Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවීන්ට ලබා දෙන ලෙස ජනපතිගෙන් උපදෙස්

(-Colombo, October 10, 2024-) කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (10) උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව අක්කර පහකට නොවැඩී ඉඩම් මෙලෙස ලබා දීමට නියමිත අතර, ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙසට ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. ජනාධිපති […]

(-Colombo, October 10, 2024-)

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (10) උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව අක්කර පහකට නොවැඩී ඉඩම් මෙලෙස ලබා දීමට නියමිත අතර, ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙසට ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ නිලධාරින් හමු වූ අවස්ථාවේදීය.

විෂයභාර අමාත්‍යවරයා ලෙස මෙහිදී අදාළ අමාත්‍යාංශවල ක්‍රියාකාරිත්වය සහ ප්‍රගතිය විමසූ ජනාධිපතිවරයා ඉදිරි සැලසුම් පිළිබඳව ද සාකච්ඡා කළේය.

කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ, ඉඩම් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් හේමසිරි ලියනගේ යන මහත්වරු ඇතුළු අදාළ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මීට එක්ව සිටියහ.

Show More

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණ දෙන නිලධාරී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වෙයි.

(-Colombo, October 10, 2024-) එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. ඉන්දියන් සාගරය තුළ දිනෙන් දින ඉහළ යන ආරක්ෂක අභියෝගවලට මුහුණ දීම, සමුද්‍රීය […]

(-Colombo, October 10, 2024-)

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

ඉන්දියන් සාගරය තුළ දිනෙන් දින ඉහළ යන ආරක්ෂක අභියෝගවලට මුහුණ දීම, සමුද්‍රීය කලාප පිළිබඳ දැනුවත්භාවය වැඩිදියුණු කිරීම සහ ආපදා සඳහා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වැඩිදියුණු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මත්ද්‍රව්‍ය ජාවාරම සහ ත්‍රස්තවාදය වැනි ජාත්‍යන්තර තර්ජනවලට එරෙහිව සටන් කිරීමේදී ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන බවට සහතික වූ අද්මිරාල් කොහ්ලර් මහතා මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ශ්‍රී ලංකාව දරන අඛණ්ඩ උත්සාහයන් ද ඇගයීමට ලක් කළේය.

නාවික අංශයේ මිනිස්බල පුහුණුව සඳහා එක්සත් ජනපදයේ සහාය අඛණ්ඩව ශ්‍රී ලංකාවට ලබා දෙන බවටද එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණ දෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් මහතා ජනාධිපතිවරයා වෙත සහතික විය.

Show More

තුර්කි – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරමින් තුර්කි තානාපති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වෙයි

(-Colombo, October 10, 2024-) ➢ ශ්‍රී ලාංකිකයින්ට තුර්කිය තුළ රැකියා අවස්ථා වැඩි කිරීමට අවධානය තුර්කි ජනරජයේ තානාපති සෙමි ලූට්ෆූ ටර්ගට් (Semih Lütfü Turgut) මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. පසුගිය ජනාධිපතිවරණයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් මෙහිදී සිය හෘදයාංගම සුබපැතුම් එක් කළ තානාපතිවරයා තුර්කි […]

(-Colombo, October 10, 2024-)

➢ ශ්‍රී ලාංකිකයින්ට තුර්කිය තුළ රැකියා අවස්ථා වැඩි කිරීමට අවධානය

තුර්කි ජනරජයේ තානාපති සෙමි ලූට්ෆූ ටර්ගට් (Semih Lütfü Turgut) මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

පසුගිය ජනාධිපතිවරණයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් මෙහිදී සිය හෘදයාංගම සුබපැතුම් එක් කළ තානාපතිවරයා තුර්කි ජනාධිපති රිචෙප් තයියීප් එර්දොවාන් (Recep Tayyip Erdogan) මහතාගේ සහ තුර්කි ජනතාවගේ සුබපැතුම් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

තුර්කි ජනපති එර්දොවාන් මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත එවනු ලැබූ සුබ පැතුම් පණිවිඩයේ මෙසේ සඳහන් විය. “ඔබතුමා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වීම පිළිබඳව මම මගේ රට සහ ජනතාව වෙනුවෙන් මේ අවස්ථාවේදී සුබපැතුම් එක් කරමි. එසේම ඔබගේ ධුරයෙහි සාර්ථකත්වය කරා ළඟාවීමට ඔබට හැකි වේවා යැ’යි මම ප්‍රාර්ථනා කරමි. ඔබගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩපිළිවෙළ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවට සාමය සහ සමෘද්ධිය ඇති කරලීමටත්, ඔවුන් ශක්තිමත් කිරීමටත් ඉවහල් වනු ඇතැයි මම අවංකවම බලාපොරොත්තු වෙමි.”

තුර්කිය සහ ශ්‍රී ලංකාව අතර සංචාරක, රැකියා සහ වෙළෙඳාම යන ක්ෂේත්‍රයන්හි සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා තුර්කි තානාපතිවරයා සමඟ සාකච්ඡා කළේය.

තුර්කියේ සංක්‍රමණික ශ්‍රම බලකාය සඳහා වන ඉල්ලුම ඉහළ යමින් තිබෙන බව මෙහිදී තුර්කි තානාපතිවරයා පෙන්වා දුන් අතර විවිධ ක්ෂේත්‍රයන් තුළ ඉදිරියේදී ශ්‍රී ලාංකිකයන්ට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් උදා කර දෙන බවටද සහතික විය.

තුර්කි ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් වර්ධනය කර ගනිමින් තුර්කිය වෙත ශ්‍රී ලංකාවේ තේ අපනයනය පුළුල් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවදුරටත් පුළුල් කරගැනීමට ද තානාපතිවරයා විසින් එකඟතාව පළ කරන ලදී.

තුර්කි – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරලීම සංකේතවත් කරමින් තුර්කියේ නිල සංචාරයකට එක්වන ලෙසද තුර්කි තානාපති සෙමි ලූට්ෆූ ටර්ගට් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ආරාධනා කළේය.

Show More

පලස්තීන තානාපතිවරයා ජනපති හමු වෙයි. ශ්‍රී ලංකාව විසින් පලස්තීනය වෙත පෑ දිගුකාලීන මිත්‍රත්වය ඇගයේ.

(-Colombo, October 10, 2024-) ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා (Hisham Abu Taha) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. මෙම හමුවේදී තානාපති අබු තාහා මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය සුබපැතුම් පිළිගන්වනු ලැබූ අතර පලස්තීන රජය සහ ජනතාව වෙනුවෙන් ද ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා […]

(-Colombo, October 10, 2024-)

Palestinian Ambassador Greetings President Dissanayake

ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා (Hisham Abu Taha) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

මෙම හමුවේදී තානාපති අබු තාහා මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය සුබපැතුම් පිළිගන්වනු ලැබූ අතර පලස්තීන රජය සහ ජනතාව වෙනුවෙන් ද ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා සුබ පැතුම් පිරිනැමීය.

Palestinian Ambassador Discussion With President Dissanayake

ශ්‍රී ලංකාව විසින් දීර්ඝ කාලීනව පලස්තීනය වෙත දක්වනු ලබන සහයෝගය අගය කළ තානාපතිවරයා, පලස්තීනය මුහුණ පෑ ජාත්‍යන්තර ගැටලුවලදී ශ්‍රී ලංකාව විසින් අනුගමනය කරන ලද ස්ථාවර ක්‍රියාමාර්ගයන් පිළිබඳව ද සිය කෘතඥතාව පළ කළේය. අනාගතයේ දී ද ශ්‍රී ලංකාවේ මිත්‍රත්වය සහ සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට පලස්තීනය අපේක්ෂා කරන බව ද තානාපතිවරයා විසින් අවධාරණය කෙරිණි.

Palestinian Ambassador And Team With President Dissanayake

පලස්තීන ජාතිකයින් මුහුණ පා සිටින වීසා ගැටලු සම්බන්ධයෙන් කරුණු දැක් වූ තානාපති අබු තාහා මහතා දෙරට අතර මානව සබඳතා ශක්තිමත් කරලීම අරමුණු කොටගෙන මෙම සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන් ඉල්ලීමක් කළේය.

මෙම හමුවේ දී, ශ්‍රී ලංකාව සහ පලස්තීනය අතර පවතින ශක්තිමත් සබඳතා මෙන්ම ද්විපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කර ගැනීම සඳහා දෙපාර්ශවයේ ම කැපවීම තහවුරු කෙරිණි.

Show More

බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් මහතා ජනපති අනුර කුමාර දිසානායක මහතා හමු වෙයි

(-Colombo, October 10, 2024-) ➢ වරණීය වෙළෙඳ ගිවිසුම තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයේම එකඟතාවය‍ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. මෙම හමුවේදී මහ කොමසාරිස් එලියස් මහතා විසින් ජනාධිපතිවරණයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබා ගත් ජයග්‍රහණය පිළිබඳව සිය සුබපැතුම් […]

(-Colombo, October 10, 2024-)

➢ වරණීය වෙළෙඳ ගිවිසුම තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයේම එකඟතාවය‍

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

මෙම හමුවේදී මහ කොමසාරිස් එලියස් මහතා විසින් ජනාධිපතිවරණයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබා ගත් ජයග්‍රහණය පිළිබඳව සිය සුබපැතුම් එක් කළ අතර බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානී මුහම්මද් යුනුස් මහතාගේ සුබපැතුම් ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිරිනමන ලදී.

මෙහිදී ජනාධිපතිවරයා සහ බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා දෙරට අතර පවතින වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළහ.

බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා සහ ජනාධිපති දිසානායක මහතා බංග්ලාදේශය තුළ ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීම සහ එහි සේවය කරන සැලකිය යුතු තරම් වූ ශ්‍රී ලාංකික ශ්‍රම බලකාය පිළිබඳව ද මෙහි දී විශේෂයෙන් සාකච්ඡා කරන ලදී. තව ද දෙරට අතර වන ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ ඇති වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධාරණය කෙරිණි.

එසේම වෙළෙඳ සහ ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීම අරමුණු කරගෙන ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවතින වරණීය වෙළෙඳ ගිවිසුම (PTA) ශක්තිමත් කර ගැනීම සඳහා කටයුතු කරන බවට ද ජනාධිපතිවරයා සහ මහ කොමසාරිස්වරයා මෙම සාකච්ඡාවේදී සහතික වූහ. ‍

දෙරට අතර පවතින සමීප ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමටත්, දෙරට අතර විවිධ අංශයන්හි සහයෝගීතාව පුළුල් කර ගැනීමටත් මෙම හමුවේදී විශේෂ අවධානය යොමු විය.

Show More

පාකිස්ථාන මහ කොමසාරිස්වරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වෙයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීම කෙරෙහි අවධානය.

(-Colombo, October 10, 2024-) ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත සිය උණුසුම් සුබපැතුම් පිළිගැන්වූ පාකිස්ථාන මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාව සමඟ ඇති සබඳතා ශක්තිමත් කර ගැනීමේ […]

(-Colombo, October 10, 2024-)

Pakistan High Commissioner Greetings President Anura Kumara Dissanayake

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත සිය උණුසුම් සුබපැතුම් පිළිගැන්වූ පාකිස්ථාන මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාව සමඟ ඇති සබඳතා ශක්තිමත් කර ගැනීමේ පාකිස්ථානයේ කැපවීම ද අවධාරණය කළේය.

Pakistan High Commissioner Discuss With The President Anura Kumara Dissanayake

ශ්‍රී ලංකා පාකිස්ථාන දීර්ඝකාලීන සබඳතාව මෙහිදී සිහිපත් කළ පාකිස්ථාන මහකොමසාරිස්වරයා පාකිස්ථාන ජනාධිපති අසීෆ් අලි සර්දාරි මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත එවනු ලැබූ විශේෂ සුබ පැතුම් පණිවිඩය ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

එම සුබපැතුම් පණිවිඩයේ පකිස්ථාන ජනාධිපතිවරයා මෙලෙස සඳහන් කර තිබේ. “ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර වන සමීප සබඳතාව මම බෙහෙවින් අගය කරමි. ප්‍රජාතන්ත්‍රවාදය, බහුත්වවාදය, නීතියේ ආධිපත්‍යය, අන්‍යෝන්‍ය අවබෝධය සහ ගෞරවය යන කරුණු මත පදනම් වී ඇති අපගේ සහයෝගීතාව තුළින් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා ඔබ සමඟ සමීපව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි. එය අප දෙරටේම සුබ සිද්ධිය සඳහා හේතු වන බව මගේ විශ්වාසයයි.”

Pakistan High Commissioner See Documents With President Anura Kumara Dissanayake

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර දීර්ඝකාලීන දේශපාලන සහ ආරක්ෂක සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳ මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්ථාන මහ කොමසාරිස්වරයා සාකච්ඡා කළ අතර ආරක්ෂක ක්ෂේත්‍රයේදී පකිස්ථානයේ සහාය නොමඳව ශ්‍රී ලංකාව‍ට ලබා දෙන බවට මහ කොමසාරිස්වරයා සහතික විය.

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර පවතින සහයෝගීතාව පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි. දැනට වෛද්‍ය අධ්‍යාපනය සඳහා ශ්‍රී ලාංකික සිසුන්ට පාකිස්ථානයේ ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කෙරෙන අතර ඉදිරියේදී කෘෂිකර්මය සහ තොරතුරු තාක්ෂණය යන ක්ෂේත්‍රයන් සඳහා ද අවස්ථා ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.

Pakistan High Commissioner And The Team Discuss With The President Anura Kumara Dissanayake

ග්‍රාමීය දරිද්‍රතාව මැඩලීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාවේ පශු සම්පත් ක්ෂේත්‍රය සංවර්ධනය සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට ඇති හැකියාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ඇති ශක්තිමත් සබඳතාව මෙම හමුවේදී තවදුරටත් තහවුරු කෙරුණු අතර විවිධ ක්ෂේත්‍ර ඔස්සේ එම සබඳතා වර්ධනය කරගැනීමට දෙපාර්ශ්වයේම අවධානය යොමු විය.

Pakistan High Commissioner And President Anura Kumara Dissanayake
Show More