Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
தேசிய மக்கள் சக்தி

சிதைவடைந்த தாய் நாட்டை

வளமான நாடு - அழகான வாழ்க்கை

சிக்கலை முன்வைக்கவும்

பிரச்சனையைக் கேளுங்கள்
Roshan Nanayakkara

කලක පටන් සෑම පුරපසලොස්වක දිනකම යාපනයේ තිස්ස විහාරය ඉදිරිපිට එය ඉවත්කර ගන්නා ලෙස බලකරමින් දෙමළ දේශපාලන පක්ශයක කිහිප දෙනෙක් උද්ගෝශන කරයි ආගම් අතර අසමගිය ඇති නොවීමටත් මෙවැනි විහාර රැක ගැනීමටත් ගන්නා පියවර කුමක්ද?

Admin

ඔබගේ ගැටළුව සහ අදහස අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතිකත්වයන් අතර වන දුරස්වීම් අවම කර ජාතික සමගිය ඇති කිරීම ජාතික ජනබලවේගයේ ඒකායන අරමුණයි. ඔබ විසින් පෙන්වා දී ඇති ගැටළුව දෙස අප අවධානය යොමු කරන්නේද මෙම පදනම තුළ පිහිටායි. ජාතික ජනබලවේගය විසින් එළි දක්වන ලද පොහොසත් රටක්...ලස්සන ජිවිතයක් ...ප්‍රතිපත්ති ප්‍රකාශණයේ 228 වැනි පිටුවේ ශ්‍රී ලාංකේය ජාතියක්.....විශ්විය පුරවැසියෙක් .... මැයෙන් ජාතික සමගිය පිළිබඳව අපගේ වැඩපිළිවෙළ ඉදිරිපත් කර තිබේ. මේ පිළිබඳව ඔබට වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් අපගේ වෙබ් අඩවිය වන www.npp.lk වෙබ් අඩවියට පිවිස අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය ඔබට බාගත කළ හැකිය.

ඒ සඳහා පහත සබැඳියන් භාවිතා කරන්න. 
https://www.npp.lk/si/policies
https://www.npp.lk/ta/policies
https://www.npp.lk/en/policies

ඔබගේ ගැටළු අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

Ayesh Bandara

ඇත්තටම මම හිතන්නෙ මගේ ප්‍රශ්නය එන්න ඕනි category එක transport වගේ දෙයක් වෙන්න ඕනි. නමුත් එහෙම category එකක් නැති නිසා මෙහෙම දාන්නෙ. මගේ ප්‍රශ්නය තමයි අර්ධ සුඛෝපබ්පොගී ගියලා ජනතාවගෙන් ගසාකන බස් මාෆියාව සහ කිසි ප්‍රමිතියකින් තොරව හිතුන හිතුන ගණන් අය කරන ත්‍රී රෝද රථ ඇතුළු කුලී රථ මාෆියාව සම්බන්ධයෙන් ඔබ ක්‍රියාමාර්ගයක් ගන්නවද?

Admin

ඔබගේ ගැටළුව අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගය විසින් එළි දක්වන ලද පොහොසත් රටක්...ලස්සන ජිවිතයක් ...ප්‍රතිපත්ති ප්‍රකාශණයේ 169 වැනි පිටුවේ සිට ඉදිරියට මහජන ප්‍රවාහන සේවාවක්.....කාර්යක්ෂම ගමනාන්තයක්... මැයෙන් අපගේ ප්‍රවාහන ප්‍රතිපත්තිය ඉදිරිපත් කර තිබේ. එහි රටේ සමස්ථ ප්‍රවාහනය සහ එම පද්ධතිය කාර්යක්ෂම සහ ඵලදායි කිරිම පිළිබඳව වන අපගේ ප්‍රතිපත්ති සහ යෝජනා පැහැදිළිව දක්වා ඇත. සැමට සුව පහසු ප්‍රවාහන අයිතිය සහතික කෙරෙන වැඩපිළිවෙළක් මෙම ප්‍රතිපත්තිය තුළ දක්වා ඇත. එමෙන්ම ජාතික ජනබලවේගය සිය පාලන තන්ත්‍රයක් යටතේ ප්‍රවාහනය ප්‍රතිව්‍යුහගතකිරීමට ප්‍රමුඛතාවය දී කටයුතු කරනු ඇත. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අපගේ වෙබ් අඩවිය වන www.npp.lk වෙබ් අඩවියට පිවිස ඔබට බාගත කළ හැකිය. ඒ සඳහා පහත සබැඳියන් භාවිතා කරන්න. 
https://www.npp.lk/si/policies
https://www.npp.lk/ta/policies
https://www.npp.lk/en/policies ඔබගේ අදහස් අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.