Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
தேசிய மக்கள் சக்தி

பிரச்சனைகள் மற்றும்
தீர்வுகள்

வயல்வெளிகள்

சிக்கலை முன்வைக்கவும்

பிரச்சனையைக் கேளுங்கள்
Bodhana Senarathna

මිනිස්සු ගොඩක් දැන් හොරකමට හුරු වෙලා ඉන්නේ, train වල හොරෙන් යනවා ,රජයේ දෙය තිබ්බොත් පුලුවන්නම් ඒකත් හොරෙන් අරන් යන්න බලනවා.මිනිස්සුන්ගේ ඔලු වෙනස් කරන්න ඕනේ.සදාරණ මිනිස්සු විදිහට වැඩ කරන තත්වෙට.තව ස්වයංපෝශිත ආර්තිකයක් ඒ කීවේ තමන්ට පුලිවන් උපරිමයෙන් තමන්ගේ දේ හදාගන්න තත්වෙට .මොන පක්ශේ දිනුවත් වැඩක් නෑ මිනිස්සුන්ගේ ඔලු වෙනස් කරන්න බැයිනම්.ඒ හන්දා මිනිස්සුන්ගේ ඔලු වෙනස් කරන්න පුලුවන් වැඩපිලිවෙලක් කරනවන්ම් හොදයි.

Admin

ඔබගේ අදහස් අප වෙත යොමු කිරීම පිළිබද ස්තූතියි. ජනමනසෙහි ප්‍රගිතිශීලී පරිවර්තනයක් විය යුතු බව ජාතික ජන බලවේගය තරයේ විශ්වාස කරන්නකි. අප පක්ෂයක් ලෙස සිදු කරන සියලු සමාජ පණිවිඩ හා සන්නිවේදන ඒ සඳහා අරමුණු වේ. සොරකමේ සංස්කෘතිය තුරන් කිරීමේ දේශපාලන ව්‍යාපෘතිය කළ හැක්කේද ජාතික ජන බලවේග ආණ්ඩුවකට පමණි. ස්තූතියි

දුමිදු ජයන්ත දාස් ප්‍රනාන්දු

1. අපේ රටේ ජිවත් වෙන ආබාධිත අඅයගේ මාසික දිමනාව රැ7500 අඩුම ගානේ රැ.25000ක්වත් දක්වා වැඩි කර යුතුයැයි මම යෝජනා කරනවා.....

Admin

ඔබගේ අදහස අප වෙත යොමු කිරිම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. අබාධ සහිත පුද්ගලයින් පිළිබඳව වන අපගේ ප්‍රතිපත්තිය සහ වැඩපිළිවෙළ එක්ව අත් නොහැර නමින් මේ වන විටත් අප විසින් එළි දක්වා ඇත. ඒ පිළිබදව ඔබගේ අවධානය යෙමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. එමෙන්ම ඔබගේ මෙම අදහස අපගේ ප්‍රතිපත්ති සම්පාදන කමිටුව වෙත අවධානය පිණිස යොමු කරමු. ස්තූතියි

Thembiliyagodage Prins

සමුපකාරිකයන්ගේ හමුවක් සංවිධානය කරන ලෙස යෝජනා කරනව - බස්නාහිර

Admin

ඔබගේ අදහස අප වෙත යොමු කිරිම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ඔබගේ මෙම අදහස අපගේ විධායක කමිටුව වෙත යොමු කරමු. ස්තූතියි

Theshan

NPP එක මිත්‍යා වලින් තොර බවක් මට හැගිල තියෙනව. මම ඒකට කැමති. බලයට ආවොත්, මේ මිත්‍යා දේවල් ඒකියන්නෙ හැම දේම සහ සාම්ප්‍රදාය කියන වචනෙන් ඔබ්බට තාර්කිකව මේන්න මේකයි ඇත්ත කියල තේරුම් ගන්න මිනිස්සුන්ට හිතන්න පුරුදු කරන්න සහ ඒ සම්භන්ද තාර්කිකත්වය දියුනු කිරිම සම්බන්ද අදහස කුමක්ද? (වැඩිහිටි පොඩිහිටි භේදය නැතුව ඕන කෙනෙක්ට නම කියල කතා කරන, දකින දකින තැන බඩ ගාගෙන වදින සංස්කෘතිය වෙනුවට, තාර්කික විද්‍යාව එක්ක ජීවත් වෙන කුහක නැති සමාජයක් අවශ්‍යයි)

Admin

ඔබගේ පැනය සහ අදහස අප වෙත යොමු කිරිම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. සත්‍ය, යථාර්ථය සහ විද්‍යාව අප ව්‍යාපාරයේ පදනමයි. එබැවින් ඔබ අදහස් කරන ලෙසම පොදු මහජනතාව දැනුමෙන් සහ විද්‍යාවෙන් සන්නද්ධ කිරීමට අපගේ රාජ්‍ය පාලනයක් යටතේ කටයුතු කරනු ඇත. ස්තූතියි

Nuwan Sameera

මමත් මගේ බිරිදත් ගුරුවරු. මම උපන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ. මගේ බිරිඳ මහනුවර. අපි පේරාදෙණිය සරසවියේදි මුණගැසී පසුව විවාහ වුණා. දෙන්නටම ගුරුපත්වීම් ලැබුණා. ඒත් දිස්ත්‍රික්ක දෙකක. මම ගාල්ලේ එයා නුවර . කසාද බැඳල අවුරුදු ගාණක් යනකල්ම පලාත් අතර මාරුවීම් ගන්න ක්‍රමයක් නෑ. නොගිය තැනක් නෑ. පස්සේ අවරුදු 04 කට පස්සේ තමයි සුහද මාරු හොයල හදාගෙන මගේ නෝනා මගේ ගමට ආවේ. මම වගේම මේ ප්‍රශ්නයට මූණදෙන සෑහෙන්න අය ඉන්නව. රස්සාව වෙනුවෙන් ජීවිතේම කරුමයක් වෙච්ච. ඔන්න ඔය දේ ආයෙ කාටවත්ම නොවෙන්න වෙනස් කරල දෙන්න.

Admin

ඔබගේ පැනය සහ අදහස අප වෙත යොමු කිරිම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. මෙම ගැටළුව බොහෝ රාජ්‍ය සේවකයින් මුහුණ දෙන ප්‍රමුඛ පෙළේ ගැටළුවකි. ඒ පිළිබදව අපගේ ප්‍රමාණවත් අවබෝධයක් ඇත. මෙම තත්වය වැළැක්වීම සඳහා ජාතික ජනබලවේගය පාලනයක් යටතේ නිතැතින්ම කටයුතු කරන බව කාරුණිකව දන්වමු. ස්තූතියි