Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
தேசிய மக்கள் சக்தி

2024
ஜனாதிபதித் தேர்தல்

வளமான நாடு - அழகான வாழ்க்கை

சிக்கலை முன்வைக்கவும்

பிரச்சனையைக் கேளுங்கள்
Sameera Madhusanka Wijesiri

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන් ස්ථාන මාරු ලබා ගැනීමේ උග්‍ර අර්බුදයක් ඇත. බහුතරයක් තම නිවස පිහිටි නගරය නොවන වෙනත් නගර තුල පිහිටි විශ්ව විද්‍යාල තුල සේවය කරනු ලබයි කරුනාකර නැවත පත් වීම් කිසිලෙසකින් හෝ දීමට ප්‍රථම මුලු රාජ්‍ය සේවයේම අභ්‍යන්තර මාරු වීම් සධහා අවස්තාව ලබා දී සිටින්න දරු පව්ල් විශාල සංඛ්‍යාවකගේ අනාගතය වෙනුවෙනි . ජයම පතමි

Admin

ඔබගේ යෝජනාව අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ඔබගේ මෙම යෝජනාව ජාතික ජනබලවේගයේ විධායක කමිටුව සහ මැතිවරණ මෙහෙයුම් කමිටුව වෙත යොමු කර ඇත. ඔවුන් ඊටමැදිහත් වීම සිදු කරනු ඇත. ඔබගේ අදහස අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

H H M Dishan Dahampriya

මෙක ප්‍රශ්නයක් නෙවෙයි, ක්‍රිප්ටොකරන්සි BIT COIN ETH ... , EPF ETF වලටත්, දිස්ත්‍රික් මට්ටමින් මෙවැනි coin වර්ග හඳුන්වා දීමෙනුත් අප රටට විදේශිකයින් පහසුවෙන් ආකර්ශනය කරමින් රට තුල විශාල මුදල් ප්‍රමානයක් ගෙන්වා ගැනීමක් කල හැකියි. වටිනාකමක් ඇති මුදල් ගෙන්වාගනනිමු! ඩොලර් වල වටිනාකම නැතිවෙමින් පවතින නිසා.

Admin

ඔබගේ යෝජනාව අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. මෙම අදහස ජාතික ජනබලවේගයේ විධායක කමිටුව සහ මැතිවරණ මෙහෙයුම් කමිටුව වෙත යොමු කර ඇත. ඔවුන් ඊට අදාල මැදිහත් වීම සිදු කරනු ඇත. ඔබගේ අදහස අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

jayantha hathnagoda

අනුර සහෝදරයා මධ්‍යයට නිකුත්කල සඝ සමුළුවෙන් පසු දුර්මත යනුවෙන් සදහන් කල ලිපිය ඇත්තද? එසේ නම් ආගම් නිසා රට පසුගාමී වුනා යනුවෙන් අදහස් කලේ කුමක්ද? ජපානය හා සසදා බලන්න. රට වැටීමට හේතුව හොරකමනම් ආගම් එයට වග කියන්නේ කෙසේද?

Admin

ඔබගේ පැනය අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ආගම් නිසා රට පසුගාමී වු බවට අනුර කුමාර දිසානායක සහෝදරයා කිසි විටක, කිසි තැනක ප්‍රකාශ කර නැත. එමෙන්ම බුදු දහමට මේ වන විටත් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති ප්‍රමුඛතාවය එලෙසම කිසිදු වෙනස්කමකින් තොරව පවත්වා ගෙන යන බවත්, අනෙකුත් සියළුම ආගම් වලට ද නිදහසේ සිය කටයුතු පවත්වා ගෙන යෑමට අවශ්‍ය පදනම සකස්කරන බවද ඔහු අවධාරණය කර තිබේ. මේ නිසා විරුද්ධවාදීන් විසින් ගෙන යන ප්‍රචාර වලෙට නොරැවටෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබගේ අදහස් සහ පැනය අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

Pradeep Pathiraja

අද මේ සහෝදරයා මම ඔබව අමතන්නේ විදෙස් රටක සිට මට දැනගන්නට අවශ්‍යයි ඔබගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ අවිදස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ඡන්දය භාවිතා කිරීමටගන්නා ක්‍රියාමාර්ග ඒවගේම ඔවුන්ගේ ඉදිරියේදී ඔවුන්ට ලැබෙන වරප්‍රසාද මොනවාද ඔබගේ රජයක් යටතේ කියන එක සාරාංශයක් විදිහට මට එවනවා නම් ඉතාමත් වටිනවා මොකද මම ගොඩක් අයත් එක්ක මේ ගැන සාකච්ඡා කරනවා ඔහුව දැනුවත් කරනවා අපි ලබන මාසේ පහළොව ලංකාවට එනවා ඡන්දය දෙන්න ඊට කලින් ඔවුන් දැනුවත් කරලා ඔවුන්ට ඉදිරියට එන්නවුන්ට දැනුම ලබා දුන්නොත් හරි වටිනවා නිසා ඔබට හැකිනම් වීඩියෝ එකක් කරන්න එසේත් නැතිනම් ඒ පිළිබඳව මට සාරාංශයක් විදියට එවන්න පුළුවන් නම් එහෙම නැත්නම් ඒ ලබාගන්නේ කෙසේද කියලා දෙනවා නම් හරි වටිනවා මොකද ඒ පිළිබඳව අපි දැනුවත් විය යුතු දැනුවත් කළ යුතුයි මිනිසුන් බොහොමත්ම ස්තූතිය

Admin

ඔබගේ අදහස හා යෝජනාව අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. විදෙස් ගත ශ්‍රි ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය විධිමත් ක්‍රමවේදයක් සකසන බව අප මේ වන විටත් ප්‍රකාශ කර තිබේ. එමෙන්ම විදේශ ගත ශ්‍රි ලාංකිකයින්ගේ ගැටළු විසඳීම සඳහා ගනු ලබන පියවර වල සාරාංශයක් පොහොසත් රටක්...ලස්සන ජීවිතයක්... අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇත. පහත සබැඳි භාවිතා කර ඔබට එය බාගත කළ හැකිය.

ඔබ අපගේ වැඩපිළිවෙළ පිළිබඳව දක්වන උනන්දුව පිළිබඳව අපගේ විශේෂ ස්තූතිය පුදකරමු. ඔබගේ අදහස අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

Dilan Amendra

ඔබ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ රාජ්‍ය සේවක වැටුප් සම්බන්ධව ඇති ගැටලු සහ ඒවාට පිළියම් යොදන ආකාරය පිළිඹඳව පැහැදිලිව සඳහන් කර නොමැති බව දක්නට ලැබුනි. ගුරු වැටුප් විෂමතා විසඳීමට කටයුතු කරන බව පමණක් සඳහන් කිරීමත් අනෙකුත් සේවාවන් වල ඇති වැටුප් විශමතා පිළිඳ කිසිවක් සඳහන් නොවීමත් හේතුවෙන් මේ වන විට රාජ්‍ය සේවය තුළ යම් දෙගිඩියාවක් ඇති කරවන කතිකාවතක් නිර්මාණය ⁣වන බව කිව යුතුය. පිළිතුරක් අපේක්ෂා කරමි. ස්තූතියි

Admin

ඔබගේ පැනය අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා පුර්ණ බලැති විශේෂ කමිටුවක් පත් කර මෙම ගැටළුව විසඳන බව දැනටමත් අප විසින් ප්‍රකාශ කර තිබේ. එමෙන්ම සෑම මාස 06 ට වරක් ජිවන වියදමට ගැලපෙන ලෙස වැටුප් සංශෝධනය කරන බව ද අප දැනටමත් ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් ඔබගේ මෙම අදහස ජාතික ජනබලවේගයේ විධායක කමිටුව සහ මැතිවරණ මෙහෙයුම් කමිටුව වෙත යොමු කර ඇත. ඔවුන් ඊට අදාල පියවර ගනු ඇත. ඔබගේ අදහස අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.