Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
தேசிய மக்கள் சக்தி

2024
ஜனாதிபதித் தேர்தல்

வளமான நாடு - அழகான வாழ்க்கை

சிக்கலை முன்வைக்கவும்

பிரச்சனையைக் கேளுங்கள்
Hasan Siddique

කවුද නීතිය සාමය ඇමති පාර්ලිමේන්තු චන්දයෙන් දිනු. පසු?

Admin

ඔබගේ අදහස් සහ යෝජනා අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. මේ පිළිබඳව අප විසින් තීරණයක් ගෙන නැත. රාජ්‍ය බලය ලබා ගත් පසු අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අදාල වන පරිදි සුදුසු පුද්ගලයින් මෙම තනතුරු සඳහා පත් කරනු ඇත. විරුද්ධවාදින් විසින් ගෙන යන ව්‍යාජ ප්‍රචාර වලට හසු නොවන ලෙස ජාතික ජනබලවේගයට උනන්දුවක් දක්වන ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබගේ අදහස අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

Lakshmi Damayanthi

NPP රජයක් ආ විට කැමැත්තෙන් රැකියා සඳහා විදේශගත වීමට කැමති පුද්ගලයින්ට විදේශගත වීමට ඉඩ නොදෙන බවට වැරදි මතයක් ජනතාව අතර පවතී, මන්ද NPP විසින් පවත්වන ලද බොහෝ රැස්වීම්වලදී ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකාවේ උගතුන්ට ලංකවේන්ම රැකියාවක් ලබා ගැනීමට ඉඩ දෙන බවයි, පිටරට රැකියාවකට යන්නෙ නැතිව ලංකාවෙන්ම. එය සරල වැරදි වැටහීමක් වන නමුත් ඡන්ද කිහිපයක් අහිමි වීමට හේතු විය හැක. මෙම වැරදි වැටහීම සම්බන්ධයෙන් ඔබ ගන්නා ක්‍රියාමාර්ග මොනවාද? * ජනතාව අතර පවතින මෙම දුර්මතය නවතා නිවැරදි කිරීමට අනුර කුමාර දිසානායක මහතා විසින් NPP ඔවුන්ගේ මීළඟ රැස්වීම්වලදී කටයුතු කරන මෙන් මම නිර්දේශ කරමි. * මම දන්න කියන කෙනෙක් මට කිව්වා ( මේ වැරදි මතය නිසා ) ඔවුන් NPP ට ඡන්දය දෙන්නේ නැහැ කියලා සිතූතියි.

Admin

ඔබගේ අදහස් සහ යෝජනා අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. කැමැත්තෙන් රැකියා සඳහා විදේශගත වීමට කැමති පුද්ගලයින්ට විදේශගත වීමට ඉඩ නොදෙන බවක් ජාතික ජනබලවේගය විසින් කිසි දිනෙක ප්‍රකාශ කර නැත. එය විරුද්ධවාදින් විසින් ගෙන යන ප්‍රචාරයක් විය හැකිය. කෙසේ වෙතත් ඔබගේ මෙම යෝජනාව ජාතික ජනබලවේගයේ විධායක කමිටුව සහ මැතිවරණ මෙහෙයුම් කමිටුව වෙත යොමු කර ඇත. ඔවුන් ඊට අදාල ඔවුන් විසින් ඊට අදාල මැදිහත් වීම සිදු කරනු ඇත. ඔබගේ අදහස අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

Anuradha dahanayake

පෙර තිබූ අධ්‍යාපනය පිලිබඳව ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන්ව තිබූ " 5 ශ්‍රේණිය ශිශ්‍යත්ව විභාගය අහෝසි කිරීම " යන ප්‍රකාශන මෙවර ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් නොවීමට හේතුව කුමක්ද?

Admin

ඔබගේ ගැටළුව අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ ඵලදායි, කාර්යක්ෂම සහ විෂමතා අවම අධ්‍යාපන පද්ධතියක් ගොඩනගන බව අප දැනටමත් ප්‍රකාශ කර තිබේ. මෙම ක්‍රියාදාමයේ පදනම වන්නේ සැමට සාධාරණ සහ සමාන සම්පත් බෙදී යෑමක් සහිත අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීමයි. ඔබ සඳහන් කර තිබෙන දැනට පවතින 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්වය පිළිබඳව මෙම රාමුව තුළ සිට නැවත සළකා බලනු ඇත. මෙම විභාගය අහෝසි කරන්නේද? නැද්ද? , එසේත් නැතිනම් වෙනත් ක්‍රමවේදයක් අනුගමනය කරන්නේද යන්න එහිදී විද්‍යුණුකූල පදනමක් තුළ පිහිටා තීරණය කිරිමට නියමිතය. කෙසේ වෙතත් ඔබ විසින් කර ඇති මෙම කරුණු දැක්විම සහා යෝජනාව ජාතික ජනබලවේගයේ විධායක කමිටුව සහ මැතිවරණ මෙහෙයුම් කමිටුව වෙත ද යොමු කර ඇත. ඔවුන් විසින් ඊට අදාල මැදිහත් වීම සිදු කරනු ඇත. ඔබගේ ගැටළූව සහ අදහස අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

ගාමිණී බණ්ඩාර

මෙය යොජනාවකි.මෛත්‍රී අසාර්ථක වීමට ප්‍රධාන හේතුවක් වූයේ ඔහුට විශ්වාස වන්ත,ස්ථිර සුදුසු පරිපාලන නිලධාරීන් නොසිටිමය.උදා.ආරක්ෂක, හා මූදල් , ලෙකම් තනතුරු කීප වරක් වෙනස් කිරීමට සිදූවිය. ගොඨාභයටද එසෙ වූ අතර ඔහු ඒ වෙනූවට හමුදා නිලධාරින් යොදාගැනීමෙන් තවත් අවූල් විය. ජා.ජ.බ.රජයක් සාර්ථකව ගෙන යාමට අවශ්‍ය වැදගත් තනතුරු සදහා යොදා ගැනීමට සූදුසු දක්ෂ,අවංක පරිපාලන නිලධාරීන් පිළිබඳව අදහසක් කල් තබා ඇතිකර ගැනීම සූදූසූ බව යොජනා කරමි.

Admin

ඔබගේ යෝජනාව අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක කාර්යක්ෂමතාවය සහ කාර්‍යය සාධනය සම්බන්ධයෙන් අප විශේෂ අවධානයක් යොමු කරන බව කාරුණිකව දන්වමු. ඔබ විසින් යොමු කර ඇති මෙම කරුණු දැක්විම සහා යෝජනාව ජාතික ජනබලවේගයේ විධායක කමිටුව සහ මැතිවරණ මෙහෙයුම් කමිටුව වෙත යොමු කර ඇත. ඔවුන් ඊට අදාල ඔවුන් විසින් ඊට අදාල මැදිහත් වීම සිදු කරනු ඇත. ඔබගේ අදහස අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

ධනුෂ්ක වික්‍රමසිංහ

ඇත්කඳ විහාර පෙරහැර පළාත් සභාවේ ව්‍යවස්ථාපිත ආයතන සම්බන්ධ කටයුතු අග්‍රාමාත්‍ය කාර් යලයෙන් ලැබෙන ලිපි හා කැඳවීම් ජනාධිපති කාර් යලයෙන් ලැබෙන ලිපි හා කැඳවීම් කෘෂිකර් ම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති සම්බන්ධ කටයුතු අලුත් සහල් මංගල්‍යය සම්බන්ධ කටයුතු ව්‍යාපාරික ප්‍රජාවගෙන් ලැබෙන ලිපි. ඉල්ලීම් සහ සම්බන්ධිත කටයුතු ධනුෂ්ක වික්‍රමසිංහ කරුණාකර මෙය මාගේ පුද්ගලික ගැටළුවක් නොව, මා ද නියෝජනය කරන රාජ්‍ය සේවය මෙන්ම වර් තමානයේ දැඩි විවේචනයට ලක්වී පවතින රාජ්‍ය සේවකයින් සම්බන්ධ මාගේ පුද්ගලික යෝජනාවක් ලෙස සලකන්නේ නම් මැනවි. තවද මේ සම්බන්ධ වැඩිමනත් පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නම් ස්වේච්චාවෙන් සඳහා ඉදිරිපත් වීමට ද හැකි බව වැඩිදුරටත් දන්වනු කැමැත්තෙමි. 2018.01.24 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 01/2018 මගින් සියලු රාජ්‍ය සේවකයින් සඳහා අදාළ වන වේ ඉදිරි වසර සඳහා තමාට පැවරෙන රාජකාරී සම්බන්ධයෙන් තම ආයතන ප්‍රධානියා සමඟ ගිවිසුම්ගතව කටයුතු කිරීමේ ඉතා සංවිධිත හා කාලෝචිත ක්‍රමවේදයක් හඳුන්වා දෙනු ලැබීය. මෙමගින් සියලු දෙනාටම කිසියක් නිශ්චිත හා විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ වඩාත් මහජන හිතකාමී සේවාවක් සැලසීමට හා තම කාර්‍යය සාධනය ඉහල නංවා ගැනීමට යහපත් අයුරින් බලපෑමක් ඇතිකර තිබිණි. එසේම අදාළ ආයතන ප්‍රධානීන්ට තම සේවක මණ්ඩලයේ සැබෑ කාර්‍යය පරිමාව හඳුනා ගනිමින් අවශ්‍ය නියාමනයන් සිදුකිරීම මෙන්ම අනවශ්‍ය සේවක සංඛාව හඳුනාගැනීම බොහෝ සාධනීය අවශ්‍යතා සඳහා එමගින් පසුබිම සලස්වා තුබුණි. නමුත් 2023.11 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 01/2018 (i ) මගින් කිසිදු වගවිභාගයක් නොමැතිව මෙම අවශ්‍යතාවය ඉවත් කර ඇත. සිදු කලයුතුව තිබුනේ තිබුණු මූලික ක්‍රමවේදය තවදුරටත් වැඩිදියුණු කරමින් සේවක කාර්‍යය සාධනය ඉහල නැංවීම සහතික කර ආයතනයේ කාර්‍යය සාධනය නැංවීමයි. බොහොමයක් මධ්‍යම මට්ටමේ නිලධාරීන් මෙන්ම මාණ්ඩලික හා විධායක නිලධාරීන් ද 01/2018 චක්‍රලේඛයේ විධිමත් ක්‍රියාපටිපාටිය සමඟ එකඟ නොවූ බවද කාරුණිකව සිහිපත් කරනු කැමැත්තෙමි. එබැවින්, ඔබගේ අගනා ව්‍යාපාරය මගින් රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් වන පුද්ගලික මට්ටමින් කාර්‍යය සාධනය මැනබලන හා ඒ මත ප්‍රතිලාභ සලස්වන වෙනස් සහ නවමු පිළිවෙතක් දැනටමත් හඳුනාගෙන ස්ථිර කොට නොමැති නම්, කරුණාකර 01/2018 චක්‍රලේඛයේ සඳහන් විධිමත් ක්‍රියාපටිපාටිය හෝ ක්‍රියාවට නැංවීමට ඔබගේ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමු කිරීම මැනවි. එසේ නොමැතිව රාජ්‍ය සේවය මෙම අකාර් යක්ෂම තත්වයෙන් ගලවා ගැනීම සිහිනයක් ම පමණක් බව මගේ පුද්ගලික විශ්වාසයය වන අතර අපගේ අදහස් ඉදිරිපත් කිරීමට වේදිකාවක් සැපයීම පිළිබඳව ස්තුතියි.

Admin

ඔබගේ යෝජනාව අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සහ කාර්‍යය සාධනය සම්බන්ධයෙන් ඔබ විසින් යොමු කර ඇති මෙම දිර්ග කරුණු දැක්විම සහා යෝජනාව ජාතික ජනබලවේගයේ විධායක කමිටුව සහ මැතිවරණ මෙහෙයුම් කමිටුව වෙත යොමු කර ඇත. ඔවුන් ඊට අදාල ඔවුන් විසින් ඊට අදාල මැදිහත් වීම සිදු කරනු ඇත. ඔබගේ අදහස අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.