(-Colombo, August 22, 2024-) අද (22) දර්ගා නගරයේ පැවති විජයග්‍රාහී ජන රැළියට NPP ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහභාගී විය. “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන මාතෘකාව යටතේ පැවති මෙම රැළියට පෙර රැස්වීම්වලදී මෙන් NPP නායකයා වටා මුස්ලිම් ජාතිකයින් විශාල පිරිසක් රොක් වී සිටියහ. රැස්ව සිටි පිරිස අමතමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක […]
(-Colombo, August 22, 2024-)
අද (22) දර්ගා නගරයේ පැවති විජයග්‍රාහී ජන රැළියට NPP ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහභාගී විය. “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන මාතෘකාව යටතේ පැවති මෙම රැළියට පෙර රැස්වීම්වලදී මෙන් NPP නායකයා වටා මුස්ලිම් ජාතිකයින් විශාල පිරිසක් රොක් වී සිටියහ.
රැස්ව සිටි පිරිස අමතමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ, අපි එක්ව ආණ්ඩුවක් හදමු, මේ රට යහපත් අතට වෙනස් කරන ආණ්ඩුවක්. ඒ සඳහා අපි වැඩ කළ යුතුයි, උපරිමයෙන් කටයුතු කළ යුතුයි. ඉදිරි මාසවලදී ඉදිරියට එන්න” යනුවෙනි.
එක්සත් වාම බලවේගයේ දේශපාලන මණ්ඩල සභික සහ ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික, ඒ.එස්.එම්. සාරුක්, ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික, කළුතර දිස්ත්‍රික් සංවිධායක, වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික, අරූස් අසාද්, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ජාතික ජන බලවේගයෙහි කළුතර දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික කාමන් මදප්පුලි මෙම රැළියට කථිකයින් ලෙස එක් විය.
(-Colombo, August 23, 2024-) ජාතික ජන බලවේගයේ සංචාරක ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ නියෝජිතයින් හා සංචාරක ක්ෂේත්‍රයේ සේවා සපයන්නන් නියෝජනය කරනු ලබන ප්‍රධානතම සංචාරක සංගම් කිහිපයක ප්‍රධාන නිලධාරීන් අතර සාකච්ජාවක් පසුගිය 22 දින බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පවත්වා තිබේ. එහිදී ජාතික ජන බලවේගයේ ජාතික සංචාරක ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දර්ඝ ලෙස සාකච්ජා කර ඇති […]
(-Colombo, August 23, 2024-)
ජාතික ජන බලවේගයේ සංචාරක ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ නියෝජිතයින් හා සංචාරක ක්ෂේත්‍රයේ සේවා සපයන්නන් නියෝජනය කරනු ලබන ප්‍රධානතම සංචාරක සංගම් කිහිපයක ප්‍රධාන නිලධාරීන් අතර සාකච්ජාවක් පසුගිය 22 දින බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පවත්වා තිබේ.
එහිදී ජාතික ජන බලවේගයේ ජාතික සංචාරක ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දර්ඝ ලෙස සාකච්ජා කර ඇති අතර පැමිණි සංචාරක සංගම් විසින්ද අදහස් හා යෝජනා රැසක් ඉදිරිපත් කර ඇත. සංචාරක ප්‍රතිපත්ති කෙටුම්පතට තවදුරටත් සංවර්ධනය කිරිමේදී එම යෝජනා පිලිබඳවද සැලකිල්ලට ගනිමින් කටයුතු කිරීමට ප්‍රතිපත්ති කමිටුව එකගතාවය පල කර ඇත.
මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ සංචාරක ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ නියෝජිතයින් කිහිපදෙනෙකු සහභාගී වී ඇත.
(-ජාතික ජන බලවේගයේ අකුරණ මහ රැලිය – 2024.08.21-) අපේ මෙතෙක් කල් ආණ්ඩු හැදුණේ අනෙකාට විරුද්ධව. උතුරට එරෙහි දකුණේ ආණ්ඩු, මුස්ලිම් ජනයාට එරෙහි ආණ්ඩු. හැදුවා. 2019 මැතිවරණ ව්‍යාපාරය දියත් වුණේ මුස්ලිම් ජනයාට එරෙහිව. මහනුවර දිස්ත්‍රික්කයේ කවර පක්ෂයක් පාර්ලිමේන්තු මැතිවරණයට අපේක්ෂක ලැයිස්තුවක් ඉදිරිපත් කළත් අකුරණ, හාරිස්පත්තුව, මහනුවර ප්‍රදේශ නියෝජනය කරමින් මුස්ලිම් අපේක්ෂකයන් ඉදිරිපත් කරනවා. ගිය සැරේ පොහොට්ටුවේ […]
(-ජාතික ජන බලවේගයේ අකුරණ මහ රැලිය – 2024.08.21-)
අපේ මෙතෙක් කල් ආණ්ඩු හැදුණේ අනෙකාට විරුද්ධව. උතුරට එරෙහි දකුණේ ආණ්ඩු, මුස්ලිම් ජනයාට එරෙහි ආණ්ඩු. හැදුවා. 2019 මැතිවරණ ව්‍යාපාරය දියත් වුණේ මුස්ලිම් ජනයාට එරෙහිව. මහනුවර දිස්ත්‍රික්කයේ කවර පක්ෂයක් පාර්ලිමේන්තු මැතිවරණයට අපේක්ෂක ලැයිස්තුවක් ඉදිරිපත් කළත් අකුරණ, හාරිස්පත්තුව, මහනුවර ප්‍රදේශ නියෝජනය කරමින් මුස්ලිම් අපේක්ෂකයන් ඉදිරිපත් කරනවා. ගිය සැරේ පොහොට්ටුවේ අපේක්ෂක ලැයිස්තුවේ මුස්ලිම් අපේක්ෂකයන් හිටියේ නැහැ. මුස්ලිම් ජනතාවට එරෙහිව ඔවුන් ඡන්ද ව්‍යාපාරය දියත් කළා. කළුතර හා කොළඹ ලැයිස්තුවලත් නැහැ. ඔවුන් ඡන්ද ව්‍යාපාර දියත් කළේ අනෙකාට එරෙහිවයි. අනෙකාට එරෙහිව ආණ්ඩු හදලා රටේ සමගිය හදන්න බැහැ. ඒ නිසා ලංකාවේ පළමු වැනි වතාවට සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ සමගි සම්පන්න ආණ්ඩුවක් හදන්න ඕනෑ. මේ හැමෝගෙම බහුතරය දිනාගත් ආණ්ඩුවක් හදන්න ඕනෑ. මේ හැමෝම සහයෝගය දෙනවා නම් එතන තමයි ජාතික සමගිය ගොඩනැගීමේ ආරම්භය.
අපේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරලා, ගම්මාන මට්ටමෙන් සංවිධාන යාන්ත්‍රණය එළලා, සමාජයේ විවිධ කණ්ඩායම් බලවේග විදිහට පෙළගස්වලා, ශක්තිමත් මැතිවරණ ව්‍යාපාරයක් දියත් කොට තිබෙනවා. මේ ජනාධිපතිවරණයේදී ශක්තිමත්ව, ක්‍රමවත්ව, පිළිවෙළකට මැතිවරණ ව්‍යාපාරය දියත් කොට තිබෙන්නේ ජාතික ජන බලවේගයේ අපියි. ජනතාවට තීන්දු ගන්න මේ මැතිවරණ ව්‍යාපාරය දෙස බැලුවත් ඇති. මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරලා මේ වෙනකම් රනිල් පවත්වලා තිබෙන්නේ එක රැස්වීමයි. ඒකත් රටෙන්ම ඇදලා. ජනතාව ආමන්ත්‍රණය කිරීමක් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ නැහැ. රනිල්ගේ මැතිවරණ ව්‍යාපාරය තුළ සම්පූර්ණයෙන්ම රාජ්‍ය දේපළ, රාජ්‍ය මුදල් මුළුමනින්ම මැතිවරණ ව්‍යාපාරයට යොදවනවා. මුළු එක්සත් ජාතික පක්ෂයම නඩත්තු වෙන්නේ ආණ්ඩුවෙන්. රනිල් ආණ්ඩුවෙන් නඩත්තු වුණාට කමක් නැහැ. හැබැයි ජනාධිපති උපදේශක සාගල, පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, ජනාධිපති උපදේශකයෙක් වන අකිල විරාජ් ඇතුළු මේ සියලු දෙනාට ආණ්ඩුවෙන් පඩි, වාහන, තෙල්, ආරක්ෂාව ඔක්කෝම ආණ්ඩුවෙන්. ජාතික සංවිධායක, සබරගමුවේ සංවිධායක, නවීන් දිසානායක, ආණ්ඩුවෙන් ගෙවල්, පඩි, වාහන, තෙල්, සල්ලි. ආශු මාරසිංහ තවත් ජනාධිපති උපදේශක කෙනෙක්. ආණ්ඩුවෙන් පඩි, වාහන, තෙල්, ආරක්ෂාව. හරීන් ප්‍රනන්දු, මනුෂ නානායක්කාර දෙන්නා අමාත්‍ය ධුර හෙබවූයේ ආණ්ඩුවේ වාහන, සල්ලි, තෙල්, ආරක්ෂාව, ඇතිව. ආණ්ඩුවේ සල්ලිවලින් සංගීත සංදර්ශන තියනවා, විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගිහින් තරුණ තරුණියන් එකතු කරනවා. නඩු තීන්දුවකින් මන්ත්‍රීකම නැතිවුණා. ඒ එක්කම ඇමතිකමත් නැති වුණා. මනුෂ නානායක්කාර, හරීන් ප්‍රනාන්දු දැන් ජනාධිපති උපදේශකවරුන්. මේ තරම් උපදේශකවරු ඉන්නෙ රනිල් මෝඩයෙක්ද? මේ කරන්නේ ආණ්ඩුවේ මුදල් වියදම් කිරීම සඳහා උපදේශක තනතුරු දෙනවා.
ඒ විතරක් නොවෙයි. ජනාධිපති ඡන්දෙට තව දවස් 30යි. ඒ කාලෙටත් ඇමතිකම් දෙකක් දෙනවා. සුරේෂ් වඩිවෙල්ට, අලි සහීබ් මවුලානාට රාජ්‍ය ඇමතිකම් දෙනවා. මේ මොකටද, ආණ්ඩුවෙන් වාහන, තෙල්, පඩි, ලැබෙනවා, ඒ වගේම ඡන්දෙට ආණ්ඩුවේ ව්‍යාපෘති කරන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ කියනවා පොලිස්පති පත්කරන්න බැහැ. එම පත්කිරීම මැතිවරණ කාලේ වැරදියි කියලා. හැබැයි මව්ලානා, සුරේෂ වඩිවේල් පත් කරන්න පුවළුන්. මනුෂ නානායක්කාර, හරීන් ප්‍රනාන්දු උපදේශකවරුන් ලෙස පත් කරන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහගේ මුළු කැම්පේන් එක තිබෙන්නේ ආණ්ඩුවේ සල්ලි, වාහන, තෙල්, ආරක්ෂාව මත. ඡන්දයකදි අපේක්ෂකයන්ට සමාන ලෙස තරග වදින්න ඉඩ තියෙන්න ඕනෑ. රනිල් වික්‍රමසිංහ තරග වදින්නේ ආණ්ඩුවේ භාණ්ගාරයේ සල්ලිවලින්. අපි තරග වදින්නේ ජාතික ජන බලවේගයෙන්. සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරයේ එක පැත්තකින් අවලාද. අනෙක් පැත්තෙන් ෆොටෝ එකක්. ඡායාරූපයක් ගන්නවා, වීඩියෝ එකක් ගහනවා, බ්රේකින් නිව්ස් එකක් ගහනවා. එක උස මෑන් කෙනෙක් හැමතැනටම ගිහින් යන්න තැනක් නැතිව අවසානේ සජබයට ගියා. නගර සභාවේ කුණු ලොරියට ගියා. කිසි මතයක්, ප්‍රතිපත්තියක් තිබෙන කඳවුරක් නොවෙයි. ක්‍රිකට් බෝඩ් එකට සූදුව ගෙනාවේ, ක්‍රිකට් බෝඩ් එකේ සල්ලි විනාශ කළේ, ෂම්මි සිල්වලා පස්සේ ඉන්න තිලංග සුමතිපාල කියලා කෑ ගැහුවා. ක්‍රිකට් බෝඩ් ඒකෙ ආරක්ෂකයා අර්ජුන රණතුංග කිවුවා. ඒ තිලංගයි, අර්ජුනයි දෙන්නාම සජිත්ලා ගාව. ක්‍රිකට් බෝඩ් එක විනාශ කළ කෙනයි, එය ආරක්ෂා කරනවා කියන කෙනයි දෙන්නාම එකම තැනක. මේ දේශපාලනය මොකක්ද? ඒගොල්ලන්ට තිබෙන්නේ එහෙන් මෙහෙන් කට්ටිය එකතු කරන දේශපාලනය විතරයි. ඔය ගොඩක් අය සජිත් ගාවට ළඟට යන්න කලින් අපේ දොරටත් තට්ටු කළා.
අපට එහෙම ඕන නැහැ. අපට තිබෙන්නේ ප්‍රතිපත්තිගරුක දේශපාලනයක්. අපේ මේ වේදිකාවේ ඉන්න හැමදෙනාම යම් ප්‍රතිපත්තියකට එකඟ වූ, අවංක, අදූෂිත අය. ඒ වගේම මේ රටත්, ජාතියටත් අසීමිත ලෙස ආදරය කරන අය. ඒ ගොල්ලන්ගේ වේදිකාවේ ඉන්නේ කොහොම හරි ඇමතිකමක් ගන්න බලාගෙන ඉන්න අය. මේ මැතිවරණය දිහා බැලුවත් ඇති දිනවන්න ජාතික ජල බලවේගය දිනවන්න ඕනෑ කියන තීන්දුව ගන්න. තිස්ස අත්තනායක පසුගිය දා ප්‍රකාශයක් කරනවා, “නුවර පෙරහැර නතර කරනවා කියලා” හරිනි සහා්දරිය කිවුවා කියලා. තිස්ස කියන්නේ 2015 මෛත්‍රීගෙ පිලයි, සම්බන්ධන්ලාගේ පිලයි රට බෙදන්න ගිවිසුමක් ගහලා කියලා කූට ලේඛන හදලා හිරේ ගියපු කෙනා. ඒකට තිස්ස අත්තනායක සමාව ගත්තේ නැත්නම් ආපහු තිස්ස අත්තනායක හමුවෙන්නේ අධිකරණයේදි. මේ බොරු, අසත්‍ය අවලාද ගහන්න අපි ඉඩ දෙන්නේ නැහැ. චරිත හේරත් කුරුණෑගල ගිහින් කියනවා අපි අවහම අත්කඳ විහාරයේ පෙරහැර නතර කරනවාලු. මීට සති දෙක තුනකට පෙර චරිත හේරත් අපිට කොළ එළිය දමමින් හිටියා. අපි ගත්තේ නැහැ. මේවා කියන්නේ ඒ ගොල්ලන්ගේ ක්‍රියාව වෙලා තිබෙන්නේ අවලාද නිසා. දැන් රාවුෆ් හකීම් මුස්ලිම් ජනතාව කේන්ද්‍ර කරගෙන අවලාද පටන්ගෙන තිබෙනවා. අපි කිව්වාලු, “සහරාන්ලා, ත්‍රස්තවාදීන් බිහි වෙන්නේ මුස්ලිම් අම්මාගේ ගර්භාෂයෙන්” කියලා. වට්ස්ඇප්වල යනවා. හකීම් තැන තැන කියමින් යනවා. සහරාන්ගේ සිද්ධිය සිදුවුණාට පස්සේ පාර්ලිමේන්තුවේ මම කළ කතාවක් තිබෙනවා. ඒක බලන්න මම කිව්වේ මොකක්ද කියලා. මම කිවුවා “මේ ත්‍රස්තවාදය, සිංහල, දෙමළ, මුස්ලිම් ප්‍රචණ්ඩ ක්‍රියා, ත්‍රස්තවාදී ගැටුම්, ඇති වන්නේ අන්තවාදීන්ගේ ගර්භාෂයෙන්” කියලා. හකීම්ට සමහර විට මම කිවුව වචනය තේරුනේ නැද්ද දන්නේ නැහැ.
දිගනට, අලුත්ගමට පහර දෙන්නේ පොදු සිංහල ජනයා නොවෙයි. අන්තවාදී, සිංහල ජාතිවාදී ගර්භාෂය තුළ ගොඩනැගුණු ප්‍රචණ්ඩත්වය. ප්‍රභාකරන්ලා බිහි වෙන්නේ දෙමළ ජාතිවාදී ගර්භාෂයේ. සහරාන්ලා බිහි වුණෙත් මුස්ලිම් අන්තවාදී ගර්භාෂයේ. ජාතික ජන බලවේගයේ අපි මොනතරම් අසීරු අවස්ථාවලදිවත් ජාතිවාදයට නොවැටුණු අයයි. මේ රට පත්වෙලා තිබෙන විපත්තියේ සිංහල, දෙමළ, මුස්ලිම් අපි ඔක්කෝම වින්දිතයන් වෙලා තියෙනවා. ඒ නිසා අපේ ඔක්කෝගෙම වගකීමක් තමයි මේ විපත්තියෙන් මේ රට මුදා ගැනීම. ඒ මුදා ගැනීම සඳහා තිබෙන ආරම්භක අවස්ථාව තමයි සැප්තැම්බර් 21 දවස. ජාතික ජන බලවේගය අතට දේශපාලන බලය මාරු කර ගැනීම. අපි පළමුවෙන්ම දේශපාලකයා ආදර්ශය දෙන්න පටන් ගන්නවා. ඇමතිවරයා මහජනයාගේ සේවකයෙක් කියන සංකල්පයට අපේ රටේ දේශපාලනය පරිවර්තනය කරනවා. අපේ රටේ තිබුණු පළි ගැනීමේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා. අපි දිනලා ජයග්‍රහණය සැමරීමේ ආදර්ශයත් අපි මේ රටට දෙමු. පියවරෙන් පියවර මේ රට හදන්න පටන් ගනිමු.
පළමුව ජාතික සමගිය ගොඩනගන්න ඕනෑ. අලුත් ව්‍යවස්ථාවක් අපි සම්මත කර ගන්නවා. කතා කරන භාෂාවේ අයිතිය, අදහන ආගමේ අයිතිය, අනුගමනය කරන සංස්කෘතියේ අයිතිය පිළිගන්නා රාජ්‍යයක් බවට පරිවර්තනය කරනවා. හැමෝටම සමානව සලකන ආණ්ඩුව බවට පත් කරනවා. ආණ්ඩුවට ධනය එන්නේ කොහොමද? එළියේ කර්මාන්තකරුවා, ව්‍යාපාරිකයා, ධීවර කර්මාන්තයේ ඉන්න ව්‍යවසායකයා, කෘෂිකර්මාන්තයේ ඉන්න ගොවියා රටට ධනය උත්පාදනය කරනවා. ඒ ගොල්ලන් උපයන ධනයෙන් බද්දක් ලෙස යම් ප්‍රමාණයක් ආණ්ඩුවට අරගන්නවා. භාණ්ඩාගාරයට සල්ලි වැඩි කර ගන්න නම්, තව තවත් කර්මාන්ත, ව්‍යාපාර, ඇති කරන්න ඕනෑ. ධීවරයා මත්ස්‍ය අස්වැන්න වැඩි කරන්න ඕනෑ. එතකොට රටේ ධනය වැඩි වෙනවා. භාණ්ඩාගාරයටත් ධනය එකතු වෙනවා. රට පොහොසත් වෙනවා, ආණ්ඩුවත් පොහොසත් වෙනවා. එතකොට අධ්‍යාපනය සඳහා, සෞඛ්‍යය සඳහා සල්ලි ආණ්ඩුවෙන් වැඩිපුර ගලාගෙන එනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ වැඩේ තමයි, ව්‍යවසායකයාට, කර්මාන්තකරුවාට සහාය දීලා ඒ අයගේ ධනය වැඩි කිරීම. ඒ වගේම අලුත් ව්‍යාපාරිකයන් හදන්න ඕනෑ. එතකොට තමයි භාණ්ඩාගාරයට වැඩිපුර සල්ලි එන්නේ.
අපි ආරම්භ කරනවා අලුත් සංවර්ධන බැංකුවක්. ඕනෑම තරුණයෙකුට පුවළුන් තමන් ආරම්භ කරන ව්‍යාපාරය පිළිබඳව ව්‍යාපෘති වාර්තාවක් දෙන්න. ඒ ව්‍යාපෘති වාර්තාව සැලකිල්ලට භාජනය කරලා, ශක්‍යතාවයෙන් යුතු ව්‍යාපෘතියක් නම්, ආණ්ඩුව බැංකුවට ගැරන්ටියක් දෙනවා. එවිට තරුණයාට සල්ලි ලැබෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති නිලධාරියා අදියරෙන් අදියර මේ ගැන සොයා බලනවා. ඒ තුළ අලුත් කර්මාන්තකරුවෙක් හැදෙනවා. ජාතික ජන බලවේගයේ සංවර්ධන බැංකුවේ සංකල්පය ඒක. අපි ඇප රහිත ණය මුදලක් දෙන්නේ. අලුත් කර්මාන්තකරුවන්, අලුත් ව්‍යවසායකයන් බිහිකරන්න ආණ්ඩුව අතහිත දෙනවා. අපි ලෝකයේ ආර්ථිකය සොයා යන්න ඕනෑ. අප්‍රිකානු කලාපයේ දැවැන්ත ව්‍යාපාරයන් කරන ශ්‍රී ලාංකිකයන් ඉන්නවා. අප්‍රිකානු කලාපයේ විශාල අවස්ථාවන් තිබෙනවා. නමුත් තානාපති කාර්යාලයක් නැහැ. අපි ඉතා ඉක්මනින් තානාපති කාර්යාල අරිනවා. අලුත් වෙළඳපොළ හොයන්න හොඳ තරුණ කණ්ඩායමක් යවනවා. ඒ අවස්ථාවන් සොයා ඒ සඳහා රජය මැදිහත් වෙනවා.
අපි සියලු දෙනා එකතු වෙලා, සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකතු වෙලා, විශ්වාසය තිබෙන ආණ්ඩුවක්, විශ්වාසය තිබෙන පාලනයක් ගොඩනගමු. ඒ වෙනුවෙන් සැප්තැම්බර් මාසේ 21දා ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවන්න වැඩ කරන්න, මැදිහත් වෙන්න, එකතු වෙන්න.
(-ජාතික ජන බලවේගයේ ගම්පොළ මහ රැලිය – 2024.08.21-) ජාතික ජන බලවේගය කියන්නේ පක්ෂයක් පමණක් නොවෙයි, ඔබේ නිර්මාණය, ඔබේ ශක්තිය, ඔබ තමයි මේකෙ අයිතිකරුවෝ. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයන් 39 දෙනාගෙන් අනුර සහෝදරයාව ඉහළින්ම ඔසවා තැබුවේ ඔබයි. ඉතිහාසයේ පුළුල්ම ජනතා බලවේගය තමයි ජාතික ජන බලවේගය. ඒ ජනතා බලවේගය තමයි ලබන 21වැනිදාට ස්ථිර වශයෙන්ම ජයග්‍රහණය කරන්නේ. […]
(-ජාතික ජන බලවේගයේ ගම්පොළ මහ රැලිය – 2024.08.21-)
ජාතික ජන බලවේගය කියන්නේ පක්ෂයක් පමණක් නොවෙයි, ඔබේ නිර්මාණය, ඔබේ ශක්තිය, ඔබ තමයි මේකෙ අයිතිකරුවෝ. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයන් 39 දෙනාගෙන් අනුර සහෝදරයාව ඉහළින්ම ඔසවා තැබුවේ ඔබයි. ඉතිහාසයේ පුළුල්ම ජනතා බලවේගය තමයි ජාතික ජන බලවේගය. ඒ ජනතා බලවේගය තමයි ලබන 21වැනිදාට ස්ථිර වශයෙන්ම ජයග්‍රහණය කරන්නේ.
මේ වෙනකොට අපේ රටේ දේශපාලන භූමිය කඳවුරු දෙකකට බෙදිලා තිබෙන බව පැහැදිලියි. එක පැත්තකින් රට හදන්න ගොඩනඟන්න හෘදය සාක්ෂියක් තිබෙන අය එකතුවෙලා ඉන්න ජාතික ජන බලවේගය. අනෙක් පැත්තෙන් මාලිමාවට එරෙහිව එකතු වෙලා ඉන්න කඳවුර. ඒ ගොල්ලන්ගේ එකම ඉලක්කය මැලිමාවේ ජයග්‍රහණය වළක්වන එක. ඒක කරන්න කීයටවත් බැහැ. මොකද ජනතාව ඉන්නේ මාලිමාවත් එක්ක. ඔබ මේ දිනවල දකිනවා පාර්ලිමේන්තුවේ සිද්ධ වෙන පැනිලි. කාගෙ හරි නමක් කිවුවොත් එයා කොයි පැත්තෙද ඉන්නේ කියල ගොඩක් වෙලා කල්පනා කරන්න අපිට සිද්ධ වෙලා. ඔවුන් ප්‍රතිපත්තියක් නැති ගෞරවයක් නැති, තමන්ට ඡන්දය දුන්න ඡන්දදායකයින්ට ගරු කරන්නේ නැති ඉතාම පටු පෞද්ගලික වුවමනා වෙනුවෙන් කටයුතු කරන පිරිසක්. බලය වෙනුවෙන් සියල්ල පාවා දෙන්න ඔවුන් සූදානම්. මාලිමාවේ ආණ්ඩුවකින් අපි අලුත් ව්‍යවස්ථාවක් ගේනවා. මේ විදියට ජනමතයට පයින් ගහලා පක්ෂ මාරුකරනවා, නම් ඒ අයගේ මන්ත්‍රීකම අහෝසි කරන්න. ඔවුන් පාර්ලිමේන්තුවට ආවේ මොකටද? කාව නියෝජනය කරන්නද කියන එකත් දැන් ඔවුන්ට අමතක වෙලා. අද රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ වැටිලා තිබෙන්නේ මෙවැනි දූෂිත ප්‍රතිපත්ති රහිත දේශපාලකයන් නිසා. අද වැඩිහිටියෝ බඩ ගින්නේ. ළමයි බඩ ගින්නේ. තරුණ තරුණියෝ රට දාලා යනවා.
ජීවත් වෙන්න තිබෙන සියලු අවස්ථා අපෙන් උදුරාගෙන මනුෂ්‍යත්වය පවා අපිට අහිමි කරලා. ගෙයි සාලෙ පින්තූර තියෙනවා. පවුලෙ කට්ටිය ඔක්කෝම හිනාවෙලා ඉන්න. හැබැයි ගෙදර නැහැ. අම්මයි තාත්තයි පින්තූර දිහා බලාගෙන ඉන්නවා. ළමයි රට දාලා ගිහිල්ලා. ඔවුන්ට එහෙම යන්න වෙලා තිබෙන්නේ මේ දූෂිත පාලන ක්‍රමය නිසා. මේක අපි වෙනස් කරන්න ඕනෑ. දේශපාලනය කියන්නේ ජනතා සේවයක්; ව්‍යාපාරයක් නොවෙයි. දූෂිත, දූෂණයට එරෙහි හරියටම නීතිය ක්‍රියාත්මක කරන, ජනතාවට සේවය කරන සැබෑ දේශපාලන සංස්කෘතියක් අපිට අවශ්‍යයි. ඒ වෙනුවෙන් තමයි, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් අපි පිහිටුවා ගත යුත්තේ. එවැනි අදූෂිත දේශපාලන ව්‍යාපාරයකට නායකත්වය දිය හැක්කේ අදූෂිත නායකත්වයකට පමණයි. අනුර කුමාර දිසානායක කියන්නේ අන්න එවැනි අදූෂිත නායකයෙක්. මේ රටේ ජනතාවගේ ජීවිත හොඳින්ම තේරුම් ගත් කෙනෙක් කුඩා වයසේ සිටම මේ රටේ ජනතාට වෙලා තිබෙන අසාධාරණකම්, අසමාන සැලකිලි හොඳින් දන්න කෙනෙක්; අත්වින්ද කෙනෙක්. ඔහු අවුරුදු 30ටත් වඩා වැඩි කාලයක් මේ දූෂිත ක්‍රමය වෙනස් කරන්න කැප වුණු කෙනෙක්. අවුරුදු 20කට එහා සිට ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ සටන් කළ කෙනෙක්. එතෙක් කල් දේශපාලනයේ ඉඳලා ඔහුට විරුද්ධව කිසිම චෝදනාවක් කිසිවෙකුට එල්ල කරන්න බැරිවෙලා තිබෙනවා. ඒ නිසා හතුරන් කරන්නේ ඔහුට විරුද්ධව බොරු අවලාද මඩ ගසා දමන එක පමණයි. දූෂිතයන් ඔහුට බයයි. මොකද? පාර්ලිමේන්තුව තුළ ඔහු තමයි දූෂිතයන්ව නිර්භයවම හෙළිදරව් කළේ. ඔහු තමයි අපි වගේ ව්‍යාපාරයකට ඉන්න පුළුවන් හොඳම නායකයා. ඒ නිසා තමයි ඔහු අද වන විට ජනතාවගේ හදවත්වල ඉන්න නායකයා බවටත් පත්වෙලා තිබෙන්නේ. සැප්තැම්බර් 21 උදෙන්ම ගිහිල්ලා ඔබේ වටිනා ඡන්දය, ඔබ අපි ප්‍රාර්ථනා කරන වෙනස වෙනුවෙන් පාවිච්චි කරන බව අපට විශ්වාසයි. මේ අවලාදවලින් මඩවලින් ඒක වෙනස් කරන්න බැහැ.
මේ රට හදන්න පුළුවන්. මේක නැති කරලා තියෙන්නේ මේ රටේ ජනතාව නොවෙයි. මේ ත්‍රාඩ දේශපාලුවන් හා දේශපාලනය විසින්. අපේ වගකීම තමයි මේක වෙනස් කරන එක. අන්න ඒ වෙනුවෙන් අපි සූදානම් වෙමු. ඒ සඳහා පළමු පියවර සැප්තැම්බර් 21 ගනිමු. මේ රටේ පළමු වතාවට රටේ ජනතාව සැබෑ ලෙසම නියෝජනය කරන පාලනයක් හා නායකයෙකු පත්කර ගනිමු.
“ඡන්දෙ ගත්තු නායකයො වාසි බලාගෙන පැන්නට ජනතාව ඉන්නෙ මාලිමාව එක්ක”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රවීණ සිනමාවේදී ජගත් මනුවර්ණ-
පලනි දිගම්බරන් සහ වේළුකුමාර් අතර වලිය කවුරුත් දකින්න ඇති. වේළුකුමාර් නුවරින් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. දිගම්බරන් නුවරඑළියෙන් තේරී පත් වී සජිත් එක්ක ඉන්නවා. වතුකරයේ ඉන්න තේ වතුවල අව්-වැසි නොබලා ශ්‍රමය වගුරුවන අම්මලා, තාත්තලාගේ ඡන්දය අරගෙන පාර්ලිමේන්තු ගිහින් ඒ ඡන්ද ටික ගෙඩි පිටින් කාලයෙන් කාලයට විකුණා තමන්ගේ සාක්කුව තර කර ගන්නා පිරිසගේ ක්‍රියාකලාපය දැන් පැහැදිලියි. ඡන්දය කිට්ටු වෙද්දී, වතුකරයේ ජනතාවගේ දවසක පඩිය රුපියල් එක්දහස්හත්සීයක් කරන බවට නැවත කියවමින් එන අතිශය මුග්ධ අය, චණ්ඩිකමින් තමන්ගේ දේශපාලනය කරන්න එනවා. වේළුකුමාර්, දිගම්බරන්ට කීවේ කුඩු දිගා කියලා. අපි දන්නේ නැහැ කුඩු ගහනවා ද? කුඩු විකුණනවා ද කියලා. හැබැයි, එයාගේ යාළුවා වේළුකුමාර් තමයි, කිවුවේ. දිගම්බරන් වේළුකුමාර්ට කියනවා බාර් කුමාර් කියලා. මෙච්චර කාලයක් ඒ ගොල්ලන් දේශපාලනය ගෙන ගිය ආකාරයත්, ලබා ගත් ජනවරමට කළේ මොනවා දැයි ඉතාමත් පැහැදිලියි.
අපි ඉතාම ප්‍රජාතන්ත්‍රවාදීව, ඉවසීමෙන් ජාතික ජන බලවේගයේ දේශපාලනය කරගෙන ඇවිත් ඉන්නේ. මේ වන විට ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වළක්වන්න බැහැ කියන එක රටේම ජනතාවට පැහැදිලියි. ඊයේ, පෙරේදා පිල් පැන්න චරිත හේරත්ලා, නාමල් රාජපක්‍ෂලා දළදා මාලිගාව වටේ රේස් පදින කාලයේ නිහඬව ඉඳලා අපේ පාලනයක් යටතේ පෙරහැර තහනම් කරන බව කියනවා. නැවත වතාවක් රට, ජාතිය අනතුරේ බව කියලා බිල්ලන් මවලා ඉදිරියට එන්න බැහැ. නාලක ගොඩහේවාලා, චරිත හේරත්ලා, චන්න ජයසුමනලා, විමල් වීරවංශලා, නාමල් රාජපක්‍ෂලා එක්ක එකතු වී මුස්ලිම් ජනතාව වෛරක්කාරයන් බවට පත් කරන ප්‍රචාර හැදුවා. දොස්තර සාෆි මවුවරුන් දහස් ගණනක් වඳ කළ බවට කතා හැදුවා. චන්න ජයසුමනලා තව දුරටත් ජාතිවාදය වපුරලා, අවසානයේ පාස්කු ප්‍රහාරය එල්ල කර 2019 ජනාධිපතිවරණයට පාර කපා ගත්තා. නුවර දිස්ත්‍රික්කයෙන් ලොහාන් රත්වත්තලා, මහින්දානන්ද අලුත්ගමගේලා, දිලුම් අමුණුගමලා වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට යැව්වා. ඒ අය අද වාසි පැති බලලා පැනලා. නමුත්, ඔවුන්ට ඡන්දය දුන් ජනතාව අද ඉන්නේ ජාතික ජන බලවේගයත් එක්ක. දැන් ඉන්නේ තව දුරටත් ඔවුන්ගේ උප්පරවැට්ටිවලට හසු නොවන ජනතාවක්.
“දේශීය වගාකරුවන් ආරක්ෂා කරගන්න අනුර සහෝදරයා දිනවන්න”
-ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් විධායක සභික එස්.එම්. පස්මින්-
අපේ ප්‍රදේශයට බරපතළ ප්‍රශ්නයක් වී තිබෙන කුළුබඩු ගැන කෙටියෙන් අදහස් දක්වන්න මම කල්පනා කරනවා. යන යකා කඩාගෙන යනවා වාගේ එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුගේ දුවෙක් ගම්මිරිස් සහ කරුංකා කන්ටේනර් ගණන් ගෙනැවිත් තිබෙනවා. ගම්පොළ ආසනය කියන්නේ ගම්මිරිස්, කරාබුනැටි, කරුංකා බහුලව තිබෙන ප්‍රදේශයක්. ගම්මිරිස් මිල රුපියල් 2300, 2400 දක්වා ඉහළ ගියා. කරුංකා රුපියල් 1300ට ගියා. අද වෙන කොට රුපියල් 750ට වැටිලා. ගම්මිරිස් රුපියල් 1200ට වැටිලා. ඒකට හේතුව බැඳුම්කර කොල්ලයට සම්බන්ධ ප්‍රබල ඇමැතිවරයකුගේ දුවෙක් මේ කුළුබඩු ගෙන්වීමයි. ගම්මිරිස් ප්‍රතිඅපනයනය නවත්වා දේශීය වගාකරුවන් ආරක්‍ෂා කිරීමට මාලිමා රජයක් යටතේ කටයුතු කරනවා. එහි ආරම්භක පියවර ලෙස අනුර කුමාර සහෝදරයා ජයග්‍රහණය කරවීමට අපි හැම දෙනාම කැප වී කටයුතු කරනවා.
“අපි මෙතෙක් කල් දැකපු සිහිනය යථාර්ථයක් කර ගන්න දිනය අතළඟයි”
-ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් විධායක සභික නීතිඥ තුෂාරි ජයසිංහ-
පසුගිය මැතිවරණයේ දී ඔබේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත් කර යැවූ මන්ත්‍රීවරු අද ඉන්නේ ඔබ තෝරා යැවූ පිලේම ද? පිල් පනිමින්, අද ඔවුන් ඉන්නේ කොතැන ද කියලා හිතා ගන්න බැහැ. පිල් පනිමින්, ඔවුන් කෙළිදෙලෙන් ඉන්න අතර, ඡන්දය දුන් අපේ ජීවිත ගෙන යන්න බැරි තත්වයට ඇද දමා තිබෙනවා. මේ තත්වයට තිත තියන දවස ලබන 21 වැනිදා මුළු ශ්‍රී ලංකාවම එකතු වී අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කරවීමෙන් ආරම්භ කරනවා. ඒ ජයග්‍රහණය වෙනුවෙන් රොද බැඳගෙන සිටින සියලුම දෙනාගේ මුහුණුවල ප්‍රබෝධය අපට දකින්න පුළුවන්. අපි මෙතෙක් කල් දැකපු සිහිනය යථාර්ථයක් කර ගන්න දිනය අතළඟයි සහෝදර, සහෝදරියනි. මේ රටේ ජනතාවගේ දුක හඳුනන, ජනතාව අතරින් සියලු දෙනා එකාවන්ව සලකන අපේ නායකයා තෝරා ගන්නා දිනය ඉතාම ආසන්නයි. ඉදිරි දින කිහිපයේ දී තව දුරටත් ජනතාව මාලිමාව වටා එක්රැස් කර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.
“යා යුත්තේ කොහේද කියන එක කඳුකර ජනතාවට දැන් හොඳටම පැහැදිලියි”
-ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් විධායක සභික ආචාර්ය සිවප්‍රකාශන්-
කඳුකර ජනතාව නියෝජනය කරමින්, මේ දක්වා තෝරා යැවූ මන්ත්‍රීවරු ගැන අදහසක් දිගම්බරන් සහ වේළුකුමාර් අතරේ ඇති වුණු ගුටිබැට හුවමාරුවෙන් තේරුම් ගන්න පුළුවන්. චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙකුට වෙන කොහෙවත් නොගිහින්, ඔවුන්ගේ සටන් රූපගත කරන්න පුළුවන්.
කඳුකර ජනතාවට දැන් හොඳටම පැහැදිලියි කොහෙට ද යන්න ඕනෑ කියලා. මොනවා ද කරන්න ඕනෑ කියලා. මහනුවර දිස්ත්‍රික්කය විශේෂයි. මේ දිස්ත්‍රික්කයේ කඳුකර ජනතාව සහ මුස්ලිම් ජනතාව සියයට පණහට වැඩියෙන් දැන් තෝරාගෙන ඉන්නේ ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක සහෝදරයාවයි. අපට ජය නියතයි. අපේ අනාගත ජනාධිපතිතුමා සාමාන්‍ය ජනතාව අතරින් ආව අනුර කුමාර දිසානායකයි. ජාතික ජන බලවේගය කියන්නේ අපේ පක්‍ෂයක් නොවෙයි, මහජනතාවගේ පක්‍ෂයක්. මහජනතාව මේ ඡන්දයෙන් දිනන එක ස්ථිරයි. මෙතැන වැඩිපුර ඉන්න සිංහල සහෝදරවරුන් ඉදිරිපත් වී දෙමළ, මුස්ලිම් සහෝදර සහෝදරවරියන්ට මාලිමා ලකුණ ගැන කියලා දෙන්න. දිශාව පෙන්වන මාලිමාව ගැන හැම දෙනාටම පැහැදිලි කර දෙන්න. රට වෙනුවෙන්, මහජනතාව වෙනුවෙන් කරන ලොකුම මෙහෙය මේ අවබෝධය ලබා දීමයි. මහනුවර දී සියයට හැත්තෑවකට වඩා ඡන්දය ලබාගෙන මාලිමාව ජයග්‍රහණය කරනවාමයි.
“මුළු රටේම පවතින අන්ධකාරය තුළින් ජාතික ජන බලවේගයේ දීප්තිමත් ආලෝකය දැක්කා”
-විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ-
මම ගම්පොළ වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබලා උසස් පෙළ ඉගෙන ගන්න අවධියේ යුද හමුදාවට බැඳී වසර 36ක් සේවය කර 2021 දී මේජර් ජෙනරාල්වරයකු වශයෙන් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් වී විශ්‍රාම ගත්තා. අවුරුදු 36 සේවා කාලයෙන් අවුරුදු 26ක්ම සිටියේ යුදබිමේ. යුද්ධය නිම කිරීම නිසා සිංහල සහ දෙමළ සහෝදරයෝ දෙගොල්ලම මැරෙන එක නතර කරන්න හැකි වුණා. යුද්ධය නිම කිරීමෙන් පසු උතුර සහ නැඟෙනහිර ගොඩනැඟීමේ කටයුතුවලට සක්‍රියව සහභාගි වුණා. මම විශ්‍රාම ගිය පසු 2022 අප්‍රේල් 12වැනිදා මේ රට බංකොළොත් කියලා ප්‍රකාශයට පත් කළා. ගුවන් යානයක් කඩාගෙන වැටෙනවා වාගේ කඩාගෙන වැටුණේ නැහැ. පාලකයන් කිසි කෙනෙක් මේ විදියට කඩාගෙන වැටෙන බව දන්නේ නැද්ද? රට බංකොළොත් කීවාම අපි මවිතයට පත් වුණා. තිස් වසරක් යුද්ධය වෙනුවෙන් අධික වියදම් දැරූ රට බංකොළොත් වෙන්නේ යුද්ධය අවසන් කර අවුරුදු 12කට වැඩිය ගත වූ පසුවයි.
බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් කියන ජර්මානු ජාතික නාට්‍යකරුවා කීවේ, “යුද්ධය ඉවරයි, සාමය එනවා, පරිස්සම් වෙයල්ලා” කියලයි. ඇත්තටම පරිස්සම් වෙන්න ඕනෑ යුද්ධයෙන්. නමුත්, බ්‍රෙෂ්ට් කියන්නේ “සාමය එනවා, පරිස්සම් වෙයල්ලා” කියලා. යුද්ධය ඉවර වී සාමය ආවාට පස්සේ කොල්ලකාරී පාලකයන් යුද ජයග්‍රහණයේ ආකර්ෂණයට මුවා වී වේගයෙන් රට කොල්ලකන්න පටන් ගත්තා. ඉංග්‍රීසින් මේ රට පාලනය කරමින්, කොල්ලකෑම් සිදු කළත්, අපට රට භාර දෙන වෙලාවේ භාණ්ඩාගාරයේ විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි කර ගියා. 1950 දී එංගලන්තයට පවුම් මිලියන 50ක ණයක් දෙන්න තරම් පොහොසත් භාණ්ඩාගාරයක් තිබුණා. යුද්ධය අවසන් වූ පසු මුළු රට ම අන්ධකාරයේ හෙළුවත්, ඒ අඳුර තුළින් ජාතික ජන බලවේගයේ අලෝකය අප සියලු දෙනාටම දැකගන්න ලැබුණා. මටත් ජාතික ජන බලවේගයේ ආලෝකය දැකගන්න ලැබුණේ මේ පාලකයන් රට අන්ධකාරයේ හෙළුවාට පසුවයි. ඔවුන්ගේ දේශපාලනය කෙතරම් දීප්තිමත් ද කියලා දැකගන්න ලැබුණා. මෙතෙක් සිටි පාලකයන් මේ රට තුළ ගොඩනැඟූ දූෂිත දේශපාලන සංස්කෘතිය අවසන් කර අදූෂිත, රටට ආදරය කරන ජනතාවාදී මාලිමාවේ දේශපාලනඥයන් සමඟ විශ්‍රාමික අපත් එකතු වී සිටිනවා. 50,000කට අධික විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ‘අදිටන’ වටා සංවිධානය වී ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කරවා, රට පුනරුද යුගයක් කරා ගෙන යන්න කැප වී ක්‍රියා කරනවා.
“මඩ අවලාදවලට සිංහල, දෙමළ, මුස්ලිම් කිසිවකුත් රැවටෙන්නේ නැහැ”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මවුලවි මුනීර් මුලෆ්ෆර්-
අද මධ්‍යම කඳුකරයත්, ජාතික ජන බලවේගය සමඟයි කියන පණිවුඩය ගම්පොළ දී මුළු රටටම ලබා දී තිබෙනවා. වෙනදා දකුණ, උතුරට එරෙහිව ඡන්ද පාවිච්චි කළා. ඒ වාගේම උතුර, දකුණට එරෙහිව ඡන්ද පාවිච්චි කළා. නමුත්, මෙවර ඡන්දය පාවිච්චි කරන්නේ කිසිවකුට එරෙහිව නොවෙයි. මේ රට විනාශ කළ හොරුන්ට එරෙහිව රටේ සියලුම ජනතාව උතුර, දකුණ එකට හිටගෙන පෙළගැසී සිටින බවයි අද මෙතැන දී ලබා දී තිබෙන පණිවුඩය. රටේ සියලුම දෙනා පවසන්නේ මෙතෙක් පැවැති දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ කඩඉම ලෙස සැප්තැම්බර් 21වැනිදා ජනාධිපතිවරණයේ දී අනුර කුමාර දිසානායක සහෝදරයා තෝරා පත් කර ගන්නා බවයි. ඉස්සර රජාගෙන් රජාට, ඊට පස්සේ හොරාගෙන් හොරාට මාරු වුණු බලය මෙවර හොරාගෙන් ජනතාව අතට රැගෙන එන බව සමාජ මාධ්‍ය පණිවුඩයක සඳහන් වෙනවා. මේ නිසා සමහරු කලබල වෙලා. අපි කතා කරන දේවල පුංචි පුංචි කෑලි අරගෙන මඩ ගහන්න පටන්ගෙන තිබෙනවා. ගිය ජනාධිපතිවරණයටත් පෙර කළ කතාවක කොටස් මේ වෙනුවෙන් යොදා ගන්නවා. මේ ප්‍රචාරවලට සිංහල, දෙමළ, මුස්ලිම් කිසිවකුත් රැවටෙන්නේ නැති බව ගම්පොළ නගරයේ දීත් තහවුරු වී තිබෙනවා. එළැඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් තව තවත් ධෛර්යයවත් වෙමින් රොද බඳිමු කියන ආරාධනය මම ඔබ සැම ඉදිරියේ තබනවා.
“සෑම දෙනා තුළම සිටින ප්‍රබෝධවත් මිනිසා අවදි කරමින් ජාතික ජන බලවේගය දිනවමු”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මහාචාර්ය ලියනගේ අමරකීර්ති-
මෙතෙක් ඇදහැලුණු වැස්ස තුරල් වුණා. කුඩ ඉහළාගෙන් සිටි අත් දෙක දැන් නිදහස්. අනුර සහෝදරයා තව ටිකකින් එනවා. මේ වේදිකාවේ සිට හාත්පස බලන විට ආරක්‍ෂක කටයුතු වෙනුවෙන් රාජකාරියේ නියැළී සිටින බොහෝ දෙනකු දැකගන්න පුළුවන්. ඔවුන් අද ආරක්‍ෂාව සපයන්නේ සැප්තැම්බර් 22වැනිදා මේ රටේ නියත වශයෙන්ම ජනාධිපති ලෙස තේරී පත් වන අනුර කුමාර සහෝදරයාගේ රැලියට බව සඳහන් කරන්න ඕනෑ. ගම්පොළ ආසනය වෙනුවෙන් ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 107,000ක් වෙනවා. එයින් ලක්‍ෂයක් අනුර සහෝදරයාට ලබා දීමේ අභියෝගය අපි කවුරුත් එකතු වී භාර ගනිමු. ජාතික ජන බලවේගය කියන්නේ අභියෝගවලට මුහුණ දෙන්න බය නැති, සහෝදර ජනතාව බලමුළු ගන්වන්න බය නැති බලවේගයක්.
බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙන් ලංකාව නිදහස් වුණාට පසු මෙතෙක් සිටි පාලකයන් රට විනාශ කළ පසුව නැවත මේ රට ගොඩනැඟීමේ පරිවර්තන යුගයකට අප පැමිණ සිටිනවා. ඒ වෙනුවෙන් අපේ පංතියේ, අපේ සහෝදරයෙක්, නිදහස් අධ්‍යාපන පද්ධතියෙන් බිහි වුණු බුද්ධිමතෙක් මේ රටේ ජනාධිපති බවට අපි හැමෝම එකතු වී පත් කර ගන්නවා. අපි ඉන්නේ, මේ රටේ සෑම ජනතාව තුළම සිටින ප්‍රබෝධවත් මිනිසා අවදි කරමින්, ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවීමේ අබිමුවයි. ජාතික ජන බලවේගය විසින් අපි හැමෝම තුළ නිදහස්කාමී මනුෂ්‍යයෙක් නිර්මාණය කර තිබෙනවා. මේ දුෂ්කර ඉනිමඟ මේ දක්වා පැමිණ සැප්තැම්බර් 21වැනිදා අපේම ජනාධිපතිවරයෙක් තෝරා පත් කර ගන්න පෙළගැසෙමු. අප ඇතුළේ සිටින දීනයා, පරාජිතයා, අසරණයා ඉවතට ඇදදමා පුනරුද යුගයේ ධෛර්යවන්ත මිනිසකු ලෙස සාමුහිකව ආත්ම ශක්තියෙන් නැඟිටිමු.
(-Colombo, August 21, 2024-) ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෙෝදරයා අද (21) පෙරවරුවේ ජයන්ත වීරසේකර මාවතේ පිහිටි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභා ප්‍රධාන කාර්යාලයේදී සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ ප්‍රධානී ගරු අස් සේහ් මුෆ්ති ඒ.ජේ.ඒ. රිස්වි, ගරු අස් සේහ් අර්කම් නුරඅමිත් තුමා සහ ආචාර්ය ඒ.ඒ. අහමඩ් අස්වර්තුමා හමුවිය. මේ වන විට රට තුළ […]
(-Colombo, August 21, 2024-)
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෙෝදරයා අද (21) පෙරවරුවේ ජයන්ත වීරසේකර මාවතේ පිහිටි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභා ප්‍රධාන කාර්යාලයේදී සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ ප්‍රධානී ගරු අස් සේහ් මුෆ්ති ඒ.ජේ.ඒ. රිස්වි, ගරු අස් සේහ් අර්කම් නුරඅමිත් තුමා සහ ආචාර්ය ඒ.ඒ. අහමඩ් අස්වර්තුමා හමුවිය.
මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව මුෆ්ති තුමන්ලා හා පාලක මව්ලවිතුමන්ලා සමග සාකච්ඡා කළ අතර එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන්ද අනුර කුමාර දිසානායක සහෙෝදරයා එතුමන්ලාගේ ආශීර්වාද ලබා ගත්තේය.
මෙම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් සහෝදරයාද එක් විය.
(-ජාතික ජන බලවේගයේ ගල්ගමුව මහ රැලිය – 2024.08.20-) මේ ජනාධිපති ඡන්දය මෙතෙක් රට පාලනය කළ දූෂිත පවුල් වළල්ලකින් පොදු ජනතාව අතට බලය මාරු වන ඡන්දයයි. මෙම ඡන්දෙදි මේ රටේ ජනතාවට විශාල කාර්යභාරයක් පැවරිලා තිබෙනවා. අද ගල්ගමුට රැස්වෙලා ඉන්න දහස් සංඛ්‍යාත ජනතාව දෙස බලන විට ලබන 21වැනිදාට ඔබ තිතටම වැඩේ කරන බව පැහැදිලියි. ඒක සහතිකයි. අපට […]
(-ජාතික ජන බලවේගයේ ගල්ගමුව මහ රැලිය – 2024.08.20-)
මේ ජනාධිපති ඡන්දය මෙතෙක් රට පාලනය කළ දූෂිත පවුල් වළල්ලකින් පොදු ජනතාව අතට බලය මාරු වන ඡන්දයයි. මෙම ඡන්දෙදි මේ රටේ ජනතාවට විශාල කාර්යභාරයක් පැවරිලා තිබෙනවා. අද ගල්ගමුට රැස්වෙලා ඉන්න දහස් සංඛ්‍යාත ජනතාව දෙස බලන විට ලබන 21වැනිදාට ඔබ තිතටම වැඩේ කරන බව පැහැදිලියි. ඒක සහතිකයි. අපට මේ ගම්බිම් අලුත් ඒවා නොවෙයි; හොඳට පුරුදුයි. මේ ගම්වල ඉන්න අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ එකතු වෙලා පොර බදලා අපි අපේක්ෂා කරන වෙනස ඇති කරමු. අපිට විශාල වැඩකොටසක් පැවරෙනවා. මේ රට මෙච්චර දුක්විඳින්න ඕන රටක් නොවෙයි. අපිට වඩා පහළින් හිටපු ගොඩක් රටවල් අපව පසුකර ගිහිල්ලා. දකුණු කොරියාව, වියට්නාමය අපට වඩා ගොඩක් යටින් හිටියෙ. මේ කලාපයේ බොහෝ රාජ්‍යයන් මීට අවුරුදු 50කට 60කට කලින් අපිට වඩා පහළින් හිටපු රටවල්. ඒ රටවල් අද කොච්චර ඉදිරියට ගිහිල්ලාද කිවුවොත් ජීවිතය ගැට ගසා ගැනීම සඳහා අපේ රටේ තරුණ තරුණියන්ට එදා අපට වඩා පහළින් හිටපු දකණු කොරියාවට යන්න සිද්ධ වෙලා.
අපට සිද්ධ වූ මේ විපත ස්වභාවික ව්‍යසනයක් නොවෙයි. මේක අපේ රටේ පාලකයන් විසින් හදපු ප්‍රශ්නයක්. ඒ ගොල්ලන්ට කවදාවත් අපේ රටේ ගම්බද ජනතාව ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න ඕන නැහැ. තරුණ තරුණියන්ට රැකියා දෙන්න ඕන කමක් නැහැ. අපේ ගම්වල ජනතාව ආර්ථික වශයෙන් ශක්තිමත් නම් ඒ ගොල්ලන්ගේ පස්සේ යන්න ඕන වෙන්නෙ නැහැ. ඒ නිසා එයාලට මේ ගම්වල ජනතාව හැමදාම දුප්පත්භාවයේ ඉන්න ඕනෑ. එතකොට තමයි මේ පාලකයන්ට තමන්ගේ බලය පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. මට ආරංචියි, මේ ළඟදී ස.ජ.බ. මන්ත්‍රීවරියක් ඇවිල්ලා මේ ගල්ගමුවෙ ජනතාවට මුහුණ සුදු වෙන්න ගාන්න ක්‍රීම් බෙදුවා කියලා. දැන් අපේ මේ පළාතේ ඉන්න අම්මලාට තාත්තලාට තිබෙන ප්‍රශ්නය හමේ පාටද? රුපියල් 780ක බාල ක්‍රීම් එකක්. ගාන්න එපා. මුහුණත් පිච්චෙයි. මේ විදිහට දීර්ඝ කාලයක් තිස්සේ මේ පාලකයන් මේ ජනතාව රවට්ටනවා. ඇයි ඒ? ජනතාව දුප්පත් තමන්ගේ ප්‍රශ්නේ ඒ අයට විසඳ ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා ඒ ගොල්ලෝ පස්සෙ යන්න පාර හදනවා; පොළඹවනවා. ඒ නිසා ඒ ගොල්ලෝ කිසි දවසක මේ ගම්වල තිබෙන දුප්පත්භාවය නැති කරන්නේ නැහැ; එහෙම කරන්න වුවමනාවකුත් නැහැ.
රනිල් වික්‍රමසිංහ කිවුවා මේ කුලියාපිටියේ ෆොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් අරඹනවා කියලා. කුරුණෑගල දරුවන්ට, ඒ කර්මාන්ත ශාලාවෙ රස්සා දෙනවා කිවුවා. ගොවි ජනතාවට ඩෙනිම් එකක් ඇඳන් චුයින්මගම් කකා කුඹුරු කොටන්න පුළුවන් කිවුවා. තරුණයන්ට අතේ දාන්න බ්‍රේස්ලට් දෙනවා කිවුවා. අන්තිමට අරවා මොකුත් නැහැ. ඡන්දෙ ළං වෙලා හාල් කිලෝ 10ක් බෙදනවා. අපිට දැන් ඕන මොන වගේ ආණ්ඩුවක්ද? රටත් පෝසත් කරන, ජනතාවත් පෝසත් කරන ආණ්ඩුවක්. ඒ නිසා ජාතික ජන බලවේගය හොඳට සැලසුම් කරලා තියෙවා, මේ රට කොහොමද නංවාලන්නේ, ගම්බද දුප්පත්භාවය තුරන් කරන්නේ කොහොමද කියලා. භාණ්ඩාගාරයට එන්න තිබෙන විශාල මුදල් කන්දරාවක් තිබෙනවා. ඒවා භාණ්ඩාගාරයට එන්නේ නැහැ. හිඟ බදු මුදල් විතරක් තිබෙනවා රුපියල් කෝටි එක්ලක්ෂ දහදාහක්. කාගෙද මේවා. ජොන්ස්ටන් ප්‍රනාන්දු බදු ගෙවලා නැහැ. ස.ජ.බ.ට එකතු වුණු ලක්ෂ්මන් වසන්ත පෙරේරා බදු ගෙවලා නැහැ. රනිල්ගෙ යාළුවා ඇලෝසියස් බදු ගෙවලා නැහැ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් මේ හිඟ බදු සියල්ල අයකර ගැනීමේ සැලැස්ම හදනවා.
භාණ්ඩාගාරයෙට එන ධනය භාණ්ඩාගාරයට එන්න කලින් හොරකම් කරනවා. සීනිවලට බදු ගහපුවම ඒක එන්න ඕනෑ. භාණ්ඩාගාරයට කෝටි 1100ක් එන්න කලින් හොරකම් කළා. ඒ විතරක්ද භාණ්ඩාගාරයට ආපු ධනයත් හොරකම් කරනවා. මේ රටට මේ විනාශ වෙන්න හේතුව හොරකම, දූෂණය, වංචාව හා නාස්තිය. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් මේ සියල්ල නතර කරනවා.
රනිල් වික්‍රමසිංහ මහත්තයා, ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉඳලා පාර්ලිමේන්තුවට කිලෝ මීටර 15ක් ඇති. එනකොට පිටිපස්සෙන් ඇම්බියුලන්ස් එකක් එනවා. විජේරාම හන්දියේ ඉඳන් මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට එනකොට පිටිපස්සෙන් ඇම්බියුලන්ස් එකක් එනවා. කිලෝමීටර් 10ක් වැනි දුරක්. ඇම්බියුලන්ස් එක ගෙදර නතර කරලා තිබෙන්නේ. ඒ දවස්වල ශිරන්ති රාජපක්ෂ එහෙ මෙහෙ යනකොටත් පිටිපස්සෙන් ඇම්බියුලන්ස් එකක් යනවා. දිනේෂ් ගුණවර්ධන ගෙදර ඉන්න කොට ඇම්බියුලන්ස් එක මිදුලේ. ගමේ ඉස්පිරිතාලෙ ඇම්බියුලන්ස් එකක් නැහැ. මෙන්න මේ නාස්තිය නතර කරන ආණ්ඩුවක් අපි මේ සැරේ හදනවා. මේ හොරකම් කරපු කෝටි ප්‍රකෝටි ධනය ආපසු අපි පවරා ගන්නවා. අපි කාගෙන්වත් පළිගන්නේ නැහැ. අපි ගම්වල දැන් හදලා තියෙනවා කොට්ඨාස සභා. දැන් අපි ඒ කොට්ඨාස සභා මෙහෙය වන්නේ ඡන්දෙ කරන්න. ඡන්දෙන් පස්සේ මේ කොට්ඨාස සභාව තමයි ගමේ සාමය පවත්වාගෙන යන්න වැඩකරන්නේ.
ලංකාවෙ ඡන්ද ඉතිහාසය කැත එකක්. ඡන්දෙන් පස්සේ පැරදුණු අයගේ ගෙවල් ගිනි තිබ්බා; පහර දුන්නා. ගැහැව්වා. ලංගමට වැඩට යන්න බැහැ; කළුතෙල්වලින් නාවනවා. පෙට්ට්‍රෝලියම් එකෙන් එළියට එන්න බැහැ; ගහනවා. හැබැයි අපි දිනුවට පස්සේ කිසිවෙකුට හිරිහැර කරන්න ඉඩ දෙන්නේ නැහැ. අපි මොකටද ගමේ එකට ඉන්න මිනිස්සු එක්ක ගහ ගන්නේ. ඒ ගහගත්තු යුගය අපි ඉවර කරන්න ඕනෑ. ඡන්දෙ නුදුන්න අයත් අපි එකතු කර ගන්න ඕනෑ මේ රට හදන්න. අනෙකේ පක්ෂවලට කැන්වසින් ගිය කෙනත් අපි ඒ සඳහා එකතු කර ගන්න ඕනෑ. ඒ නිසා ඡන්දෙන් පස්සේ කිසිදු හිංසනයකට, අකටයුත්තකට අපි ඉඩ තබන්නේ නැහැ. හැබැයි නීතිය හරියට ක්‍රියාත්මක කරනවා. මහජන දේපොළ හොරකම් කරපු අය පරීක්ෂණය කරන අධිකරණය හමුවට පමුණුවනවා. ඒක පළිගැනීමක් නොමෙයි; යුක්තිය ඉටුකිරීමක්. කොල්ලකාපු මහජන දේපොළ රජයට පවරා ගැනීම පළිගැනීමක් නෙමෙයි. පොදු ජනයාට සාමය ගෙනෙන ආණ්ඩුවක්. ඡන්දෙන් පස්සේ කිසිදු ප්‍රචණ්ඩ වැඩක් නොකරන ආණ්ඩුවක්. ඒ වගේම වංචනිකයන් දූෂිතයන්, අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවන ආණ්ඩුවක් තමයි ජාතික ජන බලවේගය ගොඩනඟන්නේ.
මේ ගම්වල ජනතාව දුප්පත්භාවයේ විෂම චක්‍රයක හිරවෙලා තිබෙනවා. මේ දුප්පත්භාවයට හේතු කිහිපයක් තිබෙනවා. එකක් පරම්පරාවෙන් පරම්පරාවට මේ දුප්පත්භාවය එනවා. අම්මා, තාත්තා දුප්පත් නම් දරුවනුත් දුප්පත් වෙනවා. හොඳ අධ්‍යාපයක් ලබා ගන්න හොඳ නිවසක් හදාගන්න බැරිවෙනවා. තවත් විදිහකට දුප්පත්භාවය ඇති වෙනවා. තමන් කරගෙන හිටපු ගොවිතැන කරගෙන හිටපු ව්‍යාපාරය අලි උවදුර හරි, වෙන මොකක් හරි විපත්තියක් නිසා විනාශ වෙනවා. ණය ගෙවා ගන්න බැරි වෙනවා. ඊළඟ කන්නයේ ඉඳන් දුප්පත්. තව විදිහකට දුප්පත්භාවය ඇති වෙනවා. එයා ලෙඩ වෙනවා. මිය වනවා. එතකොට ආදයම් මාර්ගය අහිමි වෙලා දුප්පත්භාවයට ඇද වැටෙනවා.
මෙන්න මේ දුප්පත්භාවයෙන් ගම්වල ජනතාව මුදා ගැනීමේ සැලැස්මක් ජාතික ජන බලවේගයේ පාලනයකට තිබෙනවා. කෘෂිකර්මාන්තය දියුණු කරලා ග්‍රාමීය පහසුකම් වැඩිකරලා ගම්බද ප්‍රදේශවල කුඩා කර්මාන්ත දියුණු කරලා ඉදිරියට යන්න ටිකක් කල් යනවා. හැබැයි එතකල් ආහාර ගන්න බැරි දරුවන්ට, උගන්නන්න බැරි, හරියට බෙහෙතක් හේතක් කර ගන්න බැරි පවුලක් ඉන්නවා නම් අඩුම රුපියල් 10,000ක දීමනාවක් මාසෙකට දෙනවා. පවුල්වල දුගීභාවයේ තත්වය අනුව එය වැඩි කරනවා. හැබැයි හැමදාටම නොවෙයි. දුප්පත්භාවය තුරන් කරන කල් විතරයි. අපට කියන්න බැහැ, දුප්පත්භාවය නැති කරන කල්, අපි රට හදන කල් කන්න නැතිව ඉන්න කියලා. රනිල් නම් කියනවා 2048දී රට හදනවලු. ඉතිං එතකල් කන්න නැතිව ඉන්න ඕනැද? එහෙම වෙන්න ඕන නැහැ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව දුප්පත් ජනතාව බලා ගන්නවා. ඊළඟට ඒ ගොල්ලන්ව දුප්පත්භාවයෙන් මුදා ගන්නවා. අපේ සැලැස්ම ඒකයි. ජාතික ජන බලවේගයේ පාලනය කියන්නේ, රටේ සියලු ක්ෂේත්‍රවලට අදාළ සැලසුම් සහිත පාලනයක්. මෙතෙක් රට පාලනය කළ ව්‍යසනකාරී පාලකයන්ගෙත් අපේ පාලනයේත් වෙනස ඒකයි. රට හැම පැත්තකින්ම දියුණු කර අපි ගොඩනඟන බවට අපි ඔබට සහතික වෙනවා.
“ජනතාවගේ දුක වේදනාව හඳුනන අනුර සහෝදරයා රටේ ජනාධිපති කළ යුතුමයි”
-ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධදාස විතානාච්චි-
ඕස්ටේ්‍රලියාවේ පහුගිය කාලේ ඉඳලා මම ආවේ, අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති කරවන්න කියලා මේ රටේ යුක්තිසහගත මිනිසුන්ගෙන් ඉල්ලා සිටින්නයි. මට ඊට සුදුසුකම් හොඳට තිබෙනවා. ඔබ සියලු දෙනා ශාප කරන 76 අවුරුද්දේ මම ජීවත්වෙලා තියෙනවා. ඒ නිසා පසුගිය දශකවල ලංකාවේ සියලු අත්දැකීම් මම අත්විඳලා තියෙනවා. මම 1965 ඉඳන් ඡන්දය පාවිච්චි කරලා තියෙනවා. තුන්වේල කන්න නැති රටක්, බංකොලොත් රටක්, ලෝකෙට ණය වෙච්ච රටක්, දහ අතේ ණය වෙමින් අභිමානය ගැන කථා කරන මෝඩ පාලකයන් ඉන්න රටක් අපිට උරුම වුණේ ඇයි කියලා මම කල්පනා කළා.
ඇයි මම ජාතික ජන බලවේගයට ඡන්දය දෙන්නේ? ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාව ජනාධිපති කරන්න ඕනෑ නිසයි. මම 1982 අවුරුද්දෙ කථා කළේ රෝහණ විජේවීර සහෝදරයා දිනවන්න. අපි පැරදුණා. හැබැයි අවුරුදු 42ට පස්සේ අපි මේවර ස්ථිර වශයෙන්ම අපේ පංතියේ මිනිහෙක්ව අපේ පාලකයා බවට පත්කරනවා. ජනතාව ලොකු වැරැද්දක් කළා. මේ අවුරුදු 76දීම ඔබලා, පාලකයා ලෙස පත් කර ගත්තේ අපේ පංතියේ මිනිහෙක් නොවෙයි. විවිධ පක්ෂවලින් විවිධ පාටවලින් විවිධ පංතිවලින් නායකයෝ ආවාට ඔබලාගේ වුවමනාව ඉෂ්ට වුණේ නැහැ. ඔබලා තෝරා ගත්තේ ප්‍රභූ යැයි සැලකූ පුද්ගලයන්. දැන් එය වෙනස් කළ යුතුයි. මහ පොළොවත් එක්ක හැප්පෙන, ඔබගේ රැහේ එකෙක් පත් කර ගන්න අවස්ථාව එනවා ලබන 21 වැනිදාට.
1982 සිට මේ දක්වා ඔබගේ ඡන්දයෙන් ගිය මිනිස්සු ‘උතුමාණන්ලා’ වුණා. ‘ශ්‍රීමතාණන්ලා’ වුණා. සිංහාසන හදා ගත්තා. රජවරු බවට පත් වුණා. අපි අපේ පංතියේ මිනිහෙක් පාලකයා බවට පත්කර නොගත්ත නිසා තමයි මේ ශාපයට ප්‍රධාන හේතුවක් වුණේ. ඒ නිසා මහජන ආණ්ඩුවක් ඇතිකර ගන්න නම් ඔබ අතරම ඉපදුණු, ඔබලා වගේ දුක්වින්ද, ඔබලාගේම පංතියේ දුක වේදනාව හඳුනන අනුර කුමාර දිසානායක සහෝදරයා රටේ ජනාධිපති කළ යුතුමයි. 1982 සිට මේ රට පාලනය කළ හැම ජනාධිපතිවරයෙක්ම මම පෞද්ගලිකවත් දන්නවා. රූපවාහිනී නිවේදකයෙක් හැටියට කටයුතු කළ නිසයි ඔවුන් කළ අපරාධ, දූෂණ, හොරකම් මම හොඳට දන්නේ. අතීතයට ශාප කිරීමෙන් අපේ තිබෙන ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අතීතයේ අපේ තිබූ අමනකම්, මෝඩකම්වලින් පාඩම් ඉගෙන ගෙන මේවර වඩා බුද්ධිමත්, නිවැරදි අදූෂිත පාලකයෙක් පත්කර ගන්න අපි තීන්දු කරන්න ඕනෑ. මේ වන විටත් ජාතික ජන බලවේගයට එකතු වුණේ නැති, හිතවත් නැති සහෝදර සහෝදරියන්ටත් මම යමක් කියන්න ඕනෑ. මේ රට මේ විදිහට විනාශ කිරීම ඇරඹුනේ 1977න් පසුයි. ධර්මිෂ්ඨ සමාජයක් හදන්න කතා කරලා ධර්ම චක්‍රය පොලීසියේ ලාංජනය කරලා අන්තිමට ධර්ම චක්‍රයේ දාලා ඔබගේ දරුවෝ 60,000ක් පමණ මේ පාලකයෝ විනාශ කර දැම්මා.
1981 සංවර්ධන සභා මැතිවරණයේදී යාපනයේ පුස්තකාලට ගිනි තිබ්බා. එතන හිටපු ඇමතිවරුන්ගෙන් එක්කෙනෙක් විතරක් දැන් ජීවතුන් අතර ඉන්නවා. එයා තමයි දැන් මේ රටේ ජනාධිපති. යාපනයේ අයට ඒක අමතක වෙලා නැතුව ඇති. අනෙක් එක්කෙනා ගැන කතාකරලත් වැඩක් නැහැ. නොමේරූ මනසක් ඇති ළාමක ළදරුවෙක් වගේ කෙනෙක් එයා. ජනාධිපතිකමට කියා ප්‍රාදේශීය සභා මන්ති්‍රීකමටවත් සුදුසු නැහැ.
පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපතිවරයෙක් ‘බැංකු හොරා’ කියලා දැන් ඉන්න ජනාධිපතිට කියන කොට දැන් කෙනා අනෙක් පැත්තට කියනවා ‘කවුද හොරා’ කියලා. එහෙම චෝදනා කර ගත්ත අය දැන් එකට වේදිකාවේ. මොන විහිළුද මේවා? ලබන සැප්තැම්බර් 21දායින් පසු අපේ අපේක්ෂකයා දිනනවාමයි. 22 වෙනිදා වෙන විට ජනාධිපති වෙනවාමයි. ඒක ස්ථිරයි.
“අපේ අනාගත පරම්පරාවට සුඛිත මුදිත රටක් හදා දිය යුතුයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආනන්ද විජේපාල-
මේ රටේ දැවැන්ත අර්බුදයක් ගොඩනැගූ රනිල් පසුගියදා අනුරාධපුර සල්ගාදු පිටියට ගිහින් කියනවා, ලබන අවුරුදු 05ත් ඔහුට දෙන්න කියලා. මේ රටේ ජනතාවට තුන්වේල කන්න නැති කරලා, රටේ සෞඛ්‍ය තත්වය ඇද වට්ටලා දූ දරුවන්ට අධ්‍යාපනය ලැබීමට තිබෙන අයිතිය ප්‍රපාතයකට ඇද දමලා තමයි ඔහු මේ ඉල්ලීම කරන්නේ. ඒ වගේම විවිධ බොරු පොරොන්දු දෙනවා. වහසි බස් දොඩමින් අපිට අවලාද නගමින් ඉන්නවා. ඔහු ප්‍රකාශයක් කරනවා, අනුර දිසානායක සහෝදරයා අනුප්‍රාප්තික ජනාපධිති ගන්න කියූ අවස්ථාවේ පැනලා කියා කියලා. මම හිතන්නේ රනිල් වික්‍රමසිංහගේ මොළේ අවුල් වෙලා. රටේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය අනතුරේ දමලා. ජනතාවට තුන්වේල කන්න නැති තත්වයක් උදා කරපු මේ රට 76 වසරක් පාලනය කරපු පාලක පරම්පරාවේ වත්මන් අනුප්‍රාප්තිකයෝ කියන පම්පෝරි කතා මේ රටේ ජනතාව තවත් විශ්වාස කරන්නෙත් නැහැ. ඉවසන්නෙත් නැහැ.
මේ රටේ මිනිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවත් මේ වන විට මේ පාලකයෝ නැති කරලා තිබෙනවා. ඒ විතරක් නොවෙයි, මේ වන විට විශ්වවිද්‍යාල සුදුසුකම් ලබන සිසුන්ගෙන් සියයට දහතුනයි විශ්වවිද්‍යාලවලට ඇතුල් කර ගන්නේ. 87%ක් අධ්‍යාපනයෙන් පිටමං කරනවා. ඒ විතරක් නොවෙයි, මුළු අධ්‍යාපන පද්ධතිය තුළම දැවැන්ත අර්බුදයක් මේ පාලකයින් විසින් නිර්මාණය කරලා. එහෙම කරපු මොවුන් තවත් අවුරුදු පහක් දෙන්න කියලා තවත් පම්පෝරි ගහනවා. අල්පෙනෙත්තක්, ඉටිපන්දමක්වත් නිෂ්පාදනය නොකරන රටේ පාලකයෝ ආර්ථිකය ගොඩ දැම්මා කියලා කියනවා. ඒ තරම් විහිළුවක් තවත් තිබෙනවාද? නීතියේ ආධිත්‍යය බිඳදමලා. දිනපතා පාරවල්වල මහා දවල් ඇවිල්ලා වෙඩි තියලා මිනිස්සු මරලා යනවා. පොලිස්පති නැති රටක්. රනිල් වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨාධිකරණය පැත්තකට දාලා වියරුවන් වගේ වැඩ කරනවා. මේක අල්ලස, දූෂණය, වපුරපු රාජ්‍යයක් කරලා. සිංහල, දෙමළ, මුස්ලිම් ජාතික සමගිය නැති කරන්න කටයුතු කළ පාලකයෝ තමයි මේගොල්ලෝ. මේක අපේ රටේ ජනතාව සිහිබුද්ධියෙන් තීන්දු තීරණ ගන්න ඕනෙ අවස්ථාවක්.
අද සජිත්ගේ වේදිකාවේ මොනවද කියන්නේ. ඩිලාන්ලා, නාලක ගොඩහේවලා, සූජීව සේනසිංහලා වගේ වංචාකාරයො හොරු, දූෂිතයො වේදිකාවේ තියාගෙන සජිත් කියනවා, රට හදන්න ඒගොල්ලන්ට දෙන්න කියලා. මේක සරල බල හුවමාරුවක් සිදුවන අවස්ථාවක් නොවෙයි. දැවැන්ත සාමාජීය, ආර්ථික, දේශපාලන පරිවර්තනයකට රට යොමු කරන්න තිබෙන අවස්ථාවක්. යුග පෙරළියක් සිදුවන අවස්ථාවක්. ඒකට අපි සූදානම් වෙමින් සිටින අවස්ථාවක්. ගල්ගමුවෙ ජනතාව කියන්නේ මහ පොළව සමග හැපෙමින් කටුක ජීතවියක් ගත කරන ජනතාවක්. අපි මේ කටුකත්වයෙන් මිදෙන්න ඕනෑ. අපේ අනාගත පරම්පරාවට සුඛිත මුදිත රටක් හදලා දෙන්න ඕනෑ.ලබන 21 වැනිදා අනුර සහෝදරයා ඉදිරියේ කතිරය ගසා මාලිමාව දිනවා එයට අවශ්‍ය තීන්දුව මේ රටේ ජනතාව ගනීවි යැයි කියන දැඩි විශ්වාසය අපිට තිබෙනවා.