරණයකට තුඩු දෙන කාරණා අයින් කර දාන්න ඕනැය කියා.
රනිල් වික්‍රමසිංහ මේ ළඟදි මාතලේ ගිහින් කියනවා, “මට තීන්දු දෙකක් දුන්නා. මම ඒවා පිළිගන්නේ නැහැ. අධිකරණයට නොවෙයි අධිකරණ බලය තිබෙන්නේ. පාර්ලිමේන්තුවට” කියලා. 4(ඇ) යන ව්‍යවස්ථාවේ කියන අධිකරණ බලය අධිකරණයට තමයි තියෙන්නේ. 3 වැනි ව්‍යවස්ථාවේ කියනවා, ජනතාව සතු අත් නොහළ හැකි පරමාධිපත්‍ය බලය කාණ්ඩ තුනයි. එකක් ඡන්ද බලය, මූලික අයිතිවාසිකම් හා පාලන බලය. මේ ආයතන ව්‍යුහයන් තුන පත්කිරීම් ඍජුව ව්‍යවස්ථාදායකය සහ විධායකය ජනතාව විසින් පත්කරනවා. හැබැයි අධිකරණය එසේ කරන්න බැහැ. අධිකරණයේ පත්කිරීම වෙන්නේ ව්‍යවස්ථාදායකය මගිනුයි. ඒ ව්‍යවස්ථාදායකය මගින් අධිකරණය පත්කරපු සැණකින්ම ඒ පත්කිරීම සඳහා පාර්ලිමේන්තුව සතුවූ කාර්යය ඇරෙන්න එතනින් එහා අධිකරණ බලය අධිකරණය සතු වෙනවා. පාර්ලිමේන්තුවට සීමිත අධිකරණ බලයක් තිබෙන්නේ, දෝෂාභියෝග වැනි අවස්ථාවල විනිශ්චයකාරවරුන් සම්බන්ධ කාර්යයේදි විෂමාචාරය වැනි එකක් අධිකරණ බලයට යටත්ව තිබෙනවා. ලංකාවේ අගවිනිසුරුතුමා කථානායකට කියා තිබෙනවා, “අධිකරණ බලය ඉතා පැහැදිලියි. පාර්ලිමේන්තුවට අධිකරණ බලයක් නැහැ. අධිකරණ බලය තිබෙන්නේ ජනතාවගේ අධිකරණයට. රනිල් වික්‍රමසිංහට කියනවා, තව පෝය දෙකක් වතුර රත් වෙනකම් දඟලන්න. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය තුළ ඔබගේ දේශපාලන භූමිකාව අවසන්.
(-ජපානයේ Tsukuba ශ්‍රී ලාංකික ජනහමුව – 2024.07.21-) සතියේ වෙහෙසකර වැඩවලින් පසුව විවේකී දිනයේ අපට සවන් දෙන්න පැමිණීම අපට ශක්තියක්, ධෛර්යයක්, විශ්වාසයක් ගෙන දෙනවා. ජපානයේදී අපි පවත්වමින් ඉන්නේ මැතිවරණයට පෙර පවත්වන අවසන් විදෙස්ගත ශ්‍රී ලාංකික හමුවයි. විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් ඇමතීමේ අවසන් රැස්වීම ජපානයට යොදා ගත්තේ අපේ රටේ ආර්ථිකයට හවුල්විය හැකි විශාල කණ්ඩායමක් ජපානයේ සිටින නිසයි. […]
(-ජපානයේ Tsukuba ශ්‍රී ලාංකික ජනහමුව – 2024.07.21-)
සතියේ වෙහෙසකර වැඩවලින් පසුව විවේකී දිනයේ අපට සවන් දෙන්න පැමිණීම අපට ශක්තියක්, ධෛර්යයක්, විශ්වාසයක් ගෙන දෙනවා. ජපානයේදී අපි පවත්වමින් ඉන්නේ මැතිවරණයට පෙර පවත්වන අවසන් විදෙස්ගත ශ්‍රී ලාංකික හමුවයි. විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් ඇමතීමේ අවසන් රැස්වීම ජපානයට යොදා ගත්තේ අපේ රටේ ආර්ථිකයට හවුල්විය හැකි විශාල කණ්ඩායමක් ජපානයේ සිටින නිසයි. ඒ වගේම දැනුම, අත්දැකීම්, නිපුණතා සහිත පිරිසක් මෙන්ම විශාල තරුණ ප්‍රජාවක් ජපානයේ සිටිනවා. ඔබගේ ඒ ජවය සහ ශක්තිය අපේ රටේ පරිවර්තනය සඳහා ශක්තිමත්ව එක්කර ගැනීමේ අරමුණෙන් අවසන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ හමුව ජපානයට යොදා ගත්තා. මගේ විදෙස් සංචාර සඳහා ලක්ෂ 700ක් වැය වූ බව අයෙක් ප්‍රකාශ කර තිබුණා. ආපසු ශ්‍රී ලංකාවට ගොස් දවස් කිහිපයකින් සියලු විදේශ සංචාර සඳහා වියදම් ජනතාවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දරන කාලය තුළ විදෙස් සංචාර සඳහා දැරූ වියදම්, සංචාරක ඇමති හරින් ප්‍රනාන්දු, විදේශ රැකියා ඇමති මනුෂ නානායක්කාරත් ඒ වියදම් කළ යුතු බව කල්පනා කරනවා. අපි වැයකර තිබෙන්නේ රජයේ මුදල් නොවන බවටත් සහතිකයක් දෙනවා. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට සමහර අය විශාල චෝදනාවක් කරමින් මෙවර ඡන්දය දීමට නොයන ලෙස කතා කියනවා.
බොහෝ දෙනාට රට අත්හැර ඒමට සිදුවී තිබෙන්නේ අපේ රටේ දේශපාලනය සහ ආර්ථිකය හේතුකොට ගෙනයි. ඒ වගේම අපේ රටේ දේශපාලන පරිවර්තනයක් සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට විශේෂ අයිතියක් තිබෙනවා. මන්ද අදත් අපේ රට දුවන්නේ විදේශ රැකියා කරන ශ්‍රී ලාංකිකයන් එවන මුදල්වලින්. ගිය අවුරුද්දේ ආසන්න වශයෙන් ඩොලර් මිලියන 5900ක් එවා තිබෙනවා. ගිය වසරේ මේ වන විට ඩොලර් මිලියන 3000 ඉක්මවා තිබුණා. මේ අවුරුදු දෙක තුළ එවූ මුදල මිලියන 10,000 ඉක්මවනවා. රජය සතු විදෙස් සංචිත ප්‍රමාණය එයින් බාගයයි. අපේ රටේ දේශපාලනය විසින් පිටස්තරයින් වීමට බලකර සිටින ඔබට අපේ රටේ නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා මැදිහත් වීමේ ශුද්ධ වූ අයිතියත් තිබෙනවා. ඒ අයිතිය පිළිගන්නේ ජාතික ජන බලවේගය පමණයි. මේ මාසය ඉක්මවා යන්න පෙර මැතිවරණ කොමිසම විසින් නාම යෝජනා කැඳවන දිනය සහ මැතිවරණය පවත්වන දිනය ප්‍රකාශ කරාවි යැයි අපි සිතනවා. එසේ තිබියෙදී රනිල් වික්‍රමසිංහ ඡන්දයට ඉදිරිපත් වීම පිළිබඳව තමන්ට තිබෙන දෙගෙඩියාව සමාජයට මුදා හරිමින් සිටිනවා. ඔහු ඡන්දයට ඉදිරිපත් වෙනවා නම් ඉල්ලන පක්ෂය මොකක්ද, ඡන්ද ලකුණ මොකක්ද, රනිල්ට මහින්ද සහයෝගය දෙයිද ආදී ප්‍රශ්න නිසා ඔහු දෙගිඩියාවක ඉන්නවා. අධිකරණය හරහා කල්දාන්න ගත් උත්සාහයන් දෙකම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවත දැමුවා. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය ගැසට් කර, ව්‍යාකූලත්වයක් ඇති කිරීමට උත්සාහ කරනවා. මේ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, එහි සති දෙකක් ගතවීමට ඉඩ හැර, ඊළඟ සති තුන අධිකරණ කටයුතුවලට වෙන්කර ඒ සති තුනට පසුව අධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට දන්වා පාර්ලිමේන්තුවේ දෙවෙනි වර කියැවීමේ විවාදයට යොදන්න පාර්ලිමේන්තුවෙන් 2/3ක අනුමැතිය ලබා ගත යුතුයි. ඉන් පසුව ජනමත විචාරණයක් කැඳවන බව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දිය යුතුයි. මේ ක්‍රියාවලිය සිදුවන අතර, රනිල් වික්‍රමසිංහ ගෙදර යාමට සිදුවී තිබෙනවා.
ජනමත විචාරණය පවත්වනවා නම්, රුපියල් කෝටි 1000ක් වැය වෙනවා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනාධිපති ධුර කාලය අවුරුදු පහක් බව නිරවුල් කර අවසන්. ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථා තුනකදී ලබාදුන් තීන්දු මගින් ධුර කාලය අවුරුදු පහක් බව තීන්දු කර අවසන්. ජාතික ජන බලවේගයේ අපි ඕනෑම මැතිවරණයකට සූදානම්. ජනාධිපතිවරණය නියමිත පරිදි පැවැත්වෙනවා. රනිල්ට ගෙදර යන්න සිදු වෙනවා. ඔහු සාමකාමී ලෙස ගෙදර යනවා. නායකයන් ගෙදර යවන පළමු අවස්ථාව මෙය නොවෙයි. අපේ රටේ ජනතාව දීර්ඝ කාලයක් පාලකයන් ගෙදර යවා අලුත් නායකයන් ගෙනත් තිබෙනවා. නමුත් මේ දක්වා ඉතා හොඳින් නීතිය ක්‍රියාත්මක වෙන, විනයක් පවතින, ඕනෑම රැකියාවක් කරන කෙනෙකුට ගුණාත්මක ආහාර වේලාවක් ලබා ගැනීමේ හැකියාව ලැබෙන වගේම මූලික යටිතල පහසුකම් සම්පූර්ණ වූ රටක් නිර්මාණය කර නැහැ. අද තිබෙන්නේ අපි අපේක්ෂා කරන මූලික කරුණුවලින් බොහෝ දුප්පත් රටක්. ආර්ථිකයෙන් පමණක් නොව ආකල්පවලින්, නීතිය ක්‍රියාත්මක කිරීමෙන්, පරිසරය පිරිසිදුව තබා ගැනීමෙන් දුප්පත් වී සිටින අතර, අපරාධවලින් පොහොසත්, මත්ද්‍රව්‍යවලින් පොහොසත්, වංචාව, දූෂණයෙන්, නාස්තියෙන් පොහොසත් රටක් නිර්මාණය වී තිබෙනවා. ලෝකයට ණය ගෙවා ගන්න බැරි තරම රට සහ පුරවැසියන් දුප්පත් වුණු ඉතාමත් අයහපත් කටුක ජීවිත උරුම වූ ජනතාවක් සිටින රාජ්‍යයක් බවට ලංකාව පත්වුණේ ඇයි?
එස්.බී. දිසානායක මහනුවරදී කියා තිබුණේ හැටේ දශකයේ කොරියාව, සිංගප්පූරුව, වියට්නාමය අපට වඩා යටින් තිබුණත් අද වෙනකොට ඒ රාජ්‍යයන් අපට වඩා විශාල වශයෙන් ඉහළින් සිටින බවයි. මේ කාලය තුළදී රට පාලනය කළේ කවුද? 1970දී පාර්ලිමේන්තුවට ආ මහින්ද රාජපක්ෂ දැන් අවුරුදු 54ක් කල්ගත කර තිබෙනවා. මෙතනට රැස්වී සිටන බොහෝ දෙනාගේ වයසත් 54ටත් වඩා අඩුයි. මන්ත්‍රී ධුරය, අමාත්‍ය ධුරය, විපක්ෂ නායක ධුරය, අගමැති ධුරය සහ අවුරුදු 10ක් ජනාධිපති ධුරය දරලා නැවත මන්ත්‍රී ධුරයක් ලබාගෙන ඉන්නවා. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ආව 1977 ඉඳලා දැන් අවුරුදු 47ක් ඉන්නවා. දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තුවට ආවේ 1983 දී. දැන් අවුරුදු 41ක් වෙනවා. මම මේ කීවේ ප්‍රධාන තුන්දෙනාගේ විස්තරය. ඔවුන් පාලනය කළ දශක පහකට ආසන්න කාලය තුළ වියට්නාමය, දකුණු කොරියාව, සිංගප්පූරුව අපට වඩා උඩට ඇවිත් අපි තිබුණු තැනිනුත් බංකොලොත්භාවයට පත්වී සිටිනවා. 1950දී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 316යි. දකුණු කොරියාවේ අපනයන ආදායම ඩොලර් මිලියන 25යි. අද අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 12යි. දකුණු කොරියාවේ ඩොලර් බිලියන 688යි. වියට්නාමය 1980දී අපනයන ආදායම ඩොලර් මිලියන 400යි. එදා ලංකාවේ අපනයන ආදායම ඩොලර් මිලියන 1500යි. රනිල් වික්‍රමසිංහලා ආණ්ඩුව පිහිටුවා ආසන්න කාලයේදී ඒ තත්වයේ තිබුණු ලංකාව දැන් අපනයන ආදායම ඩොලර් බිලියන 12ක් වන විට වියට්නාමයේ ඩොලර් බිලියන 452යි. ලෝකයේ ඇති වූ නව වෙනස්කම්වලට අනුරූපී වන පරිදි අපේ රටේ ආර්ථිකය වෙනස් කර ගනිමින් ඉදිරියට ගියේ නැහැ. ආර්ථික වශයෙන් කඩා වැටුණු රටක විනයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම අපරාධවලින් තොර රටක් නිර්මාණය වෙන්නේත් නැහැ. යහපත් සමාජයක් නිර්මාණය වෙන්නේත් නැහැ. අනෙකාට ගරු කරන සමාජයක් නිර්මාණය වෙන්නේත් නැහැ. යහපත් පරිසර පද්ධතියක් පවතින්නේත් නැහැ. ඔබ ජපානයේ බොහෝ ගුණාංග ගැන කතා කරන අතර, ලංකාව ව්‍යසනයකට පත්වී තිබෙන්නේ මේ දේශපාලනය නිසයි. පරණ පන්නයේ දේශපාලන සංස්කෘතිය නිසා පොදු ජනතාව රෑ වැටුණු වලේ දවල් වැටී නැවත දවල් වැටුණු වලේ රෑත් වැටෙන මට්ටමකට අවුරුදු 76ක් පුරා ගමන්කර තිබෙනවා. අපි ඔබව හමුවෙන්න ආවේ, අවුරුදු 76ක මේ ගමන් මාර්ගය අපි සියලු දෙනාම එක්වී වෙනස් කරමු කියන පණිවිඩය දෙන්නයි.
ඒ විනාශකාරී ගමන වෙනස් කරන්න ඉතාමත් හොඳ අවස්ථාවක් උදාවී තිබෙනවා. මෙයට පෙර ජාතික ජන බලවේගයේ අපි බලය ඉල්ලුවත් සමාජය බලය ලබාදීමට සූදානමක් තිබුණේ නැහැ. ඒ නිසා අපි පාර්ලිමේන්තුවේ රිමෝට් එක දෙන්න, තව විටෙක පාර්ලමේන්තුවේ යතුර දෙන්න ආදී වශයෙන් ඉල්ලීම් කරමින් මේ දුර පැමිණියා. පසුගිය දශක කිහිපය තුළ ජනතාවගේ සිතුවිල්ල වෙලා තිබුණේ හොරු ගොඩක් පාර්ලිමේන්තුවට යවා ඒ හොරු අල්ලන්න ජේ.වී.පී. එකෙන් තුන් හතර දෙනෙක් යැවීමටයි. ආණ්ඩුව නරක වැඩ කරන කොට හෙළිදරව් කරන්න ඒ ගොල්ලොත් හිටියොත් හොඳයි, කියන සංකල්පයක් තිබුණේ. නමුත් අද ජනතාවගේ මනස තුළ ජාතික ජන බලවේගය ස්ථාපිත වී තිබෙන්නේ ආණ්ඩුවක් පිහිටවන්න ඕනෑ බවයි. අපේ වුවමනාව තිබුණු පමණින්ම බලය ගන්න බැහැ. ඒ හා සමානම වුවමනාවක් ජනතාවගේ පැත්තෙනුත් ඇති විය යුතු වෙනවා. අපි එතෙක් කළේ අල්ලා ගෙන සිටීමයි. 3%ට වැටුණත් අපි අල්ලාගෙන සිටි වෙලාවේ සමහර අය අපට කීවේ ජනතාවට ඕනෑ නැත්නම් ඔය ගොල්ලොත් අතහැර දාලා ගෙදර යන්න කියලයි. ඒත් අපි අල්ලාගෙන සිටියා. අද උතුර දකුණ බේදයකින් තොරව, සිංහල, දෙමළ, මුස්ලිම් බේදයකින් තොරව, දේශීය විදේශීය ලෙස ජීවත් වෙන ශ්‍රී ලාංකික බේදයකින් තොරවම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ගොඩනැඟිය යුතුයි කියන ස්ථාවරයට පැමිණ සිටිනවා. එය ජයග්‍රහණය කරා මෙහෙයවීමයි, අපට ඔබට පැවරී තිබෙන කාර්යභාරය. නමුත් මේ ඡන්දය ලංකා ඉතිහාසයේ ඉතාමත් කැතම සිදුවීම් සිදුවෙන ඡන්දය විය හැකියි. මෙය හුදු සරල ඡන්දයක් නොවෙයි.
ජනාධිපතිවරණය 1982 සිට පවත්වා තිබෙනවා. නමුත් ඒ කිසි අවස්ථාවක පවත්වයිද නැද්ද කියලා සැකයක් තිබුණේ නැහැ. නමුත් තවමත් 19 ව්‍යවස්ථා සංශෝධනය මුල්කරගෙන දෙගිඩියාවක් ඇති කරමින් තිබෙනවා. මේ ඡන්දය එතරම්ම සුවිශේෂී නිසයි දෙගිඩියාවක් පවත්වාගෙන යන්නේ. මේ ඡන්දයට රාජ්‍ය බලය විශාල වශයෙන් මෙහෙයවීමට රනිල් වික්‍රමසිංහ අමතරව රුපියල් කෝටි 875ක් වෙන්කර ගත්තා. උරුමය ව්‍යාපෘතිය මුළුමනින්ම ඔහුගේ ඡන්ද ව්‍යාපාරයක්. රාජ්‍ය සේවක වැටුපත් රුපියල් 5000කින් වැඩිකරන්න යනවා. විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ධනය රට පුරා නාස්ති කරමින් මනුෂ නානායක්කාරලා ක්‍රියාකරනවා. තරුණ සේවා සභාවට අමතර මිලියන 400ක් ළඟදි ඡන්ද වැඩ සඳහා වෙන් කළා. ලංකා ඉතිහාසයේ කවදාවත් නැතිව ආණ්ඩුකාරවරුන් සම්බන්ධීකරණ නිලධාරීන් පත්කරනවා. ලක්ෂමන් යාපාගේ සියලු පත්කිරීම් අවලංගු කිරීමට ක්‍රියාකළ මැතිවරණ කොමිසමට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ විතරක් නොවෙයි, පුළුල් මාධ්‍ය මෙහෙයුමක් යනවා. සමහර මාධ්‍ය අපිව ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන්න පටන්ගෙන තිබෙනවා. සියල්ලට උඩින් ඉන්න බව කීවාට බොහෝ අයට යටින් ඉඳන් ක්‍රියාකරන බව පේනවා. මේ පරිවර්තනය වැළැක්වීම සඳහා ඔවුන්ගේ පැත්තෙන් ගත හැකි හැම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට නියමිතව තිබෙනවා. ජාතික ජන බලවේගය සතු එකම ශක්තිය සහ අපේක්ෂාව මහජනතාව අපට ලබාදෙන ධෛර්යය සහ විශ්වාසයයි. ඒ මත ජයග්‍රහණය කරා අපට මෙහෙය විය හැකියි. සහතික වශයෙන්ම අපට දිනන්න පුළුවන්.
අපේ හිතවතුන් සහ සුබපතන්නන් අපේ ජීවිත ආරක්ෂාව ගැන විශේෂයෙන් කතා කරනවා. එවැනි සැකයක් ඇති වෙන්න මේක මොන සමාජයක්ද? කවුරුන් හෝ අපේක්ෂකයෙක් දරා ගන්න බැරිව ඝාතනය කරනවායැයි සැකයක් ඇති වෙනවා නම්, අපි ජීවත් වෙන්නේ කවර රටකද? පෞද්ගලිකව අපේ ආරක්ෂාව නොවෙයි ප්‍රශ්නය, එහෙම සිතිවිල්ලක් ඇති වෙන සමාජයක් තිබීම මොන තරම් බියක්ද? එවැනි හැඟීමක් ඇති වෙන පසුබිමම ඇති මේ පාලකයන් පලවා හරින්න. තමන්ට එකඟ නොවෙන නායකයෙකු බලයට පත්වීම වැළැක්වීමට ඔහුව ඝාතනය කරනවා යැයි සිතුවිල්ලක් ඇති වෙනවා නම් එය පිටුපස තිබෙන අපේ රටේ දේශපාලනය මොනතරම් බිහිසුණුද? අපි ජයග්‍රහණය කළ යුත්තේ සෑම අතින්ම පොහොසත් රටක් නිර්මාණය කරන්නයි. ආර්ථික වශයෙන්, ආකල්පමය වශයෙන්, නීතියේ විධානයේ ආධිපත්‍යයෙන් පොහොසත් රටක්, එකිනෙකාට ගෞරව කිරීම අතින් පොහොසත් රටක්, ස්වභාවික පරිසරයෙන් පොහොසත් රටක් ලෝකයේ නවීනතම විද්‍යාව සහ තාක්ෂණයෙන් උකහා ගැනීමෙන් පොහොසත් රටක් අපි නිර්මාණය කරන්න ඕනෑ. ජාතික ජන බලවේගයේ අපේක්ෂාව ලෝකයේ ඕනෑම රටක් එක්ක කරට කර යා හැකි රටක් නිර්මාණය කිරීමයි.
අපි පටන් ගන්න ඕනෑ කොතනින්ද? එකිනෙකා අතර සැකය, අවිශ්වාසය, වෛරය, ක්‍රෝධය වර්ධනය කරමින් ලෝකයේ දියුණු වුණු රටක් නැහැ. ඒවායෙන් නිර්මාණය වන්නේ දුප්පත් රටවල් විතරයි. අපේ රටේ ජාතික සමගිය නිර්මාණය කිරීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක ප්‍රධානම කාර්යයන්ගෙන් එකක්. ප්‍රධාන වශයෙන් කතා කරන භාෂා දෙකක් සහ ආගම් හතරක් අදහන ජනතාවක් අපේ රටේ ඉන්නවා. දෙමළ, හින්දු ජනයාගේ සංස්කෘතිය සිංහල බෞද්ධ ජනයාගේ සංස්කෘතිය, මුස්ලිම් ඉස්ලාම් ජනයාගේ සංස්කෘතිය යන විවිධත්වයෙන් පිරුණු රටක් සංස්කෘතික ක්ෂේත්‍රයේ පවතිනවා. විවිධත්වය පිළිගනිමින් එකිනෙකාට ගෞරව කරමින් ඉදිරියට යන රාජ්‍යයක් නිර්මාණය කරන්න ඕනෑ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ගොඩනැගීම සඳහා දරන වෙහෙස තුළ ඒ සමගිය නිර්මාණය වී තිබෙනවා. පසුගිය කාලයේ ආණ්ඩු නිර්මාණය කළේ අනෙකාට එරෙහිව දේශපාලනය කිරීමෙනුයි. 2019 මැතිවරණය කියන්නේ මුස්ලිම් ජනයාට එරෙහිව ගොඩනැඟූ මහා රළ ප්‍රවාහයක්. ගෝඨාභය බලයට ගේන්නේ ඒ රළ ප්‍රවාහයෙන්. බේරුවල, අලුත්ගම ප්‍රදේශවල විශාල මුස්ලිම් ප්‍රජාවක් ජීවත් වුවත් පොහොට්ටු නාමයෝජනා ලැයිස්තුවේ එක් මුස්ලිම් අපේක්ෂකයෙකුවත් හිටියේ නැහැ. ජාතික ජන බලවේගය කෙරෙහි සිංහල ජනතාවගෙන් සාතිශය බහුතරයක් විශ්වාසය තබා ඇතත් එහෙම ආණ්ඩුවක් අපට හදලා වැඩක් නැහැ. දෙමළ ජනතාවගේ විශ්වාසය, මුස්ලිම් ජනතාවගේ විශ්වාසය ඇතුළුව බහුතර ජනතාවකගේ විශ්වාසය සහිතව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිට විය යුතුව තිබෙනවා. සමගිය ඇතිවන්නේ ගොඩනැගෙන පාලනය තුළම තමයි. මේ ව්‍යායාමය තුළින් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ විශ්වාසයෙන් ගොඩනැගෙන ආණ්ඩුවක් උතුර, දකුණ, නැගෙනහිර, බටහිර බේදයකින් තොර සැමගේ ආණ්ඩුවක් නිර්මාණය වෙනවා. අපි ආණ්ඩුවක් ගොඩනැගීම ඇතුලේම සමගිය නිර්මාණය වනවා. අපේ පරම්පරාව මහපොළොව ඇතිවෙනකම් තෙත්වෙන තරමට ලේ කඳුළු ගලායන යුද්ධ කරගෙන තිබෙනවා. අපේ දරුවන්ගේ පරම්පරාවට සමගියෙන් යුතු රටක් ගොඩනැගීම ජාතික ජන බලවේගයේ ප්‍රධානම කාර්යයක් වෙනවා.
නීතිය ඉදිරියේ හැමදෙනාම සමානයි කියන සංකල්පය තිබුණත් ධනය බලය තිබෙන කෙනාව නීතියෙන් ආරක්ෂා කෙරෙනවා. දුප්පත් දුබල කෙනාට දඬුවම් දෙනවා. නීතිය ඉදිරියේ හැමදෙනාම සමානාත්මතාවයට පත්කෙරෙන පාලනයක් ජාතික ජන බලවේගයෙන් ගෙන යනවා. එය කළ හැක්කේ අපට පමණයි. නීතියෙන් බේරා ගන්න අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, අයථා ලෙස ධනය උපයා ගත්තවුන් අපිත් එක්ක නැහැ. ශක්තිමත් රටක් ගොඩනැගීමේදී කාර්යක්ෂම රාජ්‍ය සේවයක් අවශ්‍ය වෙනවා. අද රාජ්‍ය සේවයෙන් වැඩක් කර ගන්න යන කෙනාත් රාජ්‍ය සේවකයාත් දෙදෙනාම තෘප්තිමත් නැහැ. උසස්වීම්, මාරුකිරීම්, බඳවා ගැනීම්, මුළුමනින්ම දේශපාලන හස්තයට යටත් කර තිබෙනවා. දේශපාලන අධිකාරියේ ගොදුරක් බවට පත්කර තිබෙන රාජ්‍ය සේවය නව තාක්ෂණය යොදා ගනිමින් කාර්යක්ෂම, පොහොසත් රාජ්‍ය සේවයක් බවට පරිවර්තනය කරනවා.
ඒ වගේම ලෝකයේ අනෙකුත් රටවල් සමග සමාන්තර ලෙස පිළිගන්නා රාජ්‍යයක් බවට පත් කළ යුතුයි. අද අපේ රටේ පාස්පෝට් එක හයිටිය වැනි තත්වයකට ඇද දමා තිබෙනවා. ලෝකය ඉදිරියේ බාල්දුකර තිබෙන මේ රටේ හැම පුරවැසියාම කල්පනා කරන්නේ තමන්ට ලැබෙන කුමන හෝ අවස්ථාවකදී රටෙන් පැන යන්නයි. ලෝකය ඉදිරියේ අපකීර්තියට පත්කර තිබීමෙන් මුදාගෙන ගෞරවයට පාත්‍රවන රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම ජාතික ජන බලවේගයේ පාලනයක ප්‍රමුඛතම කාර්යයක්. ලෝකය ඉදිරියේ අපේ රට අපකීර්තියට පත්කරන්න දායක වූ බැසිල් රාජපක්ෂගේ පාස්පෝට් එක ඇමෙරිකන් එකක්. අප විසින් විසඳිය යුතු සමාජීය ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමේදී පළමුවෙන්ම ආර්ථික පරිවර්තනයක් අවශ්‍යයි. මම හෝ අපේ පක්ෂයේ ඉහළම මණ්ඩලවල සිටින කිසිවෙකු ව්‍යාපාර කරන්නේ නැහැ. හෝටල් දාන්න, බාර් විවෘත කරන්න, වැලි ගොඩදාන්න, ගල් කඩන්න, සංචාරක හෝටල් ඉදිකරන්න, පෙට්‍රල් ෂෙඩ් දාන්න අපි කිසිවෙකුත් එන්නේ නැහැ. ආර්ථිකයේ සමහර ක්‍රියාමාර්ග දේශපාලකයන්ට සමීපතම කණ්ඩායම් අතේ හිරකර ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කර තිබෙනවා. ලංකාවේ ආර්ථිකය නව නිෂ්පාදන ආර්ථිකයකට යොමු කිරීම සඳහා පවතින සියලු විභවයන් තක්සේරු කරමින් නිසි ආකාරයෙන් යොදා ගන්නවා. විදුලිය, ජලය, නාවික කර්මාන්තය, අයි.ටී. තාක්ෂණය වැනි සේවාවන් සැපයීමේ විභවතාවන් නිසි ලෙස ප්‍රයෝජනයට ගන්නවා. අපේ මානව සම්පත නිසි ලෙස මෙහෙය විය හැකි නව අධ්‍යාපන පරිවර්තනයක් ඇති කරනවා. ක්ෂේත්‍ර ගණනාවක ඒකාබද්ධ කළමනාකරණ හැකියාවන් උකහා ගනිමින් ජාතික සැලැස්මක් මත ඉලක්ක සහිතව මෙහෙයවනවා. මේ ආකාරයෙන් රට ගොඩනඟන්න ජාතික ජන බලවේගය ජයග්‍රහණය කිරීම සඳහා ඔබේ ඥාතීන්, මිතුරන්, දිරිමත් කර ඡන්දය වෙනුවෙන් පෙළගස්වන්න. ඔබේ සමාජ මාධ්‍ය ගිණුම් මගින් ඔවුන්ව දැනුවත් කරන්න. එතනින් නතර නොවී ඡන්දය කිට්ටුවෙලා ලංකාවට එන්න. අපි හැමෝම එකතු වෙලා මේ විනාශය පරාජය කිරීම සඳහා ක්‍රියාකාරීව මැදිහත් වෙමු.
……………………………………………….
සභාවෙන් ඉදිරිපත් කරන ලද ප්‍රශ්න සහ පිළිතුරු
ප්‍රශ්නය: පාලකයන් මේ දක්වා කළ වැරදිවලට ඔබේ පාලනයක් යටතේ ක්‍රියාකරන්නේ කොහොමද?
පිළිතුර:
අපට කිසිදු පුද්ගලයෙකුගෙන් පලිගැනීමේ චේතනාවක් නැහැ. ඒ කිසිවෙකු සම්බ්නධයෙන් අපිට පෞද්ගලික ආරෝවක් නැහැ. අපේ රට මේතරම් දුප්පත්භාවයට පත් වුණේ ජනතාවගේ දේපළ කෝටි ප්‍රකෝටි ගණන් කොල්ල කෑ නිසයි. ඉස්පිරිතාලයක බෙහෙත් නැතිව අම්මා කෙනෙක් මැරෙනවා නම්, ආහාර නැතිව දරුවෙක් මැරෙනවා නම්, තමන්ගේ ළදරුවා දාලා විදෙස්ගත වෙන්න සිදුවෙනවා නම්, ඒ සියල්ල සිදුවී තිබෙන්නේ මහජන ධනය ඔවුන් කොල්ලකෑ නිසයි. ඒ සම්බන්ධයෙන් ඔවුන්ට නියත වශයෙන්ම දඬුවම් ලබාදෙනවා. රනිල් වික්‍රමසිංහ පසුගිය දවසක කීවා ඔහුගේ ළඟ තොරතුරු සියල්ල තිබෙන බවත්, මගේ ළඟ හිස් ෆයිල් තිබෙන බවත්. දූෂණ මර්දන ලේකම් කාර්යාලයට පැමිණිලි විශාල ප්‍රමාණයක් ආවා. පැරණි පැමිණිලි වෙනුවෙන් ක්‍රියාකිරීමට පටන් ගත් අවස්ථාවේ අලුත් පැමිණිලි ආවා. ඒ අතර රවි කරුණානායක සම්බන්ධ ප්‍රාඩෝ රථ වංචාවක් ගැන පැමිණිල්ලක් ආවා. විදේශයෙන් කිරි හරක් මිලදී ගැනීම සහ වී අලෙවි මණ්ඩලයේ වංචා ගැන පී. හැරිසන්ට විරුද්ධව පැමිණිලි ආවා. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම් වංචා පිළිබඳවත් පැමිණිලි ආවා.
පැරණි පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන අතර, අලුත් පැමිණිලි ලැබීම නිසා රනිල් වික්‍රමසිංහ මේ කාර්යාලය වසා දැම්මා. ඒ විතරක් නොවෙයි, රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙනුත් පැමිණිලි ආවා. රනිල් වික්‍රමසිංහගේ ෆයිල් දෙකක් ඇතුළුව සියලු පැමිණිලි පිළිබඳ තොරතුරු මා සතුව තිබෙනවා. නිතිය හමුවට ඔවුන් ගෙන යන අතර, පවරා ගත හැකි හැම දේපළක්ම පවරා ගන්නවා. වංචා දූෂණ පමණක් නොවෙයි, කාලයේ වැලි තලාවෙන් යට කරන්න උත්සාහ කරන අපරාධ රැසකුත් තිබෙනවා. ලසන්ත වික්‍රමතුංග, තාජුඩීන්, එක්නැලිගොඩ වැනි ඝාතන වගේම දේශපාලන කුමන්ත්‍රණ වෙනුවෙන් පාස්කු ප්‍රහාර එල්ල කිරීම වැනි අපරාධ සම්බන්ධයෙන්ද නිසි පරිදි පරීක්ෂණ සිදුකොට අධිකරණය හමුවට ඉදිරිපත් කරනවා. ආන්දෝලනාත්මක අපරාධ පිළිබඳ පරීක්ෂණ සිදුකළ ශානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න මහත්වරුන් ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලීස් සාමූහිකයේ ප්‍රධානීන් වී සිටිනවා. ඔවුන් පළිගැනීම්වලට පවා ලක් කළා. අපේ රටේ පාතාලය මෙහෙය වන්නේත් දේශපාලකයන්. ඒ සියල්ල සම්බන්ධයෙන් නිසි පරිදි පරීක්ෂණ පවත්වා නීතිය හමුවට ගෙන යනවා.
ප්‍රශ්නය: ආයෝජන ලංකාවට ගෙන යන අවස්ථාවලදී මේ දක්වා සිදුවන අති විශාල කොමිස් මුදල් ඉල්ලීම නතර කළ හැකිද?
පිළිතුර:
ඕනෑම ව්‍යවසායක් නිසි ශක්‍යතාවයෙන් යුක්තද කියලා පරීක්ෂා කරන්න ඕනෑ. ඒ අනුව ප්‍රතිඵලදායක ඕනෑම ව්‍යාපෘතියකට ඇල්වතුර වීදුරුවක්වත් නොගෙන ආයෝජකයන් යොදවනවා. අපට අවශ්‍ය වන්නේ කොතරම් රැකියා උත්පාදනය වෙනවාද? අපනයන ආදායම කොතරම් උපයාගත හැකිද, අපේ සම්පත් උපයෝජනය කර ගන්න කොතරම් සමත් වෙනවාද යන කරුණු තහවුරු කර ගැනීම පමණයි. ලංකාවේ එක් සීනි සමාගමක් අපතේ යන උක් රොඩුවලින් විදුලිය නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. ඒ විදුලි නිෂ්පාදනය ඔහුගේ කර්මාන්ත ශාලාවේ අවශ්‍යතාවයට වඩා වැඩියි. ඒ වැඩි විදුලිය ජාතික පද්ධතියට එක්කරන්න අවස්ථාව ලබා ගැනීම සඳහා ඇමතිවරයා සමග සාකච්ඡා කළා. ඇමතිවරයාගේ යෝජනාව වූයේ ඇමතිගේ බෑනාගේ සමාගමක් පිහිටුවා ඒ සමාගමට ලබාදී ඒ මගින් ජාතික පද්ධයට ලබාදීමටයි. ඒ වගේම ඔබ කියු පරිදි කුණු ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා පැමිණි ව්‍යවසායකයාට ඇමතිවරයා පවසා තිබුණේ ව්‍යාපාරයෙන් 50%ක් ඔහුට ලබාදෙන ලෙසයි. ඒ නිසා ජනතාවගේ වුවමනාව සහ පාලකයාගේ වුවමනාව එකම ඉලක්කයක් වන පාලනයක් අපි පිහිටුවා ගනිමු. බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බලය ලබා ගත්තේ ඔවුන්ට විරුද්ධව අධිකරණය හමුවේ විභාග වූ නඩු ඉවත් කර ගැනීමටයි. අපි ජනතාවගේ අරමුණු සහ පාලකයන්ගේ අරමුණු ඒකාත්මික වූ පාලනයක් පිහිටුවා ගනිමු.
ප්‍රශ්නය: පාස්කු දවසේ බෝම්බ ප්‍රහාරයෙන් මගේ මහත්තයා හා දුවලා දෙන්නාත් මිය ගියා. මම තුවාල ලබා ඉතිරි වුණා. අදට ඒ ප්‍රහාරය එල්ල කර අවුරුදු පහකුත් මාස තුනක් ගෙවී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මම බලාපොරොත්තු වෙන්නේ මුදල් වන්දියක් නොවෙයි. ඒ වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරන්නේ කොහොමද?
පිළිතුර:
අසා සිටිය නොහැකි හැඟීමක් ඒ සම්බන්ධයෙන් දැනෙනවා. පාස්කු ප්‍රහාරයෙන් ටික දවසකට පසු මම ප්‍රකාශයක් කළා. දඩයම කර ගහගෙන යන්නේ කවුද කියලා බැලුවහම තුවක්කුව බැන්දෙ කවුද කියලා හිතා ගන්න පුළුවන් කියලා. ප්‍රහාරය එල්ල කළ අවස්ථාවෙත් අපට ඒ සැකය තිබුණා. පසුව පාර්ලිමේන්තු තේරීම් කාර සභාවක්, ජනාධිපති කොමිෂන් සභාවක්, ඒ වගේම තවත් පරීක්ෂණ ආයතන යොදවා තිබුණා. පරීක්ෂණ සිදු කළත් නිරාකරණය කර ගත යුතු තැන් ටිකක් ඉතිරි වී තිබෙනවා වවුනතිව්වල ඝාතනය කළ පොලිස් නිලධාරීන් දෙදෙනා පිළිබඳව පරීක්ෂණ නිසි පරිදි සිදු කළා නම් සහරාන්ලාගේ බෝම්බ පිපිරීම සිදුවන්නේ නැහැ. නමුත් එම පරීක්ෂණ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු දෙසට හැරෙව්වා. තව පැත්තකින් අප්‍රේල් 04වැනිදා ප්‍රහාරය එල්ල කිරීම පිළිබඳ තොරතුරු ආවා. අප්‍රෙල් 09 වැනිදා ප්‍රහාරය එල්ල කරන්නේ කවුද කියලා තොරතුරු ආවා. අප්‍රේල් 20 වැනිදා තොරතුරු ආවා හෙට ගහනවා කියලා. අප්‍රේල් 21දා උදේ හතට ප්‍රහාර එල්ල කරන ස්ථාන පිළිබඳ තොරතුරු ආවා. මේ තොරතුරු හොඳින් විමර්ශනය කළ විට පැහැදිලි වෙන්නේ එය වළක්වා ගැනීමට අත්‍යවශ්‍ය තොරතුරු කිහිපයක් නොලැබුණු බවයි. සමීපතම කෙනෙකු තොරතුරු දුන්නත් පානදුර ප්‍රදේශයේ නිවසක සිට ප්‍රහාරයට සැලසුම් කරන බවට වූ තොරතුර ලැබී තිබුණේ නැහැ. ප්‍රහාරයට අවශ්‍ය භාණ්ඩ බත්තරමුල්ල ප්‍රදේශයෙන් මිලදී ගැනීම පිළිබඳ තොරතුරු ලැබෙන්නේත් නැහැ. එහෙම නම් ප්‍රහාරය පිළිබඳ තොරතුරු දුන්නේ කවුද කියලා හොයා ගන්න ඕනෑ. තුන්වෙනුව තාජ් සමූද්‍රා හෝටලයේ සිට පැමිණි ජමීල් බෝම්බයක් පුපුරවා නොගෙන ආපසු ගියා. ඔහු දෙහිවල ප්‍රදේශයේදී බෝම්බය පුපුරවා ගන්න කලින් හමුදා බුද්ධි අංශය ජමීල්ගේ ගෙදරට ගියා. එය සිදුවුණේ කොහොමද කියලා සොයා ගන්න ඕනෑ. ප්‍රහාරයෙන් පසුව අයි.එස්.අයි.එස්. සංවිධානයට එහි වගකීම භාර ගන්න කතා කළේ කවුද කියලා සොයා ගන්න ඕනෑ. මාතලේ සිටි පොඩි සහරාන් මෙහෙයවූ පුද්ගලයෙක් ප්‍රහාරයේ වගකීම අයි.එස්.අයි.එස්. සංවිධානයට බාර ගන්නා ලෙස බලකරන්නැයි නියෝග කර තිබුණා. ඒ කතා කරපු කෙනා සොයා ගන්න ඕනෑ. කටුවාපිටියේ බෝම්බය පුපුරවා ගත් පුද්ගලයාගේ බිරිඳ මියගොස් නැති බව ඩී.එන්.ඒ. පරීක්ෂණ දෙකකදී හෙළි වුණා. තුන්වැනි පරීක්ෂණයෙන් ඇය මිය ගිය බවට ප්‍රකාශ වුණා. මෙතෙක් සිදුකළ පරීක්ෂණවලින් හෙළි වූ මෙන්න මේ කරුණු ටික නිරාකරණය කර ගත යුතුයි.
පුපුරන ද්‍රව්‍ය අධිවේගී මාර්ගයෙන් ප්‍රවාහනය කරන්න ගෙන එන අතර, වාහනය පරීක්ෂා නොකරන ලෙස නියෝග කළේ කවුද කියලා සොයන්න ඕනෑ. දීර්ඝ පරීක්ෂණ නොවෙයි, මේ ගැටලු ටික නිරාකරණය කරගෙන ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුකරනවා. ඒ වගේම ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් සමාජය කෙරෙහි සැකයෙන් හා වෛරයෙන් බලන තත්වයක් ඇති කළා. කාදිනල් වහන්සේගේ මැදිහත් වීම සිදු නොවෙන්න අපේ රට විශාල ගිනි ජාලාවක් බවට පත්විය හැකිව තිබුණා. වේදනාවට පත්වූවන්ගේ වගකීම කාදිනල් වහන්සේ බාරගෙන ක්‍රියාකිරීම සම්බන්ධයෙන් අදත් අපි ස්තුතිවන්ත වෙනවා. නමුත් ඒ වගකීම බාරගැනීම සම්බන්ධයෙන් අද උන්වහන්සේට විශාල චෝදනා එල්ල වෙනවා.
මේ සහෝදරියට මේ ප්‍රශ්නය ඉතාමත්ම තදින් දැනෙනවා වගේම සමාජයටත් ඒ ආකරයෙන්ම දැනෙනවා. දේශපාලන බලය වෙනුවෙන් මෙවැනි සැලසුම් සහගත ප්‍රහරයන් එල්ල කිරීම අතිශය බරපතළයි. ඒ වගේම ප්‍රහාරය වළක්වා ගත යුතු අංශ ප්‍රහාරයේ සැලසුම්කරුවන් වෙනවා නම් හෙටත් අපි අනාරක්ෂිතයි. ඒ නිසා මේ ප්‍රහාරය කාලයෙන් හෝ ඉතිහාසයෙන් හෝ කඳුළුවලින් කෙළවර වීමට ඉඩ නොදිය යුතුයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ මේ සියලු තොරතුරු අපි හෙළිකර ගන්නවා. මෙවැනි ව්‍යසනයක් යළි සිදු නොවීමට මේ සඳහා වගකිව යුතු කවර හෝ තරාතිරම්වල අය නීතියට ඉදිරියට ගෙන යාමේ වගකීම අපි බාර ගන්නවා.
ප්‍රශ්නය: ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු කළ හැකි පිරිසක් ජපානයේ ඉන්නවා. දැන් තිබෙන වැල් පාලම නොවෙයි, ඔවුන් අපේ රටට ගෙන්වා ගත හැකි ශක්තිමත් පාලමක් හදාදෙන ලෙස ඉල්ලා සිටිනවා.
පිළිතුර:
සමහර ක්ෂේත්‍රවලට අවශ්‍ය ප්‍රාග්ධනය අපට නැහැ. සමහර ක්ෂේත්‍රවලට අවශ්‍ය තාක්ෂණය අපට නැහැ. ප්‍රාග්ධනය සහ තාක්ෂණය රට තුළට ගෙනත් ආයෝජනය කිරීමෙන් ලබා ගන්නා ලාභයෙන් සාධාරණ පංගුවක් ලංකාවේ රජයට දෙන්න. අපේ බදු ප්‍රතිපත්තිවල සහ පෞද්ගලික අංශය සහභාගි කර ගැනීමේ මූලධර්මය ඒකයි.
ප්‍රශ්නය: මම ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ කාර්ය බලකායේ ක්‍රියාකාරීව හිඳිමින් ආබාධිත වූ සොල්දාදුවෙක්. මට දැන් ජපානයේ පුරවැසිභාවය තිබෙනවා. නමුත් යුද්ධයෙන් ආබාධිත වූ දොළොස් දහසකට අධික වූ පිරිසක් සොච්චම් විශ්‍රාම වැටුපකින් ජීවත් වෙනවා. ඒ අබාධිතයන් වෙනුවෙන් ඔබගේ පාලනයක් යටතේ අනගමනය කරන ක්‍රියාමාර්ගය මොකක්ද?
පිළිතුර:
අගෝස්තු 04වැනිදා විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ජාතික සමුළුව සූදානම් කර තිබෙනවා. ඒ ඒ ක්ෂේත්‍රවල අය මුහුණ දෙන ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ප්‍රතිපත්ති සකස් කරමින් තිබෙනවා. ඔවුන් සම්බන්ධයෙන් ගන්න තීන්දු තීරණ පිළිබඳව 04වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.
අගෝස්තු 04වැනිදා විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ජාතික සමුළුව සූදානම් කර තිබෙනවා. ඒ ඒ ක්ෂේත්‍රවල අය මුහුණ දෙන ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ප්‍රතිපත්ති සකස් කරමින් තිබෙනවා. ඔවුන් සම්බන්ධයෙන් ගන්න තීන්දු තීරණ පිළිබඳව 04වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.
……………………………………………….
මෙම ජන හමුව සඳහා ව්‍යාපාරිකයන්, වෘත්තියවේදීන් මෙන්ම විද්වතුන් රැසක් සහභාගි වූ අතර එම පිරිස නියෝජනය කරමින් මහාචාර්ය ශ්‍රී කාන්ත හේරත්, මහාචාර්ය කීර්ති එච්. ගුරුගේ, ජපන් ජාතික සඳවා මෙහෙරුමසා, වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ ජාතික ශිෂ්‍ය සංගමයේ ජපාන නියෝජිත යෝනික් හාන්ස්, ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමයේ සභාපති ජගත් රාමනායක, සෞරු එක්ස්පෝර්ට් ආයතනයේ සභාපති ජයන්ත හෙට්ටිආරච්චි, සෝවියට් රුසියාවේ ලුමුම්බා මිත්‍රත්ව සංගමයේ සභාපති විශ්‍රාමික යුද හමුදා බි්‍රගේඩියර් මොහොමඩ් සනුයි ඉස්රුප්, මීඩියා ස්ක්‍රීන් ඉංජිනේරු ආයතනයේ කළමනාකාර ආචාර්ය ධම්මික මාන්නක්කාර, ජපන්-ශ්‍රී ලංකා ජාතික සභාවේ සභාපති රුක්මන් ශ්‍රී ලාල් වඩුතන්ත්‍රි, පී.එච්. ග්ලෝබල් ට්‍රේඩින් ආයතනයේ සභාපති හර්ෂ ගුණසේන, නයොසා රුචිරන් ට්‍රේඩර්ස් සභාපති නෙවිල් හෙන්දා විතාරණ, ඇරිස්ට්‍රා ජපන් ආයතනයේ සභාපති විස්මි ඉස්මයිල්, චිගා සිංහරාජ ව්‍යාපාරයේ අධිපති කමල් කාරියවසම්, ජාතික ජන බලවේගයේ කියෝටෝ ශාඛාවේ ලක්මිණී කළුආරච්චි, බෙස්බෝන් ආයතනයේ අධ්‍යක්ෂ අජුවට්, ජාතික ජන බලවේගයේ නගොයා ශාඛාවේ චානක සම්පත්, ජාතික ජන බලවේගයේ කියොටෝ ශාඛාවේ ආනන්ද, එන්.කේ.ආර් එක්ස්පෝර්ට් ආයතනයේ සභාපති කුමාර ගුණතිලක යන මහත්ම මහත්මීහු පහන් දැල්වීම සඳහා සම්බන්ධ වූහ.
(-Colombo, July 19, 2024-) ඉදිරි දින කිහිපයේ ජපානයේ ශ්‍රී ලාංකික ජනහමුවක් සහ ව්‍යාපාරික හමුවක් සඳහා සහභාගි වීමට ජපානයට ගිය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා Narita ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ උණුසුම් පිළිගැනීම් මැද…
(-Colombo, July 19, 2024-)
ඉදිරි දින කිහිපයේ ජපානයේ ශ්‍රී ලාංකික ජනහමුවක් සහ ව්‍යාපාරික හමුවක් සඳහා සහභාගි වීමට ජපානයට ගිය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා Narita ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ උණුසුම් පිළිගැනීම් මැද…
(-ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.07.19-) පසුගිය 17 දින සිට ජනාධිපතිවණය වෙනුවෙන් කටයුතු කිරීමේ ව්‍යවස්ථානුකූල බලය මැතිවරණ කොමිෂන් සභාවට ලැබී තිබුණත් රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිරූපය ගොඩනඟන්න ජනාධිපති බලය, නිලධාරීන්, මහජන මුදල් වැය කරමින් විවිධ ව්‍යාපෘති අඛණ්ඩව කරගෙන යනවා. රාජ්‍ය මූල්‍ය අවභාවිතාවන් වළක්වා සැබෑ මහජන මතය ඡන්දයකදී නිරූපණය කිරීම සඳහා දූෂිත ක්‍රමය වෙනස් කරන්නයි 2022 අරගලයේදී […]
(-ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.07.19-)
පසුගිය 17 දින සිට ජනාධිපතිවණය වෙනුවෙන් කටයුතු කිරීමේ ව්‍යවස්ථානුකූල බලය මැතිවරණ කොමිෂන් සභාවට ලැබී තිබුණත් රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිරූපය ගොඩනඟන්න ජනාධිපති බලය, නිලධාරීන්, මහජන මුදල් වැය කරමින් විවිධ ව්‍යාපෘති අඛණ්ඩව කරගෙන යනවා. රාජ්‍ය මූල්‍ය අවභාවිතාවන් වළක්වා සැබෑ මහජන මතය ඡන්දයකදී නිරූපණය කිරීම සඳහා දූෂිත ක්‍රමය වෙනස් කරන්නයි 2022 අරගලයේදී ජනතාව පාරට බැස්සේ. නමුත් අදටත් බිඳ වැටුණු රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිරූපය ගොඩනැගීමේ ව්‍යාපෘති දියත් කර තිබෙනවා. ප්‍රජා පොලිස් කමිටු දේශපාලනය කිරීමේ අරමුණෙන් එකතු කරමින් ඉන්නවා. මේ රැස්වීම් වෙනුවෙන් පොලිස් තෑගි අරමුදල අවභාවිතා කිරීම, චක්‍රලේඛ යොදා ගනිමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශ යොදා ගැනීම සඳහා විදේශගත ශ්‍රමිකයන්ගේ අරමුදල් යොදා ගන්නවා. ඊට අමතරව යෞවන කටයුතු වෙනුවෙන් මුදල් නැහැ කියන අතරේ තරුණ සේවා සභාවේ මුදල් විවිධ ආකාරයට මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදා ගන්නවා.
මූල්‍ය අවභාවිතාව නැවැත්වීම සඳහා පුළුල් මහජන මතයක් අවශ්‍යයි. රුපියල් කෝටි 200ක පමණ මුදලක් ජනාධිපති වැය ශීර්ෂයෙන් වෙන්කර නීතිමය තහවුරුවක් නැති ඔප්පු ලබාදීමේ උත්සව පවත්වනවා. අවුරුද්ද මුලදී ජනාධිපතිවරයාට වෙන් කළ මුදල්වලට වඩා විශාල මුදලක් පරිපූරක ඇස්තමේන්තු වෙන් ලබාගනිමින් යොදා ගන්නා අතර, වෙනත් වැය ශීර්ෂයන් පවා යොදවා ගැනීමේ යෝජනා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගෙන තිබෙනවා. 2024 ජනාධිපති වැය ශීර්ෂය වෙනුවෙන් රුපියල් මිලියන 6607ක් වෙන්කර තිබියෙදී තවත් මිලියන 8750ක් වෙන්කරගෙන මැතිවරණ ක්‍රියාවලියට යොදා ගන්නවා. තවමත් අපේක්ෂකයෙක් ලෙස නිල වශයෙන් නම් නොකළ තත්වයක් යටතේ මහජන මුදල් මෙන්ම නිලධාරීන් රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් විධායක බලය පාවිච්චි කර යොදා ගනිමින් සිටිනවා. මැතිවරණය සම්බන්ධයෙන් දින වකවානු කොමිසමෙන් ප්‍රකාශ කළාට පසු බලය අවභාවිතා කරමින් ප්‍රචාරක කටයුතුවලට යොදා ගන්න සැලසුම් කර තිබෙනවා. එයට එරෙහිව ජනතාව සහ දේශපාලන පක්ෂ හැටියට අපි මැදිහත් වෙනවා වගේම මැතිවරණ කොමිෂන් සභාවටත් විශාල වගකීමක් පැවරී තිබෙනවා.
“බැඳුම්කර වංචාව සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහට එරෙහිව ෆයිල් දෙකක් තිබෙන බව මතක් කරනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ-
මැතිවරණය ආසන්නයේදී රාජ්‍ය සම්පත් අවභාවිතා කරනවා වගේම රටේ සම්පත් ඉතාම වේගයෙන් කුණු කොල්ලයට විකුණමින්, යහළුවන්ට බෙදා දෙමින් තිබෙනවා. අද මේ වන විටත් පාස්පෝර්ට් කාර්යාලය ළඟ ඇතිවී තිබෙන උණුසුම් තත්වය පාලනය කරන්න කැරලි මර්දන පොලීසිය කැඳවා තිබෙනවා. තමන්ගේ පාස්පෝර්ට් එක ගන්න පැමිණි 3000කට අධික පිරිසක් කාර්යාලය ඉදිරිපිටට එක්රැස්වී සිටියදී එය ඔන්ලයින් ඔස්සේ පමණක් ලබා ගන්නා ලෙස දැනුම් දී තිබෙනවා. ඊට අදාළ අභ්‍යන්තර චක්‍ර ලේඛය නිකුත් කර තිබෙන්නේ පෙරේදා, 17 දිනයි. ඊ පාස්පෝර්ට් එකක් ලබාදීම වෙනුවෙන් මේ චක්‍රලේඛය නිකුත් කර ඇති බව කියනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමේදී හෙළි වූයේ ඊ පාස්පෝර්ට් සේවාව ලබාදීමට ටෙන්ඩර් කැඳවා රනිල් වික්‍රමසිංහලාගේ යාළුවෙකුට ලබාදී ඇති බවයි. මේ සේවාව ලබාදීමට අවශ්‍ය හැකියාව ඔවුන්ට තිබෙනවාද යන්න සොයා බැලීමකින් තොරව ටෙන්ඩරය ලබා දී ඇති බව මේ වන විට හෙළි වෙනවා. තව පැත්තකින් ගුවන් තොටුපළේ වීසා නිකුත් කිරීම යාළුවන්ට ලබාදීම වෙනුවෙන් ක්‍රියා කළ ආකාරය පසුගිය කාලයේ අපි දැක්කා.
රටේ සම්පත් තමන්ගේ යහළුවන්ට පවරා දෙන්න වේගයෙන් ක්‍රියා කරන ආකාරය නිකවැරටියේ පශු සම්පත් ගොවිපළ පවරා දීමට දරන උත්සාහයෙන් හෙළි වී තිබෙනවා. නමුත් ප්‍රාදේශීය ලේකම්, ගොවිපළේ සේවකයන් පළ කර තිබෙන විරෝධය නොතකා ප්‍රධාන පාරට මුහුණ ලා තිබෙන අක්කර 20ක ඉඩම අවුරුදු 30කට බදු දී තිබෙන්නේ රුපියල් 60,000ක බද්දකට යටත්වයි. පශු සම්පත් ගොවිපළ නිලධාරීන් මෙයට විරුද්ධව දිගින් දිගටම විරෝධත්වය පළ කර තිබියෙදී මේ ගොවිපළේ අක්කර 1000ක ඉඩමෙන් අක්කර 20, 25, වැනි කැබලිවලට කඩා හිතවතුන්ට බෙදාදීමේ ක්‍රියාවලියක් ආරම්භ කර තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලැබුණු නියෝගයක් මත ඡන්දයට පෙර ඉඩම් කොල්ලයක් දියත් කර තිබෙනවා. ඒ වගේම පොළොන්නරුව නගරය මධ්‍යයේ තිබෙන රුපියල් කෝටි පහක තක්සේරු වටිනාකමින් යුතු පර්චස් 40ක ඉඩම රුපියල් කෝටි දෙකකට නව තක්සේරු වාර්තාවක් ලබාගෙන හිතවතෙකුට බදු දී තිබෙනවා.
සතොසට අයත්ව මත්පැන් බලපත්‍ර 100ක් ලබා දී තිබෙනවා. එයින් 51ක් තමන්ගේ හිතවතුන්ට ලබාදීමේ සූදානමක් අර්ජුන් ඇලෝසියස්ලා එකතු වී දියත්කර තිබණා. අපි ඒ පිළිබඳව හෙළි කළ නිසා තාවකාලිකව නවත්වා සතොස ගබඩා තමන්ගේ හිතවතුන්ට ලබාදෙමින් සිටිනවා. මැකලම් පාරේ රථ ගාල රුපියල් ලක්ෂය බැගින් බදු දෙන්න සූදානම් කර තිබෙනවා. නුවරඑළිය රෝහල ආසන්නයේ සතොසට අයත් බංගලාව ලක්ෂ 05ක තක්සේරුවක් තිබියෙදී යහළුවන්ට රුපියල් එක් ලක්ෂ 15දාහක කුලියට දෙන්න සූදානම් කර තිබෙනවා. කම්කරු අමාත්‍යාංශයේ විදේශ රැකියා සම්බන්ධ කොටස පමණක් ඇමතිගේ කටයුතු වෙනුවෙන් සක්‍රීය කොට තිබෙනවා. “ජයගමු ශ්‍රී ලංකා” කියන ප්‍රචාරක වැඩපිළිවෙල මේ වන විට නගර 22ක ප්‍රදර්ශන පවත්වා අවසන්. පසුගිය වසරේ මුල් මාස හය තුළ විදේශ රැකියා සඳහා පිටත් වූ පිරිසට වඩා මේ ප්‍රචාරක වැඩපිළිවෙළ ඇතුළේ විදේශ රැකියා සඳහා ගිය පිරිස් වැඩිවී නැහැ. නමුත් මේ එක් ප්‍රදර්ශනයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 200ක් විදේශ රැකියා කාර්යාංශයේ මුදල් වැය කරනවා. කිසිදු ටෙන්ඩර් පටිපාටියක් නැතිව ඇමතිගේ හිතවතෙකු හට මේ ප්‍රදර්ශන කුටි සැකසීම සඳහා රුපියල් ලක්ෂ 200 බැගින් ලබා දෙනවා. දැනට රුපියල් ලක්ෂ 4400ක් වියදම් කර අවසන්.
සංචාරක අමාත්‍යාංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රජා පොලිස් කමිටු, යොදවා ගෙන රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක කටයුතු ගෙන යනවා. ජනතාවගේ යහපත වෙනුවෙන් වියදම් කිරීමට තිබෙන සල්ලි මේ ආකාරයෙන් තමන්ගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදා ගන්නේ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 75ක් නැති පසුබිමකයි. පාසල් ගණනාවක ලයිට් කපා තිබෙන පසුබිමකයි. ඡන්දයට බයේ ඉන්න පාලකයන් මහජන ධනය මේ ආකාරයෙන් යොදා ගැනීම නැවැත්වීම සඳහා අවශ්‍ය බලය යොදවන ලෙස මැතිවරණ කොමිසමට අවධාරණයෙන් මතක් කරනවා. රනිල් වික්‍රමසිංහ නීතිපතිට උපදෙස් ලබාදී අධිකරණයේ විභාග වෙමින් පැවති අධි චෝදනා 31කට අදාළ ලිපිගොනු පසුගිය කාලයේ ඉවත්කර ගෙන තිබෙනවා. නමුත් මේ අවස්ථාවෙත් පොළොන්නරුව ගොවිපොළේ සහ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ වංචා අක්‍රමිකතා පිළිබඳව තොරතුරු ලැබෙමින් පවතිනවා. ඒ සම්බන්ධ නීතිමය ක්‍රියා මාර්ග ඉතා ඉක්මනින් ගන්නා අතර මහ බැංකු බැඳුම්කර වංචාව සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහට එරෙහිවත් ෆයිල් දෙකක් තිබෙන බව මතක් කරනවා. ඊට අමතරව පසුගිය කාලයේ අපි ඉදිරිපත් කළ වංචා, දූෂණ සියල්ලට අදාල නීතිමය ක්‍රියා මාර්ග ජාතික ජන බලවේගයේ රජයකින් නිසි පරිදි ක්‍රියාත්මක කරන බව අවධාරණය කරනවා.
“රනිල්, රාජපක්ෂලාගේ මජර දේශපාලන සංස්කෘතියම ඉදිරියට ගෙන යමින් සිටිනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස-
රාජපක්ෂලාගේ කැත, මජර දේශපාලන සංස්කෘතියම ඉදිරියට ගෙන යමින් සිටින බව රනිල් වික්‍රමසිංහ මේ වන විට ඔප්පු කරමින් ඉන්නවා. 2014දී රාජපක්ෂලා විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදල් භාවිතා කර සිල් රෙදි බෙදාදීමට මූලික වූ නිලධාරීන් හට මහාධිකරණයෙන් දඬුවම් ලබාදුන් බව රනිල් වික්‍රමසිංහ මතක තබාගත යුතු වෙනවා. මේ කටයුතුවලට රාජ්‍ය නිලධාරීන්ගේ දැඩි විරෝධයක් තිබෙනවා. නිලධාරීන් එයට සහභාගී වන්නේ කිසිවක් කර ගත නොහැකි පසුබිමක් තුළයි. අපි ජනතාවට අවධාරණය කරන්නේ මේ සම්බන්ධයෙන් අවදියෙන් සිටිමින් මැතිවරණයේදී නිසි ප්‍රතිචාර දක්වන ලෙසයි.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්
ප්‍රශ්නය: මේ වන විට සාකච්ඡා කෙරෙමින් පවතින ව්‍යවස්ථා සංශෝධන මගින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාටත් මැතිවරණයට ඉදිරිපත් විය හැකිද?
පිළිතුර:
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති තේරුම් ගන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට නොහැකිකම හෝ බලය වෙනුවෙන් තිබෙන වුවමනාව මත පුද්ගලයන් යවා ධුර කාලය වසර පහක්ද හයක්ද යන්න ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසුවා. අවුරුදු පහක් බව නැවතත් තහවුරු කර තිබෙනවා. ඔය කියන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවත් වසර පහකට ධුර කාලය සීමා වෙනවා මිස හයක් වෙන්නේ නැහැ. පොහොට්ටුවට මහින්ද රාජපක්ෂ හැර අපේක්ෂකයෙක් ගැන හිතන්නවත් බැරි නිසා ඒ බංකොලොත්භාවය මාධ්‍ය සාකච්ඡාවලදී එක් එක් පුද්ගලයන් ප්‍රකාශ කරමින් සිටිනවා.
ප්‍රශ්නය: අපේක්ෂකයා නම් කරන්න ඉක්මන් වුණා වැඩි නැද්ද?
පිළිතුර:
කිසිසේත්ම වැඩි නැහැ. අනුර කුමාර දිසානායක සහෝදරයා අපේ අපේක්ෂකයා බව කල්තියාම නම් කරලා රට තුළත් විදේශ රටවලත් දැවැන්ත ප්‍රචාරක කටයුතු රැසක් කරමින් සිටිනවා. ජනාධිපතිවරණයට නාම යෝජනා දෙන දිනය ආසන්න වෙලා තිබියදීත් තමන්ගේ අපේක්ෂකයා නම්කර ගන්න බැරි අය ඔය වගේ ප්‍රචාර ගෙන යනවා. කල්තියා අපේක්ෂකයා නම්කර ඔහු මූලිකත්වයේ තබාගෙන ප්‍රචාරක කටයුතු කරගෙන යාම අපගේ ජයග්‍රාහීම පියවරක්.
ප්‍රශ්නය: රටේ සංවර්ධනයට ආයෝජන අරමුදලක් ඇති කර පෞද්ගලික ආයෝජකයන්ට අවස්ථාවක් ලබාදෙන බව සුනිල් හඳුන්නෙත්ති සඳහන් කර තිබෙනවා. ඒ කියන්නේ කළු සල්ලි තිබෙන අයට අවස්ථාව ලබා දෙනවා කියන එකද?
පිළිතුර: රාජපක්ෂලා වික්‍රමසිංහලා දූෂිතයන්ව ආරක්ෂා කළා වගේ අපේ පාලනයක් තුළදී ආරක්ෂා කරයි කියලා ඔබ හිතනවාද? කොහොත්ම වෙන්නේ නැහැ. ජනතාව අපිත් එක්ක එකතු වී ඉන්නේ මේ දූෂිත ක්‍රමය වෙනස් කරන්න. ජනතාව අපිත් එක්ක එකතු වෙන්නේ රාජපක්ෂලා, වික්‍රමසිංහලා ආරක්ෂා කරන දූෂිතයින්ව හෙළිදරව් කළ නිසයි. ඒ දූෂිතයන්ට අපි නීතියෙන් දඬුවම් දෙන බව පැහැදිලි නිසයි. අපේ රටේ සැලකිය යුතු ජනතාවක් මූල්‍ය පද්ධතියත් එක්ක එකතු නොවී සිටිනවා. ඒ ජනතාව එක්රැස් කර ගත් අරමුදලක් පිහිටුවන්න අදහස් කරන බවයි එයින් ප්‍රකාශ කළේ. අපේ පාලනයක් තුළ දූෂිතයන් ආරක්ෂා කරන්න හෝ ඔවුන් ආරක්ෂා කරන්න නීති හදන්නේ නැහැ. පවතින නීති ප්‍රමාණවත් නොවේ නම්, අවශ්‍ය කරන නීති සම්පාදනය කර, විනිවිදභාවයෙන් නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ වගේම සාධාරණ ව්‍යාපාර කරන ව්‍යවසායකයන්ට, කර්මාන්තකරුවන්ට රාජ්‍ය ව්‍යවසාය තුළ අවස්ථාව සලසා දෙන බවට කළ පැහැදිලි කිරීම වෙනස් ආකාරයකට අර්ථ කථනය කරමින් යනවා. එවැනි අර්ථකථන ලබාදෙමින් සතුටු වෙන්න පිරිසක් ඉන්නවා. ඔවුන්ට සතුටු වෙන්න තිබෙන්නේ ටික දවසයි. ඒ බව මේ රටේ ජනතාව පැහැදිලිව දන්නවා.
විදේශ රැකියා ප්‍රවර්ධනයට බව කියමින් මනුෂ නානායක්කාර ඇමතිවරයාගේ මස්සිනා තවත් කණ්ඩායමක් එක්ක කොරියාවට ගියා. විදේශ රැකියා කාර්යාංශයේ නව දෙනෙක් සහ ඇමතිවරයාගෙන් දෙදෙනෙක් ඒ ලෙස ගිය පිරිස අතර ඉන්නවා. ඇමතිවරයාගෙන් ගිය දෙදෙනාගෙන් එක අයෙක් මනුෂ නානායක්කාරගේ මස්සිනා. දූෂිත ගනුදෙනු වගේම ඥාති සංග්‍රහයත් උපරිමයෙන්ම ක්‍රියාත්මක වෙනවා. යන යකා කොරහත් බිඳගෙන යන එක රාජපක්ෂලාත් ක්‍රියාත්මක කළා. රනිල් වික්‍රමසිංහත් ක්‍රියාත්මක කරමින් ඉන්නවා. මේ මුදල් අවභාවිතාවට විරුද්ධ වන නිලධාරීන් එක්ක අපි ඉන්න බව මතක් කරනවා. නීති විරෝධී යෝජනා ඉදිරිපත් වන අවස්ථාවල වහාම විරුද්ධ වන ලෙස අපි ඒ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.