Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
தேசிய மக்கள் சக்தி

பிரச்சனைகள் மற்றும்
தீர்வுகள்

வயல்வெளிகள்

சிக்கலை முன்வைக்கவும்

பிரச்சனையைக் கேளுங்கள்
A.MONICA KUMARI ABEYRATNE

1. පලමුව කියන්න කැමතියි 51/%වැඩි යෙන් ජනාධිපති වෙනවා 2. ඔබ පත්කරලා තියන ආසන මට්ටමින් සංවිධාකයන්ට ඔනා විදියට ප්‍දෙසයෙ වැඩකරන්න දෙන්න එපා පක්ෂය තත්වය පිරිහිමට පත්ව්වෙනව්වා 3. සියලුම ත්‍රිවිධ හමුදා වල සෙවය කරන අයට දිලා තියෙන නිල රත පූද්ගලික වැඩවලට යොදා ගැනීම අවලංගු කිරීම 4. මනූස්‍යා එක්ක නිවැරවදි ව සැමට සාදාරන බොරුව නැතිව සාරධර්ම වලින් පිරි රට ක් ගගොඩනැගිමට තරම් ඔබට අභඅභියෝගයක් ජනාධිපති තුමනි නොබියව ඉදිරියට යාම සදහා හදවතින්ම යටහත්ව උදව් කරමි ස්තූතියි ජයනියතයි

Admin

ඔබගේ අදහස් අප වෙත යොමු කිරිම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ඔබගේ අදහස් අපව දිරිගන්වන සුළුය. ස්තූතියි

Maduranga

ඉන්ධන මිල පාලනය කරන්නේ කොහොමද?

Admin

ඔබගේ පැනය අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගය රාජ්‍ය පාලනයක් යටතේ ඉන්ධන මිල පිළිබඳව සළකා බලන්නේ එය කෙතරම් දුරට ජනතාවට හිතෛශී මට්ටමකින් පවත්වා ගෙන යාහැකි ද යන පදනම මත පිහිටාය. එමෙන්ම ලෝක වෙළඳපළ තත්වයන් සහ අපේ රටේ ආර්ථික තත්වයන්ද සැළකිල්ලට ගෙන, වඩාම සාධාරණ සහ ප්‍රශස්ථ මිල ක්‍රමයක් හඳුන්වා දෙනු ඇත. ස්තූතියි

ගුණතිලක

2025 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ඔබගේ අදහස කුමක්ද? ඔබගේ රජයක් බලයට පත්වුවහොත් එම ක්‍රියාවලිය සම්පූර්ණයෙන් නවතා දමනවාද? නැතහොත් සංශෝධන සහිතව ක්‍රියාත්මක කරනවාද?

Admin

ඔබගේ පැනය අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගය රාජ්‍ය පාලනයක් යටතේ දැනට යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ යෝජනාවළිය පූර්ණ විමර්ශණයකට ලක් කරනු ඇත. ඉන් පසුව ඒ පිළිබඳව අවසන් තිරණය ප්‍රකාශයට පත් කරන බව කාරුණිකව දන්වමු. ස්තූතියි

මහේෂ් ලක්රුවන්

වී මිල සම්බන්ධ අදහස

Admin

ඔබගේ පැනය අප වෙත යොමු කිරිම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගය රාජ්‍ය පාලනයක් යටතේ ගොවියාගේ අස්වැන්න සඳහා ප්‍රශ්ස්ථ සහ සාධාරණ මිලක් ලැබිම සහතික කිරීම සදහා නොපමාව කටයුතු කරනු ඇත. ස්තූතියි

රණසිංහ

ජාතික ජනබලවේග පාලනයක් යටතේ සෞඛ්‍ය සේවා ව්‍යාප්තිය කෙසේ වේවිද?

Admin

ඔබගේ පැනය අප වෙත යොමු කිරිම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. අපගේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව සවිස්තර ප්‍රකාශයක් නුදුරේදීම ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සමඟ එළි දක්වනු ඇත. කරුණාකර ඒ පිළිබඳව අවධානයෙන් සිටින්න. ස්තූතියි