Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
தேசிய மக்கள் சக்தி

பிரச்சனைகள் மற்றும்
தீர்வுகள்

வயல்வெளிகள்

சிக்கலை முன்வைக்கவும்

பிரச்சனையைக் கேளுங்கள்
රසික සෝමරත්න

කොට්ඨාස සභාවේ නිලධාරීන්ගේ වගකීම් මොනවාද

Admin

ඔබගේ විමසීම පිළිබදව ස්තූතියි. තමන් නියෝජනය කරන ගමේ හෝ ග්‍රාම නිලධාරී වසමේ ජනතාව ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙල පිළිබඳව දැනුවත් කිරීම සහ ඔවුන්ගේ සහභාගීත්වයෙන් නොයෙකුත් ක්‍රියාකාරකම් සංවිධානය කිරීම හරහා ජනයා දේශපාලනිකව සක්‍රිය කිරීම කොට්ඨාස සභාවේ නිලධාරීන්ගේ මූලික වගකීම් වේ. ස්තූතියි

A.W.Madhura Gunarathna

මහත්මයානණි, රැකියා විරහිත උපාධිදාරීන් සම්බන්දව. මම දැනට වයාපාර පරිපාලණ අංශයෙන් උපාදිදාරියෙක් වන අතර ,පුද්ගලික අංශයේ රැකියාවක නිරත වී සිටී..මගේ ගෙවල් දියතලාවේ වුනත් මන් රැකියාව කරන්නේ කොළඹ ප්‍රදේශයේ ..මොකද අප උපාදියට සරිලන රැකියා අප ප්‍රදේශයේ නොමැත..එම නිසා කොළඹ රැකියාවක් කරත් අහාර ,ඉදුම් හිටුම් සියලුම දේ මුදල් වලට ගත යුතු නිසා ඉතිරි කිරීමට වත් ගෙදරට යැවීමට වත් උපයන ආදායම ප්‍රමාණවත් නොමැත...එම නිසා ගම් පලාත අවටින් රැකියාවක් බලාපොරොත්තු වන අතර,ඔබ තුමාලගේ අණ්ඩුවකින් රැකියා විරහිත උපාදිදාරින්ට ක්‍රියාත්මක කරන වැඩපිලිවෙලක් තිබේද, අවුරුදු ගණන් මහන්සි වෙලා ලබා ගන්න උපදියට වටිනා කමක් දී ,එම ශ්‍රම බල කායෙන් රටට ප්‍රයෝජනයක් ගන්නේ කෙසේද?නැති නම විශාල බුද්දි ගලනයක් සිදු වේවි.එය රටට ඉමහත් පාඩුවකි....

Admin

ඔබගේ අදහස් සහ පැනය අප වෙත යොමු කිරිම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටළුව කාලයක සිට අපේ රටේ පවතින ප්‍රධාන සමාජ ගැටළුවකි. මේ පිළිබදව අප හොඳින් අවබෝධ කර ගෙන තිබේ. පසුගිය දිනක ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සහ රැකියා විරහිත උපාධිධාරීන් සමග ඔවුන් මුහුණ දී සිටින ගැටලු සහ ඒවාට විසඳුම් ලබා දීම පිළිබඳව සාකච්චාවක් සිදු විය. දැනුමෙන් සන්නද්ධ උපධිධාරීන් කාර්යක්ෂම ලෙස ජාතික ආර්ථික ක්‍රියාවළියට බද්ධ කර ගැනීම අපගේ අරමුණයි. ඒ සඳහා නොපමාව ජාතික ජනබලවේගය පාලනයක් යටතේ කටයුතු කරනු ඇත. ස්තූතියි

Imalka nadeeshani

විශ්‍රාමික රාජ්‍ය සෙවා ගටලු විසදන කොහොමද?

Admin

ඔබගේ පැනය අප වෙත යොමු කිම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගය රාජ්‍ය පාලනයක් යටතේ විශ්‍රාමිකයින්ගේ ගැටළු විසඳීම සඳහා නොපමාව කටයුතු කරනු ඇත. ස්තූතියි

K.M.P.Abeysekara

මනෝ උපදේශක සේවාව සංවර්ධනය සම්බන්ධයෙන් ඕබේ ප්‍රතිපත්ති තුළ කරුණු අන්තර්ගත කර තිබේද ඒ මොනවාද මානසික රෝගීන් / ආබාධිත ප්‍රජාවගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් ඔබේ ප්‍රතිපත්ති කවරේද

Admin

ඔබේ විමසීමට ස්තුතියි. මනෝ උපදේශක සේවා වැනි මානසික සෞඛ්‍ය සේවාවන්ගේ වැදගත්කම ජාතික ජන බලවේගය හඳුනාගනී. රටක ජනතාවගේ මානසික සතුට සුවය සැනසීම සහ නිදහස අපගේ දේශපාලනය තුල ප්‍රමුඛ ඉලක්කයකි. ඉදිරි දිනයකදී එළිදක්වන්නට නියමිත ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය තුළ ඒ සඳහා අපගේ වැඩපිළිවෙල ඔබ වෙත ඉදිරිපත් කෙරෙනු ඇත. ආබාධිත ප්‍රජාවගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් අපගේ වැඩපිළිවෙල සඳහා මෙහි අමුණා ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනය බලන්න. 
https://www.npp.lk/si/policies/policyforpersonswithdisabilities
ස්තූතියි

Nuwair ahamed

Can you publish the total government expenses at present and what percentage that Mr. Anura going to cut from the total government expenses. It is very interesting topic and we can continue the discussion with facts and figures.

Admin

Thank you for your inquiry. An NPP government will take decisive action to eliminate unnecessary government expenses, focusing on excessive privileges granted to politicians, redundant departments, and extravagant official events—all of which contribute to significant and unjustified spending. While we cannot calculate the exact percentage of these expenses without access to government operations, we are committed to conducting thorough audits once in office to identify and cut wasteful spending effectively.
Best regard