Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
தேசிய மக்கள் சக்தி

2024
ஜனாதிபதித் தேர்தல்

வளமான நாடு - அழகான வாழ்க்கை

சிக்கலை முன்வைக்கவும்

பிரச்சனையைக் கேளுங்கள்
Ganindu

මම රුහුණ AHS එකේ ශිෂ්‍යයෙක්. මේපාර exam timetable එක කලින් තිබ්බේ 19. ඊයේ 25 උනා ඒක. දැන් දුර ලමයි 21 ජන්දේ දාන්න යන්නෙ නෑ. ආයේ ගිහින් ඉක්මනට එන්න වෙන හින්දා. රුපියල් 4000ක් විතර යනවා.) මේක කඩාකප්පල් ක්‍රියාවක් ද කියලා හොයලා බලන්න.

Admin

ඔබ විසින් යොමු කරන ලද තොරතුරට අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. ඔබ විසින් යොමු කර තිබෙන මෙම තොරතුර ජාතික ජනබලවේගයේ මැතිවරණ මෙහෙයුම් කමිටුව වෙත යොමු කරන ලද බව කාරුණිකව දන්වා සිටිමු.

ඉදිරියේදී මැතිවරණයට අදාල මෙවැනි පැමිණිලි පහත ආකාර වලින් අපගේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය වෙත යොමු කළ හැකියි.

Email: [email protected]
Whatsapp: 0714356301
Call: 0112796388

නැවතත් ඔබ විසින් අප වෙත යොමු කරන ලද තොරතුර පිළිබඳව අපගේ ස්තූතිය පිරිණනමු.

Anonymous

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වී NPP ඊළඟ මහ මැතිවරණයෙන් ජය ගනී යැයි උපකල්පනය කළහොත්, මෙම වසර අගදී සිය පළමු අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට අවශ්‍ය විය හැකිය. NPP හි පළමු වසර සඳහා පදනම සකසන බැවින් මෙම අයවැය තීරණාත්මක වනු ඇත. මේ මොහොත සඳහා NPP වසර ගණනාවක් සැලසුම් කර ඇති හෙයින්, පක්ෂය සතුව අයවැය කෙටුම්පතක් සූදානම් කර තිබේද? මීට අමතරව, මෙම කෙටුම්පත මැතිවරණයට පෙර ප්‍රසිද්ධියට පත් නොකිරීමට හේතු මොනවාද? සාම්ප්‍රදායික ප්‍රකාශනවල බොහෝ විට නිශ්චිත කාල නියමයන් සහ මූල්‍ය තොරතුරු නොමැති අතර, NPP ක්‍රියාත්මක කිරීමට අදහස් කරන සංයුක්ත සැලසුම් ඡන්දදායකයින්ට අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය කරයි. අයවැය යෝජනා සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් කටයුතු කිරීමෙන් පක්ෂයේ ප්‍රමුඛතා සහ මූල්‍ය උපාය මාර්ග පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගත හැකිය.

Admin

ඔබ විසින් යොමු කරන ලද අදහසට සහ පැනයට අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. ජාතික ජනබලවේගය පාලනයක් යටතේ වන පළමු අය වැය ලේඛනය මේ වසරේ අග භාගයේදි ඉදිරිපත් කිරිමට මේ වන විට නියමිතව ඇත. ඒ් සඳහා හොඳ සූදානමක් අප සතුව ඇත. ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය අවසන් වු විගස, වඩාම විද්‍යානුකූල අය වැයක් 2025 වෙනුවෙන් ඉදිරිපත් කිරීමට අප කටයුතු කරන බවත්, ඊට අදාල තොරතුරු අදාල කාලයේදි ජනතාවට ඉදිරිපත් කරන බවත් කාරුණිකව ඔබ වෙත දන්වා සිටිමු. නැවතත් ඔබ විසින් අප වෙත යොමු කරන ලද අදහස සහ පැනය පිළිබඳව අපගේ ස්තුතිය පිරිණනමු.

D.m weerasuriya

රාජ්‍ය සේවකයින් විශාල පිරිසක් ණය බරින් පෙලේ අර්තික අර්බුදය සමග කලින් තිබුනු වියදම් කලමනාකරනය දුස්කර විි ඇත එම නිසා පොලිය අඩු කිරීම සතාවර හෝ පවතින පොලියට නය ගත් අයගේ නැතිනමි නය වාරිකය 10000ත් 15000ත්්හෙ හෝ ගැලපෙන අගයකින් අඩු කිරිිම

Admin

ඔබ විසින් යොමු කරන ලද අදහසට අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. රාජ්‍ය සේවකයින් මේ වන විට මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා පිළිබඳව ජාතික ජනබලවේගය ඉතා හොඳ අවබෝධයක සිටි. ඔබ විසින් පෙන්වා දි ඇති රාජ්‍ය සේවකයින්ගේ ණය පිළිබඳ ප්‍රශ්නය පිළිබඳව මේ වන විටත් අපගේ අවධානය යොමුව ඇත. නුදුරේදිම පිහිටුවන ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ ඔබ පෙන්වා දි ඇති මෙම ගැටළුව සාධාරණ ලෙස විසඳීමට කටයුතු කරන බව කාරුණිකව දන්වා සිටිමු. නැවතත් ඔබ විසින් අප වෙත යොමු කරන ලද අදහස පිළිබඳව අපගේ ස්තුතිය පිරිණනමු.

Yasindu pramod

පක්ෂයේ සාමාජිකයකු වන්නේ කෙසේද ?

Admin

ඔබ විසින් යොමු කරන ලද පැනයට අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. ජාතික ජනබලවේගය විසින් මේ වන විට රට පුරා කොට්ඨාශ මට්ටමින් ජාතික ජනබලවේගයේ කොට්ඨාශ සභා පිහිටුවා තිබේ. ඔබ නියෝජනය කරන ඡන්ද කොට්ටාශයේ ජාතික ජනබලවේගයේ කොට්ඨාශ සභාවේ නියෝජිතයෙකු හමු වි ඔබගේ අවශ්‍යතාවය පෙන්වා දෙන්න. ඔවුන් ඔබට නිසි මග පෙන්වීම සිදු කරනු ඇත. නැවතත් ඔබ විසින් අප වෙත යොමු කරන ලස පැනය පිළිබඳව අපගේ ස්තුතිය පිරිණනමු.

ඩයන් ලක්ෂාන්

ජාතික ජන බලවේගය අනෙකුත් දේශපාලන පක්ෂ වලට වඩා වෙන්ස් එකක් වන්නේ කෙසේද?

Admin

ඔබ විසින් යොමු කරන ලද පැනයට අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. ජාතික ජන බලවේගය යනු මේ වන විට ශ්‍රි ලංකාවේ නිර්මණය වී තිබෙන පුළුල්තම මහජන බලවේගයයි. ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන මෙන්ම ප්‍රගතිශිළි සමාජ ක්‍රියාකාරින් රැසකගේ ඒකතුවෙන් මෙම මහජන බලවේගය නිර්මාණය වි තිබේ. වසර 76 ට අදික කාලයක් තිස්සේ අපේ රට මුහුණු දෙන සකළ විධ අභියෝගයන් ජය ගැනිමේ අරමුණෙන් අපි මේ වන විට සමාජය තුළ කටයුතු කරමින් සිටින අතර රට තුළ සැබෑ වෙනසක් බලාපොරොත්තුවෙන් මහජනතාව පෙළ ගස්වමින් කටයුතු කරමින් සිටිමු. ඔබගේ පැනය යොමු කිරීම පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පුද කරමු.