Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
தேசிய மக்கள் சக்தி

2024
ஜனாதிபதித் தேர்தல்

வளமான நாடு - அழகான வாழ்க்கை

சிக்கலை முன்வைக்கவும்

பிரச்சனையைக் கேளுங்கள்
මාලක

වාහන ගෙන්වන වාද ඒවාට 300% බදු අය කරනවද

Admin

ඔබගේ ගැටළුව සහ අදහස අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගයේ පාලනයක් යටතේ විද්‍යානුකූල පදනමක් මත පිහිටා රථ වාහන ආනයනට අවශ්‍ය කටයුතු සිදු කරනු ඇත. එමෙන්ම ඊට අදාල බදු ප්‍රතිපත්තිය ප්‍රති සමාලෝචනයට ලක් කරන අතර අවශ්‍යතාවය අනුව අඩු මිලට වාහනයක් මිලදී ගැනීමට ජනතාවට ඇති අයිතිය ක්‍රමිකව තහවුරු කරනු ඇත. ඔබගේ ගැටළු අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

duminda Priyantha

ඔබගේ රජයක් යටතේ උරුමය වැඩසටහනට ඉදිරියට ක්‍රියාත්මක කරනවාද

Admin

ඔබගේ ගැටළුව අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගය විසින් එළි දක්වන ලද පොහොසත් රටක්...ලස්සන ජිවිතයක් ...ප්‍රතිපත්ති ප්‍රකාශණයේ 184 වැනි පිටුවේ සිට ඉදිරියට ඵලදායි කළමණාකරණයක්.....ඒකාබද්ධ පරිහරණ සැළැස්මක්... මැයෙන් අපගේ ඉඩම් ප්‍රතිපත්තිය ඉදිරිපත් කර තිබේ. එහි ඉඩම් පරිහරණය කාර්යක්ෂම සහ ඵලදායි කිරිම පිළිබඳව වන අපගේ ප්‍රතිපත්තිය පැහැදිළිව දක්වා ඇත. දිර්ග කාලයක් තිස්සේ පදිංචි ජනතාවට එම ඉඩම්වල නීත්‍යානුකූල අයිතිය සහතික කෙරෙන ඔප්පු ලබා දීමට අපගේ පාලනයක් යටතේ කඩිනමින් කටයුතු කරනු ඇත. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අපගේ වෙබ් අඩවිය වන www.npp.lk වෙබ් අඩවියට පිවිස ඔබට බාගත කළ හැකිය. ඒ සඳහා පහත සබැඳියන් භාවිතා කරන්න. 
https://www.npp.lk/si/policies/npppolicystatement
https://www.npp.lk/ta/policies/npppolicystatement
https://www.npp.lk/en/policies/npppolicystatement ඔබගේ අදහස් අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

Jayasinghe Appuhamilage Sarath Kumara

AKD සහෝදරයා දබානේ ආදිවාසීන් ද අමතනු ඇතියි යනුයි යන්න මගේ යෝජනා වයි

Admin

ඔබගේ අදහස අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ඔබගේ යෝජනාව ජාතික ජනබලවේගයේ විධායක කමිටුව සහ මැතිවරණ මෙහෙයුම් කමිටුව වෙත යොමු කර ඇති බව දන්වා සිටිමු. අනුර දිසානායක සහෝදරයාගේ සහභාගී විමේ ප්‍රායෝගික තත්වයන් සැළකිල්ලට ගෙන මෙහිදි කටයුතු කරනු ඇත. ඔබගේ අදහස් අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

Premasiri Hewage

1988-89 රජය නිළ නොවන හමුදා (ප්‍රා....) යොදා ගනිමින් කළ අපරාධ සියල්ල ජවිපෙ ගිනුමට බැර කරමින් කරණ සාවද්‍ය ප්‍රචාරයට ඒරෙහිව 88-89 සැබෑව පුළුල් සංවාදයකට ලක් කළයුතු නැද්ද ?

Admin

ඔබගේ ගැටළුව සහ අදහස අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ඔබගේ යෝජනාව ජාතික ජනබලවේගයේ විධායක කමිටුව සහ මැතිවරණ මෙහෙයුම් කමිටුව වෙත යොමු කර ඇති බව දන්වා සිටිමු. ඔබගේ අදහස් අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

සුදර්සන ගුණසේකර

ගරු මහත්මයාණෙනි/ මිය, ජනාධිපතිවරණ මැතිවරණ පත්‍රිකාව සලකුණු කිරීඑම් ක්‍රමවේදය පිළිබඳව බොහෝ දෙනා නොදැනුවත් භාවය නිසා වික්ෂිප්ත වී සිටිති. අංක 1 ද කතිරයද යන්න බරපතල ගැටළුවක් වී තිබේ. එබැවින් බොහෝ චන්ද ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වීමට වැඩි ඉඩකඩක් තිබේ. සියලුම NPP රැලි වලදී සහ දැන්වීම් දැන්ම සිටම ගින් ජනතාව දැනුවත් කිරීමට ක්‍රියාත්මක වන්නේ නම් එය ප්‍රතිපලදායක වනු ඇත.

Admin

ඔබගේ අදහස අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ඔබගේ යෝජනාව ජාතික ජනබලවේගයේ විධායක කමිටුව සහ මැතිවරණ මෙහෙයුම් කමිටුව වෙත යොමු කර ඇති දන්වා සිටිමු. ඔබගේ අදහස් අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.