(-Colombo, September 24, 2024-) මෙරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය. මේ අතර අද පත්කෙරුණු කැබිනට් අමාත්‍යධූර පහත පරිදි වේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 01 ආරක්ෂක 02 මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක […]
(-Colombo, September 24, 2024-)
මෙරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.
මේ අතර අද පත්කෙරුණු කැබිනට් අමාත්‍යධූර පහත පරිදි වේ
ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
01 ආරක්ෂක
02 මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක
03 බලශක්ති
04 කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත්
ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය
05 අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු
06 අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ
07 කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා
08 වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන
09 සෞඛ්‍ය
විජිත හේරත් මහතා
10 බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය
11 ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා
12 මහජන ආරක්ෂක
13 විදේශ කටයුතු
14 පරිසර, වනජීවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
15 ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම්
පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක, වෛද්‍ය නලින්ද ජයතිස්ස , වසන්ත සමරසිංහ යන මහත්වරුන්ද, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආර්ක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එච්.එස්. තුයියකොන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(-Colombo, September 24, 2024-) ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ. හම්බන්තොට රන්න මහා විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන වෛද්‍ය නජිත් ඉන්දික මහතා කොළඹ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය සම්පුර්ණ කර ඇත. පසුගිය වසර 05 තුළ රජයේ රෝහල් කිහිපයක වෛද්‍යවරයෙක් සහ […]
(-Colombo, September 24, 2024-)
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.
හම්බන්තොට රන්න මහා විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන වෛද්‍ය නජිත් ඉන්දික මහතා කොළඹ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය සම්පුර්ණ කර ඇත.
පසුගිය වසර 05 තුළ රජයේ රෝහල් කිහිපයක වෛද්‍යවරයෙක් සහ ආයතන භාර වෛද්‍ය නිලධාරියෙකු ලෙස ඔහු සේවය කළේය.
වෛද්‍ය නජිත් ඉන්දික මහතා ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක් සහ දේශපාලන ක්‍රියාකාරියෙකි.
(-Colombo, September 23, 2024-) නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (23) පස්වරුවේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. බොරැල්ල අගරදගුරු නිල නිවස වෙත පැමිණි ජනාධිපතිවරයා අගරදගුරු හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය. මෙහිදී අදහස් දැක්වූ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ, ශ්‍රී […]
(-Colombo, September 23, 2024-)
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (23) පස්වරුවේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
බොරැල්ල අගරදගුරු නිල නිවස වෙත පැමිණි ජනාධිපතිවරයා අගරදගුරු හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.
මෙහිදී අදහස් දැක්වූ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ,
ශ්‍රී ලංකාවේ වැඩිම ජනතාවකගේ කැමැත්තෙන් ජනාධිපති ධූරයට පත් අනුර කුමාර දිසානායක මහතාට මම සුබ පතනවා. මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාව තුළ අවශ්‍යම වෙනසක් ඇති කිරීමේ භාරදූර වගකීම එතුමාගේ කර මතට රටේ ජනතාව විසින් පවරා තිබෙනවා. මෙය භාරදූර හා දූෂ්කර කටයුත්තක් විය හැකියි. අප එතුමාට අපේ සම්පූර්ණ සහයෝගයත්, ආශිර්වාදයත් ඒ සඳහා ලබාදෙන බවට ප්‍රතිඥා දෙනවා. විශේෂයෙන් මෙරට දිළිදු ජනතාව පිළිබඳ නිතරම සිතමින් ඔබතුමාගේ කටයුතු ඉදිරියට කරගෙන යන ලෙස මා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.
මෙහිදී මාධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ සඳහන් කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට සහ එහි සත්‍ය හෙළිදරව් කර ගැනීමට අවශ්‍ය පදනම සකස් කර දීමට උපරිම ශක්තියෙන් කටයුතු කරන බවට ජනාධිපතිතුමා තමන්ට සහතික වූ බවයි.
කොළඹ සහායක රදගුරුතුමන්ලා වන අතිඋතුම් මැක්ස්වෙල් සිල්වා රදගුරුතුමා, ජේ.ඩී. ඇන්තනී රදගුරුතුමා, ඇන්ටන් රංජිත් පියතුමා, කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමා, කොළඹ අගරදගුරු පදවියේ පරිපාලක, කාදිනල් හිමිපාණන් වහන්සේගේ පරිපාලක ලේකම් ජොශප් ඉන්දික පියතුමා, අගරදගුරු පදවි භාණ්ඩාගාරික ජූඩ් සමන්ත ප්‍රනාන්දු පියතුමා ඇතුළු පියතුමන්ලා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක, ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(-Colombo, September 23, 2024-) අභිනව ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (23) පස්වරුවේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය. දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණි අභිනව ජනාධිපතිවරයාව දළදා මාළිගාවේ දියවඩන නිළමේ නිලංග දෑල මහතා විසින් සාම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබීය. අනතුරුව දළදා සමිඳුන් අභියස ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිවරයා වෙත මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා […]
(-Colombo, September 23, 2024-)
අභිනව ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (23) පස්වරුවේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.
දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණි අභිනව ජනාධිපතිවරයාව දළදා මාළිගාවේ දියවඩන නිළමේ නිලංග දෑල මහතා විසින් සාම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබීය.
අනතුරුව දළදා සමිඳුන් අභියස ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිවරයා වෙත මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද පළ කළහ.
ජනාධිපතිවරයා ඓතිහාසික දළදා මාළිගා පරිශ්‍රයේ තැන්පත් කර තිබූ විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
(-Colombo, September 23, 2024-) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 (1) වන අනු ව්‍යවස්ථාවේ බලය ප්‍රකාරව ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඩී.ඩබ්ලිව්. ආර්. බී. සෙනවිරත්න මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කොට ඇත. රවී සෙනවිරත්න මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරියෙකි. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන ඒ මහතා […]
(-Colombo, September 23, 2024-)
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 (1) වන අනු ව්‍යවස්ථාවේ බලය ප්‍රකාරව ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඩී.ඩබ්ලිව්. ආර්. බී. සෙනවිරත්න මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කොට ඇත.
රවී සෙනවිරත්න මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරියෙකි. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන ඒ මහතා විශේෂ කාර්ය බලකායේ ආරම්භක සාමාජිකයෙකු ලෙසද, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂක, තායිලන්ත ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ හිටපු පළමු ලේකම් හා ඉන්ටර්පෝල් ශ්‍රී ලංකා ශාඛාවේ හිටපු ප්‍රධානී ලෙසද කටයුතු කර ඇත.
(-Colombo, September 23, 2024-) ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ගුවන් හමුදාවේ විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් එච්.එස්. සම්පත් තුයියකොන්ත මහතා පත් කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 (I) අනු ව්‍යවස්ථාවේ බලය ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත. චීන ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ විද්‍යාපති […]
(-Colombo, September 23, 2024-)
ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ගුවන් හමුදාවේ විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් එච්.එස්. සම්පත් තුයියකොන්ත මහතා පත් කර තිබේ.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 (I) අනු ව්‍යවස්ථාවේ බලය ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.
චීන ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ විද්‍යාපති උපාධිධාරීයෙකු වන තුයියකොන්ත මහතා කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ විද්‍යාපති උපාධිධාරීයෙකි.
එම්අයි 24 ප්‍රහාරක හෙලිකොප්ටර් බල ගණයේ හිටපු අණදෙන නිලධාරී, අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී, චීන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපති, පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමාසාරිස් කාර්ලයාලයේ හිටපු ආරක්ෂක උපදේශක හා කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී හා ගුවන් හමුදා මූලස්ථානයේ හිටපු පුහුණු අධ්‍යක්ෂ ද වන තුයියකොන්ත මහතා වීර වික්‍රම විභූෂණ, රණ වික්‍රම හා රණශූර පදක්කම් ද දිනා ගෙන ඇත.