Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
தேசிய மக்கள் சக்தி

பிரச்சனைகள் மற்றும்
தீர்வுகள்

வயல்வெளிகள்

சிக்கலை முன்வைக்கவும்

பிரச்சனையைக் கேளுங்கள்
Madhu

R&D සඳහා ඉදිරිපත් කරන ලද ජාතික ප්‍රතිපත්තිය අධ්‍යයනය සඳහා ලබාගත හැක්කේ කෙසේද?

Admin

ඔබගේ ගැටළුව අප වෙත යොමු කිරිම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු.
ජාතික ජනබලවේගයේ පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්තිය මිට සති කිහිපයකට පෙර එළි දක්වන ලදි. එමෙන්ම පොහොසත් රටක්...ලස්සන ජිවිතයක්.... නමින් අපගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ද පසුගිය 26 වැනි දා රටට එළි දක්වන ලදි. අපගේ වෙබි අඩවියට පිවිස  ඔබට මෙම ප්‍රතිපත්ති පරිශිලනය කළ හැකිය. ඒ සදහා පහත link එක භාවිතා කරන්න. https://www.npp.lk/si/policies
ඔබගේ ප්‍රශ්නය අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

Geeth De Silva

කොලබ හිල්ටන් හෝටලයවිකුණන එක වලක්වන්න පියවර ගන්න බැරිද?

Admin

ඔබගේ ගැටළුව අප වෙත යොමු කිරිම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ඔබ විසින් පෙන්වා දි ඇති තත්වය පිළිබදව අපගේ අවධානය යොමු කර ඇති බව කාරුණිව දන්වමු. ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්තිය වන්නේ උපක්‍රමිකව හා ජාතික ආරක්ෂාවට වැදගත්වන රාජ්‍ය දේපළ රාජ්‍ය අයිතිය යටතේ තබා ගැනිමයි. හිල්ටන් හෝටලය සම්බන්ධවද අපගේ ප්‍රතිපත්තිය වන්නේ එයයි. ඔබගේ ප්‍රශ්නය අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

H S S Perera

විරුද්ධ පාර්ශවයන් නගන චෝදනා අතර ඔබ කණ්ඩායමේ පළපුරුදු ඔබ කණ්ඩායමේ සිටින පිළිගතහැකි පුද්ගලයන් කව්ද යන්න ප්‍රමුඛ තැනක් ගනී. බුලත් කඩයක්වත් කර නැති අය... සුදුසුකම් නැති, අත්දැකීම් නැති අය.. දැකලවත් නැති අය වැනි ආකාර වලින් වරින් වර දේශපාලන තලයේ ඉහළ සහ ගම් මට්ටමේ අනුගාමිකයන් ප්‍රශ්න කරයි. මේවාට ලැබෙන පිළිතුරු තීව්‍ර ලෙස ඉදිරිපත් නොවන බවක් දැනේ. මේ දිනවල පැවැත්වෙන ප්‍රසිද්ධ රැස්වීම් වලදී මුල් පෙළේ එක් කතිකයෙක්ගේ වෙලාවෙන් විනාඩි තුන හතරක් වෙන්කොට ගෙන Npp/ Jvp සාමාජිකත්වයෙන් සාර්ථකව මෙහෙයවෙන සමුපකාර සමිති වල ප්‍රගතිය ( අකුරැස්ස සමුපකාර / මොරවක තේ සමිතිය වැනි/...... ) පිළිබඳව ප්‍රකාශ කරන්නේ නම් එය මෙතෙක් තම චන්දය පිළිබඳ තීරණයක් ගෙන නොමැති පුද්ගලයන් වෙත ධනාත්මක පෙළබවීමක් වනු ඇත. එසේම Npp තුළට ගොනුවී ඇති උගතුන්, බුද්ධමතුන්, වුර්තිකයින් පිළිබඳ තොරතුරු ලැයිස්තුවක් අත් පත්‍රිකාවක් ලෙස හෝ සමාජ මාධ්‍ය පිටුවක් ලෙස සංසරණය වීම සඳහා මුදාහැරීමට කටයුතු කරන්නේනම් එය යම් මට්ටමේ පෙළඹවීම් සාධකයක් වනු ඇති බවට යෝජනා කරමි.

Admin

ඔබගේ අදහස් සහ යෝජනාව අප වෙත යොමු කිරිම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ඔබ විසින් පෙන්වා දි ඇති තත්වය පිළිබදව අපගේ අවධානය යොමු කර ඇති බව කාරුණිව දන්වමු. ජාතික ජනබලවේගයේ මැතිවරණ මෙහෙයුම් කමිටුව වෙත ඔබගේ අදහස යොමු කර තිබේ. ඔබගේ අදහස අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

Deepika Dahaneka

මත්ද්‍රව්‍ය උවදුර නිමාකරන්නේ කෙසේද?

Admin

ඔබගේ ගැටළු අප වෙත යොමු කිරිම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගය මත්ද්‍රව්‍ය උවදුර නිමා කිරීමට අධ්‍යාපනය, නීතිමය ක්‍රියාමාර්ග, ප්‍රතිකාර වැඩසටහන්, ආර්ථික අවස්ථා වැඩි කිරීම, සහ ප්‍රජා සම්බන්ධතා වැඩසටහන් ක්‍රියාත්මක කරයි.  එය පහත link එකෙන් ලබාගත හැක. https://www.npp.lk/si/policies ජාතික ජනබලවේගය වන අප විසින් අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ වන විට ඉදිරිපත් කර ඇත. වැඩිදුර තොරතුරු දැනගැනීමට අපගේ වෙබ් අඩවියට පිවිස එහි ඇති ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුලත් නීතිය සහ සාමය රට තුළ ස්ථාපනය කිරීමට අදාල වන ප්‍රතිත්තිය පරිශිලනය කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබගේ අදහස හා ගැටළු අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

Nihal Ranabahu

ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ ආණ්ඩුවෙන් ලබා ගත් ඇමතිකම් තුනෙන් එකක් වූ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ බලය යොදා ගනිමින් සිය පක්ෂ ශාඛා මගින් “සුනාමි පුනරුත්ථාපන ජනතා කමිටු” ලේබල අලවා දකුණේ වෙරළබඩ ජනතාවට ලැබිය යුතු වූ සුනාමි අරමුදල් සිය පක්ෂ අරමුදලට හැරවූ පක්ෂයක් පිරිසිදු දේශපාලකයින්ගේ පක්ෂයක් විය හැකිද?

Admin

ඔබගේ පැනය අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ඔබ විසින් යොමු කර ඇති ප්‍රශ්නය හෝ චෝදනාව ජාතික ජනබලවේගයට හෝ ජනතා විමුක්ති පෙරමුණට අදාල නැත. මෙය හුදෙක් මේ මොහොතේ කිසියම් වෙනත් අරමුණකින් කරනු ලබන මත දැක්වීමක් බව අපගේ අදහසයි. එමෙන්ම එහි කිසිදු පදනමක් නැත. මෙවැනි ප්‍රකාශ අප දැඩිව ප්‍රතික්ෂේප කරමු. ඔබගේ පැනය අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.