Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
தேசிய மக்கள் சக்தி

பிரச்சனைகள் மற்றும்
தீர்வுகள்

வயல்வெளிகள்

சிக்கலை முன்வைக்கவும்

பிரச்சனையைக் கேளுங்கள்
චන්ද්‍රිකා මුණසිංහ

මා කුරුණෑගල වසර 43ක් ව්ව්ධ කලා හැකියාවන් ගෙන් සහජ හැකියාවන් ගෙන් ඉපදුනු ඒ වෙනුවෙන් ම ජීවත් වූ ජාතියන්තර සම්මානලාභී කලා ශිල්පිණියකි....දේශීය සම්මාන ද හය හතක් ලබා ඇත...අව්වාහකයි...මේ වෙනුවෙන්ම කැප වූයෙම්...මෙම අංශයන් තුල ඇති ..දරුනු..ලිංගික හිංසනය නිසා..මුදල් වලට ගරු නොකරන මට ඉදිරියට යෑමට නොහැකි විය... ඒ අනුව මා වැනි ව්ශිෂ්ධ කලා කරුවන්ට රාජ්‍ය ප්‍රතිපත්තියක් අවශ්‍යය..එය මෙතෙක් සිදුවී..නැත..එය කෙදිනක හෝ ඔබලා ගේ රජයකින් සිදුවේයැයි මා බලා සිටිමි.අද මා මෙවන් දිලුදු තත්වයකට පත් වූයේ මාගේ කලා නිර්මාණ ජනතා සංවර්ධනය වෙනුවෙන් කල බැවිනි...ඒවාට කිසිදු ඇගැයීමක් නැත..එසේ වුවද.මාගේ උත්සාහයන් අත් හරි න්නේ නැත...මාගේ පැතුම් වන්නේ, සත්‍යවාදී යුක්ති සහ ගත සමාජයක් බිහිකරන්නට උත්සාහ කරන ඔබලාට ඒ සදහාත්, ඔබලාගේ අලුත් රජයේ ගොව්තැන සහ සංචාරක ව්‍යාපාරයන් දියුනු කිරීමට අවශය....නිර්මාණශීලි දායකත්වය ලබා දීමයි...ඒ වෙනුවෙන් මා ස්වේච්චාවෙන්ම ඇප කැප වී වැඩ කරන බව පොරොන්දු වෙම්..මාඒ වෙනුවෙන් පිටපත් රචනය සහ අධ්‍යක්ෂණය අතින් ඉදිරියෙන් සිටින කලා ශිල්පිණියකි...මේ වෙන විට ඔබලා වෙනුවෙන් රතු රෝස පිපෙයි..එය නවතින්නේ නැත...ඔබලාට තෙරුවනේ බලය ලැබෙයි....මාලිමාවට ජය වේවා.

Admin

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. එමෙන්ම ඔබ සතු ධෛර්ය සම්පන්න බව අපව දිරිගන්වන සුළුයි. පවතින සමාජ ක්‍රමයේ පවතින විෂමතාවයන් විසින් සමාජයේ විවිධ ක්ෂේත්‍රවල කටයුතු කරන පුරවැසියන් විවිධ අසාධාරණයන්ට ලක් කොට ඇත. එය පවතින සමාජ අර්බුදයේම කොටසකි. ඔබට ඒ පිළිබඳව වන පිරිපුන් අවබෝධය ඉතා වැදගත්ය. මෙම ක්‍රමය වෙනස් කිරීම ජාතික ජන බලවේගයේ අභිප්‍රායයි. ඒ වෙනුවෙන් අප මේ වන විටත් ක්‍රියාත්මකය. මෙම නව පුණරුද යුගයක් නිර්මාණය කිරිම වෙනුවෙන් ඔබ දක්වන දායකත්වය සහ ප්‍රදර්ශණය කරන අධිෂ්ඨානශිළිත්වයට අපගේ ප්‍රණාමය.

Rohana Bandara

1. අලි වැට ප්‍රශ්නය විසඳමුද ? 2. ලංකාව පුරාම දාල තියන හිස් ප්ලාසටික් බෝතල් වලට කුමක් කරමුද ? 3. දේශිය සහ විදේශිය සංචාරකයින් සඳහා නව කසංවර්ධන ව්‍යාපෘතියක්. (උදාහරණ වශයෙන්, කුරුවිට බෝපත් ඇල්ප සංවර්ධන යෝජනා ක්‍රමය) මම කැනඩාවෙ වසර 21 කක සේවාව අවසන විශ්‍රාම ලැබල ඉන්නව. තව හොඳට වැඩ කඑන්ලංන පුලුවන්. ලංකාව ලස්සන කරන්න ස්වේච්ඡාවෙන් උදව් කරන්න කැමතියි.

Admin

ඔබගේ පැනය අප වෙත යොමු කිරිම පිළිබඳව පළමුව අපගේ ප්‍රණාමය. අලි මිනිස් ගැටුම අප දකින්නේ පවතින සමාජ ආර්ථික හා දේශපාලන ක්‍රමයේම වරදක් හේතුවෙන් නිර්මාණය වූවක් ලෙසයි. පරිසරය සහ මිනිසා අතර පැවතිය යුත්තේ සහජීවනය පදනම් කර ගත් මිතුරු සහසම්බන්ධයකි. ගැටුම වෙනුවට සහජීවනය මෙහිදී වැදගත් වේ. මිනිස් ක්‍රියාකාරකම් වල අවිද්‍යාත්මක ප්‍රෙව්ශය සහ සංවර්ධන ක්‍රියාකාරකම් වල පවතින අවිදාත්මක ප්‍රෙව්ශයන් හේතුවෙන් පරිසරය සහ මිනිසා අතර නිර්මාණය වි තිබෙන්නේ බරපතල සතුරු ප්‍රතිවිරෝධයකි. මිනිසා ද පරිපරයේම කොටසක් බැවින් පරිසරය අපට අවැසි පරිදි වෙනස් කිරිමේ දි එය ප්‍රෙව්ශමෙන් සිදු කළ යුතුය. අප විස්වාස කරන්නේ පරිසරය හා මිනිසා අතර පවතින මේ සතුරු ප්‍රතිවිරෝධය මිතුරු ප්‍රතිවිරෝධයක් දක්වා වෙනස් විය යුතුය. ඒ සදහා රාජ්‍ය මැදිහත්වීමක් සහ නියාමනයක් අවශ්‍යය. මෙම අලි මිනිස් ගැටුම විසදිය යුත්තේ ද මේ ප්‍රතිපත්තිය තුළය. පරිසරය පිළිබඳව අපගේ ප්‍රතිපත්තිය අපගේ දේශයේ අපේක්ෂාව ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිළි ලෙස දක්වා ඇත. ඒ පිළිබඳව ඔබගේ කාරුණික අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමු. ඔබගේ දෙවන පැනයට පිළිතුරද මෙම ප්‍රතිපත්ති ප්‍රකාශණයේම ඇත. සංචාරක කර්මාන්තය අපේ රටේ සංවර්ධනයේදී ඉතාම වැදගත් ක්ෂේත්‍රයක් ලෙස අප මේ වන විටත් හඳුනා ගෙන තිබේ. පළමුව සංචාරක කර්මාන්තයට හිතකර පරිසරයක් රටතුළ ගොඩ නැගිය යුතුය. ඒ ඔස්සේ දේශිය සහ විදේශිය සංචාරකයින් සඳහා වන නව සංවර්ධන ප්‍රෙව්ශයක් ඇති කිරීම වෙනුවෙන් අප කැප වෙන බව කාරුණිකව දන්වමු. සංචාරක කර්මාන්තයේදී අප හදුනා ගන්නා 5As (Attractions, Accessibility, Accommodations, Amenities & Activities) සංකල්පය මත පදනම්ව උපාය මාර්ගික සැළැස්මක් (Tourism Strategic Plan) අප විසින් සකස්කර තිබේ. එය අපගේ ආණ්ඩුවක් යටතේ ක්‍රියාත්මක කරනු ඇත.

Senaka B. Sakalasooriya

ගම්වැසියන් දැනුවත් කිරීම සහ මාලිමාව වෙත යොමුකර ගැනීම මම මාලිමාවේ ජයග්‍රහනය හදවතින්ම ප්‍රාර්ථනා කරන පුරවැසියෙක් වෙමි. අපි ගම්වල බිම් මට්ටමේ සිටින්නන් වෙමු. එනිසා ඔවුනගේ සිතුම් පැතුම් හද ගැස්ම කෙසේද යන්න දැන ගන්නට විශේස සමීක්ෂණ කිරිමේ අවශ්‍යතාවක් නැතැයි සිතමි. අවුරුදු 40 පමණ ඉක්ම වූ ග්‍රාමවාසී පුරවැසියන් ගෙන් 90% ක් පමණ දෙනා නවීන තාක්ෂණ මෙවලම් (අවම තරමින් ස්මාර්ට් දුරකථනයක් වත්) පරිහරණය කරන්නට දන්නේ නැත. එබැවින් ඔවුනට ලෝකයට එබී බලන්නට ඇති එකම කවුලුව වී ඇත්තේ රූපවාහිනිය, ගුවන් විදුලිය සහ කටකථා පමණකි. එයිනුත් ගම් දනව් වෙත හොදින් පෙනෙනුයේ, ජාතික, ස්වාධීන, හිරු සහ දෙරණ පමණකි. ඒවායෙන් විකාශය වන ටෙලි නාට්‍ය වලට ඇබ්බැහිවී සිටින බොහෝ දෙනා එවායෙන් ගලවා ගැනීම ඉතාමත් අසීරුය. ඔවුන් ගෙන් බොහෝ දෙනාගේ යූටියුබ්, ෆේස්බුක්, වට්ස්ඇපි ආදි සමාජ මාධ්‍යය පිලිබදව ඇති දැනුම බිංදුවයි. එබැවින් ඔවුන් ඇබ්බැහිවී ඇත්තේ ඉහත කී රූපවාහිනී නාලිකා වල ප්‍රවෘතිය සහ තොරතුර බැලීමට නිසා ඔවුන්ගේ සිතුවිලි ධාරා ගොඩනැගෙන්නේ ඒ ඔස්සේය. ගමේ ගොඩේ ඇවිදිද කථා බහ කරද්දී ඒ බව මනාව පැහැදිලි වේ. ඔවුන් තවමත් සිටින්නේ ටකරන් ලෑල්ලට, වැසිකිලි පොච්චියට, රුපියල් 5000 ට, අස්වැසුමට වශීකරගත හැකි මට්ටමේය. මාගේ මට්ටමෙන් කරුණු අවබෝධකර දීමට ගත් උත්සහයන්, ඔවුන්ගේ සිත් වලට කාවැදී ඇති මතයන් ලිහිල් කිරීමටවත් ප්‍රමාණවත් නොවිය. අනික ඔවුන් මා දකින්නේ ගමේ එකා ලෙස මිස, රටේ තත්වය අවබෝධකර ගෙන කරුණු පැහැදිලි කරන්නකු ලෙස නොව. එබැවින් මගේ යෝජනාව වන්නේ ජන මාධ්‍ය භාවිතා කිරීමට හැකියාවක් නැති, ගම්වැසි, විශේෂයෙන් වයස 40 ඉක්මවූවන් දැනුවත් කිරීමට, මෝටිවේෂන් කිරීම කෙරෙහි ඉතාමත් දැඩි අවධානයක් යොමුකර ඒ සදහා වැඩ පිලිවෙලක් සකස් කරන ලෙසය. එය ගමේ සංවිධායකයාට භාර දුන්නාට ලැබෙන ප්‍රතිඵලය ඉතාමත් අල්පය. මොකද පරම්පරා ගණනාවක සිට ජානගතවී ඇති, මති මතාන්තර දියකර හැරීමට තරම් හැකියාවක් ඔහුට / ඇයට නොමැති නිසාවෙනි. මගේ මේ අදහස් සහ යෝජනා පිලිබද ප්‍රමාණවත් අවධානයක් යොමු වේවායි ප්‍රාර්ථනා කරමි. ඒ වගේ හද පත්ලෙන්ම මාලිමාවට ජය ප්‍රාර්ථනා කරමි.

Admin

ඔබගේ අදහස් සහ කරුණු දැක්වීම පිළිබඳව අපගේ විශේෂ ස්තූතිය පිළිගන්වමු. ඔබ විසින් පෙන්වා දි ඇති තත්වය පිළිබඳව අපගේ විශේෂ අවධානය යොමු වී ඇත. මේ සඳහා ගම් මට්ටමේ සිටින ඔබ වැනි වගකිම් සහිත පුරවැසියන්ට සිදු කළ හැකි මෙහෙය අතිවිශාලය. එමෙන්ම ගම සහ කොට්ඨාශ සභාව ඉක්මවා ගිය තියුණු මැදිහත්විමක් පිළිබදව වන ඔබගේ යෝජනාව පිළිබදව අප ගැඹුරින් අවධානය යොමු කරන බව ද දන්වා සිටිමු. ඔමෙන්ම ඔබගේ ධෛර්ය සම්පන්න බව අප දිරිගන්වන සුළු බව ද කාරුණිකව දන්වා සිටිමු.

Sanjaya dushyantha

දිනුවොත් අධ්‍යාපනය වෙනස් කරන්න.දක්ෂතාවය අනුව ඉගැන්වීමේ මගක් සකස් කරන්න.නැත්නම් හැමදාම ඉතිහාසය ,භූගෝලය වගේ ඒවා තමයි.කාර්මික දැනුමක් නෑ.නව තතාක්ෂණික දැනුමක්නෑ.අඩුම ගානෙ ගහක් කොලක් වවන්න දැනුමක් නෑ.ඒක හදන්න රට හැදෙයි

Admin

ඔබගේ අදහස් හා යෝජනා පිළිබදව අපගේ ස්තූතිය පිරිනමමු. සමාජ වෙනසක පදනම වන්නේ අධ්‍යාපනය බව ජාතික ජනබලවේගයේ විස්වාසයයි. එබැවින් කඩිනමින් පවතින අධ්‍යාපන ක්‍රමය නවින ලෝකයට ගැලපෙන ලෙස වෙනස් කිරීමට පියවර ගනු ඇත. මේ පිළිබඳව වන ජාතික සැළසුමක් අප සකස් කර ඇති අතර ඉදිරියේදී එය එළි දක්වනු ඇත. ඒ අතර එතෙක් ඔබට අපගේ වෙබි අඩවියට පිවිස අපගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය කියවිමෙන් සංෂිප්ත අවබෝධයක් ලැබිය හැකිය.

රොෂාන් ලියනගේ

ටැක්සි ඇප් (Uber, Pickme)වලින් දුවන ත්‍රීරෝද සදහා එම ආයතන වලින් ඉදිරිපත් කර ඇති මිලගණන් යටතේ සේවාව පවත්වාගෙන යාමට රියදුරන් හට ඉතා අපහසු වී ඇත. කිසිම ප්‍රමිතියක් නොමැති ටැක්සි ඇප් සදහා හා ඇප් රියදුරන් හට ජාතික ජනබලවේගය ආණ්ඩුවක් යටතේ ක්‍රීයාකරන ආකාරය පැහැදිලි කරන්න..

Admin

Ride-sharing apps යනු මේ වන විට ලොව පුරා ප්‍රචලිත මගී ප්‍රවාහන සේවා සපයන ඩිජිටල් වේදිකා විශේෂයක්. ජංගම යෙදුම් හරහා මගීන් හා රියදුරන් එකිනෙකා සම්බන්ධ කරන මෙවැනි ඩිජිටල් වේදිකා මෙහෙය වන සමාගම් රැසක් අපේ රටේ ද ක්‍රියාත්මක වේ. මෙහිදී මෙම සමාගම් විසින් අයකරන කොමිස් මුදල් සම්බන්ධයෙන් සහ ඇතැම් අවස්ථා වල ඔවුන් විසින් සිදු කරන විවිධ අයකිරීම් පිළිබදව බොහෝ චෝදනා තිබේ. මේ වන විට මේ කිසිදු ප්‍රවාහන සේවයක් රාජ්‍ය නියාමනයට ලක් වන්නේ නැත. එය අදාල සමාගම් වල පැවැත්මට මෙන්ම ඒ හා සම්බන්ධ වී සේවා සපයන්නන් හට මෙන්ම ඒවායේ සේවා ලාභින් වන පාර්භෝගිකයින්ට ද විවිධ ගැටළු නිර්මාණය කර ඇත. මේ නිසා අදාල සමාගම් වලට, ඊට සම්බන්ධ වන සේවා සපයන්නන්ට සහ පාරිභෝගිකයින් යන සියළු පාර්ශව වෙත සාධාරණය ඉටු වන ආකාරයට මෙම ව්‍යුහයන් රාජ්‍ය නියාමයට ලක් කිරිමට ජාතික ජන බලවේගය කටයුතු කරනු ඇත. එමගින් අදාල සමාගම් වලට කිසිදු ගැටළුවකින් හෝ අපහසුවකින් තොරව සිය ව්‍යාපාර සිදු කිරිමටත්, සේවා සපයන අයට සාධාරණ ලෙස ඉැපැයීමටත්, පාරිභෝගිකයින්ට ඉහළ ගුණාත්මක බවකින් යුතුව අදාල සේවාවන් ලබා ගැනීමටත් අවස්ථාව උදා වනු ඇත. ඒ වෙනුවේ ජතික ජනබලවේගය කැප වි සිටින බව ප්‍රකාශ කරමු.