Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
தேசிய மக்கள் சக்தி

பிரச்சனைகள் மற்றும்
தீர்வுகள்

வயல்வெளிகள்

சிக்கலை முன்வைக்கவும்

பிரச்சனையைக் கேளுங்கள்
අමල් ශිරන්ත

ඔබලාගේ ප්‍රතිපත්ති ගැන පැහැදිලි කරන්න පුලුවන්ද? ඒ වගේම පළමුවෙන් ම මේ රට ගොඩ නැගිමට මුලින්ම කරන්න යන දේ ගැන කියන්න පුලුවන්ද... බොහෝම ස්තුතියි

Admin

ඔබගෙ පැනය අප වෙත යොමු කිරීම පිළිබදව පළමුව අපගේ ස්තූතිය. NPP ආණ්ඩුවක් යටතේ රට ගොඩනගන පැහැදිළි වැඩපිලිවල ඇතුලත් දේශයේ අපේක්ෂාව නමින් ප්‍රතිපත්ති ප්‍රකාශයක් අප විසින් 2019 වසරේ දී ඉදරිපත් කර ඇත. එය ඔබට අපගේ වෙබ් අඩවියට පිවිස බාගත කළ හැකිය. එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර සකස්කර තිබෙන අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අදාල මැතිවරණය ප්‍රකාශ වු විට ජනගත කිරිමට මේ වන විට සැළසුම් කර තිබේ. නව පුණරුද යුගයක් කරා රට රැගෙන යෑමට අවශ්‍ය කරන ව්‍යුහගත ප්‍රතිසංස්කරණ සිදු කිරීම අපගේ පළමු ව්‍යායාමය බව ද කාරුණිකව දන්වා සිටිමු.

අරවින්ද වික්‍රමසිංහ

ජාතික ජන බලවේගය හා එක්වන්නට කැමති අය කල යුත්තේ කුමක්ද? එම ක්‍රියා පිළිවෙත පැහැදිලි කරන්න. ස්තූතියි!

Admin

ඔබගෙ පැනය අප වෙත යොමු කිරීම පිළිබදව පළමුව අපගේ ස්තූතිය. ජාතික ජනබලවේගය හා එක්වන්නට කැමති ඕනෑම කෙනෙකුට ඒ සඳහා අවස්ථාව මේ වන විට උදා කර දී ඇත. ඔබ කළ යුතු වන්නේ ඔබ ජිවත් වන ප්‍රෙද්ශයට අදාල ජාතික ජනබලවේගය විසින් මේ වන විටත් ගොඩනගා ඇති කොට්ඨාශ සභාවේ නියෝජිතයෙකු හමු වි ඒ පිළිබඳව සාකච්ඡා කිරිමයි. මෙම පියවර අනුගමනය කරන ලෙස කාරුණිකව ඔබෙන් ඉල්ලා සිටිමු.

Gihan

ඔබලයාගේ ආන්ඩුව බලයට පැමිනියහොත් රාජ්‍ය බැංකු වල පවතින ස්ථාවර තැන්පතු වල මුදල් සම්භන්ධයෙන් පහත වෙනස්කම් සිදුකරනවා යැයි පැවසීම ස්ත්‍යක්ද මුදල් කප්පදුවක් කිරීම කල් පිරීමේ වෙන්සක්ම් සිදු කිරීම ස්තාවර තැන්ප්තු වල පොලිය හෝ මුදල් සම්භන්ධයෙන් වෙනස්කම් සිදු කිරීම

Admin

ඔබගෙ පැනය අප වෙත යොමු කිරීම පිළිබදව පළමුව අපගේ ස්තූතිය. පැතිර ඇතියි කියන මෙම තොරතුරු වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ඉතා වගකිමෙන් යුතුව ප්‍රකාශ කරමු. මෙවැනි ව්‍යාජ ප්‍රකාශ සිදු කරනු ලබන්නේ සහ ප්‍රචාරය කරනු ලබන්නේ මේ වන විට ජාතික ජනබලවේගය පිළිබඳව පොදු මහජනතාව තුළ ගොඩනැගී තිබෙන සහ ගොඩනැගෙමින් තිබෙන මහජන ප්‍රසාදයට හානි කිරීමේ අරමුණින් විය හැකිය. ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස කාරුණිකව ඔබ වෙත දන්වා සිටිමු.

Danushka

In elections, people and parties focus on the hottest topic available at that time. Now its economy and it was national security in 2019. But we do not have enough focus on the overall problems we are facing. So what is your plan to not repeat that mistake as a future government?

Admin

Thank you for your inquiry. In Sri Lanka, there is no much emphasis on strategic planning. No identification of priority needs. As such fund allocation is ultimately a waste. NPP will not let them happen. Economic crisis is a effect but not the cause. We treat the cause then the effect will be changed. Regards

Kaveesh Dayaratna

Dear admin, When will the NPP give us the manifesto for the next presidential election?

Admin

Thank you for your inquiry. Once the election is declared, the manifesto will be released to the public. Regards