(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ පඬුවස්නුවර රැලිය – 2024.08.20-) ජනාධිපතිවරණයේ ප්‍රචාරක රැලි අපි දකුණෙන් පටන් ගත්තා. ජයග්‍රාහී ලෙස රට පුරාම රැලි පවත්වමින් යන අතරේ පඬුවස්නුවර ජනතාව ආමන්ත්‍රණය කරන්න පැමිණියා. රනිල් වික්‍රමසිංහ මහත්තයා රට පුරාම පෝස්ටර් ගහලා තියෙන්නේ ‘පුළුවන්’ කියලා. ඊට කලින් මහජන සල්ලි වියදම් කරලා පෝස්ටර් ගැහුවේ එයා ජනාධිපති කියලයි. ලබන මාසයේ විසිඑක වෙනකම් ඔහු […]
(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ පඬුවස්නුවර රැලිය – 2024.08.20-)
ජනාධිපතිවරණයේ ප්‍රචාරක රැලි අපි දකුණෙන් පටන් ගත්තා. ජයග්‍රාහී ලෙස රට පුරාම රැලි පවත්වමින් යන අතරේ පඬුවස්නුවර ජනතාව ආමන්ත්‍රණය කරන්න පැමිණියා. රනිල් වික්‍රමසිංහ මහත්තයා රට පුරාම පෝස්ටර් ගහලා තියෙන්නේ ‘පුළුවන්’ කියලා. ඊට කලින් මහජන සල්ලි වියදම් කරලා පෝස්ටර් ගැහුවේ එයා ජනාධිපති කියලයි. ලබන මාසයේ විසිඑක වෙනකම් ඔහු ජනාධිපති වුණත්, විසිඑක්වැනිදා ඡන්දයේදී දේශපාලන පවුල් පසුබිමකින් පත් නොවී ‘පුනරුද ගමනට’ නායකත්වය දෙන අනුර දිසානායක සහෝදරයා නියත වශයෙන්ම ජනාධිපති කරනවා. සමහර මුස්ලිම් නායකයන් වාගේ දේශපාලන සූදු කෙළින්න නොවෙයි, අපි ජාතික ජන බලවේගයේ වේදිකාවට නැග්ගේ. තනතුරු, තානාන්තර, වරප්‍රසාද ලබා ගන්න ඕනෑ නම්, මේ වේදිකාව සුදුසු නැහැ. මුස්ලිම් සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙරට තිබෙන දූෂිත දේශපාලන පක්‍ෂ සමඟ ගිවිසුම් ඇති කර ගන්නා ආකාරය අපි දැක්කා. උගත්, තරුණ, නූතන මුස්ලිම් ප්‍රජාව ඒ අයට උත්තර දී තිබුණේ, ජාතික ජන බලවේගය සමඟ එක් වන බවට ප්‍රකාශ කරමිනුයි. පැය හතරක් විසන්ධි කර තිබුණු විදුලිය පවුල් දශලක්‍ෂයකගේ සදහටම විසන්ධි කරන්න රනිල්ට හැකි වී තිබෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය සීමා කරන්න රනිල්ට හැකි වී තිබෙනවා. රනිල් අපට අභියෝගයක් නොවන බව ඔබ සැම දෙනාම දන්නවා.
හොරු රැළකට මේ රටේ මිනිස්සු ඡන්දය දෙන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස ප්‍රතිපත්ති මත දේශපාලනය කරන බව කියන අතර, ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළ කෙනාත්, එය ගොඩනඟන බව කියන කෙනාත් එතැන ඉන්නවා. විල්පත්තුව කැපුවා කියන කෙනාත්, විල්පත්තුව රැකගන්නවා කියූ කෙනාත් එතැන ඉන්නවා. පක්‍ෂ මාරු කළ විට නඩු දාන කෙනාත්, පක්‍ෂ මාරු කළ ජී.එල්. පීරිස්ලාත් එතැන ඉන්නවා. එවැනි වටාපිටාවක තමයි, සජිත් ප්‍රේමදාස ප්‍රතිපත්ති ගැන කතා කරන්නේ. ආගමික නායකයන් ලෙස වෙන දේ බලාගෙන පැත්තකට වෙලා ඉන්නේ නැතිව හෘදයසාක්‍ෂියක් තිබෙන නිසා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී වශයෙන් බෙදීමට විරුද්ධව අපි මාලිමාව සමඟ එක්වූවා. ආඩම්බරයෙන් ශ්‍රී ලාංකික ජාතිය අපියි කිවහැකි දේශපාලන නායකත්වය තිබෙන්නේ ජාතික ජන බලවේගයේ පමණයි. අද වෙන කොට මුස්ලිම් සමාජය තුළ මඩ වීඩියෝ ක්ලිප් බෙදාහැරෙමින් තිබෙනවා. මුස්ලිම් සමාජයත්, බෞද්ධ සමාජයත්, ව්‍යාපාරිකයනුත් විවිධ බොරු ප්‍රචාර මඟින් බියගන්වන්න උත්සාහ කරනවා. නමුත්, අපි හැමෝම පුනරුද යුගයක් වෙනුවෙන් අත්වැල් බැඳ ගනිමුයි කියන ඉල්ලීම අපි සියලුම දෙනාගෙන් කරනවා.
“සියලු කලාකරුවන්ට ආදරයේ වේදිකාවට එකතු වෙන්න ආරාධනා කරනවා”
-ප්‍රවීණ සංගීතවේදී දර්ශන රුවන් දිසානායක-
නිදහසින් පසුව අවුරුදු හැත්තෑපහකට වැඩි කාලයක් අපේ රට පාලනය කළේ එකම කණ්ඩායමක් බවයි මම හිතන්නේ. ප්‍රධාන කණ්ඩායම් දෙකකට බෙදී මාරුවෙන් මාරුවට රට පාලනය කළ බව දැන් අපි කවුරුත් දන්නවා. කලාකරුවන් හැටියට අපිත් ඒ ප්‍රධාන කණ්ඩායම් දෙකට බෙදී අනුකණ්ඩායම්වලටත් බෙදී පැමිණීම නිසා අපට අහිමි වී තිබෙන්නේ ආදරයයි. ආදරය කියන්නේ විශාල පරාසයක්. කලාකරුවන් හැටියට අපට ආදරය පිරි ජනතාවක් ගොඩනඟා ගන්න නොහැකි වී තිබෙනවා. ආගම්, ජාති, පක්‍ෂ, පාට හැටියට බෙදී ඇති වුණු ගැටුම් සියල්ල අවසන් කර ආදරයේ නාමයෙන් සියලු දෙනා එකට එකතු කරන්න අපට හැකි වී තිබෙනවා. අහසින් වැටුණු වතුර බිඳුවලට, අව් රශ්මියට, හමන සුළඟට සීමා මායිම් නැතිවා වාගේම ජාතික ජන බලවේගයේ වේදිකාවටත් ආදරයේ සීමා මායිම් නැති බවයි මම හිතන්නේ. අනෙකුත් කලාකරුවන්ටත් මම කියන්නේ ආදරයේ මේ වේදිකාවට එකතු වෙන්න කියලයි. එළැඹෙන සැප්තැම්බර් විසිඑක් වැනිදා මගේ උපන් දිනය දවස. එදාට මම සමරන්නේ ජීවිතයේ වැදගත්ම උපන් දිනය බව මට විශ්වාසයි. අනුර සහෝදරයා ජනාධිපති ලෙස පත් වන්නේ ඒ දිනයේයි. කලාකරුවන් හැටියට අප ළඟ තිබෙන්නේ සෞන්දර්යයේ බලයයි. ඒ බලයට මිනිසුන්ව වෙනස් කරන්න පුළුවන්. ගොඩක් මාධ්‍ය එක පැත්තකට එකතු වී තිබෙන අතර, ජාතික ජන බලවේගයේ සෙනඟ පෙන්වන්න කැමරා කෝණ මඳි තරම් විශාලයි. අපි මේ වේදිකාවට ඇවිත් තිබෙන්නේ කිසිම දෙයක් ගන්න නොවෙයි, මේ කාර්යයෙන් පස්සේ වේදිකාවෙන් බැහැලා යනවා. රදළ දේශපාලනය කවදාවත් අපේ රටේ බිම් මට්ටමේ ජනතාවට අවස්ථාවක් ලබා නොදුන් බව මතක තබාගෙන විසිඑක් වැනිදාට මාලිමාවට කතිරය ගහන්න.
“අද අපේ දේශපාලන තීන්දුව ගැන ඉදිරි පරම්පරාවන් කෘතවේදීත්වය පළ කරාවි”
-ප්‍රවීණ රංගන ශිල්පිනී නදී කම්මැල්ලවීර-
මේ ගෙවී යන්නේ මගේ, ඔබේ, අපේ රටේ තීරණාත්මකම සති කිහිපය බව මම විශ්වාස කරනවා. රටේ පුරවැසියන් විදියට අවුරුදු හැත්තෑහයක් පුරා අතිශය කටුක වේදනා විඳි අපට අද අප ඉදිරිපිට තිබෙන්නේ ඓතිහාසික වගකීමක්. සිහිකල්පනාව ඇතිව මේ රටේ ජීවත් වන ඕනෑම කෙනකුට සැප්තැම්බර් විසිඑක් වැනිදා ගත යුතු තීරණය මොකක් දැයි පැහැදිලියි. අපි වැටී සිටින අගාධයෙන් ගොඩ එන්න නම්, තිබෙන එකම මාවත ජාතික ජන බලවේගයේ අනුර දිසානායක සහෝදරයා විශාල බහුතර ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කරවීම පමණයි. ඒ විශ්වාසය ඔබ සියලු දෙනාටත් තිබෙන බව මම දන්නවා.
සුළු පිරිසක් තවමත් මීදුම් දුමාරයක වාගේ ඉන්න බව කලා ක්‍ෂේත්‍රයේ අත්දැකීම් තුළින් මම දන්නවා. මේ තිබෙන අන්ධකාරයෙන් ගොඩ එන්න තිබෙන්නේ මාලිමාව පමණක් බව හදවතින් කියා ගන්න බැරිව ඉන්න අයටයි මම කතා කරන්නේ. මේ රට වෙනස් කරන්න ඕනෑ බව හිතනවා නම්, මාලිමාව හැර වෙනත් විකල්පයක් තිබෙනවාද කියන ප්‍රශ්නය මම අහනවා. රට විනාශ කළ අයටම රට ගොඩ ගන්න පුළුවන්ද කියලා මම අහනවා. මාලිමාව එක් පැත්තකත්, අනෙක් අපේක්‍ෂකයන් අනෙක් පැත්තේත් තියලා හදවතින් සහ නුවණින් එකවර තීරණය කරන්න කියා මම ඉල්ලා සිටිනවා. මම මෙය භාරගෙන තිබෙන්නේ ඡන්දයක් විදියට නොවෙයි, මගේ ජීවිතය සහ මගේ එකම දරුවාගේත්, සමස්ත රටවැසියන්ගේත් ජීවිත දිනා ගැනීමේ සටනක් ලෙසයි. අවුරුදු කිහිපයක් මම ජීවත් වුණේ ලෝකයේ දියුණුයි කියලා විශ්වාස කරන රටක. දියුණු අධ්‍යාපනයක් තිබෙන මනුෂ්‍යයන්ට මනුෂ්‍යයන් ලෙස සලකන රටේ නායකයාටත්, පුරවැසියන්ටත් එකම නීතියක් ක්‍රියාත්මක වන රටක සිටියේ. අපි අද ඉන්නේ එවැනි රටක් ලෙස හැඳින්විය හැකි තත්වයක් තිබෙන රටක නොවෙයි. අවම වශයෙන් ලෙඩකට බෙහෙත් ගන්න ඉස්පිරිතාලයට ගියාම දෙන බෙහෙත්වලින් මැරෙන්නේ නැති වෙයි කියලා විශ්වාසයක් තියා ගන්න පුළුවන්ද? මෙතෙක් අපි බලයට පත් කළ පාලකයන් කොතෙක් දුරට මනුෂ්‍යත්වය පිරි අය වූවාද?
මම මේ කතා කරන්නේ දේශපාලනයකට වඩා සමස්ත ජනතාවගේම ජීවිත ගැනයි. අවුරුදු හැත්තෑහයක් තිස්සේ මැතිවරණයකදී කතා කරන්නේ එදා වේල සොයා ගැනීම ගැන නම්, මේ රටේ සිටි පාලකයන් සිදු කර තිබෙන්නේ මොනවාද? අද අපි ගන්නා දේශපාලන තීන්දුව ගැන අපේ දරුවන් පරම්පරා ගණනාවක් කෘතවේදීත්වය පළ කරාවි. තවදුරටත් එදා වේල ගැන සිතමින්, බඩු මල්ලකට ඡන්දය දෙන්න තීරණය කරනවා නම්, අපේ දරුවන් අපට ශාප කරාවි. එසේ නොවී නුදුරේදීම උදා වන පුනරුද යුගයේ කොටස්කරුවන් හැටියට එක් වන ලෙස මම සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. මාලිමාව හැර අපට වෙන කිසිදු විකල්පයක් නැහැ.
“මිනිස් ජීවිත සමඟ සෙල්ලම් කළ දේශපාලන යුගය නිමා කරමු”
-විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ පඬුවස්නුවර ප්‍රධානී, විශ්‍රාමික කපිතාන් සිරිතිලක බණ්ඩාර-
යුද හමුදාව තුළ සක්‍රිය සේවයේ සිටි ඉතිහාසයක් අපට තිබුණා. අපට තිබුණේ, වසර තිහක් පැවැති යුද්ධය නිමා කිරීමේ අභියෝගයයි. ඒ අභියෝගය ජය ගැනීමෙන් පසුව අප සියලු දෙනාට මේ රටේ සාමයෙන් ජීවත් විය හැකි යැයි අප විශ්වාස කළා. නමුත්, එය එසේ නොවුණු බව අප හැමදෙනාම දන්නවා. නමුත්, මේ වන විට නිවැරදි ප්‍රතිපත්ති සහිත නායකත්වයක් තිබෙන ජාතික ජන බලවේගය රට භාර ගැනීමට සූදානමින් සිටිනවා. එළඹෙන සැප්තැම්බර් 21වැනිදා පඬුවස්නුවර ආසනයේ අප සියලු දෙනාම ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ වගකීම අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජයග්‍රහණයෙන් ආරම්භ කරමු කියන ඉල්ලීම කරනවා. ඔබේත්, මගේත්, අපි හැමෝගේමත් ජීවිත සමඟ සෙල්ලම් කළ දේශපාලන යුගය මේ රටෙන් නිමා කරමු. අපි ‘අදිටන ත්‍රිවිධ හමුදා සාමුහිකය’ පිහිටුවාගෙන කටයුතු කරන්නේ කියන චේතනාවෙනුයි. රට පුනරුද යුගයක් කරා ගෙන යාමේදී අපට පැවරී තිබෙන කාර්යභාරය නිවැරදිව ඉටු කරමු කියලා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.
“පුනරුද යුගයේ ගෞරවනීය කොටස්කරුවන් ලෙස අත්වැල් බැඳ ගනිමු”
-ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් විධායක සභික සංජීව කරුණාසාගර-
අද මේ වේදිකාවේ ඉන්න බහුතරයක් ජනතා විමුක්ති පෙරමුණේ හෝ ජාතික ජන බලවේගයේ සිටි අය නොවෙයි. වේදිකාව ඉදිරියේ රැස් වී ඉන්න අයත් එහෙමයි. පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ලෙස තෝරා ගත් පසු මහා මැතිවරණයේදීත් එක්සත් ජාතික පක්‍ෂයට, පොහොට්ටුවට, සජිත් ප්‍රේමදාසලාට සක්‍රියව වැඩ කළ බොහෝ පිරිසක් කිසිදු දේශපාලන භේදයකින් තොරව එළැඹෙන 21වැනිදා අනුර දිසාානයක සහෝදරයා ජනාධිපති කරවන්න උරෙනු’ර ගැටෙමින් වැඩ කරනවා. අපට ඉතිරිව තිබෙන්නේ බොහොම කෙටි කාලයයි. මේ දක්වා අපි හැමෝම දුක් විඳි, නීරස ජීවිතය නිමා කර පුනරුද යුගයේ ගෞරවනීය කොටස්කරුවන් ලෙස තවදුරටත් අත්වැල් බැඳ ගනිමින්, ඉදිරියට එන බව අපට විශ්වාසයි. සතුරෝ බොහොම කලබල වෙලා සිටියත්, ඒ කිසිවකින් නොසැලෙන ජනතාවක් මේ රට ගොඩනැඟීමේ කාර්යභාරයට එක් වී අවසන්. ලබන 21වැනිදා වන තෙක් හැමෝම බලාගෙන සිටින්නේ කිසිම ඉස්පාසුවක් නැතිවයි.
“ඉතිහාසයේ පළමු වතාවට ජනතා හදගැස්ම දැනෙන අපේක්‍ෂකයෙක් ජනාධිපති වෙනවා”
-සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න-
මම මෙයට පෙර සිටි ගල්ගමුව නගරය එකම ජන ගඟක්. මහව, වාරියපොළ, බණ්ඩාරකොස්වත්ත, නිකවැරටිය, කොබෙයිගනේ ජන හමු ගණනාවක් කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පැවැත්වෙනවා. ඒ හැම තැනකම එකම හිස් ගොඩක් තිබුණු බව වාර්තා වෙනවා. අපේ රැස්වීම්වලට අනෙකුත් ආසනවලින් ජනතාව ගේන්න බැහැ. ඒ හැම තැනකම තම තමන්ගේ රැස්වීම්වලට සහභාගී වන අතර, සමගි ජන බලවේගයේ රැස්වීම්වලට හොරොව්පතාන, කහටගස්දිගිලිය, දඹුල්ල, මාතලේ, ආණමඩුව විතරක් නොවෙයි, ගම්පහින් පවා බස් දාලා සෙනඟ ගෙන්වලා තිබුණා. කුරුණෑගල සත්‍යවාදී පිටිය පුරවා ගන්නවත් ඔවුන්ට නොහැකි වුණා. වෙනත් දිස්ත්‍රික්කවලින් පවා ගෙන්වා ගත්තාට වඩා වැඩි සෙනඟක් අද මෙතැන ඉන්නවා. මේ ඔක්කොම පඬුවස්නුවර ආසනයේ අපේ ආදරණීය ජනතාවයි. ඒ විතරක් නොවෙයි, සමුපකාර ඡන්දවලදී, අධ්‍යාපන සමුපකාර ඡන්දයේදී මාලිමාව ඉහළින්ම දිනලයි මේ අවස්ථාවට සහභාගි වන්නේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමුපකාර දහයක ඡන්දය මාලිමාව දිනද්දී, එක සමුපකාරයක ඡන්දයක් දිනා ගන්න සජබට පුළුවන් වුණාද? ලබන මාසයේ 21වැනිදා ඡන්ද ප්‍රතිඵලයත් මේකමයි. මාලිමාවට අපි ඡන්ද හදනවා වාගේම ඒ ගොල්ලොත් ඡන්ද හදනවා. ඒ ගොල්ලෝ රැස්වීම් තියන කොට, පිල් පනින කොට මාලිමාවට ඡන්ද වැඩි වෙනවා. පඬුවස්නුවර ආසනය වෙනුවෙන් සිටි රත්නසේකරත්, දයාසිරිත් දෙන්නාම එකම තැනට පැන්නා. ඒ ගොල්ලෝ පැන්නාට ඡන්දදායකයෝ පනින්නේ නැහැ.
දයාසිරිලා පනින පනින ආකාරයට පනින්න බැරි බව ප්‍රකාශ කරමින් ඔහුට ඡන්දය දුන් ඡන්දදායකයන් මාලිමාව වටා එකතු වෙමින් සිටිනවා. ඓතිහාසික පඬුවස්නුවර රාජධානියේ සියලුම දෙනා මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් එකතු වී සිටිනවා. ගොවි ජනතාව, කුකුළු කර්මාන්තයේ යෙදී සිටින ජනතාව ඇතුළු මේ රටේ නිෂ්පාදන ආර්ථිකයට උර දෙන ජනතාවගේ සියලු ප්‍රශ්න විසඳමින්, ජාතික ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කර ගැනීමේ වැඩපිළිවෙළ අපි සකස් කර අවසන්. අපේම ආණ්ඩුවක් පත් කර ගැනීමේ පළමු පියවර ලෙස අපේම නායක, අනුර දිසානායක සහෝදරයා ජනාධිපති හැටියට පත් කර ගනිමු. රනිල් වික්‍රමසිංහ, ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ බෑනා. සජිත් ප්‍රේමදාස ආර්. ප්‍රේමදාස ජනාධිපතිගේ පුතා. නාමල් රාජපක්‍ෂ ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ පුතා. ඒ වාගේම ජනාධිපති ගෝඨාභයගේ සහෝදරයාගේ පුතා. ඒ ගොල්ලන්ට ඥාතිකම් අනුව අපේක්‍ෂකයන් තෝරාගෙන ඉන්න අතර, ඉතිහාසයේ පළමු වතාවට අපි හැමෝගේම ගම්බිම් නියෝජනය කරමින්, ජනාධිපති අපේක්‍ෂකයෙක් ඉදිරියටම ඇවිත් සිටිනවා. මගේ අම්මත් කණ අත්සන ගහන්නේ. අනුර සහෝදරයාගේ අම්මත් කණ අත්සන ගහන්නේ. සාමාන්‍ය අම්මා, තාත්තාගේ පුතෙක් හැටියට විශ්වවිද්‍යාලයට ගිය, ඇවිදින පුස්තකාලයක් වැනි දැනුමක් තිබෙන, සාමාන්‍ය ජනතාවගේ හදගැස්ම දැනෙන පුතෙක් ජනාධිපති කරවන්න මුළු රටම සූදානමින් ඉන්නවා. පඬුවස්නුවර ජනතාවගේ සියයට හැත්තෑපහකට වඩා වැඩි ඡන්දයක් අනුර සහෝදරයා වෙනුවෙන් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.
(-ජම්මියතුල් උලමා සංවිධානය හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් – 2024.08.21-) පහුගිය දවස්වල ගොඩක් කතාබහට ලක්වුණු දෙයක් තමයි මම පාර්ලිමේන්තුවේදී කියපු දෙයක් විකෘති කරලා ගෙනියනවා. විශේෂයෙන්ම මම දැක්කා රවුෆ් හකීම් මන්ත්‍රීවරයා මේ ගැන ප්‍රසිද්ධියේ කතා කරනවා. දේශපාලනික වශයෙන් අතෘප්තිමත් කණ්ඩායම්වල ප්‍රධාන කාර්යය වන්නේ ජාතික ජන බලවේගය ඉලක්ක කර ගනිමින් වැරදි තොරතුරු පැතිරවීමයි. ජාතික ජන බලවේගය […]
(-ජම්මියතුල් උලමා සංවිධානය හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් – 2024.08.21-)
පහුගිය දවස්වල ගොඩක් කතාබහට ලක්වුණු දෙයක් තමයි මම පාර්ලිමේන්තුවේදී කියපු දෙයක් විකෘති කරලා ගෙනියනවා. විශේෂයෙන්ම මම දැක්කා රවුෆ් හකීම් මන්ත්‍රීවරයා මේ ගැන ප්‍රසිද්ධියේ කතා කරනවා. දේශපාලනික වශයෙන් අතෘප්තිමත් කණ්ඩායම්වල ප්‍රධාන කාර්යය වන්නේ ජාතික ජන බලවේගය ඉලක්ක කර ගනිමින් වැරදි තොරතුරු පැතිරවීමයි.
ජාතික ජන බලවේගය යනු සියලු ආගම් නිදහසේ ඇදහීමේ අයිතිය සහ සියලු සංස්කෘතික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම පිළිගන්නා දේශපාලන ව්‍යාපාරයකි. භාෂාමය වශයෙන්, ආගමික වශයෙන් මෙන්ම සංස්කෘතින් ගරු කොට ඉදිරියට ගෙන යාමේ අයිතියත් පිළිගන්නා දේශපාලන ව්‍යාපාරයකි. එය ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප එකට එකතු විය යුතු යැයි විශ්වාස කරන ව්‍යාපාරයකි. එදා පාර්ලිමේන්තුවේදී මම ඉතා පැහැදිලිව පෙන්වා දුන්නේ අපේ රටේ ප්‍රචණ්ඩත්වය සහ ගැටුම් ඇතිවන්නේ ඒ ඒ සමාජවල පවතින අන්තවාදී දේශපාලනය නිසා බවයි.
සිංහල සමාජය තුළ ප්‍රචණ්ඩත්වය ඉල්ලා සිටින්නේ අන්වාදී ක්‍රියාකාරකම් බව අපි දන්නවා. එසේම දෙමළ සමාජය තුළ පවතින අන්තවාදී ප්‍රකාශ ප්‍රචණ්ඩත්වයට තුඩු දුන් අන්තවාදී ක්‍රියාකාරකම් වේ. එලෙසම මුස්ලිම් සමාජය තුළ පවතින අන්තවාදී ක්‍රියාකාරකම් මුස්ලිම් ප්‍රජාව තුළ ප්‍රචණ්ඩත්වයට හේතු විය. එය සමස්ත ජනතාව නොවේ. ඒ අන්තවාදයට මුළු මුස්ලිම් ජනතාවම ඇතුළත් නැහැ. ඒ අන්තවාදයට සමස්ථ සිංහලයන් සම්බන්ධ වුණේ නැහැ. ඒ අන්තවාදයට සමස්ථ දෙමළ ජනතාව සම්බන්ධ වුණේ නැහැ. නමුත් මෙවැනි ඉතා කුඩා කණ්ඩායම් ඇත්ත දෙවියන් වහන්සේ හෝ බුදු රජානන් වහන්සේ උගන්වා වදාළ දේ වෙනුවට එම තත්ත්වය විකෘති කර තමන්ගේම අර්ථකථන උගන්වා අන්තවාදය කරා සමාජය යොමු කරති.
ප්‍රචණ්ඩත්වයේ ගර්භාෂය බවට පත්වන්නේ සමාජයෙන් මතුවන ඒ අන්තවාදයයි. අපි දන්නවා ඒ කරුණු බොහොම පැහැදිලිව ඉදිරිපත් කළාට පස්සේ ඒ ගැන අවලාද ප්‍රකාශ රැසක් වට්ස්ඇප් හරහා සංසරණය වෙනවා. මේ රටේ වාර්ගික දේශපාලනය ක්‍රියාත්මක වූ අතීතයේ අපි කළ ක්‍රියාවන් දෙස බලන්නැයි අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු. අපි කිසිම ආකාරයක ජාතිවාදයකට බැදී නොසිටින ඉතාම දුෂ්කර අවස්ථාවලදී පවා ජාතිවාදය වෙනුවට ජාතික සමගිය වෙනුවෙන් වෙහෙසෙන ව්‍යාපාරයක්.
ඉතින් එකපාරටම අපි සිංහල බෞද්ධාගමට එරෙහි ව්‍යාපාරයක්, මුස්ලිම්වරුන්ට එරෙහි ව්‍යාපාරයක්, මුස්ලිම් ජනතාවගේ ආගමික අයිතිවාසිකම්වලට එරෙහි ව්‍යාපාරයක්, ඔවුන්ගේ ආගමික විශ්වාසයන්ට එරෙහි ව්‍යාපාරයක් කියලා ඔවුන් අපිට චෝදනා කරන්න පටන් අරන්. මේ සියල්ලෙන් අපට පැහැදිලි වන්නේ චරිත හේරත්ගේ තිස්ස අත්තනායක, රවුබ් හකීම්ගේ දේශපාලන බංකොලොත් භාවය සහ අසරණභාවය. ජනතාවගේ සැබෑ ප්‍රශ්න විසඳීමට ඔවුන්ට විසඳුමක් හෝ හැකියාවක් නැත. එබැවින් ඔවුන්ගේ සමස්ත දේශපාලනය පදනම් වී ඇත්තේ චෝදනා සහ අසත්‍ය තොරතුරු මත, විකෘති කළ තොරතුරු පැතිරවීම මත. අපි විශේෂයෙන්ම ජමියතුල් උලමා සංවිධානයට අපේ පැත්තෙන් මේ ජාතිවාදී ප්‍රවණතාවය සහ අසත්‍ය කරුණු පිළිබදවත් අපේ කරුණු අපි ඉදිරිපත් කළා.
(-Colombo, August 19, 2024-) අද (19) පස්වරුවේ අනුරාධපුර විද්වත් හා ව්‍යාපාරික හමුවGolden Mango උත්සව ශාලාවේදී පැවැත්විණි. ඒ සඳහා විද්වත්, වෘත්තික හා ව්‍යාපාරිකයන් විශාල පිරිසකගේ සහභාගී විය. එම හමුවේදී ජාතික ජන බලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක ප්‍රධාන දේශනය පවත්වමින්, “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” උදාකරන, නව පුනරුද මඟට රට හරවන 2024 ජනාධිපතිවරණයේ විජයග්‍රහණය වෙනුවෙන් රොද […]
(-Colombo, August 19, 2024-)
අද (19) පස්වරුවේ අනුරාධපුර විද්වත් හා ව්‍යාපාරික හමුව
Golden Mango උත්සව ශාලාවේදී පැවැත්විණි. ඒ සඳහා විද්වත්, වෘත්තික හා ව්‍යාපාරිකයන් විශාල පිරිසකගේ සහභාගී විය.
එම හමුවේදී ජාතික ජන බලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක ප්‍රධාන දේශනය පවත්වමින්,
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” උදාකරන, නව පුනරුද මඟට රට හරවන 2024 ජනාධිපතිවරණයේ විජයග්‍රහණය වෙනුවෙන් රොද බඳින ලෙස සහභාගී වුවන්ට ආරාධනා කරන ලදී.
(-ජාතික ජන බලවේගයේ කිරිබත්ගොඩ මහ රැලිය – 2024.08.18-) අපි බලයට පත්වුණාම රට ගොඩනගන්න ඉන්නේ කවුද කියල අපෙන් අහන අයට මේ වේදිකාවෙන්ම අපි උත්තර සපයා තියෙන බව ඔබට පේනවා. මෙතන ඉන්නේ ටිකදෙනෙක් පමණයි. බොහෝ මැතිවරණවල ජයග්‍රහණයේ දිසාව තීරණය කර තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයයි. සැප්තැම්බර් 21දා අනිවාර්යයෙන්ම ගම්පහ දිස්ත්‍රිකයෙන් අපි ජයග්‍රහණය කරනවා. අපේ ජයග්‍රහණයේ දිසානතිය දැන් පැහැදිලියි. මෙතෙනට […]
(-ජාතික ජන බලවේගයේ කිරිබත්ගොඩ මහ රැලිය – 2024.08.18-)
අපි බලයට පත්වුණාම රට ගොඩනගන්න ඉන්නේ කවුද කියල අපෙන් අහන අයට මේ වේදිකාවෙන්ම අපි උත්තර සපයා තියෙන බව ඔබට පේනවා. මෙතන ඉන්නේ ටිකදෙනෙක් පමණයි. බොහෝ මැතිවරණවල ජයග්‍රහණයේ දිසාව තීරණය කර තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයයි. සැප්තැම්බර් 21දා අනිවාර්යයෙන්ම ගම්පහ දිස්ත්‍රිකයෙන් අපි ජයග්‍රහණය කරනවා. අපේ ජයග්‍රහණයේ දිසානතිය දැන් පැහැදිලියි. මෙතෙනට පැමිණිලා ඉන්න දස දහස් සංඛ්‍යාත ඔබ මේ රැලියට සහභාගි වෙන්නේ ස්වේඡාවෙන්. අනික් පක්ෂවල වගේ නෙවෙයි. මේකම ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයක්. කන්න දීලා, බොන්න දීලා, සල්ලි දීලා, රවට්ටලා ගෙන්නපු කිසිකෙනෙක් මෙතන නැහැ. මේව තමයි ඒගොල්ලන්ගෙයි අපෙයි වෙනස.
ඒ ගොල්ලො මෙතෙක් කල් ඡන්දෙ ගත්තේ ඒ ක්‍රමයට. ඡන්දෙ කාලෙ ආපු ගමන් මාස දෙකක් විතර ඒ ගොල්ලො ජනතාවට වැඳගෙන එනවා. ඡන්දෙ ගත්තට පස්සෙ අවුරුදු 05ක් ජනතාව ඒගොල්ලන්ට වැඳගෙන වහල්ලු වගේ ඉන්න ඕනෑ. මේක තමයි දිගටම සිද්ධ වුණේ. දැන් ඔන්න ඒ ගොල්ලො ඔබලාට වැඳගෙන එන කාලෙ. මම දැක්ක සජිත්ගේ නංගී නිහතමානිකම පෙන්නන්න අම්ම කෙනෙකුගේ හැට්ටේ කට්ටක් ගහල වීඩියෝ කරල දාලා තියෙනවා. තව අම්ම කෙනෙක් ගාවට ගිහිල්ල එයාට සාරිය අන්දනවා. මේක කියන්නත් හොඳ නැහැ. මට නම් ඒ පවුල ගැන මොකක්දෝ හිතෙනවා. නැත්නම් මෙහෙම විකාර කරයිද?
මේ කිරිබත්ගොඩ නගරය කාලයක් කප්පම් දේශපාලකයන්ගේ රජ දහන බවට පත්වෙලා තිබුණා. ව්‍යාපාරිකයන් ව්‍යාපාරයක් කරන්න බයයි. පළාතේ මන්ත්‍රීට කප්පම් දෙන්න ඕනෑ. පෙට්ටි කඩයක් දානව නම් ඒකටත් කප්පම් දෙන්න ඕනෑ. ව්‍යාපාරයකට ගොඩනැගිල්ලක් හැදුවොත් ඒකටත් කප්පම් මාස්පතා කප්පන් දෙන්න ඕනෑ. අද මේ රැස්වෙලා ඉන්නේ වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වූ ඒ කප්පම් දේශපාලනය වෙනස් කරලා රට අලුත් මාවතකට ගෙනයන්න අදිටන් කරගත් ජනතාවක්.
මම එක සහතිකයක් දෙනවා, මේ කිරිබත්ගොඩ නගරයේ ව්‍යාපාරික ප්‍රජාවට. ඔබ පළාතේ මන්ත්‍රීට කප්පම් ගෙවමින්, එයාට බියෙන් ගතකරපු කාලය මේ සැප්තැම්බර් 21 දිනෙන් පසු අපි අනිවාර්යෙන්ම අවසන් කරනවා. ඔබේ ව්‍යාපාර කිරිබත්ගොඩ නගරයෙනුත් එහාට ව්‍යාප්ත වෙන්න ඕනෑ. අන්න ඒ සඳහා පහසුකම් සපයන ආණ්ඩුවක් තමයි ජාතික ජන බලවේගය නිර්මාණය කරන්නේ.
රනිල් එයාගේ අනුරාධපුර රැලියේදී පරණ වමේ සටන් පාඨයක් කියල, මේවට උත්තර දීපියෝ කියල අපිට කියනවා. මම එක උත්තරයක් දෙන්නම්. මහ බැංකු වංචාවට සම්බන්ධවෙලා අධිකරණයෙන් රතු වරෙන්තු නිකුත් කර සිංගප්පූරුවට පැනල ගිය අර්ජුන මහේන්ද්‍රන්ව අපි ලංකාවට ගේනවා. අර්ජුන මහේන්ද්‍රන් කෝප් කමිටුවේ කටඋත්තරයක් දුන්නා, බැඳුම්කර ගනුදෙනුවේදී රනිල් වික්‍රමසිංහ එහෙම කරන්න කියල තමන්ට උපදෙස් දුන්නා කියලා. මහ බැංකු ගනුදෙනුව පිළිබඳව ජනාධිපති කොමිසමෙත් ඔහු ඒ කටඋත්තරයම දුන්නා. බැඳුම්කර මිලදී ගැනීමේ පටිපාටිය වෙනස් කළේ නීතියකින් නොවේ. රනිල්ගේ කට වචනයකින්. ඒ වගේම බැඳුම්කර ගනුදෙනුව හොර වැඩක් නොවෙයි කියල, පොතක් ලියන්න දැන් සජීත් ළඟ ඉන්න සුජීව සේනසිංහට රු. ලක්ෂ 30ක් දුන්නැයි කියල අර්ජුන ඇලෝසියස් එයාගේ කටඋත්තරයෙන් කියනවා. ඒ නිසා රනිල්වයි, සුජීව සේනසිංහයි දෙන්නවම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ අපි උසාවියට ගෙන්වනවා.
ඒ දවස්වල බැඳුම්කර වංචාව ගැන කෝප් කමිටුවේ හෙළිකරපු අපේ හඳුන්නෙත්ති සහෝදරයට ඔය දැන් සජබ වේදිකාවේ ඉන්න සමහරු බරපතළ තර්ජන පවා කළා.
දැන් අහනව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් මෙහෙයවන්නේ කවුද කියලා. අපිට අත්දැකීම් නෑලු. ඔව්. අලුත් අය, නැවුම් අය තමයි අපේ ආණ්ඩුව මෙහෙයවන්නේ. නමුත් ඒ ඒ විෂයපථ පිළිබඳව විද්‍යාත්මක දැනුම, අවබෝධය, අත්දැකීම් තියෙන අය. අපෝ ඔය ගොල්ලන්ගේ අත්දැකීම්, පලපුරුද්ද නම් අපට එපා. ඒවා මුළු රටම දන්නව නේ. අපි ළඟ ඉන්නේ අවංකභාවය තියන අය. හොරකම් නොකරන අය. අන්න එහෙම පලපුරුද්ද තිබෙන අය. දැන් ජාතික ජන බලවේගයේ රට මෙහෙයවන කණ්ඩායම දැකල රනිල්ලගේ, සජිත්ලගෙ පැතිවල ඉන්න අය බය වෙලා.
අපත් සමග ඉන්නේ ඒ ඒ විෂයන් පිළිබඳ හසල දැනුමක් තියෙන, අත්දැකීම් තියෙන, ඒ ඒ විෂයන් පිළිබඳ ඒවායේ ලෝක මට්ටමේ නව ප්‍රවණතා පිළිබඳ, නව දැනුම් පද්ධති පිළිබඳ පර්යේෂණ කරන, අලුත් දැනුම අපේ රටට ගේන උසස්ම ගණයේ විද්වතුන්. කප්පන් ගන්න එක, හොරකම් කරන එක අන්න ඒ දැනුම, අත්දැකීම් තියෙන අය ඒගොල්ලන්ගේ පැත්තේ ඉන්නවා. අපි ළඟ ඉන්නේ බුද්ධිමත්ම කණ්ඩායමක්. අපි අර සජිත් වගේ ඒ ගොල්ලන්ට වගකීම් පවරන්නේ එකිනෙකාට හොරෙන් කණට කරල තනි තනියෙන් රහස් කියලා නොමෙයි. එකම ඇමතිකම එකිනෙකාට හොරෙන් හතර පස් දෙනෙකුට දෙනව කියල කණට කරලා පොරොන්දු වෙලා නොවෙයි.
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් කියන්නේ මහජනයාගේ දේපළ සාංඝීක දේපළ වගේ ආරක්ෂා කරන ආණ්ඩුවක්. අපි බලය ගත් වහාම ජනතාව වෙනුවෙන් ඉටුකරන කටයුතු කිහිපයක් තියෙනවා. ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර, තෙල්, විදුලිය, ගෑස්, ඖෂධ ඉතාම සාධාරණ මිලකට ලබාදීමට සැලසුම් කර තිබෙනවා. දරුවන්ගේ පාසැල් උපකරණවල බදු මුළුමනින්ම අහෝසි කරනවා. දිළිඳු පවුල් සඳහා අවමය රු. 10,000ට යටත්ව දීමනාවක් මාසිකව ලබා දෙනවා. එය රු. 10,000 සිට 20,000 දක්වා පරාසයක ලබාදීමට සැලසුම් කර තිබෙනවා.
පාතලය ශුද්ධ කර ඔබට ඔබේ දරුවාට රටේ ව්‍යාපාරිකයන් ඇතුළු සියලුම පුරවැසියන්ට බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් නිදහස් රටක් අපි බලය ගෙන කෙටි කලකින්ම නිර්මාණය කරනවා. අපරාධ හෙළිදරව් කරගැනීමේ, මැඩලීමේ, තුරන් කිරීමේ, අත්දැකීම් බහුල විශේෂඥ කණ්ඩායමක්ද දැන් අප සතුයි.
සියලුම ක්ෂේත්‍රවලින් නව මාවතක, දියණු මාවතක රට ගෙනයාමට සියලු සැලසුම් මේ වනවිටත් අප සකස් කර හමාරයි. පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් අනිවාර්යෙන්ම අපි ඔබට උරුමකර දෙනවා. ඒ සඳහා රට ජාතික ජන බලවේගයට බාරදීමට මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලු ජනතාව දැනටමත් තීරණය කර හමාරයි. දැන් ඔබ ඇස් ඉදිරිපිටම දිස්වන්නේ මාලිමාවේ නියත ජයග්‍රහණයයි.
“තව සති කිහිපයකින් මේ රට නිදහස් රටක් වෙන බව දැනෙන එක සතුටක්”
-ප්‍රවීණ රංගන ශිල්පිනී නදී කම්මැල්ලවීර-
මම අවුරුදු ගණනාවක් විදේශගතවෙලා ඉන්න කොට විටින් විට ලංකාවට ආවා. මට එහිදී මගේ රට ගැන, මගේ ජනතාව ගැන ඇති වුණේ විශාල කණගාටුවක්, වේදනාවක්. මගේ රටේ මිනිසුන්ගේ කඩා වැටුණු ජීවිත දිහා දකින කොට තමයි මට ඒ වේදනාව දැනුණෙ. මේ රට මෙපමණ කල් මේ දේශපාලුවන්ට කාබාසිනියා කරන්න ඉඩදීලා රටේ ජනතාව බලන් හිටියෙ ඇයි කියල මට මා තුළම කම්පනයක් ඇති කළා. නමුත් මෙවර මම දැනට සතියකට පමණ පෙර ලංකාවට ආ විට මගේ හදවතට දැනුණේ පුදුම සුවයක්. තව සති කිහිපයකින් මේ රට නිදහස් රටක් වෙන්න යන බව, නව මාවතකට පිවිසෙන්න යන බව, දැනුන නිසා තමයි මට ඒ සතුට, සුවය දැනුණෙ.
මම අහල තියෙන කියමනක් තියෙනවා, කිසියම් තත්වයක් නරක තත්වයකට හැරෙනකොට එම නරක තත්වය උපරිමයටම, විනාශයේ මුවවිටටම ළඟාවෙනව කියලා. අන්න එතනින් තමයි ඒක වෙනස් කිරීමේ හැරවුම් ලක්ෂය පටන් ගන්නෙ කියලා. මම හිතන්නේ අපේ රටේ අපි දැන් සමාජයක් විදියට ඉන්නෙ එවැනි තැනක. අපිට රටක් විදියට මීට වඩා වැටෙන්න තැනක් නැහැ. ගිලෙන්න අන්ධකාරයක් නැහැ. ලෝකයා ඉදිරියේ මීට වඩා අවමානයක් අසරණ බවක් ලබන්න දෙයක් නැහැ. පසුගිය දශක හතරක වගේ කාලය දෙස බලන විට මගේ හිතට එන්නේ අහිමි වීම, විනාශය, කඩාවැටීම මිනිස්කම නැතිව යාම, සූරාකෑම, ලේ හැලීම් වැනි දේවල්.
අපේ රටේ අවුරුදු 30ක යුද්ධයක් දක්වා මේ රට අරගෙන යන්න කළු ජූලිය නිර්මාණය කරපු පාලකයො තමයි ඊට පෙරමුණ ගත්තේ. එදා එ.ජා.ප. ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක් තමයි අපේ රටේ වත්මන් ජනාධිපති. යාපනයෙ පුස්තකාලය ගිනි තැබීමට වගකිව යුතු එක් පුද්ගලයෙකු වන්නේද ඔහුයි. 1988 – 1989 කාලයේ අපේ රටේ තරුණ ජීවිත දස දහස් ගණනක් අපිට අහිමි කළා. උතුරෙත් දකුණෙත් ලක්ෂ ගණනක තරුණ ජීවිත මේ පාලකයො රටට අහිමි කළා. යුද්ධයෙන් නැතිවුණේ දේපොළ හා ජීවිත පමණක් නොවෙයි. අපේ රටේ මිනිසුන්ගේ හෘදය සාක්ෂියත් නැතිව ගියා. ජාතින් අතර සහෝදරත්වය මනුෂ්‍යත්වය අපිට අහිමි කළා. කීපවතාවක් මේ රටේ ම්ලේච්ඡ පාලකයො තම දුෂ්ට අරමුණු වෙනුවෙන් ජාතිවාදය අවුස්සලා මිනිස් ජීවිත විනාශ කරල තිබෙනවද? අවසානයේ රට නිල වශයෙන්ම බංකොලොත්භාවයට පත්කළා.
සියල්ල විකුණාගෙන කන රටක් අපිට මේ පාලකයො උරුම කළා. මගේ ජීවිත කාලයට සමානව මේව තමයි අපි අත්දැකලා තිබෙන්නෙ. එක රටකට, එක මනුෂ්‍ය සමාජයකට දිගින් දිගටම මේ තරම් විනාශයන් සිදුවෙන එක ගැන ඔබට පුදුම හිතෙන්නෙ නැද්ද? මගේ මුළු ජීවිත කාලය පුරාම මේ රට පාලනය කරල තිබෙන්නෙ මේ රට විනාශ කළ පාලකයො. මෙතරම් විනාශයක් කළ මේ පාලකයො නැවත නැවතත් ඔබලාගේ ඡන්දය ඉල්ලන්න එනකොට, මට හිතෙනව මනුෂ්‍ය සමාජයක් විධියට අපේ සමාජය පරිණාමය වෙලා නැද්ද කියල. ඇයි මේ තරම්ම අපේ රටේ මිනිස්සු ඔවුන්ට ඉඩදීලා මෙච්චර කල් බලන් හිටියේ? දැන් මට හිතෙනවා, ළඟදීම අපිට ඒකට උත්තරයක් ලැබෙන්න යනව කියලා; දැන් අපේ රටේ මිනිස්සු මනුෂ්‍යත්වයෙන් පිරි සමාජයක් නිර්මාණය කරගන්න පුල පුලා බලා ඉන්නවා කියලා. ඒ නිසා තමයි ජාතික ජන බලවේගය වටා මෙතරම්ම ජනතාව රොද බැඳගන්නෙ.
“ඇමතිලා පැටව් ගහන එක ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ අවසන්”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත්-
ආර්ථිකය හදපු ඔස්තාර් කියන රනිල් වික්‍රමසිංහට, බිත්තරයේ මිලවත් අඩුකරගන්න බැරිවෙලා. ඒ විතරක් නෙවෙයි ලංකාවෙ කිකිළියො දාපු බිත්තරෙත් රනිල් ආවට පස්සෙ නතර වුණා. දැන් ඒ බිත්තර ගේන්නෙත් ඉන්දියාවෙන්. ඔන්න මහා ආර්ථික ඔස්තාර්ලගෙ කෙරුවාව. රුපියල් 80ට තිබුණ ලාම්පු තෙල් ලීටරය අද රුපියල් 202කයි. රුපියල් 108ට තිබිච්ච ඩීසල් ලීටරේ අද රුපියල් 317යි. බස් ගාස්තු වැඩි කළා. ත්‍රීවීලර් ගාස්තු වැඩි කළා. දුම්රිය ගාස්තු වැඩි කළා. ජීවත්වෙන්න බැරි තත්වයකට අපේ රටේ ජනතාව ඇදල දැම්මා. මේ තමයි අවුරුදු 76ක පම්පෝරියේ ශේෂ පත්‍රය. ආර්ථිකය හැදුව නම් රටේ ණය බර වැඩිවෙන්න ඕනිද? ඩොලර් බිලියන 82ට තිබුණු ණය කන්ද බිලියන 100ට වැඩිවෙලා. මුළු රටම බංකොලොත් කරලා. අද රනිල්ල තවමත් තළු මර මර කියනවා, ඒගොල්ලා ආර්ථිකය හැදුවලු. දැන් නැවත බලය දෙන්නලු. මේ කැළණියෙ, කිරිබත්ගොඩ, ගම්පහ දිස්ත්‍රික්කයෙ වගේම මුළු රටේම ජනතාව ආයෙත් ඒ පම්පෝරිවලට රැවටෙන්නෙ නැහැ. ඒ කාලෙ ඉවරයි.
ඊළඟට දැන් අර කුණුවෙච්ච මැති ඇමතිවරු ලාභෙට කුණු මාළු කෑලි ගාණට විකිණෙන්න පටන් අරන්. ගම්පහ නාලක ගොඩහේවා එදා ජාතිවාදය අවුස්සලා දිස්ත්‍රික්කයේ මනාපවලින් පළවෙනියා වුණා. අද කිසිම හිරිකිතක් නැතිව සජිත්ගෙ දෙපා ළඟ වැටිලා දෙපතුල ලෙවකනවා. මේක ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට කරපු ලොකුම අගෞරවය නොවෙයිද? කප්පම් ප්‍රසන්නලා, මේ කැළණියේ මිරිස්කුඩු ප්‍රසන්නලා එදා කිවුවෙ මොනවද? රනිල් කියන්නෙ මහා බැංකුව කඩපු හොරා, වහාම අත්අඩංගුවට අරන් හිරේ දාන්න ඕන කියලා. මේ කිරිබත්ගොඩම රැස්වීමක් තියල කිවුවා නේද? රනිල්වයි, අර්ජුන මහේන්ද්‍රන්වයි ගෝල්පේස් පිට්ටනියට ගෙනිහින් උල තියනව කිවුවා. ඉතින් ජනතාව පෝලිමේ ගිහිල්ල ගිහිල්ල නාලක ගොඩහේවලට, කප්පම් ප්‍රසන්නලට, මිරිස්කුඩු ප්‍රසන්නලට තොග පිටින් කතිරෙ ගැහැව්වා. දැන් මේ හැත්ත බුරුත්තගෙන් එක පළුවක් රනිල්ගෙ ඔඩොක්කුවේ. තව පළුවක් සජිත්ගෙ ඔඩොක්කුවෙ. කොහොම ගියත් පළුදෙක දෙපැත්තෙ. දැන් තලතා අතුකෝරල කියනවලු, මට දැන් කොයි පැත්තවත් ගන්න විධියක් නැහැ. එක පැත්තක අපේ නායකයා. අනෙක් පැත්තෙ අපේ උප නායකයා කියලා.
දැන් පනින එවුන් ඔක්කොම කියන්නෙ ඒ පනින්නෙ රට වෙනුවෙන් කියල. ඒ නිසා දැන් රට කියන වචනයට සමාන තව අලුත් වචනයක් ඇවිල්ලා. ඒ කියන්නෙ රට සමානයි බඩ. චම්පික පනින්නෙත් රට වෙනුවෙන්. ප්‍රසන්න පනින්නෙත් රට වෙනුවෙන්. දයාසිරි පනින්නෙත් රට වෙනුවෙන්. නමුත් ඇත්ත මොකක්ද? ඔය ඔක්කොම පනින්නෙ බඩ වෙනුවෙන්. චම්පිකලා පිමි 18ම පැනලා දැන් බලනව සජිත්ගෙ ඇඟේ එල්ලිල හරි පාර්ලිමේන්තුවට යන්න පුළුවන්ද කියලා. මිනිහ තනියෙන් පක්ෂයක් හදාගෙන රජවෙන්න ගිහිල්ල අන්තිමට නාගත්තා. ඊළඟට රනිල් ළඟට ගියා. අපිට ආරංචියක් තියෙනව කොළඹින් අපේක්ෂකත්වය ඉල්ලුව කියලා. රනිල් කිව්වලු බැහැ, කොළඹට මගෙ යාළුවා සාගල ඉන්නවා. ඕන නම් ගම්පහෙන් දෙන්නම් කියලා. මිනිහ දන්නව ගම්පහට ගියොත් අනාථ වෙනවා. අනේ අන්තිමට සජිත්ගෙ පිළිසරණ පතා ගියා. ජාතිවාදය අවුස්සල, ආගම්වාදය අවුස්සලා, රට වනසපු ගොඩක් අය දැන් ඉන්නෙ සජිත්ගෙ පිලේ. සමහර නම් කියන්නත් හිරිකිතයි. සමහර අයට එහෙම පනින්න පටන් ගන්නෙ කවදාද, කොතනින්ද කියල ඒ අයටම මතක නැහැ. එච්චර වාර ගණනක් එහාට මෙහාට පැනලා. දැන් සජිත් ළඟට පැනපු කට්ටිය අපිට බැනල සජිත්ගෙන් ලකුණු ගන්න හදනවා.
මේ අය අපේ රටේ දේශපාලන සංස්කෘතිය විනාශ කළා. මේ පනින පැනිල්ල ලබන මස 21න් පසු අපි නතර කරන එක නතර කරනවා. පැන්නොත් මන්ත්‍රීකම නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අපි ඒ වගන්තිය ගේනවා. සැප්තැම්බර් 21න් පස්සෙ ජනාධිපතිගෙ සිට මැති ඇමතිවරුන් දක්වා හිමිවන්නෙ සාමාන්‍ය පුරවැසියාට තිබෙන අයිතියම පමණයි. අර හොරු, දූෂිතයො, අපරාධකාරයො ඉන්න සන්ධානවලට බලය දීල, ඒක කවදාවත් ඉටුවෙන්නෙ නැහැ. දැන් සජිත්, සුජීව සේනසිංහව වම් පැත්තෙ තියාගෙන කියනවා පනින උන්ට ඇමතිකම් දෙන්නෙ නෑලු. හොරුන්ට දූෂිතයන්ට දඬුවම් දෙනවලු. අපි ළඟ ඉන්නෙ පිරිසිදුම අයලු. මතකද ඔබලාට මහ බැංකු කොල්ලය. එහෙම එකක් වුණේ නැහැ කියල ‘පර්පචුවල් ටේරෂරීස්’ එකෙන් රුපියල් ලක්ෂ 30ක් අරගෙන රනිල්ව රකින්න පොත් ලියපු සුජීව සේනසිංහව අතේ මාට්ටු වුණා. එතකොට රිසාද්ට, චම්පිකට, හකීම්ට ඇමතිකම් දෙන්නෙ නැද්ද? මේව නිකං ජනතාව බබ්බු කියල හිතල කියන කථා. ඔය පැනපු අය සතුටු කරන්න ඇමතිකම් දෙන්න ගියොත් ආපහු එන්නෙ සිය ගණනක ඇමති මණ්ඩලයක්. අපි සජිත්ට අභියෝග කරනවා ඔය පැනපු අය ගන්නකොට ගහපු අවබෝධතා ගිවිසුම් හැකි නම් මේ රටේ ජනතාවට පෙන්වන්න කියලා. මේ කට්ටිය කලින් හිටියේත් සජිත් ළඟම තමයි. අලුතෙන් එන්න දෙයක් නැහැ. නැවත නම් මේ රටේ ජනතාව රනිල්ලට හෝ සජිත්ලට චාන්ස් දෙන්නෙ නැහැ.
ඇමතිල පැටව් ගහන එක සැප්තැම්බර් 21න් පසු බලයට එන ජාතික ජන බලවේගයේ පාලනය යටතේ අපි නතර කරනවා. අපේ ආණ්ඩුවේ ඉන්නේ ඇමති මණ්ඩලය 25යි. නියෝජ්‍ය ඇමතිල 25ක් විතරයි. ඒ සංස්කෘතිය අපි රටට හඳුන්වල දෙනවා. මේ පාලකයන් හොරකම් කරපු වත්කම් නැවත පවරගන්න අපේ පාලනයක් යටතේ අපි “රාජ්‍ය වත්කම් ප්‍රතිෂ්ඨාපන ආයතනය” වහාම පිහිටුවනවා. හැම දිස්ත්‍රික්කයකම දූෂණ විමර්ශන ඒකකයක් පිහිටුවලා දූෂණය, නාස්තිය, මුළුමනින්ම නතර කරන යාන්ත්‍රණයක් රට පුරා ක්‍රියාත්මක කරනවා. ඒකට ඕන වුවමනාව විතරයි. දූෂණ, වංචා නඩු මාස 06ක් ඇතුළත විභාග කරලා ඉක්මනින්ම ඒවාට අදාළ නීතිමය පියවර අනිවාර්යෙන්ම ගන්නා බවට සහතික වෙනවා. නීතිය ක්‍රියාවට නගන නිලධාරීන්ට ස්වාධීනව තම කාර්ය කරගෙන යාමේ වාතාවරණය අපේ පාලනයක් යටතේ අනිවාර්යෙන්ම සලසා දෙනවා. ඒ සඳහා අදාළ නිලධාරීන්ට පහළම පොලිස් නිලධාරියාගේ සිට උසස්ම නිලය දක්වා ඉහළම වැටුප්, දේශපාලන අතපෙවීම්වලින් තොරව සුදුසුකම් මත උසස්වීම්, නිලයට අවශ්‍ය අනිකුත් වරප්‍රසාද ආදී සියල්ල කිසිදු බාධාවකින් තොරව අත්විඳිය හැකි පාලනයක් අපි නිර්මාණය කරනවා. එවිට කාටවත් පගාගන්න හොරකම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
ආර්ථිකය ගොඩනැගීමේදී කුඩා පරිමාණ ව්‍යවසායකයාගේ සිට මහා පරිමාණ ව්‍යවසායකයා දක්වා දේශපාලන සහ අවශේෂ බාධාවලින් තොරව නීත්‍යානුකූල ලෙස තම ව්‍යාපාර කරගෙන යාමේ පහසුම සහ හොඳම වාතාවරණයක් අපි රට තුළ ස්ථාපිත කරනවා. ලංකාවේ නිපදවිය හැකි දේවල් අපි මේ රටේම හදමු. ඒවාට අවශ්‍ය නිෂ්පාදකයෝ මේ රටේ ඉන්නවා. ඒනිසා අපි මුළු රටම එකතු වෙලා නිෂ්පාදනය මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනගමු. අපි එක සහතිකයක් දෙනවා. ඔබේ ව්‍යාපාර ශක්තිමත් කරගන්නා තුරු, අපි ඔබට ආධාර කරන්න අලුත් සහන බැංකුවක් රට තුළ ස්ථාපිත කරනවා. රටේ ආර්ථිකය ගොඩනගන කෙටි කාලීන, මධ්‍ය කාලීන, දිගු කාලීන සැලසුම් අපි දැනටමත් සකස්කර හමාරයි. අපි එකතුවෙමු. රට ගොඩනගමු. අලුත් රටක් නිර්මාණය කරමු.
(-Colombo, August 19, 2024-) ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා ඊයේ (19) පස්වරුවේ ශ්‍රී මහා බෝධි මහා මළුවේදී අනුරාධපුර අටමස්ථානාධිපති නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් හමුවිය. මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව උන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සමග සාකච්ඡා කළ අනුර කුමාර දිසානායක සහෝදරයා එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය […]
(-Colombo, August 19, 2024-)
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා ඊයේ (19) පස්වරුවේ ශ්‍රී මහා බෝධි මහා මළුවේදී අනුරාධපුර අටමස්ථානාධිපති නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් හමුවිය.
මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව උන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සමග සාකච්ඡා කළ අනුර කුමාර දිසානායක සහෝදරයා එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් උන්වහන්සේගේ ආශීර්වාද ලබා ගත්තේය.
මේ අතර එදිනම පස්වරුවේ රුවන්වැලි මහා සෑ විහාරයේ අනුනායක හිමිපාණන් වහන්සේ හමුවිය.
මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව උන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සමග සාකච්ඡා කළ අතර එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් උන්වහන්සේගේ ආශීර්වාද ලබා ගත්තේය.
මෙම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ සහෝදරයා සහ මහාචාර්ය සේන නානායක්කාර මහතාද සහභාගි විය.
(-රට අනුරට | පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් | ජාතික ජන බලවේගයේ විශේෂ මාධ්‍ය හමුව 2024 අගෝස්තු 19-) ජාතික ජන බලවේගය කියන්නේ සංවිධාන විශාල සංඛ්‍යාවකින් සැදුම්ලත් ව්‍යාපාරයක්. ඒ සංවිධානවල සංහෝදරවරු ගණනාවක් මෙම අවස්ථාවට සහභාගී වී සිටිනවා. මේ පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් අමාත්‍ය ධුර දරමින් මේ රට ප්‍රපාතයට හෙළපු කැත දේශපාලන සංස්කෘතියක් ඇති කළ පිරිස් එහාට මෙහාට […]
(-රට අනුරට | පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් | ජාතික ජන බලවේගයේ විශේෂ මාධ්‍ය හමුව 2024 අගෝස්තු 19-)
ජාතික ජන බලවේගය කියන්නේ සංවිධාන විශාල සංඛ්‍යාවකින් සැදුම්ලත් ව්‍යාපාරයක්. ඒ සංවිධානවල සංහෝදරවරු ගණනාවක් මෙම අවස්ථාවට සහභාගී වී සිටිනවා. මේ පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් අමාත්‍ය ධුර දරමින් මේ රට ප්‍රපාතයට හෙළපු කැත දේශපාලන සංස්කෘතියක් ඇති කළ පිරිස් එහාට මෙහාට පනිමින් ඉන්නවා. කොටසක් රනිල් වික්‍රමසිංහ බෙදා ගන්න උත්සාහ කරනවා. තව කොටසක් සජිත් ප්‍රේමදාස ළඟ. තවත් කොටසක් නාමල් රාජපක්‍ෂ ළඟ. ඒක තමයි ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය. ජාතික ජන බලවේගය හැටියට අපි දිගු කාලයක් මේ මැතිවරණයට සූදානම් වෙමින්, නීතිඥවරුන්, ඉංජිනේරුවරුන්, කලාකරුවන්, වෘත්තීයවේදීන්, විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, විශ්‍රාමික පොලිස් සාමාජිකයන්, ආබාධිත වූවන් සහ විවිධ වෘත්තීන් අනුව පිහිටුවා ගත් සංවිධාන පෙළගැසෙමින් ඉදිරියට පැමිණියා. අපේ බලවේගය බවට පත් කරගෙන තිබෙන්නේ මහජන බලවේගයයි. ඔවුන්ගේ බලවේගය බවට පත් කරගෙන තිබෙන්නේ පාර්ලිමේන්තුවේ එහෙට මෙහෙට පනින අයයි. දේශපාලන පොරපිටියේ ප්‍රතිපත්තිගරුකව ක්‍රියා කරන්නේ ජාතික ජන බලවේගය පමණයි. අනෙක් කඳවුරේ විවිධ කණ්ඩායම් ප්‍රතිපත්ති හෝ පක්‍ෂ හෝ සොයාගන්න බැරි තත්වයකට පත්වී සිටිනවා. පසුගිය 17වැනිදා රුහුණෙන් අපේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළා. ඊට පසු කිරිබත්ගොඩ සහ කොළොන්නාවේ ජනතාව හමු උනා.
මේ අය ඉතිහාසයේ කළේ මොනවද? තිබෙන තත්වය මොකක්ද? මේ රට මුදා ගැනීමේ මාවත මොකක්ද? ආදී කරුණු ගැන අපි කතා කරනවා. පවතින තත්වයෙන් රට මුදාගැනීමට ජනතාවගේ මැදිහත්වීම අවශ්‍ය වන්නේ ඇයි කියන දේ අපි ජනතාවට පැහැදිලි කර දෙනවා. දේශපාලන බලය පොදු ජනතාවගේ අතට මාරු වෙයි කියා දූෂිත කල්ලිය කවදාවත් කල්පනා කළේ නැහැ. දීර්ඝ කාලයක් ආණ්ඩු කළ ඇමැති ධුර දැරූ අය පිල්වලට බෙදී ඉන්න අතරේ මේ දේශපාලන සූදුව නිමා කිරීමට ප්‍රතිපත්තිගරුකව, සැලැසුම්සහගතව මැතිවරණ ව්‍යාපාරය කරගෙන යන අපිට එරෙහිව සතුරන් අසත්‍ය සහ අවලාද නඟමින් යනවා. කුරුණෑගල වේදිකාවක එක් මන්ත්‍රීවරයෙක් ප්‍රකාශයක් කළා අපි බලයට ආවොත් ඇත්කඳ විහාරයේ පෙරහැර නතර කරනවා කියලා. අපි කවදාවත් ඒ මන්ත්‍රීවරුන් ගැන කියන්න නොසිතූ දේවල් දැන් කියන්න සිදුවෙලා තිබෙනවා. ඔහු අප සමඟ එක්වීමට තිස්හතළිස් වතාවක් ආවා. අපට පක්‍ෂපාතී කරුණු එළියේදී ඉදිරිපත් කර ඒ බව වට්ස්ඇප්වලින් අපට එවා තිබුණා. ඔහු අද වෙන වේදිකාවල ඉතාමත් බාල අවලාද නඟනවා. මේ රටේ ශිෂ්ටාචාරය, සමාජය ගොඩනැඟී තිබෙන ආකාරය ගැන ඉතා හොඳ අවබෝදයක් තියෙන දේශපාලන ව්‍යාපාරයක් අපි. සෑම ජන ප්‍රජාවකටම තමන්ට අනන්‍ය වූ සංස්කෘතීන් තිබෙනවා. ඒ අනන්‍ය වූ සංස්කෘතික උත්සව, ආගමික උත්සව මෙන්ම අනන්‍ය වූ ආගමික සම්ප්‍රදායන් ආරක්‍ෂා කරමින්, රැකබලාගෙන අනාගතයට පවරා දීම අපගේ අපේක්‍ෂාවයි.
තව පිරිසක් රත්නපුරයට ගිහින් කියනවා, අපේ පාලනයක් යටතේ පතල් කැණීම් සම්පූර්ණයෙන් නතර කරනවා කියලා. ඇත්තටම අපේ අපේක්‍ෂාව හොංකොං නගරයට කේන්ද්‍රගත වී තිබෙන ජාත්‍යන්තර මැණික් වෙළෙඳපොළ මධ්‍යස්ථානය අප වෙත ලබා ගැනීමයි. අපේ අපේක්‍ෂාව විවිධ ආකාරයෙන් විකෘති කරනවා. අපේ පාලනයක් යටතේ විරුද්ධවාදීන්ගෙන් පළිගනී යැයි තව පැත්තකින් බියක් හදනවා. එක්දහස්නවසිය හැත්තෑහතේ බලයට පත් වූ ජේ. ආර්. ජයවර්ධන පොලිසියට නිවාඩු දුන්නා. විරුද්ධවාදීන් ඝාතනය කිරීම, ගෙවල් ගිනි තැබීම වැනි ක්‍රියාවලට අනුබල දී ඔවුන් මැතිවරණ ජය සැමරුවා. ඉන් පසු රාජ්‍ය ආයතනවල සේවකයන් රාජකාරීවලට පැමිණීමට නොහැකි ලෙස මර්දනය දියත් කරමින් දේශපාලන ජය සැමරුවා. නමුත්, ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයෙන් පසුව අනෙක් පක්‍ෂවලට ඡන්දය දුන් සහ ක්‍රියාකාරී වූ කිසිවකුට නිය පිටින් හිංසාවක්, පීඩාවක් නොවෙන්නට වගබලා ගැනීම අප තහවුරු කරනවා. එය අපේ වගකීමක්. නමුත්, ඔවුන්ගේ මුළු මැතිවරණ ව්‍යාපාරයම අවලාදවලින් පවත්වාගෙන යනවා.
අනෙක් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ කියනවා ආණ්ඩුව බාරගන්න අපට ආරාධනා කළ අවස්ථාවේ පැනලා ගියා කියලා. අපි ඔහුට කියන්නේ “රනිල් වික්‍රමසිංහ, ඔයා ජනාධිපති. රනිල්ගේ තරමට ඔය වාගේ ප්‍රකාශ කළාට කමක් නැහැ. හැබැයි, ජනාධිපති ධුරයේ තරමට ඔය වාගේ කතා කියන්න එපා” රාජපක්‍ෂලා කිසිම අවස්ථාවක ආණ්ඩු ගන්න අපට ආරාධනා කළේ නැහැ. අප ඒ ගැන පුදුම වෙන්නෙත් නැහැ. රාජපක්‍ෂලා මල් වට්ටියක තියලා අපට බලය පවරා දෙන්නේ නැහැ. දෙදහස්විසිදෙකේ මැයි දොළොස් වැනිදා ආණ්ඩුව භාරගන්න සූදානම් බවට ගෝඨාභය රාජපක්‍ෂට ලිඛිතව දැන්වූවා. අඩුම තරමින් එවැනි ලිපියක් ලැබුණු බවටවත් පිළිතුරක් එව්වේ නැහැ. ඊළඟට ජූලි විසිවැනිදා පාර්ලිමේන්තුවෙන් ජනාධිපති තෝරා ගැනීමේදී අපට ලැබුණේ ජාතික ජන බලවේගයේ ඡන්ද තුන පමණයි. ඒ වෙලාවේ අපිට ඡන්දය දුන්නේ නැහැනේ. අප කිසිසේත්ම අභියෝග හමුවේ කවදාවත් පැනලා යන මිනිසුන් නොවෙයි. මේ සියලු කඩාවැටීම් හමුවේත්, අප සූදානමින් සිටින්නේ රට ගොඩනැඟීමේ අභියෝගය භාර ගන්නයි. ඒ නිසා අප නැවත අවධාරණය කරන්නේ “රනිල් වික්‍රමසිංහ, ඔයා රනිල් වික්‍රමසිංහගේ තරමට හැසිරුණාට කමක් නැහැ. නමුත්, ජනාධිපති ධුරයේ ඔය විදියට කටයුතු කරන්න එපා” කියලයි. අපට අවලාද එල්ල කරමින්, ඉතිහාසයේ සමහර ඝාතන පිළිබඳව ප්‍රචාරක මෙහෙයුමක් දියත් කිරීමට සූදානම් වෙනවා. ඒ ප්‍රචාරක කටයුතු සූදානම් කරන අයම අපිට ඒ පණිවිඬේ දෙනවා. අඩුම වශයෙන් රනිල් වික්‍රමසිංහට ඔවුන්ගේ ඡන්දයවත් ගන්න බැහැ. රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස ඔවුන්ගේ වේදිකාවල මොනවා කිව්වත්, පළමු වතාවට මේ රටේ ජනතාවගේ ආණ්ඩුවක් ගොඩනැඟීමට ලැබී තිබෙන අවස්ථාව ජයග්‍රහණය කරා ගෙන යන්න හැම දෙනාගේම කැපවීම අප අපේක්‍ෂා කරනවා.
“ස්වාධීනයි කියන රනිල් කිසිවෙකුට වග නොකියන අපේක්ෂකයෙක්. ඔහු ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක්.”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික අධිනීතිඥ ලාල් විජේනායක-
මම එක කරුණක් ගැන පමණයි මෙතැන දී අදහස් දක්වන්නේ. නොයෙකුත් අවස්ථාවල අභියෝග එල්ල වුවත්, ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමේ අඩුපාඩුකම් තිබුණත් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාකරන බවට එකඟවෙලා තියෙනවා. නමුත් මේ වනවිට ප්‍රජාතන්ත්‍රවාදයට යම් අනතුරක් එල්ල වී තිබෙනවා. නොයෙකුත් මත තිබෙන දේශපාලන පක්‍ෂ ඔවුන්ගේ පක්‍ෂවලට අනන්‍ය විනයක් සහ ව්‍යවස්ථා අනුව ක්‍රියාත්මක වෙනවා. නමුත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ ස්වාධීන අපේක්‍ෂකයකු හැටියටයි. එහෙම නම්, ඔහුව පාලනය කරන්න පක්‍ෂයක් හෝ පිළිගත් ව්‍යවස්ථාවක් වාගේම විනය පද්ධතියක් නැහැ. එවැනි පුද්ගලයකු මැතිවරණයට ඉදිරිපත්වී ඡන්දය ඉල්ලා සිටීමේදී ඒ සම්බන්ධයෙන් ඡන්දදායකයන් ක්‍රියා කිරීම සුදුසුයිද? මොනවා කරාවි දැයි නොදන්නා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ප්‍රජාතන්ත්‍රවාදයට විශාල අභියෝගයක්. මෙවැනි පුද්ගලයෙක් ජනාධිපතිවරණයෙන් ඉදිරිපත්වී සිටීම භයානකයි. ඔහු කාටද වගකියන්නේ. ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙස හැම දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.
“නීතිය යුක්තිය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී හිටපු අපි රට ගොඩනැගීම වෙනුවෙන් දායක වෙන්න සූදානම්”
-විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර-
විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය අපි හමුදා නිලධාරීන් වශයෙන් රටේ සියලුම පුරවැසියන්ගේ ආරක්‍ෂාව, නීතිමය තත්වය තහවුරු කිරීම ආදී කටයුතු වෙනුවෙන් පසුගිය දෙදහස්නවය දක්වා විශේෂ ක්‍රියාන්විතයක සිටියා. නමුත්, මේ වන විට රටේ නිදහස සහ යුක්තිය බිඳවැටී තිබෙන්නේ. ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමුහිකය ඉදිරිපත් වී සිටින්නේ රට ගොඩනැඟීමේ කාර්යභාරයටයි. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් පනස්දහසකට වැඩි පිරිසක් මේ වන විට සංවිධානගත කර සිටිනවා. දිස්ත්‍රික් මට්ටමෙන් ගොඩනඟාගෙන තිබෙන අපේ සංවිධානය ජනාධිපතිවරණයේ දී ජනතාවට කරුණු අවබෝධ කරදීම සඳහා ක්‍රියාකාරීව මේ මැතිවරණයේදී මැදිහත් වෙනවා. රටේ පුරවැසියාට ආරක්‍ෂාව පිළිබඳව ඇති වී තිබෙන සාමුහිකය වෙත ලොකු වගකීමක් පැවරී තිබෙනවා, අපේ රට අපකීර්තියෙන් මුදාගෙන ඉදිරියට ගෙන යාම සඳහා. රට මේ වන විට පත් කර තිබෙන තත්වය පිළිබඳව බුද්ධියන් කල්පනා කර රට ගොඩනැඟීමේ එකම ව්‍යාපාරය වන ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කරවන ලෙස ඕනෑකමින් ඉල්ලා සිටිනවා.
“අපේ දැක්ම සරලයි විවෘතයි”
-‘ජනෝදානය’ සංවිධානයේ අරුණ ශාන්ත නෝනිස්-
සමාජ සංවිධාන, සිවිල් ක්‍රියාකාරිකයන් එක් එක් අවස්ථාවල එක් එක් දේශපාලන පක්‍ෂවලට අනුග්‍රහය දැක්වූවා. ඒ අනුග්‍රහයෙන් ආණ්ඩු වෙනස් කළත්, ඒ කිසිදු අවස්ථාවක සමාජය වෙනස් කිරීමේ දේශපාලන සංවිධානයක ක්‍රියාකාරී සාමාජිකත්වය ගත්තේ නැහැ. නමුත් අපි තීරණය කළා මේ සමාජ වෙනස සිදුකරන්න දේශපාලනයට මැදිහත් වෙන්න ඕනෑ කියලා. මුළු රටම නියෝජනය කරන ‘ජනෝදානය’ සංවිධානයේ අපි ජාතික ජන බලවේගය සමඟ එක් වී ක්‍රියා කරමින් සිටින්නේ ඒ තීරණය අනුවයි. ඔබ කවුරුත් දන්න ඉද්දමල්ගොඩ පියතුමාත් මේ ගමනට විශාල සහයෝගයක් ලබාදුන්නා. අපට තිබෙන්නේ සරල සහ විවෘත දැක්මක්. ධර්මයේ පවතින විමුක්තිකාමී හරයන් මතුකරන ප්‍රතිපත්තිවලට එකඟවී සිටින්නේ ජාතික ජන බලවේගය පමණයි. ධර්මය කිව්වාම සියලුම ආගම් නියෝජනය වෙනවා. එහි කොටස්කාරයන් වීම ගැන අප සතුටට පත් වෙනවා. අපි ලොකු ගමනක් ඇවිත් තිබෙනවා. සැප්තැම්බර් විසිඑක් වැනිදා දක්වා යන්න තිබෙන්නේ තව පොඩි ගමනයි. නමුත්, එම කාලය තුළ සිවිල් වැසියන් වෙනස වෙනුවෙන් තව දුරටත් පෙළගැස්වීම සිදු කළ යුතුයි. අවුරුදු ගණනාවක් පුරා සමාජය වෙනස් කරන්න පෙළගැසී සිටින අතර තව පුංචි හෝ සැකයක් කවරකුට හෝ තිබෙනවා නම්, එය වෙනස් කරගෙන මේ ගමනට එක් වන ලෙස ඕනෑකමින් ඉල්ලා සිටිනවා.
‘ජන නියමු කලාකරුවෝ’ සංවිධානයේ කීර්ති වැලිසරගේ
විවිධ කලා ක්‍ෂේත්‍ර විශාල සංඛ්‍යාවක ‘ජන නියමු කලාකරුවෝ’ සංවිධානය නියෝජනය කරන කලාකරුවන් සිටිනවා. අප හැම දෙනාම පුනරුද යුගයක් ආරම්භ කිරීමේ තීරණාත්මක කඩඉමකට සැප්තැම්බර් මස විසිඑක් වැනි දින අවතීර්ණ වෙනවා. මේ දක්වා ගෙන ගිය අශීලාචාර දේශපාලන සූදුව නිමා කර ජනතාව රැවටීම නවත්වා, දේශපාලන විපතින් රට ගොඩ ගැනීමේ ක්‍රියාවලියට තව දුරටත් ශක්තිමත්ව එක් වෙන්න ඕනෑ. මෙතෙක් කල් ජනතාව තමන්ගේ ඉරණම භාර දුන්නේ, පුද්ගලයන්ට මිස දේශපාලන ව්‍යාපාරයකට නොවෙයි. ඒ නිසා ජනතාව මේ වන විට පුද්ගලයන් වෙනුවට මහජන ව්‍යාපාරයක් ලෙස නිර්මාණශීලී මිනිසුන් සිටින ජාතික ජන බලවේගය තෝරාගෙන සිටිනවා. මේ වන විට මිනිසාගේ මනස වෙනස් කරන්න සාහසික බොරු ප්‍රචාර ගෙන යාම පරදා ප්‍රඥාසම්පන්න බුද්ධිමත් ජනතාවක් රොද බැඳගෙන සිටින බව පැහැදිලියි. ලබන විසිඑක් වැනිදා යහපත් දේශයක මූලාරම්භය සනිටුහන් කරන්න සුබ මුහුර්තිය වටා සියලු දෙනා ඒකරාශී වෙමු.
මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් (අනුර කුමාර දිසානායක)
■ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ජනාධිපතිවරයා හෙළිකොප්ටර්, රජයේ නිල වාහන ආදිය යොදා ගනිමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් දරන අදහස මොකක් ද?
මැතිවරණ කොමිසමෙන් ඉතා පැහැදිලි නිර්ණායක ඉදිරිපත් කර තිබෙනවා. ඒ නිර්ණායක කිසිවක් සැලැකිල්ලට භාජනය නොකරමින් රනිල් වික්‍රමසිංහ මහජන මුදල් සහ රාජ්‍ය දේපොළ යොදා ගනිමින් සිටිනවා. හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර දෙදෙනාගේ මන්ත්‍රී ධුර අහෝසි වුණා. රනිල් වික්‍රමසිංහ ඔවුන් දැරූ අමාත්‍යාංශවලම උපදේශක තනතුරු ලබාදී ඒ අමාත්‍යාංශවලම වාහන, මුදල් ඇතුළු සියලු වරප්‍රසාද ලබාදී තිබෙනවා. නව පත් කිරීම් වැළැක්වීම සඳහා මැතිවරණ කොමිසමෙන් චක්‍රලේඛ නිකුත් කර තිබියදී, එක්සත් ජාතික පක්‍ෂය මුළුමනින්ම රජයෙන් යැපෙන අතර, මැතිවරණයට ඒ සියලු දෙනා යොදවා සිටිනවා. රුවන් විජේවර්ධන, සාගල රත්නායක, අකිල විරාජ්, ආශු මාරසිංහ, මනූෂ නානායක්කාර, හරීන් ප්‍රනාන්දු සියලුදෙනා උපදේශකයන්. නවීන් දිසානායක ආණ්ඩුකාරවරයෙක්. එජාප නායකයෝ සියලුදෙනා රාජ්‍ය දේපොළ, රාජ්‍ය වාහන විශාල ලෙස මෙම මැතිවරණය ව්‍යාපාරයට යොදවා රාජ්‍ය මුදල් අවභාවිත කරමින් ඉන්නවා. ඒ වගේම විපක්‍ෂ නායකවරයා මාධ්‍ය සාකච්ඡා පවත්වන්නේ විපක්‍ෂ නායක කාර්යාලයේ. විපක්‍ෂ නායක කාර්යාලය කියන්නේ රජයේ ස්ථානයක්. එය සමඟි ජන බලවේගයේ පක්‍ෂ කාර්යාලයක් බවට පත් කර ගන්නේ කොහොමද? ‘ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ’ කීවා වාගේ ලෝකයා හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන නීතිය රැකීම ගැන කතා කරන ඔවුන් ඡන්ද ව්‍යාපාරයේ යෙදෙන්නේ මහජන ධනය සහ දේපොළ අවභාවිත කරමින්. අපේ මැතිවරණ නිරීක්‍ෂණ සංවිධානයෙනුත් මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී මැතිවරණ කොමිසමට පැමිණිලිකර තිබෙනවා.
■ පොහොසත් සහ ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් ගෙන යන අනිසි බිය පිළිබඳව තව දුරටත් පැහැදිලි කරන්න පුළුවන්ද?
ආණ්ඩුව මුදල් උපයන්නේ නැහැ. මුදල් උපයන්නේ කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන්, ගොවියා, ධීවරයා ඇතුළු පිරිසයි. ආණ්ඩුව කරන්නේ ඔවුන් උපයන දෙයින් පංගුවක් බදු හැටියට ගැනීමයි. සෞඛ්‍යය, අධ්‍යාපනය, ප්‍රවාහනය වැනි සේවාවන් වෙනුවෙන් මුදල් යොදවන්න නම්, භාණ්ඩාගාරයට මුදල් එන්න ඕනෑ. ජාතික ජන බලවේගය කරන්නේ අපේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මේ වනවිට දරාගෙන සිටින බරෙන් නිදහස් කිරීමයි. අපි ඔවුන්ගේ ආයෝජන පුළුල් කරමින්, ලෝක වෙළෙඳපොළ දිනා ගැනීම වෙනුවෙන් පුළුල් සැලැස්මක් සකස් කර තිබෙනවා. ව්‍යාපාරිකයන්ගේ දේපොළ පවරා ගැනීම වාගේ අවලාදවලට අහසු වන්න එපා කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
■ ඔබතුමාලාට වගේම අනෙකුත් රැළිවලටත් සෙනඟ ඉන්නවා. ඉතින්, මොන වාගේ අභියෝගයක්ද තියෙන්නේ?
අපට අභියෝගය තිබෙන්නේ අප ගාවමයි. අප ගැන විශ්වාස කරන ජනතාව මුණගැසී ඔවුන් සම්බන්ධ කර ගැනීමේ අභියෝගයයි අපට තිබෙන්නේ. අනෙක් පාර්ශ්වය එල්ල කරන අසත්‍ය, අපහාස, මිථ්‍යා මත නිවැරැදි කිරීමේ අභියෝගය ජය ගනිමින්, ජනතාව අතරට තව තවත් යන්න අපට තිබෙනවා. වෙන දේශපාලන පක්‍ෂ අපට අභියෝගයක් නොවෙයි. අපට අභියෝගය තිබෙන්නේ අප සමඟම පමණයි. අපේ පණිවුඩය රැගෙන සෑම නිවසකටම යන්න සැලැසුම්සහගත ව්‍යාපාරයක් අප දියත් කර තිබෙනවා.
■ ලක්‍ෂ හැත්තෑවක ඡන්ද ඉලක්කයකට යන්නේ කොහොමද කියන ප්‍රශ්නයත් සමහර අය අහනවා?
පක්‍ෂවලට සාම්ප්‍රදායිකව ගොනුවී සිටි ඡන්ද හිමියන්ගේ කාලය දැන් ඉවරයි. ගෝඨාභය රාජපක්‍ෂට ලැබුණු ලක්‍ෂ හැටනවයක ඡන්දවලින් ලක්‍ෂ පණහකට වඩා වැඩිපුර තිබුණේ සාම්ප්‍රදායික පාක්‍ෂිකයන්ගේ ඡන්ද නොවෙයි. පොහොට්ටුවටම තිබුණේ ඉතා කුඩා ඡන්ද ප්‍රමාණයක්. සජිත් ප්‍රේමදාසට ලැබුණු ලක්‍ෂ පණස්පහක ඡන්ද කියන්නේ ඔහුට ලැබුණු ඡන්ද නොවෙයි, ගෝඨාභයට එරෙහි ඡන්දයි. ගෝඨාභය ආවොත්, ඒකාධිපතියකු ගොඩනැඟෙයි කියන මතයට, මර්දනය දියත් වෙයි කියන සැකයට වාගේම ජාතිවාදය වපුරාවි යන බියට එරෙහිව සජිත් ප්‍රේමදාසට ඡන්දය පාවිච්චි කළා. ඔහුට ලබාදුන් ඡන්ද ලක්‍ෂ පණස්පහෙන් ලක්‍ෂ තිහකට වැඩියෙන් තිබෙන්නේ ගෝඨාට එරෙහි ඡන්ද මිස සජිත්ට පක්‍ෂ ඡන්ද නොවෙයි. එහෙම ගත්තාම පක්‍ෂවලට ලියැවී නැති ලක්‍ෂ අසූවක පමණ ඡන්ද ප්‍රමාණයක් වාගේම අලුත් ඡන්ද ලක්‍ෂ දොළහකට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. සාම්ප්‍රදායික පක්‍ෂවලින් ක්‍රමානුකූලව ගැලවුණු ඡන්ද විශාල ප්‍රමාණයකුත් තිබෙනවා. මෙවර තිබෙන ලක්‍ෂ එකසියහැත්තෑවක ඡන්දවලින් පක්‍ෂවලට ලියැවී තිබෙන්නේ ලක්‍ෂ තිහ-හතළිහ අතර ඡන්ද ප්‍රමාණයක්. ලක්‍ෂ එකසියතිහක් පමණ පක්‍ෂවලට නොලියැවුණු ඡන්දවලින් සාතිශය බහුතරය ආකර්ෂණය කරගෙන තිබෙන්නේ ජාතික ජන බලවේගයයි. ඊට අමතරව සාම්ප්‍රදායිකව පක්‍ෂවලට සිටි අයත් ගැලවෙන්න පටන්ගෙන තිබෙනවා. සංඛ්‍යාත්මකව ලෙස බැලුවත් ජාතික ජන බලවේගයට ඡන්ද ලක්‍ෂ හැත්තෑවකට වැඩියෙන් තිබෙනවා.
ඊට අමතරව දේශපාලනික වශයෙන් බැලුවත්, ඊටත් වඩා ඡන්ද ප්‍රමාණයක් තිබෙනවා. මේ කැත දේශපාලන සංස්කෘතියට විරුද්ධ ජනමතයත් තිබෙනවා. පොහොට්ටුවට තිබුණු ඡන්ද දේශපාලනිකව ගත්තා ම කොටස් තුනකට බෙදී නැහැ. ඔවුන් සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, නාමල් රාජපක්‍ෂ වශයෙන් බෙදී සිටියත්, ඡන්දදායකයන් ඒ ආකාරයෙන් බෙදී නැහැ. පසුගිය මැතිවරණවලදී සජිත්ට එරෙහිව කටයුතු කළ ඩලස් අලහප්පෙරුම දැන් සජිත්ව වර්ණනා කරන්නේ ඊළඟ වරටත් පාර්ලිමේන්තුවට පැමිණෙන්නයි. උදය ගම්මන්පිල ප්‍රකාශ කර තිබුණේ, එක් අයෙක් දහඅට වරක් පැන ඇති බවයි. ප්‍රතිපත්තිගරුක, ඉලක්කයක් සහිත වැඩපිළිවෙළකින් මේ දේශපාලනය වෙනස් කිරීමට තිබෙන කඳවුර අප පමණයි. ගණිතය ලෙස බැලුවත්, ජාතික ජන බලවේගයට සියයට පණස්එක ඉක්මැවිය හැකියි. දේශපාලනිකව බැලුවත්, සියයට හැට, හැත්තෑවකට වුණත් යන්න පුළුවන්.
■ නාමයෝජනා බාරදුන් අවස්ථාවේදී නාමල් රාජපක්‍ෂ සමඟ සුහද කතාබහක යෙදුණේ මොනවාද කියලා කියන්න පුළුවන්ද?
විශේෂ කතාවක් නම් කළේ නැහැ. නමුත්, මට ඕනෑ නම්, එයා ඉදිරියේම එයාගේ තාත්තා සහ පවුලේ අය මහජන දේපොළ හොරකම් කළා කියලා කියන්න පුළුවන්. මට ඕනෑ නම්, එයාට අතට අත දීලා හිනා වෙන්නත් පුළුවන්. ජාතික ජන බලවේගයේ දේශපාලන ප්‍රතිපත්ති සහ ඔවුන්ගේ කඳවුරේ දේශපාලන ප්‍රතිපත්ති අතර තිබෙන වෙනසට ඒ සාකච්ඡා කිරීම්වලින් බාධාවක් නැහැ.