ආර්ථික අර්බුදයත් සමඟ දැවැන්ත සමාජ අනාරක්ෂිතභාවයක් ව්‍යාප්ත වෙමින් තිබෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි, ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. එම අනාරක්ෂිත භාවයෙන් දරුවන් සහ ස්ත්‍රීන් බරපතළ අනතුරක් අත්විඳින අතර දරුවන්, ස්ත්‍රීන් සහ වැඩිහිටි ජනතාව ඉතාමත්ම බැරෑරුම් ලෙස බැටකමින් සිටින බවත් මෙම සමාජ පරිහානිය ආර්ථික පරිහානියෙන් වෙන්කරවා තේරුම් ගත නොහැකි බවත් මන්ත්‍රිවරිය පෙන්වා […]
ආර්ථික අර්බුදයත් සමඟ දැවැන්ත සමාජ අනාරක්ෂිතභාවයක් ව්‍යාප්ත වෙමින් තිබෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි, ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
එම අනාරක්ෂිත භාවයෙන් දරුවන් සහ ස්ත්‍රීන් බරපතළ අනතුරක් අත්විඳින අතර දරුවන්, ස්ත්‍රීන් සහ වැඩිහිටි ජනතාව ඉතාමත්ම බැරෑරුම් ලෙස බැටකමින් සිටින බවත් මෙම සමාජ පරිහානිය ආර්ථික පරිහානියෙන් වෙන්කරවා තේරුම් ගත නොහැකි බවත් මන්ත්‍රිවරිය පෙන්වා දෙයි.
මෑත ඉතිහාසයේ පාවාදීම් රැසකට ජනතාව මුහුණ දුන් අතර විශේෂයෙන් 2015 යහපාලනය කියා ජනතාව පෙළ ගස්වා යහපාලනය වචනය පවා එපාවන තැනකට පාවාදීමක් කළ බවත් 2019දී ජාතික ආරක්ෂාව සහ ජාතික ස්වෛරීත්වය යන සටන් පාඨ පාවිච්චි කරමින් නැවතවතාවක් ජනතාව පාවා දුන් බවත් පැවැසූ මන්ත්‍රිවරිය සඳහන් කළේ මෙම පාවාදීම් දෙකෙන්ම බැට කෑ ජනතාව නොයෙක් ආකාරයට අද විස¾දුම් සොයමින් සිටින බවයි.
ඇය අවධාරණය කළේ ඒ පාවාදීමට හසුනොවී විශේෂයෙන්ම 1977න් පසු සිදුකර තිබෙන වෙනසක් සමඟ නිර්මාණය කළ අර්බුදවලට විකල්ප විස¾දුමක් හැටියට ජාතික ජන බලවේගය ක්‍රියාකරන බවත් මේ වටා එකතු වන ලෙස සියලුම දෙනාට ආරාධනා කරන බවත්ය.
මෙම සමාජ අනාරක්ෂිතභාවය ඇති වූයේ තම තමන් දශක ගණනාවක් මනාපය ලබාදී පත්කළ ආණ්ඩු මඟින් රටට වූ විවිධාකාර බලපෑම්වලින් බව ජනතාව අවබෝධ කර නොගන්නා තෙක් විස¾දුමක්ද නොමැති බව අමරසූරිය මහත්මිය වැඩිදුරටත් පැවැසුවාය.
ශ්‍රී ලාංකේය ඉතිහාසය තුළ අපි වරින් වර විවිධ අර්බුද අවධීන්වලට මුහුණ දී ඇත්තෙමු. නමුත් ඒ අන් කිසිම අවධියක ඇති නොවූ ආර්ථික අර්බුදයකට සහ එමගින් තීව්‍ර කරන ලද සමාජ ගැටලු ගණනාවකට අද අප මුහුණ දෙමින් සිටින බව නොරහසකි. භාණ්ඩාගාර ලේකම්වරයා ඇතුළු අදාළ රාජ්‍ය නිලධාරීන් මෙන්ම මුදල් ඇමතිවරයා සහ වෙළඳ ඇමතිවරයාද විසින් කරන ලද යම් යම් ප්‍රකාශවලින් […]
ශ්‍රී ලාංකේය ඉතිහාසය තුළ අපි වරින් වර විවිධ අර්බුද අවධීන්වලට මුහුණ දී ඇත්තෙමු. නමුත් ඒ අන් කිසිම අවධියක ඇති නොවූ ආර්ථික අර්බුදයකට සහ එමගින් තීව්‍ර කරන ලද සමාජ ගැටලු ගණනාවකට අද අප මුහුණ දෙමින් සිටින බව නොරහසකි. භාණ්ඩාගාර ලේකම්වරයා ඇතුළු අදාළ රාජ්‍ය නිලධාරීන් මෙන්ම මුදල් ඇමතිවරයා සහ වෙළඳ ඇමතිවරයාද විසින් කරන ලද යම් යම් ප්‍රකාශවලින් ඒ බව වඩාත් හොඳින් තහවුරු වේ. ඣඪෂෘ 19 වසංගතය විසින් මෙම අර්බුදය තීව්‍ර කිරීමට පෙර සිටම අපේ රට මේ අගාධය වෙත ගමන් කරමින් සිටි බව විවිධ සංඛ්‍යා ලේඛනවලින් සනාථ කළ හැකිය. අවුරුදු 73ක් පුරා ලංකාව විසින් අනුගමනය කරන ලද වැරදි ආර්ථික ප්‍රතිපත්ති සහ උපායමාර්ගයන් මෙන්ම දූෂිත හා බලලෝභී වංක දේශපාලනඥයනුත් මීට වගකිව යුතු බව දැන් අපට රහසක් නොවේ. 1978දී හඳුන්වා දුන් නව ලිබරල් ආර්ථිකය සහ විදේශීය ණය මත මවා පෑ සංවර්ධනයද මෙම අභාග්‍යසම්පන්න ගමන වේගවත් කරවීය.
නිෂ්පාදන ආර්ථිකයක් ඉලක්ක කරගත් ජන සහභාගීත්ව හා පරිසර හිතකාමී සංවර්ධන උපායමාර්ගයන් සහ එම ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ සාධාරණ ලෙස සමාජයේ සියලු කණ්ඩායම් වෙත ගලායන වැඩපිළිවෙළක් තුළින් සිදුකරනු ලබන සමාජ ආර්ථික පද්ධතියේ ගැඹුරු හා පුළුල් පරිවර්තනයකින් මිස මෙම අර්බුදය වෙනත් කෙටි මං ඔස්සේ ජයගත නොහැකි බව ඉතා පැහැදිලිය.
අප හමුවේ ඇති ප්‍රබලතම අභියෝගය වන්නේ, එම පුළුල් සමාජ පරිවර්තනය වෙත ජනතාව මෙහෙයවිය හැකි හා එම සමාජ පරිවර්තනය සඳහා පුළුල් දැක්මක් ඇති විශ්වසනීය දේශපාලන ව්‍යාපාරය කුමක්ද යන්න නිවැරදිව හඳුනා ගැනීමය.
ලාංකේය දේශපාලන ඉතිහාසය තුළ රට බේරා ගැනීම සඳහා රජුන් සහ රැජිනියන්, මහත්වරුන් සහ මහත්මීන් හා ඉන්ද්‍රජාලිකයන් වරින් වර කරළියට පැමිණි බව අපි දැක ඇත්තෙමු. නමුත් ඒ සියලු දෙනා අනුගමනය කළ එකම වැරදි හා විනාශකාරී ආර්ථික ප්‍රතිපත්ති සහ උපායමාර්ග නිසාත් එම කණ්ඩායම් සමග අත්වැල් බැඳගෙන සිටි වංක හා දූෂිත කල්ලි කණ්ඩායම් නිසාත් රට තව තවත් අඳුරු අගාධය වෙත තල්ලු වී යාම වළක්වාලීමට ඒ කිසිම කුමාරයෙකුට හෝ කුමාරිකාවකට, මහත්මයෙකුට හෝ මහත්මියකට, ඉන්ද්‍රජාලිකයෙකුට හෝ මැජික්කරුවෙකුට නොහැකි විය. අවසානයේ මේ සියලු දූෂිත මහත්ම මහත්මීන්, රජුන් සහ රැජිනයන් එකිනෙකා ආරක්ෂා කරමින් එකිනෙකාගේ වුවමනා එපාකම් ගැන පමණක් කටයුතු කළ බවද අපට දැන් පැහැදිලිය.
දූෂිත පවුලක් සහ ඔවුන්ගේ ඥාති හිතවතුන් වටා ගොඩනැගුණු වැඩවසම් දේශපාලන කල්ලියකට රටකට කළ හැකි විනාශයේ තරමටම හෝ ඊටත් වඩා වැඩි විනාශයක් ප්‍රජාතන්ත්‍රවාදයේ සහ යහපාලනයේ ව්‍යාජ සළු ඇඳගත් මහත්ම මහත්මීන් කණ්ඩායමකටද කළ හැකි බව අත්දැකීම් විසින් අපට ඉතා හොඳින් කියා දී ඇත.
ඒ නිසා අද රටට අවශ්‍යව ඇත්තේ,
ජාතික ජන බලවේගය
2021 අගෝස්තු 01
රට ගොඩනැඟීම බලගන්වන ප්‍රධානතම මහජන ව්‍යාපාරය බවට ජාතික ජන බලවේගය පත්කිරීමේ දැවැන්ත කාර්යය ආරම්භ කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි. ඒ සඳහා රටේ ප්‍රගතිශීලී ව්‍යාපාර සහ සංවිධාන සමඟ සාකච්ඡා කරමින් සිටින බවද දිසානායක මහතා පැවැසීය. ඊයෙ (1දා) ඇතුල්කෝට්ටේ පිහිටි සෝලීස් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවැසූ අතර […]
රට ගොඩනැඟීම බලගන්වන ප්‍රධානතම මහජන ව්‍යාපාරය බවට ජාතික ජන බලවේගය පත්කිරීමේ දැවැන්ත කාර්යය ආරම්භ කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි.
ඒ සඳහා රටේ ප්‍රගතිශීලී ව්‍යාපාර සහ සංවිධාන සමඟ සාකච්ඡා කරමින් සිටින බවද දිසානායක මහතා පැවැසීය.
ඊයෙ (1දා) ඇතුල්කෝට්ටේ පිහිටි සෝලීස් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවැසූ අතර ඊට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, මහාචාර්යවරුන්, වෛද්‍යවරුන්, නීතිඥයන්, පරිසරවේදීන්, කලාකරුවන් ඇතුළු සිවිල් හා බහුජන ක්‍රියාකාරකයන් විශාල පිරිසක් සහභාගි වූහ.
දිසානායක මහතා වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේය.
“වර්තමාන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමත්, පාර්ලිමේන්තු මැතිවරණයේදී 2/3කට ආසන්න බලයක් ලබාදීමත් තුළ සැඟවී තිබුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කෙරෙහි ජනතාව තුළ ගොඩනැඟී තිබුණු විශ්වාසය සහ 2015 – 2019 ආණ්ඩුව ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීමත් කියන කරුණු දෙක. මේ කරුණු දෙකම වර්තමාන ආණ්ඩුවට ලැබුණු ඡන්ද ප්‍රතිඵලයේ ගැබ්වෙනවා. හැබැයි බලය අරගෙන අවුරුදු
1 1/2කට වැඩි කාලයක් ගත වෙලා. රට ගොඩනඟාවි කියන බලාපොරොත්තුවත් සහිතව ඡන්දය දුන් බොහෝ පිරිසක් අද කලකිරීමට, රැවටීමකට භාජන වීම නිසා, විරෝධයක් එල්ල වී තිබෙනවා. මෑත කාලයේ ඉතා කෙටි කාලයක් තුළ ජනතා අප්‍රසාදයට සහ විරෝධයට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය ලක්වී තිබෙනවා.
ඔහුගේ පෞද්ගලික දුබලතාවන් රැසක් තිබුණත් මෙය තනිකරම ඔහුගේ පෞද්ගලික දුබලතාවක් නොවේ. දිගු කාලයක් තිස්සේ අනුගමනය කරන ලද ආර්ථික දේශපාලන ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක්. ජනාධිපතිවරයාගේ කාලය තුළ එය තීව්‍ර කෙරෙනවා පමණයි. මේ විදිහට තවදුරටත් අපේ රටට සහ ජනතාවට අනාගතයක් නැහැ. අපේ රටේ ගැඹුරුතම ආර්ථික අර්බුදය ණය කේන්ද්‍රගත කරමින් නිර්මාණය වී තිබෙනවා. භාණ්ඩාගාරයට ලැබෙන ආදායම් ණය වාරික සහ පොලී ගෙවීමටත් ප්‍රමාණවත් නැහැ. වර්ෂයක් තුළ උපයා ගන්නා ඩොලර් ණය පොලී වාරික ගෙවීමටත් ප්‍රමාණවත් නොවෙන තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. මේ නිසා ආණ්ඩුව අධික ලෙස මුදල් මුද්‍රණය කරනවා. වර්තමාන ආණ්ඩුව පාලනය ගත් පසු රුපියල් ටි්‍රලියනයක මුදල් අච්චු ගහල තිබෙනවා. මේ සතියේ එක් දිනකදී බිලියන 200 ඉක්මවූ මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කළා.
අනික් පැත්තෙන් තවදුරටත් චීනය, ඉන්දියාව, බංගලිදේශයෙන් පවා ණය ඉල්ලමින් සිටිනවා. මේ අර්බුදය ඇති කරන ලද ණය පාරේම තවදුරටත් ගමන් කරමින් සිටිනවා. ඊට අමතරව ජාතික දේපළ විකිණීම ආණ්ඩුවේ තුන්වැනි විස¾දුම බවට පත්කරගෙන තිබෙනවා. කෙරවලපිටිය බලාගාරය, වරාය භූමියේ අක්කර 13කට ආසන්න ප්‍රමාණයක් චීන සමාගමකට ලබාදීම, සෙලෙන්දිවා ආයතනය ගොඩනඟලා අපේ රටේ වාණිජ සහ පෞරාණික වටිනාකම්වලින් ඉහළම ගොඩනැඟිලි සහ ඉඩම් විකිණීමට සූදානම් වෙනවා. ඔවුන් අර්බුදය විසඳීමේ මාවත බවට පත්කරගෙන තිබෙන්නේ ණය ගැනීම, විකිණීම සහ මුදල් අච්චු ගැසීමයි. මේ මාර්ගය ඉතා කෙටි කාලයකින් නැවත අර්බුදය තීව්‍ර කරනවා. ජනතාව මුහුණ දෙමින් සිටින ආර්ථික ගැටලුවලට නිවැරදි උපායමාර්ග ඔවුන්ට නොමැති බව, පැරැණි යල්පිනූ අසාර්ථක ගමන් මාර්ගයේම ගෝඨාභය රාජපක්ෂලා වේගයෙන් ගමන් කරමින් සිටිනවා.
එසේම සමාජ අර්බුද විශාල ගණනාවක් නිර්මාණය කෙරෙමින් තිබෙනවා. නීතියේ හා විධානයේ ආධිපත්‍යය බිඳවැටීම, අධිකරණය කෙරෙහි තිබූ විශ්වාසය බිඳ වැටීම තුළින් සමාජ අර්බුද රැසක් පවතිනවා. අපේ රටේ ආර්ථික සහ සමාජ අර්බුද අති විශාල ප්‍රමාණයක් මේ යුගයේ ඇතිකර තිබෙනවා. අපි මේ රටේ පුරවැසියන්ගෙන් අහන්නේ මේ ආකාරයට තවදුරටත් යා යුතුද කියලයි. අප විඳින මේ විනාශයේ ප්‍රතිඵල අපේ දරුවන්ට අත්පත් කර දිය යුතුද? ජාතික ජන බලවේගය විදිහට අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මෙය වෙනස් කිරීම සඳහා එකතුවන්න කියලා. ජාතික ජන බලවේගයේ අපි මේ රට ගොඩනැඟීම සඳහා භාරගන්න සූදානම්. ඒ සඳහා දැක්මක්, වැඩපිළිවෙළක්, කැපකිරීමක්, අප සතුව තිබෙනවා. අගාධයට යමින් තිබෙන රට ගොඩනැඟීමට අපට හැකියාව තිබෙන බවට දැඩි විශ්වාසයක් තිබෙනවා. එය ගොඩනැඟිය හැකියි.
මේ සඳහා බලය අත්පත් කර ගත යුතුයි. මේ රටේ පුරවැසියන් දශක ගණනාවක් විවිධ පාලනයන් ගොඩනඟා තිබෙනවා. එහි අවසන් ප්‍රතිඵලය ජනතාව අපේක්ෂාභංගත්වයට පත්වීම, ජනතාවට දුන් පොරොන්දු මුළුමනින්ම සුනුවිසුනු කොට දැමීමක්. ජනතාවට දේශපාලනය එපා වෙනතරමට අපේක්ෂා භංගත්වයට පත්කර තිබෙනවා. අපි ඉල්ලා සිටින්නේ “ඔබ මේ රට වෙනස් කිරීම සඳහා ජාතික ජන බලවේගය වටා ඒකරාශී වෙන්න” කියලා. අපේ රටේ ප්‍රගතිශීලී ව්‍යාපාර සහ සංවිධාන එක්ක සාකච්ඡා කරමින් මේ රට ගොඩනැඟීමේ ප්‍රධානතම මහජන ව්‍යාපාරය බවට ජාතික ජන බලවේගය පත්කරමින් තිබෙනවා.
මේ රට ගොඩනැඟිය යුතුයි. යහපත් රාජ්‍යයක් බවට පත්කළ යුතුයි. ඒ සඳහා වගකීම භාරගන්න ජාතික ජන බලවේගය සූදානම්. අපි තවදුරටත් බලපෑම් කණ්ඩායමක සිටීම පමණක් නොව බලය හුවමාරු කර ගැනීමේ කණ්ඩායමක් දක්වා පරිවර්තනය වීමට අපි සූදානම්. බලය අරමුණු කර ගත් දේශපාලන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න අපි ලෑස්තියි. ඒ සඳහා මේ රටේ ජනතාවට ජාතික ජන බලවේගය වටා ඒකරාශී වන ලෙස ආරාධනා කරනවා.”
සම්පූර්ණ මාධ්‍ය හමුව (වීඩියෝ) – https://www.facebook.com/anurakumara/posts/1926646194156485
“මේ වන විට ඇතිවී තිබෙන අර්බුදය කොවිඩ් වසංගතය නිසා ඇති වූවක් නොවෙයි. අවුරුදු 73ක් පුරා මේ රටේ පාලකයන් අනුගමනය කරන ලද ආර්ථික දේශපාලනික ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක්. මෙයින් ගොඩ ඒමට නම් මේ මාර්ගයෙන් අප වෙනස් විය යුතුයි. ඒ වෙනස් කිරීමේ අධිෂ්ඨානය සහ හැකියාව තිබෙන පිරිසක් රට පාලනය කිරීම අවශ්‍යයි. ආර්ථික අර්බුදය මෝරායෑම නිසා සමාජ අර්බුදයක් නිර්මාණය වී […]
“මේ වන විට ඇතිවී තිබෙන අර්බුදය කොවිඩ් වසංගතය නිසා ඇති වූවක් නොවෙයි. අවුරුදු 73ක් පුරා මේ රටේ පාලකයන් අනුගමනය කරන ලද ආර්ථික දේශපාලනික ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක්. මෙයින් ගොඩ ඒමට නම් මේ මාර්ගයෙන් අප වෙනස් විය යුතුයි. ඒ වෙනස් කිරීමේ අධිෂ්ඨානය සහ හැකියාව තිබෙන පිරිසක් රට පාලනය කිරීම අවශ්‍යයි. ආර්ථික අර්බුදය මෝරායෑම නිසා සමාජ අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා. දූෂණය දැඩිලෙස පැතිරීම, ඒ දූෂණය තමන්ගේ පාලකයන් විසින් සිදුකිරීම, කිසිම විශ්වාසයක් නැති වීම, ජනතාව අත්දකිමින් සිටි බරපතළ සමාජ අර්බුදයක්.
මෙවැනි අර්බුදවලට විසඳුම් සෙවිය යුත්තේ විකල්ප වැඩපිළිවෙළක් තුළින් පමණයි. රටේ සම්පත් විකිණීමේ භයානක ප්‍රතිපත්ති වෙනුවට විකල්ප වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතුයි. ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස අද ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කප්පාදු කරමින් පවතිනවා. ඒ නිසා මේ රට ගොඩනැඟීමේ සටන ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථිකය ගොඩනැඟීමේ සටන් දෙකේම ඒකාබද්ධ වීමක්. අද හැම ආයතනයක්ම හමුදාකරණයට ලක්කරමින් ප්‍රජාතන්ත්‍රවාදය අකුලමින් තිබෙනවා. ජනතා විරෝධය මර්දනය කිරීමට ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සටන ආර්ථිකය වෙනස් කිරීම සඳහා සටනින් වෙනස් කරන්න බැහැ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථිකය වෙනස් කර නව සමාජයක් ගොඩනැඟීම වෙනුවෙන් ජාතික ජන බලවේගය වටා ඒකරාශී විය යුතුයි කියලා අපි අවධාරණය කරනවා. අපි සියලු දෙනා ඒකරාශී වී මේ ගමන යා යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථිකය ගොඩනැඟීම සඳහා එක සටනක් ගෙන යා යුතුයි. ඒ සඳහා එකතු වෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”
“මෑත ඉතිහාසයේ පාවාදීම් රැසකට ජනතාව මුහුණ දුන්නා. 2015 යහපාලනය කියලා ජනතාව පෙළ ගස්වලා ඒ වචනය පවා එපාවන තැනකට පාවාදීමක් කළා. 2019දී ජාතික ආරක්ෂාව සහ ජාතික ස්වෛරීත්වය කියන සටන් පාඨ පාවිච්චි කරමින් නැවත වතාවක් ජනතාව පාවා දුන්නා. මේ පාවාදීම් දෙකෙන්ම බැට කෑ ජනතාව නොයෙක් විදිහට විස¾දුම් සොයනවා. මේ නිසා අවුරුදු 73ක් අනුගමනය කළ ගමන් මාර්ගය වෙනස් […]
“මෑත ඉතිහාසයේ පාවාදීම් රැසකට ජනතාව මුහුණ දුන්නා. 2015 යහපාලනය කියලා ජනතාව පෙළ ගස්වලා ඒ වචනය පවා එපාවන තැනකට පාවාදීමක් කළා. 2019දී ජාතික ආරක්ෂාව සහ ජාතික ස්වෛරීත්වය කියන සටන් පාඨ පාවිච්චි කරමින් නැවත වතාවක් ජනතාව පාවා දුන්නා. මේ පාවාදීම් දෙකෙන්ම බැට කෑ ජනතාව නොයෙක් විදිහට විස¾දුම් සොයනවා. මේ නිසා අවුරුදු 73ක් අනුගමනය කළ ගමන් මාර්ගය වෙනස් කිරීමේ අවශ්‍යතාව ජනතාවට හොඳින්ම දැනී තිබෙනවා. මේ තත්ත්වය තුළ පරණ බලවේගම අලුත් වීමේ මුවාවෙන් ආයෙත් ජනතාව නොමඟ යවන්න, නැවත වරක් ජනතාව පාවාදීමට සංවිධානය වන ලකුණු දකින්න පුළුවන්.
ඒ පාවාදීමට හසුනොවී විශේෂයෙන්ම 1977න් පස්සේ සිදුකර තිබෙන වෙනසක් එක්ක නිර්මාණය කළ අර්බුදවලට විකල්ප විස¾දුමක් හැටියට ජාතික ජන බලවේගය ක්‍රියා කරනවා. මේ වටා එකතු වෙන්න කියලා සියලුම දෙනාට ආරාධනා කරනවා. මේ සමාජ පරිහානිය ආර්ථික පරිහානියෙන් වෙන්කරවා තේරුම් ගන්න බැහැ. ආර්ථික අර්බුදය විසින්ම තමයි සමාජ පරිහානියක් නිර්මාණය වී තිබෙන්නේ.
අපි යෝජනා කරන්නේ පුද්ගල නිදහස සහ අනන්‍යතාව ආරක්ෂා කරන ගමන් සහයෝගීතාව සහ මානව සම්බන්ධතා තුළින් එකිනෙකා රැකබලා ගන්නා, එකිනෙකා කෙරෙහි සංවේදී වන සමාජයක් ගොඩනැඟිය යුතු බවයි. මේ ආර්ථික ක්‍රමවේදය තුළ ඒ වෙනුවෙන් උත්තර නැහැ. මේ ආර්ථික ක්‍රමය සමාජ සම්බන්ධතා බිඳ දුරස් කරනවා. මේ නිසා ආර්ථික, සංස්කෘතික සහ දේශපාලන වෙනස් කිරීම වෙනුවෙන් නායකත්වය දෙන්න ජාතික ජන බලවේගය සූදානම්. නැවත වරක් පාවාදීම්වලට හසු නොවී, පරණ කතා අලුත් වචනවලින් ඉදිරිපත් කිරීමට හසු නොවී, ඇත්ත වෙනසක් සඳහා අපිත් එක්ක එකතුවෙන්න කියන ආරාධනාව කරනවා.”
இலங்கையின் வரலாற்றில், நாம் பல்வேறு பொருளாதார நெருக்கடிகளை அவ்வப்போது எதிர்கொண்டுள்ளோம். ஆனால் இன்று நாம் வரலாற்றில் இதுவரை சந்தித்திராத பாரிய பொருளாதார நெருக்கடி ஒன்றினையும், அதன் விளைவாக தீவிரமடைந்துள்ள பலதரப்பட்ட சமூகப் பிரச்சனைகளையும் எதிர்கொண்டு வருகின்றோம் என்பது ஒரு இரகசியமல்ல. திறைசேரியின் செயலாளர் உட்பட சம்பந்தப்பட்ட அரச அதிகாரிகள், நிதி அமைச்சர் மற்றும் வர்த்தக அமைச்சர் போன்றோர் அவ்வப்போது வெளியிட்ட பற்பல அறிக்கைகளில் இருந்து இது மேலும் தெளிவாக உறுதிப்படுத்தப்படுகிறது. ஊழஎனை 19 தொற்றுநோய் மூலம் இந்த […]
இலங்கையின் வரலாற்றில், நாம் பல்வேறு பொருளாதார நெருக்கடிகளை அவ்வப்போது எதிர்கொண்டுள்ளோம். ஆனால் இன்று நாம் வரலாற்றில் இதுவரை சந்தித்திராத பாரிய பொருளாதார நெருக்கடி ஒன்றினையும், அதன் விளைவாக தீவிரமடைந்துள்ள பலதரப்பட்ட சமூகப் பிரச்சனைகளையும் எதிர்கொண்டு வருகின்றோம் என்பது ஒரு இரகசியமல்ல. திறைசேரியின் செயலாளர் உட்பட சம்பந்தப்பட்ட அரச அதிகாரிகள், நிதி அமைச்சர் மற்றும் வர்த்தக அமைச்சர் போன்றோர் அவ்வப்போது வெளியிட்ட பற்பல அறிக்கைகளில் இருந்து இது மேலும் தெளிவாக உறுதிப்படுத்தப்படுகிறது. ஊழஎனை 19 தொற்றுநோய் மூலம் இந்த நெருக்கடி தீவிரமடைவதற்கு முன்பே எமது நாடு அதளபாதாளத்தை நோக்கிச் சென்று கொண்டிருந்தது என்பதை பல்வேறு புள்ளிவிவரங்கள் மூலம் உறுதிப்படுத்த முடியும். 73 ஆண்டுகளாக இலங்கை பின்பற்றிய தவறான பொருளாதாரக் கொள்கைகள் மற்றும் உத்திகள் என்பவற்றுடன் ஊழல் மற்றும் அதிகார பேராசை கொண்ட ஏமாற்று அரசியல்வாதிகளும் இதற்குக் காரணம் என்பது இன்று வெளிப்படை. 1978ல் அறிமுகப்படுத்திய திறந்த பொருளாதாரம் மற்றும் வெளிநாட்டுக் கடன்களில் கற்பனை செய்யப்பட்ட அபிவிருத்தி போன்றன இந்த துரதிருஷ்டவசமான பயணத்தை மேலும் துரிதப்படுத்தின.
உற்பத்திப் பொருளாதாரமொன்றை இலக்காகக் கொண்ட மக்கள் பங்கேற்பு அதேபோல் சுற்றுச்சூழல் பாதிப்பற்ற வளர்ச்சி உத்திகள் மற்றும் அந்த பொருளாதார வளர்ச்சியின் நன்மைகள் என்பன சமூகத்தில் உள்ள அனைவருக்கும் நியாயமாக சென்றடையும் ஒரு திட்டம். அதன் மூலம் மேற்கொள்ளப்படும் சமூக-பொருளாதார அமைப்பின் பரந்த மற்றும் ஆழமான மாற்றத்துடன் அன்றி இந்த நெருக்கடியை சமாளிக்க வேறு எந்த குறுக்குவழி மூலமும் சாத்தியமில்லை என்பது மிகத் தெளிவானது.
அந்த பரந்த சமூக மாற்றத்திற்கு மக்களை வழிநடத்தும் மற்றும் அந்த சமூக மாற்றத்திற்கான பரந்த பார்வை கொண்ட ஒரு நம்பகமான அரசியல் இயக்கம் எது என்பதை சரியாக அடையாளம் காண்பதே எமக்கு முன்னால் உள்ள மிகப் பெரிய சவாலாகும்.
இலங்கையின் அரசியல் வரலாற்றில், நாட்டை காப்பாற்ற அரசர்கள், ராணிகள், ஆண்கள் பெண்கள் மற்றும் மந்திரவாதிகள் அவ்வப்போது முன்னால் வருவதை நாம் பார்த்திருக்கிறோம். ஆனால் அவர்கள் அனைவரும் பின்பற்றிய ஒரேவிதமான தவறு என்னவெனில் தவறான மற்றும் அழிவுகரமான பொருளாதாரக் கொள்கைகள் மற்றும் உத்திகளும், அவர்களுடன் கைகோர்த்திருந்த நேர்மையற்ற மற்றும் ஊழல் கும்பல்களாலும் நாடு மென்மேலும் இருண்ட பள்ளத்தை நோக்கி தள்ளப்படுவதை தடுத்து நிறுத்த அவர்கள் எவராலும் முடியவில்லை. இறுதியில், இந்த அனைத்து ஊழல் நிறைந்த கனவான்களும் சீமாட்டிகளும், ராஜாக்களும் ராணிகளும் ஒருவருக்கொருவர் அவரவர்களைப் பாதுகாத்து, ஒருவருக்கொருவர் தத்தமது விருப்பு வெறுப்புகள் பற்றி மட்டுமே கவனித்தும் கொண்டனர் என்பது இப்போது எமக்குத் தெளிவாக உள்ளது.
ஊழல் குடும்பம் ஒன்றும், அவர்களது உற்றார் உறவினர்களைச் சுற்றி கட்டியெழுப்பப்பட்ட நிலப்பிரபுத்துவ (குநரனயட) அரசியல் கும்பலும் ஒரு நாட்டுக்குச் செய்ய முடியுமான அழிவின் அளவுக்கு அல்லது அதைவிடவும் ஒரு பேரழிவை ஜனநாயகம் மற்றும் நல்லாட்சி என்ற போலியான போர்வையில் கனவான்கள் சீமாட்டிகள் குழுவொன்றாலும் செய்ய முடியும் என்ற அனுபத்தை நாம் சிறப்பாகவே பெற்றிருக்கிறோம்.
எனவே, இன்று நாட்டுக்கு தேவைப்படுவது
மேற்கூறிய நோக்கங்களை பின்பற்றி சமூக – பொருளாதார அரசியல் அமைப்பில் ஆழமான மற்றும் பரந்த மாற்றம் ஒன்றிற்கு இலங்கையை உட்படுத்தி வீழ்ச்சியடைந்துள்ள நெருக்கடியிலிருந்து மீட்டெடுப்பது என்பது மிகவும் கடினமானதொரு பணி. அதற்காக ஒரு கூட்டு முயற்சியின் மூலம் அனைத்து தேசிய இனங்கள், மதக் குழுக்கள் மற்றும் சமூகப் பிரிவுகளையும் அரவணைத்து ஒரு சமூக மாற்றத்திற்கு இட்டுச் செல்லும் ஆற்றலுடைய ஒரு அரசியல் இயக்கத்தை உருவாக்குவது என்பதுவும் மாபெரும் சவாலாகும்.
தேசிய மக்கள் சக்தியாக இந்த சவாலான அரசியல் இயக்கத்தை வழிநடத்தும் திறன் எங்களிடம் இருப்பதாக நாங்கள் நம்புகிறோம். அதேபோல் அது ஒரு பரந்த பொது மக்கள் இயக்கமாக தொடர்ந்தும் வளர வேண்டும் என்பதையும் நாங்கள் தாழ்மையுடன் ஒப்புக்கொள்கிறோம். அனைத்து முற்போக்கு அரசியல் கட்சிகள், மத மற்றும் சிவில் சமூக அமைப்புகள், தொழிற்சங்கங்கள், மாணவர் அமைப்புகள், பெண்கள் மற்றும் இளைஞர் அமைப்புகள் மற்றும் தனிநபர் குழுக்களையும் ஒன்றிணைத்து அந்த சமூக மாற்றத்திற்காக உழைக்கின்ற ஒரு பாரிய மக்கள் இயக்கத்தை உருவாக்கும் பொருட்டு மத்திய தலையீட்டின் சவாலை ஏற்க தேசிய மக்கள் சக்தி தயாராக உள்ளது என்பதையும் தெரிவித்துக்கொள்கிறோம்.
அந்த உயர்ந்த மக்கள் இயக்கத்தை கட்டியெழுப்பும் பொருட்டு தேசிய மக்கள் சக்தியுடன் கைகோர்க்குமாறு அனைத்து முற்போக்கு அரசியல் சக்திகளிடமும் நாங்கள் கேட்டுக்கொள்கின்றோம் ஃ அழைப்பு விடுக்கின்றோம்.
தேசிய மக்கள் சக்தி
01ளவ யுரபரளவ 2021